යෙදුමෙන් කියවන්න

සම‍්මාදිට‍්ඨිසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්මාදිට්ඨි සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති සම‍්මාදිට‍්ඨිසුත‍්තං. තත්‍ථ “සම‍්මාදිට‍්ඨි සම‍්මාදිට‍්ඨීති, ආවුසො, වුච‍්චති, කිත‍්තාවතා නු ඛො, ආවුසො”ති වා “කතමං පනාවුසො, අකුසල”න‍්ති වා එවං යත‍්තකා ථෙරෙන පුච‍්ඡා වුත‍්තා, සබ‍්බා කථෙතුකම්‍යතා පුච‍්ඡා එව.

එවං මෙ සුතං, සම්මා දිටඨි සූත්‍රයයි. එහි සම්මා දිට්ඨි සම්මා දිට්ඨිති ආවුසො වුච්චති කිත්තාව නුඛො ආවුසොති වා කතමං පනාවුසො අකුසලං යනුවෙන්, මෙසේ තෙරුන් විසින් යම්පමණ ප්‍රශ්න වදාරණ ලද්දාහුද, ඒ සියල්ල කථෙතු කම්‍යතා පුච්ඡාම වෙති.

තත්‍ථ යස‍්මා ජානන‍්තාපි සම‍්මාදිට‍්ඨීති වදන‍්ති අජානන‍්තාපි බාහිරකාපි සාසනිකාපි අනුස‍්සවාදිවසෙනාපි අත‍්තපච‍්චක‍්ඛෙනාපි, තස‍්මා තං බහූනං වචනං උපාදාය ද‍්වික‍්ඛත‍්තුං ආමසන‍්තො “සම‍්මාදිට‍්ඨි සම‍්මාදිට‍්ඨීති, ආවුසො, වුච‍්චතී”ති ආහ. අයඤ‍්හි එත්‍ථ අධිප‍්පායො, අපරෙහිපි සම‍්මාදිට‍්ඨීති වුච‍්චති, අථාපරෙහිපි සම‍්මාදිට‍්ඨීති වුච‍්චති, ස‍්වායං එවං වුච‍්චමානො අත්‍ථඤ‍්ච ලක‍්ඛණඤ‍්ච උපාදාය කිත‍්තාවතා නු ඛො, ආවුසො, අරියසාවකො සම‍්මාදිට‍්ඨි හොතීති. තත්‍ථ සම‍්මාදිට‍්ඨීති සොභනාය පසත්‍ථාය ච දිට‍්ඨියා සමන‍්නාගතො. යදා පන ධම‍්මෙයෙව අයං සම‍්මාදිට‍්ඨිසද‍්දො වත‍්තති, තදාස‍්ස සොභනා පසත්‍ථා ච දිට‍්ඨි සම‍්මාදිට‍්ඨීති එවමත්‍ථො වෙදිතබ‍්බො.

ඔවුන් අතුරෙහි යම්හෙයකින් දන්නාහුද නොදන්නාහු ද, බාහිරකයෝද, ශාසනිකයෝ ද අනුස්සව ආදින් (පරපුරෙන් ආසන ලද) තමා ප්‍රත්‍යක්‍ෂ කිරීම් වශයෙන් ද, සම්මා දිට්ඨි යයි කියති. එහෙයින් ඒ බොහෝ දෙනාගේ වචනය ගෙන දෙවරක් ස්පර්ශ කරමින්, සම්මා දිට්ඨි, සම්මා දිට්ඨි ආවුසො වුච්චන්ති වදාළහ. මේ වූකලී මෙහි අදහසයි. අන්‍යයන් විසින් ද ‘සම්මා දිට්ඨි’ යයි කියනු ලැබේ. එයින් අන්‍යයන් විසින් ද සම්මා දිට්ඨියයි කියනු ලැබේ. මේ මෙසේ කියනු ලබන්නේ අර්ථයද, ලක්‍ෂණයද ගෙන, ඇවැත්නි, ආර්ය ශ්‍රාවක තෙම කොපමණකින් සම්මා දිට්ඨි ඇත්තේ වේදැයි, එහි සම්මා දිට්ඨි යනු සෝභන වූ ද, ප්‍රශස්ත වූ ද දෘෂ්ටියෙන් යුක්ත වූයේ යම්කලෙක්හි ධර්මයෙහිම මේ සම්මා දිට්ඨි ශබ්දය පවතී ද, එකල්හි එමම දෘෂ්ටියට, සෝභන වූ ද ප්‍රශස්ත වූ ද දෘෂ්ටිය ‘සම්මා දිටඨි’ යයි මෙසේ අර්ථය දතයුතුයැ.

සා චායං සම‍්මාදිට‍්ඨි දුවිධා හොති ලොකියා ලොකුත‍්තරාති.

ඕ තොමෝ සම්මා දිට්ඨි තොමෝ දුවිධ වන්නීය. ලෞකික ලෝකෝත්තර කියා,

තත්‍ථ කම‍්මස‍්සකතාඤාණං සච‍්චානුලොමිකඤාණඤ‍්ච ලොකියා සම‍්මාදිට‍්ඨි, සඞ‍්ඛෙපතො වා සබ‍්බාපි සාසවා පඤ‍්ඤා. අරියමග‍්ගඵලසම‍්පයුත‍්තා පඤ‍්ඤා ලොකුත‍්තරා සම‍්මාදිට‍්ඨි.

එහි කම්මස්සකත ඤාණය, සච්චානුලොම ඤාණය ලෞකික සම්මා දිට්ඨි නම් වේ. සංක්‍ෂෙප වශයෙන් සියලුම ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වූ පඤ්ඤාවයි. අරිය මග්ගඵල සම්පයුත්ත වූ පඤ්ඤාව ලෝකෝත්තර සම්මා දිටඨි නම් වේ.

පුග‍්ගලො පන තිවිධො හොති පුථුජ‍්ජනො සෙක‍්ඛො අසෙක‍්ඛො ච. තත්‍ථ පුථුජ‍්ජනො දුවිධො හොති බාහිරකො සාසනිකො ච. තත්‍ථ බාහිරකො කම‍්මවාදී කම‍්මස‍්සකතාදිට‍්ඨියා සම‍්මාදිට‍්ඨි හොති, නො සච‍්චානුලොමිකාය අත‍්තදිට‍්ඨිපරාමාසකත‍්තා. සාසනිකො ද‍්වීහිපි. සෙක‍්ඛො නියතාය සම‍්මාදිට‍්ඨියා සම‍්මාදිට‍්ඨි. අසෙක‍්ඛො අසෙක‍්ඛාය. ඉධ පන නියතාය නිය්‍යානිකාය ලොකුත‍්තරකුසලසම‍්මාදිට‍්ඨියා සමන‍්නාගතො “සම‍්මාදිට‍්ඨී”ති අධිප‍්පෙතො. තෙනෙවාහ “උජුගතාස‍්ස දිට‍්ඨි ධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන සමන‍්නාගතො ආගතො ඉමං සද‍්ධම‍්ම”න‍්ති, ලොකුත‍්තරකුසලසම‍්මාදිට‍්ඨියෙව හි අන‍්තද‍්වයමනුපගම‍්ම උජුභාවෙන ගතත‍්තා, කායවඞ‍්කාදීනි ච සබ‍්බවඞ‍්කානි සමුච‍්ඡින්‍දිත්‍වා ගතත‍්තා උජුගතා හොති, තායෙව ච දිට‍්ඨියා සමන‍්නාගතො නවප‍්පකාරෙපි ලොකුත‍්තරධම‍්මෙ අවෙච‍්චප‍්පසාදෙන අචලප‍්පසාදෙන සමන‍්නාගතො හොති, සබ‍්බදිට‍්ඨිගහනානි ච විනිබ‍්බෙඨෙන‍්තො සබ‍්බකිලෙසෙ පජහන‍්තො ජාතිසංසාරා නික‍්ඛමන‍්තො පටිපත‍්තිං පරිනිට‍්ඨපෙන‍්තො අරියෙන මග‍්ගෙන ආගතො ඉමං සම‍්බුද‍්ධප‍්පවෙදිතං අමතොගධං නිබ‍්බානසඞ‍්ඛාතං සද‍්ධම‍්මන‍්ති වුච‍්චති.

සම්මා දිට්ඨි පුද්ගලයා ත්‍රිවිධ වේ. පුථුජ්ජන සේඛ, අසේඛ යනුවෙනි. එහි පුථුජ්ජන සම්මා දිට්ඨිකයාද දුවිධ වේ. බාහිරක, ශාසනික වශයෙනි. එහි බාහිරක තෙමේ, කම්මවාදි කම්මස්සකත දිට්ඨියෙන් සම්මාදිට්ඨික වූයේ වෙයි. සච්චනුලෝමික දිටඨියෙන් නොවේ. ආත්ම දෘෂ්ටිය පරාමර්ශනය කරන හෙයින් ශාසනික තෙම මෙම දෘෂ්ටි දෙකෙන්ම සම්මාදිට්ඨික වූයේ වෙයි. සේඛ තෙමේ නියත වූ සම්මා දිට්ඨියෙන් යුක්ත වූයේ වෙයි. මෙහි වනාහි නියත වූ නීය්‍යානික වූ ලෝකෝත්තර කුසල් සම්මා දිටඨියෙන් යුක්ත වූයේ වෙයි. සම්මා දිට්ඨි යයි අදහස් කරන ලදී. එහෙයින්ම වදාළහ, උජුගතාස්ස දිට්ඨි, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ආගතො ඉමං සද්ධම්මං යනුවෙන් ලෝකෝත්තර කුසල සම්මා දිට්ඨියම අන්ත දෙකට නොපැමිණ සෘජු භාවයට ගිය හෙයින් කාය වංකාදී වූ සියලුම වංකයන් මුල්සිඳ ගිය හෙයින් සෘජුව ගියා වෙයි. එම දෘෂ්ටියෙන්ම යුක්ත වූයේ නවාකාර වූ ලෝකෝත්තර ධර්මයෙහි අවෙච්චප්පසාදයෙන් අචල ප්‍රසාදයෙන් සමන්නාගත වූයේ වෙයි. සියලු දෘෂ්ටි ග්‍රහණයන් ද අවුල් හරිමින් සියලු කෙලෙසුන් දුරුකරමින් ජාති සංසාරයෙන් නික්මෙන්නේ ප්‍රතිපත්ති නිමාවට පත් කරවමින් ආරිය මාර්ගයෙන් පැමිණියේ සම්මා සම්බුදුරදුන් විසින් ප්‍රකාශ කොට වදාළ අමතොගධ නම් වූ ද නිබ්බාන නම් වුද සද්ධර්මයට පැමිණියේ යයි කියනු ලැබේ.

කම්මපථ වාරය

යතො ඛොති කාලපරිච‍්ඡෙදවචනමෙතං, යස‍්මිං කාලෙති වුත‍්තං හොති. අකුසලඤ‍්ච පජානාතීති දසාකුසලකම‍්මපථසඞ‍්ඛාතං අකුසලඤ‍්ච පජානාති, නිරොධාරම‍්මණාය පජානනාය කිච‍්චවසෙන “ඉදං දුක‍්ඛ”න‍්ති පටිවිජ‍්ඣන‍්තො අකුසලං පජානාති. අකුසලමූලඤ‍්ච පජානාතීති තස‍්ස මූලපච‍්චයභූතං අකුසලමූලඤ‍්ච පජානාති, තෙනෙව පකාරෙන “අයං දුක‍්ඛසමුදයො”ති පටිවිජ‍්ඣන‍්තො. එස නයො කුසලඤ‍්ච කුසලමූලඤ‍්චාති එත්‍ථාපි. යථා චෙත්‍ථ, එවං ඉතො පරෙසු සබ‍්බවාරෙසු කිච‍්චවසෙනෙව වත්‍ථුපජානනා වෙදිතබ‍්බා. එත‍්තාවතාපීති එත‍්තකෙන ඉමිනා අකුසලාදිප‍්පජානනෙනාපි. සම‍්මාදිට‍්ඨි හොතීති වුත‍්තප‍්පකාරාය ලොකුත‍්තරසම‍්මාදිට‍්ඨියා සමන‍්නාගතො හොති. උජුගතාස‍්ස…පෙ… ඉමං සද‍්ධම‍්මන‍්ති එත‍්තාවතා සංඛිත‍්තදෙසනා නිට‍්ඨිතා හොති. දෙසනායෙව චෙසා සංඛිත‍්තා, තෙසං පන භික‍්ඛූනං විත්‍ථාරවසෙනෙව සම‍්මාමනසිකාරප‍්පටිවෙධො වෙදිතබ‍්බො.

යථොඛො, මෙය කාලය වෙන්කිරීමේ වචනයකි. යම් කාලයකැයි කියන ලද්දේ වෙයි. අකුසලඤ්ච පජානාති දස අකුසල කම්මපථ නම් වූ අකුසලයද නිරෝධය අරමුණුකොට ඇති, ප්‍රඥාවෙන් මේ දුකයයි ද කෘත්‍ය වශයෙන් ප්‍රතිවේධ කරන්නේ දැනගනී. අකුසල මූලඤ්ච පජානාති, එය මූල ප්‍රත්‍ය වූ ද අකුසලය ද දැන ගනී. මේ අයුරින් දුක්ඛ සමුදය යයි ප්‍රතිවේධ කරන්නේ දැනගනී. කුසලඤ්ච කුසල මූලඤ්ච යන මෙහිද මේ ක්‍රමයමැයි. මෙහි යම්සේද, මෙයින් මත්තෙහි සියලු වාරයන්හි කෘත්‍ය වශයෙන්ම වස්තු දැනගැනීම දතයුතුය. එත්තාවතාපි මෙපමණකින් මෙම අකුසල ආදීන් දැනගැනීමෙන් සම්මාදිට්ඨි හොති ඉහත දැක්වූ ආකාරයෙන් ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුක්ත වූයේ වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වූයේ -පෙ- නිර්වාණ සංඛ්‍යාත සද්ධර්මයට පැමිණියේ වේයයි මෙතෙකින් සංක්‍ෂිප්ත වූ දේශනාව නිමවන්නීය. දේශනාව සංක්‍ෂිප්ත වුවද ඒ භික්‍ෂූන්ගේ මනසිකාර ප්‍රතිවේධය විස්තර වශයෙන්ම දතයුතුය.

දුතියවාරෙ පන දෙසනාපි විත්‍ථාරෙන මනසිකාරප‍්පටිවෙධොපි විත්‍ථාරෙනෙව වුත‍්තොති වෙදිතබ‍්බො. තත්‍ථ “සංඛිත‍්තදෙසනාය ද‍්වෙ හෙට‍්ඨිමමග‍්ගා, විත්‍ථාරදෙසනාය ද‍්වෙ උපරිමමග‍්ගා කථිතා”ති භික‍්ඛූ ආහංසු විත්‍ථාරදෙසනාවසානෙ “සබ‍්බසො රාගානුසයං පහායා”තිආදිවචනං සම‍්පස‍්සමානා. ථෙරො පනාහ “සංඛිත‍්තදෙසනායපි චත‍්තාරො මග‍්ගා රාසිතො කථිතා, විත්‍ථාරදෙසනායපී”ති. යා චායං ඉධ සංඛිත‍්තවිත්‍ථාරදෙසනාසු විචාරණා ආවිකතා, සා සබ‍්බවාරෙසු ඉධ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. අපුබ‍්බානුත‍්තානපදවණ‍්ණනාමත‍්තමෙව හි ඉතො පරං කරිස‍්සාම.

දෙවන වාරයෙහි දේශනාවද විස්තර වශයෙන් පැවතිනැයි මනසිකාර ප්‍රතිවේධයද විස්තර වශයෙන් පැවතිනැයි දතයුතුය. එහි සංක්‍ෂිප්ත දේශනාවෙහි යට දෙමග ද විස්තර දේශනාවෙහි මතුදෙමග ද වදාරණ ලද්දාහු යයි භික්‍ෂූහු කීවාහුය. විස්තර දේශනාවගේ අවසානයෙහි සබ්බසො රාගානුසයං පහාය යනාදි වචන දක්වා වූ භික්‍ෂූහු කීවාහුය. එතෙකුදු වුවත් තෙරණුවෝ සංක්‍ෂිප්ත දේශනාවෙහිද විස්තර දේශනාවෙහිද සතර මාර්ගයෝ රාශි වශයෙන් වදාරණ ලද්දාහුයයි කීහ. මෙහි සංක්‍ෂිප්ත විස්තර දේශනාවන්හි යම් මේ විචාරීමක් පහල කරන ලද්දීද ඕ තොමෝ සියලු වාරයන්හි මෙකී නයින්ම දතයුත්තීය. මෙයින් මතු අපූර්ව අප්‍රකට පද වර්ණනා පමණක් කරන්නෙමු.