ආකඞ්ඛෙය්යසුත්තවණ්ණනා අට්ඨකථා
ආකඞ්ඛෙය්යසුත්තවණ්ණනා
ආකඞ්ඛෙය්ය සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති ආකඞ්ඛෙය්‍යසුත්තං. තත්ථ සම්පන්නසීලාති තිවිධං සම්පන්නං පරිපුණ්ණසමඞ්ගිමධුරවසෙන. තත්ථ –
එවං මෙසුතං යනු ආකංඛෙය්‍ය සූත්‍රයයි. එහි සම්පන්නසීලා යනු සම්පන්නය ත්‍රිවිධ වෙයි. පරිපුණ්ණ, සමංගි, මධුර වශයෙනි. එහි
“සම්පන්නං සාලිකෙදාරං, සුවා භුඤ්ජන්ති කොසිය; පටිවෙදෙමි තෙ බ්රහ්මෙ, න නං වාරෙතුමුස්සහෙ”ති. (ජා· 1.14.1);
සම්පන්නං සාලිකෙදාරං සුවාභුඤ්ජන්ති කොසිය පටිවෙදෙමි තෙ බ්රහ්මෙ, න නං වාරෙතු මුස්සහෙ’ති
(කොසියගෝත්ර ඇත්ත, පරිපූර්ණ වූ හැල්කෙත ගිරවූ කති. බ්‍රාහ්මණය, තට දන්වමි. එය වලක්වන්ට උත්සාහ නොකරමි.)
ඉදං පරිපුණ්ණසම්පන්නං නාම. “ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො උපාගතො සමුපාගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො”ති (විභ· 511) ඉදං සමඞ්ගිසම්පන්නං නාම.
මෙය පරිපුණ්ණ සම්පන්න නම් වේ. ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතොහොති, සමුපෙතො උපාගතො සමූපාගතො උප්පන්නො සම්පන්නො, සමන්නාගතො යනු මෙය සමංගි සම්පන්න නම් වෙයි.
“ඉමිස්සා, භන්තෙ, මහාපථවියා හෙට්ඨිමතලං සම්පන්නං, සෙය්යථාපි ඛුද්දමධුං අනෙළකං, එවමස්සාද”න්ති (පාරා· 17) ඉදං මධුරසම්පන්නං නාම. ඉධ පන පරිපුණ්ණසම්පන්නම්පි සමඞ්ගිසම්පන්නම්පි වට්ටති. තස්මා සම්පන්නසීලාති පරිපුණ්ණසීලා හුත්වාතිපි සීලසමඞ්ගිනො හුත්වාතිපි එවමෙත්ථ අත්ථො වෙදිබ්බො. සීලන්ති කෙනට්ඨෙන සීලං? සීලනට්ඨෙන සීලං. තස්ස විත්ථාරකථා විසුද්ධිමග්ගෙ වුත්තා.
ඉමිස්සා භන්තෙ මහාපඨවියා හෙට්ඨිමං තලං සම්පන්නං සෙය්යථාපි ඛුද්දං මධුං අනෙලකං එවමස්සාදං යනු මෙහි මධුර සම්පන්න නම් වේ. මෙහි වනාහි පරිපුණ්ණ සම්පන්නය ද සමංගි සම්පන්නයද වටී. එහෙයින් සම්පන්නසීලා යනු පිරිපුන් සිල් ඇත්තාහු වූවාහු යයි ද, සීලයෙන් සමන්විත වූවාහු යයිද මෙහි අර්ථය දතයුතුය. සීලං යනු කිනම් අර්ථයෙන් සීල නම් වේද? සීලනාර්ථයෙන් සීලනම් වේ. මෙහි විස්තර කථාව විසුද්ධි මාර්ගයෙහි කියන ලදීය.
තත්ථ “පරිපුණ්ණසීලා”ති ඉමිනා අත්ථෙන ඛෙත්තදොසවිගමෙන ඛෙත්තපාරිපූරී විය සීලදොසවිගමෙන සීලපාරිපූරී වුත්තා හොති. යථා හි ඛෙත්තං බීජඛණ්ඩං වප්පඛණ්ඩං උදකඛණ්ඩං ඌසඛණ්ඩන්ති චතුදොසසමන්නාගතං අපරිපූරං හොති.
එහි පරිපුණ්ණසීලා, පරිපූර්ණ සිල් ඇත්තාහු යන අර්ථයන් ක්ෂේත්රදෝෂ පහවී යාමෙන් ක්ෂෙත්රයාගේ පිරීම මෙන් සීල දෝෂ පහවී යාමෙන් ශීලයාගේ පිරීම කියන ලද්දේ වෙයි. එය එසේමැයි. බීජඛණ්ඩ, වප්පඛණ්ඩ, උදක ඛණ්ඩ, ඌසඛණඩ යන සතර දෝෂයන්ගෙන් යුත් කෙත අසම්පූර්ණ වූයේ වෙයි.
තත්ථ බීජඛණ්ඩං නාම යත්ථ අන්තරන්තරා බීජානි ඛණ්ඩානි වා පූතීනි වා හොන්ති, තානි යත්ථ වපන්ති, තත්ථ සස්සං න උට්ඨෙති, ඛෙත්තං ඛණ්ඩං හොති.
එහි බීජ ඛණ්ඩය නම් යම්තැනක අතරින් අතර බීජයෝ නැසුනාහු හෝ කුණු වූවාහු වෙත් ද එහි බීජ යම්තැනෙක වැටෙත් ද ශස්‍යය නොනගී. කෙත ඛණ්ඩ වූයේ වෙයි.
වප්පඛණ්ඩං නාම යත්ථ අකුසලො බීජානි වපන්තො අන්තරන්තරා නිපාතෙති. එවඤ්හි සබ්බත්ථ සස්සං න උට්ඨෙති, ඛෙත්තං ඛණ්ඩං හොති.
වප්පඛණ්ඩය නම් යම්තැනක අදක්ෂයෙක් තෙම බීජ ඉසින්නේ, අතරින් පතර නොහෙළාද, මෙසේ කල්හි සියලු තැන ශස්‍ය නොනගී. කෙත ඛණ්ඩ වූයේ වෙයි.
උදකඛණ්ඩං නාම යත්ථ කත්ථචි උදකං අතිබහු වා න වා හොති, තත්රාපි හි සස්සානි න උට්ඨෙන්ති, ඛෙත්තං ඛණ්ඩං හොති.
උදක ඛණ්ඩ නම්, යම්කිසි තැනක ජලය බොහෝ වූයේ වේද, නොවූයේ හෝ වේද, එහිද ශස්යයෝ නොනගිති. කෙත ඛණ්ඩ වූයේ වෙයි.
ඌසඛණ්ඩං නාම යත්ථ කස්සකො කිස්මිඤ්චි පදෙසෙ නඞ්ගලෙන භූමිං චත්තාරො පඤ්ච වාරෙ කසන්තො අතිගම්භීරං කරොති, තතො ඌසං උප්පජ්ජති, තත්රාපි හි සස්සං න උට්ඨෙති, ඛෙත්තං ඛණ්ඩං හොති, තාදිසඤ්ච ඛෙත්තං න මහප්ඵලං හොති න මහානිසංසං, තත්රාපි හි බහුම්පි වපිත්වා අප්පං ලභති. ඉමෙසං පන චතුන්නං දොසානං විගමා ඛෙත්තං පරිපුණ්ණං හොති. තාදිසඤ්ච ඛෙත්තං මහප්ඵලං හොති මහානිසංසං.
ඌසඛණ්ඩ නම්, යම් කෙතක ගොවිතෙම කෙතෙහි කිසි පෙදෙසක් නගුලෙන් සතර පස්වරක් සාන්නේ ඉතා ගැඹුරු කෙරේ ද? එහෙයින් කරමැටි උපදීද එහි ශස්‍ය නො නගී. කෙත ඛණ්ඩ වූයේ වෙයි. එබඳු කෙතද මහඵල වූයේ නොවෙයි. මහත් ආනිශංස ප්‍රයෝජන) ඇත්තේද නොවේ. එහි වනාහි බොහෝ වපුරා ස්වල්පයක් ලබති. මෙම සතර දෝෂයන්ගෙන් මිදුන කෙත පරිපුණ්ණ වූයේ වෙයි. එවන් කෙත මහත් ප්‍රතිඵල ඇත්තේ වෙයි. මහත් ප්‍රයෝජන ඇත්තේ වෙයි.
සීල දෝෂ
එවමෙව ඛණ්ඩං ඡිද්දං සබලං කම්මාසන්ති චතුදොසසමන්නාගතං සීලං අපරිපූරං හොති. තාදිසඤ්ච සීලං න මහප්ඵලං හොති, න මහානිසංසං. ඉමෙසං පන චතුන්නං දොසානං විගමා සීලඛෙත්තං පරිපුණ්ණං හොති, තාදිසඤ්ච සීලං මහප්ඵලං හොති මහානිසංසං.
මෙපරිද්දෙන් ඛණ්ඩ, ඡිද්ද, සබල, කම්මාස යන සතර දෝෂයන් සහිත සීලය අපරිපූර්ණ සීලය වේ. එවැනි සීලය මහත්ඵල මහානිසංස නොවේ. මෙම සතර දෝෂයන්ගේ පහව යාමෙන් සීලය පරිපූර්ණ වූයේ වෙයි. එවැනි සීලය මහත්ඵල මහානිශංස ඇත්තේ වේ.
“සීලසමඞ්ගිනො”ති ඉමිනා පනත්ථෙන සීලෙන සමඞ්ගිභූතා සමොධානං ගතා සමන්නාගතා හුත්වා විහරථාති ඉදමෙව වුත්තං හොති. තත්ථ ද්වීහි කාරණෙහි සම්පන්නසීලතා හොති සීලවිපත්තියා ච ආදීනවදස්සනෙන සීලසම්පත්තියා ච ආනිසංසදස්සනෙන. තදුභයම්පි විසුද්ධිමග්ගෙ විත්ථාරිතං.
සීලසමංගිනො යන මේ අරුතින් සීලයෙන් සමන්විත වූවාහු රැස්වීමට ගියාහු, සමන්නාගත වූවහු වී වාසය කරවු යන මෙය කියන ලද්දේ විය. එහි කරුණු දෙකක් නිසා සීලයෙන් සම්පූර්ණ බව වෙයි. සීල විපත්තියේ ආදීනව දැකීමෙන් ද, සීල සම්පත්තියේ ආනිශංස දැකීමෙන්ද යන කරුණු දෙකෙනි. මෙම දෙකරුණම විසුද්ධි මග්ගයෙහි විස්තර කරන ලදි.
තත්ථ “සම්පන්නසීලා”ති එත්තාවතා කිර භගවා චතුපාරිසුද්ධිසීලං උද්දිසිත්වා “පාතිමොක්ඛසංවරසංවුතා”ති ඉමිනා තත්ථ ජෙට්ඨකසීලං විත්ථාරෙත්වා දස්සෙසීති දීපවිහාරවාසී සුමනත්ථෙරො ආහ. අන්තෙවාසිකො පනස්ස තෙපිටකචූළනාගත්ථෙරො ආහ – උභයත්ථාපි පාතිමොක්ඛසංවරො භගවතා වුත්තො, පාතිමොක්ඛසංවරොයෙව හි සීලං. ඉතරානි පන තීණි සීලන්ති වුත්තට්ඨානං නාම අත්ථීති අනනුජානන්තො වත්වා ආහ – “ඉන්ද්රියසංවරො නාම ඡද්වාරරක්ඛාමත්තකමෙව, ආජීවපාරිසුද්ධි ධම්මෙන සමෙන පච්චයුප්පත්තිමත්තකං, පච්චයනිස්සිතං පටිලද්ධපච්චයෙ ඉදමත්ථන්ති පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජනමත්තකං. නිප්පරියායෙන පාතිමොක්ඛසංවරොව සීලං. යස්ස සො භින්නො, අයං ඡින්නසීසො විය පුරිසො හත්ථපාදෙ සෙසානි රක්ඛිස්සතීති න වත්තබ්බො. යස්ස පන සො අරොගො, අයං අච්ඡින්නසීසො විය පුරිසො ජීවිතං සෙසානි පුන පාකතිකානි කත්වා රක්ඛිතුං සක්කොති. තස්මා ‘සම්පන්නසීලා’ති ඉමිනා පාතිමොක්ඛසංවරං උද්දිසිත්වා ‘සම්පන්නපාතිමොක්ඛා’ති තස්සෙව වෙවචනං වත්වා තං විත්ථාරෙත්වා දස්සෙන්තො ‘පාතිමොක්ඛසංවරසංවුතා’තිආදිමාහා”ති.
එහි සම්පන්නසීලා යන මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ චතුපාරිසුද්ධි සීලය උදෙසා පාතිමොක්ඛ සංවර සංවුතො යන මෙයින් එහි ජ්‍යෙෂ්ඨ සීලය විස්තර කොට දැක්වූ සේකැයි දීපවිහාරවාසී සුම්ම ස්ථවිර තෙම කීය. උන්වහන්සේගේ අතවැසි වූ ත්‍රිපිටක ‘චූලනාග’ ස්ථවිර තෙම මෙසේ කීය. දෙතැන්හිම භාග්‍යවතුන් විසින් ප්රාතිමෝක්ෂ සංවරය වදාරණ ලද්දේය. ඒ එසේමයි. ප්රාතිමෝක්ෂ සංවරයම සීලයයි. අන්‍ය වූ (ඉන්ද්රිය සංවර ආදි) තුන සීලය යයි කී තැනෙක්නම් ඇතැයි නොපිළි ගනිමින් මෙසේ කීය. ඉන්ද්රිය සංවරය නම් සදොර රැකීම පමණක්මයි. ආජීව පාරිසුද්ධිය දැහැමෙන් සෙමෙන් ප්‍රත්‍යය ඉපදවීම, පමණි. ප්‍රත්‍ය සන්නිශ්රිතය ලැබූ ප්‍රත්‍යයන් මේ පිණිස යයි පස්විකා පරිභෝග කිරීම පමණය. නිස්පර්යායයෙන් වෙනස් නොකළ හැකි අර්ථයෙන් ප්රාතිමෝක්ෂ සංවරයම ශීලයයි. යමෙකුගේ ඒ ප්රාතිමෝක්ෂ සංවර සීලය බිඳුනේ ද, හිස සුන් පුරුෂයෙකු සෙසු හස්තපාදයන් රකින්නේ යයි නොකිය යුත්තේය. යමෙකුගේ ප්රාතිමෝක්ෂ සංවරය නිරුපද්‍රිතද මෙතෙම නොසුන් හිස් ඇති පුරුෂයෙකු මෙන් ජීවිතය ද සෙසු අවයවද ප්‍රකෘතිමත් කොට රකින්නට සමර්ථ වෙයි. එහෙයින් සම්පන්න සීලා යන මෙයින් ප්රාතිමොක්ෂ සංවරය උදෙසා සම්පන්න පාතිමොක්ඛා යි ඊටම පර්යාය වචන වදාරා එය විස්තරකොට දක්වන්නාහු පාතිමොක්ඛ සංවර සංවුතා යනාදිය වදාළ සේක.
තත්ථ පාතිමොක්ඛසංවරසංවුතාති පාතිමොක්ඛසංවරෙන සමන්නාගතා. ආචාරගොචරසම්පන්නාති ආචාරෙන ච ගොචරෙන ච සම්පන්නා. අණුමත්තෙසූති අප්පමත්තකෙසු. වජ්ජෙසූති අකුසලධම්මෙසු. භයදස්සාවීති භයදස්සිනො. සමාදායාති සම්මා ආදියිත්වා. සික්ඛථ සික්ඛාපදෙසූති සික්ඛාපදෙසු තං තං සික්ඛාපදං සමාදියිත්වා සික්ඛථ. අපිච සමාදාය සික්ඛථ සික්ඛාපදෙසූති යංකිඤ්චි සික්ඛාකොට්ඨාසෙසු සික්ඛිතබ්බං කායිකං වාචසිකඤ්ච, තං සබ්බං සමාදාය සික්ඛථාති අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරතො පන සබ්බානෙතානි පාතිමොක්ඛසංවරාදීනි පදානි විසුද්ධිමග්ගෙ වුත්තානි.
එහි පාතිමොක්ඛ සංවර සංවුතා ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූවාහු, ආචාර ගොචර සම්පන්නා ආචාරයෙන් ද ගෝචරයෙන් ද යුක්ත වූවාහු, අණුමත්තෙසු අල්පමාත්‍ර වූ, වජ්ජෙසු අකුසල ධර්මයන් භයදස්සාවි භය දක්නා සුළු වූවාහු සමාදාය, මනාකොට ගෙන, සික්ඛථ, සික්ඛාපදෙසු ශික්ෂාපද අතුරෙහි ඒ ඒ ශික්ෂාපද සමාදන්ව, හික්මෙවු. යළිදු, සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු යන කිසියම් ශික්ෂාපදයන්හි, ශික්ෂාපද කොට්ඨාශයන්හි හික්මිය යුතුය. කායික හෝ වාචසික හෝ ඒ සියල්ල මනාව ගෙන හික්මෙවු යනු මෙහි සංක්ෂෙප යයි. විස්තර වශයෙන් පාතිමොක්ඛ සංවර ආදි පදයන් විසුද්ධි මග්ගයෙහි කියනු ලද්දාහු වෙති.
ආකඞ්ඛෙය්ය චෙති ඉදං කස්මා ආරද්ධං? සීලානිසංසදස්සනත්ථං. සචෙපි අචිරපබ්බජිතානං වා දුප්පඤ්ඤානං වා එවමස්ස “භගවා සීලං පූරෙථාති වදති, කො නු ඛො සීලපූරණෙ ආනිසංසො, කො විසෙසො, කා වඩ්ඪී”ති? තෙසං සත්තරස ආනිසංසෙ දස්සෙතුං එවමාහ. අප්පෙව නාම එතං සබ්රහ්මචාරීනං පියමනාපතාදිආසවක්ඛයපරියොසානං ආනිසංසං සුත්වාපි සීලං පරිපූරෙය්යුන්ති. විසකණ්ටකවාණිජො විය. විසකණ්ටකවාණිජො නාම ගුළවාණිජො වුච්චති.
ආකංඛෙය්‍ය චෙ යනු කුමක් හෙයින් අරඹන ලද්දේද? සීලානිශංස දක්වනු පිණිසය. ඉදින් අළුත පැවිදි වූවන්ට හෝ නැණ හීනයන්ට හෝ මෙබඳු සිතක් වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ සිල් පුරවු සිල් පුරවා යයි වදාරති. සිල් පිරීමෙහි අනුසස් කවරේද, විශේෂය කවරේද, වැඩීම කවරේද, ඔවුන්ගේ සත්තරස (දාහතක්) ආනිශංස දක්වන්ට මෙසේ වදාළහ. මෙපරිද්දෙන් සබ්‍රම්සරුන්ට ප්රියමනාපතාදී ආශ්‍රවයන් නැතිකිරීම අවසන්කොට ඇති, අනුසස් අසාද සිල් පුරන්නාහු නම් ඉතා මැනවැයි කියායි. විෂකණ්ටක වානිජයා මෙනි (විසකණ්ටක=උක්සකුරු)
විෂකණ්ටක වෙළෙඳ තෙමේ
සො කිර ගුළඵාණිතඛණ්ඩසක්ඛරාදීනි සකටෙනාදාය පච්චන්තගාමං ගන්ත්වා “විසකණ්ටකං ගණ්හථ, විසකණ්ටකං ගණ්හථා”ති උග්ඝොසෙසි. තං සුත්වා ගාමිකා “විසං නාම කක්ඛළං, යො නං ඛාදති, සො මරති, කණ්ටකම්පි විජ්ඣිත්වා මාරෙති, උභොපෙතෙ කක්ඛළා, කො එත්ථ ආනිසංසො”ති ගෙහද්වාරානි ථකෙසුං, දාරකෙ ච පලාපෙසුං. තං දිස්වා වාණිජො “අවොහාරකුසලා ඉමෙ ගාමිකා, හන්ද නෙ උපායෙන ගණ්හාපෙමී”ති “අතිමධුරං ගණ්හථ, අතිසාදුං ගණ්හථ, ගුළං ඵාණිතං සක්ඛරං සමග්ඝං ලබ්භති, කූටමාසකකූටකහාපණාදීහිපි ලබ්භතී”ති උග්ඝොසෙසි. තං සුත්වා ගාමිකා හට්ඨතුට්ඨා ආගන්ත්වා බහුම්පි මූලං දත්වා ගහෙසුං. තත්ථ වාණිජස්ස “විසකණ්ටකං ගණ්හථා”ති උග්ඝොසනං විය භගවතො “සම්පන්නසීලා, භික්ඛවෙ, විහරථ…පෙ… සමාදාය සික්ඛථ සික්ඛාපදෙසූ”ති වචනං. “උභොපෙතෙ කක්ඛළා, කො එත්ථ ආනිසංසො”ති ගාමිකානං චින්තනං විය භගවා “සම්පන්නසීලා විහරථා”ති ආහ, “සීලඤ්ච නාමෙතං කක්ඛළං ඵරුසං ඛිඩ්ඩාදිපච්චනීකං, කො නු ඛො සම්පන්නසීලානං ආනිසංසො”ති භික්ඛූනං චින්තනං. අථ තස්ස වාණිජස්ස “අතිමධුරං ගණ්හථා”තිආදිවචනං විය භගවතො පියමනාපතාදිආසවක්ඛයපරියොසානං සත්තරසආනිසංසප්පකාසනත්ථං “ආකඞ්ඛෙය්ය චෙ”තිආදිවචනං වෙදිතබ්බං.
විසකණ්ටක වානිජ යනු උක්සකුරු වෙළෙන්දාට නමකි. හේ වනාහි උක්සකුරු ඛණ්ඩසක්කර (වැලිහකරු) ආදිය ගැලකින් ගෙන පිටිසර ගමකට ගොස් විසකණ්ටක ගනිව්, විසකණ්ටක ගනිව් යයි උද්ඝෝෂණය කළේය. එය අසා ගම්වැසියෝ විස නම් කර්කශ දෙයකි. යමෙක් කයි ද හේ මැරෙයි. කණ්ටක (කටු) ද විද මරයි. මේ දෙකම නපුරුය. මින් ඇති ප්‍රයෝජනය කිමෙක්දැයි ගෙවල් දොරවල් වැසූහ. දරුවන් ද පලවා හැරියහ. මේ දැක වෙළඳ තෙම මේ ගම්වැසියෝ ව්‍යවහාර භාෂාව නොදන්නාහුය. උපායෙන් (බඩු) ගන්වන්නෙමි යයි, ඉතා මධුරය ගනිවු, ඉතා ප්‍රණීතය ගනිවු. උක්සකුරු පැණි-සකුරු සම අගය ලැබෙයි. කුටමාසක, කූටකහාපන ආදියටද ලැබෙයි යයි උද්ඝෝෂණය කළහ. එය අසා ගම්වැසියෝ තුටුපහටු සිත් ඇත්තාහු නික්ම බොහෝ මුදල් දී (බඩු) ගත්තාහුය. එම උපමාවෙහි බුදුරදුන්ගේ මහණෙනි, සීලයෙන් සම්පූර්ණව වාසය කරවු, ශික්ෂාපදයන් අතුරෙන් ඒ ඒ ශික්ෂාපද මොනවට ගෙන හික්මෙවු යන වචන වෙළෙන්දාගේ විෂකණ්ටක ගණිවු යයි උද්ඝෝෂණය මෙනි. බුදුරදහු ශීලයෙන් සම්පූර්ණව වාසය කරවූ යයි වදාළහ. එතකුදු වුවත් මෙම ශීලය නම් කර්කෂය. හාස්‍ය ක්‍රීඩා ආදියට විරුද්ධය. සීලයෙන් සම්පූර්ණ වූවන්ට අනුසස් කිමෙක්දෝ හෝයි භික්ෂූන්ගේ සිතීම ද (විෂකටු) යන මේ දෙකම කර්කෂය. මෙහි අනුසස් කවරේද? යනුවෙන් ගම් වැසියන්ගේ සිතීම මෙනි. බුදුරදුන්ගේ ප්රියමනාපතා ආදිකොට ආසවක්ඛය අවසන්කොට සතළොස් අනුසස් ප්‍රකාශ කිරීම පිණිස ආකංඛෙය්‍ය යන වචනයට අනතුරුව, එම වෙළෙන්දාගේ අතිමධුරස ගනිවු යනාදි වචනය මෙනැයි දතයුතුයැ.
තත්ථ ආකඞ්ඛෙය්ය චෙති යදි ආකඞ්ඛෙය්ය යදි ඉච්ඡෙය්ය. පියො ච අස්සන්ති පියචක්ඛූහි සම්පස්සිතබ්බො, සිනෙහුප්පත්තියා පදට්ඨානභූතො භවෙය්යන්ති වුත්තං හොති. මනාපොති තෙසං මනවඩ්ඪනකො, තෙසං වා මනෙන පත්තබ්බො, මෙත්තචිත්තෙන ඵරිතබ්බොති වුත්තං හොති. ගරූති තෙසං ගරුට්ඨානියො පාසාණච්ඡත්තසදිසො. භාවනීයොති “අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී”ති එවං සම්භාවනීයො. සීලෙස්වෙවස්ස පරිපූරකාරීති චතුපාරිසුද්ධිසීලෙසුයෙව පරිපූරකාරී අස්ස, අනූනෙන පරිපූරිතාකාරෙන සමන්නාගතො භවෙය්‍යාති වුත්තං හොති. අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තොති අත්තනො චිත්තසමථෙ යුත්තො, එත්ථ හි අජ්ඣත්තන්ති වා අත්තනොති වා එතං එකත්ථං, බ්යඤ්ජනමෙව නානං. භුම්මත්ථෙ පනෙතං සමථන්ති උපයොගවචනං. අනූති ඉමිනා උපසග්ගෙන යොගෙ සිද්ධං. අනිරාකතජ්ඣානොති බහි අනීහටජ්ඣානො, අවිනාසිතජ්ඣානො වා, නීහරණවිනාසත්ථඤ්හි ඉදං නිරාකරණං නාම. ථම්භං නිරංකත්වා නිවාතවුත්තීතිආදීසු චස්ස පයොගො දට්ඨබ්බො.
එහි ආකංඛෙය්‍ය ඉදින් බලාපොරොත්තු වන්නේ නම් කැමති වන්නේ නම්, පියොචස්ස යනු ප්‍රිය ඇස්වලින් බැලිය යුත්තෙක් සෙනෙහස ඉපදීමට හේතුභූත වූවෙක් වන්නෙම් යයි, කියන ලද්දේ වෙයි. මනාපො, යනු ඔවුන්ට මනවඩන්නෙක් නැතහොත් ඔවුන්ගේ සිතින් පැමිණිය යුත්තෙක් මෙත් සිතින් පැතිරිය යුත්තෙකැයි කියන ලද්දේ වෙයි. ගරු ඔවුන් ගරුතැන්හි වූවෙක් පාසාණ ඡත්‍රයකට සමාන වේ. භාවනීයො ඒකාන්තයෙන් ආයුෂ්මත් තම දතයුත්ත දනී. දැක්කයුත්ත දකී. මෙසේ සම්භාවනාවට පත්වූයේ, සීලෙස්වෙවස්ස පරිපූරකාරී චතුපාරිසුද්ධි සීලයෙහිම පරිපූරකාරී වූයේ වන්නේය. අනූන වූ පිරිපුන් ආකාරයෙන් යුක්ත වූයේ වන්නේ යයි කියන ලද්දේ විය. අජ්ඣත්තං චෙතො සමථ මනුයුත්තො යනු තමාගේ චිත්ත සමථයෙහි යෙදුනේ මෙහි වූකලී අජ්ඣත්තං යනු ද අත්තනො යනුද එකම අර්ථයෙහි වේ. අක්ෂර පමණි වෙනස, සමථං යනු ආධාර අර්ථයෙහි කර්මය වේ. අනු යන උපසර්ග හේතුවෙන් මෙම ප්‍රයෝගය සිද්ධ විය. අනිරාකතජ්ඣානො බැහැර නොකරන ලද ධ්‍යාන ඇත්තේ නොනට ධ්‍යාන ඇත්තේ හෝ මේ නිරාකරණය නම් බැහැර කිරීම විනාශ කිරීම අර්ථය මැයි. ථම්භං නිරං කත්වා නිවාතවුත්ති යනාදි තන්හිද මෙම පදයාගේ ප්‍රයෝගය දතයුතුයැ.
විපස්සනාය සමන්නාගතොති සත්තවිධාය අනුපස්සනාය යුත්තො, සත්තවිධා අනුපස්සනා නාම අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනත්තානුපස්සනා නිබ්බිදානුපස්සනා විරාගානුපස්සනා නිරොධානුපස්සනා පටිනිස්සග්ගානුපස්සනාති. තා විසුද්ධිමග්ගෙ විත්ථාරිතා. බ්රූහෙතා සුඤ්ඤාගාරානන්ති වඩ්ඪෙතා සුඤ්ඤාගාරානං, එත්ථ ච සමථවිපස්සනාවසෙන කම්මට්ඨානං ගහෙත්වා රත්තින්දිවං සුඤ්ඤාගාරං පවිසිත්වා නිසීදමානො භික්ඛු “බ්රූහෙතා සුඤ්ඤාගාරාන”න්ති වෙදිතබ්බො. එකභූමකාදිපාසාදෙ කුරුමානොපි පන නෙව සුඤ්ඤාගාරානං බ්රූහෙතාති දට්ඨබ්බොති.
විපස්සනාය සමන්නාගතො සප්තවිධ අනුපස්සනාවන්ගෙන් යුක්ත වූයේ. සප්තවිධ අනුපස්සිනා නම් අනිචචානු පස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානු පස්සනා, නිබ්බිදානු පස්සනා, විරාගානු පස්සනා, නිරෝධානු පස්සනා, පටිනිස්සගානු පස්සනා යන මොහුයි. ඔවුහු විසුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දාහුය. බ්‍රෑහෙතා සුඤ්ඤා ගාරානං ශුන්යාගාරයන්ගේ (භාවනාව) වඩන්නේ මෙහිද සමථ විපස්සනා කමටහන් ගෙන රෑ දවල් ශුන්‍යාගාරයට පිවිස, හිඳින්නා වූ මහණ බ්‍රෑහෙතා සුඤ්ඤාගාරතා යනුවෙන් දතයුතුයැ. එක භූමකාදි ප්‍රාසාදයෙහි (භාවනා) කරන්නේ ද, ශුන්‍යාගාර භාවනා වඩන්නේ නොම වේ යයි දතයුතුයැ.
එත්තාවතා ච යථා තණ්හාවිචරිතදෙසනා පඨමං තණ්හාවසෙන ආරද්ධාපි තණ්හාපදට්ඨානත්තා මානදිට්ඨීනං මානදිට්ඨියො ඔසරිත්වා කමෙන පපඤ්චත්තයදෙසනා ජාතා, එවමයං දෙසනා පඨමං අධිසීලසික්ඛාවසෙන ආරද්ධාපි සීලපදට්ඨානත්තා සමථවිපස්සනානං සමථවිපස්සනායො ඔසරිත්වා කමෙන සික්ඛත්තයදෙසනා ජාතාති වෙදිතබ්බා.
මෙතෙකින් තණ්හා විචරිත (තණ්හා ඇසුරුකළ) දේශනාව පළමුකොට තණ්හාවගේ වශයෙන් පටන්ගන්නා ලදී. නමුත් මාන දිට්ඨිහුද තණ්හාවට පදට්ඨාන (ආසන්න කාරණා) බැවින් මාන දෘෂ්ටීන් බැස ක්‍රමයෙන් පපඤ්චත්තය දේශනා වූවා වේ. එසේ මෝ දේශනාතොමෝ පළමුකොට අධිසීල සික්ඛා වශයෙන් ආරම්භ කරන ලද්දේ නමුත් සමථ විදර්ශනාවන් සීලයටම පදට්ඨාන බැවින් සමථ විදර්ශනාවට බැස ක්‍රමයෙන් ශික්ෂාත්රය දේශනා වීයයි දතයුතුයැ.
එත්ථ හි “සීලෙස්වෙවස්ස පරිපූරකාරී”ති එත්තාවතා අධිසීලසික්ඛා වුත්තා. “අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො”ති එත්තාවතා අධිචිත්තසික්ඛා, “විපස්සනාය සමන්නාගතො”ති එත්තාවතා අධිපඤ්ඤාසික්ඛා, “බ්රූහෙතා සුඤ්ඤාගාරාන”න්ති ඉමිනා පන සමථවසෙන සුඤ්ඤාගාරවඩ්ඪනෙ අධිචිත්තසික්ඛා, විපස්සනාවසෙන අධිපඤ්ඤාසික්ඛාති එවං ද්වෙපි සික්ඛා සඞ්ගහෙත්වා වුත්තා.
මෙහි සීලෙස්වෙවස්ස පරිපූරකාරී යන මෙතෙකින් අධිසීල සික්ඛාව කියන ලදී. අජ්ඣත්තං චෙතොසමථ මනුයුත්තො, අනිරාකතජ්ඣානො මෙතෙකින් අධිචිත්ත සික්ඛා (කියන ලදී) විපස්සනා වශයෙන් අධිපඤ්ඤා සික්ඛා (කියන ලද්දී වෙයි) බ්‍රෑහෙතා සුඤ්ඤාගාරානං, මෙයින් සමථ වශයෙන් සුඤ්ඤාගාර වැඩීම, අධිචිත්ත සික්ඛාවද, විපස්සනා වශයෙන් අධිපඤ්ඤා සික්ඛාවදැයි සික්ඛා ද්වය සංග්‍රහකොට කියන ලද්දී වෙයි.
එත්ථ ච “අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො”ති ඉමෙහි පදෙහි සීලානුරක්ඛිකා එව චිත්තෙකග්ගතා කථිතා. “විපස්සනායා”ති ඉමිනා පදෙන සීලානුරක්ඛිකො සඞ්ඛාරපරිග්ගහො.
මෙහි ද අජ්ඣත්තං චෙතො සමථ මනුයුත්තො, අනිරාකතජ්ඣානො යන මේ පදයන්ගෙන් සීලයෙන් රක්නා ලද, චිත්තෙකග්ගතාවය කියන ලද්දීය. විපස්සනාය මේ පදයෙන් සීලය අනුව රකින ලද සංඛාර පරිග්‍රහය කියන ලද්දේය.
කථං චිත්තෙකග්ගතා සීලමනුරක්ඛති? යස්ස හි චිත්තෙකග්ගතා නත්ථි, සො බ්යාධිම්හි උප්පන්නෙ විහඤ්ඤති, සො බ්යාධිවිහතො වික්ඛිත්තචිත්තො සීලං විනාසෙත්වාපි බ්යාධිවූපසමං කත්තා හොති.
කෙසේනම් චිත්ත ඒකග්ගතාවය සීලය රකීද යත්? යම් හෙයකින් යමෙකුට චිත්ත ඒකග්ගතාවය නැද්ද, හෙතෙම ලෙඩක් හටගත් කල්හි, දුකට පැමිණෙයි. හෙතෙම ලෙඩෙන් විසිරුණු සිත් ඇත්තේ සීලය විනාශකොට ද රෝග සංසිඳීම කරන්නේ වෙයි.
යස්ස පන චිත්තෙකග්ගතා අත්ථි, සො තං බ්යාධිදුක්ඛං වික්ඛම්භෙත්වා සමාපත්තිං සමාපජ්ජති, සමාපන්නක්ඛණෙ දුක්ඛං දූරාපකතං හොති, බලවතරසුඛමුප්පජ්ජති. එවං චිත්තෙකග්ගතා සීලං අනුරක්ඛති.
යමෙකුට වනාහි චිත්ත ඒකග්ගතාව ඇද්ද, හෙතෙම එම ව්‍යාධි දුක්ඛය දුරුකොට සමවතට සමවදි. සමවන් කෙනෙහි දුක දුරින් වෙන්ව ගියේ වෙයි. ඉතා බලවත් සුවය උපදියි. මෙසේ චිත්තෙකග්ගතා තොමෝ සීලය රකියි.
කථං සඞ්ඛාරපරිග්ගහො සීලමනුරක්ඛති? යස්ස හි සඞ්ඛාරපරිග්ගහො නත්ථි, තස්ස “මම රූපං මම විඤ්ඤාණ”න්ති අත්තභාවෙ බලවමමත්තං හොති, සො තථාරූපෙසු දුබ්භික්ඛබ්යාධිභයාදීසු සම්පත්තෙසු සීලං විනාසෙත්වාපි අත්තභාවං පොසෙතා හොති.
සංඛාර පරිග්ගහ තෙමේ කෙසේනම් සීලය ආරක්ෂා කෙරේද යත්, යමෙකුට සංඛාර පරිග්ගහයක් නැද්ද, ඕහට මගේ රූපය, මගේ විඤ්ඤාණය යයි ආත්මභාවයෙහි බලවත් මගේකමක් ඇතිවෙයි. හෙතෙම දුර්භික්ෂා, ව්‍යාධි ආදීන් පැමිණි පැමිණි කල්හි සීලය විනාශ කොටද ආත්මභාවය පෝෂණය කරන්නේ වෙයි.
යස්ස පන සඞ්ඛාරපරිග්ගහො අත්ථි, තස්ස අත්තභාවෙ බලවමමත්තං වා සිනෙහො වා න හොති, සො තථාරූපෙසු දුබ්භික්ඛබ්යාධිභයාදීසු සම්පත්තෙසු සචෙපිස්ස අන්තානි බහි නික්ඛමන්ති, සචෙපි උස්සුස්සති විසුස්සති, ඛණ්ඩාඛණ්ඩිකො වා හොති සතධාපි සහස්සධාපි, නෙව සීලං විනාසෙත්වා අත්තභාවං පොසෙතා හොති. එවං සඞ්ඛාරපරිග්ගහො සීලමනුරක්ඛති. “බ්රූහෙතා සුඤ්ඤාගාරාන”න්ති ඉමිනා පන තස්සෙව උභයස්ස බ්රූහනා වඩ්ඪනා සාතච්චකිරියා දස්සිතා.
යමෙකුට සංඛාර පරිග්ගහය ඇද්ද, ඔහුට ආත්මභාවය පිළිබඳව බලවත් මගේකමක් හෝ බලවත් ආදරයක් හෝ නොවේ. හෙතෙම එවන් දුබ්භික්ඛ - ව්‍යාධි - භය ආදියක් පැමිණි කල්හි ඉදින් බඩවැල් පිටත නික්මේ ද, වියලේ ද විශේෂයෙන් වියලි යේ ද, සියක් ප්‍රකාරයෙන් දහස් ප්‍රකාරයෙන් කඩ කඩ හෝ වේද, සීලය විනාශ කොට ආත්මභාවය පෝෂණය කරන්නේ නොම වෙයි. මෙසේ සංඛාර පෝෂණය කරන්නේ නොම වෙයි. මෙසේ සංඛාර පරිග්ගහ තොමෝ සීලය ආරක්ෂා කරන්නීය. බ්‍රෑහෙතා සුඤ්ඤාගාරානං යන මෙයින් (චිත්තෙකග්ගතා සංඛාර පරිග්ගහ) දෙදෙනාගේම බ්රෑහනය, වැඩීම සතතයෙන් ක්‍රියාකාරී වීම දක්වන ලද්දේ, වෙයි.
එවං භගවා යස්මා “සබ්රහ්මචාරීනං පියො චස්සං මනාපො ච ගරු ච භාවනීයො චා”ති ඉමෙ චත්තාරො ධම්මෙ ආකඞ්ඛන්තෙන නත්ථඤ්ඤං කිඤ්චි කාතබ්බං, අඤ්ඤදත්ථු සීලාදිගුණසමන්නාගතෙන භවිතබ්බං, ඉදිසො හි සබ්රහ්මචාරීනං පියො හොති මනාපො ගරු භාවනීයො. වුත්තම්පි හෙතං –
භාග්‍යවතුන් වහන්සේ යම්හෙයකින් සබ්‍රම්සරුන්ට ප්‍රිය වූවෙක් වන්නෙමියි -පෙ- සැලකිය යුත්තෙක්ද වන්නෙමියි, මේ සතර ධර්මයන්ට කැමති වන්නාහු විසින් කළයුතු අන් කිසිවක් නැද්ද, ඒකාන්තයෙන් සීලාදි ගුණයන්ගෙන් යුක්ත වූවෙක්ම විය යුතුද, මෙබඳු තැනැත්තේ සබ්‍රම්සරුනට ප්‍රිය වූයේ මග වඩන්නේ, ගරුතන්හි වූයේ සම්භාවනීය වූයේ වේද, මෙසේ වදාරණ ලද්දේ ද වෙයි.
“සීලදස්සනසම්පන්නං, ධම්මට්ඨං සච්චවාදිනං; අත්තනො කම්ම කුබ්බානං, තං ජනො කුරුතෙ පිය”න්ති. (ධ· ප· 217);
සීලදස්සන සම්පන්නං ධම්ම සච්චවාදිනං අත්තනොකම්මකුබ්බානං තංජනො කුරුතෙ පියං
(චතුපාරිශුද්ධි සීලයෙන් හා සම්‍යග් දර්ශනයෙන් යුක්ත වූ නවලොව්තුරු දහම්හි පිහිටියා වූ තම කර්මය කරන්නා වූ ඒ පුද්ගලයා ජනතෙම ප්‍රිය කෙරෙයි.)
තස්මා “ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු සබ්රහ්මචාරීනං පියො චස්සං මනාපො ච ගරු ච භාවනීයො චාති සීලෙස්වෙවස්ස පරිපූරකාරී…පෙ… සුඤ්ඤාගාරාන”න්ති වත්වා ඉදානි යස්මා පච්චයලාභාදිං පත්ථයන්තෙනාපි ඉදමෙව කරණීයං, න අඤ්ඤං කිඤ්චි, තස්මා “ආකඞ්ඛෙය්ය චෙ, භික්ඛවෙ, භික්ඛු ලාභී අස්ස”න්තිආදිමාහ. න චෙත්ථ භගවා ලාභනිමිත්තං සීලාදිපරිපූරණං කථෙතීති වෙදිතබ්බො. භගවා හි ඝාසෙසනං ඡින්නකථො න වාචං පයුත්තං භණෙති, එවං සාවකෙ ඔවදති, සො කථං ලාභනිමිත්තං සීලාදිපරිපූරණං කථෙස්සති, පුග්ගලජ්ඣාසයවසෙන පනෙතං වුත්තං. යෙසඤ්හි එවං අජ්ඣාසයො භවෙය්ය “සචෙ මයං චතූහි පච්චයෙහි න කිලමෙය්යාම, සීලාදිං පූරෙතුං සක්කුණෙය්යාමා”ති, තෙසං අජ්ඣාසයවසෙන භගවා එවමාහ. අපිච රසානිසංසො එස සීලස්ස, යදිදං චත්තාරො පච්චයා නාම. තථා හි පණ්ඩිතමනුස්සා කොට්ඨාදීසු ඨපිතං නීහරිත්වා පුත්තාදීනම්පි අදත්වා අත්තනාපි අපරිභුඤ්ජිත්වා සීලවන්තානං දෙන්තීති සීලස්ස සරසානිසංසදස්සනත්ථං පෙතං වුත්තං.
එහෙයින්, ආකංඛෙය්‍ය වෙ භික්ඛවෙ, භික්ඛු සබ්රහ්මචාරීනං පියො චස්සං -පෙ- භාවනීයො චාති සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- සුඤ්ඤාගාරානං යයි වදාරා මෙවිට යම්හෙයකින් ප්රත්යලාභාදි භාවය ප්‍රාර්ථනා කරන්නහු විසින් ද මෙයම කළයුතු ද අන් කිසිවක් නොකළ යුතු ද, එහෙයින් ආකංඛෙය්‍ය චෙ භික්ඛවෙ, භික්ඛුලාභී අයසං යනාදිය වදාළහ. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ ලාභය නිමිති කොට සීලාදිය පිරීම නොවදාරත් යයි දතයුත්තේය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ ලාභය නිමිතිකොට සීලාදිය සම්පුර්ණ කිරීම නොවදාරත් යයි දතයුත්තේය. ඒ එසේමැයි භාග්‍යවතුන් වහන්සේ, සාසෙසනං ඡින්නකථො න වාචං පසුතං භණෙ (ඡින්නකථා ඇත්තෙක් මෙන් වී අවභාස පරිකථා නිමිත්ත විඥප්ති ප්‍රයුක්ත වූ ආහාර සෙවීම පිණිස වූ වචනය නොකියන්නේ යයි) මෙසේ ශ්‍රාවකයන්ට අවවාද කරති. ඒ භාග්‍යවත්හු ලාභය නිමිතිකොට සීලය පිරීම වදාරන්නාහු ද? පුද්ගල අධ්‍යාසය වශයෙන් වදාරණ ලදී. ඒ එසේමැයි. යම් කෙනෙකුට මෙබඳු අදහසක් වන්නේ නම් ඉතින් අපි සිව්පසයෙන් විඩා නොවන්නෙමු නම් සිල් පුරන්ට හැකිවන්නෙමු, යයි කියායි. ඔවුන්ගේ අදහස් වශයෙන් බුදුරදහු මෙසේ වදාළහ. යම් මේ සිව්පසයක් වේද, එය සීලයාගේ කෘත්‍ය සංඛ්‍යාත ආනිශංස යයි. එබැවින් පණ්ඩිත මනුෂ්‍යයෝ ගබඩාකොට තබන ලද්ද ද ගෙන පුත්රාදීන්ටත් නොදී තමනුත් පරිභෝග නොකොට සිල්වතුන්ට දෙති. සීලයාගේ කෘත්‍ය නම් වූ අනුසස් දැක්වීම පිණිස දක්වන ලද්දේ වෙයි.
තතියවාරෙ යෙසාහන්ති යෙසං අහං. තෙසං තෙ කාරාති තෙසං දෙවානං වා මනුස්සානං වා තෙ මයි කතා පච්චයදානකාරා. දෙවාපි හි සීලාදිගුණයුත්තානං පච්චයෙ දෙන්ති, න කෙවලං මනුස්සායෙව, සක්කො විය ආයස්මතො මහාකස්සපස්ස. මහප්ඵලා මහානිසංසාති උභයමෙතං අත්ථතො එකං, බ්යඤ්ජනමෙව නානං. මහන්තං වා ලොකියසුඛං ඵලන්තීති මහප්ඵලා. මහතො ලොකුත්තරසුඛස්ස ච පච්චයා හොන්තීති මහානිසංසා. සීලාදිගුණයුත්තස්ස හි කටච්ඡුභික්ඛාපි පඤ්චරතනමත්තාය භූමියා පණ්ණසාලාපි කත්වා දින්නා අනෙකානි කප්පසහස්සානි දුග්ගතිවිනිපාතතො රක්ඛති, පරියොසානෙ ච අමතාය පරිනිබ්බානධාතුයාපච්චයො හොති.
තුන්වන වාරයෙහි යෙසාහං යනු යෙසං+අහං තෙසං තෙකරා ඒ දෙවියන්ගේ හෝ මිනිසුන්ගේ හෝ මා කෙරෙහි කරන ලද එම ප්‍රත්‍ය සත්කාරයෝ ඒ එසේමැයි. දෙවියෝ ද සිල්වතුන්ට ප්‍රත්‍යය දෙති. හුදු මනුෂ්‍යයෝ පමණක් නොවෙති. ආයුෂ්මත් මහා කාශ්‍යප හිමියන්ට සක්දෙව් රජු මෙනි. මහප්ඵලා මහානිසංසා යන මේ දෙක අරුත් වශයෙන් එකකි. බ්‍යඤ්ජන පමණි එහි වෙනස. නොහොත් මහත් වූ ලෞකික සැපයට ප්‍රත්‍ය වේනුයි කෙරෙත්නුයි මහප්ඵලා යනු වේ. මහත් වූ ලෝකෝත්තර සැපයට ප්‍රත්‍ය වෙත්නුයි මහානිසංස වේ. ඒ එසේමැයි. සීලාදී ගුණයන්ගෙන් යුක්ත වූවහුට හැන්දක් පමණ දානය ද, පස්රියන් පමණ බිම පන්සලක්ද කොට දෙන ලද්දේ. නොඑක් කල්ප දහස් ගණන් දුර්ගතියෙහි වැටීමෙන් රකියි. අවසන නිවනින් පරිනිර්වාණයට ප්‍රත්‍යයද වෙයි.
“ඛීරොදනං අහමදාසි”න්තිආදීනි (වි· ව· 413) චෙත්ථ වත්ථූනි, සකලමෙව වා පෙතවත්ථු විමානවත්ථු ච සාධකං. තස්මා පච්චයදායකෙහි අත්තනි කතානං කාරානං මහප්ඵලතං ඉච්ඡන්තෙනාපි සීලාදිගුණයුත්තෙනෙව භවිතබ්බන්ති දස්සෙති.
මෙහිලා, ඛීරොදනං අහමදාසිං යනාදි (කථා වස්තූහු ද, සියලුම ප්‍රේත වස්තු ද, විමාන වස්තු ද සාධකය. එහෙයින් ප්‍රත්‍ය දෙන්නවුන් විසින්, තමා කෙරෙහි කරන ලද සත්කාරයන්ගේ මහත්ඵල භාවය කැමැති වන්නවුන් විසින් ශීලාදී ගුණ යුත්තයන්ම (ප්‍රතිග්‍රාහකයන්) වියයුතු යයි දක්වන සේක.
චතුත්ථවාරෙ ඤාතීති සස්සුසසුරපක්ඛිකා. සාලොහිතාති එකලොහිතසම්බද්ධා පීතිපිතාමහාදයො. පෙතාති පෙච්චභාවං ගතා. කාලඞ්කතාති මතා. තෙසං තන්ති තෙසං තං මයි පසන්නචිත්තතං වා පසන්නෙන චිත්තෙන අනුස්සරණං වා. යස්ස හි භික්ඛුනො කාලඞ්කතො පිතා වා මාතා වා “අම්හාකං ඤාතකො ථෙරො සීලවා කල්යාණධම්මො”ති පසන්නචිත්තො හුත්වා තං භික්ඛුං අනුස්සරති, තස්ස සො චිත්තප්පසාදොපි තං අනුස්සරණමත්තම්පි මහප්ඵලං මහානිසංසමෙව හොති, අනෙකානි කප්පසතසහස්සානි දුග්ගතිතො වාරෙතුං අන්තෙ ච අමතං පාපෙතුං සමත්ථමෙව හොති. වුත්තඤ්හෙතං භගවතා “යෙ තෙ, භික්ඛවෙ, භික්ඛූ සීලසම්පන්නා සමාධිසම්පන්නා පඤ්ඤා, විමුත්ති, විමුත්තිඤාණදස්සනසම්පන්නා, දස්සනංපාහං, භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. සවනං, අනුස්සතිං, අනුපබ්බජ්ජං, උපසඞ්කමනං, පයිරුපාසනංපාහං, භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමී”ති (ඉතිවු· 104). තස්මා ඤාතිසාලොහිතානං අත්තනි චිත්තප්පසාදස්ස අනුස්සතියා ච මහප්ඵලතං ඉච්ඡන්තෙනාපි සීලාදිගුණයුත්තෙනෙව, භවිතබ්බන්ති දස්සෙති.
සතරවන වාරයෙහි, ඥාති නැදි මයිල් පක්ෂයෙහි වූවාහු, සාලොහිතා, එක් ලෙසින් බැඳුනා වූ පියා, පියාගේ පියා ආදීහු. පෙතා පෙච්චභාවයට (පරලොවට) ගියාහු, කාලකතා මළාහු, තෙසංතං ඔවුන්ගේ ඒ මා කෙරෙහි පැහැදුනු සිත් ඇති බව හෝ පැහැදුන් සිතින් සිහිකිරීම හෝ සැවව යම් පැවිද්දෙකුගේ කලුරිය කළ පියා හෝ මව අපගේ ඥාති තෙරුන් වහන්සේ සිල්වතෙක, යහපත් දහම් ඇත්තෙකුයි පැහැදුනු සිතින් යුතුව ඒ භික්ෂුව සිහිකෙරේද, ඔහුගේ ඒ චිත්තප්‍රසාදය ද ඒ සිහිකිරීම මාත්‍රයද, මහත්ඵල මහානිසංස වූයේම වෙයි. නොයෙක් දහස් ගණන් කල්ප දුගතියෙන් වළකන්ටද, අන්තයෙහි නිවනට පමුණුවන්ටද සමර්ථ වූයේ වෙයි. මෙය වදාරණ ලද්දේමැයි බුදුරදහු විසින්, යෙ කෙචි භිකඛවෙ, භික්ඛු සීලසම්පන්නො, සමාධි සම්පන්නො, පඤ්ඤා, විමුත්ති, විමුත්ති ඤාණදස්සන සම්පන්නො දස්සනම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛුනං බහූකාරං වදාමි. සවනං අනුස්සතිං අනුපබ්බජ්ජං උපසංඛමනං පයුරුපාසනම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි යනුවෙන් සහලේ නෑයන්ට තමා කෙරෙහි චිත්තප්රසාදයාගේ ද අනුස්මෘතියගේද, මහත්ඵල භාවය කැමැත්තහු විසින් ද, සීලාදි ගුණ යුක්තයෙක්ම විය යුතුයයි දක්වන සේක.
පඤ්චමවාරෙ අරතිරතිසහො අස්සන්ති අරතියා රතියා ච සහො අභිභවිතා අජ්ඣොත්ථරිතා භවෙය්යං. එත්ථ ච අරතීති අධිකුසලෙසු ධම්මෙසු පන්තසෙනාසනෙසු ච උක්කණ්ඨා. රතීති පඤ්චකාමගුණරති. න ච මං අරති සහෙය්යාති මඤ්ච අරති න අභිභවෙය්ය න මද්දෙය්ය න අජ්ඣොත්ථරෙය්ය. උප්පන්නන්ති ජාතං නිබ්බත්තං. සීලාදිගුණයුත්තො හි අරතිඤ්ච රතිඤ්ච සහති අජ්ඣොත්ථරති මද්දිත්වා තිට්ඨති. තස්මා ඊදිසං අත්තානං ඉච්ඡන්තෙනාපි සීලාදිගුණයුත්තෙනෙව භවිතබ්බන්ති දස්සෙති.
පස්වන වාරයෙහි, අරති රති රහො අස්සං අරතියද රතියද, ඉවසන්නේ, මැඩපවත්වන්නේ යටපත් කරන්නේ වන්නෙමි. මෙහි ද අරති යනු අධි කුසල ධර්මයන්හි ද පන්ත සේනාසනයන්හි ද උකටලී වෙයි. රති, යනු පංචකාම ගුණයන්හි ඇලීමයි. න ච මං අරති සහෙය්යං මා ද අරතිය මැඩනොපවත්වන්නේය. නොමඩින්නේය. යටපත් නොකරන්නේය. උප්පන්නං හටගත් උපන් යම්හෙයකින් ශීලාදි ගුණ යුක්ත වූයේ, අරතියද, රතියද ඉවසා ද, යටපත් කෙරේ ද, මැඩ සිටී ද, එහෙයින් මෙබඳු වූ ආත්මභාව කැමැත්තහු විසින් ද, ශීලාදි ගුණ යුක්ත වූවෙක්ම විය යුතුයයි දක්වන සේක.
ඡට්ඨවාරෙ භයං චිත්තුත්රාසොපි ආරම්මණම්පි. භෙරවං ආරම්මණමෙව. සෙසං පඤ්චමවාරෙ වුත්තනයමෙව. සීලාදිගුණයුත්තො හි භයභෙරවං සහති අජ්ඣොත්ථරති මද්දිත්වා තිට්ඨති අරියකොටියවාසීමහාදත්තත්ථෙරො විය.
සයවන වාරයෙහි, භයං සිත තැති ගැන්මද අරමුණද වේ. භෙරව නම් අරමුණමැයි. සෙස්ස පස්වන වාරයෙහි කී ක්‍රමයමැයි. සීලාදි ගුණයෙන් යුත් තැනැත්තේ භයභෙරවයන් ඉවසයි. යටපත් කොට මැඩගෙන සිටී. අරියකොටිවාසි මහාදත්ත තෙර මෙනි.
අරියකොටිවාසි මහාදත්ත තෙර
ථෙරො කිර මග්ගං පටිපන්නො අඤ්ඤතරං පාසාදිකං අරඤ්ඤං දිස්වා “ඉධෙවජ්ජ සමණධම්මං කත්වා ගමිස්සාමී”ති මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ සඞ්ඝාටිං පඤ්ඤපෙත්වා පල්ලඞ්කං ආභුජිත්වා නිසීදි. රුක්ඛදෙවතාය දාරකා ථෙරස්ස සීලතෙජෙන සකභාවෙන සණ්ඨාතුං අසක්කොන්තා විස්සරමකංසු. දෙවතාපි රුක්ඛං චාලෙසි. ථෙරො අචලොව නිසීදි. සා දෙවතා ධූමායි, පජ්ජලි, නෙව සක්ඛි ථෙරං චාලෙතුං, තතො උපාසකවණ්ණෙනාගන්ත්වා වන්දිත්වා අට්ඨාසි. “කො එසො”ති වුත්තා “අහං, භන්තෙ, එතස්මිං රුක්ඛෙ අධිවත්ථා දෙවතා”ති අවොච. ත්වං එතෙ විකාරෙ අකාසීති. ආම භන්තෙති. කස්මාති ච වුත්තා ආහ – “තුම්හාකං, භන්තෙ, සීලතෙජෙන දාරකා සකභාවෙන සණ්ඨාතුං අසක්කොන්තා විස්සරමකංසු, සාහං තුම්හෙ පලාපෙතුං එවමකාසි”න්ති.
මගට පිළිපන් මහාදත්ත තෙරුන් වහන්සේ සිත්කලු වනලැහැබක් දැක අද මෙහි මහණදම් කොට යන්නෙමැයි මගින් ඉවත්ව එක් වෘක්ෂයක් මුල සඟල සිවුරින් (අසුනක්) පනවා පලක්බඳ වැඩහුන්හ. රුක් දෙවියාගේ දරුවෝ තෙරුන්ගේ සිල් තෙදින් ස්වකීය ස්වරූපයෙන් සිටිය නොහැක්කාහු මහහඬින් කෑගැසූහ. දේවතාවියද සල්ගස සෙලවූවාය. තෙරුන් වහන්සේ නොසෙල්වී වැඩසිටි සේක. දේවතාවිය දුවන්ට පටන් ගත්තීය. දිලිසෙන්ට විය. තෙරුන් සොලවන්ට නොම හැකිවූවාහ. අනතුරුව උපාසක වේසයෙන් අවුත් වැඳ සිටියාය. මේ කවරෙක්දැයි විචාල කල්හි වහන්ස, මම තෙල රුකෙහි අධිගෘහිත දේවතාවා වෙමියි කීවාය. තී, තෙල විකාර කෙළෙහිද? එසේය වහන්ස, කුමක් හෙයින්ද? විචාරණ ලද්දේ මෙසේ කීවාය. වහන්ස, ඔබගේ සිල් තෙදින් දරුවෝ ස්වකීය ස්වභාවයෙන් සිටිය නොහැක්කාහු මහකොට හැඬූහ. මම ඔබ පලවා හරින්ට මෙසේ කෙළෙමියි (කීවාය)
ථෙරො ආහ – “අථ කස්මා ඉධ, භන්තෙ, මා වසථ, මය්හං අඵාසූති පටිකච්චෙව නාවචාසි. ඉදානි පන මා කිඤ්චි අවච, අරියකොටියමහාදත්තො අමනුස්සභයෙන ගතොති වචනතො ලජ්ජාමි, තෙනාහං ඉධෙව වසිස්සං, ත්වං පන අජ්ජෙකදිවසං යත්ථ කත්ථචි වසාහී”ති. එවං සීලාදිගුණයුත්තො භයභෙරවසහො හොති. තස්මා ඊදිසමත්තානං ඉච්ඡන්තෙනාපි සීලාදිගුණයුත්තෙනෙව භවිතබ්බන්ති දස්සෙති.
තෙරුන් වහන්සේ මෙසේ කී සේක. වැලි කුමක් හෙයින්ද වහන්ස මෙහි නොවිසුව මැනව. මට අපහසු යයි පළමුකොටම නො කීයෙහි ද, දැන්වූ කලී කිසිවක් නොකියව, අරියකොටියවැසි මහදත්ත තෙම, අමනුෂ්‍යයන්ට බියෙන් ගියේය යන වචනයෙන් ලැජ්ජා වෙමි. මම මෙහිම වසන්නෙමි. ඒ වනාහි අද එකදවසක් යම්කිසි තැනක වාසය කරවයි යි මෙසේ සීලාදි ගුණයෙන් යුක්ත වූයේ භය, භය අරමුණු ඉවසන්නේ වෙයි. එහෙයින් තමා මෙබඳු වූවෙක් කොට කැමැත්තහු විසින් ශිලාදි ගුණ යුක්ත වූවෙක්ම විය යුතුයයි දක්වන සේක.
සත්තමවාරෙ ආභිචෙතසිකානන්ති අභිචෙතොති අභික්කන්තං විසුද්ධචිත්තං වුච්චති, අධිචිත්තං වා, අභිචෙතසි ජාතානි ආභිචෙතසිකානි, අභිචෙතො සන්නිස්සිතානීති වා ආභිචෙතසිකානි. දිට්ඨධම්මසුඛවිහාරානන්ති දිට්ඨධම්මෙ සුඛවිහාරානං. දිට්ඨධම්මොති පච්චක්ඛො අත්තභාවො වුච්චති, තත්ථ සුඛවිහාරභූතානන්ති අත්ථො, රූපාවචරජ්ඣානානමෙතං අධිවචනං. තානි හි අප්පෙත්වා නිසින්නා ඣායිනො ඉමස්මිංයෙව අත්තභාවෙ අසංකිලිට්ඨං නෙක්ඛම්මසුඛං වින්දන්ති, තස්මා “දිට්ඨධම්මසුඛවිහාරානී”ති වුච්චන්ති.
සත්වන වාරයෙහි ආභිචෙතසිකානං, අභිචෙත නම් ඉතා අභික්කන්ත වූ (මනවඩන) විසුද්ධ වූ චිත්තය අධිචිත්තය යයි කියනු ලැබේ. විසුද්ධ චිත්තයෙහි ඇතිවූවාහු, අභිචෙතසික නම් වේ. දිට්ඨ ධම්ම සුඛ විහාරානං, ඉහාත්මයෙහි සැප විහරණ ඇති. දිට්ඨධම්ම යනුවෙන් ප්රත්යක්ෂ වූ ආත්මභාවය කියනු ලැබේ. එහි සැපවිහරණ වූයේය යන අර්ථයි. රූපාවචර ධ්‍යානයට මේ නමකි. ඒ රූපාවචර ධ්‍යානයට පැමිණ හුන්නාහු ධ්‍යානලාභීහු, මේ ආත්මභාවයෙහිම, පිරිසිදු වූ නෙක්ඛම්ම සැපය විඳිත්, එහෙයින් දිට්ඨධම්ම සුඛ විහාරානි යයි කියනු ලැබෙත්.
නිකාමලාභීති නිකාමෙන ලාභී අත්තනො ඉච්ඡාවසෙන ලාභී, ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ සමාපජ්ජිතුං සමත්ථොති වුත්තං හොති.
නිකාමලාභි, පහසුවෙන් ලබනසුලු වූයේ, තමාගේ කැමැත්ත පරිදි ලබනසුලු වූයේ, කැමති කැමති මොහොතෙහි සමවදින්ට සමර්ථ වූයේ යයි කියන ලද්දේ වෙයි.
අකිච්ඡලාභීති සුඛෙනෙව පච්චනීකධම්මෙ වික්ඛම්භෙත්වා සමාපජ්ජිතුං සමත්ථොති වුත්තං හොති. අකසිරලාභීති අකසිරානං විපුලානං ලාභී, යථාපරිච්ඡෙදෙයෙව වුට්ඨාතුං සමත්ථොති වුත්තං හොති. එකච්චො හි ලාභීයෙව හොති, න පන සක්කොති ඉච්ඡිතිච්ඡිතක්ඛණෙ සමාපජ්ජිතුං. එකච්චො සක්කොති තථා සමාපජ්ජිතුං, පාරිබන්ධිකෙ පන කිච්ඡෙන වික්ඛම්භෙති. එකච්චො තථා සමාපජ්ජති, පාරිබන්ධිකෙ ච අකිච්ඡෙනෙව වික්ඛම්භෙති, න සක්කොති නාළිකායන්තං විය යථාපරිච්ඡෙදෙයෙව ච වුට්ඨාතුං. යො පන ඉමං තිවිධම්පි සම්පදං ඉච්ඡති, සොපි සීලෙස්වෙවස්ස පරිපූරකාරීති.
අකිච්ඡලාභී සැපසේම විරුද්ධ ධර්මයන් විෂ්කම්භනය කොට සමවැදීමට සමර්ථයයි කියන ලද්දේ වෙයි. අකසිරලාභි, පීඩාවක් නොමැතිව මහත් ලෙස ලබනසුලු වූයේ, පරිච්ඡෙද කිරීම පරිදිම නැගී සිටීමට සමර්ථ වූයේ යයි කියන ලද්දේ වෙයි. ඇතැමෙක් ලාභී වූයේම වෙයි. එතකුදු වුවත් කැමති කැමති මොහොතෙහි සමවදින්ට නොහැකි වෙයි. කිසිවෙක් එසේ සමවදින්ට සමර්ථ වෙයි. උවදුරු දුකසේ දුරු කරයි. කිසිවෙක් එසේත් සමවදියි. උවදුරුද පහසුවෙන්ම විෂ්කම්භනය කරයි. නාලිකා (හෝරා) යන්ත්‍රයක් මෙන් සම්පූර්ණ වූ කල්හිම නැගීසිටින්ට නොහැකි වෙයි. යමෙක් වනාහි මෙම ත්‍රිවිධ සම්පත්තියම කැමති වේද, හෙතෙම ශීලයන්ව සම්පූර්ණ කරනසුලු වූයේ වන්නේය.
එවං අභිඤ්ඤාපාදකෙ ඣානෙ වුත්තෙ කිඤ්චාපි අභිඤ්ඤානං වාරො ආගතො, අථ ඛො නං භගවා අග්ගහෙත්වාව යස්මා න කෙවලං අභිඤ්ඤාපාදකජ්ඣානානි ච අභිඤ්ඤායොයෙව ච සීලානං ආනිසංසො, අපිච ඛො චත්තාරි ආරුප්පඣානානිපි තයො ච හෙට්ඨිමා අරියමග්ගා, තස්මා තං සබ්බං පරියාදියිත්වා දස්සෙතුං ආකඞ්ඛෙය්ය චෙ…පෙ… යෙ තෙ සන්තාති එවමාදිමාහ.
මෙසේ අභිඥා පාදක ධ්‍යානය කී කල්හි කිසි අයුරකින් අභිඥාවන්ගේ වාරය ආයේ ද, එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ එය නොගෙන, යම් හෙයකින් හුදෙක් අභිඥාපාදක ධ්‍යානයෝ ද, අභිඥාවෝ ද, ශීලයන්ගේ ආනිශංස නොවේද, වැලිදු සතර අරූපාවචර ධ්යනයෝද යටත් පිරිසෙන් තුන් ආර්යමාර්ගයෝ ද, ආනිශංසය වේද, එහෙයින් ඒ සියල්ල හාත්පසින් ගෙන දක්වන්ට ආකංඛෙය්‍ය චෙ -පෙ- යෙ තෙ සන්තා යන ආදිය කීහ.
තත්ථ සන්තාති අඞ්ගසන්තතාය චෙව ආරම්මණසන්තතාය ච. විමොක්ඛාති පච්චනීකධම්මෙහි විමුත්තත්තා ආරම්මණෙ ච අධිමුත්තත්තා. අතික්කම්ම රූපෙති රූපාවචරජ්ඣානෙ අතික්කමිත්වා, යෙ තෙ විමොක්ඛා අතික්කම්ම රූපෙ සන්තාති පදසම්බන්ධො, ඉතරථා හි අතික්කම්ම රූපෙ කිං කරොතීති න පඤ්ඤායෙය්යුං. ආරුප්පාති ආරම්මණතො ච විපාකතො ච රූපවිරහිතා. කායෙන ඵුසිත්වාති නාමකායෙන ඵුසිත්වා පාපුණිත්වා, අධිගන්ත්වාති වුත්තං හොති. සෙසං වුත්තානමෙව. ඉදං වුත්තං හොති “යොපි භික්ඛු ඉමෙ විමොක්ඛෙ ඵුසිත්වා විහරිතුකාමො, සොපි සීලෙස්වෙවස්ස පරිපූරකාරී”ති.
එහි සන්තා යනු අංගයන්ගේ ශාන්ත භාවයෙන් ද, ආරම්මණ ශාන්ත භාවයෙන් ද ශාන්ත වූයේ, විමොක්ඛා, විරුද්ධ ධර්මයන්ගෙන් මිදුනා වූ, අරමුණෙහි අධික ලෙස ඇලුනා වූ අතික්කම්ම රූපෙ යනු රූපාවචර ධ්‍යානයන් ඉක්මවා, යෙ තෙ විමොක්ඛා අතිකම්ම රූපෙ සන්තා යනුවෙන් පද සම්බන්ධය වේ. සැබව අන්පරිද්දකින් වීනම්, රූපාවචර ධ්‍යානයන් ඉක්මවා කුමක් කෙරෙත්දැයි නොපෙනෙන්නාහුය. ආරුප්පා යනුවෙන් අරමුණු වශයෙන් විපාක වශයෙන් ද රූප විරහිත වූ කායෙන ඵස්සිත්වා නාමකයින් ස්පර්ශකොට පැමිණ, අධිගමකොට යයි කියන ලද වෙයි. සෙස්ස ප්රකටමැයි කියන ලදද වෙයි. යම්කිසි මහණ කෙනෙක් මෙම විමෝක්ෂයන් ස්පර්ශකොට වසනු කැමැත්තේ වේද, හෙතෙමේද සීලයෙහිම සම්පූර්ණ කළ කෙනෙක් වන්නේය.
නවමවාරෙ තිණ්ණං සංයොජනානන්ති සක්කායදිට්ඨිවිචිකිච්ඡාසීලබ්බතපරාමාසසඞ්ඛාතානං තිණ්ණං බන්ධනානං. තානි හි සංයොජෙන්ති ඛන්ධගතිභවාදීහි ඛන්ධගතිභවාදයො, කම්මං වා ඵලෙන, තස්මා සංයොජනානීති වුච්චන්ති, බන්ධනානීති අත්ථො. පරික්ඛයාති පරික්ඛයෙන. සොතාපන්නොති සොතං ආපන්නො. සොතොති ච මග්ගස්සෙතං අධිවචනං. සොතාපන්නොති තංසමඞ්ගිපුග්ගලස්ස. යථාහ “සොතො සොතොති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමො නු ඛො, සාරිපුත්ත, සොතොති? අයමෙව හි, භන්තෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං, සම්මාදිට්ඨි…පෙ… සම්මාසමාධීති. සොතාපන්නො සොතාපන්නොති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමො නු ඛො, සාරිපුත්ත, සොතාපන්නොති? යො හි, භන්තෙ, ඉමිනා අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො, අයං වුච්චති සොතාපන්නො, යොයං ආයස්මා එවංනාමො එවංගොත්තො”ති. ඉධ පන මග්ගෙන ඵලස්ස නාමං දින්නං, තස්මා ඵලට්ඨො “සොතාපන්නො”ති වෙදිතබ්බො.
නවවන වාරයෙහි, තිණ්ණං සංයොජනානං යනු සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස නම් වූ බන්ධනයන් තුන, යම් හෙයකින් ඔවුහු ඛන්ධ-ගති-භව ආදීන් සමග, ඛන්ධ-ගති-භව ආදීහුද කර්මය හෝ ඵලය සමග යොදවත්ද, එහෙයින් සංයෝජනයෝ යයි කියනු ලැබෙත්. ඛන්ධනයෝය යන අර්ථයි. පරික්ඛයා, නැති කිරීමෙන්, සොතපන්නො යනු සෝතයට පැමිණියේ සොත යනු මාර්ගයට නමකි. සොතාපන්නො යන මාර්ග මොහොතෙහි පුද්ගලයා සොත නම් වේ. සොතො, සොතොති හිදං සාරිපුත්ත වුච්චති කතමොනුඛො සාරිපුත්ත සොතොති. අයමෙව හි භන්තෙ අරියෝ අට්ඨංගිකො මග්ගො සෙය්යථිදං සම්මාදිටඨි -පෙ- සම්මා සමාධි, සොතාපන්නො, සොතාපන්නොති හිදං සාරිපුත්ත වුච්චති, කතමො නුඛො සාරිපුත්ත සොතාපන්නොති, යොහි භන්තෙ ඉමිනා අට්ඨංගිකෙන මග්ගෙන සමන්නාගතො අයං වුච්චති සොතාපන්නො සො යමායස්මා, එවං නාමො එවං ගොත්තො ති (ශාරිපුත්‍රය, සොත සොත යයි කියනු ලැබේ. ශාරිපුත්‍රය, සෝත නම් කවරේදැයි ස්වාමීනි, මේ අරිඅටඟි මගමැයි. ඒ කවරේද යත්, සම්මාදිට්ඨි -පෙ- සම්මා සමාධි යන මොහුයැ. ශාරිපුත්‍රය, සෝතාපන්නය, සෝතාපන්නයා යනුවෙන් කියනු ලැබේ. ශාරිපුත්‍රය, කවරෙක් වනාහි සෝතාපන්න වූයේද? ස්වාමීනි යමෙක් වනාහි මෙම අරිඅටඟි මගින් යුක්ත වූයේද? මෙතෙම සෝතාපන්න යයි කියනු ලැබේ. ඒ මේ ආයුෂ්මත් තෙම, මෙනම් ඇත්තේ මෙනම් ගෝත්‍ර ඇත්තේ වේයයි) මෙහි වනාහි මාර්ගයෙන් ඵලයට නාමය දෙන ලදී. එහෙයින් ඵලස්ථ වූයේ සෝතාපන්න යයි දතයුතුය.
අවිනිපාතධම්මොති විනිපාතෙතීති විනිපාතො, නාස්ස විනිපාතො ධම්මොති අවිනිපාතධම්මො, න අත්තානං අපායෙ විනිපාතසභාවොති වුත්තං හොති. කස්මා? යෙ ධම්මා අපායගමනියා, තෙසං පහීනත්තා. සම්බොධි පරං අයනං ගති අස්සාති සම්බොධිපරායණො, උපරිමග්ගත්තයං අවස්සං සම්පාපකොති අත්ථො. කස්මා? පටිලද්ධපඨමමග්ගත්තා. සීලෙස්වෙවාති ඊදිසො හොතුකාමොපි සීලෙස්වෙවස්ස පරිපූරණාරීති.
අවිනිපාතධම්මො නපුරුකොට (අපාය ආදියෙහි) වැටෙත්නුයි විනිපාත නම් වේ. ඔහුට විනිපාත ධර්ම නැත්තේනුයි අවිනිපාතධම්ම නම් වේ. තමා අපායයන්හි නො උපදවන ස්වභාව ඇත්තේ යයි කියන ලද්දේ වෙයි. කුමක් හෙයින්ද යත්, අපාය ගාමිනී වූ යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ ධර්මයන් ප්‍රහීණ වූ බැවිනි. සම්බෝධිය උතුම් වූ මාර්ගය වූයේ උතුම් වූ ගතිය වූයේ මොහුට නුයි සම්බොධි පරායනො නම් වේ. මතු තුන්මගට අවශ්‍යයෙන්ම පැමිණෙන්නේය යන අර්ථයි. කුමක් හෙයින්ද යත්, ලබන ලද පළමු මග ඇති බැවිනි. සීලස්සෙව මෙවැන්නක් සිදුවීමට සීලය සම්පූර්ණ කරන සුලුවූයේම වන්නේ යයි (දතයුතුයැ)
දසමවාරෙ පඨමමග්ගෙන පරික්ඛීණානිපි තීණි සංයොජනානි සකදාගාමිමග්ගස්ස වණ්ණභණනත්ථං වුත්තානි. රාගදොසමොහානං තනුත්තාති එතෙසං තනුභාවෙන, තනුත්තකරණෙනාති වුත්තං හොති. තත්ථ ද්වීහි කාරණෙහි තනුත්තං වෙදිතබ්බං අධිච්චුප්පත්තියා ච පරියුට්ඨානමන්දතාය ච. සකදාගාමිස්ස හි වට්ටානුසාරිමහාජනස්සෙව කිලෙසා අභිණ්හං න උප්පජ්ජන්ති, කදාචි කරහචි උප්පජ්ජන්ති විරළාකාරා හුත්වා, විරළවාපිතෙ ඛෙත්තෙ අඞ්කුරා විය. උප්පජ්ජමානාපි ච වට්ටානුසාරිමහාජනස්සෙව මද්දන්තා ඵරන්තා ඡාදෙන්තා අන්ධකාරං කරොන්තා න උප්පජ්ජන්ති, මන්දමන්දා උප්පජ්ජන්ති තනුකාකාරා හුත්වා, අබ්භපටලමිව මක්ඛිකාපත්තමිව ච.
දසවන වාරයෙහි, පළමු මගින් නැසූ සංයෝජන තුනද සකදාගාමී මාර්ගයාගේ ගුණ කථනය සඳහා කියන ලද්දාහු වෙති. රාග දෝස මෝහානං තනුත්තා යන මොවුන්ගේ තුනීභාවයෙන් තුනී බව කිරීමෙන් යයි කියන ලද වෙයි. එහි කරුණු දෙකකින් තුනී බව දතයුතුයි. හේතු රහිතව ඉපදීමෙන් ද, පරියුට්ඨාන (නැගී සිටීම) මදබැවින්ද යනුයි. සැබෑව සකදාගාමී පුද්ගලයා හට සංසාරික මහජනයාට මෙන් කෙලේසයෝ නිතර නො උපදිති. ඇතැම් විටෙක උපදිත්. ඉතා විරලාකාරව තුනීව වපුරන ලද කෙත ගොයම් මෙනි. යලි උපදින්නාහුද වට්ටගාමී සත්ත්වයන්ට මෙන් මඩිමින් පැතිරෙමින් වියමින් අන්ධකාර කරමින් නො උපදිත්, මද මදව උපදිත්, තුන් ආකාරව වලාපටලයක් මෙන් මැසි පියාපතක් මෙන්ද උපදිත්.
තත්ථ කෙචි ථෙරා භණන්ති “සකදාගාමිස්ස කිලෙසා කිඤ්චාපි චිරෙන උප්පජ්ජන්ති, බහලාව උප්පජ්ජන්ති, තථා හිස්ස පුත්තා ච ධීතරො ච දිස්සන්තී”ති, එතං පන අප්පමාණං. පුත්තධීතරො හි අඞ්ගපච්චඞ්ගපරාමසනමත්තෙනපි හොන්තීති. ද්වීහියෙව කාරණෙහිස්ස කිලෙසානං තනුත්තං වෙදිතබ්බං අධිච්චුප්පත්තියා ච පරියුට්ඨානමන්දතාය චාති.
එහි (කෙචි ථෙරා) කිසි තෙරකෙනෙක් මෙසේ කියති. සකදාගාමී පුද්ගලයාගේ කිලේසයෝ නිතර නො උපදිත්. කිසිවිටක කලකින් උපදිත්. බහුල වූවාහුම උපදිත්. ඒ එසේමැයි. ඕහට පුත්‍රයෝ ද දුහිතෘහු ද දක්නා ලැබෙත් යයි, මේ වනාහි අප්‍රමාණයි. යම්හෙයකින් පුත්රදුහිතෘහු අඟපසඟ පරාමර්ෂණ මාත්‍රයකිනුත් වෙන්ද, එහෙයිනි. හේතු රහිතව ඉපදීමෙන්ද සමුදාචාරයාගේ (නැගීසිටීම) මද බැවින්දැයි මේ දෙකරුණකින් ඔහුගේ කිලේසයන්ගේ තුනී බව දතයුතුයි.
සකදාගාමීති සකිං ආගමනධම්මො. සකිදෙව ඉමං ලොකං ආගන්ත්වාති එකවාරංයෙව ඉමං මනුස්සලොකං පටිසන්ධිවසෙන ආගන්ත්වා. යොපි හි ඉධ සකදාගාමිමග්ගං භාවෙත්වා ඉධෙව පරිනිබ්බාති, සොපි ඉධ න ගහිතො. යොපි ඉධ මග්ගං භාවෙත්වා දෙවෙසු උපපජ්ජිත්වා තත්ථෙව පරිනිබ්බාති. යොපි දෙවලොකෙ මග්ගං භාවෙත්වා තත්ථෙව පරිනිබ්බාති. යොපි දෙවලොකෙ මග්ගං භාවෙත්වා ඉධෙව මනුස්සලොකෙ නිබ්බත්තිත්වා පරිනිබ්බාති. යො පන ඉධ මග්ගං භාවෙත්වා දෙවලොකෙ නිබ්බත්තො, තත්ථ යාවතායුකං ඨත්වා පුන ඉධෙව උපපජ්ජිත්වා පරිනිබ්බාති, අයමිධ ගහිතොති වෙදිතබ්බො. දුක්ඛස්සන්තං කරෙය්යන්ති වට්ටදුක්ඛස්ස පරිච්ඡෙදං කරෙය්යං. සීලෙස්වෙවාති ඊදිසො හොතුකාමොපි සීලෙස්වෙවස්ස පරිපූරකාරීති.
සකදාගාමි වරක් පැමිණෙන ස්වභාව ඇත්තේ සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා එක්වරක් මේ මිනිස්ලොවට පටිසන්ධි වශයෙන් පැමිණ, යමෙක් වනාහි මෙහිද සකදාගාමි මාර්ගය වඩා, අනතුරුව මෙහිම පිරිනිවේද, හෙතෙමේත් මෙහි නොගන්නා ලදී. යමෙක් මේ ලෝකයෙහි මාර්ගය වඩා දෙව්ලොව ඉපිද එහි පිරිනිවේද, යමෙක් දෙව්ලොව මාර්ග වඩා එහිම පිරිනිවේ ද, යමෙක් දෙව්ලොව මාර්ග වඩා මේ මිනිස් ලොව ඉපිද පිරිනිවේ ද, හෙතෙමේත් නොගන්නා ලදී. යමෙක් වනාහි, මේ ලෝකයෙහි මාර්ග වඩා දෙව්ලොව උපන්නේ, එහි ආයුෂ ඇතිතාක් සිට නැවත මේ ලෝකයෙහි ඉපිද පිරිනිවේද, මෙතෙම මෙහි ගන්නා ලදැයි දතයුතුයැ. දුක්ඛස්සන්තං කරෙය්ය, වට්ට දුක්ඛයාගේ අන්තය පිරිසිඳ දැනීම කරන්නෙමි. සීලෙස්වෙව මෙවන් තත්ත්වයකට පත්වනු කැමැත්තහු විසින් සීලයාගේ පරිපූරකාරී වන්නේ යයි (දතයුතුය).
එකාදසමවාරෙ පඤ්චන්නන්ති ගණනපරිච්ඡෙදො. ඔරම්භාගියානන්ති ඔරං වුච්චති හෙට්ඨා, හෙට්ඨාභාගියානන්ති අත්ථො, කාමාවචරලොකෙ උප්පත්තිපච්චයානන්ති අධිප්පායො. සංයොජනානන්ති බන්ධනානං, තානි කාමරාගබ්යාපාදසංයොජනෙහි සද්ධිං පුබ්බෙ වුත්තසංයොජනානෙව වෙදිතබ්බානි. යස්ස හි එතානි අප්පහීනානි, සො කිඤ්චාපි භවග්ගෙ උප්පන්නො හොති, අථ ඛො ආයුපරික්ඛයා කාමාවචරෙ නිබ්බත්තතියෙව, ගිලිතබලිසමච්ඡූපමො ස්වායං පුග්ගලො දීඝසුත්තකෙන පාදෙ බද්ධවිහඞ්ගූපමො චාති වෙදිතබ්බො. පුබ්බෙ වුත්තානම්පි චෙත්ථ වචනං වණ්ණභණනත්ථමෙවාති වෙදිතබ්බං.
එකලොස්වන වාරයෙහි, පඤ්චන්නං යනු ගණන පරිච්ඡෙද කිරීමයි. ඔරං භාගියානං, ඔරං යනු යට කියනු ලැබේ. යට භාජනය කරන්නා වූ යන අර්ථයි. කාමාවචර දිව්‍ය ලෝකයෙහි උපතට හේතු වේ යනු මෙහි අදහසයි. සංයෝජනානං බන්ධනයන්ගේ, ඒවා කාමරාග, ව්‍යාපාද සංයෝජනයන් සමග කලින් කියන ලද සංයෝජනයන්ම දතයුත්තාහ. ඒ එසේමැයි. යමෙකුගේ එම සංයෝජනයෝ අප්‍රහීණ වූවාහු වෙත්ද, හෙතෙම යම් හෙයකින් භවාග්‍රයෙහි උපන්නේ වේද, එතකුදු වුවත් හෙතෙම ආයු ගෙවීමෙන් කාමාවචරයෙහි උපදීමැයි. මේ පුද්ගල තෙම ගිලින ලද බිලිය ඇති මසුට උපමා ඇත්තේ ද, දිග නූලකින් පා බඳිනා ලද පක්ෂියෙකුට උපමා ඇත්තේ ද, වේ යයි දතයුතුයැ.
ඔපපාතිකොති සෙසයොනිපටික්ඛෙපවචනමෙතං. තත්ථපරිනිබ්බායීති තත්ථෙව බ්රහ්මලොකෙ පරිනිබ්බායී. අනාවත්තිධම්මො තස්මා ලොකාති තතො බ්රහ්මලොකා පටිසන්ධිවසෙන පුන අනාවත්තිසභාවො. සීලෙස්වෙවාති ඊදිසො හොතුකාමොපි සීලෙස්වෙවස්ස පරිපූරකාරීති.
ඔපපාතිකො මෙය සෙසු යෝනි ප්‍රතික්ෂේප කිරීමේ වචනයකි. තත්ථ පරිනිබ්බායි යනු එම බඹලොවෙහිම පිරිනිවන්පායි. අනාවත්ති ධම්මො තස්මා ලොකා යනු බඹලොවින් පටිසන්ධි වශයෙන් නැවත නොඑන ස්වභාව ඇත්තේ, සීලස්වෙව මෙබන්දෙක් වන්නට කැමැත්තේ නම් සීලයම සම්පූර්ණ කරන්නේය යනුයි.
එවං අනාගාමිමග්ගෙ වුත්තෙ කිඤ්චාපි චතුත්ථමග්ගස්ස වාරො ආගතො, අථ ඛො නං භගවා අග්ගහෙත්වාව යස්මා න කෙවලා ආසවක්ඛයාභිඤ්ඤා එව සීලානං ආනිසංසො, අපිච ඛො ලොකියපඤ්චාභිඤ්ඤායොපි, තස්මා තාපි දස්සෙතුං, යස්මා ච ආසවක්ඛයෙ කථිතෙ දෙසනා නිට්ඨිතා හොති, එවඤ්ච සති ඉමෙසං ගුණානං අකථිතත්තා අයං කථා මුණ්ඩාභිඤ්ඤාකථා නාම භවෙය්ය, තස්මා ච අභිඤ්ඤාපාරිපූරිං කත්වා දස්සෙතුම්පි, යස්මා ච අනාගාමිමග්ගෙ ඨිතස්ස සුඛෙන ඉද්ධිවිකුප්පනා ඉජ්ඣති, සමාධිපරිබන්ධානං කාමරාගබ්යාපාදානං සමූහතත්තා, අනාගාමී හි සීලෙසු ච සමාධිම්හි ච පරිපූරකාරී, තස්මා යුත්තට්ඨානෙයෙව ලොකියාභිඤ්ඤායො දස්සෙතුම්පි “ආකඞ්ඛෙය්ය චෙ…පෙ… අනෙකවිහිත”න්ති එවමාදිමාහාති අයමනුසන්ධි. තත්ථ “අනෙකවිහිතං ඉද්ධිවිධ”න්තිආදිනා නයෙන ආගතානං පඤ්චන්නම්පි ලොකියාභිඤ්ඤානං පාළිවණ්ණනා සද්ධිං භාවනානයෙන විසුද්ධිමග්ගෙ වුත්තා.
මෙසේ අනාගාමි මාර්ගය වදාල කල්හි, යම් හෙයකින් සතරවෙනි මාර්ගයට වාරය ආයේද, එතකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ එය නොගෙනම, යම්හෙයකින් ආසවක්ඛය. අභිඤ්ඤා, තොමෝම සීලයාගේ ආනිශංස නොවේද, යලිදු ලෞකික පඤ්ච අභිඤ්ඤා ද ආනිශංස වේද, තව ද ඔවුන් ද දක්වන්නට ද, තවද යම්හෙයකින් ආසවක්ඛය වදාළ කල්හි දේශනාව නිමවූවා වන්නේ ද, එහෙයින් අභිඥාවන් සම්පූර්ණ කොට දේශනාව කරනු පිණිස ද, තව ද අනාගාමී මාර්ගයෙහි සිටියහුට සමාධිය උවදුරු වූ කාමරාග, ව්‍යාපාදයන් සහමුලින් නැසූ බැවින් පහසුවෙන් ඉදධි විකුර්වණං සමෘද්ධ වේද, යම් හෙයකින් අනාගාමි තෙම සීලයෙන් ද, සමාධියෙන් ද, සම්පුර්ණ කරන සුලු වේද, එහෙයින් සුදුසු ස්ථානයෙහි ලෞකික අභිඥාවන් දක්වනු පිණිස ද, ආකංඛෙය්‍ය චෙ -පෙ- අනෙකවිහිතං ඉද්ධිවිධං යන ආදි නයින් ආවා වූ පංචවිධ අභිඥාවන්ගේම භාවනා ක්‍රමය සමග පාලි වර්ණනාව විසුද්ධි මාර්ගයෙහි කියන ලද්දීය.
ඡට්ඨාභිඤ්ඤාය ආසවානං ඛයාති අරහත්තමග්ගෙන සබ්බකිලෙසානං ඛයා. අනාසවන්ති ආසවවිරහිතං. චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තින්ති එත්ථ චෙතොවචනෙන අරහත්තඵලසම්පයුත්තොව සමාධි, පඤ්ඤාවචනෙන තංසම්පයුත්තා පඤ්ඤාව වුත්තා. තත්ථ ච සමාධි රාගතො විමුත්තත්තා චෙතොවිමුත්ති, පඤ්ඤා අවිජ්ජාය විමුත්තත්තා පඤ්ඤාවිමුත්තීති වෙදිතබ්බා. වුත්තඤ්චෙතං භගවතා “යො හිස්ස, භික්ඛවෙ, සමාධි, තදස්ස සමාධින්ද්රියං. යා හිස්ස, භික්ඛවෙ, පඤ්ඤා, තදස්ස පඤ්ඤින්ද්රියං. ඉති ඛො, භික්ඛවෙ, රාගවිරාගා චෙතොවිමුත්ති, අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්තී”ති, අපිචෙත්ථ සමථඵලං චෙතොවිමුත්ති, විපස්සනාඵලං පඤ්ඤාවිමුත්තීති වෙදිතබ්බා.
සවන අභිඥාවෙහි ආසවානං ඛයා රහත් මගින් සියලු කෙලෙස් ප්‍රහීණ කිරීමෙන්, අනාසවං ආසව රහිත, වෙතො විමුත්තිං පඤ්ඤා විමුත්තිං මෙහි චෙතො යන පදයෙන් රහත්ඵල සම්පයුත්ත සමාධිය ද, පඤ්ඤා යන පදයෙන් ඒ හා යෙදුන පඤ්ඤාව ද කියන ලද්දීය. එහි සමාධිය රාගයෙන් මිදුන බැවින් චෙතො විමුත්ති නම් වේ. ප්‍රඥාව අවිද්‍යාවෙන් මිදුන බැවින් පඤ්ඤා විමුත්ති යයි දතයුතුයැ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාරණ ලදී. යො භිස්ස භික්ඛවෙ සමාධි තදස්ස සමාධින්ද්රියං යාහිස්ස භික්ඛවෙ පඤ්ඤා තදස්ස පඤ්ඤින්ද්රියං ඉති ඛො භික්ඛවෙ, රාග විරාග චෙතො විමුත්ති, අවිජ්ජා විරාගා පඤ්ඤා විමුත්ති යයි. සමථයාගේ ඵලය චෙතො විමුත්ති යයි. විදර්ශනාවගේ ඵලය පඤ්ඤා විමුත්ති යයි දතයුත්තීය.
දිට්ඨෙව ධම්මෙති ඉමස්මිංයෙව අත්තභාවෙ. සයං අභිඤ්ඤා සච්ඡිකත්වාති අත්තනොයෙව පඤ්ඤාය පච්චක්ඛං කත්වා, අපරපච්චයෙන ඤත්වාති අත්ථො. උපසම්පජ්ජ විහරෙය්යන්ති පාපුණිත්වා සම්පාදෙත්වා විහරෙය්යං. සීලෙස්වෙවාති එවං සබ්බාසවෙ නිද්ධුනිත්වා චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං අධිගන්තුකාමොපි සීලෙස්වෙවස්ස පරිපූරකාරීති.
දිට්ඨෙව ධම්මෙ මේ අත්බැව්හිම, සයං අභිඤ්ඤා සච්ඡි කත්වා තමා විසින්ම ප්‍රඥාවෙන් ප්රත්යක්ෂ කොට, පරප්‍රත්‍යය නැතිව දැන යන අර්ථියි. උපසම්පජ්ජ විහරෙය්ය, පැමිණ සපයාගෙන වාසය කරන්නෙමි. සිලෙස්වෙව මෙසේ සියලු ආසව ධර්ම කම්පාකොට හැර චෙතො විමුත්තියට ද, පඤ්ඤා විමුත්තියට ද පැමිණෙන්නට කැමැත්තේද සීලයම සම්පූර්ණ කළ යුතු වන්නීය.
එවං භගවා සීලානිසංසකථං යාව අරහත්තා කථෙත්වා ඉදානි සබ්බම්පි තං සීලානිසංසං සම්පිණ්ඩෙත්වා දස්සෙන්තො නිගමනං ආහ “සම්පන්නසීලා, භික්ඛවෙ…පෙ… ඉදමෙතං පටිච්ච වුත්ත”න්ති. තස්සායං සඞ්ඛෙපත්ථො, “සම්පන්නසීලා, භික්ඛවෙ, විහරථ…පෙ… සමාදාය සික්ඛථ සික්ඛාපදෙසූ”ති ඉති යං තං මයා පුබ්බෙ එවං වුත්තං, ඉදං සබ්බම්පි සම්පන්නසීලො භික්ඛු සබ්රහ්මචාරීනං පියො හොති මනාපො, ගරු භාවනීයො පච්චයානං ලාභී, පච්චයදායකානං මහප්ඵලකරො, පුබ්බඤාතීනං අනුස්සරණචෙතනාය ඵලමහත්තකරො, අරතිරතිසහො, භයභෙරවසහො, රූපාවචරජ්ඣානානං අරූපාවචරජ්ඣානානඤ්ච ලාභී, හෙට්ඨිමානි තීණි සාමඤ්ඤඵලානි පඤ්ච ලොකියාභිඤ්ඤා ආසවක්ඛයඤාණන්ති ච ඉමෙ ච ගුණෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්තා හොති, එතං පටිච්ච ඉදං සන්ධාය වුත්තන්ති. ඉදමවොච භගවා, අත්තමනා තෙ භික්ඛු භගවතො භාසිතං අභිනන්දුන්ති.
මෙසේ බුදුරදහු ශීලානිශංස කථාව රහත් බව තෙක් වදාරා ඒ සියලුම ශීලානිශංස කථා හකුලා දක්වන සේක් නිගමනය වදාළහ. සම්පන්න සීලා භික්ඛවෙ, -පෙ- ඉදමෙතං පටිච්ච වුත්තං යනු එහි සංක්ෂෙප අර්ථයයි. ‘මහණෙනි, සීලයෙන් සම්පූර්ණව වාසය කරමු. -පෙ- ශික්ෂාපදයන් අතුරෙන් ඒ ඒ ශික්ෂාපදය මොනවට ගෙන හික්මෙව් යයි ඉති යන්තං වුත්තං ඒ යමක් මවිසින් මෙසේ කියන ලදද, ඒ සියල්ල සීලයෙන් සපිරි මහණ සබ්‍රම්සරුන්ගේ කැමති බව, මනාප බව ගරු බව සම්භවනා කටයුතු බව පිණිස වූයේ, සිවුපස ලැබීම පිණිස දායකයන්ට මහත්ඵල ගෙනදෙන්නේද, (වෙයි) පෙර ඥාතීන් සිහිකිරීම පිළිබඳ චේතනාවට ඵල මහන් තත්වය ඇතිකරන්නේද, (වෙයි) (එසේම) අරති-රති ඉවසන්නේ භයභේරවයන් ඉවසන්නේ, රූපාවචර, අරූපාවචර ධ්‍යානයන් ලබනසුළු වූයේ යටත් පිරිසෙන් තුන් සමණ ඵලයන් පංච ලෞකික අභිඤ්ඤා ආසවක්ඛය ඤාණය යන මේ ගුණයන් ද තෙමේ විසිට්ඨ ඤාණයෙන් පසක් කරන්නේ වෙයි. මේ සඳහා කියන ලද්දේ යයි දතයුතුයැ.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය ආකඞ්ඛෙය්යසුත්තවණ්ණනා නිට්ඨිතා.
ආකංඛෙය්‍ය සූත්‍ර වර්ණනාව නිමි.