වත්ථූපමසුත්තවණ්ණනා අට්ඨකථා
වත්ථූපමසුත්තවණ්ණනා
වත්ථුපම සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති වත්ථසුත්තං. තත්ථ සෙය්යථාපි, භික්ඛවෙ, වත්ථන්ති උපමාවචනමෙවෙතං. උපමං කරොන්තො ච භගවා කත්ථචි පඨමංයෙව උපමං දස්සෙත්වා පච්ඡා අත්ථං දස්සෙති, කත්ථචි පඨමමත්ථං දස්සෙත්වා පච්ඡා උපමං, කත්ථචි උපමාය අත්ථං පරිවාරෙත්වා දස්සෙති, කත්ථචි අත්ථෙන උපමං.
එවං මෙ සුතං, යනු වත්ථ සූත්‍රයයි. එහි සෙය්යථාපි භික්ඛවෙ වත්ථං යනුවෙන් මහණෙනි, වස්තරයක් යම්සේ ද, මේ උපමා වචනයකි. උපමාව ප්‍රකාශ කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ කිසිතැනෙක්හි උපමාව පළමුකොට දක්වා පසුව අර්ථය දක්වන සේක. කිසිතැනෙක්හි පළමුකොට අර්ථය දක්වා පසුව උපමාව දක්වයි. කිසිතැනෙක්හි උපමාවෙන් අර්ථය පිරිවරා දක්වති. කිසිතැනෙක්හි අර්ථයෙන් උපමාව පිරිවරකොට දක්වති. ඒ එසේමැයි. භාග්‍යවතුන් වහන්සේ,
තථා හෙස – “සෙය්යථාපිස්සු, භික්ඛවෙ, ද්වෙ අගාරා සද්වාරා, තත්ථ චක්ඛුමා පුරිසො මජ්ඣෙ ඨිතො පස්සෙය්යා”ති (ම· නි· 3.261) සකලම්පි දෙවදූතසුත්තං උපමං පඨමං දස්සෙත්වා පච්ඡා අත්ථං දස්සෙන්තො ආහ.
සෙය්යථාපස්සු භික්ඛවෙ, ද්වෙ අගාරා සද්වාරා තත්ථ චක්ඛුමා පුරිසො මජ්ඣෙ ඨිතො පස්සෙය්ය යනුවෙන් සියලුම දේවදූත සූත්‍රය උපමාව පළමුකොට දක්වා පසුව අර්ථය දක්වා වදාළහ.
“තිරොකුට්ටං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති, සෙය්යථාපි ආකාසෙ”තිආදිනා (දී· නි· 1.238; පටි· ම· 1.102) පන නයෙන සකලම්පි ඉද්ධිවිධමත්ථං පඨමං දස්සෙත්වා පච්ඡා උපමං දස්සෙන්තො ආහ.
තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ යන මේ ආදි නයින් සියලු ඉද්ධිවිධි, අර්ථය පළමුකොට දක්වා පසුව උපමාව දක්වමින් වදාළහ.
“සෙය්යථාපි බ්රාහ්මණපුරිසො සාරත්ථිකො සාරගවෙසී”තිආදිනාව (ම· නි· 1.318) නයෙන සකලම්පි චූළසාරොපමසුත්තං උපමාය අත්ථං පරිවාරෙත්වා දස්සෙන්තො ආහ.
සෙය්යථාපි බ්‍රාහ්මණ, පුරිසො සාරත්ථිකො සාරගවෙසි යනාදි ක්‍රමයෙන්ම සියලු චූල සාරොපම සුත්‍රය උපමාවෙන් අර්ථය පිරිවරකොට වදාළහ.
“ඉධ පන, භික්ඛවෙ, එකච්චෙ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති සුත්තං…පෙ… සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො අලගද්දත්ථිකො”තිආදිනා (ම· නි· 1.238) නයෙන සකලම්පි අලගද්දසුත්තං මහාසාරොපමසුත්තන්ති එවමාදීනි සුත්තානි අත්ථෙන උපමං පරිවාරෙත්වා දස්සෙන්තො ආහ.
ඉධපන භික්ඛවෙ, එකච්චෙ කුලපුත්තා ධම්මං පරියාපුණන්ති සුත්තං -පෙ- සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො අලගද්දත්ථිකො, යනාදි ක්‍රමයෙන් වනාහි සියලුම අලගද්ද සූත්‍රය. මහාසාරොපම සූත්‍රය යන මේ සූත්‍රයන් අර්ථයෙන් උපමාව පිරිවර කොට දක්වමින් වදාළහ.
ස්වායං ඉධ පඨමං උපමං දස්සෙත්වා පච්ඡා අත්ථං දස්සෙති. කස්මා පනෙවං භගවා දස්සෙතීති? පුග්ගලජ්ඣාසයෙන වා දෙසනාවිලාසෙන වා.
භාග්‍යවතුන් වහන්සේ මෙහි පළමුකොට උපමාව දක්වා පසු අර්ථය දක්වන සේක. කුමක් නිසා භාග්‍යවත්හු මෙසේ දක්වන සේක් ද යත් පුද්ගලාධ්යාය වශයෙන් හෝ වෙයි. දේශනා විලාසයක් වශයෙන් හෝ වෙයි. එය එසේමය.
යෙ හි පුග්ගලා පඨමං උපමං දස්සෙත්වා වුච්චමානමත්ථං සුඛෙන පටිවිජ්ඣන්ති, තෙසං පඨමං උපමං දස්සෙති. එස නයො සබ්බත්ථ.
යම්කිසි පුද්ගල කෙනෙක් පළමුකොට උපමාව දක්වා, කියනු ලබන අරුත පහසුවෙන් අවබෝධ කෙරෙත් ද, ඔවුනට පළමුකොට උපමාව දක්වති. සියලු තන්හිම (අරුත්) මේ ක්‍රමයමැයි.
යස්සා ච ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා දෙසනාවිලාසං පත්තො හොති, තස්සා සුප්පටිවිද්ධා. තස්මා එස දෙසනාවිලාසම්පත්තො ධම්මිස්සරො ධම්මරාජා, සො යථා යථා ඉච්ඡති, තථා තථා ධම්මං දෙසෙතීති එවං ඉමිනා පුග්ගලජ්ඣාසයෙන වා දෙසනාවිලාසෙන වා එවං දස්සෙතීති වෙදිතබ්බො.
යම් ධර්ම ධාතුවක් වේද, එය මනාකොට අවබෝධ කළ හෙයින් එසේ හෙයින් මෙම දේශනා විලාසයන්ට, පත් ධම්මිස්සර වූ ධම්මරාජ වූ ඒ භාග්‍යවත්හු යම් යම් පරිදි කැමැති වේද, එපරිද්දෙන් ධර්මදේශනා කෙරෙත් යයි. පුද්ගල අධ්‍යාශය වශයෙන් හෝ දේශනා විලාස වශයෙන් හෝ මෙසේ දක්වන්නේ යයි දතයුතු යැ.
තත්ථ වත්ථන්ති පකතිපරිසුද්ධං වත්ථං. සංකිලිට්ඨං මලග්ගහිතන්ති ආගන්තුකෙන පංසුරජාදිනා සංකිලෙසෙන සංකිලිට්ඨං, සෙදජල්ලිකාදිනා මලෙන ගහිතත්තා මලග්ගහිතං. රඞ්ගජාතෙති එත්ථ රඞ්ගමෙව රඞ්ගජාතං. උපසංහරෙය්යාති උපනාමෙය්ය. යදි නීලකායාති නීලකාය වා, නීලකත්ථාය වාති වුත්තං හොති. එවං සබ්බත්ථ. රජකො හි නීලකත්ථාය උපසංහරන්තො කංසනීලපලාසනීලාදිකෙ නීලරඞ්ගෙ උපසංහරති. පීතකත්ථාය උපසංහරන්තො කණිකාරපුප්ඵසදිසෙ පීතකරඞ්ගෙ. ලොහිතකත්ථාය උපසංහරන්තො බන්ධුජීවකපුප්ඵසදිසෙ ලොහිතකරඞ්ගෙ. මඤ්ජිට්ඨකත්ථාය උපසංහරන්තො කණවීරපුප්ඵසදිසෙ මන්දරත්තරඞ්ගෙ. තෙන වුත්තං “යදි නීලකාය…පෙ… යදි මඤ්ජිට්ඨකායා”ති.
එහි, වත්ථං පියවි පිරිසිදු වස්ත්‍රයක්, සංකිලිට්ඨං මලග්ගහිතං බාහිර වූ පස් ධූලි ආදියෙන් කිලිටි වූ දහදිය දැලි ආදි මලයෙන් ගන්නා ලද බැවින් (මලග්ගහිත) මලගන්නා ලද, රංගජාතෙ, මෙහි රංගයම රංගජාත නම් වේ. උපසංහරෙය්ය එළවන්නේ නම්, යදිනීලකාය, නීල වර්ණය පිණිස යයි කියන ලද්දේ විය. සියලු තන්හි මෙසේය. ඒ එසේමැයි. රදාතම, නිල්පැහැය පිණිස (සායම්) යොදන්නේ ලොහො නිල, පලාවග නිල, ආදී වූ නිල් පැහැයෙන් පෙන්වයි. පීත (කහ) වර්ණය පිණිස යොදන්නේ කිණිහිරි මල සමාන වූ කසාවන් පැහැයෙන් ද ලෝහිත වර්ණය පිණිස යොදන්නේ බඳු වදමල් සමාන වූ රත් පැහැයෙන් ද, මදට පැහැය පිණිස යොදන්නේ කණේරුමල් සමාන වූ මද රත් පැහැයෙන් ද, පෙනේ. එයින් කියන ලදී. යදි නීලකාය, යදි පීතකාය, යදි ලොහිතකාය යදි මඤ්ජෙට්ඨකාය යයි
දුරත්තවණ්ණමෙවස්සාති දුට්ඨු රඤ්ජිතවණ්ණමෙව අස්ස. අපරිසුද්ධවණ්ණමෙවස්සාති නීලවණ්ණොපිස්ස පරිසුද්ධො න භවෙය්ය, සෙසවණ්ණොපි. තාදිසඤ්හි වත්ථං නීලකුම්භියා පක්ඛිත්තම්පි සුනීලං න හොති, සෙසකුම්භීසු පක්ඛිත්තම්පි පීතකාදිවණ්ණං න හොති, මිලාතනීල කුරණ්ඩ-කණිකාර-බන්‍ධුජීවක-කණවීරපුප්ඵවණ්ණමෙව හොති. තං කිස්ස හෙතූති තං වත්ථං කිස්ස හෙතු කිං කාරණා ඊදිසං හොති, තස්මිං වා වත්ථෙ රඞ්ගජාතං කිස්ස හෙතු ඊදිසං දුරත්තවණ්ණං අපරිසුද්ධවණ්ණං හොතීති? යස්මා පනස්ස වත්ථස්ස සංකිලිට්ඨභාවොයෙවෙත්ථ කාරණං, න අඤ්ඤං කිඤ්චි, තස්මා “අපරිසුද්ධත්තා, භික්ඛවෙ, වත්ථස්සා”ති ආහ.
දුරත්ත වණ්ණමෙවස්සා නපුරුකොට රඳනා ලද්දක්ම වන්නේය. අපිරිසුද්ධ වණ්ණ මෙවස්සා ඒ වස්ත්‍රයාගේ නිල් පැහැයද සෙසු පැහැයන්ද, පිරිසිදු නො වන්නේය. සැබව, එබඳු වස්තරය නිල්සායම් බඳුනේ බහාලන ලද්දේ නමුදු මනා නිල්පැහැයක් නො වෙයි. සෙසු පීතකාදි බඳුන්හි බහාලන ලද්දේ ද, මනා වූ පීතාදි වර්ණයන් නො වෙයි. මලානික වූ, නිල් කටුකරඩු, කිණිහිරි බඳුවද කනේරු මල් මෙන් වූයේ වෙයි. තංකිසස හේතු, එම වස්ත්‍රය කවර හේතුවක් නිසා කවර කාරණයක් නිසා, මෙබඳු වීද, එම වස්ත්‍රයෙහි එම රංගජාතය කවර හේතුවක් නිසා මෙබඳු දුර්වර්ණයක් අපිරිසිදු වර්ණයක් වීද යත්, යම් හෙයකින් වස්ත්‍රයාගේ කිලිටිභාවය මය. අන් කිසිදු කරුණක් නිසා නොවේ. එහෙයින් අපරිසුද්ධත්තා භික්ඛවෙ, වත්ථස්ස යයි වදාළහ.
එවමෙව ඛොති උපමාසම්පටිපාදනං. චිත්තෙ සංකිලිට්ඨෙති චිත්තම්හි සංකිලිට්ඨම්හි. කස්මා පන භගවා සංකිලිට‍්ඨවත්‍ථෙන ඔපම්මං අකාසීති චෙ, වායාමමහප‍්ඵලදස‍්සනත්‍ථං. යථා හි ආගන්තුකෙහි මලෙහි සංකිලිට්ඨං වත්ථං පකතියා පණ්ඩරත්තා පුන ධොවීයමානං පණ්ඩරං හොති, න තත්ථ ජාතිකාළකෙ විය එළකලොමෙ වායාමො නිප්ඵලො හොති, එවං චිත්තම්පි ආගන්තුකෙහි කිලෙසෙහි සංකිලිට්ඨං. පකතියා පන තං සකලෙපි පටිසන්ධිභවඞ්ගවාරෙ පණ්ඩරමෙව. යථාහ – “පභස්සරමිදං, භික්ඛවෙ, චිත්තං, තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨ”න්ති (අ· නි· 1.51). තං විසොධීයමානං සක්කා පභස්සරතරං කාතුං, න තත්ථ වායාමො නිප්ඵලොති එවං වායාමමහප‍්ඵලදස‍්සනත්‍ථං සංකිලිට‍්ඨවත්‍ථෙන ඔපම්මං අකාසීති වෙදිතබ්බො.
එවමෙව යනු උපමාව ඉදිරිපත් කිරීමයි. චිත්තෙ සංකිලිට්ඨෙ චිත්තයාගේ කිලිටි බවක් ඇති කල්හි කවර හෙයකින් භාග්‍යවතුන් වහන්සේ කිලිටි වස්ත්‍රයකින් උපමාව කළේද යත්, උත්සාහයාගේ ප්‍රතිඵලය දැක්වීම පිණිසයි. යම්සේ අමුතුවෙන් පැමිණි කිලිටිවලින් කිලිටි වූ වස්ත්‍රය පියොවින්ම පඬුවන් පැහැ ඇති බැවින්, නැවත සෝදන්නේද, පඬුවන් පැහැයම වේ. එහි උපතින්ම කළු වූ එළු ලොමෙහි මෙන් ව්‍යායාමය නිෂ්ඵල වූයේ නොවේද, එසේ සිතද, ආගන්තුක වූ කෙලෙසුන්ගෙන් කිලිටි වූයේ, ස්වභාවයෙන්ම එය සියලුම පටිසන්ධි භවාංග වාරයෙහි, පඬුවන් වූයේම වෙයි. වදාළේමය. පභස්සරමිදං භික්ඛවෙ, චිත්තං තඤ්චඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං (මහණෙනි, මේ භවාංග චිත්තය පිරිසිදුය. එය ආගන්තුක වූ උපක්ලේශයන්ගෙන් කිලිටි වෙයි.) එය පිරිසිදු කරනු ලබන්නේ පිරිසිදු කළ හැකිය. ඒ සඳහා වූ උත්සාහය නිෂ්ඵල නොවේ. මෙසේ උත්සාහයාගේ සඵල බව දැක්වීම පිණිස කිලිටි වස්ත්‍රයෙන් උපමාව කළේයයි දතයුතුයැ.
ද්විධ දුගති
දුග්ගති පාටිකඞ්ඛාති ඊදිසෙ චිත්තෙ දුග්ගති පාටිකඞ්ඛිතබ්බා, දුග්ගතිං එව එස පාපුණිස්සති, නාඤ්ඤන්ති එවං දුග්ගති ඉච්ඡිතබ්බා, අවස්සං භාවීති වුත්තං හොති. සා චායං දුග්ගති නාම පටිපත්තිදුග්ගති, ගතිදුග්ගතීති දුවිධා හොති. පටිපත්තිදුග්ගතිපි අගාරියපටිපත්තිදුග්ගති, අනගාරියපටිපත්තිදුග්ගතීති දුවිධා හොති.
දුග්ගති පාටිකංඛා මෙබඳු (කිලිටි) සිත ඇති කල්හි දුගතිය කැමතිවිය යුත්තීය. දුගතියටම මෙතෙම පැමිණෙන්නේය. අන් තැනකට නො පැමිණේ. මෙසේ දුගතියම කැමතිවිය යුත්තීය. අවශ්‍යයෙන්ම විය යුත්තක් යයි කියන ලද්දේ වෙයි. ඕ දුගති තොමෝ පටිපත්ති දුග්ගති, ගති දුග්ගති ය යනුවෙන් ද්විධ වන්නීය. පටිපත්ති දුග්ගති තොමෝ ද ආගාරිය පටිපත්ති දුග්ගති, අනගාරිය පටිපත්ති දුග්ගති යනුවෙන් ද්විධ වන්නීය.
අගාරියො හි සංකිලිට්ඨචිත්තො පාණම්පි හනති, අදින්නම්පි ආදියති, සකලෙපි දස අකුසලකම්මපථෙ පූරෙති, අයමස්ස අගාරියපටිපත්තිදුග්ගති. සො තත්ථ ඨිතො කායස්ස භෙදා නිරයම්පි ගච්ඡති, තිරච්ඡානයොනිම්පි, පෙත්තිවිසයම්පි ගච්ඡති, අයමස්ස ගතිදුග්ගති.
ඒ එසේමැයි. අගාරික තෙමේ, අපිරිසිදු සිතින් ප්‍රාණින් නසයි. සොරකම් කරයි, සියලු දස අකුසල කර්මපථය සපුරයි. මේ ඔහුගේ අගාරි පටිපත්ති දුග්ගතිය නම් වන්නීය. හෙතෙම එහි සිටියේ කය බිඳීමෙන් (මරණින් මතු) නිරයට (උත්පත්ති වශයෙන්) පැමිණෙයි. තිරිසන් ලෝකයටද, ප්‍රේත ලෝකයටද යයි, මේ ඔහුගේ දුග්ගති ගතිය නම් වේ.
අනගාරියොපි ඉමස්මිං සාසනෙ පබ්බජිතො සංකිලිට්ඨචිත්තො දූතෙය්යපහිණගමනං ගච්ඡති, වෙජ්ජකම්මං කරොති, සඞ්ඝභෙදාය චෙතියභෙදාය පරක්කමති, වෙළුදානාදීහි ජීවිකං කප්පෙති, සකලම්පි අනාචාරං අගොචරඤ්ච පරිපූරෙති, අයමස්ස අනගාරියපටිපත්තිදුග්ගති.සො තත්ථ ඨිතො කායස්ස භෙදා නිරයම්පි ගච්ඡති, තිරච්ඡානයොනිම්පි, පෙත්තිවිසයම්පි ගච්ඡති සමණයක්ඛො නාම හොති සමණපෙතො, ආදිත්තෙහි සඞ්ඝාටිආදීහි සම්පජ්ජලිතකායො අට්ටස්සරං කරොන්තො විචරති, අයමස්ස ගතිදුග්ගති.
අනගාරික තෙමේ ද, සසුනෙහි පැවිදි වූයේ, කිලිටි සිත් ඇත්තේ, දූත භාවයෙන් යවන ගමනට යයි ද, වෙදකම් කෙරේ ද, සංඝභේදය පිණිස චේතිය භේදය පිණිස, උත්සාහ කෙරේද, වෙළු දානාදියෙන් ජීවිකාව කෙරේ ද, සියලුම අනාචාරයත් අගෝචරයත් සම්පුර්ණ කෙරේද, මේ ඔහුගේ අනගාරිය පටිපත්ති දුග්ගතියයි, හෙතෙම එහි සිටියේ, මරණින් මතු අපායෙහි උපදියි. තිරිසන් යෝනියෙහිද, ප්‍රේත විෂයෙහිද උපදියි. ශ්‍රමණ යක්ෂ නම් වූ ප්‍රේතයෙක් වෙයි. ඇවිලගත් සගල සිවුරු ආදියෙන් යුත ගිනිගෙන දිලිසෙන සිරුරු ඇතිව, මහත් වූ ශබ්ද කරමින් හැසිරෙයි. මේ ඔහුගේ ගති දුගතියයි.
සෙය්යථාපීති සුක්කපක්ඛං දස්සෙතුමාරද්ධො, තස්සත්ථො කණ්හපක්ඛෙ වුත්තපච්චනීකෙනෙව වෙදිතබ්බො. එත්ථාපි ච සුගති නාම පටිපත්තිසුගති ගතිසුගතීති දුවිධා හොති. පටිපත්තිසුගතිපි අගාරියපටිපත්තිසුගති අනගාරියපටිපත්තිසුගතීති දුවිධා හොති. අගාරියො හි පරිසුද්ධචිත්තො පාණාතිපාතාපි විරමති, අදින්නාදානාපි, සකලෙපි දස කුසලකම්මපථෙ පරිපූරෙති, අයමස්ස අගාරියපටිපත්තිසුගති. සො තත්ථ ඨිතො කායස්ස භෙදා මනුස්සමහන්තතම්පි දෙවමහන්තතම්පි උපපජ්ජති, අයමස්ස ගතිසුගති.
සෙය්යථාපි යනුවෙන් කුසල පක්ෂය දැක්වීම ආරම්භ කරන ලද්දේ වෙයි. එහි අර්ථය, අකුසල පක්ෂයෙහි කියන ලද්දට විරුද්ධ ක්‍රමයෙන් දතයුතුයැ. මෙහිදු සුගතිය වනාහි, පටිපත්ති සුගති, ගති සුගති යයි ද්විධ වන්නීය. පටිපත්ති සුගතිය ද අගාරිය පටිපත්ති සුගති, අනගාරිය පටිපත්ති සුගති යයි ද්විධ වන්නීය. අගාරික (ගිහි) තෙම පිරිසිදු සිතින් යුතුව ප්‍රාණඝාතයෙන් වළකියි. සොරකමින් වලකියි. සියලු දසකුසල කර්මපථය සම්පුර්ණ කරයි. මේ ඔහුගේ අගාරිය පටිපත්ති සුගතියයි. හෙතෙම එහි පිහිටියේ, මරණින් මතු උසස් මිනිසත් බැවිද උසස් දෙව් බැව්ද, ලබයි. මේ ඔහුගේ සුගති ගතියයි.
අනගාරියොපි ඉමස්මිං සාසනෙ පබ්බජිත්වා පරිසුද්ධචිත්තො චතුපාරිසුද්ධිසීලං සොධෙති, තෙරස ධුතඞ්ගානි සමාදියති, අට්ඨතිංසාරම්මණෙසු අත්තනො අනුකූලකම්මට්ඨානං ගහෙත්වා පන්තසෙනාසනෙ පටිසෙවමානො කසිණපරිකම්මං කත්වා ඣානසමාපත්තියො නිබ්බත්තෙති, සොතාපත්තිමග්ගං භාවෙති…පෙ… අනාගාමිමග්ගං භාවෙති, අයමස්ස අනගාරියපටිපත්තිසුගති. සො තත්ථ ඨිතො කායස්ස භෙදා මනුස්සලොකෙ වා තීසු මහාකුලෙසු, ඡසු වා කාමාවචරදෙවෙසු, දසසු වා බ්රහ්මභවනෙසු, පඤ්චසු වා සුද්ධාවාසෙසු, චතූසු වා ආරුප්පෙසු උපපජ්ජති, අයමස්ස ගතිසුගතීති.
පැවිදි තෙමේ ද මේ ශාසනයෙහි, පැවිදිව, පිරිසිදු සිත් ඇත්තේ, සිව්පිරිසිදු සිල් පිරිසිදු කෙරෙයි. කෙලෙස් ධුතාංගයන් සමාදන් වෙයි. අටතිස් අරමුණු අතුරෙහි තමන්ට අනුරූප වූ කමටහනක් ගෙන වන සෙනසුන් ඇසුරු කරමින් කසිණ පරිකර්ම කොට ධ්‍යාන සමවත් උපදවයි. සෝවාන්මග වඩයි. අනාගාමි මග වඩයි. මේ ඔහුගේ අනගාරිය පටිපත්තිවල සුගතියයි. හෙතෙම එහි සිටියේ මරණින් මතු මනුෂ්‍ය ලෝකයෙහි තුන්මහ කුලවල හෝ සවැදෑරුම් කාමාවචර දේවලෝකවල හෝ දසවිධ බ්‍රහ්ම ලෝකයෙහි හෝ, පඤ්ච සුද්ධාවාසයෙහි හෝ සතර අරූපාවචර ලෝකවල හෝ උපදියි. මේ ඔහුගේ ගති සුගතියයි.
එවං සංකිලිට්ඨෙ චිත්තෙ දුග්ගති පාටිකඞ්ඛා, අසංකිලිට්ඨෙ ච සුගතීති වත්වා ඉදානි යෙහි උපක්කිලෙසෙහි චිත්තං සංකිලිට්ඨං හොති, තෙ දස්සෙන්තො කතමෙ ච, භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසා ? අභිජ්ඣා විසමලොභොතිආදිමාහ.
මෙසේ අපිරිසිදු සිත ඇතිකල්හි දුගතිය කැමතිවිය යුත්තාහුය. පිරිසිදු සිත් ඇතිකල්හි සුගතිය කැමතිවිය යුත්තාහුයයි කියා, මෙවිට මේ උපක්ලේශයක් හේතුකොට සිත කිලුටු වූයේ වේද, ඔවුන් දක්වන්නේ කතමෙච භික්ඛවෙ චිත්තස්ස උපක්කිලෙසා අභිජ්ඣා විසමලොභො යනාදිය වදාළහ.
තත්ථ සකභණ්ඩෙ ඡන්දරාගො අභිජ්ඣා, පරභණ්ඩෙ විසමලොභො. අථ වා සකභණ්ඩෙ වා පරභණ්ඩෙ වා හොතු, යුත්තපත්තට්ඨානෙ ඡන්දරාගො අභිජ්ඣා, අයුත්තාපත්තට්ඨානෙ විසමලොභො. ථෙරො පනාහ “කිස්ස විනිබ්භොගං කරොථ, යුත්තෙ වා අයුත්තෙ වා හොතු, ‘රාගො විසමං දොසො විසමං මොහො විසම’න්ති (විභ· 924) වචනතො න කොචි ලොභො අවිසමො නාම, තස්මා ලොභොයෙව අභිජ්ඣායනට්ඨෙන අභිජ්ඣා, විසමට්ඨෙන විසමං, එකත්ථමෙතං බ්යඤ්ජනමෙව නාන”න්ති. සො පනෙස අභිජ්ඣාවිසමලොභො උප්පජ්ජිත්වා චිත්තං දූසෙති, ඔභාසිතුං න දෙති. තස්මා “චිත්තස්ස උපක්කිලෙසො”ති වුච්චති.
එහි තමන් සතු දේවල ඡන්දරාගය අභිජ්ඣා නම් වේ. අනුන් සතු දෙයට ඇති ඡන්දරාගය විෂම ලෝභ නම් වේ. නැතහොත්, තමන්ගේ බඩු පිළිබඳව හෝ අනුන්ගේ බඩු පිළිබඳව හෝ සුදුසු අයුරින් ලැබූ කල්හි එහි ඡන්දරාගය අභිජ්ඣා නම් වේ. නුසුදුසු අයුරින් ලැබූ කල්හි, එහි ඡන්දරාගය විසම ලෝභ නම් වේ. තෙරුන් වහන්සේ වනාහි කීහ. කුමක් හෙයින් කොටස් කරවුද, යුත්ත හෝ වේවා, අයුත්ත හෝ වේවා, රාගො විසමං දොසො විසමං මොහො විසමං යයි වදාළ හෙයින් කිසි ලෝභයක් විෂම නොවූයේ නොවෙයි. එහෙයින් මෙම ලෝභයම අභිමුඛ කොට සිතීම් අර්ථයෙන් අභිජ්ඣා වේ. විෂම අර්ථයෙන් විෂමය. මෙහි අර්ථය සමානයි. ව්‍යඤ්ජන පමණකිම වෙනස්ය. ඒ, මේ, අභිජ්ඣා විෂම ලෝභය ඉපිද, සිත දූෂ්‍ය කෙරෙයි. බබලන්ට නොදෙයි. එහෙයින් චිත්තයාගේ උපක්කිලෙසයකැයි කියනු ලැබේ.
යථා චෙස, එවං නවවිධආඝාතවත්ථුසම්භවො බ්යාපාදො. දසවිධආඝාතවත්ථුසම්භවො කොධො.
මේ අභිජ්ඣා විසම ලෝභය යම්සේ ද, එසේම නවවිධ අඝාත වස්තුවෙන් හටගත්තේ කොධ නම් වේ.
පුනප්පුනං චිත්තපරියොනන්ධනො උපනාහො. අගාරියස්ස වා අනගාරියස්ස වා සුකතකරණවිනාසනො මක්ඛො. අගාරියොපි හි කෙනචි අනුකම්පකෙන දලිද්දො සමානො උච්චෙ ඨානෙ ඨපිතො, අපරෙන සමයෙන “කිං තයා මය්හං කත”න්ති තස්ස සුකතකරණං විනාසෙති. අනගාරියොපි සාමණෙරකාලතො පභුති ආචරියෙන වා උපජ්ඣායෙන වා චතූහි පච්චයෙහි උද්දෙසපරිපුච්ඡාහි ච අනුග්ගහෙත්වා ධම්මකථානයපකරණකොසල්ලාදීනි සික්ඛාපිතො, අපරෙන සමයෙන රාජරාජමහාමත්තාදීහි සක්කතො ගරුකතො ආචරියුපජ්ඣායෙසු අචිත්තීකතො චරමානො “අයං අම්හෙහි දහරකාලෙ එවං අනුග්ගහිතො සංවඩ්ඪිතො ච, අථ පනිදානි නිස්සිනෙහො ජාතො”ති වුච්චමානො “කිං මය්හං තුම්හෙහි කත”න්ති තෙසං සුකතකරණං විනාසෙති, තස්ස සො සුකතකරණවිනාසනො මක්ඛො උප්පජ්ජිත්වා චිත්තං දූසෙති, ඔභාසිතුං න දෙති. තස්මා “චිත්තස්ස උපක්කිලෙසො”ති වුච්චති.
නැවත නැවත සිත හාත්පසින් බඳනේ උපනාහ නම් වේ. (=බද්ධ වෛරයයි) ගිහියාගේ හෝ පැවිද්දාගේ හෝ කළ හොඳ නසන්නේ මක්ඛ නම් වේ. ඒ එසේමැයි. අගාරික තෙම කිසිවෙකු විසින් අනුකම්පා කොට, ඔහුව දිළිඳු බැවින් නගාසිටුවන ලද්දේද, (උසස් තන්හි තබන ලද්දේද) මෑත කාලයෙහි තා විසින් මට කුමක් කරන ලදදැයි මෙසේ ඔහුගේ කළ ගුණය නසයි. අනගාරිය තෙමේද, තමා සාමණේර අවදියේ පටන් ආචාර්යවරයා විසින් හෝ උපාධ්‍යායවරයා විසින් හෝ සිවුපසයෙන් ද, උද්දේශ පරිපුච්ඡාවෙන්ද, අනුග්‍රහ කොට, ධර්මකථාවෙහි හා ප්රකරණයන්හි දක්ෂ භාවයෙහි හෝ හික්මවන ලද්දේ ද, මෑත කාලයෙහි රාජරාජ මහාමාත්‍යාදීන් විසින් සත්කාර කරන ලද්දේ ගරුකාර කරන ලද්දේ ආචාර්ය උපාධ්‍යායයන් කෙරෙහි අනාදරව හැසිරෙන්නේ මෙතෙම අප විසින් තරුණ කාලයෙහි මෙසේ අනුග්‍රහ කරන ලද්දේ ද වර්ධනය කරන ලද්දේ ද, වෙයි. එසේ වුවත් දැන් සෙනෙහෙ රහිත වූයේ යයි කියනු ලබන්නේ මට තොප විසින් කුමක් කරන ලදදැයි ඔවුන්ගේ එම යහපත් උපකාරය විනාශ කරයි. මෙසේ මේ කළ හොඳ දෙය නසන්නා වූ (මක්ඛය) මකුබව ඉපිද සිත දූෂ්‍ය කරයි. බබලන්ට නොදෙයි. එහෙයින් චිත්තයාගේ උපක්ලේශයකැයි කියනු ලැබේ.
යථා චායං, එවං බහුස්සුතෙපි පුග්ගලෙ අජ්ඣොත්ථරිත්වා “ඊදිසස්ස චෙව බහුස්සුතස්ස අනියතා ගති, තව වා මම වා කො විසෙසො”තිආදිනා නයෙන උප්පජ්ජමානො යුගග්ගාහගාහී පළාසො.
මේ මකුබව යම්සේද, එසේම බහුස්සුත පුද්ගලයන් යටපත්කොට ඉදින් මෙබඳු වූ බහුස්සුතයාට අනියත වූ ගතිය වී නම්, තට හෝ මට කවර විශේෂයක්දැයි උපදනා වු යුගග්‍රාහය පළාස නම් වේ.
පරෙසං සක්කාරාදීනි ඛීයනා ඉස්සා.
අනුන්ගේ සත්කාර ආදියට රුචි නොකරන බව ඉස්සා නම් වේ.
අත්තනො සම්පත්තියා පරෙහි සාධාරණභාවං අසහමානං මච්ඡරියං.
තම සම්පත් අනුන්ගේ සම්පත් සමග සාධාරණ බව නොඉවසීම මච්ඡරිය නම් වේ.
වඤ්චනිකචරියභූතා මායා. කෙරාටිකභාවෙන උප්පජ්ජමානං සාඨෙය්යං. කෙරාටිකො හි ආයතනමච්ඡො විය හොති. ආයතනමච්ඡො නාම කිර මච්ඡානං නඞ්ගුට්ඨං දස්සෙති සප්පානං සීසං, “තුම්හෙහි සදිසො අහ”න්ති ජානාපෙතුං. එවමෙව කෙරාටිකො පුග්ගලො යං යං සුත්තන්තිකං වා ආභිධම්මිකං වා උපසඞ්කමති, තං තං එවං වදති “අහං තුම්හාකං බද්ධචරො, තුම්හෙ මය්හං අනුකම්පකා, නාහං තුම්හෙ මුඤ්චාමී”ති “එවමෙතෙ ‘සගාරවො අයං අම්හෙසු සප්පතිස්සො’ති මඤ්ඤිස්සන්තී”ති. තස්සෙතං කෙරාටිකභාවෙන උප්පජ්ජමානං සාඨෙය්යං උප්පජ්ජිත්වා චිත්තං දූසෙති, ඔභාසිතුං න දෙති. තස්මා “චිත්තස්ස උපක්කිලෙසො”ති වුච්චති.
වංචනික ලෙස හැසිරීම මායා නම් වේ. කෛරාටික භාවයෙන් උපදිනු ලබන්නේ සඨෙය්ය නම් වේ. කපටියා වනාහි ආනන්ද නම් මත්ස්‍යයා මෙන් වේ. ආනන්ද මත්ස්‍යයා වූ කලී මත්ස්‍යයන්ට නකුටද, සර්පයන්ට හිසද දක්වයි. මම ද තොප හා සමාන යයි දක්වන්නට, එසේම මෙම කෛරාටික පුද්ගලයා ද, සුත්තන්තිකයන් වෙත හෝ ආභිධම්මිකයන් වෙත එළඹ ඔවුන්ට මෙසේ කියයි. මම ද තමුන්නාන්සේලා සමගම හැසිරෙමි. ඔබවහන්සේලා මට අනුකම්පා කරන්නේය. මම තමුන්නාන්සේලාව අත්නොහරිමි. මෙසේ මොවුහු මෙතෙම අප කෙරෙහි ගෞරව සහිතය. (සප්පතිසය) ප්‍රධානියෙකු සහිතය යි සිතන්නාහු යයි කියායි. ඕහට කෛරාටික බැවින් උපදින සඨ බව ඇතිවී සිත දූෂ්‍ය කරයි. බබලන්ට නොදෙයි. එහෙයින් චිත්තයාගේ උපක්ලේශයකැයි කියනු ලැබේ.
යථා චෙතං, එවං වාතභරිතභස්තසදිසථද්ධභාවපග්ගහිතසිරඅනිවාතවුත්තිකාරකරණො ථම්භො. තදුත්තරිකරණො සාරම්භො. සො දුවිධෙන ලබ්භති අකුසලවසෙන චෙව කුසලවසෙන ච. තත්ථ අගාරියස්ස පරෙන කතං අලඞ්කාරාදිං දිස්වා තද්දිගුණකරණෙන උප්පජ්ජමානො, අනගාරියස්ස ච යත්තකං යත්තකං පරො පරියාපුණාති වා කථෙති වා, මානවසෙන තද්දිගුණතද්දිගුණකරණෙන උප්පජ්ජමානො අකුසලො.
මේ ශඨ බව යම්සේ ද, එසේ වාතයෙන් පිරුණු හම් පසුම්බියක් (භස්තාවක්) සමාන වූ තද බැවින් දැඩිකොට ගන්නා ලද හිස නොපහත් කරනසුළු තද පැවැත්ම ථම්භ නම් වේ. කරන ලද්දට වැඩියක් කිරීම සාරම්භ නමි. ඒ සාරම්භය අකුසල වශයෙන් ද කුසල වශයෙන් දැයි දෙපරිද්දකින් ලැබෙයි. ඒ කාරණා දෙක අතුරෙහි අගාරිකයාට අනුන් විසින් කරන ලද අලංකාර ආදිය දැක, ඊට දෙගුණයක්, කිරීමෙන් උපදනේද, අනගාරිකයාට යම්පමණ යම් පමණ මෙරමා ප්‍රගුණ කෙරේ ද කියා හෝ වේ ද, මාන වශයෙන් ඊට දෙගුණයක්, කිරීමෙන් උපදනේ ද, අකුසල වෙයි.
අගාරියස්ස පන පරං එකං සලාකභත්තං දෙන්තං දිස්වා අත්තනා ද්වෙ වා තීණි වා දාතුකාමතාය උප්පජ්ජමානො, අනගාරියස්ස ච පරෙන එකනිකායෙ ගහිතෙ මානං අනිස්සාය කෙවලං තං දිස්වා අත්තනා ආලසියං අභිභුය්ය ද්වෙ නිකායෙ ගහෙතුකාමතාය උප්පජ්ජමානො කුසලො. ඉධ පන අකුසලො අධිප්පෙතො. අයඤ්හි උප්පජ්ජිත්වා චිත්තං දූසෙති, ඔභාසිතුං න දෙති. තස්මා “චිත්තස්ස උපක්කිලෙසො”ති වුච්චති.
අගාරිකයාට එක් සලාක බතක් දෙන්නා වූ මෙරමා දැක තමා විසින් ද දෙකක් හෝ තුනක් හෝ දෙනු කැමති බැවින් උපදනේද, අනගාරිකයා හට මෙරමා එක් නිකායක් ඉගෙන ගත් කල්හි, මානය නිසා නොව හුදෙක් දැක තමාගේ අලස බව මැඩ නිකාය දෙකක් ගනු කැමති බැවින් උපදනේ ද කුසල් වෙයි. මෙහි වනාහි අකුසල් අදහස් කරන ලදී. එය එසේත්මැයි. මේ සාරම්හය ඉපිද සිත දූෂ්‍ය කරයි. බබලන්ට ඉඩ නොදෙයි. එහෙයින් චින්තයාගේ උපක්කිලෙසයකැයි කියනු ලැබේ.
යථා චායං, එවං ජාතිආදීනි නිස්සාය චිත්තස්ස උණ්ණතිවසෙන පවත්තමානො මානො, අච්චුණ්ණතිවසෙන අතිමානො, මදග්ගහණාකාරො මදො, කාමගුණෙසු චිත්තවොස්සග්ගවසෙන උප්පජ්ජමානො පමාදො උප්පජ්ජිත්වා චිත්තං දූසෙති, ඔභාසිතුං න දෙති. තස්මා “චිත්තස්ස උපක්කිලෙසො”ති වුච්චති.
මෙය යම්සේ ද එසේ ජාති ආදිය නිසා චිත්තයාගේ උන්නති වශයෙන් පවතින්නේ මාන නමි. අති උන්නති වශයෙන් වූයේ අතිමාන නම් වේ. මද ග්‍රහණ ආකාර වූයේ මද නමි. කාමගුණයන්හි සිත බැස ගැනීම් වශයෙන් ඇතිවන්නේ පමාද නම් එය ඉපිද සිත දූෂ්‍ය කරයි. බබලන්ට ඉඩ නොදෙයි. එහෙයින් චිත්තයාගේ උපක්ලේශයකැයි කියනු ලැබේ.
කස්මා පන භගවා උපක්කිලෙසං දස්සෙන්තො ලොභමාදිං කත්වා දස්සෙතීති? තස්ස පඨමුප්පත්තිතො. සබ්බසත්තානඤ්හි යත්ථ කත්ථචි උපපන්නානං අන්තමසො සුද්ධාවාසභූමියම්පි සබ්බපඨමං භවනිකන්තිවසෙන ලොභො උප්පජ්ජති, තතො අත්තනො අත්තනො අනුරූපපච්චයං පටිච්ච යථාසම්භවං ඉතරෙ, න ච එතෙ සොළසෙව චිත්තස්ස උපක්කිලෙසා, එතෙන පන නයෙන සබ්බෙපි කිලෙසා ගහිතායෙව හොන්තීති වෙදිතබ්බා.
උපක්ලේශයන් දක්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ කුමක් හෙයින් ලෝභය ආදිකොට දක්වන ලද්දේ දැයි යත්, ඒ ලෝභයාගේ ප්‍රථම උපත සිදුවන බැවිනි. සැබව, යම්කිසි තැනක උපන්නා වූ සියලු සත්ත්වයන්ට යටත් පිරිසෙන් ශුද්ධාවාස භූමියෙහි උපන්නවුන්ටද සියල්ලට පළමුව භවනිකාන්තිය වශයෙන් ලෝහය උපදී. අනතුරුව තමනට අනුරූප වූ ප්‍රත්‍ය සඳහා ලැබෙන පරිදි අන්‍ය වූ (ක්ලේශයෝ) උපදිති. මේ සොළොස් දෙනම චිත්තයාගේ උපක්ලේශයෝ නොවෙති. මේ ක්‍රමයෙන් වනාහි සියලුම ක්ලේශයෝ ගන්නා ලද්දාහු වෙත් යයි දත යුත්තාහුය.
එත්තාවතා සංකිලෙසං දස්සෙත්වා ඉදානි වොදානං දස්සෙන්තො ස ඛො සො, භික්ඛවෙතිආදිමාහ. තත්ථ ඉති විදිත්වාති එවං ජානිත්වා. පජහතීති සමුච්ඡෙදප්පහානවසෙන අරියමග්ගෙන පජහති.
මෙතෙකින් සංකිලෙස දක්වා දැන් පිරිසිදු බව දක්වන්නාහු, ස ඛො සො භික්ඛවෙ, ආදිය වදාළහ. එහි ඉති විදිත්වා යනු මෙසේ දැන, පජහති, සමුච්ඡෙද ප්‍රහාණ වශයෙන් ආර්ය මාර්ගයෙන් ප්‍රහීණ කෙරෙත්.
කෙලෙස් ප්රහාණය
තත්ථ කිලෙසපටිපාටියා මග්ගපටිපාටියාති ද්විධා පහානං වෙදිතබ්බං. කිලෙසපටිපාටියා තාව අභිජ්ඣාවිසමලොභො ථම්භො සාරම්භො මානො අතිමානො මදොති ඉමෙ ඡ කිලෙසා අරහත්තමග්ගෙන පහීයන්ති.
එහි ක්ලේශයන්ගේ පිළිවෙලින් මාර්ග පිළිවෙලින් යයි දෙවදෑරුම් වූ ප්‍රහාණ දතයුතුය. පළමුකොට කෙලෙස් පිළිවෙලින්, අභිජ්ඣා විසමලොභ, ථම්භ - සාරම්භ මාන අතිමාන මද මෙ කෙලේසයෝ සයදෙන රහත් මගින් ප්‍රහීණ වෙයි.
බ්යාපාදො කොධො උපනාහො පමාදොති ඉමෙ චත්තාරො කිලෙසා අනාගාමිමග්ගෙන පහීයන්ති.
ව්‍යාපාද - කෝධ, උපනාහ, පමාද මේ සතර අනාගාමි මාර්ගයෙන් ප්‍රහීණ වෙයි.
මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යන්ති ඉමෙ ඡ සොතාපත්තිමග්ගෙන පහීයන්තීති.
මක්ඛ පලාස, ඉස්සා මච්ඡිරිය, මායා සාඨෙය්‍ය යන මෙම කෙලෙස් සය සෝතාපත්ති මාර්ගයෙන් ප්‍රහීණ වෙයි.
මග්ගපටිපාටියා පන, සොතාපත්තිමග්ගෙන මක්ඛො පළාසො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යන්ති ඉමෙ ඡ පහීයන්ති.
මාර්ග පිළිවෙලින් සෝවාන් මාර්ගයෙන් - මක්ඛ - පලාස - ඉච්ඡා මච්ඡරිය මායා සාඨෙය්‍ය යන මේ කෙලේසයෝ සය ප්‍රහීණ වෙති.
අනාගාමිමග්ගෙන බ්යාපාදො කොධො උපනාහො පමාදොති ඉමෙ චත්තාරො.
අනාගාමි මාර්ගයෙන්, බ්යාපාද, කෝධ, උපනාහ පමාද යන මේ සතර කෙලේසයෝ ප්‍රහීණ වෙත්.
අරහත්තමග්ගෙන අභිජ්ඣාවිසමලොභො ථම්භො සාරම්භො මානො අතිමානො මදොති ඉමෙ ඡ පහීයන්තීති.
රහත් මාර්ගයෙන්, අභිජ්ඣා විසම ලෝභ, ථම්භ සාරම්භ මාන අතිමාන මද, මේ සවැදෑරුම් කෙලේසයෝ ප්‍රහීණ වෙත්.
ඉමස්මිං පන ඨානෙ ඉමෙ කිලෙසා සොතාපත්තිමග්ගවජ්ඣා වා හොන්තු, සෙසමග්ගවජ්ඣා වා, අථ ඛො අනාගාමිමග්ගෙනෙව පහානං සන්ධාය “අභිජ්ඣාවිසමලොභං චිත්තස්ස උපක්කිලෙසං පජහතී”තිආදිමාහාති වෙදිතබ්බා.
මෙහි වූ කලී මෙම කෙලේසයෝ සෝවාන් මගින් නැසිය යුත්තාහු හෝ සෙසු මගකින් නැසිය යුත්තාහු හෝ වෙත්වා එතකුදු වුවත් අනාගාමි මාර්ගයෙන්ම ප්රහාණය සඳහා අභිජ්ඣා විසම ලොභං චිත්තසස උපක්කිලෙසං පජහති යනාදිය. වදාළහයි දතයුතුයැ.
අයමෙත්ථ පවෙණිමග්ගාගතො සම්භවො, සො ච උපරි චතුත්ථමග්ගස්සෙව නිද්දිට්ඨත්තා යුජ්ජති, තතියමග්ගෙන පහීනාවසෙසානඤ්හි විසමලොභාදීනං තෙන පහානං හොති, සෙසානං ඉමිනාව. යෙපි හි සොතාපත්තිමග්ගෙන පහීයන්ති, තෙපි තංසමුට්ඨාපකචිත්තානං අප්පහීනත්තා අනාගාමිමග්ගෙනෙව සුප්පහීනා හොන්තීති. කෙචි පන පඨමමග්ගෙන චෙත්ථ පහානං වණ්ණයන්ති, තං පුබ්බාපරෙන න සන්ධියති. කෙචි වික්ඛම්භනප්පහානම්පි, තං තෙසං ඉච්ඡාමත්තමෙව.
මේ මෙහි ප්රවේණි මාර්ගාගත වූ සද්භාවයයි. එයද මත්තෙහි සතර මාර්ගය පිළිබඳවම, දැක්වූ හෙයින් යෙදෙයි. ඒ එසේමැයි. තුන්වෙනි මාර්ගයෙන් ප්‍රහීණ වීමෙන් අවශේෂ වූ විෂම ලෝභය ආදීන්ගේ ප්රහාණය එයින් වෙයි. සෙස්සන්ගේ ප්රහාණය මේ මාර්ගයෙන්ම වෙයි. යමෙකුන් සෝවාන් මගින් ප්‍රහීණ වෙත්ද, ඔවුහුද, ඔවුන් උපදවන නයින් ප්‍රහීණ නොවූ බැවින් අනාගාමී මාර්ගයෙන්ම මනාකොට ප්‍රහීණ වූවාහු වෙත් යයි කිසි ආචාර්ය කෙනෙක් ප්‍රථම මාර්ගයෙන්ම මෙහි ප්රහාණය වර්ණනා කෙරෙති. එය පූර්වාපර හා නොගැලපෙයි. කිසිවෙක් විෂ්කම්භණ ප්‍රහාණ යයි කියති. එය ඔවුන්ගේ කැමති වීම් (පිළිගැනීම්) මාත්‍රයක් පමණි.
යතො ඛො, භික්ඛවෙති එත්ථ යතොති යම්හි කාලෙ. පහීනො හොතීති අනාගාමිමග්ගක්ඛණෙ පහානං සන්ධායෙවාහ.
යතො ඛො භික්ඛවෙ, මෙහි යතො යනු යම්කලෙක්හි පහීනො හොති යනු අනාගාමි මාර්ගක්ෂණයෙහි ප්රහාණය සඳහාම වදාළහ.
සො බුද්ධෙ අවෙච්චප්පසාදෙනාති එතං “යතො ඛො, භික්ඛවෙ, අභිජ්ඣාවිසමලොභො පහීනො හොති, සො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොතී”ති එවං එකමෙකෙන පදෙන යොජෙතබ්බං.
සො බුද්ධො අවෙච්චප්පසාදෙන යු මෙය මහණෙනි, යම්කලෙක්හි, විෂම ලෝභය ප්‍රහීණ වූයේ ද හෙතෙම බුදුරදුන් කෙරෙහි -පෙ- අවෙච්ච පසාදයෙන් යුක්ත වේයයි මෙසේ එක එක පදය හා යෙදිය යුතුයැ.
ඉමස්ස හි භික්ඛුනො අනාගාමිමග්ගෙන ලොකුත්තරප්පසාදො ආගතො, අථස්ස අපරෙන සමයෙන බුද්ධගුණෙ ධම්මගුණෙ සඞ්ඝගුණෙ ච අනුස්සරතො ලොකියො උප්පජ්ජති, තමස්ස සබ්බම්පි ලොකියලොකුත්තරමිස්සකං පසාදං දස්සෙන්තො භගවා “බුද්ධෙ අවෙච්චප්පසාදෙනා”තිආදිමාහ.
මෙම භික්ෂුවට අනාගාමි මාර්ගය සමග ලෝකෝත්තර ප්‍රසාදය පැමිණියේය. ඊට පසු මෑත කාලයෙහි බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කරන්නා වූ ඕහට ලෞකික ප්‍රසාදය උපදී. ඔහුගේ ඒ සියලු ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වූ ප්‍රසාදය දක්වන්නා වූ බුදුරදහු, බුද්ධෙ අවෙච්චප්පසාදෙන යනාදිය වදාළහ.
තත්ථ අවෙච්චප්පසාදෙනාති බුද්ධධම්මසඞ්ඝගුණානං යාථාවතො ඤාතත්තා අචලෙන අච්චුතෙන පසාදෙන. ඉදානි යථා තස්ස භික්ඛුනො අනුස්සරතො සො අවෙච්චප්පසාදො උප්පන්නො, තං විධිං දස්සෙන්තො “ඉතිපි සො භගවා”තිආදිනා නයෙන තීණි අනුස්සතිට්ඨානානි විත්ථාරෙසි. තෙසං අත්ථවණ්ණනා සබ්බාකාරෙන විසුද්ධිමග්ගෙ අනුස්සතිකථායං වුත්තා.
එහි අවෙච්චප්පසාදෙන යනු බුද්ධ - ධම්ම - සංඝ ගුණයන්ගේ යථා ස්වරූප අවබෝධයක් ඇති හෙයින්, නිශ්චල වූ වෙනස් නොවන ප්‍රසාදයෙන්, මේ වනවිට යම් ආකාරයකින් සිහිකරන්නා වූ ඒ මහණ හට ඒ අචල වූ ප්‍රසාදය උපදන්නේද, ඒ වූ ආකාරය දක්වන සේක්, ඉතිපි සො භගවා යනාදි නයින් ත්‍රිවිධ අනුස්සති කරුණු විස්තර කළ සේක. ඔවුන්ගේ අර්ථ වර්ණනා සර්වප්රකාරයෙන් විසුද්ධි මාර්ගයෙහි අනුස්සති කථාවේ කියන ලද්දේය.
එවමස්ස ලොකියලොකුත්තරමිස්සකං පසාදං දස්සෙත්වා ඉදානි කිලෙසප්පහානං අවෙච්චප්පසාදසමන්නාගතඤ්ච පච්චවෙක්ඛතො උප්පජ්ජමානං සොමනස්සාදිආනිසංසං දස්සෙන්තො යථොධි ඛො පනස්සාතිආදිමාහ. අනාගාමිස්ස හි පච්චන්තෙ වුට්ඨිතං චොරුපද්දවං වූපසමෙත්වා තං පච්චවෙක්ඛතො මහානගරෙ වසන්තස්ස රඤ්ඤො විය ඉමෙ චිමෙ ච මම කිලෙසා පහීනාති අත්තනො කිලෙසප්පහානං පච්චවෙක්ඛතො බලවසොමනස්සං උප්පජ්ජති. තං දස්සෙන්තො භගවා “යථොධි ඛො පනස්සා”තිආදිමාහ.
මෙසේ ඔහුගේ ලෞකික ලෝකෝත්තර මිශ්‍ර වූ ප්‍රසාදය දක්වා මේ වනවිට කෙලෙස් ප්‍රහාණයද අචල වූ ප්‍රසාදයෙන් යුක්ත බවද ප්රත්යවේක්ෂා කරන්නහුට උපදින සොම්නස ආදි ආනිශංස දක්වමින් යතොපි ඛො පනස්ස යනාදිය වදාළහ. ප්‍රත්‍යන්ත දේශයෙහි හටගත් සොර බිය සංසිඳුවා මහා නගරයෙහි වාසය කරන මහරජුට මෙන් අනාගාමි පුද්ගලයා හට, මගේ මේ මේ කිලේසයෝ ප්‍රහීණ වූවාහු යයි තම කිලේස ප්රහාණය ප්රත්යවේක්ෂා කරන්නේ, බලවත් සොම්නසක් උපදී. එය දක්වන්නා වූ බුදුරදහු යතොපි ඛො පනස්ස යනාදිය වදාළහ.
තස්සත්ථො – ය්වායං අනාගාමී භික්ඛු එවං “බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති…පෙ… ධම්මෙ…පෙ… සඞ්ඝෙ…පෙ… අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති, තස්ස යථොධි ඛො චත්තං හොති පටිනිස්සට්ඨං, සකසකඔධිවසෙන චත්තමෙව හොති, තං තං කිලෙසජාතං වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං. සකසකඔධිවසෙනාති ද්වෙ ඔධී කිලෙසොධි ච මග්ගොධි ච.
එහි අර්ථය නම්, යම් ඒ අනාගාමි මහණ කෙනෙක්, බුදුරදුන් කෙරෙහි අචල වූ පැහැදීමෙන් යුක්ත වූයේ වේද, ධර්මය කෙරෙහි, අනුත්තර වූ ලෝකයාගේ පින්කෙත වූ සංඝයා කෙරෙහි අචල වූ පැහැදීමෙන් යුක්ත වූයේ වේද, ඔහු විසින් එම කෙලෙස් යම්කලෙක්හි, අත්හරින ලද්දේ වේද, දුරලන ලද්දේ වේද, තම සීමාවන්ගේ වශයෙන් දුරලන ලද්දේම වේද, ඒ ඒ කෙලෙස් සමූහ වමනය කරන ලද්දේ මුදන ලද්දේ දුරලන ලද්දේ වෙයි. ස්වකීය ස්වකීය අවධි වශයෙන් යනු කෙලෙස් අවධිය මාර්ග අවධිය යයි අවධීහු දෙදෙනෙක් වෙති.
තත්ථ කිලෙසොධිවසෙනාපි යෙ කිලෙසා යං මග්ගවජ්ඣා, තෙ අඤ්ඤමග්ගවජ්ඣෙහි අමිස්සා හුත්වා සකෙනෙව ඔධිනා පහීනා. මග්ගොධිවසෙනාපි යෙ කිලෙසා යෙන මග්ගෙන පහාතබ්බා, තෙන තෙයෙව පහීනා හොන්ති.
ඒ අවධි දෙක අතුරෙහි කෙලෙස් අවධියෙන් ද යම් කෙලෙස් කෙනෙක් යම් මගකින් නැසිය යුත්තාහු ද ඔවුහු අන්මගකින් නැසියයුතු කෙලෙසුන් හා මිශ්‍ර නොවී, ස්වකීය අවධියෙන්ම (සීමාවෙන්ම) ප්‍රහීණ වූවාහු වෙති. මාර්ග අවධි වශයෙන් ද යම් කෙලෙස් කෙනෙක් යම් හෙයකින් ප්‍රහීණ කළ යුත්තාහු ද ඒ මගින්ම ඔවුහු ප්‍රහීණ වූවාහු වෙති.
එවං සකසකඔධිවසෙන තං තං කිලෙසජාතං චත්තමෙව හොති පටිනිස්සට්ඨං, තං පච්චවෙක්ඛිත්වා ච ලද්ධසොමනස්සො තතුත්තරිපි සො “බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හී”ති ලභති අත්ථවෙදන්ති සම්බන්ධො.
මෙසේ ස්වකීය ස්වකීය සීමා (අවධි) වශයෙන් ඒ ඒ කෙලෙස් සමූහය හරින ලද්දේම දුරලන ලද්දේම වෙයි. එය මෙනෙහි කොට ලැබූ සොම්නස් ඇත්තේ එයින් මත්තෙහි ද බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හිති ලභති අත්ථවෛදං හෙතෙම බුදුරදුන් කෙරේ අචල ප්‍රසාදයෙන් යුක්ත වූයෙම් වෙමි යි අර්ථවේදය (අචල ප්‍රසාදය අරමුණුකොට උපන් සොම්නස) ලබයි කියා සම්බන්ධ වෙයි.
යතොධි ඛොතිපි පාඨො. තස්ස වසෙන අයමත්ථො, අස්ස භික්ඛුනො යතොධි ඛො පන චත්තං හොති පටිනිස්සට්ඨං. තත්ථ යතොති කාරණවචනං, යස්මාති වුත්තං හොති. ඔධීති හෙට්ඨා තයො මග්ගා වුච්චන්ති. කස්මා? තෙ හි ඔධිං කත්වා කොට්ඨාසං කත්වා උපරිමග්ගෙන පහාතබ්බකිලෙසෙ ඨපෙත්වා පජහන්ති, තස්මා ඔධීති වුච්චන්ති.
යතොධි ඛො යයි ද පාඨයි. ඒ පාඨයාගේ වශයෙන් මේ අර්ථය වෙයි. ඒ මහණ විසින් යම්හෙයකින් අවධිය වර්ජනය කරන ලද්දේ දුරලන ලද්දේ වේද, (කියායි) එහි යතො යනු කාරණ වචනයි. යම් හෙයකින් කියන ලද්දේ වේද, ඔධි යනුවෙන් යට තුන් මගම කියන ලද්දාහු වෙති. කුමක් හෙයින් ද යත්, යම්හෙයකින් ඒ තුන්මග සීමාකොට කොටස්කොට මතු මගින් ප්‍රහීණ කළයුතු කෙලෙසුන් තබා ප්‍රහීණ කෙරෙත්ද එහෙයින් ඔධි යයි කියනු ලැබෙත්.
අරහත්තමග්ගො පන කිඤ්චි කිලෙසං අනවසෙසෙත්වා පජහති, තස්මා අනොධීති වුච්චති. ඉමස්ස ච භික්ඛුනො හෙට්ඨාමග්ගත්තයෙන චත්තං. තෙන වුත්තං “යතොධි ඛො පනස්ස චත්තං හොතී”ති. තත්ථ ඛො පනාති නිපාතමත්තං. අයං පන පිණ්ඩත්ථො. යස්මා අස්ස ඔධි චත්තං හොති පටිනිස්සට්ඨං, තස්මා තං පච්චවෙක්ඛිත්වා ච ලද්ධසොමනස්සො තතුත්තරිපි සො “බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හී”ති ලභති අත්ථවෙදන්ති යථාපාළි නෙතබ්බං.
රහත්මග වූ කලී කිසිදු කිලේසයක් ඉතිරි නොකොට දුරුකෙරෙයි. එහෙයින් අනොධි යයි කියනු ලැබේ. මේ භික්ෂුව විසින් යට තුන් මගින් දුරුකරන ලද්දේ යථොධි ඛො පනචත්තං හොති යයි කියනු ලැබේ. එහි ඛො පන යනු නිපාත මාත්‍රයකි. මේ දක්වන ලබන්නේ පිඬු කරන ලද අර්ථයයි. යම්හෙයකින් ඔහු විසින් අවධිය හරින ලද්දේ දුරුකරන ලද්දේ වේද, එසේ හෙයින් එය ප්රත්යවේක්ෂා කොට ලැබූ සොම්නස් ඇත්තේ, එයින් මත්තෙහිද හෙතෙම බුදුරදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් යුක්ත වූයෙම් වෙම් යයි අත්ථවේදය ලබයි කියා පෙළෙහි දැක්වූ පරිද්දෙන් සම්බන්ධය ගතයුතු වේ.
තත්ථ චත්තන්ති ඉදං සකභාවපරිච්චජනවසෙන වුත්තං. වන්තන්ති ඉදං පන අනාදියනභාවදස්සනවසෙන. මුත්තන්ති ඉදං සන්තතිතො විනිමොචනවසෙන. පහීනන්ති ඉදං මුත්තස්සපි ක්වචි අනවට්ඨානදස්සනවසෙන. පටිනිස්සට්ඨන්ති ඉදං පුබ්බෙ ආදින්නපුබ්බස්ස පටිනිස්සග්ගදස්සනවසෙන පටිමුඛං වා නිස්සට්ඨභාවදස්සනවසෙන භාවනාබලෙන අභිභුය්ය නිස්සට්ඨභාවදස්සනවසෙනාති වුත්තං හොති.
එහි චත්තං යන මෙය සකභාවය පරිත්‍යාග කිරීම් වශයෙන් කියන ලදී. චත්තං යන මෙය නැවත, නොගන්නා බව දැක්වීම් වශයෙන් ද, මුත්තං යන මෙය සන්තතියේ විඳීම් වශයෙන් ද, පහීනං යන මෙය මුදන ලද්දහුගේ ද කිසිතැනෙක්හි නොසිටීම දැක්වීම් වශයෙන් ද, පටිනිස්සට්ඨං යන මෙය පෙර ගන්නා ලද දුරලීම දැක්වීම් වශයෙන් හෝ ප්‍රතිමුඛව දුරලන බව දැක්වීම් වශයෙන් ද (කියන ලද්දේ වෙයි) භාවනා බලයෙන් මැඩපවත්වා දුරුකළ බව දැක්වීම් වශයෙන් යයි කියන ලද්දේ වෙයි.
ලභති අත්ථවෙදං ලභති ධම්මවෙදන්ති එත්ථ බුද්ධාදීසු අවෙච්චප්පසාදොයෙව අරණීයතො අත්ථො, උපගන්තබ්බතොති වුත්තං හොති. ධාරණතො ධම්මො, විනිපතිතුං අප්පදානතොති වුත්තං හොති.
ලභති අත්ථවෙදං ලභති ධම්මවෙදං යන මෙහි බුද්ධාදීන් කෙරෙහි වූ අචල ප්‍රසාදයම කෙලෙසුන්ගෙන් මිදුනු බැවින් අත්ථ නමි. එළඹිය යුතු බැවිනැයි කියන ලද වෙයි. ධාරණය කරන හෙයින් ධම්ම නමි. දුගතියෙහි වැටෙන්න නොදෙන බැවිනැයි කියන ලද්දේ වෙයි.
වෙදොති ගන්ථොපි ඤාණම්පි සොමනස්සම්පි. “තිණ්ණං වෙදානං පාරගූ”තිආදීසු (දී· නි· 1.256) හි ගන්ථො “වෙදො”ති වුච්චති. “යං බ්රාහ්මණං වෙදගුමාභිජඤ්ඤා, අකිඤ්චනං කාමභාවෙ අසත්ත”න්තිආදීසු (සු· නි· 1065) ඤාණං. “යෙ වෙදජාතා විචරන්ති ලොකෙ”තිආදීසු සොමනස්සං. ඉධ පන සොමනස්සඤ්ච සොමනස්සසම්පයුත්තඤාණඤ්ච අධිප්පෙතං, තස්මා “ලභති අත්ථවෙදං ලභති ධම්මවෙදන්ති අවෙච්චප්පසාදාරම්මණසොමනස්සඤ්ච සොමනස්සමයඤාණඤ්ච ලභතී”ති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො.
වෙදො යනු ග්‍රන්ථය ද, ඤාණය ද, සොම්නස ද (යන අරුත් ගෙන දෙන්නකි) ඒ, එසේමැයි. තිණ්ණං වොදානං පාරගු, යනාදි තන්හි ග්‍රන්ථය ‘වෙදය’ යයි කියනු ලැබේ. යං බ්රාහ්මණං වේදගුං ආභිජඤ්ඤං, අකිඤ්චනං කාමභවෙ අසත්තං ආදි තන්හි ඤාණ (අරුතෙහි වේ). යෙ වෙදජාතා විචරන්ති ලොකෙ ආදි තන්හි සොම්නස යන අර්ථයෙහි වේ. මෙහි සොම්නස ද සොමනස්ස සම්පයුත්ත ඤාණය අදහස් කරන ලදී. එහෙයින් ලභති අත්ථවෛදං ලභති ධම්මවෙදං යයි අචල ප්‍රසාදය අරමුණු කොට ඇති සොම්නසද සොමනස්සමය ඤාණයද, ලබා යයි මෙසේ මෙහි අර්ථ දතයුතුය.
අථ වා අත්ථවෙදන්ති අවෙච්චප්පසාදං පච්චවෙක්ඛතො උප්පන්නං වුත්තප්පකාරමෙව වෙදං. ධම්මවෙදන්ති අවෙච්චප්පසාදස්ස හෙතුං ඔධිසො කිලෙසප්පහානං පච්චවෙක්ඛතො උප්පන්නං වුත්තප්පකාරමෙව වෙදන්ති එවම්පි එත්ථ අත්ථො වෙදිතබ්බො. වුත්තඤ්හෙතං “හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා, හෙතුඵලෙ ඤාණං අත්ථපටිසම්භිදා”ති (විභ· 718-719).
නැතහොත් අත්ථවෙදං යනු අචල ප්‍රසාදය මෙනෙහි කරන්නහුට ලැබෙන්නා වූ උක්තප්‍රකාර වූම වේදයයි. (ඤාණයයි) ධම්මවෙදං අචල ප්‍රසාදයට හේතු වූ අවධි (සීමා) වශයෙන් කෙලෙස් ප්රහාණය කරන්නහුට උපන් උක්තප්‍රකාර වූම වෙද (ඤාණ) යයි. මෙසේද මෙහි අර්ථය දතයුතුයි. මෙසේ වදාරණ ලද්දේමය. හෙතුම්හි ඤාණං ධම්ම පටිසම්භිදා හෙතුඵලෙ ඤාණං අත්ථපටිසම්භිදා යනුයි.
ධම්මූපසංහිතං පාමොජ්ජන්ති තමෙව අත්ථඤ්ච ධම්මඤ්ච අත්ථධම්මානිසංසභූතං වෙදඤ්ච පච්චවෙක්ඛතො උප්පන්නං පාමොජ්ජං. තඤ්හි අනවජ්ජලක්ඛණෙන පච්චවෙක්ඛණාකාරප්පවත්තෙන ධම්මෙන උපසඤ්හිතන්ති වුච්චති.
ධම්මූපසංහිතං පාමුජ්ජං යනුවෙන්, එම අර්ථයද, ධර්මයද, අත්ථ, ධම්ම දෙදෙනාගේ ආනිශංස වූ ඤාණයද, ප්රත්යවේක්ෂා කරන්නහු උපන් ප්‍රමෝදය (කියන ලද්දේ වෙයි) එම ප්‍රමෝදය වූ කලී, නිවැරදි ලක්ෂණයන්ගෙන් යුතු මෙනෙහි කිරීම් ආකාරයෙන් පැවැති, ධර්මයෙන් යුක්ත වූයේ යයි කියනු ලැබේ.
පමුදිතස්ස පීති ජායතීති ඉමිනා පාමොජ්ජෙන පමුදිතස්ස නිරාමිසා පීති ජායති. පීතිමනස්සාති තාය පීතියා පීණිතමනස්ස. කායො පස්සම්භතීති කායොපි පස්සද්ධො හොති වූපසන්තදරථො. පස්සද්ධකායො සුඛන්ති එවං වූපසන්තකායදරථො චෙතසිකං සුඛං පටිසංවෙදෙති. චිත්තං සමාධියතීති චිත්තං සම්මා ආධියති අප්පිතං විය අචලං තිට්ඨති.
පමුදිතස්ස පීති ජායති යනු, මෙම ප්‍රමෝදයෙන් ප්‍රමුදිත වූවහුට නිරාමිස වූ ප්‍රීතිය උපදී. පීතිමනස්ස යනු එම ප්‍රීතියෙන් පිනවන ලද සිත් ඇත්තහුගේ, කායො පස්සම්භති කය නිවුනේ, සංසිඳුනු දරථ (=කෙලෙස් දැවිල්ල) ඇත්තේ වෙයි. පස්සද්ධකායො සුඛං යනු මෙසේ සංසිඳුනු කාය දරථ ඇත්තේ චෛතසික සුඛය විඳී. චිත්තං සමාධීයති, සිත මනාකොට පිහිටුවයි. පුරවන ලද්දක් මෙන් අචලව සිටී.
එවමස්ස කිලෙසප්පහානං අවෙච්චප්පසාදසමන්නාගතං පච්චවෙක්ඛතො උප්පජ්ජමානං සොමනස්සාදිආනිසංසං දස්සෙත්වා ඉදානි “යථොධි ඛො පන මෙ”ති වාරෙන තස්ස පච්චවෙක්ඛණාය පවත්තාකාරං පකාසෙත්වා තස්සෙව අනාගාමිමග්ගානුභාවසූචකං ඵලං දස්සෙන්තො ස ඛො සො, භික්ඛවෙතිආදිමාහ.
මෙසේ ඔහුගේ කෙලෙස් ප්‍රහාණයද අචල ප්‍රසාදයෙන් යුක්ත වීමද, මෙනෙහි කිරීමෙන් උපදින්නා වූ සොම්නසත් ආදි ආනිශංස දක්වා දැන්, යතොපි ඛො පන මෙ යන මේ වාරයෙන් එම ප්රත්යවේක්ෂාවේ පැවැති ආකාරය දක්වා එම අනාගාමි මාර්ගයාගේ අනුසස් ද, බලය ද දක්වන්නේ, ස ඛො සො භික්ඛවෙ යන ආදිය වදාළහ.
තත්ථ එවංසීලොති තස්ස අනාගාමිමග්ගසම්පයුත්තං සීලක්ඛන්ධං දස්සෙති. එවංධම්මො එවංපඤ්ඤොති තංසම්පයුත්තමෙව සමාධික්ඛන්ධං පඤ්ඤාක්ඛන්ධඤ්ච දස්සෙති. සාලීනන්ති ලොහිතසාලිගන්ධසාලිආදීනං අනෙකරූපානං. පිණ්ඩපාතන්ති ඔදනං. විචිතකාළකන්ති අපනීතකාළකං. නෙවස්ස තං හොති අන්තරායායාති තස්ස එවංවිධස්ස භික්ඛුනො තං වුත්තප්පකාරපිණ්ඩපාතභොජනං මග්ගස්ස වා ඵලස්ස වා නෙව අන්තරායාය හොති, පටිලද්ධගුණස්ස හි තං කිමන්තරායං කරිස්සති? යොපිස්ස අප්පටිලද්ධො චතුත්ථමග්ගො ච ඵලං ච තප්පටිලාභාය විපස්සනං ආරභතොපි නෙවස්ස තං හොති අන්තරායාය, අන්තරායං කාතුං අසමත්ථමෙව හොති. කස්මා? වුත්තප්පකාරසීලධම්මපඤ්ඤාසඞ්ගහෙන මග්ගෙන විසුද්ධචිත්තත්තා.
එහි එවං සීලො ඔහුගේ අනාගාමි මාර්ග සම්ප්‍රයුක්ත වූ සීලස්කන්ධය දක්වන සේක්. එවං ධම්මො එවං පඤ්ඤො යනුවෙන් එම අනාගාමි මාර්ග සම්ප්‍රයුක්ත වූ ම සමාධි ස්කන්ධය ද, ප්‍රඥා ස්කන්ධයද දක්වන සේක. සාලීනං රත්හල් සුවඳහැල් ආදි වූ අත්කාකාර හැල් සම්බන්ධ වූ පිණ්ඩපාතං, පිණ්ඩපාතය (බත) විචිත කාලකං ඉවත්කළ කළු සහල් ඇට ඇති, නෙවස්ස නං හොති අන්තරාය. ඒ එබඳු වූ භික්ෂූහුගේ ඒ කියන ලද පිණ්ඩපාත භෝජනය, මාර්ගයට හෝ ඵලයට අනතුරු පිණිස නොම වෙයි. ඒ සැබව. ලබන ලද ගුණ ඇත්තහුට එම පිණ්ඩාහාරය, කවර අන්තරායක් කරන්නේ ද යමෙකු නොලත් සතරමග මාර්ගඵලයක් ඇත්තේද එය ලබාගැනීම පිණිස විපස්සනා වඩන්නා වූ ඔහුට එම භෝජනය අනතුරු පිණිස නොම වෙයි. අන්තරාය කරන්ට අසමර්ථ වූයේම වෙයි. කුමක් හෙයින්ද යත්, උක්තප්‍රකාර වූ සීල සමාධි ප්‍රඥාවන්ගේ සංග්‍රහය ඇති මාර්ගයෙන් විසුද්ධ වූ සිත් ඇති බැවිනි.
යස්මා චෙත්ථ එතදෙව කාරණං, තස්මා තදනුරූපං උපමං දස්සෙන්තො සෙය්යථාපීතිආදිමාහ.
තව ද යම් හෙයකින් මෙහි මෙසේම කාරණය වේද, එහෙයින් එයට අනුරූප වූ උපමාවක් දක්වන්නේ සෙය්යථාපි ආදිය වදාළහ.
තත්ථ අච්ඡන්ති විප්පසන්නං. පරිසුද්ධං මලවිගමෙන. පරියොදාතං පභස්සරතාය. උක්කාමුඛන්ති සුවණ්ණකාරානං මූසාමුඛං. සුවණ්ණකාරානං මූසා හි ඉධ උක්කා, අඤ්ඤත්ථ පන දීපිකාදයොපි වුච්චන්ති. “උක්කාසු ධාරීයමානාසූ”ති (දී· නි· 1.159) හි ආගතට්ඨානෙ දීපිකා “උක්කා”ති වුච්චති. “උක්කං බන්ධෙය්ය, උක්කං බන්ධිත්වා උක්කාමුඛං ආලිම්පෙය්යා”ති (ම· නි· 3.360) ආගතට්ඨානෙ අඞ්ගාරකපල්ලං. “කම්මාරානං යථා උක්කා, අන්තො ඣායති නො බහී”ති (ජා· 2.22.649) ආගතට්ඨානෙ කම්මාරුද්ධනං. “එවංවිපාකො උක්කාපාතො භවිස්සතී”ති (දී· නි· 1.24) ආගතට්ඨානෙ වාතවෙගො “උක්කා”ති වුච්චති. ඉමස්මිං පන ඨානෙ අඤ්ඤෙසු ච එවරූපෙසු “සණ්ඩාසෙන ජාතරූපං ගහෙත්වා උක්කාමුඛෙ පක්ඛිපතී”ති ආගතට්ඨානෙසු සුවණ්ණකාරානං මූසා “උක්කා”ති වෙදිතබ්බා.
එහි අච්ඡං යනු විශේෂයෙන් පැහැදුනා වූ මල පහවී යාමෙන් පරිසුද්ධ නම් වූ, ප්‍රභාස්වර බැවින් පරියොදාතං නම් වූ, උක්කාමුඛං රන්කරුවන්ගේ කෝව මුඛය රන්කරුවන්ගේ කෝවම මෙහි උක්කා නම් වේ. අන් තන්හි පන්දම් ආදියද කියනු ලැබෙත්. උක්කාසු ධාරියමාතාසු යයි ආදී තන්හි පන්දම් උක්කා යයි කියනු ලැබේ. උක්කං ඛන්ධෙය්ය, උක්කං ඛන්ධිත්වා උක්කාමුඛං ආලිම්පෙය්ය යයි ආතන්හි අගුරු කබලය. කම්මාරානං යථා උක්කා අන්තො ඣායති නොබහි යන තන්හි කඹුරු උදුනය. එවං විපාකො උක්කාපාතො භවිස්සති යයි ආ තන්හි වාත වේගය උක්කා යයි කියනු ලැබේ. මෙතැන්හිද, මෙබඳුමය. අන් තැන්වලද, සණ්ඩාසෙන ජාතරූපං ගහෙත්වා, උක්කාමුඛෙ පක්ඛිපති යයි ආතන්හිද රන්කරුවන්ගේ කෝව උක්කා යයි දතයුත්තීයැ.
තත්රායං උපමාසංසන්දනා – සංකිලිට්ඨවත්ථං විය හි සංකිලිට්ඨජාතරූපං විය ච ඉමස්ස භික්ඛුනො පුථුජ්ජනකාලෙ කාමරාගාදිමලානුගතං චිත්තං දට්ඨබ්බං. අච්ඡොදකං විය උක්කාමුඛං විය ච අනාගාමිමග්ගො. තං උදකං උක්කාමුඛඤ්ච ආගම්ම වත්ථසුවණ්ණානං පරිසුද්ධතා විය තස්ස භික්ඛුනො වුත්තප්පකාරසීලධම්මපඤ්ඤාසඞ්ගහං අනාගාමිමග්ගං ආගම්ම විසුද්ධචිත්තතාති.
එහි මේ උපමා සංසන්දනාවයි. කිලිටි වස්තර මෙන් ද කිලිටි වූ ජාතරූපය මෙන් ද මේ භික්ෂුවගේ පෘථග්ජන කාලයෙහි කාමරාග ආදි කෙලෙස් මල අනුව ගිය සිත දතයුතුය. පිරිසිදු ජලය මෙන් ද, උක්කාමුඛය (කෝවේ මුඛය) මෙන් ද අනාගාමි මාර්ගය, දතයුතුය. ඒ ජලයට ද කෝප මුඛයට ද පැමිණ වස්ත්‍රය වස්ත්‍රයාගේ ස්වර්ණ වර්ණයෙහි පිරිසිදු බව මෙනි. ඒ භික්ෂුවගේ කියන ලද ප්‍රකාර වූ, සීල-සමාධි පඤ්ඤා සංග්‍රහ වූ අනාගාමි මාර්ගයට පැමිණි විසුද්ධ වු සිත් ඇති බව යයි
සො මෙත්තාසහගතෙන චෙතසාති යථානුසන්ධිවසෙන දෙසනා ආගතා.
සො මෙත්තා සහගතෙන චෙතසා යනුවෙන් යථානුසන්ධි වශයෙන් දේශනා තොමෝ පැමිණියාය.
ත්‍රිවිධ අනුසන්ධි
තයො හි අනුසන්ධී පුච්ඡානුසන්ධි අජ්ඣාසයානුසන්ධි යථානුසන්ධීති.
ඒ එසේමැයි, පුච්ඡානු සන්ධි අජ්ඣාසයානුසන්ධි, යථානුසන්ධි යනුවෙන් අනුසන්ධීහු තිදෙනෙක් වෙති.
තත්ථ “එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච ‘සියා නු ඛො, භන්තෙ, බහිද්ධා අසති පරිතස්සනා’ති? ‘සියා භික්ඛූ’ති භගවා අවොචා”ති (ම· නි· 1.242). එවං පුච්ඡන්තානං විස්සජ්ජිතසුත්තවසෙන පුච්ඡානුසන්ධි වෙදිතබ්බො.
එහි එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච, සියා නුඛො භනතෛ බහිද්ධා අසති පරිතස්සනාති, සියා භික්ඛුති භගවා අවොච යනුවෙන්, මෙසේ විචාරන්නවුන්ගේ, විසඳනා ලද සූත්‍රයන්ගේ වශයෙන් පුච්ඡානුසන්ධිය දතයුත්තේය.
“සියා ඛො පන තෙ බ්‍රාහ්මණ එවමස්ස, අජ්ජාපි නූන සමණො ගොතමො අවීතරාගො”ති (ම· නි· 1.55) එවං පරෙසං අජ්ඣාසයං විදිත්වා වුත්තස්ස සුත්තස්ස වසෙන අජ්ඣාසයානුසන්ධි වෙදිතබ්බො.
සියා ඛො පන තෙ බ්‍රාහ්මණ එවමස්ස අජ්ජාපි නූන සමණො ගොතමො අවීතරාගො යනුවෙන් මෙසේ අනුන්ගේ අදහස් දැන ප්‍රකාශිත සූත්‍රයන්ගේ වශයෙන් අජ්ඣාසයනුසන්ධිය දතයුතුය.
යෙන පන ධම්මෙන ආදිම්හි දෙසනා උට්ඨිතා, තස්ස ධම්මස්ස අනුරූපධම්මවසෙන වා පටිපක්ඛවසෙන වා යෙසු සුත්තෙසු උපරි දෙසනා ආගච්ඡති, තෙසං වසෙන යථානුසන්ධි වෙදිතබ්බො.
යම් ධර්මයකින් ආදියෙහි දේශනා තොමෝ පිහිටුවන ලද්දේද, ඒ ධර්මයට අනුරූප ධර්මයාගේ වශයෙන් හෝ ප්රතිපක්ෂ වශයෙන් හෝ යම් සූත්‍රයක මත්තෙහි දේශනා තොමෝ එන්නීද, ඒ සූත්‍රයන් අනුව යථානුසන්ධිය දතයුත්තේය.
සෙය්යථිදං, ආකඞ්ඛෙය්යසුත්තෙ හෙට්ඨා සීලෙන දෙසනා උට්ඨිතා, උපරි ඡ අභිඤ්ඤා ආගතා. කකචූපමෙ හෙට්ඨා අක්ඛන්තියා උට්ඨිතා, උපරි කකචූපමොවාදො ආගතො. අලගද්දෙ හෙට්ඨා දිට්ඨිපරිදීපනෙන උට්ඨිතා, උපරි තිපරිවට්ටසුඤ්ඤතාපකාසනා ආගතා, චූළඅස්සපුරෙ හෙට්ඨා කිලෙසපරිදීපනෙන උට්ඨිතා, උපරි බ්රහ්මවිහාරා ආගතා. කොසම්බියසුත්තෙ හෙට්ඨා භණ්ඩනෙන උට්ඨිතා, උපරි සාරණීයධම්මා ආගතා. ඉමස්මිම්පි වත්ථසුත්තෙ හෙට්ඨා කිලෙසපරිදීපනෙන උට්ඨිතා, උපරි බ්රහ්මවිහාරා ආගතා. තෙන වුත්තං “යථානුසන්ධිවසෙන දෙසනා ආගතා”ති. බ්රහ්මවිහාරෙසු පන අනුපදවණ්ණනා ච භාවනානයො ච සබ්බො සබ්බාකාරෙන විසුද්ධිමග්ගෙ වුත්තො.
ඒ කවරහුද, ආකංඛෙය්‍ය සූත්‍රයෙහි, යට ශීලයෙන් දේශනාව පටන්ගන්නා ලදී. මත්තෙහි ෂඩ් අභිඥා පැමිණියාහුය. කකචොපම සූත්‍රයෙහි යට අක්ඛන්තියෙන් නොඉවසීමෙන් පටන්ගන්නා ලද්දී මත්තෙහි කකචොපම වාදය ආයේය. අලගද්ද සුත්‍රයෙහි යට දෘෂ්ටි දැක්වීමෙන් ආරම්භ කරන ලද්ද මත්තෙහි තිපරිවට්ට සුඤ්ඤතා ප්‍රකාශ කිරීමට පැමිණියාය. චුල්ල අස්සපුර සූත්‍රයෙහි යට කෙලෙස් දැක්වීමෙන් පටන්ගන්නා ලද්ද මත්තෙහි බ්‍රහ්ම විහාරයෝ පැමිණියාහුය. කොසම්බක සූත්‍රයෙහි යට භාණ්ඩනයෙන් පටන්ගන්නා ලද්ද මත්තෙහි සාරාණිය ධර්මයෝ ආවාහුය. මේ වත්ථ සූත්‍රයෙහි ද ක්ලේශයන්ගෙන් ආරම්භ කරන ලද්ද මත්තෙහි බ්‍රහ්මවිහාර පැමිණියාහුය. බ්‍රහ්මවිහාර භාවනාවන්ගේ අනුපද වර්ණනා ද භාවනා ක්‍රම ද විසුද්ධි මාර්ගයෙහි සියල්ල සර්වප්රකාරයෙන් කියන ලද්දේ ය.
එවං භගවා අභිජ්ඣාදීනං උපක්කිලෙසානං පටිපක්ඛභූතං සබ්බසො ච කාමරාගබ්යාපාදප්පහානෙන විහතපච්චත්ථිකත්තා ලද්ධපදට්ඨානං තස්ස අනාගාමිනො බ්රහ්මවිහාරභාවනං දස්සෙත්වා ඉදානිස්ස අරහත්තාය විපස්සනං දස්සෙත්වා අරහත්තප්පත්තිං දස්සෙතුං සො අත්ථි ඉදන්තිආදිමාහ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ අභිජ්ඣා ආදි උපක්ලේශයන්ට විරුද්ධ වූ සර්වප්‍රකාරයෙන්ම කාම රාග ව්‍යාපාද ප්‍රහාණයෙන් පහ වූ විරුද්ධ ධර්ම ඇති බැවින් ලබන ලද පදට්ඨාන ඇති ඒ අනාගාමිහුගේ බ්‍රහ්මවිහාර භාවනාව දක්වා දැන් ඔහුගේ රහත්බව පිණිස විදර්ශනා භාවනාව දක්වා රහත් බවට පත්වීම දක්වනු පිණිස. සො අත්ථි ඉදං යනාදිය වදාළහ.
තස්සත්ථො – සො අනාගාමී එවං භාවිතබ්රහ්මවිහාරො එතෙසං බ්රහ්මවිහාරානං යතො කුතොචි වුට්ඨාය තෙ එව බ්රහ්මවිහාරධම්මෙ නාමවසෙන තෙසං නිස්සයං හදයවත්ථුං වත්ථුනිස්සයානි භූතානීති ඉමිනා නයෙන භූතුපාදායධම්මෙ රූපවසෙන ච වවත්ථපෙත්වා අත්ථි ඉදන්ති පජානාති, එත්තාවතානෙන දුක්ඛසච්චවවත්ථානං කතං හොති.
එහි අර්ථය නම්, ඒ අනාගාමි තෙම මෙසේ වඩන ලද බ්‍රහ්මවිහාර ඇත්තේ, මේ බ්රහ්මවිහාරියන් අතුරෙන් යම් කිසිවකින් නැගීසිට ඒ බ්‍රහ්ම විහාර ධර්මයන්ම නාම වශයෙන් ද ඔවුන්ට නිස්සය වූ හදයවත්ථුවය, වත්ථු නිස්සය වූවාහු භූතයෝ යයි, මේ ක්‍රමයෙන් භූත උපාදාය ධර්මයන් රූප වශයෙන් ද වෙන්කිරීම කොට අත්ථි ඉදං මේ දුක්ඛ සත්‍යය ඇතැයි දැනගනී. මෙතෙකින් මොහු විසින් දුක්ඛ සත්‍යයෙහි, වවත්ථානය (වෙන්කොට දැනගැනීම) කරන ලද්දේ වෙයි.
තතො තස්ස දුක්ඛස්ස සමුදයං පටිවිජ්ඣන්තො අත්ථි හීනන්ති පජානාති, එත්තාවතානෙන සමුදයසච්චවවත්ථානං කතං හොති.
අනතුරුව එම දුක්ඛයාගේ සමුදය ප්‍රතිවෙධ කරන්නේ, අත්ථි හීනං හීන වූ සමුදය සත්‍යය ඇතැයි දැනගනී. මෙතෙකින් මොහු විසින් සමුදය සත්‍යයාගේ වවත්ථානය කරන ලද්දේ වෙයි.
තතො තස්ස පහානුපායං විචිනන්තො අත්ථි පණීතන්ති පජානාති, එත්තාවතානෙන මග්ගසච්චවවත්ථානං කතං හොති.
අනතුරුව සමුදයාගේ ප්‍රහාණ උපාය සොයන්නේ අත්ථි පණීතං ප්‍රණීත වූ මාර්ග සත්‍යය ඇතැයි දැනගනී. මෙපමණකින් මොහු විසින් මාර්ග සත්‍යය වවත්ථානය කරන ලද්දේ වෙයි.
තතො තෙන මග්ගෙන අධිගන්තබ්බට්ඨානං විචිනන්තො අත්ථි උත්තරි ඉමස්ස සඤ්ඤාගතස්ස නිස්සරණන්ති පජානාති, ඉමස්ස මයා අධිගතස්ස බ්රහ්මවිහාරසඤ්ඤාගතස්ස උත්තරි නිස්සරණං නිබ්බානං අත්ථීති එවං පජානාතීති අධිප්පායො, එත්තාවතානෙන නිරොධසච්චවවත්ථානං කතං හොති. තස්ස එවං ජානතො එවං පස්සතොති තස්ස විපස්සනාපඤ්ඤාය එවං චතූහි ආකාරෙහි චත්තාරි සච්චානි ජානතො, මග්ගපඤ්ඤාය එවං පස්සතො, භයභෙරවෙ වුත්තනයෙනෙව කාමාසවාපි චිත්තං විමුච්චති…පෙ… ඉත්ථත්තායාති පජානාතීති.
අනතුරුව එම මාර්ගයෙන් පැමිණිය යුතු තැන සොයන්නේ අත්ථි උත්තරිං ඉමස්ස සඤ්ඤාගතස්ස නිස්සරණං යන්නෙන් මෙම බ්‍රහ්මවිහාර සංඥාවට මත්තෙහි නිස්සරණය වූ නිවන ඇතැයි මෙසේ දැනගනියි යන අදහසය මෙපමණකින් මොහු විසින්, නිරෝධ සත්‍යයාගේ වවත්ථානය කරන ලද්දේ වෙයි. තස්ස එවං ජානතො එවං පස්සතො යනුවෙන් මෙසේ විදසුන් නැණින් සිව් අයුරකින් සිව්සස් දක්වා වූ මග නැණින් මෙසේ දක්වා වූ ඔහුගේ භයභෙරව සූත්‍රයෙහි කී නියායෙන්ම කාමාසවයන්ගෙන් සිත මිදෙයි. මේ ආත්මභාවය පිණිස අනික් කළයුත්තක් නැතැයි දැනගනියි යයි.
එවං යාව අරහත්තා දෙසනං පාපෙත්වා ඉදානි යස්මා තස්සං පරිසති න්හානසුද්ධිකො බ්රාහ්මණො නිසින්නො, සො එවං න්හානසුද්ධියා වණ්ණං වුච්චමානං සුත්වා පබ්බජිත්වා අරහත්තං පාපුණිස්සතීති භගවතා විදිතො, තස්මා තස්ස චොදනත්ථාය “අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු සිනාතො අන්තරෙන සිනානෙනා”ති ඉමං පාටියෙක්කං අනුසන්ධිමාහ. තත්ථ අන්තරෙන සිනානෙනාති අබ්භන්තරෙන කිලෙසවුට්ඨානසිනානෙන.
මෙසේ අර්හත්වය තෙක් දේශනා පමුණුවා මේ වනවිට එම පිරිස්හි ස්නානයෙන් සිද්ධිය වේ යයි ලබ්ධිය ඇති බ්‍රාහ්මණයෙක් හුන්නේ, හෙතෙම මෙසේ ස්නානය සුද්ධියෙහි කියනු ලබන්නාව වර්ණනා අසා පැවිදිව රහත් බවට පැමිණෙන්නේ යයි භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක් ද, එහෙයින් ඔහුගේ පිරිසිදු බව සඳහා අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු සිනාතො අන්තරෙන සිනානෙන යයි මේ වෙනම අනුසන්ධියක් වදාළහ. එහි අන්තරෙන සිනානෙන අභ්‍යන්තරයෙහි කිලේශයන්ගේ නැගීසිටීම පිරිසිදු කරන්නා වූ ස්නානයෙන්,
සුන්දරිකභාරද්වාජොති භාරද්වාජො නාම සො බ්රාහ්මණො අත්තනො ගොත්තවසෙන, සුන්දරිකාය පන නදියා සිනාතස්ස පාපප්පහානං හොතීති අයමස්ස දිට්ඨි, තස්මා “සුන්දරිකභාරද්වාජො”ති වුච්චති. සො තං භගවතො වචනං සුත්වා චින්තෙසි “මයං සිනානසුද්ධිං වණ්ණෙම, සමණොපි ගොතමො තථෙව වණ්ණෙති, සමානච්ඡන්දො දානි එස අම්හෙහී”ති. අථ භගවන්තං බාහුකං නදිං ගන්ත්වා තං තත්ථ පාපං පවාහෙත්වා ආගතං විය මඤ්ඤමානො ආහ “ගච්ඡති පන භවං ගොතමො බාහුකං නදිං සිනායිතු”න්ති? භගවා තස්ස ගච්ඡාමීති වා න ගච්ඡාමීති වා අවත්වායෙව බ්රාහ්මණස්ස දිට්ඨිසමුග්ඝාතං කත්තුකාමො “කිං බ්‍රාහ්මණ බාහුකාය නදියා, කිං බාහුකා නදී කරිස්සතී”ති ආහ. තස්සත්ථො කිං පයොජනං බාහුකාය, කිං සා කරිස්සති? අසමත්ථා සා කස්සචි අත්ථාය, කිං තත්ථ ගමිස්සාමීති?
සුන්දරික භාරද්වාජො, භාරද්වාජො යනු ඒ බමුණු තෙම තමන්ගේ ගෝත්‍ර වශයෙන් භාරද්වාජ වේ. යම් හෙයකින් ‘සුන්දරිකා’ නදියෙහි ස්නානය කරන්නහුගේ පව් සෝදා යේයයි යනු මෙය ඔහුගේ දෘෂ්ටිය වේද, එහෙයින් සුන්දරික භාරද්වාජ යයි කියනු ලැබේ. හෙතෙම ඒ වචනය අසා මෙසේ සිතීය. අපිද ස්නාන සුද්ධිය වර්ණනා කරමු. ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ද වර්ණනා කෙරෙයි. එහෙයින් මෙතෙම මේ වනවිට, අප හා සමාන අදහස් ඇත්තේවනයි (සිතා) නැවත භාග්‍යවත්හු බහුකා නදියට ගොස් එය පව් සෝදා ආ කෙනෙකු මෙන් සිතා, ගච්ඡති පන භවං ගොතමො බාහුකං නදිං සිනායිතුං යයි ඇසීය. භාග්‍යවතුන් වහන්සේ, යමි හෝ නොයමි හෝ නොවදාරාම, ඔහුගේ දෘෂ්ටිය දුරුකරනු කැමැත්තාහු කිං බ්‍රාහ්මණ, බාහුකාය නදියා, කිං බාහුකං නදිං කරිස්සති යයි වදාළහ. එම වචනයාගේ අර්ථය නම්, බහුකා නදියෙන් කවර ප්‍රයෝජනද? කුමක් කරන්නේද? ඕතොමෝ කිසිවෙකුට අර්ථ පිණිස අසමර්ථ වන්නීය. කුමට එහි යන්නෙම් දැයි
අථ බ්රාහ්මණො තං පසංසන්තො ලොක්ඛසම්මතාතිආදිමාහ. තත්ථ ලොක්ඛසම්මතාති ලූඛභාවසම්මතා, ලූඛභාවන්ති චොක්ඛභාවං, විසුද්ධිභාවං දෙතීති එවං සම්මතාති වුත්තං හොති. ලොක්යසම්මතාතිපි පාඨො. තස්සත්ථො, සෙට්ඨං ලොකං ගමයතීති එවං සම්මතාති. පුඤ්ඤසම්මතාති පුඤ්ඤන්ති සම්මතා. පවාහෙතීති ගමයති විසොධෙති. ගාථාහි අජ්ඣභාසීති ගාථාහි අභාසි. ගාථා ච වුච්චමානා තදත්ථදීපනත්ථමෙව වා ගාථාරුචිකානං වුච්චති, විසෙසත්ථදීපනත්ථං වා. ඉධ පනෙතා උභයත්ථදීපනත්ථං වුත්තාති වෙදිතබ්බා.
ඉක්බිති ඒ බමුණුතෙම, එම නදියට පසසන්නේ ලොඛ්ය සම්මතා යනාදිය කීය. එහි ලොඛ්ය සම්මතා රූක්ෂභාවයෙන් සම්මතය, (=වොක්ඛභාවං) පිරිසිදු බව, විසුද්ධි බව, දෙයි කියා මෙසේ සම්මතයයි කියන ලද්දේ වෙයි. ලොක්ය සම්මතා කියාද පාඨයකි. ඒ පාඨයාගේ අර්ථය නම් ශ්‍රේෂ්ඨ වූ ලෝකයට පමුණුවයි කියා මෙසේ සම්මතයැ. පුඤ්ඤ සම්මතා පිනකැයි සම්මතයැ. පවාහෙති පමුණුවයි පිරිසිදු කෙරෙයි. ගාථාහි අජ්ඣභාසි ගාථාවලින් කීහ. ඒ එසේමැයි. ගාථා වදාරනු ලබන්නාහු ගාථා රුචිකයන්ට එම අර්ථය දක්වනු පිණිසම හෝ විශේෂ අරුතක් දක්වනු පිණිස හෝ වදාරනු ලබත්. මෙහි වනාහි මෙම ගාථා උභයාර්ථය පිණිස වදාරණ ලදහයි දතයුතුයැ.
බාහුකන්ති ඉදමෙව හි එත්ථ වචනං තදත්ථදීපකං, සෙසානි විසෙසත්ථදීපකානි. යථෙව හි බාහුකං, එවං අධිකක්කාදීනිපි ලොකො ගච්ඡති න්හානෙන පාපං පවාහෙතුං. තත්ථ යෙ තෙසං ඨානානං ආසන්නා හොන්ති, තෙ දිවසස්ස තික්ඛත්තුං න්හායන්ති. යෙ දූරා, තෙ යථාක්කමං ද්වික්ඛත්තුං සකිං එකදිවසන්තරං, එවං යාව සංවච්ඡරන්තරං න්හායන්ති. යෙ පන සබ්බථාපි ගන්තුං න සක්කොන්ති, තෙ ඝටෙහිපි තතො උදකං ආහරාපෙත්වා න්හායන්ති. සබ්බඤ්චෙතං නිරත්ථකං, තස්මා ඉමං විසෙසත්ථං දීපෙතුං අධිකක්කාදීනිපීති ආහ.
බාහුකං යන මේ වචනයම මෙහි එම අරුත දීපනය කෙරේ. සෙසු වචනයෝ විශේෂ අර්ථ දීපකයෝ වෙති. මේ විස්තරය වේ. බාහුකා නදියට යම්සේ ද එසේ අධිකක්කා ආදි නදීන් කරාද, ලෝවැසි තෙම ස්නානයෙන් පව්, සෝදා හැරීම පිණිස යෙයි. ඒ එහි යන්නවුන් අතුරෙන් යමෙක් ඒ ස්ථානයන්ට ආසන්න වූවාහුද ඔවුහු දවසට තුන්වරක් ස්නානය කෙරෙති. යමෙක් දුර වූවාහුද, ඔවුහු පිළිවෙලින් දෙවරක් වරක් අතරතුර දිනක් වර්ෂයක් අතර දිනක් ස්නානය කෙරෙත්. තවද යමෙක් සර්වප්රකාරයෙන් යන්ට නොහැකි වෙත් ද, ඔවුහු කළවලින් දිය ගෙන්වාගෙන ස්නානය කෙරෙති. මේ සියල්ල නිරර්ථකය. එහෙයින් මෙම විශේෂ අර්ථය දක්වන්ට අධිකක්කා ආදියද වදාළහ.
තත්ථ අධිකක්කන්ති න්හානසම්භාරවසෙන ලද්ධවොහාරං එකං තිත්ථං වුච්චති. ගයාතිපි මණ්ඩලවාපිසණ්ඨානං තිත්ථමෙව වුච්චති. පයාගාති එතම්පි ගඞ්ගාය එකං තිත්ථමෙව මහාපනාදස්ස රඤ්ඤො ගඞ්ගායං නිමුග්ගපාසාදස්ස සොපානසම්මුඛට්ඨානං, බාහුකා සුන්දරිකා සරස්සතී බාහුමතීති ඉමා පන චතස්සො නදියො. බාලොති දුප්පඤ්ඤො. පක්ඛන්දොති පවිසන්තො. න සුජ්ඣතීති කිලෙසසුද්ධිං න පාපුණාති, කෙවලං රජොජල්ලමෙව පවාහෙති.
එහි අධිකක්කං යනුවෙන් ස්නාන ද්‍රව්‍යයන්ගේ වශයෙන් ලද ව්‍යවහාර ඇති එක් තොටක් කියනු ලැබේ. ගයා යන මෙයද (මණ්ඩල වාපි) මණ්ඩල වැවෙහි සටහන් ඇති තොටක් ම කියනු ලැබේ. පයාගො මෙය ගංගා නදියෙහි එක් තොටක්මය. මහාපනාද රජුගේ ගංගාවෙහි ගිලුනු ප්‍රාසාදයාගේ හින හමු වූ තැනය. (මෙකල ගංගා යමුනා ගංගා දෙක එක්වන තැනය). බාහුකා සුන්දරිකා සරස්සතී බාහුමතී යන මේ සතර නදීහු වෙති. බාලො, මදනුවණ ඇත්තේ, පක්කන්තෙ ප්‍රවේශ වන්නේ, නසුජ්ඣති, කිලේස සුද්ධියට නොපැමිණෙයි. හුදෙක් ධූලිම සෝදා හරියි. සුද්ධ කෙරෙය. (කියන ලද්දේ වෙයි.)
කිං සුන්දරිකා කරිස්සතීති සුන්දරිකා කිලෙසවිසොධනෙ කිං කරිස්සති? න කිඤ්චි කාතුං සමත්ථාති අධිප්පායො. එස නයො පයාගබාහුකාසු. ඉමෙහි ච තීහි පදෙහි වුත්තෙහි ඉතරානිපි චත්තාරි ලක්ඛණාහාරනයෙන වුත්තානෙව හොන්ති, තස්මා යථෙව සුන්දරිකා පයාගා බාහුකා න කිඤ්චි කරොන්ති, තථා අධිකක්කාදයොපීති වෙදිතබ්බා.
කිං සුන්දරිකා කරිස්සති සුන්දරීකා නදී තොමෝ කෙලෙස් සෝදාහැරීම කිම කරන්නේ ද? කිසිත් කරන්ට සමර්ථ නොවේ යන අදහසයි. පයාග බාහුකා ආදියෙහි ද මේ නයමැයි. යම්හෙයකින් කියන ලද මේ පද තුනෙන් අනිත් සතර ද ලක්ෂණ හාර න්‍යායෙන් කියන ලද්දාහුම වෙත් ද, එහෙයින් යම්සේ සුන්දරීකා - පයාග - බාහුකා යන මොවුහු කිසිවක් නොකෙරෙත් ද එසේ අධිකක්කතාදිහු ද නොකෙරෙත් යයි දතයුත්තාහුය.
වෙරින්ති පාණාතිපාතාදිපඤ්චවෙරසමන්නාගතං. කතකිබ්බිසන්ති කතලුද්දකම්මං. න හි නං සොධයෙති සුන්දරිකා වා පයාගා වා බාහුකා වා න සොධයෙ, න සොධෙතීති වුත්තං හොති. පාපකම්මිනන්ති පාපකෙහි වෙරකිබ්බිසකම්මෙහි යුත්තං, ලාමකකම්මෙ යුත්තං වා වෙරකිබ්බිසභාවං අප්පත්තෙහි ඛුද්දකෙහිපි පාපෙහි යුත්තන්ති වුත්තං හොති.
වෙරිං ප්‍රාණඝාත, ආදි වූ පඤ්ච වෛරයෙන් යුත්, කත කිබ්බිසං කර ලද රුදුරු කර්ම ඇති. නහි නං සොධයෙ, සුන්දරිකා නදිය හෝ ප්රයාග තීර්ථය හෝ බාහුකා නදිය හෝ (පාප) ශෝධනය නො කරන්නේය. වෙසෙසින් පිරිසිදු නොකෙරේ යයි කියන ලද්දේ වෙයි. පාපකම්මිනං ලාමක වූ වෛර, රෞද්‍ර කර්මයන්ගෙන් යුක්ත වූ නොහොත් ලාමක කර්මයෙහි යෙදුනා වූ වෛර රෞද්‍ර බවට නොපැමිණි කුඩා වූද පාපයන්ගෙන් යුක්ත වූ යයි කියන ලද්දේ වෙයි.
සුද්ධස්සාති නික්කිලෙසස්ස. සදා ඵග්ගූති නිච්චම්පි ඵග්ගුනීනක්ඛත්තමෙව. ඵග්ගුනමාසෙ කිර “උත්තරඵග්ගුනදිවසෙ යො න්හායති, සො සංවච්ඡරං කතපාපං සොධෙතී”ති එවං දිට්ඨිකො සො බ්රාහ්මණො, තෙනස්ස භගවා තං දිට්ඨිං පටිහනන්තො ආහ “සුද්ධස්ස වෙ සදා ඵග්ගූ”ති. නික්කිලෙසස්ස නිච්චං ඵග්ගුනීනක්ඛත්තං, ඉතරො කිං සුජ්ඣතීති? උපොසථො සදාති සුද්ධස්ස ච චාතුද්දසපන්නරසාදීසු උපොසථඞ්ගානි අසමාදියතොපි නිච්චමෙව උපොසථො. සුද්ධස්ස සුචිකම්මස්සාති නික්කිලෙසතාය සුද්ධස්ස සුචීහි ච කායකම්මාදීහි සමන්නාගතස්ස. සදා සම්පජ්ජතෙ වතන්ති ඊදිසස්ස ච කුසලූපසඤ්හිතං වතසමාදානම්පි නිච්චං සම්පන්නමෙව හොතීති.
සුද්ධස්ස කෙලෙස් රහිත වූවහුට, සදාඵග්ගු හැමදා එග්ගුණ (උතුරුපල්) නැකත වේ. මැදින් මස උතුරුපල් නැකැත් දිනයෙහි යමෙක් ස්නානය කෙරේද, හෙතෙම අවුරුද්ද මුළුල්ලේම කළ පව් පිරිසිදු කෙරේ යයි ඒ බමුණු තෙම මෙවන් දෘෂ්ටි ඇත්තෙක් වීල. එහෙයින් බුදුරදහු ඔහුගේ දෘෂ්ටිය ඝටමින් (මෙය) වදාළහ. සුද්ධසස වෙ සදා එග්ගු යයි, කෙලෙස් නැත්තහුට නිරතුරු උතුරුපල් ගුණ නැකත වෙයි. එයින් අන්‍යයෝ කිම පිරිසිදු වෙත්දැයි, උපොසථො සදා යනු තවද කෙලෙස් රහිත වූ තුදුස්වක් පසලොස්වක් ආදී දිනයන්හි, පෙහෙවස් සමාදන් නොවන්නහුට ද නිත්‍යයෙන් ම පොහොය වෙයි. සුද්ධස්ස සුචිකම්මස්ස කෙලෙස් රහිත වූ බැවින්, පිරිසිදු වූ පවිත්‍ර වූ කාය කර්මාදියෙන් ද යුක්ත වූවහුට සදා සම්පජ්ජතෙ වතං යනුවෙන් මෙබඳු වූවහුට කුසලින් යුතු වත් සමාදානය නිතරම සමෘද්ධ වූයේම වේ යයි (දතයුතුය.)
ඉධෙව සිනාහීති ඉමස්මිංයෙව මම සාසනෙ සිනාහි. කිං වුත්තං හොති? “සචෙ අජ්ඣත්තිකකිලෙසමලප්පවාහනං ඉච්ඡසි, ඉධෙව මම සාසනෙ අට්ඨඞ්ගිකමග්ගසලිලෙන සිනාහි, අඤ්ඤත්ර හි ඉදං නත්ථී”ති.
ඉධෙව සිනාහි යනුවෙන් මේ මාගේ සසුනෙහිම ස්නානය කරව, මෙයින් කුමක් කියන ලදද යත්, ඉදින් අධ්‍යාත්මයෙහි කෙලෙස් පිරිසිදු කරනු කැමැත්තෙහි නම්, මේ මාගේ සස්නෙහි ආර්ය අෂ්ටාංගික මාර්ග නමැති ජලයෙන් ස්නානය කරව, යම්හෙයකින් අන්තැනෙක්හි මෙම (අරිඅටඟි මග නම් වූ ජලය) නැත් ද එහෙයිනි.
ඉදානිස්ස සප්පායදෙසනාවසෙන තීසුපි ද්වාරෙසු සුද්ධිං දස්සෙන්තො සබ්බභූතෙසු කරොහි ඛෙමතන්තිආදිමාහ. තත්ථ ඛෙමතන්ති අභයං හිතභාවං, මෙත්තන්ති වුත්තං හොති. එතෙනස්ස මනොද්වාරසුද්ධි දස්සිතා හොති.
මේ වනවිට ඔහුට සුදුසු දේශනා වශයෙන් තිදොර ශුද්ධිය දක්වන සේක්, සබ්බ භූතෙසු කරොහි ඛෙමතං යනාදිය වදාළහ. ඛෙමතං යනු අභය, හිතබව, මෛත්‍රිය යයි කියන ලද්දේ වෙයි. මේ පද දෙකෙන් ඔහුගේ මනෝද්වාරයෙහි ශුද්ධිය දක්වන ලද්දේ වෙයි.
සචෙ මුසා න භණසීති එතෙනස්ස වචීද්වාරසුද්ධි. සචෙ පාණං න හිංසසි සචෙ අදින්නං නාදියසීති එතෙහි කායද්වාරසුද්ධි. සද්දහානො අමච්ඡරීති එතෙහි පන නං එවං පරිසුද්ධද්වාරං සද්ධාසම්පදාය චාගසම්පදාය ච නියොජෙසි. කිං කාහසි ගයං ගන්ත්වා, උදපානොපි තෙ ගයාති අයං පන උපඩ්ඪගාථා, සචෙ සබ්බභූතෙසු ඛෙමතං කරිස්සසි, මුසා න භණිස්සසි, පාණං න හනිස්සසි, අදින්නං නාදියිස්සසි, සද්ධහානො අමච්ඡරී භවිස්සසි, කිං කාහසි ගයං ගන්ත්වා උදපානොපි තෙ ගයා, ගයායපි හි තෙ න්හායන්තස්ස උදපානෙපි ඉමාය එව පටිපත්තියා කිලෙසසුද්ධි, සරීරමලසුද්ධි පන උභයත්ථ සමාති එවං යොජෙතබ්බං. යස්මා ච ලොකෙ ගයා සම්මතතරා, තස්මා තස්ස භගවා “ගච්ඡති පන භවං ගොතමො බාහුක”න්ති පුට්ඨොපි “කිං කාහසි බාහුකං ගන්ත්වා”ති අවත්වා “කිං කාහසි ගයං ගන්ත්වා”ති ආහාති වෙදිතබ්බො.
සචෙ මුසා න භණසි යනුවෙන් මෙයින් වාග් ද්වාර ශුද්ධිය ද, සචෙ පාණං න හිංසසි සචෙ අදින්නං නාදියසි යනුවෙන් කායද්වාර ශුද්ධියද දක්වන ලද වෙයි. සද්දහානො අමච්ඡරී යන මේ පදවලින් මෙසේ පිරිසිදු තුන්දොර ඇති ඔහු සද්ධා සම්පත්තියෙහි ද, ත්‍යාග සම්පත්තියෙහි ද, යෙදවූහ. කිං කාහසි ගයං ගන්ත්වා උදපානොපි තෙ ගයා. යන මේ ගාථා අර්ථයෙන්, ඉදින් සියලු සත්ත්වයන් කෙරෙහි මෙත් කරන්නෙහි නම් බොරු නොකියන්නෙහි නම් ප්‍රාණඝාත නොකරන්නෙහි නම්, සොරකම් නොකරන්නෙහි නම්, ඇදහීම් ඇත්තේ නොමසුරු වන්නෙහි නම් ගයාවට ගොස් කුමක් කරන්නෙහි ද ළිඳද ඔබට ගයාව වෙයි. ගයාවෙහි ද ළිඳෙහි ද ස්නානය කරන්නා වූ ඔබගේ, මෙසේ වූ මෙම පිළිවෙතින් ශුද්ධිය වෙයි. ශරීර මල ශුද්ධිය වනාහි දෙතැන්හිම සමානයයි මෙසේ යෙදිය යුත්තේය. යම් හෙයකින් ගයාව ලෙව්හි සම්මත ද, එහෙයින් ඔහු විසින් භාග්‍යවත්හු, ගච්ඡති පන භවං ගොතමො බාහුකං යයි විචාරණ නමුත් කිං කාහසි බාහුකං ගන්ත්වා යයි නො වදාරා කිං කාහසි ගයං ගන්ත්වා යයි වදාළ බව දතයුතුයැ.
එවං වුත්තෙති එවමාදි භයභෙරවෙ වුත්තත්තා පාකටමෙව. එකො වූපකට්ඨොතිආදීසු පන එකො කායවිවෙකෙන. වූපකට්ඨො චිත්තවිවෙකෙන. අප්පමත්තො කම්මට්ඨානෙ සති අවිජහනෙන. ආතාපී කායිකචෙතසිකවීරියසඞ්ඛාතෙන ආතාපෙන. පහිතත්තො කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛතාය. විහරන්තො අඤ්ඤතරඉරියාපථවිහාරෙන. නචිරස්සෙවාති පබ්බජ්ජං උපාදාය වුච්චති.
එවං වුත්තෙ යන මේ ආදිය භයභෙරව සූත්‍රයෙහි කී බැවින් ප්‍රසිද්ධය. එකො වූපකට්ඨො යනාදියෙහි එකො, කාය විවේකයෙන් එකලා වූයේ, වුපකට්ඨො චිත්ත විවේකයෙන් හුදෙකලා වූයේ, අප්පමත්තො කමටහන්හි සිහිය නොහැරීමෙන් පමා නොවූයේ, ආතාපී කායික, චෛතසික වීර්ය නම් වූ ආතාපයෙන් යුක්ත වූයේ, පහිතත්තො කයෙහි ද, ජීවිතයෙහි ද අපේක්ෂා රහිත බැවින්, එක්තරා ඉරියව් විහරණයකින් වාසය කරන්නේ, න චිරස්සෙව පැවිද්ද පිළිබඳව කියන ලදී.
ද්විධ කුලපුත්‍රයෝ
කුලපුත්තාති දුවිධා කුලපුත්තා ජාතිකුලපුත්තා ච ආචාරකුලපුත්තා ච, අයං පන උභයථාපි කුලපුත්තො. අගාරස්මාති ඝරා. අගාරස්ස හිතං අගාරියං, කසිගොරක්ඛාදිකුටුම්බපොසනකම්මං වුච්චති, නත්ථි එත්ථ අගාරියන්ති අනගාරියං, පබ්බජ්ජායෙතං අධිවචනං. පබ්බජන්තීති උපගච්ඡන්ති උපසඞ්කමන්ති. තදනුත්තරන්ති තං අනුත්තරං. බ්රහ්මචරියපරියොසානන්ති මග්ගබ්රහ්මචරියස්ස පරියොසානං, අරහත්තඵලන්ති වුත්තං හොති. තස්ස හි අත්ථාය කුලපුත්තා පබ්බජන්ති. දිට්ඨෙව ධම්මෙති තස්මිංයෙව අත්තභාවෙ. සයං අභිඤ්ඤා සච්ඡිකත්වාති අත්තනායෙව පඤ්ඤාය පච්චක්ඛං කත්වා, අපරප්පච්චයං කත්වාති අත්ථො. උපසම්පජ්ජ විහාසීති පාපුණිත්වා සම්පාදෙත්වා විහාසීති, එවං විහරන්තො ච ඛීණා ජාති…පෙ… අබ්භඤ්ඤාසි. එතෙනස්ස පච්චවෙක්ඛණභූමිං දස්සෙති.
කුලපුත්තා යනුවෙන් ජාති කුලපුත්රයෝය, ආචාර කුලපුත්‍රයෝ යයි කුලපුත්‍රයෝ ද්විධ වෙති. මේ තෙම වනාහි දෙපරිද්දෙන්ම කුලපුත්‍ර වූයේ වෙයි. අගාරා, ගෙදරින් (ගිහිගෙයින්) අනගාරියං ගිහිගෙට හිත වූයේ අගාරිය නම් වේ. කෘෂිකර්මය, ගවපාලනය ආදී කුටුම්බ පොසන කම්ම ‘අගරිය’ යයි කියනු ලැබේ. එහි අගාරිය වූ කිසිවක් නැති බැවින් ‘අනගාරිය’ නම් වේ. අනගාරියං යනු පැවිද්දට නමකි. පබ්බජන්ති පැමිණෙත්. එළඹෙත්. තදනුත්තිරං, තං+අනුත්තරං යනුයි. බ්‍රහ්මචරිය පරියොසානං, මග බඹසරෙහි අවසානය වූ රහත්ඵලය කියන ලද වෙයි. එය එසේමැයි. එය සඳහා කුලපුත්‍රයෝ පැවිදි වෙති. දිට්ඨෙව ධම්මෙ එම ආත්මභාවයෙහිම සයං අභිඤ්ඤා සච්ඡි කත්වා තමා විසින්ම නුවණින් ප්රත්යක්ෂ කොට පරප්‍රත්‍ය රහිතකොට යන අර්ථයි. උපසම්පජ්ජ විහාසි පැමිණ සපයාගෙන වාසය කළේය. මෙසේ වාසය කරන්නේ ද, ඛීණා ජාති -පෙ- අබ්භඤ්ඤාසි මෙයින් ඔහුගේ ප්රත්යවේක්ෂා භූමිය දක්වයි.
කතමා පනස්ස ජාති ඛීණා? කථඤ්ච නං අබ්භඤ්ඤාසීති? වුච්චතෙ, කාමඤ්චෙතං භයභෙරවෙපි වුත්තං, තථාපි නං ඉධ පඨමපුරිසවසෙන යොජනානයස්ස දස්සනත්ථං පුන සඞ්ඛෙපතො භණාම. න තාවස්ස අතීතා ජාති ඛීණා, පුබ්බෙව ඛීණත්තා. න අනාගතා, තත්ථ වායාමාභාවතො. න පච්චුප්පන්නා, විජ්ජමානත්තා. මග්ගස්ස පන අභාවිතත්තා යා උප්පජ්ජෙය්ය එකචතුපඤ්චවොකාරභවෙසු එකචතුපඤ්චක්ඛන්ධප්පභෙදා ජාති, සා මග්ගස්ස භාවිතත්තා අනුප්පාදධම්මතං ආපජ්ජනෙන ඛීණා, තං සො මග්ගභාවනාය පහීනකිලෙසෙ පච්චවෙක්ඛිත්වා කිලෙසාභාවෙ විජ්ජමානම්පි කම්මං ආයතිං අප්පටිසන්ධිකං හොතීති ජානන්තො ජානාති.
ඔහුගේ කිනම් ජාතියක් ක්ෂය වූවාද? කෙසේ නම් එය දැනගත්තේද? යම් හෙයකින් මෙය භයභේරව සූත්‍රයෙහි කියන ලදද, එතකුදු වුවත් එය මෙහි ප්‍රථම පුරුෂයාගේ වශයෙන් යෝජනා ක්‍රමය දක්වනු පිණිස නැවත සැකෙවින් කියමු. පළමුකොට ඔහුගේ අතීත ජාති ක්ෂය වූවා නොවෙයි. පෙරම ක්ෂය වූ බැවිනි. අනාගත ජාතිය ද නොවේ. එහි උත්සාහයක් නැති හෙයිනි. වර්තමාන ජාතියද නොවේ. විද්‍යමාන බැවිනි. විශේෂයක් ඇත. මාර්ගය නොවැඩු බැවින්, එක-චතු-පඤ්ච-වොකාර භවයන්හි, එක- චතු-පඤ්ච-ස්කන්ධ ප්රභේදගත වූ යම් ජාතියක් උපදීනම් ඕතොමෝ මාර්ගය වැඩූ බැවින් අනුත්පාද ස්වභාවයට පැමිණීමෙන් ක්ෂය වූවාය. හෙතෙම මාර්ග භාවනාවෙන් ප්‍රහීණ වූ කෙලෙසුන් ප්රත්යවේක්ෂාකොට කෙලෙස් නැති කල්හි විද්‍යමාන වූ කර්මය මත්තෙහි පටිසන්ධිය නොදෙන්නේ වේ යයි දන්නේ එය දැනගනී.
වුසිතන්ති වුත්ථං පරිවුත්ථං, කතං චරිතං නිට්ඨාපිතන්ති අත්ථො. බ්රහ්මචරියන්ති මග්ගබ්රහ්මචරියං. කතං කරණීයන්ති චතූසු සච්චෙසු චතූහි මග්ගෙහි පරිඤ්ඤාපහානසච්ඡිකිරියභාවනාවසෙන සොළසවිධම්පි කිච්චං නිට්ඨාපිතන්ති අත්ථො.
වුසිතං වසන ලද පරිවසන ලද, කරන ලද, හැසිරෙන ලද, නිමවන ලද යන අර්ථය. බ්රහ්මචරියං මාර්ග බ්‍රහ්මචර්යාවයි. කතං කරණීයං චතුරාර්ය සත්‍ය ධර්මයන්හි සතර මගින් පරිඤ්ඤා-පහාන-සච්ඡිකිරියා-භාවනා වශයෙන් සොළසවිධ වූ කෘත්‍ය නිමවන ලද යන අර්ථයි.
නාපරං ඉත්ථත්තායාති ඉදානි පුනඉත්ථභාවාය එවංසොළසකිච්චභාවාය, කිලෙසක්ඛයාය වා මග්ගභාවනා නත්ථීති. අථ වා, ඉත්ථත්තායාති ඉත්ථභාවතො ඉමස්මා එවංපකාරා ඉදානි වත්තමානක්ඛන්ධසන්තානා අපරං ඛන්ධසන්තානං නත්ථි. ඉමෙ පන පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති, ඡින්නමූලකො රුක්ඛො වියාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරොති එකො. අරහතන්ති අරහන්තානං, භගවතො සාවකානං අරහතං අබ්භන්තරො අහොසීති.
නා පරං ඉත්ථත්තාය දැන් නැවත ඉත්ථම්භාවය (මේ භවය) පිණිස මෙසේ සෝලසාකාර කෘත්‍යය කළයුතු බව පිණිස හෝ ක්ලේශ ප්රහාණය පිණිස මාර්ග භාවනාවකින් නැතැයි නොහොත් ඉත්ථත්තාය, මේ භාවයෙන් මෙබඳු ප්‍රකාර වූ දැන් පවත්නා ස්කන්ධ පරම්පරාවෙන් අන්‍ය වූ ස්කන්ධ පරම්පරාවක් නැත. මේ පංචස්කන්ධයෝ සිඳින ලද මුල් ඇති රුකක් මෙන් සිටිත් යයි දැන ගත්තේය. අඤ්ඤතරො යනු එක් අරහතං රහතුන් අතුරෙන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක රහතුන්ගේ අතරෙහි අභ්‍යන්තරයෙහි වූයේ විය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය වත්ථසුත්තවණ්ණනා නිට්ඨිතා.
වත්ථ සූත්‍ර වර්ණනාව නිමි.