දක්ඛිණාවිභඞ්ග සුත්තං
3. 4. 12.
3. 4. 12.
දක්ඛිණාවිභඞ්ග සුත්තං
දක්ඛිණාවිභඞ්ග සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහාපජාපතී ගොතමී නවං දුස්සයුගං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාස කරන සේක. එකල ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි අළුත් පිළී සඟළක් ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියෝ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්හ. එකත්පස්වැ හුන් ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ:
ඉදං මෙ භන්තෙ, නවං දුස්සයුගං භගවන්තං උද්දිස්ස සාමං කන්තං සාමං වායිතං. තං මෙ භන්තෙ, භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා’ති. එවං වුත්තෙ භගවා මහාපජාපතිං ගොතමිං එතදවොච: සඞ්ඝෙ ගොතමී දෙහි. සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සඞ්ඝො චා’ති. දුතියම්පි ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච: ඉදං මෙ -පෙ- අනුකම්පං උපාදායා’ති. දුතියම්පි ඛො භගවා මහාපජාපතිං ගොතමිං එතදවොච: සඞ්ඝෙ ගොතමි දෙහි. සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සඞ්ඝො චා’ති. තතියම්පි ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච: ඉදං මෙ භන්තෙ -පෙ- අනුකම්පං උපාදායා’ති. තතියම්පි ඛො භගවා මහාපජාපතිං ගොතමිං එතදවොච: සඞ්ඝෙ ගොතමී දෙහි. සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි සඞ්ඝො චා’ති.
වහන්ස, මා සතු මේ අළුත් පිළීසඟළ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමන් විසින් මැ නූල් කැට වියන ලද. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ ඒ පිළීසඟළ අනුකම්පා පිණිස පිළිගන්නාසේක්වා. මෙසේ කී කළ භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළසේක. ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි. දෙවනවට ද ගොයුම්ගොත් මහාප්‍රජාපතී දේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකොළෝ. වහන්ස, මා සතු මේ පිළීසඟළ ... අනුකම්පා පිණිස පිළිගන්නේ මැනැව. දෙවනවට ද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළසේක. ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි. තුන්වනවට ද ගොයුම්ගොත් මහාප්‍රජාපතී දේවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ: වහන්ස, මා සතු මේ පිළීසඟළ ... අනුකම්පා පිණිස පිළිගන්නේ මැනැවැ යි. තුන්වනවට ද භාග්‍යවතුන් වහන්සේ මහාප්‍රජාපතී ගොයුම්ගොතුවට තෙල වදාළහ: ගොයුම්ගොතුව, සංඝයා විෂයෙහි දෙව, තොප විසින් සංඝයා විෂයෙහි දුන් කල මම ද පූජිතයෙමි, සංඝයා ද පූජිත වෙයි.” කියා යි.
එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ‘පතිගණ්හාතු භන්තෙ, භගවා මහාපජාපතියා ගොතමියා නවං දුස්සයුගං. බහූපකාරා භන්තෙ, මහාපජාපතී ගොතමී භගවතො මාතුච්ඡා ආපාදිකා පොසිකා ඛීරස්ස දායිකා, භගවන්තං ජනෙත්තියා කාලකතාය ථඤ්ඤං පායෙසි. භගවාපි භන්තෙ, බහූපකාරො මහාපජාපතියා ගොතමියා. භගවන්තං භන්තෙ, ආගම්ම මහාපජාපතී ගොතමී බුද්ධං සරණං ගතා, ධම්මං සරණං ගතා, සඞ්ඝං සරණං ගතා. භගවන්තං භන්තෙ, ආගම්ම මහාපජාපතී ගොතමී පාණාතිපාතා පටිවිරතා, අදින්නාදානා පටිවිරතා, කාමෙසුමිච්ඡාචාරා පටිවිරතා, මුසාවාදා පටිවිරතා, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. භගවන්තං භන්තෙ, ආගම්ම මහාපජාපතී ගොතමී බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා. භගවන්තං භන්තෙ, ආගම්ම මහාපජාපතී ගොතමී දුක්ඛෙ නික්කඞ්ඛා, දුක්ඛසමුදයෙ නික්කඞ්ඛා, දුක්ඛනිරොධෙ නික්කඞ්ඛා, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය නික්කඞ්ඛා. භගවාපි භන්තෙ බහූපකාරො මහාපජාපතියා ගොතමියාති.
මෙසේ වදාළ කල ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගොයුම්ගොත් මහාප්‍රජාපතී දෙවියගේ අළුත් පිළීසඟළ පිළිගන්නේ මැනැවැ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර ඇතියහ, කුඩාමව වූහ, අත්පා වැඩූහ, පොෂණය කළහ, කිරි දුන්හු යයි. වැදූ මව කලුරිය කළ කල භාග්‍යවතුන් වහන්සේට කිරි පෙවූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ද ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවිය ට බොහෝ උපකාර ඇතියහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලදින් ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි බුදුන් සරණ ගිය, දහම් සරණ ගියහ, සඟුන් සරණ ගියහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේ ලදින් පණිවායෙන් දුරු වූහ. අයිනාදනින් දුරු වූහ. කාමයෙහි මිසහසරින් දුරු වූහ. මුසවායෙන් දුරු වූහ. මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතී දෙවි භාග්‍යවතුන් වහන්සේ ලදින් බුද්ධරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගතයහ, ධර්මරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගතයහ, සඞ්ඝරත්නය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගතයහ, ආර්ය කාන්ත ශීලයෙන් සමන්වාගතයහ. වහන්ස, ගොයුම්ගොත් මහාප්‍රජාපතීදේවි භාග්‍යවතුන් වහන්සේ ලදින් දුඃඛසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වූහ, දුඃඛනිරෝධගාමී ප්‍රතිපදා සත්‍යයෙහි නිසැක වූහ. වහන්සේ, (මෙසේ) භාග්‍යවතුන් වහන්සේ ද ගෞතමගෝත්‍ර මහාප්රජාපතීදේවියට බොහෝ වහල් වූහ යි.
එවමෙතං ආනන්ද, එවමෙතං ආනන්ද, යං හි ආනන්ද, පුග්ගලො පුග්ගලං ආගම්ම බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි, යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙන.
ආනන්දය, තෙල එසේ යැ, ආනන්දය, තෙල එසේ යැ, ආනන්දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද ආනන්දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් උපකාර සඞ්ඛ්‍යාත මනා ප්‍රතික්‍රියා නො කටහැකි යයි කියමි. කිමෙකින යත්: අභිවාදන ප්රත්යුත්ථාන අඤ්ජලිකර්ම සාමීචිකර්ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරීක්ෂාකාර යන මේ දීමෙන.
යං හානන්ද, පුග්ගලො පුග්ගලං ආගම්ම. පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි, යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙන.
ආනන්දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් පණිවායෙන් දුරු වූයේ වේ ද, අයිනාදනින් දුරු වූයේ වේ ද, කාමයෙහි මිසහසරින් දුරු වූයේ වේ ද, මුසවායෙන් දුරු වූයේ වේ ද, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වේ ද, ආනන්දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර නො කට හැකි යයි කියමි. කෙමෙකින යත්: අභිවාදන ප්රත්යුත්ථාන අඤ්ජලිකර්ම සාමීචිකර්ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්යපරීක්ෂාකාර දීමෙන.
යං හානන්ද, පුග්ගලො පුග්ගලං ආගම්ම බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති, ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි. යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙන.
ආනන්දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් බුදුන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වේ ද, ධර්මය කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වේ ද, සඞ්ඝයා කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වේ ද, ආර්‍ය්‍ය කාන්ත ශීලයෙන් සමන්වාගත වේ ද, ආනන්දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් සුප්රතිකාර නො කට හැකි යයි කියමි. කෙමෙකින යත්: අභිවාදන ප්රත්යුත්ථාන අඤ්ජලිකර්ම සාමීචිකර්ම චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්යපරීක්ෂාකාර දීමෙන.
යං හානන්ද, පුග්ගලො පුග්ගලං ආගම්ම දුක්ඛෙ නික්කඞ්ඛො හොති, දුක්ඛසමුදයෙ නික්කඞ්ඛො හොති, දුක්ඛනිරොධෙ නික්කඞ්ඛො හොති, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය නික්කඞ්ඛො හොති. ඉමස්සානන්ද, පුග්ගලස්ස ඉමිනා පුග්ගලෙන න සුප්පතිකාරං වදාමි, යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්මචීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානෙන.
ආනන්දය, යම් හෙයෙකින් පුද්ගලයෙක් පුද්ගලයකු ලදින් දුඃඛසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛනිරෝධසත්‍යයෙහි නිසැක වේ ද, දුඃඛනිරෝධගාමීප්රතිපදාසත්යයෙහි නිසැක වේ ද, ආනන්දය, මේ පුද්ගලයාහට මේ පුද්ගලයා විසින් ප්‍රත්‍යුපකාර නො කට හැකි යයි කියමි. වැඳීම හුනස්නෙන් නැඟීම ඇඳිලි බැඳීම සාමීචිකර්ම සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දීම යන මෙයිනැ’ යි.
චුද්දස ඛො පනිමානන්ද, පාටිපුග්ගලිකා දක්ඛිණා. කතමා චුද්දස: තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙ දානං දෙති, අයං පඨමා පාටිපුග්ගලිකා දක්ඛිණා. පච්චෙකබුද්ධෙ දානං දෙති, අයං දුතියා පාටිපුග්ගලිකා දක්ඛිණා. තථාගතසාවකෙ අරහන්තෙ දානං දෙති, අයං තතියා පාටිපුග්ගලිකා දක්ඛිණා. අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති, අයං චතුත්ථි පාටිපුග්ගලිකා දක්ඛිණා. අනාගාමිස්ස දානං දෙති, අයං පඤ්චමී පාටිපුග්ගලිකා දක්ඛිණා. අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති, අයං ඡට්ඨී පාටිපුග්ගලිකා දක්ඛිණා. සකදාගාමිස්ස දානං දෙති, අයං සත්තමී පාටිපුග්ගලිකා දක්ඛිණා. සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති, අයං අට්ඨමී පාටිපුග්ගලිකා දක්ඛිණා. සොතාපන්නෙ දානං දෙති, අයං නවමී පාටිපුග්ගලිකා දක්ඛිණා. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දෙති, අයං දසමී පාටිපුග්ගලිකා දක්ඛිණා. බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දෙති, අයං එකාදසමී පාටිපුග්ගලිකා දක්ඛිණා. පුථුජ්ජනසීලවන්තෙ දානං දෙති, අයං ද්වාදසමී පාටිපුග්ගලිකා දක්ඛිණා. පුථුජ්ජනදුස්සීලෙ දානං දෙති, අයං තෙරසමී පාටිපුග්ගලිකා දක්ඛිණා. තිරච්ඡානගතෙ දානං දෙති, අයං චුද්දසමී පාටිපුග්ගලිකා දක්ඛිණාති.
ආනන්දය, වෙන වෙන පුඟුලා කෙරෙහි පිහිටි මේ දක්ෂිණාවෝ තුදුස්දෙනෙකි. කවර තුදුස්දෙනෙක යත්: අර්හත් තථාගත සම්‍යක්සම්බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ පළමු වන පෞද්ගලික දක්ෂිණා යැ. ප්රත්යෙක බුද්ධයන් විෂයෙහි දන් දෙයි, මේ දෙවන පෞද්ගලික දක්ෂිණා යැ. අර්හත් තථාගතශ්‍රාවකයා විෂයෙහි දන් දෙයි, මේ තුන් වන පෞද්ගලික දක්ෂිණා යැ. රහත්පල පසක් කරන්නට පිළිපන් ශ්රාවකයා විෂයෙහි දන් දෙයි, මේ සිව් වන පෞද්ගලික දක්ෂිණා යැ. අනාගාමීහට දන් දෙයි, මේ පස්වන පෞද්ගලික දක්ෂිණා යැ. අනාගාමීඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ සවන පෞද්ගලික දක්ෂිණා යැ. සෙදගැමිහට දන් දෙයි, මේ සත්වන පෞද්ගලික දක්ෂිණා යැ. සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ අටවන පෞද්ගලික දක්ෂිණා යැ. සෝවන්හු කෙරෙහි දන් දෙයි, මේ නව වන පෞද්ගලික දක්ෂිණා යැ. සෝවත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දෙයි, මේ දසවන පෞද්ගලික දක්ෂිණා යැ. කාමයෙහි වීතරාග වූ බාහිරක තාපසයා කෙරෙහි දන් දෙයි, මේ එකොළොස්වන පෞද්ගලික දක්ෂිණා යැ. පුහුදුන් සිල්වත්හු කෙරෙහි දන් දෙයි, මේ දොළොස් වන පෞද්ගලික දක්ෂිණා යැ. පුහුදුන් දුසිල්හු කෙරෙහි දන් දෙයි, මේ තෙළෙස් වන පෞද්ගලික දක්ෂිණා යැ. තිරිසන් ගියහු කෙරෙහි දන් දෙයි, මේ තුදුස් වන පෞද්ගලික දක්ෂිණා යි.
තත්රානන්ද, තිරච්ඡානගතෙ දානං දත්වා සතගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා. පුථුජ්ජනදුස්සීලෙ දානං දත්වා සහස්සගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා. පුථුජ්ජනසීලවන්තෙ දානං දත්වා සතසහස්සගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා. බාහිරකෙ කාමෙසු වීතරාගෙ දානං දත්වා කොටිසතසහස්සගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා. සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ දානං දත්වා අසඞ්ඛෙය්යා අප්පමෙය්යා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා. කො පන වාදො සොතාපන්නෙ, කො පන වාදො සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ, කො පන වාදො සකදාගාමිස්ස, කො පන වාදො අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නෙ, කො පන වාදො අනාගාමිස්ස, කො පන වාදො අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නෙ, කො පන වාදො තථාගතසාවකෙ අරහන්තෙ, කො පන වාදො පච්චෙකබුද්ධෙ, කො පන වාදො තථාගතෙ අරහන්තෙ සම්මාසම්බුද්ධෙති.
ආනන්දය, ඒ දානයන් කෙරෙහි තිරිසන්ගියහු කෙරෙහි දන් දී සියක් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. පෘථග්ජන දුශ්ශීලයා කෙරෙහි දන් දී දහස් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. පෘථග්ජන සිල්වත්හු කෙරෙහි දන් දී සියදහස් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. කාමයෙහි වීතරාග වූ බාහිරක තවුසා කෙරෙහි දන් දී කෙළලක්ෂයක් අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. සෝවත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි දන් දී අසඞ්ඛෙය අප්‍රමේය අනුසස් ඇති දක්ෂිණායෙක් කැමැති වියයුතු යැ. සෝවන්හු කෙරෙහි කවර කථා යැ? සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? සෙදගැමිහට කෙරෙහි කවර කථා යැ? අනගැමිඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? අනගැමි හට කෙරෙහි කවර කථා යැ? රහත්ඵල පසක් කරන්නට පිළිපන්නහු කෙරෙහි කවර කථා යැ? තථාගතශ්‍රාවක වූ රහත්හු කෙරෙහි කෙරෙහි කවර කථා යැ? ප්‍රත්‍යෙකබුද්ධයන් වහන්සේ කෙරෙහි කවර කථා යැ? තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි කවර කථා යැ?
සත්ත ඛො පනිමානන්ද, සඞ්ඝගතා දක්ඛිණා. කතමා සත්ත: බුද්ධපමුඛෙ උභතො සඞ්ඝෙ දානං දෙති, අයං පඨමා සඞ්ඝගතා දක්ඛිණා. තථාගතෙ පරිනිබ්බුතෙ උභතො සඞ්ඝෙ දානං දෙති. අයං දුතියා සඞ්ඝගතා දක්ඛිණා. භික්ඛුසඞ්ඝෙ දානං දෙති, අයං තතියා සඞ්ඝගතා දක්ඛිණා. භික්ඛුනීසඞ්ඝෙ දානං දෙති, අයං චතුත්ථී සඞ්ඝගතා දක්ඛිණා. ‘එත්තකා මෙ භික්ඛූ ච භික්ඛුනියො ච සඞ්ඝතො උද්දිස්සථා’ති දානං දෙති. අයං පඤ්චමී සඞ්ඝගතා දක්ඛිණා. ‘එත්තකා මෙ භික්ඛූ සඞ්ඝතො උද්දිස්සථා’ති දානං දෙති, අයං ඡට්ඨී සඞ්ඝගතා දක්ඛිණා. ‘එත්තිකා මෙ භික්ඛුනියො සඞ්ඝතො උද්දිස්සථා’ති දානං දෙති, අයං සත්තමී සඞ්ඝගතා දක්ඛිණා.
ආනන්දය, මේ සංඝගත දක්ෂිණාවෝ සත් දෙනෙකි: කවර සත් දෙනෙක යත්: බුද්ධප්‍රමුඛ උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ පළමු වන සංඝගත දක්ෂිණා යැ. තථාගතයන් වහන්සේ පිරිනිවී කල උභාතොසංඝයා කෙරෙහි දන් දෙයි, මේ දෙවන සංඝගත දක්ෂිණා යැ. භික්ෂුසංඝයා කෙරෙහි දන් දෙයි, මේ තුන් වන සංඝගත දක්ෂිණා යැ. භික්ෂුණීසංඝයා කෙරෙහි දන් දෙයි, මේ සතර වන සංඝගත දක්ෂිණා යැ. ‘මෙතෙක් මට භික්ෂුහු ද භික්ෂුණීහු ද සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ පස් වන සංඝගත දක්ෂිණා යැ. ‘මෙතෙක් මට භික්ෂුහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සවන සංඝගත දක්ෂිණා යැ. ‘මෙතෙක් මට භික්ෂුණීහු සඟින් උදෙසාලව’ යි දන් දෙයි, මේ සත්වන සංඝගත දක්ෂිණා යැ.
භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්රභුනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලෙසු සඞ්ඝං උද්දිස්ස දානං දස්සන්ති. තදාපහං ආනන්ද, සඞ්ඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්යං අප්පමෙය්යං වදාමි. නත්වෙවාහං ආනන්ද, කෙනචි පරියායෙන සඞ්ඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලිකං දානං මහප්ඵලතරං වදාමි.
ආනන්දය, අනාගතකාලයෙහි ගෝත්‍රභූ වූ දුශ්ශීල වූ පාපස්වභාව ඇති කාෂායකණ්ඨ කෙනෙක් වෙති. ඒ දුශ්ශීලයන් කෙරෙහි සඟුන් උදෙසා දන් දෙති. ආනන්දය, මම එකල්හිත් සංඝගත දක්ෂිණාව අසඞ්ඛෙය අප්‍රමේය අනුසස් ඇති’ යි කියමි. ආනන්දය, මම කවර අයුරෙකින් වුව ද සංඝගත දක්ෂිණායෙන් පෞද්ගලික දානය මහාඵලතර යයි නො කියමි.
චතස්සො ඛො ඉමා ආනන්ද, දක්ඛිණාවිසුද්ධියො. කතමා චතස්සො: අත්ථානන්ද, දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථානන්ද, දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො. අත්ථානන්ද, දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථානන්ද, දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච.
ආනන්දය, මේ දක්ෂිණාවිශුද්ධීහු සතර දෙනෙකි, කවර සතර දෙනෙක යත්: ආනන්දය, ප්‍රතිග්‍රාහකයන් තබා දායකයා හේතු කොට විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ගෙන විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, දායකයා හේතු කොටත් ප්‍රතිග්‍රාහකයන් හේතු කොටත් විශුද්ධ නො වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත.
කථඤ්චානන්ද, දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො: ඉධානන්ද, දායකො හොති සීලවා කල්යාණධම්මො, පටිග්ගාහකා හොන්ති දුස්සීලා පාපධම්මා. එවං ඛො ආනන්ද, දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො.
ආනන්දය, ප්‍රතිග්‍රාහකයා තබා දායකයන් හේතු කොට විශුද්ධ වන දක්ෂිණා කවර යත්: ආනන්දය, මෙහි දායකයා සිල්වත් වෙයි, කලණදහම් ඇති වෙයි. ප්‍රතිග්‍රාහකයෝ දුශ්ශීල වෙති, පාපධර්මයෝ වෙති. ආනන්දය, මෙසෙයින් ප්‍රතිග්‍රාහකයන් තබා දායකයා හේතු කොට විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත.
කථඤ්චානන්ද, දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො: ඉධානන්ද, දායකො හොති දුස්සීලො පාපධම්මො, පටිග්ගාහකා හොන්ති සීලවන්තො කල්යාණධම්මා. එවං ඛො ආනන්ද, දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො.
ආනන්දය, දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ගෙන විශුද්ධ වන දක්ෂිණා කවර? ආනන්දය, මෙහි දායක දුශ්ශීල වෙයි, පාපධර්ම වෙයි. ප්‍රතිග්‍රාහකයෝ සිල්වත් වෙති, කලණදහම් වෙති. ආනන්දය, මෙසේ දායකයා තබා ප්‍රතිග්‍රාහකයන් හේතු කොට විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත.
කථඤ්චානන්ද, දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො: ඉධානන්ද, දායකො ච හොති දුස්සීලො පාපධම්මො, පටිග්ගාහකා ච හොන්ති දුස්සීලා පාපධම්මා. එවං ඛො ආනන්ද, දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො.
ආනන්දය, දායකයා හේතු කොට ද, ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ නො වන දක්ෂිණා කවර? ආනන්දය, මෙහි දායක ද දුශ්ශීල වෙයි, පාපධර්ම වෙති. ප්‍රතිග්‍රාහකයෝත් දුශ්ශීල වෙති, පාපධර්ම වෙති. ආනන්දය, මෙසේ දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ නො වන දක්ෂිණායෙක් ඇත.
කථඤ්චානන්ද, දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච: ඉධානන්ද, දායකො ච හොති සීලවා කල්යාණධම්මො, පටිග්ගාහකා ච හොන්ති සීලවන්තො කල්යාණධම්මා. එවං ඛො ආනන්ද, දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගාහකතො ච. ඉමා ඛො ආනන්ද, චතස්සො දක්ඛිණා විසුද්ධියොති.
ආනන්දය, දායකයා හේතු කොට ද, ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්ෂිණා කවර? ආනන්දය, මෙහි දායක ද සිල්වත් වෙයි, කලණදහම් වෙයි. ප්‍රතිග්‍රාහකයෝ ද සිල්වත් වෙති, කලණදහම් වෙති. ආනන්දය, මෙසේ දායකයා හේතු කොට ද ප්‍රතිග්‍රාහකයන් හේතු කොට ද විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, මේ දක්ෂිණාවිශුද්ධීහු සතරදෙන වෙති.
ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත අන්‍යවූ තෙල ගාථා ද වදාළෝ:
යො සීලවා දුස්සීලෙසු දදාති දානං ධම්මෙන ලද්ධා සුපසන්නචිත්තො, අභිසද්දහං කම්මඵලං උළාරං සා දක්ඛිණා දායකතො විසුජ්ඣති.
සිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් දුශ්ශීලයන් විෂයෙහි දන් දේ ද, ඒ දක්ෂිණා ව දායකයා කෙරෙන් පිරිසිදු වෙයි.
යො දුස්සීලො සීලවන්තෙසු දදාති දානං අධම්මෙන ලද්ධා අප්පසන්නචිත්තො, අනභිසද්දහං කම්මඵලං උළාරං සා දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති.
දුශ්ශීල වූ යමෙක් අධර්මයෙන් ලැබ නො පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල නො අදහනුයේ සිල්වතුන් විෂයෙහි දන් දේ ද, ඒ දක්ෂිණාව පිළිගාවා කෙරෙන් විශුද්ධ වෙයි.
යො දුස්සීලො දුස්සීලෙසු දදාති දානං අධම්මෙන ලද්ධා අප්පසන්නචිත්තො, අනභිසද්දහං කම්මඵලං උළාරං න තං දානං විපුලඵලන්ති බ්රූමි.
දුශ්ශීල වූ යමෙක් අධර්මයෙන් ලැබ නො පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල නො අදහනුයේ දුශ්ශීලයන් විෂයෙහි දන් දේ ද, ඒ දානය මහත්ඵල යයි නො කියමි.
යො සීලවා සීලවන්තෙසු දදාති දානං ධම්මෙන ලද්ධා සුපසන්නචිත්තො, අභිසද්දහං කම්මඵලං උළාරං තං වෙ දානං විපුලඵලන්ති බ්රූමි.
සිල්වත් වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් සිල්වතුන් විෂයෙහි දන් දේ ද, ඒකාන්තයෙන් ඒ දානය මහත්ඵල යයි ඇතැයි කියමි.
යො වීතරාගො වීතරාගෙසු දදාති දානං ධම්මෙන ලද්ධා සුපසන්නචිත්තො, අභිසද්දහං කම්මඵලං උළාරං තං වෙ දානං ආමිසදානානමග්ගන්ති.
වීතරාග වූ යමෙක් දැහැමින් ලැබ පහන්සිත් ඇති වැ මහත් වූ කම්පල අදහමින් වීතරාගයන් විෂයෙහි දන් දේ ද, ඒකාන්තයෙන් ඒ දානය ආමිසදානයන් අතුරෙන් අග්‍ර වේ යයි.
දක්ඛිණාවිභඞ්ග සුත්තං ද්වාදසමං.
දොළොස් වැනි දක්ඛිණාවිභඞ්ග සූත්‍ර යි.
විභඞ්ගවග්ගො චතුත්ථො.
සතර වැනි විභඞ්ග වර්ග යි.
තස්ස වග්ගස්ස උද්දානං:
එහි උද්දානය:
භද්දෙකානන්ද කච්චාන ලොමසකඞ්ගියා සුභො, මහාකම්ම සළායතන විභඞ්ගා, උද්දෙස අරණා ධාතු සච්චං, දක්ඛිණා විභඞ්ග සුත්තන්ති.
භද්දේකරත්ත, ආනන්දභද්දේකරත්ත, කච්චානභද්දේකරත්ත, ලොමසකඞ්ගියභද්දේකරත්ත සූත්‍රයෝ යැ, චූළකම්මවිභඞ්ග, මහාකම්මවිභඞ්ග, සළයතනවිභඞ්ග, උද්දේසවිභඞ්ග, ධාතුවිභඞ්ග, සච්චවිභඞ්ග සූත්‍රය හා දක්ෂිණාවිභඞ්ගසූත්රය ද වේ.