වත්ථූපමසුත්තං
1. 1. 7.
1. 1. 7.
වත්ථූපමසුත්තං
වත්ථුපම සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. භික්ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක.
2. සෙය්යථාපි භික්ඛවෙ වත්ථං සඞ්කිලිට්ඨං මලග්ගහිතං, තමෙනං රජකො යස්මිං යස්මිං රඞ්ගජාතෙ උපසංහරෙය්ය යදි නීලකාය යදි පීතකාය යදි ලොහිතකාය යදි මඤ්ජෙට්ඨකාය, දුරත්තවණ්ණමෙවස්ස. අපරිසුද්ධවණ්ණමෙවස්ස. තං කිස්ස හෙතු? අපරිසුද්ධත්තා භික්ඛවෙ වත්ථස්ස. එවමෙව ඛො භික්ඛවෙ චිත්තෙ සඞ්කිලිට්ඨෙ දුග්ගති පාටිකඞ්ඛා.
2. මහණෙනි, කිලිටි වූ මල ගත් වස්ත්‍රයෙක් වේ ද, ඒ වස්ත්‍රය රජකයෙක් නිල්පැහැය පිණිස හෝ රන්වන්පැහැය පිණිස හෝ ලේවන් පැහැය පිණිස හෝ මදටිය (මදරත්) පැහැය පිණිස හෝ යම් යම් රඳනෙක බහා ලන්නේ නම්, එය නො මනා ව රැඳූ පැහැ ඇත්තක් ම වන්නේ ය. අපිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, වස්ත්‍රය අපිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත කිලිටි වූ කල්හි දුගතිය කැමැති විය යුතු යි.
3. සෙය්යථාපි භික්ඛවෙ වත්ථං පරිසුද්ධං පරියොදාතං, තමෙනං රජකො යස්මිං යස්මිං රඞ්ගජාතෙ උපසංහරෙය්ය යදි නීලකාය යදි පීතකාය යදි ලොහිතකාය යදි මඤ්ජෙට්ඨකාය, සුරත්තවණ්ණමෙවස්ස. පරිසුද්ධවණ්ණමෙවස්ස. තං කිස්ස හෙතු? පරිසුද්ධත්තා භික්ඛවෙ වත්ථස්ස. එවමෙව ඛො භික්ඛවෙ චිත්තෙ අසඞ්කිලිට්ඨෙ සුගති පාටිකඞ්ඛා.
3. මහණෙනි, පිරිසුදු පබසර වතක් වේ ද, එය රජකයෙක් නිල්පැහැය පිණිස හෝ රන්වන්පැහැය පිණිස හෝ ලේවන්පැහැය පිණිස හෝ මදටිය පැහැය පිණිස හෝ යම් යම් රඳනෙක බහා ලන්නේ නම්, එය මනා පැහැ ඇත්තක් ම වන්නේ ය. පිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, වස්ත්‍රය පිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත නො කිලිටි වූ කල්හි සුගතිය ම කැමැති විය යුතු යි.
4. කතමෙ ච භික්ඛවෙ චිත්තස්ස උපක්කිලෙසා: අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො. බ්යාපාදො චිත්තස්ස උපක්කිලෙසො. කොධො චිත්තස්ස උපක්කිලෙසො. උපනාහො චිත්තස්ස උපක්කිලෙසො. මක්ඛො චිත්තස්ස උපක්කිලෙසො. පළාසො චිත්තස්ස උපක්කිලෙසො. ඉස්සා චිත්තස්ස උපක්කිලෙසො. මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසො. මායා චිත්තස්ස උපක්කිලෙසො. සාඨෙය්යං චිත්තස්ස උපක්කිලෙසො. ථම්භො චිත්තස්ස උපක්කිලෙසො. සාරම්භො චිත්තස්ස උපක්කිලෙසො. මානො චිත්තස්ස උපක්කිලෙසො. අතිමානො චිත්තස්ස උපක්කිලෙසො. මදො චිත්තස්ස උපක්කිලෙසො. පමාදො චිත්තස්ස උපක්කිලෙසො.
4. මහණෙනි, චිත්තෝපක්ලේශයෝ (සිත කෙලෙසන ධර්මයෝ) කවරහු ද? අභිධ්‍යා (ස්වකීය වස්තුවෙහි ඡන්දරාගය) විෂමලෝභය (-මෙරමා අයත් වස්තුවෙහි ඡන්දරාගය) සිත කෙලෙසන්නෙකි. ව්‍යාපාදය සිත කෙලෙසන්නෙකි. ක්‍රෝධය සිත කෙලෙසන්නෙකි. උපනාහය (බද්ධවෛරය) සිත කෙලෙසන්නෙකි. මක්ඛය (ගුණ මකු බව) සිත කෙලෙසන්නෙකි. පළාසය (යුගග්‍රාහය) සිත කෙලෙසන්නෙකි. ඊර්ෂ්‍යාව සිත කෙලෙසන්නෙකි. මසුරුබව සිත කෙලෙසන්නෙකි. මායාව සිත කෙලෙසන්නෙකි. කපටිබව සිත කෙලෙසන්නෙකි. ථම්භය (තදබව) සිත කෙලෙසන්නෙකි. සාරම්භය (එකට වැඩියෙන් එකක් කිරීම) සිත කෙලෙසන්නෙකි. මානය සිත කෙලෙසන්නෙකි. අතිමානය සිත කෙලෙසන්නෙකි. මදය සිත කෙලෙසන්නෙකි. ප්‍රමාදය සිත කෙලෙසන්නෙකි.
5. ස ඛො සො භික්ඛවෙ භික්ඛු අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභං චිත්තස්ස උපක්කිලෙසං පජහති. බ්යාපාදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා බ්යාපාදං චිත්තස්ස උපක්කිලෙසං පජහති. කොධො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා කොධං චිත්තස්ස උපක්කිලෙසං පජහති. උපනාහො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උපනාහං චිත්තස්ස උපක්කිලෙසං පජහති. මක්ඛො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මක්ඛං චිත්තස්ස උපක්කිලෙසං පජහති. පළාසො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා පළාසං චිත්තස්ස උපක්කිලෙසං පජහති. ඉස්සා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ඉස්සං චිත්තස්ස උපක්කිලෙසං පජහති. මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසං පජහති. මායා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මායං චිත්තස්ස උපක්කිලෙසං පජහති. සාඨෙය්යං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා සාඨෙය්යං චිත්තස්ස උපක්කිලෙසං පජහති. ථම්භො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථම්භං චිත්තස්ස උපක්කිලෙසං පජහති. සාරම්භො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා සාරම්භං චිත්තස්ස උපක්කිලෙසං පජහති. මානො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මානං චිත්තස්ස උපක්කිලෙසං පජහති. අතිමානො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිමානං චිත්තස්ස උපක්කිලෙසං පජහති. මදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මදං චිත්තස්ස උපක්කිලෙසං පජහති. පමාදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා පමාදං චිත්තස්ස උපක්කිලෙසං පජහති.
5. මහණෙනි, ඒ භික්ෂු තෙමේ අභිධ්‍යාවිෂමලෝභය සිත පිළිබඳ උපක්ලේශයෙකැයි මෙසේ දැන සිත පිළිබඳ උපක්ලේශ වූ අභිධ්‍යා විෂමලෝභය දුරු කරයි. ව්‍යාපාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ව්‍යාපාදය දුරු කරයි. ක්‍රෝධය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ක්‍රෝධය දුරු කරයි. උපනාහය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන උපනාහය දුරු කරයි. මක්ඛය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මක්ඛය දුරු කරයි. පළාසය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන පළාසය දුරු කරයි. ඊර්ෂ්‍යාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ඊර්ෂ්‍යාව දුරු කරයි. මසුරුබව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මසුරුබව දුරු කරයි. මායාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මායාව දුරු කරයි. කපටිබව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන කපටිබව දුරු කරයි. ථම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ථම්භය දුරු කරයි. සාරම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන සාරම්භය දුරු කරයි. මානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මානය දුරු කරයි. අතිමානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන අතිමානය දුරු කරයි. මදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මදය දුරු කරයි. ප්‍රමාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ප්‍රමාදය දුරු කරයි.
6. යතො ච ඛො භික්ඛවෙ භික්ඛුනො අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අභිජ්ඣාවිසමලොභො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, බ්යාපාදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා බ්යාපාදො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, කොධො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා කොධො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, උපනාහො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උපනාහො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, මක්ඛො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මක්ඛො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, පළාසො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා පළාසො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, ඉස්සා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ඉස්සා චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මච්ඡරියං චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, මායා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මායා චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, සාඨෙය්යං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා සාඨෙය්යං චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, ථම්භො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථම්භො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, සාරම්භො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා සාරම්භො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, මානො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මානො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, අතිමානො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා අතිමානො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, මදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මදො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති, පමාදො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා පමාදො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති.
6. මහණෙනි, යම් කලෙක මහණකුගේ අභිධ්‍යාවිෂමලෝභය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ අභිධ්‍යාවිෂමලෝභය ප්‍රහීණ වූයේ වේ ද, ව්‍යාපාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ව්‍යාපාදය ප්‍රහීණ වූයේ වේ ද, ක්‍රෝධය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ක්‍රෝධය ප්‍රහීණ වූයේ වේ ද, බද්ධවෛරය (උපනාහය) සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ බද්ධවෛරය ප්‍රහීණ වූයේ වේ ද, ගුණමකුකම (මක්ඛය) සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ගුණමකුකම ප්‍රහීණ වූයේ වේ ද, පළාසය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ පළාසය ප්‍රහීණ වූයේ වේ ද, ඊර්ෂ්‍යාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ඊර්ෂ්‍යාව ප්‍රහීණ වූයේ වේ ද, මසුරුකම සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මසුරුකම ප්‍රහීණ වූයේ වේ ද, මායාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මායාව ප්‍රහීණ වූයේ වේ ද, කපටිකම සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ කපටිකම ප්‍රහීණ වූයේ වේ ද, ථම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ථම්භය ප්‍රහීණ වූයේ වේ ද, සාරම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ සාරම්භය ප්‍රහීණ වූයේ වේ ද, මානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මානය ප්‍රහීණ වූයේ වේ ද, අතිමානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ අතිමානය ප්‍රහීණ වූයේ වේ ද, මදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මදය ප්‍රහීණ වූයේ වේ ද, ප්‍රමාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ප්‍රමාදය ප්‍රහීණ වූයේ වේ ද,
7. සො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුණෙය්යො, දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
7. හෙතෙම බුදුරජානන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන් අර්හත්හ. සම්‍යක්සම්බුද්ධයහ, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්තයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරිසදම්මසාරථියහ, දෙවිමිනිසුන්ගේ ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ,” කියා යි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනා කොට දෙසන ලද්දේ ය. සන්දිට්ඨික ය (තමා විසින් දැක්ක යුතු ඵල ඇත්තේ ය) අකාලික (කල් නො යවා විපාක දෙන්නේ) ය. ඒහිපස්සික (‘එව, මෙය බලව’ යි දැක්වීමට සුදුසු) ය. ඕපනයික (සිත්හි එළවිය යුතු) ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු ය” කියා යි. සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා සුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා උජුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා ඤායපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා සාමීචිපටිපන්න ය. යම් මේ සෝතාපන්නාදි පුරිස යුගල සතරෙක් වේ ද, (සොතාපත්තිමග්ගට්ඨ, සෝතාපත්තිඵලට්ඨ ආදි) පුරිස පුග්ගලයෝ අට දෙනෙක් වෙත් ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ දුර සිට ගෙනා සිවුපසය ලැබීමට සුදුසු ය. ආගන්තුකසත්කාරය ලැබීමට සුදුසු ය. දක්ෂිණාවට සුදුසු ය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසු ය. ලෝකයාට උතුම් පින්කෙත ය” කියා යි.
8. යතොපි ඛො පනස්ස චත්තං හොති වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨං. සො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හීති ලභති අත්ථවෙදං. ලභති ධම්මවෙදං. ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හීති ලභති අත්ථවෙදං. ලභති ධම්මවෙදං. ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හීති ලභති අත්ථවෙදං. ලභති ධම්මවෙදං. ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති. ‘යතොපි ඛො පන මෙ චත්තං වන්තං පහීනං පටිනිස්සට්ඨන්ති ලභති අත්ථවෙදං. ලභති ධම්මවෙදං. ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
8. යම් හෙයකින් එ මහණහු විසින් උපක්ලේශ දුරු කරන ලද්දේ ද, වමනය (නැවත නො ගන්නා සේ බැහැර කරණ ලද්දේ ද), මුදන ලද්දේ ද, ප්‍රහීණ කරණ ලද්දේ ද, දුරු කරණ ලද්දේ ද, හෙ තෙමේ ‘මම බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ත්‍ථවේදය (බුද්ධාදීන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් ඇති වන සොම්නස) ලබයි. ධර්මවේදය (සොම්නසින් උපන් ඤාණය) ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘ධර්මය කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ත්‍ථවේදය ලබයි. ධර්මවේදය ලබයි. සොම්නසින් හා ඤාණයෙක් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හට ගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ත්‍ථවේදය (ගුණ දැන පැහැදීම නිසා ඇති වන සොම්නස) ලබයි. ධර්මවේදය (සොම්නසින් උපන් ඤාණය) ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීති ඇති වෙයි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘යම් හෙයකින් මා විසින් උපක්ලේශ ත්යක්තය, වමිත ය, ප්‍රහීණ ය, ප්රතිනිස්සෘෂ්ටය ය’ යි සිතන්නේ අර්‍ත්‍ථවේදය ලබයි. ධර්මවේදය ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හට ගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්සිඳෙයි. සන්සිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි.
9. ස ඛො සො භික්ඛවෙ භික්ඛු එවංසීලො එවංධම්මො එවංපඤ්ඤො සාලීනඤ්චෙපි පිණ්ඩපාතං භුඤ්ජති විචිතකාළකං අනෙකසූපං අනෙකබ්යඤ්ජනං, නෙවස්ස නං හොති අන්තරායාය. සෙය්යථාපි භික්ඛවෙ වත්ථං සඞ්කිලිට්ඨං මලග්ගහිතං අච්ඡං උදකං ආගම්ම පරිසුද්ධං හොති පරියොදාතං, උක්කාමුඛං වා පනාගම්ම ජාතරූපං පරිසුද්ධං හොති පරියොදාතං, එවමෙව ඛො භික්ඛවෙ භික්ඛු එවංසීලො එවංධම්මො එවංපඤ්ඤො සාලීනඤ්චෙපි පිණ්ඩපාතං භුඤ්ජති විචිතකාළකං අනෙකසූපං අනෙකබ්යඤ්ජනං, නෙවස්ස නං හොති අන්තරායාය.
9. මහණෙනි, මෙබඳු සිල් ඇති මෙබඳු දහම් ඇති මෙබඳු නුවණ ඇති ඒ අනගැමි මහණ තෙම බැහැර කළ කළු සහල් ඇති නොයෙක් සූපව්‍යඤ්ජන ඇති ඇල්සාලේ බත වළඳයි ද, ඔහුට එය මාර්‍ගඵලාන්තරාය පිණිස නො වෙයි. මහණෙනි, යම්සේ කිලුටු වූ මල ගත් වස්ත්‍රයක් පිරිසුදු ජලයට පැමිණ පිරිසුදු වූයේත් පබසර වූයේත් වේ ද, උදුන්මුවට පැමිණ රන් පිරිසිදු වූයේත් බබළන්නේත් වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙබඳු සිල් ඇති මෙබඳු දහම් ඇති මෙබඳු නුවණ ඇති භික්ෂු තෙම බැහැර කළ කළු සහල් ඇති නොයෙක් සූපව්‍යඤ්ජන ඇති ඇල්සහලේ බත වළඳන්නේ නමුත් එය ඔහුට මාර්‍ගඵලාන්තරාය පිණිස නො වෙයි.
10. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං. තථා තතියං. තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති. කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං. තථා තතියං. තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන ඵරිත්වා විහරති.
10. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, එසේ ම තෙවෙනි දිශාව ද, එසේ ම සිවුවැනි දිශාව ද, එසේ ම උඩ යට සරස ද සියලු තන්හි සියල්ලන් තමන් හා සම කොට ගැන්මෙන් සියලු සතුන් ඇති ලොව විශාල වූ මහත්බවට පැමිණි අප්‍රමාණ වූ අවෛරයෙන් අව්‍යාපාදයෙන් (මෛත්‍රියෙන්) පතුරුවා වාසය කෙරෙයි. කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපේක්ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, තෙවෙනි දිශාව ද, එසේ ම සිවුවැනි දිශාව ද, එසේ ම උඩ යට සරස ද සියලු තන්හි සියල්ලන් තමන් හා සම කොට ගැන්මෙන් සියලු සත්ත්වයන්ගෙන් යුක්ත වූ ලෝකය විශාල වූ මහත්බවට පැමිණි අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ උපේක්ෂාසහගත සිතින් පතිරුවා වාසය කරයි.
11. ‘සො අත්ථි ඉදං, අත්ථි හීනං, අත්ථි පණීතං, අත්ථි ඉමස්ස සඤ්ඤාගතස්ස උත්තරිං නිස්සරණ’න්ති පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං. නාපරං ඉත්ථත්තායාති පජානාති. අයං වුච්චති භික්ඛවෙ භික්ඛු සිනාතො අන්තරෙන සිනානෙනාති.
11. හෙතෙම ‘මේ දුඃඛසත්‍යය ඇත. හීන වූ සමුදය සත්‍යය ඇත. උතුම් වූ මාර්‍ගසත්‍යය ඇත. මේ බ්‍රහ්මවිහාර සංඥාවට වඩා උතුම් නිවනෙක් ඇතැ’යි දැන ගනියි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාස්‍රවයෙන් ද මිදෙයි. භවාස්‍රවයෙන් ද සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදෙයි. මිදුණු කල මිදුණේ ය යි ඤාණය ඇති වෙයි. ජාතිය ක්ෂීණ වී ය. බ්‍රහ්මචරියය වැස නිමවන ලදී. සිවුමග කිස කරන ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ භික්ෂු තෙම ඇතුළත නෑමෙන් ස්නානය කෙළේ යයි කියනු ලැබේ.
12. තෙන ඛො පන සමයෙන සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවතො අවිදූරෙ නිසින්නො හොති. අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: ගච්ඡති පන භවං ගොතමො බාහුකං නදිං සිනායිතුන්ති?
12. එකල්හි සුන්දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හුන්නේ වෙයි. ඉක්බිති සුන්දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතම තෙමේ බාහුකා නදියට නෑම පිණිස යේ දැ”යි මෙය කීය.
13. කිං බ්‍රාහ්මණ බාහුකාය නදියා? කිං බාහුකා නදී කරිස්සතීති? ලොඛ්යසම්මතා හි භො ගොතම බාහුකා නදී බහුජනස්ස. පුඤ්ඤසම්මතා හි භො ගොතම බාහුකා නදී බහුජනස්ස. බාහුකාය ච පන නදියා බහුජනො පාපකං කතං කම්මං පවාහෙතීති.
13. “බමුණ, බාහුකා නදියෙන් කවර ප්‍රයෝජනයෙක් ද? බාහුකානදිය කුමක් කරන්නී ද? “භවත් ගෞතමයෙනි, බාහුකානදිය ‘විශුද්ධභාවය දෙතැයි නොහොත් ශ්රේෂ්ඨලෝකයට පමුණුවතැ’යි බොහෝ දෙනා විසින් සම්මත ය. භවත් ගෞතමයෙනි, බාහුකා නදිය බොහෝ දෙනා විසින් පවිත්‍ර ය (පුණ්යතීර්ත්ථයෙකැ) යි සම්මත ය. බාහුකානදියෙහි බොහෝ දෙනා පව්කම් පා කර හරිත් ය යි කී ය.
අථ ඛො භගවා සුන්දරිකභාරද්වාජං බ්රාහ්මණං ගාථාහි අජ්ඣභාසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුන්දරිකභාරද්වාජ බ්‍රාහ්මණයාට ගාථායෙන් වදාළහ:
බාහුකං අධිකක්කඤ්ච ගයං සුන්දරිකාමපී, සරස්සතිං පයාගඤ්ච අථො බාහුමතිං නදිං.
බාහුකානදියට ද අධිකක්ක නම් තීර්ත්ථයට ද ගයාතීර්ත්ථයට ද සුන්දරිකා නදියට ද සරස්වතිනදියට ද ප්රයාගතීර්ත්ථයට ද යළි බාහුමතී නදියට ද,
නිච්චම්පි බාලො පක්ඛන්නො කණ්හකම්මො න සුජ්ඣති, කිං සුන්දරිකා කරිස්සති කිං පයාගො කිං බාහුකා නදී, වෙරිං කතකිබ්බිසං නරං න හි නං සොධයෙ පාපකම්මිනං.
කළපව් ඇති අඥජන තෙමේ නිතර පිවිසියේ නමුත් කෘෂ්ණ (අකුශල) කර්ම ඇති හෙතෙමේ පිරිසිදු නො වෙයි. සුන්දරිකානදිය කුමක් කරන්නී ද? ප්රයාගතීර්ත්ථය කිම? බාහුකානදිය කිම? (බාහුකානදී ආදීහු) වෛර ඇත්තා වූ කළ රළුකම් ඇත්තා වූ පාපකර්මයෙන් යුක්ත වූ ඒ නුවණ නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.
සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධස්සුපොසථො සදා, සුද්ධස්ස සුචිකම්මස්ස සදා සම්පජ්ජතෙ වතං, ඉධෙ ව සිනාහි බ්‍රාහ්මණ සබ්බභූතෙසු කරොහි ඛෙමතං.
පිරිසිදු වූවහුට (කෙලෙස් නැත්තහුට) හැම කල්හි ම උතුරුපල්ගුන නැකත වේ. පිරිසිදු වූවහුට හැමකල්හි පොහොය වේ. පිරිසිදු වූ පරිශුද්ධ කර්ම ඇත්තහුගේ ව්‍රතය හැම කල්හි සමෘද්ධ වේ. බ්‍රාහ්මණය, මෙහි ම ස්නානය කරව. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කරව.
සචෙ මුසා න භණසි සචෙ පාණං න හිංසසි, සචෙ අදින්නං නාදියසි සද්දහානො අමච්ඡරී, කිං කාහසි ගයං ගන්ත්වා උදපානොපි තෙ ගයාති.
බොරු නො කියහි නම්, සතුන්ට හිංසා නො කෙරෙහි නම්, නොදුන් දෙය නො ගනිහි නම්, ශ්‍රද්ධා ඇත්තෙහි මසුරු නොවෙහි නම්, ගයාවට ගොස් කුමක් කරන්නෙහි ද? තාගේ ලිඳ වුව ද ගයාව වේ.
14. එවං වුත්තෙ සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම. අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය; අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය: චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති.
14. මෙසේ කීකල සුන්දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ “භාග්‍යවතුන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ යම්සේ ද, වැසුණු දෙයක් වැහුම් හරින්නේ යම්සේ ද, මං මුළා වූවහුට මග කියන්නේ යම්සේ ද, ඇස් ඇත්තාහු රූප දක්නාහු ය යි අන්ධකාරයෙහි තෙල්පහනක් දල්වන්නේ යම්සේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මදේශනා කරන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේත් ධර්මයත් සඞ්ඝයාත් සරණ කොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙම්වා, උපසම්පදාව ලබන්නෙම්වා”යි කී ය.
15. අලත්ථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවතො සන්තිකෙ පබ්බජ්ජං. අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා භාරද්වාජො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති. වුසිතං බ්රහ්මචරියං. කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
15. සුන්දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබී ය. උපසම්පදාව ලැබී ය. ආයුෂ්මත් භාරද්වාජ තෙමේ උපසම්පන්න වී නොබෝකල් ඇත්තේ එකලා වූයේ වෙන් වූයේ එළඹ සිටි සිහි ඇත්තේ කෙලෙස් තවන වැර ඇත්තේ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇත්තේ නොබෝ කලකින් ම යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මනා ව ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙත් ද, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයෙහි අවසානය වූ ඒ උතුම් අර්හත් ඵලය මේ ආත්මයේ දී ම තෙමේ දැන ගෙන ඊට පැමිණ වාසය කෙළේ ය. ජාතිය ක්ෂීණ වි ය. බඹසර වැස නිමවන ලදී. සිවුමග කිස කරන ලදී. මේ රහත්බව පිණිස කළ යුතු අන් කටයුත්තෙක් නැතැයි දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
වත්ථූපමසුත්තං සත්තමං.
වත්ථූපමසූත්රය සත්වැනි යි.