යෙදුමෙන් කියවන්න

චතුසම‍්පජඤ‍්ඤපබ‍්බවණ‍්ණනා අට‍්ඨකථා

චතුසම‍්පජඤ‍්ඤපබ‍්බවණ‍්ණනා

චතුසම්පජඤ්ඤ පබබ-වර්ණනාව

එවං ඉරියාපථවසෙන කායානුපස‍්සනං විභජිත්‍වා ඉදානි චතුසම‍්පජඤ‍්ඤවසෙන විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථ අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙති එත්‍ථ තාව අභික‍්කන‍්තං වුච‍්චති ගමනං. පටික‍්කන‍්තං නිවත‍්තනං. තදුභයම‍්පි චතූසු ඉරියාපථෙසු ලබ‍්භති. ගමනෙ තාව පුරතො කායං අභිහරන‍්තො අභික‍්කමති නාම. පටිනිවත‍්තෙන‍්තො පටික‍්කමති නාම.

මෙසේ ඉරියාපථ වශයෙන් කායානුපස්සනාව විභාගකොට දක්වා දැන් චතු සම්පජඤ්ඤ වශයෙන් විභාග කරන්ට පුන චපරං යනාදිය වදාළහ. අභිකන්තෙ, පටිකන්තෙ යන මෙහි, ‘ගමන’ අභිකන්ත යයි කියනු ලැබේ. නැවත්ම පටික්කන්ත යයි කියනු ලැබේ. ඒ දෙකම සතර ඉරියාපථවල ලැබේ. පළමුකොට ගමනෙහි ඉදිරියට කය අභිමුඛ කොට එලවන්නේ අභික්කමති නම් වේ. පෙරළා නවත්නේ පටික්කමති නම් වේ.

ඨානෙපි ඨිතකොව කායං පුරතො ඔනාමෙන‍්තො අභික‍්කමති නාම. පච‍්ඡතො අපනාමෙන‍්තො පටික‍්කමති නාම. නිසජ‍්ජායපි නිසින‍්නකොව ආසනස‍්ස පුරිමඅඞ‍්ගාභිමුඛො සංසරන‍්තො අභික‍්කමති නාම. පච‍්ඡිමඅඞ‍්ගප‍්පදෙසං පච‍්ඡා සංසරන‍්තො පටික‍්කමති නාම. නිපජ‍්ජායපි එසෙව නයො.

සිටීමෙහිද, සිටියේම කය ඉදිරියට නමන්නේ අභික්කමනය කෙරෙයි නම් වේ. පිටිපසට නමන්නේ පටික්කමනය කෙරෙයි. හිඳීමෙහි හුන්නේ ම ආසනයාගේ පූර්ව අවයවයට අභිමුඛව නික්මෙන්නේ අභික්කමනය කරන්නේ නම් වෙයි. පසු අවයවය පෙදෙසට ප්‍රතිමුඛව හැසිරෙන්නේ පටික්කමනය කරන්නේ නම් වේ. හිඳීමෙහි ද මේ ක්‍රමයමැයි.

සම‍්පජානකාරී හොතීති සම‍්පජඤ‍්ඤෙන සබ‍්බකිච‍්චකාරී, සම‍්පජඤ‍්ඤමෙව වා කාරී. සො හි අභික‍්කන‍්තාදීසු සම‍්පජඤ‍්ඤං කරොතෙව, න කත්‍ථචි සම‍්පජඤ‍්ඤවිරහිතො හොති.

සම්පජානකාරි හොති යනු නුවණින් යුතුව සියලු කටයුතු කරනසුලු වූයේ නැතහොත් මනා නුවණින් යුතුව ඔහු විසින්ම කරණ සුලු වූයේ වෙයි. ඉදිරියට යාම ආදියෙහිදී හෙතෙම නුවණින් දැන කරන්නේමය. කිසි තැනෙක්හිදු සම්පජඤ්ඤය විරහිත වුයේ නොවෙයි.

චතුර්විධ සම්පජඤ්ඤය

තත්‍ථ සාත්‍ථකසම‍්පජඤ‍්ඤං සප‍්පායසම‍්පජඤ‍්ඤං ගොචරසම‍්පජඤ‍්ඤං අසම‍්මොහසම‍්පජඤ‍්ඤන‍්ති චතුබ‍්බිධං සම‍්පජඤ‍්ඤං. තත්‍ථ අභික‍්කමනචිත‍්තෙ උප‍්පන‍්නෙ චිත‍්තවසෙනෙව අගන‍්ත්‍වා “කිං නු මෙ එත්‍ථ ගතෙන අත්‍ථො අත්‍ථි නත්‍ථී”ති අත්‍ථානත්‍ථං පරිග‍්ගණ‍්හිත්‍වා අත්‍ථපරිග‍්ගහණං සාත්‍ථකසම‍්පජඤ‍්ඤං. තත්‍ථ ච අත්‍ථොති චෙතියදස‍්සනබොධිදස‍්සනසඞ‍්ඝදස‍්සනථෙරදස‍්සනඅසුභදස‍්සනාදිවසෙන ධම‍්මතො වඩ‍්ඪි. චෙතියං වා බොධිං වා දිස‍්වාපි හි බුද‍්ධාරම‍්මණං සඞ‍්ඝදස‍්සනෙන සඞ‍්ඝාරම‍්මණං පීතිං උප‍්පාදෙත්‍වා තදෙව ඛයවයතො සම‍්මසන‍්තො අරහත‍්තං පාපුණාති. ථෙරෙ දිස‍්වා තෙසං ඔවාදෙ පතිට‍්ඨාය අසුභං දිස‍්වා තත්‍ථ පඨමජ‍්ඣානං උප‍්පාදෙත්‍වා තදෙව ඛයවයතො සම‍්මසන‍්තො අරහත‍්තං පාපුණාති. තස‍්මා එතෙසං දස‍්සනං සාත්‍ථකං. කෙචි පන “ආමිසතොපි වඩ‍්ඪි අත්‍ථොයෙව, තං නිස‍්සාය බ්‍රහ‍්මචරියානුග‍්ගහාය පටිපන‍්නත‍්තා”ති වදන‍්ති.

එහි සාත්‍ථක සම්පජඤ්ඤාය, සප්පාය සම්පජඤ්ඤාය, ගෝචර සම්පජඤ්ඤාය අසම්මොහ සම්පජඤ්ඤාය යයි සම්පජඤ්ඤාය චතුර්විධ වෙයි. එම චතුර්විධ සම්පජඤ්ඤයන් අතුරෙහි, ඉදිරියට යාමෙහි සිත උපන් කල්හි, චිත්තයාගේ වශයෙන්ම නොගොස් කම මෙහි ගමන හේතුවෙන් මට වැඩක් වේද? නැද්ද? යනුවෙන් අර්ථ, අනර්ථ විමසා අර්ථ පරිග්ගහණය සාත්‍ථක සම්පජඤ්ඤ නම් වේ. එහි අර්ථ නම්, චෙතිය දැකීම්, බෝධි දැකීම්, සංඝයා දැකීම්, අශුභ දැකීම් ආදී වශයෙන් ධර්ම වශයෙන් වැඩීමයි. යම්හෙයකින් චෙතිය දැකම බුදුරදුන් අරමුණුකොට උපදනා වූ ද සංඝ දර්ශනයෙන් සංඝයා අරමුණුකොට උපදනා වූ ද ප්‍රීතිය උපදවා එම ප්‍රීතියම ක්‍ෂය වශයෙන් මෙනෙහි කරන්නේ රහත් බවට පැමිණේ ද, තෙරුන් දැක ඔවුන්ගේ අවවාදයෙහි පිහිටා ද අශුභයක් දැක එම අශුභ අරමුණෙහි ප්‍රථම ධ්‍යානය උපදවා ද, ඒ ධ්‍යානයම ක්‍ෂය වශයෙන් මෙනෙහි කරන්නේ රහත්බව පැමිණේ ද, එහෙයින් මෙම චෙතිය ආදීන්ගේ දර්ශනය සාර්ථක වෙයි. (වැඩ සහිත වෙයි.) තව ද ආමිෂයාගේ වශයෙන් වැඩීමද අර්ථමැයි. එම ආමිෂය ඇසුරුකොට බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස පිළිපන් බැවින් යයි කිසිවෙක් (කෙචි) කියති.

තස‍්මිං පන ගමනෙ සප‍්පායාසප‍්පායං පරිග‍්ගණ‍්හිත්‍වා සප‍්පායපරිග‍්ගහණං සප‍්පායසම‍්පජඤ‍්ඤං. සෙය්‍යථිදං, චෙතියදස‍්සනං තාව සාත්‍ථකං. සචෙ පන චෙතියස‍්ස මහාපූජාය දසද‍්වාදසයොජනන‍්තරෙ පරිසා සන‍්නිපතන‍්ති. අත‍්තනො විභවානුරූපං ඉත්‍ථියොපි පුරිසාපි අලඞ‍්කතප‍්පටියත‍්තා චිත‍්තකම‍්මරූපකානි විය සඤ‍්චරන‍්ති. තත්‍ර චස‍්ස ඉට‍්ඨෙ ආරම‍්මණෙ ලොභො, අනිට‍්ඨෙ පටිඝො, අසමපෙක‍්ඛනෙ මොහො උප‍්පජ‍්ජති, කායසංසග‍්ගාපත‍්තිං වා ආපජ‍්ජති, ජීවිතබ්‍රහ‍්මචරියානං වා අන‍්තරායො හොති, එවං තං ඨානං අසප‍්පායං හොති. වුත‍්තප‍්පකාරඅන‍්තරායාභාවෙ සප‍්පායං. බොධිදස‍්සනෙපි එසෙව නයො. සඞ‍්ඝදස‍්සනම‍්පි සාත්‍ථං. සචෙ පන අන‍්තොගාමෙ මහාමණ‍්ඩපං කාරෙත්‍වා සබ‍්බරත‍්තිං ධම‍්මස‍්සවනං කාරෙන‍්තෙසු මනුස‍්සෙසු වුත‍්තප‍්පකාරෙනෙව ජනසන‍්නිපාතො චෙව අන‍්තරායො ච හොති, එවං තං ඨානං අසප‍්පායං. අන‍්තරායාභාවෙ සප‍්පායං. මහාපරිසපරිවාරානං ථෙරානං දස‍්සනෙපි එසෙව නයො.

ඒ ගමනෙහි පහසු අපහසුකම් සලකා පහසුව සියලු ආකාරයෙන් ගැනීම සප්පාය සම්පජඤ්ඤ නම් වේ. ඒ කෙසේ ද යත්, චේතිය දැකීම නිරවශේෂයෙන්ම සාර්ථකයැ. එසේවුවත්, චේතියට මහත් පූජා කරන කල්හි, දස දොලොස් යොදුනක් අතර, පිරිස ඉදින් රැස්වන්නී නම් ස්වකීය සම්පත්තියට සුදුසු පරිදි ස්ත්‍රීහු ද පුරුෂයෝ ද අබරණ ලා සැරසුනාහු, චිත්‍ර කර්මයක රූප මෙන් හැසිරෙති. එම පිරිස් අතුරෙහි ද ඒ මහණ හට ඉෂ්ට වූ අරමුණෙහි ලෝභයක් අනිෂ්ට වූ අරමුණෙහි කෝපයත් නොසමව බැලීමෙන් මෝහයත් උපදීනම් කාය සංසර්ග ආපත්තියට පැමිණේ නම්, ජීවිත බ්‍රහ්මචරියාවන්ට හෝ අනතුරු වේනම් මෙබඳුම චෙතියස්ථානය නොසැප වෙයි. කියන ලද ආකාර වූ අනතුරු නොමැති නම්, සැප වෙයි. සංස දර්ශනයද අරුත් සහිතය. එසේ වුවත් ඇතුල්ගම මිනිස්සු මහමඩු තනවා තයම් රැය ධර්මශ්‍රවණය කරවන කල්හි, කලින් කී ආකාරයෙන් ම ජනයාගේ රැස්වීම ද අනතුරු ඇති කල්හි සැප වෙයි. මහපිරිස් පිරිවැරූ තෙරුන්ගේ දර්ශනයෙහි ද මෙම නයයි.

අසුභදස‍්සනම‍්පි සාත්‍ථං. තදත්‍ථදීපනත්‍ථඤ‍්ච ඉදං වත්‍ථු –

අශුභ දර්ශනය ද අරුත් සහිතය. එම අර්ථය දැක්වීම සඳහා කථා වස්තුවක් ද වේ.

අශුභ දර්ශන වස්තුව :

එකො කිර දහරභික‍්ඛු සාමණෙරං ගහෙත්‍වා දන‍්තකට‍්ඨත්‍ථාය ගතො. සාමණෙරො මග‍්ගා ඔක‍්කමිත්‍වා පුරතො ගච‍්ඡන‍්තො අසුභං දිස‍්වා පඨමජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා තදෙව පාදකං කත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො තීණි ඵලානි සච‍්ඡිකත්‍වා උපරිමග‍්ගත්‍ථාය කම‍්මට‍්ඨානං පරිග‍්ගහෙත්‍වා අට‍්ඨාසි.

එක් තරුණ වහන්දැ නමක්, හෙරණ පැවිද්දෙකු ගෙන දැහැටි දඬු පිණිස ගියේය. සාමණේර නම මගින් ඉවත්ව ඉදිරියට යන්නේ අශුභ නිමිත්ත දැක, පළමුවන ධ්‍යානය උපදවා එම ධ්‍යානයට පාදකකොට සංස්කාර ධර්මයන් මෙනෙහි කරන්නේ තුන්ඵලයන් ප්‍රත්‍යක්‍ෂ කොට මතුමග පිණිස කමටහන් ගෙන සිටියේය.

දහරො තං අපස‍්සන‍්තො “සාමණෙරා”ති පක‍්කොසි. සො “මයා පබ‍්බජිතදිවසතො පට‍්ඨාය භික‍්ඛුනා සද‍්ධිං ද‍්වෙ කථා නාම න කථිතපුබ‍්බා. අඤ‍්ඤස‍්මිම‍්පි දිවසෙ උපරිවිසෙසං නිබ‍්බත‍්තෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “කිං, භන‍්තෙ”ති පටිවචනං අදාසි. එහීති ච වුත‍්තෙ එකවචනෙනෙව ආගන‍්ත්‍වා “භන‍්තෙ, ඉමිනා තාව මග‍්ගෙන ගන‍්ත්‍වා මයා ඨිතොකාසෙ මුහුත‍්තං පුරත්‍ථාභිමුඛො ඨත්‍වා ඔලොකෙථා”ති ආහ. සො තථා කත්‍වා තෙන පත‍්තවිසෙසමෙව පාපුණි. එවං එකං අසුභං ද‍්වින‍්නං ජනානං අත්‍ථාය ජායති. එවං සාත්‍ථම‍්පි පනෙතං පුරිසස‍්ස මාතුගාමාසුභං අසප‍්පායං. මාතුගාමස‍්ස ච පුරිසාසුභං සභාගමෙව සප‍්පායන‍්ති එවං සප‍්පායපරිග‍්ගහණං සප‍්පායසම‍්පජඤ‍්ඤං නාම.

තරුණ භික්‍ෂුතෙම ඔහු නොදැක සාමණේරයයි හඬ ගෑය. හෙතෙම මා පැවිදි වූ තැන් සිට භික්‍ෂුවක් සමග දෙවරෙක කථාවක් නම් නොකළ විරීය. එහෙයින් අන්දවසක මතු විශේෂය (රහත්ඵලය) උපදවන්නෙමියි සිතා, කිම වහන්ස, යයි පිළිතුරු දින. නැවත එවයි කියන ලද්දේ, එක් නයින්ම අවුත්, ස්වාමීනි, පළමුකොට මේ මගින් ගොස්, මා සිටි පෙදෙසෙහි මොහොතක් පෙරදිගට අභිමුඛව සිට බැලුව මැනවැයි කීය. ඒ තරුණ භික්‍ෂූන් වහන්සේ එසේ කොට ඒ හෙරණුන්දෑ පැමිණි විශේෂයටම පැමිණියහ. මෙසේ එකම අශුභය, දෙදෙනාටම වැඩ පිණිස විය. අනිකෙකුදු ඇත. මෙසේ සාර්ථක වූ මේ අශුභය පුරුෂයා හට මාගම අශුභය නොසැප වෙයි. මාගමටද පුරුෂ අශුභය නොසැප වෙයි. සභාග වූයේම සැප වෙයි. මෙසේ සත්ප්‍රාය පරිග්‍රහණය සප්පාය සම්පජඤ්ඤ නම් වේ.

එවං පරිග‍්ගහිතසාත්‍ථසප‍්පායස‍්ස පන අට‍්ඨතිංසාය කම‍්මට‍්ඨානෙසු අත‍්තනො චිත‍්තරුචිතකම‍්මට‍්ඨානසඞ‍්ඛාතං ගොචරං උග‍්ගහෙත්‍වා භික‍්ඛාචාරගොචරෙ තං ගහෙත්‍වා ගමනං ගොචරසම‍්පජඤ‍්ඤං නාම.

නැවත මෙසේ නොඅඩුකොට ගත් සමර්ථ සප්පාය ඇත්තහුගේ අටතිස් කමටහන් අතුරෙන් තමාගේ සිතට රුචි වූ කම්මට්ඨාන නම් වූ ගොචරයක් ඉගෙන භික්‍ෂාචාර ගෝචරයෙහි එම කම්මට්ඨාන ගෝචරයම ගෙනම යාම ගෝචර සම්පජඤ්ඤ නම් වේ.

තස‍්සාවිභාවත්‍ථං ඉදං චතුක‍්කං වෙදිතබ‍්බං.

එම ගෝචර සම්පජඤ්ඤය ප්‍රකට කිරීම පිණිස මේ වස්තුව චතුස්කය දතයුතුයැ.

හරණ පච්චාහරණ චතුක්කය :-

ඉධෙකච‍්චො භික‍්ඛු හරති න පච‍්චාහරති,

මේ ශාසනයෙහි එක් භික්‍ෂුවක් කම්මට්ඨානය ගෙන යයි, පෙරලා නොගෙනෙයි.

එකච‍්චො න හරති පච‍්චාහරති,

කෙනෙක් නොගෙන යයි නැවත ගෙන එයි.

එකච‍්චො නෙව හරති න පච‍්චාහරති,

කෙනෙක් නොම ගෙනයයි පෙරලාත් නොගෙන එයි.

එකච‍්චො හරති ච පච‍්චාහරති ච.

කෙනෙක් ගෙන යන්නේත් පෙරලා ගෙන එන්නේත් වෙයි.

තත්‍ථ යො භික‍්ඛු දිවසං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙත්‍වා තථා රත‍්තියා පඨමං යාමං මජ‍්ඣිමෙ යාමෙ සෙය්‍යං කප‍්පෙත්‍වා පච‍්ඡිමයාමෙපි නිසජ‍්ජාචඞ‍්කමෙහි වීතිනාමෙත්‍වා පගෙව චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණවත‍්තං කත්‍වා බොධිරුක‍්ඛෙ උදකං අභිසිඤ‍්චිත්‍වා පානීයං පරිභොජනීයං පච‍්චුපට‍්ඨපෙත්‍වා ආචරියුපජ‍්ඣායවත‍්තාදීනි සබ‍්බානි ඛන්‍ධකවත‍්තානි සමාදාය වත‍්තති. සො සරීරපරිකම‍්මං කත්‍වා සෙනාසනං පවිසිත්‍වා ද‍්වෙ තයො පල‍්ලඞ‍්කෙ උසුමං ගාහාපෙන‍්තො කම‍්මට‍්ඨානං අනුයුඤ‍්ජිත්‍වා භික‍්ඛාචාරවෙලාය උට‍්ඨහිත්‍වා කම‍්මට‍්ඨානසීසෙනෙව පත‍්තචීවරමාදාය සෙනාසනතො නික‍්ඛමිත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තොව චෙතියඞ‍්ගණං ගන‍්ත්‍වා සචෙ බුද‍්ධානුස‍්සතිකම‍්මට‍්ඨානං හොති, තං අවිස‍්සජ‍්ජෙත්‍වාව චෙතියඞ‍්ගණං පවිසති. අඤ‍්ඤං චෙ කම‍්මට‍්ඨානං හොති, සොපානපාදමූලෙ ඨත්‍වා හත්‍ථෙන ගහිතභණ‍්ඩං විය තං ඨපෙත්‍වා බුද‍්ධාරම‍්මණං පීතිං ගහෙත්‍වා චෙතියඞ‍්ගණං ආරුය‍්හ මහන‍්තං චෙතියං චෙ, තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු වන්‍දිතබ‍්බං. ඛුද‍්දකං චෙතියං චෙ, තථෙව පදක‍්ඛිණං කත්‍වා අට‍්ඨසු ඨානෙසු වන්‍දිතබ‍්බං. චෙතියං වන්‍දිත්‍වා බොධියඞ‍්ගණං පත‍්තෙනාපි බුද‍්ධස‍්ස භගවතො සම‍්මුඛා විය නිපච‍්චකාරං දස‍්සෙත්‍වා බොධි වන්‍දිතබ‍්බො. සො එවං චෙතියඤ‍්ච බොධිඤ‍්ච වන්‍දිත්‍වා පටිසාමිතට‍්ඨානං ගන‍්ත්‍වා පටිසාමිතභණ‍්ඩකං හත්‍ථෙන ගණ‍්හන‍්තො විය නික‍්ඛිත‍්තකම‍්මට‍්ඨානං ගහෙත්‍වා ගාමසමීපෙ කම‍්මට‍්ඨානසීසෙනෙව චීවරං පාරුපිත්‍වා ගාමං පිණ‍්ඩාය පවිසති.

මෙම මහණුන් සතරදෙනා අතුරෙහි යම් මහණ කෙනෙක් දහවල් සක්මනින් හා හිඳීමෙන් නීවරණ ධර්මයන් කෙරෙන් සිත පිරිසිදුකොට, එපරිද්දෙන් රාත්‍රී පෙරයම සිත පිරිසිදු කොට මැදියම සයනය කොට පසුයමද හිඳීමෙන් හා සක්මනින් කල්යවා උදෑසනම සෑමලු බෝමලුවත් කොට බෝරුකට දිය ඉස, විය යුතු, පරිභෝග කළයුතු පැන් එලවා තබා ආචාර්ය උපාධ්‍යාය වත් ආදි වූ සියලු කඳුවත් සමාදන්ව හැසිරේද, හෙතෙම සිරුර පිරියම්කොට සෙනස්නට පැමිණ දෙතුන් පලගෙක්හි සිරුර උණුසුම්කොට කමටහන්හි යෙදී පිඬුසිඟන වෙලාවෙහි නැගිට කම්මට්ඨානයෙන් යුතුවම පාසිවුරු ගෙන, සෙනසුනෙන් නික්ම කම්මට්ඨානයෙන් යුතුවම පාසිවුරුගෙන, සෙනසුනෙන් නික්ම කම්මට්ඨානය මෙනෙහි කරමින් සෑමලුවට ගොස් ඉදින් මෙනෙහි කරන ලද්දේ බුද්ධානුස්සති කම්මට්ඨානය නම් එය නොහැරම සෑමලුවට පිවිසෙයි. ඉදින් අන්‍ය කම්මට්ඨානයක් වීනම් හින මුල සිට අතින් ගත් භාණ්ඩයක් මෙන් එම කම්මට්ඨානය තබා බුද්ධාරම්මණ ප්‍රීතිය උපදවාගෙන සෑමලුවට නැගී ඉදින් මහත් වූ සෑයක් වීනම් තුන්වරක් පැදකුණු කොට සතර තැනෙක්හි සිට වැන්ද යුතුය. කුඩා සෑයක් වීනම් එසේම තුන්වරක් පැදකුණු කොට අටතැනෙක්හි සිට වැන්ද යුතුය. සෑය වැඳ බෝමලුවට පැමිණියහු විසින් ද භාග්‍යවත් බුදුන් හමුවෙහි මෙන් පහත් පැවතුම් ඇති ආකාරය දක්වා බෝරදුන් වැන්ද යුත්තේය. මෙසේ චෛත්‍යයද බෝධියද වැඳ, තැන්පත් කළ තැනකට ගොස් තැන්පත් කළ භාණ්ඩයක් අතින් ගන්නෙකු මෙන් බහා තැබූ කම්මට්ඨානය ගෙන ගම සමීපයෙහි කම්මට්ඨානයෙන් යුතුවම සිවුරු පොරවා ගමට පිඬු පිණිස පිවිසෙයි.

අථ නං මනුස‍්සා දිස‍්වා “අය්‍යො නො ආගතො”ති පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තං ගහෙත්‍වා ආසනසාලායං වා ගෙහෙ වා නිසීදාපෙත්‍වා යාගුං දත්‍වා යාව භත‍්තං න නිට‍්ඨාති, තාව පාදෙ ධොවිත්‍වා තෙලෙන මක‍්ඛෙත්‍වා පුරතො නිසීදිත්‍වා පඤ‍්හං වා පුච‍්ඡන‍්ති, ධම‍්මං වා සොතුකාමා හොන‍්ති. සචෙපි න කථාපෙන‍්ති, ජනසඞ‍්ගහත්‍ථං ධම‍්මකථා නාම කාතබ‍්බායෙවාති අට‍්ඨකථාචරියා වදන‍්ති. ධම‍්මකථා හි කම‍්මට‍්ඨානවිනිමුත‍්තා නාම නත්‍ථි. තස‍්මා කම‍්මට‍්ඨානසීසෙනෙව ධම‍්මං කථෙත්‍වා කම‍්මට‍්ඨානසීසෙනෙව ආහාරං පරිභුඤ‍්ජිත්‍වා අනුමොදනං කත්‍වා නිවත‍්තියමානෙහිපි මනුස‍්සෙහි අනුගතොව ගාමතො නික‍්ඛමිත්‍වා තත්‍ථෙව නිවත‍්තෙත්‍වා මග‍්ගං පටිපජ‍්ජති. අථ නං පුරෙතරං නික‍්ඛමිත්‍වා බහිගාමෙ කතභත‍්තකිච‍්චා සාමණෙරදහරභික‍්ඛූ දිස‍්වා පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරමස‍්ස ගණ‍්හන‍්ති.

ඉක්බිති මිනිස්සු එම භික්‍ෂුව දැක අපගේ ආර්යයන් වහන්සේ වැඩියහයි පෙරගමන් කොට පාත්‍රය ගෙන ආසන ශාලාවෙහි හෝ ගෙහි හෝ වඩා හිඳුවා කැඳ පිළිගන්වා, යම්තාක් බත්කිස නිමවේද, ඒතාක් (සිට) පා සෝදා තෙල් ගල්වා අභිමුඛයෙහි හිඳ ප්‍රශ්න හෝ විචාරණ බණ අසනු කැමැත්තාහු හෝ වෙති. ඉදින් කථා නොකරවත් නම් ජනයාට සංග්‍රහ පිණිස ධර්ම කථාව නම් කළයුත්තීම යයි අට්ඨකථාචාර්යවරයෝ කියති. යම්හෙයකින් කර්මස්ථානයෙන් තොර වූ ධර්ම කථාවක් නම් නැද්ද, එහෙයින් කර්මස්ථාන ශීර්ෂයෙන්ම බණ කියා කර්මස්ථාන ශීර්ෂයෙන්ම ආහාර වළඳා අනුමෝදනාකොට නවතනු ලබන්නා වූ මිනිසුන් විසින් අනුගත වූයේම ගමින් නික්ම එහි එම මිනිසුන් නවතා මගට බසී. ඉක්බිති කලින්ම නික්ම පිටගම්හි කළ බත්කිස ඇති හෙරණුන් හා තරුණ භික්‍ෂූන් ඔහු දැක පෙරගමන් කොට, ඔහුගේ පාසිවුරු ගනිත්.

පොරාණා භික‍්ඛූ කිර “න අම‍්හාකං උපජ‍්ඣායො ආචරියො”ති මුඛං උල‍්ලොකෙත්‍වා වත‍්තං කරොන‍්ති. සම‍්පත‍්තපරිච‍්ඡෙදෙනෙව කරොන‍්ති. තෙ තං පුච‍්ඡන‍්ති “භන‍්තෙ, එතෙ මනුස‍්සා තුම‍්හාකං කිං හොන‍්ති මාතුපක‍්ඛතො සම‍්බන්‍ධා පිතිපක‍්ඛතො”ති. කිං දිස‍්වා පුච‍්ඡථාති. තුම‍්හෙසු එතෙසං පෙමං බහුමානන‍්ති. ආවුසො, යං මාතාපිතූහිපි දුක‍්කරං, තං එතෙ අම‍්හාකං කරොන‍්ති, පත‍්තචීවරම‍්පි නො එතෙසං සන‍්තකමෙව, එතෙසං ආනුභාවෙන නෙව භයෙ භයං, න ඡාතකෙ ඡාතකං ජානාම, එදිසා නාම අම‍්හාකං උපකාරිනො නත්‍ථීති තෙසං ගුණෙ කථෙන‍්තො ගච‍්ඡති, අයං වුච‍්චති හරති න පච‍්චාහරතීති.

පෞරාණික භික්‍ෂූහු අපගේ උපාධ්‍යායයෝය, ආචාර්යයෝ යයි මුහුණ නොබලා වත් කෙරෙති. පැමිණි පිරිසෙන්ම එය කෙරෙති. ඒ සාමණේර තරුණ භික්‍ෂූහු ඔහු මෙසේ විචාරත්. ස්වාමීනි, මේ මිනිස්සු නුඹවහන්සේගේ කිම මව්විසින් සම්බන්ධ ද, පියපසින් සම්බන්ධ ද, කුමක් දැක මෙසේ විචාරවුද, නුඹවහන්සේ කෙරෙහි මේ මිනිසුන්ගේ ආදර බුහුමන් දැක, විචාරමු. ඇවැත්නි, යමක් මව්පිය විසිනුදු දුෂ්කර ද, එය මේ මිනිස්සු අපට කෙරෙති. අපගේ පාසිවුරුද මොවුන් සතුමය. මොවුන්ගේ ආනුභාවයෙන් භය අවස්ථාවෙහි භයක් නොම දකිමු. ක්‍ෂුධා අවස්ථාවෙහි ක්‍ෂුධාවක් නොම දනිමු. අපට උපකාරි වූ මෙබඳු මිනිස්සු නම් නැතැයි ඔවුන්ගේ ගුණ කියමින් යයි. මේ මහණ තෙම කම්මට්ඨානය ගෙනයන්නේ පෙරලා නොගෙනේ යයි කියනු ලැබේ.

යස‍්ස පන පගෙව වුත‍්තප‍්පකාරං වත‍්තපටිපත‍්තිං කරොන‍්තස‍්ස කම‍්මජතෙජො පජ‍්ජලති, අනුපාදින‍්නකං මුඤ‍්චිත්‍වා උපාදින‍්නකං ගණ‍්හාති, සරීරතො සෙදා මුච‍්චන‍්ති, කම‍්මට‍්ඨානවීථිං නාරොහති, සො පගෙව පත‍්තචීවරමාදාය වෙගසාව චෙතියං වන්‍දිත්‍වා ගොරූපානං නික‍්ඛමනවෙලායමෙව ගාමං යාගුභික‍්ඛාය පවිසිත්‍වා යාගුං ලභිත්‍වා ආසනසාලං ගන‍්ත්‍වා පිවති. අථස‍්ස ද‍්වත‍්තික‍්ඛත‍්තුං අජ‍්ඣොහරණමත‍්තෙනෙව කම‍්මජතෙජො උපාදින‍්නකං මුඤ‍්චිත්‍වා අනුපාදින‍්නකං ගණ‍්හාති. ඝටසතෙන න‍්හාතො විය තෙජොධාතුපරිළාහනිබ‍්බාපනං පත්‍වා කම‍්මට‍්ඨානසීසෙන යාගුං පරිභුඤ‍්ජිත්‍වා පත‍්තඤ‍්ච මුඛඤ‍්ච ධොවිත්‍වා අන‍්තරාභත‍්තෙ කම‍්මට‍්ඨානං මනසිකත්‍වා අවසෙසට‍්ඨානෙ පිණ‍්ඩාය චරිත්‍වා කම‍්මට‍්ඨානසීසෙන ආහාරං පරිභුඤ‍්ජිත්‍වා තතො පට‍්ඨාය පොඞ‍්ඛානුපොඞ‍්ඛං උපට‍්ඨහමානං කම‍්මට‍්ඨානං ගහෙත්‍වාව ආගච‍්ඡති, අයං වුච‍්චති න හරති පච‍්චාහරතීති. එදිසා ච භික‍්ඛූ යාගුං පිවිත්‍වා විපස‍්සනං ආරභිත්‍වා බුද‍්ධසාසනෙ අරහත‍්තං පත‍්තා නාම ගණනපථං වීතිවත‍්තා, සීහළදීපෙයෙව තෙසු තෙසු ගාමෙසු ආසනසාලායං න තං ආසනං අත්‍ථි, යත්‍ථ යාගුං පිවිත්‍වා අරහත‍්තප‍්පත‍්තභික‍්ඛූ නත්‍ථීති.

පළමුකොට කියනලද වත්පිළිවෙත් කරන්නා වූ යමෙකුගේ, කර්මජ තේජෝ ධාතුව දැල්වේ ද, උපාදාන රහිතය හැරදමා උපාදාන සහිතය ගනී ද, සිරුරෙන් සෝදිය ගලත් ද, කම්මට්ඨානය වීථියට නොනගී ද, හෙතෙම උදෑසනම පාසිවුරු ගෙන, වහා චෙතිය වැඳ, ගව සමූහයා නික්මෙන වේලාවෙහිම ගමට කැඳ සිගීම පිණිස පිවිස කැඳත් ලැබ, ආසන ශාලාවට ගෙනගොස් පානය කරයි. දෙතුන් වරක් ගිලි පමණින්ම ඔහුගේ කර්මජ තේජෝධාතුව උපාදින්නකය හැරදමා අනුපාදින්නකය ගනී. දිය කළ සියයකින් නෑ එකකු මෙන් තේජෝ ධාතු පරිදාහය නිවීමට පැමිණ, කම්මට්ඨාන ශීර්ෂයෙන්ම කැඳ වළඳා පය ද, මුව ද සෝදා ඇතුළු බත කමටහන්ම මෙනෙහිකොට සෙසු තැනෙක්හි පිඬුපිණිස හැසිර කම්මට්ඨාන ශීර්ෂයෙන්ම ආහාර වළඳා එතැන් පටන් පිළිවෙලින් වැටහෙන්නා වූ කම්මට්ඨානය ගෙනම එයි. මේ මහණතෙම කම්මට්ඨානය නොගෙන යයි. පෙරලා ගෙන ඒ යයි කියනු ලැබේ. මෙබඳු භික්‍ෂූහු කැඳ වළඳා විදර්ශනා වඩා රහත් බවට පැමිණියාහු නම් සංඛ්‍යාපථය ඉක්ම සිටියාහුය. සීහල ද්වීපයෙහිම ඒ ඒ ගම්වල ආසන ශාලාවෙහි යම් තැනෙක්හි කැඳ වළඳා රහත් බවට පැමිණි භික්‍ෂූහු නැද්ද, එබඳු ආසනයක් නැත්තේමය.

යො පන පමාදවිහාරී හොති නික‍්ඛිත‍්තධුරො, සබ‍්බවත‍්තානි භින්‍දිත්‍වා පඤ‍්චවිධචෙතොඛිලවිනිබන්‍ධචිත‍්තො විහරන‍්තො “කම‍්මට‍්ඨානං නාම අත්‍ථී”තිපි සඤ‍්ඤං අකත්‍වා ගාමං පිණ‍්ඩාය පවිසිත්‍වා අනනුලොමිකෙන ගිහිසංසග‍්ගෙන සංසට‍්ඨො චරිත්‍වා ච භුඤ‍්ජිත්‍වා ච තුච‍්ඡො නික‍්ඛමති, අයං වුච‍්චති නෙව හරති න පච‍්චාහරතීති.

යම් මහණ කෙනෙක් ප්‍රමාදව හැසිරෙන සුලු වූයේ වේද, බහාතබන ලද වීර්ය ඇත්තේ, සියලු මන්බිඳ පංචවිධ චිත්ත විනිබද්ධ (=පංච නීවරණ) කෙලෙසුන්ගෙන් බඳනා ලද්දා වූ සිත් ඇතිව, වාසය කරන්නේ, කම්මට්ඨානයක් නම් ඇතැයි කියාත් හැඟීමක් නොකොට ගමට පිඬු පිණිස පිවිස නොසුදුසු වූ ගිහි සංසර්ගයෙන් සංසර්ග වූයේ, පිඬු පිණිස හැසිරද වළඳා ද හිස්වූයේ නික්මේද, මේ මහණතෙම කම්මට්ඨානය නොම ගෙන යන්නේත් පෙරලා නොගෙනෙන්නේත් වේයයි කියනු ලැබේ.

ගත පච්චගතික වත

යො පනායං හරති ච පච‍්චාහරති චාති වුත‍්තො, සො ගතපච‍්චාගතිකවත‍්තවසෙන වෙදිතබ‍්බො. අත‍්තකාමා හි කුලපුත‍්තා සාසනෙ පබ‍්බජිත්‍වා දසපි වීසම‍්පි තිංසම‍්පි චත‍්තාලීසම‍්පි පඤ‍්ඤාසම‍්පි සතම‍්පි එකතො වසන‍්තා කතිකවත‍්තං කත්‍වා විහරන‍්ති, ආවුසො, තුම‍්හෙ න ඉණට‍්ඨා න භයට‍්ටා න ජීවිකාපකතා පබ‍්බජිතා, දුක‍්ඛා මුච‍්චිතුකාමා පනෙත්‍ථ පබ‍්බජිතා, තස‍්මා ගමනෙ උප‍්පන‍්නකිලෙසං ගමනෙයෙව නිග‍්ගණ‍්හථ, ඨානෙ, නිසජ‍්ජායං, සයනෙ උප‍්පන‍්නකිලෙසං සයනෙයෙව නිග‍්ගණ‍්හථාති. තෙ එවං කතිකවත‍්තං කත්‍වා භික‍්ඛාචාරං ගච‍්ඡන‍්තා අඩ‍්ඪඋසභඋසභඅඩ‍්ඪගාවුතගාවුතන‍්තරෙසු පාසාණා හොන‍්ති. තාය සඤ‍්ඤාය කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තාව ගච‍්ඡන‍්ති. සචෙ කස‍්සචි ගමනෙ කිලෙසො උප‍්පජ‍්ජති, තත්‍ථෙව නං නිග‍්ගණ‍්හාති. තථා අසක‍්කොන‍්තො තිට‍්ඨති. අථස‍්ස පච‍්ඡතො ආගච‍්ඡන‍්තොපි තිට‍්ඨති. සො “අයං භික‍්ඛු තුය‍්හං උප‍්පන‍්නවිතක‍්කං ජානාති, අනනුච‍්ඡවිකං තෙ එත”න‍්ති අත‍්තානං පටිචොදෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා තත්‍ථෙව අරියභූමිං ඔක‍්කමති. තථා අසක‍්කොන‍්තො නිසීදති. අථස‍්ස පච‍්ඡතො ආගච‍්ඡන‍්තොපි නිසීදතීති සොයෙව නයො. අරියභූමිං ඔක‍්කමිතුං අසක‍්කොන‍්තොපි තං කිලෙසං වික‍්ඛම‍්භෙත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තොව ගච‍්ඡති. න කම‍්මට‍්ඨානවිප‍්පයුත‍්තෙන චිත‍්තෙන පාදං උද‍්ධරති. උද‍්ධරති චෙ, පටිනිවත‍්තෙත්‍වා පුරිමපදෙසං යෙව එති ආළින්‍දකවාසී මහාඵුස‍්සදෙවත්‍ථෙරො විය.

යම් මහණ කෙනෙක් තෙම කම්මට්ඨානය ගෙන යන්නේත් පෙරලා ගෙන එන්නේත් වේද, එය ගතපච්චාගතික වත වශයෙන් දතයුතුයැ. එහෙයින් තමහට වැඩ කැමති කුලපුත්‍රයෝ, සසුනෙහි පැවිදිව, දසදෙනද, විසිදෙනද, පනස් දෙනද, සියක් දෙනද, එක්ව වසන්නාහු, කතිකාවතක් කොට වාසය කරති. ‘ඇවැත්නි, තෙපි ණයෙන් පීඩිතව පැවිදි වූවහු නොවෙති. (රාජභයාදි) භයින් පීඩිතව පැවිදි වුවහු නොවෙති. ජීවත්විය නොහැකිව පැවිදි වූවාහු නොවෙති. එහෙත් දුකින් මිදෙනු කැමැතිව පැවිදි වූවාහු වෙති. එබැවින් ගමනේදී උපන් කෙලෙස් ගමනෙහිදීම - නිග්‍රහ කරව, (උපාදාන වශයෙන් නොගෙන බැහැර කරව) හිඳීමෙහි දී උපන් කෙලෙස් හිදී මෙහිදීම නිග්‍රහ කරවු, සයනයේදී උපන් කෙලෙස් සයනයෙහිදීම නිග්‍රහ කරමු. ඔවුහු මෙසේ කතිකාවන් කොට පිඬුසිගීමට යන්නාහු අඩ ඉස්බක් ඉස්බක්, අඩ ගව්වක් ගවුවක් අතරත පාෂාණයෝ වෙත්නම් එම පාෂාණ සංඥාවෙන් කම්මට්ඨානය මෙනෙහි කරමින්ම යෙති. ඉදින් කිසිවෙකුට ගමනෙහි දී ක්ලේශයෝ උපදිත් නම් එහිදීම එම ක්ලේසයන්ට නිග්‍රහ කෙරෙයි. එසේ නොහැකි වන්නේ (නැවතී) සිටී. ඒ උපන් කෙලෙස් ඇති භික්‍ෂු තෙම පිටුපසින් සිටි භික්‍ෂුතෙම ඔබට උපන් විතර්කය දනී. ඔබට මෙබඳු විපාකයක් ඉපදවීම සුදුසු නොවේයයි තමහට චෝදනාකොට විදසුන් වඩා එහිදීම ආර්යභූමියට බසී. එසේ නොහැකි වන්නේ හිඳගනී. එකල්හි ඔහුගේ පිටිපසින් එන තැනැත්තේ ද හිඳගනියි. එය පළමු කී ක්‍රමයමැයි. ආර්ය භූමියට බැසගන්ට අසමර්ථ වූයේද එම කෙලෙස් යටපත්කොට කම්මට්ඨානය මෙනෙහි කරමින්ම යයි. කර්මස්ථානයෙන් වෙන් වූ සිතින් යුක්තව පිය නොනගියි. ඉදින් එසවීනම් පෙරලා නැවතී පළමු සිටි පෙදෙසටම එයි. ආළින්‍දකවාසී ඵුස්සදේව තෙරුන් මෙනි.

ආළින්‍දකවාසී මහාඵුස්සදෙව ථෙර

සො කිර එකූනවීසතිවස‍්සානි ගතපච‍්චාගතිකවත‍්තං පූරෙන‍්තො එව විහාසි. මනුස‍්සාපි සුදං අන‍්තරාමග‍්ගෙ කසන‍්තා ච වපන‍්තා ච මද‍්දන‍්තා ච කම‍්මානි ච කරොන‍්තා ථෙරං තථාගච‍්ඡන‍්තං දිස‍්වා “අයං ථෙරො පුනප‍්පුනං නිවත‍්තිත්‍වා ගච‍්ඡති. කිං නු ඛො මග‍්ගමූළ‍්හො උදාහු කිඤ‍්චි පමුට‍්ඨො”ති සමුල‍්ලපන‍්ති. සො තං අනාදියිත්‍වා කම‍්මට‍්ඨානයුත‍්තචිත‍්තෙනෙව සමණධම‍්මං කරොන‍්තො වීසතිවස‍්සබ‍්භන‍්තරෙ අරහත‍්තං පාපුණි. අරහත‍්තප‍්පත‍්තදිවසෙයෙවස‍්ස චඞ‍්කමනකොටියං අධිවත්‍ථා දෙවතා අඞ‍්ගුලීහි දීපං උජ‍්ජාලෙත්‍වා අට‍්ඨාසි. චත‍්තාරොපි මහාරාජානො සක‍්කො ච දෙවානමින්‍දො බ්‍රහ‍්මා ච සහම‍්පති උපට‍්ඨානං අගමංසු. තඤ‍්ච ඔභාසං දිස‍්වා වනවාසීමහාතිස‍්සත්‍ථෙරො තං දුතියදිවසෙ පුච‍්ඡි “රත‍්තිභාගෙ ආයස‍්මතො සන‍්තිකෙ ඔභාසො අහොසි, කිං සො ඔභාසො”ති. ථෙරො වික‍්ඛෙපං කරොන‍්තො “ඔභාසො නාම දීපොභාසොපි හොති මණිඔභාසොපී”ති එවමාදිමාහ. තතො පටිච‍්ඡාදෙථ තුම‍්හෙති නිබද‍්ධො ආමාති පටිජානිත්‍වා ආරොචෙසි කාලවල‍්ලිමණ‍්ඩපවාසී මහානාගත්‍ථෙරො විය ච.

උන්වහන්සේ එකුන්විසි වසක් ගතපච්චාගතික වත පුරමින්ම විසූහ. මිනිස්සු අතරමග සාන්නා වූද වපුරන්නාහුද සස්‍ය මඩනාහුද වෙනත් කර්මාන්ත කරන්නාහුද, එසේ යන්නා වූ තෙරුන් දැක මෙම තෙරහු නැවත නැවත, නැවතී යෙති. කිමෙක්දෝ හෝ මංමුලා වූවාහුද නොහොත් කිසිවක් නැතිවූවාහු දැයි කථා කෙරෙති. උන්වහන්සේ එම කථාව නොසලකා කම්මට්ඨානයෙහි යෙදුන සිතින්ම මහණදම් කරමින් විසිවසක් ඇතුළත රහත්බවට පැමිණි සේක. රහත්බවට පැමිණි දවස්හිම උන්වහන්සේට සක්මන් කෙළවර අරක්ගත් දේවතා තොමෝ ඇගිලිවලින් පහන් දල්වා සිටියා. සතරවරම් මහරජහුද, ශක්‍රදේවේන්ද්‍ර තෙමේද, සහම්පති මහාබ්‍රහ්ම තෙමේ ද, උපස්ථානයට පැමිණියාහුය. එම ආලෝකයද වනවාසී මහාතිස්ස නම් තෙරහු දැක දෙවන දවස්හි එම තෙරුන් විචාළහ. රාත්‍රී භාගයෙහි ආයුෂ්මතුන් සමීපයෙහි ආලෝකයක් විය. එම ආලෝකය කිමෙක්ද, තෙරුන් කථාව වෙනස් කරමින් ආලෝකයක් නම් පහන් ආලෝකයක්ද මැණික් ආලෝකයක්ද වේයයි මේ ආදිය කීහ. ඉක්බිති නුඹවහන්සේ වසනු ලැබේ යයි නිබඳ විචාරණ ලද්දාහු එසේයයි ප්‍රතිඥාකොට දැන්වූහ. අනිකුදු කථා වස්තුවකි. කාළවල්ලි මණ්ඩපවාසී මහානාග තෙරුන් මෙනි.

කාළවල්ලි මණ්ඩපවාසී මහානාග ථෙර

සොපි කිර ගතපච‍්චාගතිකවත‍්තං පූරෙන‍්තො පඨමං තාව භගවතො මහාපධානං පූජෙස‍්සාමීති සත‍්ත වස‍්සානි ඨානචඞ‍්කමනමෙව අධිට‍්ඨාසි. පුන සොළස වස‍්සානි ගතපච‍්චාගතිකවත‍්තං පූරෙත්‍වා අරහත‍්තං පාපුණි. සො කම‍්මට‍්ඨානයුත‍්තෙනෙව චිත‍්තෙන පාදං උද‍්ධරන‍්තො වියුත‍්තෙන උද‍්ධතෙ පටිනිවත‍්තන‍්තො ගාමස‍්ස සමීපං ගන‍්ත්‍වා “ගාවී නු පබ‍්බජිතො නූ”ති ආසඞ‍්කනීයපදෙසෙ ඨත්‍වා චීවරං පාරුපිත්‍වා කච‍්ඡකන‍්තරතො උදකෙන පත‍්තං ධොවිත්‍වා උදකගණ‍්ඩූසං කරොති. කිං කාරණා? මා මෙ භික‍්ඛං දාතුං වන්‍දිතුං වා ආගතෙ මනුස‍්සෙ දීඝායුකා හොථාති වචනමත‍්තෙනාපි කම‍්මට‍්ඨානවික‍්ඛෙපො අහොසීති. අජ‍්ජ, භන‍්තෙ, කතිමීති දිවසං වා භික‍්ඛුගණනං වා පඤ‍්හෙ වා පුච‍්ඡිතො පන උදකං ගිලිත්‍වා ආරොචෙසි. සචෙ දිවසාදිපුච‍්ඡකා න හොන‍්ති, නික‍්ඛමනවෙලාය ගාමද‍්වාරෙ නිට‍්ඨුභිත්‍වාව යාති කලම‍්බතිත්‍ථවිහාරෙ වස‍්සූපගතපඤ‍්ඤාසභික‍්ඛූ විය.

එම තෙරුන් වහන්සේද ගතපච්චාගතික වත පුරන්නේ පළමුකොට බුදුරදුන්ගේ මහාපධානය (මහාවීර්ය)ට පුදන්නෙමියි සත්වසක් සිටීම හා සක්මනම අධිෂ්ටාන කළාහුය. නැවත සොලොස් වසක් ගතපච්චාතික වත පුරා රහත්බවට පැමිණියහ. උන්වහන්සේ කමටහන්හි යෙදුන සිතින්ම පය ඔසවන්නාහු කමටහනින් වෙන් වූ සිතින් නැගූකල්හි පෙරලා නවන්නාහු ගම් සමීපයට ගොස් ගවයක් දෝ පැවිද්දෙක් දෝයි සැක කළයුතු පෙදෙස්හි සිට සිවුර පොරවා කිසිල්ලේ එල්ලාගෙන තිබුණ කෙණ්ඩියෙන් පැන් ගෙන පාත්‍රය සෝදා ජලයෙන් මුඛය පුරවාගැනීම කෙරෙයි. කුමටද යත්, මට භික්‍ෂාව දෙන්ට හෝ වඳින්ට පැමිණි මිනිසුන්ට දිගාසිරි ලැබේවායි වචන මාත්‍රයකිනුදු කමටහනට වෙනසක් නොවේවා කියාය. ස්වාමීනි, අද කිනම් තිථිය දැයි දවස හෝ භික්‍ෂූන්ගේ සංඛ්‍යාව හෝ ප්‍රශ්නයක් හෝ විචාරණ ලද්දේ ජලය ගිල කියයි. ඉදින් දවස් ආදිය විචාරන්නාහු නොවෙත් නම් ගමින් නික්මෙන වේලාවෙහි ගම්දොර කාරා දමා යෙයි. ගලබ්බ තිත්‍ථ විහාරයෙහි වස් එළඹි පනසක් භික්‍ෂූහු මෙනි.

ගලම්බතිත්‍ථ වෙහෙර පනසක් භික්‍ෂූහු

තෙ කිර ආසාළ‍්හීපුණ‍්ණමායං කතිකවත‍්තං අකංසු “අරහත‍්තං අප‍්පත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං න ආලපිස‍්සාමා”ති. ගාමඤ‍්ච පිණ‍්ඩාය පවිසන‍්තා උදකගණ‍්ඩූසං කත්‍වා පවිසිංසු. දිවසාදීසු පුච‍්ඡිතෙසු වුත‍්තනයෙනෙව පටිපජ‍්ජිංසු. තත්‍ථ මනුස‍්සා නිට‍්ඨුභනං දිස‍්වා ජානිංසු, “අජ‍්ජෙකො ආගතො, අජ‍්ජ ද‍්වෙ”ති. එවඤ‍්ච චින‍්තෙසුං “කිං නු ඛො එතෙ අම‍්හෙහියෙව සද‍්ධිං න සල‍්ලපන‍්ති, උදාහු අඤ‍්ඤමඤ‍්ඤම‍්පි, යදි අඤ‍්ඤමඤ‍්ඤං න සල‍්ලපන‍්ති, අද‍්ධා විවාදජාතා භවිස‍්සන‍්ති, එථ නෙ අඤ‍්ඤමඤ‍්ඤං ඛමාපෙස‍්සාමා”ති සබ‍්බෙ විහාරං ගන‍්ත්‍වා පඤ‍්ඤාසාය භික‍්ඛුසු ද‍්වෙපි භික‍්ඛූ එකොකාසෙ නාද‍්දසංසු. තතො යො තෙසු චක‍්ඛුමා පුරිසො, සො ආහ “න භො කලහකාරකානං ඔකාසො ඊදිසො හොති, සුසම‍්මට‍්ඨං චෙතියඞ‍්ගණං බොධියඞ‍්ගණං, සුනික‍්ඛිත‍්තා සම‍්මජ‍්ජනියො, සූපට‍්ඨපිතං පානීයං පරිභොජනීය”න‍්ති. තෙ තතොව නිවත‍්තා, තෙපි භික‍්ඛූ අන‍්තොතෙමාසෙයෙව අරහත‍්තං පත්‍වා මහාපවාරණාය විසුද‍්ධිපවාරණං පවාරෙසුං.

ඒ භික්‍ෂුහු වනාහි ඇසල පොහෝ දවස්හි කතිකාවක් කළාහුය. රහත් බවට නොපැමිණ ඔවුනොවුන් කථා නොකරමු යයි ගමට පිඬු පිණිස යන්නේ (උදක ගණ්ඩූසං කත්‍වා) මුඛයෙහි වතුර පුරවාගෙන, පිවිසුනාහුය. දවස ආදිය විචාල කල්හි කලින් කී අයුරින්ම පිළිපැද්දාහුය. එගම්හි මිනිස්සු කාරා දැමීම දැක, අද එක් නමක් ආ සේක, අද දෙදෙනෙකුයි දැනගත්තාහුය. නැවත මෙසේ සිතූහ. කිමෙක් ද මේ භික්‍ෂූහු අප සමගම කථා නොකෙරෙත්ද? නැතහොත් ඔවුනොවුනුත් කථා නොකෙරෙත්දැයි, ඉදින් ඔවුනොවුන් කථා නොකරෙත් නම් ඒකාන්තයෙන් හටගත් විවාද ඇත්තෝ වන්නාහුය. එවු ඒ භික්‍ෂූන් ඔවුනොවුන් කථාකරවන්නෙමු යයි සියල්ලෝ විහාරයට ගොස් පනසක් පමණ භික්‍ෂූන් අතුරෙන් භික්‍ෂූන් දෙදෙනෙක් එක්තැනක නොදුටුවහ. නැවත ඒ මිනිසුන් අතුරෙහි යම් නුවණැති පුරුෂයෙක් වී ද, හෙතෙම මෙසේ කීය. පින්වත්නි, කලහකරුවන් වසන ස්ථානයක් මෙබඳු නොවෙයි. සෑමලු බෝමලු මනාව හමදනා ලද්දාහුය. මුසුන් මනාව තබන ලදහ. පැන් පරිභෝග ජලය එළවා තබන ලදැයි ඔවුහු එයින්ම නැවතුනහ. ඒ භික්‍ෂුහු ඇතුළු තුවම්හිම රහත් බවට පැමිණ, මහාපවාරණයෙන් විසුද්ධ පවාරණය පැවරූහ.

එවං කාලවල‍්ලිමණ‍්ඩපවාසී මහානාගත්‍ථෙරො විය කලම‍්බතිත්‍ථවිහාරෙ වස‍්සූපගතභික‍්ඛූ විය ච කම‍්මට‍්ඨානයුත‍්තෙනෙව චිත‍්තෙන පාදං උද‍්ධරන‍්තො ගාමසමීපං පත්‍වා උදකගණ‍්ඩූසං කත්‍වා වීථියො සල‍්ලක‍්ඛෙත්‍වා යත්‍ථ සුරාසොණ‍්ඩධුත‍්තාදයො කලහකාරකා චණ‍්ඩහත්‍ථිඅස‍්සාදයො වා නත්‍ථි, තං වීථිං පටිපජ‍්ජති. තත්‍ථ ච පිණ‍්ඩාය චරමානො න තුරිතතුරිතො විය ජවෙන ගච‍්ඡති. න හි ජවෙන පිණ‍්ඩපාතියධුතඞ‍්ගං නාම කිඤ‍්චි අත්‍ථි. විසමභූමිභාගප‍්පත‍්තං පන උදකසකටං විය නිච‍්චලො හුත්‍වා ගච‍්ඡති. අනුඝරං පවිට‍්ඨො ච තං දාතුකාමං වා අදාතුකාමං වා සල‍්ලක‍්ඛෙතුං තදනුරූපං කාලං ආගමෙන‍්තො භික‍්ඛං ගහෙත්‍වා අන‍්තොගාමෙ වා බහිගාමෙ වා විහාරමෙව වා ආගන‍්ත්‍වා යථාඵාසුකෙ පතිරූපෙ ඔකාසෙ නිසීදිත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තො ආහාරෙ පටිකූලසඤ‍්ඤං උපට‍්ඨාපෙත්‍වා අක‍්ඛබ‍්භඤ‍්ජනවණලෙපනපුත‍්තමංසූපමාවසෙන නං පච‍්චවෙක‍්ඛන‍්තො අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ‍්ඩනාය න විභූසනාය. භුත‍්තාවී ච උදකකිච‍්චං කත්‍වා මුහුත‍්තං භත‍්තකිලමථං පටිප‍්පස‍්සම‍්භෙත්‍වා යථා පුරෙභත‍්තං, එවං පච‍්ඡාභත‍්තං. යථා පුරිමයාමං, එවං පච‍්ඡිමයාමඤ‍්ච කම‍්මට‍්ඨානමෙව මනසි කරොති, අයං වුච‍්චති හරති ච පච‍්චාහරති චාති.

මෙසේ කාළවල්ලි මණ්ඩපවාසී මහානාග තෙරුන් මෙන් ද, ගලම්බතිත්‍ථ විහාරයෙහි වස් එළඹි භික්‍ෂූන් මෙන් ද, කමටහන්හි යෙදුන සිතින්ම පියනගමින් ගම සමීපයට පැමිණ උදක ගණ්ඩූශය, පහකොට වීථි සලකා යම් වීථියෙක සොරාසොඬුන් හා ධූර්තාදීහු හෝ කලහකරුවෝ හෝ නපුරු ඇත් අස් ආදීහු හෝ නැත්නම් එම වීථියට වැද එහිද පිඬු පිණිස හැසිරෙන්නේ ඉතා සීඝ්‍ර වූවෙක් මෙන් වේගයෙන් නොයේද, යම් හෙයකින් ජවන පිණ්ඩපාත ආදී ධුතාංග කිසිවක් නැත් ද එහෙයින් විෂම භූමි භාගයකට පැමිණ දිය පිරුණු ගඟුලක් මෙන් නිශ්චලව යේද? ගෙපිළිවෙලින් පිවිසියේද දෙනු කැමති බව හෝ නොදෙනු කැමති බව හෝ එයට සුදුසු කාලයක් ඉක්මවමින් භික්‍ෂාව ගෙන ඇතුල්ගම හෝ බිහිගම හෝ විහාරයටම හෝ අවුත් යම් යම් පහසු වූ, සුදුසු වූ අවකාශ ඇති තැනක හිඳ කමටහන් මෙනෙහි කරමින් ආහාරයෙහි පටික්කුල සඤ්ඤාව එලවා, අක්ඛබ්භඤ්ජන වණලෙපන පුත්තමංස යන මේ උපමාවන්ගේ වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරමින් අටඟකින් යුත් ආහාරය වළඳයි. එනම්, ක්‍රීඩා පිණිස නොවේ. මද වැඩීම පිණිස නොවේ. සැරසීම පිණිස නොවේ. අඩුතැන් පිරීම පිණිස නොවේ. වළඳා අවසන් වුයේ ද, දියකිස කොට මොහොතක් බත් විඩාව සංසිඳුවා පෙරබත යම්සේ නම් එසේ පසුබතද පෙරයම යම් සේනම් එපරිද්දෙන් පසුයමද, කමටහන මෙනෙහි කෙරේද, මේ මහණ තෙම කමටහන ගෙන යන්නේත් පෙරලා ගෙන එන්නේත් වේ යයි කියනු ලැබේ.

ඉදං පන හරණපච‍්චාහරණසඞ‍්ඛාතං ගතපච‍්චාගතිකවත‍්තං පූරෙන‍්තො යදි උපනිස‍්සයසම‍්පන‍්නො හොති. පඨමවයෙ එව අරහත‍්තං පාපුණාති. නො චෙ පඨමවයෙ පාපුණාති, අථ මජ‍්ඣිමවයෙ. නො චෙ මජ‍්ඣිමවයෙ පාපුණාති, අථ පච‍්ඡිමවයෙ. නො චෙ පච‍්ඡිමවයෙ පාපුණාති, අථ මරණසමයෙ. නො චෙ මරණසමයෙ පාපුණාති, අථ දෙවපුත‍්තො හුත්‍වා. නො චෙ දෙවපුත‍්තො හුත්‍වා පාපුණාති, අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ නිබ‍්බත‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකරොති. නො චෙ පච‍්චෙකබොධිං සච‍්ඡිකරොති, අථ බුද‍්ධානං සම‍්මුඛීභාවෙ ඛිප‍්පාභිඤ‍්ඤො වා හොති සෙය්‍යථාපි ථෙරො බාහියො දාරුචීරියො, මහාපඤ‍්ඤො වා සෙය්‍යථාපි ථෙරො සාරිපුත‍්තො, මහිද‍්ධිකො වා සෙය්‍යථාපි ථෙරො මහාමොග‍්ගල‍්ලානො, ධුතඞ‍්ගධරො වා සෙය්‍යථාපි ථෙරො මහාකස‍්සපො, දිබ‍්බචක‍්ඛුකො වා සෙය්‍යථාපි ථෙරො අනුරුද‍්ධො, විනයධරො වා සෙය්‍යථාපි ථෙරො උපාලි, ධම‍්මකථිකො වා සෙය්‍යථාපි ථෙරො පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො, ආරඤ‍්ඤිකො වා සෙය්‍යථාපි ථෙරො රෙවතො, බහුස‍්සුතො වා සෙය්‍යථාපි ථෙරො ආනන්‍දො, සික‍්ඛාකාමො වා සෙය්‍යථාපි ථෙරො රාහුලො බුද‍්ධපුත‍්තොති. ඉති ඉමස‍්මිං චතුක‍්කෙ ය‍්වායං හරති ච පච‍්චාහරති ච, තස‍්ස ගොචරසම‍්පජඤ‍්ඤං සිඛාපත‍්තං හොති.

මෙම හරණ පච්චාහරණ නම් වූ ගත පච්චාගතික වත පුරණ තැනැත්තේ වනාහි උපනිශ්‍රය සම්පත්තියෙන් යුක්ත වූයේ වීනම් පළමු වයසෙහි රහත්බවට පැමිණෙයි. ඉදින් පළමු වයසෙහි රහත් බවට නොපැමිණේ නම් මධ්‍යම වයසෙහිදී පැමිණෙයි. ඉදින් මධ්‍යම වයසේද නොපැමිණේ නම් පසුව මරණ සමයෙහි පැමිණෙයි. ඉදින් මරණ සමයෙහි රහත්බවට නොපැමිණෙනම් ඊට පසුව දිව්‍යපුත්‍රයෙක්ව රහත් බවට පැමිණෙයි. ඉදින් දිව්‍යපුත්‍රයෙක් වී රහත්බවට නොපැමිණේ නම් බුදු කෙනෙක් නුපන් කල්හි මිනිස්ලොව උපන්නේ පසේබුදුබව ලබයි. ඉදින් පසේබුදුබවක් නොලබන්නේ නම්, අනතුරුව බුදුකෙනෙකුන් හමුවේද, දාරුචීරිය නම් බාහිය තෙරුන් මෙන් බිජ්ජාභිඤ්ඤා හෝ වෙයි. සැරියුත් තෙරුන් මෙන් මහාප්‍රාඥ හෝ වෙයි. මහමුගලන් තෙරුන් මෙන් මහා සෘද්ධි ඇත්තේ හෝ වෙයි. මහකසුප් තෙරුන් මෙන් ධුතවාදී හෝ වෙයි. අනුරුද්ධ තෙරුන් මෙන දිවැස් ඇත්තේ හෝ වෙයි. උපාලි තෙරුන් මෙන් විනයධර හෝ වෙයි. මන්තානි පුත්ත තෙරුන් මෙන්, ධර්ම කථික හෝ වෙයි. රේවත තෙරුන් මෙන් ආරණ්‍යක හෝ වෙයි. අනඳ තෙරුන් මෙන් බහුශ්‍රැත හෝ වෙයි. බුද්ධපුත්‍ර රහල් තෙරුන් මෙන් ශික්‍ෂාකාමී හෝ වෙයි. මෙසේ මෙම චතුස්ක අතුරෙන් යම් මේ මහණ කෙනෙක් කමටහන ගෙනයන්නේත් පෙරලා ගෙන එන්නේත් වේද ඔහුට ගෝචර සම්පජඤ්ඤ ශිඛාප්‍රාප්ත වූයේ වෙයි.

අභික‍්කමාදීසු පන අසම‍්මුය‍්හනං අසම‍්මොහසම‍්පජඤ‍්ඤං. තං එවං වෙදිතබ‍්බං – ඉධ භික‍්ඛු අභික‍්කමන‍්තො වා පටික‍්කමන‍්තො වා යථා අන්‍ධපුථුජ‍්ජනා අභික‍්කමාදීසු “අත‍්තා අභික‍්කමති, අත‍්තනා අභික‍්කමො නිබ‍්බත‍්තිතො”ති වා “අහං අභික‍්කමාමි, මයා අභික‍්කමො නිබ‍්බත‍්තිතො”ති වා සම‍්මුය‍්හන‍්ති. තථා අසම‍්මුය‍්හන‍්තො “අභික‍්කමාමී”ති චිත‍්තෙ උප‍්පජ‍්ජමානෙ තෙනෙව චිත‍්තෙන සද‍්ධිං චිත‍්තසමුට‍්ඨානා වායොධාතු විඤ‍්ඤත‍්තිං ජනයමානා උප‍්පජ‍්ජති, ඉති චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරවසෙන අයං කායසම‍්මතො අට‍්ඨිසඞ‍්ඝාතො අභික‍්කමති, තස‍්සෙවං අභික‍්කමතො එකෙකපාදුද‍්ධරණෙ පථවීධාතු ආපොධාතූති ද‍්වෙ ධාතුයො ඔමත‍්තා හොන‍්ති මන්‍දා, ඉතරා ද‍්වෙ අධිමත‍්තා හොන‍්ති බලවතියො, තථා අතිහරණවීතිහරණෙසු. වොස‍්සජ‍්ජනෙ තෙජොවායොධාතුයො ඔමත‍්තා හොන‍්ති මන්‍දා, ඉතරා ද‍්වෙ අධිමත‍්තා හොන‍්ති බලවතියො. තථා සන‍්නික‍්ඛෙපනසන‍්නිරුම‍්භනෙසු.

ඉදිරියට යාම ආදි තන්හි මුළානොවීම අසම්මොහ, සම්පජඤ්ඤ නම් වේ. එම අසම්මොහ සම්පජඤ්ඤය මෙසේ දතයුතුයැ. මේ ශාසනයෙහි මහණතෙම ඉදිරියට යන්නේ හෝ පෙරලා එන්නේ හෝ බාල පුහුදුන් තෙම, ඉදිරියට යාම් ආදියෙහි ආත්මය ඉදිරියට යයි. ආත්මය විසින් ඉදිරියට යාම නිපදවන ලදැයි කියා හෝ මම ඉදිරියට යමි. මවිසින් ඉදිරියට යාම නිපදවන ලදී කියා හෝ වෙසෙසින් මුළා වේද, එපරිද්දෙන් මුළා නොවන්නේ නම්, ඉදිරියට යමියි සිතක් උපන් කල්හි එම සිත සමගම (ගමන ආකාරය දක්වන) චිත්ත සමුට්ඨාන වායෝධාතුව, කාය විඥප්තිය උපදවමින් පහළවෙයි. මෙසේ චිත්ත-කිරිය-වායෝ ධාතුහුගේ පැතිරීම වශයෙන් මේ කාය නම් වූ ඇටසැකිල්ල අභිමුඛයට යයි. මෙසේ ඉදිරියට යන්නා වූ එම ඇටගොඩේ එක එක පියවරක් නැගීමේ දී පඨවි-ආපො යන ධාතු දෙදෙන මදවූවාහු දුබල වෙති. ඉතිරි ධාතු දෙදෙන අධික වූවාහු බලවත් වෙති. අතිභරණ, වීතිහරණ යන දෙතැන්හිද මෙබඳුමැයි. (අතිහරණ=පය ඉදිරියට ගෙනයාම. වීතිහරණ= ඔබ නොබ පය හැසිරවීම) වොස්සජ්ජනයෙහි (පය පහත් කිරීම) තේජෝ වායෝ ධාතු මද වූවාහු දුබල වෙති. ඉතිරි ධාතූහු දෙදෙන බලවත් වූවාහු බලවත් වෙති. සන්නික්ඛෙපන සන්නිරුම්භණ දෙතන්හි ද මෙසේ මැයි. (සන්නික්ඛෙපන = පය පොලොවෙහි තැබීම) (සන්නිරුම්හණ = පොළොව හා පාදයාගේ ගැටීම)

තත්‍ථ උද‍්ධරණෙ පවත‍්තා රූපාරූපධම‍්මා අතිහරණං න පාපුණන‍්ති. තථා අතිහරණෙ පවත‍්තා වීතිහරණං, වීතිහරණෙ පවත‍්තා වොස‍්සජ‍්ජනං, වොස‍්සජ‍්ජනෙ පවත‍්තා සන‍්නික‍්ඛෙපනං, සන‍්නික‍්ඛෙපනෙ පවත‍්තා සන‍්නිරුම‍්භනං න පාපුණන‍්ති. තත්‍ථ තත්‍ථෙව පබ‍්බං පබ‍්බං සන්‍ධි සන්‍ධි ඔධි ඔධි හුත්‍වා තත‍්තකපාලෙ පක‍්ඛිත‍්තතිලානි විය පටපටායන‍්තා භිජ‍්ජන‍්ති. තත්‍ථ කො එකො අභික‍්කමති? කස‍්ස වා එකස‍්ස අභික‍්කමනං? පරමත්‍ථතො හි ධාතූනංයෙව ගමනං, ධාතූනං ඨානං, ධාතූනං නිසජ‍්ජනං, ධාතූනං සයනං, තස‍්මිං තස‍්මිඤ‍්හි කොට‍්ඨාසෙ සද‍්ධිං රූපෙන –

එහිද පා එසවීමෙහි පැවැති රූපාරූප ධර්මයෝ අතිහරණයට නොපැමිණෙත්. එසේම අතිහරණයෙහි පැවැති රූපාරූප ධර්මයෝ වීතිහරණයට ද වීතිහරණයෙහි පැවති (නාමරූප) වොස්සජ්ජනයට ද වොස්සජ්ජනයෙහි පැවැත්තහු සන්නික්‍ෂෙපනයට ද සන්නික්‍ෂෙපනයෙහි පැවැත්තහු සන්නිරුම්හනයටද නොපැමිණෙති. ඒ ඒ (පය නැගීම් ආදි) කාලයෙහිම පුරුක්, පුරුක් සන්ධි සන්ධි කොටස් කොටස් වී රත්වූ කබලෙක දැමූ තල මෙන් තට තට යයි ශබ්ද කෙරෙමින් බිඳීයෙත්. එහි කිනම් එතෙක් ඉදිරියට යේ ද, නැතහොත් කිනම් එකෙකුගේ ඉදිරියට යාමක්ද පරමාර්ථ වශයෙන් වනාහි ඒ ඒ කොටසෙහිම රූපය රූපය සමග ධාතුහුගේ ගමන ධාතූන්ගේ සිටීම, ධාතූන්ගේ හිඳීම ධාතූන්ගේ නිදීම වෙයි.

අඤ‍්ඤං උප‍්පජ‍්ජතෙ චිත‍්තං, අඤ‍්ඤං චිත‍්තං නිරුජ‍්ඣති; අවීචිමනුසම‍්බන්‍ධො, නදීසොතොව වත‍්තතීති.

අඤ්ඤං උප්පජ්ජතෙ චිත්තං - අඤ්ඤං චිත්තං නිරුජ්ඣති අවීචි මනුසම්බන්‍ධො, නදී සොතොව වත්තතී යනුයි.

(අන්‍ය වූ සිතක් උපදී. අන්‍ය වූ සිතක් නැසෙයි. නිතර ගඟ දිය පහරක් මෙන් (රූපාරූප ධර්ම සමූහය) එක්ව බැඳුනේ පවතී.)

එවං අභික‍්කමාදීසු අසම‍්මුය‍්හනං අසම‍්මොහසම‍්පජඤ‍්ඤං නාමාති; නිට‍්ඨිතො අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී හොතීති පදස‍්ස අත්‍ථො;

[missing trans] අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරි හොති යන පදයාගේ අර්ථය නිමි.

ආලොකිතෙ විලොකිතෙති එත්‍ථ පන ආලොකිතං නාම පුරතො පෙක‍්ඛනං. විලොකිතං නාම අනුදිසාපෙක‍්ඛනං. අඤ‍්ඤානිපි හෙට‍්ඨා උපරි පච‍්ඡතො පෙක‍්ඛනවසෙන ඔලොකිතඋල‍්ලොකිතාපලොකිතානි නාම හොන‍්ති, තානි ඉධ න ගහිතානි. සාරුප‍්පවසෙන පන ඉමානෙව ද‍්වෙ ගහිතානි, ඉමිනා වා මුඛෙන සබ‍්බානිපි තානි ගහිතානෙවාති.

ආලොකිතෙ විලොකිතෙ යන මෙහි ආලොකිත නම් ඉදිරිය බැලීමය. විලොකිත නම් අනුදික් බැලීමය. අන්‍ය වූ ද, යට, උඩ, පිටිපස බැලීම් වශයෙන්, ඔලොකිත, උල්ලොකිත, පලොකිත නම් වූවාහු වෙති. ඒ ශබ්දයෝ මෙහි නොගන්නා ලදහ. එහෙත් සමාන රූප ස්වභාවය වශයෙන් (ආලොකිත, විලොකිත යන) මේ දෙකම ගන්නා ලදහ. නැතහොත් මේ වාරයෙන් ඒ සියල්ලම ගන්නා ලද්දාහු වෙති.

තත්‍ථ “ආලොකෙස‍්සාමී”ති චිත‍්තෙ උප‍්පන‍්නෙ චිත‍්තවසෙනෙව අනොලොකෙත්‍වා අත්‍ථපරිග‍්ගහණං සාත්‍ථකසම‍්පජඤ‍්ඤං. තං ආයස‍්මන‍්තං නන්‍දං කායසක‍්ඛිං කත්‍වා වෙදිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං භගවතා – “සචෙ, භික‍්ඛවෙ, නන්‍දස‍්ස පුරත්‍ථිමා දිසා ආලොකෙතබ‍්බා හොති, සබ‍්බං චෙතසා සමන‍්නාහරිත්‍වා නන්‍දො පුරත්‍ථිමං දිසං ආලොකෙති, එවං මෙ පුරත්‍ථිමං දිසං ආලොකයතො න අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුන‍්ති ඉති සො තත්‍ථ සම‍්පජානො හොති, සචෙ, භික‍්ඛවෙ, නන්‍දස‍්ස පච‍්ඡිමා දිසා, උත‍්තරා දිසා, දක‍්ඛිණා දිසා, උද‍්ධං, අධො, අනුදිසා ආලොකෙතබ‍්බා හොති, සබ‍්බං චෙතසො සමන‍්නාහරිත්‍වා නන්‍දො අනුදිසං ආලොකෙති. එවං මෙ අනුදිසං ආලොකයතො…පෙ… සම‍්පජානො හොතී”ති (අ· නි· 8.9).

මෙහි ඉදිරිය බලන්නෙමි සිතක් උපන් කල්හි චිත්තයාගේ වශයෙන්ම නොබලා අර්ථ විමසා ගැනීම සාත්‍ථක සම්පජඤ්ඤ නම් වේ. මෙය ආයුෂ්මත් නන්‍දතෙරුන් කාය සාක්ෂි කොට දතයුතු. මෙය වදාරණ ලදමැයි. සචෙ භික්ඛවෙ නන්‍දසස පුරත්‍ථිමා දියා ආලොකෙතබ්බා හොති, සබ්බචෙතසො සමන්නාහරිත්‍වා නන්‍දො පුරත්‍ථිමං දිසං ආලොකෙති එවං මෙ පුරත්‍ථිමං දිසං ආලොකයතො න අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්‍වාස්සවෙය්‍යුන්ති. ඉති වා තත්‍ථ සම්පජානො හොති සචෙ භික්ඛවෙ නන්‍දස්ස පච්ඡිමා දිසා -පෙ- උත්තරා දිසා -පෙ- දක්ඛිණ දිසා උද්ධං අධො අනුදිසා ආලොකෙතබ්බා හොති, සබ්බ චෙතසො සමන්නා හරිත්‍වා නන්‍දා අනුදිසං ආලොකෙති එවං මෙ අනුදිසං ආලොකයතො -පෙ- සම්පජානො හොති. (මහණෙනි, ඉදින් නන්‍ද විසින් පෙරදිග බැලිය යුතුනම් සියලු සිතින් ආවර්ජනා කොට නන්‍දතෙම පෙරදිග බලයි. මෙසේ පෙරදිග බලන්නා වූ මගේ සිත අභිජ්ඣා-දොමනස්ස නම් වූ ලාමක අකුශල ධර්මයෝ අනුව නොඑන්නාහු යයි කියායි. මෙසේ හෝ එම පෙරදිග බැලීම නුවණින් දැන කරන්නේ වෙයි. මහණෙනි, නන්‍ද විසින් පැදුම්දිග -පෙ- උතුරුදිග - දකුණුදිග - උඩ - යට - අනුදිග බැලිය යුතු නම් සියලු සිතින් ආවර්ජනා කොට නන්‍දතෙම අනුදිග බලයි. මෙසේ අනුදිග බලන්නා වූ මගේ සිත -පෙ- නුවණින් දැන කරන්නේ වේයයි.)

අපිච ඉධාපි පුබ‍්බෙ වුත‍්තචෙතියදස‍්සනාදිවසෙනෙව සාත්‍ථකතා ච සප‍්පායතා ච වෙදිතබ‍්බා. කම‍්මට‍්ඨානස‍්ස පන අවිජහනමෙව ගොචරසම‍්පජඤ‍්ඤං. තස‍්මා ඛන්‍ධධාතුආයතනකම‍්මට‍්ඨානිකෙහි අත‍්තනො කම‍්මට‍්ඨානවසෙනෙව, කසිණාදිකම‍්මට‍්ඨානිකෙහි වා පන කම‍්මට‍්ඨානසීසෙනෙව ආලොකනවිලොකනං කාතබ‍්බං. අබ‍්භන‍්තරෙ අත‍්තා නාම ආලොකෙතා වා විලොකෙතා වා නත්‍ථි, ආලොකෙස‍්සාමීති පන චිත‍්තෙ උප‍්පජ‍්ජමානෙ තෙනෙව චිත‍්තෙන සද‍්ධිං චිත‍්තසමුට‍්ඨානා වායොධාතු විඤ‍්ඤත‍්තිං ජනයමානා උප‍්පජ‍්ජති. ඉති චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරවසෙනෙව හෙට‍්ඨිමං අක‍්ඛිදලං අධො සීදති, උපරිමං උද‍්ධං ලඞ‍්ඝෙති, කොචි යන‍්තකෙන විවරන‍්තො නාම නත්‍ථි, තතො චක‍්ඛුවිඤ‍්ඤාණං දස‍්සනකිච‍්චං සාධෙන‍්තං උප‍්පජ‍්ජතීති. එවං සම‍්පජානනං පනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං නාම.

තව ද මෙහිදු පෙර කියන ලද චෛත්‍ය දර්ශනයන්ගේ වශයෙන් සාත්‍ථක සප්පාය බව දතයුතුයැ. කමටහනේ අත්නොහැරීමම ගෝචර සම්පජඤ්ඤ නමි. එහෙයින් ඛන්‍ධ-ධාතු-ආයතන කම්මට්ඨානිකයන් විසින් කම්මට්ඨානයෙන් යුතුවම ආලෝකන විලෝකනය කළයුතුය. ඉදිරිය බලන්නා වූ හෝ අනුදිග බලන්නා වූ අභ්‍යන්තරයෙහි ආත්මයක් නැත. එහෙත් ඉදිරි බලන්නෙමි සිතක් උපන් කල්හි ඒ සිත සමගම චිත්ත සමුට්ඨාන වායෝ ධාතුව කාය විඥප්තිය උපදවමින් පහල වෙයි. මෙසේ චිත්ත කිරිය වායෝ ධාතුහුගේ පැතිරීම් වශයෙන්ම යටි ඇසිපිය පහතට බසී. උඩු ඇසිපිය උඩට නැගෙයි. යන්ත්‍රයකින් විවෘත කරන්නා වූ කිසිවෙක් නම් නැති. අනතුරුව චක්ඛු විඤ්ඤාණය දස්සන කෘත්‍ය කරමින් උපදී යයි මෙපරිද්දෙන් මනාකොට දැනගැනීම වනාහි මෙහි අසම්මොහ සම්පජඤ්ඤ නම් වේ.

අපිච මූලපරිඤ‍්ඤාආගන‍්තුකතාවකාලිකභාවවසෙනපෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං. මූලපරිඤ‍්ඤාවසෙන තාව –

තව ද මුලපරිඤ්ඤා ආගන්තුක-තාවකාලික භාවයන්ගේ වශයෙන් ද මෙහි අසම්මොහ සම්පජඤ්ඤය දතයුතුයැ. පළමුකොට මූල පරිඤ්ඤා වශයෙන් -

භවඞ‍්ගාවජ‍්ජනඤ‍්චෙව, දස‍්සනං සම‍්පටිච‍්ඡනං; සන‍්තීරණං වොට‍්ඨබ‍්බනං, ජවනං භවති සත‍්තමං.

භවංගා වජ්ජනඤ්චෙව දස්සනං සම්පටිච්ඡනං සන්තීරණං වොත්‍ථපනං ජවනං භවති සත්තමං

(භවංග චිත්තය හා ආවජ්ජන චිත්තයද දස්සන චිත්තයද සම්පටිච්ඡන චිත්තය ද, සන්තීරණ චින්තයද වොත්‍ථපන චිත්තය ද සත්වන ජවනයද පිළිවෙලින් වෙයි.)

තත්‍ථ භවඞ‍්ගං උපපත‍්තිභවස‍්ස අඞ‍්ගකිච‍්චං සාධයමානං පවත‍්තති, තං ආවට‍්ටෙත්‍වා කිරියමනොධාතු ආවජ‍්ජනකිච‍්චං සාධයමානා, තන‍්නිරොධා චක‍්ඛුවිඤ‍්ඤාණං දස‍්සනකිච‍්චං සාධයමානං, තන‍්නිරොධා විපාකමනොධාතු සම‍්පටිච‍්ඡනකිච‍්චං සාධයමානා, තන‍්නිරොධා විපාකමනොවිඤ‍්ඤාණධාතු සන‍්තීරණකිච‍්චං සාධයමානා, තන‍්නිරොධා කිරියමනොවිඤ‍්ඤාණධාතු වොට‍්ඨබ‍්බපනකිච‍්චං සාධයමානා, තන‍්නිරොධා සත‍්තක‍්ඛත‍්තුං ජවනං ජවති.

මෙහි දැක්වූ චිත්ත වීථියෙහි උත්පත්ති භවයට අංග කෘත්‍යය සිදුකරමින් භවාංගය පවතී. එය සිඳ කිරියා මනෝධාතුව ආවර්ජනා කෘත්‍යය සිදුකරමින් පවතී. එම ක්‍රියා මනෝධාතුව නිරුද්ධ වීමෙන්, චක්ඛු විඤ්ඤාණය දස්සන කෘත්‍ය සිද්ධ කරමින් පවතී. ඒ චක්ඛු විඤ්ඤාණයාගේ නිරුද්ධ වීමෙන් විපාක මනෝධාතුව සම්පටිච්ඡන කෘත්‍ය කරමින් පවතී. ඒ විපාක මනෝධාතුවගේ නිරුද්ධ වීමෙන් විපාක මනෝ විඤ්ඤාණ ධාතුව, සන්තීරණ කෘත්‍ය සිදුකරමින් පවතී. විපාක මනෝ විඤ්ඤාණ ධාතුහුගේ නිරුද්ධ වීමෙන් ක්‍රියා මනො විඤ්ඤාණ ධාතුව වොත්‍ථන කෘත්‍යය සිදුකරමින් පවතී. ඒ ක්‍රියා මනෝ විඤ්ඤාණ ධාතුහුගේ නිරුද්ධ වීමෙන් සත්වරක් (එකුන්තිස් කාමාවචර ජවනයන් අතුරෙන්) ජවනයක් ඇතිවෙයි.

තත්‍ථ පඨමජවනෙපි “අයං ඉත්‍ථී, අයං පුරිසො”ති රජ‍්ජනදුස‍්සනමුය‍්හනවසෙන ආලොකිතවිලොකිතං න හොති. දුතියජවනෙපි…පෙ… සත‍්තමජවනෙපි. එතෙසු පන යුද‍්ධමණ‍්ඩලෙ යොධෙසු විය හෙට‍්ඨුපරියවසෙන භිජ‍්ජිත්‍වා පතිතෙසු “අයං ඉත්‍ථී, අයං පුරිසො”ති රජ‍්ජනාදිවසෙන ආලොකිතවිලොකිතං හොති. එවං තාවෙත්‍ථ මූලපරිඤ‍්ඤාවසෙන අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

ඒ භවාංග ජවනාදීන් අතුරෙන් එක් චිත්තයෙක්හි ද මෝ ස්ත්‍රිය, මේ පුරුෂ යයි ඇලීම දූෂ්‍ය වීම මුලාවීම් වශයෙන් ආලෝකන විලෝකනයක් නොවෙයි. දෙවන ජවනයෙහිද -පෙ- සත්වන ජවනයෙහි ද (රාගාදි වශයෙන් ආලෝකනය විලෝකනය නොවෙයි) මේ දෙවන ආදී ජවනයන්හි යුද පිටියෙහි යෝධයන් උඩ යට වශයෙන් බිඳී වැටුන කල්හි මෙන් මෝ ස්ත්‍රියය. මේ පුරුෂයා යයි රාගාදි වශයෙන් ආලෝකනය විලෝකනය වෙයි. මෙ පළමුකොට මූල පරිඤ්ඤා වශයෙන් අසම්මොහ සම්පජඤ්ඤය දතයුතුයි.

චක‍්ඛුද‍්වාරෙ පන රූපෙ ආපාථගතෙ භවඞ‍්ගචලනතො උද‍්ධං සකකිච‍්චං නිප‍්ඵාදනවසෙන ආවජ‍්ජනාදීසු උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධෙසු අවසානෙ ජවනං උප‍්පජ‍්ජති. තං පුබ‍්බෙ උප‍්පන‍්නානං ආවජ‍්ජනාදීනං ගෙහභූතෙ චක‍්ඛුද‍්වාරෙ ආගන‍්තුකපුරිසො විය හොති. තස‍්ස යථා පරගෙහෙ කිඤ‍්චි යාචිතුං පවිට‍්ඨස‍්ස ආගන‍්තුකපුරිසස‍්ස ගෙහසාමිකෙසු තුණ‍්හීමාසිනෙසු ආණාකරණං න යුත‍්තං. එවං ආවජ‍්ජනාදීනං ගෙහභූතෙ චක‍්ඛුද‍්වාරෙ ආවජ‍්ජනාදීසුපි අරජ‍්ජන‍්තෙසු අදුස‍්සන‍්තෙසු අමුය‍්හන‍්තෙසු ච රජ‍්ජනදුස‍්සනමුය‍්හනං අයුත‍්තන‍්ති එවං ආගන‍්තුකභාවවසෙන අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

යලිදු චක්ඛුද්වාරයෙහි රූපයක් හමුවට පැමිණි කල්හි භවාංග චලනයෙන් මත්තෙහි ස්වකීය කෘත්‍යය නිපදවීම් වශයෙන් ආවජ්ජන ආදීන් ගෙයක් නැති චක්ඛු ද්වාරයෙහි ආගන්තුක පුරුෂයෙක් වැනි වෙයි. අනිකෙකුගේ ගෙයින් කිසිවක් ඉල්ලා ගැනීමට පැමිණි ඒ ආගන්තුක පුරුෂයා විසින් ගෙහිමියන් ද නොබැන හුන් කල්හි අණ කිරීම යම්සේ අයුතු වේද, එපරිද්දෙන් ආවර්ජනාදීන්ට ගෙයක් වැනි වූ චක්ඛු ද්වාරයෙහි ආවර්ජනා ආදී චිත්තයනුදු නොඇලෙන කල්හි ද, දූෂ්‍ය නොවන කල්හිද මුලා නොවන කල්හිද ඇලීම දූෂ්‍ය වීම මුලාවීම අයුතු යයි මෙසේ ආගන්තුක භාව වශයෙන් අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුයැ.

යානි පන තානි චක‍්ඛුද‍්වාරෙ වොට‍්ඨබ‍්බපනපරියොසානානි චිත‍්තානි උප‍්පජ‍්ජන‍්ති, තානි සද‍්ධිං සම‍්පයුත‍්තධම‍්මෙහි තත්‍ථ තත්‍ථෙව භිජ‍්ජන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං න පස‍්සන‍්තීති ඉත‍්තරානි තාවකාලිකානි හොන‍්ති. තත්‍ථ යථා එකස‍්මිං ඝරෙ සබ‍්බෙසු මානුසකෙසු මතෙසු අවසෙසස‍්ස එකස‍්ස තඞ‍්ඛණෙඤ‍්ඤෙව මරණධම‍්මස‍්ස න යුත‍්තා නච‍්චගීතාදීසු අභිරති නාම, එවමෙව එකද‍්වාරෙ සසම‍්පයුත‍්තෙසු ආවජ‍්ජනාදීසු තත්‍ථ තත්‍ථෙව මතෙසු අවසෙසස‍්ස තඞ‍්ඛණෙඤ‍්ඤෙව මරණධම‍්මස‍්ස ජවනස‍්සාපි රජ‍්ජනදුස‍්සනමුය‍්හනවසෙන අභිරති නාම න යුත‍්තාති එවං තාවකාලිකභාවවසෙන අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

[missing trans] ගෙයක් වැනි වූ චක්ඛුද්වාරයෙහි ආවර්ජනා ආදී චිත්තයනුදු නොඇලෙන කල්හිද දූෂ්‍ය නොවන කල්හිද මුලා නොවන කල්හිද ඇලීම දූෂ්‍යවීම මුලාවීම අයුතුයයි මෙසේ ආගන්තුක භාව වශයෙන් අසම්මෝහ සම්පජඤ්ඤය දතයුතුයැ.

අපිච ඛන්‍ධායතනධාතුපච‍්චයපච‍්චවෙක‍්ඛණවසෙනපෙතං වෙදිතබ‍්බං. එත්‍ථ හි චක‍්ඛු චෙව රූපඤ‍්ච රූපක‍්ඛන්‍ධො, දස‍්සනං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසම‍්පයුත‍්තා වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, ඵස‍්සාදිකා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. එවමෙතෙසං පඤ‍්චන‍්නං ඛන්‍ධානං සමවායෙ ආලොකනවිලොකනං පඤ‍්ඤායති. තත්‍ථ කො එකො ආලොකෙති, කො විලොකෙති?

යලිදු ඛන්‍ධ, ආයතන, ධාතු, පච්චය, යන මොවුන් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් වශයෙන් මේ අසම්මොහ සම්පජඤ්ඤය දතයුතුයැ. මෙහි ඇස හා රූපය ද රූපස්කන්ධයයි, දර්ශනීය, විඥාන ස්කන්ධයයි, සංඥාව සංඥා ස්කන්ධයයි, ඵස්ස ආදීහු සංස්කාරස්කන්ධයයි. මෙසේ මේ පඤ්ච ස්කන්ධයන්ගේ එකතුවෙහි ආලෝකන විලෝකනය පෙනෙයි. එහි කවරෙක් ආලෝකනය කෙරේද, කවරෙක් විලෝකනය කෙරේ ද?

තථා චක‍්ඛු චක‍්ඛායතනං, රූපං රූපායතනං, දස‍්සනං මනායතනං, වෙදනාදයො සම‍්පයුත‍්තධම‍්මා ධම‍්මායතනං. එවමෙතෙසං චතුන‍්නං ආයතනානං සමවායෙ ආලොකනවිලොකනං පඤ‍්ඤායති. තත්‍ථ කො එකො ආලොකෙති, කො විලොකෙති?

එසේම ඇස චක්ඛු ආයතනයැ රූපය රූපායතනය. දර්ශනය මනායතනය, වේදනාදීහු ද සම්පයුත්ත ධර්මයෝද ධර්මායතනයැ. මෙසේ මෙම සතර ආයතනයන්ගේ එක්වීම ඇති කල්හි ආලෝකන විලෝකනය පෙනෙයි. එහි කවරෙක් ආලෝකනය කෙරේද? කවරෙක් විලෝකනය කෙරේද?

තථා චක‍්ඛු චක‍්ඛුධාතු, රූපං රූපධාතු, දස‍්සනං චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, තංසම‍්පයුත‍්තා වෙදනාදයො ධම‍්මධාතු. එවමෙතාසං චතුන‍්නං ධාතූනං සමවායෙ ආලොකනවිලොකනං පඤ‍්ඤායති. තත්‍ථ කො එකො ආලොකෙති, කො විලොකෙති?

එසේම චක්ඛු, චක්ඛු ධාතුයැ. රූප, රූපධාතුයැ. දස්සන, චක්ඛු විඤ්ඤාණ ධාතුයැ. එම චක්ඛු විඤ්ඤාණය හා එක්ව යෙදුනා වූ වේදනා ආදි ධර්මයෝ ධම්ම ධාතුයැ. මෙසේ මේ සතර ධාතුන්ගේ සමවාය ඇති කල්හි ආලෝකන විලෝකනය පැනෙයි. එහි කවරෙක් ආලෝකනය කෙරේ ද කවරෙක් විලෝකනය කෙරේද?

තථා චක‍්ඛු නිස‍්සයපච‍්චයො, රූපං ආරම‍්මණපච‍්චයො, ආවජ‍්ජනං අනන‍්තරසමනන‍්තරූපනිස‍්සයනත්‍ථිවිගතපච‍්චයො, ආලොකො උපනිස‍්සයපච‍්චයො වෙදනාදයො සහජාතපච‍්චයො. එවමෙතෙසං පච‍්චයානං සමවායෙ ආලොකනවිලොකනං පඤ‍්ඤායති. තත්‍ථ කො එකො ආලොකෙති, කො විලොකෙතීති? එවමෙත්‍ථ ඛන්‍ධායතනධාතුපච‍්චයපච‍්චවෙක‍්ඛණවසෙනපි අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

එපරිද්දෙන් චක්ඛු නිස්සය පච්චය වෙයි. රූපය ආරම්මණ පච්චය වෙයි. ආවර්ජනය අනන්තර සමනන්තර උපනිස්සය, නත්‍ථි-විගත-පච්චයෝ වෙති. ආලෝකය උපනිස්සය පචචය වෙයි. වේදනාදීහු සහජාත පච්චයෝ වෙති. ඒ මෙ පච්චයයන්ගේ සමවාය ආලෝකන විලෝකනය දැනගනී. එහි කවරෙක් ආලෝකනය කෙරේ ද, කවරෙක් විලෝකනය කෙරේද? මෙසේ මෙහි ඛන්‍ධ-ආයතන-ධාතු-පච්චය ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන් අසම්මොහ සම්පජඤ්ඤය දතයුතුයැ.

සමිඤ‍්ජිතෙ පසාරිතෙති පබ‍්බානං සමිඤ‍්ජනපසාරණෙ. තත්‍ථ චිත‍්තවසෙනෙව සමිඤ‍්ජනපසාරණං අකත්‍වා හත්‍ථපාදානං සමිඤ‍්ජනපසාරණපච‍්චයා අත්‍ථානත්‍ථං පරිග‍්ගහෙත්‍වා අත්‍ථපරිග‍්ගහණං සාත්‍ථකසම‍්පජඤ‍්ඤං. තත්‍ථ හත්‍ථපාදෙ අතිචිරං සමිඤ‍්ජෙත්‍වා පසාරෙත්‍වා එව වා ඨිතස‍්ස ඛණෙ ඛණෙ වෙදනා උප‍්පජ‍්ජන‍්ති, චිත‍්තං එකග‍්ගං න ලභති, කම‍්මට‍්ඨානං පරිපතති, විසෙසං නාධිගච‍්ඡති. කාලෙ සමිඤ‍්ජෙන‍්තස‍්ස කාලෙ පසාරෙන‍්තස‍්ස පන තා වෙදනා න උප‍්පජ‍්ජන‍්ති, චිත‍්තං එකග‍්ගං හොති, කම‍්මට‍්ඨානං ඵාතිං ගච‍්ඡති, විසෙසමධිගච‍්ඡතීති එවං අත්‍ථානත්‍ථපරිග‍්ගහණං වෙදිතබ‍්බං.

සම්මිඤ්ජිතෙ පසාරිතෙ පබ්බයන්ගේ (සන්ධිවල) හැකිලීමෙහි සහ දිගු කිරීමෙහි එහි චිත්ත වශයෙන්ම හැකිලීම හා දිගුකිරීම නොකොට හස්ත පාදයන්ගේ හැකිලීම දිගුකිරීම හේතුවෙන් වන අර්ථානර්ථ සලකා අර්ථය ගැනීම සාත්‍ථක සම්පජඤ්ඤ නම් වේ. එහි හත්‍ථ පාදයන් බොහෝ වෙලාවක් හකුළුවාම හෝ දිගුකොටම හෝ සිටියහුට මොහොතින් මොහොත වේදනා උපදිත්. සිත එකඟ බවක් නොලබයි. කමටහන පහව යයි. (ධ්‍යාන ආදී) විශේෂයක් නොලබයි. කලෙක හස්ත පාදයන් හකුලුවන්නහුට කලෙක දිගුකරන්නහුට කලී එම වේදනා ඇති නොවේ. සිත එකඟ වෙයි. කමටහන වැඩීමට යයි. විශේෂයකට පැමිණේ යයි මෙසේ අර්ථානර්ථ ගැනීම දතයුතුයැ. අර්ථයක් ඇති කල්හි සැප නොසැප බව සලකා සප්පාය පරිග්‍රහණං සප්පාය සම්පජඤ්ඤ නම් වේ. එහි මේ ක්‍රමයයි.

අත්‍ථෙ පන සතිපි සප‍්පායාසප‍්පායං පරිග‍්ගණ‍්හිත්‍වා සප‍්පායපරිග‍්ගහණං සප‍්පායසම‍්පජඤ‍්ඤං. තත්‍රායං නයො – මහාචෙතියඞ‍්ගණෙ කිර දහරභික‍්ඛූ සජ‍්ඣායං ගණ‍්හන‍්ති. තෙසං පිට‍්ඨිපස‍්සෙ දහරභික‍්ඛුනියො ධම‍්මං සුණන‍්ති. තත්‍රෙකො දහරො හත්‍ථං පසාරෙන‍්තො කායසංසග‍්ගං පත්‍වා තෙනෙව කාරණෙන ගිහී ජාතො. අපරොපි භික‍්ඛු පාදං පසාරෙන‍්තො අග‍්ගිම‍්හි පසාරෙසි, අට‍්ඨිං ආහච‍්ච පාදො ඣායි. අපරො වම‍්මිකෙ පසාරෙසි, සො ආසීවිසෙන දට‍්ඨො. අපරො චීවරකුටිදණ‍්ඩකෙ පසාරෙසි, තං මණිසප‍්පො ඩංසි. තස‍්මා එවරූපෙ අසප‍්පායෙ අපසාරෙත්‍වා සප‍්පායෙ පසාරෙතබ‍්බං. ඉදමෙත්‍ථ සප‍්පායසම‍්පජඤ‍්ඤං.

මහසෑ මළුවෙහි තරුණ භික්‍ෂූහු ධර්මය හදාරති. ඔවුන්ගේ පිටිපස හුන් තරුණ භික්‍ෂුණීහු ධර්මය අසති. ඔවුන් අතර එක් තරුණ භික්‍ෂුවක් අත දිගු කරන්නේ මෙහෙණක හා කාය සංසර්ගයට පැමිණ ඒ කරුණින් හෙතෙම ගිහි විය. අනෙක් භික්‍ෂුවක් පය දිගු කරන්නේ ගින්නට දිගු කළේය. ඇටය දක්වා පය දැවුනේය. අනෙක් කෙනෙක් තුඹසකට පය දිගු කළේය. හෙතෙම සර්පයෙකු විසින් දෂ්ට කරනු ලැබුවේය. අනිකෙක් සිවුරු කුටියේ දණ්ඩකට පහළේය. ඔහු මිණි නම් වූ නයෙකු විසින් දෂ්ට කරනු ලැබුවේය. එහෙයින් මෙබඳු වූ අසප්පාය ස්ථානයෙහි දිගු නොකොට සප්පාය ස්ථානයෙහි දිගු කළයුතුයැ. මේ මෙහි සප්පාය සම්පජඤඤ යයි.

මහතෙර වස්තුව

ගොචරසම‍්පජඤ‍්ඤං පන මහාථෙරවත්‍ථුනා දීපෙතබ‍්බං – මහාථෙරො කිර දිවාට‍්ඨානෙ නිසින‍්නො අන‍්තෙවාසිකෙහි සද‍්ධිං කථයමානො සහසා හත්‍ථං සමිඤ‍්ජෙත්‍වා පුන යථාඨානෙ ඨපෙත්‍වා සණිකං සමිඤ‍්ජෙසි. තං අන‍්තෙවාසිකා පුච‍්ඡිංසු “කස‍්මා භන‍්තෙ සහසා හත්‍ථං සමිඤ‍්ජෙත්‍වා පුන යථාඨානෙ ඨපෙත්‍වා සණිකං සමිඤ‍්ජයිත්‍ථා”ති. යතො පට‍්ඨායාහං, ආවුසො, කම‍්මට‍්ඨානං මනසිකාතුං ආරද‍්ධො, න මෙ කම‍්මට‍්ඨානං මුඤ‍්චිත්‍වා හත්‍ථො සමිඤ‍්ජිතපුබ‍්බො, ඉදානි පන තුම‍්හෙහි සද‍්ධිං කථයමානෙන කම‍්මට‍්ඨානං මුඤ‍්චිත්‍වා සමිඤ‍්ජිතො, තස‍්මා පුන යථාඨානෙ ඨපෙත්‍වා සමිඤ‍්ජෙසින‍්ති. සාධු, භන‍්තෙ, භික‍්ඛුනා නාම එවරූපෙන භවිතබ‍්බන‍්ති. එවමෙත්‍ථාපි කම‍්මට‍්ඨානාවිජහනමෙව ගොචරසම‍්පජඤ‍්ඤන‍්ති වෙදිතබ‍්බං.

ගෝචර සම්පජඤ්ඤය වූකලී මහතෙරුන්ගේ කථා වස්තුවෙන් දතයුතුය. මහතෙරුන් වහන්සේ වනාහි දිවා ස්ථානයේ හුන්නාහු අතවැසියන් සමග කථා කරමින් වහා අතහකුළුවා නැවත තිබූ තන්හි තබා සෙමින් හැකිලූහ. අතවැසියෝ උන්වහන්සේ විචාළහ. ස්වාමීනි, කුමක් හෙයින් වහා අත හකුලුවා නැවත තුබූ තන්හි තබා සෙමින් හැකිලූහුදැයි, ඇවැත්නි, මම යම්දිනක පටන් කමටහන් මෙනෙහි කරන්ට ආරම්භ කළෙම්ද, එතැන් පටන් මා විසින් කමටහන මුදා අත නොහැකිලූ විරූය. දැන් වූ කලී තොප සමග කථා කරන මවිසින් කමටහන මුදා හකුලුවන ලද හෙයින් නැවත තිබූ තන්හි තබා හැකිලීමි. මැනව ස්වාමීනි, භික්‍ෂුවක් විසින් නම් මෙබන්දකු විය යුතු යයි පැසසූහ. මෙසේ මෙහිද කමටහන නොහැරීම ගෝචර සම්පජඤ්ඤ යයි දතයුතුයැ.

අබ‍්භන‍්තරෙ අත‍්තා නාම කොචි සමිඤ‍්ජෙන‍්තො වා පසාරෙන‍්තො වා නත්‍ථි. වුත‍්තප‍්පකාරචිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙන පන සුත‍්තකඩ‍්ඪනවසෙන දාරුයන‍්තස‍්ස හත්‍ථපාදලළනං විය සමිඤ‍්ජනපසාරණං හොතීති එවං පරිජානනං පනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤන‍්ති වෙදිතබ‍්බං.

අභ්‍යන්තරයෙහි හකුලුවන්නාහු හෝ දිගු කරන්නාහු හෝ කිසිදු ආත්මයක් නම් නැත. එසේ වුවත් කියන ලද ආකාරයෙන් චිත්තක්‍රියා වායෝ ධාතුහුගේ පැතිරීමෙන් නූල ඇදීමෙන් දාරු යන්ත්‍රයාගේ අත් පා නැලවීමක් මෙන් හැකිලීම හා දිගු කිරීම වේයයි දැනගැනීම මෙහි අසම්මොහ සම්පජඤ්ඤ යයි දතයුතුය.

සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙති එත්‍ථ සඞ‍්ඝාටිචීවරානං නිවාසනපාරුපනවසෙන පත‍්තස‍්ස භික‍්ඛාපටිග‍්ගහණාදිවසෙන පරිභොගො ධාරණං නාම. තත්‍ථ සඞ‍්ඝාටිචීවරධාරණෙ තාව නිවාසෙත්‍වා පාරුපිත්‍වා ච පිණ‍්ඩාය චරතො ආමිසලාභො “සීතස‍්ස පටිඝාතායා”තිආදිනා නයෙන භගවතා වුත‍්තප‍්පකාරොයෙව ච අත්‍ථො අත්‍ථො නාම. තස‍්ස වසෙන සාත්‍ථකසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

සංඝාටිපත්ත චීවරධාරණෙ යන මෙහි සඟල සිවුරු හැඳීම් පෙරවීම් වශයෙන් ද, පාත්‍රය ආහාර පිළිගැනීම ආදි වශයෙන් පරිභෝග කිරීම ධාරණ නම් වේ. පිළිවෙළින් ඒ සඟල සිවුර දැරීමෙහි, හැඳගෙන ද පොරවාගෙන හැසිරෙන්නහුගේ ආමිෂ ලාභයද, සීතස්ස පටිඝාතාය යනාදි ක්‍රමයෙන් බුදුරදුන් විසින් වදාළා වූම අර්ථය අර්ථ නම් වේ. ඒ අර්ථයාගේ වශයෙන් සාත්‍ථක සම්පජඤ්ඤය දතයුතුය.

උණ‍්හපකතිකස‍්ස පන දුබ‍්බලස‍්ස ච චීවරං සුඛුමං සප‍්පායං. සීතාලුකස‍්ස ඝනං දුපට‍්ටං. විපරීතං අසප‍්පායං. යස‍්ස කස‍්සචි ජිණ‍්ණං අසප‍්පායමෙව. අග‍්ගළාදිදානෙ හිස‍්ස තං පලිබොධකරං හොති. තථා පට‍්ටුණ‍්ණදුකූලාදිභෙදං ලොභනීයචීවරං. තාදිසඤ‍්හි අරඤ‍්ඤෙ එකකස‍්ස නිවාසන‍්තරායකරං ජීවිතන‍්තරායකරං වාපි හොති. නිප‍්පරියායෙන පන යං නිමිත‍්තකම‍්මාදිමිච‍්ඡාජීවවසෙන උප‍්පන‍්නං, යඤ‍්චස‍්ස සෙවමානස‍්ස අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, තං අසප‍්පායං. විපරීතං සප‍්පායං. තස‍්ස වසෙනෙත්‍ථ සප‍්පායසම‍්පජඤ‍්ඤං, කම‍්මට‍්ඨානාවිජහනවසෙනෙව ච ගොචරසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

උණුසුම කැමතිවන දුබලයාට සියුම් සිවුරු සප්පාය (යෝග්‍ය) වෙයි. සීතට භය වූවහුට ඝන වූ දෙපට සිවුර යෝග්‍ය වෙයි. විපරිත වූයේ නොසුදුසු වෙයි. යම් කිසිවෙකුට දිරූ සිවුර යෝග්‍ය නොවූයේම වේද, අණ්ඩ ආදිය දැමීමෙහි ඔහුට ඒ සිවුර පලිබෝධ ඇතිකරන්නක් වේ. පට දුහුල් ආදී ප්‍රභේද ඇති ලෝභ කටයුතු සිවුර එසේම පලිබෝධ ඇතිකරවයි. ඒ එසේමැයි. එබඳු සිවුර වනයෙහි එකලාව වසන්නහුට පෙරවීම අනතුරු සහිතය. ජීවිතයට අනතුරු ඇති කරන්නක්ද වේ නිෂ්පර්යාය වශයෙන් වනාහි යම් සිවුරක් නිමිත්ත කර්ම ආදී මිථ්‍යාජීව වශයෙන් උපදනේද යම් සිවුරක් පරිහරණය කරන ඔහුට අකුශල ධර්මයෝ වැඩෙත් ද කුශල ධර්මයෝ පිරිහෙත් ද එබඳු සිවුර යෝග්‍ය නොවේ. විපරීත වූයේ යෝග්‍ය වෙයි. ඒ චීවරයාගේ වශයෙන් මෙහි සප්පාය සම්පජඤ්ඤය ද, කමටහන නොහැරීම් වශයෙන් ගෝචර සම්පජඤ්ඤයද දතයුතුය.

අබ‍්භන‍්තරෙ අත‍්තා නාම කොචි චීවරං පාරුපන‍්තො නත්‍ථි. වුත‍්තප‍්පකාරචිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව පන චීවරපාරුපනං හොති. තත්‍ථ චීවරම‍්පි අචෙතනං, කායොපි අචෙතනො. චීවරං න ජානාති “මයා කායො පාරුතො”ති. කායොපි න ජානාති “අහං චීවරෙන පාරුතො”ති, ධාතුයොව ධාතුසමූහං පටිච‍්ඡාදෙන‍්ති පටපිලොතිකාය පොත්‍ථකරූපපටිච‍්ඡාදනෙ විය.

අභ්‍යන්තර වශයෙන් සිවුර පොරවන්නා වූ කිසි ආත්මයෙක් නම් නැත. පළමු කීම පරිද්දෙන්, චිත්ත-කිරිය-වායෝ ධාතුහුගේ පැතිරීම් වශයෙන්ම සිවුර පෙරවීම වෙයි. එහි චීවරයත් අචේතනිකය, කයත් අචේතනය, මවිසින් කය පොරවන ලදැයි සිවුර නොදනී. කයත් මම සිවුර විසින් පොරවන ලදැයි නොදනී. ධාතුහුම ධාතු සමූහයකින්, වසති. පට කඩකින් පෙතලි රුවක් වැසීම මෙනි.

තස‍්මා නෙව සුන්‍දරං චීවරං ලභිත්‍වා සොමනස‍්සං කාතබ‍්බං, න අසුන්‍දරං ලභිත්‍වා දොමනස‍්සං. නාගවම‍්මිකචෙතියරුක‍්ඛාදීසු හි කෙචි මාලාගන්‍ධධූමවත්‍ථාදීහි සක‍්කාරං කරොන‍්ති, කෙචි ගූථමුත‍්තකද‍්දමදණ‍්ඩසත්‍ථප‍්පහාරාදීහි අසක‍්කාරං, න තෙ නාගවම‍්මිකරුක‍්ඛාදයො සොමනස‍්සං වා දොමනස‍්සං වා කරොන‍්ති; එවමෙව නෙව සුන්‍දරං චීවරං ලභිත්‍වා සොමනස‍්සං කාතබ‍්බං, න අසුන්‍දරං ලභිත්‍වා දොමනස‍්සන‍්ති එවං පවත‍්තපටිසඞ‍්ඛානවසෙන පනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

එබැවින් මනා සිවුරක් ලැබ සොම්නසක් නොම කටයුතුයි. සොඳුරු නොවූ සිවුරක් ලබා දොම්නස් නොකටයුතු නා-තුඹස්-චේතිය-වෘක්‍ෂ ආදියෙහි කිසිවෙක් මල්-සුවඳ වස්ත්‍ර ආදියෙන් සත්කාර කෙරෙත් ද, කිසිවෙක් මල මූත්‍ර දඬු අවි පහර ආදියෙන් අසත්කාර කෙරෙත්ද, එයින් තුඹස්, වෘක්‍ෂ ආදීහු සොම්නසක් හෝ දොම්නසක් හෝ නොකරත් ද, එපරිද්දෙන් මනා සිවුරක් ලැබ සොම්නසක් නොකළ යුතුය. නොමනා සිවුරක් ලැබ දොම්නසක් නොකළ යුතුය. මෙසේ පැවැති ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන් මෙහි අසම්මොහ සම්පජඤ්ඤය දතයුතුයැ.

පත‍්තධාරණෙපි පත‍්තං සහසාව අග‍්ගහෙත්‍වා ඉමං ගහෙත්‍වා පිණ‍්ඩාය චරමානො භික‍්ඛං ලභිස‍්සාමීති එවං පත‍්තගහණපච‍්චයා පටිලභිතබ‍්බඅත්‍ථවසෙන සාත්‍ථකසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

පාත්‍ර පරිභෝගයෙහි ද පාත්‍රය වහාම නොගෙන මේ පාත්‍රය ගෙන පිඬු පිණිස හැසිරෙමින් භික්‍ෂාව ලබන්නෙමියි මෙසේ පාත්‍රය ගැනීම ප්‍රත්‍යයෙන් ලැබිය යුතු ප්‍රයෝජනයාගේ වශයෙන් සාත්‍ථක සම්පජඤ්ඤය දතයුතුය.

කිසදුබ‍්බලසරීරස‍්ස පන ගරු පත‍්තො අසප‍්පායො. යස‍්ස කස‍්සචි චතුපඤ‍්චගණ‍්ඩිකාහතො දුබ‍්බිසොධනීයො අසප‍්පායොව. දුද‍්ධොතපත‍්තො හි න වට‍්ටති, තං ධොවන‍්තස‍්සෙව චස‍්ස පලිබොධො හොති. මණිවණ‍්ණපත‍්තො පන ලොභනීයො චීවරෙ වුත‍්තනයෙනෙව අසප‍්පායො. නිමිත‍්තකම‍්මාදිවසෙන ලද‍්ධො පන යඤ‍්චස‍්ස සෙවමානස‍්ස අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, අයං එකන‍්තඅසප‍්පායොව. විපරීතො සප‍්පායො. තස‍්ස වසෙනෙත්‍ථ සප‍්පායසම‍්පජඤ‍්ඤං, කම‍්මට‍්ඨානාවිජහනවසෙනෙව ච ගොචරසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

කෘශ වූ ශරීර ඇත්තහුට බර පාත්‍රය සුදුසු නොවෙයි. යම් කිසිවෙකුට සතර පස් ගැටයකින් පහල පාත්‍රයක් වේද, එය සේදිය නොහැකිද, අයෝග්‍ය වූයේ වෙයි. මනාව නොසේදූ පත්‍රය නොවටී. එම පාත්‍රය සෝදන්නා වූ ඕහට පලිබෝධ වෙයි. මණි වර්ණ පාත්‍රය ලෝභ කටයුතු වූයේ වෙයි. චීවරයෙහි කී නියායෙන්ම අයෝග්‍ය වේ. නැවත, නිමිත්ත කර්මාදි වශයෙන් ලත් පාත්‍රයක් වේද, යමක් සෙවුනාහට අකුශල ධර්මයෝ හාත්පසින් වැඩෙත් ද, කුසල ධර්මයෝ පිරිහෙත් ද, මේ පාත්‍රය විශේෂයෙන් අයෝග්‍ය වූයේම වෙයි. විපරීත වූයේ යෝග්‍ය වෙයි. එම පාත්‍රයාගේ වශයෙන් මෙහි සප්පාය සම්පජඤ්ඤය කමටහන නොහැරීම් වශයෙන් ගෝචර සම්පජඤ්ඤය දතයුතු.

අබ‍්භන‍්තරෙ අත‍්තා නාම කොචි පත‍්තං ගණ‍්හන‍්තො නත්‍ථි. වුත‍්තප‍්පකාරචිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව පන පත‍්තග‍්ගහණං නාම හොති. තත්‍ථ පත‍්තොපි අචෙතනො, හත්‍ථාපි අචෙතනා. පත‍්තො න ජානාති “අහං හත්‍ථෙහි ගහිතො”ති. හත්‍ථාපි න ජානන‍්ති “පත‍්තො අම‍්හෙහි ගහිතො”ති. ධාතුයොව ධාතුසමූහං ගණ‍්හන‍්ති සණ‍්ඩාසෙන අග‍්ගිවණ‍්ණපත‍්තග‍්ගහණෙ වියාති එවං පවත‍්තපටිසඞ‍්ඛානවසෙනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

අභ්‍යන්තරයෙහි පාත්‍රය ගත් කිසි ආත්මයක් නම් නැත. එසේ වුවත් උක්තප්‍රකාර වූ චිත්ත-කිරිය-වායෝ ධාතුහුගේ පැතිරීම් වශයෙන්ම පාත්‍රය ගැනීම නම් වෙයි. එහි පාත්‍රයටද සිතක් නැත්තේය. අත් ද, සිත් ද නැත්තෝ ය. පාත්‍රය තෙම මම හස්තයන් විසින් ගන්නා ලද වෙමියි නොදනී. අත් ද, පාත්‍රය අප විසින් ගන්නා ලදැයි නොම දනිත්. අඬුවකින් ගිනිපැහැ වූ පාත්‍රයක් ගැනීම මෙන් ධාතූහුම ධාතු සමූහයක් ගනිත් යයි මෙසේ පැවැති ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන් මෙහි අසම්මොහ සම්පජඤ්ඤය දතයුතුය.

අපිච යථා ඡින‍්නහත්‍ථපාදෙ වණමුඛෙහි පග‍්ඝරිතපුබ‍්බලොහිතකිමිකුලෙ නීලමක‍්ඛිකසම‍්පරිකිණ‍්ණෙ අනාථසාලායං නිපන‍්නෙ අනාථමනුස‍්සෙ දිස‍්වා දයාලුකා පුරිසා තෙසං වණපට‍්ටචොළකානි චෙව කපාලාදීහි ච භෙසජ‍්ජානි උපනාමෙන‍්ති. තත්‍ථ චොළකානිපි කෙසඤ‍්චි සණ‍්හානි, කෙසඤ‍්චි ථූලානි පාපුණන‍්ති. භෙසජ‍්ජකපාලකානිපි කෙසඤ‍්චි සුසණ‍්ඨානානි, කෙසඤ‍්චි දුස‍්සණ‍්ඨානානි පාපුණන‍්ති, න තෙ තත්‍ථ සුමනා වා දුම‍්මනා වා හොන‍්ති. වණප‍්පටිච‍්ඡාදනමත‍්තෙනෙව හි චොළකෙන භෙසජ‍්ජපටිග‍්ගහණමත‍්තෙනෙව ච කපාලකෙන තෙසමත්‍ථො, එවමෙව යො භික‍්ඛු වණචොළකං විය චීවරං, භෙසජ‍්ජකපාලකං විය පත‍්තං, කපාලෙ භෙසජ‍්ජමිව ච පත‍්තෙ ලද‍්ධං භික‍්ඛං සල‍්ලක‍්ඛෙති. අයං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙ අසම‍්මොහසම‍්පජඤ‍්ඤෙන උත‍්තමසම‍්පජානකාරීති වෙදිතබ‍්බො.

තවද, යම්සේ සුන් අත්පා ඇති, වණ මුඛවලින් වැගිරෙන ලේ සැරව, පණුකැල ඇති නිලමැස්සන් විසින් අවට වටකර ගත් අනාථ ශාලාවක සිටි අනාථ මිනිසුන් දැක, දයාබහුල මිනිස්සු ඔවුනට වණවසන රෙදිකඩ හා කබල් ආදියෙන් බෙහෙතුත් එලවත් ද, ඒ දීමෙහිදී රෙදිකඩද කිසිවෙකුට සියුම් වූවාහු කිසිවෙකුට ඝන වූවාහු ලැබෙත්. බෙහෙත් කබල්ද කිසිවෙකුට මනා සටහන් ඇත්තාහු කිසිවෙකුට නොමනා සටහන් ඇත්තාහු ලැබෙත්. ඔවුහු එහි සොම්නස් ඇත්තාහු හෝ දොම්නස් ඇත්තාහු හෝ නොවෙත් ද, යම්හෙයකින් වණවැසීමට පමණ වූම රෙදිකඩින් ද බෙහෙත් පිළිගැනීමම පමණ වූම කබලින් ද ඔවුන්ට ප්‍රයෝජන වේද එහෙයිනි. එපරිද්දෙන්ම යම් මහණ කෙනෙක් වණවසන කඩක් මෙන් සිවුරද, බෙහෙත් කබලක් මෙන් පාත්‍රයද කබලෙහි බෙහෙත් මෙන් පාත්‍රයෙහි ලත් භික්‍ෂාවද සලකන්නේ වේද, මේ මහණ තෙම සඟල සිවුරු පරිභෝගයෙහි අසම්මොහ සම්පජඤ්ඤයෙන් උත්තම සම්පජානකාරී වූයේ වනැයි දතයුතුයැ.

අසිතාදීසු අසිතෙති පිණ‍්ඩපාතභොජනෙ. පීතෙති යාගුආදිපානෙ. ඛායිතෙති පිට‍්ඨඛජ‍්ජකාදිඛාදනෙ. සායිතෙති මධුඵාණිතාදිසායනෙ. තත්‍ථ “නෙව දවායා”තිආදිනා නයෙන වුත‍්තො අට‍්ඨවිධොපි අත්‍ථො අත්‍ථො නාම. තස‍්ස වසෙන සාත්‍ථකසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං. ලූඛපණීතතිත‍්තමධුරාදීසු පන යෙන භොජනෙන යස‍්ස අඵාසු හොති, තං තස‍්ස අසප‍්පායං. යං පන නිමිත‍්තකම‍්මාදිවසෙන පටිලද‍්ධං, යඤ‍්චස‍්ස භුඤ‍්ජතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, තං එකන‍්තඅසප‍්පායමෙව. විපරීතං සප‍්පායං. තස‍්ස වසෙනෙත්‍ථ සප‍්පායසම‍්පජඤ‍්ඤං, කම‍්මට‍්ඨානාවිජහනවසෙනෙව ච ගොචරසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

අසිතාදි පදයන්හි, අසිතෙ, පිණ්ඩපාත භෝජනයෙහි පීතෙ කැඳ ආදිය බීමෙහි, සායිතෙ මීපැණි ආදිය රසවිඳ ගැනීමෙහි, එහි නෙව දවයා යනාදි නයින් කියන ලද අටවැදෑරුම් අර්ථය අර්ථ නම් වේ. ඒ අර්ථයාගේ වශයෙන් ද සාත්‍ථක සම්පජඤ්ඤය දතයුතුය. නැවක, රූක්‍ෂ-ප්‍රණීත තිත්ත-මධුර ආදීන් අතුරෙහි යම් භෝජනයකින් යමෙකුට නොසුව වේද එම භෝජනය ඕහට අසත්ප්‍රාය වෙයි. නැවත නිමිත්ත කර්මාදි වශයෙන් ලැබූ යම් භෝජනයක් වේද, යම් භෝජනයකුත් වළඳන්නා වූ ඒ මහණ හට අකුසල ධර්මයෝ වැඩෙත් ද, කුශල ධර්මයෝ පිරිහෙත් ද, ඒ භෝජනය ඒකාන්තයෙන් අසත්ප්‍රායම වෙයි. විපරීත වූයේ සත්ප්‍රාය වෙයි. ඒ සත්ප්‍රාය ජනයාගේ වශයෙන් මෙහි සප්පාය සම්පජඤ්ඤයද කමටහන දුරු නොකිරීම වශයෙන් ම ගෝචර සම්පජඤ්ඤය දතයුතුයැ.

අබ‍්භන‍්තරෙ අත‍්තා නාම කොචි භුඤ‍්ජකො නත්‍ථි, වුත‍්තප‍්පකාරචිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරවසෙනෙව පන පත‍්තපටිග‍්ගහණං නාම හොති. චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව හත්‍ථස‍්ස පත‍්තෙ ඔතාරණං නාම හොති. චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව ආලොපකරණං ආලොපඋද‍්ධරණං මුඛවිවරණඤ‍්ච හොති. න කොචි කුඤ‍්චිකාය යන‍්තකෙන ච හනුකට‍්ඨීනි විවරති, චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව ආලොපස‍්ස මුඛෙ ඨපනං, උපරිදන‍්තානං මුසලකිච‍්චසාධනං, හෙට‍්ඨාදන‍්තානං උදුක‍්ඛලකිච‍්චසාධනං, ජිව‍්හාය හත්‍ථකිච‍්චසාධනඤ‍්ච හොති.

අභ්‍යන්තරයෙහි වළඳන්නා වූ කිසි ආත්මයෙක් නම් නැත. එහෙත් කලින් කියන ලද ආකාර චිත්ත-කිරිය-වායෝ ධාතූහුගේ පැතිරීමෙන්ම පාත්‍රය පිළිගැනීම සිදුවේ. චිත්ත-කිරිය-වායො ධාතුහුගේ පැතිරීමෙන්ම අත පාත්‍රයෙහි බහාලීම සිදුවෙයි. චිත්ත කිරිය වායෝ ධාතුහුගේ පැතිරීමෙන්ම පිඬු කිරීමද පිඬු නැගීමද මුඛයට පිවිසීමද වෙයි. කිසිවෙක් හනු ඇට යතුරු මුදුවකින් විවර නොකරයි. යන්ත්‍රයකින් විවර නොකරයි. චිත්ත කිරිය වායෝ ධාතුගේ පැතිරීමෙන්ම බත්පිඩ මුඛයෙහි තැබීමද උඩදත් මොහොල් කිස සිද්ධ කිරීමද යට දත් වංගෙඩියක කාර්ය සිද්ධ කිරීමද දිවෙන් අතින් කරන කාර්ය සිද්ධ කිරීමද වෙයි.

ඉති තං තත්‍ථ අග‍්ගජිව‍්හාය තනුකඛෙළො මූලජිව‍්හාය බහලඛෙළො මක‍්ඛෙති. තං හෙට‍්ඨාදන‍්තඋදුක‍්ඛලෙ ජිව‍්හාහත්‍ථපරිවත‍්තිතං ඛෙළඋදකතෙමිතං උපරිදන‍්තමුසලසඤ‍්චුණ‍්ණිතං කොචි කටච‍්ඡුනා වා දබ‍්බියා වා අන‍්තොපවෙසෙන‍්තො නාම නත්‍ථි, වායොධාතුයාව පවිසති. පවිට‍්ඨං පවිට‍්ඨං කොචි පලාලසන්‍ථරං කත්‍වා ධාරෙන‍්තො නාම නත්‍ථි, වායොධාතුවසෙනෙව තිට‍්ඨති. ඨිතං ඨිතං කොචි උද‍්ධනං කත්‍වා අග‍්ගිං ජාලෙත්‍වා පචන‍්තො නාම නත්‍ථි, තෙජොධාතුයාව පච‍්චති. පක‍්කං පක‍්කං කොචි දණ‍්ඩෙන වා යට‍්ඨියා වා බහි නීහාරකො නාම නත්‍ථි, වායොධාතුයෙව නීහරති.

මෙසේ ඒ බත්පිඩ දිව අග තුනී කෙළද, දිව මුල බොල් කෙළද, තවරයි. යට දත් නමැති වනෙහි ලා දිව නමැති අතින් පෙරලන ලද කෙළ නමැති දියෙන් තෙමන ලද, උඩ දත් නමැති මොහොලින් සුණු කරන ලද, එම බත්පිඩ කෙණෙස්සකින් හෝ හැන්දකින් හෝ ඇතුළත ප්‍රවේශ කරන්නා වූ කිසිවෙක් නොමැත. වායෝ ධාතුව හේතුකොට ගෙනම පිවිසෙයි. පිවිසි පිඩ උදුනක් කොට ගිනිදල්වා පිසන්නා වූ කිසිවෙක් නම් නැත. තේජෝ ධාතුව විසින්ම පිසනු ලැබෙයි. පැසුණු පැසුණු පිඩ දණ්ඩකින් හෝ යටකින් හෝ බැහැර කරන්නා වූ කිසිවෙක් නම් නැත්තේය. වායෝ ධාතු තොමෝ ම බැහැර කරයි.

ඉති වායොධාතු අතිහරති ච වීතිහරති ච ධාරෙති ච පරිවත‍්තෙති ච සඤ‍්චුණ‍්ණෙති විසොසෙති ච නීහරති ච.

මෙසේ වායෝ ධාතු තොමෝ ඉදිරියට ගෙන යන්නී ද සරසට ගෙන යන්නීද, පෙරලන්නී ද සුණු කරන්නීද වියලන්නීද බැහැර කරන්නීද වෙයි.

පථවීධාතු ධාරෙති ච පරිවත‍්තෙති ච සඤ‍්චුණ‍්ණෙති ච විසොසෙති ච. ආපොධාතු සිනෙහෙති ච අල‍්ලත‍්තඤ‍්ච අනුපාලෙති. තෙජොධාතු අන‍්තොපවිට‍්ඨං පරිපාචෙති. ආකාසධාතු අඤ‍්ජසො හොති. විඤ‍්ඤාණධාතු තත්‍ථ තත්‍ථ සම‍්මාපයොගමන්‍වාය ආභුජතීති එවංපවත‍්තපටිසඞ‍්ඛානවසෙනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

පඨවි ධාතු තොමෝ දරන්නී ද, පෙරලන්නී ද සුණු කරන්නීද, වියලන්නීද වෙයි. ආපෝ ධාතු තොමෝ තෙත් කරන්නීද, තෙත් බව රකින්නීද වෙයි. තේජෝ ධාතු තොමෝ ඇතුළට පිවිසි පිවිසි ආහාරය පැසවන්නීය. ආකාශ ධාතුව මාර්ගය වෙයි. විඤ්ඤාණ ධාතුව ඒ ඒ තැන්හි මනාකොට යෙදීමට පැමිණ පාලන කරන්නී යයි මෙසේ පැවැති ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් වශයෙන් මෙහි අසම්මොහ සම්පජඤ්ඤය දතයුතුය.

අපිච ගමනතො පරියෙසනතො පරිභොගතො ආසයතො නිධානතො අපරිපක‍්කතො පරිපක‍්කතො ඵලතො නිස‍්සන්‍දතො සම‍්මක‍්ඛණතොති එවං දසවිධපටිකූලභාවපච‍්චවෙක‍්ඛණතොපෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං. විත්‍ථාරකථා පනෙත්‍ථ විසුද‍්ධිමග‍්ගෙ ආහාරපටිකූලසඤ‍්ඤානිද‍්දෙසතො ගහෙතබ‍්බා.

නැවත ගමන වශයෙන් ද, සෙවීම් වශයෙන් ද, පරිභෝග වශයෙන් ද ඇසුරුකරන තැන් වශයෙන් ද නිධාන (පිහිටි තැන්) වශයෙන් ද, නොපැසුනු හෙයින් ද, පැසුනු බැවින් ද, ඵල වශයෙන් ද වැගිරෙන හෙයින්ද තැවරීම් වශයෙන් ද, මෙසේ දසවැදෑරුම් පිළිකුල් බැව් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් වශයෙන් ද මෙහි අසම්මොහ සම්පජඤ්ඤය දතයුතුය.

උච‍්චාරපස‍්සාවකම‍්මෙති උච‍්චාරස‍්ස ච පස‍්සාවස‍්ස ච කරණෙ. තත්‍ථ පත‍්තකාලෙ උච‍්චාරපස‍්සාවං අකරොන‍්තස‍්ස සකලසරීරතො සෙදා මුච‍්චන‍්ති, අක‍්ඛීනි භමන‍්ති, චිත‍්තං න එකග‍්ගං හොති, අඤ‍්ඤෙ ච රොගා උප‍්පජ‍්ජන‍්ති. කරොන‍්තස‍්ස පන සබ‍්බං තං න හොතීති අයමෙත්‍ථ අත්‍ථො. තස‍්ස වසෙන සාත්‍ථකසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං. අට‍්ඨානෙ උච‍්චාරපස‍්සාවං කරොන‍්තස‍්ස පන ආපත‍්ති හොති, අයසො වඩ‍්ඪති, ජීවිතන‍්තරායො හොති. පතිරූපෙ ඨානෙ කරොන‍්තස‍්ස සබ‍්බං තං න හොතීති ඉදමෙත්‍ථ සප‍්පායං. තස‍්ස වසෙන සප‍්පායසම‍්පජඤ‍්ඤං, කම‍්මට‍්ඨානාවිජහනවසෙනෙව ච ගොචරසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

උච්චාර පස්සාම කම්මෙ මල ද, මුත්‍ර ද පහ කිරීමෙහි අවස්ථාව පැමිණි කල්හි මල මූත්‍ර පහ කිරීම නොකරන්නහුට මුලු සිරුරින් දහඩිය මිදෙත්. ඇස කැරකෙත්. සිත එකඟ නොවෙයි. අනිකදු රෝග හටගනිත්. එය කරන්නහුට ඒ සියල්ල සිදු නොවේ යයි, යනු මෙහි අර්ථයයි. ඒ අර්ථයාගේ වශයෙන් සාත්‍ථක සම්පජඤ්ඤය දතයුතුය. නොසුදුසු තන්හි මල මුත්‍ර කරන්නහුට ඇවැත් සිදුවේ. අයස වැඩෙයි. ජීවිත අන්තරායද සිදුවේ. සුදුසු ස්ථානයෙහි කරන්නහුට ඒ සියල්ල සිදු නොවේ යයි යනු මේ මෙහි සප්පාය නම් වේ. කමටහන නොහැරීම් වශයෙන්ම ගෝචර සම්පජඤ්ඤය ද දතයුතුයැ.

අබ‍්භන‍්තරෙ අත‍්තා නාම කොචි උච‍්චාරපස‍්සාවං කරොන‍්තො නත්‍ථි. චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව පන උච‍්චාරපස‍්සාවකම‍්මං හොති. යථා පන පක‍්කෙ ගණ‍්ඩෙ ගණ‍්ඩභෙදෙන පුබ‍්බලොහිතං අකාමතාය නික‍්ඛමති, යථා ච අතිභරිතා උදකභාජනා උදකං අකාමතාය නික‍්ඛමති, එවං පක‍්කාසයමුත‍්තවත්‍ථීසු සන‍්නිචිතා උච‍්චාරපස‍්සාවා වායුවෙගසමුප‍්පීළිතා අකාමතායපි නික‍්ඛමන‍්ති. සො පනායං එවං නික‍්ඛමන‍්තො උච‍්චාරපස‍්සාවො නෙව තස‍්ස භික‍්ඛුනො අත‍්තනො හොති, න පරස‍්ස. කෙවලං සරීරනිස‍්සන්‍දොව හොති. යථා කිං? යථා උදකකුම‍්භතො පුරාණඋදකං ඡඩ‍්ඩෙන‍්තස‍්ස නෙව තං අත‍්තනො හොති, න පරෙසං. කෙවලං පටිජග‍්ගනමත‍්තමෙව හොති. එවංපවත‍්තපටිසඞ‍්ඛානවසෙනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

සිරුර ඇතුළෙහි මල මුත්‍ර කෘත්‍යය සිදුකරන්නා වූ කිසි ආත්මයක් නම් නැති. එතෙකුදු වුවත් චිත්ත-කිරිය-වායෝ ධාතුහුගේ පැතිරීමෙන්ම මල මුත්‍ර කිරීම වෙයි. ගඩපොල පැසුනු කල්හි එය බිඳීයාමෙන් ලේ සැරව නොකමැති පරිද්දෙන් යම්සේ නික්මේ ද, තව ද ඉතා බර වූ දිය බඳුනෙන් ජලය නොකැමති පරිද්දෙන් යම්සේ නික්මේද, එපරිද්දෙන් පක්වාසය මුත්‍ර වස්තිවල රැස් වූ මල මූත්‍ර වාත වේගයෙන් පෙලන ලද්දාහු නොකැමති පරිද්දෙන් නික්මෙති. මෙසේ නික්මෙන්නා වූ එම මල මුත්‍ර භික්‍ෂුවගේ ආත්මීය වූයේ නොවෙයි. අනිකෙකුගේ ද නොවෙයි. එය හුදෙක් සිරුරෙන් වැගුරුනේම වෙයි. කුමක් වෙත්ද යත්, දිය කොතලයකින් පැරණි දිය බැහැර කරන්නහුගේ එම දිය යම්සේ ආත්මීය නොවේද, අනිකෙකුගේ ද නොවේ ද, හුදෙක් පටිජග්ගහ මාත්‍රයක්ව වේද, මෙසේ පැවැති ප්‍රත්‍යවේක්‍ෂා වශයෙන් අසම්මොහ සම්පජඤ්ඤය දතයුතුයැ.

ගතාදීසු ගතෙති ගමනෙ. ඨිතෙති ඨානෙ. නිසින‍්නෙති නිසජ‍්ජාය. සුත‍්තෙති සයනෙ. ජාගරිතෙති ජාගරණෙ. භාසිතෙති කථනෙ. තුණ‍්හීභාවෙති අකථනෙ. “ගච‍්ඡන‍්තො වා ගච‍්ඡාමීති පජානාති, ඨිතො වා ඨිතොම‍්හීති පජානාති, නිසින‍්නො වා නිසින‍්නොම‍්හීති පජානාති, සයානො වා සයානොම‍්හීති පජානාතී”ති ඉමස‍්මිඤ‍්හි ඨානෙ අද‍්ධානඉරියාපථා කථිතා. “අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ ආලොකිතෙ විලොකිතෙ සමිඤ‍්ජිතෙ පසාරිතෙ”ති ඉමස‍්මිං මජ‍්ඣිමා. “ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ”ති ඉධ පන ඛුද‍්දකචුණ‍්ණිකඉරියාපථා කථිතා. තස‍්මා එතෙසුපි වුත‍්තනයෙනෙව සම‍්පජානකාරිතා වෙදිතබ‍්බා.

ගතාදී ශබ්දයන් අතුරෙහි ගතෙ ගමනෙහි, ඨිතෙ සිටීමෙහි, නිසින්නො හිඳීමෙහි, සුත්තෙ, සයනයෙහි, ජාගරිතෙ නිදි වැරීමෙහි, භාසිතෙ කථා කිරීමෙහි, තුණ්හීභාවෙ නොබිණීමෙහි, ගච්ඡන්තෙ වා ගච්ඡාමීති පජානාති, ඨිතෙ වා ඨිතොම්හීති පජානාති, සයානොවා සයානොම්හීති පජානාති යයි, මෙතැන්හි දිගු ඉරියාපථ වදාරණ ලද්දාහු වෙති. අභික්කන්තෙ පටික්කන්තෙ, ආලොකිතෙ විලොකිතෙ සම්මිඤ්ජිතෙ පසාරිතෙ, මෙහි මධ්‍යම ඉරියාපථයෝ වදාරණ ලදහු. ගතෙ, ඨිතෙ, නිසින්නෙ සුත්තෙ යයි මෙහි වනාහි කුඩා වූ කැඩී පොඩි වී ගිය ඉරියාපථයෝ වදාරණ ලද්දාහුය. එසේ හෙයින් මේ තුන් තන්හි කී නියායෙන් ද නුවණින් ද දැන කරන බව දතයුතුය.

ත්‍රිපිටක මහාසීව තෙර

තිපිටකමහාසීවත්‍ථෙරො පනාහ – යො චිරං ගන‍්ත්‍වා වා චඞ‍්කමිත්‍වා වා අපරභාගෙ ඨිතො ඉති පටිසඤ‍්චික‍්ඛති “චඞ‍්කමනකාලෙ පවත‍්තා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා”ති, අයං ගතෙ සම‍්පජානකාරී නාම.

ත්‍රිපිටක මහාසීව තෙරුන් වහන්සේ මෙසේ කීහ. ‘යමෙක් බොහෝ වේලාවක් ගමන්කොට හෝ සක්මන් කොට හෝ පසුකාලයේ සිටියේ, මේ අයුරින් ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ ද, සක්මන කරන්නා වූ කාලයෙහි පැවැති රූපාරූප ධර්මයෝ, මෙහිම නිරුද්ධ වූහයි, මෙතෙම ගමනයෙහිදී නුවණින් දැන ඉරියව් පවත්වන සුළුවූයේ නම් වෙයි.

යො සජ‍්ඣායං වා කරොන‍්තො පඤ‍්හං වා විස‍්සජ‍්ජෙන‍්තො කම‍්මට‍්ඨානං වා මනසිකරොන‍්තො චිරං ඨත්‍වා අපරභාගෙ නිසින‍්නො ඉති පටිසඤ‍්චික‍්ඛති “ඨිතකාලෙ පවත‍්තා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා”ති, අයං ඨිතෙ සම‍්පජානකාරී නාම.

යමෙක් හැදෑරීම් හෝ කරන්නේ, ප්‍රශ්න හෝ විසඳන්නේ කමටහන හෝ මෙනෙහි කරන්නේ බොහෝ වේලාවක් සිට පසුව නිදාගත්තේ, මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ ද, සිටි කාලයෙහි පැවැති රූපාරූප ධර්මයෝ මෙහි නිරුද්ධ වූහයි මේ තෙම සිටීමෙහි සම්පජානකාරී නම් වේ.

යො සජ‍්ඣායාදිකරණවසෙනෙව චිරං නිසීදිත්‍වා අපරභාගෙ නිපන‍්නො ඉති පටිසඤ‍්චික‍්ඛති “නිසින‍්නකාලෙ පවත‍්තා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා”ති, අයං නිසින‍්නෙ සම‍්පජානකාරී නාම.

යමෙක් තෙම, හැදෑරීම් ආදිය කිරීම් වශයෙන්ම බොහෝ වේලාවක් හිඳ පසුව හොත්තේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ ද, හුන් කාලයෙහි පැවැති රූපාරූප ධර්මයෝ මෙහිම නිරුද්ධ වූහයි මෙතෙම හිඳීමෙහි සම්පජානකාරී නම් වේ.

යො පන නිපන‍්නකො සජ‍්ඣායං වා කරොන‍්තො කම‍්මට‍්ඨානං වා මනසිකරොන‍්තො නිද‍්දං ඔක‍්කමිත්‍වා අපරභාගෙ වුට‍්ඨාය ඉති පටිසඤ‍්චික‍්ඛති “සයනකාලෙ පවත‍්තා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා”ති, අයං සුත‍්තෙ ජාගරිතෙ ච සම‍්පජානකාරී නාම. කිරියමයචිත‍්තානඤ‍්හි අප‍්පවත‍්තං සුත‍්තං නාම, පවත‍්තං ජාගරිතං නාමාති. යො පන භාසමානො “අයං සද‍්දො නාම ඔට‍්ඨෙ ච පටිච‍්ච දන‍්තෙ ච ජිව‍්හඤ‍්ච තාලුඤ‍්ච පටිච‍්ච චිත‍්තස‍්ස තදනුරූපං පයොගං පටිච‍්ච ජායතී”ති සතො සම‍්පජානො භාසති, චිරං වා පන කාලං සජ‍්ඣායං වා කත්‍වා ධම‍්මං වා කථෙත්‍වා කම‍්මට‍්ඨානං වා පරිවත‍්තෙත්‍වා පඤ‍්හං වා විස‍්සජ‍්ජෙත්‍වා අපරභාගෙ තුණ‍්හීභූතො ඉති පටිසඤ‍්චික‍්ඛති “භාසිතකාලෙ උප‍්පන‍්නා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා”ති, අයං භාසිතෙ සම‍්පජානකාරී නාම. යො තුණ‍්හීභූතො චිරං ධම‍්මං වා කම‍්මට‍්ඨානං වා මනසිකත්‍වා අපරභාගෙ ඉති පටිසඤ‍්චික‍්ඛති “තුණ‍්හීභූතකාලෙ පවත‍්තා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා, උපාදාරූපපවත‍්තියා සති භාසති නාම, අසති තුණ‍්හී භවති නාමා”ති, අයං තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී නාමාති.

යමෙක් වැදහොත්තේ පාඩම් කරමින් හෝ කමටහනක් මෙනෙහි කරමින් හෝ නින්දට බැස පසුව නැගිට මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරේද, හෝනා කල්හි පැවැති රූපාරූප ධර්මයෝ මේ සයනයෙහිම නිරුද්ධ වූවාහුම යයි, මෙතෙම නින්දෙහි ද, නිදි දුරුකිරීමෙහි සම්පජානකාරී නම් වෙයි. ඒ එසේමැයි. ක්‍රියාමය චිත්තයාගේ නොපැවැත්ම නින්ද නම් වේ. පැවැත්ම නිදි දුරුකිරීම නම් වේයයි ද, තව ද යමෙක් කථා කරමින් මේ ශබ්දය නම් තොල් ද දත් ද නිසා දිව ද තල්ල ද නිසා චිත්තයාගේ ඊට අනුරූප වූ ප්‍රයෝගය නිසා හටගනී යයි සිහි ඇත්තේ නුවණැත්තේ බෙණේ ද, යලිදු බොහෝ කාලයක් හැදෑරීම් හෝ කොට බණ හෝ කියා කර්මස්ථානය හෝ පිරිවහා ප්‍රශ්න හෝ විසඳා පසුකාලයේ නිශ්ශබ්ද වූයේ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරේද, කථා කරන කල්හි වූ රූපාරූප ධර්මයෝ මෙහිම නිරුද්ධ වූහයි මේ තෙමේ බිණීමෙහි සම්පජානකාරි වූයේ වෙයි. යමෙක් නොබැණ බොහෝ වේලාවක් ධර්මය හෝ කමටහන හෝ මෙනෙහි කොට පසුව මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරේ ද, නොබැණ සිටි කාලයෙහි පැවැති නාමරූප ධර්මයෝ මෙහිම නිරුද්ධ වූහ. උපාදාන රූපයන්ගේ පැවැත්ම ඇති කල්හි කථා කරයි නම්, නැති කල්හි කථා නොකරයි නම් මෙය තුණ්හී භාව සම්පජානකාරි නමැයි

තයිදං මහාසීවත්‍ථෙරෙන වුත‍්තං අසම‍්මොහධුරං ඉමස‍්මිං සතිපට‍්ඨානසුත‍්තෙ අධිප‍්පෙතං. සාමඤ‍්ඤඵලෙ පන සබ‍්බම‍්පි චතුබ‍්බිධං සම‍්පජඤ‍්ඤං ලබ‍්භති. තස‍්මා විසෙසතො එත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤස‍්සෙව වසෙන සම‍්පජානකාරිතා වෙදිතබ‍්බා.

මේ මහාසීව තෙරුන් විසින් කියන ලද අසම්මොහ ධූරය සතිපට්ඨාන සූත්‍රයෙහි අදහස් කරන ලදී. සාමඤ්ඤඵල සූත්‍රයෙහි සියලු ම සිව්වැදෑරුම් සම්පජඤ්ඤ ලැබෙයි. එහෙයින් විශේෂයෙන් මෙහි අසම්මොහ සම්පජඤ්ඤයාගේ වශයෙන්ම සම්පජානකාරී බව දතයුතුය.

සම‍්පජානකාරී සම‍්පජානකාරීති ච සබ‍්බපදෙසු සතිසම‍්පයුත‍්තස‍්සෙව සම‍්පජඤ‍්ඤස‍්ස වසෙනත්‍ථො වෙදිතබ‍්බො. විභඞ‍්ගප‍්පකරණෙ පන, “සතො සම‍්පජානො අභික‍්කමති, සතො සම‍්පජානො පටික‍්කමතී”ති (විභ· 523) එවමෙතානි පදානි විභත‍්තානෙව.

සම්පජානකාරී, සම්පජානකාරී යන සියලු පදයන්හි, සති සම්පයුත්ත වූම සම්පජඤ්ඤයාගේ වශයෙන් අර්ථය දතයුතුයි. විභංග ප්‍රකරණයෙහි වනාහි සතො සම්පජානො අභික්කමති, සතො සම්පජානො පටික්කමති මෙසේ මේ පදයෝ විභාග කළාහුමය.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං චතුසම‍්පජඤ‍්ඤපරිග‍්ගහණෙන අත‍්තනො වා කායෙ, පරස‍්ස වා කායෙ, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස කායෙ කායානුපස‍්සී විහරති. ඉධ සමුදයවයධම‍්මානුපස‍්සීතිආදීසු රූපක‍්ඛන්‍ධස‍්සෙව සමුදයො ච වයො ච නීහරිතබ‍්බො. සෙසං වුත‍්තසදිසමෙව.

දැන් අජ්ඣත්තං වා මෙසේ සතර සම්පජඤ්ඤය පරිග්‍රහණයෙන් තමාගේ කයෙහි හෝ අන්‍යයාගේ හෝ කයෙහි කය අනුව බලමින්, වෙසෙයි. මෙහිද සමුදය ධම්මානුපස්සී යනාදියෙහි රූප ස්කන්ධයාගේම සමුදය ද, වය ද, එලවා දැක්විය යුතුයි. සෙස්ස කී පරිදිමැයි.

ඉධ චතුසම‍්පජඤ‍්ඤපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චං, තස‍්සා සමුට‍්ඨාපිකා පුරිමතණ‍්හා සමුදයසච‍්චං, උභින‍්නං අප‍්පවත‍්ති නිරොධසච‍්චං, වුත‍්තප‍්පකාරො අරියමග‍්ගො මග‍්ගසච‍්චං. එවං චතුසච‍්චවසෙන උස‍්සක‍්කිත්‍වා නිබ‍්බුතිං පාපුණාතීති ඉදමෙකස‍්ස චතුසම‍්පජඤ‍්ඤපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො වසෙන යාව අරහත‍්තා නිය්‍යානමුඛන‍්ති.

මෙහි සතර සම්පජඤ්ඤයට අයත් වූ සතිය දුක්ඛ සත්‍ය නම් වේ. ඒ සතිය උපදවන්නා වූ පළමු තණ්හාව සමුදය සත්‍ය නම් වේ. දෙදෙනාගේම නොපැවැත්ම නිරෝධ සත්‍ය නම් වේ. කලින් කියන ලද ආර්ය මාර්ගය මාර්ග සත්‍ය නම් වේ. මෙසේ චතුසත්‍ය වශයෙන් උත්සාහකොට නිවනට පැමිණේ යයි මේ එක චතු සම්පජඤ්ඤ පරිග්ගාහකයකු වශයෙන් නිවන තෙක් වූ නිවන් දොරටුවයි.

චතුසම‍්පජඤ‍්ඤපබ‍්බවණ‍්ණනා නිට‍්ඨිතා.

චතු සම්පජඤ්ඤ පබ්බය නිමි.