අනාථපිණ්ඩිකොවාදසුත්තවණ්ණනා අට්ඨකථා
අනාථපිණ්ඩිකොවාදසුත්තවණ්ණනා
අනාථපිණ්ඩිකොවාද සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති අනාථපිණ්ඩිකොවාදසුත්තං. තත්ථ බාළ්හගිලානොති අධිමත්තගිලානො මරණසෙය්යං උපගතො. ආමන්තෙසීති ගහපතිස්ස කිර යාව පාදා වහිංසු, තාව දිවසෙ සකිං වා ද්වික්ඛත්තුං වා තික්ඛත්තුං වා බුද්ධුපට්ඨානං අඛණ්ඩං අකාසි. යත්තකඤ්චස්ස සත්ථු උපට්ඨානං අහොසි, තත්තකංයෙව මහාථෙරානං. සො අජ්ජ ගමනපාදස්ස පච්ඡින්නත්තා අනුට්ඨානසෙය්යං උපගතො සාසනං පෙසෙතුකාමො අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි. තෙනුපසඞ්කමීති භගවන්තං ආපුච්ඡිත්වා සූරියත්ථඞ්ගමනවෙලාය උපසඞ්කමි.
එවම්මෙසුතන්ති මාවිසින් අනාථපිණ්ඩිකොවාද සූත්‍රය මෙසේ අසන ලදි. එහි බාළ්හගිලානොති ඉතා ගිලන් වූ මරණ සෙය්යාවට පැමිණි. ආමන්තෙසීති ගෘහපතියාගේ පාද යම්තාක් දවසක් කර්මණ්යව පැවතියේ ද, ඒතාක් දිනපතා වරක් හෝ දෙවරක් හෝ තුන්වරක් හෝ බුද්ධෝපස්ථානය නොකඩවා කළේය. ඔහු යම්පමණ බුදුරදුන්ට උපකාර වීද ඒතාක් ම මහතෙරවරුන්ට ද උපකාර විය. ඔහු අද ගමන සිදුණු හෙයින් නොනැගිටින සයනයට පැමිණියේය. හසුනක් යවනු කැමැත්තේ එක්තරා පුරුෂයෙකු ඇමතීය. තෙනුපසඞ්කමීති බුදුරදුන් විචාරා හිරු බසින වේලාවෙහි පැමිණියේය.
පටික්කමන්තීති ඔසක්කන්ති, තනුකා භවන්ති. අභික්කමන්තීති අභිවඩ්ඪන්ති ඔත්ථරන්ති, බලවතියො හොන්ති.
පටික්කමන්තීති පසු බසිත්. අභික්කමන්තීති අතිශයින් වර්ධනය වෙත්. බලවත් වෙත්.
අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති යස්මිඤ්හි සමයෙ මාරණන්තිකා වෙදනා උප්පජ්ජති, උපරිවාතෙ ජලිතග්ගි විය හොති, යාව උස්මා න පරියාදියති, තාව මහතාපි උපක්කමෙන න සක්කා වූපසමෙතුං, උස්මාය පන පරියාදින්නාය වූපසම්මති.
අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති යම්කලෙක මරණාසන්තික වේදනාව උපදියි ද සුළං මතුයෙහි දල්වන ගින්නක් මෙන් වෙයි. යම්තාක් උණුසුම නොගන්නේ ද ඒතාක් මහත් උපක්‍රමයෙන් සංසිඳුවන්නට නොහැක. උණුසුම හාත්පසින් ගත් කළ සංසිඳෙයි.
අථායස්මා සාරිපුත්තො චින්තෙසි – “අයං මහාසෙට්ඨිස්ස වෙදනා මාරණන්තිකා, න සක්කා පටිබාහිතුං, අවසෙසා කථා නිරත්ථකා, ධම්මකථමස්ස කථෙස්සාමී”ති. අථ නං තං කථෙන්තො තස්මාතිහාතිආදිමාහ. තත්ථ තස්මාති යස්මා චක්ඛුං තීහි ගාහෙහි ගණ්හන්තො උප්පන්නං මාරණන්තිකං වෙදනං පටිබාහිතුං සමත්ථො නාම නත්ථි, තස්මා. න චක්ඛුං උපාදියිස්සාමීති චක්ඛුං තීහි ගාහෙහි න ගණ්හිස්සාමි. න ච මෙ චක්ඛුනිස්සිතං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චාපි මෙ චක්ඛුනිස්සිතං න භවිස්සති. න රූපන්ති හෙට්ඨා ආයතනරූපං කථිතං, ඉමස්මිං ඨානෙ සබ්බම්පි කාමභවරූපං කථෙන්තො එවමාහ.
එකල සැරියුත් තෙරුන් සිතීය. මහසිටුතුමාගේ මේ වේදනාව මාරාන්තිකය. සංසිඳුවන්නට නොහැක. සෙසු කථා වැඩක් නැත. ඔහුට ධර්ම කථාවක් කියන්නෙමි. එකල එය කියන්නේ තස්මාතිහාති යනාදිය කීය. මෙහි තස්මාති යම්හෙයකින් ඇස තුන් ගැනීමෙන් ගන්නේ ඉපදුණ මාරාන්තික වේදනාව හරින්නට සමතෙක් නම් නැත. එහෙයින් න චක්ඛුං උපාදියිස්සාමීති ඇස තෘෂ්ණාදීන් ගැනීමෙන් නොගන්නෙමි. න ච මෙ චක්ඛුනිස්සිතන්ති මාගේ විඥානය ද චක්ෂුර් නිශ්රිත නො වන්නේ ය. න රූපන්ති යට ආයතන රූපය කියන ලදි. මේ ස්ථානයෙහි සියලු ම කාමභව රූප කියන්නේ මෙය කීය.
න ඉධලොකන්ති වසනට්ඨානං වා ඝාසච්ඡාදනං වා න උපාදියිස්සාමීති අත්ථො. ඉදඤ්හි පච්චයෙසු අපරිතස්සනත්ථං කථිතං. න පරලොකන්ති එත්ථ පන මනුස්සලොකං ඨපෙත්වා සෙසා පරලොකා නාම. ඉදං – “අසුකදෙවලොකෙ නිබ්බත්තිත්වා අසුකට්ඨානෙ භවිස්සාමි, ඉදං නාම ඛාදිස්සාමි භුඤ්ජිස්සාමි නිවාසෙස්සාමි පාරුපිස්සාමී”ති එවරූපාය පරිතස්සනාය පහානත්ථං වුත්තං. තම්පි න උපාදියිස්සාමි, න ච මෙ තන්නිස්සිතං විඤ්ඤාණං භවිස්සතීති එවං තීහි ගාහෙහි පරිමොචෙත්වා ථෙරො දෙසනං අරහත්තනිකූටෙන නිට්ඨපෙසි.
න ඉධ ලොකන්ති වසන තැනක් හෝ කෑම ඇඳීම හෝ තෘෂ්ණාවෙන් හඳුනාගතිමි යන තේරුමයි. මෙය ප්‍රත්‍යයන්හි නොතැවීම පිණිස කියන ලදි. න පරලොකන්ති මෙහි මිනිස්ලොව හැර සෙසු ඒවා පරලෝක නමි. මොහු අසවල් දෙව්ලොව ඉපදී අසවල් තැන වසන්නෙමි. මේ නමයි. කන්නෙමි අනුභව කරන්නෙමි හිඳින්නෙමි පොරවන්නෙමි මෙබඳු නැවීම හැරීම පිණිස කියන ලදි. එය ද නො උපදවන්නෙමි. න ච මෙ තං නිස්සිතං විඤ්ඤාණං භවිස්සතීති මෙසේ තෘෂ්ණා ගැනීම්වලින් මුදා තෙරුන්ගේ දේශනාව රහත්බව කුළුගැන්වීමෙන් ම නිම වූයේය.
ඔලීයසීති අත්තනො සම්පත්තිං දිස්වා ආරම්මණෙසු බජ්ඣසි අල්ලීයසීති. ඉති ආයස්මා ආනන්දො – “අයම්පි නාම ගහපති එවං සද්ධො පසන්නො මරණභයස්ස භායති, අඤ්ඤො කො න භායිස්සතී”ති මඤ්ඤමානො තස්ස ගාළ්හං කත්වා ඔවාදං දෙන්තො එවමාහ. න ච මෙ එවරූපී ධම්මීකථා සුතපුබ්බාති අයං උපාසකො – “සත්ථු සන්තිකාපි මෙ එවරූපී ධම්මකථා න සුතපුබ්බා”ති වදති, කිං සත්ථා එවරූපි සුඛුමං ගම්භීරකථං න කථෙතීති? නො න කථෙති. එවං පන ඡ අජ්ඣත්තිකානි ආයතනානි ඡ බාහිරානි ඡ විඤ්ඤාණකායෙ ඡ ඵස්සකායෙ ඡ වෙදනාකායෙ ඡ ධාතුයො පඤ්චක්ඛන්ධෙ චත්තාරො අරූපෙ ඉධලොකඤ්ච පරලොකඤ්ච දස්සෙත්වා දිට්ඨසුතමුතවිඤ්ඤාතවසෙන අරහත්තෙ පක්ඛිපිත්වා කථිතකථා එතෙන න සුතපුබ්බා, තස්මා එවං වදති.
ඔලියසීති තමන්ගේ සම්පත් දැක අරමුණුවල බැඳෙන්නෙහි ය. මෙසේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් මේ නම් ඇති ගෘහපතියා මෙසේ ශ්‍රද්ධා ඇත්තේ ය. පැහැදුණේය. මරණ බියට බියවෙයි. වෙනත් කවරෙක් බිය නොවෙයි ද? සිතන්නේ ඔහුට දැඩිකොට අවවාද දෙන්නේ මෙසේ කීය. න ච මෙ එවරූපි ධම්මි කථා සුතපුබ්බාති මේ උපාසක තෙමේ බුදුරදුන් වෙතින් ද මෙබඳු බණ කථාවක් නොඅසන ලද විරූයැයි කියයි. කිමෙක් ද? බුදුරදුන් මෙබඳු සියුම් ගැඹුරු කථාවක් නොකියයි ද? නොකියන්නේ නොවෙයි. මෙසේ අධ්‍යාත්මික ආයතන හය ද බාහිර හය ද විඥාන කයෙහි හය ද ස්පර්ශ කයෙහි හය ද වේදනා කයෙහි හය ද ධාතු හය ද අරූප හතර ද මෙලොව ද පරලොව ද පෙන්වා දිට්ඨ සුත මුත විඥාන වශයෙන් රහත්බවෙහි බහා කියන ලද කථාවක් මොහු විසින් පෙර නොඅසන ලදි. එහෙයින් මෙසේ කියයි.
අපිචායං උපාසකො දානාධිමුත්තො දානාභිරතො බුද්ධානං සන්තිකං ගච්ඡන්තො තුච්ඡහත්ථො න ගතපුබ්බො. පුරෙභත්තං ගච්ඡන්තො යාගුඛජ්ජකාදීනි ගාහාපෙත්වා ගච්ඡති, පච්ඡාභත්තං සප්පිමධුඵාණිතාදීනි. තස්මිං අසති වාලිකං ගාහාපෙත්වා ගන්ධකුටිපරිවෙණෙ ඔකිරාපෙති, දානං දත්වා සීලං රක්ඛිත්වා ගෙහං ගතො. බොධිසත්තගතිකො කිරෙස උපාසකො, තස්මා භගවා චතුවීසති සංවච්ඡරානි උපාසකස්ස යෙභුය්යෙන දානකථමෙව කථෙසි – “උපාසක, ඉදං දානං නාම බොධිසත්තානං ගතමග්ගො, මය්හම්පි ගතමග්ගො, මයා සතසහස්සකප්පාධිකානි චත්තාරි අසඞ්ඛ්යෙය්යානි දානං දින්නං, ත්වං මයා ගතමග්ගමෙව අනුගච්ඡසී”ති. ධම්මසෙනාපතිආදයො මහාසාවකාපි අත්තනො අත්තනො සන්තිකං ආගතකාලෙ දානකථමෙවස්ස කථෙන්ති. තෙනෙවාහ න ඛො ගහපති ගිහීනං ඔදාතවසනානං එවරූපී ධම්මීකථා පටිභාතීති. ඉදං වුත්තං හොති – ගහපති ගිහීනං නාම ඛෙත්තවත්ථුහිරඤ්ඤසුවණ්ණදාසීදාසපුත්තභරියාදීසු තිබ්බො ආලයො තිබ්බං නිකන්තිපරියුට්ඨානං, තෙසං – “එත්ථ ආලයො න කාතබ්බො, නිකන්ති න කාතබ්බා”ති කථා න පටිභාති න රුච්චතීති.
එසේවුවත් උපාසක තෙමේ දීමෙහි ඇලුණේය. බුදුරදුන් වෙත යන්නේ ද හිස් අතින් නොවේ. පෙරබත් කාලයෙහි යන්නේ කැඳ කැවිලි ආදිය ගෙන්වාගෙන යයි. පසුබත් කාලයෙහි යන්නේන්නම් ගිතෙල් මී පැණි ආදිය ද ඒවා නැති කල්හි වැලි ගෙන්වාගෙන ගඳ කිළියෙහි විසුරුවයි. මේ උපාසක තෙමේ බෝසත් ගති ඇත්තෙකි. එහෙයින් බුදුරදුන් අවුරුදු විසිහතරක් උපාසකයාට බොහෝසෙයින් දාන කථාවන් ම කීය. උපාසකයා මේ දානය නම් බෝසත්වරු ගිය මාර්ගයයි. මා ගිය මාර්ගයයි. මාවිසින් කල්ප ලක්ෂයක් අධික කොට ඇති සාරාසංඛෙය්යයක් දන් දෙන ලදි. නුඹ මා ගිය මාර්ගය ම අනුව යන්නෙහි ය. ධර්මසේනාපති ආදී මහා ශ්‍රාවකයන් ද තමාගේ සමීපයට පැමිණි කළ ඔහුට දාන කථාව ම කියත්. එහෙයින් කීය. න ඛො ගහපති ගිහීනං ඔදාතවසනානං එවරූපි ධම්මි කථා පටිභාතීති මෙය කියන ලද්දේ වෙයි. ගෘහපතිය ගිහියන් නම් කෙත්වතු රන්රිදී දැසිදස්සන් අඹුදරුවන් ආදියෙහි ආශාව තියුණුය. ආලය තියුණුය. මෙහි ආලය නොකටයුතුයි.
යෙන භගවා තෙනුපසඞ්කමීති කස්මා උපසඞ්කමි? තුසිතභවනෙ කිරස්ස නිබ්බත්තමත්තස්සෙව තිගාවුතප්පමාණං සුවණ්ණක්ඛන්ධං විය විජ්ජොතමානං අත්තභාවං උය්යානවිමානාදිසම්පත්තිඤ්ච දිස්වා – “මහතී අයං මය්හං සම්පත්ති, කිං නු ඛො මෙ මනුස්සපථෙ කම්මං කත”න්ති ඔලොකෙන්තො තීසු රතනෙසු අධිකාරං දිස්වා චින්තෙසි “පමාදට්ඨානමිදං දෙවත්තං නාම, ඉමාය හි මෙ සම්පත්තියා මොදමානස්ස සතිසම්මොසොපි සියා, හන්දාහං ගන්ත්වා මම ජෙතවනස්ස චෙව භික්ඛුසඞ්ඝස්ස ච තථාගතස්ස ච අරියමග්ගස්ස ච සාරිපුත්තත්ථෙරස්ස ච වණ්ණං කථෙත්වා තතො ආගන්ත්වා සම්පත්තිං අනුභවිස්සාමී”ති. සො තථා අකාසි. තං දස්සෙතුං අථ ඛො අනාථපිණ්ඩිකොතිආදි වුත්තං.
යෙන භගවා තෙනුපසංකමීති කුමක් හෙයින් පැමිණියේ ද? ඔහු තුසිත භවනෙහි උපන් මොහොතෙහි ම තුන්ගව් පමණ රත්තරන් කඳක් මෙන් බබළන ආත්මය ද උයන් විමන් ආදී සම්පත් ද දැක මාගේ මේ සම්පත් මහත්ය. මාවිසින් මනුෂ්‍ය ලෝකයේ දී කිනම් කර්මයක් කරන ලද්දේ දැයි බලන්නේ තුනුරුවන්හි ගෞරවය දැක සිතීය. දේවදත්තයා ප්‍රමාද වූයේ මෙහි ය. මාගේ මේ සැපත කෙරෙහි සතුටු වන්නාට සිහිමුළා වන්නේය. මම ඒකාන්තයෙන් ගොස් මගේ ජේතවනයට ද සංඝයාගේ ද බුදුරදුන්ගේ ද ආර්ය මාර්ගයේ ද සැරියුත් තෙරුන්ගේ ද ගුණ කියා නැවත අවුත් සැප අනුභව කරමියි ඔහු එසේම කළේය. එය දක්වන්නට අථ ඛො අනාථපිණ්ඩිකොති යනාදිය කියන ලදි.
තත්ථ ඉසිසඞ්ඝනිසෙවිතන්ති භික්ඛුසඞ්ඝනිසෙවිතං. එවං පඨමගාථාය ජෙතවනස්ස වණ්ණං කථෙත්වා ඉදානි අරියමග්ගස්ස වණ්ණං කථෙන්තො කම්මං විජ්ජා චාතිආදිමාහ. තත්ථ කම්මන්ති මග්ගචෙතනා. විජ්ජාති මග්ගපඤ්ඤා. ධම්මොති සමාධිපක්ඛිකො ධම්මො. සීලං ජීවිතමුත්තමන්ති සීලෙ පතිට්ඨිතස්ස ජීවිතං උත්තමන්ති දස්සෙති. අථ වා විජ්ජාති දිට්ඨිසඞ්කප්පො. ධම්මොති වායාමසතිසමාධයො. සීලන්ති වාචාකම්මන්තාජීවා. ජීවිතමුත්තමන්ති එතස්මිං සීලෙ පතිට්ඨිතස්ස ජීවිතං නාම උත්තමං. එතෙන මච්චා සුජ්ඣන්තීති එතෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සත්තා විසුජ්ඣන්ති.
එහි ඉසිසංඝසෙවිනිතන්ති භික්ෂුසංඝයා විසින් සෙවුනා ලද. මෙසේ පළමු ගාථාවෙන් ජේතවනයේ ගුණ කියා දැන් ආර්ය මාර්ගයේ ගුණ කියන්නේ කම්මං විජ්ජාදාති යනාදිය කීය. එහි කම්මන්ති මාර්ග චේතනාවයි. විජ්ජාති මාර්ග ප්රඥාවයි. ධම්මොති සමාධි පාක්ෂික ධර්මයයි. සීලං ජීවිත මුත්තමන්ති සීලයෙහි පිහිටියහුගේ ජීවිතය උතුම් යැයි දක්වයි. නොහොත් විජ්ජාති දෘෂ්ටි සංකප්පයයි. ධම්මොති වායාම සති සමාධි සංකප්පයන්ය. සීලන්ති වාචා කම්මන්ත ආජීව සංකප්පයන්ය. ජීවිතමුත්තමන්ති මේ සීලයෙහි පිහිටියහුගේ ජීවිතය නම් උතුම් ය. එතෙන මච්චා සුජ්ඣාන්තීති මේ අෂ්ඨාංගික මාර්ගයෙන් සත්වයෝ පිරිසිදු වෙත්.
තස්මාති යස්මා මග්ගෙන සුජ්ඣන්ති, න ගොත්තධනෙහි, තස්මා. යොනිසො විචිනෙ ධම්මන්ති උපායෙන සමාධිපක්ඛියං ධම්මං විචිනෙය්ය. එවං තත්ථ විසුජ්ඣතීති එවං තස්මිං අරියමග්ගෙ විසුජ්ඣති. අථ වා යොනිසො විචිනෙ ධම්මන්ති උපායෙන පඤ්චක්ඛන්ධධම්මං විචිනෙය්ය. එවං තත්ථ විසුජ්ඣතීති එවං තෙසු චතූසු සච්චෙසු විසුජ්ඣති.
තස්මාති යම් මාර්ගයකින් පිරිසිදු වෙත් ද ගෝත්‍රවලින් ධනයෙන් නොවේ. එහෙයින් යොනිසො විචිනෙ ධම්මන්ති උපායෙන් සමාධි පාක්ෂික ධර්ම සොයන්නේ ය. එවං තත්ථ විසුජ්ඣතීති මෙසේ ඒ ආර්ය මාර්ගයෙහි පිරිසිදු වෙයි. නොහොත් යොනිසො විචිනෙ ධම්මන්ති උපායෙන් පංචස්ඛන්ධ ධර්ම සොයන්නේ ය. එවං තත්ථ විසුජ්ඣතීති මෙසේ ඒ සත්‍යයන් හතරෙහි පිරිසිදු වෙයි.
ඉදානි සාරිපුත්තත්ථෙරස්ස වණ්ණං කථෙන්තො සාරිපුත්තො වාතිආදිමාහ. තත්ථ සාරිපුත්තො වාති අවධාරණවචනං. එතෙහි පඤ්ඤාදීහි සාරිපුත්තොව සෙය්යොති වදති. උපසමෙනාති කිලෙසඋපසමෙන. පාරඞ්ගතොති නිබ්බානං ගතො. යො කොචි නිබ්බානං පත්තො භික්ඛු, සො එතාවපරමො සියා, න ථෙරෙන උත්තරිතරො නාම අත්ථීති වදති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
දැන් සැරියුත් තෙරුන්ගේ ගුණ කියන්නේ සාරිපුත්තො වාති යනාදිය කීය. එහි සාරිපුත්තො වාති අවධාරණ වචනයයි. මේ ප්රඥාදීන්ගෙන් සැරියුත් තෙරුන් ම උතුම් යැයි කියයි. උපසමෙනාති කෙලෙස් සංසිඳවීමෙන්. පාරගතොති නිවනට ගියේය. යම්කිසි භික්ෂුවක් නිවනට පැමිණියේ ද ඒ භික්ෂුව එතාව පරමො සියා තෙරුන් හා උතුම් අයෙක් නැතැයි කියයි. ඉතිරිය සියලු තැන්හි ම ප්රකටය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය අනාථපිණ්ඩිකොවාදසුත්තවණ්ණනා නිට්ඨිතා.
අනාථපිණ්ඩිකොවාද සූත්‍ර වර්ණනාව නිමි.
ඡන්නොවාද සුත්තවණ්ණනා
ඡන්නොවාද සූත්‍ර වර්ණනාව
එවං මෙ සුතන්ති ඡන්නොවාදසුත්තං. තත්ථ ඡන්නොති එවංනාමකො ථෙරො, න අභිනික්ඛමනං නික්ඛන්තත්ථෙරො. පටිසල්ලානාති ඵලසමාපත්තිතො. ගිලානපුච්ඡකාති ගිලානුපට්ඨානං නාම බුද්ධවණ්ණිතං, තස්මා එවමාහ. සත්ථන්ති ජීවිතහාරකසත්ථං. නාවකඞ්ඛාමීති ඉච්ඡාමි.
එවම්මෙසුතන්ති මා විසින් ඡන්නෝවාද සූත්‍රය මෙසේ අසන ලදි. එහි ඡන්නොති මෙබඳු නමක් ඇති තෙරුන්ය. අභිනිෂ්ක්රමණයේ දී නික්මුණු තෙරුන් නොවේ. පටිසල්ලානාති ඵලසමවතින්. ගිලානපුච්ඡකාති ගිලානෝපස්ථානය නම් බුදුරදුන් විසින් ප්රහස්තතය. වර්ණිතය. එහෙයින් මෙසේ කීය. සත්ථන්ති ජීවිතය තොර කරන ආයුධයි. නාවකඞ්ඛාමීති නොකැමැත්තෙමි.
අනුපවජ්ජන්ති අනුප්පත්තිකං අප්පටිසන්ධිකං.
අනුපවජ්ජන්ති ඉපදීමක් නැති. ප්‍රතිසන්ධියක් නැති.
එතං මමාතිආදීනි තණ්හාමානදිට්ඨිගාහවසෙන වුත්තානි. නිරොධං දිස්වාති ඛයවයං ඤත්වා. නෙතං මම නෙසොහමස්මි න මෙසො අත්තාති සමනුපස්සාමීති අනිච්චං දුක්ඛං අනත්තාති සමනුපස්සාමි.
එතං මමන්ති ආදිය තෘෂ්ණා දෘෂ්ටි මන ගැනීම් වශයෙන් කියන ලදි. නිරොධං දිස්වාති ක්ෂයවන බව වැයවන බව දැන. නෙතං මම නෙසො හමස්මි න මෙසා අත්තාති සමනුපස්සාමීති අනිත්‍ය දුක්ඛ අනාත්ම යැයි බලන්නෙමි.
තස්මාති යස්මා මාරණන්තිකවෙදනං අධිවාසෙතුං අසක්කොන්තො සත්ථං ආහරාමීති වදති, තස්මා. පුථුජ්ජනො ආයස්මා, තෙන ඉදම්පි මනසි කරොහීති දීපෙති. නිච්චකප්පන්ති නිච්චකාලං. නිස්සිතස්සාති තණ්හාදිට්ඨීහි නිස්සිතස්ස. චලිතන්ති විප්ඵන්දිතං හොති. පස්සද්ධීති කායචිත්තපස්සද්ධි, කිලෙසපස්සද්ධි නාම හොතීති අත්ථො. නතීති තණ්හානති. නතියා අසතීති භවත්ථාය ආලයනිකන්තිපරියුට්ඨානෙසු අසති. ආගතිගති න හොතීති පටිසන්ධිවසෙන ආගති නාම න හොති, චුතිවසෙන ගමනං නාම න හොති. චුතූපපාතොති චවනවසෙන චුති, උපපජ්ජනවසෙන උපපාතො. නෙවිධ න හුරං න උභයමන්තරෙනාති නයිධ ලොකෙ, න පරලොකෙ, න උභයත්ථ හොති. එසෙවන්තො දුක්ඛස්සාති වට්ටදුක්ඛකිලෙසදුක්ඛස්ස අයමෙව අන්තො අයං පරිච්ඡෙදො පරිවටුමභාවො හොති. අයමෙව හි එත්ථ අත්ථො. යෙ පන “න උභයමන්තරෙනා”ති වචනං ගහෙත්වා අන්තරාභවං ඉච්ඡන්ති, තෙසං උත්තරං හෙට්ඨා වුත්තමෙව.
තස්මාති යම් හෙයකින් මාරාන්තික වේදනාව ඉවසීමට නොහැක්කේ ආයුධයක් ගෙණවයි කියයි. එහෙයින් පෘථග්ජන ආයුෂ්මතුන් වහන්සේ එයින් මෙය ද සිහි කරවයි දක්වයි. නිච්චකප්පන්ති නිතර ම. නිස්සිතස්සාති තෘෂ්ණා දෘෂ්ටියෙන් යුක්ත වූ. චලිතන්ති කම්පා වෙයි. පස්සද්ධීති කායචිත්ත පස්සද්ධිය ක්ලේශ පස්සද්ධිය වේ යැයි යන තේරුමයි. නතීති තෘෂ්ණාවයි. නතියා අසතීති භවය පිණිස ආශාවේ නැගිටීම නැත. ආගති ගති නහොතීති පිළිසිඳීම් වශයෙන් ආගති නම් වෙයි. චුතවීම් වශයෙන් ගමන නම් නොවෙයි. චුතූපපාතොති වචන වශයෙන් චුතියයි. ඉපදීම් වශයෙන් උපපාතයයි. නෙවිධ න හුරං න උභයමන්තරෙනාති මෙලොව නොවෙයි. පරලොව නොවෙයි. දෙලොවෙහි ම නොවෙයි. එසෙවන්තො දුක්ඛස්සාති වට්ටදුක්ඛයාගේ හා ක්ලේශදුක්ඛයාගේ මේ අන්තයයි. මේ පිරිසිඳීමයි. පරිවටුමබව යි මෙයම මෙහි තේරුමයි. දෙකක් අතර යන වචන ගෙන අතර භවයක් කැමැති වෙත්. ඔවුන්ගේ මේවාට පිළිතුරු යට කියන ලදි.
සත්ථං ආහරෙසීති ජීවිතහාරකං සත්ථං ආහරි, කණ්ඨනාළිං ඡින්දි. අථස්ස තස්මිං ඛණෙ මරණභයං ඔක්කමි, ගතිනිමිත්තං උපට්ඨාසි. සො අත්තනො පුථුජ්ජනභාවං ඤත්වා සංවිග්ගො විපස්සනං පට්ඨපෙත්වා සඞ්ඛාරෙ පරිග්ගණ්හන්තො අරහත්තං පත්වා සමසීසී හුත්වා පරිනිබ්බායි. සම්මුඛායෙව අනුපවජ්ජතා බ්යාකතාති කිඤ්චාපි ඉදං ථෙරස්ස පුථුජ්ජනකාලෙ බ්‍යාකරණං හොති, එතෙන පන බ්යාකරණෙන අනන්තරායමස්ස පරිනිබ්බානං අහොසි. තස්මා භගවා තමෙව බ්‍යාකරණං ගහෙත්වා කථෙසි. උපවජ්ජකුලානීති උපසඞ්කමිතබ්බකුලානි. ඉමිනා ථෙරො, – “භන්තෙ, එවං උපට්ඨාකෙසු ච උපට්ඨායිකාසු ච විජ්ජමානාසු සො භික්ඛු තුම්හාකං සාසනෙ පරිනිබ්බායිස්සතී”ති පුච්ඡති. අථස්ස භගවා කුලෙසු සංසග්ගාභාවං දීපෙන්තො හොන්ති හෙතෙ සාරිපුත්තාතිආදිමාහ. ඉමස්මිං කිර ඨානෙ ථෙරස්ස කුලෙසු අසංසට්ඨභාවො පාකටො අහොසි. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
සත්ථං ආහරෙසීති ජීවිතය තොර කරන ආයුධයක් ගෙනාවේය. ගෙළ නාලය සින්ඳේය. එකළ ඔහුට මරණ භය වූයේය. ගති නිමිත්ත එළඹියේය. ඔහු තමාගේ පුහුදුන් බව දැක සංවේගයට පැමිණුනේ විදර්ශනා උපදවා සංස්කාරයන් විමර්ශනය කරමින් රහත්බවට පැමිණ සමසීසව පිරිනිවීය. සම්මුඛායෙව අනුපවජ්ජතා ව්යාකතාති ඉදින් තෙරුන්ගේ පුහුදුන් කාලයෙහි ප්‍රකාශයක් වෙයි. මේ ප්‍රකාශයෙන් ඔහුගේ අන්තර පිරිනිවීම විය. එහෙයින් බුදුරදුන් ඒ ප්‍රකාශය ගෙන කීය. උපවජ්ජකුලානීති එළඹිය යුතු කුලයෝය. මෙයින් තෙරුන් වහන්සේ ස්වාමීනි, මෙසේ උපස්ථායකයන් ද උපස්ථායිකාවන් ද ඇති කළ ඒ භික්ෂුව නුඹගේ සසුනෙහි පිරිනිවන් පාන්නේදැයි ඇසීය. එකල බුදුරදුන් ඔහුට කුලයන්හි සංසර්ගබව දක්වන්නේ හොන්ති හෙතෙ සාරිපුත්තාති යනාදිය කීය. මේ ස්ථානයෙහි තෙරුන්ගේ කුලයන්හි නොඇලෙන බව ප්‍රකට විය. ඉතිරිය සියලු තැන්හිම ප්රකටය.
පපඤ්චසූදනියා මජ්ඣිමනිකායට්ඨකථාය ඡන්නොවාදසුත්තවණ්ණනා නිට්ඨිතා.
ඡන්නෝවාද සූත්‍ර වර්ණනාව නිමි.