ආහාරවාරවණ්ණනා අට්ඨකථා
ආහාරවාරවණ්ණනා
2. ආහාර වාරය
සාධාවුසොති ඛො…පෙ… ආගතො ඉමං සද්ධම්මන්ති එවං ආයස්මතො සාරිපුත්තස්ස කුසලාකුසලමුඛෙන චතුසච්චදෙසනං සුත්වා තං ආයස්මතො සාරිපුත්තස්ස භාසිතං “සාධාවුසො”ති ඉමිනා වචනෙන තෙ භික්ඛූ අභිනන්දිත්වා ඉමස්සෙව වචනස්ස සමුට්ඨාපකෙන චිත්තෙන අනුමොදිත්වා වචසා සම්පටිච්ඡිත්වා චෙතසා සම්පියායිත්වාති වුත්තං හොති. ඉදානි යස්මා ථෙරො නානප්පකාරෙන චතුසච්චදෙසනං දෙසෙතුං පටිබලො, යථාහ “සාරිපුත්තො, භික්ඛවෙ, පහොති චත්තාරි අරියසච්චානි විත්ථාරෙන ආචික්ඛිතුං දෙසෙතු”න්ති යස්මා වා උත්තරිම්පි දෙසෙතුකාමොව හුත්වා “එත්තාවතාපි ඛො”ති අවච, තස්මා අපරෙනපි නයෙන සච්චදෙසනං සොතුකාමා තෙ භික්ඛූ ආයස්මන්තං සාරිපුත්තං උත්තරිං පඤ්හං අපුච්ඡිංසු. තෙන සයමෙව පුච්ඡිත්වා විස්සජ්ජිතපඤ්හතො උත්තරිං සියා ඛො පනාවුසො, අඤ්ඤොපි පරියායො භවෙය්ය අඤ්ඤම්පි කාරණන්ති ඉමිනා නයෙන අඤ්ඤං අතිරෙකං පඤ්හං පුච්ඡිංසු, පුරිමපඤ්හස්ස වා උපරිභාගෙ පුච්ඡිංසූති වුත්තං හොති.
සාධාවුසො ති ඛො -පෙ- ආගතො ඉමං සද්ධමමං යනු මෙසේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ කුසලාකුසල මුඛයෙන් කළ චතුරාර්ය සත්‍ය දේශනාව අසා, ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ එම දෙසුම සාධාවුසො යන වචනයෙන් ඒ භික්ෂූහු අභිමුඛව පිළිගෙන මෙම වචනයාගේම හේතුවෙන් හටගත් සිතින් අනුමෝදන්ව වචනයෙන් පිළිගෙන, සිතින් ද ප්‍රියකොට යයි කියන ලද වෙයි. දැන් යම්හෙයකින් තෙරුන්වහන්සේ සිවුසස් දෙසුම් දෙසන්ට සමර්ථ වේද, වදාළේ මැනො. සාරිපුත්තො භික්ඛවෙ, පහොති චත්තාරි අරියසච්චානි විත්ථාරෙන ආචික්ඛිතුං දෙසෙතුං යනුවෙන්, නැතහොත් මත්තෙහිද දේශනා කරනු කැමතිව එත්තාව තාපි ඛො යයි වදාළාහුද, එහෙයින් වෙනත් ක්‍රමයකින් සත්‍ය දේශනාව අසනු කැමති වූ ඒ භික්ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන් මත්තෙහි ප්‍රශ්න විචාළාහුය. එහෙයින් තමන් වහන්සේම විචාර විසඳූ ප්රශ්නයන් මත්තෙහි සියා ඛො පනාවුසො අඤ්ඤොපි පරියායො අනෙකුදු කරුණක් වන්නේ දැයි මේ ක්‍රමයෙන් අන්‍ය වූ අතිරේක වූ ප්‍රශ්නයක් විචාළාහුය. නොහොත් පළමු ප්‍රශ්නයට මතු භාගයෙහි විචාළාහු යයි කියන ලද්දේ වෙයි.
අථ නෙසං බ්යාකරමානො ථෙරො සියා, ආවුසොතිආදිමාහ. තත්ථායං අනුත්තානපදවණ්ණනා, ආහාරන්ති පච්චයං. පච්චයො හි ආහරති අත්තනො ඵලං, තස්මා “ආහාරො”ති වුච්චති.
ඉක්බිති ඔවුන්ට ප්‍රකාශ කරන්නා වූ තෙරණුවෝ සියා ආවුසො ආදිය වදාළහ. එහි මෝ අනුත්තාන (අප්‍රකට) පද වර්ණනාවයි. ආහාරං, ප්‍රත්‍යය, යම්හෙයකින් ප්‍රත්‍ය තෙමේ තමාගේ ඵලය එලවාද එහෙයින් ‘ආහාර’ යයි කියනු ලැබේ.
භූතානං වා සත්තානන්තිආදීසු භූතාති සඤ්ජාතා, නිබ්බත්තා. සම්භවෙසීනන්ති යෙ සම්භවං ජාතිං නිබ්බත්තිං එසන්ති ගවෙසන්ති. තත්ථ චතූසු යොනීසු අණ්ඩජජලාබුජා සත්තා යාව අණ්ඩකොසං වත්ථිකොසඤ්ච න භින්දන්ති, තාව සම්භවෙසිනො නාම. අණ්ඩකොසං වත්ථිකොසඤ්ච භින්දිත්වා බහි නික්ඛන්තා භූතා නාම. සංසෙදජා ඔපපාතිකා ච පඨමචිත්තක්ඛණෙ සම්භවෙසිනො නාම. දුතියචිත්තක්ඛණතො පභුති භූතා නාම. යෙන යෙන වා ඉරියාපථෙන ජායන්ති, යාව තෙ තතො අඤ්ඤං න පාපුණන්ති, තාව සම්භවෙසිනො නාම. තතො පරං භූතා නාම.
භූතානං වා සත්තානං යනාදියෙහි භූතා යනු හටගත්තාහු උපන්නා වූ. සම්භවෙසීනං යමෙක් තුමූ සම්භවය ජාතිය නිෂ්පත්තිය සොයත් ද ගවේෂණය කෙරෙත් ද එහි සිව්යෝනින් අතුරෙහි අණ්ඩජ ජලාබුජ සත්ත්වයෝ අණ්ඩකෝෂය ද වස්ති කෝෂය ද යම්තාක් නොබිඳිත් ද ඒතාක් සම්භවෙසි නම් වෙති. අණ්ඩ කෝෂය ද වස්ති කෝෂය ද බිඳ පිටත නික්මුණාහු භූතයෝ නම් වෙති. සංසේදජයෝ ද ඕපාතිකයෝ ද පළමු චිත්තක්ෂණයෙහි සම්භවෙසි නම් වේ. දෙවන චිත්තක්ෂණයේ සිට භූත නම් වේ. යමෙක් හෝ යම් ඉරියව්වකින් උපදිත්ද යම්තාක් එම ඉරියව්වෙන් අන් ඉරියව්වකට නොපැමිණෙත් ද ඒ තාක් සම්භවෙසි නම් වෙති. එයින් මත්තෙහි භූත නම් වෙති.
අථ වා භූතාති ජාතා අභිනිබ්බත්තා, යෙ භූතායෙව න පුන භවිස්සන්තීති සඞ්ඛ්‍යං ගච්ඡන්ති, තෙසං ඛීණාසවානමෙතං අධිවචනං. සම්භවමෙසන්තීති සම්භවෙසිනො. අප්පහීනභවසංයොජනත්තා ආයතිම්පි සම්භවං එසන්තානං සෙක්ඛපුථුජ්ජනානමෙතං අධිවචනං. එවං සබ්බථාපි ඉමෙහි ද්වීහි පදෙහි සබ්බසත්තෙ පරියාදියති. වාසද්දො චෙත්ථ සම්පිණ්ඩනත්ථො, තස්මා භූතානඤ්ච සම්භවෙසීනඤ්චාති අයමත්ථො වෙදිතබ්බො.
නොහොත් භූතා යනු හටගත්තා වූ උපන්නා වූ යමෙක් තුමූ හටගත්තාහුම වෙත්ද, නැවත නොහට ගන්නාහු යන සංඛ්‍යාවට යෙත්ද, ඒ ක්ෂීණාශ්රවයන්ටද මේ නමකි. සම්භවය එෂණය කෙරෙත්නුයි සම්භවෙසි නම් වෙති. ප්‍රහීණ නොකළ කෙලෙස් ඇති බැවිනි. භව සංයෝජන ඇති බැවිනි. මත්තෙහි සම්භවය සොයන්නා වූ සෙඛ - පුථුජ්ජනයන්ට මේ නමකි. මෙසේ මේ දෙපදයෙන් සර්වප්‍රකාරයෙන්ම සියලු සත්ත්වයන් ඇතුළත්කොට ගනිති. මෙහි වා ශබ්දයද, සම්පිණ්ඩනාර්ථය එහෙයින් භූතයන්ගේ ද සම්භවෙසීන්ගේ දැයි මේ අර්ථ දතයුතු.
ඨිතියාති ඨිතත්ථං. අනුග්ගහායාති අනුග්ගහත්ථං උපකාරත්ථං. වචනභෙදො චෙස, අත්ථො පන ද්වින්නම්පි පදානං එකොයෙව. අථ වා ඨිතියාති තස්ස තස්ස සත්තස්ස උප්පන්නධම්මානං අනුප්පබන්ධවසෙන අවිච්ඡෙදාය. අනුග්ගහායාති අනුප්පන්නානං උප්පාදාය. උභොපි චෙතානි භූතානං ඨිතියා චෙව අනුග්ගහාය ච. සම්භවෙසීනං වා ඨිතියා චෙව අනුග්ගහාය චාති එවං උභයත්ථ දට්ඨබ්බානි.
ඨිතියා, ඨිතිය (නැවතී සිටීම පිණිස අනුග්ගහාය අනුග්‍රහය පිණිස උපකාරය පිණිස මෙහි වචන භේදයම වෙයි. අර්ථය වූ කලී දෙපදයාගේ එකක්මය. නැතහොත් ඨිතියා, ඒ ඒ සත්ත්වයා හට උපන් ධර්මයන් අනුව බැඳීම් වශයෙන් නොසිඳීම පිණිස, අනුග්ගහාය නූපන් ධර්මයන්ගේ ඉපදීම පිණිස මේ දෙකම භූතයන්ගේ පැවැත්ම හා අනුග්‍රහය පිණිස ද, සම්භවෙසීන්ගේ පැවැත්ම හා අනුග්‍රහය පිණිසදැයි මෙසේ දෙතැන්හි (අර්ථය) දතයුතුයැ.
කබළිංකාර ආහාරය
කබළීකාරො ආහාරොති කබළං කත්වා අජ්ඣොහරිතබ්බතො කබළීකාරො ආහාරො, ඔදනකුම්මාසාදිවත්ථුකාය ඔජායෙතං අධිවචනං. ඔළාරිකො වා සුඛුමො වාති වත්ථුඔළාරිකතාය ඔළාරිකො, වත්ථුසුඛුමතාය සුඛුමො. සභාවෙන පන සුඛුමරූපපරියාපන්නත්තා කබළීකාරො ආහාරො සුඛුමොව හොති. සාපි චස්ස වත්ථුතො ඔළාරිකතා සුඛුමතා ච උපාදායුපාදාය වෙදිතබ්බා.
කබළිංකාරො ආහාරො යනු කැබලිකොට ගිලිය යුතු ආහාරය. බත් කැවිලි ආදිය වස්තුකොට ඇති ඕජාවට මේ නමකි. ඔදාරිකො වා සුබුමො වා වස්තූන්ගේ ඕලාරික බැවින් ඕලාරික වූ වස්තූන්ගේ සියුම් බැවින් සියුම් වූ, එතකුදු වුවත් ස්වභාවයෙන්ම සියුම් රූපයට ඇතුළත් බැවින් කවලාකාර ආහාරය සියුම්ව වෙයි. එබැවින් ඕජා තොමෝ ද ඒ වස්තූන්ගේ ඕලාරික බවද සියුම් බවද පිළිවෙලින් ගෙන දතයුත්තීය.
කුම්භීලානඤ්හි ආහාරං උපාදාය මොරානං ආහාරො සුඛුමො. කුම්භීලා කිර පාසාණෙ ගිලන්ති. තෙ ච නෙසං කුච්ඡිප්පත්තාව විලීයන්ති. මොරා සප්පවිච්ඡිකාදිපාණෙ ඛාදන්ති. මොරානං පන ආහාරං උපාදාය තරච්ඡානං ආහාරො සුඛුමො. තෙ කිර තිවස්සඡඩ්ඩිතානි විසාණානි චෙව අට්ඨීනි ච ඛාදන්ති. තානි ච නෙසං ඛෙළෙන තෙමිතමත්තෙනෙව කන්දමූලං විය මුදුකානි හොන්ති. තරච්ඡානම්පි ආහාරං උපාදාය හත්ථීනං ආහාරො සුඛුමො. තෙපි නානාරුක්ඛසාඛායො ඛාදන්ති. හත්ථීනං ආහාරතො ගවයගොකණ්ණමිගාදීනං ආහාරො සුඛුමො. තෙ කිර නිස්සාරානි නානාරුක්ඛපණ්ණාදීනි ඛාදන්ති. තෙසම්පි ආහාරතො ගුන්නං ආහාරො සුඛුමො. තෙ අල්ලසුක්ඛතිණානි ඛාදන්ති. තෙසං ආහාරතො සසානං ආහාරො සුඛුමො. සසානං ආහාරතො සකුණානං ආහාරො සුඛුමො. සකුණානං ආහාරතො පච්චන්තවාසීනං ආහාරො සුඛුමො. පච්චන්තවාසීනං ආහාරතො ගාමභොජකානං ආහාරො සුඛුමො. ගාමභොජකානං ආහාරතො රාජරාජමහාමත්තානං ආහාරො සුඛුමො. තෙසම්පි ආහාරතො චක්කවත්තිනො ආහාරො සුඛුමො. චක්කවත්තිනො ආහාරතො භුම්මදෙවානං ආහාරො සුඛුමො. භුම්මදෙවානං ආහාරතො චාතුමහාරාජිකානං ආහාරො සුඛුමො. එවං යාව පරනිම්මිතවසවත්තීනං ආහාරො විත්ථාරෙතබ්බො, තෙසං ආහාරො සුඛුමොත්වෙව නිට්ඨං පත්තො.
ඒ එසේමැයි. කිඹුලන්ගේ ආහාරයට සමාන කරන විට මොනරුන්ගේ ආහාරය සියුම් වේ. කිඹුල්ලු වනාහි ගල් ගිලිති. ඒවා ඔවුන්ගේ කුසට පැමිණියේ දියවී යයි. මොනරු සර්ප ගෝනුසු ආදී ප්‍රාණින් කත්. මොනරුන්ගේ ආහාරය හා සමාන කරනවිට වලසුන්ගේ ආහාරය සියුම් වේ. ඔවුහු හැරදමන ලද තුන් අවුරුදු වූ ද හැරදමන ලද අං හා ඇට කත්, ඔවුන්ගේ කෙලවලින් තෙමුණු ඇසිල්ලෙහි අල මුල් මෙන් මෘදුවෙත්. වලසුන්ගේ ආහාරය හා සමාන කරනවිට ඇතුන්ගේ ආහාරය සියුම් වේ. ඔවුහු වනාහි නොයෙක් රුක් අතු කති. ඇතුන්ගේ ආහාරය හා සමාන කරනවිට ගවර, ගෝණ, මුව ආදීන්ගේ ආහාරය සියුම් වේ. ඔවුහු නිසරු වූ නොයෙක් ගස්වල කොල ආදිය කති. ඔවුන්ගේ ආහාරයට වඩා ගවයන්ගේ ආහාරය සියුම් වේ. ඒ ගවයෝ අමු වූද, වියලුණා වූද තණ කති. ඔවුන්ගේ ආහාරයට වඩා සාවුන්ගේ ආහාරය සියුම් වේ. සාවුන්ගේ ආහාරයට වඩා පක්ෂීන්ගේ ආහාරය සියුම් වෙයි. පක්ෂීන්ගේ ආහාරයට වඩා පසල්වැසියන්ගේ ආහාරය සියුම් වෙයි. පසල්වැසියන්ගේ ආහාරයට වඩා ගම්මුදලින්ගේ ආහාරය සියුම් වෙයි. ඔවුන්ගේ ආහාරයට වඩා රජමහ ඇමතියන්ගේ ආහාරය සියුම් වේ. ඔවුන්ගේ ආහාරයට වඩා සක්විති රජුගේ ආහාරය සියුම් වෙයි. සක්විති රජුගේ ආහාරයට වඩා බූමාටු දෙවියන්ගේ ආහාරය සියුම් වේ. ඔවුන්ගේ ආහාරයට වඩා චාතුර්මහාරාජිකයන්ගේ ආහාරය සියුම් වේ. ඔවුන්ගේ ආහාරයට වඩා මෙසේ පරනිර්මිත වසවර්තීන්ගේ ආහාරය දක්වා විස්තර කටයුතුයැ. ඔවුන්ගේ ආහාරය වනාහි සියුම් යයි කියාම මෙය නිමාවට පැමිණියේ වෙයි.
එත්ථ ච ඔළාරිකෙ වත්ථුස්මිං ඔජා පරිත්තා හොති දුබ්බලා, සුඛුමෙ බලවතී. තථා හි එකපත්තපූරම්පි යාගුං පීවතො මුහුත්තෙනෙව ජිඝච්ඡිතො හොති, යංකඤ්චිදෙව ඛාදිතුකාමො. සප්පිං පන පසටමත්තං පිවිත්වා දිවසං අභොත්තුකාමො හොති. තත්ථ වත්ථු පරිස්සමං විනොදෙති, න පන සක්කොති පාලෙතුං. ඔජා පාලෙති, න සක්කොති පරිස්සමං විනොදෙතුං. ද්වෙ පන එකතො හුත්වා පරිස්සමඤ්චෙව විනොදෙන්ති පාලෙන්ති චාති.
මෙහි ද ඕලාරික වස්තුවෙහි ඕජාව මද වෙයි. දුර්වල වෙයි. සියුම් වස්තුවෙහි බලවත් වෙයි. ඒ සැබව. පාත්‍රයක් පුරා කැඳ පානය කළේ නමුදු මොහොතකින් බඩසා ඇත්තේ වෙයි. යම් කිසිවක්ම කනු කැමැත්තේ වෙයි. ගිතෙල් වූ කලී පතක් පමණ බී දවසක් නොවළඳනු කැමැත්තේ වෙයි. ඔවුන් අතුරෙහි වස්තුව පරිශ්රමය දුරු කෙරෙයි. පාලනය කරන්ට නොහැකි වෙයි. ඕ තොමෝ පාලනය කෙරෙයි. විඩාව දුරුකරන්ට නොහැකි වෙයි. දෙදෙනම එක්ව විඩාවද දුරුකෙරෙන පාලනයද කෙරෙත්.
ඵස්සො දුතියොති චක්ඛුසම්ඵස්සාදි ඡබ්බිධොපි ඵස්සො. එතෙසු චතූසු ආහාරෙසු දුතියො ආහාරොති වෙදිතබ්බො. දෙසනානයො එව චෙස. තස්මා ඉමිනා නාම කාරණෙන දුතියො වා තතියො වාති ඉදමෙත්ථ න ගවෙසිතබ්බං.
ඵස්සො දුතියො, චක්ඛු සම්ඵස්ස ආදී වශයෙන් ඵස්සයෝ සවැදෑරුම් වෙති. ඵස්සය සතර ආහාරයන් අතුරෙහි දෙවන ආහාරය යයි දතයුතුය. මේ දේශනා ක්‍රමයමැයි. එහෙයින් මේ කරුණින් දෙවනයයි තුන්වන යයි මෙය මෙහිදී නොසෙවිය යුතුයැ.
මනොසඤ්චෙතනාති චෙතනා එව වුච්චති. විඤ්ඤාණන්ති යංකිඤ්චි චිත්තං.
මනො සංචෙතනා යනුවෙන් චේතනාවම කියනු ලැබේ. විඤ්ඤාණං යනුවෙන් යම්කිසි සිතක් කියනු ලැබේ.
එත්ථාහ, යදි පච්චයට්ඨො ආහාරට්ඨො, අථ කස්මා අඤ්ඤෙසුපි සත්තානං පච්චයෙසු විජ්ජමානෙසු ඉමෙයෙව චත්තාරො වුත්තාති? වුච්චතෙ, අජ්ඣත්තිකසන්තතියා විසෙසපච්චයත්තා. විසෙසපච්චයො හි කබළීකාරාහාරභක්ඛානං සත්තානං රූපකායස්ස කබළීකාරො ආහාරො. නාමකායෙ වෙදනාය ඵස්සො, විඤ්ඤාණස්ස මනොසඤ්චෙතනා, නාමරූපස්ස විඤ්ඤාණං. යථාහ –
මෙහි කියන ලද්දාහ. ඉදින් ප්රත්යයම ආහාරාර්ථය නම්, ඉක්බිති කුමක් හෙයින් අන්‍ය වූ සත්ත්වයන්ට ද ප්‍රත්‍යයන් විද්‍යමාන කල්හි මේ සතරම වදාරණ ලද්දේදැයි කියනු ලැබේ. අධ්‍යාත්මික සන්තතියට විශේෂ ප්‍රත්‍ය වන බැවිනි. ඒ එසේමැයි. කබලිංකාකාර ආහාරය බුදින්නා වූ සත්ත්වයන්ගේ, රූප කයට කබලිංකාකාර ආහාරය ද, නාම කයෙහි වේදනාවට ඵස්සයද, විඤ්ඤාණයට චේතනාවද, නාමරූප දෙකට විඤ්ඤාණයද විශේෂ ප්‍රත්‍ය වෙයි. එහෙයින් වදාළහ.
“සෙය්යථාපි, භික්ඛවෙ, අයං කායො ආහාරට්ඨිතිකො, ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරො නො තිට්ඨති. තථා ඵස්සපච්චයා වෙදනා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූප”න්ති.
සෙය්යථාපි භිකඛවෙ, අයං කායො ආහාරට්ඨිතිකො ආහාරං පච්චයා වෙදනා, සංඛාර පචචයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාමරූපං යනුවෙන්.
ආහාරයන්ගේ කෘත්‍ය
කො පනෙත්ථ ආහාරො, කිං ආහරතීති? කබළීකාරාහාරො ඔජට්ඨමකරූපානි ආහරති. ඵස්සාහාරො තිස්සො වෙදනා, මනොසඤ්චෙතනාහාරො තයො භවෙ, විඤ්ඤාණාහාරො පටිසන්ධිනාමරූපන්ති.
මෙහි කවර ආහාරයක් කුමක් එලවාද යත්, කබලිංකාර ආහාරය තෙම ඕජාව අටවැනිකොට ඇති රූපයන් එලවයි. (ගෙන එයි) ඵස්ස ආහාරය තෙම ත්‍රිවිධ වේදනාව එලවයි. මනොසඤ්චෙන්නා ආහාරය තෙම, තුන්භවය එලවයි. විඤ්ඤාණ ආහාරය තෙම පටිසන්ධි නාමරූපය එලවයි.
කථං? කබළීකාරාහාරො තාව මුඛෙ ඨපිතමත්තොයෙව අට්ඨ රූපානි සමුට්ඨාපෙති. දන්තවිචුණ්ණිතං පන අජ්ඣොහරියමානං එකෙකං සිත්ථං අට්ඨට්ඨ රූපානි සමුට්ඨාපෙතියෙව. එවං ඔජට්ඨමකරූපානි ආහරති.
කෙසේනම් කබලිංකාර ආහාරයි මුඛයෙහි තැබූ කෙනෙහි රූප අටක් උපදවන්නේද යත්, දතින් කුඩුකොට ආහාරකොට ගනු ලබන්නා වූ එක එක බත්හුල අට අට රූපයන් උපදවා මැයි. මෙසේ ඕජාව අටවැනි කොට ඇති රූපයන් එලවයි.
ඵස්සාහාරො පන සුඛවෙදනියො ඵස්සො උප්පජ්ජමානො සුඛවෙදනං ආහරති, තථා දුක්ඛවෙදනියො දුක්ඛං, අදුක්ඛමසුඛවෙදනියො අදුක්ඛමසුඛන්ති එවං සබ්බථාපි ඵස්සාහාරො තිස්සො වෙදනා ආහරති.
ඵස්සාහාරය වනාහි, සුව විඳිය යුතු වූ ඵස්සං සුඛ වේදනාව එළවයි. දුක්ඛ වේදනීය වූ එය දුක්ඛ වේදනාව ද උපේක්ෂා වේදනීය වූ ඵස්සය උපේක්ෂා වේදනාවදැයි මෙසේ සර්වප්‍රකාරයෙන්ම ඵස්සාහාරය තෙම ත්‍රිවිධ වේදනාවන් එලවයි.
මනොසඤ්චෙතනාහාරො කාමභවූපගං කම්මං කාමභවං ආහරති, රූපාරූපභවූපගානි තං තං භවං. එවං සබ්බථාපි මනොසඤ්චෙතනාහාරො තයො භවෙ ආහරති.
මනො සඤ්චෙතතා ආහාරයෙහි කාම භවයට පැමිණෙන්නා වූ කමය කාමභවය එලවයි. රූපාරූප භවයන්ට පැමිණෙන්නා වූ කර්මයෝ ඒ ඒ භවයන් එලවත් මෙසේ සර්වප්‍රකාරයෙන්ම මනෝ සඤ්චෙතනාහාරය භවත්‍රය එලවයි.
විඤ්ඤාණාහාරො පන යෙ ච පටිසන්ධික්ඛණෙ තංසම්පයුත්තකා තයො ඛන්ධා, යානි ච තිසන්තතිවසෙන තිංසරූපානි උප්පජ්ජන්ති, සහජාතාදිපච්චයනයෙන තානි ආහරතීති වුච්චති. එවං විඤ්ඤාණාහාරො පටිසන්ධිනාමරූපං ආහරතීති.
විඤ්ඤාණාහාරය වනාහි පටිසන්ධි සිදුවූ මොහොතෙහි එය හා සම්පයුත්තව යම් ස්කන්ධත්රයක් වෙත් ද ත්රිසන්තති වශයෙන් යම් තිස් රූප කෙනෙකුත් උපදිත් ද සහජාත ප්‍රත්‍යයෙන් ඔවුන් එළවා යයි කියනු ලැබේ. මෙසේ විඤ්ඤාණාහාරය පටිසන්ධි නාමරූපය එලවා යයි,
එත්ථ ච මනොසඤ්චෙතනාහාරො තයො භවෙ ආහරතීති සාසවා කුසලාකුසලචෙතනාව වුත්තා. විඤ්ඤාණං පටිසන්ධිනාමරූපං ආහරතීති පටිසන්ධිවිඤ්ඤාණමෙව වුත්තං. අවිසෙසෙන පන තංසම්පයුත්තතංසමුට්ඨානධම්මානං ආහරණතො පෙතෙ ආහාරාති වෙදිතබ්බා.
මෙහිද මනොසඤ්චෙතනා තොමෝ තුන්භවය එලවා යයි, ආශ්‍රව සහිත වූ කුසලාකුසල චේතනා තොමෝ ම කියන ලද්දී වන්නීය. විඤ්ඤාණය පටිසන්ධි නාමරූපය එලවා යයි පටිසන්ධි විඤ්ඤාණයම කියන ලදී. අවිශේෂයෙන් තත් සම්පයුත්ත වූ තත් සමුට්ඨාන වූ ධර්මයන් එලවන හෙයින් ද මොවුහු ආහාරයෝ යයි දතයුත්තාහුය.
එතෙසු චතූසු ආහාරෙසු කබළීකාරාහාරො උපත්ථම්භෙන්තො ආහාරකිච්චං සාධෙති. ඵස්සො ඵුසන්තොයෙව, මනොසඤ්චෙතනා ආයූහමානාව. විඤ්ඤාණං විජානන්තමෙව.
මේ සතර ආහාරයන් අතුරෙහි කබලිංකාකාර ආහාරය පිහිට ලබමින් ආහාර කෘත්‍යය සිද්ධ කරයි. මනො සඤ්චෙතනා තොමෝ ආයුහනය (රැස්කිරීම) කරමින්ම (ආහාර කෘත්‍යය කෙරෙයි) විඤ්ඤාණය තෙම විජානනය කරමින්ම (ආහාර කෘත්‍යය කෙරෙයි)
කථං? කබළීකාරාහාරො හි උපත්ථම්භෙන්තොයෙව කායට්ඨපනෙන සත්තානං ඨිතියා හොති. කම්මජනිතොපි හි අයං කායො කබළීකාරාහාරෙන උපත්ථම්භිතො දසපි වස්සානි වස්සසතම්පි යාව ආයුපරිමාණං තිට්ඨති. යථා කිං? යථා මාතුයා ජනිතොපි දාරකො ධාතියා ථඤ්ඤාදීනි පායෙත්‍වා පොසියමානොව චිරං තිට්ඨති, යථා චුපත්ථම්භෙන උපත්ථම්භිතගෙහං. වුත්තම්පි චෙතං –
කෙසේ ද යම්හෙයකින් කබලිංකාකාර ආහාරය පිහිටකර ගනිමින්ම කය පිහිටුවීමෙන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිස වේද, ඒ එසේමැයි. කර්මයෙන් උපදවන ලද්දා වූද මේ කය, කබලිංකාකාර අහරින් පිහිට ලබනුයේ දවසක් හෝ විසිවසක් හෝ ආයු ප්‍රමාණයක් තෙක් සිටීද, කුමක් මෙන්ද යත්? මව විසින් උපදවන ලද්දා වූ දරුතෙම කිරිමව විසින් කිරි ආදිය පොවා පෝෂණය කරනු ලබන්නේ යම්සේ බොහෝ කලක් සිටීද, තව ද ආධාරයකින් පිහිට ලැබූ ගෙයක් යම්සේ ද, එසේය. වදාරන ලද්දේ වෙයි.
“යථා මහාරාජ ගෙහෙ පතන්තෙ අඤ්ඤෙන දාරුනා උපත්ථම්භෙන්ති, අඤ්ඤෙන දාරුනා උපත්ථම්භිතං සන්තං එවං තං ගෙහං න පතති, එවමෙව ඛො මහාරාජ අයං කායො ආහාරට්ඨිතිකො, ආහාරං පටිච්ච තිට්ඨතී”ති.
යථාමහාරාජ, ගෙහෙ පතන්තෙ අඤ්ඤෙන දාරුනා උපත්ථම්හෙන්ති අඤ්ඤෙන දාරුනා උපත්ථම්භිතං සනතං එවං තං ගෙහං නපත්ති එව මෙව ඛො මහාරාජ අයං කායො ආහාරට්ඨිතිකො ආහාරං පටිච්ව තිටඨති (මහරජ, ගෙයක් වැටෙන කල්හි අනිත් දැවයකින් යම්සේ උපකාර කෙරෙත්ද, අනිත් දැවයකින් උපකාර කරන ලදුයේ මෙසේ එම ගෙය නොවැටේ ද, එසේම මහරජ, මෙම කය ආහාරයෙන් පවත්නේ ආහාරය නිසා සිටී.)
එවං කබළීකාරො ආහාරො උපත්ථම්භෙන්තො ආහාරකිච්චං සාධෙති. එවං සාධෙන්තොපි ච කබළීකාරො ආහාරො ද්වින්නං රූපසන්තතීනං පච්චයො හොති ආහාරසමුට්ඨානස්ස ච උපාදින්නස්ස ච. කම්මජානං අනුපාලකො හුත්වා පච්චයො හොති. ආහාරසමුට්ඨානානං ජනකො හුත්වා පච්චයො හොති.
මෙසේ කබලිංකාර ආහරයෙන් ආධාර ලබමින් අහර කිස සිද්ධ කෙරෙයි. මෙසේ අහර කිස සිද්ධ කරන්නා වූම කබලිංකාර ආහාරය තෙම ආහාර සමුට්ඨාන රූපයට ද, උපාදිණ්ණ රූපයට ද, යන රූප සන්තති දෙදෙනා භව ප්‍රත්‍ය වෙයි. කර්මරූපයන්ට අනුපාලකවද ආහාර සමුට්ඨාන රූපයන්ට ජනක වී ප්‍රත්‍ය වේ.
ඵස්සො පන සුඛාදිවත්ථුභූතං ආරම්මණං ඵුසන්තොයෙව සුඛාදිවෙදනාපවත්තනෙන සත්තානං ඨිතියා හොති. මනොසඤ්චෙතනා කුසලාකුසලකම්මවසෙන ආයූහමානායෙව භවමූලනිප්ඵාදනතො සත්තානං ඨිතියා හොති. විඤ්ඤාණං විජානන්තමෙව නාමරූපප්පවත්තනෙන සත්තානං ඨිතියා හොති.
ඵස්සාහාරය වාහි සුබාදියට කරණු වූ අරමුණ ස්පර්ශ කරමින්ම සුඛාදි වේදනා පැවැත්වීමෙන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිස වෙයි. මනෝ සඤ්චෙතනා ආහාරය කුසලාකුසල කර්මයන්ගේ වශයෙන් ආයූහනය කරමින්ම භාවමූලය නිපදවන හෙයින් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිස වෙයි. විඤ්ඤාණසාර විජානනය කරන්නේම නාමරූපයන්ගේ පැවැත්වීමෙන් සත්ත්වයන්ගේ පැවැත්ම පිණිස වෙයි.
එවං උපත්ථම්භනාදිවසෙන ආහාරකිච්චං සාධයමානෙසු පනෙතෙසු චත්තාරි භයානි දට්ඨබ්බානි. සෙය්යථිදං, කබළීකාරාහාරෙ නිකන්තියෙව භයං, ඵස්සෙ උපගමනමෙව, මනොසඤ්චෙතනාය ආයූහනමෙව, විඤ්ඤාණෙ අභිනිපාතොයෙව භයන්ති. කිං කාරණා? කබළීකාරාහාරෙ හි නිකන්තිං කත්වා සීතාදීනං පුරෙක්ඛතා සත්තා ආහාරත්ථාය මුද්දාගණනාදිකම්මානි කරොන්තා අනප්පකං දුක්ඛං නිගච්ඡන්ති. එකච්චෙ ච ඉමස්මිං සාසනෙ පබ්බජිත්වාපි වෙජ්ජකම්මාදිකාය අනෙසනාය ආහාරං පරියෙසන්තා දිට්ඨෙපි ධම්මෙ ගාරය්හා හොන්ති. සම්පරායෙපි තස්ස සඞ්ඝාටිපි ආදිත්තා සම්පජ්ජලිතාතිආදිනා ලක්ඛණසංයුත්තෙ වුත්තනයෙන සමණපෙතා හොන්ති. ඉමිනාව තාව කාරණෙන කබළීකාරාහාරෙ නිකන්තියෙව භයන්ති වෙදිතබ්බා.
මෙසේ උපස්ථම්භනාදි වශයෙන් ආහාර කෘත්‍ය සිද්ධ කරන්නා වූ ඒ සතර ආහාරයන්හි භය සතරක් දැක්ක යුතුය. ඔවුහු කවරහුද? කබලිංකාර ආහාරයෙහි, නිකන්ති නම් වූ බලවත් තෘෂ්ණාව භය වෙයි. ඵස්ස ආහාරයෙහි අරමුණ හා එක්වීම භය වෙයි. මනෝ සඤ්චෙතනා ආහාරයෙහි ආයූහන (රැස්කිරීම) භය වෙයි. විඤ්ඤාණ ආහාරයෙහි අභිනිපාතයම (ඒ ඒ භවයන්හි පටිසන්ධි වශයෙන් පහලවී) භය වේයයි කරුණු කිමයත් යම් හෙයකින් කබලිංකාර ආහාරයෙහි තෘෂ්ණාවකොට ශීතාදීන්ට පෙරටු වූ සත්ත්වයෝ ආහාර පිණිස මුද්‍රා, ගණිත ආදී වූ කර්මයන් කරන්නාහු අනල්ප වූ දුකට පැමිණෙත් ද, තවද යම් කෙනෙක් මේ සස්නෙහි පැවිදිවද වෙදකම් ආදිකොට ඇති අනෙසනයෙන් ආහාර සොයන්නාහු ඉහාත්මයෙහි ගැරහිය යුත්තාහු වෙත්ද, පරලෙව්හිද තස්ස සංඝාටිපි ආදිත්තා සම්පජ්ජලිතා යනාදි ලක්ෂණ සංයුත්තයෙහි කී න්‍යායෙන් ශ්‍රමණ ප්‍රේතයෝ වෙත්ද, එහෙයින් මේ කාරණයෙන් කබලිංකාර ආහාරයෙහි නිකාන්තිය (දැඩි ලෝභය)ම භයයි දතයුතුයැ.
ඵස්සං උපගච්ඡන්තාපි ඵස්සස්සාදිනො පරෙසං රක්ඛිතගොපිතෙසු දාරාදීසු භණ්ඩෙසු අපරජ්ඣන්ති. තෙ සහ භණ්ඩෙන භණ්ඩසාමිකා ගහෙත්වා ඛණ්ඩාඛණ්ඩිකං වා ඡින්දිත්වා සඞ්කාරකූටෙසු ඡඩ්ඩෙන්ති. රඤ්ඤො වා නිය්යාතෙන්ති. තතො නෙ රාජා විවිධා කම්මකාරණා කාරාපෙති. කායස්ස ච භෙදා දුග්ගති නෙසං පාටිකඞ්ඛා හොති. ඉති ඵස්සස්සාදමූලකං දිට්ඨධම්මිකම්පි සම්පරායිකම්පි භයං සබ්බමාගතමෙව හොති. ඉමිනා කාරණෙන ඵස්සාහාරෙ උපගමනමෙව භයන්ති වෙදිතබ්බං.
ඵස්සයට පැමිණෙන්නා වූ ඵස්ස ආස්වාදනය කරන්නාහු අන්‍යයන් විසින් රක්ෂිත - ගෝපිත වූ භාර්යාදී වූ භාණ්ඩයන්හි අපරාධ කෙරෙති. බඩුහිමියෝ ඔවුන් බඩුත් සමග ගෙන කඩ කඩකොට හෝ සිඳ කසල ගොඩ දමති. රජුට හෝ පාවා දෙති. ඉක්බිති ඔවුන්ට රජතෙමේ විවිධ වධහිංසා පමුණුවයි. ඔවුන් විසින් මරණින් මතු දුගතිය කැමතිවිය යුත්තීය. මෙසේ ඵස්සය ආස්වාදනය කිරීම මුල්කොට ඇති දිට්ඨධම්මික වූ ද සම්පරායිත වූ ද සියලු භය ආයේම වෙයි. මේ කරුණෙන් ඵස්සාහාරයෙහි උපගමනයට භයයයි දතයුතුයැ.
කුසලාකුසලකම්මායූහනෙනෙව පන තම්මූලකං තීසු භවෙසු භයං සබ්බමාගතංයෙව හොති. ඉමිනා කාරණෙන මනොසඤ්චෙතනාහාරෙ ආයූහනමෙව භයන්ති වෙදිතබ්බං.
කුසලාකුසල කර්මයන්ගේ රැස් කිරීමෙන්ම ඒ කර්‍මායූහනය මුල්කොට ඇති තුන්භවයෙහි සියලු භය ආයේම වෙයි. මේ කරුණෙන් මනෝ සඤ්චෙතනා ආහාරයෙහි ආයූහනයම භය යයි දතයුතුයැ.
පටිසන්ධිවිඤ්ඤාණඤ්ච යස්මිං යස්මිං ඨානෙ අභිනිපතති, තස්මිං තස්මිං ඨානෙ පටිසන්ධිනාමරූපං ගහෙත්වාව නිබ්බත්තති, තස්මිඤ්ච නිබ්බත්තෙ සබ්බභයානි නිබ්බත්තානියෙව හොන්ති, තම්මූලකත්තාති, ඉමිනා කාරණෙන විඤ්ඤාණාහාරෙ අභිනිපාතොයෙව භයන්ති වෙදිතබ්බො.
පටිසන්ධි විඤ්ඤාණයක් යම් යම් තැනෙක්හි පැමිණේ ද, ඒ ඒ තැන්හි පටිසන්ධි නාමරූපය ගෙනම උපදී. එම නාමරූපය උපන් කල්හිද සියලු භය උපන්නාහුම වෙති. (යම් හෙයකින් භය) ඒ නාමරූපය මුල්කොට ඇති බවක් වේද, එහෙයිනි. මෙම කරුණින් විඤ්ඤාණ ආහාරයෙහි අභිනිපාතයම (පිළිසිඳ ගැනීමම) භය යයි දතයුතුය.
එවං සභයෙසු පන ඉමෙසු ආහාරෙසු සම්මාසම්බුද්ධො කබළීකාරාහාරෙ නිකන්තිපරියාදානත්ථං “සෙය්යථාපි, භික්ඛවෙ, ද්වෙ ජායම්පතිකා”තිආදිනා (සං· නි· 2.63) නයෙන පුත්තමංසූපමං දෙසෙසි.
මෙසේ මේ භය සහිත වූ ආහාරයන් අතුරෙන් කබලිංකාර ආහාරයෙහි තෘෂ්ණාව ක්ෂය කිරීම පිණිස සම්බුදුරජාණන් වහන්සේ, සෙය්යථාපි භික්ඛවෙ දෙව ජයම්පතිකා යනාදී නයින් පුත්‍රමාංස උපමාව දේශනා කළ සේක.
ඵස්සාහාරෙ නිකන්තිපරියාදානත්ථං “සෙය්යථාපි, භික්ඛවෙ, ගාවී නිච්චම්මා”තිආදිනා නයෙන නිච්චම්මගාවූපමං දෙසෙසි.
ඵස්සා ආහාරයෙහි තෘෂ්ණාව ක්ෂය කිරීම පිණිස සෙය්යථාපි භික්ඛවෙ ගාවි නිච්චම්මා යනාදි නයින් හම ඉවත්කළ (නිච්චම්මා) දෙනගේ උපමා දේශනා කළ සේක.
මනොසඤ්චෙතනාහාරෙ නිකන්තිපරියාදානත්ථං “සෙය්යථාපි, භික්ඛවෙ, අඞ්ගාරකාසූ”තිආදිනා නයෙන අඞ්ගාරකාසූපමං දෙසෙසි.
මනොසඤ්චෙතනා ආහාරයෙහි තෘෂ්ණාව ක්ෂය කිරීම පිණිස සෙය්යථාපි භික්ඛවෙ අංගාරකාසු යනාදි නයින් අංගාරකාසු උපමාව දේශනා කළ සේක.
විඤ්ඤාණාහාරෙ නිකන්තිපරියාදානත්ථං “සෙය්යථාපි, භික්ඛවෙ, චොරං ආගුචාරි”න්තිආදිනා නයෙන සත්තිසතාහතූපමං දෙසෙසි.
විඤ්ඤාණාහාරයෙහි තෘෂ්ණාව ක්ෂය කිරීම පිණිස සෙය්යථාපි භික්ඛවෙ චොරං ආගුචාරිං යනාදි නයින් සත්තිසතාහත උපමාව දේශනා කළ සේක.
පුත්ත මංසුපමා
තත්රායං භූතමත්ථං කත්වා සඞ්ඛෙපතො අත්ථයොජනා, ද්වෙ කිර ජායම්පතිකා පුත්තං ගහෙත්වා පරිත්තෙන පාථෙය්යෙන යොජනසතිකං කන්තාරමග්ගං පටිපජ්ජිංසු. තෙසං පඤ්ඤාස යොජනානි ගන්ත්වා පාථෙය්‍යං නිට්ඨාසි. තෙ ඛුප්පිපාසාතුරා විරළච්ඡායායං නිසීදිංසු. තතො පුරිසො භරියං ආහ “භද්දෙ ඉතො සමන්තා පඤ්ඤාස යොජනානි ගාමො වා නිගමො වා නත්ථි, තස්මා යං තං පුරිසෙන කාතබ්බං බහුම්පි කසිගොරක්ඛාදිකම්මං, න දානි සක්කා තං මයා කාතුං, එහි මං මාරෙත්වා උපඩ්ඪමංසං ඛාදිත්වා උපඩ්ඪං පාථෙය්‍යං කත්වා පුත්තෙන සද්ධිං කන්තාරං නිත්ථරාහී”ති. සාපි ආහ “සාමි මයා දානි යං තං ඉත්ථියා කාතබ්බං බහුම්පි සුත්තකන්තනාදිකම්මං, තං කාතුං න සක්කා, එහි මං මාරෙත්වා උපඩ්ඪමංසං ඛාදිත්වා උපඩ්ඪං පාථෙය්‍යං කත්වා පුත්තෙන සද්ධිං කන්තාරං නිත්ථරාහී”ති. තතො සො තං ආහ “භද්දෙ මාතුගාමමරණෙන ද්වින්නං මරණං පඤ්ඤායති. න හි මන්දො කුමාරො මාතරං විනා ජීවිතුං සක්කොති. යදි පන මයං ජීවාම, පුන දාරකං ලභෙය්යාම, හන්ද දානි පුත්තකං මාරෙත්වා මංසං ගහෙත්වා කන්තාරං නිත්ථරාමා”ති.
එහි මෙය භූතාර්ථ කොට, සංක්ෂේප අර්ථ යෝජනා වේ. අඹු සැමි යුවලක් පුතෙකු ද ගෙන මද වූ ගමන් වියදම් ඇතිව, සියක්යොදුන් ගමන් මගකට පිළිපන්නාහුය. පනස් යොදුනක් ගියපසු ඔවුන්ගේ සියලු ගමන් වියදම් නිමාවට ගියේය. ඔවුහු සා පවසින් පෙලුනාහු කුඩා සෙවනක හුන්හ. ඉක්බිති පුරුෂතෙම භාර්යාවට මෙසේ කීය. සොඳුර, මෙයින් හාත්පස ගමක් හෝ නියම්ගමක් හෝ නොමැත. එහෙයින් පුරුෂයෙකු විසින් කළයුතු කෘෂිකර්මය, ගව පාලනය ආදි බොහෝ වූ යම් කර්මයක් වේද, මෙවිට එය මා විසින් කළ නොහැක. එව, මා මරා අඩක් කා අඩක් ගමන් වියදම් සඳහා තබාගෙන පුතු සමග මෙම කාන්තාරය එතර කරවයි (කීය.) ඕ තොමෝද මෙසේ කීවාය. හිමියනි, ස්ත්‍රියක විසින් කළයුතු බොහෝ වූ හූ කැටීම් ආදි කර්මාන්තයන් ඇතත් දැන් මට ඒවා කළ නොහැක. එනු මැන මා මරා අඩ මසක් කා අඩක් ගමන් වියදම් වශයෙන් තබාගෙන පුතු සමග කාන්තාරය එතර කරව. ඉක්බිති හෙතෙම ඇයට කියයි. සොඳුර, මාගමකගේ මරණයෙන් දෙදෙනෙකුගේ මරණය පෙනෙයි. යම් හෙයකින් ළදරු කුමර මවගෙන් වෙන්ව ජීවත්වන්ට නොහැක්කේ ද එහෙයිනි. ඉදින් අපි ජීවත් වන්නමෝ නම් යම් දරුවෙකු ලබන්නෙමු. දැන් වනාහි පුතු මරා මස්ගෙන කතර එතර කරමුයි.
තතො මාතා පුත්තමාහ “තාත පිතු සන්තිකං ගච්ඡාහී”ති. සො අගමාසි. අථස්ස පිතා “මයා පුත්තකං පොසෙස්සාමීති කසිගොරක්ඛාදීහි අනප්පකං දුක්ඛමනුභූතං, න සක්කොමි පුත්තං මාරෙතුං, ත්වංයෙව තව පුත්තකං මාරෙහී”ති වත්වා “තාත මාතුසන්තිකමෙව ගච්ඡාහී”ති ආහ. සො අගමාසි. අථස්ස මාතාපි “මයා පුත්තං පත්ථෙන්තියා ගොවතකුක්කුරවතදෙවතායාචනාදීහිපි තාව අනප්පකං දුක්ඛං අනුභූතං, කො පන වාදො කුච්ඡිනා පරිහරන්තියා? න සක්කාහං පුත්තං මාරෙතු”න්ති වත්වා “තාත පිතුසන්තිකංයෙව ගච්ඡාහී”ති ආහ. එවං සො ද්වින්නං අන්තරා ගච්ඡන්තොයෙව මතො. තෙ තං දිස්වා පරිදෙවිත්වා පුබ්බෙ වුත්තනයෙනෙව මංසානි ගහෙත්වා ඛාදන්තා පක්කමිංසු. තෙසං සො පුත්තමංසාහාරො නවහි කාරණෙහි පටිකුලත්තා නෙව දවාය හොති, න මදාය න මණ්ඩනාය න විභූසනාය, කෙවලං කන්තාරනිත්ථරණත්ථායෙව හොති.
ඉක්බිති මව් තොමෝ පුත්‍රයාට දරුව පියා වෙත යවයි කීය. හෙතෙම ගියේය. ඉක්බිති පිය තෙමේ ඕ හට මවිසින් පුතු පෝෂණය කරන්නෙමැයි සීසෑම් ගවයන් රැකීම් ආදී වශයෙන් නොමද දුක් විඳින ලදී. පුතු මරන්ට නොහැකි වෙමි. තීම පුතු මරවයි කියා දරුවා මව වෙත යවයි. කීය හෙතෙම ගියේය. ඉක්බිති ඕහට මව්තොමෝ මවිසින් ගෝ ව්‍රත, කුක්කුර ව්‍රත, දේවතායචනා ආදි වශයෙන් පළමුකොට පමණ කළ නොහැකි දුක්විඳින ලදී. කුසින් උසුලන්නිය විසින් කියනු කිම? මම පුත මරන්ට අසමත් වෙමියි කියා දරුවා පියා වෙතම යවයි කීය. මෙසේ හෙතෙම දෙදෙනා වෙතම යන්නේ අතරමග මළේය. ඔවුහු මළ පුතු දැක හඬා වැලප, සුත්‍රයෙහි කී නයින් මස්ගෙන කමින් ගියාහුය. ඔවුන් එම පුත්රයාංශය නව කරුණකින් පිළිකුල් බැවින්, ක්‍රීඩා පිණිස නොම වෙයි. මද වැඩීම පිණිස නොම වෙයි. මණ්ඩනය පිණිස නොම වෙයි. විභූෂණය පිණිස නොම වෙයි. හුදෙක් කාන්තාරය එතර කිරීම පිණිසම වෙයි.
කතමෙහි නවහි කාරණෙහි පටිකූලොති චෙ? සජාතිමංසතාය ඤාතිමංසතාය පුත්තමංසතාය පියපුත්තමංසතාය තරුණමංසතාය ආමකමංසතාය අගොරසමංසතාය අලොණතාය අධූපිතතායාති. තස්මා යො භික්ඛු කබළීකාරාහාරං එවං පුත්තමංසසදිසං පස්සති, සො තත්ථ නිකන්තිං පරියාදියති. අයං තාව පුත්තමංසූපමායං අත්ථයොජනා.
කවර නව කරුණකින් පිළිකුල් වේද යත්, ස්වජාතීය මාංශයක් බැවින්, ඤාති මාංශයක් බැවින් පුත්රමාංශය බැවින්, ප්‍රිය පුත්‍ර මාංශය බැවින්, තරුණ මාංශය බැවින්, අමු මස බැවින්, ගොරස රහිත මාංශයක් බැවින් ලුණු රහිත බැවින් දුන් නොගන්වන ලද බැවින් යයි කියායි. එහෙයින් යම් මහණ කෙනෙක් කබලිංකාර ආහාරය මෙසේ පුත්රමාංශය සමානකොට දකීද, හෙතෙම එහි නිකාන්තිය (දැඩි තෘෂ්ණාව) දුරුකෙරෙයි. මේ වනාහි පුත්‍රමාංශ උපමාවෙහි අර්ථ යෝජනාවයි.
නිච්චම්මගාවූපමා
නිච්චම්මගාවූපමායං පන යථා සා ගාවී ගීවතො යාව ඛුරා, තාව චම්මං උද්දාලෙත්වා මුත්තා යං යදෙව නිස්සාය තිට්ඨති, තත්ථ පාණකෙහි ඛජ්ජමානා දුක්ඛස්සෙවාධිකරණං හොති, එවං ඵස්සොපි යං යදෙව වත්ථුං ආරම්මණං වා නිස්සාය තිට්ඨති, තංතංවත්ථාරම්මණසම්භවස්ස වෙදයිතදුක්ඛස්ස අධිකරණමෙව හොති. තස්මා යො භික්ඛු ඵස්සාහාරං එවං නිච්චම්මගාවිසදිසං පස්සති, සො තත්ථ නිකන්තිං පරියාදියති, අයං නිච්චම්මගාවූපමායං අත්ථයොජනා.
නිච්චම්ම ගාවූපමාවෙහි වනාහි ඕ දෙන්තොමෝ බෙල්ලෙහි පටන් කුර දක්වා පළමුකොට සම උපුටා හරින ලද්දී, යම් යම් තැනක් ඇසුරුකොට සිටීද, පණුවන් විසින් කනු ලබන්නී යම් සේ දුකටම භාජන වේද, එසේ ඵස්සය ද, යම් යම් වස්තුවක් හෝ අරමුණක් හෝ ඇසුරුකොට සිටීද, ඒ ඒ වස්තු හා ආරම්මණයෙන් හටගත්තා වූ වේදනා දුක්ඛයට ආධාර වූයේම වෙයි. එසේ හෙයින් යම් මහණෙක් ඵස්සාහාරය මෙසේ සම ඉවත්කළ දෙන හා සමානකොට දකීද එකී මහණ එහි නිකාන්තිය (දැඩි තෘෂ්ණාව) දුරුකෙරෙයි. මේ නිච්චම්ම ගාවුපමාවෙහි අර්ථ යෝජනාවයි.
අංගාරකාසූපමා
අඞ්ගාරකාසූපමායං පන යථා සා අඞ්ගාරකාසු, එවං මහාපරිළාහට්ඨෙන තයො භවා. යථා නානාබාහාසු ගහෙත්වා තත්ථ උපකඩ්ඪකා ද්වෙ පුරිසා, එවං භවෙසු උපකඩ්ඪනට්ඨෙන මනොසඤ්චෙතනා. තස්මා යො භික්ඛු මනොසඤ්චෙතනාහාරං එවං අඞ්ගාරකාසූපකඩ්ඪකපුරිසසදිසං පස්සති, සො තත්ථ නිකන්තිං පරියාදියති, අයං අඞ්ගාරකාසූපමායං අත්ථයොජනා.
අංගාරකාසු උපමාවෙහි අඟුරුවල යම්සේ ද මහත් වූ පරිදාහාර්ථයෙන් තුන්භවයෝ එසේ වූවාහුය. නානා අත්වලින් ගෙන එහි ඇද දමන්නා වූ පුරුෂයෝ දෙදෙන යම්සේද, භවවලට අදින්නා වූ යන අර්ථයෙන් මනෝසඤ්චෙතනාවද එසේය. එසේ හෙයින් යම් මහණ කෙනෙක් මනොසඤ්චෙතනාහාරය මෙසේ අගුරුවලට ඇදදමන්නා වූ පුරුෂයන්ට සමානකොට දකී ද, හෙතෙම එහි නිකාන්තිය දුරුකෙරෙයි. අංගාරකාසු උපමාවෙහි අර්ථ යෝජනාව මෙසේය.
සත්තිසතාහත උපමාව
සත්තිසතාහතූපමායං පන යෙන සො පුරිසො පුබ්බණ්හසමයෙ සත්තිසතෙන හඤ්ඤති, තමස්ස සරීරෙ වණමුඛසතං කත්වා අන්තරා අට්ඨත්වා විනිවිජ්ඣිත්වා අපරභාගෙයෙව පතති, එවං ඉතරානි ද්වෙ සත්තිසතානි, එවමස්ස පතිතොකාසෙ අපතිත්වා අපතිත්වා ගතාහි සත්තීහි සබ්බසරීරං ඡිද්දාවඡිද්දමෙව හොති, තස්ස එකවණමුඛෙපි උප්පන්නස්ස දුක්ඛස්ස පමාණං නත්ථි, කො පන වාදො තීසු වණමුඛසතෙසු?
සත්ති හත උපමාවෙහි, යම්හෙයකින් ඒ පුරුෂතෙම, පෙරවරු කාලයෙහි සැත් (පහර) සියයකින් පෙළනු ලැබේද, ඒ සැත් පහර සියය ඔහුගේ සිරුරෙහි වණ මුඛ සියයක් කොට හෙලයි. අපර භාගයෙහිම අනිත් සැත්පහර දෙසීය අතරක් නොමැතිව විනිවිද යනසේ මෙසේම (හෙලයි) මෙසේ ඔහුගේ සිරුරෙහි, පහර ලද අවකාශයෙහි නොවැටී ගියා වූ සැත්පහරවලින් ඔහුගේ සිරුර ලොකු කුඩා සිදුරුවලින් යුක්ත වූවක්ම වෙයි. ඔහුගේ එක් වණ මුඛයකින් උපන් දුක්ඛයාගේ ප්‍රමාණයක් නොමැති තුන්සියයක් වණමුඛ ගැන කියනුම කවරේද?
තත්ථ සත්තිනිපාතකාලො විය පටිසන්ධිවිඤ්ඤාණනිබ්බත්තකාලො. වණමුඛජනනං විය ඛන්ධජනනං. වණමුඛෙසු දුක්ඛවෙදනුප්පාදො විය ජාතෙසු ඛන්ධෙසු වට්ටමූලකනානාවිධදුක්ඛුප්පාදො.
ඒ උපමාවෙහි සැත්පහර වදින කාලය මෙන් පටිසන්ධියද, වණමුඛ ඉපදීම මෙන් පඤ්චස්කන්ධය ඉපදීමද, වණ මුඛයන්හි දුක්ඛවේදනා ඉපදීම මෙන් උපන් ස්කන්ධයන්හි වට්ටමූලක නානාවිධ දුක්ඛයන්ගේ ඉපදීමද දතයුතු.
අපරො නයො, ආගුචාරී පුරිසො විය පටිසන්ධිවිඤ්ඤාණං. තස්ස සත්තිඝාතෙහි උප්පන්නවණමුඛානි විය විඤ්ඤාණපච්චයා නාමරූපං. වණමුඛපච්චයා තස්ස පුරිසස්ස කක්ඛළදුක්ඛුප්පාදො විය නාමරූපපච්චයා විඤ්ඤාණස්ස ද්වත්තිංසකම්මකාරණඅට්ඨනවුතිරොගාදිවසෙන නානප්පකාරකදුක්ඛුප්පාදො දට්ඨබ්බො. තස්මා යො භික්ඛු විඤ්ඤාණාහාරං එවං සත්තිසතාහතසදිසං පස්සති. සො තත්ථ නිකන්තිං පරියාදියති, අයං සත්තිසතාහතූපමායං අත්ථයොජනා.
අනිකුදු ක්‍රමයක් කියනු ලැබේ. සොරකම් කළ පුරුෂයා මෙන් පටිසන්ධි විඤ්ඤාණය ද, ඔහුගේ සැත්වලින් ඇනීමෙන් උපන් වණ මුඛයන්ට කර්කෂ දුක් ඉපදීම මෙන් නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණයාගේ දෙතිස් කම්කටොලු අටඅනූ රෝගාදි වශයෙන් නන්වැදෑරුම් දුක් ඉපදීම ද දතයුතු. එහෙයින් යම් මහණ කෙනෙක් විඤ්ඤාණාහාරය සත් සියයක් ගැනීමක් සමානකොට දකීද හෙතෙම එහි දැඩි ලෝභය දුරුකෙරෙයි. මේ සත්තිසතාහත උපමාවෙහි අර්ථ යෝජනාවයි.
සො එවං ඉමෙසු ආහාරෙසු නිකන්තිං පරියාදියන්තො චත්තාරොපි ආහාරෙ පරිජානාති, යෙසු පරිඤ්ඤාතෙසු සබ්බම්පි පරිඤ්ඤාතං වත්ථු පරිඤ්ඤාතමෙව හොති. වුත්තඤ්හෙතං භගවතා –
හෙතෙම මෙසේ මේ ආහාරයන්හි දැඩි ලෝභය දුරුකරන්නේ සතර ආහාරයන්ම පිරිසිඳ දනී. එම සතර ආහාරයන් පිරිසිඳ දත් කල්හි, සියලු දතයුතු වස්තුව පිරිසිඳ දත්තේ වෙයි. මෙසේ වදාරණ ලදමැයි, බුදුරදුන් විසින් -
“කබළීකාරෙ, භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ පඤ්චකාමගුණිකො රාගො පරිඤ්ඤාතො හොති. පඤ්චකාමගුණිකෙ රාගෙ පරිඤ්ඤාතෙ නත්ථි තං සංයොජනං, යෙන සංයොජනෙන සංයුත්තො අරියසාවකො පුන ඉමං ලොකං ආගච්ඡෙය්ය. ඵස්සෙ, භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ තිස්සො වෙදනා පරිඤ්ඤාතා හොන්ති. තීසු වෙදනාසු පරිඤ්ඤාතාසු අරියසාවකස්ස නත්ථි කිඤ්චි උත්තරිකරණීයන්ති වදාමි. මනොසඤ්චෙතනාය, භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ තිස්සො තණ්හා පරිඤ්ඤාතා හොන්ති. තීසු තණ්හාසු පරිඤ්ඤාතාසු අරියසාවකස්ස නත්ථි කිඤ්චි උත්තරිකරණීයන්ති වදාමි. විඤ්ඤාණෙ, භික්ඛවෙ, ආහාරෙ පරිඤ්ඤාතෙ නාමරූපං පරිඤ්ඤාතං හොති. නාමරූපෙ පරිඤ්ඤාතෙ අරියසාවකස්ස නත්ථි කිඤ්චි උත්තරිකරණීයන්ති වදාමී”ති (සං· නි· 2.63).
මහණෙනි, කබලිංකාකාර ආහාරය පිරිසිඳ දත් කල්හි පකම් ගුණයෙන් උපන් රාගය පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. පඤ්චකාම ගුණික රාගය පිරිසිඳ දත් කල්හි යම් සංයෝජනයකින් යුතු ආර්යශ්‍රාවක තෙම නැවත මේ ලෝකය පටිසන්ධි වශයෙන් පැමිණෙන්නේ ද, එම සංයෝජනය නැත්තේය. මහණෙනි, ඵස්සාහාරය පිරිසිඳ දත් කල්හි, පිවිධ වේදනා පිරිසිඳ දත්තාහු වෙති. ත්‍රිවිධ වේදනාවන් පිරිසිඳ දත් කල්හි ආර්යශ්‍රාවක විසින් මත්තෙහි කටයුතු කිසිවක් නැතැයි කියමි. මහණෙනි, මනොසඤ්චෙතනාහාරය පිරිසිඳ දත්කල්හි ත්‍රිවිධ තෘෂ්ණාව පිරිසිඳ දත්තාහු වෙති. ත්‍රිවිධ තෘෂ්ණාව පිරිසිඳ දත්කල්හි ආර්යශ්‍රාවක විසින් මත්තෙහි කටයුතු කිසිවක් නැතැයි කියමි. මහණෙනි, විඤ්ඤාණහාරය පිරිසිඳ දත්කල්හි නාම-රූප පිරිසිඳ දත්තේ වෙයි. නාමරූප පිරිසිඳ දත්කල්හි ආර්යශ්‍රාවක විසින් මත්තෙහි කටයුතු කිසිවක් නැතැයි කියමි යනුයි.
තණ්හාසමුදයා ආහාරසමුදයොති පුරිමතණ්හාසමුදයා පටිසන්ධිකානං ආහාරානං සමුදයො නිබ්බත්තො හොතීති අත්ථො. කථං? පටිසන්ධික්ඛණෙ හි තිසන්තතිවසෙන උප්පන්නසමතිංසරූපබ්භන්තරෙ ජාතා ඔජා අත්ථි. අයං තණ්හාපච්චයා නිබ්බත්තො උපාදින්නකකබළීකාරාහාරො. පටිසන්ධිචිත්තසම්පයුත්තා පන ඵස්සචෙතනා සයඤ්ච චිත්තං විඤ්ඤාණන්ති ඉමෙ තණ්හාපච්චයා නිබ්බත්තා උපාදින්නකඵස්සමනොසඤ්චෙතනා විඤ්ඤාණාහාරාති. එවං තාව පුරිමතණ්හාසමුදයා පටිසන්ධිකානං ආහාරානං සමුදයො වෙදිතබ්බො. යස්මා පනිධ උපාදින්නකාපි අනුපාදින්නකාපි ආහාරා මිස්සෙත්වා කථිතා, තස්මා අනුපාදින්නකානම්පි එවං තණ්හාසමුදයා ආහාරසමුදයො වෙදිතබ්බො.
තණ්හා සමුදයා ආහාර සමුදයො යනුවෙන් පෙර භවයන්හි තණ්හාවන්ගේ සමුදය හේතුකොට ගෙන, පටිසන්ධිය උපදවන්නා වූ ආහාරයන්ගේ සමුදය ද ඉපදීම ද වෙයි යන අර්ථයයි. කෙසේද යත්, පටිසන්ධි මොහොතෙහි, ත්රිසන්තති (වත්ථු-කාය-භාව දසක) වශයෙන් උපන් සමතිස් රූපයන් ඇතුළත උපන්, ඕජාවක් ඇති, තණ්හා ප්‍රත්‍යයෙන් උපන් උපාදින්නක කබලිංකාකාර ආහාරයයි. පටිසන්ධි චිත්තය සම්පයුත්ත වූ ඵස්ස චේතනා තොමෝ වනාහි තොමෝ ද, චිත්තයද විඤ්ඤාණයද යන මොවුහු තණ්හා ප්‍රත්‍යයෙන් උපන්නා වූ උපාදින්නක ඵස්ස-මනො සඤ්චෙතනා විඤ්ඤාණ යන ආහාරයෝ වෙත්යයි මෙසේ පළමුකොට පූර්ව, තණ්හා සමුදය හේතුකොටගෙන පටිසන්ධියට හිතවූ ආහාරයන්ගේ සමුදය දතයුතුය. යම්හෙයකින් වනාහි මෙහි උපාදින්නක වූද අනුපාදින්නක වූ ද ආහාරයෝ මිශ්‍රකොට වදාරණ ලද්දාහු ද, එහෙයින් අනුපාදිණ්ණකයන්ගේද තණ්හා සමුදයෙන් ආහාර සමුදය දතයුතුය.
අට්ඨලොභසහගතචිත්තසමුට්ඨිතෙසු හි රූපෙසු ඔජා අත්ථි, අයං සහජාතතණ්හාපච්චයා නිබ්බත්තො අනුපාදින්නකකබළීකාරාහාරො. ලොභසහගතචිත්තසම්පයුත්තා පන ඵස්සචෙතනා සයඤ්ච චිත්තං විඤ්ඤාණන්ති ඉමෙ තණ්හාපච්චයා නිබ්බත්තා අනුපාදින්නකඵස්සමනොසඤ්චෙතනා විඤ්ඤාණාහාරාති.
අටවැදෑරුම් ලෝභසහගත චිත්තයන්ගෙන් උපදවන ලද රූපයන්ගේ ඕජාව ඇති, මෙම ඕජාතොමෝ සහජාත තණ්හා ප්‍රත්‍යයෙන් උපන්නා වූ අනුපාදිණ්ණක කබලංකාර ආහාරයෙහි ලෝභ සහගත චිත්තයන් හා සම්පයුත්ත වූ ඵස්ස චේතනා තොමෝද චිත්තයද විඤ්ඤාණයද යන මොවුහු තණ්හා ප්‍රත්‍යයෙන් උපන්නා වූ අනුපාදිණ්ණක ඵස්ස, මනෝ සඤ්චෙතනා, විඤ්ඤාණ, ආහාරයෝ වෙත්යයි (දතයුතුයැ)
තණ්හානිරොධා ආහාරනිරොධොති ඉමිස්සා උපාදින්නකානඤ්ච අනුපාදින්නකානඤ්ච ආහාරානං පච්චයභූතාය තණ්හාය නිරොධෙන ආහාරනිරොධො පඤ්ඤායති. සෙසං වුත්තනයමෙව. අයං පන විසෙසො, ඉධ චත්තාරිපි සච්චානි සරූපෙනෙව වුත්තානි. යථා ච ඉධ, එවං ඉතො උත්තරිම්පි සබ්බවාරෙසූති. තස්මා සබ්බත්ථ අසම්මුය්හන්තෙන සච්චානි උද්ධරිතබ්බානි. සබ්බවාරෙසු ච “එත්තාවතාපි ඛො ආවුසො”ති ඉදං දෙසනානිය්යාතනං තත්ථ තත්ථ දෙසිතධම්මවසෙන යොජෙතබ්බං. තස්ස ඉධ තාව අයං යොජනා එත්තාවතාපීති ඉමාය ආහාරදෙසනාය වුත්තමනසිකාරප්පටිවෙධවසෙනාපීති වුත්තං හොති. එස නයො සබ්බත්ථාපි.
තණ්හා නිරොධා ආහාර නිරෝධො යනුවෙන් උපාදිණ්ණක වූ ද අනුපාදිණ්ණක වූ ද ආහාරයන්ට ප්‍රත්‍ය වූ මේ තණ්හාවගේ නිරෝධයෙන් ආහාරයාගේ නිරෝධය පැනෙයි. සෙස්ස කී නයින් දතයුතුය. මේ වනාහි විශේෂයයි. මෙහි චතුසත්යයෝම ස්වරූපයෙන්ම කියන ලද්දාහු වෙති. මෙහි යම්සේ ද එසේ මෙයින් මත්තෙහිද සියලු වාරයන්හි ද, එහෙයින් සියලු තන්හි මුලා නොවන්නහු විසින් සත්‍යයෝ උපුටාගැනීම කළ යුත්තාහුය. තව ද සියලු වාරයන්හි එත්තාවතාපි ඛො ආවුසො යන මේ දේශනා නිය්යාතනය (දේශනාවෙන් ලබාදෙන ලද්ද) ඒ ඒ තැන්වල දේශනා කරන ලද ධර්මයන්ගේ වශයෙන් යෙදිය යුතුය. ඒ නීය්යාතනයාගේ පළමුකොට මේ මෙහි යෙදීමයි. එත්තාවතාපි යනු මේ ආහාර දේශනාවෙහි වදාළ මනසිකාර ප්‍රතිවේධ වශයෙන්ද යයි කියන ලද වෙයි. සියලු තන්හි මේ ක්රමයම වෙයි.
ආහාරවාරවණ්ණනා නිට්ඨිතා.
ආහාර වර්ණනාව නිමි.