යෙදුමෙන් කියවන්න

චිත‍්තානුපස‍්සනාවණ‍්ණනා අට‍්ඨකථා

චිත‍්තානුපස‍්සනාවණ‍්ණනා

චිත්තානුපස්සනා වර්ණනාව

එවං නවවිධෙන වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානං කථෙත්‍වා ඉදානි සොළසවිධෙන චිත‍්තානුපස‍්සනං කථෙතුං කථඤ‍්ච, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ සරාගන‍්ති අට‍්ඨවිධං ලොභසහගතං. වීතරාගන‍්ති ලොකියකුසලාබ්‍යාකතං. ඉදං පන යස‍්මා සම‍්මසනං න ධම‍්මසමොධානං, තස‍්මා ඉධ එකපදෙපි ලොකුත‍්තරං න ලබ‍්භති. සෙසානි චත‍්තාරි අකුසලචිත‍්තානි නෙව පුරිමපදං, න පච‍්ඡිමපදං භජන‍්ති. සදොසන‍්ති දුවිධං දොසසහගතං. වීතදොසන‍්ති ලොකියකුසලාබ්‍යාකතං. සෙසානි දසාකුසලචිත‍්තානි නෙව පුරිමං පදං, න පච‍්ඡිමං පදං භජන‍්ති.

මෙසේ නම ආකාරයකින් වෙදනානුපස්සනා සතිපට්ඨානය වදාරා, දැන් සොලොස් අයුරකින් චිත්තානු පස්සනාව වදාරණු වස් කතඤ්ච භික්ඛවෙ යනාදිය වදාළහ. එහි සරාගං අටවැදෑරුම් ලෝභ සහගත වූ, වීතරාගං ලෞකික කුසල අව්‍යාකෘත, මේ චිත්තානු පස්සනා සතිපට්ඨානය වනාහි යම්හෙයකින් ධර්ම සම්මර්ශනය වේද, ධර්ම සමොධානය නොවේ ද, එහෙයින් මෙහි එක් පදයෙක්හිදු ලෝකෝත්තර චිත්තය නොලැබෙයි. (ලෝභ මූල 8 හැර) සෙසු අකුසල චිත්තයෝ සතරදෙන පූර්ව පදයද නොම භජනය නොකරති. පශ්චිම පදය ද භාජනය නොකෙරෙත්. (මේ ගණයට වැටෙන්නේ කාමාවචර අකුසල් සිත් 4 සහ කාමාවචර කුසල-විපාක ක්‍රියා සිත්ය.

සමොහන‍්ති විචිකිච‍්ඡාසහගතඤ‍්චෙව උද‍්ධච‍්චසහගතඤ‍්චාති දුවිධං. යස‍්මා පන මොහො සබ‍්බාකුසලෙසු උප‍්පජ‍්ජති, තස‍්මා තානිපි ඉධ වට‍්ටන‍්තියෙව. ඉමස‍්මිංයෙව හි දුකෙ ද‍්වාදසාකුසලචිත‍්තානි පරියාදිණ‍්ණානීති.

සමොහං විචිකිච්ඡා සහගත වූ ද, උද්ධච්ච සහගත වූ ද දෙවැදෑරුම් මෝහයයි. මෙහි වනාහි යම් හෙයකින් සියලු අකුසලයන්හි, උපදීද, එහෙයින් සියලු අකුසලයෝ ද, මෙහිලා ගැනීම වටිත්. දුකෙහිම ද්වාදස අකුසල චිත්තයෝ ගන්නා ලද්දාහු ද එහෙයිනි. (විචිකිච්ඡාව සහ උද්ධච්චය මෙයට අයත් වේ. විචිකිච්ඡාව සැකයයි. උද්ධච්චය සිතෙහි කැලඹුන ස්වභාවයයි.)

වීතමොහන‍්ති ලොකියකුසලාබ්‍යාකතං. සංඛිත‍්තන‍්ති ථිනමිද‍්ධානුපතිතං, එතඤ‍්හි සංකුටිතචිත‍්තං නාම. වික‍්ඛිත‍්තන‍්ති උද‍්ධච‍්චසහගතං, එතඤ‍්හි පසටචිත‍්තං නාම.

වීතමොහං ලෞකික කුසල අව්‍යාකෘත (සිත්) සංඛිත්තං ථින මිද්ධයට වැටුන මෙය වනාහි හැකුළුනා වූ සිතකි. (අරමුණු මෙනෙහි කිරීමට නොකැමති හැකිලී සිටින සිතයි.) වික්ඛිත්තං උද්ධච්ච සහගත වූ, මෙය විසුරුණු සිතට නමකි. (අරමුණු කෙරෙහි විසිර පවත්නා වූ සිත)

මහග‍්ගතන‍්ති රූපාරූපාවචරං. අමහග‍්ගතන‍්ති කාමාවචරං. සඋත‍්තරන‍්ති කාමාවචරං. අනුත‍්තරන‍්ති රූපාවචරඤ‍්ච අරූපාවචරඤ‍්ච. තත්‍රාපි සඋත‍්තරං රූපාවචරං, අනුත‍්තරං අරූපාවචරමෙව. සමාහිතන‍්ති යස‍්ස අප‍්පනාසමාධි උපචාරසමාධි වා අත්‍ථි. අසමාහිතන‍්ති උභයසමාධිවිරහිතං. විමුත‍්තන‍්ති තදඞ‍්ගවික‍්ඛම‍්භනවිමුත‍්තීහි විමුත‍්තං. අවිමුත‍්තන‍්ති උභයවිමුත‍්තිවිරහිතං, සමුච‍්ඡෙදපටිප‍්පස‍්සද‍්ධිනිස‍්සරණවිමුත‍්තීනං පන ඉධ ඔකාසොව නත්‍ථි.

මහග්ගතං, රූපාවචර අරූපාවචර වූ (සිත්) අමහග්ගතං, කාමාවචර වූ සිත්, සඋත්තරං, කාමාවචර වූ (උත්තර වූ ශ්‍රේෂ්ඨ ගණයේ සිත්වලට අඩු තත්ත්වයේ සිත් එනම් කාමාවචර සිත්) අනුත්තරං, රූපාවචර හා අරූපාවචර වූ, එහිද සඋත්තර චිත්තය රූපාවචරය, අනුත්තර චිත්තය අරූපාවචරම වේ. සමාහිතං, යමෙකුට අර්පණා සමාධිය හෝ උපචාර සමාධිය ඇත්තේ, (අර්පණා සමාධියෙන් හෝ උපචාර සමාධියෙන් එකඟ නොවූ සිත) අසමාහිතං අර්පණා-උපචාර, සමාධි රහිත වූ (සිත) විමුත්තං තදංග හෝ විෂ්කම්භන ප්‍රහාණ්‍ය මගින් මිදුන සිත. අවිමුත්තං තදංග, විෂ්කම්භන උභය විමුක්තියෙන් නොමිදුනු, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි නිස්සරණ විමුක්තීන්ට චිත්තානු පස්සනාවෙන් අවකාශයක් නැත.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං සරාගාදිපරිග‍්ගහණෙන යස‍්මිං යස‍්මිං ඛණෙ යං යං චිත‍්තං පවත‍්තති, තං තං සල‍්ලක‍්ඛෙන‍්තො අත‍්තනො වා චිත‍්තෙ, පරස‍්ස වා චිත‍්තෙ, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති. සමුදයවයධම‍්මානුපස‍්සීති එත්‍ථ පන “අවිජ‍්ජාසමුදයා විඤ‍්ඤාණසමුදයො”ති (පටි· ම· 1.50) එවං පඤ‍්චහි පඤ‍්චහි ආකාරෙහි විඤ‍්ඤාණස‍්ස සමුදයො ච වයො ච නීහරිතබ‍්බො. ඉතො පරං වුත‍්තනයමෙව.

ඉති අජ්ඣත්තං වා යනුවෙන් සරාගාදී චිත්තයන් පිරිසිඳ ගැනීමෙන් යම් යම් ඇසිල්ලක් යම් යම් සිතක් පවතී ද, ඒ ඒ සිත සලකමින් තමාගේ සිතෙහි හෝ අනිකෙකුගේ සිතෙහි හෝ චිත්තානුපස්සීව වෙසෙයි. සමුදය ධම්මානු පස්සී යන මෙහි අවිජ්ජා සමුදයා විඤ්ඤාණ සමුදයො යනුවෙන් මෙසේ පස් පස් ආකාරයෙන් විඤ්ඤාණයාගේ සමුදයද ව්‍යයද එලවා දැක්විය යුතුයි. මෙයින් මත්තෙහිදු කී නයමැයි.

කෙවලඤ‍්හි ඉධ චිත‍්තපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා චිත‍්තපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො නිය්‍යානමුඛං වෙදිතබ‍්බං. සෙසං තාදිසමෙවාති.

හුදෙක් මෙහි චිත්ත පරිග්ගාහික සතිය දුක්ඛ සත්‍යයැ. මෙසේ යෙදීම කොට චිත්ත පරිග්ගාහක භික්‍ෂුවගේ රහඵලය තෙක් නිවන්දොර දතයුතු. සෙස්ස පළමු කියන ලද්දට සමානමැයි.

චිත‍්තානුපස‍්සනාවණ‍්ණනා නිට‍්ඨිතා.

චිත්තානු පස්සනාව නිමි.