ඛන්ධපබ්බවණ්ණනා අට්ඨකථා
ඛන්ධපබ්බවණ්ණනා
ඛන්ධ පබ්බ වර්ණනාව
එවං පඤ්චනීවරණවසෙන ධම්මානුපස්සනං විභජිත්වා ඉදානි පඤ්චක්ඛන්ධවසෙන විභජිතුං පුන චපරන්තිආදිමාහ. තත්ථ පඤ්චසු උපාදානක්ඛන්ධෙසූති උපාදානස්ස ඛන්ධා උපාදානක්ඛන්ධා, උපාදානස්ස පච්චයභූතා ධම්මපුඤ්ජා ධම්මරාසයොති අත්ථො. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරතො පන ඛන්ධකථා විසුද්ධිමග්ගෙ වුත්තා. ඉති රූපන්ති “ඉදං රූපං, එත්තකං රූපං, න ඉතො පරං රූපං අත්ථී”ති සභාවතො රූපං පජානාති. වෙදනාදීසුපි එසෙව නයො. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරෙන පන රූපාදීනි විසුද්ධිමග්ගෙ ඛන්ධකථායමෙව වුත්තානි. ඉති රූපස්ස සමුදයොති එවං අවිජ්ජාසමුදයාදිවසෙන පඤ්චහාකාරෙහි රූපස්ස සමුදයො. ඉති රූපස්ස අත්ථඞ්ගමොති එවං අවිජ්ජානිරොධාදිවසෙන පඤ්චහාකාරෙහි රූපස්ස අත්ථඞ්ගමො, වෙදනාදීසුපි එසෙව නයො. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන විසුද්ධිමග්ගෙ උදයබ්බයඤාණකථායං වුත්තො.
මේ ආකාරයෙන් පඤ්ච නීවරණයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව විභාගකොට දක්වා දැන් පඤ්චක්ඛන්ධයන්ගේ වශයෙන් විභාග කරනු පිණිස ‘පුන චපරං’ යනාදිය වදාළහ. පඤ්චසුපාදානක්ඛන්ධෙසු යනුවෙන් උපාදානයාගේ ඛන්‍ධයෝ උපාදානක්ඛන්ධ නම් වෙති. උපාදානයට ප්‍රත්‍ය ව ධර්ම ගොඩ. ධර්ම රාශිය යන අර්ථයි. මෙය මෙහි සැකෙවිනි. ඛන්ධයන්ගේ විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයෙහි කියන ලද්දීය. ඉති රූපං මේ රූපය වේ. මෙතෙක් රූපය වේ. මෙයින් මත්තෙහි රූපයක් නැතැයි, ස්වභාව වශයෙන් රූපය දැනගනී. වේදනා ආදියෙහි දු මේ ක්‍රමයමැයි. මෙය මෙහි සැකෙවිනි. විස්තර වශයෙන් රූපාදීහු විසුද්ධි මාර්ගයෙහි ඛන්ධ කථාවෙහිම කියන ලද්දාහුය. ඉතිරූපස්ස සමුදයො මෙසේ අවිද්‍යා සමුදයාදීන්ගේ වශයෙන් පස් ආකාරයකින් රූපයාගේ සමුදය වෙයි. ඉති රූපස්ස අත්ථංගමො යනුවෙන් මෙසේ අවිද්‍යා නිරෝධාදීන්ගේ වශයෙන් පස් ආකාරයකින් රූපයාගේ අත්ථංගමය වෙයි. වේදනාදියෙහිදු මෙම ක්‍රමයමයි. මේ මෙහි කෙටි විස්තරයයි. විස්තර වනාහි විසුද්ධි මාර්ගයෙහි උදයව්‍යය ඥාන කථාවෙහි, කියන ලද්දේය.
ඉති අජ්ඣත්තං වාති එවං පඤ්චක්ඛන්ධපරිග්ගහණෙන අත්තනො වා ධම්මෙසු, පරස්ස වා ධම්මෙසු, කාලෙන වා අත්තනො, කාලෙන වා පරස්ස ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයවයා පනෙත්ථ “අවිජ්ජාසමුදයා රූපසමුදයො”තිආදීනං (පටි· ම· 1.50) පඤ්චසු ඛන්ධෙසු වුත්තානං පඤ්ඤාසාය ලක්ඛණානං වසෙන නීහරිතබ්බා. ඉතො පරං වුත්තනයමෙව.
ඉති අජ්ඣත්තං වා මෙසේ පඤ්චක්ඛන්ධ පරිග්ගහයෙන් තමාගේ ඛන්ධ ධර්මයන්හි හෝ අනිකෙකුගේ ඛන්ධ ධර්මයන්හි හෝ කලෙක තමාගේ හෝ කලෙක මෙරමාගේ හෝ ඛන්ධ ධර්මයන්හි ධම්මානුපස්සීව වාසය කරයි. මේ පඤ්චක්ඛන්ධයාගේ සමුද-වය වනාහි අවිජ්ජා සමුදයා රූප සමුදයො යනාදී වූ පඤ්චක්ඛන්ධයන්හි කියන ලද පනස් ලක්ෂණයන්ගේ වශයෙන් දැක්විය යුත්තාහුය. මෙයින් මත්තෙහිදු කී නයමැයි.
කෙවලඤ්හි ඉධ ඛන්ධපරිග්ගාහිකා සති දුක්ඛසච්චන්ති එවං යොජනං කත්වා ඛන්ධපරිග්ගාහකස්ස භික්ඛුනො නිය්යානමුඛං වෙදිතබ්බං. සෙසං තාදිසමෙවාති.
හුදෙක් මෙම ඛන්ධයන් පිරිසිඳ දැනගන්නා වූ ‘සතිය’ දුක්ඛ සත්‍යයයි. මෙසේ යෝජනාකොට ඛන්ධ පරිග්ගාහක භික්ෂුවගේ නිවන්මග දතයුතුයැ. සෙස්ස එබඳුමයි.
ඛන්ධපබ්බවණ්ණනා නිට්ඨිතා.
ඛන්ධ පබ්බය නිමි.
ආයතනපබ්බවණ්ණනා
ආයතන පබ්බ වර්ණනාව
එවං පඤ්චක්ඛන්ධවසෙන ධම්මානුපස්සනං විභජිත්වා ඉදානි ආයතනවසෙන විභජිතුං පුන චපරන්තිආදිමාහ. තත්ථ ඡසු අජ්ඣත්තිකබාහිරෙසු ආයතනෙසූති චක්ඛු සොතං ඝානං ජිව්හා කායො මනොති ඉමෙසු ඡසු අජ්ඣත්තිකෙසු රූපං සද්දො ගන්ධො රසො ඵොට්ඨබ්බො ධම්මාති ඉමෙසු ඡසු බාහිරෙසු. චක්ඛුං ච පජානාතීති චක්ඛුපසාදං යාථාවසරසලක්ඛණවසෙන පජානාති. රූපෙ ච පජානාතීති බහිද්ධා චතුසමුට්ඨානිකරූපඤ්ච යාථාවසරසලක්ඛණවසෙන පජානාති. යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනන්ති යඤ්ච තං චක්ඛුං චෙව රූපෙ චාති උභයං පටිච්ච කාමරාගසංයොජනං පටිඝ-මාන-දිට්ඨි-විචිකිච්ඡා-සීලබ්බතපරාමාස-භවරාග-ඉස්සා-මච්ඡරියාවිජ්ජාසංයොජනන්ති දසවිධං සංයොජනං උප්පජ්ජති, තඤ්ච යාථාවසරසලක්ඛණවසෙන පජානාති.
මෙසේ පඤ්චක්ඛන්ධයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව විභාගකොට දැන් ආයතන වශයෙන් විභාග කරනු පිණිස පුන චපරං යනාදිය වදාළහ. එහි ඡසු අජ්ඣත්තික බාහිරෙසු ආයතනෙසු යනුවෙන් චක්ඛු - සොත - ඝාන - ජීව්හා - කාය - මන යන අජ්ඣත්තික ආයතන සයෙහි ද රූප සද්ද - ගන්ධ - රස යන බාහිර ආයතන සයෙහි ද චක්ඛුඤ්ච පජානාති යනු චක්ඛුප්පසාද රූපය වෙනස් නොවූ ස්වකීය ස්වභාව ලක්ෂණ වශයෙන් දැනගනී. රූපෙච පජානාති යනුවෙන්, බාහිර වූ චතුසමුට්ඨාන රූපයන් ද, අවිපරීත වූ තමාගේ ස්වභාව ලක්ෂණ වශයෙන් දැනගනී. යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සංයොජනං යනුවෙන් ඇස හා රූපයන් ද යන මේ දෙක නිසා කාමරාග සංයෝජනය ද. පටිඝ - මාන - දිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බතපරාමාස - භවරාග - ඉස්සා - මචඡරිය - අවිජ්ජා යන සංයෝජනයෝ දැයි දසවිධ සංයෝජනයෝ උපදිති. ඒවා අවිපරීත වූ ස්වකීය ස්වභාව ලක්ෂණයෙන් දැනගනී.
කථං පනෙතං උප්පජ්ජතීති? චක්ඛුද්වාරෙ තාව ආපාථගතං ඉට්ඨාරම්මණං කාමස්සාදවසෙන අස්සාදයතො අභිනන්දතො කාමරාගසංයොජනං උප්පජ්ජති. අනිට්ඨාරම්මණෙ කුජ්ඣතො පටිඝසංයොජනං උප්පජ්ජති. “ඨපෙත්වා මං න කොචි අඤ්ඤො එතං ආරම්මණං විභාවෙතුං සමත්ථො අත්ථී”ති මඤ්ඤතො මානසංයොජනං උප්පජ්ජති. “එතං රූපාරම්මණං නිච්චං ධුව”න්ති ගණ්හතො දිට්ඨිසංයොජනං උප්පජ්ජති. “එතං රූපාරම්මණං සත්තො නු ඛො, සත්තස්ස නු ඛො”ති විචිකිච්ඡතො විචිකිච්ඡාසංයොජනං උප්පජ්ජති. “සම්පත්තිභවෙ වත නො ඉදං සුලභං ජාත”න්ති භවං පත්ථෙන්තස්ස භවරාගසංයොජනං උප්පජ්ජති. “ආයතිම්පි එවරූපං සීලබ්බතං සමාදියිත්වා සක්කා ලද්ධු”න්ති සීලබ්බතං සමාදියන්තස්ස සීලබ්බතපරාමාසසංයොජනං උප්පජ්ජති. “අහො වත එතං රූපාරම්මණං අඤ්ඤෙ න ලභෙය්යු”න්ති උසූයතො ඉස්සාසංයොජනං උප්පජ්ජති. අත්තනා ලද්ධං රූපාරම්මණං අඤ්ඤස්ස මච්ඡරායතො මච්ඡරියසංයොජනං උප්පජ්ජති. සබ්බෙහෙව සහජාතඅඤ්ඤාණවසෙන අවිජ්ජාසංයොජනං උප්පජ්ජති.
මේ දස සංයෝජනය කෙසේ උපදීද යත්, පිළිවෙලින් කියනු ලැබේ. ඇස් දොරට පැමිණි ඉටු අරමුණ කාම අස්සාස වශයෙන් විඳින්නහුට සතුටු වන්නට කාමරාග සංයෝජනය උපදී. අනිටු අරමුණෙහි කිපෙන්නහුට පටිඝ සංයෝජනය උපදී. මා තබා අන් කවරෙක් මෙම අරමුණ නුවණින් සලකන්ට සමර්ථ වූයේ ඇත්දැයි සිතන්නහුට මාන සංයෝජනය උපදී. මෙපරිද්දෙන් රූප අරමුණ නිත්‍ය, ස්ථිර වශයෙන් සලකන්නහුට දිටඨි සංයෝජනය උපදී. මෙපරිද්දෙන් රූපාරම්මණය සත්ත්වයෙක් දෝ හෝ සත්ත්වයාගේ දෝ හෝයි සැප උපදවන්නහුට විචිකිච්ඡා සංයෝජනය උපදී. සම්පත්ති භවයෙහි අපට ඒකාන්තයෙන් මෙම රූපාරම්මණය සුලභ වූයේ වනැයි භවය ප්‍රාර්ථනා කරන්නහුට භවරාග සංයෝජනය උපදී. මත්තෙහි දු රූපාරම්මණයක් ශීලව්‍රත සමාදන්ව ලැබිය හැක්කේ යයි ශීලව්‍රත සමාදන් වන්නහුට සීලබබත පරාමාස සංයෝජනය උපදී. මෙම රූප අරමුණ අන්‍යයෝ නොලබන්නාහු නම් ඉතා යෙහෙකැයි ඊර්ෂ්‍යා කරන්නහුට ඉස්සා නම් සංයෝජනය උපදී. තමා ලත් රූපාරම්මණය අනිකෙකුට ලැබීම ගැන මසුරුකම් මච්ඡරිය සංයෝජනය උපදී. සියල්ලන් සමග සහජාත වූ අඤ්ඤාණයාගේ වශයෙන් අවිජ්ජා සංයෝජනය උපදී.
යථා ච අනුප්පන්නස්සාති යෙන කාරණෙන අසමුදාචාරවසෙන අනුප්පන්නස්ස තස්ස දසවිධස්සාපි සංයොජනස්ස උප්පාදො හොති, තඤ්ච කාරණං පජානාති. යථා ච උප්පන්නස්සාති අප්පහීනට්ඨෙන පන සමුදාචාරවසෙන වා උප්පන්නස්ස තස්ස දසවිධස්සාපි සංයොජනස්ස යෙන කාරණෙන පහානං හොති, තඤ්ච කාරණං පජානාති. යථා ච පහීනස්සාති තදඞ්ගවික්ඛම්භනප්පහානවසෙන පහීනස්සාපි තස්ස දසවිධස්ස සංයොජනස්ස යෙන කාරණෙන ආයතිං අනුප්පාදො හොති, තඤ්ච පජානාති. කෙන කාරණෙන පනස්ස ආයතිං අනුප්පාදො හොති? දිට්ඨිවිචිකිච්ඡාසීලබ්බතපරාමාසඉස්සාමච්ඡරියභෙදස්ස තාව පඤ්චවිධස්ස සංයොජනස්ස සොතාපත්තිමග්ගෙන ආයතිං අනුප්පාදො හොති. කාමරාගපටිඝසංයොජනද්වයස්ස ඔළාරිකස්ස සකදාගාමිමග්ගෙන, අණුසහගතස්ස අනාගාමිමග්ගෙන, මානභවරාගාවිජ්ජාසංයොජනත්තයස්ස අරහත්තමග්ගෙන ආයතිං අනුප්පාදො හොති.
යථාච අනුප්පන්නස්ස යම් කරුණකින් අසමුදාචාර (නොහැසිරීම්) වශයෙන් නූපන්නා වූ ඒ දසවිධ වූ සංයෝජනයාගේ ඉපදීම වෙයි. එම කරුණද දනී. යථාව උප්පන්නස්ස, ප්‍රහීණ නොවූ කරුණින් සමුදාචාර (හැසිරීම්) වශයෙන් හෝ උපන්නා වූ ඒ දසවිධ වූම සංයෝජනයාගේ යම් කරුණකින් ප්රහාණය වේද, එයද දැනගනී. යථාච පහීනස්ස, තදංග විකම්භණ ප්රහාණයගේ වශයෙන් ප්‍රහීණ වූ ද, ඒ දසවිධ සංයෝජනයාගේ යම් කරුණකින් මත්තෙහි නො ඉපදීම වේද, එම කරුණත් දැන ගනී. කවර කරුණකින් ඒ දශ සංයෝජනයාගේ මත්තෙහි නො ඉපදීම වේද යත්, පළමුකොට දිටඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස ඉස්සා මච්ඡරිය ප්‍රභේද වූ පංචවිධ සංයෝජනයාගේ සෝවාන් මගින් මත්තෙහි නොඉපදීම වෙයි. කාමරාග පටිඝ සංයෝජන දෙදෙනාගේ ඕලාරික බව (තද ගතිය) සකෘදාගාමි මගින් (ප්‍රහීණ වෙයි) අණු සහගත වූ (මුල් සහිත) එම සංයෝජන දෙදෙන අනාගාමී මාර්ගයෙන් (ප්‍රහීණ වෙයි) මාන, භවරාග, අවිජ්ජා සංයෝජන තුන රහත් මගින් මත්තෙහි නොඉපදීම වෙයි.
සොතඤ්ච පජානාති සද්දෙ චා තිආදීසුපි එසෙව නයො. අපිචෙත්ථ ආයතනකථා විත්ථාරතො විසුද්ධිමග්ගෙ ආයතනනිද්දෙසෙ වුත්තනයෙනෙව වෙදිතබ්බා.
සොතඤ්ච පජානාති සද්දෙ ච යනාදියෙහි ද මේ ක්‍රමය මැයි. තවද මේ ආයතන කථාව විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයෙහි ආයතන නිද්දෙසයෙහි කී නියායෙන්ම දත යුත්තේය.
ඉති අජ්ඣත්තං වාති එවං අජ්ඣත්තිකායතනපරිග්ගහණෙන අත්තනො වා ධම්මෙසු, බාහිරායතනපරිග්ගහණෙන පරස්ස වා ධම්මෙසු, කාලෙන වා අත්තනො, කාලෙන වා පරස්ස ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයවයා පනෙත්ථ “අවිජ්ජාසමුදයා චක්ඛුසමුදයො”ති රූපායතනස්ස රූපක්ඛන්ධෙ, අරූපායතනෙසු මනායතනස්ස විඤ්ඤාණක්ඛන්ධෙ, ධම්මායතනස්ස සෙසක්ඛන්ධෙසු වුත්තනයෙන නීහරිතබ්බා. ලොකුත්තරධම්මා න ගහෙතබ්බා. ඉතො පරං වුත්තනයමෙව.
ඉති අජ්ඣත්තං වා මේ අයුරින් අජ්ඣත්තික ආයතන පරිග්ගහණයෙන් තමාගේ ආයතන ධර්මයන්හි හෝ බාහිර ආයතන පරිග්ගහණයෙන් අනිකෙකුගේ ආයතන ධර්මයන්හි හෝ කලෙක තමාගේ හෝ කලෙක අනුන්ගේ හෝ ආයතන ධර්මයන්හි ධර්මානුදර්ශීව වාසය කෙරෙයි. මෙහි සමුදය වය දෙක වනාහි අවිජ්ජා සමුදයා චක්ඛු සමුදයො, රූපායතනයන්ගේ රූපක්ඛන්ධයෙහි ද අරූප ආයතනයන් අතුරෙහි, මනායතනයාගේ විඤ්ඤාණක්ඛන්ධයෙහිද ධම්මායතනයාගේ සෙසු ස්කන්ධයන්හිද කී නයින් දතයුත්තාහුය. ලෝකෝත්තර ධර්මයෝ නොගත යුත්තාහුය. මෙයින් මත්තෙහි කී නයමැයි.
කෙවලඤ්හි ඉධ ආයතනපරිග්ගාහිකා සති දුක්ඛසච්චන්ති එවං යොජනං කත්වා ආයතනපරිග්ගාහකස්ස භික්ඛුනො නිය්යානමුඛං වෙදිතබ්බං. සෙසං තාදිසමෙවාති.
හුදෙක් මෙහි ආයතන පරිග්ගාහික සතිය දුක්ඛ සත්‍යයයි මෙසේ යෝජනාකොට ආයතන පරිග්ගාහක භික්ෂුවගේ නිවන්මගට පැමිණෙන දොරටුව දතයුතුය. සෙස්සද එබඳුමැයි.
ආයතනපබ්බවණ්ණනා නිට්ඨිතා.
ආයතන පබ්බ නිමි.