යෙදුමෙන් කියවන්න

වෙදනානුපස‍්සනාවණ‍්ණනා අට‍්ඨකථා

වෙදනානුපස‍්සනාවණ‍්ණනා

වේදනානුපස්සනා වර්ණනාව

එවං භගවා චුද‍්දසවිධෙන කායානුපස‍්සනාසතිපට‍්ඨානං කථෙත්‍වා ඉදානි නවවිධෙන වෙදනානුපස‍්සනං කථෙතුං කථඤ‍්ච, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ සුඛං වෙදනන‍්ති කායිකං වා චෙතසිකං වා සුඛං වෙදනං වෙදයමානො “අහං සුඛං වෙදනං වෙදයාමී”ති පජානාතීති අත්‍ථො. තත්‍ථ කාමං උත‍්තානසෙය්‍යකාපි දාරකා ථඤ‍්ඤපිවනාදිකාලෙ සුඛං වෙදයමානා “සුඛං වෙදයාමා”ති පජානන‍්ති, න පනෙතං එවරූපං ජානනං සන්‍ධාය වුත‍්තං. එවරූපං ජානනං හි සත‍්තූපලද‍්ධිං න ජහති, සත‍්තසඤ‍්ඤං න උග‍්ඝාටෙති, කම‍්මට‍්ඨානං වා සතිපට‍්ඨානභාවනා වා න හොති. ඉමස‍්ස පන භික‍්ඛුනො ජානනං සත‍්තූපලද‍්ධිං ජහති, සත‍්තසඤ‍්ඤං උග‍්ඝාටෙති, කම‍්මට‍්ඨානං චෙව සතිපට‍්ඨානභාවනා ච හොති. ඉදඤ‍්හි “කො වෙදයති, කස‍්ස වෙදනා, කිං කාරණා වෙදනා”ති එවං සම‍්පජානවෙදියනං සන්‍ධාය වුත‍්තං.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ තුදුස් ආකාරයකින් කායානුපස්සනා සතිපට්ඨානය වදාරා දැන් නව අයුරකින් වෙදනානුපස්සනාව දක්වන්නට කථඤ්ච භික්ඛවෙ, යනාදිය වදාළහ. එහි සුඛං වෙදනං යනු කායික වූ හෝ චෛතසික වූ හෝ සැප වේදනාව විඳින්නේ මම සැප වේදනාවක් විඳිමියි දැනගනී යන අර්ථය වෙයි. ඒ දැනීමෙහි ඒකාන්තයෙන් උඩුකුරුව හෝනා වූ ළදරුවෝ පවා කිරි පීම් ආදි කාලයෙහි සැපවිඳින්නාහු අපි සැපයක් විඳිමු යයි දැනගනිත්. එතකුදු වුවත් මේ යෝගාවචරයාගේ දැනුම එබඳු දැනීමක් සඳහා නොවදාරණ ලදී. ඒ ළදරුවන්ගේ දැනීම වැනි දැනුම සත්ත්ව දෘෂ්ටිය අත්නොහරී. සත්ත්වයෙක යන සංඥාව නො උගුලුවයි. කමටහනක් හෝ සතිපට්ඨාන භාවනාවක් හෝ නොවෙයි. මෙම භික්‍ෂූහුගේ දැනගැනීම වනාහි සති දෘෂ්ටිය දුරු කරයි. සත්ත්ව සංඥාව ගලවා පියයි. කමටහන හා සතිපට්ඨානයද වෙයි. මෙය වනාහි කවරෙක් විඳී ද, කවරෙකුගේ විඳීමක් ද, කුමන කරුණකින් වූ වේදනාවක්දැයි. මෙසේ නුවණින් දැක විඳීම සඳහා වදාරණ ලදී.

තත්‍ථ කො වෙදයතීති න කොචි සත‍්තො වා පුග‍්ගලො වා වෙදයති. කස‍්ස වෙදනාති න කස‍්සචි සත‍්තස‍්ස වා පුග‍්ගලස‍්ස වා වෙදනා. කිං කාරණා වෙදනාති වත්‍ථුආරම‍්මණාව පනස‍්ස වෙදනා. තස‍්මා එස එවං පජානාති – “තං තං සුඛාදීනං වත්‍ථුං ආරම‍්මණං කත්‍වා වෙදනාව වෙදයති. තං පන වෙදනාපවත‍්තිං උපාදාය ‘අහං වෙදයාමී’ති වොහාරමත‍්තං හොතී”ති. එවං වෙදනාව වත්‍ථුං ආරම‍්මණං කත්‍වා වෙදනාව වෙදයතීති සල‍්ලක‍්ඛෙන‍්තො එස “සුඛං වෙදනං වෙදයාමී”ති පජානාතීති වෙදිතබ‍්බො. චිත‍්තලපබ‍්බතෙ අඤ‍්ඤතරො ථෙරො විය.

ඒ ප්‍රශ්න කිරීමෙහි කවරෙක් විඳීද? යනු කිසි සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නොවිඳියි. කවරෙකුගේ විඳීමෙක් ද? යනු කිසි සත්ත්වයෙකුගේ හෝ පුද්ගලයෙකුගේ හෝ විඳීමක් නොවේ. කවර කරුණකින් වූ වේදනාවක් ද යනු සත්‍වාරම්මණයෙන් වේදනා තොමෝ වන්නීය. මේ යෝගාවචර තෙම කුමක්හෙයින් මෙසේ දැනගනී ද යත් ඒ ඒ සුඛ ආදි වස්තුව අරමුණුකොට වේදනා තොමෝ ම විඳී. එම වේදනා ප්‍රවෘත්තිය ගෙන මම විඳිමියි ව්‍යවහාර මාත්‍රයක් වේයයි මෙසේ වස්තුව අරමුණු කොට වේදනා තොමෝ විඳීයයි සලකන්නා වූ මෙතෙම සැප වේදනාව විඳිමියි දැනගනීයයි දතයුතු යැ. සිතුල් පව්වෙහි එක්තරා තෙර කෙනෙක් මෙනි.

සිතුල්පව් වැසි තෙරුන් වහන්සේ නමක්

ථෙරො කිර අඵාසුකකාලෙ බලවවෙදනාය නිත්‍ථුනන‍්තො අපරාපරං පරිවත‍්තති. තමෙකො දහරො ආහ “කතරං වො, භන‍්තෙ, ඨානං රුජ‍්ජතී”ති. ආවුසො, පාටියෙක‍්කං රුජ‍්ජනට‍්ඨානං නාම නත්‍ථි, වත්‍ථුං ආරම‍්මණං කත්‍වා වෙදනාව වෙදයතීති. එවං ජානනකාලතො පට‍්ඨාය අධිවාසෙතුං වට‍්ටති නො, භන‍්තෙති. අධිවාසෙමි ආවුසොති. අධිවාසනා, භන‍්තෙ, සෙය්‍යාති. ථෙරො අධිවාසෙසි. තතො වාතො යාව හදයා ඵාලෙසි, මඤ‍්චකෙ අන‍්තානි රාසිකතානි අහෙසුං. ථෙරො දහරස‍්ස දස‍්සෙසි “වට‍්ටතාවුසො, එත‍්තකා අධිවාසනා”ති. දහරො තුණ‍්හී අහොසි. ථෙරො වීරියසමතං යොජෙත්‍වා සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිත්‍වා සමසීසී හුත්‍වා පරිනිබ‍්බායි.

තෙරුන් වහන්සේ රෝගී කාලයෙහි බලවත් වේදනාවෙන් කෙඳිරිගාමින් ඔබිනොබ පෙරලෙති. උන්වහන්සේට එක්තරා තරුණ භික්‍ෂුවක් මෙසේ කීය. ස්වාමීනි, ඔබවහන්සේගේ කවර තැනක් රිදීම කෙරේදැයි ඇවැත්නි, වෙනම රිදෙන තැනක් නම් නැති. (කායනම් වූ වස්තුව) අරමුණුකොට වේදනා තොමෝ විඳී යයි (කීහ.) ස්වාමීනි, මෙසේ දන්නා කල පටන් ඉවසන්ට සුදුසු නේන්ද? ඇවැත්නි, ඉවසමියි කීය. ස්වාමීනි ඉවසීම උතුම්ම වෙයි. තෙරණුවෝ ඉවසූහ. වාතය ළය දක්වා පැලීය. ඇඳෙහි අතුනු එකතු වූහ. තෙරණුවෝ තරුණ භික්‍ෂුවට ඇවැත්නි, මෙතෙක් ඉවසීම වටීදැයි දැක්වූහ. තරුණ භික්‍ෂුව තුෂ්ණිම්භත විය. තෙරණුවෝ වීර්ය සමත්‍වය යොදා සිව්පිළිසිඹියා සමග රහත් බවට පැමිණ සමසීසව පිරිනිවි සේක.

යථා ච සුඛං, එවං දුක‍්ඛං…පෙ… නිරාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදයමානො “නිරාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදයාමී”ති පජානාති.

සුඛ වේදනාව යම්සේ ද එපරිද්දෙන් දුක්ඛ වේදනාව -පෙ- නිරාමිස වූ අදුක්ඛමසුඛ වේදනාව විඳින්නේ නිරාමිස වූ අදුක්ඛ මසුඛ වේදනාව විඳිමි යයි දැනගනී.

ඉති භගවා රූපකම‍්මට‍්ඨානං කථෙත්‍වා අරූපකම‍්මට‍්ඨානං කථෙන‍්තො වෙදනාවසෙන කථෙසි. දුවිධඤ‍්හි කම‍්මට‍්ඨානං රූපකම‍්මට‍්ඨානඤ‍්ච අරූපකම‍්මට‍්ඨානඤ‍්ච. රූපපරිග‍්ගහො අරූපපරිග‍්ගහොතිපි එතදෙව වුච‍්චති. තත්‍ථ භගවා රූපකම‍්මට‍්ඨානං කථෙන‍්තො සඞ‍්ඛෙපමනසිකාරවසෙන වා විත්‍ථාරමනසිකාරවසෙන වා චතුධාතුවවත්‍ථානං කථෙසි. තදුභයම‍්පි සබ‍්බාකාරතො විසුද‍්ධිමග‍්ගෙ දස‍්සිතමෙව.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ රූප කමටහන වදාරා අරූප කමටහන වදාරණ සේක්, වේදනා වශයෙන්ම වදාළහ. එම කමටහන, දෙවැදෑරුම් වෙයි. රූප කමටහන, අරූප කමටහන කියායි. මෙම කමටහන් දෙකම රූප පරිග්ගහ, අරූප පරිග්ගහ යයිද කියනු ලැබේ. මෙම ද්විධ කමටහන් අතුරෙන් භාග්‍යවතුන් වහන්සේ රූප කමටහන වදාරණ සේක්, සංක්‍ෂෙප මනසිකාර වශයෙන් සවිස්තර මනසිකාර වශයෙන් හෝ චතුධාතු වවත්‍ථානය වදාරණ සේක. ඒ දෙකම විසුද්ධි මාර්ගයෙහි සර්වාකාරයෙන් දක්වන ලද්දේමය.

අරූපකම‍්මට‍්ඨානං පන කථෙන‍්තො යෙභුය්‍යෙන වෙදනාවසෙන කථෙති. තිවිධො හි අරූපකම‍්මට‍්ඨානෙ අභිනිවෙසො ඵස‍්සවසෙන වෙදනාවසෙන චිත‍්තවසෙනාති. කථං?

අනතුරුව අරූප කර්මස්ථානය වදාරණ සේක් බොහෝ සෙයින් වේදනා වශයෙන් වදාරති. එය විස්තර කරනු ලැබේ. අරූප කමටහනෙහි අභිනිවෙසය (=පිහිටුවීම) තෙ වැදෑරුම් වේ. ඵස්ස වශයෙන් වේදනා වශයෙන් සහ චිත්ත වශයෙන් කියායි. කෙසේද යත්,

එකච‍්චස‍්ස හි සංඛිත‍්තෙන වා විත්‍ථාරෙන වා පරිග‍්ගහිතෙ රූපකම‍්මට‍්ඨානෙ තස‍්මිං ආරම‍්මණෙ චිත‍්තචෙතසිකානං පඨමාභිනිපාතො තං ආරම‍්මණං ඵුසන‍්තො උප‍්පජ‍්ජමානො ඵස‍්සො පාකටො හොති. එකච‍්චස‍්ස තං ආරම‍්මණං අනුභවන‍්තී උප‍්පජ‍්ජමානා වෙදනා පාකටා හොති. එකච‍්චස‍්ස තං ආරම‍්මණං පරිග‍්ගහෙත්‍වා විජානන‍්තං උප‍්පජ‍්ජමානං විඤ‍්ඤාණං පාකටං හොති. තත්‍ථ යස‍්ස ඵස‍්සො පාකටො හොති, සොපි “න කෙවලං ඵස‍්සොව උප‍්පජ‍්ජති, තෙන සද‍්ධිං තදෙව ආරම‍්මණං අනුභවමානා වෙදනාපි උප‍්පජ‍්ජති, සඤ‍්ජානනමානා සඤ‍්ඤාපි, චෙතයමානා චෙතනාපි, විජානනමානං විඤ‍්ඤාණම‍්පි උප‍්පජ‍්ජතී”ති ඵස‍්සපඤ‍්චමකෙයෙව පරිග‍්ගණ‍්හාති. යස‍්ස වෙදනා පාකටා හොති. සො “න කෙවලං වෙදනාව උප‍්පජ‍්ජති, තාය සද‍්ධිං තදෙවාරම‍්මණං ඵුසමානො ඵස‍්සොපි උප‍්පජ‍්ජති, සඤ‍්ජානනමානා සඤ‍්ඤාපි, චෙතයමානා චෙතනාපි, විජානනමානං විඤ‍්ඤාණම‍්පි උප‍්පජ‍්ජතී”ති ඵස‍්සපඤ‍්චමකෙයෙව පරිග‍්ගණ‍්හාති. යස‍්ස විඤ‍්ඤාණං පාකටං හොති, සො “න කෙවලං විඤ‍්ඤාණමෙව උප‍්පජ‍්ජති, තෙන සද‍්ධිං තදෙවාරම‍්මණං ඵුසමානො ඵස‍්සොපි උප‍්පජ‍්ජති, අනුභවමානා වෙදනාපි, සඤ‍්ජානනමානා සඤ‍්ඤාපි, චෙතයමානා චෙතනාපි උප‍්පජ‍්ජතී”ති ඵස‍්සපඤ‍්චමකෙයෙව පරිග‍්ගණ‍්හාති.

ඇතැම් යෝගාවචරයෙකුට සැකෙවින් හෝ විස්තර වශයෙන් හෝ රූප කමටහන පරිග්ගහනය කළ කල්හි රූපාරම්මණයෙහි චිත්ත චෛතසිකයන්ගේ පළමු අභිනිපාතය (=ඉදිරියෙහි පතිතවීම) ඇතිකල්හි එම අරමුණ ස්පර්ශ කරමින් උපදින්නා වූ ස්පර්ශය ප්‍රකට වෙයි. කිසිවෙකුට ඒ අරමුණ විඳිමින් උපාදාන වූ වේදනාව ප්‍රකට වෙයි. ඇතැම් කෙනෙකුට ඒ අරමුණ පරිග්‍රහණය කොට දැනගනිමින් උපදින්නා වූ විඥානය ප්‍රකට වෙයි. ඔවුන් තිදෙනා අතුරෙහි යමෙකුට ස්පර්ශය ප්‍රකට වේද, හෙතෙමේද, ‘හුදෙක් ස්පර්ශයම නොඋපදී’ ඒ ස්පර්ශය සමග එම අරමුණම විඳිමින් වේදනාව උපදී. හැඳින ගනිමින් සංඥාවද, සිතමින් චේතනාවද, දැනගනිමින් විඥානයද උපදී යයි ඵස්ස පඤ්චම ධර්මයන්ම (=වෙදනා සංඥා-චෙතනා-විඥාන) ධර්මයන්ම පරිග්‍රහණය කෙරෙයි. යමෙකුට විඥානය ප්‍රකටවේද හෙතෙමේත් හුදෙක් විඥානයම නූපදී. එම විඥානය සමගම එම අරමුණම ස්පර්ශ කරමින් ඵස්සය ද උපදී. අරමුණ රසය අනුභව කරමින් වේදනාව ද හැඳින ගනිමින් සංඥාවද සිතමින් චේතනාවද උපදී යයි ඵස්ස පංචමක ධර්මයන්ම පරිග්‍රහණය කෙරෙයි. [missing trans?]

සො “ඉමෙ ඵස‍්සපඤ‍්චමකා ධම‍්මා කිං නිස‍්සිතා”ති උපධාරෙන‍්තො “වත්‍ථුං නිස‍්සිතා”ති පජානාති. වත්‍ථු නාම කරජකායො, යං සන්‍ධාය වුත‍්තං “ඉදඤ‍්ච මෙ විඤ‍්ඤාණං එත්‍ථ සිතං එත්‍ථ පටිබද‍්ධ”න‍්ති (දී· නි· 1.234,235; ම· නි· 2.252). සො අත්‍ථතො භූතානි චෙව උපාදාරූපානි ච. එවමෙත්‍ථ “වත්‍ථු රූපං, ඵස‍්සපඤ‍්චමකා නාම”න‍්ති නාමරූපමත‍්තමෙව පස‍්සති. රූපං චෙත්‍ථ රූපක‍්ඛන්‍ධො, නාමං චත‍්තාරො අරූපිනො ඛන්‍ධාති පඤ‍්චක‍්ඛන්‍ධමත‍්තං හොති. නාමරූපවිනිමුත‍්තා හි පඤ‍්චක‍්ඛන්‍ධා, පඤ‍්චක‍්ඛන්‍ධවිනිමුත‍්තඤ‍්ච නාමරූපං නත්‍ථි.

හෙතෙම මේ ඵස්ස පංචමක ධර්මයෝ කුමක් ඇසුරු කළාහුදැයි විමසන්නේ හදවත ඇසුරු කළාහුයයි දැනගනී. වස්තුව නම් කරජකයයැ. මේ සඳහා කියන ලදී. ඉදඤ්ච පන මෙ විඤ්ඤාණං එත්‍ථසිතං එත්‍ථ පටිබද්ධං යයි වදාරණ ලදද එහෙයිනි. ඒ කරජ කය අර්ථ වශයෙන් සතර මහාභූතයන් හා උපාදාය රූපයෝ ද වෙති. මෙපරිද්දෙන් මෙහි වස්තුව, රූපය යැ. ඵස්ස පංචමක ධර්මයෝ නාමයයි ද නාමරූප මාත්‍රයක්ම දකී. තව ද මෙහි රූපය - රූපකන්ධ නම් වේ. නාමය සතර අරූප ස්කන්ධයෝ යයි පඤ්ච ස්කන්ධයම වෙයි. එය එසේමැයි. නාමරූපයෙන් තොර වූ පඤ්ච ස්කන්ධයෝ හෝ පඤ්ච ස්කන්ධයෝ හෝ පඤ්ච ස්කන්ධයෙන් තොර වූ නාමරූපයෙක් හෝ නැත.

සො “ඉමෙ පඤ‍්චක‍්ඛන්‍ධා කිං හෙතුකා”ති උපපරික‍්ඛන‍්තො “අවිජ‍්ජාදිහෙතුකා”ති පස‍්සති. තතො පච‍්චයො චෙව පච‍්චයුප‍්පන‍්නඤ‍්ච ඉදං, අඤ‍්ඤො සත‍්තො වා පුග‍්ගලො වා නත්‍ථි, සුද‍්ධසඞ‍්ඛාරපුඤ‍්ජමත‍්තමෙවාති සප‍්පච‍්චයනාමරූපවසෙන තිලක‍්ඛණං ආරොපෙත්‍වා විපස‍්සනාපටිපාටියා “අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා”ති සම‍්මසන‍්තො විචරති.

හෙතෙම මෙම ස්කන්ධ පංචකය කුමක් හේතුකොට හටගත්තාහුදැයි පරීක්‍ෂා කරන්නේ අවිජ්ජා ආදිය හේතුකොට හටගත්තාහු යයි දකී. ඉක්බිති මේ නාම රූප කය ප්‍රත්‍ය හා ප්‍රත්‍යොත්පන්න ධර්මද වෙයි. අනෙක් සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැති ශුද්ධ වූ සංස්කාර රාශි මාත්‍රයක්ම යයි ප්‍රත්‍ය සහිත නාමරූපයන්ගේ වශයෙන් ත්‍රිලක්‍ෂණයටම නගා විදසුන් වඩා පිළිවෙලින් අනිත්‍යයැ. දුක්ඛයැ. අනාත්මයැ. සම්මර්ශනය කෙරෙමින් හැසිරෙයි.

සො “අජ‍්ජ අජ‍්ජා”ති පටිවෙධං ආකඞ‍්ඛමානො තථාරූපෙ දිවසෙ උතුසප‍්පාය පුග‍්ගලසප‍්පාය භොජනසප‍්පාය ධම‍්මස‍්සවනසප‍්පායං ලභිත්‍වා එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නො විපස‍්සනං මත්‍ථකං පාපෙත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨාති. එවං ඉමෙසම‍්පි තිණ‍්ණං ජනානං යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං කථිතං හොති.

හෙතෙම ප්‍රතිවේධය අද අද වේයයි කැමති වෙමින් එබඳු වූ දිනයක ඍතු පහසුව හෝ පුද්ගල පහසුව හෝ භෝජන පහසුව හෝ ධර්මශ්‍රවණ පහසුව හෝ ලැබ එක් පලගක හුන්නේ විදසුන් නැණ මුදුන් පමුණුවා රහත්ඵලයෙහි පිහිටටයි. මෙසේ මෙම තිදෙනාගේම රහත්ඵලය තෙක් කමටහන කියන ලද්දේ වෙයි.

ඉධ පන භගවා අරූපකම‍්මට‍්ඨානං කථෙන‍්තො වෙදනාවසෙන කථෙසි. ඵස‍්සවසෙන වා හි විඤ‍්ඤාණවසෙන වා කථීයමානං න පාකටං හොති, අන්‍ධකාරං විය ඛායති. වෙදනාවසෙන පන පාකටං හොති. කස‍්මා? වෙදනානං උප‍්පත‍්තිපාකටතාය. සුඛදුක‍්ඛවෙදනානඤ‍්හි උප‍්පත‍්ති පාකටා. යදා සුඛං උප‍්පජ‍්ජති, සකලසරීරං ඛොභෙන‍්තං මද‍්දන‍්තං ඵරමානං අභිසන්‍දයමානං සතධොතං සප‍්පිං ඛාදාපයන‍්තං විය සතපාකතෙලං මක‍්ඛයමානං විය ඝටසහස‍්සෙන පරිළාහං නිබ‍්බාපයමානං විය “අහො සුඛං අහො සුඛ”න‍්ති වාචං නිච‍්ඡාරයමානමෙව උප‍්පජ‍්ජති. යදා දුක‍්ඛං උප‍්පජ‍්ජති, සකලසරීරං ඛොභෙන‍්තං මද‍්දන‍්තං ඵරමානං අභිසන්‍දයමානං තත‍්තඵාලං පවෙසෙන‍්තං විය විලීනතම‍්බලොහෙන ආසිඤ‍්චන‍්තං විය සුක‍්ඛතිණවනප‍්පතිම‍්හි අරඤ‍්ඤෙ දාරුඋක‍්කාකලාපං ඛිපමානං විය “අහො දුක‍්ඛං අහො දුක‍්ඛ”න‍්ති විප‍්පලාපයමානමෙව උප‍්පජ‍්ජති. ඉති සුඛදුක‍්ඛවෙදනානං උප‍්පත‍්ති පාකටා හොති.

මෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ අරූප කමටහන වදාරණ සේක් වේදනා වශයෙන් වදාළහ. යම්හෙයකින් ඵස්ස වශයෙන් හෝ විඤ්ඤාණ වශයෙන් හෝ වදාරනු ලබන්නේ ප්‍රකට නොවේ ද, අන්ධකාරයක් මෙන් වැටහේ ද, වේදනා වශයෙන්ම ප්‍රකට වේද, කුමක් හෙයින්ද යත්? වේදනාවන්ගේ උත්පත්තියේ ප්‍රකට බැවිනි. එය එසේමැයි. සැප දුක් වේදනාවන්ගේ උත්පත්තිය ප්‍රකටයැ. යම්විටෙක සැප වේදනාවක් උපදීද, එකල්හි සියලු ශරීරය අලලමින් මඩමින් පැතිරෙමින් වගුරුවමින් සියක් වරක් සෝදන ලද ගිතෙලක් කවන කලක් මෙන් සියක් වරක් පැසූ තෙලක් ගල්වන කලක් මෙන් වතුර කළ දහසකින් පරිදාහය නිවන කලක් මෙන් අහෝ සැපයැ. අහෝ සැපයැයි වචන පිටකරමින් උපදී. යම් විටක දුක්වේදනාවක් උපදීද, එකල්හි මුලු සිරුර අලලමින් මඩිමින් පැතිරවමින් වගුරුවමින් රත්කළ සීවැලක් ප්‍රවේශ කරන කලක් මෙන් ද්‍රව වූ තඹ ලෝහය ඉසිකලක් මෙන් වියලි තණ වනදෙටු රුක් ඇති වනයක දරගිනි හුල් මිටියක් දමන කලක් මෙන් අහෝ දුකැයි අහෝ දුකැයි විලාප නගමින්ම උපදී. මෙපරිද්දෙන්ම සැප වේදනාවන්ගේ ද ඉපදීම ප්‍රකාශ වෙයි.

අදුක‍්ඛමසුඛා පන දුද‍්දීපනා අන්‍ධකාරාව අවිභූතා. සා සුඛදුක‍්ඛානං අපගමෙ සාතාසාතප‍්පටික‍්ඛෙපවසෙන මජ‍්ඣත‍්තාකාරභූතා අදුක‍්ඛමසුඛා වෙදනාති නයතො ගණ‍්හන‍්තස‍්ස පාකටා හොති. යථා කිං? යථා අන‍්තරා පිට‍්ඨිපාසාණං ආරොහිත්‍වා පලාතස‍්ස මිගස‍්ස අනුපථං ගච‍්ඡන‍්තො මිගලුද‍්දකො පිට‍්ඨිපාසාණස‍්ස ඔරභාගෙපි පරභාගෙපි පදං දිස‍්වා මජ‍්ඣෙ අපස‍්සන‍්තොපි “ඉතො ආරුළ‍්හො, ඉතො ඔරුළ‍්හො, මජ‍්ඣෙ පිට‍්ඨිපාසාණෙ ඉමිනා පදෙසෙන ගතො භවිස‍්සතී”ති නයතො ජානාති, එවං ආරුළ‍්හට‍්ඨානෙ පදං විය හි සුඛවෙදනාය උප‍්පත‍්ති පාකටා හොති. ඔරුළ‍්හට‍්ඨානෙ පදං විය දුක‍්ඛවෙදනාය උප‍්පත‍්ති පාකටා හොති. “ඉතො ආරුය‍්හ ඉතො ඔරුය‍්හ මජ‍්ඣෙ එවං ගතො”ති නයතො ගහණං විය සුඛදුක‍්ඛානං අපගමෙ සාතාසාතප‍්පටික‍්ඛෙපවසෙන මජ‍්ඣත‍්තාකාරභූතා අදුක‍්ඛමසුඛා වෙදනාති නයතො ගණ‍්හන‍්තස‍්ස පාකටා හොති. එවං භගවා පඨමං රූපකම‍්මට‍්ඨානං කථෙත්‍වා පච‍්ඡා අරූපකම‍්මට‍්ඨානං වෙදනාවසෙන නිබ‍්බත‍්තෙත්‍වාව දස‍්සෙසි.

එසේ වුවත් උපෙක්ඛා වේදනාව දුකසේ දැක්විය යුත්තීය. අඳුරුය. අප්‍රකටය. එය සැප දුක් දෙදෙනාගේ පහවීමෙහි සැප දුක් දෙකට ප්‍රතිපක්‍ෂ වශයෙන් මධ්‍යස්ථ වූවා, දුක් නොවූ සැප නොවූ වේදනාවයි නය වශයෙන් ගන්නහුට ප්‍රකට වෙයි. කුමක් මෙන්ද යත්? පැතලි ගල්තලාවක් අතරට නැග පලාගිය මුවාගේ පා සටහන් අනුව යන්නා වූ මුවවැදි තෙම ගල්තලාවට මෙපිටද, එපිටත පියවර දැක මැද පියවර නොදැක්ක නමුත් මෙතැනින් ගලට නැග මෙතැනින් බැස්සේය. මැද ගල්පිට මේ පෙදෙසින් ගියේ වන්නේ යයි යම්සේ නය වශයෙන් දැනගන්නේ ද, එපරිද්දෙන්, නැගි තන්හි පා සටහන් මෙන් සැප වේදනාවගේ උත්පත්තිය ප්‍රකට වේ. බට තන්හි පා සටහන් මෙන් දුක් වේදනාවගේ උත්පත්ති ප්‍රකට වේ. මෙතැනින් නැගී මෙතැනින් බැස මැදින් මෙසේ ගියේ වනැයි නය වශයෙන් ගැනීම මෙන් සැප දුක් දෙදෙනාගේ පහව යාමෙහි සැප දුක් දෙකට ප්‍රතිපක්‍ෂ වශයෙන් මධ්‍යස්ථ ආකාර වූයේ උපේක්‍ෂා වේදනාව යයි නය වශයෙන් ගන්නහුට ප්‍රකට වෙයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පළමුකොට රූප කමටහන වදාරා පසුව අරූප කමටහන වේදනා වශයෙන් විනිවර්තනය කොට (පෙරලා) දැක්වූ සේක.

න කෙවලඤ‍්ච ඉධෙව එවං දස‍්සෙසි, චූළතණ‍්හාසඞ‍්ඛයෙ, මහාතණ‍්හාසඞ‍්ඛයෙ, චූළවෙදල‍්ලෙ, මහාවෙදල‍්ලෙ, රට‍්ඨපාලසුත‍්තෙ, මාගණ‍්ඩියසුත‍්තෙ, ධාතුවිභඞ‍්ගෙ, ආනෙඤ‍්ජසප‍්පායෙ, දීඝනිකායම‍්හි මහානිදානෙ, සක‍්කපඤ‍්හෙ, මහාසතිපට‍්ඨානෙ, සංයුත‍්තම‍්හි චූළනිදානසුත‍්තෙ, රුක‍්ඛොපමෙ, පරිවීමංසනසුත‍්තෙ, සකලෙ වෙදනාසංයුත‍්තෙති එවං අනෙකෙසු සුත‍්තෙසු පඨමං රූපකම‍්මට‍්ඨානං කථෙත්‍වා පච‍්ඡා අරූපකම‍්මට‍්ඨානං වෙදනාවසෙන නිබ‍්බත‍්තෙත්‍වා දස‍්සෙසි. යථා ච තෙසු, එවං ඉමස‍්මිම‍්පි සතිපට‍්ඨානසුත‍්තෙ පඨමං රූපකම‍්මට‍්ඨානං කථෙත්‍වා පච‍්ඡා අරූපකම‍්මට‍්ඨානං වෙදනාවසෙන නිබ‍්බත‍්තෙත්‍වා දස‍්සෙසි.

නමුත් මේ සතිපටඨාන සූත්‍රයෙහි මෙසේ නොදැක්වූහ. චුල්ලතණ්හා සංඛය, සූත්‍රය, මහාතණ්හා සංඛය සූත්‍රය, චුල්ලවෙදල්ල සූත්‍රය, මහාවේදල්ල සූත්‍රය, රටඨපාල සූත්‍රය, මාගන්‍දිය සූත්‍රය, ධාතුවිභංග සූත්‍රය, අනෙඤ්ජ සප්පාය සූත්‍රය දීඝනිකායේ මහානිදාන සූත්‍රය, සක්කපඤ්හ සූත්‍රය, මහාසතිපට්ඨාන සූත්‍රය, සංයුත්ත නිකායේ චූලනිදාන සූත්‍රය, රුක්ඛූපම සූත්‍රය, පරිවීමංසන සූත්‍රය සියලු වේදනා සංයුත්තයෙහි (සූත්‍ර) යන මේ තන්හි පළමුකොට රූප කමටහන වදාරා අරූප්ප කමටහන වේදනා වශයෙන් විනිර්වර්තනය කොට දැක්වූ සේක. එම සූත්‍රයන්හි යම්සේද එපරිද්දෙන්ම මෙම සතිපට්ඨාන සූත්‍රයෙහිද පළමුකොට රූප කමටහන වදාරා අරූප කමටහන වේදනා වශයෙන් විනිවර්තනය (පෙරලා) දැක්වූහ.

තත්‍ථ සුඛං වෙදනන‍්තිආදීසු අයං අපරොපි පජානනපරියායො – සුඛං වෙදනං වෙදයාමීති පජානාතීති සුඛවෙදනාක‍්ඛණෙ දුක‍්ඛාය වෙදනාය අභාවතො සුඛං වෙදනං වෙදයමානො “සුඛං වෙදනං වෙදයාමී”ති පජානාති. තෙන යා පුබ‍්බෙ අනුභූතපුබ‍්බා දුක‍්ඛා වෙදනා, තස‍්සා ඉදානි අභාවතො ඉමිස‍්සා ච සුඛාය වෙදනාය ඉතො පඨමං අභාවතො වෙදනා නාම අනිච‍්චා අධුවා විපරිණාමධම‍්මා, ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති.

එහි සුඛං වෙදනං ආදි තන්හි, මේ වූ කලී අනිකුදු පජානන පරියායකි. සුඛං වෙදතං වෙදියාමීති පජානාති යනුවෙන් උපන් මොහොතෙහි දුක්වේදනාවගේ අභාව හේතුවෙන් සැප වේදනාව විඳින්නේ සැප වේදනාව විඳිමී දැනගනී. එබැවින් පළමු උපන් විරූ යම් දුක් වේදනාවක් වූ ද, ඒ දුක්වේදනාව දැන් නැති හෙයින් ද මේ සැපය ද මෙයින් පළමු නොවූ හෙයින් ද වේදනාව නම් අනිත්‍යයැ. අස්ථිර යැ. නැසෙන ස්වභාව ඇත්තේ යයි මෙසේ එය නුවණින් දැනගන්නේ වෙයි.

වුත‍්තම‍්පි චෙතං භගවතා –

භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වදාරණ ලද්දේද වෙයි.

“යස‍්මිං අග‍්ගිවෙස‍්සන සමයෙ සුඛං වෙදනං වෙදෙති, නෙව තස‍්මිං සමයෙ දුක‍්ඛං වෙදනං වෙදෙති, න අදුක‍්ඛමසුඛං වෙදනං වෙදෙති, සුඛංයෙව තස‍්මිං සමයෙ වෙදනං වෙදෙති, යස‍්මිං අග‍්ගිවෙස‍්සන සමයෙ දුක‍්ඛං…පෙ… අදුක‍්ඛමසුඛං වෙදනං වෙදෙති, නෙව තස‍්මිං සමයෙ සුඛං වෙදනං වෙදෙති, න දුක‍්ඛං වෙදනං වෙදෙති, අදුක‍්ඛමසුඛඤ‍්ඤෙව තස‍්මිං සමයෙ වෙදනං වෙදෙති. සුඛාපි ඛො අග‍්ගිවෙස‍්සන වෙදනා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා ඛයධම‍්මා වයධම‍්මා විරාගධම‍්මා නිරොධධම‍්මා. දුක‍්ඛාපි ඛො…පෙ… අදුක‍්ඛමසුඛාපි ඛො අග‍්ගිවෙස‍්සන වෙදනා අනිච‍්චා…පෙ… නිරොධධම‍්මා. එවං පස‍්සං අග‍්ගිවෙස‍්සන සුතවා අරියසාවකො සුඛායපි වෙදනාය දුක‍්ඛායපි වෙදනාය අදුක‍්ඛමසුඛායපි වෙදනාය නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාතී”ති (ම· නි· 2.205).

‘ගිනි පුදන්නා, යම් වෙලාවක සැප වේදනාව විඳීද, එකල්හි දුක් වේදනාව නොම විඳී. උපෙක්‍ෂා වේදනාව නොවිඳී. එකල්හි සැප වේදනාවම විදී. ගිනිපුදන්නා යම්කලෙක දුක් වේදනාව -පෙ- උපේක්‍ෂා වේදනාව විඳීද එකල්හි සැප වේදනාව නොම විඳී. දුක්වේදනාව නොම විඳී. එකල්හි උපේක්‍ෂා වේදනාවම විඳී. ගිනිපුදන, සැප වේදනාවද, අනිත්‍ය වේ. සංඛතය. පටිච්ච සමුප්පන්නය. ක්‍ෂයවන සුලුය. නැතිවෙන සුලුය. විරාග ධර්මයකි. නිරෝධ ධර්මයකි. ගිනි පුදන්න. මෙසේ දක්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙම සැප වේදනාවෙහිද කලකිරෙයි. දුක් වේදනාවෙහිද කලකිරෙයි. -පෙ- උපේක්‍ෂා වේදනාවෙහිද කලකිරෙයි. කලකිරුනේ නොඇලෙයි. නොඇලුනේ කෙලෙසුන් කෙරෙන් සිත මිදෙයි. සිත මිදුන කල්හි මිදුනේ යයි ප්‍රත්‍යවේක්‍ෂා ඥානය වෙයි. ජාතිය ගෙවී ගියේය. මග බඹසර වැස නිමවුයේය. චතුරාර්ය සත්‍ය විෂයෙහි සිවු මගින් කළයුතු වූ සොලස ආකාර කෘත්‍යය නිමවන ලදී. සොලොස් වැදෑරුම් කෘත්‍ය පිණිස හෝ කෙලෙසුන් ක්‍ෂය කිරීම පිණිස නැවත මාර්ග භාවනා කෘත්‍යයක් මට නැත යයි දැන ගනී.

සාමිසං වා සුඛන‍්තිආදීසු සාමිසා සුඛා නාම පඤ‍්චකාමගුණාමිසනිස‍්සිතා ඡ ගෙහසිතසොමනස‍්සවෙදනා. නිරාමිසා සුඛා නාම ඡ නෙක‍්ඛම‍්මසිතසොමනස‍්සවෙදනා. සාමිසා දුක‍්ඛා නාම ඡ ගෙහසිතදොමනස‍්සවෙදනා. නිරාමිසා දුක‍්ඛා නාම ඡ නෙක‍්ඛම‍්මසිතදොමනස‍්සවෙදනා. සාමිසා අදුක‍්ඛමසුඛා නාම ඡ ගෙහසිතඋපෙක‍්ඛා වෙදනා. නිරාමිසා අදුක‍්ඛමසුඛා නාම ඡ නෙක‍්ඛම‍්මසිතඋපෙක‍්ඛා වෙදනා. තාසං විභාගො උපරිපණ‍්ණාසකෙ පාළියං ආගතොයෙව.

සාමිසං වා සුඛං යනාදි තන්හි සාමිස සුඛ නම් පංචකාම ගුණ ආමිෂ ඇසුරුකළ සවැදෑරුම් ගෙහසිත (ලෞකික දෙය ඇසුරුකළ) සොම්නස් වේදනාවෝය. නිරාමිෂ සුඛය සවැදෑරුම් නෙක්ඛම්මය (කෙලෙසුන්ගෙන් නික්මීම) ඇසුරුකළ සොම්නස් වේදනාවෝය. සාමිස දුක්ඛයෝ නම් සවැදෑරුම් ගෙහසිත දොමනස්ස වේදනාවෝය. නිරාමිස දුක්ඛවේදනා නම් සවැදෑරුම් වූ නෙක්ඛම්මය ඇසුරුකළා වූ දොමනස්ස වේදනාවෝය. සාමිස අදුක්ඛ මසුඛ වේදනා නම් සවැදෑරුම් වූ නෙක්ඛම්මය ඇසුරුකළා වූ උපේක්ඛා වේදනාවෝය. ඒ වේදනාවන්ගේ විභාගය, උපරි පණ්ණාසකයෙහි ආයේමය.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං සුඛවෙදනාදිපරිග‍්ගහණෙන අත‍්තනො වා වෙදනාසු, පරස‍්ස වා වෙදනාසු, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස වෙදනාසු වෙදනානුපස‍්සී විහරති. සමුදයවයධම‍්මානුපස‍්සී වාති එත්‍ථ පන “අවිජ‍්ජාසමුදයා වෙදනාසමුදයො”තිආදීහි (පටි· ම· 1.50) පඤ‍්චහි පඤ‍්චහි ආකාරෙහි වෙදනානං සමුදයඤ‍්ච වයඤ‍්ච පස‍්සන‍්තො සමුදයධම‍්මානුපස‍්සී වා වෙදනාසු විහරති, වයධම‍්මානුපස‍්සී වා වෙදනාසු විහරති, කාලෙන සමුදයධම‍්මානුපස‍්සී වා, කාලෙන වයධම‍්මානුපස‍්සී වා වෙදනාසු විහරතීති වෙදිතබ‍්බො. ඉතො පරං කායානුපස‍්සනායං වුත‍්තනයමෙව.

ඉති අජ්ඣත්තං වා මෙසේ සැපවේදනා ආදිය පිරිසිඳ දැනගැනීමෙන් තමාගේ වේදනාවන්හි හෝ අනිකෙකුගේ වේදනාවන්හි හෝ කලෙක තමාගේ හෝ කලෙක අනුන්ගේ හෝ වේදනාව අනුව බලන්නේ වෙසෙයි. සමුදය ධම්මානු පස්සී වා යන මෙහි අවිජ්ජා සමුදයා වෙදනා වෙදනා සමුදයා යනාදි වූ පස්ආකාරයකින් වේදනාවන්ගේ ඉපදීමද විනාශයද දක්නේ වේදනාවන්හි උත්පත්ති ස්වභාව වශයෙන් දක්නේ හෝ වෙසෙයි. වේදනාවගේ විනාශ ස්වභාව වශයෙන් දක්නේ හෝ වෙසෙයි. කලෙක වේදනාවන්හි උත්පත්ති වශයෙන් ද, කලෙක පහාන වශයෙන් බලමින් හෝ වාසය කරේ යයි දතයුතුය. මෙයින් මත්තෙහි කායානු පස්සනාවෙහි කී නයමැයි.

කෙවලඤ‍්හි ඉධ වෙදනාපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා වෙදනාපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො නිය්‍යානමුඛං වෙදිතබ‍්බං. සෙසං තාදිසමෙවාති.

මෙහි වේදනාව පිරිසිඳ දැනගන්නා වූ සිහිය දුක්ඛ සත්‍යයයි. මෙසේ යෙදීම කොට වේදනා පරිග්‍රාහක භික්‍ෂුවගේ නිවන් අරමුණුකොට නික්ම යන දොරටුව දත යුතුය. සෙස්ස පළමු කියන ලද්දටම සමානය.

වෙදනානුපස‍්සනා නිට‍්ඨිතා.

වෙදනානු පස්සනාව නිමි.