ආකඞ්ඛෙය්‍යසුත්තං
1. 1. 6.
1. 1. 6.
ආකඞ්ඛෙය්‍යසුත්තං
ආකඞ්ඛෙය්ය සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්ෂූන් අමතා වදාළ සේක. ඒ භික්ෂූහු “වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක:
සම්පන්නසීලා භික්ඛවෙ විහරථ සම්පන්නපාතිමොක්ඛා. පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නා. අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛථ සික්ඛාපදෙසු.
මහණෙනි, පිරිපුන් සිල් ඇත්තාහු ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් යුක්ත ව වසවු. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූවාහු ආචාරයෙන් හා ගෝචරයෙන් සමෘද්ධ ව වසවු. ස්වල්පමාත්‍ර වූ වරදෙහි භය දක්නාසුලු ව මොනොවට ගෙන ශික්ෂාපදයන්හි හික්මෙවු.
2. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු ‘සබ්රහ්මචාරීනං පියො චස්සං මනාපො ගරු භාවනීයො චා’ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (1)
2. මහණෙනි, මහණෙක් තෙමේ “සබ්‍රම්සරුන්ට ප්‍රිය වූවෙක්, මන වඩන්නෙක්, ගරු කළ යුත්තෙක්, සම්භාවනීයයෙක් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ස්වකීය චිත්තසමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ හෝ නො නැසූ ධ්‍යාන ඇත්තේ විදර්ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් (ශුන්‍යාගාරයන්ට පිවිස ශමථ විදර්ශනා භාවනා කරන්නෙක්) වන්නේ ය.
3. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “ලාභී අස්සං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරාන”න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (2)
3. මහණෙනි, මහණෙක් තෙමේ “චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භේසජ්ජපරික්ඛාරයන් ලබන්නෙම් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නෙක් වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ හෝ නො නැසූ ධ්‍යාන ඇත්තේ විදර්ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේය.
4. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “යෙසාහං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජාමි, තෙසං තෙ කාරා මහප්ඵලා අස්සු මහානිසංසා”ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (3)
4. මහණෙනි, මහණෙක් තෙමේ “යම් කෙනෙකුන්ගේ චීවර පිණ්ඩපාත ගිලානපච්චය භේසජ්ජපරික්ඛාරයන් වළඳම් ද, ඔවුන්ගේ ඒ ප්රත්යයදානයෝ මහත්ඵල මහත් ආනිසංස ඇත්තාහු වෙත්වා”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
5. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “යෙ මෙ ඤාතිසාලොහිතා පෙතා කාලකතා පසන්නචිත්තා අනුස්සරන්ති, තෙසං තං මහප්ඵලං අස්ස මහානිසංසන්ති,” සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (4)
5. මහණෙනි, මහණෙක් තෙමේ “පරලොව ගියා වූ කලුරිය කළා වූ නෑ සහලේ නෑ කෙනෙක් පහන් සිත් ඇත්තාහු මා සිහි කරත් ද, ඔවුන්ගේ ඒ සිහි කිරීම මහත්ඵල මහත් ආනිසංස ඇත්තක් වේවා”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
6. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “අරතිරතිසහො අස්සං න ච මං අරති සහෙය්ය, උප්පන්නං අරතිං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය”න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (5)
6. මහණෙනි, මහණෙක් තෙමේ “ධ්‍යානාදි අධිකුශල ධර්මයන්හි නො ඇලීම හා කම්සැපෙහි ඇලීම ද මැඩ පවත්වන්නෙම් වන්නෙමි. අරතිය මා නො මඩීවා. උපන් අරතිය මඩිමින් වාසය කරනේනමියි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
7. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “භයභෙරවසහො අස්සං න ච මං භයභෙරවං සහෙය්ය, උප්පන්නං භයභෙරවං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය”න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (6)
7. මහණෙනි, මහණෙක් තෙමේ “තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මඩින්නෙම් වන්නෙමි. තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මා නො මඩීවා. උපන් තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මඩිමින් වසන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
8. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අස්සං අකිච්ඡලාභී අකසිරලාභී”ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (7)
8. මහණෙනි, මහණෙක් තෙමේ “අධිචිත්තයෙහි උපන් දිටුදැමියෙහි සැප විහරණය ඇති සිවුදැහැන් කැමැති සේ ලබන්නෙම්, නිදුකින් ලබන්නෙම්, මහත් (වුට්ඨානවසිතාවෙන් යුක්ත) සේ ධ්‍යාන ලබන්නෙම් වන්නෙමි”යි කැමැති වන්නේ නම් ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
9. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “යෙ තෙ සන්තා විමොක්ඛා අතික්කම්ම රූපෙ ආරුප්පා, තෙ කායෙන ඵස්සිත්වා විහරෙය්ය”න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (8)
9. මහණෙනි, මහණෙක් තෙමේ “රූපාවචරධ්‍යානයන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ඒ ශාන්තවිමෝක්ෂයෝ වෙත් ද, ඒ විමෝක්ෂයන් නාම කායයෙන් ස්පර්ශකොට වාසය කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
10. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො අස්සං අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (9)
10. මහණෙනි, මහණෙක් තෙමේ “මම සංයෝජන තුණක් ක්ෂය කිරීමෙන් දුගතියක නො වැටෙන ස්වභාවය ඇති නියත වූ උපරිම මාර්ගඥානයන් පිහිට කොට ඇති (-සකෘදාගාමි ආදි මාර්ග තුනට අවශ්‍යයෙන් පැමිණෙන) සෝතාපන්නයෙක් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
11. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී අස්සං, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරෙය්ය”න්ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (10)
11. මහණෙනි, මහණෙක් තෙමේ “සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමි වන්නෙමි. වරක් මේ මිනිස් ලොවට උත්පත්තිවශයෙන් පැමිණ දුක් කෙළවර කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
12. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො අස්සං, තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා”ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (11)
12. මහණෙනි, මහණෙක් තෙමේ “මම ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඕපපාතික (-වසයෙන් බඹලොව උපදින්නෙම්) වන්නෙමි. ඒ බඹලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තෙම් එහි පිරිනිවෙන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
13. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං, එකොපි හුත්වා බහුධා අස්සං, බහුධාපි හුත්වා එකො අස්සං, ආවිභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡෙය්යං සෙය්යථාපි ආකාසෙ, පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරෙය්යං සෙය්යථාපි උදකෙ, උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡෙය්යං සෙය්යථාපි පඨවියං, ආකාසෙපි පල්ලඞ්කෙන කමෙය්යං සෙය්යථාපි පක්ඛී සකුණො, ඉමෙපි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ මහානුභාවෙ පාණිනා පරිමසෙය්යං පරිමජ්ජෙය්යං, යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙය්ය”න්ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (12)
13. මහණෙනි, මහණෙක් තෙමේ “නන් වැදෑරුම් ඍද්ධිකොට්ඨාසයන්ට පැමිණෙන්නෙමි: එකෙක් ම වී බොහෝ ආකාර වෙමි. විවිධාකාර ද වී එකෙක් වන්නෙමි. ප්‍රකට බවට, අප්‍රකට බවට, බිත්තියෙන් පිටත, පවුරෙන් පිටත, පව්වෙන් පිටත අහසෙහිමෙන් නො ගැටෙමින් යන්නෙමි. දියෙහි මෙන් පොළොවෙහි ද මතු වීම් ගැලීම් කරන්නෙමි. පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහි යන්නෙමි. පියාපත් ඇති පක්ෂියකු සේ අහසෙහි ද පලගින් යුක්ත ව (පලක් බැඳ) හැසිරෙමි. මෙබඳු මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද අත්ලෙන් ස්පර්ශ කොට පිරිමදින්නෙමි. බඹලොවතෙක් කයින් තමා වශයෙහි පවත්වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
14. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු: ‘දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණෙය්යං: දිබ්බෙ ච මානුසෙ ච, යෙ දූරෙ සන්තිකෙ චා”ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (13)
14. මහණෙනි, මහණෙක් තෙමේ “මම පිරිසිදු වූ මිනිස්කණ ඉක්මවා සිටි දිවකණින් දුර සිටියා වූත් සමීපයෙහි සිටියා වූත් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් ශබ්ද අසන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
15. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානෙය්යං: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානෙය්යං, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානෙය්යං, සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානෙය්යං, වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානෙය්යං, සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානෙය්යං, වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානෙය්යං,
15. මහණෙනි, මහණෙක් තෙමේ “මම රාගසහිත වූ හෝ සිත රාග සහිත සිත ය යි දැනගන්නෙමි, පහ වූ රාගය ඇත්තා වූ හෝ සිත පහ වූ රාගය ඇත්තා වූ සිත ය යි දැන ගන්නෙමි, සද්වේෂ වූ හෝ සිත සද්වේෂ සිත ය යි දැන ගන්නෙමි. වීතද්වේෂ වූ හෝ සිත වීතද්වේෂ සිත ය යි දැනගන්නෙමි, මෝහ සහිත හෝ සිත මෝහ සහිත සිත ය යි දැනගන්නෙමි, වීතමෝහ වූ හෝ සිත ය යි විතමෝහසිත දැනගන්නෙමි,
සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානෙය්යං, වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානෙය්යං, මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානෙය්යං, අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානෙය්යං, සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානෙය්යං, අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානෙය්යං, සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානෙය්යං, අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානෙය්යං, විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානෙය්යං, අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානෙය්ය”න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (14)
ථිනමිද්ධයෙන් හැකුළුණා වූ හෝ සිත හැකුළුණු සිත ය යි දැනගන්නෙමි. (උද්ධච්චයෙන්) විසුරුණා වූ හෝ සිත විසුරුණු සිත ය යි දැනගන්නෙමි. මහද්ගත (රූපාරූපාවචර) වූ හෝ සිත මහද්ගත සිත ය යි දැනගන්නෙමි. අමහද්ගත (කාමාවචර) වූ හෝ සිත අමහද්ගත සිත ය යි දැනගන්නෙමි. ත්‍රෛභූමක වූ හෝ සිත ත්‍රෛභූමක සිත ය යි දැනගන්නෙමි. සඋත්තර (කාමාවචර) වූ හෝ සිත සඋත්තර සිතය යි දැනගන්නෙමි. අනුත්තර (රූපාරූපාවචර) වූ හෝ සිත අනුත්තර සිත ය යි දැනගන්නෙමි. සමාහිත වූ හෝ සිත සමාහිත සිත ය යි දැනගන්නෙමි. අසමාහිත වූ හෝ සිත අසමාහිත සිත ය යි දැනගන්නෙමි. විමුක්ත වූ හෝ සිත විමුක්ත සිත ය යි දැනගන්නෙමි. අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිත ය යි දැනගන්නෙමි. සෙසු සත්ත්වයන්ගේ සෙසු පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැන ගන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
16. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්යං, සෙය්යථිදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසතිම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ ‘අමුත්රාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උප්පාදිං. තත්රාපාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරෙය්ය”න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී -පෙ- බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (15)
16. මහණෙනි, මහණෙක් තෙමේ “නන් වැදෑරුම් වූ පූර්වේනිවාසය සිහි කරන්නෙමි - එනම්: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුණක් ද ජාති හතරක් ද ජාති පහක් ද ජාති දශයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති ලක්ෂයක් ද: නස්නා නොයෙක් කල්පයන් ද හට ගන්නා නොයෙක් කල්පයන් ද නොයෙක් නස්නා හටගන්නා කල්පයන් ද ‘අසුවල් තැන මෙනම් ඇත්තෙම් වීමි. මෙනම් ගෝත්‍ර ඇත්තෙම් වීමි. මෙබඳු පැහැ ඇත්තෙම් විමි. මෙබඳු අහර ඇත්තෙම් වීමි. මෙබඳු සැපදුක් වින්දෙම් වීමි. මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම්. අසුවල් තැන උපනිමි. එහිදු මෙබඳු නම් ඇත්තෙම් වීමි. මෙබඳු ගොත් ඇත්තෙම් වීමි. මෙබඳු පැහැ ඇත්තෙම් වීම. මෙබඳු අහර ඇත්තෙම් වීම. මෙබඳු සැපදුක් වින්දෙම් වීමි. මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් මෙහි උපන්නෙමි.’ මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන් වැදෑරුම් පූර්වේ නිවාසය සිහි කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
17. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු: “දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සෙය්යං - චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ; යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්යං: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා –
17. මහණෙනි, මහණෙක් තෙමේ “පිරිසිදු වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන උපදින හීන වූ ප්‍රණීත වූ මනා පැහැති නො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්වයන් දකින්නෙමි. කර්ම වූ පරිදි මිය පරලොව ගිය සත්ත්වයන් දැනගන්නෙමි. ඒකාන්තයෙන් මේ සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද කළාහු මිසදිටු ගත්තාහු මිසදිටු වශයෙන් සමාදන් වූ නන්වැදෑරුම් කර්ම ඇත්තාහු ය. ඒ සත්ත්වයෝ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවසව පතිත වන්නා වූ නිරයට ප්රතිසන්ධි වශයෙන් පැමිණියාහු ය. මේ භවත් සත්ත්වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යෝපවාද නො කළාහු සම්දිටු ගත්තාහු සම්දිටු වසයෙන් සමාදන් වූ නන් වැදෑරුම් කර්ම ඇත්තාහු ය -
තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති; ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සෙය්යං - චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ, යථාකම්මූපගෙ සත්තෙ පජානෙය්ය”න්ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (16)
ඒ සත්ත්වයෝ කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්ගලෝකයට ප්රතිසන්ධි වශයෙන් පැමිණියාහු ය. මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන උපදින හීන වූ ප්‍රණීත වූ සුවර්ණ වූ දුර්වර්ණ වූ සුගතිගත වූ දුගතිගත වූ සත්ත්වයන් දකින්නෙම්වා, කම් වූ පරිදි මිය පරලොව ගිය සත්ත්වයන් දැනගන්නෙම්වා” යි කැමැති වන්නේ නම් ශීලයෙහි ම සම්පූර්ණකාරී වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ විදර්ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
18. ආකඞ්ඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු “ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්ය”න්ති, සීලෙස්වෙවස්ස පරිපූරකාරී අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො අනිරාකතජ්ඣානො විපස්සනාය සමන්නාගතො බ්රූහෙතා සුඤ්ඤාගාරානං. (17)
18. මහණෙනි, මහණෙක් “ආස්රවක්ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය (අර්හත්ඵල සම්ප්‍රයුක්ත සමාධිය) ප්‍රඥාවිමුක්තිය (අර්හත් ඵල සම්ප්‍රයුක්ත ප්‍රඥාව) ඉහාත්මයෙහි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නෙම්වා”යි කැමැති වන්නේ නම් ශීලයෙහි ම සම්පූර්ණකාරී වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ විදර්ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.
19. සම්පන්නසීලා භික්ඛවෙ විහරථ සම්පන්නපාතිමොක්ඛා. පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නා අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛථ සික්ඛාපදෙසූති” ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
19. “මහණෙනි, පිරිපුන් සිල් ඇතිව ප්රාතිමෝක්ෂ සම්පන්නව වසවු. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරයෙන් හා ගෝචරයෙන් සමෘද්ධ ව වසවු. ස්වල්පමාත්‍ර වූ වරදෙහි භය දක්නාසුලු ව සමාදන් ව ශික්ෂාපදයන්හි හික්මෙවු”යි මෙසේ යම් ඒ වචනයෙක් කියන ලද ද, එය මේ සඳහා කියන ලදී.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
ආකඞ්ඛෙය්‍යසුත්තං ඡට්ඨං.
ආකඞ්ඛෙය්ය සූත්‍රය සවැනි යි.