යෙදුමෙන් කියවන්න

සච‍්චවාරවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සච‍්චවාරවණ‍්ණනා

3. සච්ච වාරය

ඉදානි “සාධාවුසො”ති පුරිමනයෙනෙව ථෙරස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා තෙ භික‍්ඛූ උත‍්තරිම‍්පි පඤ‍්හං පුච‍්ඡිංසු. ථෙරො ච නෙසං අඤ‍්ඤෙනපි පරියායෙන බ්‍යාකාසි. එස නයො ඉතො පරෙසුපි සබ‍්බවාරෙසු. තස‍්මා ඉතො පරං එවරූපානි වචනානි අනාමසිත්‍වා යෙන යෙන පරියායෙන බ්‍යාකරොති, තස‍්ස තස‍්සෙව අත්‍ථං වණ‍්ණයිස‍්සාම. ඉමස‍්ස පන වාරස‍්ස සඞ‍්ඛෙපදෙසනායං දුක‍්ඛඤ‍්ච පජානාතීති එත්‍ථ දුක‍්ඛන‍්ති දුක‍්ඛසච‍්චං. විත්‍ථාරදෙසනායං පන යං වත‍්තබ‍්බං සියා, තං සබ‍්බං විසුද‍්ධිමග‍්ගෙ සච‍්චනිද‍්දෙසෙ වුත‍්තමෙවාති.

දැන් සාධාවුසො යයි පළමු නයින්ම තෙරුන් වහන්සේගේ භාෂිතය පිළිගෙන අනුමෝදන් වූ ඒ භික්‍ෂූහු මත්තෙහි ප්‍රශ්න විචාළාහුය. තෙරුන් වහන්සේ ද ඔවුන්ට අන් ක්‍රමයකින් ප්‍රකාශ කළහ. මෙයින් මතු සියලු වාරයන්හි මෙම ක්‍රමයමයි. එහෙයින් මින් මත්තෙහි මෙවැනි වචන නොසලකා යම් යම් ක්‍රමයකින් ප්‍රකාශ කෙරේද, ඒ ඒ ක්‍රමයාගේම අර්ථ වර්ණනා කරන්නෙමු. මේ වාරයාගේ වනාහි සංක්‍ෂෙප දේශනාවෙහි, දුක්ඛඤ්ච පජානාති, යන මෙහි දුක්ඛං දුක්ඛ සත්‍යය විස්තර දේශනාවෙහි යමක් කිවයුතු වන්නේද ඒ සියල්ල විසුද්ධි මාර්ගයෙහි සත්‍ය නිර්දේශයෙහි කියන ලද්දේම වෙයි.

සච‍්චවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

ජරාමරණවාරවණ‍්ණනා

4. ජරා මරණ වාරය

ඉතො පරං පටිච‍්චසමුප‍්පාදවසෙන දෙසනා හොති. තත්‍ථ ජරාමරණවාරෙ තාව තෙසං තෙසන‍්ති අයං සඞ‍්ඛෙපතො අනෙකෙසං සත‍්තානං සාධාරණනිද‍්දෙසොති ඤාතබ‍්බො. යා දෙවදත‍්තස‍්ස ජරා, යා සොමදත‍්තස‍්ස ජරාති එවඤ‍්හි දිවසම‍්පි කථෙන‍්තස‍්ස නෙව සත‍්තා පරියාදානං ගච‍්ඡන‍්ති. ඉමෙහි පන ද‍්වීහි පදෙහි න කොචි සත‍්තො අපරියාදින‍්නො හොති. තස‍්මා වුත‍්තං “අයං සඞ‍්ඛෙපතො අනෙකෙසං සත‍්තානං සාධාරණනිද‍්දෙසො”ති.

මෙතැන්සිට පටිච්ච සමුප්පාද වශයෙන් දේශනා තොමෝ එයි. එහි පළමුකොට ජරා මරණ වාරයෙහි තෙසං තෙසං යන මෙය සංක්‍ෂේපයෙන් නොයෙක් සත්ත්වයන්ගේ සාධාරණ නිර්දේශ යයි දතයුතුය. දේවදත්තගේ යම් දිරීමක් වේද, සෝමදත්තගේ යම් දිරීමක් වේද යනුවෙන් දවසකුත් කියන්නහුට සත්ත්වයෝ අවසන් නොවෙත් ම ය. මේ පදයෙන් කිසි සත්ත්වයෙකු ඇතුළත්කොට නොගන්නා ලද්දේ නොවෙයි. එහෙයින් මෙය සංක්‍ෂේපයෙන් නොයෙක් සත්ත්වයන්ගේ සාධාරණ නිර්දේශයයි කියන ලදී.

තම‍්හි තම‍්හීති අයං ගතිජාතිවසෙන අනෙකෙසං නිකායානං සාධාරණනිද‍්දෙසො. සත‍්තනිකායෙති සාධාරණනිද‍්දෙසෙන නිද‍්දිට‍්ඨස‍්ස සරූපනිදස‍්සනං. ජරා ජීරණතාතිආදීසු පන ජරාති සභාවනිද‍්දෙසො. ජීරණතාති ආකාරනිද‍්දෙසො. ඛණ‍්ඩිච‍්චන‍්තිආදයො කාලාතික‍්කමෙ කිච‍්චනිද‍්දෙසා. පච‍්ඡිමා ද‍්වෙ පකතිනිද‍්දෙසා. අයඤ‍්හි ජරාති ඉමිනා පදෙන සභාවතො දීපිතා, තෙනස‍්සායං සභාවනිද‍්දෙසො. ජීරණතාති ඉමිනා ආකාරතො. තෙනස‍්සායං ආකාරනිද‍්දෙසො. ඛණ‍්ඩිච‍්චන‍්ති ඉමිනා කාලාතික‍්කමෙ දන‍්තනඛානං ඛණ‍්ඩිතභාවකරණකිච‍්චතො. පාලිච‍්චන‍්ති ඉමිනා කෙසලොමානං පලිතභාවකරණකිච‍්චතො.

තම්හි තම්හි යන මෙය ගති ජාති වශයෙන් නොයෙක් සත්ත්ව නිකායන්ගේ සාධාරණ නිර්දේශයයි. සත්ත නිකායෙ යනු සාධාරණ නිර්දේශයෙන් දක්වන ලද්දහුගේ ස්වරූපයෙන් දැක්වීමය. ජරා ජීරණතා යනාදියෙහි ජරා යනු ස්වභාව නිර්දේශයයි. ජීරණතා යනු ආකාර නිර්දේශයයි. ඛණ්ඩිච්චං යනාදීහු කල්යාමේ දී කෘත්‍ය නිර්දේශයයි. පසුව කී පද දෙක ප්‍රකෘති නිර්දේශයෝ යි. එසේත්මැයි මේ ජරා තොමෝ ජරා යන පදයෙන් ස්වභාව වශයෙන් දක්වන ලදී. එහෙයින් මේ ජරා යන පදය ජරාවගේ ස්වභාව නිර්දේශයයි. ජීරණතා යන පදයෙන් ආකාර වශයෙන් ජරාව දක්වන ලද්දී වෙයි. එහෙයින් මේ පදය ඒ ජරාවගේ ආකාර නිර්දේශයයි. ඛණ්ඩිච්චං යන මේ පදයෙන් කල්යාමේ දී දත් නියපොතුවල කැඩුනු බව සිදුකරන්නා වූ කෘත්‍යයෙන් ජරාව දක්වන ලද්දාහු වන්නීය. පාලිච්චං යන මේ පදයෙන් කේස ලෝමයන්ගේ පැසුණු බව ඇතිකරවන කෘත්‍ය වශයෙන් දක්වන ලද්දීය.

වලිත‍්තචතාති ඉමිනා මංසං මිලාපෙත්‍වා තචෙ වලිත‍්තභාවකරණකිච‍්චතො දීපිතා. තෙනස‍්සා ඉමෙ ඛණ‍්ඩිච‍්චන‍්තිආදයො තයො කාලාතික‍්කමෙ කිච‍්චනිද‍්දෙසා. තෙහි ඉමෙසං විකාරානං දස‍්සනවසෙන පාකටීභූතා පාකටජරා දස‍්සිතා.

චලිත්තචතා මෙයින් මස් වියලවා හමෙහිද රැලි නංවන කෘත්‍ය වශයෙන් දක්වන ලද්දීය. එහෙයින් මෙම ඛණ්ඩිච්චං යනාදි පද තුන කල් ඉක්මයාමේදී එම ජරාවගේ කෘත්‍ය නිර්දේශයෝය. ඒ පද තුනෙන්ම මේ විකාරයන් දැක්වීම වශයෙන් ප්‍රකට වූ ප්‍රකට ජරා තොමෝ දක්වන ලදී.

යථෙව හි උදකස‍්ස වා අග‍්ගිනො වා වාතස‍්ස වා තිණරුක‍්ඛාදීනං සම‍්භග‍්ගපලිභග‍්ගතාය වා ඣාමතාය වා ගතමග‍්ගො පාකටො හොති, න ච සො ගතමග‍්ගො තානෙව උදකාදීනි, එවමෙව ජරාය දන‍්තාදීසු ඛණ‍්ඩිච‍්චාදිවසෙන ගතමග‍්ගො පාකටො, චක‍්ඛුං උම‍්මීලෙත්‍වාපි ගය‍්හති. න ච ඛණ‍්ඩිච‍්චාදීනෙව ජරා, න හි ජරා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා හොති.

එසේම, දියෙහි හෝ වාතයෙහි හෝ ගින්නෙහි හෝ තෘණ වෘක්‍ෂ ආදින්ගේ හාත්පසින් බිඳීගිය බැවින් හෝ දාගිය බැවින් හෝ ගියමග යම්සේ ප්‍රකට වූයේද ඒ ගියමග උදකාදීහුම නොද වෙන්ද, එසේම ජරාව විසින් දත් ආදීන්ගේ කැඩුනු බැව්, ආදීන්ගේ වශයෙන් ගියමග ප්‍රකට වූයේ ඇස දල්වාත් අරමුණු වශයෙන් ඇස දල්වාගනු ලැබේද, කැඩුනු බැව් ආදීහු ජරා නොම වෙති. ඒ එසේමැයි. ජරාව චක්ඛු විඤ්ඤෙය්‍ය නොම වෙති.

ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකොති ඉමෙහි පන පදෙහි කාලාතික‍්කමෙයෙව අභිබ්‍යත‍්තතාය ආයුක‍්ඛයචක‍්ඛාදිඉන්‍ද්‍රියපරිපාකසඤ‍්ඤිතාය පකතියා දීපිතා. තෙනස‍්සිමෙ පච‍්ඡිමා ද‍්වෙ පකතිනිද‍්දෙසාති වෙදිතබ‍්බා.

ආයුනො සංහාති ඉන්‍ද්‍රියානං පරිපාකො යන මෙම පදයන්ගෙන් වනාහි කාලය ඉක්ම යාමෙන්ම අතිශයින් ප්‍රකට වූ ආයුෂ පිරිහීම, චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන්ගේ මුහුකුරා යාම නම් වූ ප්‍රකෘති වශයෙන් ජරාව දක්වන ලද්දීය. එහෙයින් මෙම පසුව කී දෙපදයෝ ජරාවගේ ප්‍රකෘති නිර්දේශයෝ යයි දතයුත්තාහුය.

තත්‍ථ යස‍්මා ජරං පත‍්තස‍්ස ආයු හායති, තස‍්මා ජරා “ආයුනො සංහානී”ති ඵලූපචාරෙන වුත‍්තා.

ඒ ජරා නිර්දේශයෙහි, යම් හෙයකින් ජරාවට පැමිණියහුගේ ආයු පිරිහේ ද එහෙයින් ජරාතොමෝ ආයුනො සංහානි යනුවෙන් ඵලොපචාර වශයෙන් වදාරණ ලදී.

යස‍්මා ච දහරකාලෙ සුප‍්පසන‍්නානි සුඛුමම‍්පි අත‍්තනො විසයං සුඛෙනෙව ගණ‍්හනසමත්‍ථානි චක‍්ඛාදීනි ඉන්‍ද්‍රියානි ජරං පත‍්තස‍්ස පරිපක‍්කානි ආලුළිතානි අවිසදානි ඔළාරිකම‍්පි අත‍්තනො විසයං ගහෙතුං අසමත්‍ථානි හොන‍්ති, තස‍්මා “ඉන්‍ද්‍රියානං පරිපාකො”තිපි ඵලූපචාරෙනෙව වුත‍්තා. සා පනායං එවං නිද‍්දිට‍්ඨා සබ‍්බාපි ජරා පාකටා පටිච‍්ඡන‍්නාති දුවිධා හොති.

තව ද යම්හෙයකින් තරුණ කාලයෙහි වෙසෙසින් ප්‍රසන්න වූ ද, සියුම් වූ ද තමහට විෂය වූ අරමුණ සුවසේ ගැනීමට සමර්ථ වූ චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයෝ ජරාවට පැමිණියහුගේ මේරීමට ගියාහු කැළඹුනා වූ නොපැහැදුනා වූ ඕලාරික වූත් තමහට විෂය වූ අරමුණ ගන්නට අසමර්ථ වූවාහු වෙත්ද, එහෙයින් ඉන්‍ද්‍රියානං පරිපාකො ඉඳුරන්ගේ මෝරායාමයයි ඵලොපචාර වශයෙන් වදාරණ ලද්දීය. මෙසේ දක්වන ලද සියලුම ජරා තොමෝ ප්‍රකටජරාය, පටිච්ඡන්න ජරාය යයි විවිධ වෙයි.

තත්‍ථ දන‍්තාදීසු ඛණ‍්ඩභාවාදිදස‍්සනතො රූපධම‍්මෙසු ජරා පාකටජරා නාම. අරූපධම‍්මෙසු පන තාදිසස‍්ස විකාරස‍්ස අදස‍්සනතො පටිච‍්ඡන‍්නජරා නාම.

ඔවුනතුරෙහි දන්තාදීන්ගේ බණ්ඩභාව ආදිය දක්නා ලබන හෙයින් රූප ධර්මයන්හි මෝ තොමෝ ප්‍රකට ජරා නමු. එතකුදු වුවත් අරූප ධර්මයන්හි ජරා තොමෝ එබඳු විකාරයක්හුගේ නොදක්වන බැවින් පටිච්ඡන්න ජරා නම් වේ.

තත්‍ථ ය‍්වායං ඛණ‍්ඩාදිභාවො දිස‍්සති, සො තාදිසානං දන‍්තාදීනං සුවිඤ‍්ඤෙය්‍යත‍්තා වණ‍්ණොයෙව, තං චක‍්ඛුනා දිස‍්වා මනොද‍්වාරෙන චින‍්තෙත්‍වා “ඉමෙ දන‍්තා ජරාය පහටා”ති ජරං ජානාති උදකට‍්ඨානෙ බද‍්ධානි ගොසීසාදීනි ඔලොකෙත්‍වා හෙට‍්ඨා උදකස‍්ස අත්‍ථිභාවං ජානනං විය. පුන අවීචි සවීචීති එවම‍්පි දුවිධා හොති. තත්‍ථ මණිකනකරජතපවාළසූරියාදීනං මන්‍දදසකාදීසු පාණීනං විය පුප‍්ඵඵලපල‍්ලවාදීසු ච අපාණීනං විය අන‍්තරන‍්තරා වණ‍්ණවිසෙසාදීනං දුවිඤ‍්ඤෙය්‍යත‍්තා ජරා අවීචිජරා නාම, නිරන‍්තරජරාති අත්‍ථො. තතො අඤ‍්ඤෙසු පන යථාවුත‍්තෙසු අන‍්තරන‍්තරා වණ‍්ණවිසෙසාදීනං සුවිඤ‍්ඤෙය්‍යත‍්තා ජරා සවීචිජරා නාමාති වෙදිතබ‍්බා.

[missing trans] නැවත අවීචි සවීචි (අතරක් නැති-අතරක් ඇති) යනුවෙන් ජරාව දුවිධ වන්නීය. එම දුවිධ ජරාවන් අතුරෙහි මණි-කනක-රජත-පවාළ චන්ද-සුරිය ආදීන්ගේ මෙන්ද, මන්‍දදසක ආදි අවස්ථාවන්හි ප්‍රාණීන්ගේ මෙන්ද මල් ඵල පලු ආදි අවස්ථාවන්හි අප්‍රාණීන්ගේ මෙන්ද අතරතුර වර්ණ විශේෂාදීන්ගේ නොදතහැකි බව හෙයින් එම ජරාව අවීචි ජරා නම් වේ. නිරන්තර ජරාය යන අර්ථයි. මණි කනක ආදි වස්තූන් කෙරෙන් අන්‍ය වූ දන්ත ආදීන්හි අතරතුර වර්ණ විශේෂාදීන් හෝ සුවසේ දතහැකි බව නිසා එම ජරාව සවීචි ජරා නමයි දතයුත්තාහුය.

ඉතො පරං, තෙසං තෙසන‍්තිආදි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. චුති චවනතාතිආදීසු පන චුතීති චවනකවසෙන වුච‍්චති, එකචතුපඤ‍්චක‍්ඛන්‍ධානං සාමඤ‍්ඤවචනමෙතං. චවනතාති භාවවචනෙන ලක‍්ඛණනිදස‍්සනං. භෙදොති චුතික‍්ඛන්‍ධානං භඞ‍්ගුප‍්පත‍්තිපරිදීපනං. අන‍්තරධානන‍්ති ඝටස‍්සෙව භින‍්නස‍්ස භින‍්නානං චුතික‍්ඛන්‍ධානං යෙන කෙනචි පරියායෙන ඨානාභාවපරිදීපනං.

මෙයින් මතුයෙහි තෙසං තෙසං යන ආදිය කී නියායෙන් දතයුතුය. චුති චවන්තා යනාදියෙහි වනාහි, චුති යනු චුතවීම වශයෙන් කියනු ලැබේ. එකස්කන්ධ චතුස්කන්ධ පඤ්චස්කන්ධයන්ට මෙය සාමාන්‍ය වචනයකි. වචන්තා යන භාවප්‍රත්‍ය යුක්ත වචනයෙන් ලක්‍ෂණ දැක්වීමයි. භෙදො යන වචනයෙන් ච්‍යුතිස්කන්ධයන්ගේ භංගය උප්පත්තිය දැක්වීමයි. අන්තරධානං යනු බිඳුනු කළයෙහි මෙන් බිඳුනා වූ චුතිස්කන්ධයන්ගේ යම්කිසි පරියායකින් නොපැවැත්ම දැක්වීමයි.

මච‍්චු මරණන‍්ති මච‍්චුසඞ‍්ඛාතං මරණං. තෙන සමුච‍්ඡෙදමරණාදීනි නිසෙධෙති. කාලො නාම අන‍්තකො, තස‍්ස කිරියාති කාලකිරියා. එතෙන ලොකසම‍්මුතියා මරණං දීපෙති.

මච්චුමරණං, මච්චු නම් වූ මරණයයි. ඒ වචනයෙන් සමුච්ඡේද මරණය වළකයි. කාල නම් අන්තකයාය (මාරයාය) ඔහුගේ කිරියාව කාලකිරියා නම් වේ. මෙයින් ලෝක සම්මත මරණය දක්වයි.

ඉදානි පරමත්‍ථෙන දීපෙතුං, ඛන්‍ධානං භෙදොතිආදිමාහ. පරමත්‍ථෙන හි ඛන්‍ධායෙව භිජ‍්ජන‍්ති, න සත‍්තො නාම කොචි මරති. ඛන්‍ධෙසු පන භිජ‍්ජමානෙසු සත‍්තො මරති, භින‍්නෙසු මතොති වොහාරො හොති.

දැන් පරමාර්ථ වශයෙන් දක්වන්ට ඛන්‍ධානං භෙදො යනාදිය වදාළහ. ඒ එසේමැයි. පරමාර්ථ වශයෙන් ඛන්‍ධයෝ තුමූම බිඳිති. කිසි සත්ත්වයෙක් නම් නොමැරෙයි. ස්කන්ධයන් බිඳෙනකල්හි සත්ත්වයා මැරෙයි කියා ද බිඳුනු කල මළේයයි කියා ද ව්‍යවහාර වෙයි.

එත්‍ථ ච චතුවොකාරවසෙන ඛන්‍ධානං භෙදො, එකවොකාරවසෙන කළෙවරස‍්ස නික‍්ඛෙපො. චතුවොකාරවසෙන වා ඛන්‍ධානං භෙදො, සෙසද‍්වයවසෙන කළෙවරස‍්ස නික‍්ඛෙපො වෙදිතබ‍්බො. කස‍්මා? භවද‍්වයෙපි රූපකායසඞ‍්ඛාතස‍්ස කළෙවරස‍්ස සම‍්භවතො. අථ වා යස‍්මා ච චාතුමහාරාජිකාදීසු ඛන්‍ධා භිජ‍්ජන‍්තෙව, න කිඤ‍්චි නික‍්ඛිපන‍්ති, තස‍්මා තෙසං වසෙන ඛන්‍ධානං භෙදො, මනුස‍්සාදීසු කළෙවරස‍්ස නික‍්ඛෙපො. එත්‍ථ ච කළෙවරස‍්ස නික‍්ඛෙපකාරණතො මරණං කළෙවරස‍්ස නික‍්ඛෙපොති වුත‍්තන‍්ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

මේ දෙපදයන් අතුරෙහි චතුවෝකාර පඤ්චවෝකාර භවයන්ගේ වශයෙන් ස්කන්ධයන්ගේ බිඳීම දතයුතුයැ. එකවොකාර භවයාගේ වශයෙන් ශරීරය බහාතැබීම දතයුතුයැ. චතුවොකාර භවයාගේ වශයෙන් ස්කන්ධයන්ගේ බිඳීමද, සෙසු භවයන් දෙදෙනාගේ වශයෙන් ශරීරයාගේ බහා තැබීම දතයුතුය. කුමක් හෙයින්ද යත් එක පඤ්චවොකාර භව දෙකෙහිම රූපකාය නම් වූ ශරීරයාගේ සම්භවය ඇතිවන හෙයිනි. චාතුර්මහාරාජිකාදී ලෝකවල ස්කන්ධයන්ගේ බිඳීම වෙත්ද, කිසිවක් බහානොලත් ද එහෙයින් ඔවුන්ගේ වශයෙන් ස්කන්ධයන්ගේ බිඳීම දතයුතුය. මනුෂ්‍යාදීන් කෙරෙහි, ශරීරයාගේ බහාතැබීම දතයුතුයි. මෙහිදු ශරීරයාගේ බහා තැබීමේ කරුණෙන්ම මරණය තෙමේ කලෙබරස්ස නික්ඛෙපො යයි කියන ලදැයි මෙසේ අර්ථය දතයුතුය.

ඉති අයඤ‍්ච ජරා ඉදඤ‍්ච මරණං. ඉදං වුච‍්චතාවුසොති ඉදං උභයම‍්පි එකතො කත්‍වා ජරාමරණන‍්ති කථීයති. සෙසං වුත‍්තනයමෙවාති.

ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං ඉදං වුච්චතාවුසො යන මේ දෙකම එක්තැන්කොට ජරාමරණ යයි කියනු ලැබේ. සෙස්ස කී නයම වේයයි.

ජරාමරණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

ජරා මරණ වර්ණනාව නිමි.

ජාතිවාරවණ‍්ණනා

5. ජාති වාරය

ජාතිවාරෙ ජාති සඤ‍්ජාතීතිආදීසු ජායනට‍්ඨෙන ජාති, සා අපරිපුණ‍්ණායතනවසෙන යුත‍්තා. සඤ‍්ජායනට‍්ඨෙන සඤ‍්ජාති, සා පරිපුණ‍්ණායතනවසෙන යුත‍්තා. ඔක‍්කමනට‍්ඨෙන ඔක‍්කන‍්ති, සා අණ‍්ඩජජලාබුජවසෙන යුත‍්තා. තෙ හි අණ‍්ඩකොසඤ‍්ච වත්‍ථිකොසඤ‍්ච ඔක‍්කමන‍්තා පවිසන‍්තා විය පටිසන්‍ධිං ගණ‍්හන‍්ති. අභිනිබ‍්බත‍්තනට‍්ඨෙන අභිනිබ‍්බත‍්ති, සා සංසෙදජඔපපාතිකවසෙන යුත‍්තා, තෙ හි පාකටායෙව හුත්‍වා නිබ‍්බත‍්තන‍්ති. අයං තාව වොහාරදෙසනා.

ජාති වාරයෙහි, ජාතිසඤ්ජාති, යනාදි තන්හි ඉපදීම් අර්ථයෙන් ජාති නම් වන්නීය. ඕ ජාති තොමෝ නොපිරිපුන් ආයතන ඇත්තවුන්ගේ වශයෙන් කියන ලද්දී, මනාව ඉපදීම් අර්ථයෙන් සඤ්ජාති නමි. ඕ තොමෝ පිරිපුන් අවයව ඇත්තවුන්ගේ වශයෙන් කියන ලදී. මව්කුසට පිවිසීම් අර්ථයෙන් ඔක්කන්ති නමි. ඕ තොමෝ අණ්ඩජ, ජලාබුජ යෝනි වශයෙන් කියන ලද ඔවුහු අණ්ඩ කෝෂයෙහිද වස්ති කෝෂයෙහි පිළිසිඳ ගන්නාහු පිවිසෙන්නවුන් මෙන් පිළිසිඳ ගනිත්. ප්‍රකට වූ ඉපදීමය යන අර්ථයෙන් අභිනිබ්බත්ති නම් වන්නීය. මෝ පළමුකොට දක්වන ලද්දී වෝහාර දේසනා නම් වන්නීය.

ඉදානි පරමත්‍ථදෙසනා හොති. ඛන්‍ධායෙව හි පරමත්‍ථතො පාතුභවන‍්ති, න සත‍්තො. තත්‍ථ ච ඛන්‍ධානන‍්ති එකවොකාරභවෙ එකස‍්ස චතුවොකාරභවෙ චතුන‍්නං පඤ‍්චවොකාරභවෙ පඤ‍්චන‍්නම‍්පි ගහණං වෙදිතබ‍්බං. පාතුභාවොති උප‍්පත‍්ති. ආයතනානන‍්ති එත්‍ථ තත්‍ර තත්‍ර උප‍්පජ‍්ජමානායතනවසෙනෙව සඞ‍්ගහො වෙදිතබ‍්බො. පටිලාභොති සන‍්තතියං පාතුභාවොයෙව. පාතුභවන‍්තානෙව හි තානි පටිලද‍්ධානි නාම හොන‍්ති. අයං වුච‍්චතාවුසො ජාතීති ඉමිනා පදෙන වොහාරතො පරමත්‍ථතො ච දෙසිතාය ජාතියා නිගමනං කරොතීති. භවසමුදයාති එත්‍ථ පන ජාතියා පච‍්චයභූතො කම‍්මභවො වෙදිතබ‍්බො. සෙසං වුත‍්තනයමෙවාති.

දැන් පරමාර්ථ දේශනා තොමෝම වන්නීය. පරමාර්ථ වශයෙන් ස්කන්ධයෝම පහළ වෙති. සත්ත්වයෙක් පහළ නොවෙයි. ඒ පරමාර්ථ දේශනාවෙහි ඛන්‍ධානං යනු එකවොකාර භවයෙහි එක රූපස්කන්ධයකගේ ගැනීමද, චතුවෝකාර භවයෙහි, (වෙදනා ආදී වූ) ස්කන්ධ හතරකගේ ගැනීම ද, පඤ්චවොකාර භවයෙහි පඤ්චස්කන්ධයාගේ ගැනීමද දතයුතුයැ. පාතුභාවො ඉපදීම, ආයතනානං යන මේ පදයෙන් ඒ ඒ භවයන්ගේ, උපදින්නා වූ ආයතනයන්ගේ වශයෙන් සංග්‍රහය දතයුතුය. පටිලාභො යනු සන්තතියෙහි පහළවීම, ඒ එසේමැයි. පහළ වන්නා වූම එම ආයතනයෝ ලැබුවා වූ නාමයෝ ඇත්තෝ වෙති. අයං වුච්චතාවුසො ජාති යන මේ පදයෙන් ව්‍යවහාර වශයෙන්ද, පරමාර්ථ වශයෙන් ද දෙසූ ජාතිය නිගමනය කෙරෙති. භව සමුදයා යන මෙහි ජාතියට ප්‍රත්‍ය වූ කර්මභවය සෙස්ස කී ක්‍රමයමැයි.

ජාතිවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

ජාති වර්ණනාව නිමි.

භවවාරවණ‍්ණනා

6. භව වාරය

භවවාරෙ කාමභවොති කම‍්මභවො ච උපපත‍්තිභවො ච. තත්‍ථ කම‍්මභවො නාම කාමභවූපගං කම‍්මමෙව. තඤ‍්හි උපපත‍්තිභවස‍්ස කාරණත‍්තා “සුඛො බුද‍්ධානමුප‍්පාදො (ධ· ප· 194) දුක‍්ඛො පාපස‍්ස උච‍්චයො”තිආදීනි (ධ· ප· 117) විය ඵලවොහාරෙන භවොති වුත‍්තං. උපපත‍්තිභවො නාම තෙන කම‍්මෙන නිබ‍්බත‍්තං උපාදින‍්නඛන්‍ධපඤ‍්චකං. තඤ‍්හි තත්‍ථ භවතීති කත්‍වා භවොති වුත‍්තං. එවං සබ‍්බථාපි ඉදං කම‍්මඤ‍්ච උපපත‍්ති ච උභයම‍්පෙතමිධ “කාමභවො”ති වුත‍්තං. එස නයො රූපාරූපභවෙසු. උපාදානසමුදයාති එත්‍ථ පන උපාදානං කුසලකම‍්මභවස‍්ස උපනිස‍්සයවසෙනෙව පච‍්චයො හොති. අකුසලකම‍්මභවස‍්ස උපනිස‍්සයවසෙනපි සහජාතාදිවසෙනපි. උපපත‍්තිභවස‍්ස පන සබ‍්බස‍්සාපි උපනිස‍්සයවසෙනෙව. සෙසං වුත‍්තනයමෙවාති.

භව වාරයෙහි කම්ම භවො යනු කම්ම භවයද උප්පත්ති භවයද, ඒ ද්විධ භවයන් අතුරෙහි කාම භවනම්, කාමභවයට පැමිණෙන්නා වූ කර්මය මැයි. ඒ එසේමය. කම්ම භවය උප්පත්ති භවයට කරුණු වන බැවින්, සුඛො බුද්ධානං උප්පාදො, දුක්ඛො පාපස්ස උච්චයො යනාදීහු මෙන් ඵල ව්‍යවහාරයෙන් භවය යයි කියන ලද උප්පත්ති භව නම්, ඒ ඒ කර්මය විසින් උපදවන ලද උපාදිණ්ණ ස්කන්ධ පඤ්චකයයි. එය වනාහි, එම භවයෙහි වේයයි ගෙන භවයයි කියන ලදී. මෙසේ සියලු අයුරින් මේ කර්මයද උප්පත්තියද යන දෙකම මෙහි කම්මභවයයි කියන ලදී. රූප අරූප භවයන්හි ද මෙම ක්‍රමයමැයි. උපාදාන සමුදයා මෙහි උපාදානය කුසල කම්මභවයට උපනිස්සය වශයෙන් ප්‍රත්‍ය වෙයි. අකුසල කර්ම භවයට උපනිස්සය වශයෙන්ද සහජාත වශයෙන්ද ප්‍රත්‍ය වෙයි. සියලුම උප්පත්ති භවයට උපනිශ්‍රය වශයෙන්ම ප්‍රත්‍ය වෙයි. සෙස්ස කී ක්‍රමයමැයි.

භවවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

උපාදානවාරවණ‍්ණනා

7. උපාදාන වාරය

උපාදානවාරෙ කාමුපාදානන‍්තිආදීසු වත්‍ථුකාමං උපාදියති එතෙන, සයං වා තං උපාදියතීති කාමුපාදානං. කාමො ච සො උපාදානඤ‍්චාති වා කාමුපාදානං. උපාදානන‍්ති දළ‍්හග‍්ගහණං වුච‍්චති. දළ‍්හත්‍ථො හි එත්‍ථ උපසද‍්දො, “උපායාස උපකට‍්ඨා”තිආදීසු විය පඤ‍්චකාමගුණිකරාගස‍්සෙතං අධිවචනං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරතො පනෙතං “තත්‍ථ කතමං කාමුපාදානං, යො කාමෙසු කාමච‍්ඡන්‍දො”ති (ධ· ස· 1220; විභ· 938) වුත‍්තනයෙන වෙදිතබ‍්බං.

උපාදාන වාරයෙහි කාමූපාදානං යනාදි තන්හි, මේ කරණකොට ගෙන වස්තු සංඛ්‍යාත කාමය දැඩිකොට ගනිත්, තෙමේ හෝ වස්තුකාමය, දැඩිකොට ගනීනුයි ‘කමුපාදාන’ නම් වේ. කාම වූයේත් හේය, උපාදාන වූයේත් හේය කාමූපදාන නම් වේ. උපාදානං යයි දැඩිකොට ගැනීම කියනු ලැබේ. ඒ එසේමැයි. මෙහි උපශබ්දය තෙම දෘඪාර්ථය, උපායාස උපකුට්ඨ යනාදියෙහි මෙනි. කාමූපදාන (කාමූපාදාන) යන මේ වචනය පඤ්චකාමගුණික රාගයට නමකි. මේ කියන ලද්දේ මෙහි සංක්‍ෂේපයයි. මෙය විස්තර වශයෙන් වනාහි තත්‍ථ කතමං කාමූපාදානං, යො කාමෙසු කාමච්ඡෙන්‍දො වදාළ ආකාරයෙන් දතයුතු.

තථා දිට‍්ඨි ච සා උපාදානඤ‍්චාති දිට‍්ඨුපාදානං. අථ වා දිට‍්ඨිං උපාදියති, උපාදියන‍්ති වා එතෙන දිට‍්ඨින‍්ති දිට‍්ඨුපාදානං. උපාදියති හි පුරිමදිට‍්ඨිං උත‍්තරදිට‍්ඨි. උපාදියන‍්ති ච තාය දිට‍්ඨිං. යථාහ “සස‍්සතො අත‍්තා ච ලොකො ච, ඉදමෙව සච‍්චං මොඝමඤ‍්ඤ”න‍්තිආදි (ම· නි· 3.27), සීලබ‍්බතුපාදානඅත‍්තවාදුපාදානවජ‍්ජස‍්ස සබ‍්බදිට‍්ඨිගතස‍්සෙතං අධිවචනං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරතො පනෙතං “තත්‍ථ කතමං දිට‍්ඨුපාදානං නත්‍ථි දින‍්න”න‍්ති (ධ· ස· 1220; විභ· 938) වුත‍්තනයෙන වෙදිතබ‍්බං.

දිට්ඨි වූවත් උපාදාන වූවත් ඕ තොමෝම නුයි, දිට්ඨුපාදාන නම් වේ. නැතහොත් දිට්ඨිය දැඩිකොට ගනියි හෝ මේ කරණකොටගෙන දිට්ඨිය දැඩිකොට ගනිත්නුයි. දිට්ඨූපදාන නම් වන්නීය. පළමු ගත් මිථ්‍යා දිට්ඨිය පසුව ගත් දෘෂ්ටි තොමෝ දැඩිකොට ගනී. එහෙයින් වදාළහ. සස්සතො අත්තාච ලොකොච ඉදමෙව සච්චං මොඝමඤ්ඤං යනුවෙන් සීලබ්බත උපාදාන, අත්තවාද උපාදානයන්ගෙන් තොර සියලු දෘෂ්ටිගතයනට නමකි. මේ මෙහි සංක්‍ෂේපයයි විස්තර වශයෙන් වනාහි මේ පදය, තත්‍ථ කතමං දිට්ඨූපාදානං? නත්‍ථි දින්නං යනුවෙන් වදාළ නයින්ම දතයුතුය.

තථා සීලබ‍්බතං උපාදියන‍්ති එතෙන, සයං වා තං උපාදියති, සීලබ‍්බතඤ‍්ච තං උපාදානඤ‍්චාති වා සීලබ‍්බතුපාදානං. ගොසීලගොවතාදීනි හි එවං සුද‍්ධීති අභිනිවෙසතො සයමෙව උපාදානානි අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරතො පනෙතං “තත්‍ථ කතමං සීලබ‍්බතුපාදානං, ඉතො බහිද‍්ධා සමණබ්‍රාහ‍්මණානං සීලෙන සුද‍්ධී”ති වුත‍්තනයෙන වෙදිතබ‍්බං.

එසේම මේ කරණකොටගෙන සත්ත්වයෝ සීලබ්බතය දැඩිකොට ගනිත් තෙමේ හෝ ඒ මිථ්‍යා දර්ශනය දැඩිකොට ගනීනුයි, නොහොත් සීලබ්බත වූයේද, හේයැ. උපාදාන වූයේත් හේ නුයි සීලබ්බතූපාදාන නම් වේ. ගෝසීල ගෝව්‍රතාදීහුම මෙසේ ශුද්ධිය වේයයි අභිනිවේශය කරන්නහුට තුමූම උපාදානයෝ නම් වෙති. මේ එහි සංක්‍ෂේපයයි. විස්තර වශයෙන් වනාහි මෙය තත්‍ථ කතමං සීලබ්බතූපාදානං ඉතො බහිද්ධා සමණබ්‍රාහ්මණානං සීලෙන සුද්ධි යයි වදාළ ක්‍රමයෙන්ම දතයුතුය.

ඉදානි වදන‍්ති එතෙනාති වාදො. උපාදියන‍්ති එතෙනාති උපාදානං. කිං වදන‍්ති, උපාදියන‍්ති වා? අත‍්තානං. අත‍්තනො වාදුපාදානං අත‍්තවාදුපාදානං. අත‍්තවාදමත‍්තමෙව වා අත‍්තාති උපාදියති එතෙනාති අත‍්තවාදුපාදානං, වීසතිවත්‍ථුකාය සක‍්කායදිට‍්ඨියා එතං අධිවචනං. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරතො පනෙතං “තත්‍ථ කතමං අත‍්තවාදුපාදානං, ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී”ති (ධ· ස· 1223) වුත‍්තනයෙන වෙදිතබ‍්බං.

එපරිද්දෙන්, මේ කරණකොටගෙන කියත්නුයි ‘වාද’ නම් වේ. මේ කරණකොට දැඩිකොට ගනිත්නුයි උපාදාන නම් වේ. කුමක් කියත්ද? කුමක් දැඩිකොට ගනිත්ද යත්, ආත්මයයි දැඩිකොට ගනීනුයි ආත්මවාද උපාදාන නම් වේ. ආත්මය යන වචන මාත්‍රයම හෝ මේ කරණකොටගෙන ආත්මය යයි දැඩිකොට ගනීනුයි ආත්මවාද උපාදාන නමි. මේ විසිවැදෑරුම් සක්කාය දිට්ඨියට නමකි. මේ මෙහි සංක්‍ෂෙපයයි. විස්තර වශයෙන් වනාහි මේ ආත්මවාද උපාදානය, තත්‍ථ කතමං අන්තවාදූපාදානං ඉධ අස්සුතවා පුථුජ්ජ නො අරියානං අදස්සාවී යයි වදාළ ක්‍රමයෙන්ම දතයුතුය.

තණ‍්හාසමුදයාති එත්‍ථ තණ‍්හා කාමුපාදානස‍්ස උපනිස‍්සයවසෙන අනන‍්තරසමනන‍්තරනත්‍ථිවිගතාසෙවනවසෙන වා පච‍්චයො. අවසෙසානං පන සහජාතාදිවසෙනාපි. සෙසං වුත‍්තනයමෙවාති.

තණ්හා සමුදයා යන මෙහි තණ්හා තොමෝ කාමොපාදානයම උපනිශ්‍රය වශයෙන් හෝ අනන්තර-සමනන්තර-නත්‍ථි-විගත-ආසේවන වශයෙන් හෝ ප්‍රත්‍යවෙයි. සෙසු උපාදානයන්ට වනාහි සහජාත ආදි වශයෙන් ද ප්‍රත්‍යය වෙයි. සෙස්ස කී නයමැයි.

උපාදානවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

තණ‍්හාවාරවණ‍්ණනා

8. තණ්හා වාරය

තණ‍්හාවාරෙ රූපතණ‍්හා…පෙ… ධම‍්මතණ‍්හාති එවං චක‍්ඛුද‍්වාරාදීසු ජවනවීථියං පවත‍්තාය තණ‍්හාය “සෙට‍්ඨිපුත‍්තො බ්‍රාහ‍්මණපුත‍්තො”ති එවමාදීසු පිතිතො නාමං විය පිතිසදිසාරම‍්මණතො නාමං. එත්‍ථ ච රූපාරම‍්මණා තණ‍්හා, රූපෙ තණ‍්හාති රූපතණ‍්හා. සා කාමරාගභාවෙන රූපං අස‍්සාදෙන‍්තී පවත‍්තමානා කාමතණ‍්හා. සස‍්සතදිට‍්ඨිසහගතරාගභාවෙන රූපං නිච‍්චං ධුවං සස‍්සතන‍්ති එවං අස‍්සාදෙන‍්තී පවත‍්තමානා භවතණ‍්හා. උච‍්ඡෙදදිට‍්ඨිසහගතරාගභාවෙන රූපං උච‍්ඡිජ‍්ජති විනස‍්සති පෙච‍්ච න භවිස‍්සතීති එවං අස‍්සාදෙන‍්තී පවත‍්තමානා විභවතණ‍්හාති එවං තිවිධා හොති. යථා ච රූපතණ‍්හා, තථා සද‍්දතණ‍්හාදයොපීති එතානි අට‍්ඨාරස තණ‍්හාවිචරිතානි හොන‍්ති. තානි අජ‍්ඣත‍්තරූපාදීසු අට‍්ඨාරස, බහිද‍්ධාරූපාදීසු අට‍්ඨාරසාති ඡත‍්තිංස. ඉති අතීතානි ඡත‍්තිංස, අනාගතානි ඡත‍්තිංස, පච‍්චුප‍්පන‍්නානි ඡත‍්තිංසාති අට‍්ඨසතං.

තණ්හා වාරයෙහි රූප තණ්හා -පෙ- ධම්ම තණ්හා යනු චක්ඛු ආදි ද්වාරයන් සම්බන්ධව පැවැති තණ්හාවයි. සිටුපුත්ය, බමුණුපුත්ය, යන මේ ආදියෙහි පියා කෙරෙන් ආ නාමය මෙන් පියා වැනි වූ අරමුණ කෙරෙන් ආ නමකි. මෙහිදු රූපය අරමුණුකොට ඇති තණ්හා තොමෝ රූපයෙහි තෘෂ්ණාව වේනුයි රූප තණ්හා නමි. එම රූප තණ්හාව, කාමරාග භාවයෙන් රූපාරම්මණය ආස්වාදනය කරමින් පවත්නී කාමතණ්හා නම් වන්නීය. සස්සත දිට්ඨි, සහගත රාග බැවින් යුතුව රූපය නිත්‍යය, සදාකාලිකය, ශාස්වතයැයි මෙසේ ආස්වාදනය කරමින් පවත්නා වූ තෘෂ්ණාව භවතණ්හා නම් වේ. උච්ඡෙද දිට්ඨි සහගත රාග භාවයෙන් රූපය සිඳෙයි. නැසෙයි. පරලොවක් නොවන්නේ යයි මෙසේ ආස්වාදනය කරමින් පවත්නී විභව තණ්හාව යයි ත්‍රිවිධ වෙයි. රූප තණ්හා තොමෝ යම්සේ ද, ශබ්ද තණ්හා ආදිහුද එසේ වෙති. මේ තෘෂ්ණාවගේ අටලොස් ප්‍රභේදයෝ වෙති. ඒවා අධ්‍යාත්ම රූපාදියේ අටලොසක්ද, බාහිර රූපවල අටලොසක්දැයි සතිසක් ප්‍රභේදයෝ වෙති. මෙසේ අතීතයෙහි සතිසෙකැයි අනාගතයෙහි සතිසෙකැයි වර්තමානයෙහි සතිසෙකැයි එකසිය අටක් ප්‍රභේදයෝ වෙති.

“අජ‍්ඣත‍්තිකස‍්සුපාදාය ‘අස‍්මී’ති හොති, ‘ඉත්‍ථස‍්මී’ති හොතී”ති (විභ· 973-974) වා එවමාදීනා අජ‍්ඣත‍්තිකරූපාදිනිස‍්සිතානි අට‍්ඨාරස, “බාහිරස‍්සුපාදාය ‘ඉමිනා අස‍්මී’ති හොති, ‘ඉමිනා ඉත්‍ථස‍්මී’ති හොතී”ති වා (විභ· 975) එවමාදිනා බාහිරරූපාදිනිස‍්සිතානි අට‍්ඨාරසාති ඡත‍්තිංස. ඉති අතීතානි ඡත‍්තිංස, අනාගතානි ඡත‍්තිංස, පච‍්චුප‍්පන‍්නානි ඡත‍්තිංසාති එවම‍්පි අට‍්ඨසතතණ‍්හාවිචරිතානි හොන‍්ති.

නැතහොත්, අජ්ඣත්තිකස්සුපාදාය අස්මිති සති ඉත්‍ථස්මිති හොති, යන මේ ආදි වූ අධ්‍යාත්මික-රූපාදිය ඇසුරු කළාහු අටලොසෙක, බාහිරස්සුපාදාය ඉමිනා අස්මිති සති ඉමිනා ඉත්‍ථස්මිති හොති යනුවෙන් බාහිර රූපාදිය ඇසුරුකළ අටලොසකැයි සතිසක් මෙනි. මේ නයින් අතීතයෝ සතිසෙකි. අනාගතයෝ සතිසෙක, වර්තමානයේ සතිසෙකැයි මෙසේත්. එකසිය අටක් තෘෂ්ණා ප්‍රභේදයෝ මෙනි.

පුන සඞ‍්ගහෙ කරීයමානෙ රූපාදීසු ආරම‍්මණෙසු ඡළෙව තණ‍්හාකායා තිස‍්සොයෙව කාමතණ‍්හාදයො හොන‍්තීති එවං –

යලි සංග්‍රහ කරනු ලබන කල්හි රූපාදි ආරම්මණයන්හි සයක්ම තෘෂ්ණා කායයෝද තුනක්ම කාම තණ්හාදීහු වෙත්යයි මෙසේ

නිද‍්දෙසත්‍ථෙන නිද‍්දෙස-විත්‍ථාරා විත්‍ථාරස‍්ස ච; පුන සඞ‍්ගහතො තණ‍්හා, විඤ‍්ඤාතබ‍්බා විභාවිනාති.

නිද්දෙසත්‍ථෙන නිද්දෙස විත්‍ථරා විත්‍ථරස්සච පුන සංගහතො තණ්හා විඤ්ඤාතබ්බා විභාවිනා

(නිර්දේශාර්ථයෙහි වූ තණ්හා ශබ්දයෙන්, නිර්දේශ විස්තර වශයෙන් ද, විස්තර වූවහුගේත් නැවත සංග්‍රහ වශයෙන් ද, නුවණැත්තහු විසින් තණ්හා තොමෝ දතයුත්තීයි)

වෙදනාසමුදයාති එත්‍ථ පන වෙදනාති විපාකවෙදනා අධිප‍්පෙතා. සා කථං ඡසු ද‍්වාරෙසු තණ‍්හාය පච‍්චයො හොතීති චෙ? අස‍්සාදනීයතො. සුඛාය හි වෙදනාය අස‍්සාදනෙන සත‍්තා වෙදනං මමායන‍්තා වෙදනාය තණ‍්හං උප‍්පාදෙත්‍වා වෙදනාරාගරත‍්තා හුත්‍වා චක‍්ඛුද‍්වාරෙ ඉට‍්ඨමෙව රූපං පත්‍ථෙන‍්ති, ලද‍්ධා ච නං අස‍්සාදෙන‍්ති, ආරම‍්මණදායකානඤ‍්ච චිත‍්තකාරාදීනං සක‍්කාරං කරොන‍්ති. තථා සොතද‍්වාරාදීසු ඉට‍්ඨෙ ච සද‍්දාදයො පත්‍ථෙන‍්ති, ලද‍්ධා ච නෙ අස‍්සාදෙන‍්ති, ආරම‍්මණදායකානඤ‍්ච වීණාවාදක-ගන්‍ධිකසූද-තන‍්තවාය-නානාවිධසිප‍්පසන්‍දස‍්සකාදීනං සක‍්කාරං කරොන‍්ති. යථා කිං? යථා පුත‍්තසිනෙහෙන පුත‍්තං මමායන‍්තා ධාතියා සක‍්කාරං කරොන‍්ති, සප‍්පායසප‍්පිඛීරාදීනියෙව නං පායෙන‍්ති චෙව භොජෙන‍්ති ච. සෙසං වුත‍්තනයමෙව.

වෙදනා සමුදයා, මෙහි වනාහි වෙදනා යනු විපාක වේදනාව අදහස් කරන ලදී. එය සදොර තණ්හාවට කෙසේනම් ප්‍රත්‍යවේද යත්, ආස්වාද කළ යුතු බැවිනි. සැබව, සැප වේදනාවෙහි ආස්වාදනය හේතු කොටගෙන සත්ත්වයෝ එම වේදනාවට මමත්වය කරන්නාහු වේදනාවෙහි තණ්හාව උපදවා සැපවේදනා රාගයෙන් ඇලුනාහු චක්ඛු - ද්වාරයෙහි ඉෂ්ට වූම රූපයක් ප්‍රාර්ථනා කෙරෙති. නැවත ලද්දාහු එය ආස්වාදනය කෙරෙති. සැප ආරම්මණ දායක වූ චිත්තකාර ආදීන්ට සත්කාර කෙරෙති. සෝත ද්වාර ආදියෙහිද එසේමය. ඉෂ්ට වූ ශබ්ද ආදීන් පතත්, ලද්දා වූ ඒ ශබ්දාදීන් ආස්වාදනය කරති. ආලම්බන දායක වූ වීණා වාදකය, සුවඳකරුය, අරක්කැමිය, පෙහෙරුය විවිධ ශිල්ප දක්වන්නවුන් යනාදීන්ට සත්කාර කෙරෙති. කුමක් මෙන්ද යත් පුත් සෙනෙහසින් පුතුට මමත්වය කරන්නහු කිරිමටද යම්සේ සත්කාර කෙරෙත් ද සැප වූ ගිතෙල් කිරි ආදියම ඇයට පොවත් ද වළඳවත් ද, සෙස්ස කී නියායෙන්ම දතයුතුයැ.

තණ‍්හාවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

වෙදනාවාරවණ‍්ණනා

9. වෙදනා වාරය

වෙදනාවාරෙ වෙදනාකායාති වෙදනාසමූහා. චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා…පෙ… මනොසම‍්ඵස‍්සජා වෙදනාති එතං “චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා අත්‍ථි කුසලා, අත්‍ථි අකුසලා, අත්‍ථි අබ්‍යාකතා”ති (විභ· 34) එවං විභඞ‍්ගෙ ආගතත‍්තා චක‍්ඛුද‍්වාරාදීසු පවත‍්තානං කුසලාකුසලාබ්‍යාකතවෙදනානං “සාරිපුත‍්තො, මන‍්තාණිපුත‍්තො”ති එවමාදීසු මාතිතො නාමං විය මාතිසදිසවත්‍ථුතො නාමං. වචනත්‍ථො පනෙත්‍ථ චක‍්ඛුසම‍්ඵස‍්සහෙතු ජාතා වෙදනා චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනාති. එස නයො සබ‍්බත්‍ථ. අයං තාවෙත්‍ථ සබ‍්බසඞ‍්ගාහිකකථා.

වේදනාවාරයෙහි වෙදනාකායා, වේදනා සමූහයෝ චක්ඛු සම්ඵස්සජා වෙදනා -පෙ- මනො සම්ඵස්සජා වෙදනා යනුවෙන් වූ මෙය චක්ඛුසම්ඵස්සජා වෙදනා, අත්‍ථි කුසලා අත්‍ථි අකුසලා අත්‍ථි අව්‍යාකතා යනුවෙන් විභංගයෙහි ආ බැවින්, චක්ඛු ද්වාර ආදියෙහි පැවැති කුසල-අකුසල-අව්‍යාකත වේදනාවන්ට සාරිපුත්ත, මන්තානිපුත්ත යන මේ ආදි නාමයන්හි, මවු කෙරෙන් ආ නාමය මෙන් මාතෘ සමාන වූ වස්තුවක් කෙරෙන් ආ නාමයකි. මෙහි වචනාර්ථය වනාහි චක්ඛු සම්ඵස්ස හේතුවෙන් උපන් වේදනාව චක්ඛුසම්ඵස්සජා වේදනා නම් වන්නීය. සියලු තන්හි මේ ක්‍රමයයි. මේ පළමුකොට දක්වන ලද්දේ සර්ව සංග්‍රාහිකා කථාය.

විපාකවසෙන පන චක‍්ඛුද‍්වාරෙ ද‍්වෙ චක‍්ඛුවිඤ‍්ඤාණානි, ද‍්වෙ මනොධාතුයො, තිස‍්සො මනොවිඤ‍්ඤාණධාතුයොති එතාහි සම‍්පයුත‍්තවසෙන වෙදනා වෙදිතබ‍්බා. එස නයො සොතද‍්වාරාදීසු. මනොද‍්වාරෙ මනොවිඤ‍්ඤාණධාතුසම‍්පයුත‍්තාව.

විපාක වශයෙන් චක්ෂුර් ද්වාරයෙහි චක්ෂුර් විඥානයෝ දෙදෙනය. මනෝධාතුහු දෙදෙනය. මනෝවිඥාන ධාතූහු තිදෙන යන මොවුන් හා සම්පයුත්ත වශයෙන් (චක්ඛසම්ඵස්ස හේතුවෙන් උපන්) වේදනාව දතයුතුය. සෝත ද්වාරයේද මේ ක්‍රමයමයි. මනෝ ද්වාරයෙහි මනෝ විඥානධාන සම්ප්‍රයුක්ත වූ වේදනාව මැයි.

ඵස‍්සසමුදයාති එත්‍ථ පන පඤ‍්චද‍්වාරෙ පඤ‍්චවත්‍ථුකවෙදනානං සහජාතචක‍්ඛුසම‍්ඵස‍්සාදිසමුදයා සමුදයො හොති. අවසෙසානං චක‍්ඛුසම‍්ඵස‍්සාදයො උපනිස‍්සයාදිවසෙන පච‍්චයා. මනොද‍්වාරෙ තදාරම‍්මණවෙදනානං අද‍්වාරිකානඤ‍්ච පටිසන්‍ධිභවඞ‍්ගචුතිවෙදනානං සහජාතමනොසම‍්ඵස‍්සසමුදයා සමුදයො හොතීති වෙදිතබ‍්බො. සෙසං වුත‍්තනයමෙව.

ඵස්ස සමුදයා යන මෙහි පඤ්ච ද්වාරයෙහි සහජාත චක්ඛු සම්ඵස්සාදීන්ගේ සමුදය හේතුවෙන් පඤ්ච වත්‍ථුක වේදනාවන්ගේ සමුදය වෙයි. අවශේෂ වූවනට චක්ඛු සම්ඵස්සාදීහු උපනිශ්‍රයාදි වශයෙන් ප්‍රත්‍යය වෙති. මනෝද්වාරයෙහි තදාලම්බන වේදනාවන්ගේද අද්වාරික වූ පටිසන්ධි-භවාංග-ච්‍යුති-වේදනාවන්ගේද සහජාත වූ මනෝ සම්ඵස්ස සමුදය හේතුකොටගෙන පහළවීම වේයයි දතයුතුයි. සෙස්ස කී නයමැයි.

වෙදනාවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

ඵස‍්සවාරවණ‍්ණනා

10. ඵස්ස වාරය

ඵස‍්සවාරෙ චක‍්ඛුසම‍්ඵස‍්සොති චක‍්ඛුම‍්හි සම‍්ඵස‍්සො. එස නයො සබ‍්බත්‍ථ. චක‍්ඛුසම‍්ඵස‍්සො…පෙ… කායසම‍්ඵස‍්සොති එත‍්තාවතා ච කුසලාකුසලවිපාකා පඤ‍්චවත්‍ථුකා දස සම‍්ඵස‍්සා වුත‍්තා හොන‍්ති. මනොසම‍්ඵස‍්සොති ඉමිනා සෙසා බාවීසති ලොකියවිපාකමනසම‍්පයුත‍්තඵස‍්සා. සළායතනසමුදයාති ඡන‍්නං චක‍්ඛාදීනං ආයතනානං සමුදයෙන ඉමස‍්ස ඡබ‍්බිධස‍්සාපි සම‍්ඵස‍්සස‍්ස සමුදයො හොතීති වෙදිතබ‍්බො. සෙසං වුත‍්තනයමෙවාති.

ඵස්සවාරයෙහි ඇසෙහි ස්පර්ශයයි. සියලු තන්හි මේ ක්‍රමයමැයි. චක්ඛු සම්ඵස්සො -පෙ- කාය සම්ඵස්සො මෙතෙක් කුසලාකුසල වූ පඤ්ච වස්තුක වූ ස්පර්ශයෝ දසදෙන වදාරණ ලද්දාහු වෙති. මනොසම්ඵස්සො යන මේ වචනයෙන් පසු දෙවිසි ලෞකික විපාකයන් හා ඒකෝත්පාද තාදි භාවයෙන් සම්පයුත්ත වූ ස්පර්ශයෝ වදාරණ ලද්දාහුය. නාමරූප සමුදයා යනු චක්ඛු ආයතන ආදී වූ සවැදෑරුම් ආයතනයන්ගේ හටගැනීම හේතුකොටගෙන මේ සවැදෑරුම් වූ ඵස්සයාගේ හටගැනීම වේයයි දතයුතුයි. සෙස්ස කී නය ඇත්තේම වෙයි.

ඵස‍්සවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

සළායතනවාරවණ‍්ණනා

11. සළායතන වාරය

සළායතනවාරෙ චක‍්ඛායතනන‍්තිආදීසු යං වත‍්තබ‍්බං, තං සබ‍්බං විසුද‍්ධිමග‍්ගෙ ඛන්‍ධනිද‍්දෙසෙ චෙව ආයතනනිද‍්දෙසෙ ච වුත‍්තනයමෙව. නාමරූපසමුදයාති එත්‍ථ පන යං නාමං යඤ‍්ච රූපං, යඤ‍්ච නාමරූපං යස‍්ස ආයතනස‍්ස පච‍්චයො හොති, තස‍්ස වසෙන විසුද‍්ධිමග‍්ගෙ පටිච‍්චසමුප‍්පාදනිද‍්දෙසෙ වුත‍්තනයෙන නාමරූපසමුදයා සළායතනසමුදයො වෙදිතබ‍්බො. සෙසං වුත‍්තප‍්පකාරමෙවාති.

සළායතන වාරයෙහි චක්ඛායතනං යනාදි පදයන්හි යමක් කිවයුතුද, ඒ සියල්ල විසුද්ධි මග්ගයේ ඛන්‍ධ නිද්දෙසයේ සහ ආයතන නිද්දේසයේ කියන ලද ක්‍රමයමැයි. නාමරූප සමුදයා යන මෙහි යම් නාමයකුත් යම් රූපයකුත් එම ආයතනයන්ට ප්‍රත්‍ය වේද, ඒ නාම රූපයාගේ වශයෙන් විසුද්ධි මාර්ගයෙහි පටිච්ච සමුප්පාද නිද්දෙසයෙහි කී ක්‍රමයෙන් නාමරූපයන්ගේ හටගැනීමෙන් සළායතනයන්ගේ හටගැනීම දතයුතුය. සෙස්ස උක්ත නයම වෙයි.

සළායතනවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

නාමරූපවාරවණ‍්ණනා

12. නාමරූප වාරය

නාමරූපවාරෙ නමනලක‍්ඛණං නාමං. රුප‍්පනලක‍්ඛණං රූපං. විත්‍ථාරවාරෙ පනස‍්ස වෙදනාති වෙදනාක‍්ඛන්‍ධො. සඤ‍්ඤාති සඤ‍්ඤාක‍්ඛන්‍ධො. චෙතනා ඵස‍්සො මනසිකාරොති සඞ‍්ඛාරක‍්ඛන්‍ධො වෙදිතබ‍්බො. කාමඤ‍්ච අඤ‍්ඤෙපි සඞ‍්ඛාරක‍්ඛන්‍ධසඞ‍්ගහිතා ධම‍්මා සන‍්ති, ඉමෙ පන තයො සබ‍්බදුබ‍්බලෙසුපි චිත‍්තෙසු සන‍්ති. තස‍්මා එතෙසංයෙව වසෙනෙත්‍ථ සඞ‍්ඛාරක‍්ඛන්‍ධොපි දස‍්සිතො. චත‍්තාරි ච මහාභූතානීති එත්‍ථ චත‍්තාරීති ගණනපරිච‍්ඡෙදො. මහාභූතානීති පථවීආපතෙජවායානමෙතං අධිවචනං. යෙන පන කාරණෙන තානි මහාභූතානීති වුච‍්චන‍්ති, යො චෙත්‍ථ අඤ‍්ඤො විනිච‍්ඡයනයො, සො සබ‍්බො විසුද‍්ධිමග‍්ගෙ රූපක‍්ඛන්‍ධනිද‍්දෙසෙ වුත‍්තො.

නාමරූපවාරයෙහි නැමීම ලක්‍ෂණකොට ඇත්තේ නාම නම් වේ. බිඳීම ලක්‍ෂණකොට ඇත්තේ රූප නම් වේ. විස්තර වාරයෙහි වෙදනා යනු වෙදනා ස්කන්ධයයි. සඤ්ඤා යන සංඥා ස්කන්ධයයි. චෙතනා ඵස්සො, මනසිකාරො යනු සංස්කාර ස්කන්ධයයි දතයුතුයැ. තව ද ඒකාන්තයෙන් සංඛාර ඛන්‍ධයෙහි සංග්‍රහ වූ ධර්මයෝ වෙති. එතකුදු වුවත් මොහු තිදෙන ඉතාම දුර්වල වූ චිත්තයන්හි පවා යම්හෙයකින් වෙත්ද එහෙයින් මොවුන්ගේම වශයෙන් මෙහි සංඛාර ඛන්‍ධ දක්වන ලදී. චත්තාරි මහාභූතානි යන මෙහි චත්තාරි යන ගණන පරිච්ඡේද කිරිමයි. මහාභූතානි යනු පඨවි ආපෝ-තේජෝ-වායෝ යන මොහුය. යම් කරුණකින් වනාහි ඔවුහු මහාභූතයෝ යයි කියනු ලැබෙත් ද, මෙහි අන්‍ය වූ යම් විනිශ්චය නයකුත් ඒ සියල්ල විසුද්ධි මාර්ගයෙහි රූපක්ඛන්ධ නිද්දෙසයෙහි කියන ලද්දේය.

චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදායාති එත්‍ථ පන චතුන‍්නන‍්ති උපයොගත්‍ථෙ සාමිවචනං, චත‍්තාරි ච මහාභූතානීති වුත‍්තං හොති. උපාදායාති උපාදියිත්‍වා, ගහෙත්‍වාති අත්‍ථො. නිස‍්සායාතිපි එකෙ. වත‍්තමානන‍්ති අයඤ‍්චෙත්‍ථ පාඨසෙසො. සමූහත්‍ථෙ වා එතං සාමිවචනං. තෙන චතුන‍්නඤ‍්ච මහාභූතානං සමූහං උපාදාය පවත‍්තමානං රූපන‍්ති අයමත්‍ථො වෙදිතබ‍්බො. එවං සබ‍්බත්‍ථාපි යානි චත‍්තාරි පථවීආදීනි මහාභූතානි, යඤ‍්ච චතුන‍්නං මහාභූතානං උපාදාය වත‍්තමානං චක‍්ඛායතනාදිභෙදෙන අභිධම‍්මපාළියමෙව වුත‍්තං තෙවීසතිවිධං රූපං, තං සබ‍්බම‍්පි “රූප”න‍්ති වෙදිතබ‍්බං. විඤ‍්ඤාණසමුදයාති එත්‍ථ පන යං විඤ‍්ඤාණං යස‍්ස නාමස‍්ස යස‍්ස ච රූපස‍්ස යස‍්ස ච නාමරූපස‍්ස පච‍්චයො හොති, තස‍්ස වසෙන විසුද‍්ධිමග‍්ගෙ පටිච‍්චසමුප‍්පාදනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව විඤ‍්ඤාණසමුදයා නාමරූපසමුදයො වෙදිතබ‍්බො. සෙසං වුත‍්තනයමෙවාති.

චතුන්නං ච මහාභූතානං උපාදාය යන මෙහි චතුන්නං යනු උපයෝග (කර්ම) අර්ථයෙහි සාමි වචනයි. සතර මහාභූතයන් යි කියන ලද වෙයි. උපාදාය යනු උපාදානය කොටගෙන යන අර්ථයි. ඇතැම් ආචාර්ය කෙනෙක් නිශ්‍රය කොට යයි ද, (අරුත් බෙණෙති) වත්තමානං යන මෙයද මෙහි පාඨ ශේෂයි. නොහොත් මෙය සමූහ අර්ථයෙහි සාමි වචනයි. එබැවින් සතර මහා භූතයන්ගේ සමූහය ගෙන හෙවත් ඇසුරුකොට පවත්නා වූ රූපයයි මෙහි අර්ථය දතයුතුය. මෙසේ සියලු තන්හිම පඨවි ආදි සතර මහා භූත කෙනෙකුන් වෙත් ද, සතරමහා භූතයන් නිසා පවත්නා වූ යම් චක්ඛු ආයතනාදි භේදයෙන් අභිධර්ම පෙළෙහි වදාළ තෙවිසිවැදෑරුම් රූපයකුත් වේද ඒ සියල්ල රූපයයි දතයුතුයැ. විඤ්ඤාණ සමුදයා යන මෙහි යම් විඤ්ඤාණයක් යම් නාමයකටද යම් රූපයකටද යම් නාමරූපයකටද ප්‍රත්‍ය වේනම් ඒ පටිසන්ධි විඤ්ඤාණයාගේ හටගැනීමෙන් නාම රූපයන්ගේ හටගැනීම දතයුතු. සෙස්ස කී නයමැයි.

නාමරූපවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

විඤ‍්ඤාණවාරවණ‍්ණනා

13. විඤ්ඤාණ වාරය

විඤ‍්ඤාණවාරෙ චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති චක‍්ඛුම‍්හි විඤ‍්ඤාණං, චක‍්ඛුතො වා ජාතං විඤ‍්ඤාණන‍්ති චක‍්ඛුවිඤ‍්ඤාණං. එවං සොතඝානජිව‍්හාකායවිඤ‍්ඤාණානි. ඉතරං පන මනොයෙව විඤ‍්ඤාණන‍්ති මනොවිඤ‍්ඤාණං. ද‍්විපඤ‍්චවිඤ‍්ඤාණවජ‍්ජස‍්ස තෙභූමකවිපාකචිත‍්තස‍්සෙතං අධිවචනං. සඞ‍්ඛාරසමුදයාති එත්‍ථ පන යො සඞ‍්ඛාරො යස‍්ස විඤ‍්ඤාණස‍්ස පච‍්චයො හොති, තස‍්ස වසෙන සඞ‍්ඛාරසමුදයා විඤ‍්ඤාණසමුදයො වෙදිතබ‍්බො. සෙසං වුත‍්තනයමෙවාති.

විඤ්ඤාණ වාරයෙහි චක්ඛු විඤ්ඤාණං යනු ඇසෙහි විඤ්ඤාණය හෙවත් ඇස හේතුකොට හටගත් විඤ්ඤාණය නුයි චක්ඛු විඤ්ඤාණ නම් වේ. සොත- සාන-ජීව්හා-කාය විඤ්ඤාණයෝ ද මෙසේයි. අන්‍ය වූ මනො විඤ්ඤාණ නම් චිත්තයම විඤ්ඤාණ වූයේ නුයි මනෝ විඤ්ඤාණ නම් වේ. දෙපස් විඤ්ඤාණයන් තොරකොට ඇති තෙභූමක විපාක චිත්තයට මේ මනෝ විඤ්ඤාණ යනුම කී. සංඛාර සමුදයා යන මෙහි යම් සංඛාරයක් තෙම යම් විඤ්ඤාණයකට ප්‍රත්‍යය වේද, ඒ සංඛාරයාගේ වශයෙන් විසුද්ධි මාර්ගයෙහි, කී අයුරින්ම සංඛාරයන්ගේ හටගැනීමෙන් විඤ්ඤානයාගේ හටගැනීම දතයුතුය. සෙස්ස කී නයමැයි.

විඤ‍්ඤාණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

සඞ‍්ඛාරවාරවණ‍්ණනා

14. සංඛාර වාරය

සඞ‍්ඛාරවාරෙ අභිසඞ‍්ඛරණලක‍්ඛණො සඞ‍්ඛාරො. විත්‍ථාරවාරෙ පනස‍්ස කායසඞ‍්ඛාරොති කායතො පවත‍්තසඞ‍්ඛාරො, කායද‍්වාරෙ චොපනවසෙන පවත‍්තානං කාමාවචරකුසලතො අට‍්ඨන‍්නං, අකුසලතො ද‍්වාදසන‍්නන‍්ති වීසතියා කායසඤ‍්චෙතනානමෙතං අධිවචනං.

සංඛාර වාරයෙහි සකස් කිරීම ලක්‍ෂණකොට ඇත්තේ සංඛාර නම් වේ. මෙම සංඛාරයන්ගේ විස්තර වාරයෙහි, කායසංඛාරො යනු කයින් පවත්වන ලද සංඛාරයයි. කායද්වාරයෙහි මද වශයෙන් පැවැති කාමාවචර කුසලයන් වශයෙන් අටදෙනෙකුටද අකුසලයන් වශයෙන් දොලසකටදැයි විසිවැදෑරුම් වූ කාය සඤ්චෙතනාවන්ට මේ නමකි.

වචීසඞ‍්ඛාරොති වචිතො පවත‍්තසඞ‍්ඛාරො, වචීද‍්වාරෙ වචනභෙදවසෙන පවත‍්තානං වීසතියා එව වචීසඤ‍්චෙතනානමෙතං අධිවචනං. චිත‍්තසඞ‍්ඛාරොති චිත‍්තතො පවත‍්තසඞ‍්ඛාරො, කායවචීද‍්වාරෙ චොපනං අකත්‍වා රහො නිසීදිත්‍වා චින‍්තයන‍්තස‍්ස පවත‍්තානං ලොකියකුසලාකුසලවසෙන එකූනතිංසමනොසඤ‍්චෙතනානමෙතං අධිවචනං. අවිජ‍්ජාසමුදයාති එත්‍ථ පන කුසලානං උපනිස‍්සයවසෙන අකුසලානං සහජාතාදිවසෙනාපි අවිජ‍්ජාපච‍්චයො හොතීති වෙදිතබ‍්බා. සෙසං වුත‍්තනයමෙවාති.

වචී සංඛාරො යනු වාග් ද්වාරයෙහි වාග් භේද වශයෙන් පවත්නා වූ විසිවැදෑරුම් වූ වාග් සඤ්චෙතනාවන්ට මේ නමකි. චිත්ත සංඛාරො යනු සිතින් පැවැති සංඛාරයයි. කාය වාග් ද්වාරයන්හි මද පැවැත්මක් නොකොට රහසිගතව සිට සිතන්නහුට පැවැති ලෞකික කුසලාකුසල වශයෙන් වූ එකුන්තිස් මනෝ සඤ්චෙතනාවන්ට මේ නමකි. අවිජ්ජා සමුදයා යන මෙහි කුසලයන්ට උපනිශ්‍රය වශයෙන්ද අකුසලයන්ට සහජාත වශයෙන් ද අවිද්‍යා තොමෝ ප්‍රත්‍ය වන්නී යයි දතයුත්තීය. සෙස්ස කී අයුරුමැයි.

සඞ‍්ඛාරවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

අවිජ‍්ජාවාරවණ‍්ණනා

15. අවිජ්ජා වාරය

අවිජ‍්ජාවාරෙ දුක‍්ඛෙ අඤ‍්ඤාණන‍්ති දුක‍්ඛසච‍්චෙ අඤ‍්ඤාණං, මොහස‍්සෙතං අධිවචනං. එස නයො සමුදයෙ අඤ‍්ඤාණන‍්තිආදීසු. තත්‍ථ චතූහි කාරණෙහි දුක‍්ඛෙ අඤ‍්ඤාණං වෙදිතබ‍්බං අන‍්තොගධතො වත්‍ථුතො ආරම‍්මණතො පටිච‍්ඡාදනතො ච. තථා හි තං දුක‍්ඛසච‍්චපරියාපන‍්නත‍්තා දුක‍්ඛෙ අන‍්තොගධං, දුක‍්ඛසච‍්චඤ‍්චස‍්ස නිස‍්සයපච‍්චයභාවෙන වත්‍ථු, ආරම‍්මණපච‍්චයභාවෙන ආරම‍්මණං, දුක‍්ඛසච‍්චඤ‍්ච එතං පටිච‍්ඡාදෙති, තස‍්ස යාථාවලක‍්ඛණප‍්පටිවෙධනිවාරණෙන, ඤාණප‍්පවත‍්තියා චෙත්‍ථ අප‍්පදානෙන.

අවිජ්ජා වාරයෙහි, දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛ සත්‍ය විෂයෙහි නොදැනීමයි. මෙය මෝහයට නමකි. සමුදයේ අඤ්ඤාණං යනාදි තන්හි මෙම ක්‍රමයමයි. ඔවුනතුරෙහි කරුණු සතරකින් දුක්ඛ සත්‍යයෙහි නොදැන්ම දතයුතුයි. ඇතුළත් වීම් වශයෙන් ද වස්තු වශයෙන් ද අරමුණු වශයෙන්ද වැසීම් වශයෙන්දැයි කියායි. ඒ එසේමැයි. එම දුක්ඛයෙහි නොදැනීම දුක්ඛ සත්‍ය පරියාපන්න බැවින් දුක්ඛ සත්‍යයෙහිම ඇතුළත් වේ. දුක්ඛ සත්‍යද ඊට නිශ්‍රය ප්‍රත්‍ය වශයෙන් වස්තු වෙයි. ආරම්මණ ප්‍රත්‍යභාවයෙන් අරමුණු වෙයි. දුක්ඛයෙහි එය පටිච්ඡාදනය කෙරෙයි. එය දුක්ඛයාගේ අවිරීත වූ ලක්‍ෂණ ප්‍රතිවේධය වැළකීම් වශයෙන් ඒ දුක්ඛයෙහි ඤාණයාගේ පැවැත්මද නොදීම් වශයෙන් ද වේ.

සමුදයෙ අඤ‍්ඤාණං තීහි කාරණෙහි වෙදිතබ‍්බං වත්‍ථුතො ආරම‍්මණතො පටිච‍්ඡාදනතො ච. නිරොධෙ පටිපදායඤ‍්ච අඤ‍්ඤාණං එකෙනෙව කාරණෙන වෙදිතබ‍්බං පටිච‍්ඡාදනතො. නිරොධපටිපදාය හි පටිච‍්ඡාදකමෙව අඤ‍්ඤාණං තෙසං යාථාවලක‍්ඛණප‍්පටිවෙධනිවාරණෙන, තෙසු ච ඤාණප‍්පවත‍්තියා අප‍්පදානෙන. න පන තත්‍ථ අන‍්තොගධං, තස‍්මිං සච‍්චද‍්වයෙ අපරියාපන‍්නත‍්තා. න තස‍්ස තං සච‍්චද‍්වයං වත්‍ථු, අසහජාතත‍්තා. නාරම‍්මණං, තදාරබ‍්භ අප‍්පවත‍්තනතො. පච‍්ඡිමඤ‍්හි සච‍්චද‍්වයං ගම‍්භීරත‍්තා දුද‍්දසං, න චෙත්‍ථ අන්‍ධභූතං අඤ‍්ඤාණං පවත‍්තති. පුරිමං පන වඤ‍්චනියට‍්ඨෙන සභාවලක‍්ඛණස‍්ස දුද‍්දසත‍්තා ගම‍්භීරං, තත්‍ථ විපල‍්ලාසග‍්ගාහවසෙන පවත‍්තති.

සමුදය සත්‍යයාගේ නොදැන්ම කරුණු තුනකින් දතයුතුය. වස්තු වශයෙන් ද, අරමුණු වශයෙන් ද, පටිච්ඡාදන වශයෙන්දැයි කියායි. නිරෝධ සත්‍යයෙහි ද, මාර්ග සත්‍යයෙහි ද නොදැනී පටිච්ඡාදන වශයෙන් එකම කරුණකින් දතයුතුයැ. නිරෝධ මාර්ගයන්ගේ පටිච්ඡාදනයම නොදැනීම වෙයි. ඒ නිරෝධ මාර්ගයන්ගේ අවිපරීත වූ ලක්‍ෂණ ප්‍රතිවේධය වැළකීම වශයෙන් ද නිරෝධ මාර්ගයන්හි ඥානයාගේ පැවැත්ම නොදීම් වශයෙන් ද වෙයි. එම අඤ්ඤාණය එහි ඇතුළත් වූයේ නොවෙයි. එම සත්‍ය දෙකෙහි අපරියාපන්න බැවිනි. එම නොදැන්මම එම සත්‍ය දෙක වස්තු වූයේ නොවෙයි. සහජාත නොවූ බැවිනි. අරමුණු වූයේ නොවෙයි. එම සත්‍ය දෙක අරභයා නොපවත්නා බැවිනි. පශ්චිම වූ නිරෝධ-මාර්ග සත්‍ය දෙක ගම්භීර බැවින් දක්නට දුෂ්කර වෙයි. එහි අන්ධ වූ නොදැක්ම නො පවතී. පූර්ව වූ (දුක්ඛ-සමුදය) සත්‍ය දෙක, විරුද්ධාර්ථයෙන් ස්වභාව ලක්‍ෂණ තමා දැකීමට දුෂ්කර බැවින් ගම්භීර වෙයි. එහි විපර්යාස ග්‍රාහ වශයෙන් (නොදැනීම) පවතී.

අපිච දුක‍්ඛෙති එත‍්තාවතා සඞ‍්ගහතො වත්‍ථුතො ආරම‍්මණතො කිච‍්චතො ච අවිජ‍්ජා දීපිතා. දුක‍්ඛසමුදයෙති එත‍්තාවතා වත්‍ථුතො ආරම‍්මණතො කිච‍්චතො ච. දුක‍්ඛනිරොධෙ දුක‍්ඛනිරොධගාමිනියා පටිපදායාති එත‍්තාවතා කිච‍්චතො. අවිසෙසතො පන අඤ‍්ඤාණන‍්ති එතෙන සභාවතො නිද‍්දිට‍්ඨාති ඤාතබ‍්බා. ආසවසමුදයාති එත්‍ථ පන කාමාසවභවාසවා සහජාතාදිවසෙන අවිජ‍්ජාය පච‍්චයා හොන‍්ති. අවිජ‍්ජාසවො උපනිස‍්සයවසෙනෙව. පුබ‍්බුප‍්පන‍්නා චෙත්‍ථ අවිජ‍්ජා අවිජ‍්ජාසවොති වෙදිතබ‍්බා. සා අපරාපරුප‍්පන‍්නාය අවිජ‍්ජාය උපනිස‍්සයපච‍්චයො හොති. සෙසං වුත‍්තනයමෙවාති.

තව ද දුක්ඛ යයි මෙතෙකින් සංග්‍රහ වශයෙන් ද, වස්තු වශයෙන්ද වස්තු වශයෙන් ද, ආරම්මණ වශයෙන් ද කෘත්‍ය වශයෙන්දයි අවිජ්ජාව දත්වන ලදීය. දුක්ඛ සමුදයෙ යයි මෙතෙකින් වස්තු වශයෙන් ද ආරම්මණ වශයෙන් ද, කෘත්‍ය වශයෙන් ද (අවිජ්ජාව) දක්වන ලද්දීය. දුක්ඛ නිරෝධෙ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය යයි මෙතෙකින් කෘත්‍ය වශයෙන් (අවිජ්ජාව) දක්වන ලදී. අවිශේෂයෙන් වනාහි අඤ්ඤාණං යන මෙම වචනයෙන් ස්වභාව වශයෙන් (අවිජ්ජාව) දක්වන ලද්දීයයි දතයුත්තීය. ආසව සමුදයා යන මෙහි කාමාසව, භවාසවයෝ සහජාතාදීන්ගේ වශයෙන් අවිජ්ජාවට ප්‍රත්‍ය වෙයි. අවිජ්ජාසවය උපතිස්සය වශයෙන් ප්‍රත්‍ය වෙයි. තව ද මෙහි පළමු උපන් අවිජ්ජා තොමෝ අවිජ්ජාසවයයි දතයුත්තීයැ. ඕ තොමෝ පසුව පසුව උපන් අවිජ්ජාවට උපනිස්සය ප්‍රත්‍ය වෙයි. සෙස්ස කියන ලද ක්‍රමයමැයි.

අවිජ‍්ජාවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

ආසවවාරවණ‍්ණනා

16. ආසව වාරය

ආසවවාරෙ අවිජ‍්ජාසමුදයාති එත්‍ථ අවිජ‍්ජා කාමාසවභවාසවානං සහජාතාදිවසෙන පච‍්චයො හොති. අවිජ‍්ජාසවස‍්ස උපනිස‍්සයවසෙනෙව. අපරාපරුප‍්පන‍්නා චෙත්‍ථ අවිජ‍්ජා අවිජ‍්ජාසවොති වෙදිතබ‍්බා. පුබ‍්බුප‍්පන‍්නා අවිජ‍්ජායෙවස‍්ස අපරාපරුප‍්පන‍්නස‍්ස අවිජ‍්ජාසවස‍්ස උපනිස‍්සයපච‍්චයො හොති. සෙසං වුත‍්තනයමෙවාති.

අවිජ්ජා සමුදයා යන මෙහි, අවිජ්ජා තොමෝ කාමාසව, භවාසවයන්ට සහජාතාදීන්ගේ වශයෙන් ප්‍රත්‍ය වෙයි. අවිජ්ජාසවයට උපතිස්සය වශයෙන් ප්‍රත්‍ය වෙයි. තව ද මෙහි පසුව උපන් අවිජ්ජා තොමෝ අවිජ්ජාව නම් වේ. පළමු උත්පත්ති අවිජ්ජාවමයි. ඕ තොමෝ පසුව උපන් අවිද්‍යාශ්‍රවයට උපනිශ්‍රය ප්‍රත්‍යය වෙයි. සෙස්ස කී නයමැයි.

අයං වාරො යා එසා පටිච‍්චසමුප‍්පාදපදෙසු ජෙට‍්ඨිකා අවිජ‍්ජා, තස‍්සාපි පච‍්චයදස‍්සනවසෙන වුත‍්තො. එවං වුත‍්තෙන වාරෙන සංසාරස‍්ස අනමතග‍්ගතා සාධිතා හොති. කථං? ආසවසමුදයෙන හි අවිජ‍්ජාසමුදයො. අවිජ‍්ජාසමුදයෙනාපි ආසවසමුදයො. එවං ආසවා අවිජ‍්ජාය අවිජ‍්ජාපි ආසවානං පච‍්චයොති කත්‍වා පුබ‍්බකොටි න පඤ‍්ඤායති අවිජ‍්ජාය, තස‍්සා අපඤ‍්ඤායනතො සංසාරස‍්ස අනමතග‍්ගතා සිද‍්ධා හොතීති.

මේ ආසව වාරය තෙම පටිච්ච සමුප්පාදයෙහි ප්‍රධාන වූ අවිජ්ජාවක් වන්නීද ඒ අවිජ්ජාවගේද ප්‍රත්‍යය දැක්වීම් වශයෙන් වදාරණ ලද්දේය. මෙසේ වදාල මේ වාරය හේතුකොට සංසාරයාගේ නොදත හැකි අග්‍රය ඇතිබැව්, පැහැදිලි වූවා වෙයි. කෙසේද යත්, ආසව සමුදයෙන්ම අවිජ්ජා සමුදය වෙයි. මෙසේ ආසවයෝ අවිජ්ජාවට ද අවිජ්ජාව ආසවයන්ට ද ප්‍රත්‍යය වේයයි දක්වා අවිද්‍යාවන්ගේ පූර්වකෝටිය නොපැනෙයි. එම පූර්වකෝටිය නොපෙනෙන බව නිසා සංසාරයාගේ නොදතහැකි අග්‍ර ඇති බව සිද්ධවූවා වෙයි.

එවං සබ‍්බෙපිමෙ ඉමස‍්මිං සුත‍්තෙ කම‍්මපථවාරො ආහාරවාරො දුක‍්ඛවාරො ජරා-මරණ-ජාති-භව-උපාදාන-තණ‍්හා-වෙදනා-ඵස‍්ස-සළායතන-නාමරූප- විඤ‍්ඤාණ-සඞ‍්ඛාර-අවිජ‍්ජා-ආසවවාරොති සොළසවාරා වුත‍්තා.

මෙසේ මෙම සූත්‍රයෙහි මේ සියල්ලම කම්මපථ-ආහාර-දුක්ඛ-ජරා මරණ-ජාති-භව-උපාදාන-තණ්හා-වෙදනා-ඵස්ස-සළායතන-නාමරූප-විඤ්ඤාණ-සංඛාර-අවිජ්ජා සහ ආසව යනුවෙන් සොළොස් වාරයක් වදාළහ.

තෙසු එකෙකස‍්ස වාරස‍්ස සඞ‍්ඛෙපවිත්‍ථාරවසෙන ද‍්විධා විභත‍්තා ද‍්වත‍්තිංසට‍්ඨානානි හොන‍්ති. ඉති ඉමස‍්මිං සුත‍්තෙ ඉමෙසු ද‍්වත‍්තිංසට‍්ඨානෙසු චත‍්තාරි සච‍්චානි කථිතානි.

එක එක වාරය සංඛෙප, විත්‍ථාර යයි දෙපරිද්දකින් සිටි බැවින් දෙතිස් තැනක් වෙයි. මෙසේ මේ සූත්‍රයෙහි දෙතිස් තන්හි චතුරාර්ය සත්‍යය වදාරණ ලද්දාහුය.

එතෙසංයෙව විත්‍ථාරවසෙන වුත‍්තෙසු සොළසසු ඨානෙසු අරහත‍්තං කථිතං. ථෙරස‍්ස පන මතෙන ද‍්වත‍්තිංසායපි ඨානෙසු චත‍්තාරි සච‍්චානි චත‍්තාරො ච මග‍්ගා කථිතාති. ඉති සකලෙපි පඤ‍්චමහානිකායසඞ‍්ගහිතෙ බුද‍්ධවචනෙ නත්‍ථි තං සුත‍්තං, යත්‍ථ ද‍්වත‍්තිංසක‍්ඛත‍්තුං චත‍්තාරි සච‍්චානි ද‍්වත‍්තිංසක‍්ඛත‍්තුඤ‍්ච අරහත‍්තං පකාසිතං අඤ‍්ඤත්‍ර ඉමම‍්හා සම‍්මාදිට‍්ඨිසුත‍්තාති.

මොවුන්ගේ විස්තර වශයෙන් වදාළ සොළොස් තන්හි රහත් බව වදාරණ ලදී. තෙරුන් වහන්සේගේ බුද්ධියෙන් දෙතිස් තන්හිම චතුරාර්ය සත්‍යය ද සතර මගද වදාරණ ලදහ. මෙසේ හෙයින් සියලුම පංච නිකායෙහි සංග්‍රහ කරන ලද චතුරාර්ය සත්‍යයන් දෙතිස් වරක් රහත් බවත් වදාරණ ලදද, මේ සම්මා දිට්ඨි සූත්‍ර හැර එබඳු සූත්‍රයක් නැත්තේය.

ඉදමවොචායස‍්මා සාරිපුත‍්තොති ඉදං ද‍්වත‍්තිංසාය චතුසච‍්චපරියායෙහි ද‍්වත‍්තිංසාය අරහත‍්තපරියායෙහීති චතුසට‍්ඨියා කාරණෙහි අලඞ‍්කරිත්‍වා සම‍්මාදිට‍්ඨිසුත‍්තං ආයස‍්මා සාරිපුත‍්තො අවොච, අත‍්තමනා තෙ භික‍්ඛූ ආයස‍්මතො සාරිපුත‍්තස‍්ස භාසිතං අභිනන්‍දුන‍්ති.

ඉදමවොචායස්මා සාරිපුත්තො යනු දෙතිසක් චතුසචච පරියායන්ගෙන් ද, දෙතිස් රහත්ඵල පරියායන්ගෙන් ද සූසැට කරුණකින් සරසා සැරියුත් තෙරණුවෝ මේ සම්මා දිට්ඨි සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු සැරියුත් තෙරුන්ගේ භාෂිතය අනුමෝදන් වූවාහුය. මොනවට පිළිගත්තාහුය.

ආසවවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය සම‍්මාදිට‍්ඨිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්මා දිට්ඨි සූත්‍ර වර්ණනාව නිමි.