යෙදුමෙන් කියවන්න

අකුසලකම‍්මපථවණ‍්ණනා අට‍්ඨකථා

අකුසලකම‍්මපථවණ‍්ණනා

අකුසල කම්මපථ

තත්‍ථ පඨමවාරස‍්ස තාව විත්‍ථාරදෙසනාය “පාණාතිපාතො ඛො, ආවුසො, අකුසල”න‍්තිආදීසු අකොසල‍්ලප‍්පවත‍්තියා අකුසලං වෙදිතබ‍්බං, පරතො වත‍්තබ‍්බකුසලප‍්පටිපක‍්ඛතො වා. තං ලක‍්ඛණතො සාවජ‍්ජදුක‍්ඛවිපාකං සංකිලිට‍්ඨං වා. අයං තාවෙත්‍ථ සාධාරණපදවණ‍්ණනා.

එහි ප්‍රථම වාරයාගේම විස්තර දේශනාවෙහි පාණාති පාතො ඛො ආවුසො අකුසලං යනාදි තැන්හි අසමත් බැවින්, (නොවියත් බැවින්) අකුසලයයි දතයුතුය. කුසලයට ප්‍රතිපක්‍ෂ වශයෙන් හෝ අකුසලය දතයුතුය එය ලක්‍ෂණ වශයෙන් සාවද්‍ය ලක්‍ෂණ, දුක්ඛ විපාක ලක්‍ෂණ සංක්ලේශ ලක්‍ෂණ හෝ වෙයි. මෝ තොමෝ වනාහි මෙහි සාධාරණ වූ පද වර්ණනාවයි.

කායකම්ම පාණාතිපාතය

අසාධාරණෙසු පන පාණස‍්ස අතිපාතො පාණාතිපාතො, පාණවධො පාණඝාතොති වුත‍්තං හොති. පාණොති චෙත්‍ථ වොහාරතො සත‍්තො, පරමත්‍ථතො ජීවිතින්‍ද්‍රියං. තස‍්මිං පන පාණෙ පාණසඤ‍්ඤිනො ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදකඋපක‍්කමසමුට‍්ඨාපිකා කායවචීද‍්වාරානං අඤ‍්ඤතරද‍්වාරප‍්පවත‍්තා වධකචෙතනා පාණාතිපාතො. සො ගුණවිරහිතෙසු තිරච‍්ඡානගතාදීසු පාණෙසු ඛුද‍්දකෙ පාණෙ අප‍්පසාවජ‍්ජො, මහාසරීරෙ මහාසාවජ‍්ජො. කස‍්මා? පයොගමහන‍්තතාය. පයොගසමත‍්තෙපි වත්‍ථුමහන‍්තතාය.

අසාධාරණ පදයන්ගේ වනාහි ප්‍රාණයාගේ අතිපාතය (හෙලීම, නැසීම) පාණාතිපාත නම් වේ. ප්‍රාණ වධය, ප්‍රාණඝාතය යයි කියන ලද්දේ වෙයි. ‘පාණො’ යනු මෙහි ව්‍යවහාර වශයෙන් සත්ත්වයෙකි. පරමාර්ථ වශයෙන් ජීවිතින්‍ද්‍රියයි. ඒ ප්‍රාණියා කෙරෙහි ප්‍රාණියෙකැයි යන සංඥා ඇත්තහුගේ ජීවිතය සිඳින්නා වූ උපක්‍රමයෙන් උපදවන ලද කාය වාග් වාරයන් අතුරෙන් එක්තරා ද්වාරයෙක්හි පැවැති වධක චේතනා තොමෝ පාණාතිපාත නමි. එම ප්‍රාණඝාතය තෙම ගුණ විරහිත වූ තිරශ්චීනගතාදි ප්‍රාණීන් අතුරෙන් කුඩා ප්‍රාණයෙහි අල්පසාවද්‍යය මහත් වූ ශරීරයෙහි මහා සාවද්‍යය. කුමක්හෙයින්ද යත් ප්‍රයෝග මහත් බැවිනි. ප්‍රයෝග සමව ඇති කල්හිදු වස්තූහුගේ මහත් බැවිනි.

ගුණවන‍්තෙසු මනුස‍්සාදීසු අප‍්පගුණෙ පාණෙ අප‍්පසාවජ‍්ජො, මහාගුණෙ මහාසාවජ‍්ජො. සරීරගුණානං පන සමභාවෙ සති කිලෙසානං උපක‍්කමානඤ‍්ච මුදුතාය අප‍්පසාවජ‍්ජො, තිබ‍්බතාය මහාසාවජ‍්ජොති වෙදිතබ‍්බො. තස‍්ස පඤ‍්ච සම‍්භාරා හොන‍්ති පාණො, පාණසඤ‍්ඤිතා, වධකචිත‍්තං, උපක‍්කමො, තෙන මරණන‍්ති. ඡ පයොගා සාහත්‍ථිකො, ආණත‍්තිකො, නිස‍්සග‍්ගියො, ථාවරො, විජ‍්ජාමයො, ඉද‍්ධිමයොති. ඉමස‍්මිං පනෙත්‍ථ විත්‍ථාරීයමානෙ අතිපපඤ‍්චො හොති, තස‍්මා නං න විත්‍ථාරයාම, අඤ‍්ඤඤ‍්ච එවරූපං. අත්‍ථිකෙහි පන සමන‍්තපාසාදිකං විනයට‍්ඨකථං (පාරා· අට‍්ඨ· 2.172) ඔලොකෙත්‍වා ගහෙතබ‍්බො.

ගුණවත් වූ මනුෂ්‍යයන් අතුරෙහි මදගුණ ඇති ප්‍රාණයෙහි අල්පසාවද්‍යය. මහත් වූ ගුණ ඇති ප්‍රාණයෙහි මහාසාවද්‍යය. ශරීර ගුණයන්ගේ සමබව ඇති කල්හි ක්ලේශයන්ගේද, උපක්‍රමයන්ගේද මෘදු බැවින් අල්පසාවද්‍ය වෙයි. තීව්‍ර බැවින් මහාසාවද්‍ය වේයයි දතයුතුය. ඒ ප්‍රාණඝාතයාගේ අංග පසක් වෙති. ප්‍රාණියෙකු වීම, ප්‍රාණියෙකු යන සංඥාව, වධකචිත්තය, උපක්‍රමය එයින් මරණය සිදුකිරීම යනුයි. සාහත්‍ථික, ආණත්තික, නිස්සග්ගිය, ථාවරය, විජ්ජාමය, ඉද්ධිමය යයි ප්‍රයෝග සසක් වෙති. යම්හෙයකින් මෙම අර්ථය විස්තර කරනු ලබන කල්හි ඉතා ප්‍රපඤ්ච වේද, එහෙයින් එයද මෙබඳු වූ අන්‍ය විස්තර ද නොකරමු. විස්තර වශයෙන් සමන්තපාසාදිකා විනය අටුවාව බලා දතයුතුය.

අදින්නාදානය

අදින‍්නස‍්ස ආදානං අදින‍්නාදානං, පරස‍්ස හරණං ථෙය්‍යං, චොරිකාති වුත‍්තං හොති. තත්‍ථ අදින‍්නන‍්ති පරපරිග‍්ගහිතං, යත්‍ථ පරො යථාකාමකාරිතං ආපජ‍්ජන‍්තො අදණ‍්ඩාරහො අනුපවජ‍්ජො ච හොති. තස‍්මිං පන පරපරිග‍්ගහිතෙ පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො තදාදායකඋපක‍්කමසමුට‍්ඨාපිකා ථෙය්‍යචෙතනා අදින‍්නාදානං.

නොදුන් වස්තූන්ගේ ගැනීම අදින්නාදාන නම් වේ. අනුන්ගේ වස්තුව පැහැරගැනීම ථෙය්‍ය යයි ද, චොරකම්ම යයි ද කියන ලද්දේ වෙයි. එහි අදින්නං යනු අනුන් අයත් වූ යම් වස්තුවෙක්හි, අනිකෙක් රුචි පරිද්දෙන් කරන බවට පැමිණෙන්නේ, දඬුවමට නොසුදුසු වූයේත් උපවාදයෙන් මිදුනේත් වේද, ඒ පරා අයත් වස්තුවෙහි පරා අයත් යයි යන සංඥා ඇත්තහුගේම ඒ වස්තුව ගැනීම පිණිස වූ උපක්‍රමයෙන් උපදවන ලද ථෙය්‍ය චේතනා තොමෝ අදින්නාදාන නම් වේ.

තං හීනෙ පරසන‍්තකෙ අප‍්පසාවජ‍්ජං, පණීතෙ මහාසාවජ‍්ජං. කස‍්මා? වත්‍ථුපණීතතාය. වත්‍ථුසමත‍්තෙ සති ගුණාධිකානං සන‍්තකෙ වත්‍ථුස‍්මිං මහාසාවජ‍්ජං. තං තං ගුණාධිකං උපාදාය තතො තතො හීනගුණස‍්ස සන‍්තකෙ වත්‍ථුස‍්මිං අප‍්පසාවජ‍්ජං.

එහි හීන වූ පරසතු භාණ්ඩයෙහි අල්ප සාවද්‍ය වේ. ප්‍රණීත වූ භාණ්ඩයෙහි මහාසාවද්‍ය වේ. කුමක් හෙයින්ද යත් වස්තූහුගේ ප්‍රණීත බව නිසාය. වස්තූන්ගේ සමබව ඇති කල්හි ගුණයෙන් වැඩී සිටියන් සතු වස්තුවෙහි මහාසාවද්‍ය වේ.

තස‍්ස පඤ‍්ච සම‍්භාරා හොන‍්ති පරපරිග‍්ගහිතං, පරපරිග‍්ගහිතසඤ‍්ඤිතා, ථෙය්‍යචිත‍්තං, උපක‍්කමො, තෙන හරණන‍්ති.

එම අදත්තාදානයට අංග පසක් වෙති. මෙරමා සතු වස්තුවක් වීම, අනුන්ට අයත්ය යන සංඥාව ඇති බව, සොරසිත, උපක්‍රමය එම උපක්‍රමයෙන් පැහැරගැනීම යනුයි.

ඡ පයොගා සාහත්‍ථිකාදයොව. තෙ ච ඛො යථානුරූපං ථෙය්‍යාවහාරො, පසය‍්හාවහාරො, පටිච‍්ඡන‍්නාවහාරො, පරිකප‍්පාවහාරො, කුසාවහාරොති ඉමෙසං අවහාරානං වසෙන පවත‍්තාති අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරො පන සමන‍්තපාසාදිකායං (පාරා· අට‍්ඨ· 1.92) වුත‍්තො.

ප්‍රයෝග සයක් වෙති. සාහත්‍ථික ආදියමැයි. ඔවුහුද යෙදෙන පරිද්දෙන්, ථෙය්‍යාවහාරය, පසය්හාවහාරය, පටිච්ඡන්නාවහාරය, පරිකප්පාවහාරය, කුසාවහාරය යන මේ අවහාරයන්ගේ වශයෙන් පැවැත්තාහු යයි මේ සංක්‍ෂෙපයන් විස්තර වනාහි සමන්තපාසාදිකාවෙහි කියන ලදී.

කාම මිත්‍යාචාරය

කාමෙසුමිච‍්ඡාචාරොති එත්‍ථ පන කාමෙසූති මෙථුනසමාචාරෙසු. මිච‍්ඡාචාරොති එකන‍්තනින්‍දිතො ලාමකාචාරො. ලක‍්ඛණතො පන අසද‍්ධම‍්මාධිප‍්පායෙන කායද‍්වාරප‍්පවත‍්තා අගමනීයට‍්ඨානවීතික‍්කමචෙතනා කාමෙසුමිච‍්ඡාචාරො.

කාමෙසු මිච්ඡාචාරො යන මෙහි කාමෙසු යනු මෛථුන සමාචාරයන්හි මිච්ඡාචාරො යනු ඒකාන්තයෙන් නිහිත වූ ලාමක වූ හැසිරීම ලක්‍ෂණ වශයෙන් වනාහි අසද්ධර්මයෙහි හැසිරෙන අදහසින් කායද්වාරයෙහි පැවැති මාතුරක්ඛිතාදී නොයායුතු ස්ථානයන් ව්‍යතික්‍රමණය කරන චේතනා තොමෝ කාමෙසු මිච්ඡාචාර නම් වේ.

තත්‍ථ අගමනීයට‍්ඨානං නාම පුරිසානං තාව මාතුරක‍්ඛිතා, පිතුරක‍්ඛිතා, මාතාපිතුරක‍්ඛිතා, භාතුරක‍්ඛිතා, භගිනිරක‍්ඛිතා, ඤාතිරක‍්ඛිතා, ගොත‍්තරක‍්ඛිතා, ධම‍්මරක‍්ඛිතා, සාරක‍්ඛා, සපරිදණ‍්ඩාති මාතුරක‍්ඛිතාදයො දස ; ධනක‍්කීතා, ඡන්‍දවාසිනී, භොගවාසිනී, පටවාසිනී, ඔදපත‍්තකිනී, ඔභටචුම‍්බටා, දාසී ච භරියා ච, කම‍්මකාරී ච භරියා ච, ධජාහතා, මුහුත‍්තිකාති එතා ච ධනක‍්කීතාදයො දසාති වීසති ඉත්‍ථියො. ඉත්‍ථීසු පන ද‍්වින‍්නං සාරක‍්ඛාසපරිදණ‍්ඩානං, දසන‍්නඤ‍්ච ධනක‍්කීතාදීනන‍්ති ද‍්වාදසන‍්නං ඉත්‍ථීනං අඤ‍්ඤෙ පුරිසා, ඉදං අගමනීයට‍්ඨානං නාම. සො පනෙස මිච‍්ඡාචාරො සීලාදිගුණරහිතෙ අගමනීයට‍්ඨානෙ අප‍්පසාවජ‍්ජො, සීලාදිගුණසම‍්පන‍්නෙ මහාසාවජ‍්ජො. තස‍්ස චත‍්තාරො සම‍්භාරා අගමනීයවත්‍ථු, තස‍්මිං සෙවනචිත‍්තං, සෙවනපයොගො, මග‍්ගෙනමග‍්ගප‍්පටිපත‍්තිඅධිවාසනන‍්ති. එකො පයොගො සාහත්‍ථිකො එව.

එහි පුරුණයන්ට නොයායුතු ස්ථාන නම්, පළමුකොට ‘මව විසින් රක්නා ලද්දීය.’ ‘පියා විසින් රක්නා ලද්දීය.’ ‘මව්පිය දෙදෙනා විසින් රක්නා ලද්දීය.’ ‘බෑයා විසින් රක්නා ලද්දීය.’ ‘බූනණිය විසින් රක්නා ලද්දීය.’ ‘නෑයන් විසින් රත්නා ලද්දීය.’ ‘ගෝත්‍රයෙහි වූවන් විසින් රක්නා ලද්දිය.’ ‘සහදැමියන් විසින් රක්නා ලද්දීය.’ ආරක්‍ෂා සහිත වූවායැ. දණ්ඩ නිග්‍රහි සහිත වූවායැ යන මේ මාතු රක්ඛිත පටවාසිනී ඔදපත්තකිනී ඕහතචුම්බටා, දාසීව භරියා, කම්මකාරීච භරියා, ධාජාහටා මුහුත්තිකා ආදි දසදෙන යයි විසි ස්ත්‍රීහු ද, ස්ත්‍රීන් අතුරෙහි වනාහි, සාරක්ඛ සපරිදණ්ඩ දෙදෙනාට ද ධනක්කීතාදි දසදෙනාට ද යන දොලොස් ස්ත්‍රීන්ට සෙසු පුරුෂයෝ ද අගමනීයස්ථාන නම් වේ. හේ මේ මිථ්‍යාචාරය ශීලාදීගුණ රහිත වූ අගමනීයස්ථානයෙහි අල්ප සාවද්‍යයැ. ඒ කාම මිථ්‍යාචාරයට අංග සතරක් වෙති. නො එළඹිය යුතු වස්තුවෙක. එහි සේවනය කිරීමේ සිතය. සේවනය පිණිස ප්‍රයෝගය. මාර්ගයෙන් මාර්ගය ප්‍රතිපාදනය ඉවසීම කියාය. එක් ප්‍රයෝගයකි. සාහත්‍ථික මැයි.

වචීකම්ම

මුසාති විසංවාදනපුරෙක‍්ඛාරස‍්ස අත්‍ථභඤ‍්ජකො වචීපයොගො කායපයොගො වා. විසංවාදනාධිප‍්පායෙන පනස‍්ස පරවිසංවාදනකකායවචීපයොගසමුට‍්ඨාපිකා චෙතනා මුසාවාදො. අපරො නයො මුසාති අභූතං අතච‍්ඡං වත්‍ථු. වාදොති තස‍්ස භූතතො තච‍්ඡතො විඤ‍්ඤාපනං. ලක‍්ඛණතො පන අතථං වත්‍ථුං තථතො පරං විඤ‍්ඤාපෙතුකාමස‍්ස තථාවිඤ‍්ඤත‍්තිසමුට‍්ඨාපිකා චෙතනා මුසාවාදො. සො යමත්‍ථං භඤ‍්ජති, තස‍්ස අප‍්පතාය අප‍්පසාවජ‍්ජො, මහන‍්තතාය මහාසාවජ‍්ජො. අපිච ගහට‍්ඨානං අත‍්තනො සන‍්තකං අදාතුකාමතාය නත්‍ථීතිආදිනයප‍්පවත‍්තො අප‍්පසාවජ‍්ජො, සක‍්ඛිනා හුත්‍වා අත්‍ථභඤ‍්ජනත්‍ථං වුත‍්තො මහාසාවජ‍්ජො. පබ‍්බජිතානං අප‍්පකම‍්පි තෙලං වා සප‍්පිං වා ලභිත්‍වා හසාධිප‍්පායෙන “අජ‍්ජ ගාමෙ තෙලං නදීමඤ‍්ඤෙ සන්‍දතී”ති පුරාණකථානයෙන පවත‍්තො අප‍්පසාවජ‍්ජො, අදිට‍්ඨංයෙව පන දිට‍්ඨන‍්තිආදිනා නයෙන වදන‍්තානං මහාසාවජ‍්ජො. තස‍්ස චත‍්තාරො සම‍්භාරා හොන‍්ති අතථං වත්‍ථු, විසංවාදනචිත‍්තං, තජ‍්ජො වායාමො, පරස‍්ස තදත්‍ථවිජානනන‍්ති. එකො පයොගො සාහත්‍ථිකොව. සො කායෙන වා කායප‍්පටිබද‍්ධෙන වා වාචාය වා විසංවාදකකිරියාකරණෙ දට‍්ඨබ‍්බො. තාය චෙ කිරියාය පරො තමත්‍ථං ජානාති, අයං කිරියාසමුට‍්ඨාපිකචෙතනාක‍්ඛණෙයෙව මුසාවාදකම‍්මුනා බජ‍්ඣති.

මුසා යනු විසංවාද (=අසත්‍ය වූවක් සත්‍ය ලෙස කීම) පෙරටුකොට ද ඇත්තහුගේ අර්ථ නසන්නා වූ වාග් ප්‍රයෝගය හෝ කායප්‍රයෝගය හෝයි. ඔහු විසින් බොරුවක් කියන අදහසින් මෙරමා රවටන කාය වාක් ප්‍රයෝගයෙන් උපදවන ලද චේතනා තොමෝ මුසාවාද නම් වේ. අනිත් ක්‍රමයක් කියනු ලැබේ. මුසා යනු අභූත වූ අතථ්‍ය වූ වස්තුවය. වාදො යනු ඒ වස්තුව භූත වශයෙන් තථ්‍ය වශයෙන් දැක්වීමයැ. ලක්‍ෂණ වශයෙන් වනාහි, අතථ්‍ය වූ වස්තුව තථ්‍ය වශයෙන් අන්‍යා හට දක්වනු කැමැත්තහුගේ එබඳු වූ විඥප්තියෙන් උපදවන ලද චේතනා තොමෝ මුසාවාද නම් වේ. ඒ මුසාවාදය තෙම යම් අර්ථයක් නසා ද, ඒ අර්ථයාගේ අල්ප භාවයෙන් අල්පසාවද්‍යයැ. මහද්භාවයෙන් මහාසාවද්‍යයැ. තවද ගෘහස්තයාට තමා සතු වස්තුවක් නොදෙනු කැමැති බැවින් නැත යනාදි ක්‍රමයෙන් පැවැති මුසාවාදය අල්පසාවද්‍ය වේ. සාක්‍ෂි වශයෙන් සිට අර්ථ නසන පිණිස කියන ලද්දේ මහාසාවද්‍ය වේ. පැවිද්දන්ට මදවූත් තෙලක් හෝ ගිතෙලක් හෝ සිනාසෙන අදහසින් අද ගමෙහි තෙල් ගඟක් මෙන් ගලා යයි. පුරාණ කථා නයින් පැවැත්තේ අල්පසාවද්‍ය වේ. නොදක්නා ලද්දක්ම දක්නා ලද්දේය යනාදි නයින් කියන්නවුන්ට මහාසාවද්‍ය වෙයි. ඒ මුසාවාදයාගේ අංග සතරක් වෙති. අභූත වූ වස්තුවක් වීම, බොරුවෙන් රවටා කියන සිත, ඒ පිණිස වූ උත්සාහය, අන්‍යයාට එම වචනාර්ථය අවබෝධ වීම යනුයි. එක් ප්‍රයෝගයකි. සාහත්‍ථික මැයි. එම ප්‍රයෝගය කයින් හෝ කය පිළිබඳ වුවකින් හෝ වචනයෙන් හෝ පරහට සත්‍ය සඟවමින් ක්‍රියා කිරීමෙහි දතයුතුයැ. ඉදින් එම ක්‍රියාවෙන් මෙරමා තදර්ථය දැන ගනී ද, මේ පුද්ගල තෙම ක්‍රියා උපදවන චේතනා ක්‍ෂණයෙහිම මුසාවාද කර්මයෙන් බැඳේ.

පිසුනා වාචා

පිසුණා වාචාතිආදීසු යාය වාචාය යස‍්ස තං වාචං භාසති, තස‍්ස හදයෙ අත‍්තනො පියභාවං පරස‍්ස ච සුඤ‍්ඤභාවං කරොති, සා පිසුණා වාචා.

පිසුනා වාචා යනාදි තන්හි යම් වචනයකින් යමෙකුට එම වචනය කියයිද, ඔහුගේ හෘදයෙහි තමාගේ ද මෙරමාගේ ද ප්‍රියභාවය සුන්කෙරේද ඒ වචනය පිසුණා වාචා නම් වන්නීය.

යාය පන අත‍්තානම‍්පි පරම‍්පි ඵරුසම‍්පි කරොති, සා වාචා සයම‍්පි ඵරුසා නෙව කණ‍්ණසුඛා න හදයසුඛා වා, අයං ඵරුසා වාචා.

යම් වචනයකින් තමා ද මෙරමා ද එරුස භාවයට පත්කෙරේද, යම් වචනයක තොමෝත් පරුෂ වූවා කණට සුව නොවූ සිතට සුව නොවූ මෝ තොමෝ ඵරුසාවාචා නම් වන්නීය.

යෙන සම‍්ඵං පලපති නිරත්‍ථකං, සො සම‍්ඵප‍්පලාපො. තෙසං මූලභූතා චෙතනාපි පිසුණාවාචාදිනාමමෙව ලභති, සා එව ච ඉධ අධිප‍්පෙතාති. තත්‍ථ සංකිලිට‍්ඨචිත‍්තස‍්ස පරෙසං වා භෙදාය අත‍්තනො පියකම්‍යතාය වා කායවචීපයොගසමුට‍්ඨාපිකා චෙතනා පිසුණා වාචා. සා යස‍්ස භෙදං කරොති, තස‍්ස අප‍්පගුණතාය අප‍්පසාවජ‍්ජා, මහාගුණතාය මහාසාවජ‍්ජා. තස‍්සා චත‍්තාරො සම‍්භාරා භින්‍දිතබ‍්බො පරො, “ඉති ඉමෙ නානා භවිස‍්සන‍්ති විනා භවිස‍්සන‍්තී”ති භෙදපුරෙක‍්ඛාරතා වා, “අහං පියො භවිස‍්සාමි විස‍්සාසිකො”ති පියකම්‍යතා වා, තජ‍්ජො වායාමො, තස‍්ස තදත්‍ථවිජානනන‍්ති.

යම් වචනයකින් (සමපං) නිරර්ථක තෙපුල් බෙණේද, හේ සම්පප්ඵලාප නම් වේ. ඔවුන් මුල් වූ චේතනාවද පිසුනාවාචා ආදි නමම ලබයි. ඕ චේතනා තොමෝ ම මෙහි අදහස් කෙරේ. ඔවුනතුරෙහි කිලිටි සිත් ඇත්තහුගේ අනුන් බිඳීම පිණිස හෝ තමාට ප්‍රිය කැමැති බැවින් හෝ කාය වාක් ප්‍රයෝගයෙන් උපදවන ලද චේතනා තොමෝ පිසුනාවාචා නම් වන්නීය. ඕ වාක් තොමෝ යමෙකුගේ භේදය කෙරේද ඔහුගේ අල්ප ගුණත්වයෙන් අල්පසාවද්‍ය වේ. මහා ගුණත්වයෙන් මහාසාවද්‍ය වේ. ඒ පිසුණාවාචාවට අංග හතරක් වෙති. බිඳිය යුතු අන්‍යයෙක්, මෙසේ මොහු විවිධ වන්නාහුය. වෙන් වන්නාහු යයි භේදය පෙරටුකොට ඇති බව හෝ මම ප්‍රිය වූවෙක් වන්නෙමි. විශ්වාස වූවෙක් වන්නෙමි යයි ප්‍රිය කැමැති බව, ඒ පිණිස වූ ව්‍යායාමය ඔහු විසින් එම අර්ථය දැනගැනීම යන මොහුයැ.

පරස‍්ස මම‍්මච‍්ඡෙදකකායවචීපයොගසමුට‍්ඨාපිකා එකන‍්තඵරුසා චෙතනා ඵරුසා වාචා. තස‍්ස ආවිභාවත්‍ථමිදං වත්‍ථු –

අන්‍යයාගේ මර්ම සිඳින්නා වූ කාය වාග් ප්‍රයෝගයෙන් උපදවන ලද ඒකාන්තයෙන්ම පරුෂ වූ චේතනා තොමෝ ඵරුසාවාචා නම් වන්නීය. ඒ පරුෂ වචනය දැක්වීම පිණිස මේ වස්තුව වේ.

ගම්දරුවෙකුගේ වස්තුව

එකො කිර දාරකො මාතුවචනං අනාදියිත්‍වා අරඤ‍්ඤං ගච‍්ඡති, තං මාතා නිවත‍්තෙතුං අසක‍්කොන‍්තී “චණ‍්ඩා තං මහිංසී අනුබන්‍ධතූ”ති අක‍්කොසි. අථස‍්ස තත්‍ථෙව අරඤ‍්ඤෙ මහිංසී උට‍්ඨාසි. දාරකො “යං මම මාතා මුඛෙන කථෙසි තං මා හොතු, යං චිත‍්තෙන චින‍්තෙසි තං හොතූ”ති සච‍්චකිරියමකාසි. මහිංසී තත්‍ථෙව බද‍්ධා විය අට‍්ඨාසි. එවං මම‍්මච‍්ඡෙදකොපි පයොගො චිත‍්තසණ‍්හතාය ඵරුසා වාචා න හොති. මාතාපිතරො හි කදාචි පුත‍්තකෙ එවම‍්පි වදන‍්ති “චොරා වො ඛණ‍්ඩාඛණ‍්ඩිකං කරොන‍්තූ”ති, උප‍්පලපත‍්තම‍්පි ච නෙසං උපරි පතන‍්තං න ඉච‍්ඡන‍්ති. ආචරියුපජ‍්ඣායා ච කදාචි නිස‍්සිතකෙ එවං වදන‍්ති “කිං ඉමෙ අහිරිකා අනොත‍්තප‍්පිනො චරන‍්ති නිද‍්ධමථ නෙ”ති. අථ ඛො නෙසං ආගමාධිගමසම‍්පත‍්තිං ඉච‍්ඡන‍්ති. යථා ච චිත‍්තසණ‍්හතාය ඵරුසා වාචා න හොති, එවං වචනසණ‍්හතාය අඵරුසා වාචාපි න හොති. න හි මාරාපෙතුකාමස‍්ස “ඉමං සුඛං සයාපෙථා”ති වචනං අඵරුසා වාචා හොති. චිත‍්තඵරුසතාය පනෙසා ඵරුසා වාචාව.

එක් ගම්දරුවෙක් මවගේ වචනය නොසලකා වනයට යේ, මව එය නැවැත්වීම නොහැකි වන්නී නපුරු මීදෙනක් තා ලුහුබඳීවායි ආක්‍රෝෂ කළාය. ඉක්බිති ඔහුට වනයේ මී දෙනක් එළඹ සිටියාය. දරුවා එය දැක, මගේ මව්තොමෝ මුවින් යමක් කීවද එය නොවේවා. යමක් සිතින් සිතීනම් එය ම වේවායි සත්‍යක්‍රියා කළේය. මී දෙන තොමෝ එහිම බඳින ලද්දියක මෙන් සිටියාය. මෙසේ මර්මච්ඡෙදක වූ ප්‍රයෝග පවා චිත්තයාගේ මෘදුභාවය නිසා පරුෂ වචන නොවන්නීය. සැබව, මව්පිය දෙදෙනා කිසිවිටෙක දරුවන්ට සොරු තොපව කඩ කඩ කෙරෙත්වායි මෙසේ කියති. එතකුදු වුවත් උප්‍රලපතකුදු ඔවුන් මත වැටෙන්නේ නොකමැති වෙත්. ආචාර්ය උපාධ්‍යායවරු ද, කිසිවිටෙක ඇසුරු කළවුන්ට මෙසේ කියති. ‘මේ හිරි ඔතප් නැත්තාහු කුමටද, ඔවුන් බැහැර කරවු යයි කියති. එතකුදු වුවත් ඔවුන්ගේ ආගම අධිගම සම්පත්තිය කැමති වෙති. තවද චිත්තයාගේ මෘදු බැවින් යම්සේ පරුෂ වචන නොවේද, එසේ වචනයාගේ සිලිටු බැවින් පරුෂ වචන ද නොවෙයි. ඒ සැබව, මරවනු කැමැත්තහුගේ ‘මොහු සුවසේ සයනය කරවවු, යන වචනය අපරුෂ වචනයක්ම නොවෙයි. පරුෂ වචනයක්ම වෙයි. චිත්තයාගේ පරුෂ බැවින්ම මෝ තොමෝ පරුෂ වචනයක්මය.

සා යං සන්‍ධාය පවත‍්තිතා, තස‍්ස අප‍්පගුණතාය අප‍්පසාවජ‍්ජා, මහාගුණතාය මහාසාවජ‍්ජා. තස‍්සා තයො සම‍්භාරා අක‍්කොසිතබ‍්බො පරො, කුපිතචිත‍්තං, අක‍්කොසනාති.

මේ පරුෂ වචනය යමෙකු සඳහා පැවැත්වීද ඔහුගේ අල්ප ගුණත්වයෙන් අල්පසාවද්‍ය වේ. මහා ගුණත්වයකින් මහාසාවද්‍ය වෙයි. ඒ පරුෂ වචනයට අංග තුනක් වෙති. ආක්‍රෝෂ කළයුතු අන් කෙනෙකු වීම, කිපුණු සිත, ආක්‍රෝශ කිරීම යන මොහුයි.

අනත්‍ථවිඤ‍්ඤාපකකායවචීපයොගසමුට‍්ඨාපිකා අකුසලචෙතනා සම‍්ඵප‍්පලාපො. සො ආසෙවනමන්‍දතාය අප‍්පසාවජ‍්ජො, ආසෙවනමහන‍්තතාය මහාසාවජ‍්ජො. තස‍්ස ද‍්වෙ සම‍්භාරා භාරතයුද‍්ධසීතාහරණාදිනිරත්‍ථකකථාපුරෙක‍්ඛාරතා, තථාරූපීකථාකථනන‍්ති.

අනර්ථය දනවන්නා වූ කාය වාග් ප්‍රයෝගයෙන් උපදවන ලද අකුසල චේතනාව සම්ඵප්පලාප නමි. එය සේවනය මද බැවින් අල්ප සාවද්‍ය වෙයි. සේවන මහන්තත්වයෙන් මහාසාවද්‍ය වේ. ඊට අංග දෙකක් වෙති. භාරත යුද්ධ, සීතාහරණ ආදි නිරර්ථක කථාවක් පෙරටුකොට වීම එබඳු කථාකරන බවද යන මෙයයි.

මනො කම්ම

අභිජ‍්ඣායතීති අභිජ‍්ඣා, පරභණ‍්ඩාභිමුඛී හුත්‍වා තන‍්නින‍්නතාය පවත‍්තතීති අත්‍ථො. සා “අහො වත ඉදං මමස‍්සා”ති එවං පරභණ‍්ඩාභිජ‍්ඣායනලක‍්ඛණා. අදින‍්නාදානං විය අප‍්පසාවජ‍්ජා ච මහාසාවජ‍්ජා ච. තස‍්සා ද‍්වෙ සම‍්භාරා පරභණ‍්ඩං, අත‍්තනො පරිණාමනඤ‍්ච. පරභණ‍්ඩවත්‍ථුකෙ හි ලොභෙ උප‍්පන‍්නෙපි න තාව කම‍්මපථභෙදො හොති, යාව “අහො වතීදං මමස‍්සා”ති අත‍්තනො න පරිණාමෙති.

දැඩි ලෙස ආසා කෙරේනුයි අභිජ්ඣා නම් වන්නීය. පරභාණ්ඩයන්ට අභිමුඛව එහි නැමුනු සිත් ඇති බැවින් පවතී යන අර්ථයි. ඕ අභිජ්ඣා තොමෝ මෙය මට වන්නේ නම් ඉතා යෙහෙකැයි මෙසේ පර භාණ්ඩය අභිමුඛකොට සිතීම ලක්‍ෂණකොට ඇත්තීය. අදින්නා දානය මෙන් අල්පසාවද්‍ය ද, මහාසාවද්‍යද වෙයි. ඒ අභිධ්‍යාවට අංග දෙකක් වෙති. අනුන් අයත් භාණ්ඩයක් වීම තමනට පිරිනැමීමද යන මෙයයි. පරභණ්ඩ වස්තුක වූ ලෝභය උපන් කල්හිදු භාණ්ඩ මට වන්නේ නම් ඉතා යෙහෙකැයි යම්තාක් තමහට නොපිරිනමාද ඒ තාක් කර්මපථ භේදයක් නොවෙයි.

හිතසුඛං බ්‍යාපාදයතීති බ්‍යාපාදො. සො පරවිනාසාය මනොපදොසලක‍්ඛණො, ඵරුසා වාචා විය අප‍්පසාවජ‍්ජො මහාසාවජ‍්ජො ච. තස‍්ස ද‍්වෙ සම‍්භාරා පරසත‍්තො ච, තස‍්ස ච විනාසචින‍්තා. පරසත‍්තවත්‍ථුකෙ හි කොධෙ උප‍්පන‍්නෙපි න තාව කම‍්මපථභෙදො හොති, යාව “අහො වතායං උච‍්ඡිජ‍්ජෙය්‍ය විනස‍්සෙය්‍යා”ති තස‍්ස විනාසං න චින‍්තෙති.

හිතසුවය නසානුයි බ්‍යාපාද නම් වේ. ඒ බ්‍යාපාදය තෙම මෙරමා නැසීම පිණිස සිත දූෂ්‍ය වීම ලකුණුකොට ඇත්තේය. පරුෂ වචනය මෙන් අල්පසාවද්‍යද මහාසාවද්‍යද වේ. ඒ බ්‍යාපාදයට අංග දෙකකි. පර සත්ත්වයෙක් වීම, ඔහු විනාශ කිරිමට සිතීම යනුයි. පර සත්ත්වයෙකු වස්තුකොට ඇති ක්‍රෝධය උපන් කල්හිදු මෙතෙම සිදෙන්නේ නම් නැසෙන්නේ නම් ඉතා යෙහෙකැයි යම්තාක් ඔහුගේ විනාශය නොසිතාද ඒතාක් ‘කර්මපථ’ භේදය නොවෙයි.

යථාභුච‍්චගහණාභාවෙන මිච‍්ඡා පස‍්සතීති මිච‍්ඡාදිට‍්ඨි. සා “නත්‍ථි දින‍්න”න‍්තිආදිනා නයෙන විපරීතදස‍්සනලක‍්ඛණා. සම‍්ඵප‍්පලාපො විය අප‍්පසාවජ‍්ජා මහාසාවජ‍්ජා ච. අපිච අනියතා අප‍්පසාවජ‍්ජා, නියතා මහාසාවජ‍්ජා. තස‍්සා ද‍්වෙ සම‍්භාරා වත්‍ථුනො ච ගහිතාකාරවිපරීතතා, යථා ච තං ගණ‍්හාති, තථාභාවෙන තස‍්සුපට‍්ඨානන‍්ති.

තත්වූ පරිද්දෙන් ගැනීමක් නැති බැවින් වරදවා දකීනුයි ‘මිච්ඡාදිට්ඨි’ නම් වන්නීය. එය ‘නත්‍ථි දින්නං’ යනාදී නයින් විපරීත දැකීම ලකුණුකොට ඇත්තේය. සමප්පඵලාපය මෙන් අල්ප සාවද්‍යද, මහාසාවද්‍යද වෙයි. තවද අනියත වූවා අල්පසාවද්‍ය නම් වන්නීය. නියත වූ මහාසාවද්‍ය නම් වන්නීය. ඒ මිථ්‍යා දෘෂ්ටියට අංග දෙකකි. වස්තුව පිළිබඳ ගත් ආකාරයාගේ විපරීත බව යම්පරිද්දකින් එය ග්‍රහණය කෙරේනම් එපරිද්දෙන් එම වස්තූහුගේ වැටහීමද යන මොහුයි.

දශ අකුසල කර්මපථ විභාගය

ඉමෙසං පන දසන‍්නං අකුසලකම‍්මපථානං ධම‍්මතො කොට‍්ඨාසතො ආරම‍්මණතො වෙදනාතො මූලතොති පඤ‍්චහාකාරෙහි විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

මේ දශ අකුසල කර්මපථයන්ගේ, ධර්ම වශයෙන් ද කොටස් වශයෙන් ද, අරමුණු වශයෙන් ද, මූල වශයෙන්දැයි පස් අයුරකින් විනිශ්චය දතයුත්තේය.

තත්‍ථ ධම‍්මතොති එතෙසු හි පටිපාටියා සත‍්ත, චෙතනාධම‍්මාව හොන‍්ති, අභිජ‍්ඣාදයො තයො චෙතනාසම‍්පයුත‍්තා.

එම විනිශ්චයෙහි ධම්ම වශයෙන් යනු, මේ විස්තරයයි, මේ දශ අකුසලයන් අතුරෙහි පිළිවෙලින් සත්ත චේතනාවෝ ධර්මයෝම වෙති. අභිජ්ඣා ආදි තුන චේතනා සම්පයුත්ත ධර්මයෝය.

කොට‍්ඨාසතොති පටිපාටියා සත‍්ත, මිච‍්ඡාදිට‍්ඨි චාති ඉමෙ අට‍්ඨ කම‍්මපථා එව හොන‍්ති, නො මූලානි. අභිජ‍්ඣාබ්‍යාපාදා කම‍්මපථා චෙව මූලානි ච. අභිජ‍්ඣා හි මූලං පත්‍වා ලොභො අකුසලමූලං හොති. බ්‍යාපාදො දොසො අකුසලමූලං.

කොට්ඨාස වශයෙන් යනු, පිළිවෙලින් සතක්ද, මිථ්‍යාදෘෂ්ටියද යන අට කර්මපථයෝම වෙති. මූලයෝ නොවෙති. අභිජ්ඣො, ව්‍යාපාදයෝ කර්මපථයෝ ද, මූලයෝ ද වෙති. ඒ එසේමැයි. අභිජ්ඣා තොමෝ. අකුසලයන්ගේ මුල් බවට පැමිණ ලෝභ නම් වූ අකුසල මූලය වෙයි. ව්‍යාපාදය තෙම දෝස නම් වූ අකුසල මූලය වෙයි.

ආරම‍්මණතොති පාණාතිපාතො ජීවිතින්‍ද්‍රියාරම‍්මණතො සඞ‍්ඛාරාරම‍්මණො හොති. අදින‍්නාදානං සත‍්තාරම‍්මණං වා සඞ‍්ඛාරාරම‍්මණං වා. මිච‍්ඡාචාරො ඵොට‍්ඨබ‍්බවසෙන සඞ‍්ඛාරාරම‍්මණො. සත‍්තාරම‍්මණොතිපි එකෙ. මුසාවාදො සත‍්තාරම‍්මණො වා සඞ‍්ඛාරාරම‍්මණො වා. තථා පිසුණා වාචා. ඵරුසා වාචා සත‍්තාරම‍්මණාව. සම‍්ඵප‍්පලාපො දිට‍්ඨසුතමුතවිඤ‍්ඤාතවසෙන සත‍්තාරම‍්මණො වා සඞ‍්ඛාරාරම‍්මණො වා, තථා අභිජ‍්ඣා. බ්‍යාපාදො සත‍්තාරම‍්මණොව. මිච‍්ඡාදිට‍්ඨි තෙභූමකධම‍්මවසෙන සඞ‍්ඛාරාරම‍්මණා.

ආරම්මණ වශයෙන් යනු, ප්‍රාණඝාතය, ජීවිතීන්‍ද්‍රිය, ආරම්මණ වශයෙන් සංඛාර ආරම්මණ වෙයි. අදත්තාදානය, සත්තාරම්මණ හෝ සංඛාර ආරම්මණ වෙයි. සත්තාරම්මණය යයිද ඇතැම් ආචාර්ය කෙනෙක් කියති. මිථ්‍යාචාරය ස්පර්ශය ආරම්මණ වශයෙන් සංඛාර ආරම්මණ වේ. සත්තාරම්මණ යයිද ඇතැම් ආචාර්ය කෙනෙක් කියත්. මුසාවාදය, සත්තාරම්මණ හෝ සංඛාර ආරම්මණ වෙයි. එසේම පිසුණාවාච ඵරුසාවාච සත්තාරම්මණ වෙයි. සම්පප්ඵලාපය, දිටඨං-සුත-මුත-විඤ්ඤාත වශයෙන් සත්තාරම්මණ හෝ සංඛාරම්මණ හෝ වෙයි. එසේම අභිධ්‍යාව හා ව්‍යාපාදය සත්තාරම්මණ වෙයි. මිච්ඡා දිට්ඨිය, තේභූමක ධර්ම වශයෙන් සංඛාර ආරම්මණ වේ.

වෙදනාතොති පාණාතිපාතො දුක‍්ඛවෙදනො හොති. කිඤ‍්චාපි හි රාජානො චොරං දිස‍්වා හසමානාපි “ගච‍්ඡථ නං ඝාතෙථා”ති වදන‍්ති, සන‍්නිට‍්ඨාපකචෙතනා පන නෙසං දුක‍්ඛසම‍්පයුත‍්තාව හොති. අදින‍්නාදානං තිවෙදනං. මිච‍්ඡාචාරො සුඛමජ‍්ඣත‍්තවසෙන ද‍්විවෙදනො, සන‍්නිට‍්ඨාපකචිත‍්තෙ පන මජ‍්ඣත‍්තවෙදනො න හොති. මුසාවාදො තිවෙදනො, තථා පිසුණා වාචා. ඵරුසා වාචා දුක‍්ඛවෙදනාව. සම‍්ඵප‍්පලාපො තිවෙදනො. අභිජ‍්ඣා සුඛමජ‍්ඣත‍්තවසෙන ද‍්විවෙදනා, තථා මිච‍්ඡාදිට‍්ඨි. බ්‍යාපාදො දුක‍්ඛවෙදනො.

වේදනා වශයෙන්, ප්‍රාණඝාතය තෙම දුක්ඛ වේදනා වෙයි. එය එසේමැයි. කිසිසේත් රජවරු සොරෙකු දැක සිනහ සෙමිනුදු යවු ඔහු නසවු යයි කියත්ද, එතකුදු වුවත් ඔවුන්ගේ නිශ්චයාත්මක චේතනාව දුක්ඛ සම්පයුත්ත වූවාම වෙයි. අදත්තාදානය ත්‍රිවේදනායැ. මිථ්‍යාචාරය සුඛාපේක්‍ෂා වශයෙන් වේදනායැ. (සන්නිට්ඨාපක) නිශ්චයාත්මක චේතනාව උපේක්‍ෂා වේදනාව වෙයි. මුසාවාදය, ත්‍රිවේදනාව වෙයි. පිසුනාවාචාද එබඳුයැ. ඵරුසාවාචා, දුක්ඛ වේදනාව වෙයි. සම්පප්ඵලාපය ත්‍රිවේදනා වෙයි. අභිජ්ඣාව, සුඛ මජ්ඣත්ත වශයෙන් ද්විවෙදනා වෙයි. මිච්ඡා දිට්ඨියද එබඳුය. බ්‍යාපාදය - දුක්ඛවේදනා වෙයි.

මූලතොති පාණාතිපාතො දොසමොහවසෙන ද‍්විමූලකො හොති. අදින‍්නාදානං දොසමොහවසෙන වා ලොභමොහවසෙන වා. මිච‍්ඡාචාරො ලොභමොහවසෙන. මුසාවාදො දොසමොහවසෙන වා ලොභමොහවසෙන වා, තථා පිසුණා වාචා සම‍්ඵප‍්පලාපො ච. ඵරුසා වාචා දොසමොහවසෙන. අභිජ‍්ඣා මොහවසෙන එකමූලා, තථා බ්‍යාපාදො. මිච‍්ඡාදිට‍්ඨි ලොභමොහවසෙන ද‍්විමූලාති.

මූලතො මූල වශයෙන් ප්‍රාණඝාතය දෝස-මෝහ වශයෙන් ද්විමූලක වේ. අදින්නාදානය දෝස-මෝහ වශයෙන් හෝ ලෝභ-මෝහ වශයෙන් හෝ ද්විමූලක වෙයි. මිථ්‍යාචාරය ලෝභ-මෝහ වශයෙන් විමූලකයැ. මුසාවාදය දෝස-මෝහ වශයෙන් හෝ ලෝභ-මෝහ වශයෙන් හෝ ද්විමූලකයැ. පිසුණාවාචාවත් සම්පප්ඵලාපයත් එසේය. පරුෂ වචනය ද්වේෂ මෝහ වශයෙන් ද්විමූලකයැ. අභිජ්ඣාව මෝහ වශයෙන් එක් මුලක් ඇත්තී වෙයි. ව්‍යාපාදයත් එසේය. මිථ්‍යාදෘෂ්ටිය - ලෝභ - මෝහ දෙමුලක් ඇත්තී යයි (දතයුතුයැ).

ලොභො අකුසලමූලන‍්තිආදීසු ලුබ‍්භතීති ලොභො. දුස‍්සතීති දොසො. මුය‍්හතීති මොහො. තෙසු ලොභො සයඤ‍්ච අකුසලො සාවජ‍්ජදුක‍්ඛවිපාකට‍්ඨෙන, ඉමෙසඤ‍්ච පාණාතිපාතාදීනං අකුසලානං කෙසඤ‍්චි සම‍්පයුත‍්තප‍්පභාවකට‍්ඨෙන කෙසඤ‍්චි උපනිස‍්සයපච‍්චයට‍්ඨෙන මූලන‍්ති අකුසලමූලං. වුත‍්තම‍්පි චෙතං “රත‍්තො ඛො ආවුසො රාගෙන අභිභූතො පරියාදින‍්නචිත‍්තො පාණම‍්පි හනතී”තිආදි. දොසමොහානං අකුසලමූලභාවෙපි එසෙව නයො.

ලොහො අකුසල මූලං යනාදියෙහි ලෝභ කෙරේනුයි ලෝභ නම් වේ. නොසතුටු වේනුයි දෝස නම් වෙයි. මුලා වේනුයි මෝහ නම් වේ. ඔවුන් අතුරෙහි ලෝභය සාවද්‍ය දුක්ඛ විපාක අර්ථයෙන් තෙමේත් අකුසල වෙයි. මේ පාණාතිපාත අකුසලයන් අතුරෙන් කිසිවෙකුට කිසිවෙකුම සම්පයුත්ත ප්‍රභාව අර්ථයෙන්ද කිසිවෙකුට උපනිස්සය ප්‍රත්‍යාර්ථයෙන් ද මුල් වූයේනුයි අකුසල මූල නම් වේ. මෙසේත් කියන ලදී. රත්තො ඛො ආවුසො රාගෙන, අභිභූතො පරියාදිණ්ණ චිත්තො පාණම්පි හනති යනාදියයි. දෝස මෝහයන්ගේ අකුසල මූල භාවයෙහි ද මේ නයයි.

අකුසලකම‍්මපථවණ‍්ණනා නිට‍්ඨිතා.