යෙදුමෙන් කියවන්න

ධම‍්මානුපස‍්සනා නීවරණපබ‍්බවණ‍්ණනා අට‍්ඨකථා

ධම‍්මානුපස‍්සනා නීවරණපබ‍්බවණ‍්ණනා

ධම්මානුපස්සනා නීවරණ පබ්බ වර්ණනාව

එවං සොළසවිධෙන චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානං කථෙත්‍වා ඉදානි පඤ‍්චවිධෙන ධම‍්මානුපස‍්සනං කථෙතුං කථඤ‍්ච, භික‍්ඛවෙතිආදිමාහ. අපිච භගවතා කායානුපස‍්සනාය සුද‍්ධරූපපරිග‍්ගහො කථිතො, වෙදනාචිත‍්තානුපස‍්සනාහි සුද‍්ධඅරූපපරිග‍්ගහො. ඉදානි රූපාරූපමිස‍්සකපරිග‍්ගහං කථෙතුං “කථඤ‍්ච, භික‍්ඛවෙ”තිආදිමාහ. කායානුපස‍්සනාය වා රූපක‍්ඛන්‍ධපරිග‍්ගහොව කථිතො, වෙදනානුපස‍්සනාය වෙදනාක‍්ඛන්‍ධපරිග‍්ගහොව, චිත‍්තානුපස‍්සනාය විඤ‍්ඤාණක‍්ඛන්‍ධපරිග‍්ගහොවාති ඉදානි සඤ‍්ඤාසඞ‍්ඛාරක‍්ඛන්‍ධපරිග‍්ගහම‍්පි කථෙතුං “කථඤ‍්ච, භික‍්ඛවෙ”තිආදිමාහ.

මෙසේ සොලොස් ආකාරයකින් චිත්තානු පස්සනා සතිපට්ඨානය වදාරා දැන් පස් අයුරකින් ධම්මානු පස්සනාව දේශනා කරනු පිණිස කථඤ්ච භික්ඛවෙ යනාදිය වදාළහ. යලිදු භාග්‍යවතුන් වහන්සේ විසින් කායානුපස්සනාවෙහි ශුද්ධ රූප පරිග්‍රහය වදාරණ ලද්දේය. වෙදනානු පස්සනා චිත්තානු පස්සනාවන් හි ශුද්ධ අරූප පරිග්‍රහය වදාරණ ලදී. දැන් රූපාරූප මිශ්‍ර පරිග්‍රහය වදාරණු පිණිස කථඤ්ච භික්ඛවෙ, යනාදිය වදාළහ. නැතහොත් කායානුපස්සනාවෙහි රූපස්කන්ධ පරිග්‍රහය වදාරණ ලදී. වෙදනානුපස්සනාවෙහි විඥාන ස්කන්ධ පරිග්‍රහයට වදාරණ ලදී. දැන් සංඥා ස්කන්ධ සංස්කාර ස්කන්ධයන්ගේ පරිග්‍රහයද වදාරනු පිණිස කථඤ්ච භික්ඛවෙ යනාදිය වදාළහ.

තත්‍ථ සන‍්තන‍්ති අභිණ‍්හසමුදාචාරවසෙන සංවිජ‍්ජමානං. අසන‍්තන‍්ති අසමුදාචාරවසෙන වා පහීනත‍්තා වා අවිජ‍්ජමානං. යථා චාති යෙන කාරණෙන කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදො හොති. තඤ‍්ච පජානාතීති තඤ‍්ච කාරණං පජානාති. ඉමිනා නයෙන සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

එහි සන්තං සතතයෙන් සිත්හි, හැසිරීම් වශයෙන් විද්‍යමාන වූ අසන්තං සිත්හි හැසිරීම් වශයෙන් හෝ ප්‍රහීණ වු බැවින් හෝ අවිද්‍යමාන වූ යථාච යම් කරුණකින් කාමච්ඡන්‍දයාගේ ඉපදීම වේද, තඤ්ච පජානාති, ඒ කරුණද දැනගනී. මේ ආකාරයෙන් සියලු පදයන්ගේ අරුත් දතයුතුයැ.

තත්‍ථ සුභනිමිත‍්තෙ අයොනිසොමනසිකාරෙන කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදො හොති. සුභනිමිත‍්තං නාම සුභම‍්පි සුභනිමිත‍්තං, සුභාරම‍්මණම‍්පි සුභනිමිත‍්තං. අයොනිසොමනසිකාරො නාම අනුපායමනසිකාරො උප‍්පථමනසිකාරො අනිච‍්චෙ නිච‍්චන‍්ති වා දුක‍්ඛෙ සුඛන‍්ති වා අනත‍්තනි අත‍්තාති වා අසුභෙ සුභන‍්ති වා මනසිකාරො, තං තත්‍ථ බහුලං පවත‍්තයතො කාමච‍්ඡන්‍දො උප‍්පජ‍්ජති. තෙනාහ භගවා – “අත්‍ථි, භික‍්ඛවෙ, සුභනිමිත‍්තං, තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලායා”ති (සං· නි· 5.232).

ඒ නීවරණයන් අතුරෙහි ශුභ නිමිත්තෙහි අයෝනිසෝ මනසිකාරය හේතුකොටගෙන කාම ඡන්‍දයාගේ ඉපදීම සිදුවෙයි. ශුභ නිමිත්ත නම් ශුභයද, ශුභ නිමිත්ත ශුභාරම්මණයද ශුභ නිමිත්ත නම් වේ. අයොනිසො මනසිකාරය නම්, අනුපාය මනසිකාරය, උත්පථ මනසිකාරය, (කුසල් දහම් පැවැත්මට මග නොවූ මෙනෙහි කිරීම) අනිත්‍යයෙහි නිත්‍යයයි ද දුකෙහි සැපයයි ද අනාත්මයෙහි ආත්මයයි ද අශුභයෙහි ශුභයයි ද මෙනෙහි කිරීමයි. ඒ නුනුවණින් මෙනෙහි කිරීම ඒ ශුභාරම්මණයෙහි බහුලව ජීවත් වන්නහුට කාමච්ඡන්‍දය උපදී. එබැවින් වදාළහ භාග්‍යවත් බුදුරදහු, අත්‍ථි භික්ඛවෙ, සුභ නිමිත්තං තත්‍ථ අයොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්‍දස්ස උප්පාදාය උප්පන්නස්ස වා) කාමච්ඡන්‍දස්ස භිය්‍යො භාවාය වෙපුල්ලාය යනුයි.

අසුභනිමිත‍්තෙ පන යොනිසොමනසිකාරෙනස‍්ස පහානං හොති. අසුභනිමිත‍්තං නාම අසුභම‍්පි අසුභාරම‍්මණම‍්පි. යොනිසොමනසිකාරො නාම උපායමනසිකාරො පථමනසිකාරො අනිච‍්චෙ අනිච‍්චන‍්ති වා දුක‍්ඛෙ දුක‍්ඛන‍්ති වා අනත‍්තනි අනත‍්තාති වා අසුභෙ අසුභන‍්ති වා මනසිකාරො, තං තත්‍ථ බහුලං පවත‍්තයතො කාමච‍්ඡන්‍දො පහීයති. තෙනාහ භගවා –

නැවත අශුභ නිමිත්තෙහි නුවණින් මෙනෙහි කිරීම හේතුකොට ගෙන කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය වෙයි. අශුභ නිමිත්ත නම් අශුභය ද, අශුභ ආරම්මණයද වේ. යෝනිසො මනසිකාරය නම් උපාය මනසිකාරයයි පථ මනසිකාරයයි. අනිත්‍යයෙහි අනිත්‍ය යයිද, දුකෙහි දුකයයිද අනාත්මයෙහි අනාත්ම යයි ද, අශුභයෙහි අශුභ යයි ද මෙනෙහි කිරීමයි. අනාත්ම යයි ද, අශුභයෙහි අශුභ යයි ද මෙනෙහි කිරීමයි. ඒ යොනිසො මනසිකාරය එම අශුභ අරමුණෙහි බහුලකොට පවත්වන්නහුට කාමච්ඡනය ප්‍රහීණ වෙයි. එයින් වදාළහ. භාග්‍යවත් බුදුරදහුද,

“අත්‍ථි, භික‍්ඛවෙ, අසුභනිමිත‍්තං, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස අනුප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා කාමච‍්ඡන්‍දස‍්ස පහානායා”ති (සං· නි· 5.232).

අත්‍ථි භික්ඛවෙ අසුභ නිමිත්තං තත්‍ථ යොනිසො මනසිකාර බහුලො අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්‍දස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා කාමච්ඡන්‍දස්ස පහානාය යයි

අපිච ඡ ධම‍්මා කාමච‍්ඡන්‍දස‍්ස පහානාය සංවත‍්තන‍්ති අසුභනිමිත‍්තස‍්ස උග‍්ගහො අසුභභාවනානුයොගො ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා භොජනෙ මත‍්තඤ‍්ඤුතා කල්‍යාණමිත‍්තතා සප‍්පායකථාති. දසවිධඤ‍්හි අසුභනිමිත‍්තං උග‍්ගණ‍්හන‍්තස‍්සාපි කාමච‍්ඡන්‍දො පහීයති, භාවෙන‍්තස‍්සාපි, ඉන්‍ද්‍රියෙසු පිහිතද‍්වාරස‍්සාපි, චතුන‍්නං පඤ‍්චන‍්නං ආලොපානං ඔකාසෙ සති උදකං පිවිත්‍වා යාපනසීලතාය භොජනෙ මත‍්තඤ‍්ඤුනොපි. තෙනෙතං වුත‍්තං –

තව ද ධර්මයෝ සයදෙනෙක් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය පිණිස පවතිත්. අශුභාරම්මණය ඉගෙනීම, අශුභ භාවනාවෙහි යෙදීමය, සවැදෑරුම් ඉඳුරන්හි වැසූ දොර ඇති බවය. භෝජනයෙහි පමණ දන්නා බවය. කල්‍යාණ මිත්‍රයන් ඇති බවය. සත්ප්‍රාය කථා, යන මොහුයි. එසේම දශවැදෑරුම් අශුභ නිමිත්ත ඉගෙන ගන්නහුට ද, ඉන්‍ද්‍රියයන්හි වසන ලද චක්ඛු ආදි සදොර ඇත්තහුට ද, සතර පස් පිඩකඩ අවකාශ ඇති කල්හි පැන් බී යැපෙන සුලු බැවින් භෝජනයෙහි පමණ දන්නහුට ද (කාමච්ඡන්‍දය ප්‍රහීණ වෙයි.) එසේ හෙයින් මෙසේ වදාරණ ලදි.

“චත‍්තාරො පඤ‍්ච ආලොපෙ, අභුත්‍වා උදකං පිවෙ; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො”ති. (ථෙරගා· 983);

චත්තාරො පඤ්ච ආලොපෙ, අභුත්‍වා උදකං පිවෙ අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනො යනුයි.

(සතර පස් ආලෝපයක් නොවළඳා පැන් පානය කරන්නේ නම්, නිවනට මෙහෙයවන ලද සිත් ඇති භික්‍ෂුවගේ පහසු විහරණය පිණිස ප්‍රමාණවත් වෙයි.)

අසුභකම‍්මිකතිස‍්සත්‍ථෙරසදිසෙ අසුභභාවනාරතෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි කාමච‍්ඡන්‍දො පහීයති, ඨානනිසජ‍්ජාදීසු දසඅසුභනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං “ඡ ධම‍්මා කාමච‍්ඡන්‍දස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනස‍්ස කාමච‍්ඡන්‍දස‍්ස අරහත‍්තමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොතීති පජානාති.

අශුභ කම්මික තිස්ස තෙරුන් වැනි වූ අශුභ භාවනාවෙහි ඇලුනු කල්‍යාණ මිත්‍රයන් සේවය කරන්නා හට කාමච්ඡන්දය ප්‍රහීණ වෙයි. හිඳීම් සිටීම් ආදියෙහි දශ අශුභ නිශ්‍රිත වූ සැපවත් කථාවෙන් ද ප්‍රහීණ වෙයි. එහෙයින් මෙය කියන ලදී. ‘ධර්මයෝ සයදෙනෙක් කාමච්ඡන්‍දයාගේ ප්‍රහාණය පිණිස පවතිත් යයි මේ ධර්ම සදෙන හේතුකොට ගෙන රහත් මගින් ප්‍රහීණ වූ කාමච්ඡන්‍දයාගේ මත්තෙහි නො ඉපදීම වේයයි දැනගනී.

පටිඝනිමිත‍්තෙ අයොනිසොමනසිකාරෙන පන බ්‍යාපාදස‍්ස උප‍්පාදො හොති. තත්‍ථ පටිඝම‍්පි පටිඝනිමිත‍්තං, පටිඝාරම‍්මණම‍්පි පටිඝනිමිත‍්තං. අයොනිසොමනසිකාරො සබ‍්බත්‍ථ එකලක‍්ඛණොව. තං තස‍්මිං නිමිත‍්තෙ බහුලං පවත‍්තයතො බ්‍යාපාදො උප‍්පජ‍්ජති. තෙනාහ භගවා – “අත්‍ථි, භික‍්ඛවෙ, පටිඝනිමිත‍්තං, තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලායා”ති (සං· නි· 5.232).

නැවත පටිඝ නිමිත්තෙහි නුනුවණින් මෙනෙහි කිරීම හේතුකොට ගෙන ව්‍යාපාදයාගේ හටගැනීම වෙයි. එහි ප්‍රතිඝය ප්‍රතිඝ නිමිත්ත, ප්‍රතිඝාරම්මණය ප්‍රතිඝ නිමිත්ත, අයෝනිසො මනසිකාරය යන මේ සියලු තන්හිම සමාන ලක්‍ෂණ ඇත්තේය. ඒ අයෝනිසො මනසිකාරයෙහි පටිඝ නිමිත්තෙහි බහුල වශයෙන් පවත්නහුට ව්‍යාපාදය උපදී. එහෙයින් වදාළහ. අත්‍ථි භික්ඛවෙ, පටිඝ නිමිත්තං තත්‍ථ අයොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා බ්‍යාපාදස්ස උප්පාදාය උප්පන්නස්ස වා බ්‍යාපාදස්ස භිය්‍යොභාවාය වෙඵුල්ලාය යනුයි.

මෙත‍්තාය පන චෙතොවිමුත‍්තියා යොනිසොමනසිකාරෙනස‍්ස පහානං හොති. තත්‍ථ තත්‍ථ “මෙත‍්තා”ති වුත‍්තෙ අප‍්පනාපි උපචාරොපි වට‍්ටති. “චෙතොවිමුත‍්තී”ති අප‍්පනාව. යොනිසොමනසිකාරො වුත‍්තලක‍්ඛණොව. තං තත්‍ථ බහුලං පවත‍්තයතො බ්‍යාපාදො පහීයති. තෙනාහ භගවා – “අත්‍ථි, භික‍්ඛවෙ, මෙත‍්තා චෙතොවිමුත‍්ති, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස අනුප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා බ්‍යාපාදස‍්ස පහානායා”ති (සං· නි· 5.232).

මෙත්තා චෙතො විමුත්තිය, නුවණින් මෙනෙහි කරන්නහුගේ ඒ ව්‍යාපාදය ප්‍රහීණ වෙයි. එහි මෙත්තං යයි කී කල්හි අර්පණා සමාධියද උපචාර සමාධියද වටී. චෙතො විමුත්තිය නම් අර්පණා සමාධියමයි. යොනිසො මනසිකාරයෙහි කී ලක්‍ෂණ ඇත්තේමැයි. ඒ යෝනිසෝ මනසිකාරය ඒ මෙත්තා චෙතො විමුත්තිය බහුල වශයෙන් පවත්වන්නහුගේ ව්‍යපාදය ප්‍රහීණ වෙයි. එබැවින් වදාළහ, අත්‍ථි භික්ඛවෙ, මෙත්තා චෙතො විමුත්ති තත්‍ථ යොනිසො මනසිකාර බහුලීකාරෙ අයමාහාරො අනුප්පන්නස්ස, වා බ්‍යාපාදස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා ඛ්‍යාපාදස්ස පහාතාය යනුවෙන්,

අපිච ඡ ධම‍්මා බ්‍යාපාදස‍්ස පහානාය සංවත‍්තන‍්ති මෙත‍්තානිමිත‍්තස‍්ස උග‍්ගහො මෙත‍්තාභාවනානුයොගො කම‍්මස‍්සකතාපච‍්චවෙක‍්ඛණා පටිසඞ‍්ඛානබහුතා කල්‍යාණමිත‍්තතා සප‍්පායකථාති.

තව ද ධර්මයෝ සයදෙනෙක් ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස පවතිත්. මෛත්‍රී නිමිත්ත ඉගෙනීම, මෛත්‍රී භාවනාවෙහි නැවත නැවත යෙදීමය. කර්මය ස්වකීය කොට ඇති බව මෙනෙහි කිරීමය. නුවණින් විමසීම බහුලකොට ඇති බවය. කලණ මිතුරන් ඇති බවය. සත්ප්‍රාය කථාවය යන මොහුයි.

ඔධිසකඅනොධිසකදිසාඵරණානඤ‍්හි අඤ‍්ඤතරවසෙන මෙත‍්තං උග‍්ගණ‍්හන‍්තස‍්සාපි බ්‍යාපාදො පහීයති, ඔධිසො අනොධිසො දිසාඵරණවසෙන මෙත‍්තං භාවෙන‍්තස‍්සාපි. “ත්‍වං එතස‍්ස කුද‍්ධො කිං කරිස‍්සසි, කිමස‍්ස සීලාදීනි නාසෙතුං සක‍්ඛිස‍්සසි, නනු ත්‍වං අත‍්තනො කම‍්මෙන ආගන‍්ත්‍වා අත‍්තනො කම‍්මෙනෙව ගමිස‍්සසි, පරස‍්ස කුජ‍්ඣනං නාම වීතච‍්චිතඞ‍්ගාර-තත‍්තඅයසලාක-ගූථාදීනි ගහෙත්‍වා පරං පහරිතුකාමතාසදිසං හොති. එසොපි තව කුද‍්ධො කිං කරිස‍්සති, කිං තෙ සීලාදීනි විනාසෙතුං සක‍්ඛිස‍්සති, එස අත‍්තනො කම‍්මෙනෙව ආගන‍්ත්‍වා අත‍්තනො කම‍්මෙන ගමිස‍්සති, අප‍්පටිච‍්ඡිතපහෙණකං විය පටිවාතං ඛිත‍්තරජොමුට‍්ඨි විය ච එතස‍්සෙවෙස කොධො මත්‍ථකෙ පතිස‍්සතී”ති එවං අත‍්තනො ච පරස‍්ස ච කම‍්මස‍්සකතං පච‍්චවෙක‍්ඛතොපි, උභයකම‍්මස‍්සකතං පච‍්චවෙක‍්ඛිත්‍වා පටිසඞ‍්ඛානෙ ඨිතස‍්සාපි, අස‍්සගුත‍්තත්‍ථෙරසදිසෙ මෙත‍්තාභාවනාරතෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි බ්‍යාපාදො පහීයති. ඨානනිසජ‍්ජාදීසු මෙත‍්තානිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං “ඡ ධම‍්මා බ්‍යාපාදස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනස‍්ස බ්‍යාපාදස‍්ස අනාගාමිමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොතීති පජානාති.

එය එසේමයි, ඔදිස්සක ඵරණය (සීමා සම්භේදය කොට) මෙත් පැතිරවීම, අනොදිස්සක ඵරණය (එක් දිසාවක මෙත් පැතිරවීම) යන මොවුන් අතුරෙන් එකක්හුගේ වශයෙන් මෙත් පතුරවන්නහුට, තෙපි මොහුට කිපියේ කුමක් කරන්ටද, කිම ඔහුගේ ශීලාදී ගුණයන් නසන්ටද පොහොසත් වන්නෙහි ද, තෙපි තමාගේ කර්මයෙන් අවුත් තමාගේ කර්මයෙන්ම පරලොව යන්නේ නොවේද. අනුන්ට කිපීම නම්, ගිනිසිලු රහිත අඟුරු, රත් වූ යකඩ තැටියක අශූචි රැගෙන අනිකෙකුට ගසනු කැමති බව වැනි වෙයි. මෙතෙම නුඹට කිපියේ කුමක් කරන්නේ ද, කිම ඔබේ සීලාදී ගුණයන් නසන්ට පොහොසත් වන්නේ ද, මේ තෙම තමාගේ කර්මයෙන් අවුත්, තමාගේ කර්මයන් ම පරලොව යන්නේය. නොපිළිගත් පඬුරක් මෙන් ද උඩුසුළඟට දැමු ධූලි මිටක් මෙන් ද මේ ක්‍රෝධය මොහුගේම මුදුනෙහි වැටෙන්නේ යයි මෙසේ තමාගේ ද, අනුන්ගේ ද කර්මය ස්වකීය කොට ඇති බව නුවණින් සලකන්නහුට ද දෙදෙනාගේම කර්මය ස්වකීය බව ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් විමසීමෙහි යෙදුනහුට අස්සගුත්ත තෙරුන් වැනි මෛත්‍රී භාවනාවෙහි ඇලුණු කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නහුට ද ව්‍යාපාදය ප්‍රහීණ වෙයි. ධර්මයෝ සය දෙනෙක් ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස පවතිත් යයි. එහෙයින් කියන ලදී. මේ ධර්මයෝ සයදෙන හේතුකොටගෙන ප්‍රහීණ වූ ව්‍යාපාදය, අනාගාමි මාර්ගයෙන් මත්තෙහි නොඉපදීම වේයයි දැනගනී.

අරතිආදීසු අයොනිසොමනසිකාරෙන ථිනමිද‍්ධස‍්ස උප‍්පාදො හොති. අරති නාම උක‍්කණ‍්ඨිතා. තන්‍දී නාම කායාලසියතා. විජම‍්භිතා නාම කායවිනාමනා. භත‍්තසම‍්මදො නාම භත‍්තමුච‍්ඡා භත‍්තපරිළාහො. චෙතසො ලීනත‍්තං නාම චිත‍්තස‍්ස ලීනාකාරො. ඉමෙසු අරතිආදීසු අයොනිසොමනසිකාරං බහුලං පවත‍්තයතො ථිනමිද‍්ධං උප‍්පජ‍්ජති. තෙනාහ – “අත්‍ථි, භික‍්ඛවෙ, අරති තන්‍දී විජම‍්භිතා භත‍්තසම‍්මදො චෙතසො ලීනත‍්තං, තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලායා”ති (සං· නි· 5.232).

අරති ආදියෙහි අයොනිසො මනසිකාරයෙන් ථිනමිද්ධයාගේ ඉපදීම සිදුවෙයි. අරතිය නම් උකටලි බවයි. තන්‍දි නම් නාම කායයාගේ අලස බවයි. විජම්භිකා නම් ශරීරයාගේ නැවත නැවත කම්පාවන බවයි. භත්ත සම්මද නම් භක්තමූර්ඡාව භක්ත පරිදාහයයි. චෙතසොලීනත්ත නම් චිත්තයාගේ හැකුළුනු ආකාරයයි. මෙම අරති ආදියෙහි අයොනිසො මනසිකාරය බහුල වූවහුට ථීනමිද්ධය උපදී. එහෙයින් වදාළහ. අත්‍ථි භික්ඛවෙ, අරති, තන්‍දි විජම්භිකා භත්ත සම්මදො චෙතසො ච ලීනත්තං තත්‍ථ අයොනිසො මනසිකාර බහුලීකාරො අනුප්පන්නස්ස වා ථීනමිද්ධස්ස උප්පාදාය උප්පන්නස්ස වා ථීන මිද්ධස්ස භිය්‍යොභාවය වෙපුල්ලාය යනුවෙන්.

ආරම‍්භධාතුආදීසු පන යොනිසොමනසිකාරෙනස‍්ස පහානං හොති. ආරම‍්භධාතු නාම පඨමාරම‍්භවීරියං. නික‍්කමධාතු නාම කොසජ‍්ජතො නික‍්ඛන‍්තතාය තතො බලවතරං. පරක‍්කමධාතු නාම පරං පරං ඨානං අක‍්කමනතො තතොපි බලවතරං. ඉමස‍්මිං තිප‍්පභෙදෙ වීරියෙ යොනිසොමනසිකාරං බහුලං පවත‍්තයතො ථිනමිද‍්ධං පහීයති. තෙනාහ – “අත්‍ථි, භික‍්ඛවෙ, ආරම‍්භධාතු නික‍්කමධාතු පරක‍්කමධාතු, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස අනුප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා ථිනමිද‍්ධස‍්ස පහානායා”ති (සං· නි· 5.232).

ආරම්භ ධාතු ආදියෙහි යොනිසො මනසිකාරයෙන් එම ථීන මිද්ධයාගේ ප්‍රහාණය වෙයි. ආරම්භධාතු නම් ප්‍රථමයෙන් ආරම්භ කරන ලද වීර්යයයි. ‘නික්කම ධාතු’ නම් කුසීත භාවයෙන් නික්මුනු බැවින් ඊට වඩා බලවත් වීර්ය යයි පරක්කම ධාතු නමි. මතු මත්තෙහි විශේෂත්වයට පැමිණෙන හෙයින් (අධික වූ ඉතා අධික වූ විරුද්ධ ධර්මයන් නැසීමට සමර්ථ හෙයින් දක්‍ෂතාවයන්ට පැමිණෙන හෙයින්) නික්කම ධාතුවට වඩා ඉතා බලවත් වීර්යයයි. මෙම තෙවැදෑරුම් වීර්යයෙහි යෝනිසො මනසිකාරය බහුල වශයෙන් පවත්නහුට ථිනමිද්ධය ප්‍රහීණ වෙයි. එයින් වදාළහ. අත්‍ථි භික්ඛවෙ, ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු, තත්‍ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ථින මිද්ධස්ස අනුප්පාදාය උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස පහානාය යනුවෙන්

අපිච ඡ ධම‍්මා ථිනමිද‍්ධස‍්ස පහානාය සංවත‍්තන‍්ති, අතිභොජනෙ නිමිත‍්තග‍්ගාහො ඉරියාපථසම‍්පරිවත‍්තනතා ආලොකසඤ‍්ඤාමනසිකාරො අබ‍්භොකාසවාසො කල්‍යාණමිත‍්තතා සප‍්පායකථාති.

තව ද ධර්මයෝ සයදෙනෙක් ඊන මිද්ධයාගේ ප්‍රහාණය පිණිස පවතිත්ය. අධික භෝජනයෙහි නිමිති ගැනීම, (මෙතෙක් වැළඳු කල්හි ථීන මිද්ධයට කරුණු නොවේයයි භෝජනයෙහි පමණ දන්නා බව) ඉරියව් පෙරලීම, ආලෝක සඤ්ඤාව මෙනෙහි කිරිම, එලිමහන් ස්ථානවල සිටීම, කලණ මිතුරන් සේවනය කිරීම, සුදුසු කථාවෙහි යුක්ත වීම, යන මොහුයි.

ආහරහත්‍ථකතත්‍රවට‍්ටකඅලංසාටකකාකමාසකභුත‍්තවමිතකභොජනං භුඤ‍්ජිත්‍වා රත‍්තිට‍්ඨානෙ දිවාට‍්ඨානෙ නිසින‍්නස‍්ස හි සමණධම‍්මං කරොතො ථිනමිද‍්ධං මහාහත්‍ථී විය ඔත්‍ථරන‍්තං ආගච‍්ඡති. චතුපඤ‍්චආලොපඔකාසං පන ඨපෙත්‍වා පානීයං පිවිත්‍වා යාපනසීලස‍්ස භික‍්ඛුනො තං න හොතීති එවං අතිභොජනෙ නිමිත‍්තං ගණ‍්හන‍්තස‍්සාපි ථිනමිද‍්ධං පහීයති. යස‍්මිං ඉරියාපථෙ ථිනමිද‍්ධං ඔක‍්කමති, තතො අඤ‍්ඤං පරිවත‍්තෙන‍්තස‍්සාපි, රත‍්තිං චන්‍දාලොකදීපාලොකඋක‍්කාලොකෙ දිවා සූරියාලොකං මනසිකරොන‍්තස‍්සාපි, අබ‍්භොකාසෙ වසන‍්තස‍්සාපි, මහාකස‍්සපත්‍ථෙරසදිසෙ පහීනථිනමිද‍්ධෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි ථිනමිද‍්ධං පහීයති. ඨානනිසජ‍්ජාදීසු ධුතඞ‍්ගනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං “ඡ ධම‍්මා ථිනමිද‍්ධස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනස‍්ස ථිනමිද‍්ධස‍්ස අරහත‍්තමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොතීති පජානාති.

ආහර හත්‍ථක (බොහොම අනුභව කිරීමෙන් නැගිටිය නොහී අත දෙව (යනුවෙන් කියන, තත්‍රවට්ටක, වළඳා නැගී සිටිය නොහී) එහිම පෙරලෙන, අලංසාටක, වැළඳීමෙන් අතිමහත් කුස ඇති බැවින්) නැගී සිටීමටද වස්ත්‍ර හැඳගෙන සිටීමට ද නොහැකි කාකමාසක, කපුටන් විසින් ස්පර්ශ කළ හැකි සේ) මුඛවාරය තෙක් අනුභව කරන, භුත්තවමික (වළඳා මුඛයෙහි දැරිය නොහැකිව එහිම වමනය කරන මොවුන්ගේ වශයෙන් ආහාර අනුභව කොට, රාත්‍රිස්ථාන දිවාස්ථානවල සිටිමින් මහණදම් කරන්නහුට ථිනමිද්ධය මහ ඇතෙකු මෙන් (සියල්ල) මැඩගෙන පැමිණෙයි. එතෙකුදු වුවත් සතර පස් පිඩකට අවකාශ තබා පැන් බී යැපෙන සුලු වූ මහණ හට එම ථීන මිද්ධය නොවේ. මෙසේ අධික භෝජනයෙහි නිමිති ගන්නහුට ද ථීන මිද්ධය ප්‍රහීණ වෙයි. යම් ඉරියව්වකින් සිටියහුටද ථීන මිද්ධය ඇතිවේනම් ඉන් අන් ඉරියව්වකට පෙරලීම, කරන්නහුටද, රාත්‍රියෙහි සඳඑළිය, පහන් එලිය, පන්දම් එලිය හා දවල් හිරුඑළිය මෙනෙහි කරන්නහුටද, අවකාශයන්හි සිටින්නහුට ද, මහාකාශ්‍යප තෙරුන් වැනි ප්‍රහීණ කළ ථිනමිද්ධය ප්‍රහීණ කළ කලණ මිතුරන් ඇසුරු කරන්නහුටද, ථීන මිද්ධය ප්‍රහීණ වෙයි. සිටීම්, හිඳීම් ආදියෙහි ධුතාංගයන් ඇසුරුකළ සැපවත් කථාවෙන්ද ථීන මිද්ධය ප්‍රහීණ වෙයි. එබැවින් කියන ලදී :- ‘ධර්මයෝ සයදෙනෙක් ථිනමිද්ධයාගේ ප්‍රහීණය පිණිස පවතිත්, යයි මේ ධර්මයන් හයදෙන හේතුකොටගෙන ප්‍රහීණ වූ ථිනමිද්ධය රහත් මගින් මත්තෙහි නොඉපදීම වේයයි, දැනගනී.

චෙතසො අවූපසමෙ අයොනිසොමනසිකාරෙන උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උප‍්පාදො හොති. අවූපසමො නාම අවූපසන‍්තාකාරො. උද‍්ධච‍්චකුක‍්කුච‍්චමෙවෙතං අත්‍ථතො. තත්‍ථ අයොනිසොමනසිකාරං බහුලං පවත‍්තයතො උද‍්ධච‍්චකුක‍්කුච‍්චං උප‍්පජ‍්ජති. තෙනාහ -

චිත්තයාගේ උපසමනය නොවීමද, අයොනිසො මනසිකාරය හේතුකොට ගෙනද, උද්ධච්ච කුක්කුච්චයාගේ ඉපදීම වෙයි. උපසමනය නොවීම නම්, නොසන්සුන් ආකාරයයි. මෙම උපසමනය නොවීම අර්ථ වශයෙන් උද්ධච්ච කුක්කුච්චය මැයි. ඒ උපසමනය නොවීමෙහි අයොනිසො මනසිකාරය බහුල වශයෙන් පවත්නහුට උද්ධච්ච කුක්කුච්චය උපදී. එහෙයින් වදාළහ -

“අත්‍ථි, භික‍්ඛවෙ, චෙතසො අවූපසමො, තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස උප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස භිය්‍යොභාවාය වෙපුල‍්ලායා”ති (සං· නි· 5.232).

අත්‍ථි භික්ඛවෙ, චෙතසො අවුපසමො තත්‍ථ අයොනිසො මනසිකාර බහුලීකාරෙ අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්ච කුක්කුච්චස්ස උප්පාදාය උප්පන්නස්ස වා උද්ධච්ච කුක්කුච්චස්ස භිය්‍යො භාවාය වෙඵුල්ලාය යනුවෙන්

සමාධිසඞ‍්ඛාතෙ පන චෙතසො වූපසමෙ යොනිසොමනසිකාරෙනස‍්ස පහානං හොති. තෙනාහ – “අත්‍ථි, භික‍්ඛවෙ, චෙතසො වූපසමො, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස අනුප‍්පාදාය උප‍්පන‍්නස‍්ස වා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහානායා”ති (සං· නි· 5.232).

නැවත සමාධි නම් වූ චිත්තයාගේ සංසිඳීමෙහි යොනිසෝ මනසිකාරය හේතුකොටගෙන ඒ උද්ධච්ච කුක්කුච්චයාගේ ප්‍රහාණය වෙයි. එසේ හෙයින් වදාළහ. අත්‍ථි භික්ඛවෙ, චෙතසො වූපසමො තත්‍ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්ච කුක්කුච්චස්ස අනුප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්ච කුක්කුච්චස්ස පහානාය යනුවෙන්,

අපිච ඡ ධම‍්මා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහානාය සංවත‍්තන‍්ති බහුස‍්සුතතා පරිපුච‍්ඡකතා විනයෙ පකතඤ‍්ඤුතා වුද‍්ධසෙවිතා කල්‍යාණමිත‍්තතා සප‍්පායකථාති. බාහුසච‍්චෙනපි හි එකං වා ද‍්වෙ වා තයො වා චත‍්තාරො වා පඤ‍්ච වා නිකායෙ පාළිවසෙන ච අත්‍ථවසෙන ච උග‍්ගණ‍්හන‍්තස‍්සාපි උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීයති. කප‍්පියාකප‍්පියපරිපුච‍්ඡාබහුලස‍්සාපි, විනයපඤ‍්ඤත‍්තියං චිණ‍්ණවසිභාවතාය පකතඤ‍්ඤුනොපි, වුද‍්ධෙ මහල‍්ලකත්‍ථෙරෙ උපසඞ‍්කමන‍්තස‍්සාපි, උපාලිත්‍ථෙරසදිසෙ විනයධරෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහීයති. ඨානනිසජ‍්ජාදීසු කප‍්පියාකප‍්පියනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං – “ඡ ධම‍්මා උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනෙ උද‍්ධච‍්චකුක‍්කුච‍්චෙ උද‍්ධච‍්චස‍්ස අරහත‍්තමග‍්ගෙන කුක‍්කුච‍්චස‍්ස අනාගාමිමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොතීති පජානාති.

යලිදු ධර්මයෝ සයදෙනෙක් උද්ධච්ච කුක්කුච්චයාගේ ප්‍රහාණය පිණිස පවතිත්, බහුස්සුත බව විමසා බැලීම විනයෙහි ප්‍රගුණ බව වැඩිහිටියන් ඇසුරු කිරීම, කලණ මිතුරන් ඇති බව, සුදුසු කථා ඇති බව යන මොහුයි. “එසේම බහුස්සුත බැවින් එක් නිකායක් හෝ නිකාය දෙකක් හෝ නිකාය තුනක් හෝ නිකාය හතරක් හෝ නිකාය පසම හෝ පෙළ වශයෙන් අටුවා වශයෙන් ඉගෙන ගන්නහුගේ උද්ධච්ච කුක්කුච්චය ප්‍රහීණ වෙයි. කැප නොකැප දෙය පිළිබඳ විමසීම් බහුල කොට ඇත්තහුගේ ද විනය පැනවීම්වල ප්‍රගුණ කළ වසීතාවය ඇත්තහුගේ ද වෘද්ධ වූ මහලු තෙරුන් වෙත එළඹෙන්නහුගේ ද, උපාලි මහතෙරුන් වැනි කලණ මිතුරන් ඇසුරු කරන්නහුගේ ද, උද්ධච්ච කුක්කුච්චය ප්‍රහීණ වෙයි. හිදීම්, සිටීම් ආදියෙහි කැප නොකැප දෙය ඇසුරුකොට පවත්නා සත්ප්‍රාය කථාවෙනුදු ප්‍රහීණ වෙයි. එහෙයින් කියන ලදී. ධර්මයෝ සයදෙනෙක් උද්ධච්ච කුක්කුච්චයාගේ ප්‍රහාණය පිණිස පවතිත් යයි. මේ ධර්මයන් සයදෙනා හේතුකොටගෙන ප්‍රහීණ වූ උද්ධච්ච කුක්කුච්චය අතුරෙන් උද්ධච්චයාගේ රහත් මගින් ද, කුක්කුච්චයාගේ අනාගාමි මාර්ගයෙන් ද, මත්තෙහි ඉපදීම නොවේ යයි දැනගනී.

විචිකිච‍්ඡාට‍්ඨානීයෙසු ධම‍්මෙසු අයොනිසොමනසිකාරෙන විචිකිච‍්ඡාය උප‍්පාදො හොති. විචිකිච‍්ඡාට‍්ඨානීයා ධම‍්මා නාම පුනප‍්පුනං විචිකිච‍්ඡාය කාරණත‍්තා විචිකිච‍්ඡාව. තත්‍ථ අයොනිසොමනසිකාරං බහුලං පවත‍්තයතො විචිකිච‍්ඡා උප‍්පජ‍්ජති. තෙනාහ – “අත්‍ථි, භික‍්ඛවෙ, විචිකිච‍්ඡාට‍්ඨානීයා ධම‍්මා, තත්‍ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය උප‍්පාදාය උප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය භිය්‍යොභාවාය වෙපුල‍්ලායා”ති (සං· නි· 5.232).

විචිකිච්ඡාවට කරුණු වූ ධර්මයන්හි අයෝනිසො මනසිකාර හේතුවෙන් විචිකිච්ඡාවේ හටගැනීම සිදුවේ. විචිකිච්ඡාවට කරුණු වූ ධර්මයෝ නම්, නැවත නැවත සැකකිරීමට කරුණු බැවින් (ඒ ධර්මයෝද) විචිකිච්ඡාව මැයි. එම විචිකිච්ඡාවෙහි අයොනිසෝ මනසිකාරය බහුල වශයෙන් විචිකිච්ඡාව උපදී. එයින් වදාළහ. අත්‍ථි භික්ඛවෙ, විචිකිච්ඡා, ඨානියා ධම්මා, තත්‍ථ අයොනිසො මනසිකාර බහුලීකාරො අයමහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය හා විචිකිච්ඡාය භිය්‍යොභාවාය වෙඵුල්ලාය යනුයි.

කුසලාදීසු ධම‍්මෙසු යොනිසොමනසිකාරෙන පනස‍්සා පහානං හොති. තෙනාහ – “අත්‍ථි, භික‍්ඛවෙ, කුසලාකුසලා ධම‍්මා සාවජ‍්ජානවජ‍්ජා ධම‍්මා සෙවිතබ‍්බාසෙවිතබ‍්බා ධම‍්මා හීනප‍්පණීතා ධම‍්මා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා, තත්‍ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය අනුප‍්පාදාය උප‍්පන‍්නාය වා විචිකිච‍්ඡාය පහානායා”ති (සං· නි· 5.232).

කුසලාදි ධර්මයන්හි යොනිසො මනසිකාරයෙන් යුක්තවීම හේතුවෙන් විචිකිච්ඡාවගේ ප්‍රහාණය වෙයි. එබැවින් වදාළහ. අත්‍ථි භික්ඛවෙ, කුසලා කුසලාධමමා සාවජ්ජානවජ්ජා ධම්මා සෙවිතබ්බා සෙවිතබ්බා ධම්මා, හීනප්පණීතා ධම්මා කණ්හ සුක්ක සප්පටි භාගාධම්මා තත්‍ථ යොනිසො මනසිකාර බහුලිකාරො, අයමාහාරො අනුප්පන්නාය හා විචිකිච්ඡාය අනුප්පාදාය උප්පන්නාය හා විචිකිච්ඡාය පහානාය යනුයි.

අපිච ඡ ධම‍්මා විචිකිච‍්ඡාය පහානාය සංවත‍්තන‍්ති බහුස‍්සුතතා පරිපුච‍්ඡකතා විනයෙ පකතඤ‍්ඤුතා අධිමොක‍්ඛබහුලතා කල්‍යාණමිත‍්තතා සප‍්පායකථාති. බාහුසච‍්චෙනපි හි එකං වා…පෙ… පඤ‍්ච වා නිකායෙ පාළිවසෙන අත්‍ථවසෙන ච උග‍්ගණ‍්හන‍්තස‍්සාපි විචිකිච‍්ඡා පහීයති. තීණි රතනානි ආරබ‍්භ පරිපුච‍්ඡාබහුලස‍්සාපි, විනයෙ චිණ‍්ණවසිභාවස‍්සාපි, තීසු රතනෙසු ඔකප‍්පනියසද‍්ධාසඞ‍්ඛාතඅධිමොක‍්ඛබහුලස‍්සාපි, සද‍්ධාධිමුත‍්තෙ වක‍්කලිත්‍ථෙරසදිසෙ කල්‍යාණමිත‍්තෙ සෙවන‍්තස‍්සාපි විචිකිච‍්ඡා පහීයති. ඨානනිසජ‍්ජාදීසු තිණ‍්ණං රතනානං ගුණනිස‍්සිතසප‍්පායකථායපි පහීයති. තෙන වුත‍්තං – “ඡ ධම‍්මා විචිකිච‍්ඡාය පහානාය සංවත‍්තන‍්තී”ති. ඉමෙහි පන ඡහි ධම‍්මෙහි පහීනාය විචිකිච‍්ඡාය සොතාපත‍්තිමග‍්ගෙන ආයතිං අනුප‍්පාදො හොතීති පජානාති.

යලිදු ධර්මයෝ සයදෙනෙක්, විචිකිච්ඡාවගේ ප්‍රහාණය පිණිස පවතිත්, බහුස්සුත බව විමසා බැලීම විනයෙහි ප්‍රගුණ බව, සිතෙහි ස්ථිර සැදැහැති බව, කලණ මිතුරන් ඇති බව, සුදුසුකථා ඇති බව යන මොහුය. එසේ බහුස්සුත බැවින්ද, එක් නිකායක් හෝ -පෙ- නිකාය පසම හෝ පෙළ වශයෙන් ද අටුවා වශයෙන් ද ඉගෙන ගත්තහුගේ විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි. තුණුරුවන් ගැන විමසීම් බහුලකොට ඇත්තහුගේද, විනයෙහි පුරුදු කළ වශී බව ඇත්තහුගේද තුණුරුවන් කෙරෙහි විශ්වාසය නම් වූ අධිමෝක්‍ෂය බහුල වූවහුගේ ද, ශ්‍රද්ධාදි මුක්ත වූ වක්කලී තෙරුන් වැනි කලණ මිතුරන් ඇසුරු කරන්නහුගේද, විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි. හිඳීම, සිටීම් ආදි අවස්ථාවන්හිදි තුණුරුවන් ගුණ ඇසුරු කළ සුදුසු කථාවන්ගෙන් ද විචිකිච්ඡාව ප්‍රහීණ වෙයි. එසේ හෙයින් කියන ලදී ධර්මයෝ සයදෙනෙක් විචිකිච්ඡාවගේ ප්‍රහාණය පිණිස පවතිත් යයි මේ ධර්මය සයදෙන හේතුකොටගෙන ප්‍රහීණ වූ විචිකිච්ඡාවගේ සෝවාන් මගින් මත්තෙහි නොඉපදීම වේයයි දැනගනී.

ඉති අජ‍්ඣත‍්තං වාති එවං පඤ‍්චනීවරණපරිග‍්ගහණෙන අත‍්තනො වා ධම‍්මෙසු, පරස‍්ස වා ධම‍්මෙසු, කාලෙන වා අත‍්තනො, කාලෙන වා පරස‍්ස ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති. සමුදයවයා පනෙත්‍ථ සුභනිමිත‍්ත අසුභනිමිත‍්තාදීසු අයොනිසොමනසිකාරයොනිසොමනසිකාරවසෙන පඤ‍්චසු නීවරණෙසු වුත‍්තනයෙන නීහරිතබ‍්බා. ඉතො පරං වුත‍්තනයමෙව.

ඉති අජ්ඣත්තං වා යනුවෙන් මෙසේ පඤ්ච නීවරණ පරිග්ගහනයෙන් තමන්ගේ පඤ්චනීවරණ ධර්මයන්හි හෝ අනිකෙකුගේ පංච නීවරණ ධර්මයන්හි හෝ කලෙක තමාගේ හෝ කලෙක අනිකෙකුගේ හෝ නීවරණ ධර්මයන්හි හෝ ධම්මානු පස්සීව වෙසෙයි. මෙහි උත්පත්ති විනාශ දෙක වනාහි ශුභ නිමිත්ත අශුභ නිමිත්ත ආදියෙහි අයෝනිසො මනසිකාර යොනිසො මනසිකාරයන්ගේ වශයෙන් පඤ්ච නීවරණයන්හිදී කියන ලද්දම දැක්විය යුත්තාහුය. මින් මත්තෙහි කී නයමැයි.

කෙවලඤ‍්හි ඉධ නීවරණපරිග‍්ගාහිකා සති දුක‍්ඛසච‍්චන‍්ති එවං යොජනං කත්‍වා නීවරණපරිග‍්ගාහකස‍්ස භික‍්ඛුනො නිය්‍යානමුඛං වෙදිතබ‍්බං. සෙසං තාදිසමෙවාති.

හුදෙක් මෙහි නීවරණයන් පිරිසිඳ දන්නා වූ සිහිය දුක්ඛ සත්‍ය නම් වේ. මෙසේ යෙදීම් කොට නීවරණ පරිග්ගාහක භික්‍ෂුවගේ නිවන්මග දතයුතුයැ. සෙස්ස එබඳුමැයි.

නීවරණපබ‍්බවණ‍්ණනා නිට‍්ඨිතා.

නීවරණ පබ්බය නිමි.