යෙදුමෙන් කියවන්න

පටිකූලමනසිකාරපබ‍්බවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පටිකූලමනසිකාරපබ‍්බවණ‍්ණනා

පටික්කූල මනසිකාර පබ්බ වර්ණනාව

එවං චතුසම‍්පජඤ‍්ඤවසෙන කායානුපස‍්සනං විභජිත්‍වා ඉදානි පටිකූලමනසිකාරවසෙන විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථ ඉමමෙව කායන‍්තිආදීසු යං වත‍්තබ‍්බං සියා, තං සබ‍්බං සබ‍්බාකාරෙන විත්‍ථාරතො විසුද‍්ධිමග‍්ගෙ කායගතාසතිකම‍්මට‍්ඨානෙ වුත‍්තං. උභතොමුඛාති හෙට‍්ඨා ච උපරි චාති ද‍්වීහි මුඛෙහි යුත‍්තා. නානාවිහිතස‍්සාති නානාවිධස‍්ස.

මෙසේ චතුසම්පජඤ්ඤ වශයෙන් කායානුපස්සනාව විභාගකොට දැන් පටික්කූල මනසිකාර වශයෙන් විභාග කරන්ට පුන චපරං ආදිය වදාළහ. එහි ඉමමෙව කායං යනාදියෙහි යමක් කිවයුතු වන්නේ ද ඒ සියල්ල සර්වප්‍රකාරයෙන්ම විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයෙහි කායගතාසති කම්මට්ඨානයේ දී කියන ලදී. උභතො මුඛා උඩ ද, යටදැයි මුඛ දෙකකින් යුක්ත වූ නානාවිහිතස්ස නානාවිධ වූ,

ඉදං පනෙත්‍ථ ඔපම‍්මසංසන්‍දනං – උභතොමුඛා පුතොළි විය හි චාතුමහාභූතිකො කායො, තත්‍ථ මිස‍්සෙත්‍වා පක‍්ඛිත‍්තනානාවිධධඤ‍්ඤං විය කෙසාදයො ද‍්වත‍්තිංසාකාරා, චක‍්ඛුමා පුරිසො විය යොගාවචරො, තස‍්ස තං පුතොළිං මුඤ‍්චිත්‍වා පච‍්චවෙක‍්ඛතො නානාවිධධඤ‍්ඤස‍්ස පාකටකාලො විය යොගිනො ද‍්වත‍්තිංසාකාරස‍්ස විභූතාකාරො වෙදිතබ‍්බො.

මේ වූ කලී මෙහි උපමා සංසන්දනයයි, උඩ යට මුඛ දෙකක් ඇති මල්ලක් මෙන් වූ සතර මහා භූතයන්ගෙන් හටගත් කය ද, එහි මිශ්‍රකොට බහාලන ලද විවිධ ධාන්‍ය මෙන් කේසාදි දෙතිස් ආකාරයෝ ද, ඇස් ඇති පුරුෂයෙකු මෙන් යෝගාවචර තෙමේ ද, එම මල්ල මුදා විමසන්නා වූ ඒ පුරුෂයා හට, විවිධ ධාන්‍ය ප්‍රකට වූ කාලය මෙන් යෝගාවචර හට දෙතිස් කුණප කොට්ඨාස විවිධත්වයෙන් ප්‍රකට වූ ආකාරය දතයුතුය.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං කෙසාදිපරිග‍්ගහණෙන අත‍්තනො වා කායෙ, පරස‍්ස වා කායෙ, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස කායෙ කායානුපස‍්සී විහරති, ඉතො පරං වුත‍්තනයමෙව. කෙවලඤ‍්හි ඉධ ද‍්වත‍්තිංසාකාරපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා නිය්‍යානමුඛං වෙදිතබ‍්බං. සෙසං පුරිමසදිසමෙවාති.

ඉති අජ්ඣත්තංවා මෙසේ කේශාදීන්ගේ පරිග්‍රහණයෙන් තමාගේ කයෙහි හෝ අනිකෙකුගේ කයෙහි හෝ, කලෙක තමාගේ හෝ කලෙක අනිකෙකුගේ හෝ කයෙහි කය අනුව බලමින් වෙසෙයි. මෙයින් මත්තෙහි කී නයමයි හුදෙක් මෙහි දෙතිස් කොට්ඨාශයන්ට අයත් සතිය දුක්ඛ සත්‍ය නම් වේ. මෙසේ යෝජනා කොට (සසරින් නික්මෙන) දොරටුව යයි දතයුතුයැ. සෙස්ස පූර්ව කී දැයට සමානමැයි.

පටිකූලමනසිකාරපබ‍්බවණ‍්ණනා නිට‍්ඨිතා.

පටික්කූල මනසිකාර පබ්බය නිමි.

ධාතුමනසිකාරපබ‍්බවණ‍්ණනා

ධාතු මනසිකාර පබ්බ වර්ණනාව

එවං පටිකූලමනසිකාරවසෙන කායානුපස‍්සනං විභජිත්‍වා ඉදානි ධාතුමනසිකාරවසෙන විභජිතුං පුන චපරන‍්තිආදිමාහ. තත්‍රායං ඔපම‍්මසංසන්‍දනෙන සද‍්ධිං අත්‍ථවණ‍්ණනා – යථා කොචි ගොඝාතකො වා තස‍්සෙව වා භත‍්තවෙතනභතො අන‍්තෙවාසිකො ගාවිං වධිත්‍වා විනිවිජ‍්ඣිත්‍වා චතස‍්සො දිසා ගතානං මහාපථානං වෙමජ‍්ඣට‍්ඨානසඞ‍්ඛාතෙ චතුමහාපථෙ කොට‍්ඨාසං කොට‍්ඨාසං කත්‍වා නිසින‍්නො අස‍්ස, එවමෙව භික‍්ඛු චතුන‍්නං ඉරියාපථානං යෙන කෙනචි ආකාරෙන ඨිතත‍්තා යථාඨිතං, යථාඨිතත‍්තා ච යථාපණිහිතං කායං – “අත්‍ථි ඉමස‍්මිං කායෙ පථවීධාතු…පෙ… වායොධාතූ”ති එවං පච‍්චවෙක‍්ඛති.

මෙසේ පිළිකුල් බව මෙනෙහි කිරීම් වශයෙන් කායානුපස්සනාව විස්තරකොට දැන් ධාතු මනසිකාර වශයෙන් මෙනෙහි කරන්ට පුන චපරං යනාදිය වදාළහ. මේ එහි උපමා සංසන්දනයක් සමග අර්ථ වර්ණනාවයි. කිසියම් ගවඝාතකයෙක් හෝ ඔහුගේ බත් වැටුපෙන් පෝෂණය කරන ලද අතවැසියෙක් හෝ ගවයෙකු මරා සතර දිගට විනිවිද ගියා වූ මහාමාර්ගයන්ගේ මධ්‍යස්ථාන නම් වූ සතරමං සන්ධියක කොටස් කොටස් කොට යම්සේ හුන්නේ වේද, එපරිද්දෙන් මහණතෙම සතර ඉරියාපථයන් අතුරෙන් යම්කිසි ආකාරයකින් සිටි හෙයින් සිටිවතින් සිටියා වූ නැවත සිටි පරිදි සිටිහෙයින් පිහිටියා වූ ආකාරයෙන් පිහිටියා වූ කය, ‘මේ ශරීරයෙහි පඨවි ධාතු ඇත. ආපෝ ධාතු ඇත, තේජෝ ධාතු ඇත, වායෝ ධාතු ඇතැයි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.

කිං වුත‍්තං හොති – යථා ගොඝාතකස‍්ස ගාවිං පොසෙන‍්තස‍්සාපි ආඝාතනං ආහරන‍්තස‍්සාපි ආහරිත්‍වා තත්‍ථ බන්‍ධිත්‍වා ඨපෙන‍්තස‍්සාපි වධෙන‍්තස‍්සාපි වධිතං මතං පස‍්සන‍්තස‍්සාපි තාවදෙව ගාවීති සඤ‍්ඤා න අන‍්තරධායති, යාව නං පදාලෙත්‍වා බීලසො න විභජති. විභජිත්‍වා නිසින‍්නස‍්ස පන ගාවීති සඤ‍්ඤා අන‍්තරධායති, මංසසඤ‍්ඤා පවත‍්තති, නාස‍්ස එවං හොති “අහං ගාවිං වික‍්කිණාමි, ඉමෙ ගාවිං හරන‍්තී”ති. අථ ඛ‍්වස‍්ස “අහං මංසං වික‍්කිණාමි, ඉමෙ මංසං හරන‍්ති”ච‍්චෙව හොති, එවමෙව ඉමස‍්සාපි භික‍්ඛුනො පුබ‍්බෙ බාලපුථුජ‍්ජනකාලෙ ගිහිභූතස‍්සාපි පබ‍්බජිතස‍්සාපි තාවදෙව සත‍්තොති වා පුග‍්ගලොති වා සඤ‍්ඤා න අන‍්තරධායති, යාව ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ඝනවිනිබ‍්භොගං කත්‍වා ධාතුසො න පච‍්චවෙක‍්ඛති. ධාතුසො පච‍්චවෙක‍්ඛතො පනස‍්ස සත‍්තසඤ‍්ඤා අන‍්තරධායති, ධාතුවසෙනෙව චිත‍්තං සන‍්තිට‍්ඨති. තෙනාහ භගවා –

කුමක් කියන ලද්දේ වේද යත් - ගවයෙකු පෝෂණය කරන්නා වූ ද, මරණ තැනට ගෙනයන්නා වූද ගෙනගොස් එහි බැඳ තබන්නා වූද නසන ලද මළසිරුර දක්නා වූද ගෝඝාතකයා හට යම්තාක් ඒ ගවයා පලා කොටස් කොටස් වශයෙන් නොබෙදා ද, ඒතාක් ගවයෙක් යන සංඥාව අතුරුදහන් නොවේද, එතකුදු වුවත් බෙදා හුන්නහුට ගව සංඥාව අතුරුදහන් වේ, මාංස සංඥාව පවතීද, මම ගවයෙකු ගෙන යමි. මොවුහු ගවයා ගෙන යත් යයි ඕහට මෙබඳු සිතක් ඇති නොවේද, යලි කිමෙක්, මම මස් විකුණමි. මොවුහු මස් ගෙන යති යයි කියාම ඕහට සිතක් වේද, එපරිද්දෙන්ම පෙර බාල පෘථජ්ජන කාලයෙහි ගිහි වූත්, පැවිදි වූත් මේ මහණ හට ද මේ කය සිටිවනින් පිහිටි ආකාරයෙන් ඝන විනිර්භෝගය කොට යම්තාක් ප්‍රත්‍යවේක්‍ෂා නොකෙරේ ද, ඒ තාක් සත්ත්වයෙකු - පුද්ගලයෙකු යන සංඥාව අතුරුදහන් නොවෙයි. ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නා වූ ඔහුට සත්ත්ව සංඥාව අතුරුදහන් වෙයි. ධාතු වශයෙන්ම සිත පිහිටයි. එබැවින් මෙසේ වදාළහ.

“ඉමමෙව කායං යථාඨිතං යථාපණිහිතං ධාතුසො පච‍්චවෙක‍්ඛති, අත්‍ථි ඉමස‍්මිං කායෙ පථවීධාතු ආපොධාතු තෙජොධාතු වායොධාතූති. සෙය්‍යථාපි, භික‍්ඛවෙ, දක‍්ඛො ගොඝාතකො වා…පෙ… වායොධාතූ”ති.

ඉමමෙව කායං යථාඨිතං යථපණිහිතං ධාතුසො පච්චවෙක්ඛති අත්‍ථි ඉමස්මිං කායෙ පඨවි ධාතු ආපොධාතු, තෙජො ධාතු, වායො ධාතු, සෙය්‍යථා භික්ඛවෙ දක්ඛො ගොඝාතකො වා -පෙ- වායො ධාතු යනුවෙන්

ගොඝාතකො විය හි යොගී, ගාවීති සඤ‍්ඤා විය සත‍්තසඤ‍්ඤා, චතුමහාපථො විය චතුඉරියාපථො, බීලසො විභජිත්‍වා නිසින‍්නභාවො විය ධාතුසො පච‍්චවෙක‍්ඛණන‍්ති අයමෙත්‍ථ පාළිවණ‍්ණනා, කම‍්මට‍්ඨානකථා පන විසුද‍්ධිමග‍්ගෙ විත්‍ථාරිතා.

මෙහි යෝගිතෙම ගෝඝාතකයා මෙනි. සත්ත්ව සංඥාව ගව සංඥාව මෙනි. සතර ඉරියාපථ සතරමං සන්ධිය මෙනි. ධාතු වශයෙන් මෙනෙහි කිරීම කොටස් වශයෙන් බෙදා හුන් බව මෙනැයි මේ මෙහි පෙළ වර්ණනාවයි. කමටහන වනාහි විසුද්ධි මාර්ගයේ විස්තර කරන ලද්දේය.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං චතුධාතුපරිග‍්ගහණෙන අත‍්තනො වා කායෙ, පරස‍්ස වා කායෙ, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස කායෙ කායානුපස‍්සී විහරති. ඉතො පරං වුත‍්තනයමෙව. කෙවලඤ‍්හි ඉධ චතුධාතුපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා නිය්‍යානමුඛං වෙදිතබ‍්බං. සෙසං පුරිමසදිසමෙවාති.

ඉති අජ්ඣත්තං වා මෙසේ චතු ධාතු පරිග්‍රහණයෙන් තමාගේ කයෙහි හෝ අනිකෙකුගේ කයෙහි හෝ කය අනුව බලමින් වෙසෙයි. මෙයින් මතුවෙහිද කී නයමැයි. මෙහි සතර ධාතු පරිග්‍රාහික සතිය දුක්ඛ සත්‍යය නම් වේ. මෙසේ සලකා නිවනට පැමිණෙන දොරටුව දතයුතුය. සෙස්ස, පළමු මෙනි.

ධාතුමනසිකාරපබ‍්බවණ‍්ණනා නිට‍්ඨිතා.

ධාතු මනසිකාර පබ්බය නිමි.

නවසිවථිකපබ‍්බවණ‍්ණනා

සිවථිකා පබ්බ වර්ණනාව

එවං ධාතුමනසිකාරවසෙන කායානුපස‍්සනං විභජිත්‍වා ඉදානි නවහි සිවථිකපබ‍්බෙහි විභජිතුං, පුන චපරන‍්තිආදිමාහ. තත්‍ථ සෙය්‍යථාපි පස‍්සෙය්‍යාති යථා පස‍්සෙය්‍ය. සරීරන‍්ති මතසරීරං. සිවථිකාය ඡඩ‍්ඩීතන‍්ති සුසානෙ අපවිද‍්ධං. එකාහං මතස‍්ස අස‍්සාති එකාහමතං. ද‍්වීහං මතස‍්ස අස‍්සාති ද‍්වීහමතං. තීහං මතස‍්ස අස‍්සාති තීහමතං. භස‍්තා විය වායුනා උද‍්ධං ජීවිතපරියාදානා යථානුක‍්කමං සමුග‍්ගතෙන සූනභාවෙන උද‍්ධුමාතත‍්තා උද‍්ධුමාතකං. විනීලං වුච‍්චති විපරිභින‍්නවණ‍්ණං. විලීනමෙව විනීලකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං විනීලන‍්ති විනීලකං. මංසුස‍්සදට‍්ඨානෙසු රත‍්තවණ‍්ණස‍්ස පුබ‍්බසන‍්නිචයට‍්ඨානෙසු සෙතවණ‍්ණස‍්ස යෙභුය්‍යෙන ච නීලවණ‍්ණස‍්ස නීලට‍්ඨානෙසු නීලසාටකපාරුතස‍්සෙව ඡවසරීරස‍්සෙතං අධිවචනං. පරිභින‍්නට‍්ඨානෙහි නවහි වා වණමුඛෙහි විසන්‍දමානං පුබ‍්බං විපුබ‍්බං. විපුබ‍්බමෙව විපුබ‍්බකං, පටිකූලත‍්තා වා කුච‍්ඡිතං විපුබ‍්බන‍්ති විපුබ‍්බකං. විපුබ‍්බකං ජාතං තථාභාවං ගතන‍්ති විපුබ‍්බකජාතං.

මෙසේ ධාතු මනසිකාර වශයෙන් කායානුපස්සනාව විභාගකොට දැන් නවසිථිකා පබ්බය විස්තර කිරීමට පුන චපරං යන ආදිය කීහ. එහි සෙය්‍යථාපි පස්සෙත්‍ය යනුවෙන් යම්සේ දක්නේද, සරීරං යනු මෘත ශරීරයයි. සිවථිකය ජඩ්ඪිතං සොහොනෙහි දමන ලද, එක්දිනක් (ඉක්මුනේ) මළා වූ ඕහට නුයි එකාහං මතං යනු වේ. දෙදිනක් (ඉක්මුනේ) මළා වූ ඕහට නුයි ද්වීහමතං යනු වේ. තෙ දිනක් (ඉක්මුනේ) මළා වූ ඕහට නුයි තීහමතං යනුවෙන් වාතයෙන් පිරුණු කඹුරු සමක් මෙන් ජීවිතය නැත වීමෙන් පසු ක්‍රමයෙන් නැග්ගා වූ සූනත්‍වයෙන් (අඩු තැන් පිරවීමෙන්) ඉදිමී ගිය බැවින් උද්ධුමාත නම් වේ. උද්ධුමාතය මැ උද්ධුමාතක නම් වේ. නැතහොත් පිළිකුල් බැවින් කුත්සිත වූ උද්ධුමාතයනුයි උද්ධුමාතක නම් වේ. මිශ්‍ර වූ වර්ණ ඇත්තේ විනීල යයි කියනු ලැබේ. විනීලයම විනීලක නම් වේ. පිළිකුල් බැවින් කුත්සිත වූ විනීලයනුයි විනීලක නම් වේ. මස්පිඩු උස්ව නැගි තැන්හි, රක්තවර්ණ වූ සැරව පිරුණු තැන්හි ශ්වේත වර්ණ වූ බොහෝ සෙයින්ම නීල වර්ණ වූ නිල් වූ තැන්හි නිල් සළුවක් පොරවන ලද්දක්හු වැනි මළ සිරුරට මේ නමකි. බිඳුනු තැනකින් හෝ නව වණමුඛයන්ගෙන් හෝ වැහෙන්නා වූ පූයා ඇත්තේ විපුබ්බ නමි. විපුබ්බයම විපුබ්බක නමි. නැතහොත් පිළිකුල් බැවින් කුත්සිත වූ විපුබ්බයනු විපුබ්බක නම් වේ. හටගත් පූයා ඇත්තේ එබඳු ස්වභාවයට ගියේනුයි විපුබ්බක ජාත නම් වේ.

සො ඉමමෙව කායන‍්ති සො භික‍්ඛු ඉමං අත‍්තනො කායං තෙන කායෙන සද‍්ධිං ඤාණෙන උපසංහරති උපනෙති. කථං? අයම‍්පි ඛො කායො එවංධම‍්මො එවංභාවී එවංඅනතීතොති. ඉදං වුත‍්තං හොති –

සො ඉමමෙව කායං යනුවෙන් ඒ මහණතෙම තමාගේ කය ඒ මළසිරුර සමග නුවණින් සමාන කෙරෙයි. එලවයි. කෙසේද යත්, මේ කය ද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවයට පැමිණෙන සුලුය. මෙබඳු ස්වභාවය නොඉක්ම සිටියේ යයි කියායි. මේ කියන ලද වෙයි -

ආයු, උස‍්මා, විඤ‍්ඤාණන‍්ති ඉමෙසං තිණ‍්ණං ධම‍්මානං අත්‍ථිතාය අයං කායො ඨානගමනාදිඛමො හොති ඉමෙසං පන විගමා අයම‍්පි එවංධම‍්මො එවංපූතිකසභාවොයෙව, එවංභාවී එවංඋද‍්ධුමාතාදිභෙදො භවිස‍්සති, එවංඅනතීතො එවංඋද‍්ධුමාතාදිභාවං අනතික‍්කන‍්තොති.

ආයුෂය, තේජෝ ධාතු විඥානය යන මේ ධර්මයන් තුන්දෙනාගේ පැවැත්මේ හේතුවෙන් මේ කය සිටීම්, ගමන් කිරීම් ආදිය ඉවසන්නේ වෙයි. යළි මොවුන්ගේ වෙන්වීමෙන් මේ කයද එවං ධම්මො, මෙසේ කුණුවන ස්වභාවය ඇත්තේමයි. එවං භාවි, මෙපරිද්දෙන්ම උද්ධුමාතක ආදි භේද ඇත්තේ වන්නේය. එවං අනතීතො මෙපරිද්දෙන් උද්ධුමාතක ආදි භාවයන් නොඉක්මවන ලද්දේය.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං උද‍්ධුමාතාදිපරිග‍්ගහණෙන අත‍්තනො වා කායෙ, පරස‍්ස වා කායෙ, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස කායෙ කායානුපස‍්සී විහරති.

ඉති අජ්ඣත්තං වා මෙසේ උද්ධුමාතකාදි ග්‍රහණයෙන් තමාගේ කයෙහි හෝ අනිකෙකුගේ කයෙහි හෝ කය අනුව බලමින් වෙසෙයි. කලෙක තමාගේ හෝ කලෙක අනිකෙකුගේ කයෙහි කය අනුව බලමින් වෙසෙයි.

ඛජ‍්ජමානන‍්ති උදරාදීසු නිසීදිත්‍වා උදරමංසඔට‍්ඨමංසඅක‍්ඛිකූටාදීනි ලුඤ‍්චිත්‍වා ලුඤ‍්චිත්‍වා ඛාදියමානං. සමංසලොහිතන‍්ති සෙසාවසෙසමංසලොහිතයුත‍්තං. නිමංසලොහිතමක‍්ඛිතන‍්ති මංසෙ ඛීණෙපි ලොහිතං න සුස‍්සති, තං සන්‍ධාය වුත‍්තං “නිමංසලොහිතමක‍්ඛිත”න‍්ති. අඤ‍්ඤෙනාති අඤ‍්ඤෙන දිසාභාගෙන. හත්‍ථට‍්ඨිකන‍්ති චතුසට‍්ඨිභෙදම‍්පි හත්‍ථට‍්ඨිකං පාටියෙක‍්කං විප‍්පකිණ‍්ණං. පාදට‍්ඨිකාදීසුපි එසෙව නයො.

ඛජ්ජමානං යනුවෙන් උදර ආදියෙහි සිටිමින් උදර මාංශයද, ඇස ගුල ආදිය ගලව ගලවා කනු ලබන්නා වූ, සමංස ලොහිතං සෙසු ඉතිරි මස් ලේ සහිත වූ නිම්මංස ලොහිත මක්ඛිත්තං මස් ක්‍ෂය වී ගිය කල්හිද, ලේ නොවියලෙයි. එහෙයින් වදාරණ ලදී. ලොහිත මක්ඛිත්තං යයි අඤ්ඤෙන අන්‍ය දිශාවක, හත්‍ථිට්ඨිකං යනු සූසැටක් භේද ඇති, වෙන වෙනම විසුරුණා වූ අත් ඇටද පා ඇටද, ආදියෙහි ද මෙම ක්‍රමයම වේ.

තෙරොවස‍්සිකානීති අතික‍්කන‍්තසංවච‍්ඡරානි. පූතීනීති අබ‍්භොකාසෙ ඨිතානි වාතාතපවුට‍්ඨිසම‍්ඵස‍්සෙන තෙරොවස‍්සිකානෙව පූතීනි හොන‍්ති. අන‍්තොභූමිගතානි පන චිරතරං තිට‍්ඨන‍්ති. චුණ‍්ණකජාතානීති චුණ‍්ණං චුණ‍්ණං හුත්‍වා විප‍්පකිණ‍්ණානි. සබ‍්බත්‍ථ සො ඉමමෙවාති වුත‍්තනයෙන ඛජ‍්ජමානාදීනං වසෙන යොජනා කාතබ‍්බා.

තොරොවස්සිකානි දෙතුන් වසරක් ඉක්මුනා වූ එලිමහනේ තිබුණා වූ අව් වැසි සුළං වැදීමෙන් වසක් ඉක්මුනාහු කුණු වූවාහු වෙති. පොලෝ තුලට පැමිණියාහු වනාහි බොහෝ කලක් පවතිත්. චුණ්ණක ජාතානි. සුණු සුණුව විසුරුණාහු සියලු තැන්හි සො ඉම මෙව යනු කී පරිද්දෙන් ඛජ්ජමානං යනාදි පදයන්ගේ වශයෙන් යෝජනා කළ යුත්තේය.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං ඛජ‍්ජමානාදිපරිග‍්ගහණෙන යාව චුණ‍්ණකභාවා අත‍්තනො වා කායෙ, පරස‍්ස වා කායෙ, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස කායෙ කායානුපස‍්සී විහරති.

ඉති අජ්ඣත්තං වා මෙසේ (කාකාදින් විසින්) කනු ලබන්නා වූ ශරීර ආදිය පරිග්‍රහණය කිරීමෙන් සුණු වූ ශරීරය තෙක් තමාගේ කයෙහි හෝ අනිකෙකුගේ කයෙහි හෝ කලෙක තමාගේ හෝ කලෙක අනිකෙකුගේ හෝ කයෙහි කායානුදර්ශීව වෙසෙයි.

ඉධ පන ඨත්‍වා නවසිවථිකා සමොධානෙතබ‍්බා.

නැවත මෙතැන්හි සිට නව සිවථිකා එක්කොට දැක්විය යුත්තාහුය. මේ එහි එක්තැන් කිරීමේ ක්‍රමයයි.

“එකාහමතං වා”තිආදිනා නයෙන වුත‍්තා සබ‍්බාපි එකා, “කාකෙහි වා ඛජ‍්ජමාන”න‍්තිආදිකා එකා, “අට‍්ඨිකසඞ‍්ඛලිකං සමංසලොහිතං න‍්හාරුසම‍්බන්‍ධ”න‍්ති එකා, “නිමංසලොහිතමක‍්ඛිතං න‍්හාරුසම‍්බන්‍ධ”න‍්ති එකා, “අපගතමංසලොහිතං න‍්හාරුසම‍්බන්‍ධ”න‍්ති එකා, “අට‍්ඨිකානි අපගතසම‍්බන්‍ධානී”තිආදිකා එකා, “අට‍්ඨිකානි සෙතානි සඞ‍්ඛවණ‍්ණපටිභාගානී”ති එකා, “පුඤ‍්ජකිතානි තෙරොවස‍්සිකානී”ති එකා, “පූතීනි චුණ‍්ණකජාතානී”ති එකා.

එකාහං මතං වා යනාදි නයින් වදාළ සියල්ලම එක් සිවථිකයෙකි. කාකෙහි වා ඛජ්ජමානං යනාදිය එකෙක. අට්ඨි සංඛලිකං සමංසලොහිතං නහාරු සමබන්‍ධං යනු එකෙක. නිම්මංස ලොහිත මක්ඛිත්තං නහාරු සමබන්‍ධං යනු එකෙක. අපගත මංසලොහිතං නහාරු සම්බන්‍ධං යනු එකෙක. අට්ඨිකානි අපගත සම්බන්‍ධානි යනු එකෙකි. අට්ඨිකානු සෙතාන සච්චවණ්ණු පනිභානී යනු එකෙකි. අට්ඨිකානි පුඤ්ජකිතානි තෙරො වස්සිකානි යනු එකෙකි. අට්ඨිකානි පූතීපන චුණ්ණක ජාතානි යනු එකෙකි.

එවං ඛො, භික‍්ඛවෙති ඉදං නවසිවථිකා දස‍්සෙත්‍වා කායානුපස‍්සනං නිට‍්ඨපෙන‍්තො ආහ. තත්‍ථ නවසිවථිකපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චං, තස‍්සා සමුට‍්ඨාපිකා පුරිමතණ‍්හා සමුදයසච‍්චං, උභින‍්නං අප‍්පවත‍්ති නිරොධසච‍්චං, දුක‍්ඛපරිජානනො සමුදයපජහනො නිරොධාරම‍්මණො අරියමග‍්ගො මග‍්ගසච‍්චං. එවං චතුසච‍්චවසෙනෙව උස‍්සක‍්කිත්‍වා නිබ‍්බුතිං පාපුණාතීති ඉදං නවසිවථිකපරිග‍්ගාහකානං භික‍්ඛූනං යාව අරහත‍්තා නිය්‍යානමුඛන‍්ති.

එවං ඛො භික්ඛවෙ යන මෙය නව සීවථිකය දක්වා කායානුපස්සිනා දේශනාව නිමවමින් වදාළ සේක. එහි නව සීවථික පරිග්ගාහික වූ සතිය දුක්ඛ සත්‍යය ඒ සතිය උපදවන්නන් වූ පළමු තණ්හාව සමුදය සත්‍ය වේ. ඒ දෙදෙනාගේම නොපැවැත්ම නිරෝධ සත්‍යයැ. දුක දැනගත්තාවූ සමුදය දුරුකරන්නා වූ නිවන් අරමුණු කරන්නා වූ ආර්ය මාර්ගය තෙම මාර්ග සත්‍යයැ. මෙසේ චතු සච්ච වශයෙන් උත්සාහකොට නිවනට පැමිණේ යයි මේ නවසිවථික පරිග්ගාහක වූ භික්‍ෂූන්ගේ රහත් බව තෙක් නිවන්දොර වේ.

නවසිවථිකපබ‍්බවණ‍්ණනා නිට‍්ඨිතා.

සිවථිකා පබ්බය නිමි.

එත‍්තාවතා ච ආනාපානපබ‍්බං ඉරියාපථපබ‍්බං චතුසම‍්පජඤ‍්ඤපබ‍්බං පටිකූලමනසිකාරපබ‍්බං ධාතුමනසිකාරපබ‍්බං නවසිවථිකපබ‍්බානීති චුද‍්දසපබ‍්බා කායානුපස‍්සනා නිට‍්ඨිතා හොති.

මෙතෙකින්, ආනාපාන පබ්බය, ඉරියාපථ පබ්බ, චතු සම්පජඤ්ඤා පබ්බය, පටික්කූල මනසිකාර පබබය, ධාතු මනසිකාර පබ්බය, නවසිවථිකා පබ්බය යයි තුදුස් පබ්බයක් ඇති කායානුපස්සනාව නිමවන ලද්දී වෙයි.

තත්‍ථ ආනාපානපබ‍්බං පටිකූලමනසිකාරපබ‍්බන‍්ති ඉමානෙව ද‍්වෙ අප‍්පනාකම‍්මට‍්ඨානානි. සිවථිකානං පන ආදීනවානුපස‍්සනාවසෙන වුත‍්තත‍්තා සෙසානි ද‍්වාදසාපි උපචාරකම‍්මට‍්ඨානානෙවාති.

එම තුදුස් පබ්බයන් අතුරෙහි, ආනාපාන පබ්බය පටික්කූල මනසිකාර පබ්බය යන දෙකම අප්පනා කමටහන්ය. සිවථිකයන් වනාහි ආදිනවානු පස්සනා වශයෙන් වදාළ බැවින් සෙසු දොලොසම උපචාර කර්මස්ථානයෝ යැ.

කායානුපස‍්සනා නිට‍්ඨිතා.

කායානු පස්සනා සතිපට්ඨානය නිමි.