උද්දෙසවාරකථාවණ්ණනා අට්ඨකථා
උද්දෙසවාරකථාවණ්ණනා
උද්දේස වාර වර්ණනාව
එකායනො අයං, භික්ඛවෙ, මග්ගොති. කස්මා භගවා ඉදං සුත්තමභාසි? කුරුරට්ඨවාසීනං ගම්භීරදෙසනාපටිග්ගහණසමත්ථතාය. කුරුරට්ඨවාසිනො කිර භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො උතුපච්චයාදිසම්පන්නත්තා තස්ස රට්ඨස්ස සප්පායඋතුපච්චයසෙවනෙන නිච්චං කල්ලසරීරා කල්ලචිත්තා ච හොන්ති. තෙ චිත්තසරීරකල්ලතාය අනුග්ගහිතපඤ්ඤාබලා ගම්භීරකථං පරිග්ගහෙතුං සමත්ථා හොන්ති. තෙන තෙසං භගවා ඉමං ගම්භීරදෙසනාපටිග්ගහණසමත්ථතං සම්පස්සන්තො එකවීසතියා ඨානෙසු කම්මට්ඨානං අරහත්තෙ පක්ඛිපිත්වා ඉදං ගම්භීරත්ථං සතිපට්ඨානසුත්තං අභාසි.
එකායනො අයං භික්ඛවෙ මග්ගො යනුවෙන් කුමන හේතුවක් නිසා බුදුරදහු මෙම සූත්‍රය වදාළ සේක්ද? කුරුරට වැසියන්ගේ ගැඹුරු දහම් අවබෝධයෙහි හැකියාවක් ඇති බැවිනි. කුරුරට වැසි භික්ෂු භික්ෂුණීහුද උපාසක උපාසිකාවෝ ද සුදුසු දේශගුණය, සුදුසු ප්‍රත්‍යය සම්පූර්ණ බැවින් ඒ රටෙහි වූ සැපවත් වූ සෘතු-ප්‍රත්‍යය සේවනය කිරීමෙන් නිතර නිරෝගී වූ සිරුරු ඇත්තාහු ද යෝගය සිත් ඇත්තාහු ද වෙති. ඔවුහු චිත්ත-ශරීර යහපත් බැවින් එයින් ලද ඥාන බල ඇත්තාහු, ගැඹුරු දහම් පිළිගැනීම සමර්ථයෝ වෙති. ඒ කරුණ නිසා බුදුරදහු ඔවුන්ගේ මෙම ගැඹුරු දහම් පිළිගැනීමේ සමර්ථ බව දන්නා සේක් එක්විසි තැනක රහත් බව දක්වා වූ කමටහන්හි පිහිටුවා මේ ගැඹුරු අරුත් ඇති සතිපට්ඨාන සූත්‍රය වදාළ සේක.
යථා හි පුරිසො සුවණ්ණචඞ්කොටකං ලභිත්වා තත්ථ නානාපුප්ඵානි පක්ඛිපෙය්ය, සුවණ්ණමඤ්ජූසං වා පන ලභිත්වා සත්තරතනානි පක්ඛිපෙය්ය, එවං භගවා කුරුරට්ඨවාසිපරිසං ලභිත්වා ගම්භීරදෙසනං දෙසෙසි. තෙනෙවෙත්ථ අඤ්ඤානිපි ගම්භීරත්ථානි දීඝනිකායෙ මහානිදානං මහාසතිපට්ඨානං ඉමස්මිං මජ්ඣිමනිකායෙ සාරොපමං රුක්ඛූපමං රට්ඨපාලං මාගණ්ඩියං ආනෙඤ්ජසප්පායන්ති අඤ්ඤානිපි සුත්තානි දෙසෙසි.
ඒ එසේමැයි. යම්සේ මිනිසෙක් රුවන් කරඬුවක් ලැබ එහි විවිධ පුෂ්පයන් බහාලන්නේද, කුඩා රන් මංජුසාවක් (පෙට්ටියක්) ලැබ සත්රුවන් බහාලන්නේ ද එපරිද්දෙන් භාග්‍යවත්හු කුරුරට වැසි පිරිස ලැබ ගැඹුරු වූ දේශනා දෙසූ සේක. එහෙයින්ම මෙහිදී අන්‍ය වූ ගැඹුරු අරුත් ඇති දික්සඟියෙහි මහානිදාන මහාසතිපට්ඨාන මැදුම් සඟියෙහි සාරෝපම, රුක්ඛුපම, රට්ඨපාල, මාගන්දිය, ආනඤ්ජසප්පාය යන අන්‍ය වූ සූත්රයන්ද දෙසූ සේක.
අපිච තස්මිං ජනපදෙ චතස්සො පරිසා පකතියාව සතිපට්ඨානභාවනානුයොගමනුයුත්තා විහරන්ති, අන්තමසො දාසකම්මකරපරිජනාපි සතිපට්ඨානප්පටිසංයුත්තමෙව කථං කථෙන්ති. උදකතිත්ථසුත්තකන්තනට්ඨානාදීසුපි නිරත්ථකකථා නාම න පවත්තති. සචෙ කාචි ඉත්ථී “අම්ම ත්වං කතරං සතිපට්ඨානභාවනං මනසිකරොසී”ති පුච්ඡිතා “න කිඤ්චී”ති වදති. තං ගරහන්ති “ධිරත්ථු තව ජීවිතං, ජීවමානාපි ත්වං මතසදිසා”ති. අථ නං “මා දානි පුන එවමකාසී”ති ඔවදිත්වා අඤ්ඤතරං සතිපට්ඨානං උග්ගණ්හාපෙන්ති. යා පන “අහං අසුකං සතිපට්ඨානං මනසිකරොමී”ති වදති. තස්සා “සාධු සාධූ”ති සාධුකාරං දත්වා “තව ජීවිතං සුජීවිතං, ත්වං නාම මනුස්සත්තං පත්තා, තවත්ථාය සම්මාසම්බුද්ධො උප්පන්නො”තිආදීහි පසංසන්ති. න කෙවලඤ්චෙත්ථ මනුස්සජාතියායෙව සතිපට්ඨානමනසිකාරයුත්තා, තෙ නිස්සාය විහරන්තා තිරච්ඡානගතාපි. තත්රිදං වත්ථු –
තවද එම ජනපදයෙහි සිවුපිරිසම සතිපට්ඨාන භාවනානුයෝගී වූවාහුම වෙසෙති. යටත් පිරිසෙන් දාස කම්කරු පිරිවර ජනයෝ ද සතිපට්ඨාන සම්බන්ධ වූම කථාවන් කරති. පැන්තොට නූල්කටින තැන ආදි තන්හිද නිරර්ථක කථා නො කරති. ඉදින් කිසි ස්ත්‍රියක් මෑණියෙනි, තෙපි කිනම් සතිපට්ඨාන භාවනාවක් මෙනෙහි කෙරෙහි දැයි විචාරණ ලද්දී කිසිවක් නැතැයි කියානම් ඇයට ගරහති. තිගේ ජීවිතයට නින්දා වේවා, ජීවත් වන්නියක වුවද තී මළතැනැත්තියක සමානයයි (පවසා) ඉක්බිති ඇයට යලිදු මෙසේ නොකරවයි අවවාදකොට එක්තරා සතිපට්ඨානයක් උගන්වති. යම් ස්ත්‍රියක් මම අසවල් සතිපට්ඨාන මෙනෙහි කරමි යයි කී කල්හි ඇයට සාධු, සාධු යයි සාධුකාර දී තිගේ ජීවිතය සොඳුරු වූවකි. තී නම් මිනිස් බවට පැමිණියා වෙයි. තී සඳහා බුදුවරයෝ උපදින්නාහු යයි මේ ආදි වචනවලින් ප්‍රශංසා කරති. තව ද මේ ජනපදයෙහි මිනිස් ජාති ඇත්තාහුට සතිපට්ඨාන මනසිකාරයෙහි යෙදුනාහු නොවෙති. ඔවුන් ඇසුරුකොට වාසය කරන්නා වූ තිරිසන් ගතයෝ පවා සතිපට්ඨාන මනසිකාරය මෙනෙහි කරති. තිරිසන් සතුන්ගේ සතිපට්ඨාන මෙනෙහි කිරීම පිළිබඳ මේ වස්තුවකි.
සතිපට්ඨාන මෙනෙහි කළ ගිරා පෝතකයෙක්
එකො කිර නටකො සුවපොතකං ගහෙත්වා සික්ඛාපෙන්තො විචරති. සො භික්ඛුනුපස්සයං උපනිස්සාය වසිත්වා ගමනකාලෙ සුවපොතකං පමුස්සිත්වා ගතො. තං සාමණෙරියො ගහෙත්වා පටිජග්ගිංසු. බුද්ධරක්ඛිතොතිස්ස නාමං අකංසු. තං එකදිවසං පුරතො නිසින්නං දිස්වා මහාථෙරී ආහ – “බුද්ධරක්ඛිතා”ති?
එක්තරා නළු පිරිසක් සුවපෝතකයෙකු ගෙන හික්මවමින් ඒ නළු සමූහය තෙම මෙහෙණි අසපුවක් ඇසුරු කර යනකල සුවපෝතකයා සිහිනොකොට ගියේය. සාමණේරීහු ඒ සුවපෝතකයා ගෙන පෝෂණය කළාහුය. ඔහුට බුද්ධරක්ඛිත යයි නමක්ද තැබුහ. දිනක් ඉදිරියෙහි සිටි සුවපෝතකයා දැක, මහාස්ථවිරී තොමෝ බුද්ධරක්ඛිතයයි (කථා කළාය)
කිං අය්යෙති.
ආර්යාවනි, කිමදැයි (ඇසීය)
අත්ථි කොචි තව මනසිකාරොති?
තාගේ කිසියම් භාවනා මෙනෙහි කිරීමක් ඇත්ද,
නත්ථි අය්යෙති.
ආර්යාවනි නැත,
ආවුසො, පබ්බජිතානං සන්තිකෙ වසන්තෙන නාම විස්සට්ඨඅත්තභාවෙන භවිතුං න වට්ටති, කොචිදෙව මනසිකාරො ඉච්ඡිතබ්බො, ත්වං පන අඤ්ඤං න සක්ඛිස්සසි “අට්ඨි අට්ඨී”ති සජ්ඣායං කරොහීති. සො ථෙරියා ඔවාදෙ ඨත්වා “අට්ඨි අට්ඨී”ති සජ්ඣායන්තො චරති.
ඇවත පැවිද්දන් සමීපයෙහි වසන්නහු විසින් නම් හරණල ද (භාවනාවෙන් තොර) ආත්මභාවයක් ඇත්තෙක් වන්ට නොවටී. කිසියම් මෙනෙහි කිරීමක් කැමතිවිය යුත්තේය. තෙපි වනාහි අනිකක් නොහැකි වන්නෙහි, අට්ඨි, අට්ඨි යයි හැදෑරීම කරව, හෙතෙම තෙරණියගේ අවවාදයෙහි සිට අට්ඨි අට්ඨි යයි හදාරමින් වෙසෙයි.
තං එකදිවසං පාතොව තොරණග්ගෙ නිසීදිත්වා බාලාතපං තපමානං එකො සකුණො නඛපඤ්ජරෙන අග්ගහෙසි. සො “කිරි කිරී”ති සද්දමකාසි. සාමණෙරියො සුත්වා “අය්යෙ බුද්ධරක්ඛිතො සකුණෙන ගහිතො, මොචෙම න”න්ති ලෙඩ්ඩුආදීනි ගහෙත්වා අනුබන්‍ධිත්‍වා මොචෙසුං. තං ආනෙත්වා පුරතො ඨපිතං ථෙරී ආහ –
එක්දිනක් උදෑසනම තොරණෑ අග සිට ළහිරු රැස් තප්නා වූ ඒ සුවපෝතකයා එක් ලිහිණියෙක් නියමැදුරෙන් අල්වා ගති. හෙතෙම කී කී යයි ශබ්ද කළේය. සාමණේරීහු ඔහුගේ ශබ්දය අසා, ආර්යාවෙනි, බුද්ධරක්ඛිත ලිහිණියෙකු විසින් ගන්නා ලද්දේය. ඔහු මුදවන්නෙමු යයි ගල් ආදිය ගෙන ලුහුබැඳ මිදවූවාහුය. ගෙනවුත් ඉදිරියෙහි තබන ලද ඔහුට තෙරණිය මෙසේ කීවාය.
“බුද්ධරක්ඛිත, සකුණෙන ගහිතකාලෙ කිං චින්තෙසී”ති?
බුද්ධරක්ඛිතය ලිහිණියා විසින් ගත්කල්හි කුමක් සිතුවෙහිද?
න අය්යෙ අඤ්ඤං චින්තෙසිං, “අට්ඨිපුඤ්ජොව අට්ඨිපුඤ්ජං ගහෙත්වා ගච්ඡති, කතරස්මිම්පි ඨානෙ විප්පකිරිස්සතී”ති එවං අය්යෙ අට්ඨිපුඤ්ජමෙව චින්තෙසින්ති.
අනිකක් නොසිතීමි. ඇට රැසක්ම ඇට රැසක් ගෙනයයි. කවර තැනෙක්හි නමුත් විසිර යන්නේය. ආර්යාවෙනි, මෙසේ අට්ඨි සංඥාවම සිතුවෙමියි,
සාධු සාධු, බුද්ධරක්ඛිත, අනාගතෙ භවක්ඛයස්ස තෙ පච්චයො භවිස්සතීති. එවං තත්ථ තිරච්ඡානගතාපි සතිපට්ඨානමනසිකාරයුත්තා, තස්මා නෙසං භගවා සතිපට්ඨානබුද්ධිමෙව ජනෙන්තො ඉදං සුත්තං අභාසි.
සාධු, සාධු බුද්ධරක්ඛිතය අනාගතයෙහි භවක්ෂය කිරීම පිණිස තම ප්‍රත්‍යය වන්නේ යයි, මෙසේ ඒ කුරු ජනපදයෙහි තිරිසන් ගණයෝ පවා සතිපට්ඨාන මෙනෙහි කිරීමෙහි යෙදුනාහුය. එහෙයින් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන වෘද්ධියම දන්නා සේක් මෙම සුත්‍රය වදාළහ.
තත්ථ එකායනොති එකමග්ගො. මග්ගස්ස හි –
එහි එකායනො යනු එකම මාර්ගය යන අර්ථයි. මාර්ගයට වනාහි.
“මග්ගො පන්ථො පථො පජ්ජො, අඤ්ජසං වටුමායනං; නාවා උත්තරසෙතූ ච, කුල්ලො ච භිසිසඞ්කමො”ති. (චූළනි· 101) –
මග්ගො, පන්ථො පථො පජ්ජො, අඤ්ජසං වටුමායනං නාවා උත්තර සේතූ ච, කුල්ලො ච භිසි සංකමො
බහූනි නාමානි. ස්වායං ඉධ අයනනාමෙන වුත්තො. තස්මා එකායනො අයං, භික්ඛවෙ, මග්ගොති එත්ථ එකමග්ගො අයං, භික්ඛවෙ, මග්ගො, න ද්වෙධාපථභූතොති එවමත්ථො දට්ඨබ්බො. අථ වා එකෙන අයිතබ්බොති එකායනො. එකෙනාති ගණසඞ්ගණිකං පහාය වූපකට්ඨෙන පවිවිත්තචිත්තෙන. අයිතබ්බොති පටිපජ්ජිතබ්බො.
යයි බොහෝ නාමයෝ වෙති. ඒ මේ මාර්ගය මෙහි ‘අයන’ නාමයෙන් වදාරණ ලදී. එහෙයින්, එකායනො අයං භික්ඛවෙ මග්ගො යන මෙහි, මහණෙනි, මෙම මාර්ගය තෙම එකමාර්ගය වෙයි. මාර්ග දෙකක් වූයේ නොවෙයි. මෙසේ අර්ථ දතයුතුයි. නැතහොත් එකෙන අසිතබ්බො එකක්හු විසින් පිළිපැදිය යුත්තේ එහෙයින් එකායන නම් වේ. ගණයා හා එක්වීම අතහැර (වස්තුකාම, ක්ලේශකාමයන් කෙරෙන් කයින් හා සිතින්) වෙන්වූවහු විසින් ප්රකර්ෂ විවේක ඇත්තහු විසින් අසිතබ්බො පිළිපැදිය යුත්තේ නුයි,
අයන්ති වා එතෙනාති අයනො, සංසාරතො නිබ්බානං ගච්ඡන්තීති අත්ථො. එකස්ස අයනො එකායනො, එකස්සාති සෙට්ඨස්ස. සබ්බසත්තානං සෙට්ඨො ච භගවා, තස්මා භගවතොති වුත්තං හොති. කිඤ්චාපි හි තෙන අඤ්ඤෙපි අයන්ති, එවං සන්තෙපි භගවතොව සො අයනො තෙන උප්පාදිතත්තා. යථාහ “සො හි, බ්‍රාහ්මණ, භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා”තිආදි (ම· නි· 3.79). අයතීති වා අයනො, ගච්ඡති පවත්තතීති අත්ථො. එකස්මිං අයනොති එකායනො, ඉමස්මිංයෙව ධම්මවිනයෙ පවත්තති, න අඤ්ඤත්රාති වුත්තං හොති.
මේ කරණකොටගෙන පිළිපැදිය යුත්තේනුයි අයන නම් වේ. සසරින් නික්ම නිවනට පැමිණෙයි යන අර්ථයි. එකස්ස අයනො එකක්හුගේ අයනය වේනුයි එකායන නම් වේ. එකස්සා ශ්‍රේෂ්ඨ වූවහුගේ භාග්‍යවත්හු සියලු සත්ත්වයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූවාහු වෙති. එහෙයින් භාග්‍යවත්හුගේ යයි කියන ලද වෙයි. යලිදු ඒ මගින් අන්‍යයෝ ද නිවනට යෙති. එසේ ඇතිකල්හි ද ඒ අයනය භාග්‍යවත්හුගේ මැයි භාග්‍යවතුන් වහන්සේ විසින් උපදවන ලද බැවිනි. එහෙයින් වදාළහ. සො හි බ්‍රාහ්මණ, භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙනා යන ආදිය නොහොත් අයතීති අයනො, යේනුයි අයන නම් වේ යයි, පවතී යන අර්ථයි. එකස්මිං අයනො එකෙක්හි වූ අයනය, එකායන නම් වේ. මේ ශාසනයෙහි පවතී. අන්‍ය ශාසනයෙක්හි නැතැයි කියන ලද වෙයි.
යථාහ “ඉමස්මිං ඛො, සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපලබ්භතී”ති (දී· නි· 2.214). දෙසනාභෙදොයෙව හෙසො, අත්ථො පනෙකො. අපිච එකං අයතීති එකායනො. පුබ්බභාගෙ නානාමුඛභාවනානයප්පවත්තොපි අපරභාගෙ එකං නිබ්බානමෙව ගච්ඡතීති වුත්තං හොති. යථාහ බ්රහ්මා සහම්පති –
වදාළේමැයි. ඉමස්මිං ඛො සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨංගිකො මග්ගො උපලබ්භති යයි යම් හෙයකින් මෙය දේශනා භේදයම වේද, එහෙයින් අර්ථය එකක් වෙයි. යලිදු එකං අයති, එකම නිවනට පැමිණෙයි යන කරුණෙන් එකායන නම් වේ. පූර්ව භාගයෙහි නානා මුඛ වශයෙන් භාවනාව පැවැත්තේ නමුදු අපර භාගයෙහි නිවනට ම පැමිණේ යයි කියන ලද්දේ වේ. සහම්පති බ්‍රහ්මතෙම මෙසේ කීහ.
“එකායනං ජාතිඛයන්තදස්සී, මග්ගං පජානාති හිතානුකම්පී; එතෙන මග්ගෙන තරිංසු පුබ්බෙ, තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝ”න්ති. (සං· නි· 5.409);
එකායනං ජාති ඛයන්ත දස්සී මග්ගං පජානාති හිතානුකම්පී එතෙන මග්ගෙන අතංසු පුබ්බෙ තරිස්සන්ති යෙව තරන්ති ඔඝං
(හිතානුකම්පී වූ තථාගතයන් වහන්සේ එකායන නම් වූ යම් මාර්ගයක් දැනගත් සේක් ද, මේ මාර්ගය කරණ කොටගෙන, පූර්වයෙහි වූ යම් ආර්ය කෙනෙක් වූවාහුද, ඔවුහු ඕඝය තරණය කළාහුය. අනාගතයෙහි යම් ආර්ය කෙනෙක් වන්නාහුද ඔවුහුද තරණය කරන්නාහුය. වර්තමානයේ ආර්යයෝ ද ඕඝය තරණය කරත්.)
කෙචි පන “න පාරං දිගුණං යන්තී”ති ගාථානයෙන යස්මා එකවාරං නිබ්බානං ගච්ඡති. තස්මා “එකායනො”ති වදන්ති, තං න යුජ්ජති. ඉමස්ස හි අත්ථස්ස සකිං අයනොති ඉමිනා බ්යඤ්ජනෙන භවිතබ්බං. යදි පන එකං අයනමස්ස එකා ගති පවත්තීති එවමත්ථං යොජෙත්වා වුච්චෙය්ය, බ්යඤ්ජනං යුජ්ජෙය්ය, අත්ථො පන උභයථාපි න යුජ්ජති. කස්මා? ඉධ පුබ්බභාගමග්ගස්ස අධිප්පෙතත්තා. කායාදිචතුආරම්මණප්පවත්තො හි පුබ්බභාගසතිපට්ඨානමග්ගො ඉධ අධිප්පෙතො, න ලොකුත්තරො. සො ච අනෙකවාරම්පි අයති, අනෙකඤ්චස්ස අයනං හොති.
කිසි ආචාර්ය කෙනෙක් න පාරං දිගුණං යන්ති යන ගාථා නයින් යම්හෙයකින් එක්වරක් නිවනට පැමිණේ ද, එහෙයින් එකායන යයි කියති. එය සුදුසු නොවේ. මේ අර්ථයට සකිං අයනො යන මේ ව්‍යඤ්ජනයෙන් විය යුතුය. එක් අයනයක් ඇත්තේ ඉදින් එක් අයනයක් ඇත්තේ, ඒකගතිය, පැවැත්වූ මොහුට යයි මෙසේ අරුත් යොදා ඉදින් කියනු ලබන්නේ නම් (එකායනො යන) පදය යෙදෙන්නේය. එතකුදු වුවත් අර්ථය දෙපරිද්දෙන්ම නො යෙදෙයි. කුමක් හෙයින්ද යත් මේ සතිපට්ඨාන සූත්‍රයෙහි පූර්වභාග මාර්ගය තමා අදහස්කළ බැවිනි. එය එසේමය. කායාදී සිව් අරමුණෙහි පැවැති පූර්වභාග සතිපට්ඨාන මාර්ගය මෙහි අදහස් කරන ලද්දේය. ලෝකෝත්තර සතිපට්ඨාන මාර්ගය අදහස් නොකරන ලදී. භේද නොයෙක් වරම පැමිණෙයි. නොයෙක් අයනද වෙති. (පූර්වභාග)
එකායන මාර්ගය පිළිබඳ සාකච්ඡා
පුබ්බෙපි ච ඉමස්මිං පදෙ මහාථෙරානං සාකච්ඡා අහොසියෙව. තිපිටකචූළනාගත්ථෙරො “පුබ්බභාගසතිපට්ඨානමග්ගො”ති ආහ. ආචරියො පනස්ස තිපිටකචූළසුමත්ථෙරො “මිස්සකමග්ගො”ති ආහ. පුබ්බභාගො භන්තෙති. මිස්සකො ආවුසොති. ආචරියෙ පුනප්පුනං භණන්තෙ අප්පටිබාහිත්වා තුණ්හී අහොසි. පඤ්හං අවිනිච්ඡිනිත්වාව උට්ඨහිංසු.
පූර්වයෙහි ද මේ පදය පිළිබඳව මහතෙරවරුන්ගේ ධර්ම සාකච්ඡා පහළ වූයේ ම ය. ත්‍රිපිටක චුල්ලනාග තෙරණුවෝ පූර්වභාග සතිපට්ඨාන මාර්ගය යයි කීහ. උන්වහන්සේගේ ආචාර්ය වූ චුල්ල සුමච තෙරණුවෝ මිශ්‍රක මාර්ගය යයි කීහ. ස්වාමීනි, පූර්වභාගයයි. ඇවැත්නි, මිශ්‍රක මාර්ගයයි. ආචාර්යයන් නැවත නැවත කියන කල්හි, ප්‍රතිභාහනය නොකොට ශිෂ්‍ය වූ චුල්ලනාග තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. ප්රශ්නය විනිශ්චය නොකොටම නැගිට ගියහ.
අථාචරියත්ථෙරො න්හානකොට්ඨකං ගච්ඡන්තො “මයා මිස්සකමග්ගො කථිතො, චූළනාගො පුබ්බභාගොති ආදාය වොහරති, කො නු ඛො එත්ථ නිච්ඡයො”ති සුත්තන්තං ආදිතො පට්ඨාය පරිවත්තෙන්තො “යො හි කොචි, භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්ය සත්ත වස්සානී”ති ඉමස්මිං ඨානෙ සල්ලක්ඛෙසි, ලොකුත්තරමග්ගො උප්පජ්ජිත්වා සත්ත වස්සානි තිට්ඨමානො නාම නත්ථි, මයා වුත්තො මිස්සකමග්ගො න ලබ්භති, චූළනාගෙන දිට්ඨො පුබ්බභාගමග්ගොව ලබ්භතීති ඤත්වා අට්ඨමියං ධම්මස්සවනෙ සඞ්ඝුට්ඨෙ අගමාසි.
ආචාර්ය තෙරණුවෝ නහන කොටුවට යන්නාහු මවිසින් මිශ්‍ර මාර්ගයයි කියන ලදී. චුල්ලනාගයෝ පුර්වභාග මාර්ගයයි ගෙන ව්‍යවහාර කෙරෙති. මෙහි විනිශ්චය කවරදෝහෝයි සූත්‍රාන්තය මුලපටන් අර්ථ පරිවර්ථනය කරමින්, යොහි කොචි භික්ඛවෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භවෙය්ය සත්ත වස්සානි, යන මේ ස්ථානයෙහි අර්ථ සැලකූහ. ලෝකෝත්තර මාර්ගය ඉපිද සත්වසක් සිටින්නෙක් නම් නැති මා විසින් කියන ලද මිශ්‍රක මාර්ගය නොලැබෙයි. චුල්ලනාගයන් දක්නා ලද පුර්වභාග මාර්ගයම ලැබේයයි දැන, අටවක පොහෝ දිනය වූයෙන් ධර්මශ්රවණයට ඝෝෂා කළ කල්හි ගියහ.
පොරාණකත්ථෙරා කිර පියධම්මස්සවනා හොන්ති. සද්දං සුත්වාව “අහං පඨමං, අහං පඨම”න්ති එකප්පහාරෙනෙව ඔසරන්ති. තස්මිඤ්ච දිවසෙ චූළනාගත්ථෙරස්ස වාරො. තෙන ධම්මාසනෙ නිසීදිත්වා වීජනිං ගහෙත්වා පුබ්බගාථාසු වුත්තාසු ථෙරස්ස ආසනපිට්ඨියං ඨිතස්ස එතදහොසි “රහො නිසීදිත්වා න වක්ඛාමී”ති. පොරාණකත්ථෙරා හි අනුසූයකා හොන්ති, න අත්තනො රුචිමෙව උච්ඡුභාරං විය එවං උක්ඛිපිත්වා විචරන්ති, කාරණමෙව ගණ්හන්ති, අකාරණං විස්සජ්ජෙන්ති. තස්මා ථෙරො “ආවුසො චූළනාගා”ති ආහ. සො ආචරියස්ස විය සද්දොති ධම්මං ඨපෙත්වා “කිං භන්තෙ”ති ආහ.
පුරාණ කාලයෙහි තෙරවරු ධර්මශ්රවණයට ප්‍රිය කරන්නාහු වෙති. කාල ඝෝෂ ශබ්දය අසා මම පළමුකොටම යෙමි. මම පළමුකොටම යෙමියි එක් පහරින්ම රැස්වෙත්. එදවස චුල්ලනාග තෙරුන්ගේ දේශනා වාරය විය. එහෙයින් ධර්මාසනයෙහි හිඳ විජිනිපත ගෙන පූර්ව ගාථාව වදාළ කල්හි අසුන් පිටුපස සිටියා වූ තෙරුන්ට රහසිගතව හිඳ කියන්නෙමියි, මෙබඳු සිතක් නොවීය. යම්හෙයකින් පුරාණ තෙරුන් වහන්සේලා දොස් පහළ නොකරන්නාහු වෙත් ද, තමාගේ රුචියම ඉක්ෂුභාරයක් මෙන් ඔසවාගෙන නොහැසිරෙත්ද කාරණය ගනිත් ද, අකාරණය හරිත් ද, එහෙයින් චුල්ල සුම්ම තෙරුන් වහන්සේ ඇවැත්නි, චුල්ලනාග යයි කීහ. හෙතෙම ආචාර්යයන්ගේ ශබ්දය මෙනැයි ධර්මදේශනාව තබා කිම වහන්ස යයි කීය.
ආවුසො චූළනාග මයා වුත්තො මිස්සකමග්ගො න ලබ්භති, තයා වුත්තො පුබ්බභාගසතිපට්ඨානමග්ගොව ලබ්භතීති.
ඇවැත්නි චුල්ලනාගය, මා කියන ලද මිශ්‍ර මාර්ගය, තෙම නො ලැබෙයි. තොප කී පූර්වභාග සතිපට්ඨාන මාර්ගයම ලැබේයයි කීහ.
ථෙරො චින්තෙසි “අම්හාකං ආචරියො සබ්බපරියත්තිකො තෙපිටකො සුතබුද්ධො, එවරූපස්සපි නාම භික්ඛුනො අයං පඤ්හො ආලුළෙති, අනාගතෙ මම භාතිකා ඉමං පඤ්හං ආලුළෙස්සන්තීති සුත්තං ගහෙත්වා ඉමං පඤ්හං නිච්චලං කරිස්සාමී”ති පටිසම්භිදාමග්ගතො “එකායනමග්ගො වුච්චති පුබ්බභාගසතිපට්ඨානමග්ගො –
චුල්ලනාග තෙරුන්නාන්සේ මෙසේ සිතූහ. අපගේ ආචාර්යවරයෝ සර්වපර්යාප්තිධර වූහ. තෙපිටකය බහුශ්‍රැතය, මෙබඳු වූ භික්ෂුවක් හටද මෙම ප්රශ්නය ප්‍රශ්නයක් විය. අනාගතයෙහි ඇතිවන්නා වූ මගේ සහෝදර පිරිස් මේ ප්‍රශ්නයෙහි ව්‍යාකූල වන්නාහුය. සූත්‍රයක් ගෙන මෙම ප්රශ්නය, නිශ්චල කරන්නෙමියි පටිසම්භිදා මාර්ගයෙන් නිදර්ශනයක් ගෙනහැර දක්වා පූර්වභාග සතිපට්ඨාන මාර්ගය එකායන මාර්ගය යයි කියනු ලැබේ.
“මග්ගානට්ඨඞ්ගිකො සෙට්ඨො, සච්චානං චතුරො පදා; විරාගො සෙට්ඨො ධම්මානං, ද්විපදානඤ්ච චක්ඛුමා.
මග්ගානට්ඨංගිකො සෙට්ඨො, සච්චානං චතුරොපදා විරාගො සෙට්ඨො ධම්මානං, දිපදානඤ්ච චක්ඛුමා
එසෙව මග්ගො නත්ථඤ්ඤො, දස්සනස්ස විසුද්ධියා; එතඤ්හි තුම්හෙ පටිපජ්ජථ, මාරසෙනප්පමද්දනං; එතඤ්හි තුම්හෙ පටිපන්නා, දුක්ඛස්සන්තං කරිස්සථා”ති. (ධ· ප· 273-275) –
එසොව මග්ගො නත්ථඤ්ඤො - දස්සනස්ස විසුද්ධියා එතංහි තුම්හෙ පටිපජ්ජථ, මාරස්සෙතං පමොහනං එතම්හි තුම්හෙ පටිපන්නා දුකඛස්සන්තං කරිස්සථ
(සියලු මාර්ගයන් අතුරෙන්, සම්මාදිටඨි ආදි අංග අටකින් යුත් අරිඅටඟ මඟ උතුම් වෙයි. සියලු සත්‍යයන් අතුරෙන් දුක්ඛං අරියසච්චං යනාදි ක්‍රමයෙන් දැක්වූ සතර පදයෙන් උතුම් වෙති. සියලු ධර්මයන් අතුරෙන් නිර්වාණ නම් වූ විරාග ධර්මය උතුම් වෙයි. දෙපා ඇත්තවුන් අතුරෙන් පසැස් ඇති තථාගතයන් වහන්සේ උතුම් වෙයි. දර්ශන විසුද්ධිය පිණිස මේ උතුම් මගයයි දැක්වූ අටමගම වෙයි. අන්මගක් නොමැත්තේත්ය. තෙපි මේ මග පිළිපදිවු මේ අටමග මාරයා මුලා කරන්නේය, තෙපි මේ මගට පිළිපදින්නාහු සියලු සසර දුක, කෙළවර කරන්නාහුය.)
සුත්තං ආහරිත්වා ඨපෙසි.
මෙසේ සූත්‍රයක් ගෙනහැර තැබුවේය.
මග්ගොති කෙනට්ඨෙන මග්ගො? නිබ්බානගමනට්ඨෙන නිබ්බානත්ථිකෙහි මග්ගනියට්ඨෙන ච. සත්තානං විසුද්ධියාති රාගාදීහි මලෙහි අභිජ්ඣාවිසමලොභාදීහි ච උපක්කිලෙසෙහි කිලිට්ඨචිත්තානං සත්තානං විසුද්ධත්ථාය.
මග්ගො යනු කුමන අර්ථයෙන් මග්ග නම් වීද? නිවනට පැමිණෙන අර්ථයෙන්, නිවන් කැමතියන් විසින් සෙවිය යුතු අර්ථයෙන් මග්ග නම් වේ. සත්තානං විසුද්ධියා යනු රාගාදි මලයන්ගෙන් ද, අභිජ්ඣා විසම ලෝභාදි වූ උපක්ලේශයන්ගෙන් ද, කිලිටි වූ සිත් ඇති සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස,
තථා හි ඉමිනාව මග්ගෙන ඉතො සතසහස්සකප්පාධිකානං චතුන්නං අසඞ්ඛ්යෙය්යානං උපරි එකස්මිඤ්ඤෙව කප්පෙ නිබ්බත්තෙ තණ්හඞ්කරමෙධඞ්කරසරණඞ්කරදීපඞ්කරනාමකෙ බුද්ධෙ ආදිං කත්වා සක්යමුනිපරියොසානා අනෙකෙ සම්මාසම්බුද්ධා අනෙකසතා පච්චෙකබුද්ධා ගණනපථං වීතිවත්තා අරියසාවකා චාති ඉමෙ සත්තා සබ්බෙ චිත්තමලං පවාහෙත්වා පරමවිසුද්ධිං පත්තා. රූපමලවසෙන පන සංකිලෙසවොදානපඤ්ඤත්තියෙව නත්ථි. තථා හි –
එය එසේමැයි. මෙම අරිඅටඟි මගින්ම මෙයින් කල්ප ලක්ෂයක් අධික කොට ඇති සාරාසංඛ්යයයක්හුගේ මතුයෙහි එකම කල්පයක පහළ වූ, තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර නම් වූ බුදුවරුන් ආදිකොට ශාක්‍ය මුනීන්ද්රයන් අවසන්කොට ඇති නොයෙක් බුදුවරයෝ ද, නොයෙක් සියගණන් පසේබුදුවරයෝ ද, ගණන්මග ඉක්ම සිටි ආර්ය ශ්‍රාවකයෝ ද යන මේ සත්ත්වයෝ සියලු චිත්ත මලයන් සෝධාහැර පරම විසුද්ධියට පැමිණියාහුය. රූප මලයාගේ වශයෙන් අපිරිසිදු බව පිරිසිදු බව යන දෙදෙනාගේ පැමිණවීමක්ම නැත්තේය. එසේ එසේමැයි :
රූපෙන සංකිලිට්ඨෙන, සංකිලිස්සන්ති මාණවා; රූපෙ සුද්ධෙ විසුජ්ඣන්ති, අනක්ඛාතං මහෙසිනා.
රූපෙන සංකිලිට්ඨෙන සංකිලිස්සන්ති මානවා රූපෙ සුද්ධෙ විසුජ්ඣන්ති, අනක්ඛාතං මහෙසිනා
චිත්තෙන සංකිලිට්ඨෙන, සංකිලිස්සන්ති මාණවා; චිත්තෙ සුද්ධෙ විසුජ්ඣන්ති, ඉති වුත්තං මහෙසිනා.
චිත්තෙන සංකිලිට්ඨෙන සංකිලිස්සන්ති මානවා චිත්තෙ සුද්ධෙ විසුජ්ඣන්ති, ඉතිවුත්තං මහෙසිනා
(රජස් ආදින් නිසා කිලිටි වූ රූපය හේතුකොටගෙන සත්ත්වයෝ කිලිටු වෙති. රූපය ශුද්ධ වූ කල්හි, විසුද්ධියට පැමිණෙත් යයි. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ නොකරන ලදී. කිලිටි වූ සිත හේතුකොටගෙන සත්ත්වයෝ කිලිටි වෙති. සිත පිරිසිදු වූ කල්හි පිරිසිදු වෙති යයි තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලදී.)
යථාහ “චිත්තසංකිලෙසා, භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති, චිත්තවොදානා විසුජ්ඣන්තී”ති (සං· නි· 3.100). තඤ්ච චිත්තවොදානං ඉමිනා සතිපට්ඨානමග්ගෙන හොති. තෙනාහ “සත්තානං විසුද්ධියා”ති.
වදාළේ මැයි, චිත්ත සංකිලෙසා භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති, චිත්තවොදානා විසුජ්ඣන්ති යනුවෙන් චිත්තයාගේ පිරිසිදු බව ද, මෙම සතිපට්ඨාන මාර්ගයෙන්ම වෙයි. එහෙයින් වදාළහ. සත්තානං විසුද්ධියා යනුවෙන්,
සොකපරිදෙවානං සමතික්කමායාති සොකස්ස ච පරිදෙවස්ස ච සමතික්කමාය, පහානායාති අත්ථො. අයඤ්හි මග්ගො භාවිතො සන්තතිමහාමත්තාදීනං විය සොකසමතික්කමාය, පටාචාරාදීනං විය ච පරිදෙවසමතික්කමාය ච සංවත්තති. තෙනාහ “සොකපරිදෙවානං සමතික්කමායා”ති. කිඤ්චාපි හි සන්තතිමහාමත්තො –
සොක පරිද්දවානං සමතික්කමාය යනු ශෝකයාගේ ද පරිදේවයාගේ ද ඉක්මවීම පිණිස ප්රහාණය පිණිස යන අර්ථය. ඒ එසේමැයි, මෙම සතර සතිපට්ඨාන නම් වූ මාර්ගයතෙම වඩන ලද්දේ සන්තති මහාමාත්‍යාදීන්ට මෙන් ශෝකයාගේ ඉක්මවීම පිණිස ද, පටාචාරාවගේ මෙන් පරිදේවයාගේ ඉක්මවීම පිණිස ද පවතී. එබැවින් වදාළහ. සොකපරිද්දවානං සමතික්කමාය යනුවෙන්, තව ද මෙහි කිවයුතු විශේෂතාවයක් ඇත. සන්තති මහාමාත්‍ය තෙමේ,
“යං පුබ්බෙ තං විසොධෙහි, පච්ඡා තෙ මාහු කිඤ්චනං; මජ්ඣෙ චෙ නො ගහෙස්සසි, උපසන්තො චරිස්සසී”ති. (සු· නි· 955);
යං පුබ්බෙ තං විසොධති, පච්ඡා තෙ මාහු කිඤ්චනං මජ්ඣෙ චෙ නො ගහෙස්සසි, උපසන්තො චරියස්සසි
(ඔබට පූර්ව ජන්මයෙහි අතීත සංඛාර නිසා යම් කෙලෙස් ධර්මයක් වීද, එය නොපැවැත්ම කිරීමෙන් පිරිසිදු කරව, අනාගත භවයෙහි අනාගත සංඛාර නිසා උපදනා වූ රාගාදි කිසි ධර්මයක් නොම වේවා, වර්තමාන භවයෙහි ඉදින් පටිච්ච සමුප්පන්න වූ රූපාදි ධර්මයන් නොගන්නෙහි නම් කෙලෙස් සංසිඳුනේ හැසිරෙන්නේ වෙහිය.)
ඉමං ගාථං සුත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පත්තො.
මේ ගාථා ධර්මය අසා සිව්පිළිසිඹියා සමග රහත් බවට පැමිණියේය.
පටාචාරා –
පටාචාරා තොමෝ :-
“න සන්ති පුත්තා තාණාය, න පිතා නාපි බන්ධවා; අන්තකෙනාධිපන්නස්ස, නත්ථි ඤාතීසු තාණතා”ති. (ධ· ප· 288);
න සන්ති පුත්තා තාණාය න පිතා නපි ඛන්ධ වා අන්තකෙනාධිපන්නස්ස නත්ථි ඤාතීසු තාණතා
(මරහු විසින් මඩනා ලද සත්ත්වයා හට පිහිට පිණිස පුත්‍රයෝ නොවන්නාහුය. පියතුමාද සෙසු ඤාති මිත්‍රයෝ ද නොවෙත් නෑයන් කෙරෙහි පිහිට වියයුතු බවත් නැත්තේය.)
ඉමං ගාථං සුත්වා සොතාපත්තිඵලෙ පතිට්ඨිතා. යස්මා පන කායවෙදනාචිත්තධම්මෙසු කඤ්චි ධම්මං අනාමසිත්වා භාවනා නාම නත්ථි, තස්මා තෙපි ඉමිනාව මග්ගෙන සොකපරිදෙවෙ සමතික්කන්තාති වෙදිතබ්බා.
(පටාචාරාවෝ) මේ ගාථා ධර්මය අසා සෝවාන් වූවාය. යම් හෙයකින් වනාහි කාය - වෙදනා - චිත්ත - ධම්ම, අතුරෙන් කිසි ධර්මයක් ආමර්ෂණය නොකොට කරන භාවනාවක් නැත්තේය. එබැවින් ඕතොමෝ ද මේ මගින්ම සෝක පරිදේවයන් ඉක්ම වූ බව දතයුත්තිය.
දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමායාති කායිකදුක්ඛස්ස ච චෙතසිකදොමනස්සස්ස චාති ඉමෙසං ද්වින්නං අත්ථඞ්ගමාය, නිරොධායාති අත්ථො. අයඤ්හි මග්ගො භාවිතො තිස්සත්ථෙරාදීනං විය දුක්ඛස්ස, සක්කාදීනං විය ච දොමනස්සස්ස අත්ථඞ්ගමාය සංවත්තති. තත්රායං අත්ථදීපනා –
දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය, යනුවෙන් කායික දුක්ඛයාගේ ද චෛතසික දොමනස්සයන්ගේ ද යන මොවුන් දෙදෙනාගේ දුරුකිරීම පිණිස නිරුද්ධ කිරීම පිණිස යන අර්ථයි. ඒ එසේමැයි, මේ මාර්ගය තෙමේ භාවනා වශයෙන් වඩන ලද්දේ තිස්ස ස්ථවිර ආදින්ට මෙන් කයෙහි උපදනා දුක ද, ශක්‍රාදීන්ට මෙන් සිතෙහි උපදනා දොම්නස ද අතුරුදහන් කිරීම පිණිස පවතී. මේ එහි අරුත් දැක්වීම වෙයි -
තිස්ස තෙරුන් වහන්සේ
සාවත්ථියං කිර තිස්සො නාම කුටුම්බිකපුත්තො චත්තාලීස හිරඤ්ඤකොටියො පහාය පබ්බජිත්වා අගාමකෙ අරඤ්ඤෙ විහරති. තස්ස කනිට්ඨභාතුභරියා “ගච්ඡථ නං ජීවිතා වොරොපෙථා”ති පඤ්චසතෙ චොරෙ පෙසෙසි. තෙ ගන්ත්වා ථෙරං පරිවාරෙත්වා නිසීදිංසු. ථෙරො ආහ “කස්මා ආගතත්ථ උපාසකා”ති? තං ජීවිතා වොරොපෙස්සාමාති. පාටිභොගං මෙ උපාසකා ගහෙත්වා අජ්ජෙකරත්තිං ජීවිතං දෙථාති. කො තෙ, සමණ, ඉමස්මිං ඨානෙ පාටිභොගො භවිස්සතීති? ථෙරො මහන්තං පාසාණං ගහෙත්වා ද්වෙ ඌරුට්ඨීනි භින්දිත්වා “වට්ටති උපාසකා පාටිභොගො”ති ආහ. තෙ අපක්කමිත්වා චඞ්කමනසීසෙ අග්ගිං කත්වා නිපජ්ජිංසු. ථෙරස්ස වෙදනං වික්ඛම්භෙත්වා සීලං පච්චවෙක්ඛතො පරිසුද්ධං සීලං නිස්සාය පීතිපාමොජ්ජං උප්පජ්ජි. තතො අනුක්කමෙන විපස්සනං වඩ්ඪෙන්තො තියාමරත්තිං සමණධම්මං කත්වා අරුණුග්ගමනෙ අරහත්තං පත්තො ඉමං උදානං උදානෙසි –
සැවැත් නුවර තිස්ස නම් කෙළෙඹි පුත්‍රයෙක් සතලිස් කෙලක් ධනය හැරදමා මිනිසුන්ගේ හැසිරීම් රහිත වනයෙහි වෙසෙයි. ඔහුගේ බාල සොහොයුරාගේ බිරිඳ යව් ඔහු ජීවිතයෙන් තොර කරවු යයි පන්සියයක් සොරුන් යැවීය. ඒ සොරුහු ගොස් තෙරුන් වහන්සේ පිරිවරා සිටියාහුය. තෙරුන්වහන්සේ, උපාසකවරුනි කුමක් හෙයින් ආවාහුදැයි ඇසීය. තොප ජීවිතයෙන් තොර කරන්නෙමු යයි කියා ආම්හ යි, ඇපයක් ගෙන අද එකරැයක් මට ජීවිතය දෙවු. මහණ තොපට මෙහි කවරෙක් ඇප වන්නේද තෙරුන් වහන්සේ මහත් වූ ගලක් ගෙන දෙකලව ඇට බිඳ උපාසකවරුනි, ඇපය වටීදැයි කීහ. ඔවුහු එතැනින් නික්ම සක්මන් කෙළවර ගිනි දල්වා වැදහොත්තාහුය. වේදනාව විෂ්කම්භනය කොට ශීලය ප්රත්යවේක්ෂා කරන්නා වූ තෙරුන් වහන්සේගේ පිරිසිදු වූ ශීලය නිසා ප්‍රීතිය හා ප්‍රමෝදය උපන. ඉක්බිති අනුක්රමයෙන් විදර්ශනා වඩන්නේ තුන්යම් රෑ මහණදම්කොට අරුණ නගින කල්හි රහත් බවට පැමිණියේ මෙම උදානය ප්‍රකාශ කළේය.
“උභො පාදානි භින්දිත්වා, සඤ්ඤපෙස්සාමි වො අහං; අට්ටියාමි හරායාමි, සරාගමරණං අහං.
උභොපාදානි භින්දිත්වා සඤ්ඤමිස්සාමි වො අහං, අට්ටීයාමි හරායාමී, සරාග මරණං අහං
එවාහං චින්තයිත්වාන, යථාභූතං විපස්සිසං; සම්පත්තෙ අරුණුග්ගම්හි, අරහත්තමපාපුණි”න්ති.
එවාහං චින්තයිත්වාන, යථාභූතං විපස්සිසං සම්පත්තෙ අරුණුග්ගම්හි අරහත්තං අපාපුණිං යයි
(මම දෙපය බිඳ එක්රැයක් මා හරණට පොරොන්දු වීමි. මම රාග සහිත මරණය පිළිකුල් කරමි. මම මෙසේ සිතා අවිපරීතව අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කෙළෙමි. අරුණග්ගමනය පැමිණි කල්හි රහත් බවට පැමිණියෙමි.)
භික්ෂූහු තිස්නමක්
අපරෙපි තිංස භික්ඛූ භගවතො සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤවිහාරෙ වස්සං උපගන්ත්වා “ආවුසො, තියාමරත්තිං සමණධම්මොව කාතබ්බො, න අඤ්ඤමඤ්ඤස්ස සන්තිකං ආගන්තබ්බ”න්ති වත්වා විහරිංසු. තෙසං සමණධම්මං කත්වා පච්චූසසමයෙ පචලායන්තානං එකො බ්‍යග්ඝො ආගන්ත්වා එකෙකං භික්ඛුං ගහෙත්වා ගච්ඡති. න කොචි “මං බ්‍යග්ඝො ගණ්හී”ති වාචම්පි නිච්ඡාරෙසි. එවං පඤ්චසු දසසු භික්ඛූසු ඛාදිතෙසු උපොසථදිවසෙ “ඉතරෙ, ආවුසො, කුහි”න්ති පුච්ඡිත්වා ඤත්වා ච “ඉදානි ගහිතෙන, ගහිතොම්හීති වත්තබ්බ”න්ති වත්වා විහරිංසු.
අන්‍ය වූ ද භික්ෂූහු තිස්නමක් භාග්‍යවතුන් සමීපයෙහි කමටහන් ගෙන ආරණ්‍ය සෙනසුනක වස් එළම ඇවැත්නි, තුන්යම් රැයෙහි මහණදම් කළ යුතුය. එකිනෙකා සමීපයට නොපැමිණිය යුතුයයි කියා (කතිකාකොට) වාසය කළාහුය. එක් ව්‍යාඝ්‍රයෙක් අවුත් මහණදම්කොට අලුයම් කාලයෙහි නින්දට බැසගන්නා වූ ඔවුන් අතුරෙන් එක එක භික්ෂුව ගෙන යයි. කිසිවෙක් මා ව්‍යාඝ්‍රයෙක් ගත්තේ යයි ශබ්දකුදු නොනික්ම විය. මෙසේ භික්ෂූන් පසළොස් දෙනෙකු කෑ කල්හි පොහෝ දිනයෙහි ඇවැත්නි, සෙස්සෝ කොහිදැයි විචාරා පසුව ව්‍යාඝ්‍රයා ගත්කල්හි ව්‍යාඝ්‍රයා විසින් ගන්නා ලද්දෙමි යයි කිවයුතුයයි කියා වාසය කළාහුය.
අථ අඤ්ඤතරං දහරභික්ඛුං පුරිමනයෙනෙව බ්‍යග්ඝො ගණ්හි. සො “බ්‍යග්ඝො, භන්තෙ”ති ආහ. භික්ඛූ කත්තරදණ්ඩෙ ච උක්කායො ච ගහෙත්වා මොචෙස්සාමාති අනුබන්ධිංසු. බ්‍යග්ඝො භික්ඛූනං අගතිං ඡින්නතටට්ඨානං ආරුය්හ තං භික්ඛුං පාදඞ්ගුට්ඨකතො පට්ඨාය ඛාදිතුං ආරභි. ඉතරෙපි “ඉදානි, සප්පුරිස, අම්හෙහි කත්තබ්බං නත්ථි, භික්ඛූනං විසෙසො නාම එවරූපෙ ඨානෙ පඤ්ඤායතී”ති ආහංසු. සො බ්යග්ඝමුඛෙ නිපන්නොව තං වෙදනං වික්ඛම්භෙත්වා විපස්සනං වඩ්ඪෙන්තො යාව ගොප්ඵකා ඛාදිතසමයෙ සොතාපන්නො හුත්වා, යාව ජණ්ණුකා ඛාදිතසමයෙ සකදාගාමී, යාව නාභියා ඛාදිතසමයෙ අනාගාමී හුත්වා, හදයරූපෙ අඛාදිතෙයෙව සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා ඉමං උදානං උදානෙසි –
ඉක්බිති, එක්තරා තරුණ භික්ෂුවක් ව්යාඝ්ර තෙම පළමු කී පරිද්දෙන්ම ගත්තේය. ඒ භික්ෂු තෙම ව්යාඝ්ර තෙමේ යයි කීය. භික්ෂූහු සරයටියද ගිණිහුල් ද ගෙන මුදන්නෙමුයි ලුහුබන්දාහුය. ව්‍යාඝ්‍රයා භික්ෂූන්ට යා නොහැකි මාර්ග ඇති, බුන් ඉවුරු ඇති තැනකට නැගී ඒ භික්ෂුව පා ඇඟිල්ලේ සිට කෑමට පටන් ගත්තේය. සෙසු භික්ෂූහු ද මෙවිට අප විසින් කළයුත්තක් නොමැති භික්ෂූන්ගේ විශේෂය මෙවන් අවස්ථාවේදී දක්නට ලැබේ යයි කීවාහුය. එම භික්ෂුව ව්යාඝ්ර මුඛයෙහි හුන්නේම එම වේදනාව යටපත්කොට විදර්ශනාව වඩන්නේ ගොප්මස දක්වා කෑකල්හි සෝවාන්ව, දණ දක්වා කෑ කල්හි සකෘදාගාමීව, නැබ දක්වා කෑකල්හි අනාගාමිව හෘදය රූපය නොකෑ කල්හිම සිව්පිළිසිඹියා සහිත රහත් බවට පැමිණ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළේය.
“සීලවා වතසම්පන්නො, පඤ්ඤවා සුසමාහිතො; මුහුත්තං පමාදමන්වාය, බ්යග්ඝෙනොරුද්ධමානසො.
සීලවා වත සම්පන්නො, පඤ්ඤවා සුසමාහිතො මුහුත්තං පමාදමන්ථාය ව්යග්ඝෙ නොරුද්ධ මානසො
පඤ්ජරස්මිං ගහෙත්වාන, සිලාය උපරීකතො; කාමං ඛාදතු මං බ්‍යග්ඝො, භක්ඛො කායො අමිත්තානං; පටිලද්ධෙ කම්මට්ඨානෙ, මරණං හෙහිති භද්දක”න්ති.
පඤ්ජරස්මිං ගහෙත්වාන සීලාය උපනීතකො කාමං ඛාදතු මං ව්යාග්ඝො භක්ඛො කායො අචෙතනො පටිලද්ධෙ කම්මඨානම්හි මරණංහෙහිති භද්දකං
(සිල්වත් වූ ව්‍රතයෙන් සම්පූර්ණ වූ කම්මස්සකතා ඤාණයෙන් පැනවත් වූ සමාධියෙහි පිහිටුවන ලද සිත් ඇති, මොහොතක් පමණ කල් ප්‍රමාදයට පැමිණ සිටියා වූ මම ව්‍යාඝ්‍රයෙකු විසින් මඩනා ලද සිත් ඇත්තෙම් නියපඳුරෙහි ලාගෙන පර්වතයට පමුණුවනු ලද්දෙම් වෙමි. ව්‍යාඝ්‍රතෙම මා කැමති පරිදි කනු ලැබේවා. සිත් නැති මේ කය අනුන් විසින් කෑ යුත්තේය. ලැබූ කමටහන් ඇතිකල්හි මරණය සොඳුරු වන්නේය.)
පීතිමල්ල තෙරුන් වහන්සේ :-
අපරොපි පීතමල්ලත්ථෙරො නාම ගිහිකාලෙ තීසු රජ්ජෙසු පටාකං ගහෙත්වා තම්බපණ්ණිදීපං ආගම්ම රාජානං දිස්වා රඤ්ඤා කතානුග්ගහො එකදිවසං කිලඤ්ජකාපණසාලද්වාරෙන ගච්ඡන්තො “රූපං, භික්ඛවෙ, න තුම්හාකං, තං පජහථ, තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සතී”ති (සං· නි· 3.33-34) නතුම්හාකවග්ගං සුත්වා චින්තෙසි “නෙව කිර රූපං අත්තනො, න වෙදනා”ති. සො තංයෙව අඞ්කුසං කත්වා නික්ඛමිත්වා මහාවිහාරං ගන්ත්වා පබ්බජ්ජං යාචිත්වා පබ්බජිතො උපසම්පන්නො ද්වෙමාතිකා පගුණං කත්වා තිංස භික්ඛූ ගහෙත්වා ගබලවාලියඅඞ්ගණං ගන්ත්වා සමණධම්මමකාසි. පාදෙසු අවහන්තෙසු ජණ්ණුකෙහි චඞ්කමති. තමෙනං රත්තිං එකො මිගලුද්දකො මිගොති මඤ්ඤමානො සත්තියා පහරි. සත්ති විනිවිජ්ඣිත්වා ගතා. සො තං සත්තිං හරාපෙත්වා පහාරමුඛානි තිණවට්ටියා පූරාපෙත්වා පාසාණපිට්ඨියං අත්තානං නිසීදාපෙත්වා ඔකාසං කාරෙත්වා විපස්සනං වඩ්ඪෙත්වා සහ පටිසම්භිදාහි අරහත්තං පත්වා උක්කාසිතසද්දෙන ආගතානං භික්ඛූනං බ්යාකරිත්වා ඉමං උදානං උදානෙසි –
අන්‍ය වූ පීතිමල්ල නම් වූ තෙරකෙනෙක්, ගිහිකල තුන්රජයෙක්හි (පටාකං ගහෙත්වා) කොඩි ගෙන තම්බපණ්ණි නම් දිවයිනට පැමිණ, රජු දැක, රජු විසින් කරන ලද අනුග්‍රහ ඇත්තේ, එක්දිනක්, කිලඤ්ජක නම් ආසනශාලා ද්වාරයෙන් යන්නේ, රූපං භික්ඛවෙ න තුම්හාකං තං පජහථ. තං වො පහීනං දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති යනුවෙන්, න තුම්හාක වර්ගය අසා මෙසේ සිතීය. ‘රූපය තමාගේ නො වේ, වේදනාව තමාගේ නොවේ. හෙතෙම එයම අංකුසයක් කොට නික්ම මහවෙහෙරට ගොස් පැවිද්ද ඉල්ලා පැවිදි විය. උපසපන් වූයේ උභය මාතිකා පුහුණුකොට භික්ෂූන් තිස්නමක් ගෙන ගවරවාලීය අංගන නම් ස්ථානයට ගොස් මහණදම් කළේය. (පාදෙසු අවහන්තෙසු) පා නට කල්හි, දෙදණින් සක්මන් කෙරෙයි. එක් මුව වැද්දෙක් රාත්‍රියෙහි එසේ සක්මන් කරන ඒ තෙරුන් මුවෙකැයි හඟිමින් පහලේය. අඩයටිය තෙරුන් සිරුර විනිවිද ගියේය. හෙතෙම එම සැත බැහැර කරවා පහර මුඛයන් තණවැටින් පුරවා ගල මතුවෙහි තමා හිඳුවා අවකාස ලබාගෙන විවසු වඩා සිව්පිළිසිඹියා සහිත රහත් බවට පැමිණ කෑරීම් ශබ්දයෙන් පැමිණි භික්ෂූන්ට රහත් බව ප්‍රකාශ කොට මෙම උදානය ප්‍රකට කළේය.
“භාසිතං බුද්ධසෙට්ඨස්ස, සබ්බලොකග්ගවාදිනො; න තුම්හාකමිදං රූපං, තං ජහෙය්යාථ භික්ඛවො.
භාසිතං බුද්ධසෙට්ඨස්ස, සබ්බලොකග්ගවාදිනො නතුම්හාකං ඉදංරූපං තං ජහෙය්යාථ භික්ඛවො
අනිච්චා වත සඞ්ඛාරා, උප්පාදවයධම්මිනො; උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තෙසං වූපසමො සුඛො”ති.
අනිච්චා වත සංඛාරා උප්පාදවය ධම්මිනො උපජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසංවූපසමො සුඛො
(මහණෙනි, මේ රූපස්කන්ධය තොපගේ නොවේ. ඒ රූපය හැරපියව්, සියලු ලොව අග්රවාදී වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් වදාරණ ලදී.)
(සියලු සංඛාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයහ. ඉපදීම හා විනාශය ස්වභාවකොට ඇත්තාහුය. ඉපිද නිරුද්ධ වෙති. ඒ සංඛාරයන්ගේ සංසිඳීම සැප වූයේය.)
අථ නං භික්ඛූ ආහංසු “සචෙ, භන්තෙ, සම්මාසම්බුද්ධො අරොගො අභවිස්සා, අද්ධා තෙ මුද්ධමත්ථකෙ හත්ථං පසාරෙත්වා සීසං පරාමසෙය්යා”ති. එත්තාවතා අයං මග්ගො තිස්සත්ථෙරාදීනං විය දුක්ඛස්ස අත්ථඞ්ගමාය සංවත්තති.
අනතුරුව භික්ෂූහු උන්වහන්සේට මෙසේ කීවාහුය. ස්වාමීනි, ඉදින් සම්මා සම්බුදුරදුන් වැඩසිටියේ නම් මුහුද මතුයෙන් අත දිගුකොට ඔබගේ හිස පිරිමදින්නාහු යයි මෙසේ වනාහි මේ ඒකායන මාර්ගය වනාහි තිස්ස තෙරුන් ආදින්ට මෙන් දුක් නැසීම පිණිස පවත්නේය.
සක්දෙව් රජ
සක්කො පන දෙවානමින්දො අත්තනො පඤ්චවිධං පුබ්බනිමිත්තං දිස්වා මරණභයසන්තජ්ජිතො දොමනස්සජාතො භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡි. සො උපෙක්ඛාපඤ්හවිස්සජ්ජනාවසානෙ අසීතිසහස්සාහි දෙවතාහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාසි. සා චස්ස උපපත්ති පුන පාකතිකාව අහොසි.
සක්දෙව් රජ තමහට පහළ වූ පස්වදෑරුම් පෙරනිමිති දැක මරණ භයින් තැතිගන්නා ලද්දේ හටගත් දොම්නස් ඇත්තේ, භාග්‍යවතුන් වහන්සේ සමීපයට එළඹ ප්‍රශ්නයක් විචාළේය. හෙතෙම උපෙක්ඛා ප්‍රශ්න විසඳීම අවසානයෙහි අසූදහසක් දේවතාවන් සමග සෝවාන් පෙළෙහි පිහිටියේය. ඔහුගේ උප්පත්ති නැවත ප්‍රකෘතිමත් වූවා විය.
සුබ්‍රහ්ම දෙවපුත්‍ර තෙම
සුබ්රහ්මාපි දෙවපුත්තො අච්ඡරාසහස්සපරිවාරො සග්ගසම්පත්තිං අනුභොති, තත්ථ පඤ්චසතා අච්ඡරායො රුක්ඛතො පුප්ඵානි ඔචිනන්තියො චවිත්වා නිරයෙ උපපන්නා. සො “කිං ඉමා චිරායන්තී”ති උපධාරෙන්තො තාසං නිරයෙ නිබ්බත්තභාවං දිස්වා “කිත්තකං නු ඛො මම ආයූ”ති උපපරික්ඛන්තො අත්තනොපි ආයුපරික්ඛයං විදිත්වා තත්ථෙව නිරයෙ නිබ්බත්තනභාවං දිස්වා භීතො අතිවිය දොමනස්සජාතො හුත්වා “ඉමං මෙ දොමනස්සං සත්ථා විනයිස්සති න අඤ්ඤො”ති අවසෙසා පඤ්චසතා අච්ඡරායො ගහෙත්වා භගවන්තං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡි –
සුබ්‍රහ්ම දිව්‍යපුත්‍ර තෙම දහසක් අප්සරාවන් සමග දිවසැප අනුභව කෙරේ. එයින් පන්සියයක් අසරාවෝ පරසතු රුකින් මල් නෙලන්නාහුම ඉන් සැව නිරයෙහි උපන්නාහුය. ඒ දෙව්පුත් තෙම කුමක් හෙයින් මොවුහු කල් යවත්දැයි විමසන්නේ ඔවුන් නිරයෙහි උපන් බව දැන තමන්ගේ ආයුෂ කෙතෙක්දෝ හෝයි බලන්නේ තමන්ගේ ආයු ගෙවීමද දැක එම නිරයෙහි උපදින බවද දැන බියපත්ව හටගත් දොම්නස් ඇතිව මගේ දොම්නස භාග්‍යවතුන් වහන්සේ දුරුකරන සේක. අනිකෙක් නොකෙරේයයි පන්සියයක් අප්සරාවන් ගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට එළඹ ප්‍රශ්නයක් විචාළේය.
“නිච්චං උත්‍රස්තමිදං චිත්තං, නිච්චං උබ්බිග්ගිදං මනො; අනුප්පන්නෙසු කිච්ඡෙසු, අථො උප්පතිතෙසු ච; සචෙ අත්ථි අනුත්‍රස්තං, තං මෙ අක්ඛාහි පුච්ඡිතො”ති. (සං· නි· 1.98);
නිච්චං උත්‍රස්තමිදං චිත්තං නිච්චං උබ්බිග්ගමිදං මනො අනුප්පන්නෙසු කිච්ඡෙසු අථො උප්පතිතෙසුච සචෙ අත්ථි අනුත්රාසං තම්මෙ අක්ඛාහි පුච්ඡිතො
(නූපන් දුක් නිමිතිකොට, නැවත හටගත් දුක නිමිතිකොටද මගේ සිත නිරතුරු භයට පැමිණියේය. මේ මනස නිරතුරුව උද්වේගයට පැමිණියේය. ඉදින් තැති නොගැනීමක් ඇත්නම් එය මා විසින් විචාරණ ලද්දා වූ ඔබ වදාළ මැනව.)
තතො නං භගවා ආහ –
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“නාඤ්ඤත්ර බොජ්ඣා තපසා, නාඤ්ඤත්රින්ද්රියසංවරා; නාඤ්ඤත්ර සබ්බනිස්සග්ගා, සොත්ථිං පස්සාමි පාණින”න්ති. (සං· නි· 1.98);
නාඤ්ඤත්ර බොජ්ඣංගා තපසා නාඤ්ඤත්ර ඉන්ද්රිය සංවරා නාඤ්ඤත්ර සබ්බනිස්සග්ගා සොත්ථිං පස්සාමි පාණිනං
(බෝධ්‍යාංග භාවනාව ද, තපෝ ගුණයද හැර සැපයක් නැත. ඉන්ද්රිය සංවරය හැර සුවයක් නැති, නිර්වාණය හැර සත්ත්වයන්ට සුවයක් නොදකිමි.)
සො දෙසනාපරියොසානෙ පඤ්චහි අච්ඡරාසතෙහි සද්ධිං සොතාපත්තිඵලෙ පතිට්ඨාය තං සම්පත්තිං ථාවරං කත්වා දෙවලොකමෙව අගමාසීති. එවමයං මග්ගො භාවිතො සක්කාදීනං විය දොමනස්සස්ස අත්ථඞ්ගමාය සංවත්තතීති වෙදිතබ්බො.
දෙව් පුත්තෙම දේශනාවසානයෙහි පන්සියයක් අප්සරාවන් සමග සෝවාන් ඵලයෙහි පිහිටියේය. තම සැපත ස්ථාවරභාවයට පත්කරගෙන දෙව් ලොවටම ගියේය. මෙසේ මෙම මාර්ගය භාවිත කරන ලද්දේ ශක්‍ර ආදීන්ට මෙන් දොම්නස නැතිකිරීම පිණිස පවතී යයි දතයුතුය.
ඤායස්ස අධිගමායාති ඤායො වුච්චති අරියො අට්ඨඞ්ගිකො මග්ගො, තස්ස අධිගමාය, පත්තියාති වුත්තං හොති. අයඤ්හි පුබ්බභාගෙ ලොකියො සතිපට්ඨානමග්ගො භාවිතො ලොකුත්තරස්ස මග්ගස්ස අධිගමාය සංවත්තති. තෙනාහ “ඤායස්ස අධිගමායා”ති.
ඤායස්ස අධිගමාය යනු ‘ඤාය’ යයි අරිඅටඟි මග කියනු ලැබේ. එම අටඟි මාර්ගයාගේ අධිගමය පිණිස, පැමිණීම පිණිසයයි කියන ලද වෙයි ඒ එසේමැයි. පූර්වභාගයෙහිම මේ ලෞකික සතිපට්ඨාන මාර්ගය වඩන ලද්දේ ලෝකෝත්තර මාර්ගයාගේ අධිගමය පිණිස පවතීයයි එහෙයින් කියන ලදි ඤායස්ස අධිගමාය කියා.
නිබ්බානස්ස සච්ඡිකිරියායාති තණ්හාවානවිරහිතත්තා නිබ්බානන්ති ලද්ධනාමස්ස අමතස්ස සච්ඡිකිරියාය, අත්තපච්චක්ඛතායාති වුත්තං හොති. අයඤ්හි මග්ගො භාවිතො අනුපුබ්බෙන නිබ්බානසච්ඡිකිරියං සාධෙති. තෙනාහ “නිබ්බානස්ස සච්ඡිකිරියායා”ති.
නිබ්බානස්ස සචඡිකිරියාය යනු තණ්හා නම් වූ මානයෙන් වෙන් වූ බැවින් නිබ්බාන යයි ලැබූ නාම ඇති අමෘතයාගේ සාක්ෂාත් කිරීම පිණිස තමා විසින් පසක් කිරීම පිණිසය කියන ලද්දේ වෙයි. එසේමැයි මෙම මාර්ගය භාවිතා කරන ලද්දේ පිළිවෙලින් නිවන් ප්රත්යක්ෂ කිරීම සිද්ධ වෙයි. එයින් වදාළහ නිබ්බානස්ස සච්ඡිකිරියාය කියා.
තත්ථ කිඤ්චාපි “සත්තානං විසුද්ධියා”ති වුත්තෙ සොකසමතික්කමාදීනි අත්ථතො සිද්ධානෙව හොන්ති, ඨපෙත්වා පන සාසනයුත්තිකොවිදෙ අඤ්ඤෙසං න පාකටානි, න ච භගවා පඨමං සාසනයුත්තිකොවිදං ජනං කත්වා පච්ඡා ධම්මං දෙසෙති. තෙන තෙනෙව පන සුත්තෙන තං තං අත්ථං ඤාපෙති. තස්මා ඉධ යං යං අත්ථං එකායනමග්ගො සාධෙති, තං තං පාකටං කත්වා දස්සෙන්තො “සොකපරිදෙවානං සමතික්කමායා”තිආදිමාහ.
එහි කිසිසේත්, සත්ත්වයන්ගේ විසුද්ධිය යයි කී කල්හි ශෝකය ඉක්මවීම ආදිය අර්ථ වශයෙන් සිද්ධ වූවාහුම වෙත්ද, එසේ වුවත් ශාසන යුක්තියෙහි දක්ෂ වූවන් තබා අන්‍යයන්ට ප්‍රකට නොවෙති. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ පළමුකොට ජනයා ශාසන යුත්තියෙහි දක්ෂකොට පසුව දහම් නොදෙසන සේක්ද, ඒ ඒ සූත්‍රයෙන් ඒ ඒ අර්ථය හඟවන සේක්ද, එහෙයින් මේ සතිපට්ඨාන සූත්‍රයෙහි යම් යම් අර්ථයක් එකායන මාර්ගය සිද්ධ කෙරේද, ඒ ඒ අර්ථය ප්‍රකටකොට දක්වන සේක්, සොක පරිද්දවානං සමතික්කමාය යනාදිය වදාළහ.
යස්මා වා යා සත්තානං විසුද්ධි එකායනමග්ගෙන සංවත්තති, සා සොකපරිදෙවානං සමතික්කමෙන හොති, සොකපරිදෙවානං සමතික්කමො දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමෙන, දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමො ඤායස්සාධිගමෙන, ඤායස්සාධිගමො නිබ්බානස්ස සච්ඡිකිරියාය. තස්මා ඉමම්පි කමං දස්සෙන්තො “සත්තානං විසුද්ධියා”ති වත්වා “සොකපරිදෙවානං සමතික්කමායා”තිආදිමාහ.
නැතහොත් එකායන මාර්ගයෙන් සත්ත්වයන්ගේ යම් විසුද්ධියක් යම්හෙයකින් පවතීද එම විසුද්ධි තොමෝ සෝක-පරිදේවයන්ගේ ඉක්මවීම, දුක් දොම්නස් නැතිකිරීමෙන් වේද, දුක් දොම්නස් නැතිකිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගය අධිගමයෙන් වේද, එහෙයින් මෙම ක්රමයද දක්වන සේක් සත්තානං විසුද්ධියා යයි වදාරා මේ එකායන මාර්ගයේ සොක පරිද්දවානං සමතික්කමාය යනාදිය වදාළහ.
ඒකායන මාර්ගය
අපිච වණ්ණභණනමෙතං එකායනමග්ගස්ස. යථෙව හි භගවා “ධම්මං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙස්සාමි, යදිදං ඡඡක්කානී”ති (ම· නි· 3.420) ඡඡක්කදෙසනාය අට්ඨහි පදෙහි වණ්ණං අභාසි, යථා ච අරියවංසදෙසනාය “චත්තාරොමෙ, භික්ඛවෙ, අරියවංසා අග්ගඤ්ඤා රත්තඤ්ඤා වංසඤ්ඤා පොරාණා අසංකිණ්ණා අසංකිණ්ණපුබ්බා න සංකීයන්ති, න සංකීයිස්සන්ති, අප්පටිකුට්ඨා සමණෙහි බ්රාහ්මණෙහි විඤ්ඤූහී”ති (අ· නි· 4.28) නවහි පදෙහි වණ්ණං අභාසි, එවං ඉමස්සපි එකායනමග්ගස්ස සත්තානං විසුද්ධියාතිආදීහි සත්තහි පදෙහි වණ්ණං අභාසි.
තව ද මේ ඒකායන මාර්ගයාගේ ගුණ කීමකි. යම්සේ භාග්‍යවතුන් වහන්සේ, ධම්මං වො භික්ඛවෙ දෙසිස්සාමි ආදිකල්යාණං මජ්ඣෙ කල්‍යාණං, පරියොසාන කල්‍යාණං සත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙස්සාමි යදිදං ජ ඡක්කානී යයි ඡ ඡක්ක දේශනාවෙහි අටපදයකින් ගුණය වදාළ සේක් ද යම්සේ අරියවංස දේශනාවෙහි, චත්තාරො මෙ භික්ඛවෙ, අරියවංසා, අග්ගඤ්ඤා, රත්තඤ්ඤා වංසඤ්ඤා, පොරාණා අසංකිණ්ණා අසංකිණ්ණපුබ්බා න සංකීයන්ති, න සංකීයිස්සන්ති, අප්පතිකුට්ඨා සමණෙහි බ්රහ්මණොසි විඤ්ඤූහි යයි, නව පදයකින් ගුණය වදාළ සේක් ද, [missing trans]
කස්මා ඉති චෙ? තෙසං භික්ඛූනං උස්සාහජනනත්ථං. වණ්ණභාසනඤ්හි සුත්වා තෙ භික්ඛූ “අයං කිර මග්ගො හදයසන්තාපභූතං සොකං, වාචාවිප්පලාපභූතං පරිදෙවං, කායිකඅසාතභූතං දුක්ඛං, චෙතසිකඅසාතභූතං දොමනස්සන්ති චත්තාරො උපද්දවෙ හනති, විසුද්ධිං ඤායං නිබ්බානන්ති තයො විසෙසෙ ආවහතී”ති උස්සාහජාතා ඉමං ධම්මදෙසනං උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං ධාරෙතබ්බං වාචෙතබ්බං, ඉමඤ්ච මග්ගං භාවෙතබ්බං මඤ්ඤිස්සන්ති. ඉති තෙසං භික්ඛූනං උස්සාහජනනත්ථං වණ්ණං අභාසි, කම්බලවාණිජාදයො කම්බලාදීනං වණ්ණං විය.
කුමක් සඳහාද යත්, භික්ෂූන්ගේ උත්සාහය ඉපදවීම පිණිසයැ. ඒ සැබව ගුණකථනය අසා භික්ෂූහු මේ මාර්ගය තෙම ළය තැවීම නම් වූ ශෝකයද, වචනයෙන් වැලපීම් නම් වූ පරිදේව ද කායික වූ අමධුර දුකද, සිත ඇසුරු කළ අමධුර වූ දොම්නස ද යන මේ සතර උවදුරු දුරුකෙරේ. විසුද්ධිය ද, අරිඅටඟි මග ද, නිවන ද යන මෙම විශේෂතා තුන එලවාලයි. හටගත් උත්සාහ ඇත්තාහු මෙම ධර්ම දේශනාව ඉගෙනගත යුතුය. පුහුණු කළ යුතුය. බැලිය යුතුයැ. වනපොත් කළයුතුය. මෙම මාර්ගයත් වැඩිය යුතුයයි සිතන්නහුද එයින් එම භික්ෂූන්ට උත්සාහය උපදවන පිණිස ගුණ වදාළ සේක. කම්බල වාණිජාදිහු කම්බලාදීන්ගේ ගුණකථනය මෙනි.
යථා හි සතසහස්සග්ඝනිකපණ්ඩුකම්බලවාණිජෙන කම්බලං ගණ්හථාති උග්ඝොසිතෙපි අසුකකම්බලොති න තාව මනුස්සා ජානන්ති. කෙසකම්බලවාලකම්බලාදයොපි හි දුග්ගන්ධා ඛරසම්ඵස්සා කම්බලාත්වෙව වුච්චන්ති. යදා පන තෙන ගන්ධාරකො රත්තකම්බලො සුඛුමො උජ්ජලො සුඛසම්ඵස්සොති උග්ඝොසිතං හොති, තදා යෙ පහොන්ති, තෙ ගණ්හන්ති. යෙ න පහොන්ති, තෙපි දස්සනකාමා හොන්ති, එවමෙවං “එකායනො අයං, භික්ඛවෙ, මග්ගො”ති වුත්තෙපි අසුකමග්ගොති න තාව පාකටො හොති. නානප්පකාරකා හි අනිය්යානමග්ගාපි මග්ගාත්වෙව වුච්චන්ති. “සත්තානං විසුද්ධියා”තිආදිම්හි පන වුත්තෙ “අයං කිර මග්ගො චත්තාරො උපද්දවෙ හනති, තයො විසෙසෙ ආවහතී”ති උස්සාහජාතා ඉමං ධම්මදෙසනං උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං ධාරෙතබ්බං වාචෙතබ්බං, ඉමඤ්ච මග්ගං භාවෙතබ්බං මඤ්ඤිස්සන්තීති වණ්ණං භාසන්තො “සත්තානං විසුද්ධියා”තිආදිමාහ. යථා ච සතසහස්සග්ඝනිකපණ්ඩුකම්බලවාණිජොපමා, එවං රත්තජම්බුනදසුවණ්ණඋදකප්පසාදකමණිරතනසුවිසුද්ධමුත්තාරතනධොතපවාළාදිවාණිජූපමාදයොපෙත්ථ ආහරිතබ්බා.
ඒ එසේමැයි. යම්සේ පඬු පලස් වෙළෙන්දකු විසින් ලක්ෂයක් වටිනා පලස් ගනිවු යයි උද්ඝෝෂණය කළ කල්හිදු මිනිස්සු අසවල් පලස යයි පළමුකොට නොදනිත් ද, යම් හෙයකින් දුගඳ වූ රළුපහස් ඇති කේසකම්බල ව්‍යාල කම්බලාදීහුද කම්බලයයි ද කියනු ලැබෙත් ද, එහෙයිනි. එසේ වුවත් යම්විටෙක එම වෙළෙඳා විසින් ගන්ධාර දේශයෙහි උපදවන ලද, රත්පලස්, සියුම්යැ. බබලන්නේයැ. සුවපහස් ඇත්තේ යයි උද්ඝෝෂණය කරන ලද්දේ වේද, එවිට යමෙක් පොහොසත් වෙත්ද, ඔවුහු ගනිත්, යමෙක් නොපොහොසත් ද ඔහුත් දකිනු කැමැත්තාහු වෙත් ද, එපරිද්දෙන්ම එකායනො අයං භික්ඛවෙ, මග්ගො යයි වදාළ කල්හි ද, අසවල් මගයි. පළමුකොට ප්‍රකට නොවෙයි. යම් හෙයකින් නන්වැදෑරුම් නෛර්යාණික නොවූ මාර්ගයෝ ද මාර්ගයයි කියාම කියනු ලැබෙත් ද එහෙයිනි. සත්තානං විසුද්ධියා යනාදිය වදාළ කල්හි, මෙම ඒකායන මාර්ගය තෙම සියලු උවදුරු දුරු කරන්නේය. විශේෂ ගුණ තුන එලවයි. හටගත් උත්සාහ ඇත්තාහු මෙම දේශනාව ඉගෙනගත යුතුය. පුහුණු කළයුතුය. දැරිය යුතුය. වනපොත් කළයුතුය. මෙසේ මේ මාර්ගයන් වැඩිය යුතුකොට සිතන්නාහු යයි ගුණ වදාරණ සේක් සත්තානං විසුද්ධියා යනාදිය වදාළහ. ලක්ෂයක් අගනා පාණ්ඩුකම්බල වෙළෙඳාගේ උපමාව යම්සේ ද, එසේ රක්තජාම්බොනද, සුවර්ණ උදකප්රාසාද මාණික්‍ය රත්න විසුද්ධ වූ මුතුමැණික් රත්න, රෝමකපවාළ ආදි වු වෙළෙඳුන්ගේ උපමාද මෙහිලා දැක්විය යුත්තාහුය.
සතිපට්ඨාන
යදිදන්ති නිපාතො, යෙ ඉමෙති අයමස්ස අත්ථො. චත්තාරොති ගණනපරිච්ඡෙදො, තෙන න තතො හෙට්ඨා න උද්ධන්ති සතිපට්ඨානපරිච්ඡෙදං දීපෙති. සතිපට්ඨානාති තයො සතිපට්ඨානා සතිගොචරොපි, තිධා පටිපන්නෙසු සාවකෙසු සත්ථුනො පටිඝානුනයවීතිවත්තතාපි, සතිපි. “චතුන්නං, භික්ඛවෙ, සතිපට්ඨානානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච දෙසෙස්සාමි, තං සුණාථ…පෙ…. කො ච, භික්ඛවෙ, කායස්ස සමුදයො? ආහාරසමුදයා කායසමුදයො”තිආදීසු (සං· නි· 3.408) හි සතිගොචරො සතිපට්ඨානන්ති වුච්චති. තථා “කායො පට්ඨානං, නො සති. සති පට්ඨානඤ්චෙව සති චා”තිආදීසුපි (පටි· ම· 3.35). තස්සත්ථො – පතිට්ඨාති අස්මින්ති පට්ඨානං. කා පතිට්ඨාති? සති. සතියා පට්ඨානං සතිපට්ඨානං. පධානට්ඨානන්ති වා පට්ඨානං. සතියා පට්ඨානං සතිපට්ඨානං, හත්ථිට්ඨානඅස්සට්ඨානාදීනි විය.
යදිදං යනු නිපාතයැ. යෙ ඉමෙ යම් මේ යනු මෙහි අර්ථයයි. චත්තාරො යනු ගණන පරිච්ඡේද කිරිමයි. (වෙන් කිරීමයි.) එයින් යට ද නැත. එයින් මතුවෙහිද නැතැයි සතිපට්ඨානයන්ගේ ගණන පිරිසිඳ දක්වති. සතිපට්ඨානා යනු සතිපට්ඨාන තුනකි. සති ගෝචරයද තුන්පරිද්දකින් පිලිපන් ශ්‍රාවකයන් කෙරෙහි සත්ථුනො පටිසානුනය ශාස්තෘෘහුගේ අනුකූල බව, ගැටෙන බවද එය ඉක්මුනු බවද, සතියද එබඳුම වේ යයි කියායි. ඒ එසේමැයි. ‘චතුන්නං භික්ඛවෙ සතිපට්ඨානං සමුදයඤ්ච අත්ථංගමඤ්ච දෙසිස්සාමි තං සුණාථ -පෙ- කොච භික්ඛවෙ, කායස්ස සමුදයො ආහාර සමුදයා කායස්ස සමුදයො’ යනාදි තන්හි සති ගෝචරය සතිපට්ඨාන යයි කියනු ලැබේ. කායො උපට්ඨානං, නො සති, සති උපට්ඨානඤ්චෙව සතිච යනාදි තන්හිද එබඳුමයි. එහි අර්ථය නම් මේ ගෝචරයෙහි පිහිටානුයි පට්ඨාන නම් වේ. කවරක් පිහිටාද යත්? සිහියයි. සිහියේ පිහිටීම සතිපට්ඨාන නම් වේ. නැතහොත් ප්‍රධාන වූ පිහිටීම වේනුයි පට්ඨාන නම් වේ. සතියගේ පට්ඨානය සතිපට්ඨානං නම් වේ. හත්ථිට්ඨාන, අස්සට්ඨාන ආදිය මෙනි.
“තයො සතිපට්ඨානා, යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහතී”ති (ම· නි· 3.311) එත්ථාපි තිධා පටිපන්නෙසු සාවකෙසු සත්ථුනො පටිඝානුනයවීතිවත්තතා “සතිපට්ඨාන”න්ති වුත්තා. තස්සත්ථො – පට්ඨපෙතබ්බතො පට්ඨානං, පවත්තයිතබ්බතොති අත්ථො. කෙන පට්ඨපෙතබ්බතොති? සතියා. සතියා පට්ඨානං සතිපට්ඨානන්ති. “චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්තී”තිආදීසු (සං· නි· 5.989) පන සතියෙව “සතිපට්ඨාන”න්ති වුච්චති. තස්සත්ථො – පතිට්ඨාතීති පට්ඨානං, උපට්ඨාති ඔක්කන්තිත්වා පක්ඛන්‍දිත්‍වා පවත්තතීති අත්ථො. සතියෙව පට්ඨානං සතිපට්ඨානං. අථ වා සරණට්ඨෙන සති, උපට්ඨානට්ඨෙන පට්ඨානං. ඉති සති ච සා පට්ඨානඤ්චාතිපි සතිපට්ඨානං. ඉදමිධ අධිප්පෙතං.
තයො සතිපට්ඨානා යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණමනුසාසිතුමරහති යන මෙහි තුන් පරිද්දකින් පිළිපන් ශ්‍රාවකයන් කෙරෙහි ශාස්තෘෘහුගේ පටිඝානුනය ඉක්මුනු බව සතිපට්ඨාන යයි කියන ලදී. එම වචනයාගේ අර්ථය නම් පිහිටුවිය යුතු බැවින් පට්ඨාන නමි. පැවැත්විය යුතු බැවිනි. යන අර්ථයි. කුමකින් පැවැත්විය යුතු බැවින්ද යත්? සතියෙනි. සතියෙන් යුක්ත පැවැත්ම සතිපට්ඨාන නම් වේ. චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලිකතා සත්ත බොජ්ඣංගෙ පරිපූරෙන්ති යනාදි තන්හි සතියම සතිපට්ඨාන යයි කියනු ලැබේ. එම වචනයාගේ අරුත නම් පිහිටානුයි පට්ඨාන නමි. එළඹ සිටි බැසගෙන, පැනගෙන පවතී යන අර්ථයි. සතියම සතිපට්ඨාන නම් වේ. නැතහොත් සිහිකිරීම් අරුතින් සතිනම් වේ. එළඹ සිටීම් අර්ථයෙන් පට්ඨාන නම් වේ. එබැවින් සති වූවාත් ඕ මැයි පට්ඨාන වූවාත් ඕ මැයි සතිපට්ඨාන නමි. මෙයම මෙහි අදහස් කරන ලදි.
යදි එවං, කස්මා “සතිපට්ඨානා”ති බහුවචනං? සතිබහුත්තා. ආරම්මණභෙදෙන හි බහුකා එතා සතියො. අථ මග්ගොති කස්මා එකවචනං? මග්ගට්ඨෙන එකත්තා. චතස්සොපි හි එතා සතියො මග්ගට්ඨෙන එකත්තං ගච්ඡන්ති. වුත්තඤ්හෙතං “මග්ගොති කෙනට්ඨෙන මග්ගො? නිබ්බානගමනට්ඨෙන, නිබ්බානත්ථිකෙහි මග්ගනීයට්ඨෙන චා”ති. චතස්සොපි චෙතා අපරභාගෙ කායාදීසු ආරම්මණෙසු කිච්චං සාධයමානා නිබ්බානං ගච්ඡන්ති. ආදිතො පට්ඨාය ච නිබ්බානත්ථිකෙහි මග්ගීයන්ති, තස්මා චතස්සොපි එකො මග්ගොති වුච්චන්ති. එවඤ්ච සති වචනානුසන්ධිනා සානුසන්ධිකාව දෙසනා හොති, “මාරසෙනප්පමද්දනං වො, භික්ඛවෙ, මග්ගං දෙසෙස්සාමි, තං සුණාථ…පෙ… කතමො ච, භික්ඛවෙ, මාරසෙනප්පමද්දනො මග්ගො? යදිදං සත්තබොජ්ඣඞ්ගා”තිආදීසු (සං· නි· 5.224) විය හි යථා මාරසෙනප්පමද්දනොති ච සත්තබොජ්ඣඞ්ගාති ච අත්ථතො එකං, බ්යඤ්ජනමෙවෙත්ථ නානං. එවං එකායනමග්ගොති ච චත්තාරො සතිපට්ඨානාති ච අත්ථතො එකං, බ්යඤ්ජනමෙවෙත්ථ නානං. තස්මා මග්ගට්ඨෙන එකත්තා එකවචනං, ආරම්මණභෙදෙන සතිබහුත්තා බහුවචනං වෙදිතබ්බං.
ඉදින් සතියම සතිපට්ඨාන වීනම් කුමක් හෙයින් සතිපට්ඨානා යනුවෙන් බහුවචන වීද යත්? සති බොහෝ බැවිනි. සැබව, ආලම්බන භේදයෙන් සතීහු බොහෝ වෙති. එකල්හි මග්ගො යනුවෙන් කුමක් හෙයින් එකවචන වීද යත්, මාර්ග අර්ථයෙන් එකක් බැවිනි. සැබව, මේ සතර සතීහුම මාර්ග අර්ථයෙන් එකක් බවට යෙති. මෙසේ වදාරණ ලදී. මග්ගොති කෙනට්ඨෙන මග්ගො, නිබ්බානගමනට්ඨෙන නිබ්බානත්ථිකෙහි, මග්ගනීයට්ඨෙන ච යයි තව ද මේ සතිපට්ඨානයාගේ සතරදෙනම අපර භාගයෙහි කායාදි ආලම්බනයන්හි, කෘත්‍ය සිද්ධ කරමින් නිර්වාණය කරා පැමිණෙත් ද, මුලපටන්ම නිර්වාණාර්ථීන් විසින් සෙවීම කරනු ලැබෙත් ද, එහෙයින් සතරම එක මාර්ගයකැයි කියනු ලැබෙත්. මෙසේ ඇති කල්හි වචනානුසන්ධියෙන් අනුසන්ධි සහිත වූම දේශනාතොමෝ වෙයි. මාරසෙනප්පමද්දනං වො භික්ඛවෙ, මග්ගං දෙසිස්සාමි තං සුණාථ, -පෙ- කතමාච භික්ඛවෙ, මාරසෙනප්පමද්දනො මග්ගො යදිදං සත්ත බොජඣංගා යනාදියෙහි මෙනි. මාරසෙනප්පමද්දනො යනුද සත්තබොජ්ඣංගා යනුද යම්සේ අර්ථ වශයෙන් එකක් වූයේ ව්යඤ්ජනයම විවිධ වේද, එසේම එකායන මග්ගො යනුද, චත්තාරො සතිපට්ඨානා යනුද අර්ථ වශයෙන් එකකි. ව්යඤ්ජනයම විවිධ වෙයි. එහෙයින් මාර්ගාර්ථයෙන් එකක් බැවින් ඒකවචනය ආලම්බන භේදයෙන් සති බහුත්වයෙන් බහුවචන යයි දතයුතුයැ.
සතිපට්ඨාන හතරක්ම දේශනා කිරීම
කස්මා පන භගවතා චත්තාරොව සතිපට්ඨානා වුත්තා අනූනා අනධිකාති? වෙනෙය්යහිතත්තා. තණ්හාචරිතදිට්ඨිචරිතසමථයානිකවිපස්සනායානිකෙසු හි මන්දතික්ඛවසෙන ද්වෙධා ද්වෙධා පවත්තෙසු වෙනෙය්යෙසු මන්දස්ස තණ්හාචරිතස්ස ඔළාරිකං කායානුපස්සනාසතිපට්ඨානං විසුද්ධිමග්ගො,
කුමක් හෙයින් භාග්‍යවත්හු විසින් නොඅඩු වූ නොවැඩි වූ සතිපට්ඨාන හතරක්ම වදාරණ ලද්දාහුද? හික්මෙන ජනතාවට හිතවත් බැවිනි. සැබව, තණ්හා චරිත දිට්ඨි චරිත, සමථයානික, විපස්සනා යානිකයන් අතුරෙහි ද මන්ද තික්ඛ වශයෙන් දෙපරිද්දකින් පවත්නා වූ වෙනෙය්‍ය ජනයන් අතුරෙහි මන්දබුද්ධික තණ්හා චරිතයාට ඕළාරික වූ කායානුපස්සනා සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වේ.
තික්ඛස්ස සුඛුමං වෙදනානුපස්සනං සතිපට්ඨානං.
තික්ඛ (තීෂණ වූ) තෘෂ්ණ චරිතයාට සියුම් වූ වෙදනානුපස්සනා සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වේ.
දිට්ඨිචරිතස්සාපි මන්දස්ස නාතිප්පභෙදගතං චිත්තානුපස්සනාසතිපට්ඨානං විසුද්ධිමග්ගො,
දෘෂ්ටි චරිතය පිළිබඳ වූ ද මද නුවණ ඇත්තහුට ඉතා ප්‍රභේදයකට නොපැමිණි චිත්තානුපස්සනා සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වෙයි.
තික්ඛස්ස අතිප්පභෙදගතං ධම්මානුපස්සනාසතිපට්ඨානං.
තියුණු නුවණ ඇත්තහුට ඉතා ප්‍රභේදයට පැමිණි ධම්මානුපස්සනා සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වෙයි.
සමථයානිකස්ස ච මන්දස්ස අකිච්ඡෙන අධිගන්තබ්බනිමිත්තං පඨමං සතිපට්ඨානං විසුද්ධිමග්ගො,
සමථයානිකයා පිළිබඳ වූ, මන්දබුද්ධිකයාට පහසුවෙන් අවබෝධ කළහැකි නිමිති ඇති පළමුවන සතිපට්ඨානය විසුද්ධිමාර්ගය වෙයි.
තික්ඛස්ස ඔළාරිකාරම්මණෙ අසණ්ඨහනතො දුතියං.
තියුණු නුවණ ඇත්තාට මහත් වූ අරමුණෙහි නොපිහිටන හෙයින් දෙවෙනි සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වෙයි.
විපස්සනායානිකස්සපි මන්දස්ස නාතිප්පභෙදගතාරම්මණං තතියං,
විපස්සනායානික වුද, මන්දප්රාඥයාට ඉතා ප්‍රභේදයට නොපැමිණි අරමුණු ඇති, තුන්වන සතිපට්ඨානය විසුද්ධිමාර්ගය වෙයි.
තික්ඛස්ස අතිප්පභෙදගතාරම්මණං චතුත්ථං. ඉති චත්තාරොව වුත්තා අනූනා අනධිකාති.
තියුණු නුවණ ඇත්තාට ඉතා ප්‍රභේදයට පැමිණි අරමුණු ඇති සතරවෙනි සතිපට්ඨානය විසුද්ධි මාර්ගය වෙයි. එහෙයින් නොඅඩු වූ නොවැඩි වූ සතිපට්ඨාන හතරක්ම වදාරණ ලද්දාහුය.
සුභසුඛනිච්චඅත්තභාවවිපල්ලාසපහානත්ථං වා. කායො හි අසුභො, තත්ථ ච සුභවිපල්ලාසවිපල්ලත්ථා සත්තා, තෙසං තත්ථ අසුභභාවදස්සනෙන තස්ස විපල්ලාසස්ස පහානත්ථං පඨමං සතිපට්ඨානං වුත්තං.
සුභ-සුබ-නිච්ච-අත්තභාවයන් පිළිබඳ විපර්යාසයන්ගේ ප්රහාණය පිණිස හෝ (සතිපට්ඨාන හතරක් වදාරණ ලද්දාහුය) එසේමැයි, කය අශුභය. ඒ කයෙහිදු සත්ත්වයෝ සුභයයි පෙරලා ගැනීමෙන් විපර්යාසයට පැමිණියාහුය. ඔවුන්ට එහි අශුභභාවය දැක්වීමෙන් ඒ විපර්යාසයාගේ ප්රහාණය පිණිස පළමුවන සතිපට්ඨානය වදාරණ ලදී.
සුඛං නිච්චං අත්තාති ගහිතෙසුපි ච වෙදනාදීසු වෙදනා දුක්ඛා, චිත්තං අනිච්චං, ධම්මා අනත්තා, තෙසු ච සුඛනිච්චඅත්තවිපල්ලාසවිපල්ලත්ථා සත්තා, තෙසං තත්ථ දුක්ඛාදිභාවදස්සනෙන තෙසං විපල්ලාසානං පහානත්ථං සෙසානි තීණි වුත්තානීති එවං සුභසුඛනිච්චඅත්තභාවවිපල්ලාසපහානත්ථං වා චත්තාරොව වුත්තා අනූනා අනධිකාති වෙදිතබ්බා.
සුඛය නිත්‍ය ආත්මය යයි, ගත්තා වූද වේදනාවන් අතුරෙහි වේදනා තොමෝ දුක්ය. චිත්තය අනිත්‍යය. ධර්මයෝ අනාත්මයෝය. එම වේදනා ආදියෙහි ද සත්ත්වයෝ, සුඛ, නිත්‍ය, ආත්ම වශයෙන් ගැනීමෙන් විපර්යාසයට පැමිණියාහුය. ඔවුනට එහි දුක්ඛාදී භාවය දැක්වීමෙන් එම විපර්යාසයන්ගේ ප්රහාණය පිණිස සෙසු සතිපට්ඨාන තුන වදාරණ ලද්දාහු යයි මෙසේ ශුභ-සුබ-නිත්‍ය-ආත්ම භාව විපර්යාසයන්ගේ ප්රහාණය පිණිස හෝ නොඅඩු වූ ද, නොවැඩි වූ ද සතිපට්ඨාන වදාරණ ලද්දාහු යයි දතයුතු.
න කෙවලඤ්ච විපල්ලාසපහානත්ථමෙව, අථ ඛො චතුරොඝයොගාසවගන්ථඋපාදානඅගතිපහානත්ථම්පි චතුබ්බිධාහාරපරිඤ්ඤත්ථඤ්ච චත්තාරොව වුත්තාති වෙදිතබ්බා. අයං තාව පකරණනයො.
තවද හුදෙක් විපර්යාසයන්ගේ ප්රහාණය පිණිසම නො වෙයි. චතුර්විධ වූ ඕඝ-යෝග-ආසව-ග්රන්ථ-උපාදාන-අගති යන මොවුන්ගේ ප්රහාණය පිණිසද සතර වැදෑරුම් ආහාරයන්ගේ පිරිසිඳ දැනීම පිණිසද සතරක්ම වදාරණ ලද්දාහු යයි දතයුතු. මේ වනාහි ප්රකරණ ක්‍රමයයි.
අට්ඨකථායං පන සරණවසෙන චෙව එකත්තසමොසරණවසෙන ච එකමෙව සතිපට්ඨානං ආරම්මණවසෙන චත්තාරොති එතදෙව වුත්තං. යථා හි චතුද්වාරෙ නගරෙ පාචීනතො ආගච්ඡන්තා පාචීනදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා පාචීනද්වාරෙන නගරමෙව පවිසන්ති, දක්ඛිණතො පච්ඡිමතො උත්තරතො ආගච්ඡන්තා උත්තරදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා උත්තරද්වාරෙන නගරමෙව පවිසන්ති, එවංසම්පදමිදං වෙදිතබ්බං.
අට්ඨකථාවෙහි වනාහි හැසිරීම් වශයෙන් ද එක්තැනක එක්රැස්වීම් වශයෙන් ද, එකක්ම වූ සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක් වීයයි මෙතෙක් කියන ලදී. ඒ එසේමැයි. දොරටු සතරක් ඇති නගරයෙහි පැදුම් දිගින් පැමිණෙන මිනිස්සු පැදුම්දිග උපදින්නා වූ බඩු ගෙන පැදුම් දොරින් යම්සේ නුවරට පිවිසෙත් ද, දකුණු දිගින් - පෑළ දිගින් - උතුරු දිගින් - උතුරුදිග උපදින බඩුගෙන උතුරු දොරටුවෙන් නුවරට පිවිසෙත් ද, මේ කරුණින් මෙබඳු උපමා ඇත්තේ යයි දතයුතුය.
නගරං විය හි නිබ්බානමහානගරං. ද්වාරං විය අට්ඨඞ්ගිකො ලොකුත්තරමග්ගො. පාචීනදිසාදයො විය කායාදයො.
එය එසේමැයි. නිවන නගරයක් මෙනි. ආර්ය අෂ්ටාංගික වූ ලොව්තුරුමග මහත් වූ දොර මෙනි. කායාදීහු ප්‍රාචීන දිශාදීන් මෙනි.
යථා පාචීනතො ආගච්ඡන්තා පාචීනදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා පාචීනද්වාරෙන නගරමෙව පවිසන්ති, එවං කායානුපස්සනාමුඛෙන ආගච්ඡන්තා චුද්දසවිධෙන කායානුපස්සනං භාවෙත්වා කායානුපස්සනාභාවනානුභාවනිබ්බත්තෙන අරියමග්ගෙන එකං නිබ්බානමෙව ඔසරන්ති.
පැදුම් දිගින් පැමිණෙන මිනිස්සු පැදුම්දිග උපදින බඩුගෙන පැදුම් දොරටුවෙන් යම්සේ නුවරටම පිවිසෙත් ද එසේම කායානුපස්සනා ද්වාරයෙන් පැමිණෙන්නාහු තුදුස් ප්‍රකාරයකින් කායානුපස්සනා සතිපට්ඨානය භාවනාකොට කායානුපස්සනා භාවනා බලයෙන් උපන්නා වූ ආර්ය මාර්ගයෙන් එකම නිවනට වදනාහුය.
යථා දක්ඛිණතො ආගච්ඡන්තා දක්ඛිණදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා දක්ඛිණද්වාරෙන නගරමෙව පවිසන්ති, එවං වෙදනානුපස්සනාමුඛෙන ආගච්ඡන්තා නවවිධෙන වෙදනානුපස්සනං භාවෙත්වා වෙදනානුපස්සනාභාවනානුභාවනිබ්බත්තෙන අරියමග්ගෙන එකං නිබ්බානමෙව ඔසරන්ති.
දකුණු දිගින් පැමිණෙන්නාහු දකුණු දිග උපදනා බඩුගෙන දකුණු දිගින්ම නුවරට වදිත් ද, එපරිද්දෙන් වේදනානුපස්සනා ද්වාරයෙන් පැමිණෙන්නාහු නවප්‍රකාරයකින් වේදනානුපස්සනා සතිපට්ඨාන භාවනාව වඩා එයින් උපන්නා වූ ආර්ය මාර්ගයෙන් නිවනටම වදනාහුය.
යථා පච්ඡිමතො ආගච්ඡන්තා පච්ඡිමදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා පච්ඡිමද්වාරෙන නගරමෙව පවිසන්ති, එවං චිත්තානුපස්සනාමුඛෙන ආගච්ඡන්තා සොළසවිධෙන චිත්තානුපස්සනං භාවෙත්වා චිත්තානුපස්සනාභාවනානුභාවනිබ්බත්තෙන අරියමග්ගෙන එකං නිබ්බානමෙව ඔසරන්ති.
පෑලදිගින් එන්නහු පෑලදිග උපදිනා බඩුගෙන පෑලදොරින් යම්සේ නුවරට වදිත් ද, එපරිද්දෙන් චිත්තානුපස්සනා භාවනා ද්වාරයෙන් පැමිණෙන්නාහු. සොලොස් ප්‍රකාරයකින් චිත්තානුපස්සනා භාවනාව වඩා, චිත්තානු භාවනා බලයෙන් උපන් ආර්ය මාර්ගයෙන් හුදු නිවන් පුරයටම වදනාහුය.
යථා උත්තරතො ආගච්ඡන්තා උත්තරදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා උත්තරද්වාරෙන නගරමෙව පවිසන්ති, එවං ධම්මානුපස්සනාමුඛෙන ආගච්ඡන්තා පඤ්චවිධෙන ධම්මානුපස්සනං භාවෙත්වා ධම්මානුපස්සනාභාවනානුභාවනිබ්බත්තෙන අරියමග්ගෙන එකං නිබ්බානමෙව ඔසරන්ති.
උතුරුදිගින් පැමිණෙන මිනිස්සු උතුරු දෙස උපදින බඩුගෙන උතුරු දොරින් යම්සේ නුවරට පිවිසෙත්ද එපරිද්දෙන්ම, ධම්මානුපස්සනා දොරටුවෙන් පැමිණෙන හික්මෙන ජනයෝ පංචප්‍රකාර වූ ධම්මානුපස්සනා සතිපට්ඨානය භාවනාකොට එයින් උපන් ආර්ය මාර්ගයෙන් නිර්වාණයටම වදනාහුය.
එවං සරණවසෙන චෙව එකත්තසමොසරණවසෙන ච එකමෙව සතිපට්ඨානං ආරම්මණවසෙන චත්තාරොව වුත්තාති වෙදිතබ්බා.
මෙසේ හැසිරීම් වශයෙන් ද එක්තැනක රැස්වීම් වශයෙන් ද එකක්ව සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක්ම කොට වදාරණ ලද්දාහු යයි දතයුතුය.
කතමෙ චත්තාරොති කථෙතුකම්‍යතා පුච්ඡා. ඉධාති ඉමස්මිං සාසනෙ. භික්ඛවෙති ධම්මපටිග්ගාහකපුග්ගලාලපනමෙතං. භික්ඛූති පටිපත්තිසම්පාදකපුග්ගලනිදස්සනමෙතං. අඤ්ඤෙපි ච දෙවමනුස්සා පටිපත්තිං සම්පාදෙන්තියෙව, සෙට්ඨත්තා පන පටිපත්තියා භික්ඛුභාවදස්සනතො ච, “භික්ඛූ”ති ආහ. භගවතො හි අනුසාසනිං සම්පටිච්ඡන්තෙසු භික්ඛු සෙට්ඨො, සබ්බප්පකාරාය අනුසාසනියා භාජනභාවතො, තස්මා සෙට්ඨත්තා “භික්ඛූ”ති ආහ. තස්මිං ගහිතෙ පන සෙසා ගහිතාව හොන්ති රාජගමනාදීසු රාජග්ගහණෙන සෙසපරිසා විය. යො ච ඉමං පටිපත්තිං පටිපජ්ජති, සො භික්ඛු නාම හොතීති පටිපත්තියා භික්ඛුභාවදස්සනතොපි “භික්ඛූ”ති ආහ. පටිපන්නකො හි දෙවො වා හොතු මනුස්සො වා, “භික්ඛූ”ති සඞ්ඛං ගච්ඡතියෙව. යථාහ –
කතමෙ චත්තාරො යනු කථෙතුකම්‍යතා පුච්ඡායි ඉධ මේ ශාසනයෙහි, භික්ඛවෙ යනු මෙය, ධම්ම පටිග්ගාහක පුග්ගල ආලපනයයි. භික්ඛු යනු පටිපත්ති සම්පාදනය කරන්නා වූ පුද්ගලයා දැක්වීමයි. අන්‍ය වූ ද දෙවි මිනිස්සු ද ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙත්මැයි. එතකුදු වුවත් ශ්‍රේෂ්ඨ බැවින් ද, ප්‍රතිපත්තිය හේතුකොටගෙන භික්ෂුභාවය දක්නා හෙයින්ද භික්ඛු යයි වදාළහ. ඒ එසේමැයි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවුන් අතුරෙන් භික්ෂූහු ශ්‍රේෂ්ඨ වෙති. සර්වප්‍රකාරයෙන්ම අනුශාසනාවට භාජනය වූ බැවිනි. එහෙයින් ශ්‍රේෂ්ඨ බැවින් භික්ඛූ යයි වදාළහ. තවද ශ්‍රේෂ්ඨ වූ භික්ෂුව ගත්කල්හි, සෙසු දිව්‍ය මනුෂ්‍යයෝ ද ගන්නා ලද්දාහුම වෙති. රජුගේ ගමනාදියෙහි දී රජු ගැනීමෙන් සෙසු පිරිසද ගත්තා වෙයි. යමෙක් මෙම පිළිවෙතෙහි පිළිපදී ද, හෙතෙම භික්ෂු නම් වේයයි ප්‍රතිපත්තිය හේතුකොට භික්ෂුභාවය දක්නා හෙයින් ද ‘භික්ඛු’ යයි වදාළහ. පිළිවෙතෙහි යෙදුන තැනැත්තේ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ වේවා භික්ෂු යයි ගණන් ගැනීමට යේ මැයි. එයින් වදාළහ.
“අලඞ්කතො චෙපි සමං චරෙය්ය, සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී; සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛූ”ති. (ධ· ප· 142);
අලංකතො චෙපි සමං චරෙය්ය සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛු යනුවෙන්
(වස්ත්‍ර ආභරණ ආදියෙන් සැරසුන, යම් පුද්ගලයෙක් කාය විෂමාදිය. හැර සම තත්ත්වයෙහි පවතී ද, සංසිඳුනු කෙලෙස් ඇති බැවින් ශාන්තද, ඉන්ද්රිය දමනය ඇත්තේ ද, මාර්ග නියමයෙන් නියත වූයේ ද, බඹසර ඇත්තේ ද, සියලු සත්ත්වයන් කෙරෙහි බහා තැබූ කාය දණ්ඩාදිය ඇත්තේ ද, මෙබඳු පුද්ගල තෙම බ්‍රාහ්මණ යයි ද, ශ්‍රමණ යයි ද භික්ෂු යයි ද කිය යුතු වේ.)
කාය
කායෙති රූපකායෙ. රූපකායො හි ඉධ අඞ්ගපච්චඞ්ගානං කෙසාදීනඤ්ච ධම්මානං සමූහට්ඨෙන හත්ථිකායරථකායාදයො විය කායොති අධිප්පෙතො. යථා ච සමූහට්ඨෙන, එවං කුච්ඡිතානං ආයට්ඨෙන. කුච්ඡිතානඤ්හි පරමජෙගුච්ඡානං සො ආයොතිපි කායො. ආයොති උප්පත්තිදෙසො. තත්රායං වචනත්ථො, ආයන්ති තතොති ආයො. කෙ ආයන්ති? කුච්ඡිතා කෙසාදයො. ඉති කුච්ඡිතානං ආයොති කායො. කායානුපස්සීති කායමනුපස්සනසීලො, කායං වා අනුපස්සමානො.
කායෙ රූප කයෙහි, මෙහි රූපකය අංග-ප්රත්යාංගයන්ගේ ද, කේසා ආදී ධර්මයන්ගේද සමූහාර්ථයෙන් හත්ථිකාය, රථකාය ආදිය මෙන් කායයයි අදහස් කරන ලදී. තව ද සමූහාර්ථයෙන් යම්සේ කාය වීද, එපරිද්දෙන්ම කුත්සිත වූ කෙසාදීන්ගේ උත්පත්ති ප්‍රදේශය යන අර්ථයෙන් කාය නම් වේ. ආය නම් උත්පත්ති දේශයයි. එහි මේ වචනාර්ථයි. එහි උපදිත්නුයි ආය නමි. කවුරු උපදිත් ද යත්, කුත්සිත වූ කේශ ආදීහුය. එහෙයින් කුත්සිත වූ කේශාදීන්ගේ උත්පත්ති දේශය නුයි කාය නම් වේ. කායානුපස්සි කය අනුව බලනසුලු වූයේ නොහොත් කය අනුව බලමින්,
“කායෙ”ති ච වත්වාපි පුන “කායානුපස්සී”ති දුතියං කායග්ගහණං අසම්මිස්සතො වවත්ථානඝනවිනිබ්භොගාදිදස්සනත්ථං කතන්ති වෙදිතබ්බං. තෙන න කායෙ වෙදනානුපස්සී වා, චිත්තධම්මානුපස්සී වා, අථ ඛො කායානුපස්සීයෙවාති කායසඞ්ඛාතෙ වත්ථුස්මිං කායානුපස්සනාකාරස්සෙව දස්සනෙන අසම්මිස්සතො වවත්‍ථානං දස්සිතං හොති. තථා න කායෙ අඞ්ගපච්චඞ්ගවිමුත්තඑකධම්මානුපස්සී, නාපි කෙසලොමාදිවිනිමුත්තඉත්ථිපුරිසානුපස්සී. යොපි චෙත්ථ කෙසලොමාදිකො භූතුපාදායසමූහසඞ්ඛාතො කායො, තත්ථපි න භූතුපාදායවිනිමුත්තඑකධම්මානුපස්සී, අථ ඛො රථසම්භාරානුපස්සකො විය අඞ්ගපච්චඞ්ගසමූහානුපස්සී, නගරාවයවානුපස්සකො විය කෙසලොමාදිසමූහානුපස්සී, කදලික්ඛන්ධපත්තවට්ටිවිනිබ්භුජනකො විය රිත්තමුට්ඨිවිනිවෙඨකො විය ච භූතුපාදායසමූහානුපස්සීයෙවාති නානප්පකාරතො සමූහවසෙනෙව කායසඞ්ඛාතස්ස වත්ථුනො දස්සනෙන ඝනවිනිබ්භොගො දස්සිතො හොති. න හෙත්ථ යථාවුත්තසමූහවිනිමුත්තො කායො වා ඉත්ථී වා පුරිසො වා අඤ්ඤො වා කොචි ධම්මො දිස්සති, යථාවුත්තධම්මසමූහමත්තෙයෙව පන තථා තථා සත්තා මිච්ඡාභිනිවෙසං කරොන්ති. තෙනාහු පොරාණා –
කායෙ යයි වදාරා යලිත් කායානුපස්සී යයි දෙවෙනි කාය ග්‍රහණය අසම්මිශ්‍ර වශයෙන්, චතුධාතුවවත්ථානය, ඝන විනිර්භෝගය (ඝන වෙන්කොට දැක්වීම) දැක්වීම පිණිස කරන ලදැයි දතයුතුයැ. එම දෙවෙනි කාය ශබ්දයාගේ ගැනීමෙන් වේදනාව අනුව බලනසුලු වූයේ හෝ චිත්ත ධර්මයන් අනුව බලනසුලු වූයේ හෝ නොවේ. කය අනුව බලනසුලු වූයේම යයි කායසංඛ්යාත වූ වස්තුවෙහි කය අනුවම බලන ආකාරය දැක්වීමෙන් අසම්මිශ්‍ර වශයෙන් වවත්ථානය දක්වන ලද්දේ වෙයි. එසේම කයෙහි අංග ප්‍රත්‍යංගයන්ගෙන් තොර වූ එක් ධර්මයක් අනුව බලනසුලු වූයේ නොවෙයි. කේශ-ලෝම ආදියෙන් තොර වූ ස්ත්‍රී පුරුෂයන් අනුව බලනසුලු වූයේ නොද වෙයි. යලි කෙසේ බලනසුලු වූයේද යත්, තව ද, මෙහි කේශ-ලෝම ආදී වූ භුත උපාදාය සමූහයක් නම් වූ යම් ශරීරයක් වේද, එම ශරීරයෙහිද, භූත-උපාදාය-රූපයන්ගෙන් තොර වූ එක් ධර්මයක් අනුව බලන සුලුවූයේ නොවෙයි. වැලි කෙසේ බලනසුලු වූයේ ද යත්, රථයාගේ අවයව පිළිවෙලින් බලන්නකු මෙන් අඟපසඟ සමූහය පිළිවෙළින් බලනසුලු වූයේ නගරයක අවයව පිළිවෙලින් බලන්නකු මෙන් කේශ-ලෝම ආදි සමූහයන් පිළිවෙලින් බලන සුලු වූයේ, කෙසෙල් කඳක පතුරු වෙන් කරන්නෙකු මෙන්ද හිස් වූ අතෙහි මිට විදහා පෙන්වන්නෙකු මෙන් ද භූත-උපාදාය-රූප සමූහය පිළිවෙලින් බලනසුලු වූයේ වේයයි නානාප්රකාරයේ සමූහ වශයෙන්ම කාය සංඛ්‍යාත වස්තුවගේ දර්ශනයෙන් ඝන විනිර්භෝගය (සන්තතිය වෙන් කිරීම) දක්වන ලද්දේ වෙයි. මෙම සිරුරෙහි කියන ලද සමූහයෙන් වෙන් වූ කයක් හෝ ස්ත්‍රී ස්ත්‍රියක හෝ පුරුෂයෙක් හෝ අන්කිසි ධර්මයක් හෝ නොම දක්නා ලැබේ. යථොක්ත ධර්ම සමූහයක් පමණක් වූ මේ කයෙහි සත්ත්වයෝ වරදවා ගැනීම කෙරෙති. එයින් කීහු පුරාණාචාර්යයෝ-
“යං පස්සති න තං දිට්ඨං, යං දිට්ඨං තං න පස්සති; අපස්සං බජ්ඣතෙ මූළ්හො, බජ්ඣමානො න මුච්චතී”ති. –
යං පස්සති නතං දිට්ඨං යං දිට්ඨං තං න පස්සති අපස්සං බජ්ඣතෙ මූළ්හො බජ්ඣමානො නමුච්චති
(බාලතම ස්ත්‍රී පුරුෂ ආදි වශයෙන් යමක් දකීද එය කේශ-ලෝම ආදි හෝ අශුභාදි වශයෙන් නොදක්නා ලද වෙයි. ස්ත්‍රී පුරුෂ ආදි වශයෙන් යමක් දක්නා ලදද එය නුවණින් නො දකී. නුවණින් නොදක්නේ සංයෝජනය විසින් බඳනා ලද්දේ වෙයි. බඳිනු ලබන්නා වූ හෙතෙම සසර දුකින් නො මිදෙයි.)
ඝනවිනිබ්භොගාදිදස්සනත්ථන්ති වුත්තං. ආදිසද්දෙන චෙත්ථ අයම්පි අත්ථො වෙදිතබ්බො – අයඤ්හි එකස්මිං කායෙ කායානුපස්සීයෙව, න අඤ්ඤධම්මානුපස්සී. කිං වුත්තං හොති? යථා අනුදකභූතායපි මරීචියා උදකානුපස්සිනො හොන්ති, න එවං අනිච්චදුක්ඛානත්තඅසුභභූතෙයෙව ඉමස්මිං කායෙ නිච්චසුඛඅත්තසුභභාවානුපස්සී, අථ ඛො කායානුපස්සී අනිච්චදුක්ඛානත්තඅසුභාකාරසමූහානුපස්සීයෙවාති.
ඝන විනිබ්භොග දස්සනත්ථං යයි කියන ලද මෙහි ආදි ශබ්දයෙන් මෙම අර්ථය දතයුතුයි. මෙතෙම වනාහි තෙල ශරීරයෙහි, කය අනුව බලමින් වෙසෙයි. අන්‍ය ධර්මයන් අනුව බලනසුලු වූයේ නොවෙයි කියායි. කුමක් කියන ලද්දේ වේද යත්, ජලය නොවූම මිරිගුවෙහි, මෘගයෝ යම්සේ ජලය යන සංඥා ඇතිව බලන්නාහු වෙත්ද, එපරිද්දෙන් අනිත්‍ය දුක්ඛ-අනාත්ම-අශුභ වූම මේ කයෙහි නිත්‍ය-සුබ-ආත්ම-ශුභ අනුව බලනසුලු වූයේ නොවෙයි. නැවත, කුමක් අනුව බලනසුලු වූයේද යත් කය අනුව බලනසුලු වූයේ, අනිත්‍ය, දුක්ඛ-අනාත්ම-අශුභ ආකාර වූ (කේසාදි) සමූහයක් අනුව බලනසුලු වූයේම යයි කියන ලද්දේ වෙයි.
අථ වා ය්වායං පරතො “ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා…පෙ… සො සතොව අස්සසතී”තිආදිනා නයෙන අස්සාසපස්සාසාදිචුණ්ණිකජාතඅට්ඨිකපරියොසානො කායො වුත්තො, යො ච “ඉධෙකච්චො පථවිකායං අනිච්චතො අනුපස්සති ආපොකායං තෙජොකායං වායොකායං කෙසකායං ලොමකායං ඡවිකායං චම්මකායං මංසකායං රුහිරකායං නහාරුකායං අට්ඨිකායං අට්ඨිමිඤ්ජකාය”න්ති පටිසම්භිදායං (පටි· ම· 3.35) කායො වුත්තො, තස්ස සබ්බස්ස ඉමස්මිංයෙව කායෙ අනුපස්සනතො “කායෙ කායානුපස්සී”ති එවම්පි අත්ථො දට්ඨබ්බො.
නැතහොත් මත්තෙහි ඉධ භික්ඛවෙ භික්ඛු අරඤ්ඤගතො -පෙ- සො සතොව අස්සසති යනාදි නයින් ආශ්වාස ප්රාශ්වාස ආදිකොට ඇති, සුණු වූ අස්ථිකාය අවසන්කොට ඇති යම් මේ කයක් වදාරණ ලද්දේද, ඉධෙකච්චො පඨවිකායං අනිච්චතො අනුපස්සති ආපොකායං තෙජොකායං වායො කායං කෙසකායං, ලොමකායං ඡවිකායං චම්මකායං වංසකායං රුහිරකාරං නහාරුකායං අට්ඨිකායං අට්ඨිමිඤ්ජාකායං යනුවෙන් (පටිසම්භිදා මග්ගයෙහි) කාය ගුණ කියන ලද්දේ වෙයි. (පඨවිධාතු සමූහය, වායෝ ධාතු සමූහය, කේශ සමූහය, රෝම සමූහය, සිවි සමූහය, චර්ම සමූහය, මාංශ සමූහය, රුධිර සමූහය, නහර සමූහය, ඇට සමූහය, ඇටමිදුලු සමූහය, අනිත්‍ය වශයෙන් නැවත නැවත බලයි.) පටිසම්භිදා මග්ගයෙහි යම් නයකුත් වදාරණ ලද්දේ ද, ඒ සමූහය මෙම ශරීරයෙහිලා නැවත නැවත බලන හෙයින් කයෙහි පඨවි ධාතු සමූහය බලනසුලු වූයේ යයි මෙසේත් අර්ථය දතයුතුය.
අථ වා කායෙ අහන්ති වා මමන්ති වා එවං ගහෙතබ්බස්ස යස්ස කස්සචි අනනුපස්සනතො තස්ස තස්සෙව පන කෙසාලොමාදිකස්ස නානාධම්මසමූහස්ස අනුපස්සනතො කායෙ කෙසාදිධම්මසමූහසඞ්ඛාතකායානුපස්සීති එවමත්ථො දට්ඨබ්බො.
නොහොත් කයෙහි, මම ය කියා හෝ මගේය කියා හෝ මෙසේ ගතයුතු වූ කිසිදු ධර්මයක් නොදක්නා හෙයින් යලි කේශ, ලෝම ආදි වූ ඒ ඒ නානාවිධ වූ ධර්ම සමූහය නැවත නැවත බලන හෙයින් කයෙහි කේශාදි වූ ධර්ම සමූහය නම් වූ කය බලනසුලු වූයේ යයි මෙසේ අර්ථය දතයුතුය.
අපිච “ඉමස්මිං කායෙ අනිච්චතො අනුපස්සති, නො නිච්චතො”තිආදිනා නයෙන පටිසම්භිදායං ආගතනයස්ස සබ්බස්සෙව අනිච්චලක්ඛණාදිනො ආකාරසමූහසඞ්ඛාතස්ස කායස්සානුපස්සනතොපි “කායෙ කායානුපස්සී”ති එවම්පි අත්ථො දට්ඨබ්බො.
තව ද ඉමස්මිං කායෙ අනිච්චතො අනුපස්සති යනාදි අනුක්රමයෙන් පටිසම්භිදා මාර්ගයෙහි ආක්‍රමය ඇති සියලුම අනිත්‍ය ලක්ෂණාදිය ආකාර සමූහ නම් වූ කය නැවත නැවත බලනසුලු වූවේ වේයයි මෙසේ අර්ථ දතයුතු
තථා හි අයං කායෙ කායානුපස්සනාපටිපදං පටිපන්නො භික්ඛු ඉමං කායං අනිච්චානුපස්සනාදීනං සත්තන්නං අනුපස්සනානං වසෙන අනිච්චතො අනුපස්සති, නො නිච්චතො. දුක්ඛතො අනුපස්සති, නො සුඛතො. අනත්තතො අනුපස්සති, නො අත්තතො. නිබ්බින්දති, නො නන්දති. විරජ්ජති, නො රජ්ජති. නිරොධෙති, නො සමුදෙති. පටිනිස්සජ්ජති, නො ආදියති.
ඒ එසේමැයි. කයෙහි කායානුපස්සනා පටිපදාව පිළිපන් මේ මහණ (අනිත්‍ය ලක්ෂණාදි ආකාර සමූහයයි කියන ලද) මේ කය අනිච්චානු පස්සනා ආදී වූ සත්වැදෑරුම් අනුපස්සනාවන්ගේ වශයෙන් අනිත්‍ය වශයෙන් නැවත නැවත බලයි. නිත්‍ය වශයෙන් නොබලයි. දුක් වශයෙන් නැවත නැවත බලයි. සුඛ වශයෙන් නොබලයි. අනාත්ම වශයෙන් නැවත නැවත බලයි. ආත්ම වශයෙන් නොබලයි. (සංඛාරයන් කෙරෙහි) කළකිරෙයි. සතුටු නොවෙයි. නොඇලුනේ වෙයි. රැඳුනේ නොවෙයි. (නිරෝධ) නිරුද්ධ කරයි. නොඋපදවයි. නැවත නොගන්නා පරිද්දෙන් දුරුකරයි. ග්‍රහණය නොකරයි.
සො තං අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහතීති වෙදිතබ්බො.
ඒ මහණ තෙම ඒ කය අනිත්‍ය වශයෙන් නැවත නැවත බලන්නේ නිත්‍ය යන සංඥාව දුරු කරයි. දුක් වශයෙන් බලන්නේ සුබ සංඥාව දුරුකරයි. අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරුකරයි. කළකිරීමට පැමිණෙන්නේ තණ්හාව දුරු කරයි. නොඇලීමට පැමිණෙන්නේ රාගය දුරු කරයි. නිරුද්ධ කරන්නේ සමුදය දුරු කරයි. පටිනිස්සජ්ජනය” (දුරුකිරීම) කරන්නේ ආදානය දුරුකෙරේයයි දතයුතුය.
විහරතීති ඉරියති. ආතාපීති තීසු භවෙසු කිලෙසෙ ආතාපෙතීති ආතාපො, වීරියස්සෙතං නාමං. ආතාපො අස්ස අත්ථීති ආතාපී. සම්පජානොති සම්පජඤ්ඤසඞ්ඛාතෙන ඤාණෙන සමන්නාගතො. සතිමාති කායපරිග්ගාහිකාය සතියා සමන්නාගතො. අයං පන යස්මා සතියා ආරම්මණං පරිග්ගහෙත්වා පඤ්ඤාය අනුපස්සති, න හි සතිවිරහිතස්ස අනුපස්සනා නාම අත්ථි. තෙනෙවාහ “සතිඤ්ච ඛ්වාහං, භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමී”ති (සං· නි· 5.234). තස්මා එත්ථ “කායෙ කායානුපස්සී විහරතී”ති එත්තාවතා කායානුපස්සනාසතිපට්ඨානකම්මට්ඨානං වුත්තං හොති. අථ වා යස්මා අනාතාපිනො අන්තොසඞ්ඛෙපො අන්තරායකරො හොති, අසම්පජානො උපායපරිග්ගහෙ අනුපායපරිවජ්ජනෙ ච සම්මුය්හති, මුට්ඨස්සති උපායාපරිච්චාගෙ අනුපායාපරිග්ගහෙ ච අසමත්ථො හොති, තෙනස්ස තං කම්මට්ඨානං න සම්පජ්ජති, තස්මා යෙසං ධම්මානං ආනුභාවෙන තං සම්පජ්ජති. තෙසං දස්සනත්ථං “ආතාපී සම්පජානො සතිමාති ඉදං වුත්ත”න්ති වෙදිතබ්බං.
විහරති වාසය කරයි, ආතාපී තුවායෙහි කෙලෙස් තවානුයි ආතාප නම් වේ. මේ ආතාප යනු වීර්යයට නමකි. ආතාපය ඔහුට ඇත්තේනුයි ආතාපී නම් වේ. සම්පජානො සම්පජඤ්ඤ නම් වූ ඥානයෙන් යුක්තවූයේ, සතිමා කායපරිග්රාහිත වූ සිහියෙන් යුක්ත වූයේ, මෙතෙම වනාහි යම්හෙයකින් සිහියෙන් අරමුණු පිළිගෙන නුවණින් නැවත නැවත බලා ද, සති විරහිතයාට අනුපස්සනාවක් නම් නැත්තේය. එහෙයින් වදාළහ. සතිඤ්ච ඛ්වාහං භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමි එහෙයින් මෙහි, කායෙ කායානුපස්සී විහරති යයි මෙතෙක් වචනයන්ගෙන් කායානුපස්සනා සතිපට්ඨාන කර්මස්ථානය වදාරණ ලද්දේ වෙයි. ඉක්බිති යම්හෙයකින් වීරිය නැත්තහුගේ, ඇතුළත හැකිලීම අනතුරුදායක වේද, සම්ප්රජනය නම් වූ නුවණරහිත වූයේ, උපාය යුක්තවීමේත් අනුපාය දුරුකිරීමෙන් මුලාවේද, මුලා සිහි ඇත්තේ උපාය නොහැරීමෙහි හා අනුපාය නොගැන්මෙහිත් අසමත් වේද, එයින් ඕහට එම කර්මස්ථානය සම්පාදනය නොවේද, එහෙයින් යම් ධර්ම කෙනෙකුන්ගේ බලයෙන් එම කර්මස්ථානය සම්පාදනය වේද, ඒ ධර්මයන් දැක්වීම පිණිස ආතාපි සම්පජානො සතිමා යන මෙය වදාරණ ලදැයි දතයුතුයි.
ඉති කායානුපස්සනාසතිපට්ඨානං සම්පයොගඞ්ගඤ්චස්ස දස්සෙත්වා ඉදානි පහානඞ්ගං දස්සෙතුං විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති වුත්තං. තත්ථ විනෙය්යාති තදඞ්ගවිනයෙන වා වික්ඛම්භනවිනයෙන වා විනයිත්වා. ලොකෙති තස්මිංයෙව කායෙ. කායො හි ඉධ ලුජ්ජනපලුජ්ජනට්ඨෙන ලොකොති අධිප්පෙතො. යස්මා පනස්ස න කායමත්තෙයෙව අභිජ්ඣාදොමනස්සං පහීයති, වෙදනාදීසුපි පහීයතියෙව, තස්මා “පඤ්චපි උපාදානක්ඛන්ධා ලොකො”ති විභඞ්ගෙ (විභ· 362) වුත්තං. ලොකසඞ්ඛාතත්තා වා තෙසං ධම්මානං අත්ථුද්ධාරනයෙනෙතං වුත්තං. යං පනාහ “තත්ථ කතමො ලොකො? ස්වෙව කායො ලොකො”ති. අයමෙවෙත්ථ අත්ථො, තස්මිං ලොකෙ අභිජ්ඣාදොමනස්සං විනෙය්යාති එවං සම්බන්ධො දට්ඨබ්බො. යස්මා පනෙත්ථ අභිජ්ඣාගහණෙන කාමච්ඡන්දො, දොමනස්සග්ගහණෙන බ්යාපාදො සඞ්ගහං ගච්ඡති, තස්මා නීවරණපරියාපන්නබලවධම්මද්වයදස්සනෙන නීවරණප්පහානං වුත්තං හොතීති වෙදිතබ්බං.
මෙසේ කායානුපස්සනා සතිපට්ඨානය ද, සම්ප්‍රයෝග අංග ද දක්වා දැන් ප්‍රහාණ අංග දක්වන්ට විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං යයි වදාරණ ලදී. එහි විනෙය්ය තදංග ප්‍රහාණයෙන් හෝ වික්ඛම්භන ප්‍රහාණයෙන් දුරුකොට ලොකෙ, ඒ කයෙහිම, කය වනාහි මෙහි රූපකය (ලුජ්ජන පලුජ්ජනට්ඨෙන) නැසෙන, විශේෂයෙන් නැසෙන අර්ථයෙන් ලෝකයයි අදහස් කරන ලදී. යම්හෙයකින් ඔහුගේ කයේ පමණක් අභිජ්ඣා දෝමනස්සයෝ ප්‍රහීණ නොවෙත් ද, වේදනා ආදියෙහිත් ප්‍රහීණ වන්නේ වේද, එහෙයින් පඤ්චපි උපාදානක්ඛන්දා ලොකෙ (උපාදානක්ඛන්ධ පසම ලෝක වේ) ධර්මයන් ලෝකසංඛ්යාත බැවින් මෙසේ අර්ථෝද්ධරණ ක්‍රමයක් වදාරණ ලදි. තත්‍ථකතමො, ලොකො, ස්වෙව කායො ලොකො (මෙහි ලෝකය කවරේද?) කයම ලෝක නම් වේ.) යයි යමක් වදාළ සේක්ද, මේ මෙහි අර්ථයයි. තස්මිං ලොකෙ අභිජ්ඣා දොමනස්සං විනෙය්ය යයි මෙසේ සම්බන්ධ දතයුතුයැ. යම්හෙයකින් මෙහි, අභිජ්ඣාව ගැනීමෙන් කාමච්ඡන්දයත්, දෝමනස්සය ගැනීමෙන් ව්‍යාපාදයත් සංග්‍රහ වේද, එබැවින් නීවරණයන්ට ඇතුළත් වූ බලවත් ධර්මයන් දෙදෙනාගේ ප්රහාණය දැක්වීමෙන් නීවරණ ප්රහාණය වදාරණ ලද්දේ යයි දතයුතු.
විසෙසෙන චෙත්ථ අභිජ්ඣාවිනයෙන කායසම්පත්තිමූලකස්ස අනුරොධස්ස, දොමනස්සවිනයෙන පන කායවිපත්තිමූලකස්ස විරොධස්ස, අභිජ්ඣාවිනයෙන ච කායෙ අභිරතියා, දොමනස්සවිනයෙන කායභාවනාය අනභිරතියා, අභිජ්ඣාවිනයෙන කායෙ අභූතානං සුභසුඛභාවාදීනං පක්ඛෙපස්ස, දොමනස්සවිනයෙන ච කායෙ භූතානං අසුභාසුඛභාවාදීනං අපනයනස්ස ච පහානං වුත්තං. තෙන යොගාවචරස්ස යොගානුභාවො යොගසමත්ථතා ච දීපිතා හොති. යොගානුභාවො හි එස, යදිදං අනුරොධවිරොධවිප්පමුත්තො අරතිරතිසහො අභූතපක්ඛෙපභූතාපනයනවිරහිතො ච හොති. අනුරොධවිරොධවිප්පමුත්තො චෙස අරතිරතිසහො අභූතං අපක්ඛිපන්තො භූතඤ්ච අනපනෙන්තො යොගසමත්ථො හොතීති.
විශේෂයෙන් මෙහි අභිජ්ඣාව දුරුකිරීමෙන් කාය සම්පත්ති මූලික වූ අනුරොධතා (අනුකූලතාව)යාගේ ද, ව්‍යාපාද නම් වූ නොසන්සුන් බව සංසිඳුවීමෙන්, කාය විපත්ති මූලික වූ, ප්රතිඝයාගේ ද, නැවත අභිජ්ඣාව සංසිඳුවීමෙන් ශරීරයෙහි ඇල්මද, දොම්නස සංසිඳුවීමෙන් කාය භාවනාවෙහි නොඇල්ම ද, අභිජ්ඣාව සංසිඳුවීමෙන් කයෙහි අවිද්‍යමාන වූ ශුභ, සුඛ ආදියෙහි ප්රතික්ෂෙපයේ ද, දෝමනස්සය සංසිඳුවීමෙන් කයෙහි විද්‍යමාන වූ අසුභ, අසුබ භවාදීන්ගේ අපනයනයාගේ ද, ප්රහාණය වදාරණ ලදී. එබැවින් යෝගාවචරයාගේ යෝගානුභාවයද, යෝගයෙහි සමර්ථ බවද, දක්වන ලදී. යම්හෙයකින් මේ යෝගාවචර අනුරෝධ විරෝධයන් කෙරෙන් විශේෂයෙන් මිදුනේ, අරති රති ඉවසන්නේ අභූත වූ (ශුභාදීන්ට ප්රතිපක්ෂ වූ) එහෙයින් භූත වූ (මේවා සම්බන්ධ) අපනයනය යන මෙයින් විරහිත වූයේත් වේද, මේ යෝගානු භාවනාව මැයි. තව ද මේ යෝගාවචර තෙම අනුරෝධ-විරෝධයන්ගෙන් වෙසෙසින් මිදුන් අරති රති ඉවසන්නේ අභූත වූ ශුභාදිය නොබහාලන්නේ, භූත වූ අශුභාදියත් බැහැර නොකරන්නේ යෝගයේ සමර්ථ වූයේ වෙයි.
අපරො නයො “කායෙ කායානුපස්සී”ති එත්ථ අනුපස්සනාය කම්මට්ඨානං වුත්තං. “විහරතී”ති එත්ථ වුත්තවිහාරෙන කම්මට්ඨානිකස්ස කායපරිහරණං. “ආතාපී”තිආදීසු ආතාපෙන සම්මප්පධානං, සතිසම්පජඤ්ඤෙන සබ්බත්ථිකකම්මට්ඨානං, කම්මට්ඨානපරිහරණූපායො වා, සතියා වා කායානුපස්සනාවසෙන පටිලද්ධසමථො, සම්පජඤ්ඤෙන විපස්සනා, අභිජ්ඣාදොමනස්සවිනයෙන භාවනාඵලං වුත්තන්ති වෙදිතබ්බං.
අනිකුදු ක්‍රමයක් කියනු ලැබේ. කායෙ කායානුපස්සී මෙහි අනුපස්සනාවෙන් කර්මස්ථානය කියන ලද්දේ වෙයි. විහරති යන මෙහි වදාළ විහරණයෙන් කමටහන වඩන්නහුගේ කාය පරිහරණය වදාරණ ලදී. ආතාපි යනාදියෙහි ආතාප, ආතාප නම් වීර්යයෙන් සම්‍යක් ප්‍රධානය ද සති සම්පජඤ්ඤයෙන් සබ්බත්ථක කම්මටඨානය ද, කම්මට්ඨාන පරිහරණයෙහි උපාය ද, නොහොත් සතියෙන් කායානුපස්සනා වශයෙන් ලබන ලද සමථය ද, සම්පජඤ්ඤයෙන් විපස්සිනාව ද, අභිජ්ඣාදෝමනස්සයන්ගේ සංසිඳවීමෙන් භාවනා ඵලය ද වදාරණ ලදැයි දතයුතු.
විභඞ්ගෙ පන “අනුපස්සී”ති තත්ථ කතමා අනුපස්සනා? යා පඤ්ඤා පජානනා…පෙ… සම්මාදිට්ඨි. අයං වුච්චති අනුපස්සනා. ඉමාය අනුපස්සනාය උපෙතො හොති සමුපෙතො උපාගතො සමුපාගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො. තෙන වුච්චති අනුපස්සීති.
විභංගයෙහි අනුපස්සී යනු එහි අනුපස්සනා තොමෝ කවරේද? යම් අනිත්‍ය ආදි ලක්ෂණයන්ගෙන් ධර්මයන් දැනගන්නා වූ ප්‍රඥාවක්, විසෙසින් දන්නා බවක් -පෙ- සම්මාදිට්ඨියක් වේද, මෙය අනුපස්සනා යයි කියනු ලැබේ. යම්සේ මෙම අනුපස්සනාවෙන් යුක්ත වූයේ මොනවට යුක්ත වූයේ පැමිණියේ, මොනවට පැමිණියේ උත්පන්න වූයේ, සමෘද්ධ වූයේ සමන්විත වූයේ, වේද, එහෙයින් අනුපස්සී යයි කියනු ලැබේ.
විහරතීති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච්චති විහරතීති.
විහරති යනු වැටෙයි. පවතී පාලනය කෙරෙයි. යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි. විහරණය කෙරෙයි. එහෙයින් විහරති යයි කියනු ලැබේ.
ආතාපීති තත්ථ කතමො ආතාපො? යො චෙතසිකො වීරියාරම්භො…පෙ… සම්මාවායාමො. අයං වුච්චති ආතාපො. ඉමිනා ආතාපෙන උපෙතො හොති…පෙ… සමන්නාගතො. තෙන වුච්චති ආතාපීති.
ආතාපී යනු එහි ආතප්පය කවරේද යත්, යම් චේතසික වූ විරියාරම්භයක් -පෙ- සම්මා වායාමයක් වේද, මෙය ආතප්ප යයි කියනු ලැබේ. මෙම ආතප්පයෙන් යුක්ත වූයේ -පෙ- සමන්විත වූයේ වේද, එහෙයින් ආතාපී යයි කියනු ලැබේ.
සම්පජානොති තත්ථ කතමං සම්පජඤ්ඤං? යා පඤ්ඤා පජානනා…පෙ… සම්මාදිට්ඨි. ඉදං වුච්චති සම්පජඤ්ඤං. ඉමිනා සම්පජඤ්ඤෙන උපෙතො හොති…පෙ… සමන්නාගතො. තෙන වුච්චති සම්පජානොති.
සම්පජානො යනු එහි සම්පජඤඤ නම් කවරේද? යම් (අනිත්‍යාදි ප්‍රකාරයෙන් දන්නා වූ) ප්‍රඥාවක් දන්නා බවක් -පෙ- සම්මා දිට්ඨියක් වේද මෙය සම්පජඤ්ඤයයි කියනු ලැබේ. මේ සම්පජඤ්ඤයෙන් යුක්ත වූයේ -පෙ- සමන්විත වූයේ වේද එහෙයින් සම්පජානො යයි කියනු ලැබේ.
සතිමාති තත්ථ කතමා සති? යා සති අනුස්සති…පෙ… සම්මාසති. අයං වුච්චති සති. ඉමාය සතියා උපෙතො හොති…පෙ… සමන්නාගතො. තෙන වුච්චති සතිමාති.
සතිමා යනු එහි සති කවරේද? යම් සිහි කිරීමක් නැවත නැවත සිහිකිරිමක් -පෙ- සම්මා සතියක් වේද, මෝ තොමෝ සති යයි කියනු ලැබේ. මේ සතියෙන් යුක්ත වූයේ -පෙ- සමන්විත වූයේ වේද, එහෙයින් සතිමා යයි කියනු ලැබේ.
විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති තත්ථ කතමො ලොකො? ස්වෙව කායො ලොකො, පඤ්චපි උපාදානක්ඛන්ධා ලොකො. අයං වුච්චති ලොකො. තත්ථ කතමා අභිජ්ඣා? යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දී නන්දීරාගො චිත්තස්ස සාරාගො, අයං වුච්චති අභිජ්ඣා. තත්ථ කතමං දොමනස්සං? යං චෙතසිකං අසාතං, චෙතසිකං දුක්ඛං, චෙතොසම්ඵස්සජං අසාතං…පෙ… දුක්ඛා වෙදනා. ඉදං වුච්චති දොමනස්සං.
විනෙය්ය, ලොකෙ අභිජ්ඣාදොමනස්සං යනු එහි ලෝකය කවරේද, මේ කයම ලෝක නම් වේ. පස්කඳම ලෝක නමි. මෙතෙමේ ලෝකයයි කියනු ලැබේ. එහි අභිජ්ඣාව කවරීද? යම් රාගයක් බලවත් රාගයක්, අනුනයක් - අනුරෝධයක් - තණ්හාවක් - නන්දිරාගයක් - චින්තනයාගේ බලවත් ඇලීමක් වේද, මෝ තොමෝ අභිජ්ඣා නම් වන්නීය. එහි දෝමනස්ස නම් කවරේද? යම් චේතසික වූ නොසැපයක් චේතසික වූ දුකක් වේදනාවක් වේද, මේ දෝමනස්ස යයි කියනු ලැබේ.
ඉති අයඤ්ච අභිජ්ඣා ඉදඤ්ච දොමනස්සං ඉමම්හි ලොකෙ විනීතා හොන්ති පටිවිනීතා සන්තා වූපසන්තා සමිතා වූපසමිතා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා බ්යප්පිතා සොසිතා විසොසිතා බ්යන්තීකතා, තෙන වුච්චති විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති (විභ· 356) එවමෙතෙසං පදානමත්ථො වුත්තො. තෙන සහ අයං අට්ඨකථානයො යථා සංසන්දති, එවං වෙදිතබ්බො. අයං තාව කායානුපස්සනාසතිපට්ඨානුද්දෙසස්ස අත්ථවණ්ණනා.
මේ දෝමනස්සය ද, (පඤ්චස්කන්ධ නමැති ලෝකයෙහි) විනීත වූවාහු ප්රතිවිනීත වූවාහු සංසිඳුවනු ලද්දාහු, වෙසෙසින් සංසිඳුවනු ලද්දාහු නසන ලද්දාහු වෙසෙසින් නසන ලද්දාහු බැහැර කළාහු වෙසෙසින් බැහැර කළාහු, වියලන ලද්දාහු, වෙසෙසින් වියලන ලද්දාහු වියතාන්ත කළාහු වෙත්ද, එහෙයින් විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං යයි කියනු ලැබේ. මෙසේ මෙම පදයන්ගේ අර්ථය දක්වන ලද්දේ ය. ඒ විභංගයෙහි දැක්වූ අර්ථය සමග මේ අර්ථකථා ක්‍රමය යම්සේ සැසඳේද, එපරිද්දෙන් දතයුතුය. පළමුකොට කායානුපස්සනා සතිපට්ඨානයාගේ අර්ථ වර්ණනා තොමෝ දක්වන ලදී.
වෙදනාසු… චිත්තෙ… ධම්මෙසු ධම්මානුපස්සී විහරති…පෙ… විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති එත්ථ පන වෙදනානුපස්සීති එවමාදීසු වෙදනාදීනං පුන වචනෙ පයොජනං කායානුපස්සනායං වුත්තනයෙනෙව වෙදිතබ්බං. වෙදනාසු වෙදනානුපස්සී, චිත්තෙ චිත්තානුපස්සී, ධම්මෙසු ධම්මානුපස්සීති එත්ථ පන වෙදනාති තිස්සො වෙදනා, තා ච ලොකියා එව. චිත්තම්පි ලොකියං, තථා ධම්මා. තෙසං විභාගො නිද්දෙසවාරෙ පාකටො භවිස්සති. කෙවලං පනිධ යථා වෙදනා අනුපස්සිතබ්බා, තථා අනුපස්සන්තො වෙදනාසු වෙදනානුපස්සීති වෙදිතබ්බො. එස නයො චිත්තධම්මෙසුපි. කථඤ්ච වෙදනා අනුපස්සිතබ්බාති? සුඛා තාව වෙදනා දුක්ඛතො, දුක්ඛා සල්ලතො, අදුක්ඛමසුඛා අනිච්චතො. යථාහ –
දැන්, වෙදනාසු චිත්තෙ - ධම්මේසු ධම්මානුපස්සී විහරති -පෙ- විනෙය්ය ලොක අභිජ්ඣා දොමනස්සං යන මෙහි වෙදනාසු වෙදනානුපස්සී යනාදියෙහි වේදනාදී ශබ්දයන්ගේ නැවත කීමෙහි කායානුපස්සනාවෙහි කී ආකාරයෙන්ම දතයුතුය. වෙදනාසු වෙදනානුපස්සී චිත්තෙ චිත්තානුපස්සී, ධම්මෙසු ධම්මානුපස්සී යන මෙහි වනාහි වේදනා යනු ත්‍රිවිධ වේදනායැ. ඔවුහුද ලෞකික වුවාහුම වෙති. චිත්තය ද ලෞකිකය. ධර්මයෝත් එසේමය. ඔවුන්ගේ විස්තර විභාගය නිර්දේශ වාරයෙහි දී ප්‍රකට වන්නේය. හුදෙක් මෙහි වේදනා යම්සේ නැවත නැවත නුවණින් බැලිය යුත්තාහුද, එපරිද්දෙන් නැවත නැවත බලන්නේ වෙදනානුපස්සී යයි දතයුතුය. චිත්ත හා ධර්‍මයන්හිදු මේ ක්‍රමයමැයි, යලි කෙනෙක් වේදනා අනුදර්ශනය කළයුත්තාහුද යත්, පළමුකොට සැප වේදනාව දුක් වශයෙන් ද, දුක් වේදනාව (සල්ලෙතො) උලක් වශයෙන් ද, අදුක්ඛම සුඛ වේදනාව අනාත්ම වශයෙන් ද නැවත නැවත බැලිය යුතුය. වදාළේ මැනො.
“යො සුඛං දුක්ඛතො අද්ද, දුක්ඛමද්දක්ඛි සල්ලතො; අදුක්ඛමසුඛං සන්තං, අදක්ඛි නං අනිච්චතො; ස වෙ සම්මද්දසො භික්ඛු, උපසන්තො චරිස්සතී”ති. (සං· නි· 4.253);
යො සුඛං දුක්ඛතො අද්ද, දුක්ඛමද්දක්ඛි සල්ලතො අදුක්ඛ මසුඛං සන්තං අද්දක්ඛිං නං අනිච්චතො සචෙ සම්මද්දසො භික්ඛු උපසන්තො චරිස්සති යනුවෙන්
(යමෙක් සැප වේදනාව, දුක් වශයෙන් නුවණින් දුටුයේ ද, දුක්ඛං දුක් වේදනාව උලක් සෙයින් දුටුයේ ද, සැප දුක් දෙකින් සංසිඳුන ස්වභාව ඇති බැවින් අතිශයින් ශාන්ත වූ නොදුන් නොසැප වූ ඒ මධ්‍යස්ථ වේදනාව අනිත්‍ය වශයෙන් ද දුටුවේද ඒකාන්තයෙන්, සම්‍යක් දර්ශන ඇති ඒ ක්ෂීණාශ්රව තෙම ක්ලේශ ව්යපසමයෙන් සංසිඳුනේ හැසිරෙන්නේය.)
සබ්බා එව චෙතා දුක්ඛාතිපි අනුපස්සිතබ්බා. වුත්තඤ්හෙතං “යංකිඤ්චි වෙදයිතං, සබ්බං තං දුක්ඛස්මින්ති වදාමී”ති (සං· නි· 4.259). සුඛදුක්ඛතොපි ච අනුපස්සිතබ්බා. යථාහ “සුඛා වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක්ඛා”ති (ම· නි· 1.464) සබ්බං විත්ථාරෙතබ්බං. අපිච අනිච්චාදිසත්තානුපස්සනාවසෙනපි අනුපස්සිතබ්බා. සෙසං නිද්දෙසවාරෙයෙව පාකටං භවිස්සති. චිත්තධම්මෙසුපි චිත්තං තාව ආරම්මණාධිපතිසහජාතභූමිකම්මවිපාකකිරියාදිනානත්තභෙදානං අනිච්චාදිසත්තානුපස්සනානං නිද්දෙසවාරෙ ආගතසරාගාදිභෙදානඤ්ච වසෙන අනුපස්සිතබ්බං. ධම්මා සලක්ඛණසාමඤ්ඤලක්ඛණානං සුඤ්ඤතධම්මස්ස අනිච්චාදිසත්තානුපස්සනානං නිද්දෙසවාරෙ ආගතසන්තාසන්තාදිභෙදානඤ්ච වසෙන අනුපස්සිතබ්බා. සෙසං වුත්තනයමෙව. කාමඤ්චෙත්ථ යස්ස කායසඞ්ඛාතෙ ලොකෙ අභිජ්ඣාදොමනස්සං පහීනං, තස්ස වෙදනාදිලොකෙසුපි තං පහීනමෙව. නානාපුග්ගලවසෙන පන නානාචිත්තක්ඛණිකසතිපට්ඨානභාවනාවසෙන ච සබ්බත්ථ වුත්තං. යතො වා එකත්ථ පහීනං සෙසෙසුපි පහීනං හොති. තෙනෙවස්ස තත්ථ පහානදස්සනත්ථම්පි එවං වුත්තන්ති වෙදිතබ්බන්ති.
නැවත මේ සියලු වේදනාවෝ දුක් යයි නැවත නැවත නුවණින් දැක්ක යුත්තාහුය. ඒ එසේමැයි. මෙසේ කියන ලදී, යං කිඤ්චි වෙදයිතං සබ්බං තං දුක්ඛස්මින්ති වදාමි (යම්කිසි අරමුණු රසවිඳීම් ලක්ෂණ වූ වේදනා සමූහයක් වේද, ඒ සියල්ල දුක් යයි කියමි) යයි නැවතත් සැප වේදනාව දුක් වශයෙන් නැවත නැවත බැලිය යුත්තීය. වදාලේම වෙයි. සුඛා වෙදනා ඨිතිසුබා විපරිණාම දුක්ඛං (සැප වේදනාව ප්‍රවෘත්තියේදී සැප එලවන්නීය. විපරිණාමයෙහි දී දුක් වන්නීය) යයි සියල්ල විස්තර කළ යුතුය. නැවතත් අනිත්‍ය ආදි වූ සප්ත අනුපස්සනාවන්ගෙන් නැවත, නැවත බැලිය යුතුයි. සෙස්ස නිර්දේශ වාරයෙහිම ප්‍රකට වන්නේය. චිත්ත, ධර්මයන් අතුරෙහිද පළමුකොට චිත්තය ආරම්මණ අධිපති, සහජාත භූමි කම්ම විපාක කිරියා ආදි වූ නානාත්ව භේදයන්ගේ ද අනිත්‍ය ආදි වූ අනුපස්සිනාවන්ගේ ද නිද්දෙස වාරයෙහි ආ සරාග ආදි භේදයන්ගේ ද වශයෙන් නැවත නැවත බැලිය යුතුයි. ධර්මයෝ ස්වලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණයන්ගේ ද, ශුන්‍යතා ධර්මයාගේ ද අනිත්‍ය ආදී සප්තවිධ අනුපස්සනාවන්ගේ ද නිද්දෙස වාරයෙහි ආ ශාන්ත, අශාන්ත ආදී භේදයන්ගේ ද වශයෙන් නුවණින් නැවත නැවත බැලිය යුත්තාහුය. සෙස්ස කී නයමැයි. තව ද මෙහි යම් යෝගාවචරයෙකුගේ කාය නම් වූ ලෝකයෙහි අභිජ්ඣා, දෝමනස්ස, ඉපදී පහීන වූයේ නම් ඔහුගේ වෙදනා ආදී නම් වූ ලෝකයෙහි ද එම අභිජ්ඣා, දෝමනස්ස, පහීන වූයේම වෙයි. එසේ වූත් නානා පුද්ගලයන්ගේ වශයෙන් ද නානා චිත්තක්ෂණික සතිපට්ඨාන භාවනා වශයෙන් ද සියලු තන්හි වදාරණ ලද නොහොත් යම් හෙයකින් එක් තැනෙක්හි ප්‍රහීණ වූයේ සෙසු තන්හිද ප්‍රහීණ වූයේ වේද, එබැවින් ඔහුගේ එක්තැනෙක්හි ප්රහාණය දැක්වීම පිණිසද මෙසේ වදාරණ ලදැයි දතයුතුය.
උද්දෙසවාරකථාවණ්ණනා නිට්ඨිතා.
උද්දෙශ වාර කථා නිමි