යෙදුමෙන් කියවන්න

සුත‍්තනික‍්ඛෙපවණ‍්ණනා අට‍්ඨකථා

සුත‍්තනික‍්ඛෙපවණ‍්ණනා

සුත්ත නික්ඛෙප

ඉදානි “සබ‍්බධම‍්මමූලපරියායං වො”තිආදිනා නයෙන භගවතා නික‍්ඛිත‍්තස‍්ස සුත‍්තස‍්ස වණ‍්ණනාය ඔකාසො අනුප‍්පත‍්තො. සා පනෙසා සුත‍්තවණ‍්ණනා යස‍්මා සුත‍්තනික‍්ඛෙපං විචාරෙත්‍වා වුච‍්චමානා පාකටා හොති, තස‍්මා සුත‍්තනික‍්ඛෙපං තාව විචාරයිස‍්සාම. චත‍්තාරො හි සුත‍්තනික‍්ඛෙපා අත‍්තජ‍්ඣාසයො පරජ‍්ඣාසයො පුච‍්ඡාවසිකො අට‍්ඨුප‍්පත‍්තිකොති.

සබ්බධමම මූලපරියාය යනාදි නයින් බුදුරදුන් විසින් තබන ලද සූත්‍රයාගේ වර්ණනාවට දැන් අවකාශ පැමිණියේය. ඒ මේ සූත්‍ර වර්ණනාව වනාහි යම් හෙයකින් සූත්‍ර නික්ඛෙප (=බැසගැනීම්) විමසා කියනු ලබන කල්හි එය පැහැදිලි වෙයි. එහෙයින් පළමුකොට සූත්‍ර නික්ඛෙපයන් විමසන්නෙමු. සූත්‍ර නික්ඛෙප හතරකි. 1. අත්තජ්ඣාසය 2. පරජ්ඣාසය 3. පුච්ඡාවසික 4. අට්ඨුප්පත්ති යනුයි.

තත්‍ථ යානි සුත‍්තානි භගවා පරෙහි අනජ‍්ඣිට‍්ඨො කෙවලං අත‍්තනො අජ‍්ඣාසයෙනෙව කථෙසි. සෙය්‍යථිදං, ආකඞ‍්ඛෙය්‍යසුත‍්තං, වත්‍ථසුත‍්තං, මහාසතිපට‍්ඨානසුත‍්තං, මහාසළායතනවිභඞ‍්ගසුත‍්තං, අරියවංසසුත‍්තං, සම‍්මප‍්පධානසුත‍්තන‍්තහාරකො, ඉද‍්ධිපාදඉන්‍ද්‍රියබලබොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගසුත‍්තන‍්තහාරකොති එවමාදීනි. තෙසං අත‍්තජ‍්ඣාසයො නික‍්ඛෙපො.

1. ඔවුන් අතුරෙහි යම් සූත්‍ර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ අන්‍යයන් විසින් ආරාධනා කරනු නොලැබ හුදු තමන් වහන්සේගේම අදහසින්ම වදාළ සේක් ද, (එවැනි සූත්‍රයෝ අත්තජ්ඣාසය නම් වේ.) අත්තජ්ඣාසය සූත්‍රයෝ නම්:- ආකද්ධෙඛය්‍ය සුත්ත, වත්‍ථ සුත්ත, මහාසතිපට්ඨාන සුත්ත, මහාසළායතන විභංග සුත්ත, අරියවංස සුත්ත, සම්මප්පධාන සුත්තභාරකය, ඉද්ධිපාද, ඉද්ධිබල, බොජ්ඣංග, මග්ගඞ්ග සුත්තහාරක මේ ආදි සුත්තයෝය.

යානි පන “පරිපක‍්කා ඛො රාහුලස‍්ස විමුත‍්තිපරිපාචනීයා ධම‍්මා, යංනූනාහං රාහුලං උත‍්තරි ආසවානං ඛයෙ විනෙය්‍ය”න‍්ති (සං· නි· 4.121) එවං පරෙසං අජ‍්ඣාසයං ඛන‍්තිං මනං අභිනීහාරං බුජ‍්ඣනභාවඤ‍්ච අවෙක‍්ඛිත්‍වා පරජ‍්ඣාසයවසෙන කථිතානි. සෙය්‍යථිදං, චූළරාහුලොවාදසුත‍්තං, මහාරාහුලොවාදසුත‍්තං, ධම‍්මචක‍්කප‍්පවත‍්තනං, ධාතුවිභඞ‍්ගසුත‍්තන‍්ති එවමාදීනි. තෙසං පරජ‍්ඣාසයො නික‍්ඛෙපො.

2. යම් සූත්‍ර කෙනෙක් “පරිපක්කා ඛො රාහුලස්ස විමුත්ති පරිවාචනීයා ධම්මා යන්නූනාහ. රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙය්‍යං” මෙසේ අන්‍යයන්ගේ අදහස ද, කැමැත්ත ද, සිත ද, ප්‍රාර්ථනාව ද අවබෝධ කරන බව ද දැන පරජ්ඣාසය වසයෙන් වදාරණ ලද්දාහු ද එවැනි සූත්‍රයෝ පරජ්ඣාස නික්ඛෙපයෝ නම් වෙති. එවැනි පුත්‍රයෝ නම් චුල්ල රාහුලොවාද සුත්ත, මහා රාහුලෝවාද සුත්ත, ධම්ම චක්කප්පවත්තන සුත්ත, ධාතු විභංග සුත්ත, මේ ආදි සුත්තයෝ වෙති. එම සුත්තයෝ පරජ්ඣාසය නික්ඛෙපයට අයත් වූවාහු වෙති.

භගවන‍්තං පන උපසඞ‍්කමිත්‍වා චතස‍්සො පරිසා චත‍්තාරො වණ‍්ණා නාගා සුපණ‍්ණා ගන්‍ධබ‍්බා අසුරා යක‍්ඛා මහාරාජානො තාවතිංසාදයො දෙවා මහාබ්‍රහ‍්මාති එවමාදයො “බොජ‍්ඣඞ‍්ගා බොජ‍්ඣඞ‍්ගා”ති, භන‍්තෙ, වුච‍්චන‍්ති. “නීවරණා නීවරණා”ති, භන‍්තෙ, වුච‍්චන‍්ති. ඉමෙ නු ඛො, භන‍්තෙ, පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා. “කිං සූධ විත‍්තං පුරිසස‍්ස සෙට‍්ඨ”න‍්තිආදිනා (සු· නි· 183) නයෙන පඤ‍්හං පුච‍්ඡන‍්ති. එවං පුට‍්ඨෙන භගවතා යානි කථිතානි බොජ‍්ඣඞ‍්ගසංයුත‍්තාදීනි. යානි වා පනඤ‍්ඤානිපි දෙවතාසංයුත‍්ත-මාරසංයුත‍්ත-බ්‍රහ‍්මසංයුත‍්ත-සක‍්කපඤ‍්හ-චූළවෙදල‍්ල-මහාවෙදල‍්ල-සාමඤ‍්ඤඵල- ආළවක-සූචිලොම-ඛරලොමසුත‍්තාදීනි, තෙසං පුච‍්ඡාවසිකො නික‍්ඛෙපො.

3. බුදුරදුන් ඉදිරියට පැමිණි සිව්පිරිසය. චතුර් වර්ණයෝය. නාගයෝය. ගරුඬයෝ ගාන්‍ධර්වයෝය. අසුරයෝය. යක්‍ෂයෝය. සතරවරම් රජදරුවෝය. තාවතිංස ආදී දෙවියෝය. මහාබ්‍රහ්මය යන ආදීහු “බොජ්ඣංග බොජ්ඣංගා භන්තෙ වුච්චන්ති නීවරණා නීවරණාති භන්තෙ වුච්චන්ති ඉමෙ නුඛො භන්තෙ පඤ්චුපාදානක්ඛන්‍ධා කිංසූධ විත්තං පුරිසස්ස සෙටඨං” යනාදි ක්‍රමයෙන් ප්‍රශ්න විචාරති. මෙසේ අසනු ලැබූ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ යම් බොජ්ඣංග සංයුත්ත ආදීහු වෙත් ද අන්‍ය වූත් දේවතා සංයුත්ත, මාර සංයුත්ත, බ්‍රහ්ම සංයුත්ත, සක්කපඤ්හ, චුල්ලවෙදල්ල, මහාවෙදල්ල, සාමඤ්ඤඵල, ආලවක, සුචිලෝම, සුත්ත ආදි යම් සූත්‍ර කෙනෙක් වෙත් ද ඔවුහු පුච්ඡාවසික සුත්ත නික්ඛෙපයට අයත් වෙති.

යානි පනෙතානි උප‍්පන‍්නං කාරණං පටිච‍්ච කථිතානි. සෙය්‍යථිදං, ධම‍්මදායාදං චූළසීහනාදං චන්‍දූපමං පුත‍්තමංසූපමං දාරුක‍්ඛන්‍ධූපමං අග‍්ගික‍්ඛන්‍ධූපමං ඵෙණපිණ‍්ඩූපමං පාරිච‍්ඡත‍්තකූපමන‍්ති එවමාදීනි. තෙසං අට‍්ඨුප‍්පත‍්තිකො නික‍්ඛෙපො.

4. යම් සූත්‍රයක් වනාහි උපන් කරුණක් නිමිතිකොට දෙසන ලද්දේ ද, ඔවුහු නම් ධම්මදායාද, චූලසීහනාද, වත්‍ථුපම, පුත්තමංසූපම, දාරුක්ඛන්‍ධූපම, අග්ගික්ඛන්‍ධූපම, ඵෙණපිණ්ඩූපම, පාරිච්ඡත්තකූපම, යන මේ ආදී සුත්තයෝය. ඔවුහු අත්‍ථුප්පත්ති නික්ඛෙපයට අයත් වූවාහු වෙති. මෙම සූත්‍රය ද භාග්‍යවතුන් වහන්සේ අට්ඨුප්පත්තියක් නිසා දේශනා කරන ලදී.

එවමිමෙසු චතූසු නික‍්ඛෙපෙසු ඉමස‍්ස සුත‍්තස‍්ස අට‍්ඨුප‍්පත‍්තිකො නික‍්ඛෙපො. අට‍්ඨුප‍්පත‍්තියඤ‍්හි ඉදං භගවතා නික‍්ඛිත‍්තං. කතරාය අට‍්ඨුප‍්පත‍්තියා? පරියත‍්තිං නිස‍්සාය උප‍්පන‍්නෙ මානෙ. පඤ‍්චසතා කිර බ්‍රාහ‍්මණා තිණ‍්ණං වෙදානං පාරගූ අපරභාගෙ භගවතො ධම‍්මදෙසනං සුත්‍වා කාමෙසු ආදීනවං නෙක‍්ඛම‍්මෙ ච ආනිසංසං සම‍්පස‍්සමානා භගවතො සන‍්තිකෙ පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව සබ‍්බං බුද‍්ධවචනං උග‍්ගණ‍්හිත්‍වා පරියත‍්තිං නිස‍්සාය මානං උප‍්පාදෙසුං “යං යං භගවා කථෙති, තං තං මයං ඛිප‍්පමෙව ජානාම, භගවා හි තීණි ලිඞ‍්ගානි චත‍්තාරි පදානි සත‍්ත විභත‍්තියො මුඤ‍්චිත්‍වා න කිඤ‍්චි කථෙති, එවං කථිතෙ ච අම‍්හාකං ගණ‍්ඨිපදං නාම නත්‍ථී”ති. තෙ භගවති අගාරවා හුත්‍වා තතො පට‍්ඨාය භගවතො උපට‍්ඨානම‍්පි ධම‍්මස‍්සවනම‍්පි අභිණ‍්හං න ගච‍්ඡන‍්ති.

කවර කාරණයක් නිසාද යත්, උගත්කම නිසා ඇතිකර ගත් මානයක් නිසාය. ත්‍රිවේදයේ පරතෙරට ගිය බ්‍රාහ්මණයන් පන්සිය දෙනෙක් පසුකලෙක බුදුරදුන්ගෙන් බණ අසා පස්කම් සැපතෙහි ආදිනව සහ පැවිද්දෙහි අනුසස් දක්වමින් - බුදුරදුන් වෙත පැවිදිව නොබෝ කලකින් සියලු බුදුවදන් ඉගෙන පර්යාප්තිය නිසා මානය ඉපදවූහ. යමක් යමක් භාග්‍යවතුන් වහන්සේ කියත්ද ඒ ඒ දෙය අපි වහා දනිමු. භාග්‍යවතුන් වහන්සේ වූ කලී ත්‍රිලිංගයෙන් චතුර්විධ පදයන් සප්ත විභත්තීන්ගෙන් අන්‍ය වූ කිසිවක් නො වදාරති. මෙසේ වදාළ කල්හි ද, අපට ගැටමුසු තැනක් නැත. මේ හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැත්තේ, එතැන්පටන් උපස්ථානයට ද ධර්මශ්‍රවණයට ද නිතර නොයති.

භගවා තෙසං තං චිත‍්තචාරං ඤත්‍වා “අභබ‍්බා ඉමෙ ඉමං මානඛිලං අනුපහච‍්ච මග‍්ගං වා ඵලං වා සච‍්ඡිකාතු”න‍්ති තෙසං සුතපරියත‍්තිං නිස‍්සාය උප‍්පන‍්නං මානං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා දෙසනාකුසලො භගවා මානභඤ‍්ජනත්‍ථං සබ‍්බධම‍්මමූලපරියායන‍්ති දෙසනං ආරභි.

බුදුරජාණන් වහන්සේ මොවුන්ගේ සිත්හසර දැන මොවුන්ගේ මෙම මාන නමැති හුල උගුලුවා නොදමා මාර්ග ඵලයක් ලබාගැනීමේ අභව්‍යයෝ යයි දැන, ඔවුන්ගේ උගත්කම නිසා උපන් මානය අට්ඨුප්පත්තිය කොට දේශනාවෙහි කුසල වූ තථාගතයන් වහන්සේ මන්බිඳුනු සඳහා “සබ්බ ධම්ම මූලපරියාය” යනුවෙන් දේශනාව පටන්ගත් සේක.

තත්‍ථ සබ‍්බධම‍්මමූලපරියායන‍්ති සබ‍්බෙසං ධම‍්මානං මූලපරියායං. සබ‍්බෙසන‍්ති අනවසෙසානං. අනවසෙසවාචකො හි අයං සබ‍්බ-සද‍්දො. සො යෙන යෙන සම‍්බන්‍ධං ගච‍්ඡති, තස‍්ස තස‍්ස අනවසෙසතං දීපෙති.

එහි “සබ්බ ධම්ම මූලපරියායං” යනු සියලු ධර්මයන්ට මුල් වූ අසාධාරණ හේතුව යන අර්ථයි. ‘සබ්බෙසං’ යනු අනවශේෂ වූ යන අර්ථයයි. මේ ‘සබ්බ’ ශබ්දය අනවශේෂ වාචක මැයි. එය යම් යම් පදයක් සමග සම්බන්ධයට පැමිණේ ද, ඒ ඒ ශබ්දයාගේ අනවශේෂත්වය ප්‍රකාශ කෙරේ. එය මෙසේය.

යථා, “සබ‍්බං රූපං අනිච‍්චං සබ‍්බා වෙදනා අනිච‍්චා සබ‍්බසක‍්කායපරියාපන‍්නෙසු ධම‍්මෙසූ”ති. ධම‍්ම-සද‍්දො පනායං පරියත‍්ති-සච‍්ච-සමාධි-පඤ‍්ඤා-පකති-සභාවසුඤ‍්ඤතා-පුඤ‍්ඤාපත‍්ති-ඤෙය්‍යාදීසු දිස‍්සති.

“සබ්බං රූපං අනිච්චං, සබ්බා වෙදනා අනිච්චා සබ්බ සක්කාය පරියාපන්නෙසු ධම්මෙසු” යන මෙහි සබ්බ ශබ්දය, පර්යාප්තිය, සත්‍යය, සමාධිය, ප්‍රඥාවය, ප්‍රකෘතිය ස්වභාවය ශුන්‍යතාවය, පුණ්‍යය, ආපත්තිය ඥෙය්‍යය යනාදී අර්ථයන්හි දක්නට ලැබේ.

“ඉධ භික‍්ඛු ධම‍්මං පරියාපුණාති සුත‍්තං ගෙය්‍ය”න‍්තිආදීසු (අ· නි· 5.73) හි ධම‍්මසද‍්දො පරියත‍්තියං වත‍්තති. “දිට‍්ඨධම‍්මො විදිතධම‍්මො”තිආදීසු (දී· නි· 1.299) සච‍්චෙසු. “එවං ධම‍්මා තෙ භගවන‍්තො”තිආදීසු සමාධිම‍්හි.

‘ඉධ භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්‍යං’ යනාදි තන්හි ධම්ම ශබ්දය පර්යාප්ති අර්ථයෙහි වේ. දිට්ඨ ධම්මො, විදිතධම්මො, යනාදි තන්හි, සත්‍යය යන අර්ථයෙහි වේ.

“යස‍්සෙතෙ චතුරො ධම‍්මා, වානරින්‍ද යථා තව; සච‍්චං ධම‍්මො ධිති චාගො, දිට‍්ඨං සො අතිවත‍්තතී”ති. –

යස්සෙ තෙ චතුරො ධම්මා වානරින්‍දතථා තව, සචචං ධම්මො ධිතී චාගො දිට්ඨං සො අති වන්තති

ආදීසු (ජා· 1.1.57) පඤ‍්ඤාය.

යනාදී තන්හි ප්‍රඥාව යන අර්ථයෙහි වේ.

“ජාතිධම‍්මා ජරාධම‍්මා, අථො මරණධම‍්මිනො”තිආදීසු පකතියං. “කුසලා ධම‍්මා”තිආදීසු (ධ· ස· 1.තිකමාතිකා) සභාවෙ. “තස‍්මිං ඛො පන සමයෙ ධම‍්මා හොන‍්තී”තිආදීසු (ධ· ස· 121) සුඤ‍්ඤතායං. “ධම‍්මො සුචිණ‍්ණො සුඛමාවහාතී”තිආදීසු (ජා· 1.10.102) පුඤ‍්ඤෙ. “ද‍්වෙ අනියතා ධම‍්මා”තිආදීසු (පාරා· 443) ආපත‍්තියං. “සබ‍්බෙ ධම‍්මා සබ‍්බාකාරෙන බුද‍්ධස‍්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච‍්ඡන‍්තී”තිආදීසු ඤෙය්‍යෙ. ඉධ පනායං සභාවෙ වත‍්තති.

ජාති ධම්මා ජරා ධම්මා යනාදී තන්හි ප්‍රකෘති යන අර්ථයෙහි වේ. කුසලා ධම්මා යනාදි තන්හි ස්වභාව යන අර්ථයෙහිය. “තස්මිං ඛොපන සමයෙ ධම්මා හොන්ති” යනාදි තන්හි ශුන්‍යතා අර්ථයෙහි වේ. “ධම්මො සුචිණ්ණො සුඛමාවහාති” යන තන්හි පුණ්‍යය යන අර්ථයෙහිය. “ද්වෙ අනියතා ධම්මා” යනාදි තන්හි ආපත්තියෙහි වේ. “සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡති” යනාදි තන්හි ඥෙය්‍ය (=දතයුත්ත) යන අර්ථයෙහි වේ. මෙහි වනාහි එය ස්වභාවයෙහිදු වැටෙයි.

තත්‍රායං වචනත්‍ථො – අත‍්තනො ලක‍්ඛණං ධාරෙන‍්තීති ධම‍්මා. මූල-සද‍්දො විත්‍ථාරිතො එව. ඉධ පනායං අසාධාරණහෙතුම‍්හි දට‍්ඨබ‍්බො.

මේ එහි වචනාර්ථයි. ස්වකීය ලක්ෂණ ධරත්නුයි ධම්ම නම් වෙත්. මූලශබ්දය විස්තර කරන ලද්දේමය. මෙහි වනාහි මූල ශබ්දය අසාධාරණ හේතු යන අර්ථයෙහි දතයුතුයැ.

පරියායසද‍්දො “මධුපිණ‍්ඩිකපරියායොති නං ධාරෙහී”තිආදීසු (ම· නි· 1.205) දෙසනායං වත‍්තති. “අත්‍ථි ඛ‍්වෙස බ්‍රාහ‍්මණ, පරියායො, යෙන මං පරියායෙන සම‍්මා වදමානො වදෙය්‍ය අකිරියවාදො සමණො ගොතමො”තිආදීසු (පාරා· 3) කාරණෙ. “කස‍්ස නු ඛො, ආනන්‍ද, අජ‍්ජ පරියායො භික‍්ඛුනියො ඔවදිතු”න‍්තිආදීසු (ම· නි· 3.398) වාරෙ. ඉධ පන කාරණෙපි දෙසනායම‍්පි වත‍්තති. තස‍්මා “සබ‍්බධම‍්මමූලපරියාය”න‍්ති එත්‍ථ සබ‍්බෙසං ධම‍්මානං අසාධාරණහෙතුසඤ‍්ඤිතං කාරණන‍්ති වා සබ‍්බෙසං ධම‍්මානං කාරණදෙසනන‍්ති වා එවං අත්‍ථො දට‍්ඨබ‍්බො.

පරියාය ශබ්දය තෙම “මධුපිණ්ඩික පරියායොති තං ධාරෙහී” යනාදි තන්හි දේශනාවෙහි වැටේ. “අත්‍ථිඛ්වෙස බ්‍රහ්මණ පරියායො යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්‍ය, අකිරිය වාදො සමණො ගොතමො” යනාදි තන්හි කාරණයෙහි වැටේ. “කස්ස නුඛො ආනන්‍ද අජ්ජ පරියායො භික්ඛුණියො ඔවදිතුං” යන මෙහි වාරය යන අර්ථයෙහි වේ. මෙම සූත්‍රයෙහි කාරණයෙහි ද දේශනාවෙහි ද වැටේ. එහෙයින් සබ්බ ධම්ම මූල පරියායං යන මෙහි සියලු ධර්මයන් අසාධාරණ හේතු නම් වූ කාරණය කියා හෝ සියලු ධර්මයන්ට කාරණය වූ මේ දේශනාව කියා හෝ සියලුම ධර්මයන්ට කාරණය වූ මේ දේශනාව කියා හෝ මෙසේ අර්ථය දතයුතුයි.

නෙය්‍යත්‍ථත‍්තා චස‍්ස සුත‍්තස‍්ස, න චතුභූමකාපි සභාවධම‍්මා සබ‍්බධම‍්මාති වෙදිතබ‍්බා. සක‍්කායපරියාපන‍්නා පන තෙභූමකා ධම‍්මාව අනවසෙසතො වෙදිතබ‍්බා, අයමෙත්‍ථ අධිප‍්පායොති.

මෙම මූලපරියාය සූත්‍රය නෛර්යාර්ථ (පමුණුවා කිවයුතු අර්ථ) ඇති බැවින්ද, චාතුර්භූමක වූම ස්වභාවධර්මයෝ සර්වධර්මයෝ යයි නොදත යුතුයි. ස්වකාය පරියාපන්න වූ ත්‍රෛභූමක ස්වභාව ධර්මයෝම අනවශේෂ හෙයින් දතයුත්තාහුය. මේ මෙහි අදහසයි.

වො ශබ්දය

වොති අයං වො-සද‍්දො පච‍්චත‍්තඋපයොගකරණසම‍්පදානසාමිවචනපදපූරණෙසු දිස‍්සති. “කච‍්චි පන වො, අනුරුද‍්ධා, සමග‍්ගා සම‍්මොදමානා”තිආදීසු (ම· නි· 1.326) හි පච‍්චත‍්තෙ දිස‍්සති. “ගච‍්ඡථ, භික‍්ඛවෙ, පණාමෙමි වො”තිආදීසු (ම· නි· 2.157) උපයොගෙ. “න වො මම සන‍්තිකෙ වත්‍ථබ‍්බ”න‍්තිආදීසු (ම· නි· 2.157) කරණෙ. “වනපත්‍ථපරියායං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමී”තිආදීසු (ම· නි· 1.190) සම‍්පදානෙ. “සබ‍්බෙසං වො, සාරිපුත‍්ත, සුභාසිත”න‍්තිආදීසු (ම· නි· 1.345) සාමිවචනෙ. “යෙ හි වො අරියා පරිසුද‍්ධකායකම‍්මන‍්තා”තිආදීසු (ම· නි· 1.35) පදපූරණමත‍්තෙ. ඉධ පනායං සම‍්පදානෙ දට‍්ඨබ‍්බො.

වො යනු මේ වො ශබ්දය පච්චත්ත උපයෝග කරණ සම්පදාන සාමි (=පඨමා - කම්ම - කරණ සම්පදාන සම්බන්ධ) යන වචනයන්හි සහ පද පූරණ අර්ථයෙහි දක්නට ලැබේ. “කච්චි පන වො අනුරුද්ධා සමග්ගා සම්මොද මානා” යනාදි තන්හි ප්‍රථමා විභක්තියෙහි දක්නට ලැබේ. “ගච්ඡථ භික්ඛවෙ, පණාමෙමි වො” යනාදි තන්හි කර්මයෙහි වේ. “න වො මම සන්තිකෙ වත්තබ්බං” යන තන්හි කරණාර්ථයෙහි යෙදේ. “වනපත්‍ථපරියායං වො භික්ඛවෙ, දෙසිස්සාමි” යනාදී තන්හි සම්ප්‍රදාන අර්ථයෙහි වේ. “දෙසිස්සාමි” යනාදී තන්හි සම්ප්‍රදාන අර්ථයෙහි වේ. “සබ්බෙසං වො සාරිපුත්ත සුභාසිතං” යනාදි තන්හි සම්බන්ධ අර්ථයෙහි යෙදේ. “යෙහි වො අරියා පරිසුද්ධ කාය කම්මන්තා” යනාදි තන්හි පදපූරණ මාත්‍රය වේ. මෙහි සම්ප්‍රදාන අර්ථය දතයුතු යැ.

භික‍්ඛවෙති පතිස‍්සවෙන අභිමුඛීභූතානං පුනාලපනං. දෙසෙස‍්සාමීති දෙසනාපටිජානනං. ඉදං වුත‍්තං හොති, භික‍්ඛවෙ, සබ‍්බධම‍්මානං මූලකාරණං තුම‍්හාකං දෙසෙස‍්සාමි, දුතියෙන නයෙන කාරණදෙසනං තුම‍්හාකං දෙසෙස‍්සාමීති. තං සුණාථාති තමත්‍ථං තං කාරණං තං දෙසනං මයා වුච‍්චමානං සුණාථ. සාධුකං මනසි කරොථාති එත්‍ථ පන සාධුකං සාධූති එකත්‍ථමෙතං.

‘භික්ඛවෙ’ යනුවෙන් ප්‍රතිඥාවෙන් අභිමුඛ වූවන්ට නැවත ඇමතීමකි. “දෙසිස්සාමි” යනු දේශනාව ප්‍රතිඥා කිරීමයි. මෙය කියන ලද්දේ වෙයි. මහණෙනි, අනවශේෂ (ත්‍රෛභූමක) ධර්මයන්ට මුල්වූ අසාධාරණ හේතුව තොපට දේශනා කරන්නෙමියි දෙවෙනි ක්‍රමයෙන් කාරණ දේශනාව (හේතු වූ දේශනාව) තොපට දේශනා කරන්නෙමි. තං සුණාථ, මා විසින් කියනු ලබන්නා වූ ඒ අර්ථය ඒ කාරණය ඒ දේශනාව ශ්‍රවණය කරව්. සාධුකං මනසි කරොථ යන මෙහි සාධුකං, සාධු යනු එකාර්ථයි.

සාධු ශබ්දය,

අයඤ‍්ච සාධු සද‍්දො ආයාචනසම‍්පටිච‍්ඡනසම‍්පහංසනසුන්‍දරදළ‍්හීකම‍්මාදීසු දිස‍්සති. “සාධු මෙ භන‍්තෙ භගවා, සංඛිත‍්තෙන ධම‍්මං දෙසෙතූ”තිආදීසු (සං· නි· 4.95) හි ආයාචනෙ දිස‍්සති. “සාධු, භන‍්තෙති ඛො සො භික‍්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා”තිආදීසු (ම· නි· 3.86) සම‍්පටිච‍්ඡනෙ. “සාධු, සාධු සාරිපුත‍්තා”තිආදීසු (දී· නි· 3.349) සම‍්පහංසනෙ.

මෙම ‘සාධු’ ශබ්දයද, ආයාචන - සම්පටිච්ඡන සන්පහන්සන සුන්දර දළ්හී කම්ම යන අර්ථයන්හි දක්නා ලැබේ. “සාධු මෙ භනෙත්ති ඛො තෙ භික්ඛු භගවතො භාසිතං අභිනන්‍දිත්වා” ආදි තන්හි සම්පටිච්ඡන පිළිගැනීම යන අර්ථයෙහි වේ. සාධු, සාධු, සාරිපුත්ත ආදි තන්හි සංපහන්සන (සතුටු වීම්) අර්ථයෙහි වේ.

“සාධු ධම‍්මරුචී රාජා, සාධු පඤ‍්ඤාණවා නරො; සාධු මිත‍්තානමද‍්දුබ‍්භො, පාපස‍්සාකරණං සුඛ”න‍්ති.

සාධු ධම්මරුචී රාජා සාධු පඤ්ඤාණවා නරො සාධු මිත්තාන මද්දුබ්හො පාපස්සාකරණං සුඛං

(ධර්මය රුචි කරන්නා වූ රජ තෙමේ සුන්දර වෙයි. පැනවත් ජන තෙම සුන්දර වෙයි. මිතුරන්ට හතුරුකම් නොකරන්නා සුන්දර වෙයි. පව් නොකිරීම සැප වෙහි.)

ආදීසු (ජා· 2.18.101) සුන්‍දරෙ. “තෙන හි, බ්‍රාහ‍්මණ, සාධුකං සුණාහී”තිආදීසු (අ· නි· 5.192) සාධුකසද‍්දොයෙව දළ‍්හීකම‍්මෙ, ආණත‍්තියන‍්තිපි වුච‍්චති. ඉධාපි අයං එත්‍ථෙව දළ‍්හීකම‍්මෙ ච ආණත‍්තියඤ‍්ච අත්‍ථො වෙදිතබ‍්බො. සුන්‍දරත්‍ථෙපි වත‍්තති. දළ‍්හීකරණත්‍ථෙන හි දළ‍්හමිමං ධම‍්මං සුණාථ සුග‍්ගහිතං ගණ‍්හන‍්තා. ආණත‍්තිඅත්‍ථෙන මම ආණත‍්තියා සුණාථ. සුන්‍දරත්‍ථෙන සුන්‍දරමිමං භද‍්දකං ධම‍්මං සුණාථාති එවං දීපිතං හොති.

යන ආදී තන්හි සුන්දරය යන අරුත්හි වේ. තෙනහි බ්‍රාහ්මණ සාධුකං සුණාහි, ආදි තන්හි සාධුක ශබ්දයම දළ්හි කම්ම අරුත්හි ද ආණත්ති අරුත්හි ද වේ යයි දතයුතුයි. සුන්දර යන අරුත් ගැනීම ද වටී. දළ්හීකම්ම අරුතින් මේ දහම් දැඩිකොට අසව්. මනාකොට ගන්නෝ වවු. අණත්ති අරුතින් ද මගේ අණින් අසව්. සුන්දර වූ භද්‍ර වූ මෙම ධර්මය අසව් යයි මෙසේ දක්වන ලද්දේ ද වෙයි.

මනසි කරොථාති ආවජ‍්ජෙථ, සමන‍්නාහරථාති අත්‍ථො, අවික‍්ඛිත‍්තචිත‍්තා හුත්‍වා නිසාමෙථ චිත‍්තෙ කරොථාති අධිප‍්පායො.

‘මනසිකරොථ’ යනු, ආවර්ජනා කරව්. රැස්කොට ගනිවු යන අර්ථයි. නො විසුරුණු සිත් ඇතිව අසව්. සිත්හි දරව් යනුවෙන් අදහස් කෙරේ.

ඉදානෙත්‍ථ තං සුණාථාති සොතින්‍ද්‍රියවික‍්ඛෙපවාරණමෙතං. සාධුකං මනසි කරොථාති මනසිකාරෙ දළ‍්හීකම‍්මනියොජනෙන මනින්‍ද්‍රියවික‍්ඛෙපවාරණං. පුරිමඤ‍්චෙත්‍ථ බ්‍යඤ‍්ජනවිපල‍්ලාසග‍්ගාහවාරණං, පච‍්ඡිමං අත්‍ථවිපල‍්ලාසග‍්ගාහවාරණං. පුරිමෙන ච ධම‍්මස‍්සවනෙ නියොජෙති, පච‍්ඡිමෙන සුතානං ධම‍්මානං ධාරණූපපරික‍්ඛාදීසු.

දැන් මෙහි තං සුණාථ යනු සොත ඉන්‍ද්‍රියයාගේ විපිළිසර බැව් නැති කිරීමයි. ‘සාධුකං මනසිකරොථ’ යනු මෙනෙහි කිරීම දැඩිකිරීමෙන් මන ඉන්‍ද්‍රියයාගේ විපිළිසර වීම වැළකෙයි. (අරමුණේ සිත පිහිටයි.) මෙහි පූර්ව පදයෙන් ව්‍යඤ්ජන විපර්යාසය වැළකෙයි. පශ්චිම පදයෙන් අර්ථ විපර්යාසය වැළකෙයි. නැවත පළමු පදයෙන් බණ ඇසීමෙහි යොදවයි. පශ්චිම පදයෙන් ඇසූ ධර්මයන්ගේ ධාරණය නැවත නැවත පරීක්ෂා කිරීම් ආදියෙහි යොදවයි.

පුරිමෙන ච සබ්‍යඤ‍්ජනො අයං ධම‍්මො, තස‍්මා සවනීයොති දීපෙති. පච‍්ඡිමෙන සාත්‍ථො, තස‍්මා මනසි කාතබ‍්බොති. සාධුකපදං වා උභයපදෙහි යොජෙත්‍වා යස‍්මා අයං ධම‍්මො ධම‍්මගම‍්භීරො දෙසනාගම‍්භීරො ච, තස‍්මා සුණාථ සාධුකං, යස‍්මා අත්‍ථගම‍්භීරො පටිවෙධගම‍්භීරො ච, තස‍්මා සාධුකං මනසි කරොථාති එවං යොජනා වෙදිතබ‍්බා.

නැවත, පළමු වචනයෙන් මේ ධර්මය බ්‍යඤ්ජන සහිතය. එසේ හෙයින් ඇසිය යුතුයයි දක්වයි. පශ්චිම වචනයෙන් අරුත් සහිතය. එබැවින් මෙනෙහි කළයුතුයයි දක්වයි. සාධුක යන පදය හෝ පදද්වය සමග යොදා යම් හෙයකින් මෙම ධර්මය නිසා ගැඹුරුත් දේශනා අරුත් නිසාත් ගැඹුරුත් වේද, එහෙයින් මනාකොට ගැඹුරු ද අවබෝධ වශයෙන් ගැඹුරු ද, එහෙයින් මනාකොට අසව් යන මෙම යෙදීම දතයුත්තේය.

භාසිස‍්සාමීති දෙසෙස‍්සාමි. “තං සුණාථා”ති එත්‍ථ පටිඤ‍්ඤාතං දෙසනං න සංඛිත‍්තතොව දෙසෙස‍්සාමි, අපිච ඛො විත්‍ථාරතොපි නං භාසිස‍්සාමීති වුත‍්තං හොති, සඞ‍්ඛෙපවිත්‍ථාරවාචකානි හි එතානි පදානි. යථාහ වඞ‍්ගීසත්‍ථෙරො –

භාසිස්සාමි, දේශනා කරන්නෙමි. තං සුණාථ යනුවෙන් මෙහි ප්‍රතිඥා කරන ලද දේශනාව සැකෙවින්ම නො දෙසන්නෙමි. යළිදු එය විස්තර වශයෙන්ම එය කියන්නෙමැයි කියන ලද්දේ වෙයි. කීයේ මැයි. වංගීස තෙරණුවෝ,

සංඛිත්තෙනපි දෙසෙති විත්‍ථාරෙ නපි භාසති සාළිකායිව නිග්ඝොසො පටිභානං උදීරයි

“සංඛිත‍්තෙනපි දෙසෙති, විත්‍ථාරෙනපි භාසති; සාළිකායිව නිග‍්ඝොසො, පටිභානං උදීරයී”ති. (සං· නි· 1.214);

(සැකෙවින්ද දේශනා කරයි විස්තර වශයෙන් ද කියයි. සාරිකා පක්‍ෂියාගේ මිහිරි අවියත් හඬ මෙන් වැටහීම පහළ කෙරෙයි.)

එවං වුත‍්තෙ උස‍්සාහජාතා හුත්‍වා එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං සත්‍ථු වචනං සම‍්පටිච‍්ඡිංසු, පටිග‍්ගහෙසුන‍්ති වුත‍්තං හොති. අථ නෙසං භගවා එතදවොච එතං ඉදානි වත‍්තබ‍්බං ඉධ භික‍්ඛවොතිආදිකං සකලං සුත‍්තං අවොච.

මෙසේ වදාළ කල්හි හටගත් උත්සාහ ඇත්තාහු “එවං භන්තෙහි ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං” එසේය වහන්ස යයි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. බුදුරදුන්ගේ වචනයට සතුටු වූහ. පිළිගත්හයි කියන ලද්දේ වෙයි. ඉක්බිති භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. දැන් කිවයුතු වූ “ඉධ භික්ඛවෙ” ආදි සියලු සූත්‍රය වදාළ සේක.

තත්‍ථ ඉධාති දෙසාපදෙසෙ නිපාතො. ස‍්වායං කත්‍ථචි ලොකං උපාදාය වුච‍්චති. යථාහ – “ඉධ තථාගතො ලොකෙ උප‍්පජ‍්ජතී”ති (දී· නි· 1.190). කත්‍ථචි සාසනං. යථාහ – “ඉධෙව, භික‍්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො”ති (අ· නි· 4.241). කත්‍ථචි ඔකාසං. යථාහ –

ඉධ ශබ්දය, ඉධ යනු දේශය දැක්වීමෙහි නිපාත පදයකි. මෙය කිසිතැනක ලෝකය සඳහා කියනු ලැබේ. එබැවින් මෙසේ කියන ලදී. “ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති” කිසිතැනක ශාසනය කියනු ලැබේ. එහෙයින් කියන ලදී :- “ඉධ භික්ඛවෙ සමණො ඉධ දුතියො සමණො” යනුයි. කිසිතැනක අවකාශය කියනු ලැබේ. එබැවින් මෙසේ කියන ලදී.

“ඉධෙව තිට‍්ඨමානස‍්ස, දෙවභූතස‍්ස මෙ සතො; පුනරායු ච මෙ ලද‍්ධො, එවං ජානාහි මාරිසා”ති. (දී· නි· 2.369);

ඉධෙව තිට්ඨමානස්ස දෙවභූතස්ස මෙසතො පුනරායුච මෙලද්ධො එවං ජානාහි මාරිය යනුවෙන්,

(නිදුකාණෙනි, මේ අවකාශයෙහි සිටින්නා වූ දෙවියෙකු වූ මගේ නැවත ජීවිතයද, මා විසින් ලබන ලද්දේය. මෙසේ දැනගනු මැනව.)

කත්‍ථචි පදපූරණමත‍්තමෙව. යථාහ “ඉධාහං – භික‍්ඛවෙ, භුත‍්තාවී අස‍්සං පවාරිතො”ති (ම· නි· 1.30). ඉධ පන ලොකං උපාදාය වුත‍්තොති වෙදිතබ‍්බො.

කිසිතැනක පදපූර මාත්‍රයම වෙයි. එය මෙසේ කියන ලද්දේ වෙයි. “ඉධාහං භික්ඛවෙ භුත්තාවී අස්සං පචාරිතො” යනුයි. මෙහි වනාහි ‘ලෝකය’ ගෙන වදාරණ ලදැයි දතයුතුය.

භික‍්ඛවෙති යථාපටිඤ‍්ඤාතං දෙසනං දෙසෙතුං පුන භික‍්ඛූ ආලපති. උභයෙනාපි, භික‍්ඛවෙ, ඉමස‍්මිං ලොකෙති වුත‍්තං හොති. අස‍්සුතවා පුථුජ‍්ජනොති එත්‍ථ පන ආගමාධිගමාභාවා ඤෙය්‍යො අස‍්සුතවා ඉති. යස‍්ස හි ඛන්‍ධධාතුආයතනසච‍්චපච‍්චයාකාරසතිපට‍්ඨානාදීසු උග‍්ගහපරිපුච‍්ඡාවිනිච‍්ඡයරහිතත‍්තා මඤ‍්ඤනාපටිසෙධකො නෙව ආගමො, පටිපත‍්තියා අධිගන‍්තබ‍්බස‍්ස අනධිගතත‍්තා නෙව අධිගමො අත්‍ථි. සො ආගමාධිගමාභාවා ඤෙය්‍යො අස‍්සුතවා ඉති. ස‍්වායං –

භික්ඛවෙ, ප්‍රතිඥා දුන් පරිදි දේශනාව කිරීම සඳහා නැවත භික්ෂූන්ට ආමන්ත්‍රණය කරන සේක. ශබ්ද දෙකින්ම මහණෙනි, මේ ලෝකයෙහි යන අරුත කියන ලද්දේ වෙයි. ‘අස්සුතවා පුථුජ්ජනො’ යන මෙහි ආගම අධිගම රහිත හෙයින් ඥෙය පුද්ගල තෙම අස්සුතවත් යයි දත යුතුයැ. එබැවින් යමෙකුට ඛන්‍ධ - ධාතු - ආයතන පච්චයාකාර සතිපට්ඨාන ආදියෙහි උග්ගහ පරිපුච්ඡා විනිච්ඡය රහිත බැවින් මඤ්ඤනා පටිසේධක වූ ආගම (දහම් දැනුම) නොමැත්තේ ද, පිළිවෙතින් පැමිණිය යුතු වූ අධිගමය නොකළ බැවින් අධිගමය නොමැත්තේ ද, ආගම - අධිගම රහිත ඒ ඥෙය පුද්ගල තෙම අස්සුත නම් වේ. මෙම අස්සුතවත් පුද්ගල තෙමේ, මෙසේ දැක්වේ.)

පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ‍්ජනො; පුථුජ‍්ජනන‍්තොගධත‍්තා, පුථුවායං ජනො ඉති.

පුථූනං ජනතාදීහි කාරණෙහි පුථුජ්ජනො පුථුජ්ජනන්තොගධත්තා පුථුවායං ජනො ඉති යනුවෙන්

(බොහෝ වූ කෙලෙසුන්ගේ ඉපදවීම් ආදිය හේතුකොටගෙන පුථුජ්ජන නම් වේ. බොහෝ වූ අනාර්ය ජනයන්ට ඇතුලත් බැවින් ද ඉහත සඳහන් ජනතෙම ආර්යයන්ගෙන් වෙන් වූයේ වෙයි.)

සො හි පුථූනං නානප‍්පකාරානං කිලෙසාදීනං ජනනාදීහි කාරණෙහි පුථුජ‍්ජනො. යථාහ – පුථු කිලෙසෙ ජනෙන‍්තීති පුථුජ‍්ජනා, පුථු අවිහතසක‍්කායදිට‍්ඨිකාති පුථුජ‍්ජනා, පුථු සත්‍ථාරානං මුඛමුල‍්ලොකිකාති පුථුජ‍්ජනා, පුථු සබ‍්බගතීහි අවුට‍්ඨිතාති පුථුජ‍්ජනා, පුථු නානාභිසඞ‍්ඛාරෙ අභිසඞ‍්ඛරොන‍්තීති පුථුජ‍්ජනා, පුථු නානාඔඝෙහි වුය‍්හන‍්තීති පුථුජ‍්ජනා, පුථු නානාසන‍්තාපෙහි සන‍්තප‍්පන‍්තීති පුථුජ‍්ජනා, පුථු නානාපරිළාහෙහි පරිදය‍්හන‍්තීති පුථුජ‍්ජනා, පුථු පඤ‍්චසු කාමගුණෙසු රත‍්තා ගිද‍්ධා ගධිතා මුච‍්ඡිතා අජ‍්ඣොසන‍්නා ලග‍්ගා ලගිතා පලිබුද‍්ධාති පුථුජ‍්ජනා, පුථු පඤ‍්චහි නීවරණෙහි ආවුටා නිවුතා ඔවුතා පිහිතා පටිච‍්ඡන‍්නා පටිකුජ‍්ජිතාති පුථුජ‍්ජනාති (මහානි· 51). පුථූනං වා ගණනපථමතීතානං අරියධම‍්මපරම‍්මුඛානං නීචධම‍්මසමාචාරානං ජනානං අන‍්තොගධත‍්තාපි පුථුජ‍්ජනා. පුථු වා අයං, විසුංයෙව සඞ‍්ඛං ගතො, විසංසට‍්ඨො සීලසුතාදිගුණයුත‍්තෙහි අරියෙහි ජනොතිපි පුථුජ‍්ජනො. එවමෙතෙහි “අස‍්සුතවා පුථුජ‍්ජනො”ති ද‍්වීහිපි පදෙහි යෙතෙ –

එබැවින් බොහෝ වූ නානාප්‍රකාර වූ කිලේසයන්ගේ ඉපද වීමාදි කරුණෙන් ද, පුථුජ්ජන නම් වේ. එබැවින් කීහ. බොහෝ වූ කෙලෙස් උපදවත්නුයි පුථුජ්ජන නම් වේ. බොහෝ වූ නොනසන ලද සක්කාය දෘෂ්ටිය ඇත්තේනුයි පුථුජ්ජන නම් වේ. බහුල වූ සියලු ගතිවලින් නොනැගිටන ලද්දාහු නුයි පුථුජ්ජන නම් වෙති. බොහෝ වූ විවිධ සංස්කාරයන් රැස් කෙරෙත්නුයි පුථුජ්ජන නම් වෙති. බොහෝ වූ කාමාදි විවිධ ඕඝයන්ගෙන් උල්පවත්නුයි සන්තාපයන්ගෙන් තැවෙත්නුයි පුථුජ්ජන නම් වෙති. බොහෝ වූ පඤ්චකාම ගුණයන්හි ඇලුනාහු ගිජු වූවාහු ගෙතුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු ලැගුනාහු නැවත නැවත ලැගුනාහු, එයින් උපදෘත වූවාහු පුථුජ්ජන නම් වෙති. බොහෝ වූ පඤ්ච නීවරණයන් විසින් ආවරණය කරන ලද්දාහු, නීවරණය කරන ලද්දාහු වැළඳ ගන්නා ලද්දාහු වසන ලද්දාහු ඡාදනය කරන ලද්දාහු, යටිමුව වූවානුයි පුථුජ්ජන නම් වෙති. බොහෝ වූ ගණන් කළ නොහැකි, ආර්ය ධර්මයන්ට විරුද්ධ වූ පහත් ධර්මයන්හි හැසිරෙන ජනයන්ට ඇතුලත් වූවාහු වෙත්නුයි පුථුජ්ජන නම් වෙති. බොහෝ දෙනා ශීලය සුතය ආදී ගුණයෙන් හෙබි ආර්ය පුද්ගලයන් කෙරෙන් වෙන් වූවාහු යයි යන ගණනට වැටුන පහවූ ආර්ය පුද්ගල සංසර්ග ඇති ජනතෙම පුථුජ්ජන නම් වේ. මෙසේ මේ අස්සුත වත් පුථුජ්ජන යන පද දෙකින් ගැනෙන යමෙක් වෙත් ද, ඔවුහු:-

දුවෙ පුථුජ‍්ජනා වුත‍්තා, බුද‍්ධෙනාදිච‍්චබන්‍ධුනා; අන්‍ධො පුථුජ‍්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ‍්ජනොති. –

දුවෙ පුථුජ්ජනාවුත්තා බුද්ධෙනාදිච්ච බන්‍ධුනා අන්‍ධො පුථුජ්ජනො එකො කල්‍යාණෙකො පුථුජ්ජනො

(ආදිත්‍ය බන්ධු වූ බුදුරදුන් විසින් අන්‍ධ පුථුජ්ජන කල්‍යාණ පුථුජ්ජන යනුවෙන් පුථුජ්ජනයෝ දෙදෙනෙක් වදාරණ ලදී.)

ද‍්වෙ පුථුජ‍්ජනා වුත‍්තා. තෙසු අන්‍ධපුථුජ‍්ජනො වුත‍්තො හොතීති වෙදිතබ‍්බො.

යනුවෙන් පුථුජ්ජනයෝ දෙදෙනෙක් කියන ලද්දාහු ද ඔවුන් අතුරෙහි මෙහි අන්ධ පුථුජ්ජන තෙම කියන ලද්දේ යයි දත යුත්තේ ය.

අරියානං අදස‍්සාවීතිආදීසු අරියාති ආරකත‍්තා කිලෙසෙහි, අනයෙ නඉරියනතො, අයෙ ඉරියනතො, සදෙවකෙන ච ලොකෙන අරණීයතො බුද‍්ධා ච පච‍්චෙකබුද‍්ධා ච බුද‍්ධසාවකා ච වුච‍්චන‍්ති, බුද‍්ධා එව වා ඉධ අරියා. යථාහ “සදෙවකෙ, භික‍්ඛවෙ, ලොකෙ…පෙ… තථාගතො අරියොති වුච‍්චතී”ති (සං· නි· 5.1098).

අරියානං අදස්සාවි යනාදි තන්හි කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයින් ද අනර්ථයෙහි නොපවත්නා හෙයින් ද අර්ථයෙහි පවත්නා හෙයින් ද, දෙවියන් සහිත ලෝකයා විසින් ප්‍රහානය කළ කෙලෙස් ඇති බැවින් බුදුවරයෝ ද පසේබුදුවරයෝ ද, බුදුසව්වෝ ද ආර්යයෝ යයි කියනු ලැබෙත්. මෙසේද වදාළහ. “සදෙවකෙ භික්ඛවෙ, ලොකෙ -පෙ- තථාගතො අරියොති වුච්චති” යනුවෙන්.

සප‍්පුරිසාති එත්‍ථ පන පච‍්චෙකබුද‍්ධා තථාගතසාවකා ච “සප‍්පුරිසා”ති වෙදිතබ‍්බා. තෙ හි ලොකුත‍්තරගුණයොගෙන සොභනා පුරිසාති සප‍්පුරිසා. සබ‍්බෙව වා එතෙ ද‍්වෙධාපි වුත‍්තා. බුද‍්ධාපි හි අරියා ච සප‍්පුරිසා ච, පච‍්චෙකබුද‍්ධා බුද‍්ධසාවකාපි. යථාහ –

සප්පුරිසා යන මෙහි පසේ බුදුවරුද තථාගත ශ්‍රාවකයෝද සත්පුරුෂයෝ යයි දතයුත්තාහ. ඔවුහු වනාහි ලොව්තුරු ගුණ යෝගයෙන් ශෝභමාන වූ පුරුෂයෝ වෙත්නුයි සත්පුරුෂ නම් වෙති. සියල්ලන්ම මේ දෙඅයුරින් කියන ලද්දේ වෙයි. බුදුවරයෝ ද, ආර්යයෝ ද පසේ බුදුවරුද බුද්ධශ්‍රාවකයෝද සත්පුරුෂයෝ වෙති. එහෙයින් කියන ලදී.

“යො වෙ කතඤ‍්ඤූ කතවෙදි ධීරො, කල්‍යාණමිත‍්තො දළ‍්හභත‍්ති ච හොති; දුඛිතස‍්ස සක‍්කච‍්ච කරොති කිච‍්චං, තථාවිධං සප‍්පුරිසං වදන‍්තී”ති. (ජා· 2.17.78);

යො වෙ කතඤ්ඤු කතවෙදි ධීරො කල්‍යාණ මිත්තො දෝහ භත්තීච හොති දුක්ඛිතස්ස සක්කච්ච කරොති කිච්චං තථා විධං සප්පුරිසං වදන්ති

(ඒකාන්තයෙන් යමෙක් කළගුණ දන්නේ ද එය ප්‍රකට වශයෙන් දන්නේ ද, කලණ මිතුරු වූයේ භක්තිය දැඩිව ඇත්තේද, දුකට පත් වූවහුට මනාලෙස කටයුතු කෙරේද ඔවුන් සත්පුරුෂයයි කියති.)

කල්‍යාණමිත‍්තො දළ‍්හභත‍්ති ච හොතීති එත‍්තාවතා හි බුද‍්ධසාවකො වුත‍්තො, කතඤ‍්ඤුතාදීහි පච‍්චෙකබුද‍්ධා බුද‍්ධාති. ඉදානි යො තෙසං අරියානං අදස‍්සනසීලො, න ච දස‍්සනෙ සාධුකාරී, සො අරියානං අදස‍්සාවීති වෙදිතබ‍්බො. සො ච චක‍්ඛුනා අදස‍්සාවී ඤාණෙන අදස‍්සාවීති දුවිධො, තෙසු ඤාණෙන අදස‍්සාවී ඉධ අධිප‍්පෙතො. මංසචක‍්ඛුනා හි දිබ‍්බචක‍්ඛුනා වා අරියා දිට‍්ඨාපි අදිට‍්ඨාව හොන‍්ති. තෙසං චක‍්ඛූනං වණ‍්ණමත‍්තග‍්ගහණතො, න අරියභාවගොචරතො. සොණසිඞ‍්ගාලාදයොපි ච චක‍්ඛුනා අරියෙ පස‍්සන‍්ති. න ච තෙ අරියානං දස‍්සාවිනො.

“කල්‍යාණ මිත්තො දළ්හන්ති ච හොති” යන මෙතෙකින්ම බුද්ධශ්‍රාවක තෙම කියන ලද්දේ වෙයි. ‘කතඤ්ඤුතා’ ආදිය හේතුකොට පසේබුදු. බුදුවරයෝ කියන ලද්දාහු වෙති. දැන් යමෙක් එම ආර්යයන්ගේ නොදැකීම ස්වභාවකොට ඇත්තේ ද දැකීමෙහි සාධුකාරී නොවේ ද හෙතෙම ආර්යයන් නොදන්නේ යයි දතයුතුය. එම නොදැකීම, ඇසින් නොදැකීම නුවණින් නොදැකීම යයි දෙවැදෑරුම් වේ. එහි නුවණින් නොදැකීම මෙහි අදහස් කරන ලදී. දිවැසින් හෝ මසැසින් ආර්යයන් දක්නාහු නොදක්නාහුමය. ඒ ඇස්වලට වර්ණමාත්‍රය පමණක් ග්‍රහණය කරන හෙයින් ආර්ය භාවය ගෝචර නොවන බැවිනි. බලු සිවල් ආදීහුද ඇසින් ආර්යයන් දකිති. ඔවුහු ආර්යයන් නොදක්නාහු වෙති.

තත්‍රිදං වත්‍ථු – චිත‍්තලපබ‍්බතවාසිනො කිර ඛීණාසවත්‍ථෙරස‍්ස උපට‍්ඨාකො වුඩ‍්ඪපබ‍්බජිතො එකදිවසං ථෙරෙන සද‍්ධිං පිණ‍්ඩාය චරිත්‍වා ථෙරස‍්ස පත‍්තචීවරං ගහෙත්‍වා පිට‍්ඨිතො ආගච‍්ඡන‍්තො ථෙරං පුච‍්ඡි “අරියා නාම, භන‍්තෙ, කීදිසා”ති. ථෙරො ආහ “ඉධෙකච‍්චො මහල‍්ලකො අරියානං පත‍්තචීවරං ගහෙත්‍වා වත‍්තපටිපත‍්තිං කත්‍වා සහචරන‍්තොපි නෙව අරියෙ ජානාති, එවං දුජ‍්ජානා, ආවුසො, අරියා”ති. එවං වුත‍්තෙපි සො නෙව අඤ‍්ඤාසි.

සිතුල්පව් වැසි මහලු තෙරුන් ඒ පිළිබඳ මෙම කථා වස්තුව එයි. සිතුල්පව් වැසි රහතුන් වහන්සේ නමකගේ උපස්ථායක වූ මහලු පැවිදි කෙනෙක් වූහ. දිනක් රහතුන් වහන්සේ සමග පිඬුසිඟා යන්නේ උන්වහන්සේගේ පාත්‍ර සිවුරු ගෙන පසුපසින් එන්නේ, ස්වාමීනි, ස්වාමීනි, ආර්යයන් වහන්සේලා කෙබඳු දැයි තෙරුන් වහන්සේගෙන් ඇසීය. තෙරුන්වහන්සේ මෙසේ වදාළහ. “මෙලොව ඇතැම් මහල්ලෙක් ආර්යයන්ගේ පාසිවුරු ගෙන වත් පිළිවෙත් කොට, සමග හැසිරෙන්නේද, ආර්යයන් නොම දනී. ඇවැත්නි, ආර්යයෝ මෙසේ නොදත හැක්කාහුය.” මෙසේ වදාළ කලද, හෙතෙම නොම දත්තේය.

තස‍්මා න චක‍්ඛුනා දස‍්සනං දස‍්සනං, ඤාණෙන දස‍්සනමෙව දස‍්සනං. යථාහ “කිං තෙ, වක‍්කලි, ඉමිනා පූතිකායෙන දිට‍්ඨෙන, යො ඛො, වක‍්කලි, ධම‍්මං පස‍්සති, සො මං පස‍්සතී”ති (සං· නි· 3.87). තස‍්මා චක‍්ඛුනා පස‍්සන‍්තොපි ඤාණෙන අරියෙහි දිට‍්ඨං අනිච‍්චාදිලක‍්ඛණං අපස‍්සන‍්තො අරියාධිගතඤ‍්ච ධම‍්මං අනධිගච‍්ඡන‍්තො අරියකරධම‍්මානං අරියභාවස‍්ස ච අදිට‍්ඨත‍්තා “අරියානං අදස‍්සාවී”ති වෙදිතබ‍්බො.

එසේ හෙයින් ඇසින් ආර්යයන් දැක්ම දැකීමක් නොවෙයි. නුවණින් දැක්ම ආර්යයන් දැක්ම වේ. එහෙයින් වදාළහ. “කිං තෙ වක්කලී ඉමිනා පූතිකායෙන දිට්ඨෙන යො ඛො වක්කලී ධම්මං පස්සති සො මං පස්සති” යනුවෙන් වක්කලිය යමෙක් දහම් දකීනම් හෙතෙම මා දකීයයි එහෙයින් ඇසින් දකින්නේද නුවණින් ආර්යයන් විසින් දක්නා ලද අනිත්‍යාදි ලක්‍ෂණ නොදක්නේ ආර්යයන් අවබෝධ කළ ධර්මයට නොපැමිණෙන්නේ ආර්යභාව ඇතිකරන ධර්මයන් ද ආර්ය භාවයද නොදක්නා ලද බැවින් ආර්යයන් නොදක්නේ යයි දත යුත්තේය.

අරියධම‍්මස‍්ස අකොවිදොති සතිපට‍්ඨානාදිභෙදෙ අරියධම‍්මෙ අකුසලො. අරියධම‍්මෙ අවිනීතොති එත්‍ථ පන –

[missing trans] “අරියධම්මෙ අවිනීතො” යන මෙහි

දුවිධො විනයො නාම, එකමෙකෙත්‍ථ පඤ‍්චධා; අභාවතො තස‍්ස අයං, “අවිනීතො”ති වුච‍්චති.

දුවියො විනයො නාම එකමෙකත්‍ථ පඤ්ච ධා අභාවතො තස්ස අයං අවිනීතොති වුච්චති

(විනය දෙවදෑරුම් වේ. මෙම එක එක විනයක් පස් පස් ආකාර වේ. ඒ විනයාගේ අභාවයෙන් අස්සුතවත් පුථුජ්ජන තෙම අවිනීත යයි කියනු ලැබේ.)

අයඤ‍්හි සංවරවිනයො පහානවිනයොති දුවිධො විනයො. එත්‍ථ ච දුවිධෙපි විනයෙ එකමෙකො විනයො පඤ‍්චධා භිජ‍්ජති. සංවරවිනයොපි හි සීලසංවරො සතිසංවරො ඤාණසංවරො ඛන‍්තිසංවරො වීරියසංවරොති පඤ‍්චවිධො. පහානවිනයොපි තදඞ‍්ගපහානං වික‍්ඛම‍්භනපහානං සමුච‍්ඡෙදපහානං පටිප‍්පස‍්සද‍්ධිපහානං නිස‍්සරණපහානන‍්ති පඤ‍්චවිධො.

මෙහි සංවර විනය පහාන විනය යයි දෙවැදෑරුම් වේ. මෙම එක එක විනය පස් අයුරකින් ප්‍රභේදයට පැමිණේ. මෙහි සංවර විනය, සීල සංවරය, සති සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යනුවෙන් ප්‍රභේද පසකින් යුක්ත වේ. පහාන විනයද, තදංග පහාන වික්ඛම්භන පහාන සමුච්ඡෙද පහාන පටිපස්සද්ධි පහාන නිස්සරණ පහාන යනුවෙන් පස් අයුරු වේ.

තත්‍ථ “ඉමිනා පාතිමොක‍්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො”ති (විභ· 511) අයං සීලසංවරො. “රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජතී”ති (දී· නි· 1.213; ම· නි· 1.295; සං· නි· 4.239; අ· නි· 3.16) අයං සතිසංවරො.

ඔවුන් අතුරෙහි “ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙතො හොති සමූපෙතො” යනු සීල සංවරයයි. ‘රක්ඛති චක්ඛුන්‍ද්‍රියං චක්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ්ජති’ යන මේ සති සංවරයයි.

“යානි සොතානි ලොකස‍්මිං, (අජිතාති භගවා) සති තෙසං නිවාරණං; සොතානං සංවරං බ්‍රූමි, පඤ‍්ඤායෙතෙ පිධීයරෙ”ති. (සු· නි· 1041);

යානි සොතානි ලොකස්මිං, (අජිතාති) භගවා සති තෙසං නිවාරණං සොතානං සංවරං බ්‍රෑමි පඤ්ඤායෙතෙ පිථියරෙ

(ලෝකයෙහි යම් තෘෂ්ණා ආදි යම් ශ්‍රෝතස කෙනෙක් වෙත්නම් සතිය ඔවුනට ආවරණය වේ. එම සතිය ස්‍රොතසුන්ගේ සංවරයයි කියමි. මාර්ග ප්‍රඥාවෙන් තෙල ස්‍රොතස්හු වසනු ලැබෙත්.)

අයං ඤාණසංවරො.

යන මෙය ඤාණ සංවරයයි.

“ඛමො හොති සීතස‍්ස උණ‍්හස‍්සා”ති (ම· නි· 1.23; අ· නි· 4.114; 6.58) අයං ඛන‍්තිසංවරො. “උප‍්පන‍්නං කාමවිතක‍්කං නාධිවාසෙතී”ති (ම· නි· 1.26; අ· නි· 4.114; 6.58) අයං වීරියසංවරො. සබ‍්බොපි චායං සංවරො යථාසකං සංවරිතබ‍්බානං විනෙතබ‍්බානඤ‍්ච කායදුච‍්චරිතාදීනං සංවරණතො “සංවරො”, විනයනතො “විනයො”ති වුච‍්චති. එවං තාව සංවරවිනයො පඤ‍්චධා භිජ‍්ජතීති වෙදිතබ‍්බො.

“ඛමො හොති සීතස්ස, උණ්හස්ස” යන මෙහි ඛන්ති සංවරයෙහිය. “උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති” යන මෙහි විරිය සංවරයෙහිය. තව ද මෙම සියලු සංවරයෝ තම තමාට අයත් පරිදි සංවර කළයුතු වූ ද හික්මවිය යුතු වූ ද කාය දුශ්චරිතාදීන් සංවරණය කළ යුතු හෙයින් විනය යයි ද කියනු ලැබෙත්. [missing trans?]

තථා යං නාමරූපපරිච‍්ඡෙදාදීසු විපස‍්සනාඤාණෙසු පටිපක‍්ඛභාවතො දීපාලොකෙනෙව තමස‍්ස, තෙන තෙන විපස‍්සනාඤාණෙන තස‍්ස තස‍්ස අනත්‍ථස‍්ස පහානං. සෙය්‍යථිදං, නාමරූපවවත්‍ථානෙන සක‍්කායදිට‍්ඨියා, පච‍්චයපරිග‍්ගහෙන අහෙතුවිසමහෙතුදිට‍්ඨීනං, තස‍්සෙව අපරභාගෙන කඞ‍්ඛාවිතරණෙන කථංකථීභාවස‍්ස, කලාපසම‍්මසනෙන “අහං මමා”ති ගාහස‍්ස, මග‍්ගාමග‍්ගවවත්‍ථානෙන අමග‍්ගෙ මග‍්ගසඤ‍්ඤාය, උදයදස‍්සනෙන උච‍්ඡෙදදිට‍්ඨියා, වයදස‍්සනෙන සස‍්සතදිට‍්ඨියා, භයදස‍්සනෙන සභයෙ අභයසඤ‍්ඤාය, ආදීනවදස‍්සනෙන අස‍්සාදසඤ‍්ඤාය, නිබ‍්බිදානුපස‍්සනාය අභිරතිසඤ‍්ඤාය, මුච‍්චිතුකම්‍යතාඤාණෙන අමුච‍්චිතුකම්‍යතාය, උපෙක‍්ඛාඤාණෙන අනුපෙක‍්ඛාය, අනුලොමෙන ධම‍්මට‍්ඨිතියං නිබ‍්බානෙ ච පටිලොමභාවස‍්ස, ගොත්‍රභුනා සඞ‍්ඛාරනිමිත‍්තග‍්ගාහස‍්ස පහානං, එතං තදඞ‍්ගපහානංනාම.

අන්ධකාරයට ප්‍රතිවිරුද්ධ වූ පහන් එළියෙන් අන්ධකාරය ප්‍රහාණය වේද, ඒ ඒ විදසුන් නැණින් ඒ ඒ කෙලෙස් අංගයන්ගේ ප්‍රහාණය වේද, ඒ කෙසේද යත්, නාමරූප වවත්‍ථානයෙන් (නාම රූප ධර්මයන් වෙන්කොට බැලීමෙන්) සක්කාය දිට්ඨිය ද, ප්‍රත්‍ය විමසා බැලීමෙන් අහේතු විෂම හේතු දෘෂ්ටින්ගේ ද ප්‍රත්‍ය පරිග්ගහයෙන් (ඒ ප්‍රත්‍යයන් විමසා බැලීමෙන්ම) අපර භාගයෙහි කඞ්ඛාවිතරණ ඤාණයෙන් සැකයන්ගේ ද නාමරූප ධර්මයන්ගේ කලාප සම්මර්ෂණයෙන් මමය මාගේය යන දෘෂ්ටින්ගේ ද, මාර්ග අමාර්ග වෙන්කර බැලීමෙන් අමාර්ගයෙහි මාර්ගය යන සංඥාවෙන් ද උදයානුපස්සනාවෙන් උච්ඡේද දෘෂ්ටියේ ද, වයානුපස්සනාවෙන් ශාස්වත දෘෂ්ටියගේද, භයතු පට්ඨාන පස්සනාවෙන් භය සහිත වූ (උපාදාන ස්කන්ධයෙහි) අභය සංඥාවගේ ද නිබ්බිදානු පස්සනාවෙන් ඇලීමේ සංඥාවෙන්ද, මුඤ්චිතු කම්‍යතා ඤාණයෙන් උපෙක්ඛා ඤාණයෙන්, අනපෙක්ඛාවගේ ද අනුලෝම ඤාණයෙන් ධම්මට්ඨිතියෙහි හා නිවනෙහි ප්‍රතිලෝම භාවයාගේ ද, ගෝත්‍රභූ ඤාණයෙන් සංස්කාර නිමිති ගැනීමේ ද ප්‍රහානය වේ. මේ තදංග ප්‍රහාණය නම් වේ.

යං පන උපචාරප‍්පනාභෙදෙන සමාධිනා පවත‍්තිභාවනිවාරණතො ඝටප‍්පහාරෙනෙව උදකපිට‍්ඨෙ සෙවාලස‍්ස තෙසං තෙසං නීවරණාදිධම‍්මානං පහානං, එතං වික‍්ඛම‍්භනපහානං නාම.

යම් ඒ උපචාර අප්පනා භේදගත සමාධිය හේතුවෙන් පවත්නා නීවරණ ධර්මයන් කෙරෙන් කළයේ පහරින් දිය මතුපිට සෙවල මෙන් ඒ ඒ නීවරණ ධර්මයන්ගේ ප්‍රහාණය වේ. මෙය විෂ්කම්භන ප්‍රහාණ නම් වේ.

යං චතුන‍්නං අරියමග‍්ගානං භාවිතත‍්තා තංතංමග‍්ගවතො අත‍්තනො අත‍්තනො සන‍්තානෙ “දිට‍්ඨිගතානං පහානායා”තිආදිනා (ධ· ස· 277) නයෙන වුත‍්තස‍්ස සමුදයපක‍්ඛිකස‍්ස කිලෙසගණස‍්ස අච‍්චන‍්තං අප‍්පවත‍්තිභාවෙන පහානං, ඉදං සමුච‍්ඡෙදපහානං නාම.

සතර ආර්ය මාර්ග වැඩූ බැවින් මාර්ගවත් වූ තම සන්තානයෙහි දිට්ඨිනගතානං පහානාය, යනාදී නයින් වදාළ සමුදය පක්‍ෂයෙහි වූ කෙලෙස් සමූහයාගේ නැවත හට නොගන්නා වූ ස්වරූපයෙන් යම් ප්‍රහානයෙක් වේද එය සමුච්ඡේද ප්‍රහාණ නම් වේ.

යං පන ඵලක‍්ඛණෙ පටිප‍්පස‍්සද‍්ධත‍්තං කිලෙසානං, එතං පටිප‍්පස‍්සද‍්ධිපහානං නාම. යං සබ‍්බසඞ‍්ඛතනිස‍්සටත‍්තා පහීනසබ‍්බසඞ‍්ඛතං නිබ‍්බානං එතං නිස‍්සරණපහානං නාම.

ඵල ක්‍ෂණයෙහි කෙලෙසුන්ගේ යම් සංසිඳෙන බවක් වේද, එය පටිපස්සද්ධි පහාණ නම් වේ. සියලු සංඛත ධර්මයන්ගෙන් බැහැර වූ බැවින් ප්‍රහීණ වූ සියලු සංස්කාරයන් ඇති යම් නිවනක් වේද, මෙය නිස්සරණ ප්‍රහාණ නම් වේ.

සබ‍්බම‍්පි චෙතං පහානං යස‍්මා චාගට‍්ඨෙන පහානං, විනයනට‍්ඨෙන විනයො, තස‍්මා “පහානවිනයො”ති වුච‍්චති. තංතංපහානවතො වා තස‍්ස තස‍්ස විනයස‍්ස සම‍්භවතොපෙතං “පහානවිනයො”ති වුච‍්චති. එවං පහානවිනයොපි පඤ‍්චධා භිජ‍්ජතීති වෙදිතබ‍්බො.

මේ සියලු ප්‍රහාණයෝ ත්‍යාගාර්ථයෙන් ප්‍රහාණද, හික්මීම් අරුතින් විනය ද වේ. එහෙයින් ප්‍රහාණ විනය යයි කියනු ලැබේ. නැතහොත් ඒ ඒ ප්‍රහාණ ඇත්තහු ඒ ඒ විනයාගේ සම්භවය ඇතිවන බැවින් මෙය ප්‍රහාණ විනයයි ද කියනු ලැබේ. එසේම මේ ප්‍රහාණ විනය ද පස් අයුරකින් ප්‍රභේද ඇත්තේ වේ.

එවමයං සඞ‍්ඛෙපතො දුවිධො, භෙදතො ච දසවිධො විනයො භින‍්නසංවරත‍්තා පහාතබ‍්බස‍්ස ච අප‍්පහීනත‍්තා යස‍්මා එතස‍්ස අස‍්සුතවතො පුථුජ‍්ජනස‍්ස නත්‍ථි, තස‍්මා අභාවතො තස‍්ස අයං අවිනීතොති වුච‍්චතීති. එස නයො සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතොති එත්‍ථපි. නින‍්නානාකරණඤ‍්හි එතං අත්‍ථතො.

මෙය සැකෙවින් ද්විධ වේ. විස්තර වශයෙන් දශවිධ වූද විනය භින්න සංවර ඇති හෙයින් ද ප්‍රහීණ කළයුත්ත ප්‍රහීණ නොකළ හෙයින්ද යම්හෙයකින් මේ අශ්‍රැතවත් පුථුජ්ජනයාට නැත්තේ ද එහෙයින් “අභාවතො තස්ස අයං අවිනීතොති වුචචති” යනුවෙන් කියන ලදී. “සප්පුරිසානං අදස්සාවී සප්පුරිස ධම්මස්ස අකොවිදො සප්පුරිය ධම්මෙ අවිනීතො” යන මෙහිද මේ ක්‍රමය මැයි. මෙහි අර්ථ වශයෙන් නානා බවක් නැත්තේය.

යථාහ “යෙව තෙ අරියා, තෙව තෙ සප‍්පුරිසා. යෙව තෙ සප‍්පුරිසා, තෙව තෙ අරියා. යො එව සො අරියානං ධම‍්මො, සො එව සො සප‍්පුරිසානං ධම‍්මො. යො එව සො සප‍්පුරිසානං ධම‍්මො, සො එව සො අරියානං ධම‍්මො. යෙව තෙ අරියවිනයා, තෙව තෙ සප‍්පුරිසවිනයා. යෙව තෙ සප‍්පුරිසවිනයා, තෙව තෙ අරියවිනයා. අරියෙති වා සප‍්පුරිසෙති වා, අරියධම‍්මෙති වා සප‍්පුරිසධම‍්මෙති වා, අරියවිනයෙති වා සප‍්පුරිසවිනයෙති වා එසෙසෙ එකෙ එකත්‍ථෙ සමෙ සමභාගෙ තජ‍්ජාතෙ තඤ‍්ඤෙවා”ති.

එහෙයින් කියන ලදී. මෙහි ආර්යයෝ යමෙක්හු වෙත් ද, ඒ සත්පුරුෂයෝත් ඔවුහුමය. ඒ සත්පුරුෂයෝ යමෙක්හු වෙත්ද, ඒ ආර්යයෝත් ඔවුහුම වෙත්. යමක් එම ආර්යයන්ගේ ධර්මය වේ ද, සත්පුරුෂයන්ගේ ධර්මයත් එයමයි. යමක් සත්පුරුෂයන්ගේ ධර්මය වේද, ආර්යයන්ගේ ධර්මයත් එයමය. යම් ආර්ය විනයෝ වෙත්ද, සත්පුරුෂ විනයෝත් ඔවුහුමය. යම් ඒ සත්පුරුෂ විනයෝ වෙත්ද, ආර්ය විනයෝත් ඔවුහුම වෙත්. ආර්යයෝ යයිද, සත්පුරුෂයෝ යයිද, ආර්ය ධර්මයයි ද, සත්පුරුෂ ධර්මයයි ද ආර්ය විනය යයිද සත්පුරුෂ විනය යයි ද ඒකාංගයෙහි වූ එක් වූ ඒකාර්ථ වූ සම වූ සමභාග වූ එයින් හටගත්තේ හෝ එයින් අන්‍ය වූයේ හෝ වෙයි.

“කස‍්මා පන භගවා සබ‍්බධම‍්මමූලපරියායං වො, භික‍්ඛවෙ, දෙසෙස‍්සාමී”ති වත්‍වා තං අදෙසෙත්‍වාව “ඉධ, භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී”ති එවං පුථුජ‍්ජනං නිද‍්දිසීති? පුග‍්ගලාධිට‍්ඨානාය ධම‍්මදෙසනාය තමත්‍ථං ආවිකාතුං.

කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ “සබ්බ මූල පරියායං වො භික්ඛවෙ දෙසෙස්සාමි” යනුවෙන් වදාරා එය දේශනා නොකොටම, “ඉධ භික්ඛවෙ අස්සුත වා පුථුජ්ජනො අරියානං අදස්සාවී” යයි මෙසේ පුථුජ්ජනයා දැක්වූ සේක් ද, පුද්ගල අධිෂ්ඨාන ධර්ම දේශනාවෙන් එම අරුත ප්‍රකට කරනු පිණිස යැ.

භගවතො හි ධම‍්මාධිට‍්ඨානා ධම‍්මදෙසනා, ධම‍්මාධිට‍්ඨානා පුග‍්ගලදෙසනා, පුග‍්ගලාධිට‍්ඨානා පුග‍්ගලදෙසනා, පුග‍්ගලාධිට‍්ඨානා ධම‍්මදෙසනාති ධම‍්මපුග‍්ගලවසෙනෙව තාව චතුබ‍්බිධා දෙසනා.

චතුර්විධ දේශනාවෝ: භාග්‍යවතුන් වහන්සේගේ ධම්ම අධිට්ඨාන ධර්මදේශනා, ධම්ම අධිට්ඨාන පුග්ගල දේශනාය, පුග්ගල අධිට්ඨාන පුග්ගල දේශනාය, පුග්ගල අධිට්ඨාන ධර්ම දේශනා යයි ධම්ම පුග්ගල වශයෙන් දේශනාවෝ චතුර්විධ වෙති.

තත්‍ථ, “තිස‍්සො ඉමා, භික‍්ඛවෙ, වෙදනා. කතමා තිස‍්සො? සුඛා වෙදනා දුක‍්ඛා වෙදනා අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා ඛො, භික‍්ඛවෙ, තිස‍්සො වෙදනා”ති (සං· නි· 4.250) එවරූපී ධම‍්මාධිට‍්ඨානා ධම‍්මදෙසනා වෙදිතබ‍්බා.

එහි “තිස්සො ඉමා භික්ඛවෙ, වෙදනා, කතමා තිස්සො, සුඛා වෙදනා, දුක්ඛාවෙදනා, අදුක්ඛමසුඛා වෙදනා ඉමා ඛො භික්ඛවෙ තිස්සො වෙදනා” මෙබඳු දෙසුම් ධම්මාධිට්ඨාන දේශනා යයි දතයුතුයි.

“ඡ ධාතුයො අයං පුතිසො ඡ ඵස‍්සායතනො අට‍්ඨාරස මනොපවිචාරො චතුරාධිට‍්ඨානො”ති (ම· නි· 3.343) එවරූපී ධම‍්මාධිට‍්ඨානා පුග‍්ගලදෙසනා.

“ජද්ධාතුරො අයං භික්ඛු පුරිසො ඡ ඵස්සායතනො අට්ඨාරස මනො පවිචාරො චතුරාධිට්ඨානො” මෙබඳු දේශනා ධම්මාධිට්ඨාන පුග්ගල දේශනා නම් වේ.

“තයොමෙ, භික‍්ඛවෙ, පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ තයො? අන්‍ධො එකචක‍්ඛු ද‍්විචක‍්ඛු. කතමො ච, භික‍්ඛවෙ, පුග‍්ගලො අන්‍ධො”ති? (අ· නි· 3.29) එවරූපී පුග‍්ගලාධිට‍්ඨානා පුග‍්ගලදෙසනා.

තයො මෙ භික්ඛවෙ පුග්ගලාසන්තො සංවිජ්ජමානො ලොකස්මිං කතමෙ තයො අන්‍ධො එකචක්ඛු ද්විචක්ඛු කතමොච භික්ඛවෙ පුග්ගලො අන්‍ධො යන මෙබඳු දේශනා පුග්ගලාධිට්ඨාන පුග්ගල දේශනා නම් වේ.

“කතමඤ‍්ච, භික‍්ඛවෙ, දුග‍්ගතිභයං? ඉධ, භික‍්ඛවෙ, එකච‍්චො ඉති පටිසඤ‍්චික‍්ඛති, කායදුච‍්චරිතස‍්ස ඛො පාපකො විපාකො අභිසම‍්පරායං…පෙ… සුද‍්ධමත‍්තානං පරිහරති. ඉදං වුච‍්චති, භික‍්ඛවෙ, දුග‍්ගතිභය”න‍්ති (අ· නි· 4.121) එවරූපී පුග‍්ගලාධිට‍්ඨානා ධම‍්මදෙසනා.

කතමඤච භික්ඛවෙ දුග්ගති භයං ඉධ භික්ඛවෙ, එකච්චො ඉති පටිපඤ්චික්ඛති කායදුච්චරිතස්ස ඛො පාපකො විපාකො අභිසම්පනරායං -පෙ- සුද්ධ මත්තානං පරිහරති ඉදං වුචචති භික්ඛවෙ දුග්ගතිභයං මේ පුග්ගලාධිට්ඨාග ධර්මදේශනා නම් වේ.

ස‍්වායං ඉධ යස‍්මා පුථුජ‍්ජනො අපරිඤ‍්ඤාතවත්‍ථුකො, අපරිඤ‍්ඤාමූලිකා ච ඉධාධිප‍්පෙතානං සබ‍්බධම‍්මානං මූලභූතා මඤ‍්ඤනා හොති, තස‍්මා පුථුජ‍්ජනං දස‍්සෙත්‍වා පුග‍්ගලාධිට‍්ඨානාය දෙසනාය තමත්‍ථං ආවිකාතුං, “ඉධ, භික‍්ඛවෙ, අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී”ති එවං පුථුජ‍්ජනං නිද‍්දිසීති වෙදිතබ‍්බො.

පුහුදුන් ජනතෙම යම් හෙයකින් මෙහි අපරිඤ්ඤාත (මනාසේ අවබෝධ නොකළ) වස්තු ඇත්තේද මෙහි අදහස් කළ සියලු ධර්මයන්ට මුල් වූ මඤ්ඤනා අපරිඤ්ඤාතය මුල්කොට ඇත්තෝ ද එහෙයින් පුහුදුන් මනුෂ්‍යයා දක්වාම පුග්ගලාධිට්ඨාන දේශනාව පිළිබඳ එම අර්ථය පහළ කරනු පිණිස “ඉධ භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී” යනුවෙන් පුහුදුන් ජනයා දැක්වූ සේකැයි දතයුතුය.

සුත‍්තනික‍්ඛෙපවණ‍්ණනා නිට‍්ඨිතා.