යෙදුමෙන් කියවන්න

කුසලකම‍්මපථවණ‍්ණනා අට‍්ඨකථා

කුසලකම‍්මපථවණ‍්ණනා

කුසල කම්මපථ

පාණාතිපාතා වෙරමණී කුසලන‍්තිආදීසු පාණාතිපාතාදයො වුත‍්තත්‍ථා එව. වෙරං මණතීති වෙරමණී, වෙරං පජහතීති අත්‍ථො. විරමති වා එතාය කරණභූතාය, විකාරස‍්ස වෙකාරං කත්‍වාපි වෙරමණී. අයං තාවෙත්‍ථ බ්‍යඤ‍්ජනතො වණ‍්ණනා. අත්‍ථතො පන වෙරමණීති කුසලචිත‍්තසම‍්පයුත‍්තා විරති. යා “පාණාතිපාතා විරමන‍්තස‍්ස, යා තස‍්මිං සමයෙ පාණාතිපාතා ආරති විරතී”ති එවං වුත‍්තා කුසලචිත‍්තසම‍්පයුත‍්තා විරති, සා භෙදතො තිවිධො හොති සම‍්පත‍්තවිරති සමාදානවිරති සමුච‍්ඡෙදවිරතීති. තත්‍ථ අසමාදින‍්නසික‍්ඛාපදානං අත‍්තනො ජාතිවයබාහුසච‍්චාදීනි පච‍්චවෙක‍්ඛිත්‍වා “අයුත‍්තං අම‍්හාකං එවරූපං කාතු”න‍්ති සම‍්පත‍්තවත්‍ථුං අවීතික‍්කමන‍්තානං උප‍්පජ‍්ජමානා විරති සම‍්පත‍්තවිරතීති වෙදිතබ‍්බා සීහළදීපෙ චක‍්කනඋපාසකස‍්ස විය.

පාණාතිපාතා වේරමණී කුසලං යනාදියෙහි පාණාතිපාතාදීහු කියන ලද අය ඇත්තාහුමය. වෛරය හරිනුයි වෙරමණි නම් වේ. වෛරය දුරුකරයි යන අර්ථයි. මෙයට කාරණ වූ මෙය කරණ කොටගෙන පුද්ගල තෙම වෛරය කෙරෙන් වෙන්වේනුයි, (විරමණී යයි කිවයුත්තෙහි) ‘වි’ කාරයට ‘වෙ’ කාරය කොට ද, වෙරමණී නම් වේ. මෝ පළමුකොට දක්වන ලද මෙහි ව්‍යඤ්ජනයන්ගේ වශයෙන් වර්ණනායැ. අනතුරුව අර්ථ වශයෙන් වර්ණනා කරනු ලැබේ. වෙරමණී යනු කුසල චිත්ත සම්ප්‍රයුත්ත විරතියයි. ඕතොමෝ ප්‍රාණඝාතයෙන් වෙන්වන්නහුගේ, යා තස්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති යයි මෙසේ වදාරණ ලද කුසල් සිත හා යෙදුන විරතියයි. එය භේද වශයෙන් ත්‍රිවිධ වේ. සම්පත්ත විරති, සමාදාන විරති, සමුච්ඡෙද විරති යයි කියා, ඔවුනතුරෙහි සමාදන් නොවූ ශික්‍ෂාපද ඇති, තමාගේ ජාතිය, වයස, බහුශ්‍රැත බව ආදිය ප්‍රත්‍යවේක්‍ෂා කොට අපට මෙබන්දක් කරන්ට අයුතුයයි පැමිණි වස්තුව ව්‍යතික්‍රමණය නොකරන්නවුන්ට උපදනා වූ විරති තොමෝ සම්පත්ති විරතියයි දතයුතුය. හෙළදිව චක්කන නම් උපාසක තැනට මෙනි.

චක්කන උපාසකතුමා

තස‍්ස කිර දහරකාලෙයෙව මාතුයා රොගො උප‍්පජ‍්ජි. වෙජ‍්ජෙන ච “අල‍්ලසසමංසං ලද‍්ධුං වට‍්ටතී”ති වුත‍්තං. තතො චක‍්කනස‍්ස භාතා “ගච‍්ඡ තාත ඛෙත‍්තං ආහිණ‍්ඩාහී”ති චක‍්කනං පෙසෙසි. සො තත්‍ථ ගතො. තස‍්මිඤ‍්ච සමයෙ එකො සසො තරුණසස‍්සං ඛාදිතුං ආගතො හොති, සො තං දිස‍්වා වෙගෙන ධාවෙන‍්තො වල‍්ලියා බද‍්ධො “කිරි කිරී”ති සද‍්දමකාසි. චක‍්කනො තෙන සද‍්දෙන ගන‍්ත්‍වා තං ගහෙත්‍වා චින‍්තෙසි “මාතු භෙසජ‍්ජං කරොමී”ති. පුන චින‍්තෙසි “න මෙතං පතිරූපං, ය‍්වාහං මාතු ජීවිතකාරණා පරං ජීවිතා වොරොපෙය්‍ය”න‍්ති. අථ නං “ගච‍්ඡ අරඤ‍්ඤෙ සසෙහි සද‍්ධිං තිණොදකං පරිභුඤ‍්ජා”ති මුඤ‍්චි. භාතරා ච “කිං තාත සසො ලද‍්ධො”ති පුච‍්ඡිතො තං පවත‍්තිං ආචික‍්ඛි. තතො නං භාතා පරිභාසි. සො මාතුසන‍්තිකං ගන‍්ත්‍වා “යතොහං ජාතො, නාභිජානාමි සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙතා”ති සච‍්චං වත්‍වා අධිට‍්ඨාසි. තාවදෙවස‍්ස මාතා අරොගා අහොසි.

චක්කන උපාසකගේ මවට ඔහු තරුණ කාලයේදීම රෝගයක් උපනි. වෙදා විසින් අමු සා මස් ලබන්ට සුදුසු යයි කියන ලදී. එහෙයින් චක්කනගේ සහෝදර තෙම දරුව යන්න, කෙතෙහි ඇවිද බලන්න යයි චක්කනව යැවීය. එහෙම එහි ගියේ එසමයෙහිම එක් සාවෙක් තරුණ සස්‍ය කෑමට පැමිණියේ වෙයි. ඌ ඔහු දැක වේගයෙන් දුවන්නේ වැලකින් බැඳුනේ කිරි කිරි යනුවෙන් ශබ්ද නැගුවේය. චක්කන ඒ ශබ්දයෙන් ගොස් ඔහු අල්වාගෙන මවට බෙහෙත් කෙරෙමියි සිතීය. නැවත මෙසේ සිතී, යම්බඳු වූ මම මවගේ ජීවිතය හේතුකොට අනෙකෙකු දිවියෙන් තොර කරන්නෙම් ද, මේ දිවි තොර කිරීම මට සුදුසු නොවේ යයි ඉක්බිති එම සාවාට යව, වනයෙහි සාවුන් සමග තණ දිය වළඳවයි මුදාහැරියේය. සහෝදරයා විසින්ද කිම දරුව සාවෙකු ලද්දේදැයි විචාරණ ලද්දේ එපුවත කීවේය. එවිට සහෝදර තෙමේ ඔහුට පරිභව කළේය. උපාසක තෙම මව වෙතට ගොස් මම යම්කලෙක පටන් මේ මිනිස්බවෙහි උපන්නෙම් ද, එතැන් සිට දැන දැන සතෙකු දිවියෙන් තොර කරවූයෙම් නොදනිමි. මෙම ඇත්ත කියා අධිෂ්ඨාන කළේය. එකෙනෙහිම ඔහුගේ මව සුව වුවා විය.

සමාදින‍්නසික‍්ඛාපදානං පන සික‍්ඛාපදසමාදානෙ ච තතුත‍්තරි ච අත‍්තනො ජීවිතම‍්පි පරිච‍්චජිත්‍වා වත්‍ථුං අවීතික‍්කමන‍්තානං උප‍්පජ‍්ජමානා විරති සමාදානවිරතීති වෙදිතබ‍්බා උත‍්තරවඩ‍්ඪමානපබ‍්බතවාසීඋපාසකස‍්ස විය.

සමාදන් වූ ශික්‍ෂපද ඇතිව, ශික්‍ෂාපද සමාදාන කාලයෙහි ද එයින් මත්තෙහි ද තමාගේ ජීවිතය පවා පූජාකොට වස්තුව්‍යතික්‍රමය නොකරන්නවුන්ට උපදින්නා වූ විරති තොමෝ සමාදාන විරති නමයි දතයුතු උතුර වඩමන් වැසි උපාසක තැනට මෙනි.

උතුරුවඩමන් වැසි උපාසකතුමා

සො කිර අම‍්බරියවිහාරවාසීපිඞ‍්ගලබුද‍්ධරක‍්ඛිතත්‍ථෙරස‍්ස සන‍්තිකෙ සික‍්ඛාපදානි ගහෙත්‍වා ඛෙත‍්තං කස‍්සති. අථස‍්ස ගොණො නට‍්ඨො, සො තං ගවෙසන‍්තො උත‍්තරවඩ‍්ඪමානපබ‍්බතං ආරුහි, තත්‍ර නං මහාසප‍්පො අග‍්ගහෙසි. සො චින‍්තෙසි “ඉමායස‍්ස තිඛිණවාසියා සීසං ඡින්‍දාමී”ති. පුන චින‍්තෙසි “න මෙතං පතිරූපං, ය‍්වාහං භාවනීයස‍්ස ගරුනො සන‍්තිකෙ සික‍්ඛාපදං ගහෙත්‍වා භින්‍දෙය්‍ය”න‍්ති. එවං යාවතතියං චින‍්තෙත්‍වා “ජීවිතං පරිච‍්චජාමි, න සික‍්ඛාපද”න‍්ති අංසෙ ඨපිතං තිඛිණදණ‍්ඩවාසිං අරඤ‍්ඤෙ ඡඩ‍්ඩෙසි. තාවදෙව නං මහාවාළො මුඤ‍්චිත්‍වා අගමාසීති.

හෙතෙම, අම්බරිය විහාරවැසි පංගල බුද්ධරක්ඛිත තෙරුන්ගේ සමීපයෙහි ශික්‍ෂාපදයන් සමාදන්ව කෙතක් සායි. එකල ඔහුගේ ගවයෙකු නැති වූයේය. හෙතෙම එම ගවයා සොයමින් උත්තර වඩ්ඪමාන පර්වතයට නැග්ගේය. එහි දී ඔහුව පිඹුරෙක් අල්ලා ගත්තේය. හෙතෙම මේ මුවහත් කැත්තෙන් මොහුගේ හිස සිඳිමියි සිතී, නැවත මෙසේ සිතුවේය. ‘යම්බඳු වූ මම භාවනීය වූ (සිහිකටයුතු වූ) ගුරු වූ තෙරුන් සමීපයෙහි ශික්‍ෂාපද සමාදන්ව බිඳින්නේ නම් මේ ශික්‍ෂාපද සිඳීම නොසුදුසුය. මෙසේ තෙවන වට දක්වා සිතා දිවිහරිමි ශික්‍ෂාපද නොහරිමියි පසෙක තිබූ තියුණු කැත්ත වනයෙහි දැම්මේය. එකෙණෙහිම පිඹුරුතම ඔහු මුදා ගියේය.

අරියමග‍්ගසම‍්පයුත‍්තා පන විරති සමුච‍්ඡෙදවිරතීති වෙදිතබ‍්බා. යස‍්සා උප‍්පත‍්තිතො පභුති “පාණං ඝාතෙස‍්සාමී”ති අරියපුග‍්ගලානං චිත‍්තම‍්පි න උප‍්පජ‍්ජතීති. සා පනායං විරති කොසල‍්ලප‍්පවත‍්තියා කුසලන‍්ති වුත‍්තා. කුච‍්ඡිතසයනතො වා කුසන‍්ති ලද‍්ධවොහාරං දුස‍්සීල්‍යං ලුනාතීතිපි කුසලං. කතමඤ‍්චාවුසො කුසලන‍්ති ඉමස‍්ස පන පඤ‍්හස‍්ස අනනුරූපත‍්තා කුසලාති න වුත‍්තා.

අරියමග සම්පයුත්ත විරති තොමෝ සමුච්ඡේද විරති යයි දතයුතුය. යම් විරතියක්හුගේ උත්පත්තියෙහි පටන් ප්‍රාණවධ කරන්නෙමුයි ආර්ය පුද්ගලයන්ට සිතකුත් නො උපදී ද, මෙම විරතිය (කොසල්ල) යහපත් ලෙස පැවැති බැවින් කුසල යයි කියන ලදී. කුත්සිත කර්මය සලනය කරන හෙයින් කුසලයයි කියන ලදී. කුසලයයි ලත් ව්‍යවහාර ඇති දුශ්ශීල බව සිඳීනුයි කුසල නම් වේ.

යථා ච අකුසලානං, එවං ඉමෙසම‍්පි කුසලකම‍්මපථානං ධම‍්මතො කොට‍්ඨාසතො ආරම‍්මණතො වෙදනාතො මූලතොති පඤ‍්චහාකාරෙහි විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

කතමඤච ආවුසො කුසලං යන ප්‍රශ්නයට අනුරූප නොවන බැවින් කුසලා යයි නොයන ලදහ. අකුසලයන්ගේ යම්සේද එසේ මේ කුසල කර්මපථයන්ගේද ධර්ම වශයෙන් කොටස් වශයෙන් ආරම්මණ වශයෙන් මුල වශයෙන්දැයි පස් ආකාරයකින් විනිශ්චය දතයුතුයැ.

තත්‍ථ ධම‍්මතොති එතෙසු හි පටිපාටියා සත‍්ත චෙතනාපි වට‍්ටන‍්ති, විරතියොපි. අන‍්තෙ තයො චෙතනාසම‍්පයුත‍්තාව.

එම විනිශ්චයෙහි ධර්ම වශයෙන් යනු මේ කුසලයන් අතුරෙහි ද පිළිවෙලින් සතක් චේතනා වශයෙන්ද විරති වශයෙන් ද (ගැනීම) සුදුසුය. අන්තයෙහි වූ තුන චේතනා සම්පයුක්ත වූවාහුම වෙති.

කොට‍්ඨාසතොති පටිපාටියා සත‍්ත කම‍්මපථා එව, නො මූලානි. අන‍්තෙ තයො කම‍්මපථා චෙව මූලානි ච. අනභිජ‍්ඣා හි මූලං පත්‍වා අලොභො කුසලමූලං හොති. අබ්‍යාපාදො අදොසො කුසලමූලං. සම‍්මාදිට‍්ඨි අමොහො කුසලමූලං.

කොට්ඨාස වශයෙන් යනු පිළිවෙලින් සතක් කර්මපථයෝම වෙති. මූලයෝ නොවෙති. අන්තයෙහි වූ තුන කර්ම පථයෝ ද, මූලයෝ ද වෙති. අනභිජ්ඣා තොමෝ මුල්බවට පැමිණ අලෝභ සංඛ්‍යාත කුසල මූලය වෙයි. අඛ්‍යපාදය අදෝස නම් වූ කුසල මූලය වෙයි. සම්මා දිටඨිය, අමෝහ නම් වූ කුසල කුසල මූලය වෙයි.

ආරම‍්මණතොති පාණාතිපාතාදීනං ආරම‍්මණානෙව එතෙසං ආරම‍්මණානි, වීතික‍්කමිතබ‍්බතොයෙව හි වෙරමණී නාම හොති. යථා පන නිබ‍්බානාරම‍්මණො අරියමග‍්ගො කිලෙසෙ පජහති, එවං ජීවිතින්‍ද්‍රියාදිආරම‍්මණාපෙතෙ කම‍්මපථා පාණාතිපාතාදීනි දුස‍්සීල්‍යානි පජහන‍්තීති වෙදිතබ‍්බා.

ආරම්මණ වශයෙන් යනු ප්‍රාණඝාතාදීන්ගේ ආරම්මණයෝම මොවුන්ට ආරම්මණ වෙති. වීතික්කමයෙන් (ඉක්ම වීමෙන් කළයුතු බැවින්ම වෙරමණි නම් වේ.) නිවන් අරමුණු කොට ඇති ආර්ය මාර්ගය යම්සේ කෙලෙසුන් දුරු කෙරේද, එසේ ජීවිතෙන්‍ද්‍රිය ආදිය අරමුණුකොට ඇත්තා වූ මේ කර්මපථයෝ ප්‍රාණඝාත ආදි ශීල භාවයන් දුරුකෙරෙත් යයි දතයුත්තාහුය.

වෙදනාතොති සබ‍්බෙ සුඛවෙදනා වා හොන‍්ති, මජ‍්ඣත‍්තවෙදනා වා. කුසලං පත්‍වා හි දුක‍්ඛවෙදනා නාම නත්‍ථි.

වෙදනා වශයෙන් යනු සියල්ලෝම සුඛ වේදනා හෝ මධ්‍යස්ථ වේදනා හෝ වෙති. ඒ එසේමැයි. කුසලයට පැමිණ දුක්ඛ වේදනා නම් නැත.

මූලතොති පටිපාටියා සත‍්ත කම‍්මපථා ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙන විරමන‍්තස‍්ස අලොභඅදොසඅමොහවසෙන තිමූලා හොන‍්ති. ඤාණවිප‍්පයුත‍්තචිත‍්තෙන විරමන‍්තස‍්ස ද‍්විමූලා. අනභිජ‍්ඣා ඤාණසම‍්පයුත‍්තචිත‍්තෙන විරමන‍්තස‍්ස ද‍්විමූලා. ඤාණවිප‍්පයුත‍්තචිත‍්තෙන එකමූලා. අලොභො පන අත‍්තනාව අත‍්තනො මූලං න හොති, අබ්‍යාපාදෙපි එසෙව නයො. සම‍්මාදිට‍්ඨි අලොභාදොසවසෙන ද‍්විමූලාවාති.

මූල වශයෙන් පිළිවෙලින් සතක් ඤාණසම්පයුත්ත චිත්තයෙන් වෙන්වන්නහුට අලෝභ-අදොස-අමෝහ වශයෙන් ත්‍රීමූල වෙති. ඤාණ විප්පයුත්ත චිත්තයෙන් වෙන් වන්නහුට ද්විමූල වෙති. අනභිජ්ඣා තොමෝ ඤාණ සම්පයුත්ත චිත්තයෙන් වෙන්වන්නහුට ද්විමූල ද ඤාණවිප්පයුත්ත චිත්තයෙන් ඒක මූලද වෙයි. අලෝභං වනාහි තෙම්ම, තමහට මුල නොවෙයි. අබ්‍යාපාදයෙහිද මේ නයමැයි. සම්මා දිට්ඨි තොමෝ අලොභ, අදොස වශයෙන් ද්විමූල වේ යයි.

අලොභො කුසලමූලන‍්තිආදීසු න ලොභොති අලොභො, ලොභපටිපක‍්ඛස‍්ස ධම‍්මස‍්සෙතං අධිවචනං. අදොසාමොහෙසුපි එසෙව නයො. තෙසු අලොභො සයඤ‍්ච කුසලං, ඉමෙසඤ‍්ච පාණාතිපාතා වෙරමණීආදීනං කුසලානං කෙසඤ‍්චි සම‍්පයුත‍්තප‍්පභාවකට‍්ඨෙන කෙසඤ‍්චි උපනිස‍්සයපච‍්චයට‍්ඨෙන මූලන‍්ති කුසලමූලං. අදොසාමොහානම‍්පි කුසලමූලභාවෙ එසෙව නයො.

අලොභො කුසලමූලං යනාදියෙහි ලෝභය නොවේනුයි අලෝභ නමි. ලෝභයට ප්‍රතිපක්‍ෂ වූ ධර්මයට මේ නමකි. අදෝස, අමෝහ යන්හිදු මේ නයමැයි. ඔවුන් අතුරෙහි අලෝභය තෙමේත් කුසලය ප්‍රාණඝාතයෙන් වෙන්වීම් ආදි වූ කුසලයන් අතුරෙන් කිසිවෙකුට සම්පයුත්තපභාව (=බලය යන) අර්ථයෙන් ද, කිසිවෙකුට උපනිශ්‍රය ප්‍රත්‍යාර්ථයෙන් ද මූල වේනුයි, කුසල මූල නම් වේ. අදෝස, අමෝහයන්ගේ ද කුසලයන්ට මුල්බැව්හි මේ නයමැයි.

ඉදානි සබ‍්බම‍්පි තං සඞ‍්ඛෙපෙන ච විත්‍ථාරෙන ච දෙසිතමත්‍ථං නිගමෙන‍්තො යතො ඛො ආවුසොතිආදිඅප‍්පනාවාරමාහ. තත්‍ථ එවං අකුසලං පජානාතීති එවං යථානිද‍්දිට‍්ඨදසාකුසලකම‍්මපථවසෙන අකුසලං පජානාති. එවං අකුසලමූලන‍්තිආදීසුපි එසෙව නයො.

මෙවිට ඒ සියල්ල සංක්‍ෂේප වශයෙන් ද, විස්තර වශයෙන් ද දෙසූ අර්ථය නිගමනය කරන්නාහු යතො ඛො ආවුසො යනාදි අර්පණාවාරය වදාළහ. එම වාරයෙහි එවං අකුසලං පජානාති යනු මෙසේ දැක්වූ පරිදි දශඅකුසල කර්මපථයන්ගේ වශයෙන් අකුසලය දැනගනී. එවං අකුසල මූලං යනාදියෙහිද මේ ක්‍රමයමැයි.

එත‍්තාවතා එකෙන නයෙන චතුසච‍්චකම‍්මට‍්ඨානිකස‍්ස යාව අරහත‍්තා නිය්‍යානං කථිතං හොති. කථං? එත්‍ථ හි ඨපෙත්‍වා අභිජ‍්ඣං දස අකුසලකම‍්මපථා ච කුසලකම‍්මපථා ච දුක‍්ඛසච‍්චං. අභිජ‍්ඣා ච ලොභො අකුසලමූලඤ‍්චාති ඉමෙ ද‍්වෙ ධම‍්මා නිප‍්පරියායෙන සමුදයසච‍්චං. පරියායෙන පන සබ‍්බෙපි කම‍්මපථා දුක‍්ඛසච‍්චං. සබ‍්බානි කුසලාකුසලමූලානි සමුදයසච‍්චං. උභින‍්නං අප‍්පවත‍්ති නිරොධසච‍්චං. දුක‍්ඛං පරිජානන‍්තො සමුදයං පජහමානො නිරොධං පජානන‍්තො අරියමග‍්ගො මග‍්ගසච‍්චන‍්ති ඉති ද‍්වෙ සච‍්චානි සරූපෙන වුත‍්තානි, ද‍්වෙ ආවත‍්තහාරවසෙන වෙදිතබ‍්බානි.

මෙතෙකින් එක් ක්‍රමයකින් චතුසච්චකම්මට්ඨානිකයාගේ රහත් බව තෙක් ගෙනයාම වදාරණ ලද්දේ වෙයි. කෙසේද යත්, අභිජ්ඣාව තබා දස අකුසල කර්මපථයෝ ද දසකුසල කර්මපථයෝ ද දුක්ඛසත්‍ය වෙයි. අභිජ්ඣාව ලෝභ නම් වූ අකුසල මූලයදැයි මේ ධර්මයෝ දෙදෙන නිප්පරියාය වශයෙන් සමුදය සත්‍ය වේ. පරියාය වශයෙන් සියලුම කම්මපථයෝ දුක්ඛ සත්‍ය වෙයි. සියලුම කුසලාකුසල මූලයෝ සමුදය සත්‍ය වෙයි. දෙදෙනාගේ (දුක-සමුදය) නොපැවැත්ම නිරෝධ සත්‍ය වෙයි. දුක හාත්පසින්ම දැනගන්නා වූ සමුදය දුරුකරන්නා වූ නිරෝධය දැනගන්නා වූ ආර්ය මාර්ගය මාර්ග සත්‍යයයි. මෙසේ සත්‍යයෝ දෙදෙනෙක් ස්වරූපයෙන් කියන ලද්දාහුය. දෙදෙනෙක් ආවත්තහාර වශයෙන් දතයුත්තාහුය.

සො සබ‍්බසො රාගානුසයං පහායාති සො එවං අකුසලාදීනි පජානන‍්තො සබ‍්බාකාරෙන රාගානුසයං පජහිත්‍වා. පටිඝානුසයං පටිවිනොදෙත්‍වාති පටිඝානුසයඤ‍්ච සබ‍්බාකාරෙනෙව නීහරිත්‍වාති වුත‍්තං හොති. එත‍්තාවතා අනාගාමිමග‍්ගො කථිතො. අස‍්මීති දිට‍්ඨිමානානුසයං සමූහනිත්‍වාති පඤ‍්චසු ඛන්‍ධෙසු කඤ‍්චි ධම‍්මං අනවකාරීකරිත්‍වා “අස‍්මී”ති ඉමිනා සමූහග‍්ගහණාකාරෙන පවත‍්තං දිට‍්ඨිමානානුසයං සමුග‍්ඝාටෙත්‍වා.

සො සබ්බසො රාගානුසයං පහාය, හෙතෙම මෙසේ අකුසලාදිය දැනගන්නේ සර්වප්‍රකාරයෙන් රාගානුසය දුරුකොට, පටිඝානුසයං පටිවිනොදෙත්‍වා, පටිඝානුසය සර්වප්‍රකාරයෙන්ම බැහැර කොට යයි කියන ලද්දේ වෙයි. මෙතෙකින් අනාගාමි මාර්ගය වදාරණ ලද්දේ වෙයි. අස්මිති දිට්ඨි මානානුසයං සමූහනිත්‍වා පංචස්කන්ධය අතුරෙන් කිසි ධර්මයක් ඉතිරි නොකොට ‘මම වෙමි’ යන මේ සමූහ ගහනාකාරයෙන් පැවැති දිට්ඨිමාන අනුසය මුලිනුපුටා

තත්‍ථ දිට‍්ඨිමානානුසයන‍්ති දිට‍්ඨිසදිසං මානානුසයන‍්ති වුත‍්තං හොති. අයඤ‍්හි මානානුසයො අස‍්මීති පවත‍්තත‍්තා දිට‍්ඨිසදිසො හොති, තස‍්මා එවං වුත‍්තො. ඉමඤ‍්ච අස‍්මිමානං විත්‍ථාරතො විඤ‍්ඤාතුකාමෙන ඛන්‍ධියවග‍්ගෙ ඛෙමකසුත‍්තං (සං· නි· 3.89) ඔලොකෙතබ‍්බන‍්ති.

එහි දිට්ඨි මානානුසයං යනු දෘෂ්ටිය වැනි වූ මානානුසය යයි කියන ලද වෙයි. යම්හෙයකින් මේ මානානුසය තෙම මම වෙමි යයි පැවැති බැවින් දෘෂ්ටිය සමාන වේද, එහෙයින් මෙසේ කියන ලදී. මේ අසමිමානය විස්තර වශයෙන් දැනගනු කැමැත්තහු විසින් ඛන්‍ධ වර්ගයෙහි ‘ඛෙමක’ සූත්‍රය බැලිය යුතුයැ.

අවිජ‍්ජං පහායාති වට‍්ටමූලං අවිජ‍්ජං පජහිත්‍වා. විජ‍්ජං උප‍්පාදෙත්‍වාති තස‍්සා අවිජ‍්ජාය සමුග‍්ඝාටිකං අරහත‍්තමග‍්ගවිජ‍්ජං උප‍්පාදෙත්‍වා. එත‍්තාවතා අරහත‍්තමග‍්ගො කථිතො. දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො හොතීති අස‍්මිංයෙව අත‍්තභාවෙ වට‍්ටදුක‍්ඛස‍්ස පරිච‍්ඡෙදකරො හොති. එත‍්තාවතාපි ඛො, ආවුසොති දෙසනං නිය්‍යාතෙති, ඉමාය කම‍්මපථදෙසනාය වුත‍්තමනසිකාරප‍්පටිවෙධවසෙනපීති වුත‍්තං හොති. සෙසං වුත‍්තනයමෙව. එවං අනාගාමිමග‍්ගඅරහත‍්තමග‍්ගෙහි දෙසනං නිට‍්ඨපෙසීති.

අවිජ්ජං පහාය, වට්ටමූල වූ අවිද්‍යාව දුරුකොට විජ්ජං උප්පාදෙත්‍වා, එම අවිද්‍යාව සමූලඝාතනය කරන්නා වූ රහත්මග නම් වූ විද්‍යාව උපදවා, මෙතෙකින් රහත් මග වදාරණ ලද වෙයි. දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්ත කරො යනුවෙන් මේ ආත්මභාවයේදීම වට්ට දුක්ඛයාගේ දුරුකිරීම කරන්නේ වෙයි. චිත්තාවතාපි ඛො ආවුසො යනුවෙන් දේශනාව නිය්‍යාතනය (පැමිණවීම) කෙරෙයි. මෙම කර්මපථ දේශනාවෙහි කියන ලද මනසිකාර ප්‍රතිවෙධ වශයෙන්ම යයි කියන ලද්දේ වෙයි. සෙස්ස කී අයුරුමැයි. මෙසේ අනාගාමි, රහත් මාර්ග වශයෙන් දේශනාව නිමවූ සේක.

කුසලකම‍්මපථවණ‍්ණනා නිට‍්ඨිතා.

කම්මපථ වාර වර්ණනාව නිමි.