සල‍්ලෙඛසුත‍්තං
1. 1. 8.
1. 1. 8.
සල‍්ලෙඛසුත‍්තං
සල්ලේඛ සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො ආයස‍්මා මහාචුන්‍දො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මහාචුන්‍දො භගවන‍්තං එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස්කාලයෙහි පිළිසලනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ආයුෂ්මත් මහාචුන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
2. යා ඉමා භන‍්තෙ අනෙකවිහිතා දිට‍්ඨියො ලොකෙ උප‍්පජ‍්ජන‍්ති අත‍්තවාදපටිසංයුත‍්තා වා ලොකවාදපටිසංයුත‍්තා වා, ආදිමෙව නු ඛො භන‍්තෙ භික‍්ඛුනො මනසි කරොතො එවමෙතාසං දිට‍්ඨීනං පහානං හොති? එවමෙතාසං දිට‍්ඨීනං පටිනිස‍්සග‍්ගො හොතීති?
2. ස්වාමීනි, (විසිවැදෑරුම්) ආත්මවාදයෙන් යුක්ත වූත් (අටවැදෑරුම්) ලෝකවාදයෙන් යුක්තවූත් යම් මේ නොයෙක් ආකාර මිථ්‍යාදෘෂ්ටීහු ලෝකයෙහි උපදිත් ද, ස්වාමීනි, පළමු කොට ම හෙවත් විදර්‍ශනාමිශ්‍ර ප්‍රථම (භාවනා) මනස්කාරය මෙනෙහි කරන්නා වූ ම මහණහට මෙසේ ඒ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වේ ද? මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුරලීම වේ ද?
යා ඉමා චුන්‍ද අනෙකවිහිතා දිට‍්ඨියො ලොකෙ උප‍්පජ‍්ජන‍්ති අත‍්තවාදපටිසංයුත‍්තා වා ලොකවාදපටිසංයුත‍්තා වා, යත්‍ථ චෙතා දිට‍්ඨියො උප‍්පජ‍්ජන‍්ති, යත්‍ථ චෙතා අනුසෙන‍්ති, යත්‍ථ චෙතා සමුදාචරන‍්ති, තං නෙතං මම, නෙසො’හමස‍්මි, න මෙ’සො අත‍්තාති එවමෙතං යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො එවමෙතාසං දිට‍්ඨීනං පහානං හොති. එවමෙතාසං දිට‍්ඨීනං පටිනිස‍්සග‍්ගො හොති.
චුන්‍දය, ආත්මවාදයෙන් යුක්ත වූත් ලෝකවාදයෙන් යුක්ත වූත් යම් මේ නොයෙක් ආකාර දෘෂ්ටීහු ලෝකයෙහි උපදිත් ද, යම් පඤ්චස්කන්‍ධයෙක්හි දෘෂ්ටිහු උපදිත් ද, යම් පඤ්චස්කන්‍ධයෙක්හි මේ දෘෂ්ටීහු ලැග සිටිත් ද, යම් තැනෙක මේ දෘෂ්ටීහු හැසිරෙද්ද, ඒ පඤ්චස්කන්‍ධය “තෙල මා නොගැත්තේ ය. මම තෙල පඤ්චස්කන්‍ධයෙම නො වෙමි. මාගේ ඉසුරු පඤ්චස්කන්‍ධයෙහි නො පවත්නේය යි මෙසේ මෙය තත් වූ පරිදි විවසුන් නුවණින් දක්නහුට මෙසේ මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙයි. මෙසේ මේ දෘෂ්ටීන්ගේ දුර ලීම වෙයි.
3. ඨානං ඛො පනෙතං චුන්‍ද විජ‍්ජති - යං ඉධෙකච‍්චො භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. තස‍්ස එවමස‍්ස: සල‍්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්‍ද අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්ති. දිට‍්ඨධම‍්මසුඛවිහාරා එතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.
3. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් කාමයන්ගෙන් වෙන් ව අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඕහට ‘සල්ලේඛයෙන් (කෙලෙස් සිඳීමෙන්) යුක්ත ව වාසය කරමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යශාසනයෙහි ඉහාත්මභාවසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
4. ඨානං ඛො පනෙතං චුන්‍ද විජ‍්ජති - යං ඉධෙකච‍්චො භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. තස‍්ස එවමස‍්ස: සල‍්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්‍ද අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්ති. දිට‍්ඨධම‍්මසුඛවිහාරා එතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.
4. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් විතර්‍කවිචාරයන් සන්සිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති හිතේ උතුම් එකඟ බව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි යන යමක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘සල්ලේඛයෙන් වසමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයයෙහි සල්ලෙඛයෝ යයි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයයෙහි දෘෂ්ටධර්‍ම සුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
5. ඨානං ඛො පනෙතං චුන්‍ද විජ‍්ජති - යං ඉධෙකච‍්චො භික‍්ඛු පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරෙය්‍ය, සතො ච සම‍්පජානො, සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙය්‍ය, යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති, තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. තස‍්ස එවමස‍්ස: සල‍්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්‍ද අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්ති. දිට‍්ඨධම‍්මසුඛවිහාරා එතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.
5. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ප්‍රීතිය ද හැරපීමෙන් උපේක්‍ෂක ව සිහි ඇති ව මනා නුවණින් යුක්ත ව වාසය කෙරෙයි ද, කයින් සැප විඳියි ද, යම් ධ්‍යාන හේතුවකින් තෘතීයධ්‍යානයෙන් යුක්ත වූවහුට උපේක්‍ෂක වූයේ සිහි ඇත්තේ සුවසේ වසනසුලු යි බුද්ධාදි ආර්‍ය්‍යයෝ පසසත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් යුක්ත ව වසමි’යි අධිමානය විය හැකි ය. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය විනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයයෙහි දෘෂ්ටධර්‍මසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
6. ඨානං ඛො පනෙතං චුන්‍ද විජ‍්ජති - යං ඉධෙකච‍්චො භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා අදුක‍්ඛං අසුඛං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය, තස‍්ස එවමස‍්ස: සල‍්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්‍ද අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්ති. දිට‍්ඨධම‍්මසුඛවිහාරා එතෙ අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.
6. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් (පළමුකොට ම) සැපය ද නැති කිරීමෙන් දුක ද නැති කිරීමෙන් පළමු කොට ම සොම්නස් දොම්නස් නැති කිරීමෙන් දුක් නැති සැප නැති උපේක්‍ෂායෙන් වූ ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් වසමි’යි අධිමානය විය හැකි ය චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යශාසනයේ දෘෂ්ටධර්‍මසුඛවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
7. ඨානං ඛො පනෙතං චුන්‍ද විජ‍්ජති - යං ඉධෙකච‍්චො භික‍්ඛු සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. තස‍්ස එවමස‍්ස: සල‍්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්‍ද අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්ති. සන‍්තා එතෙ විහාරා අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.
7. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව (රූපාදිනානාගෝචරයන්හි පවත්නා) සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය. යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට “මම සල්ලේඛයෙන් වසමි”යි අධිමානයෙක් වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
8. ඨානං ඛො පනෙතං චුන්‍ද විජ‍්ජති - යං ඉධෙකච‍්චො භික‍්ඛු සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. තස‍්ස එවමස‍්ස: සල‍්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්‍ද අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්ති. සන‍්තා එතෙ විහාරා අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.
8. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’යි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් වසමි’යි අධිමානයෙක් වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
9. ඨානං ඛො පනෙතං චුන්‍ද විජ‍්ජති - යං ඉධෙකච‍්චො භික‍්ඛු සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. තස‍්ස එවමස‍්ස: සල‍්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්‍ද අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්ති. සන‍්තා එතෙ විහාරා අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.
9. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි (මෙනෙහි කරන්නේ) ආකිඤ්චඤ්ඤායතනධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට මම සල්ලේඛයෙන් වසමි’යි, අධිමානය වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්ත විහරණයෝ ය යි කියනු ලැබෙත්.
10. ඨානං ඛො පනෙතං චුන්‍ද විජ‍්ජති - යං ඉධෙකච‍්චො භික‍්ඛු සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරෙය්‍ය. තස‍්ස එවමස‍්ස: සල‍්ලෙඛෙන විහරාමීති. න ඛො පනෙතෙ චුන්‍ද අරියස‍්ස විනයෙ සල‍්ලෙඛා වුච‍්චන‍්ති. සන‍්තා එතෙ විහාරා අරියස‍්ස විනයෙ වුච‍්චන‍්ති.
10. චුන්‍දය, මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් සර්‍වප්‍රකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඒ මහණහට ‘මම සල්ලේඛයෙන් වසමි’යි අධිමානය වෙයි. චුන්‍දය, මේ ධ්‍යානයෝ ආර්‍ය්‍යවිනයෙහි සල්ලෙඛයෝ ය යි කියනු නො ලැබෙත්. මොහු ආර්‍ය්‍යවිනයෙහි ශාන්තවිහරණයෝ ය යි කියනු ලැබෙත්.
[1. සල‍්ලෙඛපරියායො:]
[1. සල්ලේඛ පර්‍ය්‍යාය:]
1. ඉධ ඛො පන වො චුන්‍ද සල‍්ලෙඛො කරණීයො: පරෙ විහිංසකා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අවිහිංසකා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
1. චුන්‍දය, මේ විහිංසාදි සුසාළිස් වස්තූන්හි තොප විසින් සල්ලේඛය කට යුතු යි. ‘අන්‍යයෝ සතුන්ට හිංසා කරන්නෝ වන්නාහු ය අපි මෙහි (සතුන්ට) හිංසා නො කරන්නමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
2. පරෙ පාණාතිපාතී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ පාණාතිපාතා පටිවිරතා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
2. ‘අන්‍යයෝ සතුන් මරන්නෝ වන්නාහු ය. අපි මෙහි සතුන් මැරීමෙන් වැලකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
3. පරෙ අදින‍්නාදායී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අදින‍්නාදානා පටිවිරතා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
3. ‘අන්‍යයෝ නුදුන් දෙය ගන්නෝ වන්නාහු ය. අපි මෙහි නුදුන් දෙය ගැන්මෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
4. පරෙ අබ්‍රහ‍්මචාරී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ බ්‍රහ‍්මචාරී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
4. ‘අන්‍යයෝ අබ්‍රහ්මචාරී වන්නාහු ය. අපි මෙහි බ්‍රහ්මචාරී වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
5. පරෙ මුසාවාදී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ මුසාවාදා පටිවිරතා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
5. ‘අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහු ය. අපි මෙහි බොරු කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
6. පරෙ පිසුණවාචා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ පිසුණා වාචාය පටිවිරතා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
6. ‘අන්‍යයෝ පිසුණු බස් කියන්නෝ වන්නාහු ය. අපි පිසුණු බස් කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
7. පරෙ ඵරුසාවාචා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ ඵරුසාවාචා පටිවිරතා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
7. ‘අන්‍යයෝ රළුබස් කියන්නෝ වන්නාහු ය. මෙහි දී අපි රළුබස් කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
8. පරෙ සම‍්ඵප‍්පලාපී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සම‍්ඵප‍්පලාපා පටිවිරතා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
8. ‘අන්‍යයෝ ප්‍රලාප කියන්නේ වන්නාහු ය. මෙහි දී අපි ප්‍රලාප කීමෙන් වැළකුණමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
9. පරෙ අභිජ‍්ඣාලූ භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අනභිජ‍්ඣාලූ භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
9. ‘අන්‍යයෝ අභිධ්‍යා බහුල කොට ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි අභිධ්‍යා බහුල කොට නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
10. පරෙ බ්‍යාපන‍්නචිත‍්තා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අබ්‍යාපන‍්නචිත‍්තා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
10. ‘අන්‍යයෝ ව්‍යාපාදයෙන් යුත් සිත් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ව්‍යාපන්න සිත් නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
11. පරෙ මිච‍්ඡාදිට‍්ඨී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සම‍්මාදිට‍්ඨි භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
11. ‘අන්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිකයෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්දෘෂ්ටිකයෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
12. පරෙ මිච‍්ඡාසඞ‍්කප‍්පා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සම‍්මාසඞ‍්කප‍්පා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
12. ‘අන්‍යයෝ මිථ්‍යාසඞ්කල්ප ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්සඞ්කල්ප ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
13. පරෙ මිච‍්ඡාවාචා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සම‍්මාවාචා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
13. ‘අන්‍යයෝ මිථ්‍යාවචන ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්වචන ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
14. පරෙ මිච‍්ඡාකම‍්මන‍්තා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සම‍්මාකම‍්මන‍්තා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
14. ‘අන්‍යයෝ මිථ්‍යාකර්‍මාන්ත ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්කර්‍මාන්ත ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
15. පරෙ මිච‍්ඡාආජීවා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සම‍්මාආජීවා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
15. ‘අන්‍යයෝ මිථ්‍යාආජීව ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යගාජීවය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
16. පරෙ මිච‍්ඡාවායාමා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සම‍්මාවායාමා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
16. ‘අන්‍යයෝ මිථ්‍යාව්‍යායාම ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්ව්‍යායාම ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
17. පරෙ මිච‍්ඡාසතී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සම‍්මාසතී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
17. ‘අන්‍යයෝ මිථ්‍යාස්මෘතිය ඇත්තෝ වන්නාහුය. මෙහි දී අපි සම්‍යක්ස්මෘතිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
18. පරෙ මිච‍්ඡාසමාධි භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සම‍්මාසමාධී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
18. ‘අන්‍යයෝ මිථ්‍යාසමාධිය ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යක්සමාධිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
19. පරෙ මිච‍්ඡාඤාණී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සම‍්මාඤාණී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
19. ‘අන්‍යයෝ මිථ්‍යාඥාන ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්ඥාන ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
20. පරෙ මිච‍්ඡාවිමුත‍්තී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සම‍්මාවිමුත‍්තී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
20. ‘අන්‍යයෝ මිථ්‍යාවිමුක්ති ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි සම්‍යග්විමුක්ති ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
21. පරෙ ථීනමිද‍්ධපරියුට‍්ඨිතා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ විගතථීනමිද‍්ධා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
21. ‘අන්‍යයෝ ථීනමිද්ධයෙන් මඩනා ලද්දෝ වන්නාහු ය. මෙහි දී අපි පහ වූ ථීනමිද්ධ ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
22. පරෙ උද‍්ධතා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අනුද‍්ධතා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
22. ‘අන්‍යයෝ උද්ධතයෝ වන්නාහු ය. මෙහි දී අපි අනුද්ධතයමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
23. පරෙ වෙචිකිච‍්ඡී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ තිණ‍්ණවිචිකිච‍්ඡා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
23. ‘අන්‍යයෝ විචිකිච්ඡා ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි තරණය කළ විචිකිච්ඡා ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
24. පරෙ කොධනා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අක‍්කොධනා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
24. ‘අන්‍යයෝ කිපෙනසුල්ලෝ වන්නාහු ය. මෙහි දී අපි නොකිපෙනසුල්ලමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
25. පරෙ උපනාහී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අනුපනාහී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
25. ‘අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි බද්ධවෛර නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
26. පරෙ මක‍්ඛී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අමක‍්ඛී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
26. ‘අන්‍යයෝ ගුණමකුවෝ වන්නාහු ය. මෙහි දී අපි ගුණමකුවමෝ නොවන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
27. පරෙ පළාසී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අපළාසී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
27. ‘අන්‍යයෝ යුගග්‍රාහ ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි යුගග්‍රාහ නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
28. පරෙ ඉස‍්සුකී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අනිස‍්සුකී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
28. ‘අන්‍යයෝ ඊර්‍ෂ්‍යා කරන්නෝ වන්නාහු ය. මෙහි දී අපි ඊර්‍ෂ්‍යා නො කරන්නමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
29. පරෙ මච‍්ඡරී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අමච‍්ඡරී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
29. ‘අන්‍යයෝ මසුරෝ වන්නාහු ය. මෙහි දී අපි මසුරමෝ නො වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
30. පරෙ සඨා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අසඨා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
30. ‘අන්‍යයෝ කෛරාටිකයෝ වන්නාහු ය. මෙහි දී අපි කෛරාටිකයමෝ නො වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
31. පරෙ මායාවී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අමායාවී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
31. ‘අන්‍යයෝ මායා ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි මායා නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
32. පරෙ ථද‍්ධා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අත්‍ථද‍්ධා භවිස‍්සාමා’ති සල‍්ලෙඛො කරණීයො.
32. ‘අන්‍යයෝ තදබැව් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි තදබැව් නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
33. පරෙ අතිමානී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අනතිමානී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
33. ‘අන්‍යයෝ අධිකමාන ඇත්තෝ වන්නාහු ය, මෙහි දී අපි අධිකමාන නැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
34. පරෙ දුබ‍්බචා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සුබ‍්බවා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
34. ‘අන්‍යයෝ දුර්‍වචයෝ වන්නාහු ය. මෙහි දී අපි සුවචයමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
35. පරෙ පාපමිත‍්තා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ කල්‍යාණමිත‍්තා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
35. ‘අන්‍යයෝ පාපමිත්‍රයන් ඇත්තෝ වන්නාහු ය. මෙහි දී අපි කල්‍යාණමිත්‍රයන් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
36. පරෙ පමත‍්තා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අප‍්පමත‍්තා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
36. ‘අන්‍යයෝ ප්‍රමත්තයෝ වන්නාහු ය. මෙහි දී අපි අප්‍රමත්ත වූවමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
37. පරෙ අස‍්සද‍්ධා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ සද‍්ධා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
37. ‘අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ශ්‍රද්ධා ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
38. පරෙ අහිරිකා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ හිරිමනා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
38. ‘අන්‍යයෝ අහිරිකයෝ වන්නාහු ය. මෙහි දී අපි විළිසිත් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
39. පරෙ අනොත‍්තාපී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ ඔත‍්තාපී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
39. ‘අන්‍යයෝ පවට බිය නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි පවට බිය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
40. පරෙ අප‍්පස‍්සුතා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ බහුස‍්සුතා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
40. ‘අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහු ය. මෙහි දී අපි ඇසූ පිරූ තැන් ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
41. පරෙ කුසීතා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ ආරද‍්ධවිරියා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
41. ‘අන්‍යයෝ කුසීතයෝ වන්නාහු ය. මෙහි දී අපි ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
42. පරෙ මුට‍්ඨස‍්සතී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ උපට‍්ඨිතස‍්සතී භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
42. ‘අන්‍යයෝ සිහි මුළා වූවෝ වන්නාහු ය. මෙහි දී අපි එළඹ සිටි සිහි ඇත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
43. පරෙ දුප‍්පඤ‍්ඤා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ පඤ‍්ඤාසම‍්පන‍්නා භවිස‍්සාමාති සල‍්ලෙඛො කරණීයො.
43. ‘අන්‍යයෝ දුෂ්ප්‍රාඥ වන්නාහු ය. මෙහි දී අපි නුවණැත්තමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
44. පරෙ සන්‍දිට‍්ඨිපරාමාසී ආධානගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අසන්‍දිට‍්ඨිපරාමාසී අනාධානගාහී සුප‍්පටිනිස‍්සග‍්ගී භවිස‍්සාමා’ති සල‍්ලෙඛො කරණීයො.
44. ‘අන්‍යයෝ තමන්ගේ දෘෂ්ටිය පරාමර්‍ශනය කළාහු, දැඩි කොට ගත්තාහු, අත් නො හරින්නෝ වන්නාහු ය. මෙහි දී අපි ස්වදෘෂ්ටිය ම පරාමර්‍ශනය නො කරන්නමෝ, දැඩි කොට නො ගන්නමෝ, සුවසේ බැහැර කළ හැක්කමෝ වන්නෙමු’යි සල්ලේඛය කළ යුතු යි.
[2. චිත‍්තුප‍්පාදපරියායො:]
[2. චිත්තුප්පාද පර්‍ය්‍යාය:]
1. චිත‍්තුප‍්පාදම‍්පි ඛො අහං චුන්‍ද කුසලෙසු ධම‍්මෙසු බහුකාරං වදාමි. කො පන වාදො කායෙන වාචාය අනුවිධීයනාසු.
1. චුන්‍දය, මම කුශලධර්‍මයන්හි සිත් ඉපදවීම ද බොහෝ උපකාර ය යි කියමි. කයින් හා වචනයෙන් කිරීම් කරවීම්හි (අනුසස්) කියනු ම කවරේ ද?
2. තස‍්මාතිහ චුන්‍ද පරෙ විහිංසකා භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අවිහිංසකා භවිස‍්සාමාති චිත‍්තං උප‍්පාදෙතබ‍්බං. පරෙ පාණාතිපාතී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ පාණාතිපාතා පටිවිරතා භවිස‍්සාමාති චිත‍්තං උප‍්පාදෙතබ‍්බං -පෙ- පරෙ සන්‍දිට‍්ඨිපරාමාසී ආධානගාහී දුප‍්පටිනිස‍්සග‍්ගී භවිස‍්සන‍්ති; මයමෙත්‍ථ අසන්‍දිට‍්ඨිපරාමාසී අනාධානගාහී සුප‍්පටිනිස‍්සග‍්ගී භවිස‍්සාමාති චිත‍්තං උප‍්පාදෙතබ‍්බං. (44)
2. චුන්‍දය, එහෙයින් මෙහි ලා ‘අන්‍යයෝ හිංසා කරන්නෝ වන්නාහු ය. මෙහි ලා අපි අහිංසකයමෝ වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය. ‘අන්‍යයෝ සතුන් මරන්නෝ වන්නාහු ය. මෙහි ලා අපි සතුන් මැරීමෙන් වෙන් වූවමෝ වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය..... ‘අන්‍යයෝ ස්වදෘෂ්ටිය පරාමර්‍ශනය කරන්නාහු දැඩි කොට ගන්නාහු. සුව සේ බැහැර නො කළ නො න්නාහු වන්නාහු ය. මෙහි ලා අපි ස්වදෘෂ්ටිය ම පරාමර්‍ශනය නො කරන්නමෝ දැඩි කොට නො ගන්නමෝ සුව සේ හළ හෙන්නමෝ නො වන්නෙමු’යි සිත ඉපදවිය යුතු ය. (44)
[3. පරික‍්කමනපරියායො:]
[3. පරික්කමන පර්‍ය්‍යාය:]
1. සෙය්‍යථාපි චුන්‍ද විසමො මග‍්ගො, තස‍්සාස‍්ස අඤ‍්ඤො සමො මග‍්ගො පරික‍්කමනාය, සෙය්‍යථාපි පන චුන්‍ද විසමං තිත්‍ථං, තස‍්සාස‍්ස අඤ‍්ඤං සමං තිත්‍ථං පරික‍්කමනාය.
1. චුන්‍දය, යම් සේ විෂමමාර්‍ගයෙක් වේ ද, එය හැරපියා යෑමට අන්‍ය වූ සමමාර්‍ගයෙකුත් වේ ද, චුන්‍දය, යම් සේ විෂම තොටෙක් වේ ද, එය හැරපියා යෑමට අන්‍ය වූ සම තොටෙකුත් වේ ද,
2. එවමෙව ඛො චුන්‍ද විහිංසකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අවිහිංසා හොති පරික‍්කමනාය; පාණාතිපාතිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස පාණාතිපාතා වෙරමණී හොති පරික‍්කමනාය. අදින‍්නාදායිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අදින‍්නාදානා වෙරමණී හොති පරික‍්කමනාය. අබ්‍රහ‍්මචාරිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අබ්‍රහ‍්මචරියා වෙරමණී හොති පරික‍්කමනාය. මුසාවාදිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස මුසාවාදා වෙරමණී හොති පරික‍්කමනාය. පිසුණවාචස‍්ස පුරිසපුග‍්ගලස‍්ස පිසුණාය වාචාය වෙරමණී හොති පරික‍්කමනාය. ඵරුසවාචස‍්ස පුරිසපුග‍්ගලස‍්ස ඵරුසාය වාචාය වෙරමණී හොති පරික‍්කමනාය. සම‍්ඵප‍්පලාපිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්ඵප‍්පලාපා වෙරමණී හොති පරික‍්කමනාය. අභිජ‍්ඣාලුස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අනභිජ‍්ඣා හොති පරික‍්කමනාය. බ්‍යාපන‍්නචිත‍්තස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අබ්‍යාපාදො හොති පරික‍්කමනාය. (1-10)
2. චුන්‍දය, එපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාට එයින් දුරුවීම පිණිස අහිංසාව වෙයි. ප්‍රාණඝාත කරන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. නුදුන් දැය ගන්නා පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අදත්තාදාන විරමණය වෙයි. අබ්‍රහ්මචාරී පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අබ්‍රහ්මචර්‍ය්‍ය විරමණය වෙයි. මුසවා කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස මුසාවාදවිරමණය වෙයි. කේලාම් කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස පිසුණවාචාවිරමණය වෙයි. පරොස්බස් කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස පරුෂවාචාවිරමණය වෙයි. නිෂ්ඵල වචන කියන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්ඵප්පලාපවිරමණය වෙයි. අභිධ්‍යාව බහුල කොට ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනභිධ්‍යාව වෙයි. ව්‍යාපන්න වූ සිත් ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අව්‍යාපාදය වෙයි. (1-10)
3. මිච‍්ඡාදිට‍්ඨිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාදිට‍්ඨි හොති පරික‍්කමනාය. මිච‍්ඡාසඞ‍්කප‍්පස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාසඞ‍්කප‍්පො හොති පරික‍්කමනාය. මිච‍්ඡාවාචස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාවාචා හොති පරික‍්කමනාය. මිච‍්ඡාකම‍්මන‍්තස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාකම‍්මන‍්තො හොති පරික‍්කමනාය. මිච‍්ඡාආජීවස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාආජීවො හොති පරික‍්කමනාය. මිච‍්ඡාවායාමස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාවායාමො හොති පරික‍්කමනාය. මිච‍්ඡාසතිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාසති හොති පරික‍්කමනාය. මිච‍්ඡාසමාධිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාසමාධි හොති පරික‍්කමනාය. මිච‍්ඡාඤාණිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාඤාණං හොති පරික‍්කමනාය. මිච‍්ඡාවිමුත‍්තිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාවිමුත‍්ති හොති පරික‍්කමනාය. (11-20)
3. මිථ්‍යාදෘෂ්ටිකපුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්දෘෂ්ටිය වෙයි. මිථ්‍යාසංකල්පය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්සංකල්පය වෙයි. මිථ්‍යාවචන ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්වචන වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්කර්‍මාන්තය වෙයි. මිථ්‍යාජීවය ඇති පුද්ගලයාට එයින් දුරුවීම පිණිස සම්‍යගාජීවය වෙයි. මිථ්‍යාව්‍යායාම ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්ව්‍යායාමය වෙයි. මිථ්‍යාස්මෘතිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්ස්මෘතිය වෙයි. මිථ්‍යාසමාධිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යක්සමාධිය වෙයි. මිථ්‍යාඥානය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්ඥානය වෙයි. මිථ්‍යාවිමුක්තිය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සම්‍යග්විමුක්තිය වෙයි. (11-20)
4. ථීනමිද‍්ධපරියුට‍්ඨිතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස විගතථීනමිද‍්ධතා හොති පරික‍්කමනාය. උද‍්ධතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අනුද‍්ධච‍්චං හොති පරික‍්කමනාය. වෙචිකිච‍්ඡිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස තිණ‍්ණවිචිකිච‍්ඡතා හොති පරික‍්කමනාය. කොධනස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අක‍්කොධො හොති පරික‍්කමනාය. උපනාහිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අනුපනාහො හොති පරික‍්කමනාය. මක‍්ඛිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අමක‍්ඛො හොති පරික‍්කමනාය. පළාසිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අපළාසො හොති පරික‍්කමනාය. ඉස‍්සුකිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අනිස‍්සා හොති පරික‍්කමනාය. මච‍්ඡරිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අමච‍්ඡරියං හොති පරික‍්කමනාය. සඨස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අසාඨෙය්‍යං හොති පරික‍්කමනාය. මායාවිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අමායා හොති පරික‍්කමනාය. ථද‍්ධස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අත්‍ථද‍්ධියං හොති පරික‍්කමනාය. අතිමානිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අනතිමානො හොති පරික‍්කමනාය. දුබ‍්බචස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සොවචස‍්සතා හොති පරික‍්කමනාය. පාපමිත‍්තස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කල්‍යාණමිත‍්තතා හොති පරික‍්කමනාය. පමත‍්තස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අප‍්පමාදො හොති පරික‍්කමනාය. අස‍්සද‍්ධස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සද‍්ධා හොති පරික‍්කමනාය. අහිරිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස හිරි හොති පරික‍්කමනාය. අනොත‍්තාපිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස ඔත‍්තප‍්පං හොති පරික‍්කමනාය. අප‍්පස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස බාහුසච‍්චං හොති පරික‍්කමනාය. කුසීතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස විරියාරම‍්භො හොති පරික‍්කමනාය. මුට‍්ඨස‍්සතිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස උපට‍්ඨිතසතිතා හොති පරික‍්කමනාය. දුප‍්පඤ‍්ඤස‍්ස පුරිසපුග‍්ගලස‍්ස පඤ‍්ඤාසම‍්පදා හොති පරික‍්කමනාය. සන්‍දිට‍්ඨිපරාමාසිආධානගාහිදුප‍්පටිනිස‍්සග‍්ගිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අසන්‍දිට‍්ඨිපරාමාසිඅනාධානගාහිසුප‍්පටිනිස‍්සග‍්ගිතා හොති පරික‍්කමනාය. (21-44)
4. ථීනමිද්ධයෙන් මැඩුණු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස විගත ථීනමිද්ධභාවය වෙයි. උද්ධතපුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනෞද්ධත්‍යය වෙයි. විචිකිච්ඡාව ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස තිණ්ණවිචිකිච්ඡතාව වෙයි. කිපෙනසුලු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අක්‍රෝධය වෙයි. බද්ධවෛර ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අබද්ධවෛරය වෙයි. ගුණමකු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අමක්‍ඛය වෙයි. යුගග්‍රාහය ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස යුගග්‍රාහාභාවය වෙයි. ඊර්‍ෂ්‍යා කරන පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනීර්‍ෂ්‍යාව වෙයි. මසුරු පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො මසුරු බව වෙයි. ශඨ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අශඨභාවය වෙයි. මායාවී පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අමායාව වෙයි. තද පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො තද බව වෙයි. අධිකමාන ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අනතිමානය වෙයි. දුර්වච පුද්ගලයාට එයින් දුරු වීම පිණිස සුවචභාවය වෙයි. පාපමිත්‍රයන් ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස කල්‍යාණමිත්‍රතාව වෙයි. ප්‍රමත්ත පුද්ගලයාට එයින් දුරු වීම පිණිස අප්‍රමාදය වෙයි. අශ්‍රද්ධපුද්ගලයාට එයින් දුරු වීම පිණිස ශ්‍රද්ධාව වෙයි. අහ්‍රිකපුද්ගලයාට එයින් දුරු වීම පිණිස හ්‍රිය වෙයි. අනපත්‍රපපුද්ගලයාට එයින් දුරු වීම පිණිස අපත්‍රපතාව වෙයි. අල්පශ්‍රෑතපුද්ගලයාට එයින් දුරු වීම පිණිස බහුශ්‍රැතතාව වෙයි. කුසීතවූ පුද්ගලයාට එයින් දුරු වීම පිණිස වීර්‍ය්‍යාරම්භය වෙයි. මුළා සිහි ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස එළඹ සිටි සිහිඇති බව වෙයි. නුවණ නැති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස ප්‍රඥාසම්පදාව වෙයි. සියදිටු පැහැසීම දැඩිව ගැනීම හරනට නො පහසුබව ඇති පුද්ගලයාට එයින් දුරු වීම පිණිස නො සියදිටු පැහැසීම නො දැඩි ගැනීම හරනට පහසු බව වෙයි. (21-44)
[4. උපරිභාවපරියායො:]
[4. උපරිභාවපර්‍ය්‍යාය:]
1. සෙය්‍යථාපි චුන්‍ද යෙ කෙචි අකුසලා ධම‍්මා සබ‍්බෙ තෙ අධොභාවං ගමනීයා යෙ කෙචි කුසලා ධම‍්මා සබ‍්බෙ තෙ උපරිභාවං ගමනියා.
1. චුන්‍දය, යම්සේ වනාහි යම් කිසි අකුශලධර්‍ම කෙතෙක් වෙත් නම් ඒ සියල්ලෝ (නොමිහිරිවිපාක ඇති බැවින්) පහත්බවට කරුණු වෙති. යම් කිසි කුශලධර්‍ම කෙතෙක් වෙත් නම් ඒ සියල්ලෝ මිහිරිවිපාක ඇති බැවින්) උසස් බවට කරුණු වෙති.
2. එවමෙව ඛො චුන්‍ද විහිංසකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අවිහිංසා හොති උපරිභාවාය. පාණාතිපාතිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස පාණාතිපාතා වෙරමණී හොති උපරිභාවාය. අදින‍්නාදායිස‍්ස -පෙ- සන්‍දිට‍්ඨිපරාමාසිආධානගාහිදුප‍්පටිනිස‍්සග‍්ගිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අසන්‍දිට‍්ඨිපරාමාසිඅනාධානගාහිසුප‍්පටිනිස‍්සග‍්ගිතා හොති උපරිභාවාය. (44)
2. චුන්‍දය, එපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාගේ උසස්බව පිණිස අවිහිංසාව වෙයි. සතුන් මරන පුද්ගලයාගේ උසස්බව පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. සොරකම් කරන ... සියදිටු පැහැසීම දැඩිව ගැනීම හරනට නො පහසුබව ඇති පුද්ගලයාගේ උසස්බව පිණිස නො සියදිටු පැහැසීම නො දැඩි ගැනීම හරනට පහසුබව වෙයි. (44)
[5. පරිනිබ‍්බානපරියායො:]
[5. පරිනිබ්බානපර්‍ය්‍යාය:]
1. සො වත චුන්‍ද අත‍්තනා පලිපපලිපන‍්නො පරං පලිපපලිපන‍්නං උද‍්ධරිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සො වත චුන්‍ද, අත‍්තනා අපලිපපලිපන‍්නො පරං පලිපපලිපන‍්නං උද‍්ධරිස‍්සතීති ඨානමෙතං විජ‍්ජති. සො වත චුන්‍ද අත‍්තනා අදන‍්තො අවිනීතො අපරිනිබ‍්බුතො පරං දමෙස‍්සති විනෙස‍්සති පරිනිබ‍්බාපෙස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. සො වත චුන්‍ද අත‍්තනා දන‍්තො විනීතො පරිනිබ‍්බුතො පරං දමෙස‍්සති විනෙස‍්සති පරිනිබ‍්බාපෙස‍්සතීති ඨානමෙතං විජ‍්ජති.
1. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ මඩෙහි එරුණේ ද හෙතෙමේ මඩෙහි එරුණු අනෙකක්හු නඟාලන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන නො වෙයි. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ මඩෙහි නො එරුණේ ද, හෙතෙමේ මඩෙහි එරුණු අනෙකක්හු නඟාලන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන වෙයි. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ නො දැමුණේ නො හික්මුණේ නො පිරිනිවුණේ වේ ද, හෙතෙමේ අනෙකක්හු දමනය කරන්නේ ය, හික්මවන්නේය, පිරිනිවීමට පමුණුවන්නේයැ යන මෙකරුණ විද්‍යමාන නො වෙයි. චුන්‍දය, ඒකාන්තයෙන් (යමෙක්) තෙමේ දැමුණේ හික්මුණේ පිරිනිවුණේ වේ ද, හෙතෙමේ අනෙකක්හු දමනය කරන්නේය හික්මවන්නේය පිරිනිවීමට පමුණුවන්නේ යැ යන මෙකරුණ විද්‍යමාන වෙයි.
2. එවමෙව ඛො චුන්‍ද විහිංසකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අවිහිංසා හොති පරිනිබ‍්බානාය. පාණාතිපාතිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස පාණාතිපාතා වෙරමණී හොති පරිනිබ‍්බානාය. අදින‍්නාදායිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අදින‍්නාදානා වෙරමණී හොති පරිනිබ‍්බානාය. අබ්‍රහ‍්මචාරිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අබ්‍රහ‍්මචරියා වෙරමණී හොති පරිනිබ‍්බානාය. මුසාවාදිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස මුසාවාදා වෙරමණී හොති පරිනිබ‍්බානාය. පිසුණවාචස‍්ස පුරිසපුග‍්ගලස‍්ස පිසුණාය වාචාය වෙරමණී හොති පරිනිබ‍්බානාය. ඵරුසවාචස‍්ස පුරිසපුග‍්ගලස‍්ස ඵරුසාය වාචාය වෙරමණී හොති පරිනිබ‍්බානාය. සම‍්ඵප‍්පලාපිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්ඵප‍්පලාපා වෙරමණී හොති පරිනිබ‍්බානාය. අභිජ‍්ඣාලුස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අනභිජ‍්ඣා හොති පරිනිබ‍්බානාය. බ්‍යාපන‍්නචිත‍්තස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අබ්‍යාපාදො හොති පරිනිබ‍්බානාය. (1-10)
2. චුන්‍දය, මෙපරිද්දෙන් ම හිංසා කරන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අවිහිංසාව වෙයි. ප්‍රාණඝාතක පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ප්‍රාණඝාතවිරමණය වෙයි. නො දුන් දෙය ගන්නා පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අදත්තාදානවිරමණය වෙයි. බඹසර නො රක්නා පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අබ්‍රහ්මචර්‍ය්‍යවිරමණය වෙයි. බොරු කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස මුසාවාදවිරමණය වෙයි. කේලාම් කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස පිසුණවාචාවිරමණය වෙයි. රළුබස් කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ඵරුසවාචාවිරමණය වෙයි. සම්ඵප්පලාප කියන පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්ඵප්පලාපවිරමණය වෙයි. අභිධ්‍යාව බහුල කොට ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනභිධ්‍යාව වෙයි. ව්‍යාපන්න සිත් ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අව්‍යාපාදය වෙයි. (1-10)
3. මිච‍්ඡාදිට‍්ඨිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාදිට‍්ඨි හොති පරිනිබ‍්බානාය. මිච‍්ඡාසඞ‍්කප‍්පස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාසඞ‍්කප‍්පො හොති පරිනිබ‍්බානාය. මිච‍්ඡාවාචස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාවාචා හොති පරිනිබ‍්බානාය. මිච‍්ඡාකම‍්මන‍්තස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාකම‍්මන‍්තො හොති පරිනිබ‍්බානාය. මිච‍්ඡාආජීවස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාආජීවො හොති පරිනිබ‍්බානාය. මිච‍්ඡාවායාමස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාවායාමො හොති පරිනිබ‍්බානාය. මිච‍්ඡාසතිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාසති හොති පරිනිබ‍්බානාය. මිච‍්ඡාසමාධිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාසමාධි හොති පරිනිබ‍්බානාය. මිච‍්ඡාඤාණිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාඤාණං හොති පරිනිබ‍්බානාය. මිච‍්ඡාවිමුත‍්තිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සම‍්මාවිමුත‍්ති හොති පරිනිබ‍්බානාය. (11-20)
3. මිථ්‍යාදෘෂ්ටික පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්දෘෂ්ටිය වෙයි. මිථ්‍යාසඞ්කල්පය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්සඞ්කල්පය වෙයි. මිථ්‍යාවචන ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්වචනය වෙයි. මිථ්‍යාකර්‍මාන්තය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්කර්‍මාන්තය වෙයි. මිථ්‍යාජීවය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යගාජීවය වෙයි. මිථ්‍යාව්‍යායාමය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්ව්‍යායාමය වෙයි. මිථ්‍යාස්මෘතිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්ස්මෘතිය වෙයි. මිථ්‍යාසමාධිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යක්සමාධිය වෙයි. මිථ්‍යාඥානය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්ඥානය වෙයි. මිථ්‍යාවිමුක්තිය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සම්‍යග්විමුක්තිය වෙයි. (11-20)
4. ථීනමිද‍්ධපරියුට‍්ඨිතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස විගතථීනමිද‍්ධතා හොති පරිනිබ‍්බානාය. උද‍්ධතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අනුද‍්ධච‍්චං හොති පරිනිබ‍්බානාය. වෙචිකිච‍්ඡිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස තිණ‍්ණවිචිකිච‍්ඡතා හොති පරිනිබ‍්බානාය. කොධනස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අක‍්කොධො හොති පරිනිබ‍්බානාය. උපනාහිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අනුපනාහො හොති පරිනිබ‍්බානාය. මක‍්ඛිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අමක‍්ඛො හොති පරිනිබ‍්බානාය. පළාසිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අපළාසො හොති පරිනිබ‍්බානාය. ඉස‍්සුකිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අනිස‍්සා හොති පරිනිබ‍්බානාය. මච‍්ඡරිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අමච‍්ඡරියං හොති පරිනිබ‍්බානාය. සඨස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අසාඨෙය්‍යං හොති පරිනිබ‍්බානාය. මායාවිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අමායා හොති පරිනිබ‍්බානාය. ථද‍්ධස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අත්‍ථද‍්ධියං හොති පරිනිබ‍්බානාය. අතිමානිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අනතිමානො හොති පරිනිබ‍්බානාය. දුබ‍්බචස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සොවචස‍්සතා හොති පරිනිබ‍්බානාය. පාපමිත‍්තස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කල්‍යාණමිත‍්තතා හොති පරිනිබ‍්බානාය. පමත‍්තස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අප‍්පමාදො හොති පරිනිබ‍්බානාය. අස‍්සද‍්ධස‍්ස පුරිසපුග‍්ගලස‍්ස සද‍්ධා හොති පරිනිබ‍්බානාය. අහිරිකස‍්ස පුරිසපුග‍්ගලස‍්ස හිරි හොති පරිනිබ‍්බානාය. අනොත‍්තාපිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස ඔත‍්තප‍්පං හොති පරිනිබ‍්බානාය. අප‍්පස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස බාහුසච‍්චං හොති පරිනිබ‍්බානාය. කුසීතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස විරියාරම‍්භො හොති පරිනිබ‍්බානාය. මුට‍්ඨස‍්සතිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස උපට‍්ඨිතසතිතා හොති පරිනිබ‍්බානාය. දුප‍්පඤ‍්ඤස‍්ස පුරිසපුග‍්ගලස‍්ස පඤ‍්ඤාසම‍්පදා හොති පරිනිබ‍්බානාය. සන්‍දිට‍්ඨිපරාමාසිආධානගාහිදුප‍්පටිනිස‍්සග‍්ගිස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අසන්‍දිට‍්ඨිපරාමාසිඅනාධානගාහිසුප‍්පටිනිස‍්සග‍්ගිතා හොති පරිනිබ‍්බානාය. (21-44)
4. ථීනමිද්ධයෙන් මඩනා ලද සිත් ඇත්තහුගේ කෙලෙස් නැති කිරීම පිණිස විගතථීනමිද්ධතාව වෙයි. උද්ධත පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනෞද්ධත්‍යය වෙයි. විචිකිච්ඡා ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස තිණ්ණවිචිකිච්ඡතාව වෙයි. ක්‍රෝධ කරනසුලු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අක්‍රෝධය වෙයි. බද්ධවෛරී පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අබද්ධවෛරය වෙයි. ගුණමකු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අමක්‍ඛය වෙයි. යුගග්‍රාහය ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස යුගග්‍රාහාභාවය වෙයි. ඊර්‍ෂ්‍යා ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනීර්‍ෂ්‍යාව වෙයි. මසුරු පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නො මසුරු බව වෙයි. ශඨ පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අශඨභාවය වෙයි. මායාවී පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අමායාව වෙයි. තද පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නොතද බව වෙයි. අධිකමාන ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අනතිමානය වෙයි. දුර්වච පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස සුවච භාවය වෙයි. පාපමිතුරන් ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස කලණ මිතුරන් ඇති බව වෙයි. ප්‍රමත්ත පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අප්‍රමත්තභාවය වෙයි. ශ්‍රද්ධාව නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ස්ශ්‍රද්ධාව වෙයි. හ්‍රීමත් පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස හ්‍රිය වෙයි. අනපත්‍රප පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස අපත්‍රපාව වෙයි. ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස ඇසූ පිරූතැන් ඇති බව වෙයි. කුසීත පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භය වෙයි. මුළා සිහි ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස කිරීම පිණිස එළඹ සිටි සිහිය වෙයි. නුවණ නැති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නුවණ වෙයි. සියදිටු පැහැසීම දැඩි වැ ගැනීම හරනට නො පහසුබව ඇති පුද්ගලයාගේ කෙලෙස් නැති කිරීම පිණිස නො සියදිටු පැහැසීම දැඩි ව ගැනීම හරනට පහසුබව වෙයි. (21-44)
5. ඉති ඛො චුන්‍ද දෙසිතො මයා සල‍්ලෙඛපරියායො. දෙසිතො චිත‍්තුප‍්පාදපරියායො. දෙසිතො පරික‍්කමනපරියායො. දෙසිතො උපරිභාවපරියායො. දෙසිතො පරිනිබ‍්බානපරියායො. යං ඛො චුන්‍ද සත්‍ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම‍්පකෙන අනුකම‍්පං උපාදාය, කතං වො තං මයා. එතානි චුන්‍ද රුක‍්ඛමූලානි, එතානි සුඤ‍්ඤාගාරානි. ඣායථ චුන්‍ද මා පමාදත්‍ථ. මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථ. අයං වො අම‍්හාකං අනුසාසනීති.
5. චුන්‍දය, මෙසේ මා විසින් කෙලෙස් සිඳ ලන කාරණය දෙසන ලදී. චිත්තෝත්පාද කාරණය දෙසන ලදී. කෙලෙසුන්ගෙන් ඉවත්වන කාරණය දෙසන ලදී. උසස් බව නිපදවන කාරණය දෙසන ලදී. (කෙලෙස්) නිවන කාරණය දෙසන ලදී. චුන්‍දය, ශ්‍රාවකයන්ට හිතවත් වූ අනුකම්පා කරන ශාස්තෘ කෙනකුන් විසින් අනුකම්පායෙන් යමක් කටයුතු ද මා විසින් එය තොපට කරන ලදී. චුන්‍දය, තෙල රුක්මුල්හු වෙති. තෙල ශුන්‍යාගාරයෝ වෙති. චුන්‍දය, ධ්‍යාන වඩවු. පමා නො වවු. පසුව විපිළිසර ඇතියව්හු නො වවු. මේ තොපට අපගේ අනුශාසනාවයි.
ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා මහාචුන්‍දො භගවතො භාසිතං අභිනන්‍දීති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේ යි.
චතුත‍්තාරීස පදා වුත‍්තා සන්‍ධයො පඤ‍්ච දෙසිතා සුත‍්තන‍්තො සල‍්ලෙඛො නාම ගම‍්භීරො සාගරූපමො.
සිවුසාළිස් පද කෙනෙක් කියන ලදහ. පංචසන්‍ධිහු දෙසන ලදහ. සල්ලේඛ සූත්‍රාන්තය මහසයුර මෙන් ගැඹුරු ය.
සල‍්ලෙඛසුත‍්තං අට‍්ඨමං.
සල්ලේඛ සූත්‍රය අටවැනි යි.