බොජ්ඣඞ්ගපබ්බවණ්ණනා අට්ඨකථා
බොජ්ඣඞ්ගපබ්බවණ්ණනා
බොජ්ඣංග පබ්බ වර්ණනාව
එවං ඡ අජ්ඣත්තිකබාහිරායතනවසෙන ධම්මානුපස්සනං විභජිත්වා ඉදානි බොජ්ඣඞ්ගවසෙන විභජිතුං පුන චපරන්ති ආදිමාහ. තත්ථ බොජ්ඣඞ්ගෙසූති බුජ්ඣනකසත්තස්ස අඞ්ගෙසු. සන්තන්ති පටිලාභවසෙන සංවිජ්ජමානං. සතිසම්බොජ්ඣඞ්ගන්ති සතිසඞ්ඛාතං සම්බොජ්ඣඞ්ගං. එත්ථ හි සම්බුජ්ඣති ආරද්ධවිපස්සකතො පට්ඨාය යොගාවචරොති සම්බොධි, යාය වා සො සතිආදිකාය සත්තධම්මසාමග්ගියා සම්බුජ්ඣති කිලෙසනිද්දාතො උට්ඨාති, සච්චානි වා පටිවිජ්ඣති, සා ධම්මසාමග්ගී සම්බොධි. තස්ස සම්බොධිස්ස, තස්සා වා සම්බොධියා අඞ්ගන්ති සම්බොජ්ඣඞ්ගං. තෙන වුත්තං “සතිසඞ්ඛාතං සම්බොජ්ඣඞ්ග”න්ති. සෙසසම්බොජ්ඣඞ්ගෙසුපි ඉමිනාව නයෙන වචනත්ථො වෙදිතබ්බො.
මෙසේ සවැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන්ගේ වශයෙන් ධම්මානුපස්සනාව විස්තරකොට දැන් බොජ්ඣංගයන්ගේ වශයෙන් විභාග කරනු පිණිස පුන චපරං යනාදිය වදාළහ. එහි බොජ්ඣංගෙසු යනු සත්‍ය අවබෝධ කරන සත්ත්වයාගේ අංග වූ, සන්තං ප්රතිලාභ වශයෙන් විද්‍යමාන වූ, සතිසම්බොජ්ඣංගං සති නම් වූ බොජ්ඣංගය මෙහි ආරබ්ධ විදර්ශකගේ පටන් යෝගාවචර තෙම මොනවට අවබෝධ කෙරේද, එහෙයින් සමබෝධි නම් වේ. නැතහොත් එම යෝගාවචර තෙම ‘සතිය’ ආදිකොට ඇති යම් සත් ධර්මයක්හුගේ එකතුවක් හේතුකොට ගෙන අවබෝධ කෙරේ ද, කෙලෙස් නිද්‍රාවෙන් නැගී සිටී ද, නැතහොත් සත්‍යයන් ප්‍රතිවෙධ කෙරේද, කෙලෙස් නින්දෙන් නැගී සිටී ද, නොහොත් සත්‍යයන් ප්‍රතිවෙධ කෙරේද, ඒ ධර්මයන්ගේ එකතුව සම්බෝධි නම් වේ. ඒ සම්බොධිහුගේ හෝ ඒ සම්බොධියගේ අංගනුයි සම්බොජ්ඣංග නම් වේ. එයින් කීහ. සති සංඛාතං බොජ්ඣංගං යයි සෙසු බොජ්ඣංගවලද මේ ක්‍රමයෙන්ම වචනාර්ථ දතයුතුය.
අසන්තන්ති අප්පටිලාභවසෙන අවිජ්ජමානං. යථා ච අනුප්පන්නස්සාතිආදීසු පන සතිසම්බොජ්ඣඞ්ගස්ස තාව – “අත්ථි, භික්ඛවෙ, සතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.183) එවං උප්පාදො හොති. තත්ථ සතියෙව සතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. යොනිසොමනසිකාරො වුත්තලක්ඛණොයෙව, තං තත්ථ බහුලං පවත්තයතො සතිසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති.
අසන්තං යනු නොලැබීම් වශයෙන් අවිද්‍යමාන වූ යථා ච අනුප්පන්නස්ස යනාදියෙහි වනාහි පළමුකොට සති සම්බොජ්ඣංගයාගේ - අත්ථි භික්ඛවෙ, සති සම්බොජ්ඣංගට්ඨානීයා ධම්මා තත්ථ යොනිසො මනසිකාරො බහුලීකරා අයමාහාරො අනුප්පන්නස්ස වා සති සම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සති සම්බොජ්ඣංගස්ස භිය්‍යොභාවය වෙපුල්ලාය භාවනාය පාරිපුරියා සංවත්තති යනුවෙන් සති සම්බොජ්ඣංගයට කරුණු වූ ධර්ම වෙති. යෝනිසෝ මනසිකාරය කී ලක්ෂණ ඇත්තේමය. ඒ යෝනිසෝ මනසිකාරය එම සතියෙහි බහුලව පවත්නහුට සති සම්බොජ්ඣංගය උපදී.
අපිච චත්තාරො ධම්මා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති සතිසම්පජඤ්ඤං මුට්ඨස්සතිපුග්ගලපරිවජ්ජනතා උපට්ඨිතස්සතිපුග්ගලසෙවනතා තදධිමුත්තතාති. අභික්කන්තාදීසු හි සත්තසු ඨානෙසු සතිසම්පජඤ්ඤෙන භත්තනික්ඛිත්තකාකසදිසෙ මුට්ඨස්සතිපුග්ගලෙ පරිවජ්ජනෙන තිස්සදත්තත්ථෙරඅභයත්ථෙරසදිසෙ උපට්ඨිතස්සතිපුග්ගලෙ සෙවනෙන ඨානනිසජ්ජාදීසු සතිසමුට්ඨාපනත්ථං නින්නපොණපබ්භාරචිත්තතාය ච සතිසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති. එවං චතූහි කාරණෙහි උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරී හොතීති පජානාති.
ධර්මයෝ සතරදෙනෙක් සතිසම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවතිත්, සති සම්පජඤ්ඤය මුළා සිහි ඇති පුගුලන් වර්ජනය කිරීම, එළඹ සිටි සිහියෙන් යුතු පුද්ගලයන් ඇසුරු කිරීම, එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් වෙත නැමුනු බව යන මොහුයි. එය එසේමැයි, අභික්කන්තාදි සත් තන්හි සාර්ථක ආදි සම්පජඤ්ඤයාගේ වශයෙන් ද, බත් සඟවා තැබූ කවුඩෙකු මෙන් මුළා වූ සිහි ඇති පුද්ගලයන් දුරු කිරීමෙන් ද තිස්ස දත්ත අභය තෙරවරුන් වැනි වූ එළඹ සිටි සිහි ඇති පුද්ගලයන් සේවනය කිරීමෙන් ද, හිඳීම, සිටීම් ආදියෙහි සිහිය ඉපදවීම පිණිස නැමුනු අවනත වූ අභිමුඛ සිත් ඇති බැවින් ද, සති සම්බොජ්ඣංගය උපදී. මෙසේ සතර කරුණින් උපන් සති සම්බොජ්ඣංගය වනාහි රහත් මගින් භාවනා සම්පූර්ණ වේයයි දැනගනී.
ධම්මවිචය සම්බොජ්ඣංගය
ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස පන – “අත්ථි, භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා…පෙ… කණ්හසුක්කසප්පටිභාගා ධම්මා, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.232) එවං උප්පාදො හොති.
ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ වනාහි අත්ථි භික්ඛවෙ, කුසලා කුසලා ධම්මා -පෙ- කණ්හ සුක්ක සප්පටිභාගා ධම්මා තත්ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස ධම්ම විචය සම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචය සම්බොජ්ඣංගස්ස භීය්‍යො භාවාය වෙපුල්ලාය භාවනාය පාරිපුරියා සංවත්තන්ති යයි මෙපරිද්දෙන් ඉපදීම වෙයි.
අපිච සත්ත ධම්මා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති පරිපුච්ඡකතා වත්ථුවිසදකිරියා ඉන්ද්‍රියසමත්තපටිපාදනා දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනා පඤ්ඤවන්තපුග්ගලසෙවනා ගම්භීරඤාණචරියපච්චවෙක්ඛණා තදධිමුත්තතාති. තත්ථ පරිපුච්ඡකතාති ඛන්ධධාතුආයතනඉන්ද්රියබලබොජ්ඣඞ්ගමග්ගඞ්ගඣානඞ්ගසමථවිපස්සනානං අත්ථසන්නිස්සිතපරිපුච්ඡාබහුලතා.
තව ද ධර්මයෝ සත්දෙනෙක් ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවතිත්, පටිපුච්ඡකතා (හාත්පසින් විමසා බැලීම) බාහිර අභ්‍යන්තර වස්තූන්ගේ පිරිසිදු බව, ඉන්ද්රිය සම මත්ත පටිපාදනා (ඉන්ද්රියයන්ගේ සමබව පිළියෙල කිරීම) මෝඩ පුද්ගලයන් දුරුකිරීම ප්‍රඥාවත් පුද්ගලයන් ඇසුරු කිරීම, ගම්භීර ඤාණචරිය පච්ච වෙක්ඛනා, (=ගැඹුරු වූ, නුවණැත්තන් විසින් අවබෝධ කළයුතු ධර්මයන් ප්රත්යවේක්ෂා කිරිම) තදධිමුත්තතා (එය නැඹුරු වූ සිත් ඇති බව) යන මොහුයි.
වත්ථුවිසද කිරියා
වත්ථුවිසදකිරියාති අජ්ඣත්තිකබාහිරානං වත්ථූනං විසදභාවකරණං. යදා හිස්ස කෙසනඛලොමා අතිදීඝා හොන්ති, සරීරං වා උස්සන්නදොසඤ්චෙව සෙදමලමක්ඛිතඤ්ච, තදා අජ්ඣත්තිකං වත්ථු අවිසදං හොති අපරිසුද්ධං. යදා පන චීවරං ජිණ්ණං කිලිට්ඨං දුග්ගන්ධං හොති, සෙනාසනං වා උක්ලාපං, තදා බාහිරං වත්ථු අවිසදං හොති අපරිසුද්ධං. තස්මා කෙසාදිච්ඡෙදාපනෙන උද්ධංවිරෙචනඅධොවිරෙචනාදීහි සරීරසල්ලහුකභාවකරණෙන උච්ඡාදනන්හාපනෙන ච අජ්ඣත්තිකං වත්ථු විසදං කාතබ්බං.
වත්ථු විසද කිරියා යනු අභ්‍යන්තර බාහිර වස්තූන්ගේ පිරිසිදු බව ඇති කිරිමයි. යම්හෙයකින් යම්විටක ඔහුගේ කෙස් ලොම් නිය ඉතා දික් වෙත් ද, ශරීරයෙහි හෝ උස්සන්න වූ දෝෂ ඇත්තේ ඩහදිය මල වැකුනේත් වේද එහි අධ්‍යාත්මක වස්තු අවිසද වූයේ අපිරිසිදු වූයේ වෙයි. යම්විටක සිවුරු දිරූයේ කිලිටි වූයේ දුගඳ වූයේ වෙද, සෙනස්න හෝ එසේ වූයේ වේද එකල්හි බාහිර වස්තු අවිසද වූයේ අපිරිසිදු වූයේ වෙයි. එහෙයින් කෙස් ආදිය කැපීමෙන් ද ඌර්ධව විරේචන අධො විරේචන ආදියෙන් ශරීරයාගේ සැහැල්ලු බව කිරීමෙන් ද අඟ ඉලීමෙන් හා නෑමෙන්ද ආධ්‍යාත්මික වස්තු පිරිසිදු කළ යුතුය.
සූචිකම්මධොවනරජනපරිභණ්ඩකරණාදීහි බාහිරං වත්ථු විසදං කාතබ්බං. එතස්මිඤ්හි අජ්ඣත්තිකබාහිරෙ වත්ථුස්මිං අවිසදෙ උප්පන්නෙසු චිත්තචෙතසිකෙසු ඤාණම්පි අපරිසුද්ධං හොති, අපරිසුද්ධානි දීපකපල්ලකවට්ටිතෙලානි නිස්සාය උප්පන්නදීපසිඛාය ඔභාසො විය. විසදෙ පන අජ්ඣත්තිකබාහිරෙ වත්ථුම්හි උප්පන්නෙසු චිත්තචෙතසිකෙසු ඤාණම්පි විසදං හොති, පරිසුද්ධානි දීපකපල්ලකවට්ටිතෙලානි නිස්සාය උප්පන්නදීපසිඛාය ඔභාසො විය. තෙන වුත්තං – “වත්ථුවිසදකිරියා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තතී”ති.
මැසීම් සේදීම් රැඳීම් පිරිබඩ කිරීම් (අළුත්වැඩියා කිරීම්) ආදියෙන් බාහිර වස්තු පිරිසිදු කළ යුතුය. මෙම අධ්‍යාත්මික බාහිර වස්තූන්ගේ පිරිසිදුභාවය නැති වූ කල්හි චිත්ත චෛතසිකයන් පිළිබඳ ඤාණයද අපිරිසිදු වූයේ වෙයි. එසේමැයි. අපිරිසිදු වූ පහන්වැටි තෙල් නිසා උපන් පහන් සිලුවෙහි ආලෝකය මෙනි. නැවත පිරිසිදු වූ අධ්‍යාත්මික බාහිර වස්තුවෙහි චිත්ත චෛතසිකයන් උපන් කල්හි ඤාණයත් පිරිසිදු වෙයි. පිරිසිදු වූ පහන්වැටි තෙල් නිසා උපන් පහන් සිලුවෙහි ආලෝකය මෙනි. එහෙයින් කියන ලදී. වස්තුවිසද කිරියාව ධම්මවිචය බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවතී යයි.
ඉන්ද්රිය සමත්වය
ඉන්ද්‍රියසමත්තපටිපාදනා නාම සද්ධාදීනං ඉන්ද්රියානං සමභාවකරණං. සචෙ හිස්ස සද්ධින්ද්රියං බලවං හොති, ඉතරානි මන්දානි. තතො වීරියින්ද්‍රියං පග්ගහකිච්චං, සතින්ද්රියං උපට්ඨානකිච්චං, සමාධින්ද්රියං අවික්ඛෙපකිච්චං, පඤ්ඤින්ද්රියං දස්සනකිච්චං කාතුං න සක්කොති. තස්මා තං ධම්මසභාවපච්චවෙක්ඛණෙන වා යථා වා මනසිකරොතො බලවං ජාතං, තථා අමනසිකාරෙන හාපෙතබ්බං. වක්කලිත්ථෙරස්ස වත්ථු චෙත්ථ නිදස්සනං. සචෙ පන වීරියින්ද්‍රියං බලවං හොති, අථ නෙව සද්ධින්ද්රියං අධිමොක්ඛකිච්චං කාතුං සක්කොති, න ඉතරානි ඉතරකිච්චභෙදං. තස්මා තං පස්සද්ධාදිභාවනාය හාපෙතබ්බං. තත්රාපි සොණත්ථෙරස්ස වත්ථු දස්සෙතබ්බං. එවං සෙසෙසුපි එකස්ස බලවභාවෙ සති ඉතරෙසං අත්තනො කිච්චෙසු අසමත්‍ථතා වෙදිතබ්බා.
ඉන්ද්රිය සමත්ත පටිපාදනා නම්, සද්ධා ආදි ඉන්ද්රියයන්ගේ සමබව ඇතිකර ගැනීමයි. ඉදින් මෙම යෝගාවචරයාට වනාහි යම් හෙයකින් සද්ධා ඉන්ද්රිය බලවත් වේද, අනිත් ඉන්ද්රියයෝ හීන වෙත් ද, එබැවින් විරිය ඉන්ද්රිය පග්ගහ කෘත්‍ය ද. (උත්සාහය) සති ඉන්ද්රිය උපට්ඨාන කෘත්‍යයද සමාධි ඉන්ද්රිය අවික්‍ෂේප කෘත්‍යය ප්‍රඥා ඉන්ද්රිය දස්සන කෘත්‍යයද කරන්ට නොහැකි වෙයි. එබැවින් ඒ ශ්රද්ධෙන්ද්රිය ධර්මස්වභාවය ප්රත්යවේක්ෂා කිරීමෙන් හෝ යම් ආකාරයකින් මෙනෙහි කරන්නහුට බලවත් වුයේනම්, එපරිද්දෙන් මෙනෙහි නොකිරීමෙන් හෝ ගෙවා දැමිය යුතුය. මෙම කරුණෙහිලා වක්කලී තෙරුන්ගේ වස්තුව නිදර්ශන වෙයි. යම්හෙයකින් විරිය ඉන්ද්රිය බලවත් වීනම් එකල්හි ශ්‍රද්ධා ඉන්ද්රිය අධිමෝක්ෂ කෘත්‍යය කරන්ට අපොහොසත් වෙයි. අනිකුත් ඉන්ද්රියයෝ ද අනිකුත් කෘත්‍ය භේදය කරන්ට නොපොහොසත් වෙයි. එහෙයින් එම විරිය ඉන්ද්‍රියද ඔහු විසින් ශ්‍රද්ධා ආදිය වැඩීමෙන් ගෙවිය යුතුය. මෙපරිද්දෙන් සෙස්සෙහිදු එක් ඉන්ද්රියයක්හුගේ බලවත් බව ඇතිකල්හි සෙසු ඉන්ද්රියයන්ගේ ස්වකීය කෘත්‍යයන්හි අසමත් බව දතයුතුය.
විසෙසතො පනෙත්ථ සද්ධාපඤ්ඤානං සමාධිවීරියානං ච සමතං පසංසන්ති. බලවසද්ධො හි මන්දපඤ්ඤො මුධාපසන්නො හොති, අවත්ථුස්මිං පසීදති. බලවපඤ්ඤො මන්‍දසද්ධො කෙරාටිකපක්ඛං භජති. භෙසජ්ජසමුට්ඨිතො විය රොගො අතෙකිච්ඡො හොති. චිත්තුප්පාදමත්තෙනෙව කුසලං හොතීති අතිධාවිත්වා දානාදීනි අකරොන්තො නිරයෙ උප්පජ්ජති.
තව ද විශේෂ වශයෙන් මෙහි ශ්‍රද්ධා ප්‍රඥාවන්ගේ ද සමාධි විරියයන්ගේ ද, සමත්වය පසසත්. යම් කරුණකින් බලවත් ශ්‍රද්ධාව ඇති, මද නුවණ ඇත්තේ, නොදැන පැහැදුනේ වේ ද, අවස්තුවෙහි පහදී ද, බලවත් ප්‍රඥා ඇති මද වූ ශ්‍රද්ධා ඇත්තේ කෛරාටික පක්ෂය සෙවුනේ වේද, බෙහෙතින් උපන් රෝගයක් මෙන් පිළියම් නොකළ හැක්කේ වෙයි. චිත්තොද්පාද මාත්‍රයකින්ම කුසල් වේයයි අති ධාවනය කොට දානාදි කුසල් නොකරන්නේ නිරයෙහි උපදී.
උභින්නං සමතාය වත්‍ථුස්මිංයෙව පසීදති. බලවසමාධිං පන මන්දවීරියං සමාධිස්ස කොසජ්ජපක්ඛත්තා කොසජ්ජං අධිභවති. බලවවීරියං මන්දසමාධිං වීරියස්ස උද්ධච්චපක්ඛත්තා උද්ධච්චං අධිභවති. සමාධි පන වීරියෙන සංයොජිතො කොසජ්ජෙ පතිතුං න ලභති. වීරියං සමාධිනා සංයොජිතං උද්ධච්චෙ පතිතුං න ලභති. තස්මා තදුභයං සමං කාතබ්බං. උභයසමතාය හි අප්පනා හොති.
ශ්‍රද්ධා ප්‍රඥා දෙදෙනාගේ සම තත්ත්වයෙන් වස්තුවෙහිම පහදී ද නැවත බලවත් සමාධි ඇති මද වූ වීර්ය සමාධිය, එය කුසීත බවට පක්ෂ බැවින් කුසීත බව මැඩ පවත්වාද, බලවත් වී ඇති මද වූ සමාධිය වීර්යය එය උද්ධච්වයට පක්ෂ බැවින් උද්ධච්ච මැඩපවත්වයි සමාධි වනාහි වීර්ය සමග යෙදුනේ කුසීත බවට වැටීම නො ලබයි. වීර්ය සමාධිය සමග යෙදුනේ උද්ධච්චයෙහි වැටීම නො ලබයි. එබැවින් ඒ දෙකම සමව තබාගත යුතුය. දෙදෙනාගේ සමතාවයෙන් අප්පනාවට පැමිණේ.
අපිච සමාධිකම්මිකස්ස බලවතීපි සද්ධා වට්ටති. එවං සද්දහන්තො ඔකප්පෙන්තො අප්පනං පාපුණිස්සති. සමාධිපඤ්ඤාසු පන සමාධිකම්මිකස්ස එකග්ගතා බලවතී වට්ටති, එවඤ්හි සො අප්පනං පාපුණාති. විපස්සනාකම්මිකස්ස පඤ්ඤා බලවතී වට්ටති, එවඤ්හි සො ලක්ඛණප්පටිවෙධං පාපුණාති. උභින්නං පන සමතායපි අප්පනා හොතියෙව. සති පන සබ්බත්ථ බලවතී වට්ටති. සති හි චිත්තං උද්ධච්චපක්ඛිකානං සද්ධාවීරියපඤ්ඤානං වසෙන උද්ධච්චපාතතො, කොසජ්ජපක්ඛිකෙන ච සමාධිනා කොසජ්ජපාතතො රක්ඛති. තස්මා සා ලොණධූපනං විය සබ්බබ්යඤ්ජනෙසු සබ්බකම්මිකඅමච්චො විය ච සබ්බරාජකිච්චෙසු සබ්බත්ථ ඉච්ඡිතබ්බා. තෙනාහ – “සති ච පන සබ්බත්ථිකා වුත්තා භගවතා. කිං කාරණා? චිත්තඤ්හි සති පටිසරණං, ආරක්ඛපච්චුපට්ඨානා ච සති, න ච විනා සතියා චිත්තස්ස පග්ගහනිග්ගහො හොතී”ති.
යළිදු සමාධිය (සමථ) කම්මිකයාට බලවත් වූ ශ්‍රද්ධාව සුදුසුය. මෙසේ අදහන්නේ මෙසේ (ශ්‍රද්ධාව මදක් බලවත්ව) ඇතිකල්හි, අදහන්නේ, ඇතුළත්ව අදහන්නේ අර්පණාවට පැමිණෙන්නේය. සමාධි, ප්‍රඥා දෙදෙනා අතුරෙහි සමථ කර්මස්ථාපිතයා හට ඒකග්‍රතා තොමෝ බලවත් වූවා වටී. යම්හෙයකින් මෙසේ ඇති කල්හි හෙතෙම අර්පණාවට පැමිණේ ද එහෙයිනි. විපස්සනා කම්මට්ඨානිකයාට ප්‍රඥා තොමෝ බලවත් වූවා වටී. යම් හෙයකින් මෙසේ ඇතිකල්හි හෙතෙම ලක්ෂණ ප්‍රතිවේධයට පැමිණේ ද, එහෙයිනි. අනික් කරුණකුදු ඇත. සමාධි-ප්‍රඥා දෙදෙනාගේ සමබැවින් ද, අර්පණා තොමෝ වන්නී මයි. එසේ වුවත් සියලු තන්හි සති ය බලවත් වූවා වටී. සති තොමෝ සිත රකින්නීය. (කුමකින්ද යත්) උද්ධච්ච පක්ෂයෙහි වූ ශ්‍රද්ධා වීර්ය ප්‍රඥාවන්ගේ වශයෙන් උද්ධච්ච පක්ෂයෙහි වැටීමෙන් ද, කුසීත (කම්මැලි පස්සයෙහි වූ සමාධිය හේතුකොට ගෙන කුසීත පක්ෂයෙහි වැටීමෙන්ද යනුයි.) එබැවින් එම සතිය වූ කලී සියලු ව්‍යඤ්ජනයන්හි ලුණු හා තෙල් සෙයින් ද, සියලු රාජ කෘත්‍යයන්හි සර්ව කාර්මික අමාත්‍යවරයා මෙන් හැම තන්හි කැමැති විය යුත්තීය. එබැවින් කියන ලදී. සති තොමෝ සබ්බත්ථික (සියලු අර්ථ සිද්ධිය කරන්නී යයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද, කරුණු කවරේද යත්, ‘යම් හෙයකින් සිත සිහිය පිළිසරණ කොට ඇත්තේ ද, සිහිතොමෝ ආරක්ෂාව වැටහීම් කොට ඇත්තී ද, සිහියෙන් තොරව චිත්තයාගේ පග්ගහ නිග්ගහ දෙක නොවේ ද, එහෙයිනි.
දුප්පඤ්ඤපුග්ගලපරිවජ්ජනා නාම ඛන්ධාදිභෙදෙ අනොගාළ්හපඤ්ඤානං දුම්මෙධපුග්ගලානං ආරකාව පරිවජ්ජනං. පඤ්ඤවන්තපුග්ගලසෙවනා නාම සමපඤ්ඤාසලක්ඛණපරිග්ගාහිකාය උදයබ්බයපඤ්ඤාය සමන්නාගතපුග්ගලසෙවනා. ගම්භීරඤාණචරියපච්චවෙක්ඛණා නාම ගම්භීරෙසු ඛන්ධාදීසු පවත්තාය ගම්භීරපඤ්ඤාය පභෙදපච්චවෙක්ඛණා. තදධිමුත්තතා නාම ඨානනිසජ්ජාදීසු ධම්මවිචයසම්බොජ්ඣඞ්ගසමුට්ඨාපනත්ථං නින්නපොණපබ්භාරචිත්තතා. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරී හොතීති පජානාති.
දුප්පඤ්ඤ පුග්ගල පරිවජ්ජනා නම් නුවණ නැති පුද්ගල දුරින් දුරු කිරීමයි. පඤ්ඤවන්ත පුග්ගල සෙවනා නම් සම පනස් ලක්ෂණයකින් පිරිසිඳ දක්නා ලද උදයව්‍යය ප්‍රඥාවෙන් යුත් පුද්ගලයන් සේවනය කිරීමයි. ගම්භිරඤාණ චරිය පච්චවෙක්ඛනා නම්, ගැඹුරු වූ ස්කන්ධාදී ධර්මයන්හි පැවැති ගැඹුරු ප්‍රඥාවගේ ප්රභේදයන් ප්රත්යවේක්ෂා කිරීමයි. තද්ධිමුත්තතා නම්, හිඳීම් සිටීම් ආදියෙහි ධම්මවිචය බොජ්ඣංගය ඉපදවීම පිණිස නැමුනු අවනත වූ නැඹුරු වූ සිත් ඇති බවයි. මෙසේ උපන්නා වූ ධම්මවිචය සම්බොජ්ඣංගයාගේ රහත් මගින් වැඩීමෙන් සම්පුර්ණ වීම් වේයයි දැන ගනී.
විරිය සම්බොජ්ඣංගය
වීරියසම්බොජ්ඣඞ්ගස්ස – “අත්ථි, භික්ඛවෙ, ආරබ්භධාතු නික්කමධාතු පරක්කමධාතු, තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා වීරියසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.232) එවං උප්පාදො හොති.
විරිය සම්බොජ්ඣංගයාගේ අත්ථි භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කම ධාතු තත්ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්සවා විරිය සම්බොජ්ඣංගස්ස උප්පාදාය උප්පන්නස්ස වා විරිය සම්බොජ්ඣංගස්ස භිය්‍යොභාවය වෙපුල්ලාය භාවනාය පාරිපුරියා සංවත්තති යනුවෙන් ඉපදීම වෙයි.
අපිච එකාදස ධම්මා වීරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති අපායභයපච්චවෙක්ඛණතා ආනිසංසදස්සාවිතා ගමනවීථිපච්චවෙක්ඛණතා පිණ්ඩපාතාපචායනතා දායජ්ජමහත්තපච්චවෙක්ඛණතා සත්ථුමහත්තපච්චවෙක්ඛණතා ජාතිමහත්තපච්චවෙක්ඛණතා සබ්රහ්මචාරිමහත්තපච්චවෙක්ඛණතා කුසීතපුග්ගලපරිවජ්ජනතා ආරද්ධවීරියපුග්ගලසෙවනතා තදධිමුත්තතාති.
තව ද එකොලොස් ධර්ම කෙනෙක් විරිය සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවතිත්, අපාය භය ප්රත්යවේක්ෂා කරන බව, අනුසස් දන්නා සුලු බව, ගමන්මග ප්රත්යවේක්ෂා කරන බවය, පිණ්ඩපාතයට ප්‍රතිපූජා කරන බවය. දායාද මහත්වය ප්රත්යවේක්ෂා කරන බවය. ශාස්තෘෘහුගේ මහත්වය ප්රත්යවේක්ෂා කරන බවය. ජාති මහත්වය ප්රත්යවේක්ෂා කරන බවය. සබ්‍රහ්මචාරීන්ගේ මහත්වය ප්රත්යවේක්ෂා කරන බවය. කුසීත පුද්ගලයන් දුරුකරන ලද බවය. ආරබ්ධ වීර්ය ඇති පුද්ගලයන් ඇසුරු කරන බවය. තදධිමුත්ත බවය, යන මොහුයි.
තත්ථ නිරයෙසු පඤ්චවිධබන්ධනකම්මකාරණතො පට්ඨාය මහාදුක්ඛං අනුභවනකාලෙපි, තිරච්ඡානයොනියං ජාලක්ඛිපකුමීනාදීහි ගහිතකාලෙපි, පාජනකණ්ටකාදිප්පහාරතුන්නස්ස පන සකටවාහනාදිකාලෙපි, පෙත්තිවිසයෙ අනෙකානිපි වස්සසහස්සානි එකං බුද්ධන්තරම්පි ඛුප්පිපාසාහි ආතුරිතකාලෙපි, කාලකඤ්ජිකඅසුරෙසු සට්ඨිහත්ථඅසීතිහත්ථප්පමාණෙන අට්ඨිචම්මමත්තෙනෙව අත්තභාවෙන වාතාතපාදිදුක්ඛානුභවනකාලෙපි න සක්කා වීරියසම්බොජ්ඣඞ්ගං උප්පාදෙතුං. අයමෙව තෙ භික්ඛු කාලො වීරියකරණායාති එවං අපායභයං පච්චවෙක්ඛන්තස්සාපි වීරියසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති.
එහි නිරයන්හි පංචවිධ බන්ධන කම්කටොලු පටන් නිරයෙහි මහදුක් විඳින කාලයෙහි ද, තිරිසන් යෝනියෙහි, දැල් - කරක් කෙටින් ආදියෙන් නගා ගත් කල්හි ද, නැවත කෙවිටි කටු ආදි පහරින් පෙලන ලද්දහුගේ ගැල් ඉසිලීම් ආදි කාලයෙහි ද ප්‍රේත ලෝකවල නොයෙක් අවුරුදු දහස් ගණන් ද එක් බුද්ධාන්තරයක් ද, සා පිපාසා ආදියෙන් පීඩිත වූ කාලයෙහි ද, කාලකඤ්ජක අසුර යෝනියෙහි සැටරියන් අසූරියන් පමණ වූ ඇට සම් පමණක්ම ඇති අත් බැවින් අව්සුළං ආදියෙන් දුක් අනුභව කරන කල්හිදු වීර්ය සම්බොජ්ඣංගය උපදවන්ට නොහැක. මහණ ඔබට මෙයම කල් වේයයි මෙසේ අපාය භය ප්රත්යවේක්ෂා කරන්නහුට ද විරිය සම්බොජ්ඣංගය උපදී.
“න සක්කා කුසීතෙන නවලොකුත්තරධම්මං ලද්ධුං, ආරද්ධවීරියෙනෙව සක්කා අයමානිසංසො වීරියස්සා”ති එවං ආනිසංසදස්සාවිනොපි උප්පජ්ජති. “සබ්බබුද්ධපච්චෙකබුද්ධමහාසාවකෙහි තෙ ගතමග්ගො ගන්තබ්බො, සො ච න සක්කා කුසීතෙන ගන්තු”න්ති එවං ගමනවීථිං පච්චවෙක්ඛන්තස්සාපි උප්පජ්ජති.
කුසීත පුද්ගලයෙකුට නව ලොව්තුරු දහම් ලබන්නට නොහැක්කාහුය. ආරබ්ධ වීර්ය ඇත්තෙකු විසින්ම ලැබිය හැක්කේය. මෙය වීර්යයෙහි අනුසස් යයි මෙසේ ආනිශංස දක්නහුට ද උපදී. ඔබ විසින් බුදු-පසේබුදු මහසව්වන් ගිය මග යා යුතුය. එය කුසීත වූවන් විසින් යා නොහැක්කේ යයි මෙසේ යා යුතු මග ප්රත්යවේක්ෂා කරන්නහුට උපදී.
“යෙ තං පිණ්ඩපාතාදීහි උපට්ඨහන්ති, ඉමෙ තෙ මනුස්සා නෙව ඤාතකා, න දාසකම්මකරා, නාපි ‘තං නිස්සාය ජීවිස්සාමා’ති තෙ පණීතානි පිණ්ඩපාතාදීනි දෙන්ති, අථ ඛො අත්තනො කාරානං මහප්ඵලතං පච්චාසීසමානා දෙන්ති, සත්ථාරාපි ‘අයං ඉමෙ පච්චයෙ පරිභුඤ්ජිත්වා කායදළ්හීබහුලො සුඛං විහරිස්සතී’ති න එවං සම්පස්සතා තුය්හං පච්චයා අනුඤ්ඤාතා, අථ ඛො ‘අයං ඉමෙ පරිභුඤ්ජමානො සමණධම්මං කත්වා වට්ටදුක්ඛතො මුච්චිස්සතී’ති තෙ පච්චයා අනුඤ්ඤාතා, සො දානි ත්වං කුසීතො විහරන්තො න තං පිණ්ඩං අපචායිස්සසි, ආරද්ධවීරියස්සෙව හි පිණ්ඩපාතාපචායනං නාම හොතී”ති එවං පිණ්ඩපාතාපචායනං පච්චවෙක්ඛන්තස්සාපි උප්පජ්ජති මහාමිත්තත්ථෙරස්ස විය.
යමෙක් තුමූ පිණ්ඩපාතයෙන් උපස්ථාන කෙරෙත්ද, මේ මිනිස්සු ඔබේ නෑයෝ නොවෙති. දැසි කම්කරුවෝ නොවෙති. ඔබ නිසා ජීවත් වන්නෙමැයි ඔබට ප්‍රණීත වූ පිණ්ඩපාත ආදිය නොදෙති. යළි කුමක් හෙයින් දෙත්ද යත්, තමන්ගේ සත්කාරයන්ගේ මහත්ඵල බව පතා දෙති. ශාස්තෘන් වහන්සේ විසින් ද, මෙතෙම මෙම පිණ්ඩපාතය වළඳා සිරුර දැඩි කිරීමෙහි යෙදුනේ සුවසේ වාසය කරන්නේ යයි මෙසේ දක්නහු විසින් ඔබට ප්‍රත්‍ය අනුදැන වදාළේ නොවේය. එසේනම් කුමක් පිණිසද යත්, මෙතෙම මෙම ප්‍රත්‍යය වළඳමින් මහණ දහම් කොට සසරින් මිදෙන්නේ යයි ඔබට ප්‍රත්‍යය අනුදන්නා ලද්දාහුය. දැන් ඒ තෙපි කුසීතව වාසය කරමින් ඒ පිණ්ඩපාතයට අපචායනය නොකරන්නෙහිය. පටන් ගත් වීර්ය ඇත්තහුගේම පිණ්ඩපාතයට අපචායනය වේයයි මෙසේ පිණ්ඩපාතය ප්රත්යවේක්ෂා කරන්නහුට මෙම බොජ්ඣංගය උපදී. මහාමිත්ත තෙරුන්ට මෙනි.
මහාමිත්ත තෙරුන් වහන්සේ
ථෙරො කිර කස්සකලෙණෙ නාම පටිවසති. තස්ස ච ගොචරගාමෙ එකා මහාඋපාසිකා ථෙරං පුත්තං කත්වා පටිජග්ගති. සා එකදිවසං අරඤ්ඤං ගච්ඡන්තී ධීතරං ආහ – “අම්ම අසුකස්මිං ඨානෙ පුරාණතණ්ඩුලා, අසුකස්මිං ඛීරං, අසුකස්මිං සප්පි, අසුකස්මිං ඵාණිතං, තව භාතිකස්ස අය්යමිත්තස්ස ආගතකාලෙ භත්තං පචිත්වා ඛීරසප්පිඵාණිතෙහි සද්ධිං දෙහි, ත්වං ච භුඤ්ජෙය්යාසි, අහං පන හිය්යො පක්කං පාරිවාසිකභත්තං කඤ්ජිකෙන භුත්තාම්හී”ති. දිවා කිං භුඤ්ජිස්සසි අම්මාති? සාකපණ්ණං පක්ඛිපිත්වා කණතණ්ඩුලෙහි අම්බිලයාගුං පචිත්වා ඨපෙහි අම්මාති.
තෙරුන් වහන්සේ වූ කලී කස්සක නම් ලෙනෙහි වාසය කෙරෙති. උන්වහන්සේගේ ගොදුරු ගමෙහි ද එක්තරා උපාසිකාවක් තෙරුන්ව පුතෙකු මෙන් පෝෂණය කෙරෙති. එක් දිනක් ඕතොමෝ වනයට යන්නී දුවණියට මෙසේ කීවාය. දරුව, අසවල් තැන පරණ සහල්ය. අසවල් තැන කිරිය. අසවල් තැන ගිතෙල්ය. අසවල් තැන පැණිය. තොපගේ සොහොයුරු වූ මිත්ත තෙරුන් ගෙට වැඩි කල්හි, බත් පිස කිරි ගිතෙල් මී සකුරු සමග දෙව. නුඹත් අනුභව කරන්න. මම ඊයේ පිසූ සිහිල් බත් කැඳත් සමග වළඳමි. මෑණියනි, දවල්ට කුමක් වළඳන්නෙහිද? දරුව, පළාකොල දමා සුනුසහලින් ඇඹුල් කැඳක් පිස තබන්න.
ථෙරො චීවරං පාරුපිත්වා පත්තං නීහරන්තොව තං සද්දං සුත්වා අත්තානං ඔවදි –
තෙරුන් වහන්සේ සිවුරු පොරවා පාත්‍රය පසුම්බියෙන් මුදා ගන්නේ එම ශබ්දය දිව කනින් අසා තමන් වහන්සේටම මෙසේ අවවාද කළහ -
“මහාඋපාසිකා කිර කඤ්ජියෙන පාරිවාසිකභත්තං භුඤ්ජි, දිවාපි කණපණ්ණම්බිලයාගුං භුඤ්ජිස්සති, තුය්හං අත්ථාය පන පුරාණතණ්ඩුලාදීනි ආචික්ඛති, තං නිස්සාය ඛො පනෙසා නෙව ඛෙත්තං න වත්ථුං න භත්තං න වත්ථං පච්චාසීසති, තිස්සො පන සම්පත්තියො පත්ථයමානා දෙති, ත්වං එතිස්සා තා සම්පත්තියො දාතුං සක්ඛිස්සසි න සක්ඛිස්සසීති, අයං ඛො පන පිණ්ඩපාතො තයා සරාගෙන සදොසෙන සමොහෙන න සක්කා ගණ්හිතුන්ති පත්තං ථවිකාය පක්ඛිපිත්වා ගණ්ඨිකං මුඤ්චිත්වා නිවත්තිත්වා කස්සකලෙණමෙව ගන්ත්වා පත්තං හෙට්ඨාමඤ්චෙ චීවරං චීවරවංසෙ ඨපෙත්වා අරහත්තං අපාපුණිත්වා න නික්ඛමිස්සාමී”ති වීරියං අධිට්ඨහිත්වා නිසීදි. දීඝරත්තං අප්පමත්තො හුත්වා නිවුත්ථභික්ඛු විපස්සනං වඩ්ඪෙත්වා පුරෙභත්තමෙව අරහත්තං පත්වා විකසිතං විය පදුමං මහාඛීණාසවො සිතං කරොන්තොව නික්ඛමි. ලෙණද්වාරෙ රුක්ඛම්හි අධිවත්ථා දෙවතා –
උපාසිකා තොමෝ සිහිල් බත් සමග කැඳ වැළඳුවාය. දවල් ද සුනසහලින් පිසූ ඇඹුල් කොළ කැඳක් වළඳන්නීය. එසේ වුවත් ඔබ සඳහා පරණ සහල් ආදිය කියන්නීය. එහෙත් ඔබ නිසා ඕ තොමෝ කෙතක් හෝ වත්තක් හෝ බතක් හෝ වත්තක් හෝ නොම කැමති වන්නීය. නමුත් ත්‍රිවිධ සම්පත්ම ප්‍රාර්ථනා කරමින්ම දෙන්නීය. තොප එම උපාසිකාවට එම සම්පත් දෙන්ට හැකි වන්නෙහි ද, නොහැකි වන්නෙහි ද, එසේනම් මෙම පිණ්ඩපාතය, රාග සහිත වූ ද්වේෂ සහිත වූ මෝහ සහිත වූ ඔබ විසින් ගන්ට සුදුසු නොවේ. පාත්‍රය පසුම්බියෙහි ලා සිවුරෙහි ගණ්ඨිය මුදා නැවතී කස්සක නම් ලෙනට ගොස් පාත්‍රය ඇඳ යට ද, සිවුර චීවර වංසයෙහි ද තබා, රහත් ඵලයට නොපැමිණ නොයන්නෙමි වීර්යයෙන් අධිෂ්ඨාන කොට හුන්හ. දිගුකලක් නොපමාව වාසය කළ ඒ මහණ විදසුන් වඩා පෙරබත්හිම විදසුන් වඩා රහත්ඵලයට පැමිණ පිපෙන පියුමක් මෙන් මහරහත් වූයේ සිනා පහල කරමින් නික්මුණාහු ලෙන්දොර රුකෙහි අධිපතිව වෙසෙන දේවතා තොමෝ
“නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම; යස්ස තෙ ආසවා ඛීණා, දක්ඛිණෙය්යොසි මාරිසා”ති. –
නමොතෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම යස්ස තෙ ආසවා ඛීණා දක්ඛිණෙය්යාසි මාරිස යනුවෙන්
(නිදුකාණෙනි, යම්බඳු වූ නුඹවහන්සේගේ සියලු ආශ්‍රවයෝ ප්‍රහීණ වූවාහුද දක්ෂිණාවට සුදුසු වූ පුරුෂ ශ්‍රේෂ්ඨය. නුඹවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමය, නුඹවහන්සේට නමස්කාර වේවා.)
එවං උදානං උදානෙත්වා “භන්තෙ, පිණ්ඩාය පවිට්ඨානං තුම්හාදිසානං අරහන්තානං භික්ඛං දත්වා මහල්ලකිත්ථියො දුක්ඛා මුච්චිස්සන්තී”ති ආහ.
ප්‍රීති වාක්‍ය ප්‍රකාශකොට, පිඬු පිණිස හැසිරෙන නුඹවහන්සේ වැනි රහතුන්ට භික්ෂාව දී එම මැහැලි ස්ත්‍රිය දුකින් මිදෙන්නාහු යයි කීය.
ථෙරො උට්ඨහිත්වා ද්වාරං විවරිත්වා කාලං ඔලොකෙන්තො පාතොයෙවාති ඤත්වා පත්තචීවරමාදාය ගාමං පාවිසි. දාරිකාපි භත්තං සම්පාදෙත්වා “ඉදානි මෙ භාතා ආගමිස්සති, ඉදානි ආගමිස්සතී”ති ද්වාරං ඔලොකයමානා නිසීදි. සා ථෙරෙ ඝරද්වාරං සම්පත්තෙ පත්තං ගහෙත්වා සප්පිඵාණිතයොජිතස්ස ඛීරපිණ්ඩපාතස්ස පූරෙත්වා හත්ථෙ ඨපෙසි. ථෙරො “සුඛං හොතූ”ති අනුමොදනං කත්වා පක්කාමි. සාපි තං ඔලොකයමානාව අට්ඨාසි. ථෙරස්ස හි තදා අතිවිය පරිසුද්ධො ඡවිවණ්ණො අහොසි, විප්පසන්නානි ඉන්ද්රියානි, මුඛං බන්ධනා පමුත්තතාලපක්කං විය අතිවිය විරොචිත්ථ.
තෙරුන් වහන්සේ නැගිට දොර හැර කාලය බලන්නාහු උදෑසන යයි දැන පා-සිවුරු ගෙන ගමට පිවිසියේය. ඒ දැරි තොමෝද බත් සපයා, දැන් මාගේ සොහොයුරා එන්නාහුය. මග බලමින් හුන්නී ඕ තොමෝ තෙරුන් ගෙදොරට පැමිණි කල්හි පාත්‍රය ගෙන ගිතෙල් සකුරු යෙදූ කිරිබත් පිණ්ඩපාතය පාත්‍රය පුරවා අත තැබුවාය. තෙරුන් වහන්සේ සුවපත් වේවා යනුවෙන් අනුමෝදන් කොට නික්ම ගියහ. ඕ තොමෝත් උන්වහන්සේ දෙස බලමින් සිටියා. එකල්හි තෙරුන් වහන්සේගේ අතිශයින් පිරිසිදු වූ ඡවිවර්ණය විය. ඉන්ද්රියයෝ වෙසෙසින්ම ප්‍රසන්න වූවාහුය. මුහුණ බැඳුමින් මිදුන පැසුණු තල් ඵලයක් මෙන් අතිශයින් බැබලිනි.
මහාඋපාසිකා අරඤ්ඤා ආගන්ත්වා “කිං අම්ම, භාතිකො තෙ ආගතො”ති පුච්ඡි. සා සබ්බං තං පවත්තිං ආරොචෙසි. සා උපාසිකා “අජ්ජ මෙ පුත්තස්ස පබ්බජිතකිච්චං මත්ථකං පත්ත”න්ති ඤත්වා “අභිරමති තෙ අම්ම භාතා බුද්ධසාසනෙ න උක්කණ්ඨතී”ති ආහ.
මහා උපාසිකා තොමෝ වනයෙන් පැමිණ, කිම දරුව තොප බෑයාණෝ ආවාහුදැයි විචාළහ. ඕ තොමෝ ද ඒ සියලු පුවත් දැන්වීය. උපාසිකා තොමෝ අද මාගේ පුත්‍රයාගේ පැවිදි කිස මුදුන් පැමිණිය වනැයි දැන දරුව, තිගේ බෑයා සසුන්හි උකටලී නොවී සිත් අලවා වෙසේ යයි කීය.
“මහන්තං ඛො පනෙතං සත්ථු දායජ්ජං, යදිදං සත්තඅරියධනං නාම, තං න සක්කා කුසීතෙන ගහෙතුං. යථා හි විප්පටිපන්නං පුත්තං මාතාපිතරො ‘අයං අම්හාකං අපුත්තො’ති පරිබාහිරං කරොන්ති, සො තෙසං අච්චයෙන දායජ්ජං න ලභති, එවං කුසීතොපි ඉදං අරියධනදායජ්ජං න ලභති, ආරද්ධවීරියොව ලභතී”ති දායජ්ජමහත්තතං පච්චවෙක්ඛතොපි උප්පජ්ජති.
ශාස්තෘෘන් වහන්සේගේ දායාද නම් යම් ඒ සප්තවිධ ආර්ය ධනයක් වේද, එය මහත් වේ මය. එය කුසීත වූවහු විසින් ගන්නට නොහැක්කේ මය. යම්සේ නොමග ගිය පුතෙකු මව්පියෝ මෙතෙම අපගේ පුත්‍රයෙක් නොවේ යයි බැහැර කෙරෙත් ද, හෙතෙම මව්පියන්ගේ ඇවෑමෙන් මව්පියන් සතු දායාදය නො ලබති. එසේ කුසීත තැනැත්තේ ආර්ය ධන නමැති දායාදය නො ලබයි. පටන් ගත් වීර්ය ඇත්තේම ලබයි යයි දායාදයාගේ මහන්තත්වය ප්රත්යවේක්ෂා කරන්නහුට ද (විරිය බොජ්ඣංගය) උපදී.
“මහා ඛො පන තෙ සත්ථා, සත්ථුනො හි මාතුකුච්ඡිස්මිං පටිසන්ධිග්ගහණකාලෙපි අභිනික්ඛමනෙපි අභිසම්බොධියම්පි ධම්මචක්කප්පවත්තනයමකපාටිහාරියදෙවොරොහණ-ආයුසඞ්ඛාරවොස්සජ්ජනෙසුපි පරිනිබ්බානකාලෙපි දසසහස්සිලොකධාතු කම්පිත්ථ, යුත්තං නු තෙ එවරූපස්ස සත්ථුනො සාසනෙ ‘පබ්බජිත්වා කුසීතෙන භවිතු’”න්ති එවං සත්ථුමහත්තං පච්චවෙක්ඛතොපි උප්පජ්ජති.
ඔබගේ ශාස්තෘෘන් වහන්සේ (ශීලාදී ගුණයන්ගෙන්) මහත් වූවාහුමැයි. යම් හෙයකින් තොප ශාස්තෲන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නා කල්හිද, මහාභිනිෂ්ක්රමණයෙහිද, බුදුවීමෙහිද, දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීමෙහි ද, යමාමහ පෙළහර පෑමෙහි ද, දේවාරෝහණයෙහි ද, ආයු සංස්කාර අත්හැරීමෙහිද, මහා පරිනිර්වාණ කාලයෙහි ද, දසසහශ්‍රී ලෝකධාතු කම්පා විය. මෙබඳු වූ ශාස්තෘෘවරයෙකුගේ ශාසනයෙහි පැවිදිව තා විසින් කුසීතයකු වන්ට සුදුසුදැයි, මෙසේ ශාස්තෲන් වහන්සේගේ මහත්වය ප්රත්යවේක්ෂා කරන්නහුට (විරිය සම්බොජ්ඣංගය) උපදී.
ජාතියාපි – “ත්වං ඉදානි න ලාමකජාතිකො, අසම්භින්නාය මහාසම්මතපවෙණියා ආගතො, උක්කාකරාජවංසෙ ජාතොසි, සුද්ධොධනමහාරාජස්ස මහාමායාදෙවියා ච නත්තා, රාහුලභද්දස්ස කනිට්ඨො, තයා නාම එවරූපෙන ජිනපුත්තෙන හුත්වා න යුත්තං කුසීතෙන විහරිතු”න්ති එවං ජාතිමහත්තං පච්චවෙක්ඛතොපි උප්පජ්ජති.
ජාතියෙන් ද ඔබ දැන් ලාමක ජාති ඇත්තේ නොවේ. නොබිඳුනු මහාසම්මත පරපුරෙන් සපැමිණි ඔක්කාක රාජවංසයෙහි උපන්නෙහිය. සුදොවුන් මහරජතුමාගේ ද මහාමායා දේවියගේ ද මුණුබුරු වූ රාහුල භද්‍රයන්ගේ කණිටු වූවෙහිය. මෙවන් ජින පුත්‍රයෙකු වූ තා විසින් කුසීත වාසය කිරීම නො සුදුසුයයි ජාති මහත්වය ප්රත්යවේක්ෂා කරන්නහුට ද (විරිය සම්බොජඣංගය) උපදී.
“සාරිපුත්තමොග්ගල්ලානා චෙව අසීති ච මහාසාවකා වීරියෙනෙව ලොකුත්තරධම්මං පටිවිජ්ඣිංසු, ත්වං එතෙසං සබ්රහ්මචාරීනං මග්ගං පටිපජ්ජිස්සසි න පටිපජ්ජිස්සසී”ති එවං සබ්රහ්මචාරිමහත්තං පච්චවෙක්ඛතොපි උප්පජ්ජති.
සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ද අසූමහා ශ්‍රාවකයන් වහන්සේ ද වීර්යයෙන්ම ලොව්තුරු දහම් මගට පැමිණියාහුමය. ඔබ ද එම සබ්‍රම්සරුන් වහන්සේගේ මගට පැමිණෙන්නෙහි ද, නැද්දැයි මෙසේ සබ්‍රම්සරුන්ගේ මහත්වය ප්රත්යවේක්ෂා කරන්නහුට (විරිය සම්බොජ්ඣංගය) උපදී.
කුච්ඡිං පූරෙත්වා ඨිතඅජගරසදිසෙ විස්සට්ඨකායිකචෙතසිකවීරියෙ කුසීතපුග්ගලෙ පරිවජ්ජන්තස්සාපි, ආරද්ධවීරියෙ පහිතත්තෙ පුග්ගලෙ සෙවන්තස්සාපි, ඨානනිසජ්ජාදීසු වීරියුප්පාදනත්ථං නින්නපොණපබ්භාරචිත්තස්සාපි උප්පජ්ජති. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරී හොතීති පජානාති.
කුස පුරවාගෙන සිටි පිඹුරෙකු වැනි වූ දුරුකළ කායික චේතසික වීර්ය ඇති, කුසීත පුද්ගලයන් දුරු කරන්නහුට ද, පටන් ගන්නා ලද වීර්ය ඇති නිවනට මෙහෙයූ සිත් ඇති, පුද්ගලයන් ඇසුරු කරන්නා හටද හිඳීම් කිරීම් ආදියෙහි වීර්ය ඉපදවීම පිණිස නිම්න-පොණ-පබ්භාර-(නැමුණු) සිත් ඇත්තහුට (විරිය බොජ්ඣංගය) උපදී. මෙසේ උපන්නා වූ විරිය බොජ්ඣංගයාගේ රහත් මගින් වැඩීමෙන් සම්පූර්ණ වීම වේයයි දැනගනී.
පීති සම්බොජ්ඣංගය
පීතිසම්බොජ්ඣඞ්ගස්ස – “අත්ථි, භික්ඛවෙ, පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.232) එවං උප්පාදො හොති.
පීති සම්බොජ්ඣංගයාගේ අත්ථි භික්ඛවෙ, පීති සම්බොජ්ඣංගට්ඨානියා ධම්මා තත්ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා පීති සම්බොජ්ඣංගස්ස උප්පාදාය උප්පන්නස්ස වා පීති සම්බොජ්ඣංගස්ස භිය්යො භාවය වෙපුල්ලාය භාවනාය පාරිපුරියා සංවත්තති යයි මෙසේ ඉපදීම වෙයි.
තත්ථ පීතියෙව පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා නාම, තස්ස උප්පාදකමනසිකාරො යොනිසොමනසිකාරො නාම.
එහි පීතියම පීති සම්බොජ්ඣංගානිය ධම්ම නම් වේ. ඒ ප්‍රීතිය උපදවන්නා වූ මනසිකාරය තම යෝනිසෝ මනසිකාර නම් වේ.
අපිච එකාදස ධම්මා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති බුද්ධානුස්සති ධම්මසඞ්ඝසීලචාගදෙවතානුස්සති උපසමානුස්සති ලූඛපුග්ගලපරිවජ්ජනතා සිනිද්ධපුග්ගලසෙවනතා පසාදනීයසුත්තන්තපච්චවෙක්ඛණතා තදධිමුත්තතාති.
යළිදු එකළොස් ධර්ම කෙනෙක් පීති සම්බොජ්ඣංගය ඉපදීම පිණිස පවත්නාහුය. බුද්ධ - ධම්ම - සංඝ - සීල - චාග - දේවතා යන අනුස්සති වඩන බවය, රෞද්‍ර පුද්ගලයන් දුරුකරන බවය. මෘදු පුද්ගලයන් ඇසුරු කරන බවය. ප්‍රසාදනීය සූත්‍රාන්තයන් ප්රත්යවේක්ෂා කරන බවමය. තද්ධිමුත්ත බවය යන මොහුයි.
බුද්ධගුණෙ අනුස්සරන්තස්සාපි හි යාව උපචාරා සකලසරීරං ඵරමානො පීතිසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති. ධම්මසඞ්ඝගුණෙ අනුස්සරන්තස්සාපි, දීඝරත්තං අඛණ්ඩං කත්වා රක්ඛිතං චතුපාරිසුද්ධිසීලං පච්චවෙක්ඛන්තස්සාපි, ගිහිනො දසසීලපඤ්චසීලං පච්චවෙක්ඛන්තස්සාපි, දුබ්භික්ඛභයාදීසු පණීතං භොජනං සබ්රහ්මචාරීනං දත්වා “එවං නාම අදම්හා”ති චාගං පච්චවෙක්ඛන්තස්සාපි, ගිහිනොපි එවරූපෙ කාලෙ සීලවන්තානං දින්නදානං පච්චවෙක්ඛන්තස්සාපි, යෙහි ගුණෙහි සමන්නාගතා දෙවතා දෙවත්තං පත්තා, තථාරූපානං ගුණානං අත්තනි අත්ථිතං පච්චවෙක්ඛන්තස්සාපි, “සමාපත්තියා වික්ඛම්භිතා කිලෙසා සට්ඨිපි, සත්තතිපි වස්සානි න සමුදාචරන්තී”ති පච්චවෙක්ඛන්තස්සාපි, චෙතියදස්සනබොධිදස්සනථෙරදස්සනෙසු අසක්කච්චකිරියාය සංසූචිතලූඛභාවෙ බුද්ධාදීසු පසාදසිනෙහාභාවෙන ගද්රභපිට්ඨෙ රජසදිසෙ ලූඛපුග්ගලෙ පරිවජ්ජන්තස්සාපි, බුද්ධාදීසු පසාදබහුලෙ මුදුචිත්තෙ සිනිද්ධපුග්ගලෙ සෙවන්තස්සාපි, රතනත්තයගුණපරිදීපකෙ පසාදනීයෙ සුත්තන්තෙ පච්චවෙක්ඛන්තස්සාපි, ඨානනිසජ්ජාදීසු පීතිඋප්පාදනත්ථං නින්නපොණපබ්භාරචිත්තස්සාපි උප්පජ්ජති. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරී හොතීති පජානාති.
බුදුගුණ මෙනෙහි කරන්නහුට උපචාර සමාධිය තෙක් මුළු සිරුරෙහි පැතිරෙමින් පීති සම්බොජ්ඣංගය උපදී. ධම්ම - සංඝ ගුණයන් සිහි කරන්නහුටද, දිගුකලක් නොකඩකොට රක්නා ලද සිව්පිරිසිදු සිල් ප්රත්යවේක්ෂා කරන්නහුට ද, දස සීල - පංච සීල ප්රත්යවේක්ෂා කරන්නා වූ ගෘහස්ථයාට ද, දුර්භික්ෂ භයාදියෙහි බ්රහ්මචාරින්ට ප්‍රණීත භෝජන දී මෙබඳු දානයක් නම් දුනිම්හයි ත්‍යාගය ප්රත්යවේක්ෂා කරන්නහුට ද, එබඳු වූ දුර්භික්ෂ කාලයෙහි සිල්වත්නට දුන් දානය ප්රත්යවේක්ෂා කරන ගෘහස්ථයාටද, යම් ආකාර ගුණයන්ගෙන් යුක්තව දෙව් ලොව උපන්නහු එබඳු ගුණයන් තමා කෙරෙහි ඇති බව ප්රත්යවේක්ෂා කරන්නහුට ද සමවතින් යටපත් කළ කෙලෙසුන් සැට වසකුදු සැත්තෑ වසකුදු සමුදා චාරයට නොපැමිණෙත් යයි ප්රත්යවේක්ෂා කරන්නහුට ද, චේතිය දර්ශන බෝධි දර්ශන ථේර දර්ශනයෙහි නොසකස් වූ ක්‍රියාවන්ගෙන් හැඟ වූ රළුබැව් ඇති, රත්නත්‍රයෙහි ප්‍රසාද නමැති සෙනහසක් නොමැති බැවින් කොටළුවාගේ පිටේ රජස් වැනි වූ රළු පුද්ගලයන් දුරුකරන්නහුටද, බුද්ධාදීන් කෙරෙහි පැහැදීම් බහුලකොට ඇති, මොලොක් සිත් ඇති මෘදු පුද්ගලයන් සේවනය කරන්නහුටද, තුණුරුවන් ගුණ ප්‍රකාශක වූ ප්‍රසාද එළවන සූත්‍රයන් ප්රත්යවේක්ෂා කරන්නහුටද, හිඳීම් සිටීම් ආදියෙහි ප්‍රීති උපදවන පිණිස නැමුනු (පොණ - පබ්භාර) සිත් ඇත්තහුටද උපදී. මෙසේ උපන්නා වූ ද ඒ පීති සම්බොජ්ඣංගයාගේ රහත් මගින් වැඩීමෙන් පරිපුර්ණ වේයයි දැනගනී.
පස්සද්ධි සම්බොජ්ඣංගය
පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස – “අත්ථි, භික්ඛවෙ, කායපස්සද්ධි චිත්තපස්සද්ධි, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති එවං උප්පාදො හොති.
පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ අත්ථි භික්ඛවෙ, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, තත්ථ යොනිසො මනසිකාර බහුලීකාරො අයමාහාරො, අනුප්පන්නස්ස වා පස්සද්ධි සම්බොජ්ඣංගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධි සම්බොජ්ඣංගස්ස භිය්‍යොභාවය වෙපුල්ලාය භාවනාය පාරිපුරියා සංවත්තති, යනුවෙන් මෙසේ පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඇතිවීම සිදුවේ.
අපිච සත්ත ධම්මා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති පණීතභොජනසෙවනතා උතුසුඛසෙවනතා ඉරියාපථසුඛසෙවනතා මජ්ඣත්තපයොගතා සාරද්ධකායපුග්ගලපරිවජ්ජනතා පස්සද්ධකායපුග්ගලසෙවනතා තදධිමුත්තතාති.
තව ද ධර්මයෝ සත්දෙනෙක් පස්සද්ධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවත්නාහුය, ප්‍රණීත වූ භෝජන සේවනය කරන බව, සෘතු සුඛය සේවනය කරන බවය. ඉරියා පථ සුඛය සේවනය කරන බවය, මධ්‍යස්ථ වූ ප්‍රයෝග ඇති බව, කෝප සහිත (දාහ සහිත පුද්ගලයන් වර්ජනය කිරීම, සන්සිඳුන කය ඇති පුද්ගලයන් සේවනය කරන බවය. ඒ පස්සද්ධි බොජ්ඣංගයට නැමුණු බවය යන මොහුයි.
පණීතඤ්හි සිනිද්ධං සප්පායභොජනං භුඤ්ජන්තස්සාපි, සීතුණ්හෙසු උතූසු ඨානාදීසු ඉරියාපථෙසු සප්පායං උතුං ච ඉරියාපථං ච සෙවන්තස්සාපි පස්සද්ධි උප්පජ්ජති. යො පන මහාපුරිසජාතිකො සබ්බඋතුඉරියාපථක්ඛමොව හොති, න තං සන්ධායෙතං වුත්තං. යස්ස සභාගවිසභාගතා අත්ථි, තස්සෙව විසභාගෙ උතුඉරියාපථෙ වජ්ජෙත්වා සභාගෙ සෙවන්තස්සාපි උප්පජ්ජති. මජ්ඣත්තපයොගො වුච්චති අත්තනො ච පරස්ස ච කම්මස්සකතාපච්චවෙක්ඛණා, ඉමිනා මජ්ඣත්තපයොගෙන උප්පජ්ජති. යො ලෙඩ්ඩුදණ්ඩාදීහි පරං විහෙඨයමානොව විචරති. එවරූපං සාරද්ධකායං පුග්ගලං පරිවජ්ජන්තස්සාපි, සංයතපාදපාණිං පස්සද්ධකායං පුග්ගලං සෙවන්තස්සාපි, ඨානනිසජ්ජාදීසු පස්සද්ධිඋප්පාදනත්ථාය නින්නපොණපබ්භාරචිත්තස්සාපි උප්පජ්ජති. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරී හොතීති පජානාති.
ප්‍රණීත සිනිදු සැප බොජුන් අනුභව කරන්නහුටද, සීත, උෂ්ණ ඍතුන්හි සිටීම් ආදි ඉරියව්වලද සැප වූ සෘතුවත් ඉරියව්වත් සේවනය කරන්නහුට පස්සද්ධිය උපදී. යමෙක් වනාහි මහාපුරුෂ ස්වභාව ඇත්තේ සියලු ඍතු ඉරියාපථයන් ඉවසන්නේ වේද, ඔහු සඳහා මෙය නොකියන ලදී. යමෙකුට සභාග විෂභාග බව ඇත්තේ ද, විෂභාග ඍතු ඉරියාපථයන් දුරුකොට සභාග සෘතු ඉරියාපථයන් සෙවුනා වූ ඕහටම පස්සද්ධිය උපදී. තමාගේද කර්මය ස්වකීයකොට ඇති බව මෙනෙහි කිරීම, මධ්‍යස්ථ ප්‍රයෝග යයි කියනු ලැබේ. මේ මධ්‍යස්ථ ප්‍රයෝගයෙන් පස්සද්ධිය උපදී. යමෙක් ගල් දඬු ආදියෙන් අනුන් වෙහෙසට පත් කරමින් හැසිරේ ද, මෙබඳු වූ දරථ සහිත වූ කය ඇති පුද්ගලයා දුරුකරන්නහුට ද, සංයත වූ අත පය ඇති සංසිඳුනු කය ඇති පුද්ගලයා සේවනය කරන්නහුට ද, හිඳීම් සිටීම් ආදියෙහි පස්සද්ධිය ඉපදවීම පිණිස නැමුනා වූ අවනත වූ අභිමුඛ වූ සිත් ඇත්තහුට ද පස්සද්ධිය උපදී. මෙපරිද්දෙන් උපන්නා වූ ද ඒ පස්සද්ධි බොජ්ඣංගයාගේද රහත් මගින් වැඩීමේ සම්පූර්ණ වීම වේයයි දැන ගනී.
සමාධි සම්බොජ්ඣංගය
සමාධිසම්බොජ්ඣඞ්ගස්ස – “අත්ථි, භික්ඛවෙ, සමථනිමිත්තං අබ්යග්ගනිමිත්තං, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.232) එවං උප්පාදො හොති. තත්ථ සමථොව සමථනිමිත්තං, අවික්ඛෙපට්ඨෙන ච අබ්යග්ගනිමිත්තන්ති.
සමාධි සම්බොජ්ඣංගයාගේ අත්ථි භික්ඛවෙ, සමථ නිමිත්තං අබ්‍යග්ග නිමිත්තං තත්ථ යෝනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්සවා සමාධි සම්බොජ්ඣංගස්ස වා උප්පාදාය උප්පන්නස්ස වා සමාධි සම්බොජ්ඣංගස්ස භීය්යොභාවය වෙපුල්ලාය භාවනාය පාරිපුරියා සංවත්තති යනුවෙන් මෙසේ සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම වේ. එහි සමථයම සමථ නිමිත්ත වේ. නැවත අවික්ඛෙප (චංචල නොවීම අර්ථයෙන් අබ්‍යග්ග නිමිත්ත නම් වේ.)
අපිච එකාදස ධම්මා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති වත්ථුවිසදකිරියතා ඉන්ද්‍රියසමත්තපටිපාදනතා නිමිත්තකුසලතා සමයෙ චිත්තස්ස පග්ගහණතා සමයෙ චිත්තස්ස නිග්ගහණතා සමයෙ සම්පහංසනතා සමයෙ අජ්ඣුපෙක්ඛනතා අසමාහිතපුග්ගලපරිවජ්ජනතා සමාහිතපුග්ගලසෙවනතා ඣානවිමොක්ඛපච්චවෙක්ඛණතා තදධිමුත්තතාති. තත්ථ වත්ථුවිසදකිරියතා ච ඉන්ද්‍රියසමත්තපටිපාදනතා ච වුත්තනයෙනෙව වෙදිතබ්බා.
යලිදු එකළොස් ධර්ම කෙනෙක් සමාධි සම්බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවත්නාහුය. වත්ථුවිසද කිරියතාව, ඉන්ද්රිය සමත්ත පටිපාදනතාව, නිමිත්ත කුසලතාව, සුදුසු කාලයේ සිත දැඩිකොට ගන්නා බව, සුදුසු කාලයෙහි සිතට නිග්‍රහ කරන බව, සුදුසු කාලයෙහි සිත සතුටු කරන බවය, සුදුසු කාලයෙහි මධ්‍යස්ථවන බවය, සමාධි රහිත වූ පුද්ගලයන් දුරුකරන බවය. සමාධිගත සිත් ඇති පුද්ගලයන් සේවනය කරන බවය. ධ්‍යාන විමෝක්ෂයන් ප්රත්යවේක්ෂා කරන බවය. තද්ධිමුත්ත බවද යන මොවුහුයැ. එහි වත්ථුවිසදකිරියතාවයද, ඉන්ද්රිය සමත්ත පටිපාදනතාවද කී නයින් දතයුත්තාහුයි.
නිමිත්තකුසලතා නාම කසිණනිමිත්තස්ස උග්ගහණකුසලතා. සමයෙ චිත්තස්ස පග්ගහණතාති යස්මිං සමයෙ අතිසිථිලවීරියතාදීහි ලීනං චිත්තං හොති, තස්මිං සමයෙ ධම්මවිචයවීරියසම්බොජ්ඣඞ්ගසමුට්ඨාපනෙන තස්ස පග්ගහණං. සමයෙ චිත්තස්ස නිග්ගහණතාති යස්මිං සමයෙ අච්චාරද්ධවීරියතාදීහි උද්ධතං චිත්තං හොති, තස්මිං සමයෙ පස්සද්ධිසමාධිඋපෙක්ඛාසම්බොජ්ඣඞ්ගසමුට්ඨාපනෙන තස්ස නිග්ගහණං. සමයෙ සම්පහංසනතාති යස්මිං සමයෙ චිත්තං පඤ්ඤාපයොගමන්දතාය වා උපසමසුඛානධිගමෙන වා නිරස්සාදං හොති, තස්මිං සමයෙ අට්ඨසංවෙගවත්ථුපච්චවෙක්ඛණෙන සංවෙජෙති.
නිමිත්ත කුසලතාව නම් කසිණ නිමිත්ත පිළිබඳව උග්ගහන කුසලතාවයයි. සුදුසු කල්හි සිත දැඩිකොට ගැනීම නම්, යම්කලෙක ඉතා ලිහිල් වූ වීර්ය ඇති බැව් ආදිය නිසා හකුලන සිතක් වේද, එසමයෙහි ධම්මවිචය-විරිය-පීති බොජ්ඣංගයන්ගේ ඉපදවීමෙන් ඒ සිත දැඩිකොට ගැනීමයි. සුදුසු කල්හි සිතට නිග්‍රහ කිරීම නම්, යම්කලෙක අතිශයින් ආරද්ධ වීර්ය ඇතිවීම නිසා විසුරුනා වූ සිතක් වේද, එසමයෙහි පස්සද්ධි-සමාධි-උපෙක්ඛා බොජ්ඣංගයන්ගේ ඉපදවීමෙන් ඒ සිතට නිග්‍රහ කිරීමයි. සුදුසු කාලයෙහි (සිත) සතුටු කරන බවනම් යම් කලෙක සිත ප්‍රඥා ප්‍රයෝගය මද බැවින් හෝ, උපසම සුවය අධිගමය නොකිරීමෙන් හෝ ආස්වාද රහිත වේද, එසමයෙහි අෂ්ටවිධ වූ සංවේග වත්ථු ප්රත්යවේක්ෂා කිරීමෙන් සංවේගයට පමුණුවයි.
සංවෙග වස්තු
අට්ඨ සංවෙගවත්ථූනි නාම ජාතිජරාබ්යාධිමරණානි චත්තාරි, අපායදුක්ඛං පඤ්චමං, අතීතෙ වට්ටමූලකං දුක්ඛං, අනාගතෙ වට්ටමූලකං දුක්ඛං, පච්චුප්පන්නෙ ආහාරපරියෙට්ඨිමූලකං දුක්ඛන්ති. රතනත්තයගුණානුස්සරණෙන ච පසාදං ජනෙති. අයං වුච්චති “සමයෙ සම්පහංසනතා”ති.
අෂ්ට සංවේග වස්තු නම් ජාති-ජරා-ව්‍යාධි-මරණ යන සතරය, පස්වැනි වූ අපා දුකය, අතීත වට්ටමූලක දුක, අනාගත වට්ටමූලක දුකය, වර්තමානයෙහි ආහාර සෙවීම් මුල්කොට ඇති දුකය යන මොවුහු වෙති. තුණුරුවන් ගුණ මෙනෙහි කිරීමෙන් ද ප්‍රසාදය උපදවයි. මෙය සුදුසු කාලයෙහි පහදවන බවයයි කියනු ලැබේ.
සමයෙ අජ්ඣුපෙක්ඛනතා නාම යස්මිං සමයෙ සම්මාපටිපත්තිං ආගම්ම අලීනං අනුද්ධතං අනිරස්සාදං ආරම්මණෙ සමප්පවත්තං සමථවීථිපටිපන්නං චිත්තං හොති, තදාස්ස පග්ගහනිග්ගහසම්පහංසනෙසු න බ්යාපාරං ආපජ්ජති සාරථි විය සමප්පවත්තෙසු. අස්සෙසු. අයං වුච්චති “සමයෙ අජ්ඣුපෙක්ඛනතා”ති.
සුදුසු කාලයෙහි මධ්‍යස්ථ වන බවනම් යම් කලෙක්හි මනා පිළිවෙතට පැමිණ නොහැකුලුනු නො විසුරුණු ආශ්වාද සහිත අරමුණෙහි සමව පැවැති සමථ වීථියට බැසගත් සිත වේද, එකල්හි ඔහුට ප්‍රග්‍රහ-නිග්‍රහ-සම්ප්රහර්ෂණයන්හි, උත්සාහයට නොපැමිණෙයි. අසුන් සමව පැවැති කල්හි රියදුරා මෙනි. මෙයට සුදුසු කාලයෙහි මධ්‍යස්ථ වීම යයි කියනු ලැබේ.
අසමාහිතපුග්ගලපරිවජ්ජනතා නාම උපචාරං වා අප්පනං වා අප්පත්තානං වික්ඛිත්තචිත්තානං පුග්ගලානං ආරකා පරිවජ්ජනං. සමාහිතපුග්ගලසෙවනතා නාම උපචාරෙන වා අප්පනාය වා සමාහිතචිත්තානං සෙවනා භජනා පයිරුපාසනා. තදධිමුත්තතා නාම ඨානනිසජ්ජාදීසු සමාධිඋප්පාදනත්ථංයෙව නින්නපොණපබ්භාරචිත්තතා. එවඤ්හි පටිපජ්ජතො එස උප්පජ්ජති. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරී හොතීති පජානාති.
සමාධි රහිත පුද්ගලයන් දුරුකිරිම නම්, උපචාර සමාධියට හෝ අර්පණා සමාධියට නොපැමිණි විසුරුණු සිත් ඇති පුද්ගලයන් දුරුකිරීමයි. සමාහිත පුද්ගලයන් සේවනය කිරීම යනු, උපචාර සමාධියෙන් හෝ අර්පණා සමාධියෙන් එකඟ වූ සිත් ඇති පුද්ගලයන් සේවනය භජනය පර්යුපාසනයයි. තද්ධිමුත්තතා නම්, හිඳීම් සිටීම ආදියෙහි සමාධිය ඉපදවීම පිණිසම නැමුනු බැසගත් අභිමුඛ වූ සිත් ඇති බවයි. මෙසේ පිළිපදින්නහුට මේ සමාධි බොජ්ඣංගය උපදී. මෙපරිද්දෙන් උපන් මෙම බොජ්ඣංගයාගේ රහත් මගින් වැඩීමෙන් පරිපූර්ණත්වයට පැමිණේ යයි දැනගනී.
උපෙක්ඛා සම්බොජ්ඣංගය
උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස – “අත්ථි, භික්ඛවෙ, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා, තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තතී”ති (සං· නි· 5.232) එවං උප්පාදො හොති. තත්ථ උපෙක්ඛායෙව උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා නාම.
උපෙක්ඛා සම්බොජ්ඣංගයාගේ අත්ථි භික්ඛවෙ උපෙක්ඛා සම්බොජ්ඣංගට්ඨානියා ධම්මා තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්සවා උපෙක්ඛා සම්බොජ්ඣංගස්ස උප්පාදාය උප්පන්නස්ස උපෙක්බා සම්බොජ්ඣංගස්ස භිය්‍යොභාවය වෙපුල්ලාය භාවනාය පාරිපුරියා සංවත්තති යයි මෙසේ උප්පාදය සිදුවේ. එහි උපෙක්ඛාවම උපෙක්ඛා සම්බොජ්ඣංග ඨානිය ධම්ම නම් වේ.
අපිච පඤ්ච ධම්මා උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය සංවත්තන්ති සත්තමජ්ඣත්තතා සඞ්ඛාරමජ්ඣත්තතා සත්තසඞ්ඛාරකෙලායනපුග්ගලපරිවජ්ජනතා සත්තසඞ්ඛාරමජ්ඣත්තපුග්ගලසෙවනතා තදධිමුත්තතාති.
තව ද ධර්මයෝ පස්දෙනෙක් උපෙක්ඛා බොජ්ඣංගයාගේ ඉපදීම පිණිස පවත්නාහුය. සත්ව මධ්‍යස්ථතාවය, සංස්කාර මධ්‍යස්ථතාවය, සත්ත්ව සංස්කාරයන් මමත්වයෙන් සලකන පුද්ගලයන් දුරුකරන බවය, තදධිමුත්ත භාවය යන මොහුයි.
තත්ථ ද්වීහාකාරෙහි සත්තමජ්ඣත්තතං සමුට්ඨාපෙති – “ත්වං අත්තනො කම්මෙන ආගන්ත්වා අත්තනො කම්මෙන ගමිස්සසි, එසොපි අත්තනො කම්මෙන ආගන්ත්වා අත්තනො කම්මෙන ගමිස්සති, ත්වං කං කෙලායසී”ති එවං කම්මස්සකතාපච්චවෙක්ඛණෙන ච, “පරමත්ථතො සත්තොයෙව නත්ථි, සො ත්වං කං කෙලායසී”ති එවං නිස්සත්තපච්චවෙක්ඛණෙන ච. ද්වීහෙවාකාරෙහි සඞ්ඛාරමජ්ඣත්තතං සමුට්ඨාපෙති –
ඒ පස්වැදෑරුම් ධර්මයන් අතුරෙහි දෙඅයුරකින් සත්ත්වයන් පිළිබඳ මධ්‍යස්ථ බව උපදවයි. ‘තොප තමාගේ කර්මයෙන් අවුත් තමාගේම කර්මයෙන් යන්නේය. මේ තැනැත්තේ ද තමන්ගේ කර්මයෝ තමන්ගේ කර්මයෙන්ම යන්නේය. තෙපි කවරෙකුට මමත්වය කෙරේදැයි, මෙසේ කර්මය ස්වකීය කොට ඇති බව ප්රත්යවේක්ෂා කිරීමෙන් ද, පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් ම නැති. ඒ තෙපි කවරෙකුට මමත්වය කෙරේදැයි මෙසේ නිස්සත්ත බව ප්රත්යවේක්ෂා කිරීමෙන්දැයි දෙපරිද්දකින් සංස්කාරයන්ගේ මධ්‍යස්ථ බව උපදවයි. -
“ඉදං චීවරං අනුපුබ්බෙන වණ්ණවිකාරං චෙව ජිණ්ණභාවං ච උපගන්ත්වා පාදපුඤ්ඡනචොළකං හුත්වා යට්ඨිකොටියා ඡඩ්ඩනීයං භවිස්සති, සචෙ පනස්ස සාමිකො භවෙය්ය, නාස්ස එවං විනස්සිතුං දදෙය්යා”ති එවං අසාමිකභාවං පච්චවෙක්ඛණෙන, “අනද්ධනියං ඉදං තාවකාලික”න්ති එවං තාවකාලිකතාපච්චවෙක්ඛණෙන ච. යථා ච චීවරෙ, එවං පත්තාදීසුපි යොජනා කාතබ්බා.
මේ සිවුර පිළිවෙලින් වර්ණයාගේ වෙනස්වීම්වලටද, දිරීමට ද, පැමිණ පාපිස්නා කඩක්වැ සැරයටි කොනින් ඉවතට දැමිය යුතු වන්නේය. ඉදින් එම සිවුරට හිමියෙක් වන්නේ නම් මෙපරිද්දෙන් එය විනාශවන්ට නොදෙන්නේ යයි මෙසේ මෙසේ ස්වාමියකු නැති බව ප්රත්යවේක්ෂා කිරීමෙන් ද, මෙය කල් නොපවතින්නකි. තාවකාලික වූවකි. මෙසේ තාවකාලික බව ප්රත්යවේක්ෂා කිරීමෙන් ද, නැවත චීවරයෙහි යම්සේ ද එපරිද්දෙන් පාත්‍ර ආදියෙහිද යෙදිය යුත්තාහුය.
සත්තසඞ්ඛාරකෙලායනපුග්ගලපරිවජ්ජනතාති එත්ථ යො පුග්ගලො ගිහි වා අත්තනො පුත්තධීතාදිකෙ, පබ්බජිතො වා අත්තනො අන්තෙවාසිකසමානුපජ්ඣායකාදිකෙ මමායති, සහත්ථෙනෙව නෙසං කෙසච්ඡෙදනසූචිකම්මචීවරධොවනරජනපත්තපචනාදීනි කරොති, මුහුත්තම්පි අපස්සන්තො “අසුකො සාමණෙරො කුහිං, අසුකො දහරො කුහි”න්ති භන්තමිගො විය ඉතො චිතො ච ආලොකෙති, අඤ්ඤෙන කෙසච්ඡෙදනාදීනං අත්ථාය “මුහුත්තං තාව අසුකං පෙසෙථා”ති යාචීයමානොපි “අම්හෙපි තං අත්තනො කම්මං න කාරෙම, තුම්හෙ තං ගහෙත්වා කිලමෙස්සථා”ති න දෙති. අයං සත්තකෙලායනො නාම.
සත්ත සංඛාර කෙරෙහි මමත්වය කරන පුද්ගලයන් දුරුකරන බවය යන මෙහි යම් පුද්ගලයෙක් ගිහිවූයේ තමාගේ දූ පුතුන් ආදී හෝ පැවිදි වූයේ තමාගේ අතවැසි සමාන උපාධ්යායාදින් හෝ මමත්වය කෙරේද, සියතින්ම ඔවුන්ගේ හිසකෙස් කැපීම් සිවුරු මැසීම් සිවුරු සේදීම් පඬු ගැසීම් පාත්‍රා විසීම් ආදිය කෙරේද, මොහොතක් නොදැක්ක කල්හි අසවල් සාමණේර කොහිද, අසවල් තරුණ භික්ෂු කොහිදැයි තැතිගත් මුවෙකු මෙන් ඔබ මොබ බලාද, අන් කෙනෙකු විසින් හිසකෙස් කැපීම් ආදියක් සඳහා මොහොතක් අසවලා එවනු මැනවයි යාඥා කරන්නේත් අපිදු ඔහු ලවා තම කටයුත්තක් නොකරවවු. තෙපි ඔහුගෙන් විඩා කරන්නහුය යි නොම දෙයි. මෙතෙම සත්ත්වයා පිළිබඳව මමත්වය කරන පුද්ගලයා නම් වේ.
යො පන පත්තචීවරථාලකකත්තරයට්ඨිආදීනි මමායති, අඤ්ඤස්ස හත්ථෙන පරාමසිතුම්පි න දෙති, තාවකාලිකං යාචිතො “මයම්පි ඉදං මමායන්තා න පරිභුඤ්ජාම, තුම්හාකං කිං දස්සාමා”ති වදති. අයං සඞ්ඛාරකෙලායනො නාම. යො පන තෙසු ද්වීසුපි වත්ථූසු මජ්ඣත්තො උදාසිනො. අයං සත්තසඞ්ඛාරමජ්ඣත්තො නාම. ඉති අයං උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො එවරූපං සත්තසඞ්ඛාරකෙලායනං පුග්ගලං ආරකා පරිවජ්ජන්තස්සාපි, සත්තසඞ්ඛාරමජ්ඣත්තපුග්ගලං සෙවන්තස්සාපි, ඨානනිසජ්ජාදීසු තදුප්පාදනත්ථං නින්නපොණපබ්භාරචිත්තස්සාපි උප්පජ්ජති. එවං උප්පන්නස්ස පනස්ස අරහත්තමග්ගෙන භාවනාපාරිපූරී හොතීති පජානාති.
යමෙක් සිවුර පාත්‍ර තැටි සැරයටි ආදියට මමත්වය කෙරේ ද, අනිකෙකුට අතින් පරාමර්ශනය කිරීම ද නොදෙයි. තාවකාලිකව ඉල්වන ලද්දේ අපිද මෙය මමායනය කරන්නමෝ පරිභෝග නොකරමු. කිම තොපට දෙම්දැයි කියති. මෙතෙම සංඛාර මමායනය කරන්නේ නම් වෙයි. යමෙක් ඒ දෙවත්හිම මධ්‍යස්ථ වූයේ උදාසීන වූයේ වේද, මේ තෙම සත්ත සංඛාර මධ්‍යස්ථ පුද්ගලයා නම් වේ. මෙසේ මේ උපෙක්ඛා බොජ්ඣංගය තෙම මෙබඳු වූ සත්තසංඛාර මමායනය කරන පුද්ගලයන් දුරින් දුරු කරන්නහුට ද සත්ත සංඛාර මධ්‍යස්ථව පුද්ගලයන් සේවනය කරන්නහුට ද හිඳීම් සිටීම් ආදියෙහි එය ඉපදවීම පිණිස නිමින, ප්රවණඅභිමුඛ වූ සිත් ඇත්තහුට ද (උපෙක්ඛා බොජ්ඣංගය) උපදී. මෙසේ උපෙක්ඛා බොජ්ඣංගයාගේ රහත් මගින්, වැඩීමෙන් සම්පූර්ණ වීම වේයයි දැනගනී.
ඉති අජ්ඣත්තං වාති එවං අත්තනො වා සත්ත සම්බොජ්ඣඞ්ගෙ පරිග්ගණ්හිත්වා, පරස්ස වා, කාලෙන වා අත්තනො, කාලෙන වා පරස්ස බොජ්ඣඞ්ගෙ පරිග්ගණ්හිත්වා ධම්මෙසු ධම්මානුපස්සී විහරති. සමුදයවයා පනෙත්ථ බොජ්ඣඞ්ගානං නිබ්බත්තිනිරොධවසෙන වෙදිතබ්බා. ඉතො පරං වුත්තනයමෙව.
ඉති අජ්ඣත්තං වා මෙසේ තමන්ගේ බොජ්ඣංගයන් හෝ මෙරමාගේ බොජ්ඣංගයන් හෝ පිරිසිඳගෙන කලෙක තමාගේ හෝ කලෙක අනුන්ගේ හෝ බොජ්ඣංගයන් පිරිසිඳ ගෙන, බොජ්ඣංග ධර්මයන්හි ධම්මානු පස්සීව වාසය කෙරෙයි. මෙහි සමුදය, වය බොජ්ඣංගයන්ගේ ඉපදීම නිරුද්ධවීම වශයෙන් දතයුත්තාහුය. මෙයින් මත්තෙහිදු කී නියාය මැයි.
කෙවලඤ්හි ඉධ බොජ්ඣඞ්ගපරිග්ගාහිකා සති දුක්ඛසච්චන්ති එවං යොජනං කත්වා බොජ්ඣඞ්ගපරිග්ගාහකස්ස භික්ඛුනො නිය්යානමුඛං වෙදිතබ්බං. සෙසං තාදිසමෙවාති.
හුදෙක් මෙහි බොජ්ඣංග පරිග්ගාහික සතිය දුක්ඛ සත්‍ය යයි මෙසේ යෝජනාකොට බොජ්ඣංග පරිග්ගාහක භික්ෂුවගේ නිර්වාණ ද්වාරය දතයුතු සෙස්ස ද එබඳු වේයයි (දතයුතු)
බොජ්ඣඞ්ගපබ්බවණ්ණනා නිට්ඨිතා.
බොජ්ඣංග පබ්බ නිමි.