සල්ලෙඛසුත්තවණ්ණනා අට්ඨකථා
සල්ලෙඛසුත්තවණ්ණනා
සල්ලෙඛ සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සල්ලෙඛසුත්තං. තත්ථ මහාචුන්දොති තස්ස ථෙරස්ස නාමං. සායන්හසමයන්ති සායන්හකාලෙ. පටිසල්ලානා වුට්ඨිතොති එත්ථ පටිසල්ලානන්ති තෙහි තෙහි සත්තසඞ්ඛාරෙහි පටිනිවත්තිත්වා සල්ලානං නිලීයනං, එකීභාවො පවිවෙකොති වුත්තං හොති. යො තතො වුට්ඨිතො, සො පටිසල්ලානා වුට්ඨිතො නාම හොති. අයං පන යස්මා පටිසල්ලානානං උත්තමතො ඵලසමාපත්තිතො වුට්ඨාසි, තස්මා “පටිසල්ලානා වුට්ඨිතො”ති වුත්තො.
එවම්මෙසුතං යනු සල්ලෙඛ සූත්‍රයයි. එහි මහාචුන්දො යනු එම තෙරුන්ගේ නාමයයි. සායණ්හ සමයං, සවස් කාලයෙහි, පටිසල්ලාණා වුට්ඨිතො මෙහි පටිසල්ලාණං යනු ඒ ඒ සත්ත්ව සංඛාරයන් කෙරෙහි ආපසු හැරී, සල්ලාණය, නිලීයන එකඟ බව ප්රකර්ෂ විවේකය යයි කියන ලද වෙයි. යමෙක් එම (සල්ලාණ නම් වූ) සමවතින් නැගීසිටියේද, හෙතෙම පටිසල්ලාණ වුට්ඨිත නම් වේ. මෙතෙම වූ කලී උතුම් වූ ඵලසමවතින් නැගී සිටියේ ද, එහෙයින් පටිසල්ලාණා වුට්ඨිතො යයි කියන ලද්දේ වෙයි.
භගවන්තං අභිවාදෙත්වාති සමදසනඛුජ්ජලවිභූසිතෙන සිරසා භගවන්තං සක්කච්චං වන්දිත්වා, අභිවාදාපෙත්වා වා “සුඛී භව, චුන්දා”ති එවං වචීභෙදං කාරාපෙත්වා, භගවා පන කිර වන්දිතො සමානො සුවණ්ණදුන්දුභිසදිසං ගීවං පග්ගය්හ කණ්ණසුඛං පෙමනියං අමතාභිසෙකසදිසං බ්රහ්මඝොසං නිච්ඡාරෙන්තො “සුඛී හොහී”ති තස්ස තස්ස නාමං ගහෙත්වා වදති, එතං ආචිණ්ණං තථාගතානං. තත්රිදං සාධකසුත්තං, “සක්කො, භන්තෙ, දෙවානමින්දො සාමච්චො සපරිජනො භගවතො පාදෙ සිරසා වන්දතීති, සුඛී හොතු පඤ්චසිඛ සක්කො දෙවානමින්දො සාමච්චො සපරිජනො, සුඛකාමා හි දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා, යෙ චඤ්ඤෙ සන්ති පුථුකායා”ති. එවඤ්ච පන තථාගතා එවරූපෙ මහෙසක්ඛෙ යක්ඛෙ අභිවදන්තීති.
භගවන්නං අභිවාදෙත්වා, සම වූ දසනියෙන් දිලියෙන, දොහොතින් සරසන ලද හිසින් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, අභිවාදනය කරවා, හෙවත් චුන්දය, සුවපත් වේවායි මෙසේ වාග්භේදය කරවා, භාග්‍යවතුන් වහන්සේ වඳනා ලද්දාහු රන් මිහිඟු බෙරයක් වැනි වූ ග්රීවය ගෙන කර්ණසුඛ වූ ප්‍රේමණීය වූ අමෘතාභිෂේකයක් වැනි වූ බ්‍රහ්ම ඝෝෂය විහිදුවමින් සුඛී හොකි යයි ඒ ඒ වැන්ද අයගේ නම්ද ගෙන කියන සේක. මෙසේ එම කාරණය බුදුරදුන් විසින් පුරුදු කරන ලද්දකි. මේ එයට නිදර්ශන සූත්රයකි. සක්කො භන්තෙ දෙවා නමින්දො සාමච්චො සපරිජනො භගවතො පාදෙ සිරසා වන්දතීති, සුඛී හොතු පඤ්චසිඛ, දෙවානමින්දො සාමච්චො සපරිජනො සුඛකාමාහි දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා යෙපිචඤ්ඤෙ සන්ති පුථුකායාති (ස්වාමීනි, සදෙව් තම හිතවත් පිරිවර ජනයා සහිත වූයේ, බුදුරදුන්ගේ පාදයන් මස්තකයෙන් වඳියි යයි, පඤ්චශිඛය, සුහෘදයන් සහිත වූ සක්දෙව්රද සුවපත් වේවා. යම්හෙයකින් දෙවියෝ ද මනුෂ්‍යයෝ ද අසුරයෝ ද නාගයෝ ද, ගාන්ධර්වයෝ ද අන්‍ය වූත් යම් මහජන කෙනෙක් වෙත්නම් ඔවුහු ද සැපයට කැමැත්තාහු ද එහෙයිනැයි) මෙසේද තථාගතයන් වහන්සේ මෙබඳු මහේශාක්‍ය දේවතාවන්ට ප්‍රකාශ කෙරෙත් යයි.
යා ඉමාති ඉදානි වත්තබ්බාභිමුඛං කරොන්තො විය ආහ. අනෙකවිහිතාති නානප්පකාරා. දිට්ඨියොති මිච්ඡාදිට්ඨියො. ලොකෙ උප්පජ්ජන්තීති සත්තෙසු පාතුභවන්ති. අත්තවාදප්පටිසංයුත්තාති “රූපං අත්තතො සමනුපස්සතී”තිආදිනයප්පවත්තෙන අත්තවාදෙන පටිසංයුත්තා, තා වීසති භවන්ති.
යා ඉමා යනුවෙන් දැන් කිවයුතු වූ දෘෂ්ටීන් ඉදිරිපත් කරන්නාක් මෙන් වදාළහ. අනෙක විහිතා නානාප්‍රකාර වූ දිට්ඨියො මිථ්‍යා දෘෂ්ටීහු, ලොකෙ උප්පජ්ජන්ති සත්ත්වයන් අතරෙහි උපදිත් ද, අත්තවාද පටිසංයුත්තා යනු රූපං අත්තතො සමනුපස්සති ආදි ක්‍රමයෙන් පැවැති ආත්ම දෘෂ්ටීන්ගෙන් යුක්ත වූවාහු, ඔවුහු විසිදෙනෙක් වෙති.
ලොකවාදප්පටිසංයුත්තාති “සස්සතො අත්තා ච ලොකො චා”තිආදිනයප්පවත්තෙන ලොකවාදෙන පටිසංයුත්තා, තා අට්ඨ හොන්ති සස්සතො, අසස්සතො, සස්සතො ච අසස්සතො ච, නෙව සස්සතො නාසස්සතො, අන්තවා, අනන්තවා, අන්තවා ච අනන්තවා ච, නෙවන්තවා නානන්තවා අත්තා ච ලොකො චාති එවං පවත්තත්තා.
ලොකවාද පටිසංයුත්තා යන සස්සතො අත්තා ච ලොකොච යනාදි ක්‍රමයෙන් පැවැති ලෝකවාදයෙන් යුක්ත වූවාහු, ඒ දෘෂ්ටීහු අටදෙනෙක් වෙති. සස්සතො, අසස්සතො, සස්සතො ච අසස්සතො ච, නෙව සස්සතො නාසස්ස තො, අන්තවා, අනන්තවා, අන්තවා ච අනන්තවා ච, නෙවන්තවා නානන්තවා අත්තා ච ලොකො යයි මේ අයුරින් පැවති බැවිනි.
ආදිමෙවාතිආදීසු අයමත්ථො කිං නු ඛො භන්තෙ ආදිමෙව මනසිකරොන්තස්ස අප්පත්වාපි සොතාපත්තිමග්ගං විපස්සනාමිස්සකපඨමමනසිකාරමෙව මනසිකරොන්තස්ස භික්ඛුනො එවමෙතාසං එත්තකෙනෙව උපායෙන එතාසං දිට්ඨීනං පහානඤ්ච පටිනිස්සග්ගො ච හොතීති. ඉදඤ්ච ථෙරො අත්තනා අනධිමානිකොපි සමානො අධිමානිකානං අධිමානප්පහානත්ථං අධිමානිකො විය හුත්වා පුච්ඡතීති වෙදිතබ්බො.
ආදිමෙව යනාදියෙහි මේ අර්ථයයි. කිමෙක්ද ස්වාමීනි, පළමුකොටම මෙනෙහි කරන්නහුට, සෝවාන්මගට නොපැමිණීම, විදර්ශනාවෙන් මිශ්‍ර වූ පළමු මනසිකාරයම මෙනෙහි කරන භික්ෂුවට මෙසේ මොවුන්ගේ මෙතෙක් දැක්වූ උපායෙන්ම මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණයත් දුරලීමත් වේද? යනුවෙන් තෙරණුවෝ තමන් අධිමාන රහිත වූවාහුම, අධිගතයෙමියි යන මාන ඇත්තවුන්ගේ, අධිමාන ප්රහාණය පිණිස අධිමාන ඇත්තෙකු මෙන් වී, විචාරත් යයි දතයුතුයැ.
අපරෙ පනාහු “ථෙරස්ස අන්තෙවාසිකා ආදිමනසිකාරෙනෙව දිට්ඨීනං සමුච්ඡෙදප්පහානං හොතීති එවංසඤ්ඤිනොපි, සමාපත්තිවිහාරා සල්ලෙඛවිහාරාති එවංසඤ්ඤිනොපි අත්ථි. සො තෙසං අත්ථාය භගවන්තං පුච්ඡතී”ති.
(අපරෙ) අන්‍ය ආචාර්ය කෙනෙක් තෙරුන් වහන්සේගේ අතවැසියෝ ප්‍රථම මනසිකාරයෙන් ම දෘෂ්ටීන්ගේ සමුචේඡද ප්රහාණය වේයයි මෙවන් හැගීම් ඇත්තාහු ද, සමාපත්ති විහරණයෝ සල්ලෙඛ විහරණයෝ යයි, මෙසේ සංඥා ඇත්තාහුද ඇති බැවින් ඒ තෙරණුවෝ ඔවුන්ට වැඩ පිණිස බුදුරදුන් විචාළහයි කීහ.
අථස්ස භගවා තාසං දිට්ඨීනං පහානූපායං දස්සෙන්තො යා ඉමාතිආදිමාහ. තත්ථ යත්ථ චෙතා දිට්ඨියො උප්පජ්ජන්තීතිආදි පඤ්චක්ඛන්ධෙ සන්ධාය වුත්තං. එතෙසු හි එතා දිට්ඨියො උප්පජ්ජන්ති. යථාහ “රූපෙ ඛො, භික්ඛවෙ, සති රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති, සො අත්තා සො ලොකො සො පෙච්ච භවිස්සාමි නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො”ති (සං· නි· 3.152) විත්ථාරො. ආරම්මණවසෙන පන එකවචනං කත්වා යත්ථ චාති ආහ, යස්මිං ආරම්මණෙ උප්පජ්ජන්තීති වුත්තං හොති. එත්ථ ච උප්පජ්ජන්ති අනුසෙන්ති සමුදාචරන්තීති ඉමෙසං එවං නානාකරණං වෙදිතබ්බං. ජාතිවසෙන හි අජාතා ජායමානා උප්පජ්ජන්තීති වුච්චන්ති. පුනප්පුනං ආසෙවිතා ථාමගතා අප්පටිවිනීතා අනුසෙන්තීති. කායවචීද්වාරං සම්පත්තා සමුදාචරන්තීති, ඉදමෙතෙසං නානාකරණං.
අනතුරුව එම තෙරුන්ට එම දෘෂ්ටීන්ගේ ප්රහාණය දක්වන සේක්, යා ඉමා, යනාදිය වදාළහ. එහි යත්ථ චෙතා දිට්ඨියො උප්පජ්ජන්ති යනාදිය පංචස්කන්ධය සඳහා වදාරණ ලදී. මේ පංචස්කන්ධයෙහිම මෙම දෘෂ්ටීහු උපදිති. එහෙයින් වදාළහ. රූපෙ ඛො භික්ඛවෙ සති, රූපං අභිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති සො, අත්තා සො ලොකො සො පෙච්ච භවිස්සාමි, නිච්චො ධුවො සස්සතො අවිපරිණාම ධම්මො (මහණෙනි, රූපය ඇතිකල්හිම, රූපයෙහි පිහිටා මෙසේ දෘෂ්ටිය උපදියි. ඒ මම ආත්මය වෙමි. ඒ මම ලෝකය වෙමි. ඒ මම පරලොව වන්නෙමි. සර්වකාලිකය. ස්ථිරය. ච්‍යුත වීම් රහිතය. ප්‍රකෘතිය අත්නොහරින ස්වභාව ඇත්තේ යයි) යනු විස්තරයයි. අරමුණු වශයෙන් එක්වචන කොට යත්ථ ච යයි වදාළහ. යම් අරමුණෙක්හි උපදිත් යයි කියන ලද්දේ වෙයි. මෙහිද උප්පජ්ජති, අනුසෙන්ති, සමුදාචරන්ති යන මෙ පදයන්ගේ නානාකරණය දතයුතුය. ජාති වශයෙන් වනාහි, නූපන්නහු උපදින්නේ උපජ්ජන්ති යයි කියනු ලැබෙත්. නැවත, නැවත සෙවුනා ලද්දාහු, ථාවර වූවාහු නොහික්මවන ලද්දාහු අනුසෙන්ති අනුව හොවිත් යයි කියනු ලැබෙත්. කාය, වාග් ද්වාරයට පැමිණියාහු සමුදාචරන්ති හැසිරෙත් යයි කියනු ලැබෙත්. මේ ඔවුන්ගේ නානාකරණයයි. (නානත්වයයි)
තං නෙතං මමාතිආදීසු තං පඤ්චක්ඛන්ධප්පභෙදං ආරම්මණමෙතං මය්හං න හොති, අහම්පි එසො න අස්මි, එසො මෙ අත්තාපි න හොතීති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතොති එවං තාව පදත්ථො වෙදිතබ්බො.
තං නෙතං මම යන ආදි තන්හි, ඒ පංචස්කන්ධයාගේ ප්‍රභේද වූ අරමුණ, මෙය මාගේ නොවෙයි. මමත් මෙතෙම නොවෙමි. මේ මගේ ආත්මයත් නොවේ යයි. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො මෙසේ පළමුකොට පදාර්ථ දතයුතුයැ.
යස්මා පන එත්ථ එතං මමාති තණ්හාගාහො, තඤ්ච ගණ්හන්තො අට්ඨසතතණ්හාවිචරිතප්පභෙදං තණ්හාපපඤ්චං ගණ්හාති. එසොහමස්මීති මානගාහො, තඤ්ච ගණ්හන්තො නවප්පභෙදං මානපපඤ්චං ගණ්හාති.
යම්හෙයකින් වනාහි මෙහි එතං මම යනු තණ්හාවෙන් ගැනීම වේද, එයද ග්‍රහණය කරන්නේ, එකසිය අටක් හැසිරීම් ප්රභේදයන් ඇති, තණ්හා ප්‍රපඤ්චය ගනියි. එසොහමස්මි යනු මානයෙන් ගැනීමයි. නව ප්‍රභේද ඇති මාන පපඤ්චය ගනියි.
එසො මෙ අත්තාති දිට්ඨිගාහො, තඤ්ච ගණ්හන්තො ද්වාසට්ඨිදිට්ඨිගතප්පභෙදං දිට්ඨිපපඤ්චං ගණ්හාති.
එසො මෙ අත්තා යනු දෘෂ්ටි වශයෙන් ගැනීම් වේද, එය ග්‍රහණය කරන්නේ හැටදෙකක් ප්රභේදගත දෘෂ්ටි පපඤ්චය ගනියි.
තස්මා නෙතං මමාති වදන්තො භගවා යථාවුත්තප්පභෙදං තණ්හාපපඤ්චං පටික්ඛිපති. නෙසොහමස්මීති මානපපඤ්චං. න මෙසො අත්තාති දිට්ඨිපපඤ්චං. දිට්ඨෙකට්ඨායෙව චෙත්ථ තණ්හාමානා වෙදිතබ්බා. එවමෙතන්ති එවං “නෙතං මමා”තිආදිනා ආකාරෙන එතං ඛන්ධපඤ්චකං. යථාභූතන්ති යථා සභාවං, යථා අත්ථීති වුත්තං හොති. ඛන්ධපඤ්චකඤ්හි එතෙනෙව ආකාරෙන අත්ථි. මමන්තිආදිනා පන ගය්හමානම්පි තෙනාකාරෙන නෙවත්ථීති අධිප්පායො. සම්මප්පඤ්ඤාය පස්සතොති සොතාපත්තිමග්ගපඤ්ඤාපරියොසානාය විපස්සනාපඤ්ඤාය සුට්ඨු පස්සන්තස්ස. එවමෙතාසන්ති එතෙන උපායෙන එතාසං. පහානං පටිනිස්සග්ගොති උභයම්පෙතං සමුච්ඡෙදප්පහානස්සෙවාධිවචනං.
එහෙයින්, නෙතං මම යයි වදාරන්නා වූ බුදුරදහු ඉහත සඳහන් තෘෂ්ණා ප්‍රපඤ්චය ප්‍රතික්ෂේප කරන සේක. න සො හමස්මි යනුවෙන් මාන ප්‍රපඤ්චය ද න මෙ සො අත්තා යනුවෙන් දෘෂ්ටි ප්‍රපඤ්චය ද, (ප්රතික්ෂෙප කරන සේක.) මෙහි තණ්හා මානයෝ දිට්ඨිය හා එක් වූවාහු යයි දතයුත්තාහ. එවමෙතං, මෙසේ නෙතං මම යනාදි ආකාරයෙන් මෙම ස්කන්ධ පංචකය යථාභූතං තත් වූ පරිදි යම්සේ ඇත්තේ ද එසේ යයි කියන ලද්දේ වෙයි. ඒ එසේමැයි. පංචස්කන්ධය මේ ආකාරයෙන්ම අත්ථි මම, යනාදි වශයෙන් ග්‍රහණය කරන්නේ නොම ඇත යන අදහසයි. සම්මප්පඤ්ඤාය පස්සතො සෝවාන් මග නැණ අවසන්කොට ඇති විදසුන් නැණින් මනාකොට දක්නහුට එවමෙතෙසං මේ උපායෙන් මොවුන්ගේ පහාතං පටිනිස්සග්ගො යන මේ (පද) කෙම සමුච්ඡෙද ප්රහාණයටම නමකි.
එවං භගවා ආදිමනසිකාරෙනෙව දිට්ඨීනං පහානං හොති නු ඛො නොති ආයස්මතා මහාචුන්දෙන අධිමානිකානං වසෙන පඤ්හං පුට්ඨො සොතාපත්තිමග්ගෙන දිට්ඨිප්පහානං දස්සෙත්වා ඉදානි සයමෙව අධිමානිකානං ඣානං විභජන්තො ඨානං ඛො පනෙතන්තිආදිමාහ.
මෙසේ බුදුරදහු ආදි මනසිකාරයෙන්ම දෘෂ්ටීන්ගේ ප්රහාණය වේදෝ හෝ නොවේදෝහෝයි ආයුෂ්මත් මහාචුන්ද තෙරුන් විසින් අධිගතයෙමි යන මාන ඇත්තවුන්ගේ, වශයෙන් ප්‍රශ්න විචාරණ ලද්දාහු සෝවාන් මගින් දිටඨි ප්රහාණය දක්වා මේ වනවිට තමන් වහන්සේම අධිමානිකයන්ගේ ධ්‍යානය විභාග කරන සේක්, ඨානං ඛො පනෙතං යනාදිය වදාළහ.
තත්ථ අධිමානිකා නාම යෙසං අප්පත්තෙ පත්තසඤ්ඤාය අධිමානො උප්පජ්ජති, ස්වායං උප්පජ්ජමානො නෙව ලොකවට්ටානුසාරීනං බාලපුථුජ්ජනානං උප්පජ්ජති, න අරියසාවකානං. න හි සොතාපන්නස්ස “සකදාගාමී අහ”න්ති අධිමානො උප්පජ්ජති, න සකදාගාමිස්ස “අනාගාමී අහ”න්ති, න අනාගාමිනො “අරහා අහ”න්ති, කාරකස්සෙව පන සමථවසෙන වා විපස්සනාවසෙන වා වික්ඛම්භිතකිලෙසස්ස නිච්චං යුත්තපයුත්තස්ස ආරද්ධවිපස්සකස්ස උප්පජ්ජති.
එහි අධිමානිකයෝ නම්, යම් කෙනෙකුට නොපැමිණි (මාර්ගඵල)යෙහි පැමිණියේය යන සංඥාවෙන් අධිමානය උපදී ද, (ඔවුහුය) ඒ මේ අධිමාන උපදනේ ලෝකයෙහි වට්ටානුසාරී වූ බාල පුහුදුන් හට නොම උපදී. ආර්ය ශ්‍රාවකයන්ට නොම උපදියි. සෝවාන් වූවහුට මම සකෘදාගාමි වෙමියි, යයි අධිමානය නොම උපදී. සකෘදාගාමියාට මම අනාගාමි වෙමියි අධිමානය නොම උපදී. අනාගාමි පුද්ගලයාට මම රහත් වෙමියි, අධිමාන නොම උපදී. සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් හෝ විෂ්කම්භණය කළ කෙලෙස් ඇති නිත්‍යයෙන් යුක්ත වූ ප්‍රයුක්ත වූ පටන්ගන්නා ලද විදර්ශනා ඇති කාරකයා හටම උපදී.
තස්ස හි සමථවික්ඛම්භිතානං වා විපස්සනාවික්ඛම්භිතානං වා කිලෙසානං සමුදාචාරං අපස්සතො “සොතාපන්නො අහන්ති වා, සකදාගාමී, අනාගාමී, අරහා අහ”න්ති වා අධිමානො උප්පජ්ජති, තලඞ්ගරතිස්සපබ්බතවාසිධම්මදින්නත්ථෙරෙන ඔවාදියමානත්ථෙරානං විය.
ඒ එසේමැයි, සමථ භාවනාවෙන් විෂ්කම්භණය කළා වූ හෝ විදර්ශනා භාවනාවෙන් විෂ්කම්භණය කළා වූ හෝ කෙලෙසුන් හැසිරීම නොදක්නා වූ ඕහටම මම සෝතාපන්න වෙමියි හෝ සකෘදාගාමි අනාගාමි මම රහත් වෙමියි හෝ අධිමානය උපදී. තලගුරු තිස්සපබ්බතවාසී ධම්මදින්න තෙරුන් විසින් අවවාද කරනු ලැබූ තෙරවරුන් මෙනි.
ධම්මදින්න තෙරුන් වහන්සේ
ථෙරස්ස කිර අචිරූපසම්පන්නස්සෙව ඔවාදෙ ඨත්වා බහූ භික්ඛූ විසෙසං අධිගච්ඡිංසු. තං පවත්තිං සුත්වා තිස්සමහාවිහාරවාසී භික්ඛුසඞ්ඝො “න අට්ඨානනියොජකො ථෙරොති ථෙරං ආනෙථා”ති සම්බහුලෙ භික්ඛූ පාහෙසි. තෙ ගන්ත්වා, “ආවුසො, ධම්මදින්න භික්ඛුසඞ්ඝො තං පක්කොසාපෙතී”ති ආහංසු. සො ආහ “කිං පන තුම්හෙ, භන්තෙ, අත්තානං ගවෙසථ පර”න්ති? අත්තානං සප්පුරිසාති, සො තෙසං කම්මට්ඨානමදාසි, සබ්බෙව අරහත්තං පාපුණිංසු. භික්ඛුසඞ්ඝො පුන අඤ්ඤෙ භික්ඛූ පාහෙසි, එවං යාවතතියං පහිතා සබ්බෙපි තත්ථෙව අරහත්තං පත්වා විහරිංසු.
උපසපන් නොබෝකල් ඇති ධම්මදින්න තෙරුන්වහන්සේගේ අවවාදයෙහි පිහිටා බොහෝ භික්ෂූහු විශේෂ ගුණයන්ට පැමිණියාහුය. මෙම පුවත අසා තිස්සමහා විහාරවාසී, භික්ෂු සංඝතෙම ස්ථවිර තෙම අස්ථානයෙහි යොදවන්නෙක් නොවෙති. තෙරුන් කැඳවාගෙන එව් යයි බොහෝ භික්ෂූන් යැවූහ. ඔවුහු ගොස් ඇවැත්නි ධම්මදින්නයෙනි, භික්ෂු සංඝතෙම ඔබ කැඳවායයි, කීවාහුය. හෙතෙම මෙසේ කීය. කිමෙක්ද වහන්ස, තෙපි තමා සෙවීම කෙරෙත් ද, අනුන් සෙවීම කෙරෙත්දැයි සත්පුරුෂය තමා සෙවීම කරමුයයි (කීහ) හෙතෙම ඔවුන්ට කමටහන් දින. සියල්ලෝම රහත්බවට පැමිණියාහුය. භික්ෂු සංඝ තෙම නැවත අන්‍ය භික්ෂූන් යැවීය. මෙසේ තුන්වන වර දක්වා යවනු ලැබූ සියල්ලෝම එහිදීම රහත්බවට පැමිණ වාසය කළාහුය.
තතො සඞ්ඝො ගතගතා නාගච්ඡන්තීති අඤ්ඤතරං වුඩ්ඪපබ්බජිතං පාහෙසි. සො ගන්ත්වා ච, “භන්තෙ, ධම්මදින්න තික්ඛත්තුං තිස්සමහාවිහාරවාසී භික්ඛුසඞ්ඝො තුය්හං සන්තිකෙ පෙසෙසි, ත්වං නාම සඞ්ඝස්ස ආණං ගරුං න කරොසි, නාගච්ඡසී”ති ආහ. ථෙරො කිමෙතන්ති පණ්ණසාලං අප්පවිසිත්වාව පත්තචීවරං ගාහාපෙත්වා තාවදෙව නික්ඛමි, සො අන්තරාමග්ගෙ හඞ්කනවිහාරං පාවිසි.
ඉක්බිති සංඝ තෙම ගිය ගිය අන නොම එතියයි, එක්තරා මහලු පැවිද්දෙකු යැවීය. හෙතෙම ගොස්, ස්වාමීනි, ධම්මදින්නය, තුන්වරක් තිස්සමහා විහාර භික්ෂු සංඝ තෙම ඔබ වෙත දූතයන් එවූයේය. තෙපි සංඝයාගේ ආඥාව ගරු නොකළහුද? නොආවාහුදැයි කීය. ස්ථවිර තෙම මේ කිමෙක්දැයි පන්සලට නොපිවිසම පාසිවුරු ගෙන්වාගෙන, එකෙනෙහිම නික්මින. හෙතෙම අතරමග හඞ්කන විහාරයට පිවිසීය.
තත්ථ චෙකො මහාථෙරො සට්ඨිවස්සාතීතො අධිමානෙන අරහත්තං පටිජානාති. ථෙරො තං උපසඞ්කමිත්වා වන්දිත්වා පටිසන්ථාරං කත්වා අධිගමං පුච්ඡි. ථෙරො ආහ “ආම ධම්මදින්න, යං පබ්බජිතෙන කාතබ්බං, චිරකතං තං මයා, අතීතසට්ඨිවස්සොම්හි එතරහී”ති. කිං, භන්තෙ, ඉද්ධිම්පි වළඤ්ජෙථාති. ආම ධම්මදින්නාති. සාධු වත, භන්තෙ, හත්ථිං තුම්හාකං පටිමුඛං ආගච්ඡන්තං මාපෙථාති. සාධාවුසොති ථෙරො සබ්බසෙතං සත්තප්පතිට්ඨං තිධාපභින්නං නඞ්ගුට්ඨං බීජයමානං සොණ්ඩං මුඛෙ පක්ඛිපිත්වා ද්වීහි දන්තෙහි විජ්ඣිතුකාමං විය පටිමුඛං ආගච්ඡන්තං මහාහත්ථිං මාපෙසි.
එහිදු එක් සැටවස් ඉක්මවන ලද මහතෙර කෙනෙක් අධිමානයෙන් යුතුව රහත්බව ප්‍රතිඥා කෙරෙයි. තෙරුන්වහන්සේ එම මහතෙරුන් වෙත එළඹ වැඳ පිළිසඳර කථාකොට අධිගමය විචාළහ. මහතෙර මෙසේ කීය. එසේය ධම්මදින්නය. පැවිද්දා විසින් යමක් කළයුතුද. එය මා විසින් කරන ලදුව බොහෝකල් ඉක්ම ඇත. දැන් ඉක්මවූ සැටවස් ඇත්තෙක් වෙමි. කිම වහන්ස, සෘද්ධිය වළඳන්නහුද? එසේය ධම්මදින්නය, ඒකාන්තයෙන් යහපති ස්වාමීන් වහන්ස. ඇතෙකු ඔබ හමුවට එන්නක්හුකොට මැවුව මැනවයි, මැනවි ඇවැත්නි, යයි ස්ථවිර තෙමේ සර්‍වශ්වේත වු සත්තැනකින් (පොලොවේ) පිහිටි තුන්පරිද්දකින් ප්‍රභේද වූ නගුට චලනය කරන්නා වූ සොඩ මුඛයෙහි බහා දෙදලින් විදිනු කැමති වූවෙකු මෙන් වූ ඉදිරියට එන්නා වූ මහා හස්තියෙකු මැවීය.
සො තං අත්තනායෙව මාපිතං හත්ථිං දිස්වා භීතො පලායිතුං ආරභි. තදාව අත්තානං “නාහං අරහා”ති ඤත්වා ධම්මදින්නස්ස පාදමූලෙ උක්කුටිකං නිසීදිත්වා “පතිට්ඨා මෙ හොහි, ආවුසො”ති ආහ. ධම්මදින්නො “මා, භන්තෙ, සොචි, මා අනත්තමනො අහොසි, කාරකානංයෙව අධිමානො උප්පජ්ජතී”ති ථෙරං සමස්සාසෙත්‍වා කම්මට්ඨානමදාසි. ථෙරො තස්සොවාදෙ ඨත්වා අරහත්තං පාපුණි.
හෙතෙම ඒ තමා විසින්ම මවන ලද ඇතා දැක බියවූයේ පලායන්ට පටන්ගත, එවිටම තමා මම නො රහත්මි යයි, දැන ධම්මදින්න තෙරුන් පාමුල උක්කුටිකට හිඳ ඇවැත්නි මට පිහිට වේවයි කීය. ධම්මදින්න තෙම, වහන්ස ශෝක නොවන්න. දොම්නස් නොවන්න. කාරකයන්ටම (අධිගමය සඳහා ක්‍රියා කරන්නවුන්ටම) අධිමානය උපදී යයි තෙරුන් සනසා කමටහන් දිනි. තෙරණුවෝ ධම්මදින්න තෙරුන්ගේ අවවාදයෙහි පිහිටා රහත්බව ලැබී.
චිත්තලපබ්බතෙපි තාදිසොව ථෙරො වසති. ධම්මදින්නො තම්පි උපසඞ්කමිත්වා තථෙව පුච්ඡි. සොපි තථෙව බ්යාකාසි. තතො නං ධම්මදින්නො කිං, භන්තෙ, ඉද්ධිම්පි වළඤ්ජෙථාති ආහ. ආමාවුසොති. සාධු වත, භන්තෙ, එකං පොක්ඛරණිං මාපෙථාති. ථෙරො මාපෙසි. එත්ථ, භන්තෙ, පදුමගුම්බං මාපෙථාති. තම්පි මාපෙසි. පදුමගුම්බෙ මහාපදුමං මාපෙථාති. තම්පි මාපෙසි. එතස්මිං පදුමගුම්බෙ ඨත්වා මධුරස්සරෙන ගායන්තං නච්චන්තඤ්ච එකං ඉත්ථිවිග්ගහං මාපෙථාති. තම්පි මාපෙසි. සො එතං, භන්තෙ, පුනප්පුනං උපනිජ්ඣායථාති වත්වා සයං පාසාදං පාවිසි. ථෙරස්ස තං උපනිජ්ඣායතො සට්ඨිවස්සානි වික්ඛම්භිතකිලෙසා චලිංසු, සො තදා අත්තානං ඤත්වා පුරිමත්ථෙරො විය ධම්මදින්නත්ථෙරස්ස සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා අරහත්තං පාපුණි.
සිතුල් පව්වෙහි ද එබඳුම තෙර කෙනෙක් වෙසෙයි. ධම්මදින්න තෙම ඔහු කරා ද එළඹ එසේම විචාළේය. හෙතෙමේ ද එසේම පිළිතුරු දුන්නේය. වහන්ස, ඍද්ධියත් වළඤ්ජනය කරහුදැයි කීය. එසේය ඇවැත්නි, ඉතා මැනවි ස්වාමීනි, එක් පොකුණක් මවන්න. ස්ථවිර තෙම මැවීය. ස්වාමීනි. මෙහි පියුම් ගොමුවක් මවන්න, එයද මැවීය. පියුම් ගොමුවෙහි මහත් වූ පියුමක් මවන්න. එයද මැවීය. ඒ පියුම් ගැබෙහි සිට මිහිරි නදින් ගයන්නා වූ ද නටන්නා වූ ද එක් ස්ත්‍රී රුවක් මවන්න. එය මැවී. හෙතෙම වහන්ස, තෙල ස්ත්‍රීරූපය ගැන නැවත නැවත හාත්පසින් සිතනු මැනවයි කියා පහයට ප්‍රවිෂ්ට විය. ඒ රූපය ගැන හාත්පසින් සිතන්නා වූ තෙරුන්ගේ සැටවසක් යටපත්ව තිබූ ක්ලේශයෝ චලිත වූහ. එකල්හි හෙතෙම තමා (නොරහත් බව දැන) ධම්මදින්න තෙරුන් සමීපයෙහි කමටහන් ගෙන රහත් බවට පැමිණියේය.
ධම්මදින්නොපි අනුපුබ්බෙන තිස්සමහාවිහාරං අගමාසි. තස්මිඤ්ච සමයෙ ථෙරා චෙතියඞ්ගණං සම්මජ්ජිත්වා බුද්ධාරම්මණං පීතිං උප්පාදෙත්වා නිසින්නා හොන්ති, එතං කිර තෙසං වත්තං. තෙන නෙසං එකොපි “ඉධ පත්තචීවරං ඨපෙහී”ති ධම්මදින්නං වත්තා පුච්ඡිතාපි නාහොසි. ධම්මදින්නො එසො භවෙය්‍යාති ඤත්වා පන පඤ්හං පුච්ඡිංසු. සො පුච්ඡිතපඤ්හෙ තිණ්හෙන අසිනා කුමුදනාළකලාපං විය ඡින්දිත්වා පාදඞ්ගුලියා මහාපථවිං පහරි. භන්තෙ අයං අචෙතනා මහාපථවීපි ධම්මදින්නස්ස ගුණං ජානාති. තුම්හෙ පන න ජානිත්ථාති ච වත්වා ඉමං ගාථමාහ –
ධම්මදින්න තෙරණුවෝ පිළිවෙලින් තිස්සමහා විහාරයට ගියහ. එසමයෙහි තෙරවරු චේතියංගණය හැමද, බුද්ධාරම්මණ ප්‍රීතිය උපදවා හුන්නාහු වෙත්, මෙය වනාහි ඔවුන්ගේ වතයි. එහෙයින් ඔවුන්ගේ එකෙනෙකුදු ධම්මදින්න තෙරුන්ට මෙහි පාසිවුරු තබවය කියන්නෙකු හෝ විචාරන්නෙකු හෝ නො වීය. ධම්මදින්න තෙම, මේ තෙමේ වන්නේ යයි සිතා ප්‍රශ්න විචාළාහුය. හෙතෙම විචාළ තාක් ප්රශ්නයන් තියුණු අසිපතකින් කුමුදුනල කළඹක් සෙයින් සිඳ පා ඇඟිල්ලෙන් මහපොළොවට පහළේය. වහන්ස, මෝ සිත් නැති මහපොළොවද ධම්මදින්නයාගේ ගුණ දනී, තෙපි වනාහි නොදන්නහු යයි කියා මේ ගාථාව කීය.
“අචෙතනායං පථවී, විජානාති ගුණාගුණං; සචෙතනාථ ඛො භන්තෙ, න ජානාථ ගුණාගුණ”න්ති.
අචෙතනායං පඨවී විජානාති ගුණාගුණං සචෙතනාම ඛො භන්තෙ නජානාථ ගුණාගුණං
(චේතනා රහිත වූ මෝ පඨවි තොමෝ ගුණාගුණ දෙක විශේෂයෙන් දනී, වහන්ස, තෙපි චේතනා සහිත වූවාහුම ගුණාගුණ දෙක නොදන්නහුය.)
තාවදෙව ච ආකාසෙ අබ්භුග්ගන්ත්වා තලඞ්ගරතිස්සපබ්බතමෙව අගමාසි. එවං කාරකස්සෙව අධිමානො උප්පජ්ජති. තස්මා භගවා තාදිසානං භික්ඛූනං වසෙන ඣානං විභජන්තො ඨානං ඛො පනෙතන්තිආදිමාහ.
මෙසේ ප්‍රකාශකොට එකෙනෙහිම අහසට පැන නැගී තලගුරු තිස් පව්වටම වැඩියේය. මෙසේ කාරකයා හටම අධිමානය උපදී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ එවැනි භික්ෂූන්ගේ වශයෙන් ධ්‍යාන විභාග කරන්නේ ඨානං ඛො පන යනාදිය වදාළහ.
තස්සත්ථො, අත්ථෙතං කාරණං, නො නත්ථි. යෙන ඉධෙකච්චො භික්ඛු බාහිරපරිබ්බාජකෙහි සාධාරණං විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරෙය්ය, යං පන තස්ස එවමස්ස සල්ලෙඛෙන විහරාමීති, යං පටිපත්තිවිධානං කිලෙසෙ සංලිඛති, තෙනාහං විහරාමීති, තං න යුජ්ජති, න හි අධිමානිකස්ස භික්ඛුනො ඣානං සල්ලෙඛො වා සල්ලෙඛපටිපදා වා හොති. කස්මා? අවිපස්සනාපාදකත්තා.
ඒ දේශනාවගේ අර්ථය, මේ කාරණය ඇත. නැත්තේ නොවේ. (කුමක්ද?) (යම් කරුණකින් මේ සස්නෙහි ඇතැම් මහණ කෙනෙක්. ඉධෙ කච්චො භික්ඛු, බාහිර පිරිමැදියන් හා සාධාරණ වූ විවිච්චෙව කාමෙහි -පෙ- පඨමජ්ඣානං උපසම්පජජ විහරෙය්ය යනුවෙන්, යම්හෙයකින්, තස්ස එවමස්ස සල්ලෙඛෙන විහරාමි ඔහුට කෙලෙසුන් ලියා දැමීමෙන් කෙරෙමී යයි ද, යම් ප්‍රතිපත්ති විධානයක් කෙලෙසුන් මනාලෙස ලියාදමාද, මම එම ප්‍රතිපත්තියෙන් යුතුව වෙසෙමී යයි මෙබඳු සිතක් වේද, එය නොයෙදෙයි. අධිමානයෙන් යුත් භික්ෂුවට සල්ලෙඛයක් හෝ සල්ලෙඛ ප්‍රතිපදාවක් හෝ නොවේ. කුමක් හෙයින් ද, විදර්ශනා පාදක නොවන හෙයිනි.
න හි සො ඣානං සමාපජ්ජිත්වා තතො වුට්ඨාය සඞ්ඛාරෙ සම්මසති, ඣානං පනස්ස චිත්තෙකග්ගමත්තං කරොති, දිට්ඨධම්මසුඛවිහාරො හොති. තස්මා තමත්ථං දස්සෙන්තො භගවා “න ඛො පනෙතෙ, චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති, දිට්ඨධම්මසුඛවිහාරා එතෙ අරියස්ස විනයෙ වුච්චන්තී”ති ආහ.
යම්හෙයකින් හෙතෙම ධ්‍යානයට සමවැද එයින් නැගීසිට සංස්කාරයන් සම්මර්ශනය නො කෙරේද, තව ද ඔහුගේ ධ්‍යානය, සිත එකඟවීම පමණක් කරන්නා වූ ඉහාත්ම සැප විහරණයක් වූයේ ද, එහෙයින් එම කරුණ දක්වන බුදුරදහු න ඛො පනෙතෙ චුන්ද, අරියස්ස විනයෙ සල්ලෙඛා වුච්චන්ති, දිට්ඨධම්මසුඛවිහාරා එතෙ අරියස්ස විනයෙ, වුච්චන්ති යයි වදාළහ.
තත්ථ එතෙති ඣානධම්මවසෙන බහුවචනං වෙදිතබ්බං, එතෙ පඨමජ්ඣානධම්මාති වුත්තං හොති. සමාපත්තිවසෙන වා, එකම්පි හි පඨමජ්ඣානං පුනප්පුනං සමාපත්තිවසෙන පවත්තත්තා බහුත්තං ගච්ඡති. ආරම්මණවසෙන වා, එකම්පි හි පඨමජ්ඣානං පථවීකසිණාදීසු පවත්තිවසෙන බහුත්තං ගච්ඡතීති. එස නයො දුතියතතියචතුත්ථජ්ඣානෙසු. ආරුප්පඣානෙසු පන ආරම්මණභෙදාභාවතො පුරිමකාරණද්වයවසෙනෙව බහුවචනං වෙදිතබ්බං.
එහි එතෙ යනු ධ්‍යාන ධර්ම වශයෙන් බහුවචන දතයුතුයැ. මේ ප්‍රථම ධ්‍යාන ධර්මයෝ යයි කියන ලද්දේ විය. සමාන වත් වශයෙන් හෝ එකම පළමු ධ්‍යානය නැවත, නැවත සමවැදීම් වශයෙන් පැවැත්තේ බොහෝ බවට යෙයි. අරමුණු වශයෙන් හෝ එකම ප්‍රථම ධ්‍යානය, පඨවි කසිණාදියෙහි පැවැතීම් වශයෙන් බොහෝ බවට පැමිණේ යයි, (කියන ලද්දේ විය) දෙවන, තුන්වන, හතරවන, ධ්‍යානයන් පිළිබඳවද මෙම ක්‍රමයමැයි. අරූපාවචර ධ්‍යානයන්ගේ, අරමුණු භේදයක් නොමැති බැවින් පළමු දෙකාරණයාගේ වශයෙන්ම බහුවචනය දතයුතු යැ.
යස්මා චෙතෙසං අඞ්ගානිපි සන්තානි ආරම්මණානිපි, නිබ්බුතානි චෙව සුඛුමානි චාති වුත්තං හොති, තස්මා තානි සන්තා එතෙ විහාරාති එවං වුත්තානීති වෙදිතබ්බානි. අයං තාව තෙසං චතුන්නම්පි සාධාරණා වණ්ණනා. විසෙසවණ්ණනා පන “සබ්බසො රූපසඤ්ඤාන”න්තිආදිපදානුසාරතො වත්තබ්බා සියා. සා විසුද්ධිමග්ගෙ සබ්බාකාරෙන වුත්තායෙව.
තව ද යම්හෙයකින් එම ධ්‍යානයන්ගේ අංගයෝ ද ශාන්ත වූවාහු ද අරමුණු ද ශාන්ත වූවා ද නිවී ගියාහු ද, පියුම් වූවාහු ද වෙත් යයි කියනා ලද වේද, එහෙයින් ඔවුහු සන්තා එතෙ විහාරා මෙසේ වදාරණු ලද්දාහු යයි දතයුතුයැ. මේ දක්වන ලද්දේ ඔවුන් සතරදෙනාගේම සාධාරණ වර්ණනාවයි. විශේෂ වර්ණනාව වූකලී සබ්බසො රූපසඤ්ඤුණං යන පද අනුව කිවයුති, වන්නීය. ඒ වර්ණනා තොමෝ විසුද්ධි මාර්ගයෙහි සර්වප්‍රකාරයෙන්ම කියන ලද්දේ මය.
එවං යස්මා අධිමානිකස්ස භික්ඛුනො ඣානවිහාරො අවිපස්සනාපාදකත්තා සල්ලෙඛවිහාරො න හොති, න හි සො ඣානං සමාපජ්ජිත්වා තතො වුට්ඨාය සඞ්ඛාරෙ සම්මසති, චිත්තෙකග්ගකරො දිට්ඨධම්මෙ සුඛවිහාරො පනස්ස හොති, තස්මා තමත්ථං දස්සෙන්තො රූපජ්ඣානානි ච අරූපජ්ඣානානි ච විභජිත්වා ඉදානි ච යත්ථ සල්ලෙඛො කාතබ්බො චතුචත්තාලීසාය ආකාරෙහි, තඤ්ච වත්ථුං තඤ්ච සල්ලෙඛං දස්සෙන්තො ඉධ ඛො පන වොතිආදිමාහ.
මෙසේ යම්හෙයකින් අධිමානික භික්ෂුවගේ ධ්‍යාන විහරණය විපස්සනා පාදක නොවන බැවින් සල්ලෙඛ විහරණයක් නොවේ. හෙතෙම ධ්‍යානයට සමවැදී එයින් නැගීසිට සංඛාරයන් සම්මර්ශනය නොකෙරේද ඔහුට චිත්ත ඒකග්ගතාකාර වූ ඉහාත්ම සැප විහරණයම වේ ද, එහෙයින් එම අර්ථ දක්වමින් රූප ධ්‍යානයන් සහ අරූප ධ්‍යානයන් ද විභාගකොට දැන් යම්තැනෙක්හි සල්ලේඛනය කළයුතුද සුසාලිස් ආකාරයකින් ඒ වස්තුවද ඒ සල්ලෙඛයද දක්වන්නාහු ඉධ ඛො පන වො යනාදිය වදාළහ.
කස්මා පන “අට්ඨහි සමාපත්තීහි අවිහිංසාදයො සල්ලෙඛා”ති වුත්තා? ලොකුත්තරපාදකත්තා. බාහිරකානඤ්හි අට්ඨ සමාපත්තියො වට්ටපාදකායෙව. සාසනෙ සරණගමනම්පි ලොකුත්තරපාදකං, පගෙව අවිහිංසාදයො. ඉමිනායෙව ච සුත්තෙන වෙදිතබ්බං “යථා බාහිරකස්ස අට්ඨසමාපත්තිලාභිනො පඤ්චාභිඤ්ඤස්සාපි දින්නදානතො සාසනෙ තිසරණගතස්ස දින්නදානං මහප්ඵලතරං හොතී”ති. ඉදඤ්හි සන්ධාය දක්ඛිණාවිසුද්ධිසුත්තෙ “බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දත්වා කොටිසතසහස්සගුණා පාටිකඞ්ඛිතබ්බා. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දත්වා අසඞ්ඛෙය්යා අප්පමෙය්යා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා, කො පන වාදො සොතාපන්නෙ”ති වුත්තං (ම· නි· 3.379). සරණගමනතො පට්ඨාය හි තත්ථ සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො අධිප්පෙතොති, අයං තාවෙත්ථ පාළියොජනා.
කුමක් හෙයින් අෂ්ට සමාපත්තීන් සමග අවිහිංසාවාදීහුම සල්ලෙඛයෝ යයි වදාරණ ලද්දාහුද යත් ලෝකෝත්තර ධර්මයන්ට පාදක බැවිනි. ඒ එසේමැයි. බාහිර (සමයන්හි) අටසමවත් වට්ටපාදක වූවාහුම වෙති. බුදුසසුනෙහි, සරණාගමනය පවා ලෝකෝත්තරපාදකයැ. අවිහිංසාදීහු ගැන කියනු කිම? යම්සේ බාහිරක අටසමවත් ලාභියාට ද පංච අභිඥා ඇත්තහුට ද දුන් දනට වඩා බුදු සසුනෙහි තිසරණගතයා හට දුන් දන අතිශයින් මහත්ඵල වේද, මේ කාරණය මෙම සූත්‍රයෙන්ම දතයුතු. මේ සඳහාම දක්ෂිණා විසුද්ධි සූත්‍රයෙහි බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දත්වා කොටි සත සහස්ස ගුණ දක්ඛිණා. පාටිකංඛිතබ්බා, සොතාපත්ති ඵල සච්ඡිකිරියාය, පටිපන්නෙ දානං දත්වා අසංඛෙය්‍යා අප්පපෙමය්යා- දක්ඛිණා පාටිකංඛිතබ්බා කො පන වාදො සොතාපන්නෙ යයි වදාරණ ලද සරණාගමනයෙහි පටන්ම එහි සෝවාන් ඵලයට පැමිණීම තෙක් අදහස් කරන ලද්දේ වෙයි. මේ මෙහි පළමුකොට පෙළ යෙදුමයි.
අනුපදවණ්ණනායං පන ඉධාති විහිංසාදිවත්ථුදීපනමෙතං. ඛො පනාති නිපාතමත්තං. වොති කරණත්ථෙ සාමිවචනං, අයං පන සඞ්ඛෙපත්ථො, යදෙතං “පරෙ විහිංසකා භවිස්සන්තී”තිආදිනා නයෙන විහිංසාදිවත්ථුං වදාම. ඉධ, චුන්ද, තුම්හෙහි සල්ලෙඛො කාතබ්බොති.
අනුපද වර්ණනාවෙහි ඉධ යන මේ පදය විහිංසා ආදි වස්තු දැක්වීම (පිණිසය) ඛො පන යනු නිපාත මාත්‍රයකි. වො යන කරණාර්ථයෙහි සාමි වචනයි. මේ වනාහි මෙහි සංක්ෂෙප අර්ථයයි. පරෙ විහිංසකා භවිස්සන්ති යනාදි නයින් යම් මේ විහිංසා ආදි වස්තුවක් කියවුද, චුන්දය මේ විහිංසාදි වස්තුවෙහි තොප විසින් සල්ලෙඛය කළයුතු යයි
එවං සඞ්ඛෙපතො වත්වා ඉදානි විත්ථාරෙන්තො “පරෙ විහිංසකා භවිස්සන්ති, මයමෙත්ථ අවිහිංසකා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො”තිආදිමාහ.
මෙසේ සැකෙවින් වදාරා දැන් විස්තර කරන සේක්, පරෙ විහිංසකා භවිස්සන්ති මයමෙත්ථ අවිහිංසකා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො යනාදිය වදාළහ.
තත්ථ පරෙති යෙ කෙචි ඉමං සල්ලෙඛමනනුයුත්තා. විහිංසකා භවිස්සන්තීති පාණිනා වා ලෙඩ්ඩුනා වාතිආදීහි සත්තානං විහෙසකා භවිස්සන්ති.
එහි පරෙ යනු මේ කෙලෙසුන් ලියා දැමීමෙහි යෙදුනා වූ යම්කිසිවෙක්, විහිංසකා භවිස්සන්ති අතින් ගලින් යනාදියෙන් සත්නට හිංසා කරන්නාහු වන්නාහුය.
මයමෙත්ථ අවිහිංසකා භවිස්සාමාති මයං පන යත්ථෙව වත්ථුස්මිං පරෙ එවං විහිංසකා භවිස්සන්ති, එත්ථෙව අවිහිංසකා භවිස්සාම, අවිහිංසං උප්පාදෙත්වා විහරිස්සාම. ඉති සල්ලෙඛො කරණීයොති එවං තුම්හෙහි සල්ලෙඛො කාතබ්බො. සල්ලෙඛොති ච ඉධ අවිහිංසාව වෙදිතබ්බා. අවිහිංසා හි විහිංසං සල්ලෙඛති, තං ඡින්දති, තස්මා සල්ලෙඛොති වුච්චති. එස නයො සබ්බත්ථ.
මයමෙත්ථ අවිහිංසකා භවිස්සාම, අපි වනාහි යම් වස්තුවෙක්හිම අන්‍යයෝ මෙසේ විහිංසක වන්නාහුද තෙල වස්තුවෙහිම අවිහිංසක වුවෝම වන්නෙමු. අවිහිංසාව උපදවා වාසය කරන්නෙමු. ඉති සල්ලෙඛො කරණීයො, මෙසේ තොප විසින් කෙලෙස් ලියා දැමීම කළ යුතුය. මෙහි සල්ලෙඛ යයි ද අවිහිංසාවම දතයුතු. යම්හෙයකින් අවිහිංසා තොමෝ විහිංසාව මොනවට ලියා දමාද, සිඳිද, එහෙයින් සල්ලෙඛයයි කියනු ලැබේ. මේ සියලු තන්හිම මේ ක්‍රමය මයි.
අයං පන විසෙසො. පරෙ මිච්ඡාදිට්ඨීති එත්ථ කම්මපථානං අන්තමිච්ඡාදිට්ඨිඤ්ච මිච්ඡත්තානං ආදිමිච්ඡාදිට්ඨිඤ්ච මිස්සෙත්වා දිට්ඨි වුත්තාති වෙදිතබ්බා. තථා මයමෙත්ථ සම්මාදිට්ඨීති වුත්තට්ඨානෙ සම්මාදිට්ඨි. එත්ථ ච කම්මපථකථා විත්ථාරතො සම්මාදිට්ඨිසුත්තෙ ආවි භවිස්සති. මිච්ඡත්තෙසු මිච්ඡාදිට්ඨිආදයො ද්වෙධාවිතක්කෙ.
මේ වනාහි විශේෂයයි. පරෙ මිච්ඡාදිට්ඨි යන මෙහි කම්මපථයන්ගේ අන්තයෙහි වූ මිච්ඡාදිට්ඨියද, මිචඡත්තයන්ගේ ආදි මිථ්‍යාදෘෂ්ටියද මිශ්‍රකොට දිට්ඨිය කියන ලද්දාහුයයි දතයුත්තාහුය. මෙහි මේ මිථ්‍යා දෘෂ්ටිය යම්සේද ‘සම්මා දිට්ඨි” යයි කී තන්හි සම්මා දිට්ඨිය ද එසේය. තව ද මෙහි කර්මපථයෝ විස්තර වශයෙන් සම්මා දිට්ඨි සූත්‍රයෙහි මතු ප්‍රකාශ වන්නාහුය. මේ කියන මිච්ඡත්තයන් අතුරෙහි මිථ්‍යා දෘෂ්ටි ආදිහු ද්වෙධාවිතක්ක සූත්‍රයෙහි ප්‍රකාශ වන්නාහුය.
අයං පනෙත්ථ සඞ්ඛෙපො, පාණං අතිපාතෙන්තීති පාණාතිපාතී පාණඝාතකාති අත්ථො. අදින්නං ආදියන්තීති අදින්නාදායී, පරස්ස හාරිනොති අත්ථො. අබ්රහ්මං හීනං ලාමකධම්මං චරන්තීති අබ්රහ්මචාරී, මෙථුනධම්මප්පටිසෙවකාති අත්ථො. බ්රහ්මං සෙට්ඨං පටිපදං චරන්තීති බ්‍රහ්මචාරී, මෙථුනා පටිවිරතාති අත්ථො. එත්ථ ච බ්රහ්මචරියං සල්ලෙඛොති වෙදිතබ්බං. බ්රහ්මචරියඤ්හි අබ්රහ්මචරියං සල්ලෙඛති. මුසා වදන්තීති මුසාවාදී, පරෙසං අත්ථභඤ්ජනකං තුච්ඡං අලිකං වාචං භාසිතාරොති අත්ථො. පිසුණා වාචා එතෙසන්ති පිසුණවාචා. පරෙසං මම්මච්ඡෙදිකා ඵරුසා වාචා එතෙසන්ති ඵරුසවාචා. සම්ඵං නිරත්ථකවචනං පලපන්තීති සම්ඵප්පලාපී. අභිජ්ඣායන්තීති අභිජ්ඣාලූ, පරභණ්ඩලුබ්භනසීලාති අත්ථො. බ්යාපන්නං පූතිභූතං චිත්තමෙතෙසන්ති බ්යාපන්නචිත්තා. මිච්ඡා පාපිකා විඤ්ඤුගරහිතා එතෙසං දිට්ඨීති මිච්ඡාදිට්ඨී, කම්මපථපරියාපන්නාය නත්ථි දින්නන්තිආදිවත්ථුකාය, මිච්ඡත්තපරියාපන්නාය අනිය්යානිකදිට්ඨියා ච සමන්නාගතාති අත්ථො. සම්මා සොභනා විඤ්ඤුප්පසත්ථා එතෙසං දිට්ඨීති සම්මාදිට්ඨී, කම්මපථපරියාපන්නාය අත්ථි දින්නන්තිආදිකාය කම්මස්සකතාදිට්ඨියා, සම්මත්තපරියාපන්නාය මග්ගදිට්ඨියා ච සමන්නාගතාති අත්ථො.
මේ කියනු ලබන්නේ මෙහි සංක්ෂෙපයෙහි ප්‍රාණය අතිපතනය කෙරෙත්නුයි පාණාතිපාති නම් වෙත් ප්‍රාණඝාත කරන්නාහු යන අර්ථයි. නොදුන් වස්තුව හැර ගණිත්නුයි අදින්නාදායි නම. සොරකම් කරන්නාහු යන අර්ථයි. අශ්රේෂ්ඨ වූ, හීන වූ, ලාමක වූ ධර්මයෙහි හැසිරෙත්නුයි අබ්රහ්මචාරී නම් වේ. මෙවුන්දම් සෙව්නාහු යන අර්ථයි. බ්රහ්මං, ශ්‍රේෂ්ඨ වූ පිළිවෙත හැසිරෙත්නුයි බ්‍රහ්මචාරී නම, මෙවුන්දමින් වැළකුණහු යන අරුති. මෙහිද බ්‍රහ්මචර්යාව සල්ලෙඛ යයි දතයුතු. සැබව, බ්‍රහ්මචර්යා තොමෝ අබ්‍රහ්මචර්යාව මොනවට ලියා සිඳ දමයි. මුසා බෙනෙත් නුයි මුසාවාදී නම් වේ. මෙරමාගේ වැඩ සිඳින්නා වූ හිස් බොරු වූ තෙපුල් කියන්නාහු යන අර්ථයි. පිය සුන් තෙපුල් ඇත්තේ මොවුන්ට නුයි පිසුනාවාචා නම් වෙති. මෙරමා මර්ම සිඳින්නා වූ අනුන්ට මහා ලජ්ජාව ඇතිකරන්නා වූ, නින්දාජනක පරොස් තෙපුල් මොවුන්ට නුයි ඵරුසාවාචා නම් වේ. සම්ඵං නම් වූ නිරර්ථක වූ වචනය කියත්නුයි, සම්ඵප්පලාපි නම් වෙති. දැඩි ලෝභය කෙරෙත්නුයි අභිජ්ඣාලු නම් වෙති. පර භාණ්ඩයෙහි ලෝභ කරන සුලුවූවාහු යන අර්ථයි. ව්‍යාපන්න වූ කුණු වූ සිත මොවුන්ට නුයි ව්‍යාපන්න චිත්තා නම් වෙති. මිථ්‍යා වූ ලාමක වූ නුවණැත්තන් ගරහන ලද දෘෂ්ටිය මොවුන්ට වෙත්නුයි මිච්ඡාදිට්ඨි නම් වෙති. කර්මපථයෙහි ඇතුළත් නත්ථිදින්න යනාදිය වස්තුකොට ඇති දෘෂ්ටියෙන් ද, මිච්ඡත්ත පරියාපන්න වූ නෛර්යානික නොවූ දෘෂ්ටියෙන් සමන්නාගත වූ යන අර්ථයි. යහපත් වූ ශෝභන වූ නුවණැත්තන් පසස්නා ලද දෘෂ්ටිය මොවුන්ට නුයි සම්මා දිට්ඨි නම් වෙති. කම්මපථ පරියාපන්න වූ අත්ථිදින්නං යනාදි වූ කම්මස්සකතා සම්මා දිටඨි පරියාපන්න වූ මග්ග සම්මා දිට්ඨියෙන් යුක්ත වූ යන අර්ථයි.
මිච්ඡාසඞ්කප්පාති අයාථාවඅනිය්යානිකඅකුසලසඞ්කප්පා. එස නයො මිච්ඡාවාචාතිආදීසු. අයං පන විසෙසො, මිච්ඡාසඞ්කප්පාදයො විය හි මිච්ඡාසති නාම පාටිඑක්කො කොචි ධම්මො නත්ථි, අතීතං පන චින්තයතො පවත්තානං චතුන්නම්පි අකුසලක්ඛන්ධානමෙතං අධිවචනං. යම්පි වුත්තං භගවතා – “අත්ථෙසා, භික්ඛවෙ, අනුස්සති, නෙසා නත්ථීති වදාමි, පුත්තලාභං වා, භික්ඛවෙ, අනුස්සරතො, ධනලාභං වා, භික්ඛවෙ, අනුස්සරතො, යසලාභං වා, භික්ඛවෙ, අනුස්සරතො”ති, තම්පි තං තං චින්තෙන්තස්ස සතිපතිරූපකෙන උප්පත්තිං සන්ධාය වුත්තන්ති වෙදිතබ්බං.
මිච්ඡා සංකප්පා යනු යථා තත්ත්වයට විරුද්ධ වූ අනීය්යානික වූ අකුසල සංකල්පයෝය. මිච්ඡාවාචා යනාදියෙහි ද මේ ක්‍රමයමයි. මේ වනාහි විශේෂ්යය, මිච්ඡා සංකල්ප ආදිය මෙන් මිච්ඡා සති නම් වූ වෙනම කිසිදු ධර්මයෙක් නොමැත. අතීතය සිතන්නහුට වනාහි පවත්නා වූ සතර අකුසල ස්කන්ධයන්ටම මේ නමකි. භාග්‍යවත්හු විසින් යමක් වදාරණ ලදද, අත්ථෙසා භික්ඛවෙ, අනුස්සති, නෙසා නත්ථිති වදාමි. පුත්තපටිලාභං වා භික්ඛවෙ යස පටිලාභං වා භික්ඛවෙ, අනුස්සරතො, යයි මෙයද ඒ ඒ කරුණ සිතන්නහුට සති ප්‍රතිරූපකයෙන් ඉපදීම සඳහා වදාරණ ලදැයි දතයුතු.
මිච්ඡාඤාණීති එත්ථ ච මිච්ඡාඤාණන්ති පාපකිරියාසු උපායචින්තාවසෙන පාපං කත්වා “සුකතං මයා”ති පච්චවෙක්ඛණාකාරෙන ච උප්පන්නො මොහො වෙදිතබ්බො, තෙන සමන්නාගතා පුග්ගලා මිච්ඡාඤාණී. සම්මාඤාණීති එත්ථ පන එකූනවීසතිභෙදං පච්චවෙක්ඛණාඤාණං “සම්මාඤාණ”න්ති වුච්චති, තෙන සමන්නාගතා පුග්ගලා සම්මාඤාණී. මිච්ඡාවිමුත්තීති අවිමුත්තායෙව සමානා “විමුත්තා මය”න්ති එවංසඤ්ඤිනො, අවිමුත්තියං වා විමුත්තිසඤ්ඤිනො. තත්රායං වචනත්ථො, මිච්ඡා පාපිකා විපරීතා විමුත්ති එතෙසං අත්ථීති මිච්ඡාවිමුත්තී. මිච්ඡාවිමුත්තීති ච යථාවුත්තෙනාකාරෙන පවත්තානං අකුසලක්ඛන්ධානමෙතං අධිවචනං. ඵලසම්පයුත්තානි පන සම්මාදිට්ඨිආදීනි අට්ඨඞ්ගානි ඨපෙත්වා සෙසධම්මා සම්මාවිමුත්තීති වෙදිතබ්බා. සා ච මිච්ඡාවිමුත්තිං සල්ලිඛිත්වා ඨිතත්තා සල්ලෙඛොති වෙදිතබ්බා. තත්ථ නියොජෙන්තො ආහ “මයමෙත්ථ සම්මාවිමුත්තී භවිස්සාමාති සල්ලෙඛො කරණීයො”ති.
මිච්ඡා ඤාණි, යන මෙහි මිච්ඡා ඤාණ නම් පාපක්රියාවන්හි, උපාය චින්තා වශයෙන් පව්කොට මා විසින් යහපතක් කරන ලදැයි ප්රත්යවේක්ෂාකාරයෙන් ද, උපන්නා වූ මෝහයයි දතයුතුය. එයින් යුක්ත වූ පුද්ගලයෝ මිච්ඡාඤාණි නම් වෙති. සම්මාඤාණි යන මෙහි එකුන්විසි ප්‍රභේද වූ ප්රත්යවේක්ෂා ඤාණය ‘සම්මා ඤාණ’ යයි කියනු ලැබේ. එයින් යුක්ත වූ පුද්ගලයෝ සම්මා ඤාණි නම් වෙති. මිච්ඡා විමුත්ති කෙලෙසුන් කෙරෙන් නොමිදුනේම අපි මිදුනෝ වම්හයි මෙසේ සංඥා ඇත්තාහු, නොහොත් අවිමුත්තියෙහි මුත්ති සංඥා ඇත්තාහු එහි මෙම වචනාර්ථයි. වැරදි වූ ලාමක වූ විපරීත වූ විමුත්තිය මොවුන්ට ඇත්නුයි මිච්ඡා විමුත්ති නම් වෙති. මිච්ඡා විමුත්ති යනු ද යථෝක්ත ආකාරයෙන් පැවැත (කෙලෙසුන්ට) අකුසල ස්කන්ධයන්ට නමකි. ඵල සම්පයුත්ත සම්මා දිට්ඨි ආදි අංග අට හැර සෙසු ධර්මයෝ සම්මා විමුත්ති යයි දතයුත්තාහුය. ඕ සම්මා විමුත්ති තොමෝ මිච්ඡා විමුත්ති සල්ලෙඛනය කොට (ප්රහාණයකොට) සිටි හෙයින් සල්ලෙඛ යයි දතයුතුය. එහි, යොදවන සේක් වදාළහ. මයමෙත්ථ සම්මා විමුත්ති භවිස්සාමාති සල්ලෙඛො කරණීයො
ඉතො පරානි තීණි නීවරණවසෙන වුත්තානි. අභිජ්ඣාලූ බ්යාපන්නචිත්තාති එවං කම්මපථෙසු වුත්තත්තා පනෙත්ථ පඨමානි ද්වෙ නීවරණානි න වුත්තානීති වෙදිතබ්බානි. තත්ථ ථිනමිද්ධෙන පරියුට්ඨිතා අභිභූතාති ථිනමිද්ධපරියුට්ඨිතා. උද්ධච්චෙන සමන්නාගතාති උද්ධතා. විචිනන්තා කිච්ඡන්ති න සක්කොන්ති සන්නිට්ඨානං කාතුන්ති විචිකිච්ඡී.
මෙයින් මත්තෙහි වූ තිදෙන නීවරණ වශයෙන් කියන ලද්දාහුයයි දතයුතුය. අභිජ්ඣාලු බ්‍යාපන්න චිත්තා යයි මෙසේ කම්මපථයන්හි කී බැවින් මෙහි ප්‍රථම නීවරණය නොකියන ලද්දාහු යයි දතයුතුය. ඔවුන් අතුරෙහි ටීන මිද්ධයෙන් වළඳනා ලද්දාහු මඩනා ලද්දාහුනුයි ථිනමිද්ධ පරියුට්ඨිතා නම්වෙති. උද්ධච්චයෙන් යුක්ත වූවාහු නුයි උද්ධතා නම් වෙති. විමසමින් දුකට පැමිණෙත් සනිටුහන් කරන්ට නොහැකි වෙත් නුයි වෙචිකිච්ඡි නම් වෙති.
කොධනාතිආදීනි දස චිත්තස්ස උපක්කිලෙසවසෙන වුත්තානි. තත්ථ කොධාදීසු යං වත්තබ්බං සියා, තං සබ්බං ධම්මදායාදවත්ථසුත්තෙසු වුත්තං. අයං පනෙත්ථ වචනත්ථො – කොධනාති කුජ්ඣනසීලා. උපනාහීති උපනාහනසීලා, උපනාහො වා එතෙසං අත්ථීති උපනාහී. තථා මක්ඛී පලාසී ච. ඉස්සන්තීති ඉස්සුකී. මච්ඡරායන්තීති මච්ඡරී, මච්ඡෙරං වා එතෙසං අත්ථීති මච්ඡරී. සඨයන්තීති සඨා, න සම්මා භාසන්තීති වුත්තං හොති, කෙරාටිකයුත්තානමෙතං අධිවචනං. මායා එතෙසං අත්ථීති මායාවී. ථම්භසමඞ්ගිතාය ථද්ධා. අතිමානයොගෙන අතිමානී. වුත්තපච්චනීකනයෙන සුක්කපක්ඛො වෙදිතබ්බො.
කොධනා යනාදි (ධර්ම) දසය, චිත්තයාගේ උපක්ලේශ වශයෙන් වදාරණ ලද්දාහුය. ඒ ක්රෝධාදීන් අතුරෙහි යමක් කිවයුතු වේද, ඒ සියල්ල ධම්මදායාද වත්ථු සූත්‍රයන්හි කියන ලදී. මේ වනාහි මෙහි වචන අර්ථයි. කොධනා කිපෙනසුලු වූවාහු, උපනාහි නැවත, නැවත සිත බඳිනසුලු වූවාහු, නොහොත් උපනාහය මොවුන්ට ඇත්තේනුයි, උපනාහී නම් වෙති. මක්ඛී යනුද පළාසී යනුද, එසේමැයි. ඊර්ෂ්‍යා කෙරෙත්නුයි ඉස්සුකී නම් වෙති. මසුරුබව කෙරේනුය හෝ ඔවුන්ට මසුරුබව ඇත්තේනුයි මච්ඡරී නම් වේ. වඤ්චා කෙරේනුයි සඨා නම් වෙති. මනාකොට කථා නොකෙරෙත් යයි කියන ලද වෙයි. කෛරාටික බැවින් යුත්ත වූවන්ට මේ නමකි. මායාව මොවුනට ඇත්තේනුයි මායාවී නම් වෙති. තද ගතියෙන් යුක්ත බැවින් ථද්ධා නම් වෙති. අතිමාන යෝගයෙන් අතිමානී නම් වෙති. කියන ලද්දට විරුද්ධ නයින් කුසල පක්ෂය දතයුත්තේය.
දුබ්බචාති වත්තුං දුක්ඛා කිඤ්චි වුච්චමානා න සහන්ති. තබ්බිපරීතා සුවචා. දෙවදත්තාදිසදිසා පාපකා මිත්තා එතෙසන්ති පාපමිත්තා. බුද්ධා වා සාරිපුත්තාදිසදිසා වා කල්යාණා මිත්තා එතෙසන්ති කල්යාණමිත්තා. කායදුච්චරිතාදීසු චිත්තවොස්සග්ගවසෙන පමත්තා. විපරීතා අප්පමත්තාති වෙදිතබ්බා. ඉමානි තීණි පකිණ්ණකවසෙන වුත්තානි.
දුබ්බචා කියන්ට දුෂ්කර වූවාහු. කියනු ලබන දෙය නොඉවසන. ඊට විපරීත වූවාහු සුබ්බචා, නම් වෙති. දේවදත්ත ආදීන් වැනි වූ ලාමක මිත්‍රයෝ මොවුන්ට වෙත්නුයි පාපමිත්තා නම් වෙති. බුදුවරයෝ හෝ සැරියුත් තෙරුන් වැනි වූ හෝ කල්‍යාණ මිත්‍රයෝ මොවුන්ටනුයි කළ්‍යාණ මිත්තා නම් වේ. කාය දුශ්චරිත ආදියෙහි සිත එලවත්නුයි පමත්තා නම් වෙති. විපරීත වූවාහු අප්පමත්තා නම් වෙති යයි දතයුත්තාහුය. මේ තුන ප්රකීර්ණ වශයෙන් කියන ලද්දාහුය.
අස්සද්ධාතිආදීනි සත්ත අසද්ධම්මවසෙන. තත්ථ තීසු වත්ථූසු සද්ධා එතෙසං නත්ථීති අස්සද්ධා. සුක්කපක්ඛෙ සද්දහන්තීති සද්ධා, සද්ධා වා එතෙසං අත්ථීතිපි සද්ධා. නත්ථි එතෙසං හිරීති අහිරිකා, අකුසලසමාපත්තියා අජිගුච්ඡමානානමෙතං අධිවචනං. හිරී එතෙසං මනෙ, හිරියා වා යුත්තමනාති හිරිමනා. න ඔත්තප්පන්තීති අනොත්තප්පී, අකුසලසමාපත්තියා න භායන්තීති වුත්තං හොති. තබ්බිපරීතා ඔත්තප්පී. අප්පං සුතමෙතෙසන්ති අප්පස්සුතා, අප්පන්ති ච ථොකන්ති න ගහෙතබ්බං, නත්ථීති ගහෙතබ්බං. “අප්පස්සුතා”ති හි නිස්සුතා සුතවිරහිතා වුච්චන්ති. බහු සුතමෙතෙසන්ති බහුස්සුතා, තථාගතභාසිතං එකම්පි ගාථං යාථාවතො ඤත්වා අනුරූපපටිපන්නානමෙතං අධිවචනං.
අස්සද්ධා යනාදි පදයෝ සත්දෙන අසද්ධර්ම වශයෙන් කියන ලද්දාහුය. ඔවුන් අතුරෙහි තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව මොවුන්ට නැත්තේනුයි අස්සද්ධා නම් වෙති. කුසල පක්ෂයෙහි අදහත් නුයි සද්ධා නම් වෙති. ලැජ්ජාව මොවුන්ට නැත්නයි අහිරිකා නම් වෙති. අකුසල් පැමිණිමෙහි, පිළිකුල් නොකරන්නහුට මේ නමකි. හිරිය (ලජ්ජාව) මොවුන්ගේ සිත්වල ඇත්තේනුයි හෝ ලැජ්ජාවෙන් යුත් සිත් ඇත්තාහු වෙත්නුයි ‘හිරීමතා’ නම් වෙති. භය නොවෙත් නුයි, අනොත්තප්පී නම් වෙති. අකුසල් පැමිණීමෙහි භයක් නැත්තේ යයි කියන ලද වෙයි. ඊට විපරීත වුවාහු ඔත්තප්පී නම් වෙති. අල්ප වූ ශ්‍රවණය ඇසීම මොවුන්ට වෙත්නුයි අප්පස්සුතා නම් වෙති. මෙහි අල්පයයි, ටිකයයි නොගත යුතුය. නැතයයි ගතයුතුයැ අප්පස්සුතයෝ වනාහි නිස්සුතයෝය. සූත විරහිතයෝය බොහෝ සූතයෝ මොහුට වෙත්නුයි බහුස්සුතා නම් වෙති. බුද්ධභාෂිත වූ එක ගාථාවකුදු තත්වූ පරිද්දෙන් දැන ඊට අනුරූප වූ ප්‍රතිපදාවට පැමිණියවුන්ට මේ නමකි.
කුච්ඡිතා සීදන්තීති කුසීතා, හීනවීරියානමෙතං අධිවචනං. ආරද්ධං වීරියමෙතෙසන්ති ආරද්ධවීරියා, සම්මප්පධානයුත්තානමෙතං අධිවචනං, මුට්ඨා සති එතෙසන්ති මුට්ඨස්සතී, නට්ඨස්සතීති වුත්තං හොති. උපට්ඨිතා සති එතෙසන්ති උපට්ඨිතස්සතී, නිච්චං ආරම්මණාභිමුඛප්පවත්තසතීනමෙතං අධිවචනං. දුට්ඨා පඤ්ඤා එතෙසන්ති දුප්පඤ්ඤා, නට්ඨපඤ්ඤාති වුත්තං හොති. පඤ්ඤාය සම්පන්නාති පඤ්ඤාසම්පන්නා, පඤ්ඤාති ච ඉධ විපස්සනාපඤ්ඤා වෙදිතබ්බා. විපස්සනාසම්භාරො හි පරිපූරො ඉමස්මිං ඨානෙ ආගතො, තස්මා විපස්සනාපඤ්ඤාව අයන්ති පොරාණානං ආණා.
කුසීත බවට බැසගනිත්නුය කුසිතා නම් වෙති. හීනවූ වීර්ය ඇත්තවුන්ට මේ නමකි. පටන් ගන්නා ලද වීර්ය ඇත්තේ මොවුන්ට නුයි ආරද්ධ විරිය නම් වෙත්. සම්‍යග් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වූවන්ට මේ නමකි. මොට වු සිහිය මොවුන්ට වෙත්නුයි මුට්ඨස්සති නම් වෙති. නටුවා වූ සිහි ඇත්තවුන් යයි කියන ලද වෙයි. එළඹ සිටියා වූ සිහිය මොවුන්ට නුයි උපට්ඨිත සති නම් වෙති. නිතර අමුණ වෙත එළඹ සිටි සිහිය ඇත්තවුන්ට මේ නමකි. දුෂ්ට වූ ප්‍රඥාව මොවුන්ට වෙත් නුයි දුප්පඤ්ඤා නම් වෙති. නටුවා වූ ප්‍රඥාව ඇත්තාහු යයි කියන ලද්දාහු වෙති. ප්‍රඥාවෙන් යුක්ත වූවාහු පඤ්ඤා සම්පන්නා නම් වෙති. ප්‍රඥා යනුවෙන් මෙහි විදර්ශනා ප්‍රඥාව දතයුතුය. යම් හෙයකින් විදර්ශනා සම්භාරය සම්පූර්ණ වූයේ, මෙතැන්හි ආයේ ද එහෙයින් මෝ ප්‍රඥා තොමෝ විදර්ශනා ප්රඥාවයි. පෞරාණිකයන්ගේ නියමයයි.
ඉදානි එකමෙව ලොකුත්තරගුණානං අන්තරායකරං අනිය්යානිකදිට්ඨිං තීහාකාරෙහි දස්සෙන්තො සන්දිට්ඨිපරාමාසීතිආදිමාහ. තත්ථ සන්දිට්ඨිං පරාමසන්තීති සන්දිට්ඨිපරාමාසී. ආධානං ගණ්හන්තීති ආධානග්ගාහී, ආධානන්ති දළ්හං වුච්චති, දළ්හග්ගාහීති අත්ථො. යුත්තකාරණං දිස්වාව ලද්ධිං පටිනිස්සජ්ජන්තීති පටිනිස්සග්ගී, දුක්ඛෙන කිච්ඡෙන කසිරෙන බහුම්පි කාරණං දස්සෙත්වා න සක්කා පටිනිස්සග්ගං කාතුන්ති දුප්පටිනිස්සග්ගී, යෙ අත්තනො උප්පන්නං දිට්ඨිං ඉදමෙව සච්චන්ති දළ්හං ගණ්හිත්වා අපි බුද්ධාදීහි කාරණං දස්සෙත්වා වුච්චමානා න පටිනිස්සජ්ජන්ති, තෙසමෙතං අධිවචනං. තාදිසා හි පුග්ගලා යං යදෙව ධම්මං වා අධම්මං වා ගණ්හන්ති, තං සබ්බං “එවං අම්හාකං ආචරියෙහි කථිතං, එවං අම්හෙහි සුත”න්ති කුම්මොව අඞ්ගානි සකෙ කපාලෙ අන්තොයෙව සමොදහන්ති, කුම්භීලග්ගාහං ගණ්හන්ති න විස්සජ්ජන්ති. වුත්තවිපරියායෙන සුක්කපක්ඛො වෙදිතබ්බො.
දැන් ලෝකෝත්තර ගුණයන්ට අනතුරු කරන්නා වූ ඒ අනෛය්යාර්ණික එකම දෘෂ්ටිය අන් අයුරකින් දක්වනසේක් සන්දිට්ඨි පරාමාසි යනාදිය වදාළහ. එහි සංදිට්ඨි (ස්වකීය දෘෂ්ටිය) පරාමර්ශනය කෙරෙත්නුයි සන්දිට්ඨි පරාමාසී නම් වෙති. දැඩිකොට ගණිත් නුයි ආධානගාහි නම් වෙති. ආධානං යනු දැඩිබව යයි කියනු ලැබේ. දැඩිකොට ගන්නා ලද්දේය යන අර්ථයි. යෝග්‍ය වූ කාරණය දැක ලබ්ධිය දුරලත්නුය පටිනිස්සග්ගී නම් වෙති. දුකින්, අපහසුතාවයෙන්, කරදරයෙන් බොහෝ කරුණු දක්වාත් දුරලන්නට නොහැකි වෙත්නුයි දුප්පටිනිස්සග්ගි නම් වෙත්. යමෙක් තමාට උපන් දෘෂ්ටිය ‘ඉදම්මෙ සච්චං’ මෙයම ඇත්තයැයි දැඩිකොට ගෙන බුද්ධාදීන් විසිනුදු කරුණු දක්වා කියනු ලබන්නාහු නොහරිත්ද, ඔවුන්ට මේ නමකි. එබඳු පුද්ගලයෝ වනාහි යමක් යමක්ම ධර්මය හෝ අධර්මය අසත්ද ඒ සියල්ල මෙසේ අප ඇදුරන් විසින් කියන ලද්දේය. අප විසින් අසන ලද්දේ යයි, ඉදිබු තෙම අවයවයන් සිය කබලෙහි මෙන් ඇතුළතම ප්‍රවේශ කරති. කුම්හීල ග්‍රාහයෙන් ගනිති. අත් නොහරිති. කියන ලද්දට විපර්යාසයන් කුසල පක්ෂය දතයුතුය.
චිත්තොද්පාදය
එවං චතුචත්තාලීසාය ආකාරෙහි සල්ලෙඛං දස්සෙත්වා ඉදානි තස්මිං සල්ලෙඛෙ චිත්තුප්පාදස්සාපි බහූපකාරතං දස්සෙතුං චිත්තුප්පාදම්පි ඛො අහන්තිආදිමාහ.
මෙසේ සිවුසාලිස් ආකාරයකින් සල්ලෙඛයන් දක්වා මෙවිට එම සල්ලෙඛයෙහි චිත්තොද්පාදයාගේ ද බොහෝ උපකාර ඇති බව දක්වන්ට චිත්තුප්පාදම්පි ඛො අහං යනාදිය වදාළහ.
තස්සත්ථො, අහං, චුන්ද, කුසලෙසු ධම්මෙසු චිත්තුප්පාදම්පි බහූපකාරං වදාමි, යා පනෙතා කායෙන ච වාචාය ච අනුවිධියනා, යථා පඨමං චිත්තං උප්පන්නං, තථෙව තෙසං ධම්මානං කායෙන කරණං, වාචාය ච “කරොථා”ති ආණාපනං වා, උග්ගහපරිපුච්ඡාදීනි වා, තත්ථ වාදොයෙව කො, එකන්තබහූපකාරායෙව හි තා අනුවිධියනාති දස්සෙති. කස්මා පනෙත්ථ චිත්තුප්පාදොපි බහූපකාරොති? එකන්තහිතසුඛාවහත්තා අනුවිධියනානං හෙතුත්තා ච.
එහි අදහස නම් චුන්දය, මම කුසල ධර්මයන් විෂයෙහි සිත ඉපදවීම පවා බොහෝ උපකාර ඇත්තේ යයි, කියමි. තව ද යම් මේ කයින් වචනයෙන් කිරීමක් වෙත්ද, යම් සේ පළමු සිත උපන්නේ ද, එසේම ඒ ධර්මයන් පිළිබඳව කයින් කිරීමද, වචනයෙන් කරවු යයි ඇණවීමක් හෝ ඉගෙනීම් විචාරීම් ආදියක් හෝ වෙත් ද, ඒ ගැන කියනුම කවරේද? එම ක්‍රියාත්මක වීම්, ඒකාන්තයෙන් බොහෝ උපකාර ඇත්තාහුමැයි දක්වන සේක. කුමක් හෙයින් මෙහි සිත් ඉපදවීමත් බොහෝ උපකාර ඇත්තේ ද යත්, ඒකාන්තයෙන් හිතසුව එළවන හෙයින් ද, ක්‍රියාත්මක කරන්නවුන්ට හේතුවන බැවින් ද බොහෝ උපකාර ඇත්තේය.
“දානං දස්සාමී”ති හි චිත්තුප්පාදො සයම්පි එකන්තහිතසුඛාවහො අනුවිධියනානම්පි හෙතු, එවඤ්හි උප්පන්නචිත්තත්තායෙව දුතියදිවසෙ මහාවීථිං පිදහිත්වා මහාමණ්ඩපං කත්වා භික්ඛුසතස්ස වා භික්ඛුසහස්සස්ස වා දානං දෙති, “භික්ඛුසඞ්ඝං නිමන්තෙථ පූජෙථ පරිවිසථා”ති පරිජනෙ ආණාපෙති. එවං “සඞ්ඝස්ස චීවරං සෙනාසනං භෙසජ්ජං දස්සාමී”ති චිත්තුප්පාදො සයම්පි එකන්තහිතසුඛාවහො අනුවිධියනානම්පි හෙතු, එවං උප්පන්නචිත්තත්තායෙව හි චීවරාදීනි අභිසඞ්ඛරොති දෙති දාපෙති ච. එස නයො සරණගමනාදීසු.
දානයක් දෙමියි සිත පහළවීම තෙමේත් ඒකාන්තයෙන් හිතසුව එළවන්නේ වෙයි. ක්‍රියාත්මක වීමටද එය හේතු වෙයි. මෙසේ උපන් සිත් ඇති බැවින්ම දෙවනදවස් මහාමාර්ග වසා මහමඩුකොට භික්ෂූන් සියයකට හෝ භික්ෂූන් දහසකට හෝ දන් දෙයි. භික්ෂ සංඝයා පවරවූ, පුදවු, වළඳවව් යයි පිරිවර ජනයාට අණකරයි. එසේ සංඝයාට සිවුරු සෙනසුන් බෙහෙත් දෙන්නෙමියි සිත පහලවීම් තෙමේත් ඒකාන්තයෙන් හිතසුව එළවයි. සිත ඒ වූ පරිදි ක්‍රියාත්මක වීමටද හේතුවෙයි. එසේ උපන් සිත් ඇති බැවින්ම සිවුරු ආදිය සකස් කෙරෙයි. දෙයි. දෙවන්නේද වෙයි. සරණාගමන ආදියෙහිද මෙම ක්‍රමයමැයි.
“සරණං ගච්ඡාමී”ති හි චිත්තං උප්පාදෙත්වාව පච්ඡා කායෙන වා වාචාය වා සරණං ගණ්හාති. තථා “පඤ්චඞ්ගං අට්ඨඞ්ගං දසඞ්ගං වා සීලං සමාදියිස්සාමී”ති චිත්තං උප්පාදෙත්වා කායෙන වා වාචාය වා සමාදියති, “පබ්බජිත්වා චතූසු සීලෙසු පතිට්ඨහිස්සාමී”ති ච චිත්තං උප්පාදෙත්වා කායෙන වාචාය ච පූරෙතබ්බං සීලං පූරෙති. “බුද්ධවචනං උග්ගහෙස්සාමී”ති චිත්තං උප්පාදෙත්වාව එකං වා නිකායං ද්වෙ වා තයො වා චත්තාරො වා පඤ්ච වා නිකායෙ වාචාය උග්ගණ්හාති.
සරණයමියි සිත් ඉපද වූ කල්හිම පසුව කයින් හෝ වචනයෙන් සරණ ගනියි. එසේ පසඟ, අටඟ, දසඟ හෝ සීලයක් සමාදන් වන්නෙමියි සිත් උපදවාම කයින් හෝ වචනයෙන් හෝ සමාදන් වෙයි. පැවිදිව, චතුපාරිසුද්ධි සීලයෙහි පිහිටන්නෙමියි සිත් උපදවාම කයින්ද වචනයෙන් ද පිරිය යුතු සිල් පුරයි. බුදුදහම ඉගෙන ගනිමියි, සිත් උපදවාම එක් නිකායක් හෝ දෙනිකායක් හෝ තුන් නිකායක් හෝ සතර නිකායක් හෝ පස් නිකායක් හෝ වචනයෙන් උගනී.
එවං ධුතඞ්ගසමාදාන-කම්මට්ඨානුග්ගහ-කසිණපරිකම්ම-ඣානසමාපත්තිවිපස්සනාමග්ගඵල- පච්චෙකබොධි-සම්මාසම්බොධිවසෙන නෙතබ්බං.
මෙසේ ධුතාංග සමාදාන, කමටහන් ඉගෙනීම කසිණ භාවනා ධ්‍යාන, සමවත් විදසුන් මගඵල ප්රත්යෙක බොධි සම්‍යග් සම්බෝධි යන මොවුන්ගේ වශයෙන් දැක්විය යුතුය.
“බුද්ධො භවිස්සාමී”ති හි චිත්තුප්පාදො සයම්පි එකන්තහිතසුඛාවහො අනුවිධියනානම්පි හෙතු, එවඤ්හි උප්පන්නචිත්තත්තායෙව අපරෙන සමයෙන කප්පසතසහස්සාධිකානි චත්තාරි අසඞ්ඛෙය්යානි කායෙන වාචාය ච පාරමියො පූරෙත්වා සදෙවකං ලොකං තාරෙන්තො විචරති. එවං සබ්බත්ථ චිත්තුප්පාදොපි බහූපකාරො. කායවාචාහි පන අනුවිධියනා අතිබහූපකාරායෙවාති වෙදිතබ්බා.
බුදුවන්නෙමියි සිත ඉපදවීමම තෙමේම ඒකාන්ත සුව එළවන්නේ වෙයි. අනුවිධීනනයනට (ඒ අනුව එය සිදුවීමට) හේතු වෙයි. මෙසේ උපන් සිත් ඇත්තේම පසුකලෙක, කල්ප ලක්ෂයක් අධිකකොට ඇති සාරාසංඛ්යයක් කයින් ද වචනයෙන් ද පෙරුම් පුරා දෙවියන් සහිත ලෝකයා (සසරින්) තරණය කරවමින් හැසිරෙයි. මෙසේ සියලු තැන්හිම චිත්තොදපාදයද බොහෝ උපකාර ඇත්තේය. කය වචන දෙකින් ක්‍රියාත්මක වීම වනාහි බොහෝ උපකාර ඇත්තේ යයි දතයුත්තේය.
එවං කුසලෙසු ධම්මෙසු චිත්තුප්පාදස්සාපි බහූපකාරතං දස්සෙත්වා ඉදානි තත්ථ නියොජෙන්තො “තස්මා තිහ චුන්දා”තිආදිමාහ. තං අත්ථතො පාකටමෙව.
මෙසේ කුසල ධර්මයන්ගේ චිත්තොත්පාදයාගේ ද බොහෝ උපකාර ඇති බව දක්වා දැන් එහි යොදවන සේක් තස්මාතිහ චුන්ද යනාදිය වදාළහ. එය අර්ථ වශයෙන් ප්‍රකට වූයේම වෙයි.
එවං චතුචත්තාලීසාය ආකාරෙහි දස්සිතෙ සල්ලෙඛෙ චිත්තුප්පාදස්සාපි බහූපකාරතං දස්සෙත්වා ඉදානි තස්සෙව සල්ලෙඛස්ස හිතාධිගමාය මග්ගභාවං දස්සෙන්තො සෙය්යථාපීතිආදිමාහ.
මෙසේ සිවුසාළිස් අයුරින් දක්වන ලද සල්ලෙඛයෙහි චිත්තොත්පාදයාගේද බොහෝ උපකාර ඇති බව දක්වා දැන් එම සල්ලෙඛයම අධිගමයට හිතවත් වූ මාර්ගය බැව් දක්වන්නේ සෙය්යථාපි යනාදිය වදාළහ.
තස්සත්ථො, යථා නාම, චුන්ද, ඛාණුකණ්ටකපාසාණාදීහි විසමො මග්ගො භවෙය්ය, තස්ස පරික්කමනාය පරිවජ්ජනත්ථාය අඤ්ඤො සුපරිකම්මකතො විය භූමිභාගො සමො මග්ගො භවෙය්ය, යථා ච රුක්ඛමූලපාසාණපපාතකුම්භීලමකරාදි පරිබ්යාකුලං විසමං තිත්ථමස්ස, තස්ස පරික්කමනාය පරිවජ්ජනත්ථාය අඤ්ඤං අවිසමං අනුපුබ්බගම්භීරං සොපානඵලකසදිසං තිත්ථං භවෙය්ය, යං පටිපන්නො සුඛෙනෙව තං නදිං වා තළාකං වා අජ්ඣොගාහෙත්වා න්හායෙය්ය වා උත්තරෙය්ය වා, එවමෙව ඛො, චුන්ද, විසමමග්ගවිසමතිත්ථසදිසාය විහිංසාය සමන්නාගතස්ස විහිංසකපුග්ගලස්ස සමමග්ගසමතිත්ථසදිසා අවිහිංසා හොති පරික්කමනාය. යථෙව හි විසමමග්ගතිත්ථපරිවජ්ජනත්ථාය සමො මග්ගො ච තිත්ථඤ්ච පටියත්තං, එවං විහිංසාපරිවජ්ජනත්ථාය අවිහිංසා පටියත්තා, යං පටිපන්නො සුඛෙනෙව මනුස්සගතිං වා දෙවගතිං වා අජ්ඣොගාහෙත්වා සම්පත්තිං වා අනුභවෙය්ය උත්තරෙය්ය වා ලොකා. එතෙනෙව උපායෙන සබ්බපදානි යොජෙතබ්බානි.
එහි අර්ථය නම්, චුන්දය, යම්සේ කණු, කටු ගල් ආදියෙන් විෂම වූ මාර්ගයක් වන්නේද, එම මාර්ගය දුරලීම පිණිස වැලැක්වීම පිණිස අනිත් මනාව පිරියම් කළ, බිම් පෙදෙසක් වැනි සම වූ මාර්ගයක් වන්නේද, නැතහොත්, රුක්මුල් ගල් ප්‍රපාත, කිඹුල් මකර ආදීන් ගැවසීගත් විෂම වූ තොටක් වන්නේ ද, ඒ තොට දුරලීම පිණිස අතහැර දැමීම පිණිස අන්‍ය වූ විෂම නොවූ පිළිවෙලින් ගැඹුරු වූ තොටක් වන්නේ ද, යම් තොටකට පිළිපන්නේ සුවසේම එම නදියට හෝ එම තඩාගයට හෝ බැස නාන්නේ හෝ එතර වන්නේ හෝ වේද, චුන්දය, එපරිද්දෙන්ම විෂම මග විෂම තොට වැනි වූ විහිංසාවෙන් යුතු විහිංසක පුද්ගලයාගේ එම විහිංසාව දුරලීම පිණිස සම වූ මග සම වූ තොට වැනි වූ අවිහිංසාව වෙයි. ඒ එසේමැයි, විෂම වූ මග හා තොට දුරලීම පිණිස සම වූ මාර්ගයද තීර්ථයද යම්සේ පිළියෙල කරන ලදද, එසේ විහිංසාව දුරලීම පිණිස අවිහිංසාව පිළියෙල කරන ලද්දීය. හෙතෙම යම් අවිහිංසාවකට පිළිපන්නේ සුවයේම මනුෂ්‍ය ගතියට හෝ දේවගතියට පැමිණ සැපත් අනුභව කරන්නේ හෝ ලෝකයෙන් එතර වන්නේ හෝ වේද මේ ක්‍රමයෙන් සියලු පදයෝ යෙදිය යුත්තාහුය.
එවං තස්සෙව හිතාධිගමාය මග්ගභාවං දස්සෙත්වා ඉදානි උපරිභාගඞ්ගමනීයතං දස්සෙන්තො, සෙය්යථාපීතිආදිමාහ.
මෙසේ ඔහුගේම අධිගමයට හිතවූ මාර්ගය බැව් දක්වා උපරිභාවයට යායුතු බව දක්වන සේක්, සෙය්යථාපි යනාදිය වදාළහ. එහි අර්ථය නම්,
තස්සත්ථො, යථා නාම, චුන්ද, යෙ කෙචි අකුසලා ධම්මා පටිසන්ධියා ජනකා වා අජනකා වා, දින්නායපි පටිසන්ධියා විපාකජනකා වා අජනකා වා, සබ්බෙ තෙ ජාතිවසෙන අධොභාගඞ්ගමනීයාති එවංනාමාව හොන්ති, විපාකකාලෙ අනිට්ඨාකන්තවිපාකත්තා.
චුන්දය, යම්සේ වනාහි පටිසන්ධිය ගෙනදෙන්නා වූ හෝ පටිසන්ධිය ගෙන නොදෙන්නා වූ හෝ දුන් පටිසන්ධියට විපාක ගෙන දෙන්නා වූ හෝ නොදෙන්නා වූ හෝ යම්කිසි අකුසල ධර්ම කෙනෙක් වෙත් ද, ඒ සියල්ලෝ ජාති වශයෙන් අධෝභාවයට යායුත්තාහු නුයි, එබඳු නම් ඇත්තාහුම වෙත් ද, විපාක කාලයෙහි අනිෂ්ට වූ අකාන්ත වූ විපාක දෙන බැවිනි.
යථා ච යෙ කෙචි කුසලා ධම්මා පටිසන්ධියා ජනකා වා අජනකා වා දින්නායපි පටිසන්ධියා විපාකජනකා වා අජනකා වා, සබ්බෙ තෙ ජාතිවසෙන උපරිභාගඞ්ගමනීයාති එවංනාමාව හොන්ති, විපාකකාලෙ ඉට්ඨකන්තවිපාකත්තා, එවමෙව ඛො, චුන්ද, විහිංසකස්ස…පෙ… උපරිභාගායාති.
තව ද, යම්සේ පටිසන්ධි ගෙනදෙන්නා වූ හෝ නොදෙන්නා වූ හෝ දුන් පටිසන්ධියට විපාක දෙන්නා වූ හෝ නොදෙන්නා වූ යම්කිසි කුසල ධර්ම කෙනෙක් වෙන්ද, ඒ සියල්ලෝම ජාති වශයෙන් උපරිභාවයට යායුත්තාහුනුයි එබඳු නම් ඇත්තාහුම වෙත් ද, විපාක කාලයෙහි ඉෂ්ට වූ කාන්ත වූ විපාක ඇති බැවිනි. එව මෙව ඛො චුන්ද විහිංසකස්ස -පෙ- උපරිභාවය එපරිද්දෙන්ම චුන්දය, විහිංසක වූ -පෙ- උපරිභාවය පිණිස වේයයි.
තත්රායං ඔපම්මසංසන්දනා – යථා සබ්බෙ අකුසලා අධොභාගඞ්ගමනීයා, එවං විහිංසකස්ස එකා විහිංසාපි. යථා ච සබ්බෙ කුසලා උපරිභාගඞ්ගමනීයා, එවං අවිහිංසකස්ස එකා අවිහිංසාපි. එතෙනෙව උපායෙන අකුසලං අකුසලෙන කුසලඤ්ච කුසලෙන උපමෙතබ්බං, අයං කිරෙත්ථ අධිප්පායොති.
මේ මෙහි උපමා සංසන්දනයයි. යම්සේ සියලු අකුසල ධර්මයෝ අධෝභාවයට පැමිණිය යුත්තාහුද එසේ විහිංසක වූ පුද්ගලයා හට හුදු විහිංසා තොමෝම අධෝභාව ගමනීය වෙයි. යම්සේ සියලු කුසලයෝ උපරිභාවයට පැමිණිය යුත්තාහු වෙත්ද, එසේ අවිහිංසක වූ පුද්ගලයාට හුදු අවිහිංසාවම උපරිභාව ගමනීය වෙයි. මේ ක්‍රමයෙන්ම අකුසලය, අකුසලය සමගද කුසලය කුසලය සමගද උපමා කටයුතුයි. මේ වනාහි මෙහි අදහසයි.
එවං තස්සෙව සල්ලෙඛස්ස උපරිභාගඞ්ගමනීයතං දස්සෙත්වා ඉදානි පරිනිබ්බාපනෙ සමත්ථභාවං දස්සෙතුං සො වත චුන්දාතිආදිමාහ.
මෙසේ ඒ සල්ලෙඛයන් විසින්ම උපරිභාවයම යායුතු බැව් දක්වා දැන් පරිනිර්වාපණයෙහි (සම්පූර්ණයේ නිවීමෙහි) සමර්ථ බව දක්වන්ට සො වත චුන්ද යනාදිය වදාළහ.
තත්ථ සොති වුත්තප්පකාරපුග්ගලනිද්දෙසො. තස්ස යොති ඉමං උද්දෙසවචනං ආහරිත්වා යො අත්තනා පලිපපලිපන්නො, සො වත, චුන්ද, පරං පලිපපලිපන්නං උද්ධරිස්සතීති එවං සබ්බපදෙසු සම්බන්ධො වෙදිතබ්බො.
එහි සො යනු කිවයුතු ආකාර වූ පුද්ගලයා දැක්වීමයි. ඒ දේශනාවෙහි සො යන මෙම උද්දේශ වචන ගෙන යො අත්තනා පලිප්පලිපන්තො සොවත චුන්ද, පරං පලිප්පලිපන්නං උද්ධරිස්සති යයි මෙසේ සියලු තන්හි පද සම්බන්ධය දතයුතු.
පලිපපලිපන්නොති ගම්භීරකද්දමෙ නිමුග්ගො වුච්චති, නො ච ඛො අරියස්ස විනයෙ. අරියස්ස පන විනයෙ පලිපන්ති පඤ්ච කාමගුණා වුච්චන්ති. පලිපන්නොති තත්ථ නිමුග්ගො බාලපුථුජ්ජනො, තස්මා එවමෙත්ථ අත්ථයොජනා වෙදිතබ්බා.
පලිප්පලිපන්නො යනුවෙන් ගැඹුරු මඩෙහි ගිලුනේ යයි කියනු ලැබේ. ආර්ය විනයෙහි එසේ කියනු නොලැබේ. ආය විනයෙහි පලිපං යනුවෙන් පස්කම් ගුණයෝ කියනු ලැබෙත්. පලිපන්නො යනු එහි ගැලුනා වූ බාල පෘථග්ජන තෙම කියනු ලැබේ. එහෙයින් මෙසේ මෙහි අර්ථ යෝජනා දතයුත්තේය.
යථා, චුන්ද, කොචි පුරිසො යාව නාසිකග්ගා ගම්භීරෙ කද්දමෙ නිමුග්ගො අපරං තත්ථෙව නිමුග්ගං හත්ථෙ වා සීසෙ වා ගහෙත්වා උද්ධරිස්සතීති නෙතං ඨානං විජ්ජති, න හි තං කාරණමත්ථි, යෙන සො තං උද්ධරිත්වා ථලෙ පතිට්ඨපෙය්ය, එවමෙව යො අත්තනා පඤ්චකාමගුණපලිපෙ පලිපන්නො, සො වත පරං තථෙව පලිපපලිපන්නං උද්ධරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
චුන්දය, යම්සේ කිසි පුරුෂයෙක් නැහැය අග දක්වා ගැඹුරු මඩෙහි ගැලුනේ අන්‍ය වූත් එහිම ගැලුන කෙනෙකු අත හෝ හිස හෝ ගෙන ගොඩ ගන්නේය යන මේ කාරණය නොවන්නේය. යම් හෙයකින් හෙතෙම ඔහුව ගොඩගෙන පොළොවෙහි තබන්නේ ද යන්නට හේතුවක් නැත. එසේම යමෙක් තමා පංචකාම ගුණ නමැති මඩෙහි ගැලුනේ හෙතෙම එහිම ගිලුන අනිකෙකු ගොඩ ගන්නේය යන මෙයට හේතුවක් නැත්තේය. (ගොඩ ගැනීම නොවන්නේමය) මෙය ඉහි චෝදනාවක් වශයෙන් වන්නේය. මෙය නොයෙදෙයි.
තත්ථ සියා අයුත්තමෙතං, පුථුජ්ජනානම්පි භික්ඛුභික්ඛුනීඋපාසකඋපාසිකානං ධම්මදෙසනං සුත්වා හොන්තියෙව ධම්මං අභිසමෙතාරො, තස්මා පලිපපලිපන්නො උද්ධරතීති, තං න තථා දට්ඨබ්බං. භගවායෙව හි තත්ථ උද්ධරති, පසංසාමත්තමෙව පන ධම්මකථිකා ලභන්ති රඤ්ඤා පහිතලෙඛවාචකො විය. යථා හි රඤ්ඤො පච්චන්තජනපදෙ පහිතං ලෙඛං තත්ථ මනුස්සා ලෙඛං වාචෙතුං අජානන්තා යො වාචෙතුං ජානාති, තෙන වාචාපෙත්වා තමත්ථං සුත්වා “රඤ්ඤො ආණා”ති ආදරෙන සම්පාදෙන්ති, න ච නෙසං හොති “ලෙඛවාචකස්ස අයං ආණා”ති. ලෙඛවාචකො පන “විස්සට්ඨාය වාචාය වාචෙසි අනෙලගළායා”ති පසංසාමත්තමෙව ලභති, එවමෙව කිඤ්චාපි සාරිපුත්තපභුතයො ධම්මකථිකා ධම්මං දෙසෙන්ති, අථ ඛො ලිඛිතපණ්ණවාචකො විය තෙ හොන්ති. භගවතොයෙව පන සා ධම්මදෙසනා රඤ්ඤො ආණා විය. යෙ ච තං සුත්වා ධම්මං අභිසමෙන්ති, තෙ භගවායෙව උද්ධරතීති වෙදිතබ්බා. ධම්මකථිකා පන “විස්සට්ඨාය වාචාය ධම්මං දෙසෙන්ති අනෙලගළායා”ති පසංසාමත්තමෙව ලභන්තීති. තස්මා යුත්තමෙවෙතන්ති. වුත්තවිපරියායෙන සුක්කපක්ඛො වෙදිතබ්බො.
පුහුදුන් වූ භික්ෂු - භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ද ධර්ම දේශනාව අසා දහම් අවබෝධ කරන්නාහු වෙත්මය. පස්කම් ගුණයෙහි ගැලුනේ අන්‍යයන් නගා සිටුවා යයි එය එසේ නොදත යුතුය. ඒ එසේමැයි. භාග්යවත්හුම, එහි නගාසිටුවීම කෙරෙති. ධර්මකථිකයෝ (අකුසල පක්ෂයෙහි) ප්‍රශංසා මාත්රයක්ව ලබති. රජු විසින් යවන ලද හසුන කියවන්නෙකු මෙනි. එය එසේමැයි, රජු විසින් ප්‍රත්‍යන්ත ජනපදයකට යවන ලද ලියමනක් එහි මනුෂ්‍යයෝ ලියමන කියවන්ට නොදන්නාහු යමෙක් කියවන්ට දන්නේද ඔහු ලවා කියවාගෙන එහි අර්ථය අසා යම්සේ රජුගේ ආඥාව යයි ආදරයෙන් සම්පාදනය කෙරෙත් ද, මේ අනුව ලියවන කියවන්නාගේ යයි ඔවුන්ට සිතක් නොද වේද, ලියුම කියවන්නා වනාහි කෙලතොලු නොවූයේ නොපැකිලෙන වචනයෙන් කියවන්නේ යයි පැසසුම් පමණක් ලබන්නේද, එපරිද්දෙන්ම කිසිසේත් ශාරිපුත්‍ර ආදි ධර්ම කථිකයෝ ධර්මදේශනා කෙරෙත්ද, එතකුදු වුවත් ඔවුහු ලියූ පතක් කියවන්නවුන් මෙන් නොවෙති. එම දේශනා තොමෝ භාග්‍යවතුන් වහන්සේගේම වෙයි. රජුගේ ආඥාව මෙනි. යමෙක් තුමූ එම දහම් අසා අවබෝධ කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්සේම ඔවුන් නගාසිටුවන සේකැයි දතයුතුයැ. ධර්ම කථිකයෝ වනාහි කෙලතොලු නොවූ ඒ ඒ තැන නොපැකිලෙන වචනයෙන් දහම් දෙසත්යයි පැසසුම් පමණක්ම ලබත් යයි කියන ලදි. එහෙයින් මෙහිදී තෙල වචනය යෙදේමය. කියන ලද්දට විපර්යාස වශයෙන් කුශල පක්ෂයෙහි දතයුතුයැ.
අදන්තො අවිනීතො අපරිනිබ්බුතොති එත්ථ පන අනිබ්බිසතාය අදන්තො. අසික්ඛිතවිනයතාය අවිනීතො. අනිබ්බුතකිලෙසතාය අපරිනිබ්බුතොති වෙදිතබ්බො. සො තාදිසො පරං දමෙස්සති, නිබ්බිසං කරිස්සති, විනෙස්සති වා තිස්සො සික්ඛා සික්ඛාපෙස්සති, පරිනිබ්බාපෙස්සති වා තස්ස කිලෙසෙ නිබ්බාපෙස්සතීති නෙතං ඨානං විජ්ජති. වුත්තවිපරියායෙන සුක්කපක්ඛො වෙදිතබ්බො.
අදන්තො, අවිනීතො, අපරිනිබ්බුතො යන මෙහි විස සහිත බැවින් (=අනිබ්බියතාය) අදාන්ත නම් වේ. නොහික්මුණු විනය ඇති බැවින් අවිනීත නම් වේ. නො නිවූ කෙලෙස් ඇති බැවින් අපරිනිබ්බුත නම් වේ යයි දතයුතුයැ. එබඳු වූ එම පුද්ගල තෙම මෙරමා දමෙස්සති විෂ රහිතයෙකු කරන්නේය. විනෙස්සති, ත්‍රිවිධ ශික්ෂාවෙන් හික්මවන්නේය. හෝ පරිනිබ්බාපෙස්සති, ඔහුගේ කෙලෙසුන් පරිනිර්වාණය කරවන්නේය යන මේ කාරණය නොවන්නේය කියන ලද්දට විරුද්ධ වශයෙන් කුසල පක්ෂය දතයුතු යැ.
එවමෙව ඛො, චුන්ද, විහිංසකස්ස…පෙ… පරිනිබ්බානායාති එත්ථ පන එවමත්ථො වෙදිතබ්බො – යථා හි අත්තනා අපලිපපලිපන්නො පරං පලිපපලිපන්නං උද්ධරිස්සති, දන්තො දමෙස්සති, විනීතො විනෙස්සති, පරිනිබ්බුතො පරිනිබ්බාපෙස්සතීති ඨානමෙතං විජ්ජතීති. කිං පන තන්ති? අපලිපපලිපන්නත්තං, දන්තත්තං විනීතත්තං පරිනිබ්බුතත්තඤ්ච, එවමෙව ඛො, චුන්ද, විහිංසකස්ස පුරිසපුග්ගලස්ස අවිහිංසා හොති පරිනිබ්බානාය. කිං වුත්තං හොති? යො අත්තනා අවිහිංසකො, තස්ස යා අවිහිංසා, අයං යා එසා විහිංසකස්ස පරස්ස විහිංසා, තස්සා පරිනිබ්බානාය හොති, අත්තනා හි අවිහිංසකො පරස්ස විහිංසාචෙතනං නිබ්බාපෙස්සතීති ඨානමෙතං විජ්ජති. කිං පන තන්ති? අවිහිංසකත්තමෙව. යඤ්හි යෙන අත්තනා අධිගතං හොති, සො පරං තදත්ථාය සමාදපෙතුං සක්කොතීති.
එවමෙව ඛො චුන්ද, විහිංසකස්ස -පෙ- පරිනිබ්බානාය මෙහි වනාහි මෙසේ අර්ථය දතයුතුයැ. තමා පලිප නම් වූ පඤ්චකාම ගුණයෙහි නො ගැලුනේ පඤ්චකාම ගුණයෙහි ගැලුනාහු මෙරමා නගනේය. තමා දැමුනේ මෙරමා දමනය කරන්නේය, තමා හික්මුනේ මෙරමා හික්මවන්නේය. තමා පිරිනිවියේ මෙරමා පරිනිර්වාණය කරවන්නේය, යන මේ කාරණය මෙසේ විද්‍යමාන වන්නේ ද ඒ කාරණය කුමක්ද යත්, පස්කම් ගුණයෙහි නොගැලුණු බවද, දැමුණු බවද හික්මුණු බවද, පිරිනිවි බවද වේ. එපරිද්දෙන්ම චුන්දය, විහිංසක වූ පුරුෂ පුද්ගලයාගේ අවිහිංසා තොමෝ පරිනිර්වාණය පිණිස වේ. කුමක් කියන ලද්දේද, යමෙක් තමා අවිහිංසක වූයේ, ඔහුගේ යම් අවිහිංසාවක් වේද, මෝ අවිහිංසක වූයේ, ඔහුගේ යම් අවිහිංසාවක් වේද, මෝ අවිහිංසා තොමෝ විහිංසකව වූ මෙරමාගේ යම් මේ විහිංසාවක් වේද, ඒ විහිංසාවගේ පිරිනිවීම පිණිස වෙයි. තමා අවිහිංසක වූයේ අන්‍යයන්ගේ විහිංසා චේතනාව නිවන්නේය යන, මේ කාරණය වන්නේය. ඒ කාරණය කුමක්ද යත්, අවිහිංසක බව මැයි. එය එසේමැයි. යම්හෙයකින් තමා යමක් අධිගමය කරන ලද්දේද, හෙතෙම අන්‍යයන් එහි යොදවන්ට හැකිවෙයි.
අථ වා යථා අත්තනා අපලිපන්නො දන්තො විනීතො පරිනිබ්බුතො පරං පලිපපලිපන්නං අදන්තං අවිනීතං අපරිනිබ්බුතඤ්ච උද්ධරිස්සති දමෙස්සති විනෙස්සති පරිනිබ්බාපෙස්සතීති ඨානමෙතං විජ්ජති, එවමෙව විහිංසකස්ස පුරිසපුග්ගලස්ස විහිංසාපහානාය මග්ගං භාවයතො උප්පන්නා අවිහිංසා හොති පරිනිබ්බානාය. පරිනිබ්බුතො විය හි අපරිනිබ්බුතං අවිහිංසාචෙතනාව විහිංසාචෙතනං පරිනිබ්බාපෙතුං සමත්ථා. එතමත්ථං දස්සෙන්තො “එවමෙව ඛො, චුන්දා”තිආදිමාහාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. යථා චෙත්ථ, එවං සබ්බපදෙසු. අතිවිත්ථාරභයෙන පන අනුපදයොජනා න කතාති.
නැතහොත් තමා පස්කම් ගුණයෙහි නොගැලුනේ දැමුනේ හික්මුනේ පිරිනිවියේ, පස්කම් ගුණයෙහි ගැලුනා වූ නොදැමුනා වූ නොහික්මුනා වූ නොපිරිනිවියා වූ අන්‍යයා පස්කම් ගුණයෙන් නගා සිටුවන්නේය. (ත්‍රිවිධ ශික්ෂාවෙහි) හික්මවන්නේය. දමනය කරන්නේය පරිනිර්වාණය කරවන්නේය යන මේ කාරණය යම්සේ විද්‍යමාන වේද, එපරිද්දෙන් විහිංසක වූ විහිංසා-ප්රහාණය පිණිස මාර්ගය වඩන්නා වූ පුරුෂයා හට උපන් අවිහිංසා තොමෝ පරිනිර්වාණය පිණිස වෙයි. ඒ එසේමැයි. පරිනිර්වාණය නොකළ එකක්හු, පරිනිර්වාණය කළ එකෙකු මෙන් අවිහිංසා චේතනා තොමෝ මේ විහිංසා චේතනාව පරිනිර්වාණය කරවන්ට සමර්ථ වන්නීය. මේ අර්ථය දක්වන්නාහු එව මෙව ඛො චුන්ද, මෙසේ වදාළහයි. මෙසේ මෙහි අර්ථය දතයුත්තේය. මෙහි යම් සේද, එසේ සියලු පදයන්හි අරුත් දතයුතුයැ. විස්තරය දීර්ඝ වේය යන භයින් අනුපද යෝජනා (පදයක් පාසා යෙදීම) නොකරන ලද්දීය.
එවං තස්ස පරිනිබ්බාපනෙ සමත්ථභාවං දස්සෙත්වා ඉදානි තං දෙසනං නිගමෙත්වා ධම්මපටිපත්තියං නියොජෙතුං ඉති ඛො, චුන්දාතිආදිමාහ. තත්ථ සල්ලෙඛපරියායොති සල්ලෙඛකාරණං. එස නයො සබ්බත්ථ එත්ථ අවිහිංසාදයො එව විහිංසාදීනං සල්ලෙඛනතො සල්ලෙඛකාරණං. තෙසං වසෙන චිත්තස්ස උප්පාදෙතබ්බතො චිත්තුපාදකාරණං, විහිංසාදි, පරික්කමනස්ස හෙතුතො පරික්කමනකාරණං, උපරිභාගනිප්ඵාදනතො උපරිභාගකාරණං, විහිංසාදීනං පරිනිබ්බාපනතො පරිනිබ්බානකාරණන්ති වෙදිතබ්බා.
මෙසේ ඔහුගේ පරිනිර්වාණයෙහි සමර්ථ බැව් දක්වා මෙවිට එම දේශනාව නිගමනය කොට දහම් පිළිවෙතෙහි යොදවන්ට ඉති ඛො චුන්ද යනාදිය වදාළහ. එහි සල්ලෙඛ පරියායො සල්ලේඛ කාරණය සියලු තන්හි මේ ක්‍රමයමයි. මෙහි අවිහිංසාදීහුම විහිංසාදීන්ගේ සල්ලෙඛනය කරන හෙයින් සල්ලේඛකාරණය වෙයි. ඔවුන් වශයෙන් සිත් ඉපදවීම කළයුතු බැවින් චිත්තුප්පාද කාරණය වේ. විහිංසාදීන්ගේ දුරලීමට හේතුව වග බැවින් පරික්කමන කාරණය වේ. ස්වර්ගාදි උපරිභාවය නිෂ්පාදනය කරන හෙයින් උපරිභාව කාරණය වේ. විහිංසාදීන්ගේ පරිනිර්වාණය කරවන හෙයින් පරිනිර්වාණ කාරණය වේයි දතයුත්තාහුය.
හිතෙසිනාති හිතං එසන්තෙන. අනුකම්පකෙනාති අනුකම්පමානෙන. අනුකම්පං උපාදායාති අනුකම්පං චිත්තෙන පරිග්ගහෙත්වා, පරිච්චාතිපි වුත්තං හොති. කතං වො තං මයාති තං මයා ඉමෙ පඤ්ච පරියායෙ දස්සෙන්තෙන තුම්හාකං කතං. එත්තකමෙව හි අනුකම්පකස්ස සත්ථු කිච්චං, යදිදං අවිපරීතධම්මදෙසනා. ඉතො පරං පන පටිපත්ති නාම සාවකානං කිච්චං. තෙනාහ එතානි, චුන්ද, රුක්ඛමූලානි…පෙ… අම්හාකං අනුසාසනීති.
හිතෙසිතා හිත සොයන්නහු අනුකම්පකෙන අනුකම්පා කරන්නා වූ අනුකම්පං උපාදාය, අනුකම්පා සිතින් ගෙන සඳහා යයිද කියන ලද වෙයි. කතං වො තං මයා මේ කරුණු පස දේශනා කරන්නා වූ මා විසින් එය තොපට කරන ලදී. යම් මේ අවිපරීත දේශනාවක් වන්නී ද, මෙපමණකින්ම අනුකම්පා කරන ශාස්තෘෘහුගේ කෘත්‍යය වෙයි. මින් මතුයෙහි ප්‍රතිපත්තිය නම් ශ්‍රාවකයන්ගේ කෘත්‍ය වෙයි. එහෙයින් වදාළහ. එතානි චුන්ද රුක්ඛමූලාති -පෙ- අමකං අනුසාසනී,
තත්ථ ච රුක්ඛමූලානීති ඉමිනා රුක්ඛමූලසෙනාසනං දස්සෙති. සුඤ්ඤාගාරානීති ඉමිනා ජනවිවිත්තට්ඨානං. උභයෙනාපි ච යොගානුරූපසෙනාසනමාචික්ඛති, දායජ්ජං නිය්යාතෙති. ඣායථාති ආරම්මණූපනිජ්ඣානෙන අට්ඨතිංසාරම්මණානි, ලක්ඛණූපනිජ්ඣානෙන ච අනිච්චාදිතො ඛන්ධායතනාදීනි උපනිජ්ඣායථ, සමථඤ්ච විපස්සනඤ්ච වඩ්ඪෙථාති වුත්තං හොති. මා පමාදත්ථාති මා පමජ්ජිත්ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථාති යෙ හි පුබ්බෙ දහරකාලෙ, ආරොග්යකාලෙ, සත්තසප්පායාදිසම්පත්තිකාලෙ, සත්ථු සම්මුඛීභාවකාලෙ ච යොනිසොමනසිකාරවිරහිතා රත්තින්දිවං මඞ්ගුලභත්තා හුත්වා සෙය්යසුඛං මිද්ධසුඛමනුභොන්තා පමජ්ජන්ති, තෙ පච්ඡා ජරාකාලෙ, රොගකාලෙ, මරණකාලෙ, විපත්තිකාලෙ, සත්ථු පරිනිබ්බුතකාලෙ ච තං පුබ්බෙ පමාදවිහාරං අනුස්සරන්තා, සප්පටිසන්ධිකාලකිරියඤ්ච භාරියං සම්පස්සමානා විප්පටිසාරිනො හොන්ති, තුම්හෙ පන තාදිසා මා අහුවත්ථාති එතමත්ථං දස්සෙන්තො ආහ “මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථා”ති. අයං වො අම්හාකං අනුසාසනීති අයං අම්හාකං සන්තිකා “ඣායථ මා පමාදත්ථා”ති තුම්හාකං අනුසාසනී, ඔවාදොති වුත්තං හොති.
යන එහි රුක්ඛමූලානි -පෙ- අම්හාකං අනුසාසනී, දක්වන සේක, සුඤ්ඤාගාරානි යන මෙයින් ජනයාගෙන් වෙන් වූ ස්ථානය දක්වන සේක. තව ද පද දෙකෙන්ම යෝගාවචරයනට සුදුසු වූ සේනාසනය ප්‍රකාශ කරන සේක. දායාදය පාවාදෙන සේක. ඣායථ අටතිස් අරමුණු, (ආරම්මණ උපනිජ්ඣාන) අරමුණ නැවත නැවත සිතීම මෙන් ද, අටතිස් අරමුණෙන් ද ලක්ඛණුපනිජ්ඣානයෙන් (ලක්ෂණ නිතර නිතර සිතීමෙන් ද, අනිත්‍යාදි වශයෙන් ඛන්ධ-ධාතු-ආයතන ආදීන්ගේ ලක්ෂණ නැවත නැවත සිතීමෙන් ද ධ්‍යාන කරවු. සමථය ද, විදර්ශනාව ද වඩවු යයි කියන ලද්දේ වෙයි. මා පමාදත්ථ පමා නොවවු. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ යමෙක් පෙර තරුණ කාලයෙහි ද, නිරෝග කාලයෙහි ද සප්තවිධ සැපසම්පත් ඇතිකල්හිද, යෝනිසො මනසිකාරයෙන් වෙන් වූවාහු රැදාවල මකුණුබත්ව, ශයන සුඛය, නිද්රාසුඛය අනුභව කරමින් ප්‍රමාද වෙත්ද, ඔවුහු පසුව ජරාවට පැමිණි කල්හිද, රෝග ඇති කාලයෙහි ද ශාස්තෘෘන් පිරිනිවි කල්හිද ඒ පෙර ප්‍රමාද විහරණය සිහි කරමින් පිළිසිඳ සහිත කාලක්‍රියාවද බරක් කොට දක්වන්නාහු විපිළිසර ඇත්තාහු වෙති. තෙපි වනාහි එබඳු වූවෝ නොවවු යයි මේ අරුත දක්වමින් වදාළහ. මා පච්ඡා විප්පටිසාරිතො අහුවත්ථ යයි අයං වො අම්හාකං අනුස්සති, ඣායථ, මා පමාදත්ථ ධ්‍යාන වඩන පමා නොවන්න. මේ වූ කලී අප හමුවෙන් තොපට අනුශාසනාය අවවාදයයි කියන ලද්දේ වේ.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය සල්ලෙඛසුත්තවණ්ණනා නිට්ඨිතා.
සල්ලෙඛ සූත්‍ර වර්ණනාව නිමි.