දක්ඛිණාවිභඞ්ග සුත්තවණ්ණනා අට්ඨකථා
දක්ඛිණාවිභඞ්ග සුත්තවණ්ණනා
දක්ඛිණාවිභඞ්ග සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති දක්ඛිණාවිභඞ්ගසුත්තං. තත්ථ මහාපජාපති ගොතමීති ගොතමීති ගොත්තං. නාමකරණදිවසෙ පනස්සා ලද්ධසක්කාරා බ්රාහ්මණා ලක්ඛණසම්පත්තිං දිස්වා – “සචෙ අයං ධීතරං ලභිස්සති, චක්කවත්තිරඤ්ඤො අග්ගමහෙසී භවිස්සති. සචෙ පුත්තං ලභිස්සති, චක්කවත්තිරාජා භවිස්සතීති උභයථාපි මහතීයෙවස්සා පජා භවිස්සතී”ති බ්යාකරිංසු. අථස්සා මහාපජාපතීති නාමං අකංසු. ඉධ පන ගොත්තෙන සද්ධිං සංසන්දිත්වා මහාපජාපතිගොතමීති වුත්තං. නවන්ති අහතං. සාමං වායිතන්ති න සහත්ථෙනෙව වායිතං, එකදිවසං පන ධාතිගණපරිවුතා සිප්පිකානං වායනට්ඨානං ආගන්ත්වා වෙමකොටිං ගහෙත්වා වායනාකාරං අකාසි. තං සන්ධායෙතං වුත්තං.
එවම්මෙසුතන්ති මා විසින් දක්ඛිණාවිභංග සූත්‍රය මෙසේ අසන ලදි. එහි මහාපජාපතීගෝතමීති ගොතමී නම් ගෝත්‍රයයි. ඇයට නම් තබන දවසෙහි ලබන ලද සත්කාර ඇති බමුණෝ ලකුණු සම්පත් දැක ඉදින් මැය දුවක් ලබන්නේ නම් සක්විති රජෙකුට අගමෙහෙසියක් වන්නේය. ඉදින් පුතෙක් ලබන්නේ නම් සක්විති රජ වන්නේය. දෙවිදියකින් ම ඇයට මහත් වූ ප්‍රජාව වන්නේ යැයි ප්‍රකාශ කළහ. එහෙයින් ඇයට මහා ප්‍රජාපතී යන නම කළාහ. මෙහි ග්‍රෝතය හා ගලපා මහාප්‍රජාපතී ගෝතමී යැයි කියන ලදි. නවන්ති අළුත් සාමං වායිතන්ති සිය අතින් ම වියන ලද එක් දවසක කිරි මව්වරු පිරිවරා ශිල්පීන් වියන ස්ථානයට අවුත් රෙදි වියන දඬු කෙළවර ගෙන විවීම කළේය. ඒ සඳහා මෙය කියන ලදී.
කදා පන ගොතමියා භගවතො දුස්සයුගං දාතුං චිත්තං උප්පන්නන්ති. අභිසම්බොධිං පත්වා පඨමගමනෙන කපිලපුරං ආගතකාලෙ. තදා හි පිණ්ඩාය පවිට්ඨං සත්ථාරං ගහෙත්වා සුද්ධොදනමහාරාජා සකං නිවෙසනං පවෙසෙසි, අථ භගවතො රූපසොභග්ගං දිස්වා මහාපජාපතිගොතමී චින්තෙසි – “සොභති වත මෙ පුත්තස්ස අත්තභාවො”ති. අථස්සා බලවසොමනස්සං උප්පජ්ජි. තතො චින්තෙසි – “මම පුත්තස්ස එකූනතිංස වස්සානි අගාරමජ්ඣෙ වසන්තස්ස අන්තමසො මොචඵලමත්තම්පි මයා දින්නකමෙව අහොසි, ඉදානිපිස්ස චීවරසාටකං දස්සාමී”ති. “ඉමස්මිං ඛො පන රාජගෙහෙ බහූනි මහග්ඝානි වත්ථානි අත්ථි, තානි මං න තොසෙන්ති, සහත්ථා කතමෙව මං තොසෙති, සහත්ථා කත්වා දස්සාමී”ති චිත්තං උප්පාදෙසි.
කවරදාක ගෞතමියට බුදුරදුන්ට වස්ත්‍ර යුගලක් දෙන්නට සිතක් උපන්නේ ද? බුද්ධත්වයට පැමිණ පළමු ගමනින් කිඹුල්වතට පැමිණි කාලයෙහිය. එකල්හි බුදුරදුන්ගේ රූප ශෝභාව දැක මහාප්‍රජාපතී ගෞතමිය සිතීය. මාගේ පුතාගේ ආත්මය හොබනේ යැයි අයට මහත් සතුටක් උපණ එයින් සිතීය. මාගේ පුතාට අවුරුදු විසි නවයක් ගිහිගෙදර වාසය කරද්දී යටත් පිරිසෙන් පුවක් ගෙඩියක් පමණකුදු මා විසින් නොදෙන ලද්දේය. දැන් ඔහුට පිණිස සළුවක් දෙන්නෙමියි මේ රජගහනුවර බොහෝ වටිනා වස්ත්‍ර ඇත. ඒවා මා සතුටු නොකරත්. සිය අතින් කරන ලද ම මා සතුටු කරයි. සිය අතින් කොට දෙන්නෙමියි සිතක් ඉපදවීය.
අථන්තරාපණා කප්පාසං ආහරාපෙත්වා සහත්ථෙනෙව පිසිත්වා පොථෙත්වා සුඛුමසුත්තං කන්තිත්වා අන්තොවත්ථුස්මිංයෙව සාලං කාරාපෙත්වා සිප්පිකෙ පක්කොසාපෙත්වා සිප්පිකානං අත්තනො පරිභොගඛාදනීයභොජනීයමෙව දත්වා වායාපෙසි, කාලානුකාලඤ්ච ධාතිගණපරිවුතා ගන්ත්වා වෙමකොටිං අග්ගහෙසි. නිට්ඨිතකාලෙ සිප්පිකානං මහාසක්කාරං කත්වා දුස්සයුගං ගන්ධසමුග්ගෙ පක්ඛිපිත්වා වාසං ගාහාපෙත්වා – “මය්හං පුත්තස්ස චීවරසාටකං ගහෙත්වා ගමිස්සාමී”ති රඤ්ඤො ආරොචෙසි. රාජා මග්ගං පටියාදාපෙසි, වීථියො සම්මජ්ජිත්වා පුණ්ණඝටෙ ඨපෙත්වා ධජපටාකා උස්සාපෙත්වා රාජඝරද්වාරතො පට්ඨාය යාව නිග්රොධාරාමා මග්ගං පටියාදාපෙත්වා පුප්ඵාභිකිණ්ණං අකංසු. මහාපජාපතිපි සබ්බාලඞ්කාරං අලඞ්කරිත්වා ධාතිගණපරිවුතා සමුග්ගං සීසෙ ඨපෙත්වා භගවතො සන්තිකං ගන්ත්වා ඉදං මෙ, භන්තෙ, නවං දුස්සයුගන්තිආදිමාහ.
ඉක්බිතිව කඩයෙන් කපු ගෙන්වා සිය අතින් නෙළා තලා සියුම් නුල් කැටීම් කර ඇතුළෙහි ම ශාලාවක් කරවා ශිල්පීන් කැඳවා ඔවුන්ට ආහාර පාන දී වියවුයේය. කලින් කල කිරිමව්වරුන් පිරිවරා ගොස් දඬු කෙළවර ගත්තේය. නිමි කල්හි ශිල්පීන්ට බොහෝ සත්කාර කර වස්ත්‍ර යුගලය සුවඳ කරඬුවක දමා සුවඳ ගන්වා මගේ පුතාට සිවුරු පිණිස වස්ත්‍රයක් ගෙන යන්නෙමියි රජුට දැන්වීය. රජු මාර්ගය පිළියෙළ කරවීය. වීදි හැමද පුන්කලස් තබා කොඩි සෙසත් ඔසවා රජ ගෙදර දොරටුව පටන් නිග්‍රෝධාරාමය දක්වා මාර්ගය පිළියෙළ කරවා මලින් ගැවසීම් කළාහ. මහාප්‍රජාපතිය සියලු ආභරණයන්ගෙන් සැරසී කිරිමව්වරුන් විසින් පිරිවරණ ලදුව කරඬුව හිසෙහි තබා බුදුරදුන් ළඟට ගොස් ඉදම්මෙ භන්තෙ නවං දුස්සයුගන්ති යනාදිය කීය.
දුතියම්පි ඛොති “සඞ්ඝෙ ගොතමි දෙහී”ති වුත්තෙ – “පහොමහං, භන්තෙ, දුස්සකොට්ඨාගාරතො භික්ඛුසතස්සාපි භික්ඛුසහස්සස්සාපි භික්ඛුසතසහස්සස්සාපි චීවරදුස්සානි දාතුං, ඉදං පන මෙ භගවන්තං උද්දිස්ස සාමං කන්තං සාමං වායිතං, තං මෙ, භන්තෙ, භගවා පටිග්ගණ්හාතූ”ති නිමන්තයමානා ආහ. එවං යාවතතියං යාචි, භගවාපි පටික්ඛිපියෙව.
දුතියම්පි ඛොති ගෞතමිය සංඝයාට දෙවයි කී කල්හි ස්වාමීනි, මම රෙදි කොටුවෙන් භික්ෂූන් සීයකට ද දහසකට ද ලක්ෂයකට ද සිවුරු සඳහා රෙදි දෙන්නට පොහොසත් වෙමි. ස්වාමීනි, මෙය බුදුරදුන් උදෙසා ම මා විසින් වියන ලදී. මා විසින් කටින ලදි. ස්වාමීනි, එහෙයින් එය මා උදෙසා පිළිගනිත්වායි කීවාය. මෙසේ තුන්වරක් දක්වා ඉල්ලීය. බුදුරදුන් ද ප්‍රතික්ෂේප කළේය.
කස්මා පන භගවා අත්තනො දිය්යමානං භික්ඛුසඞ්ඝස්ස දාපෙතීති? මාතරි අනුකම්පාය. එවං කිරස්ස අහොසි – “ඉමිස්සා මං ආරබ්භ පුබ්බචෙතනා මුඤ්චචෙතනා පරචෙතනාති තිස්සො චෙතනා උප්පන්නා, භික්ඛුසඞ්ඝම්පිස්සා ආරබ්භ උප්පජ්ජන්තු, එවමස්සා ඡ චෙතනා එකතො හුත්වා දීඝරත්තං හිතාය සුඛාය පවත්තිස්සන්තී”ති. විතණ්ඩවාදී පනාහ – “සඞ්ඝෙ දින්නං මහප්ඵලන්ති තස්මා එවං වුත්ත”න්ති. සො වත්තබ්බො – “කිං ත්වං සත්ථු දින්නතො සඞ්ඝෙ දින්නං මහප්ඵලතරං වදසී”ති ආම වදාමීති. සුත්තං ආහරාති. සඞ්ඝෙ ගොතමි දෙහි, සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සඞ්ඝො චාති. කිං පනස්ස සුත්තස්ස අයමෙව අත්ථොති ? ආම අයමෙවාති. යදි එවං “තෙන හානන්ද, විඝාසාදානං පූවං දෙහී”ති ච (පාචි· 269) “තෙන හි ත්ව, කච්චාන, විඝාසාදානං ගුළං දෙහී”ති (මහාව· 284) ච වචනතො විඝාසාදානං දින්නං මහප්ඵලතරඤ්ච භවෙය්ය. එවම්පි හි “සත්ථා අත්තනො දිය්යමානං දාපෙතී”ති. රාජරාජමහාමත්තාදයොපි අත්තනො ආගතං පණ්ණාකාරං හත්ථිගොපකාදීනං දාපෙන්ති, තෙ රාජාදීහි මහන්තතරා භවෙය්යුං. තස්මා මා එවං ගණ්හ –
කුමක් නිසා බුදුරදුන් තමන්ට දෙනු ලබන්න භික්ෂු සංඝයාට දෙන්න යැයි කීවේ ද? මව කෙරෙහි අනුකම්පාවෙනි, උන්වහන්සේට මෙබඳු සිතක් ඇති විය. මැයට මා අරබයා පූර්ව චේතනාව මුඤ්චනචේතනාව අපරචේතනාව යැයි චේතනා තුනක් ඉපදුනාහ. මැයට භික්ෂු සංඝයා කෙරෙහි ද එබඳු සිතක් උපදීවා. මෙසේ ඇයට චේතනා හය එක්ව බොහෝ කලක් හිතසුව පිණිස පවතින්නේ ය යනුයි. විතණ්ඩවාදීහු මෙසේ කීහ. සංඝයාට දීම මහත්ඵළ වේ යැයි කියන්නෙහි ද? එසේ යැයි කියමි. සූත්‍රය ගෙනෙයි. ගෞතමිය සංඝයාට දෙව. තා විසින් සංඝයාට දුන් කළ මම ද පුදන ලද්දේ වන්නෙමියි. සූත්‍රයෙහි ද මේ තේරුමයි. මෙය එසේ නම් ආනන්ද, කුසගිනි වූවන්ට කැවුම් දෙවයි. හකුරු දෙවයි යනුවෙන් වචනයෙන් කුසගිනි වූවන්ට දෙන ලද්දක් මහත්ඵල වේද බුදුරදුන් තමාට දෙන ලද්ද දෙවයි කීය. රාජ රාජ මහාමාත්‍යයෝ ද තමාට ගෙනෙන පඬුරු ඇත්ගොව්වන් ආදීන්ට දෙවයි කීවත් ඔවුන් රජුන්ට වඩා මහත් වන්නාහු ද? එහෙයින් එසේ නොගනුව.
“නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන, බුද්ධෙන සෙට්ඨො සදිසො වා විජ්ජති; යමාහුනෙය්යානමග්ගතං ගතො, පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසින”න්ති. –
මේ ලෝකයෙහි හෝ පරලෝකයෙහි හෝ බුදුරදුන් හා සමාන ශ්‍රේෂ්ඨයෙක් නොවෙයි. යමෙක් ආහුනෙය්‍ය වේද ඔවුන් අතරෙන් අග්‍ර බවට ගියේය. පින් කැමැත්ත වුවන්ට මහත් ඵලයක් වෙයි.
වචනතො හි සත්ථාරා උත්තරිතරො දක්ඛිණෙය්යො නාම නත්ථි. එවමස්සා ඡ චෙතනා එකතො හුත්වා දීඝරත්තං හිතාය සුඛාය භවිස්සන්තීති සන්ධාය යාවතතියං පටිබාහිත්වා සඞ්ඝස්ස දාපෙසි.
වචනයෙන්වත් බුදුරදුන්ට වඩා උතුම් දක්ෂිණාර්හ කෙනෙක් නැත. මෙසේ චේතනා හය එකතුව බොහෝ කලක් හිතසුව පිණිස පවතිත්. කුමක් සඳහා තුන්වරක් බැහැර කොට සංඝයාට දෙවයි කීවේ ද?
පච්ඡිමාය ජනතාය සඞ්ඝෙ චිත්තීකාරජනනත්ථං චාපි එවමාහ. එවං කිරස්ස අහොසි – “අහං න චිරට්ඨිතිකො, මය්හං පන සාසනං භික්ඛුසඞ්ඝෙ පතිට්ඨහිස්සති, පච්ඡිමා ජනතා සඞ්ඝෙ චිත්තීකාරං ජනෙතූ”ති යාවතතියං පටිබාහිත්වා සඞ්ඝස්ස දාපෙසි. එවඤ්හි සති – “සත්ථා අත්තනො දිය්යමානම්පි සඞ්ඝස්ස දාපෙසි, සඞ්ඝො නාම දක්ඛිණෙය්යො”ති පච්ඡිමා ජනතා සඞ්ඝෙ චිත්තීකාරං උප්පාදෙත්වා චත්තාරො පච්චයෙ දාතබ්බෙ මඤ්ඤිස්සති, සඞ්ඝො චතූහි පච්චයෙහි අකිලමන්තො බුද්ධවචනං උග්ගහෙත්වා සමණධම්මං කරිස්සති. එවං මම සාසනං පඤ්ච වස්සසහස්සානි ඨස්සතීති. “පටිග්ගණ්හාතු, භන්තෙ, භගවා”ති වචනතොපි චෙතං වෙදිතබ්බං “සත්ථාරා උත්තරිතරො දක්ඛිණෙය්යො නාම නත්ථී”ති. න හි ආනන්දත්ථෙරස්ස මහාපජාපතියා ආඝාතො වා වෙරං වා අත්ථි. න ථෙරො – “තස්සා දක්ඛිණා මා මහප්ඵලා අහොසී”ති ඉච්ඡති. පණ්ඩිතො හි ථෙරො බහුස්සුතො සෙක්ඛපටිසම්භිදාපත්තො, සො සත්ථු දින්නස්ස මහප්ඵලභාවෙ සම්පස්සමානොව පටිග්ගණ්හාතු, භන්තෙ, භගවාති ගහණත්ථං යාචි.
පශ්චිම ජනයාට සංඝයා කෙරෙහි ගෞරව ඇතිවීම පිණිසයි. මෙසේ කීය. මෙසේ ද සිතක් විය. මම සජිවි දීර්ඝ නොවෙමි. මාගේ ශාසනය සංඝයා කෙරෙහි පිහිටන්නේය. පශ්චිම ජනතාව සංඝයා කෙරෙහි ගෞරව උපදවා යි තුන් වරක් ප්‍රතික්ෂේප කොට සංඝයාට දෙවීය. මෙසේ ඇති කල්හි බුදුරදුන් තමාට දෙන ලද්ද සංඝයාට දෙවීය. සංඝයා දක්‍ෂිණාර්හය ය. පශ්චිම ජනතාව සංඝයා කෙරෙහි ගෞරව උපදවා සිව්පසය දිය යුතු යැයි සිතන්නේය. සංඝයා සිව්පසයෙන් ක්ලාන්ත නොවී බුද්ධ වචනය ඉගෙන මහණකම කරන්නේය. මෙසේ මාගේ ශාසනය අවුරුදු පන්දහසක් පිහිටන්නේ ය. පතිගණ්හාතු භන්තෙ භගවාති යන වචනයෙන් ද මෙය දත යුතුයි. බුදුරදුන්ට වඩා උතුම් දක්ෂිණාර්හ කෙනෙක් නැත. ආනන්ද තෙරුන්ට මහා ප්‍රජාපතිය කෙරෙහි ක්‍රෝධයක් හෝ වෛරයක් නැත. තෙරුන් වහන්සේ ඇයගේ දක්ෂිණාව මහත්ඵල වේවයි කැමති නැතිව නොවේ. තෙරුන් පණ්ඩිතය. බහුශ්‍රැතය. සේඛ පටිසම්භිදා පැමිණියේය. උන්වහන්සේ බුදුරදුන්ට දෙන ලද්දෙහි මහත්ඵල බව බලනේ ස්වාමීනි, බුදුරදුන් පිළිගනීවායි ගැනීම පිණිස ඉල්ලීය.
පුන විතණ්ඩවාදී ආහ – “සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සඞ්ඝො චා”ති වචනතො සත්ථා සඞ්ඝපරියාපන්නො වාති. සො වත්තබ්බො – “ජානාසි පන ත්වං කති සරණානි, කති අවෙච්චප්පසාදා”ති ජානන්තො තීණීති වක්ඛති, තතො වත්තබ්බො – තව ලද්ධියා සත්ථු සඞ්ඝපරියාපන්නත්තා ද්වෙයෙව හොන්ති. එවං සන්තෙ ච – “අනුජානාමි, භික්ඛවෙ, ඉමෙහි තීහි සරණගමනෙහි පබ්බජ්ජං උපසම්පද”න්ති (මහාව· 34) එවං අනුඤ්ඤාතා පබ්බජ්ජාපි උපසම්පදාපි න රුහති. තතො ත්වං නෙව පබ්බජිතො අසි, න ගිහි. සම්මාසම්බුද්ධෙ ච ගන්ධකුටියං නිසින්නෙ භික්ඛූ උපොසථම්පි පවාරණම්පි සඞ්ඝකම්මානිපි කරොන්ති, තානි සත්ථු සඞ්ඝපරියාපන්නත්තා කුප්පානි භවෙය්යුං, න ච හොන්ති. තස්මා න වත්තබ්බමෙතං “සත්ථා සඞ්ඝපරියාපන්නො”ති.
නැවත විතණ්ඩවාදීහු කීහ. තා විසින් සංඝයාට දෙන ලද කල්හි ද මම ද පුදන ලද්දේ වන්නෙමි. කී හෙයින් බුදුරදුන් සංඝයාට ඇතුළත්ය. ඔහු කිව යුතුයි. සරණ කොපමණ ද ගුණ දැන පැහැදීම් කොපමණ දැයි දන්නේ තුනයයි කියත්. නැවත කිව යුතුයි. නුඹගේ පිළිගැනීමෙන් බුදුරදුන් සංඝ පර්යාපන්න බැවින් දෙකක් ම වෙත්. එසේ ඇති කල්හි මහණෙනි, සරණාගමන තුනෙන් පැවිද්ද ද උපසම්පදාව ද අනුදනිමියි මෙසේ අනුදක්නා ලද පැවිද්ද ද උපසම්පදාව ද නොපිහිටයි. එහෙයින් නුඹ පැවිද්දෙක් ද ගිහියෙක් ද නොවන්නෙහිය. බුදුරදුන් ගඳ කිළියේ වැඩ සිටින කල්හි භික්ෂූන් පොහොය ද පවාරණය ද සංඝ කර්ම ද කරත්. ඒවා බුදුරදුන් සංඝ පර්යාපන්න බැවින් කෝප්‍ය වන්නාහු නොවෙත්. එහෙයින් බුදුරදුන් සංඝ පර්යාපන්න යැයි නොකිය යුතුයි.
ආපාදිකාති සංවඩ්ඪිකා, තුම්හාකං හත්ථපාදෙසු හත්ථපාදකිච්චං අසාධෙන්තෙසු හත්ථෙ ච පාදෙ ච වඩ්ඪෙත්වා පටිජග්ගිකාති අත්ථො. පොසිකාති දිවසස්ස ද්වෙ තයො වාරෙ න්හාපෙත්වා භොජෙත්වා පායෙත්‍වා තුම්හෙ පොසෙසි. ථඤ්ඤං පායෙසීති නන්දකුමාරො කිර බොධිසත්තතො කතිපාහෙනෙව දහරො, තස්මිං ජාතෙ මහාපජාපති අත්තනො පුත්තං ධාතීනං දත්වා සයං බොධිසත්තස්ස ධාතිකිච්චං සාධයමානා අත්තනො ථඤ්ඤං පායෙසි. තං සන්ධාය ථෙරො එවමාහ. ඉති මහාපජාපතියා බහූපකාරතං කථෙත්වා ඉදානි තථාගතස්ස බහූපකාරතං දස්සෙන්තො භගවාපි, භන්තෙතිආදිමාහ. තත්ථ භගවන්තං, භන්තෙ, ආගම්මාති භගවන්තං පටිච්ච නිස්සාය සන්ධාය.
ආපාදිකාති වඩන ලද්දාහු. නුඹගේ අත්පාවල අත්පා කිස සිදු නොවන කල්හි අත්පා වඩා පෝෂ්‍ය කළාහ යන තේරුමයි. පොසිකාති දවසට දෙතුන්වර නාවා කවා පොවා බෝසතුන් පෝෂණය කළාය. ථඤ්ඤං පායෙසීති නන්ද කුමරු බෝසතුන්ට දවස් කිහිපයකින් බාලය. ඔහු ඉපදුන කළ මහා ප්‍රජාපතිය තමාගේ පුතා කිරි මව්වරුන්ට දී තමා බෝසතුන්ට කිරිමව් වී කටයුතු කරන්නේ තමාගේ කිරි පෙව්වාය. ඒ සඳහා තෙරුන් වහන්සේ මෙසේ කීය. මෙසේ මහා ප්‍රජාපතියගේ බොහෝ උපකාර බව කියා දැන් බුදුරදුන්ගේ බොහෝ උපකාර බව දක්වන්නේ භගවාපි භන්තෙති යනාදිය කීය. එහි භගවන්තං භන්තෙ ආගම්මාති බුදුරදුන් නිසාය.
අථ භගවා ද්වීසු උපකාරෙසු අතිරෙකතරං අනුමොදන්තො එවමෙතන්තිආදිමාහ. තත්ථ යං හානන්ද, පුග්ගලො පුග්ගලං ආගම්මාති යං ආචරියපුග්ගලං අන්තෙවාසිකපුග්ගලො ආගම්ම. ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙනාති ඉමස්ස ආචරියපුග්ගලස්ස ඉමිනා අන්තෙවාසිකපුග්ගලෙන. න සුප්පටිකාරං වදාමීති පච්චූපකාරං න සුකරං වදාමි, අභිවාදනාදීසු ආචරියං දිස්වා අභිවාදනකරණං අභිවාදනං නාම. යස්මිං වා දිසාභාගෙ ආචරියො වසති, ඉරියාපථෙ වා කප්පෙන්තො තදභිමුඛො වන්දිත්වා ගච්ඡති, වන්දිත්වා නිසීදති, වන්දිත්වා නිපජ්ජති, ආචරියං පන දූරතොව දිස්වා පච්චුට්ඨාය පච්චුග්ගමනකරණං පච්චුට්ඨානං නාම. ආචරියං පන දිස්වා අඤ්ජලිං පග්ගය්හ සීසෙ ඨපෙත්වා ආචරියං නමස්සති, යස්මිං වා දිසාභාගෙ සො වසති, තදභිමුඛොපි තථෙව නමස්සති, ගච්ඡන්තොපි ඨිතොපි නිසින්නොපි අඤ්ජලිං පග්ගය්හ නමස්සතියෙවාති ඉදං අඤ්ජලිකම්මං නාම. අනුච්ඡවිකකම්මස්ස පන කරණං සාමීචිකම්මං නාම. චීවරාදීසු චීවරං දෙන්තො න යං වා තං වා දෙති, මහග්ඝං සතමූලිකම්පි පඤ්චසතමූලිකම්පි සහස්සමූලිකම්පි දෙතියෙව. පිණ්ඩපාතාදීසුපි එසෙව නයො. කිං බහුනා, චතූහි පණීතපච්චයෙහි චක්කවාළන්තරං පූරෙත්වා සිනෙරුපබ්බතෙන කූටං ගහෙත්වා දෙන්තොපි ආචරියස්ස අනුච්ඡවිකං කිරියං කාතුං න සක්කොතියෙව.
එකල්හි බුදුරදුන් උපකාර දෙකෙන් තා වැඩි එක අනුමෝදන් කරන්නේ එවමෙතන්ති යනාදිය කීය. එහි යංහානන්ද පුග්ගලො පුග්ගලං ආගම්මාති යම් ආචාර්ය පුද්ගලයො හෝ අන්තේවාසික පුද්ගලයා හෝ පැමිණ ඉමස්සානන්ද පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙනාති මේ ආචාර්ය පුද්ගලයාට මේ අන්තේවාසික පුද්ගලයා විසින් නසුප්පතිකාරං වදාමීති ප්‍රත්‍යුපකාරය ලෙහෙසි යැයි නොකියමි. වැඳීම් ආදියෙහි ගුරුවරයා දැක වැඳීම් කිරීම අභිවාදන නමි. යම් දිශාවක ගුරුවරයා වාසය කරයි ද ඉරියව් හෝ කරන්නේ එයට අභිමුඛව වැඳ යයි. වැඳ සිටියි. වැඳ සැතපෙයි. ගුරුවරයා දුරදීම දැක නැගිට පෙර ගමන් කිරීම පච්චුපට්ඨානං නමි. ගුරුවරයා දැක ඇඳිලි බැඳ හිසේ තබා ගුරුවරයා වඳියි. යම් දිශාවක ඔහු වාසය කරයි ද එයට අභිමුඛව එසේම වඳියි. යන්නේ ද සිටින්නේ ද හිඳින්නේ ද සැතපෙන්නේ ද ඇඳිලි බැඳ වැඳගෙනමය. මෙය අඤ්ජලිකම්මං නමි. සුදුසු කර්මයන්ගේ කිරීම සාමීචිකම්මං නමි. සිවුරු අතරෙන් සිවුරක් දෙන්නේ නම් ඒ සිවුරක් නොදී මා හැඟි සීයක් වටිනා එකක් ද පන්සීයක් වටිනා දහසක් වටිනා එකක් ම දෙන්නේමය. පිණ්ඩපාතාදියෙහි ද මේ ක්‍රමයයි. බොහෝ කීමෙන් කිම? ප්‍රණීත සිව්පසයෙන් සක්වළ අතර පුරවා මහමෙරින් කුළු ගන්වා දෙන්නේ ද ගුරුවරයාට සුදුසු ක්‍රියාවක් කරන්නට නොහැක්කේමය.
චුද්දස ඛො පනිමාති කස්මා ආරභි? ඉදං සුත්තං පාටිපුග්ගලිකං දක්ඛිණං ආරබ්භ සමුට්ඨිතං. ආනන්දත්ථෙරොපි “පටිග්ගණ්හාතු, භන්තෙ, භගවා”ති පාටිපුග්ගලිකදක්ඛිණංයෙව සමාදපෙති, චුද්දසසු ච ඨානෙසු දින්නදානං පාටිපුග්ගලිකං නාම හොතීති දස්සෙතුං ඉමං දෙසනං ආරභි. අයං පඨමාති අයං දක්ඛිණා ගුණවසෙනපි පඨමා ජෙට්ඨකවසෙනපි. අයඤ්හි පඨමා අග්ගා ජෙට්ඨිකා, ඉමිස්සා දක්ඛිණාය පමාණං නාම නත්ථි. දුතියතතියාපි පරමදක්ඛිණායෙව, සෙසා පරමදක්ඛිණභාවං න පාපුණන්ති. බාහිරකෙ කාමෙසු වීතරාගෙති කම්මවාදිකිරියවාදිම්හි ලොකියපඤ්චාභිඤ්ඤෙ. පුථුජ්ජනසීලවන්තෙති පුථුජ්ජනසීලවා නාම ගොසීලධාතුකො හොති, අසඨො අමායාවී පරං අපීළෙත්වා ධම්මෙන සමෙන කසියා වා වණිජ්ජාය වා ජීවිකං කප්පෙතා. පුථුජ්ජනදුස්සීලෙති පුථුජ්ජනදුස්සීලා නාම කෙවට්ටමච්ඡබන්ධාදයො පරං පීළාය ජීවිකං කප්පෙතා.
චුද්දස ඛො පනිමාති කුමක් නිසා ඇරඹියේ ද? මේ සූත්‍රය පුද්ගලික දානය අරභයා නැංගේය. ආනන්ද තෙරුන්ද පතිගණ්හාතු භන්තෙ භගවාති පුද්ගලික දානය ම සමාදන් කරවයි. දහ හතර තැනෙක දෙන දානය පුද්ගලික දානය නම් වේ යැයි දක්වන්නට මේ දේශනාව ආරම්භ කළේය. අයං පඨමාති මේ දානය ගණන් වශයෙන් පළමුවෙනිය. වැඩිමහළු වශයෙන් ද එසේමය. මෙය පළමුවෙනිය. අග්‍රය. ජ්‍යෙෂ්ඨය. මේ දානයේ ප්‍රමාණයක් නම් නැත. දෙවන තුන්වන දානය ද උතුම් දාන වේ. සෙසු ඒවා උතුම් දාන බවට නොපැමිණෙත්. බාහිරකෙ කාමෙසු විතරාගෙති කර්මවාදීන් ක්රියාවාදීන් කෙරෙහි ලෞකික පංචාභිඥාවන් කෙරෙහි පුථුජ්ජනසීලවන්තෙති පෘථග්ජන සීල ඇත්තේ නම් ගෝසීල ස්වභාව ඇත්තේ වෙයි. කෛරාටික නැත. මායා නැත. අනුන් නොපෙළා දැහැමෙන් සෙමෙන් සී සෑමෙන් හෝ වෙළඳාමින් හෝ ජීවිකාව කරන අයයි. පුථුග්ජන දුස්සීලෙති පෘථග්ජන දුස්සීලයෝ නම් කෙවුල් මත්ස්‍යයන් බඳින ආදීහුය. අනුන්ට පීඩා කොට ජීවිකාව ගෙන යන අයයි.
ඉදානි පාටිපුග්ගලිකදක්ඛිණාය විපාකං පරිච්ඡින්දන්තො තත්රානන්දාතිආදිමාහ. තත්ථ තිරච්ඡානගතෙති යං ගුණවසෙන උපකාරවසෙන පොසනත්ථං දින්නං, ඉදං න ගහිතං. යම්පි ආලොපඅඩ්ඪආලොපමත්තං දින්නං, තම්පි න ගහිතං. යං පන සුනඛසූකරකුක්කුටකාකාදීසු යස්ස කස්සචි සම්පත්තස්ස ඵලං පටිකඞ්ඛිත්වා යාවදත්ථං දින්නං, ඉදං සන්ධාය වුත්තං “තිරච්ඡානගතෙ දානං දත්වා”ති. සතගුණාති සතානිසංසා. පාටිකඞ්ඛිතබ්බාති ඉච්ඡිතබ්බා. ඉදං වුත්තං හොති – අයං දක්ඛිණා ආයුසතං වණ්ණසතං සුඛසතං බලසතං පටිභානසතන්ති පඤ්ච ආනිසංසසතානි දෙති, අත්තභාවසතෙ ආයුං දෙති, වණ්ණං, සුඛං, බලං, පටිභානං දෙති, නිප්පරිතසං කරොති. භවසතෙපි වුත්තෙ අයමෙව අත්ථො. ඉමිනා උපායෙන සබ්බත්ථ නයො නෙතබ්බො.
දැන් පුද්ගලික දානයේ විපාක දන්නාහුය. තත්රානන්දාති යනාදිය කීය. එහි තිරච්ඡානගතෙති යම් ගුණ වශයෙන් උපකාර වශයෙන් පෝෂණය පිණිස දෙන ලද මෙය නොගන්නා ලදි. යම් පිඬක් පිඬු භාගයක් දෙන ලද ද එය නොගන්නා ලදි. යම් හෙයකින් බලු ඌරු කවුඩු යනාදීන් අතුරෙන් යම්කිසි පැමිණි සතෙකුට අනුසස් කැමැත්තෙන් යම් පමණ දෙන ලදද මෙය සඳහා කියන ලදි. තිරච්ඡානගතෙ දානං දත්වාති සතගුණාති අනුසස් සීයකි. පාටිකංඛිතබ්බාති කැමති විය යුතුයි. මෙය කියන ලද්දේ වෙයි. මේ දානය ආයුෂ සීයක් ද වර්ණ සීයක් ද සැප සීයක් ද බල සීයක් ද නුවණ සීයක් දැයි පන්සීයක් ආනිසංස දෙයි. ආත්ම සීයක ආයුෂ දෙයි. වර්ණය බලය සැපය නුවණ දෙයි. මේ ක්‍රමයෙන් සියලු තැන්හි ම දත යුතුය.
සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෙති එත්ථ හෙට්ඨිමකොටියා තිසරණං ගතො උපාසකොපි සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො නාම, තස්මිං දින්නදානම්පි අසඞ්ඛ්යෙය්යං අප්පමෙය්යං. පඤ්චසීලෙ පතිට්ඨිතස්ස තතො උත්තරි මහප්ඵලං, දසසීලෙ පතිට්ඨිතස්ස තතො උත්තරි, තදහුපබ්බජිතස්ස සාමණෙරස්ස තතො උත්තරි, උපසම්පන්නභික්ඛුනො තතො උත්තරි, උපසම්පන්නස්සෙව වත්තසම්පන්නස්ස තතො උත්තරි, විපස්සකස්ස තතො උත්තරි, ආරද්ධවිපස්සකස්ස තතො උත්තරි, උත්තමකොටියා පන මග්ගසමඞ්ගී සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො නාම. එතස්ස දින්නදානං තතො උත්තරි මහප්ඵලමෙව.
සොතාපත්තිඵල සච්ඡිකිරියාය පටිපන්නෙති මෙහි යට කෙළවරින් තිසරණ ගිය උපාසකයා ද සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඔහුට දෙන ලද දානය ද සංඛ්‍යාවක් නැත. ප්‍රමාණයක් නැත. පන්සිල්හි පිහිටියා හට ද එයින් මත්තෙහි දස සිල්හි පිහිටියා හට ද එයින් මත්තෙහි එදවස පැවිදි වූ සාමණේරයා හට ද එයින් මත්තෙහි උපසම්පන්නයා හට ද එයින් මත්තෙහි උපසම්පන්න වත්සම්පූර්ණ කරන්නා හට ද එයින් මත්තෙහි උතුම් කෙළවරින් මාර්ග සමන්විත සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන්නේ නම් වෙයි. මොහුට දුන් දානය එයින් මත්තෙහි මහත්ඵල වෙයි.
කිං පන මග්ගසමඞ්ගිස්ස සක්කා දානං දාතුන්ති? ආම සක්කා. ආරද්ධවිපස්සකො හි පත්තචීවරමාදාය ගාමං පිණ්ඩාය පවිසති, තස්ස ගෙහද්වාරෙ ඨිතස්ස හත්ථතො පත්තං ගහෙත්වා ඛාදනීයභොජනීයං පක්ඛිපන්ති. තස්මිං ඛණෙ භික්ඛුනො මග්ගවුට්ඨානං හොති, ඉදං දානං මග්ගසමඞ්ගිනො දින්නං නාම හොති. අථ වා පනෙස ආසනසාලාය නිසින්නො හොති, මනුස්සා ගන්ත්වා පත්තෙ ඛාදනීයභොජනීයං ඨපෙන්ති, තස්මිං ඛණෙ තස්ස මග්ගවුට්ඨානං හොති, ඉදම්පි දානං මග්ගසමඞ්ගිනො දින්නං නාම. අථ වා පනස්ස විහාරෙ වා ආසනසාලාය වා නිසින්නස්ස උපාසකා පත්තං ආදාය අත්තනො ඝරං ගන්ත්වා ඛාදනීයභොජනීයං පක්ඛිපන්ති, තස්මිං ඛණෙ තස්ස මග්ගවුට්ඨානං හොති, ඉදම්පි දානං මග්ගසමඞ්ගිනො දින්නං නාම. තත්ථ සොණ්ඩියං උදකස්ස විය සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දින්නදානස්ස අසඞ්ඛ්යෙය්යතා වෙදිතබ්බා. තාසු තාසු මහානදීසු මහාසමුද්දෙ ච උදකස්ස විය සොතාපන්නාදීසු දින්නදානස්ස උත්තරිතරවසෙන අසඞ්ඛ්යෙය්යතා වෙදිතබ්බා. පථවියා ඛයමණ්ඩලමත්තෙ පදෙසෙ පංසුං ආදිං කත්වා යාව මහාපථවියා පංසුනො අප්පමෙය්යතායපි අයමත්ථො දීපෙතබ්බො.
කිමෙක් ද? මාර්ගයෙන් යුක්තයාට දන් දෙන්නට හැකි ද? එසේය. හැකිය. පටන් ගන්නා ලද විදර්ශනා ඇත්තේ පා සිවුරු ගෙන පිඬු පිණිස හැසිරෙයි. ඔහු ගෙහි දොරටුවෙහි සිටියාහුගේ අතින් පාත්‍රය ගෙන ආහාරපාන බහාලත්. එකෙණෙහි ම භික්ෂුවගේ මාර්ගයෙන් නැගිටීම වෙයි. මේ දානය මාර්ගයෙන් යුක්ත පුද්ගලයාට දෙන ලද නම් වෙයි. අනෙත් ක්‍රමයකින් මේ තෙමේ විහාරයෙහි හෝ ආසන ශාලාවෙහි හෝ සිටියේ වේ ද උපාසකයෝ පාත්‍රය ගෙන තමන්ගේ නිවසට ගොස් ආහාරපාන බහාලත්. ඒ මොහොතෙහි ඔහුගේ මාර්ගයෙන් නැගිටීම වෙයි. මේ දානය ද මාර්ගයෙන් යුක්ත වූවාට දුන්නේ වෙයි. එහි දෙනියෙහි ජලය මෙන් සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම පිණිස පිළිපදින්නා කෙරෙහි දෙන ලද දානයේ ආනිසංස අසංඛෙය්‍ය බව දත යුතුය. ඒ ඒ මහානදීන්හි ද මහමුහුදෙහි ද ජලය මෙන් සෝවාන් ආදීන් කෙරෙහි දෙන ලද දානය උතුම් වශයෙන් අසංඛෙය්‍ය බවෙන් දත යුතුය. පොළොවෙහි බල මාත්‍රයක් ප්‍රදේශයෙහි පස් ආදී කොට පොළොවේ යම් පමණ පස් ද එතෙක් අප්‍රමාණ බව ප්‍රකාශ කොට දැක්විය යුතුයි.
සත්ත ඛො පනිමාති කස්මා ආරභි? “සඞ්ඝෙ ගොතමි දෙහි, සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සඞ්ඝො චා”ති හි වුත්තං, තත්ථ සත්තසු ඨානෙසු දින්නදානං සඞ්ඝෙ දින්නං නාම හොතීති දස්සෙතුං ඉමං දෙසනං ආරභි. තත්ථ බුද්ධප්පමුඛෙ උභතොසඞ්ඝෙති එකතො භික්ඛුසඞ්ඝො, එකතො භික්ඛුනිසඞ්ඝො, සත්ථා මජ්ඣෙ නිසින්නො හොතීති අයං බුද්ධප්පමුඛො උභතොසඞ්ඝො නාම. අයං පඨමාති ඉමාය දක්ඛිණාය සමප්පමාණා දක්ඛිණා නාම නත්ථි. දුතියදක්ඛිණාදයො පන එතං පරමදක්ඛිණං න පාපුණන්ති.
සත්ත ඛො පනිමාති කුමක් නිසා ආරම්භ කළේ ද? ගෞතමිය සංඝයාට දෙව් තා විසින් සංඝයාට දුන් කල්හි මම ද සංඝයා ද පුදන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙමියි කියන ලදී. එහි ස්ථාන හතක දෙන ලද දානය සංඝයාට දෙන ලද්දේ නම් වෙයි. දක්වන්නට මේ දේශනාව පටන් ගත්තේය. එහි බුද්ධපමුඛෙ උභතො සංඝෙති එක් පැත්තකින් භික්ෂු සංඝයා ද එක් පැත්තකින් භික්ෂුණී සංඝයා ද බුදුරදුන් මැද ද වැඩ සිටියේ වෙයි ද මේ බුද්ධ ප්රමුඛ උභතෝ සංඝ නමි. අයං පඨමාති මේ දානයට ප්‍රමාණයෙන් සම වන දානයක් නම් නැත. දෙවන දානාදිය මෙයට වඩා උතුම් බවට නොපැමිණෙත්.
කිං පන තථාගතෙ පරිනිබ්බුතෙ බුද්ධප්පමුඛස්ස උභතොසඞ්ඝස්ස දානං දාතුං සක්කාති? සක්කා. කථං? උභතොසඞ්ඝස්ස හි පමුඛෙ සධාතුකං පටිමං ආසනෙ ඨපෙත්වා ආධාරකං ඨපෙත්වා දක්ඛිණොදකං ආදිං කත්වා සබ්බං සත්ථු පඨමං දත්වා උභතොසඞ්ඝස්ස දාතබ්බං, එවං බුද්ධප්පමුඛස්ස උභතොසඞ්ඝස්ස දානං දින්නං නාම හොති. තත්ථ යං සත්ථු දින්නං, තං කිං කාතබ්බන්ති? යො සත්ථාරං පටිජග්ගති වත්තසම්පන්නො භික්ඛු, තස්ස දාතබ්බං. පිතුසන්තකඤ්හි පුත්තස්ස පාපුණාති, භික්ඛුසඞ්ඝස්ස දාතුම්පි වට්ටති, සප්පිතෙලානි පන ගහෙත්වා දීපා ජලිතබ්බා, සාටකං ගහෙත්වා පටාකා ආරොපෙතබ්බාති. භික්ඛුසඞ්ඝෙති අපරිච්ඡින්නකමහාභික්ඛුසඞ්ඝෙ. භික්ඛුනිසඞ්ඝෙපි එසෙව නයො.
කිමෙක් ද? බුදුරදුන් පිරිනිවි කල්හි බුද්ධ ප්රමුඛ උභතෝ සංඝයාට දන් දෙන්නට හැකි ද? හැකිය. කෙසේ ද? උභතෝ සංඝයා ඉදිරියෙහි ධාතු සහිත ප්‍රතිමාවක් ආසනයෙහි තබා දක්ෂිණෝදය මුල්කොට සියල්ල පළමුව බුදුරදුන්ට පූජා කොට උභතෝ සංඝයාට දිය යුතුයි. මෙසේ බුද්ධ ප්රමුඛ උභතෝ සංඝයාට දානය දෙන ලද්දේ නම් වෙයි. එහි යමක් බුදුරදුන්ට දුන්නේ ද එයට කුමක් කළ යුතු ද? යමෙක් වතින් සම්පූර්ණව බුදුරදුන්ට පිළිදැගුම් කරයි ද ඒ භික්ෂුවට දිය යුතුයි. පියා සන්තක දේ පුතා වෙත පැමිණෙයි. භික්ෂු සංඝයාට දෙන්නට ද වටියි. ගිතෙල් තෙල් ගෙන පහන් දැල්විය යුතුයි. වස්ත්‍ර ගෙන කොඩි නැංවිය යුතුයි. හික්ඛුසංඝෙති පිරිසිඳීමක් නැති මහා භික්ෂු සංඝයා භික්ඛුණීසංඝෙපි මේ ක්‍රමයමයි.
ගොත්රභුනොති ගොත්තමත්තකමෙව අනුභවමානා, නාමමත්තසමණාති අත්ථො. කාසාවකණ්ඨාති කාසාවකණ්ඨනාමකා. තෙ කිර එකං කාසාවඛණ්ඩං හත්ථෙ වා ගීවාය වා බන්ධිත්වා විචරිස්සන්ති. ඝරද්වාරං පන තෙසං පුත්තභරියා කසිවණිජ්ජාදිකම්මානි ච පාකතිකානෙව භවිස්සන්ති. තෙසු දුස්සීලෙසු සඞ්ඝං උද්දිස්ස දානං දස්සන්තීති එත්ථ දුස්සීලසඞ්ඝන්ති න වුත්තං. සඞ්ඝො හි දුස්සීලො නාම නත්ථි. දුස්සීලා පන උපාසකා තෙසු දුස්සීලෙසු භික්ඛුසඞ්ඝං උද්දිස්ස සඞ්ඝස්ස දෙමාති දානං දස්සන්ති. ඉති භගවතා බුද්ධප්පමුඛෙ සඞ්ඝෙ දින්නදක්ඛිණාපි ගුණසඞ්ඛාය අසඞ්ඛ්යෙය්යාති වුත්තං. කාසාවකණ්ඨසඞ්ඝෙ දින්නදක්ඛිණාපි ගුණසඞ්ඛායෙව අසඞ්ඛ්යෙය්යාති වුත්තා. සඞ්ඝගතා දක්ඛිණා හි සඞ්ඝෙ චිත්තීකාරං කාතුං සක්කොන්තස්ස හොති, සඞ්ඝෙ පන චිත්තීකාරො දුක්කරො හොති.
ගොත්රභූනොති ගෝත්‍රය පමණක්ම අනුභව කරන නාම මාත්‍ර ඇති ශ්‍රමණයෝය යන තේරුමයි. කාසාව කණ්ඨාති කාසාව කණ්ඨක යන නම් ඇත්තෝය. ඔවුහු එක් කහරෙදි කඩක් අතේ හෝ බෙල්ලේ බැඳ හැසිරෙත්. ඔවුන්ගේ ගෙදර අඹු දරුවෝ සීසෑම් වෙළඳ කටයුතු ප්‍රකෘතියෙන් ම කරත්. තෙසුදුස්සීලෙසු සංඝං උද්දිස්ස දානං දස්සන්තීති මෙහි දුස්සීල සංඝයා යැයි නොකියන ලදි. සංඝයා අතර දුස්සීලයෝ නැත. දුස්සීලයෝ නම් උපාසකයෝය. ඒ දුස්සීලයන්ට භික්ෂු සංඝයා උදෙසා දෙමු යැයි දන් දෙත් ද මෙසේ බුදුරදුන් බුද්ධ ප්රමුඛ භික්ෂුසංඝයාට දෙන ලද දානයෙහි ද මෙහි ද ආනිසංස සංඛ්‍යාවෙන් අසංඛ්‍ය යැයි කියන ලදි. කාසාව කණ්ඨක සංඝයාට දෙන ලද දානයෙහි ද ආනිසංස සංඛ්‍යාවෙන් අසංඛ්‍ය යැයි කියන ලදි. සංඝගත දක්ෂිණාව නම් සංඝයා වෙත ගෞරව කිරීමට හැකි අයටම වෙයි. සංඝයාට ගෞරව කිරීම දුෂ්කරය.
යො හි සඞ්ඝගතං දක්ඛිණං දස්සාමීති දෙය්යධම්මං පටියාදෙත්වා විහාරං ගන්ත්වා, – “භන්තෙ, සඞ්ඝං උද්දිස්ස එකං ථෙරං දෙථා”ති වදති, අථ සඞ්ඝතො සාමණෙරං ලභිත්වා “සාමණෙරො මෙ ලද්ධො”ති අඤ්ඤථත්තං ආපජ්ජති, තස්ස දක්ඛිණා සඞ්ඝගතා න හොති. මහාථෙරං ලභිත්වාපි “මහාථෙරො මෙ ලද්ධො”ති සොමනස්සං උප්පාදෙන්තස්සාපි න හොතියෙව. යො පන සාමණෙරං වා උපසම්පන්නං වා දහරං වා ථෙරං වා බාලං වා පණ්ඩිතං වා යංකිඤ්චි සඞ්ඝතො ලභිත්වා නිබ්බෙමතිකො හුත්වා සඞ්ඝස්ස දෙමීති සඞ්ඝෙ චිත්තීකාරං කාතුං සක්කොති, තස්ස දක්ඛිණා සඞ්ඝගතා නාම හොති. පරසමුද්දවාසිනො කිර එවං කරොන්ති.
යමෙක් සංඝගත දක්ෂිණාවක් දෙන්නෙමියි දෙය්යධර්මය පිළියෙළ කොට විහාරයට ගොස් ස්වාමීනි සංඝයා උදෙසා එක් තෙරුන් කෙනෙක් දෙවයි යැයි වෙනසකට පැමිණේ ද ඔහුගේ දක්ෂිණාව සංඝගත නොවෙයි. මහතෙර නමක් ලැබ මා විසින් මහතෙර නමක් ලද්දේ යැයි සතුට උපදවනා හට ද නොවේමය. යමෙක් සාමණේරයෙක් හෝ උපසම්පන්නයෙක් හෝ දහරයෙක් හෝ පණ්ඩිතයෙක් හෝ යම් කිසිවෙක් සංඝයාගෙන් ලැබ විමතියක් නොවේ නම් සංඝයාට දෙමියි සංඝයා කෙරෙහි ගරු කරන්නට හැක්කේ ද ඔහුගේ දක්ෂිණාව සංඝගත වෙයි. මුහුදෙන් එතෙර වාසීහු මෙසේ කරත්.
තත්ථ හි එකො විහාරසාමි කුටුම්බිකො “සඞ්ඝගතං දක්ඛිණං දස්සාමී”ති සඞ්ඝතො උද්දිසිත්වා එකං භික්ඛුං දෙථාති යාචි. සො එකං දුස්සීලභික්ඛුං ලභිත්වා නිසින්නට්ඨානං ඔපුඤ්ජාපෙත්වා ආසනං පඤ්ඤාපෙත්වා උපරි විතානං බන්ධිත්වා ගන්ධධූමපුප්ඵෙහි පූජෙත්වා පාදෙ ධොවිත්වා තෙලෙන මක්ඛෙත්වා බුද්ධස්ස නිපච්චකාරං කරොන්තො විය සඞ්ඝෙ චිත්තීකාරෙන දෙය්යධම්මං අදාසි. සො භික්ඛු පච්ඡාභත්තං විහාරජග්ගනත්ථාය කුදාලකං දෙථාති ඝරද්වාරං ආගතො, උපාසකො නිසින්නොව කුදාලං පාදෙන ඛිපිත්වා “ගණ්හා”ති අදාසි. තමෙනං මනුස්සා ආහංසු – “තුම්හෙහි පාතොව එතස්ස කතසක්කාරො වත්තුං න සක්කා, ඉදානි උපචාරමත්තකම්පි නත්ථි, කිං නාමෙත”න්ති. උපාසකො – “සඞ්ඝස්ස සො අය්යා චිත්තීකාරො, න එතස්සා”ති ආහ. කාසාවකණ්ඨසඞ්ඝස්ස දින්නදක්ඛිණං පන කො සොධෙතීති? සාරිපුත්තමොග්ගල්ලානාදයො අසීති මහාථෙරා සොධෙන්තීති. අපිච ථෙරා චිරපරිනිබ්බුතා, ථෙරෙ ආදිං කත්වා යාවජ්ජ ධරමානා ඛීණාසවා සොධෙන්තියෙව.
එක් වෙහෙර හිමි කෙළෙඹියෙක් දානයක් දෙන්නෙමියි සංඝයා උදෙසා එක් භික්ෂුවක් දෙව් යැයි ඉල්ලීය. ඔහු එක් දුස්සීල භික්ෂුවක් ලැබ හිඳින ස්ථානය පිරිසිදු කොට ආසනයක් පණවා උඩු වියන් බඳවා සුවඳ මලින් පුදා පා දෙවා තෙල් ගා බුදුරදුන්ට ආදරය කරන්නාක් මෙන් සංඝයා කෙරෙහි ආදරයෙන් දෙය්යධර්මය දුන්නේය. ඒ භික්ෂුව බතින් පසු විහාරය පිළිදැගුම් කිරිමට උදැල්ලක් දෙවයි ගෙදරට පැමිණියේය. උපාසකයා දුන්නේ ම උදැල්ල පයින් දමා ගණුවයි දුන්නේය. ඔහුට මිනිස්සු මෙසේ කීහ. නුඹ විසින් උදේ ඔහුට කරන ලද සත්කාර කියන්නට නොහැක. දැන් උපචාර මාත්‍රයක් වත් නැත. මෙයට හේතුව කුමක් ද? උපාසක තෙමේ ඒ සත්කාර සංඝයාටය. මොහුට නොවේ යැයි කීය. කාසාවකණ්ඨකයාට දෙන ලද දානය කවරෙක් පිරිසිදු කෙරේ ද? සැරියුත් මුගලන් ආදී අසූමහා තෙරවරු පිරිසිදු කරත්. තව ද? තෙරවරු පිරිනිවි බොහෝ කල් ගියහ. තෙරවරුන් ආදී කොට අද දක්වා වැඩ සිටින භික්ෂූන් රහතුන් වෙනුවෙන් පිරිසිදු කරත්.
න ත්වෙවාහං, ආනන්ද, කෙනචි පරියායෙන සඞ්ඝගතාය දක්ඛිණායාති එත්ථ අත්ථි බුද්ධප්පමුඛො සඞ්ඝො, අත්ථි එතරහි සඞ්ඝො, අත්ථි අනාගතෙ කාසාවකණ්ඨසඞ්ඝො. බුද්ධප්පමුඛො සඞ්ඝො එතරහි සඞ්ඝෙන න උපනෙතබ්බො, එතරහි සඞ්ඝො අනාගතෙ කාසාවකණ්ඨසඞ්ඝෙන සද්ධිං න උපනෙතබ්බො. තෙන තෙනෙව සමයෙන කථෙතබ්බං. සඞ්ඝතො උද්දිසිත්වා ගහිතසමණපුථුජ්ජනො හි පාටිපුග්ගලිකො සොතාපන්නො, සඞ්ඝෙ චිත්තීකාරං කාතුං සක්කොන්තස්ස පුථුජ්ජනසමණෙ දින්නං මහප්ඵලතරං. උද්දිසිත්වා ගහිතො සොතාපන්නො පාටිපුග්ගලිකො සකදාගාමීතිආදීසුපි එසෙව නයො. සඞ්ඝෙ චිත්තීකාරං කාතුං සක්කොන්තස්ස හි ඛීණාසවෙ දින්නදානතො උද්දිසිත්වා ගහිතෙ දුස්සීලෙපි දින්නං මහප්ඵලතරමෙව. යං පන වුත්තං “සීලවතො ඛො, මහාරාජ, දින්නං මහප්ඵලං, නො තථා දුස්සීලෙ”ති, තං ඉමං නයං පහාය “චතස්සො ඛො ඉමානන්ද, දක්ඛිණා විසුද්ධියො”ති ඉමස්මිං චතුක්කෙ දට්ඨබ්බං.
න ත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණායති මෙහි බුද්ධ ප්රමුඛ සංඝයා ඇත. දැන් සංඝයා ඇත. අනාගතයෙහි කාසාව කණ්ඨක සංඝයා ඇත. බුද්ධ ප්රමුඛ සංඝයා දැන් සංඝයා හා උපමා නොකට යුතුයි. දැන් සංඝයා අනාගතයෙහි කාසාව කණ්ඨක සංඝයා හා උපමා නොකට යුතුයි. එයින් ඒ කාලය හා කිව යුතුයි. සංඝයාගෙන් උදෙසා ගත් පෘථග්ජන ශ්‍රමණයා කෙරෙහි දුන් දෙය ද මහත් ඵලය උදෙසා ගන්නා ලද සෝවාන් පුද්ගලික සකෘදාගාමී ආදීන් කෙරෙහි ද මේ ක්‍රමයයි. සංඝයා කෙරෙහි ගෞරව කරන්නට හැකි අයට රහතන් වහන්සේට දෙන ලද දානයෙන් ද උදෙසා ගත් දුස්සීලයාට දුන් දෙයින් ද විශේෂ විපාක ඇතිවෙයි. යමක් වනාහි කියන ලද ද මහරජ සිල්වතාට දෙන ලද දෙය මහත් ඵලය. දුස්සීලයාට එසේ නැත. ඒ මේ ක්‍රමය හැර වතස්සො ඛො ඉමා ආනන්ද දක්ඛිණාවිසුද්ධියොති මේ චතුෂ්කය දත යුතුයි.
දායකතො විසුජ්ඣතීති මහප්ඵලභාවෙන විසුජ්ඣති, මහප්ඵලා හොතීති අත්ථො. කල්යාණධම්මොති සුචිධම්මො, න පාපධම්මො. දායකතො විසුජ්ඣතීති චෙත්ථ වෙස්සන්තරමහාරාජා කථෙතබ්බො. සො හි ජූජකබ්රාහ්මණස්ස දාරකෙ දත්වා පථවිං කම්පෙසි.
දායකතො විසුජ්ඣතීති මහත්ඵල භාවයෙන් පිරිසිදු වෙයි. මහත් විපාක වේ යන තේරුමයි. කල්‍යාණ ධම්මොති පිරිසිදු ස්වභාවයයි. පාප ධම්මොති ලාමක ධර්මයයි. දායකතො විසුජ්ඣතීති මෙහි වෙස්සන්තර මහ රජු කිව යුතුයි. ඔහු ජූජක බමුණාට දරුවන් දී පොළොව කම්පා කරවීය.
පටිග්ගාහකතො විසුජ්ඣතීති එත්ථ කල්යාණීනදීමුඛද්වාරවාසිකෙවට්ටො කථෙතබ්බො. සො කිර දීඝසොමත්ථෙරස්ස තික්ඛත්තුම්පි පිණ්ඩපාතං දත්වා මරණමඤ්චෙ නිපන්නො “අය්යස්ස මං දීඝසොමත්ථෙරස්ස දින්නපිණ්ඩපාතො උද්ධරතී”ති ආහ.
පටිග්ගාහකතො විසුජ්ඣතීති මෙහි කැළණි නදී මුවදොර වාසී කෙවුළා කිව යුතුයි. ඔහු දීඝසුම්ම තෙරුන්ට තුන් වරක් පිණ්ඩපාතය දී මරණ ඇඳෙහි හොත්තේ දීඝසුම්ම තෙරුන්ට දුන් පිණ්ඩපාතය මා උදුරාවායි කීය.
නෙව දායකතොති එත්ථ වඩ්ඪමානවාසිලුද්දකො කථෙතබ්බො. සො කිර පෙතදක්ඛිණං දෙන්තො එකස්ස දුස්සීලස්සෙව තයො වාරෙ අදාසි, තතියවාරෙ “අමනුස්සො දුස්සීලො මං විලුම්පතී”ති විරවි, එකස්ස සීලවන්තභික්ඛුනො දත්වා පාපිතකාලෙයෙවස්ස පාපුණි.
නෙව දායකතොති මෙහි වඩ්ඪමාන වාසී වැද්දා කිව යුතුය. ඔහු ප්‍රේතයන්ට දක්ෂිණාව දෙන්නේ එක් දුස්සීලයෙකුට තුන් වරක් දුන්නේය. තුන්වන වාරයෙහි අමනුෂ්‍යයා දුස්සීලයෙක් මා පැහැර ගනී යැයි හැඬීය. එක් සිල්වත් භික්ෂුවකට දී පින් පැමිණ වූ කළ ලැබුණේය.
දායකතො චෙව විසුජ්ඣතීති එත්ථ අසදිසදානං කථෙතබ්බං.
දායකතො චෙව විසුජ්ඣතීති මෙහි අසදෘශ දානය කිව යුතුයි.
සා දක්ඛිණා දායකතො විසුජ්ඣතීති එත්ථ යථා නාම ඡෙකො කස්සකො අසාරම්පි ඛෙත්තං ලභිත්වා සමයෙ කසිත්වා පංසුං අපනෙත්වා සාරබීජානි පතිට්ඨපෙත්වා රත්තින්දිවං ආරක්ඛෙ පමාදං අනාපජ්ජන්තො අඤ්ඤස්ස සාරඛෙත්තතො අධිකතරං ධඤ්ඤං ලභති, එවං සීලවා දුස්සීලස්ස දත්වාපි ඵලං මහන්තං අධිගච්ඡතීති. ඉමිනා උපායෙන සබ්බපදෙසු විසුජ්ඣනං වෙදිතබ්බං.
සා දක්ඛිණා දායකතො විසුජ්ඣතීති මෙහි යම්සේ දක්ෂ ගොවියෙක් නිසරු කුඹුරක් ලැබ කාලයෙහි සී සා පස් ඉවත් කොට සාරවත් ඇට පිහිටුවා දිවා රාත්‍රී රැකවල් කොට අනෙත් සරු කුඹුරකට වඩා ධාන්‍ය ලබයි. එසේම සිල් ඇති පුද්ගලයා දුස්සීලයාට දී ද මහත් විපාකයට පැමිණෙයි. මේ ක්‍රමයෙන් සියලු පදයන්හි සුද්ධි අසුද්ධි බව දත යුතුයි.
වීතරාගො වීතරාගෙසූති එත්ථ වීතරාගො නාම අනාගාමී, අරහා පන එකන්තවීතරාගොව, තස්මා අරහතා අරහතො දින්නදානමෙව අග්ගං. කස්මා? භවාලයස්ස භවපත්ථනාය අභාවතො. නනු ඛීණාසවො දානඵලං න සද්දහතීති? දානඵලං සද්දහන්තා ඛීණාසවසදිසා න හොන්ති. ඛීණාසවෙන කතකම්මං පන නිච්ඡන්දරාගත්තා කුසලං වා අකුසලං වා න හොති, කිරියට්ඨානෙ තිට්ඨති, තෙනෙවස්ස දානං අග්ගං හොතීති වදන්ති.
වීතරාගො වීතරාගෙසුති මෙහි වීතරාගියා නම් අනාගාමියා ය. රහතන් වහන්සේ ඒකාන්තයෙන් විතරාගීමය. එහෙයින් රහත්හු විසින් රහතුන්ට දෙන දානය ම උතුම්ය. කුමක්නිසා ද? භවයාගේ ඇලීමක් හෝ භවයාගේ පැතීමක් නොමැති හෙයිනි. රහතන් වහන්සේ දාන ඵලය අදහන්නේ නොවේ ද? දාන ඵලය අදහන්නෝ රහතන් වහන්සේ හා සමාන වෙත්. රහතන් වහන්සේ විසින් කරන ලද කර්මය නිච්ඡන්දරාග බැවින් කුසල් හෝ අකුසල් හෝ නොවෙයි. ක්‍රියා ස්ථානයේ සිටියි. එහෙයින් උන්වහන්සේගේ දානය උතුම් වේ යැයි කියත්.
කිං පන සම්මාසම්බුද්ධෙන සාරිපුත්තත්ථෙරස්ස දින්නං මහප්ඵලං, උදාහු සාරිපුත්තත්ථෙරෙන සම්මාසම්බුද්ධස්ස දින්නන්ති. සම්මාසම්බුද්ධෙන සාරිපුත්තත්ථෙරස්ස දින්නං මහප්ඵලන්ති වදන්ති. සම්මාසම්බුද්ධඤ්හි ඨපෙත්වා අඤ්ඤො දානස්ස විපාකං ජානිතුං සමත්ථො නාම නත්ථි. දානඤ්හි චතූහි සම්පදාහි දාතුං සක්කොන්තස්ස තස්මිංයෙව අත්තභාවෙ විපාකං දෙති. තත්රිමා සම්පදා – දෙය්යධම්මස්ස ධම්මෙන සමෙන පරං අපීළෙත්වා උප්පන්නතා, පුබ්බචෙතනාදිවසෙන චෙතනාය මහත්තතා, ඛීණාසවභාවෙන ගුණාතිරෙකතා, තංදිවසං නිරොධතො වුට්ඨිතභාවෙන වත්ථුසම්පන්නතාති.
කිමෙක් ද? බුදුරදුන් විසින් සැරියුත් තෙරුන්ට දුන් දෙය මහත් ඵල ද නොහොත් සැරියුත් තෙරුන් විසින් බුදුරදුන්ට දුන් දෙය මහත් ඵල ද? බුදුරදුන් විසින් සැරියුත් තෙරුන්ට දුන් දෙය මහත් ඵල වේ යැයි කියත්. කුමක් හෙයින් ද? බුදුරදුන් හැර දානයෙහි විපාක දැනීමට සමත් අනෙකෙක් නම් නැත. දානය සම්පත් හතරෙන් දීමට හැකි තැනැත්තාට ඒ ආත්ම භාවයේදීම විපාකය දෙයි. එහි මේ සම්පදාවන්ය. දෙය්යධර්මයාගේ දැහැමෙන් සෙමෙන් අනුන් නොපෙළා උපන් බවය. පූර්ව චේතනාදී වශයෙන් චේතනාවන්හි මහත් බවය. ක්ෂීණාශ්රව වශයෙන් ගුණ වැඩි බවය. එදවස නිරෝධ සමාපත්තියෙන් නැගිටි බැවින් යුතු බවය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය දක්ඛිණාවිභඞ්ගසුත්තවණ්ණනා නිට්ඨිතා.
දක්ඛිණවිභංග සූත්‍ර වර්ණනාව නිමි.
චතුත්ථවග්ගවණ්ණනා නිට්ඨිතා.
හතරවැනි විභංග වර්ගය සමාප්තයි.