සතිපට්ඨානසුත්තවණ්ණනා අට්ඨකථා
සතිපට්ඨාන සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සතිපට්ඨානසුත්තං.
එවං මෙසුතං යනු සතිපට්ඨාන සූත්‍රයයි.
කුරු ජනපදය
තත්ථ කුරූසු විහරතීති කුරුනාමකා ජානපදිනො රාජකුමාරා, තෙසං නිවාසො එකොපි ජනපදො රුළ්හීසද්දෙන කුරූති වුච්චති, තස්මිං කුරූසු ජනපදෙ. අට්ඨකථාචරියා පනාහු – මන්ධාතුකාලෙ තීසු දීපෙසු මනුස්සා ජම්බුදීපො නාම බුද්ධපච්චෙකබුද්ධමහාසාවකචක්කවත්තිපභුතීනං උත්තමපුරිසානං උප්පත්තිභූමි උත්තමදීපො අතිරමණීයොති සුත්වා රඤ්ඤා මන්ධාතුචක්කවත්තිනා චක්කරතනං පුරක්ඛත්වා චත්තාරො දීපෙ අනුසංයායන්තෙන සද්ධිං ආගමංසු. තතො රාජා පරිණායකරතනං පුච්ඡි –
කුරුසු විහරති, කුරුනම් දනව් වැසි රාජ කුමාරයෝයි. ඔවුන්ගේ නිවාස වූ එක් ජනපදයක්ද රූඪී (අන්වර්ථ නොවූ ශබ්ද වශයෙන් කුරු යයි කියනු ලැබේ. එම කුරු ජනපදයෙහි යන අර්ථයි. අටුවා ඇදුරෝ වූකලී මෙසේ කීහ. මන්ධාතු රජුගේ කාලයෙහි පූර්ව විදේහ ආදි වූ තුන් දිවයින්හි මනුෂ්‍යයෝ-දඹදිව නම් බුදු-පසේබුදු-මහසවු-සක්විති ආදි වූ උතුම් පුරුෂයන්ට උත්පත්ති භූමි වූ උතුම් දිවයිනකි යිද ඉතා සිත්කළු යයි අසා සත්රුවන් පෙරටුකොට සතර දිවයින්හි පිළිවෙලින් හැසිරෙන්නා වූ මන්ධාතු සක්විති රජු සමග පැමිණියාහුය. ඉක්බිති රජතුමා පරිණායක රත්නය විචාළේය.
“අත්ථි නු ඛො මනුස්සලොකතො රමණීයතරං ඨාන”න්ති?
මිනිස්ලොවට වඩා ඉතා රමණීය තැනක් ඇත්දෝහෝයි කියා
“කස්මා දෙව එවං භණසි?
දේවයිනි කුමක් හෙයින් මෙසේ කියහුද,
“කිං න පස්සසි චන්දිමසූරියානං ආනුභාවං? “නනු එතෙසං ඨානං ඉතො රමණීයතර”න්ති?
[incorrect trans] මොවුන්ගේම වාසස්ථානය වූ සිව්මහරජය, මීට වඩා රමණීය වූයේ නොවේදැයි
රාජා චක්කරතනං පුරක්ඛත්වා තත්ථ අගමාසි. චත්තාරො මහාරාජානො “මන්ධාතුමහාරාජා ආගතො”ති සුත්වාව “මහිද්ධිකො මහානුභාවො රාජා න සක්කා යුද්ධෙන පටිබාහිතු”න්ති සකරජ්ජං නිය්යාතෙසුං.
රජතුමා සත්රුවන පෙරටුකොට එහි ගියහ. සතරවරම් රජදරුවෝ මන්ධාතු මහරජ තෙමේ ආයේයයි අසාම, හෙතෙම මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව ඇති රජෙක යුද්ධයෙන් පිටු දක්නට නොහැකි වන්නේ යයි සිය රජය පාවා දුන්හ.
සො තං ගහෙත්වා පුන පුච්ඡි – “අත්ථි නු ඛො ඉතො රමණීයතරං ඨාන”න්ති. අථස්ස තාවතිංසභවනං කථයිංසු – “තාවතිංසභවනං, දෙව, රමණීයතරං, තත්ථ සක්කස්ස දෙවරඤ්ඤො ඉමෙ චත්තාරො මහාරාජානො පරිචාරකා දොවාරිකභූමියං තිට්ඨන්ති. සක්කො දෙවරාජා මහිද්ධිකො මහානුභාවො. තස්සිමානි පන උපභොගට්ඨානානි, යොජනසහස්සුබ්බෙධො වෙජයන්තපාසාදො, පඤ්චයොජනසතුබ්බෙධා සුධම්මා දෙවසභා, දියඩ්ඪයොජනසතිකො වෙජයන්තරථො, තථා එරාවණො හත්ථී, දිබ්බරුක්ඛසහස්සපටිමණ්ඩිතං නන්දනවනං චිත්තලතාවනං ඵාරුසකවනං මිස්සකවනං. යොජනසතුබ්බෙධො පාරිච්ඡත්තකො කොවිළාරො, තස්ස හෙට්ඨා සට්ඨියොජනායාමා පණ්ණාසයොජනවිත්ථතා පඤ්චදසයොජනුබ්බෙධා ජයසුමනපුප්ඵවණ්ණා පණ්ඩුකම්බලසිලා, යස්සා මුදුතාය සක්කස්ස නිසීදතො උපඩ්ඪකායො අනුපවිසතී”ති.
හෙතෙම එම රජය ගෙන නැවතත් මේ ස්ථානයට වඩා රමණිය තැනක් ඇත්දැයි විචාළේය. එවිට ඔහුට තව්තිසා දෙව්ලොව මීට වඩා රමණීය බැව් කීවාහුය. දේවයන් වහන්ස, තව්තිසා භවන අතිශයින් සිත්කලු වෙයි. එහිදී සක්දෙව් රජහට සතරවරම් දෙවිවරු පිරිවර වූවාහුය. දොරටුපල් තන්හි සිටිති. ශක්‍ර දේවේන්ද්‍ර තෙම මහත් සෘද්ධි ඇත්තේ ද මහත් ආනුභාව ඇත්තේ ද වෙයි. ඔහුගේ උපභෝග ස්ථානයෝ මෙසේය. යොදුන් දහසක් උස වූ වෛජයන්ත නම් පහයෙක් වෙයි. පන්සියයක් යොදුන් උස් වූ සුධර්මා නම් දේව සභාවක් වූවාය. එකසිය පනස් යොදුන් උස වෛජයන්ත නම් රථයක් වෙයි. එබඳු වූම ඓරාවණ නම් ඇතෙක් වෙයි. කප්රුක් දහස් ගණනින් සැදුම් ලත් ‘නන්දන’ වනයද, ‘චිත්‍රලතා’ වනයද, ‘ඵාරුසක’ වනයද, ‘මිශ්‍රකව’ වනයද වෙයි. එසේම සියක් යොදුන් උස් වූ ‘පාරිච්ඡත්තක කොවීදුර වෘක්ෂය වෙයි. ඒ පරසතු රුකයට පණ්ඩුකම්බල නම් ශෛලමය අසුන වෙයි. එය මෘදුය. ඒ හේතුවෙන් එහි හිඳත්තා වූ සක්දෙවිඳුගේ කයේ අඩක් ඇතුළට පිවිසියේද වෙයි. එබඳු වූ සැටයොදුන් දිග, පනස් යොදුන් පළල පසළොස් යොදුන් උස බඳු වදමල් පැහැති පඬුඅඹුල් අසුනක් ද වේයයි.
තං සුත්වා රාජා තත්ථ ගන්තුකාමො චක්කරතනං අබ්භුක්කිරි. තං ආකාසෙ පතිට්ඨාසි සද්ධිං චතුරඞ්ගිනියා සෙනාය. අථ ද්වින්නං දෙවලොකානං වෙමජ්ඣතො චක්කරතනං ඔතරිත්වා පථවියං පතිට්ඨාසි සද්ධිං පරිණායකරතනප්පමුඛාය චතුරඞ්ගිනියා සෙනාය. රාජා එකකොව තාවතිංසභවනං අගමාසි. සක්කො “මන්ධාතා ආගතො”ති සුත්වාව තස්ස පච්චුග්ගමනං කත්වා – “ස්වාගතං තෙ, මහාරාජ, සකං තෙ, මහාරාජ. අනුසාස, මහාරාජා”ති වත්වා සද්ධිං නාටකෙහි රජ්ජං ද්වෙභාගෙ කත්වා එකං භාගමදාසි. රඤ්ඤො තාවතිංසභවනෙ පතිට්ඨිතමත්තස්සෙව මනුස්සභාවො විගච්ඡි, දෙවභාවො පාතුරහොසි.
ඒ අසා රජතුමා එහි යනු කැමැත්තේ සත්රුවනට පැන් වැඩීය. එවිට සත්රුවන සිවුරඟසෙනග සමග අහසට පැනනැග දෙව්ලොව මැදින් සත්රුවන බැස පරිනායක රත්නය පෙරටුකොට ඇති සිව්රඟ සෙනග සමග පොළොවෙහි පිහිටියේය. රජතුමා තනියම තව්තිසා භවනට ගියහ. සක්දෙව්රජ මන්ධාතු රජ ආයේයයි අසා ඔහුට පෙරගමන්කොට, මහරජ ඔබට ස්වාගතය රජය ඔබ සතුය. මහරජ අනුශාසනා කළ මැනවයි කියා නළුවන් සහිත රජය දෙකට බෙදා එක් භාගයක් රජුට දුනි. තව්තිසා භවනට පැමිණි ඇසිල්ලකින් රජුගේ මිනිස් බව පහව ගියේය. දෙවි බව පහළ විය.
තස්ස කිර සක්කෙන සද්ධිං පණ්ඩුකම්බලසිලායං නිසින්නස්ස අක්ඛිනිමිසමත්තෙන නානත්තං පඤ්ඤායති. තං අසල්ලක්ඛෙන්තා දෙවා සක්කස්ස ච තස්ස ච නානත්තෙ මුය්හන්ති. සො තත්ථ දිබ්බසම්පත්තිං අනුභවමානො යාව ඡත්තිංස සක්කා උප්පජ්ජිත්වා චුතා, තාව රජ්ජං කාරෙත්වා අතිත්තොයෙව කාමෙහි තතො චවිත්වා අත්තනො උය්යානෙ පතිට්ඨිතො වාතාතපෙන ඵුට්ඨගත්තො කාලමකාසි.
ශක්‍රයා සමග පඬුපුල් අස්නෙහි හුන්නාහු ඔහුගේ ඇසිපිය හෙලීම පමණකින්ම නානත්වය පෙනේ. ඒ නානත්වය නොසලකන්නා වූ දෙවියෝ ශක්‍රයාගේ ද, ඔහුගේ ද නානත්වයෙහි මුලාවෙති. හෙතෙම එම තව්තිසා භවනෙහි දෙව්සැප වළඳමින්, යම්තාක් සතිස් ශක්‍ර කෙනෙක් ඉපිද චුත වූවාහුද, එතෙක් කල් රජය කරවා පඤ්චකාමයෙන් තෘප්තියකට නොපැමිණියේ එයින් ගිලිහී සිය උයනෙහි වැටුනේ අවු සුළඟින් පහළ කර ඇත්තේ කලුරිය කළේය.
චක්කරතනෙ පන පථවියං පතිට්ඨිතෙ පරිණායකරතනං සුවණ්ණපට්ටෙ මන්ධාතුඋපාහනං ලිඛාපෙත්වා ඉදං මන්ධාතුරජ්ජන්ති රජ්ජමනුසාසි. තෙපි තීහි දීපෙහි ආගතමනුස්සා පුන ගන්තුං අසක්කොන්තා පරිණායකරතනං උපසඞ්කමිත්වා “දෙව මයං රඤ්ඤො ආනුභාවෙන ආගතා, ඉදානි ගන්තුං න සක්කොම, වසනට්ඨානං නො දෙහී”ති යාචිංසු. සො තෙසං එකෙකං ජනපදමදාසි. තත්ථ පුබ්බවිදෙහතො ආගතමනුස්සෙහි ආවසිතපදෙසො තායෙව පුරිමසඤ්ඤාය විදෙහරට්ඨන්ති නාමං ලභි. අපරගොයානතො ආගතමනුස්සෙහි ආවසිතපදෙසො අපරන්තජනපදොති නාමං ලභි. උත්තරකුරුතො ආගතමනුස්සෙහි ආවසිතපදෙසො කුරුරට්ඨන්ති නාමං ලභීති. බහුකෙ පන ගාමනිගමාදයො උපාදාය බහුවචනෙන වොහරීයති. තෙන වුත්තං “කුරූසු විහරතී”ති.
තවද චක්‍රරත්නය පොළොවෙහි පිහිටි කල්හි පරිණායක රත්නය රන්පටෙක මන්ධාතු රජුගේ වහල් සඟල අන්දවා මේ මන්ධාතු රජුගේ රජය යයි රාජ්යයනුශාසනා කළේය. ඒ තුන් දිවයිනෙන් පැමිණි මනුෂ්‍යයෝද නැවත යන්ට නොහැක්කාහු පුත්රුවන කරා එළඹ දේවයිනි, අපි රජුගේ ආනුභාවයෙන් ආවාහු වෙමු. දැන් යන්නට නොහැක්කෝ වෙමු, අපට වාසයට සුදුසු තැනක් දෙනු මැනවයි යාඥා කළහ. හෙතෙම ඔවුනට එක එක ජනපද දුන්නේය. ඒ ජනපදයන් අතුරෙහි පූර්ව විදේහයෙන් පැමිණි මිනිසුන් විසූ පෙදෙස ඒ පළමු නමින්ම ‘විදේහ’ රටයයි නම් ලදහ. අපරගෝයානයෙන් පැමිණි මිනිසුන් විසූ පෙදෙස අපරන්ත ජනපදයයි නම් ලදහ. උතුරුකුරු දිවයිනෙන් පැමිණි මිනිසුන් විසූ පෙදෙස කුරු රට යයි නම් ලදහ. බොහෝ ගම් නියම්ගම් ආදිය ගෙන බහුවචනයෙන් ව්‍යවහාර කරනු ලැබේ. එහෙයින් කියන ලද කුරුසු විහරති යයි.
කම්මාස්ස ධම්ම
කම්මාසධම්මං නාම කුරූනං නිගමොති. කම්මාසධම්මන්ති එත්ථ කෙචි ධ-කාරස්ස ද-කාරෙන අත්ථං වණ්ණයන්ති. කම්මාසො එත්ථ දමිතොති කම්මාසදම්මො. කම්මාසොති කම්මාසපාදො පොරිසාදො වුච්චති. තස්ස කිර පාදෙ ඛාණුකෙන විද්ධට්ඨානෙ වණො රුහන්තො චිත්තදාරුසදිසො හුත්වා රුහි, තස්මා කම්මාසපාදොති පඤ්ඤායිත්ථ. සො ච තස්මිං ඔකාසෙ දමිතො පොරිසාදභාවතො පටිසෙධිතො. කෙන? මහාසත්තෙන. කතරස්මිං ජාතකෙති? මහාසුතසොමජාතකෙති එකෙ. ඉමෙ පන ථෙරා ජයද්දිසජාතකෙති වදන්ති. තදා හි මහාසත්තෙන කම්මාසපාදො දමිතො. යථාහ –
කම්මාස්ස ධම්මං නාම කුරූනං නිගමො, කම්මාස්ස ධම්මං යන මෙහි කිසිවෙක් ධ කාරය ද කාර වශයෙන් ගෙන අරුත් වර්ණනා කෙරෙත්. කල්මාෂ තෙම මෙහිදී මෙහි දමනය කර ලදනුයි කම්මාස්ස දම්ම නමි. කම්මසො යනු කල්මාෂ වූ පය ඇති පෝරිසාද තෙම කියනු ලැබේ. ඔහුගේ පය කණුවකින් විදිතැන වණය වැඩෙන්නේ චිත්රදාර සදෘශව (දුඹුරුවන් දැව කොටයකට සමානව) යම්හෙයකින් වැඩීම වීද, එහෙයින් කල්මාෂ පාදයයි ප්‍රසිද්ධ විය. ඒ කල්මාෂ පාදද ඒ අවකාසයෙහි දමනය කරන ලද පෝරිසාද භාවයෙන් වළකන ලද්දේ කවරෙකු විසින්ද යත් මහසත්හු විසින් දමනය කරන ලදී. කවර ජාතකයෙක්හිද යත් සුතසෝම ජාතකයෙහි යයි කියති. මහාවිහාරවාසී තෙරහු ජයද්දිස ජාතකයෙහි යයි කියති. ජයද්දිස ජාතකයෙහි යනු සැබව ඒ ජයද්දිස කාලයෙහි මහසත්හු විසින් කල්මාෂ පාදතෙම දමනය කරන ලද්දේය. එහෙයින් වදාළහ.
“පුත්තො යදා හොමි ජයද්දිසස්ස, පඤ්චාලරට්ඨාධිපතිස්ස අත්රජො; චජිත්වාන පාණං පිතරං පමොචයිං, කම්මාසපාදම්පි චහං පසාදයි”න්ති.
පුත්තො යදා හොමි ජයද්දිසස්ස - පඤ්චාල රට්ඨාධිපතිස්ස අත්රජො චත්වාන පාණං පිතරං අමොචයිං කම්මාස පාදම්පිච්හං පසාදයිං
(යම්කලෙක පඤ්චාල දේශාධිපති වූ ජයද්දිස රජුට මම පුත්‍රයා වීමි. මගේ ප්‍රාණය පරිත්‍යාගකොට පියාණන් මරණයෙන් මිදවීමි. කල්මාෂ පාද නම් වූ පෝරිසාදයාද පැහැදවීමි)
කෙචි පන ධ-කාරෙනෙව අත්ථං වණ්ණයන්ති. කුරුරට්ඨවාසීනං කිර කුරුවත්තධම්මො තස්මිං කම්මාසො ජාතො, තස්මා තං ඨානං කම්මාසො එත්ථ ධම්මො ජාතොති කම්මාසධම්මන්ති වුච්චති. තත්ථ නිවිට්ඨනිගමස්සාපි එතදෙව නාමං. භුම්මවචනෙන කස්මා න වුත්තන්ති? අවසනොකාසතො. භගවතො කිර තස්මිං නිගමෙ වසනොකාසො කොචි විහාරො නාහොසි. නිගමතො පන අපක්කම්ම අඤ්ඤතරස්මිං උදකසම්පන්නෙ රමණීයෙ භූමිභාගෙ මහාවනසණ්ඩො අහොසි. තත්ථ භගවා විහාසි. තං නිගමං ගොචරගාමං කත්වා, තස්මා එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො “කුරූසු විහරති කම්මාසධම්මං නාම කුරූනං නිගමො, තං ගොචරගාමං කත්වා”ති.
කිසිවෙක් වනාහි ධ කාරයෙන්ම අර්ථ වර්ණනා කරති. කුරුරට වැසියන්ගේ කුරු නම් වූ ව්‍රත ධර්මය එහිදී කම්මාස නම් වීද, එබැවින් එම ස්ථානය කම්මාස නම් වීය. එහි හටගත් ධර්මයද කම්මාස ධර්මයයි කියනු ලැබේ. එහි වැසියන් පදිංචි වූ නියම්ගමටද මේ නාමයම විය. භුම්ම (සත්තමී) වචනයෙන් කුමක් හෙයින් නොකියන ලද්දේ ද යත් විසීමට අවකාස නොවන හෙයිනි. බුදුරදුන්ට ඒ නියම විසීමට කිසි විහාරයක් නොවීය. එසේ වුවත් නියගමින් ඉවත්ව ජලය ඇති එක්තරා රමණීය බිම්පෙදෙසක මහත්වූ වනලැහැබක් විය. ඒ වනලැහැබෙහි බුදුරදහු එම නියම්ගම ගොදුරු ගම්කොට විසූ සේක. එසේ හෙයින් මෙසේ මෙහි අරුත් දතයුතුයැ. කුරු ජනපදයෙහි කම්මාස්සධම්ම නම් කුරුවාසීන්ගේ නියම්ගම යම් තැනෙක්හිද එසේ ගොදුරුගම්කොට භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි සේක.
- උද්දෙසවාරකථාවණ්ණනා
- කායානුපස්සනාආනාපානපබ්බවණ්ණනා
- ඉරියාපථපබ්බවණ්ණනා
- චතුසම්පජඤ්ඤපබ්බවණ්ණනා
- පටිකූලමනසිකාරපබ්බවණ්ණනා
- ධාතුමනසිකාරපබ්බවණ්ණනා
- නවසිවථිකපබ්බවණ්ණනා
- වෙදනානුපස්සනාවණ්ණනා
- චිත්තානුපස්සනාවණ්ණනා
- ධම්මානුපස්සනා නීවරණපබ්බවණ්ණනා
- ඛන්ධපබ්බවණ්ණනා
- ආයතනපබ්බවණ්ණනා
- බොජ්ඣඞ්ගපබ්බවණ්ණනා
- චතුසච්චපබ්බවණ්ණනා