සච්චවිභඞ්ග සුත්තවණ්ණනා අට්ඨකථා
සච්චවිභඞ්ග සුත්තවණ්ණනා
සච්චවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති සච්චවිභඞ්ගසුත්තං. තත්ථ ආචික්ඛනාති ඉදං දුක්ඛං අරියසච්චං නාම…පෙ… අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං නාමාති. සෙසපදෙසුපි එසෙව නයො. අපිචෙත්ථ පඤ්ඤාපනා නාම දුක්ඛසච්චාදීනං ඨපනා. ආසනං ඨපෙන්තො හි ආසනං පඤ්ඤපෙතීති වුච්චති. පට්ඨපනාති පඤ්ඤාපනා. විවරණාති විවටකරණා. විභජනාති විභාගකිරියා. උත්තානීකම්මන්ති පාකටභාවකරණං.
එවම්මෙසුතන්ති මාවිසින් සච්චවිභංග සූත්‍රය මෙසේ අසන ලදි. එහි ආචික්ඛනාති මේ දුක්ඛාර්ය සත්‍ය නමි. -පෙ- මේ දුක්ඛනිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍ය නමි. සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි. තව ද මෙහි පඤ්ඤපනාති නම් දුක්ඛ සත්යාදීන්ගේ දර්ශන තැබීමයි. අසුනක් තබන්නේ අසුන් පැනවීම යැයි කියයි. පට්ඨපනාති තැබීමයි. විවරණාති විවෘත කිරීමයි. විභජනාති විභාග කිරීමයි. උත්තානිකම්මන්ති ප්‍රකට කිරීමයි.
අනුග්ගාහකාති ආමිසසඞ්ගහෙන ධම්මසඞ්ගහෙනාති ද්වීහිපි සඞ්ගහෙහි අනුග්ගාහකා. ජනෙතාති ජනිකා මාතා. ආපාදෙතාති පොසෙතා. පොසිකමාතා විය මොග්ගල්ලානොති දීපෙති. ජනිකමාතා හි නව වා දස වා මාසෙ ලොණම්බිලාදීනි පරිහරමානා කුච්ඡියා දාරකං ධාරෙත්වා කුච්ඡිතො නික්ඛන්තං පොසිකමාතරං ධාතිං පටිච්ඡාපෙති. සා ඛීරනවනීතාදීහි දාරකං පොසෙත්වා වඩ්ඪෙති, සො වුද්ධිමාගම්ම යථාසුඛං විචරති. එවමෙව සාරිපුත්තො අත්තනො වා පරෙසං වා සන්තිකෙ පබ්බජිතෙ ද්වීහි සඞ්ගහෙහි සඞ්ගණ්හන්තො ගිලානෙ පටිජග්ගන්තො කම්මට්ඨානෙ යොජෙත්වා සොතාපන්නභාවං ඤත්වා අපායභයෙහි වුට්ඨිතකාලතො පට්ඨාය – “ඉදානි පච්චත්තපුරිසකාරෙන උපරිමග්ගෙ නිබ්බත්තෙස්සන්තී”ති තෙසු අනපෙක්ඛො හුත්වා අඤ්ඤෙ නවෙ නවෙ ඔවදති. මහාමොග්ගල්ලානොපි අත්තනො වා පරෙසං වා සන්තිකෙ පබ්බජිතෙ තථෙව සඞ්ගණ්හිත්වා කම්මට්ඨානෙ යොජෙත්වා හෙට්ඨා තීණි ඵලානි පත්තෙසුපි අනපෙක්ඛතං න ආපජ්ජති. කස්මා? එවං කිරස්ස හොති – වුත්තං භගවතා – “සෙය්යථාපි, භික්ඛවෙ, අප්පමත්තකොපි ගූථො දුග්ගන්ධො හොති…පෙ… අප්පමත්තකම්පි මුත්තං… ඛෙළො… පුබ්බො… ලොහිතං දුග්ගන්ධං හොති, එවමෙව ඛො අහං, භික්ඛවෙ, අප්පමත්තකම්පි භවං න වණ්ණෙමි අන්තමසො අච්ඡරාසඞ්ඝතමත්තම්පී”ති (අ· නි· 1.320-321). තස්මා යාව අරහත්තං න පාපුණන්ති, තාව තෙසු අනපෙක්ඛතං අනාපජ්ජිත්වා අරහත්තං පත්තෙසුයෙව ආපජ්ජතීති. තෙනාහ භගවා – “සෙය්යථාපි, භික්ඛවෙ, ජනෙතා එවං සාරිපුත්තො. සෙය්යථාපි ජාතස්ස ආපාදෙතා, එවං මොග්ගල්ලානො. සාරිපුත්තො, භික්ඛවෙ, සොතාපත්තිඵලෙ විනෙති, මොග්ගල්ලානො උත්තමත්ථෙ”ති. පහොතීති සක්කොති.
අනුග්ගාහකාති ආමිස සංග්‍රහයෙන් ධර්ම සංග්‍රහයෙන් යන දෙකින් අනුග්‍රහ කිරීමයි. ජනෙත්තීති උපදවන ලද මවය. ආපාදෙතාති පෝෂ්‍ය කරන. පෝෂණය කරන ලද මව මෙන් මුගලන් තෙරුන් දක්වයි. ජනික මව මාස නවයක් හෝ මාස දහයක් හෝ ලුණු ඇඹුල් ආදිය පරිහරණය කරමින් කුසෙහි දරුවා දරාගෙන කුසින් නික්මුණු කළ පෝෂ්‍ය කරන ලද මව කිරිමව පිළිගනියි. ඕතොමෝ කිරි මෝරු ආදිය පොවා වර්ධනය කරයි. ඔහු වැඩීමට පැමිණ සැප වූ පරිදි හැසිරෙයි. මෙපරිද්දෙන් ම සැරියුත් තෙරුන් තමාගේ හෝ අනුන්ගේ ළඟ පැවිදි වූවන් සංග්‍රහ දෙකෙන් සංග්‍රහ කරන්නේ ලෙඩවූවනට පිළිදැගුම් කරමින් කමටහනෙහි යොදවා සෝවාන් බව දැන අපාය බියෙන් නැගිටි කාලයේ පටන් දැන් වෙන වෙනම පුරුෂකාරයෙන් මතුමාර්ගයෙහි උපදවන්නාහු යැයි ඔවුන් කෙරෙහි බලාපොරොත්තු නැතිව අනෙත් නවකයන්ට අවවාද කරති. මුගලන් තෙරුන් ද තමාගේ හෝ අනුන්ගේ ළඟ පැවිදි වූවන්ට එසේම සංග්‍රහ කොට කමටහනෙහි යොදවා යට ත්‍රිවිධ ඵලයන්ට පැමිණි කළ අපේක්ෂා රහිතබවට නොපැමිණෙයි. කුමක්හෙයින් ද? උන්වහන්සේට මෙබඳු අදහසක් වෙයි. බුදුරදුන් කියන ලදි. මහණෙනි, යම්සේ ස්වල්ප වූ අසූචි ද මුත්‍ර ද කෙළ ද සැරව ද ලේ ද දුගඳ ම වෙයි. එසේම මහණෙනි, මේ භවය ද මම ස්වල්පයක්වත් වර්ණනා නොකරමි. යටත් පිරිසෙයින් අසුරගසන පමණක්වත් ය. එහෙයින් යම්තාක් අර්හත්වය දක්වා නොපැමිණෙත්. ඒතාක් ඒවායෙහි අපේක්ෂාවක් නැතිව නොපැමිණ අර්හත්වයට පැමිණෙයි. එහෙයින් බුදුරදුන් කීය. සෙය්යථාපි භික්ඛවෙ ජනෙත්ති එවං සාරිපුත්තො සෙය්යථාපි ජාතස්ස ආපාදෙතා එවං මොග්ගල්ලානො සාරිපුත්තො භික්ඛවෙ සොතාපත්තිඵලෙ විනෙති. මොග්ගල්ලානො උත්තමත්ථෙති. පහොතීති හැකියි.
දුක්ඛෙ ඤාණන්ති සවනසම්මසනපටිවෙධඤාණං, තථා දුක්ඛසමුදයෙ. දුක්ඛනිරොධෙ සවනපටිවෙධඤාණන්ති වට්ටති, තථා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය. නෙක්ඛම්මසඞ්කප්පාදීසු කාමපච්චනීකට්ඨෙන, කාමතො නිස්සටභාවෙන වා, කාමං සම්මසන්තස්ස උප්පන්නොති වා, කාමපදඝාතං කාමවූපසමං කරොන්තො උප්පන්නොති වා, කාමවිවිත්තන්තෙ උප්පන්නොති වා නෙක්ඛම්මසඞ්කප්පො. සෙසපදද්වයෙපි එසෙව නයො. සබ්බෙපි චෙතෙ පුබ්බභාගෙ නානාචිත්තෙසු, මග්ගක්ඛණෙ එකචිත්තෙ ලබ්භන්ති. තත්ර හි මිච්ඡාසඞ්කප්පචෙතනාය සමුග්ඝාතකො එකොව සඞ්කප්පො ලබ්භති, න නානා ලබ්භති. සම්මාවාචාදයොපි පුබ්බභාගෙ නානාචිත්තෙසු, වුත්තනයෙනෙව මග්ගක්ඛණෙ එකචිත්තෙ ලබ්භන්ති. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරෙන පන සච්චකථා විසුද්ධිමග්ගෙ ච සම්මාදිට්ඨිසුත්තෙ (ම· නි· 1.89 ආදයො) ච වුත්තායෙවාති.
දුක්ඛෙ ඤාණන්ති ඇසීම විමසීම අවබෝධ කරන නුවණයි. එසේම දුක්ඛසමුදයෙහි ද දුක්ඛනිරෝධයෙහි ද ඇසීම අවබෝධ කිරීමේ නුවණ වටියි. එසේම දුක්ඛනිරෝධගාමිනීපටිපදායෙන් නෛෂ්ක්‍රම්‍ය සංකල්පාදියෙහි කාම ප්‍රත්‍යයෙන් කාමයෙන් නිසට බැවින් හෝ කාමයන් විමසීමෙන් උපන් හෝ කාමඝාතනය කාමය සංසිඳීම් කරන්නේ ඉපදීම හෝ වෙයි. නෙක්ඛම්ම සංකප්පො සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි. මේ සියල්ලෙහි පූර්වභාගයෙහි නොයෙක් නොයෙක් සිත්වල මාර්ගක්ෂණයෙහි එක්සිතක් ලබත්. එහි මිථ්‍යා සංකල්පනා චේතනාවන් සමූළ ඝාතනය කරන එකම සංකල්පයකි. නම් තුනක් ලබයි. සම්මාවාචාදිය ද පූර්වභාගයෙහි නොයෙක් නොයෙක් සිත්වල කියන ලද ලද ක්‍රමයෙන් ම මාර්ගක්ෂණයෙහි එකම සිතක් ලබත්. මේ මෙහි සංක්ෂේපයයි. විස්තර සත්‍යකථා විසුද්ධිමාර්ගයෙහි ද සම්මාදිට්ඨි සූත්‍රයෙහි ද කියන ලද්දේමය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය සච්චවිභඞ්ගසුත්තවණ්ණනා නිට්ඨිතා.
සච්චවිභංග සූත්‍ර වර්ණනාව නිමි.