කායානුපස්සනාආනාපානපබ්බවණ්ණනා අට්ඨකථා
කායානුපස්සනාආනාපානපබ්බවණ්ණනා
කායානුපස්සනා ආනාපාන පබ්බ වර්ණනාව
ඉදානි සෙය්යථාපි නාම ඡෙකො විලීවකාරකො ථූලකිලඤ්ජසණ්හකිලඤ්ජචඞ්කොටකපෙළාපුටාදීනි උපකරණානි කත්තුකාමො එකං මහාවෙණුං ලභිත්වා චතුධා භින්දිත්වා තතො එකෙකං වෙණුඛණ්ඩං ගහෙත්වා ඵාලෙත්වා තං තං උපකරණං කරෙය්ය, එවමෙව භගවා සතිපට්ඨානදෙසනාය සත්තානං අනෙකප්පකාරවිසෙසාධිගමං කත්තුකාමො එකමෙව සම්මාසතිං “චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො? ඉධ, භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරතී”තිආදිනා නයෙන ආරම්මණවසෙන චතුධා භින්දිත්වා තතො එකෙකං සතිපට්ඨානං ගහෙත්වා විභජන්තො “කථඤ්ච භික්ඛවෙ”තිආදිනා නයෙන නිද්දෙසවාරං වත්තුමාරද්ධො.
දක්ෂ වූ කුලුපොතු තෙම මහත් වු හුණ ගසක් ලැබ, ඝන කලාල සියුම් කලාල කරඬු පෙට්ටි ආදී උපකරණයන් කරනු කැමැත්තේ සරසට පලා එයින් එක එක හුණකඩක් ගෙන පලා ඒ ඒ උපකරණ යම්සේ කරන්නේ ද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ සතිපට්ඨාන දේශනාවෙන් සත්ත්වයන්ගේ අනේකප්‍රකාර විශේෂ අධිගමයට පැමිණවීම කරනු කැමැත්තාහ. එකම සම්මා සතිය, චත්තාරො සතිපට්ඨානා කතමෙ චත්තාරො ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී යනාදි නයින් අරමුණු වශයෙන් සතර පරිද්දෙකින් වෙන්කොට එහි එක එක සතිපට්ඨානය ගෙන විස්තර කරන සේක් කථඤ්ච භික්ඛවෙ යනාදි නයින් නිද්දෙස වාරය දේශනා කිරීමට පටන්ගත් සේක.
තත්ථ කථඤ්චාතිආදි විත්ථාරෙතුකම්යතා පුච්ඡා. අයං පනෙත්ථ සඞ්ඛෙපත්ථො – භික්ඛවෙ, කෙන ච පකාරෙන භික්ඛු කායෙ කායානුපස්සී විහරතීති? එස නයො සබ්බපුච්ඡාවාරෙසු. ඉධ, භික්ඛවෙ, භික්ඛූති, භික්ඛවෙ, ඉමස්මිං සාසනෙ භික්ඛු. අයඤ්හෙත්ථ ඉධ-සද්දො සබ්බප්පකාරකායානුපස්සනානිබ්බත්තකස්ස පුග්ගලස්ස සන්නිස්සයභූතසාසනපරිදීපනො අඤ්ඤසාසනස්ස තථාභාවපටිසෙධනො ච. වුත්තඤ්හෙතං “ඉධෙව, භික්ඛවෙ, සමණො…පෙ… සුඤ්ඤා පරප්පවාදා සමණෙභි අඤ්ඤෙහී”ති (ම· නි· 1.139). තෙන වුත්තං “ඉමස්මිං සාසනෙ භික්ඛූ”ති.
එම නිද්දේස වාරයෙහි කථඤ්ච යනාදිය විස්තර කරනු පිණිස වූ ප්රච්ඡාය, විමසීමය. මේ වනාහි මෙහි කෙටි අරුතයි. මහණෙනි, කවර ප්‍රකාරයකින් මහණතෙම කයෙහි කය අනුව බලමින් වාසය කෙරේදැයි සියලු ප්රච්ඡාවන්හි විමසීන්හි මේ ක්‍රමයමැයි. ඉධ භික්ඛවෙ භික්ඛු මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම, යම්හෙයකින් මෙහි මේ ඉධ ශබ්දය තෙම සර්වප්රකාරයෙන් කායානුපස්සනා නිපදවන්නා වූ පුද්ගලයා හට ඇසුරට ඇති ශාසනය දක්වන්නේ ද, අන් සසුනක එබඳු බව වලකන්නේ ද වෙයි. මෙය වදාළේය. ඉධෙව භික්ඛවෙ සමණො -පෙ- සුඤ්ඤාපරප්පවාදා සමණෙහි අඤ්ඤෙ එහෙයින් කියන ලදී. මෙම සසුනෙහි මහණතෙම යයි.
සෙනසුන්
“අරඤ්ඤගතො වා…පෙ… සුඤ්ඤාගාරගතො වා”ති ඉදමස්ස සතිපට්ඨානභාවනානුරූපසෙනාසනපරිග්ගහපරිදීපනං. ඉමස්ස හි භික්ඛුනො දීඝරත්තං රූපාදීසු ආරම්මණෙසු අනුවිසටං චිත්තං කම්මට්ඨානවීථිං ඔතරිතුං න ඉච්ඡති, කූටගොණයුත්තරථො විය උප්පථමෙව ධාවති, තස්මා සෙය්යථාපි නාම ගොපො කූටධෙනුයා සබ්බං ඛීරං පිවිත්වා වඩ්ඪිතං කූටවච්ඡං දමෙතුකාමො ධෙනුතො අපනෙත්වා එකමන්තෙ මහන්තං ථම්භං නිඛණිත්වා තත්ථ යොත්තෙන බන්ධෙය්ය. අථස්ස සො වච්ඡො ඉතො චිතො ච විප්ඵන්දිත්වා පලායිතුං අසක්කොන්තො තමෙව ථම්භං උපනිසීදෙය්ය වා උපනිපජ්ජෙය්ය වා, එවමෙව ඉමිනාපි භික්ඛුනා දීඝරත්තං රූපාරම්මණාදිරසපානවඩ්ඪිතං දුට්ඨචිත්තං දමෙතුකාමෙන රූපාදිආරම්මණතො අපනෙත්වා අරඤ්ඤං වා රුක්ඛමූලං වා සුඤ්ඤාගාරං වා පවෙසෙත්වා තත්ථ සතිපට්ඨානාරම්මණත්ථම්භෙ සතියොත්තෙන බන්ධිතබ්බං. එවමස්ස තං චිත්තං ඉතො චිතො ච විප්ඵන්දිත්වාපි පුබ්බෙ ආචිණ්ණාරම්මණං අලභමානං සතියොත්තං ඡින්දිත්වා පලායිතුං අසක්කොන්තං තමෙවාරම්මණං උපචාරප්පනාවසෙන උපනිසීදති චෙව උපනිපජ්ජති ච. තෙනාහු පොරාණා –
අරඤ්ඤගතො වා -පෙ- සුඤ්ඤාගාරගතො වා යන මෙයින් එම යෝගියා හට සතිපට්ඨාන භාවනාවට සුදුසු සෙනසුනක් ගැනීම දැක්වීමයි. යම්හෙයකින් මේ භික්ෂුවගේ බොහෝකලක් රූපාදි අරමුණෙහි විසුරුණ සිත කමටහන් මාර්ගයට බැසගැනීම නොකැමති වේද, කුළුගොනෙකු යෙදූ රියක් මෙන් නොමගටම දිවේද, එහෙයින් ගොපලුතෙම කුළුදෙනගේ සියලු කිරි බී වැඩුනු කුළුවස්සා දමනය කරනු කැමැතිව දෙනු කෙරෙන් වෙන්කොට එක්පසෙක මහත් කණුවක් සිටුවා එහි යම්සේ යොතකින් බඳින්නේ ද, එකල එම වසුතෙම ඔබ මොබ පලායන්ට නොහැකිව එම කනුව කරාම එළඹ යම්සේ හිඳින්නේ හෝ හෝ නේ හෝ වේ ද, එපරිද්දෙන්ම මේ මහණ විසින් ද බොහෝ කලක් රූප අරමුණු ආදිය නිසා උපදනා වූ ආශ්වාද නමැති රස පානයෙන් වැඩුනු නොදැමුනු සිත දමනය කරනු කැමැත්තාහු, රූපාරම්මණයෙන් වෙන්කොට ආරණ්යකට හෝ රුක්මුලකට හෝ, ශුන්යගාරයකට හෝ ඇතුළත්ව සතිපට්ඨාන අරමුණු නමැති කණුවෙහි සිහිය නමැති යොතින් බැන්ද යුතුයැ. මෙසේ එම යෝගිහුගේ සිත ඔබනොබ සැලේ ද, පෙර හෝ අනාදිමත් සසරෙහි හෝ පුරුදු කළ අරමුණු නොලබන්නේ සිහි නමැති පොත බිඳ පලායන්ට අපොහොසත් වූයේ ඒ සතිපට්ඨාන අරමුණෙහි මැ එළඹ හිඳින්නේ ද හෝනේ ද වෙයි. එයින් කීය පුරාණචාර්යවරයෝ :-
“යථා ථම්භෙ නිබන්‍ධෙය්‍ය, වච්ඡං දමං නරො ඉධ; බන්‍ධෙය්‍යෙවං සකං චිත්තං, සතියාරම්මණෙ දළ්හ”න්ති.
යථා ථම්භෙ නිබන්‍ධෙය්‍ය, වච්ඡං දම්මං නරො ඉධ, බන්‍ධෙය්‍යෙවං සකං චිත්තං සතියාරම්මණෙ දළ්හං යි
(මේ ලෝකයෙහි මිනිස්තෙම, දමනය කරනු කැමති වස්සා කණුවෙහි යම්සේ බඳනේ ද, එපරිද්දෙන් මහණතෙම තමාගේ සිත, සිහියෙන් අරමුණෙහි ස්ථිරකොට බඳින්නේය.)
එවමස්ස තං සෙනාසනං භාවනානුරූපං හොති. තෙන වුත්තං “ඉදමස්ස සතිපට්ඨානභාවනානුරූපසෙනාසනපරිග්ගහපරිදීපන”න්ති.
මෙසේ ඔහුට එම සෙනසුන භාවනාවට අනුරූප වූයේ වෙයි. එහෙයින් කියන ලදී. මේ ඔහුට සතිපට්ඨාන භාවනාවට අනුරූප වූ සෙනසුන් ගැනීම දැක්වීමයි.
අපිච යස්මා ඉදං කායානුපස්සනාය මුද්ධභූතං සබ්බබුද්ධපච්චෙකබුද්ධබුද්ධසාවකානං විසෙසාධිගමදිට්ඨධම්මසුඛවිහාරපදට්ඨානං ආනාපානස්සතිකම්මට්ඨානං ඉත්ථිපුරිසහත්ථිඅස්සාදිසද්දසමාකුලං ගාමන්තං අපරිච්චජිත්වා න සුකරං සම්පාදෙතුං, සද්දකණ්ටකත්තා ඣානස්ස. අගාමකෙ පන අරඤ්ඤෙ සුකරං යොගාවචරෙන ඉදං කම්මට්ඨානං පරිග්ගහෙත්වා ආනාපානචතුත්ථජ්ඣානං නිබ්බත්තෙත්වා තදෙව ඣානං පාදකං කත්වා සඞ්ඛාරෙ සම්මසිත්වා අග්ගඵලං අරහත්තං පාපුණිතුං. තස්මාස්ස අනුරූපසෙනාසනං දස්සෙන්තො භගවා “අරඤ්ඤගතො වා”තිආදිමාහ.
තව ද යම්හෙයකින්, කායානුපස්සනාවේ හිස වැනි වූ සියලු බුදුවරයන්ගේ ද, පසේ බුදුවරයන්ගේ ද, බුද්ධශ්‍රාවකයන්ගේ ද, විශේෂ අධිගමයට හා ඉහාත්ම සැපවිහරණයට කරුණු වූ මේ ආනාපානසති කමටහන ස්ත්‍රී-පුරුෂ-හස්ති-අශ්ව ආදීන්ගේ ශබ්දයෙන් ආකූල වූ ග්‍රාමාන්ත සෙනසුන අතනොහැර සම්පාදනය කිරීම පහසු නොවේ. කුමක් හෙයින්ද, ශබ්දය වූ කලී ධ්‍යානයට (කණ්ටක) බාධාවකි. අගාමක වූ අරණ්‍යය මෙයට පහසුය. යෝගාවචර විසින් මෙම කමටහන ගෙන, ආනාපාන සතරවන ධ්‍යානය උපදවා එම ධ්‍යානයට පාදකකොට සංඛාර ධර්මය සම්මර්ශනය කොට අග්‍රඵලය වූ රහත්බවට පැමිණීමට පහසු වේද, එබැවින් එම යෝගියාට සුදුසු වූ සෙනසුන දක්වන්නා වූ බුදුරජාණන් වහන්සේ, අරඤ්ඤගතොවා යනාදිය වදාළහ.
වත්ථුවිජ්ජාචරියො විය හි භගවා. සො යථා වත්ථුවිජ්ජාචරියො නගරභූමිං පස්සිත්වා සුට්ඨු උපපරික්ඛිත්වා “එත්ථ නගරං මාපෙථා”ති උපදිසති, සොත්ථිනා ච නගරෙ නිට්ඨිතෙ රාජකුලතො මහාසක්කාරං ලභති, එවමෙව යොගාවචරස්ස අනුරූපං සෙනාසනං උපපරික්ඛිත්වා “එත්ථ කම්මට්ඨානං අනුයුඤ්ජිතබ්බ”න්ති උපදිසති. තතො තත්ථ කම්මට්ඨානං අනුයුඤ්ජන්තෙන යොගිනා අනුක්කමෙන අරහත්තෙ පත්තෙ “සම්මාසම්බුද්ධො වත සො භගවා”ති මහන්තං සක්කාරං ලභති.
භාග්‍යවත්හු (යෝගිහුට) වාස්තු විද්යාචාර්යවරයෙකු වැන්නහ. ඒ වාස්තු විද්‍යාචාර්ය තෙම නුවරකට නිසි බිමක් දැක, මනාලෙස පරීක්ෂාකොට මෙහි නුවරක් ඉදිකළ මැනවැයි යම්සේ උපදේශ කෙරේද, පහසුවෙන් නුවර නගා නිමිකල්හි රාජකුලයෙන් මහත් සත්කාර ලබා ද, එපරිද්දෙන්ම යෝගාවචරයා හට සුදුසු වූ සෙනසුන පරික්ෂාකොට මෙතැන්හි කමටහන් යෙදිය යුතුයයි උපදේශ කෙරෙති. අනතුරුව එහි කමටහන්හි යෙදෙන යෝගාවචරයන් විසින් අනුක්රමයෙන් රහත්බව ලැබූ කල්හි ඒකාන්තයෙන් භාග්‍යවත්හු සම්‍යග් සම්බුද්ධහයි මහත් වූ සත්කාර ලබන සේක.
අයං පන භික්ඛු දීපිසදිසොති වුච්චති. යථා හි මහාදීපිරාජා අරඤ්ඤෙ තිණගහනං වා වනගහනං වා පබ්බතගහනං වා නිස්සාය නිලීයිත්වා වනමහිංසගොකණ්ණසූකරාදයො මිගෙ ගණ්හාති, එවමෙව අයං අරඤ්ඤාදීසු කම්මට්ඨානං අනුයුඤ්ජන්තො භික්ඛු යථාක්කමෙන චත්තාරො මග්ගෙ චෙව චත්තාරි අරියඵලානි ච ගණ්හාති. තෙනාහු පොරාණා –
මෙම භික්ෂුව වනාහි දිවියකු වැනියයි කියනු ලැබේ. එසේය මහත් වූ දිවිරදෙක් වනයෙහි තෘණ අතරෙහි හෝ වනරොදක හෝ පර්වත ගහණයක හෝ සැඟවී හිඳ, වන-මී-ගෝණ-හූරු ආදී වු මෘගයය, යම්සේ ගනීද, එසේම මෙම යෝගාවචර තෙම අරණ්‍යය ආදියෙහි කමටහන්හි යෙදෙන්නේ පිළිවෙලින් සතර මාර්ගයන්ද සතරඵලයන් ද ගනී. එහෙයින් කීහු පොරාණයෝ,
“යථාපි දීපිකො නාම, නිලීයිත්වා ගණ්හතී මිගෙ; තථෙවායං බුද්ධපුත්තො, යුත්තයොගො විපස්සකො; අරඤ්ඤං පවිසිත්‍වාන, ගණ්හාති ඵලමුත්තම”න්ති.
යථාහි දීපිකොනාම නිලීයිත්වා ගණ්හති මිගෙ, තථෙවායං බුද්ධපුත්තො යුත්තයොගො විපස්සතො අරඤ්ඤං පවිසිත්‍වාන ගණ්හාති ඵල මුත්තමං යනුවෙන්
(දිවි තෙම සැඟවී සිට මෘගයන් සේ අල්ලා ගනිත්ද, එපරිද්දෙන් මේ බුද්ධපුත්‍ර තෙම, සමාධියෙන් යුක්ත වූයේ විදර්ශනාවෙන් යුක්ත වූයේ ආරණ්‍ය සෙනසුනකට පිවිස උත්තම වූ ශ්‍රමණඵලය ග්‍රහණය කෙරෙයි.)
තෙනස්ස පරක්කමජවයොග්ගභූමිං අරඤ්ඤසෙනාසනං දස්සෙන්තො භගවා “අරඤ්ඤගතො වා”තිආදිමාහ. ඉතො පරං ඉමස්මිං තාව ආනාපානපබ්බෙ යං වත්තබ්බං සියා, තං විසුද්ධිමග්ගෙ වුත්තමෙව.
එහෙයින් ඔහුට භාවනා උත්සහ නමැති ජවයට යෝග්‍ය භූමියක් වූ වන සෙනසුන දක්වන භාග්‍යවතුන් වහන්සේ අරඤ්ඤගතොවා යනාදිය වදාළ සේක. මෙයින් මත්තෙහි මේ ආනාපානසති පරිච්ඡේදයෙහි කිවයුතු යමක් වන්නේ ද එය විසුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය.
ආනාපාන සති භාවනා
තස්ස පන ඉමෙසං “දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති…පෙ… පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛතී”ති එවං වුත්තානං අස්සාසපස්සාසානං වසෙන සික්ඛතො අස්සාසපස්සාසනිමිත්තෙ චත්තාරි ඣානානි උප්පජ්ජන්ති. සො ඣානා වුට්ඨහිත්වා අස්සාසපස්සාසෙ වා පරිග්ගණ්හාති ඣානඞ්ගානි වා. තත්ථ අස්සාසපස්සාසකම්මිකො “ඉමෙ අස්සාසපස්සාසා කිං නිස්සිතා, වත්ථුං නිස්සිතා, වත්ථු නාම කරජකායො, කරජකායො නාම චත්තාරි මහාභූතානි උපාදාරූපඤ්චා”ති එවං රූපං පරිග්ගණ්හාති, තතො තදාරම්මණෙ ඵස්සපඤ්චමකෙ නාමන්ති එවං නාමරූපං පරිග්ගහෙත්වා තස්ස පච්චයං පරියෙසන්තො අවිජ්ජාදිපටිච්චසමුප්පාදං දිස්වා “පච්චයපච්චයුප්පන්නධම්මමත්තමෙවෙතං, අඤ්ඤො සත්තො වා පුග්ගලො වා නත්ථී”ති විතිණ්ණකඞ්ඛො සප්පච්චයනාමරූපෙ තිලක්ඛණං ආරොපෙත්වා විපස්සනං වඩ්ඪෙන්තො අනුක්කමෙන අරහත්තං පාපුණාති. ඉදං එකස්ස භික්ඛුනො යාව අරහත්තා නිය්යානමුඛං.
දීඝං වා අස්ස සන්තො දීසං අස්සසාමීති පජානාති -පෙ- පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති, යනුවෙන් මෙසේ වදාළ මේ අස්සාස - පස්සාසයන්ගේ වශයෙන් හික්මෙන්නා වූ ඔහුට අස්සාස - පස්සාස නිමිත්තෙහි සතර ධ්‍යානයෝ උපදිත්. හෙතෙම ධ්‍යානයෙන් නැගී සිට අස්සාස-පස්සාසයන් හෝ ඣාන අංගයන් හෝ පරිග්‍රහණ කරයි. ඔවුන් දෙදෙනා අතුරෙහි අස්සාස පස්සාස කම්මික තෙම අස්සාස පස්සාසයෝ කුමක් ඇසුරු කළාහුද, හදවත ඇසුරු කළාහුය. හදවත නම් කරජකායැයි (=මව්පියන් නිසා හටගත්) කරජ කායනම් සතරමහා භූතයන් හා උපාදාය රූපදැයි මෙසේ රූපය පරිග්‍රහණය කරයි. අනතුරුව එම අස්සාස-පස්සාස අරමුණෙහි ඵස්සපංචම ධර්මයන් (වෙදනා-සඤ්ඤා-සංඛාර-විඤ්ඤාණ) නාමයයි. මෙසේ නාමරූප මෙනෙහිකොට නාමරූපයන්ගේ ප්‍රත්‍ය සොයන්නේ අවිජ්ජා ආදි වූ පටිචව සමුප්පාදය දැක එම නාම-රූප, පටිච්ච සමුප්පාද, පටිච්ච සමුප්පන්න ධර්ම මාත්රයක්මැයි අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැතැයි තරණය කළ සැක ඇත්තේ පච්චය සහිත නාමරූපයෙහි අනිත්‍ය ආදී ත්රිලක්ෂණයට නගා විදර්ශනා වඩන්නේ මගඵල පිළිවෙලින් රහත් බවට පැමිණෙයි. මේ එක් භික්ෂු කෙනෙකුගේ රහත්බව තෙක් නිවන්මගයි.
ඣානකම්මිකොපි “ඉමානි ඣානඞ්ගානි කිං නිස්සිතානි, වත්ථුං නිස්සිතානි. වත්ථු නාම කරජකායොති ඣානඞ්ගානි නාමං, කරජකායො රූප”න්ති නාමරූපං වවත්ථපෙත්වා තස්ස පච්චයං පරියෙසන්තො අවිජ්ජාදිපච්චයාකාරං දිස්වා “පච්චයපච්චයුප්පන්නධම්මමත්තමෙවෙතං, අඤ්ඤො සත්තො වා පුග්ගලො වා නත්ථී”ති විතිණ්ණකඞ්ඛො සප්පච්චයනාමරූපෙ තිලක්ඛණං ආරොපෙත්වා විපස්සනං වඩ්ඪෙන්තො අනුක්කමෙන අරහත්තං පාපුණාති, ඉදං එකස්ස භික්ඛුනො යාව අරහත්තා නිය්යානමුඛං.
ඣානකම්මික තෙම මෙම ධ්‍යාන අංගයෝ කුමක් ඇසුරු කළාහුද? හදවත ඇසුරු කළාහුය. හදවත නම් කරජකායයි. ධ්යානංගයෝ නාමයෝය. කරජ කාය රූපයයි නාම-රූපය නිශ්චයකොට එම නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේ අවිජ්ජා ආදී වූ ප්‍රත්‍යාකාරය දැක, මේ නාමය හා රූපය පටිච්ච සමුප්පාද-පටිච්ච සමුප්පන්න ධර්ම මාත්රයකැයි අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැතැයි වෙසෙසින් දුරුකළ සැක ඇත්තේ ප්‍රත්‍යය සහිත වූ නාමරූපයෙහි ත්රිලක්ෂණයට නගා විදර්ශනා වඩා අනුක්රමයෙන් රහත් බවට පැමිණෙයි. මේ එක භික්ෂුවකගේ රහත්බව තෙක් නිවන් මගයි.
ඉති අජ්ඣත්තං වාති එවං අත්තනො වා අස්සාසපස්සාසකායෙ කායානුපස්සී විහරති. බහිද්ධා වාති පරස්ස වා අස්සාසපස්සාසකායෙ. අජ්ඣත්තබහිද්ධා වාති කාලෙන අත්තනො, කාලෙන පරස්ස අස්සාසපස්සාසකායෙ. එතෙනස්ස පගුණකම්මට්ඨානං අට්ඨපෙත්වා අපරාපරං සඤ්චරණකාලො කථිතො. එකස්මිං කාලෙ පනිදං උභයං න ලබ්භති.
ඉති අජ්ඣත්තං වා මෙසේ තමාගේ හෝ අස්සාස පස්සාස කයෙහි කායානුපස්සනා භාවනාව සිහිකරමින් වාසය කරන්නේය. බහිද්ධා වා අන්‍යයාගේ හෝ අස්සා පස්සාය කයෙහි, අජ්ඣත්ත බහිද්ධා වා කලෙක තමාගේ ද කලෙක මෙරමාගේ ද, අස්සාස පස්සාස කයෙහි, මේ පදයෙන් එම යෝගාවචරයාගේ ප්‍රගුණ වූ කමටහන හැර ඔබ මොබ හැසිරෙන කාලය කියන ලද්දේ වෙයි. එකම වර මේ දෙකම නො ලැබෙයි.
සමුදයධම්මානුපස්සී වාති යථා නාම කම්මාරභස්තඤ්ච ගග්ගරනාළිඤ්ච තජ්ජඤ්ච වායාමං පටිච්ච වාතො අපරාපරං සඤ්චරති, එවං භික්ඛුනො කරජකායඤ්ච නාසාපුටඤ්ච චිත්තඤ්ච පටිච්ච අස්සාසපස්සාසකායො අපරාපරං සඤ්චරති. කායාදයො ධම්මා සමුදයධම්මා, තෙ පස්සන්තො “සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරතී”ති වුච්චති. වයධම්මානුපස්සී වාති යථා භස්තාය අපනීතාය ගග්ගරනාළියා භින්නාය තජ්ජෙ ච වායාමෙ අසති සො වාතො නප්පවත්තති, එවමෙව කායෙ භින්නෙ නාසාපුටෙ විද්ධස්තෙ චිත්තෙ ච නිරුද්ධෙ අස්සාසපස්සාසකායො නාම නප්පවත්තතීති කායාදිනිරොධා අස්සාසපස්සාසනිරොධොති එවං පස්සන්තො “වයධම්මානුපස්සී වා කායස්මිං විහරතී”ති වුච්චති. සමුදයවයධම්මානුපස්සී වාති කාලෙන සමුදයං, කාලෙන වයං අනුපස්සන්තො. අත්ථි කායොති වා පනස්සාති කායොව අත්ථි, න සත්තො, න පුග්ගලො, න ඉත්ථී, න පුරිසො, න අත්තා, න අත්තනියං, නාහං, න මම, න කොචි, න කස්සචීති එවමස්ස සති පච්චුපට්ඨිතා හොති.
සමුදය ධම්මානු පස්සීවා, කඹුරාගේ භස්ත්රාවද කඹුරු සමෙහි නලයද ඒ පිණිස වූ උත්සාහයද, නිසා යම්සේ වාතය ඔබිනොබ හැසිරේ ද, එසේ භික්ෂුවගේ කරජ කායද, නාසාපුටය ද සිතද නිසා අස්සාස පස්සාසකාය ඔබිනොබ හැසිරෙයි. කායාදි ධර්මයෝ සමුදය නමි. ඒ ධර්මයන් බලන්නේ, සමුදය ධම්මානුපස්සී වා කායස්මිං විහරති යයි කියනු ලැබේ. වයධම්මානුපස්සී වා කඹුරු සම ඉවතලූ කල කඹුරුසමෙහි නලය බිඳුනු කල ඒ පිණිස වූ ව්‍යායාමයද නැතිකල්හි ඒ වාතය යම්සේ නො පවතීද, එසේම කයබුන් කල නැහැසිදුර නැසුන කල සිත නිරුද්ධ වූ කල යම්හෙයකින් අස්සාස පස්සාස කය නො පවතීද එහෙයින් කායාදීන්ගේ නිරෝධයෙන් අස්සාස පස්සාසයන්ගේ නිරෝධය වෙයි. මෙසේ බලන්නේ වයධම්මානු පස්සී කායස්මිං විහරති යයි කියනු ලැබේ. සමුදය වය ධම්මානු පස්සී කලෙක උපතද, කලෙක විපතද නැවත නැවත බලන්නේ, අත්ථි කායොති වා පනස්ස (අස්සාස-පස්සාස) කය නම් ඇත යයි ද, සත්ත්වයෙක් නැති, පුද්ගලයෙක් නැති ස්ත්‍රියක් නැති පුරුෂයෙක් නැති ආත්මයෙක් නැති ආත්මනීය නොවේ. මම නොවෙමි, මගේ නොවේ, කිසිවෙක් නොවේ, කිසිවෙකුගේ නොවේ යයි, මෙසේ මහණහට සිහිය එළඹ සිටියේ වෙයි.
යාවදෙවාති පයොජනපරිච්ඡෙදවවත්ථාපනමෙතං. ඉදං වුත්තං හොති – යා සති පච්චුපට්ඨිතා හොති, සා න අඤ්ඤත්ථාය. අථ ඛො යාවදෙව ඤාණමත්තාය අපරාපරං උත්තරුත්තරි ඤාණපමාණත්ථාය චෙව සතිපමාණත්ථාය ච, සතිසම්පජඤ්ඤානං වුඩ්ඪත්ථායාති අත්ථො. අනිස්සිතො ච විහරතීති තණ්හානිස්සයදිට්ඨිනිස්සයානං වසෙන අනිස්සිතො විහරති.
යාවදෙව යන මේ පදය ප්‍රයෝජනය පරිච්ඡෙදයාගේ වෙන්කිරීම වෙයි. මේ කියන ලද වෙයි. ඕ යම් සිහියක් තොමෝ එළම සිටියා වේද, ඕ තොමෝ අනිකක් පිණිස නොවේ වැලි කුමක් පිණිසද යත්, යාවදෙව ඤාණමත්තාය ඔබිනොබ, මතුමත්තෙහි ඥාන ප්‍රමාණය පිණිස ද, සති ප්‍රමාණය පිණිසද වෙයි. සතිසම්පජඤ්ඤයන්ගේ වැඩීම පිණිසය යන අර්ථයි. අනිස්සිතො ච විහරති තණ්හා ඇසුර, දිට්ඨි ඇසුර යන මොවුන්ගේ වශයෙන් ඇසුරක් නැත්තේම වාසය කරයි.
න ච කිඤ්චි ලොකෙ උපාදියතීති ලොකස්මිං කිඤ්චි රූපං වා…පෙ… විඤ්ඤාණං වා “අයං මෙ අත්තා වා අත්තනියං වා”ති න ගණ්හාති. එවම්පීති උපරිඅත්ථං උපාදාය සම්පිණ්ඩනත්ථො පිකාරො. ඉමිනා පන පදෙන භගවා ආනාපානපබ්බදෙසනං නිය්යාතෙත්වා දස්සෙති.
න ච කිඤ්චි ලොකෙ උපාදියති ලෝකයෙහි කිසියම් රූපයක් හෝ -පෙ- විඤ්ඤාණයක් හෝ මේ මගේ ආත්මය හෝ ආත්මයට අයත් දෙයක් හෝ යයි නොගනී. එවම්පි මතු අර්ථය සඳහා සම්පිණ්ඩනාර්ථයෙහි ‘පි’ කාරයයි තවද මේ පදයෙන් භාග්‍යවතුන් වහන්සේ ආනාපාන පර්ව දේශනාව නිමවා දැක්වූ සේක.
තත්ථ අස්සාසපස්සාසපරිග්ගාහිකා සති දුක්ඛසච්චං, තස්සා සමුට්ඨාපිකා පුරිමතණ්හා සමුදයසච්චං, උභින්නං අප්පවත්ති නිරොධසච්චං, දුක්ඛපරිජානනො සමුදයපජහනො නිරොධාරම්මණො අරියමග්ගො මග්ගසච්චං. එවං චතුසච්චවසෙන උස්සක්කිත්වා නිබ්බුතිං පාපුණාතීති ඉදමෙකස්ස අස්සාසපස්සාසවසෙන අභිනිවිට්ඨස්ස භික්ඛුනො යාව අරහත්තා නිය්යානමුඛන්ති.
ඒ ආනාපාන පර්වයෙහි අස්සාස පස්සාස පරිග්ගාහික (යෙදුන) සතිය දුක්ඛ සත්‍ය නම් වේ. එම සතිය උපදවන්නා වූ පූර්ව තණ්හා තොමෝ සමුදය සත්‍ය වේ. ඒ දෙදෙනාගේ නොපැවැත්ම නිරෝධ සත්‍ය වේ. දුක දැනගන්නා වූ සමුදය දුරුකරන්නා වූ නිරෝධය අරමුණු කරන්නා වූ ආර්ය මාර්ගය තෙම මාර්ග සත්‍ය වේ. මෙසේ චතුරාර්ය සත්‍ය වශයෙන් උත්සාහකොට නිවනට පැමිණේ යයි අස්සාස පස්සාස භාවනාවෙහි යෙදුන එක් මහණෙක් හට රහත් බව තෙක් නිවන් වේ යනුයි.
ආනාපානපබ්බවණ්ණනා නිට්ඨිතා.
ආනාපාන පබ්බය නිමි.
ඉරියාපථපබ්බවණ්ණනා
ඉරියාපථ පබ්බ වර්ණනාව
එවං අස්සාසපස්සාසවසෙන කායානුපස්සනං විභජිත්වා ඉදානි ඉරියාපථවසෙන විභජිතුං පුන චපරන්තිආදිමාහ. තත්ථ කාමං සොණසිඞ්ගාලාදයොපි ගච්ඡන්තා “ගච්ඡාමා”ති ජානන්ති. න පනෙතං එවරූපං ජානනං සන්ධාය වුත්තං. එවරූපඤ්හි ජානනං සත්තූපලද්ධිං න පජහති, අත්තසඤ්ඤං න උග්ඝාටෙති, කම්මට්ඨානං වා සතිපට්ඨානභාවනා වා න හොති. ඉමස්ස පන භික්ඛුනො ජානනං සත්තූපලද්ධිං පජහති, අත්තසඤ්ඤං උග්ඝාටෙති, කම්මට්ඨානඤ්චෙව සතිපට්ඨානභාවනා ච හොති. ඉදඤ්හි “කො ගච්ඡති, කස්ස ගමනං, කිං කාරණා ගච්ඡතී”ති එවං සම්පජානනං සන්ධාය වුත්තං. ඨානාදීසුපි එසෙව නයො.
මෙසේ අස්සාස, පස්සාස වශයෙන් කායානුපස්සනාව විභාගකොට මේ වනවිට ඉරියාපථ වශයෙන් විභාග කිරීම පිණිස පුන චපරං යනාදිය වදාළහ. බලු, කැනහිල් ආදීහු යන්නාහු ඒකාන්තයෙන් අපි යමු යයි දනිති. එතකුදු වුවත් මෙම ඉරියාපථ දේශනාව මෙබඳු වූ දැනීමක් සඳහා නොවදාරණ ලදී. මෙබඳු දැනීම වූ කලී සත්ත්ව දෘෂ්ටිය නො හරියි. ආත්ම සංඥාව නො නසයි. එය, කර්මස්ථානය හෝ සතිපට්ඨාන භාවනාව නොවෙයි. නමුත් මේ භික්ෂුවගේ දැනීම වූ කලී සත්ත්ව දෘෂ්ටිය හැරදමයි. ආත්ම සංඥාව නසයි. කර්මස්ථානය හා සතිපට්ඨාන භාවනාවද වෙයි. මෙම (ගමන) වනාහි, කවරෙක් වේ ද? කවරෙකුගේ ගමනක් ද, කුමන කාරණයකින් යේ දැයි මෙවන් දැනුමක් සඳහා වදාරණ ලදී. සිටීම් ආදියෙහිද මේ ක්‍රමයමැයි.
තත්ථ කො ගච්ඡතීති න කොචි සත්තො වා පුග්ගලො වා ගච්ඡති. කස්ස ගමනන්ති න කස්සචි සත්තස්ස වා පුග්ගලස්ස වා ගමනං. කිං කාරණා ගච්ඡතීති චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන ගච්ඡති. තස්මා එස එවං පජානාති “ගච්ඡාමී”ති චිත්තං උප්පජ්ජති, තං වායං ජනෙති, වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන සකලකායස්ස පුරතො අභිනීහාරො ගමනන්ති වුච්චති. ඨානාදීසුපි එසෙව නයො.
එහි කවරෙක් යේද, යන මෙහි කිසි සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නො යෙයි. කවරෙකුගේ ගමනක්ද යන්න මෙහි කිසි සත්ත්වයෙකුගේ හෝ පුද්ගලයෙකු හෝ ගමනක් නො වෙයි. කුමන කරුණකින් යේ ද යන මෙහි චිත්ත ක්‍රියා වායෝ ධාතුගේ පැතිරීමෙන් යෙයි. එහෙයින් මෙම මහණ මෙසේ දැනගනී. ‘යන්නෙමියි සිතක් උපදී ද, ඒ සිත වායෝ ධාතුව විසින් උපදවනු ලබයි. වායෝධාතුව ගමන් කරන්නා වූ ආකාරය කාය විඥප්තිය විසින් උපදවනු ලබයි. චිත්තකිරිය වායෝ ධාතුහුගේ පැතිරීමෙන් සකල ශරීරයාගේ ඉදිරියට එලවීම ගමන යයි කියනු ලැබේ.
තත්රාපි හි “තිට්ඨාමී”ති චිත්තං උප්පජ්ජති, තං වායං ජනෙති, වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන සකලකායස්ස කොටිතො පට්ඨාය උස්සිතභාවො ඨානන්ති වුච්චති.
සිටීම යනුවෙන් සිතක් උපදී, එය වායෝ ධාතුව විසින් උපදවනු ලබයි. වායෝ ධාතුව විඥප්තිය විසින් උපදවනු ලබයි. චිත්ත-කිරිය-වායො ධාතූන්ගේ පැතිරීමේ හේතුවෙන් සකල ශරීරයාගේ කෙළවර පටන් ඔසවන ලද බව සිටීම යයි කියනු ලැබේ.
“නිසීදාමී”ති චිත්තං උප්පජ්ජති, තං වායං ජනෙති, වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන හෙට්ඨිමකායස්ස සමිඤ්ජනං උපරිමකායස්ස උස්සිතභාවො නිසජ්ජාති වුච්චති.
හිඳිමියි යනුවෙන් සිතක් උපදීද, එම සිත වායෝ ධාතුව විසින් උපදවනු ලබයි. වායො ධාතුව කාය විඥප්තිය විසින් උපදවනු ලබයි. චිත්ත-කිරිය-වායෝ ධාතුහුගේ පැතිරීමෙන් යට සිරුරේ හැකිළීම හා උඩ සිරුරේ ඔසවන ලද බව හිඳීම යයි කියනු ලැබේ.
“සයාමී”ති චිත්තං උප්පජ්ජති, තං වායං ජනෙති, වායො විඤ්ඤත්තිං ජනෙති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන සකලසරීරස්ස තිරියතො පසාරණං සයනන්ති වුච්චතීති.
නිදමියි යනුවෙන් සිතක් උපදිද, ඒ සිත ක්‍රියා වායෝ ධාතුව විසින් උපදවනු ලබයි. එම වායෝ ධාතුව කාය විඥප්තිය විසින් උපදවනු ලබයි. චිත්ත-කිරිය-වායෝ ධාතුන්ගේ පැතිරීම හේතුකොට ගෙන සකල ශරීරයාගේ සරසට දිගුකිරිම සයනය යයි කියනු ලැබේ.
තස්ස එවං පජානතො එවං හොති “සත්තො ගච්ඡති සත්තො තිට්ඨතී”ති වුච්චති. අත්ථි පන කොචි සත්තො ගච්ඡන්තො වා ඨිතො වා නත්ථි. යථා පන “සකටං ගච්ඡති සකටං තිට්ඨතී”ති වුච්චති, න ච කිඤ්චි සකටං නාම ගච්ඡන්තං වා තිට්ඨන්තං වා අත්ථි. චත්තාරො පන ගොණෙ යොජෙත්වා ඡෙකම්හි සාරථිම්හි පාජෙන්තෙ “සකටං ගච්ඡති සකටං තිට්ඨතී”ති වොහාරමත්තමෙව හොති, එවමෙව අජානනට්ඨෙන සකටං විය කායො. ගොණා විය චිත්තජවාතා. සාරථි විය චිත්තං. ගච්ඡාමි තිට්ඨාමීති චිත්තෙ උප්පන්නෙ වායොධාතු විඤ්ඤත්තිං ජනයමානා උප්පජ්ජති, චිත්තකිරියවායොධාතුවිප්ඵාරෙන ගමනාදීනි පවත්තන්ති. තතො “සත්තො ගච්ඡති, සත්තො තිට්ඨති, අහං ගච්ඡාමි, අහං තිට්ඨාමී”ති වොහාරමත්තං හොතීති. තෙනාහ –
මෙසේ දැනගන්නා වූ ඔහුට මෙබඳු සිතක් පහළ වෙයි. ‘සත්තව තෙම සිටියි යයි කියනු ලැබේ. කිසි සත්ත්වයෙක් යන්නේ හෝ සිටියේ හෝ නැති අනිකක් ඇති, ගැල යයි, ගැල සිටියි යයි යම්සේ කියනු ලැබේ ද, යන්නා වූ සිටින්නා වූ ගැලක් නම් නැත්තේ ද, එසේ වුවත් ගොනුන් සතර දෙනෙකු යෙදූ දක්ෂ වූ රියදුරෙකු පදවන කල්හි ගැල යයි ගැල සිටියි යයි, යම්කිසි ව්‍යවහාර මාත්‍රයක් වේද, එපරිද්දෙන්ම ගමන් නොකරන අරුතින් කය ගැලක් මෙනි, චිත්තජ වායෝ ධාතුව ගොනු මෙනි. සිත රියදුරා මෙනි. යෙමියි, සිටිමියි සිත උපන් කල්හි වායො ධාතුව කාය විඥප්තිය උපදවමින්, උපදී. වායෝ ධාතුහුගේ පැතිරීම හේතුකොට ගෙන, ගමනාදිය පවතිත් එහෙයින් සත්ත්වතෙම යෙයි සත්ත්ව තෙම සිටි මම යමි, මම සිටිමි යනු ව්‍යවහාර මාත්‍රයක්ම වේ. එයින් කීහ -
“නාවා මාලුතවෙගෙන, ජියාවෙගෙන තෙජනං; යථා යාති තථා කායො, යාති වාතාහතො අයං.
නාවා මාලුතවෙගෙන, ජීයාවෙගෙන තෙජනං යථා යාති තථාකායො යාතිවාතාහතො අයං
යන්තං සුත්තවසෙනෙව, චිත්තසුත්තවසෙනිදං; පයුත්තං කායයන්තම්පි, යාති ඨාති නිසීදති.
යන්ත සුත්ත වසෙනෙව, චිත්ත සුත්ත වසෙනිදං පයූත්තං කාය යන්තම්පි යාති, ඨාති නිසීදති
කො නාම එත්ථ සො සත්තො, යො විනා හෙතුපච්චයෙ; අත්තනො ආනුභාවෙන, තිට්ඨෙ වා යදි වා වජෙ”ති.
කොනාම එත්ථ සො සත්තො යො විනා හෙතු පච්චයෙ අත්තනො ආනුභාවෙන තිට්ඨෙවා යදිවා වජෙ
(පවන වේගයෙන් නැව ද, දුනුදිය වේගයෙන් හීය ද, යම්සේ යේද, එපරිද්දෙන් වාතයෙන් පහලා වූ මේ කය යයි,
යොදන ලද මේ ශරීර නමැති යන්ත්‍රය යන්ත්‍ර සුත්රයාගේ වශයෙන් මෙන් චිත්ත සූත්‍රයාගේ වශයෙන් යෙයි. සිටී. හිඳී.
මේ ලෝකයෙහි, යම් සත්ත්වයෙක් තෙම හේතුප්රත්යයෝ හැර තමාගේ ආනුභාවයෙන්, සිටින්නේ හෝ යන්නේ හෝ වේද, ඒ සත්ත්ව තෙම කිනම් වේද, එබඳු සත්ත්වයෙක් නැත යන අර්ථයි.)
තස්මා එවං හෙතුපච්චයවසෙනෙව පවත්තානි ගමනාදීනි සල්ලක්ඛෙන්තො එස ගච්ඡන්තො වා ගච්ඡාමීති පජානාති, ඨිතො වා, නිසින්නො වා, සයානො වා සයානොම්හීති පජානාතීති වෙදිතබ්බො.
එහෙයින් මෙසේ හේතුප්‍රත්‍යයන්ගේ වශයෙන් ම පවත්නා වූ ගමන ආදිය සලකන්නා වූ මේ යෝගාවචර තෙම ගචඡන්තො වා ගච්ඡාමීති පජානාති, ඨි තො වා නිසින්නො වා සයානොවා සයානොම්හීති පජානාති යනුවෙන් යන්නේ හෝ යන්නෙමී දැනගනී. සිටියේ හෝ සිටියේ වෙමියි දැනගනී. හුන්නේ හෝ හුන්නේ වෙමියි දැනගනියි. නිදන්නේ හෝ නිදන්නේ වෙමියි දැනගනී යයි දතයුතුය.
යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති, තථා තථා නං පජානාතීති සබ්බසඞ්ගාහිකවචනමෙතං. ඉදං වුත්තං හොති – යෙන යෙන වා ආකාරෙන තස්ස කායො ඨිතො හොති, තෙන තෙන නං පජානාති. ගමනාකාරෙන ඨිතං ගච්ඡතීති පජානාති. ඨානනිසජ්ජාසයනාකාරෙන ඨිතං සයානොති පජානාතීති.
යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති තථා තථා නං පජානාති යන මේ වචනය සර්වසංගාහික වචනයකි. මෙසේ කියන ලද වෙයි. යම් ආකාරයකින් හෝ ඔහුගේ කය සිටියේ වේද, ඒ ඒ ආකාරයෙන් එය දැන ගනී. ගමනාකාරයෙන් සිටියේ යන්නේ යයි දැනගනියි. සිටීම-හිඳීම-නිදීම යන ආකාරයන්ගෙන් සිටියේ, සිටින්නේ යයිද හිඳගත්තේ යයි ද) නිදන්නේ යයි ද දැනගනී.
ඉති අජ්ඣත්තං වාති එවං අත්තනො වා චතුඉරියාපථපරිග්ගණ්හනෙන කායෙ කායානුපස්සී විහරති. බහිද්ධා වාති පරස්ස වා චතුඉරියාපථපරිග්ගණ්හනෙන. අජ්ඣත්තබහිද්ධා වාති කාලෙන අත්තනො, කාලෙන පරස්ස චතුඉරියාපථපරිග්ගණ්හනෙන කායෙ කායානුපස්සී විහරති.
ඉති අජ්ඣත්තං මෙසේ තමාගේ හෝ සතර ඉරියව් පරිග්‍රහණයෙන් ඉරියාපථ කයෙහි, කායානුපස්සනා භාවනාවෙහි යෙදුනේ වාසය කරයි. බහිද්ධා වා, අනුන්ගේ හෝ සතර ඉරියව් පරිග්‍රහණයෙන්, අජ්ඣත්ත බහිද්ධා වා කලෙක තමාගේ ද, කලෙක අන්‍යයාගේ ද සතර ඉරියව් පරිග්‍රහණයෙන් කයෙහි කය අනුව බලමින් වාසය කෙරෙයි.
සමුදයධම්මානුපස්සී වාතිආදීසු පන “අවිජ්ජාසමුදයා රූපසමුදයො”තිආදිනා (පටි· ම· 1.49) නයෙන පඤ්චහාකාරෙහි රූපක්ඛන්ධස්ස සමුදයො ච වයො ච නීහරිතබ්බො. තඤ්හි සන්ධාය ඉධ “සමුදයධම්මානුපස්සී වා”තිආදි වුත්තං. අත්ථි කායොති වා පනස්සාතිආදි වුත්තසදිසමෙව.
සමුදය ධම්මානු පස්සී යන ආදී තන්හි අවිජ්ජාව ඇතිකල්හි රූප ඇතිවේයයි ආදි ක්‍රමයෙන් පස් ආකාරයකින් රූපස්කන්ධයාගේ ඇතිවීමද, නැතිවීමද, ගෙනහැර දැක්විය යුතුය. එය එසේමැයි. ඒ සඳහා මෙහි සමුදය ධම්මානුපස්සී යන ආදිය කියන ලද්දේය. අත්ථි කායොති වා පනස්ස යන ආදිය කී නයමැයි,
ඉධ පන චතුඉරියාපථපරිග්ගාහිකා සති දුක්ඛසච්චං, තස්සා සමුට්ඨාපිකා පුරිමතණ්හා සමුදයසච්චං, උභින්නං අප්පවත්ති නිරොධසච්චං, දුක්ඛපරිජානනො සමුදයපජහනො නිරොධාරම්මණො අරියමග්ගො මග්ගසච්චං. එවං චතුසච්චවසෙන උස්සක්කිත්වා නිබ්බුතිං පාපුණාතීති ඉදමෙකස්ස චතූඉරියාපථපරිග්ගාහකස්ස භික්ඛුනො යාව අරහත්තා නිය්යානමුඛන්ති.
මෙහිදු සතර ඉරියව් පිළිගන්න. සිහිය දුක්ඛ සත්‍ය වේ. එම සිහිය උපදවන පුර්ව තණ්හාව සමුදය සත්‍ය වේ. එම දෙවැදෑරුම් සිහියේ නොපැවැත්ම නිරෝධ සත්‍ය නම් වේ. දුක දැනගන්නා වූ සමුදය දුරුකරන්නා වූ නිරෝධය අරමුණු කරන්නා වූ ආර්ය මාර්ගය මාර්ග සත්‍ය නම් වේ. මෙසේ චතුස්සත්‍ය වශයෙන් උත්සාහකොට නිවනට පැමිණේ යයි මෙම සතර ඉරියාපථ පරිග්ගාහ වූ භික්ෂුවට රහත්බව තෙක් නිවන්දොර වේයයි දතයුතුයැ.
ඉරියාපථපබ්බවණ්ණනා නිට්ඨිතා.
ඉරියාපථ පබ්බය නිමියේය.