යෙදුමෙන් කියවන්න

ගන්‍ථාරම‍්භකථා අට‍්ඨකථා

ගන්‍ථාරම‍්භකථා

ග්‍රන්ථ ආරම්භ කථා

කරුණාසීතලහදයං, පඤ‍්ඤාපජ‍්ජොතවිහතමොහතමං; සනරාමරලොකගරුං, වන්‍දෙ සුගතං ගතිවිමුත‍්තං.

කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති, ප්‍රඥාව නමැති පහනින් දුරු කරන ලද මොහඳුර ඇති, දෙව් මිනිසුන් සහිත ලෝකයා අභිවාදනය කරන, සසර ගමනින් මිදුණු සුගත වූ බුදු රජාණන් වහන්සේ නමදිමි.

බුද‍්ධොපි බුද‍්ධභාවං, භාවෙත්‍වා චෙව සච‍්ඡිකත්‍වා ච; යං උපගතො ගතමලං, වන්‍දෙ තමනුත‍්තරං ධම‍්මං.

බුදු රජාණන් වහන්සේ ද බුදු බව වඩා සාක්ෂාත් ද කොට යම් දහමකට එළඹි සේක් ද, ඒ බැහැර වූ (කෙළෙස්) මළ ඇති අනුත්තර වූ ධර්මය නමදිමි.

සුගතස‍්ස ඔරසානං, පුත‍්තානං මාරසෙනමථනානං; අට‍්ඨන‍්නම‍්පි සමූහං, සිරසා වන්‍දෙ අරියසඞ‍්ඝං.

බුදු රජාණන් වහන්සේ ඖරස පුත්‍ර වූ, මරසෙන් බිඳ දමන්නා වූ, (සෝවාන් ආදී) අට දෙනගේ සමූහය වූ, ආර්ය සංඝයා සිරසින් නමදිමි.

ඉති මෙ පසන‍්නමතිනො, රතනත‍්තයවන්‍දනාමයං පුඤ‍්ඤං; යං සුවිහතන‍්තරායො, හුත්‍වා තස‍්සානුභාවෙන.

මෙසේ පැහැදුණු සිත් ඇති මාගේ තුණුරුවන් වැඳීමෙන් හටගත් යම් පිනක් වේ ද, එහි ආනුභාවයෙන් මැනවින් නසන ලද අනතුරු ඇත්තේ වී,

සංයුත‍්තවග‍්ගපටිමණ‍්ඩිතස‍්ස, සංයුත‍්තආගමවරස‍්ස; බුද‍්ධානුබුද‍්ධසංවණ‍්ණිතස‍්ස, ඤාණප‍්පභෙදජනනස‍්ස.

බුද්ධානුබුද්ධ (පරම්පරාව) විසින් මැනවින් වර්ණනා කරන ලද, ඥාන ප්‍රභේදයන් ජනනය කරන සංයුක්ත වර්ගවලින් ප්‍රතිමණ්ඩිත වූ උතුම් සංයුක්ත ආගමයෙහි,

අත්‍ථප‍්පකාසනත්‍ථං, අට‍්ඨකථා ආදිතො වසිසතෙහි; පඤ‍්චහි යා සඞ‍්ගීතා, අනුසඞ‍්ගීතා ච පච‍්ඡාපි.

අර්ථය ප්‍රකාශ කරනු පිණිස මුල දී පන්සියයක් රහතන් වහන්සේලා විසින් සංගායනා කරන ලදු ව පසුවත් අනුසංගායනා කරන ලද යම් අට්ඨ කථාවක් වේ ද එය,

සීහළදීපං පන ආභතාථ, වසිනා මහාමහින්‍දෙන; ඨපිතා සීහළභාසාය, දීපවාසීනමත්‍ථාය.

ඉක්බිති ව, මිහිඳු මහරහතන් වහන්සේ විසින් සීහල දීපයට ගෙනෙන ලදී. (සිංහල) දීප වාසීන්ගේ ප්‍රයෝජනය පිණිස (එය) සිංහල භාෂාවෙන් තබන ලදී.

අපනෙත්‍වාන තතොහං, සීහළභාසං මනොරමං භාසං; තන‍්තිනයානුච‍්ඡවිකං, ආරොපෙන‍්තො විගතදොසං.

මම එයින් සිහළ බස ඉවත් කොට, පෙළ න්‍යායට අනුකූල වූ පහ වූ දොස් ඇති මනරම් බසට නංවන්නෙම්,

සමයං අවිලොමෙන‍්තො, ථෙරානං ථෙරවංසදීපානං; සුනිපුණවිනිච‍්ඡයානං, මහාවිහාරෙ නිවාසීනං.

ථේරීය වංශයට පහන් (බඳු) වූ විනිශ්චයෙහි මැනවින් නිපුණ වූ මහා විහාරවාසී තෙරවරුන්ගේ දහම නො ඉක්මවමින්, සුදනන්ගේ සතුට පිණිස ද ධර්මයේ චිරස්ථිතිය පිණිස ද යළි යළිත් පැමිණි අරුත් (පුනරුක්ති) හැර අර්ථ ප්‍රකාශ කරන්නෙමි.

හිත්‍වා පුනප‍්පුනාගත-මත්‍ථං, අත්‍ථං පකාසයිස‍්සාමි; සුජනස‍්ස ච තුට‍්ඨත්‍ථං, චිරට‍්ඨිතත්‍ථඤ‍්ච ධම‍්මස‍්ස.

සාවත්‍ථිපභූතීනං, නගරානං වණ‍්ණනා කතා හෙට‍්ඨා; සඞ‍්ගීතීනං ද‍්වින‍්නං, යා මෙ අත්‍ථං වදන‍්තෙන.

(එසේ) අර්ථ ප්‍රකාශ කරන මා විසින් ශ්‍රාවස්තිය පටන් කොට ඇති නගර පිළිබඳ ව (හා) සංගීති ද්වය පිළිබඳ ව යම් වර්ණනාවක් මීට ප්‍රථම කරන ලද ද, (කථා) වස්තු පිළිබඳ වත් යමක් විස්තර වශයෙන් කියන ලද ද, ඒවා ගැන මෙහි දී වැඩිමනත් විස්තර කථා නො කරන්නෙමි.

විත්‍ථාරවසෙන සුදං, වත්‍ථූනි ච යානි තත්‍ථ වුත‍්තානි; තෙසම‍්පි න ඉධ භිය්‍යො, විත්‍ථාරකථං කරිස‍්සාමි.

සුත‍්තානං පන අත්‍ථා, න විනා වත්‍ථූහි යෙ පකාසන‍්ති; තෙසං පකාසනත්‍ථං, වත්‍ථූනිපි දස‍්සයිස‍්සාමි.

සූත්‍රයන්ගේ යම් අර්ථයක් (කථා) වස්තුවලින් තොර ව පැහැදිලි නො වේ ද, ඒවා පැහැදිලි කිරීම පිණිස (කථා) වස්තුව ද දක්වන්නෙමි.

සීලකථා ධුතධම‍්මා, කම‍්මට‍්ඨානානි චෙව සබ‍්බානි; චරියාවිධානසහිතො, ඣානසමාපත‍්තිවිත්‍ථාරො.

ශීල කථා, ධුත ධර්ම, සියලු කර්මස්ථාන, චර්යා විධාන සහිත ධ්‍යාන සම්පත්ති විස්තර ද, සියලු අභිඤ්ඤා ද, ප්‍රඥා සංකලන විනිශ්චය ද, ස්කන්ධ, ධාතු, ආයතන, චතුරාර්ය සත්‍ය ද, සුපිරිසිදු න්‍යාය ඇති ප්‍රත්‍යාකාර දේශනා, නො බිඳුණු පෙළ මග ඇති විපස්සනා භාවනා යන මේ සියල්ල යම් හෙයකින් මා විසින් සුපිරිසිදු ලෙස විශුද්ධි මාර්ගයෙහි කියන ලද ද, එබැවින් ඊට වැඩි යමක් මෙහි දී නො විමසන්නෙමි.

සබ‍්බා ච අභිඤ‍්ඤායො, පඤ‍්ඤාසඞ‍්කලනනිච‍්ඡයො චෙව; ඛන්‍ධාධාතායතනින්‍ද්‍රියානි, අරියානි චෙව චත‍්තාරි.

සච‍්චානි පච‍්චයාකාරදෙසනා, සුපරිසුද‍්ධනිපුණනයා; අවිමුත‍්තතන‍්තිමග‍්ගා, විපස‍්සනාභාවනා චෙව.

ඉති පන සබ‍්බං යස‍්මා, විසුද‍්ධිමග‍්ගෙ මයා සුපරිසුද‍්ධං; වුත‍්තං තස‍්මා භිය්‍යො, න තං ඉධ විචාරයිස‍්සාමි.

“මජ‍්ඣෙ විසුද‍්ධිමග‍්ගො, එස චතුන‍්නම‍්පි ආගමානඤ‍්හි; ඨත්‍වා පකාසයිස‍්සති, තත්‍ථ යථාභාසිතමත්‍ථං”.

ඒ විශුද්ධි මාර්ගය (දීඝ ආදී) සතර ආගමයන් මධ්‍යයේ සිට කියන ලද අර්ථය යම් ලෙසකට ප්‍රකාශ කරන්නේ ද, එලෙස ම කරන ලදී. එබැවින් එය ද ගෙන මේ අට්ඨ කථාව සමගින් සංයුක්ත (නිකාය) ආශ්‍රිත වූ අර්ථය දැන ගනු මැනවි.

ඉච‍්චෙව කතො තස‍්මා, තම‍්පි ගහෙත්‍වාන සද‍්ධිමෙතාය; අට‍්ඨකථාය විජානථ, සංයුත‍්තවිනිස‍්සිතං අත්‍ථන‍්ති.