යෙදුමෙන් කියවන්න

1. ඔඝතරණසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. ඔඝතරණසුත‍්තවණ‍්ණනා

1. ඔඝතරණ සූත්‍ර වර්ණනාව

තත්‍ථ සංයුත‍්තාගමො නාම සගාථාවග‍්ගො, නිදානවග‍්ගො, ඛන්‍ධකවග‍්ගො, සළායතනවග‍්ගො, මහාවග‍්ගොති පඤ‍්චවග‍්ගො හොති. සුත‍්තතො –

එහි සංයුක්තාගමය : සගාථක වග්ග, නිදාන වග්ග, ඛන්ධක වග්ග, සළායතන වග්ග, මහා වග්ග යි වග්ග පහක් වේ. සූත්‍ර වශයෙන් -

“සත‍්ත සුත‍්තසහස‍්සානි, සත‍්ත සුත‍්තසතානි ච; ද‍්වාසට‍්ඨි චෙව සුත‍්තානි, එසො සංයුත‍්තසඞ‍්ගහො”.

“සත්ත සුත්තසහස්සානි සත්ත සුත්තසතානි ච ද්වාසට්ඨි චෙව සුත්තානි එසො සංයුත්තසඞ්ගහො”

(මෙම සංයුක්ත සංග්‍රහය සූත්‍ර සත්දහස් සත් සිය හැට දෙකකින් යුක්ත වන්නේ ය.)

භාණවාරතො භාණවාරසතං හොති. තස‍්ස වග‍්ගෙසු සගාථාවග‍්ගො ආදි, සුත‍්තෙසු ඔඝතරණසුත‍්තං. තස‍්සාපි “එවං මෙ සුත”න‍්තිආදිකං ආයස‍්මතා ආනන්‍දෙන පඨමමහාසඞ‍්ගීතිකාලෙ වුත‍්තං නිදානමාදි. සා පනෙසා පඨමමහාසඞ‍්ගීති සුමඞ‍්ගලවිලාසිනියා දීඝනිකායට‍්ඨකථාය ආදිම‍්හි විත්‍ථාරිතා, තස‍්මා සා තත්‍ථ විත්‍ථාරිතනයෙනෙව වෙදිතබ‍්බා.

බණවර වශයෙන් : බණවර සියයක් වේ. එහි වග්ග අතර සගාථක වග්ගය මුලින් කියන ලදී. සූත්‍රයන් අතර ඔඝතරණ සූත්‍රය යි. එහිදු ‘එවං මෙ සුතං’ යන්න මුලට ගෙන ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් ප්‍රථම සංගීති කාලයෙහි පවසන ලද මුල් නිදාන කථාව යි. එම ප්‍රථම සංගීතිය සුමංගල විලාසිනී දීඝ නිකාය අට්ඨ කථාවෙහි මුල දී විස්තර කරන ලදී. එය, එහි විස්තර කරන ලද ආකාරයෙන් ම දත යුත්තේ ය.

යං පනෙතං “එවං මෙ සුත”න‍්තිආදිකං නිදානං, තත්‍ථ එවන‍්ති නිපාතපදං. මෙතිආදීනි නාමපදානි. සාවත්‍ථියං විහරතීති එත්‍ථ වීති උපසග‍්ගපදං, හරතීති ආඛ්‍යාතපදන‍්ති ඉමිනා තාව නයෙන පදවිභාගො වෙදිතබ‍්බො.

යම් මේ ‘එවං මෙ සුතං’ යන්න මුල් කොට වූ නිදානයක් (වේ ද ?) එහි ‘එවං’ යනු නිපාත පදයකි. ‘මෙ’ ආදිය නාම පද යි. ‘සාවත්‍ථියං විහරති’ යන මෙහි ‘වි’ උපසර්ග පදයකි. ‘හරති’ යනු ආඛ්‍යාත පදයකි. මේ ක්‍රමයෙන් පද විභාගය දත යුතු ය.

අත්‍ථතො පන එවංසද‍්දො තාව උපමූපදෙස-සම‍්පහංසන-ගරහණ-වචනසම‍්පටිග‍්ගහාකාරනිදස‍්සනාවධාරණාදි-අනෙකත්‍ථප‍්පභෙදො. තථා හෙස – “එවං ජාතෙන මච‍්චෙන, කත‍්තබ‍්බං කුසලං බහු”න‍්ති (ධ· ප· 53) එවමාදීසු උපමායං ආගතො. “එවං තෙ අභික‍්කමිතබ‍්බං, එවං තෙ පටික‍්කමිතබ‍්බ”න‍්තිආදීසු (අ· නි· 4.122) උපදෙසෙ. “එවමෙතං භගවා, එවමෙතං සුගතා”තිආදීසු (අ· නි· 3.66) සම‍්පහංසනෙ. “එවමෙවං පනායං වසලී යස‍්මිං වා තස‍්මිං වා තස‍්ස මුණ‍්ඩකස‍්ස සමණකස‍්ස වණ‍්ණං භාසතී”තිආදීසු (සං· නි· 1.187) ගරහණෙ. “එවං, භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසු”න‍්තිආදීසු (ම· නි· 1.1) වචනසම‍්පටිග‍්ගහෙ. “එවං බ්‍යා ඛො අහං, භන‍්තෙ, භගවතා ධම‍්මං දෙසිතං ආජානාමී”තිආදීසු (ම· නි· 1.398) ආකාරෙ. “එහි ත්‍වං මාණවක, යෙන සමණො ආනන්‍දො තෙනුපසඞ‍්කම; උපසඞ‍්කමිත්‍වා මම වචනෙන සමණං ආනන්‍දං අප‍්පාබාධං අප‍්පාතඞ‍්කං ලහුට‍්ඨානං බලං ඵාසුවිහාරං පුච‍්ඡ – ‘සුභො මාණවො තොදෙය්‍යපුත‍්තො භවන‍්තං ආනන්‍දං අප‍්පාබාධං අප‍්පාතඞ‍්කං ලහුට‍්ඨානං බලං ඵාසුවිහාරං පුච‍්ඡතී’ති. එවඤ‍්ච වදෙහි – ‘සාධු කිර භවං ආනන්‍දො යෙන සුභස‍්ස මාණවස‍්ස තොදෙය්‍යපුත‍්තස‍්ස නිවෙසනං, තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායා’ති”ආදීසු (දී· නි· 1.445) නිදස‍්සනෙ. “තං කිං මඤ‍්ඤථ කාලාමා, ඉමෙ ධම‍්මා කුසලා වා අකුසලා වාති? අකුසලා, භන‍්තෙ. සාවජ‍්ජා වා අනවජ‍්ජා වාති? සාවජ‍්ජා, භන‍්තෙ. විඤ‍්ඤුගරහිතා වා විඤ‍්ඤුප‍්පසත්‍ථා වාති? විඤ‍්ඤුගරහිතා, භන‍්තෙ. සමත‍්තා සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති වා නො වා, කථං වො එත්‍ථ හොතීති? සමත‍්තා, භන‍්තෙ, සමාදින‍්නා අහිතාය දුක‍්ඛාය සංවත‍්තන‍්ති, එවං නො එත්‍ථ හොතී”තිආදීසු (අ· නි· 3.66) අවධාරණෙ. ස‍්වායමිධ ආකාරනිදස‍්සනාවධාරණෙසු දට‍්ඨබ‍්බො.

අර්ථ වශයෙන් වූ කලී, ‘එවං’ ශබ්දය උපමා - උපදේශ - සම්ප්‍රහර්ෂණ (සතුට ප්‍රකාශ කිරිම) - ගැරහීම - වචන පිළිගැනීම - ආකාරය - නිදර්ශනය - අවධාරණය කිරීම ආදී විවිධ අර්ථ ප්‍රභේද ඇත්තේ ය. එසේ මැ යි. එය, ‘එවං ජාතෙන මච්චෙන කත්තබ්බං කුසලං බහුං’ (මෙසේ උපන් මිනිසා විසින් බොහෝ කුසල් කළ යුතු ය) යන මේ ආදියෙහි උපමාවෙහි පැමිණියේ ය. ‘එවන්තෙ අභික්කමිතබ්බං එවං පටික්කමිතබ්බං’ (මෙසේ ඔබ විසින් ඉදිරියට යා යුතු ය. මෙසේ ආපසු පැමිණිය යුතු ය) යනාදියෙහි උපදේශයෙහි ය. “එවමෙතං භගවා එවමෙතං සුගත” (භාග්‍යවතුනි, එය එසේ ය. සුගතයාණෙනි, එය එසේ ය) යන තැන්වල සතුට ප්‍රකාශ කිරීමෙහි ය. ‘එවමෙවං පනායං වසලී යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණකස්ස වණ්ණං භාසති’ (මෙසේ මේ සැඬොලිය සෑම තැනක ම ඒ මුඩු මහණහුගේ ගුණය වර්ණනා කරයි) ආදියෙහි ගැරහීමෙහි ය. ‘එවං භන්තෙති ඛො තෙ භික්‍ඛූ භගවතො පච්චස්සොසුං’ (එසේ ය ස්වාමීනි යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ) ආදී තැන්වල වචන පිළිගැනීමෙහි ය. ‘එවං ව්‍යාඛො අහං භන්තෙ භගවතා ධම්මං දෙසිතං ආජානාමි” (ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලද ධර්මය මම දනිමි) යනාදියෙහි ආකාරයෙහි ය. ‘එහි ත්‍වං මාණව යෙන සමණො ආනන්‍දො තෙනුපසංකම, උපසංකමිත්‍වා මම වචනෙන සමණං ආනන්‍දං අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ සුභො මාණවො තොදෙය්‍යපුත්තො භවන්තං ආනන්‍දං අප්පාබාධං -පෙ- ඵාසුවිහාරං පුච්ඡතීති, එවං ච වදෙහි: සාධු කිර භවං ආනන්‍දො යෙන සුභස්ස මාණවස්ස තොදෙය්‍යපුත්තස්ස නිවෙසනං තෙනුපසංකමතු අනුකම්පං උපාදායාති’ (මාණවකය, එනු මැනවි. ඔබ ආනන්ද ශ්‍රමණයන් වහන්සේ යම් තැනක ද, එතැනට යන්න. ගොස් මගේ වචනයෙන් (මා කියන ලෙසට) රෝග නොමැති බව (නීරෝගී බව), සිරුරේ සැහැල්ලු බව, ශක්තිය, සුව පහසුව ගැන ආනන්ද ශ්‍රමණයන් වහන්සේගෙන් විමසන්න. තෝදෙය්‍ය පුත්‍ර ශුභ මානවක තෙමේ අල්පාබාධ බව, නීරෝගී බව, සුව පහසුව ගැන භවත් ආනන්ද ස්ථවිරයන්ගෙන් විමසන්නේ ය. මෙසේ ද කියනු. භවත් ආනන්දයන් වහන්ස, තෝදෙය්‍ය පුත්‍ර ශුභ මානවකයාගේ නිවස්න යම් තැනක ද, අනුකම්පා උපදවා එතැනට වඩිනු මැනවි) යනාදී තැන්වල නිදර්ශනයෙහි ය. ‘තං කිං මඤ්ඤථ කාලාමා ඉමෙ ධම්මා කුසලා වා අකුසලා වාති? අකුසලා භන්තෙ, සාවජ්ජා වා අනවජ්ජා වාති? සාවජ්ජා භන්තෙ, විඤ්ඤෑගරහිතා වා විඤ්ඤැප්පසත්‍ථා වාති? විඤ්ඤෑගරහිතා භන්තෙ, සමත්තා සමාදින්නා අහිතාය දුක්‍ඛාය සංවත්තන්ති නො වා කථං වො එත්‍ථ හොතීති? සමත්තා භන්තෙ සමාදින්නා අහිතාය දුක්‍ඛාය සංවත්තන්ති එවං නො එත්‍ථ හොති’ (කාලාමයෙනි, කුමක් සිතහු ද? මේ ධර්මයෝ කුසල් ද අකුසල් ද? ස්වාමීනි, අකුසල ය. සාවද්‍ය ද? අනවද්‍ය ද? ස්වාමීනි, සාවද්‍ය ය. නුවණැත්තන් විසින් ගර්හා කරන ලද ද? (නැතහොත්) නුවණැත්තන් විසින් පසස්නා ලද ද? ස්වාමීනි, නුවණැත්තන් විසින් ගරහන ලද ය. සම්පූර්ණ කරන ලද්දේ, සමාදන් වන ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවතියි ද? නැද්ද? එය ඔබලාට කෙසේ වේ ද? ස්වාමීනි, සම්පූර්ණ කරන ලද්දේ සමාදන් වන ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවතියි. අපට එසේ වේ) ආදියෙහි අවධාරණයෙහි ය. එය (‘එවං’ යන්න) මෙහි ආකාර, නිදර්ශන, අවධාරණ අරුත්හි දැකිය යුතු ය.

තත්‍ථ ආකාරත්‍ථෙන එවංසද‍්දෙන එතමත්‍ථං දීපෙති – නානානයනිපුණං අනෙකජ‍්ඣාසයසමුට‍්ඨානං අත්‍ථබ්‍යඤ‍්ජනසම‍්පන‍්නං විවිධපාටිහාරියං ධම‍්මත්‍ථදෙසනා පටිවෙධගම‍්භීරං සබ‍්බසත‍්තානං සකසකභාසානුරූපතො සොතපථමාගච‍්ඡන‍්තං තස‍්ස භගවතො වචනං සබ‍්බප‍්පකාරෙන කො සමත්‍ථො විඤ‍්ඤාතුං? සබ‍්බථාමෙන පන සොතුකාමතං ජනෙත්‍වාපි එවං මෙ සුතං, මයාපි එකෙනාකාරෙන සුතන‍්ති.

එහි ආකාර අර්ථය ඇති ‘එවං’ ශබ්දයෙන් මේ අර්ථය (මෙසේ) ප්‍රකට වෙයි : නොයෙක් නයින් නිපුණ වූ, නොයෙක් අදහස්වලින් ජනිත කරන අර්ථවලින් හා ව්‍යංජනයෙන් යුක්ත වූ, විවිධ ප්‍රාතිහාර්ය ඇති ධර්ම අර්ථ දේශනා අවබෝධයෙන් ගැඹුරු වූ, තම තමන්ගේ භාෂාවන්ට අනුරූප වන පරිදි සියලු සත්ත්වයන්ගේ ශ්‍රවණ පථයට එන්නා වූ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනය සර්වාකාරයෙන් දැනගන්නට කවරෙක් නම් සමත් වේ ද? මුළු ශක්තිය ම යොදවා ගෙන අසනු කැමැත්ත උපදවා ගෙන’ ‘එවං මෙ සුතං’ මා විසින් ද එක් අයුරකින් අසන ලදී.

නිදස‍්සනත්‍ථෙන – “නාහං සයම‍්භූ, න මයා ඉදං සච‍්ඡිකත”න‍්ති අත‍්තානං පරිමොචෙන‍්තො – “එවං මෙ සුතං, මයාපි එවං සුත”න‍්ති ඉදානි වත‍්තබ‍්බං සකලසුත‍්තං නිදස‍්සෙති.

නිදර්ශන අර්ථයෙන් : මම ස්වයම්භූ (තමන් ම අවබෝධ කොට ගත්තෙක්) නො වෙමි. මෙය මා විසින් ප්‍රත්‍යක්ෂ නො කරන ලදී යි තමා (වගකීමෙන් මුදා හරිමින්, ‘එවං මෙ සුතං’ - මා විසින් මෙසේ අසන ලදී යි දැන් කිව යුතු සම්පූර්ණ සූත්‍රය දක්වා ලයි.

අවධාරණත්‍ථෙන – “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං බහුස‍්සුතානං යදිදං ආනන්‍දො, ගතිමන‍්තානං, සතිමන‍්තානං, ධිතිමන‍්තානං, උපට‍්ඨාකානං යදිදං ආනන්‍දො”ති (අ· නි· 1.220-223) එවං භගවතා – “ආයස‍්මා ආනන්‍දො අත්‍ථකුසලො ධම‍්මකුසලො බ්‍යඤ‍්ජනකුසලො නිරුත‍්තිකුසලො පුබ‍්බාපරකුසලො”ති (අ· නි· 5.169) එවං ධම‍්මසෙනාපතිනා ච පසත්‍ථභාවානුරූපං අත‍්තනො ධාරණබලං දස‍්සෙන‍්තො සත‍්තානං සොතුකාමතං ජනෙති – “එවං මෙ සුතං, තඤ‍්ච ඛො අත්‍ථතො වා බ්‍යඤ‍්ජනතො වා අනූනමනධිකං, එවමෙව න අඤ‍්ඤථා දට‍්ඨබ‍්බ”න‍්ති.

අවධාරණ අර්ථයෙන් : ‘එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්‍ඛූනං බහුස්සුතානං යදිදං ආනන්‍දො ගතිමන්තානං - සතිමන්තානං - ධිතිමන්තානං - උපට්ඨකානං යදිදං ආනන්‍දො’ (මහණෙනි, මෙසේ හෙයින් අග්‍ර වේ : එනම්, බහුශ්‍රැත වූ, යහපත් පැවතුම් ඇති, මරණ ශක්තිය ඇති, උත්සාහවන්ත වූ, උපස්ථායක වූ මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර ආනන්ද (හිමියෝ) අග්‍ර වෙති) යනුවෙන් මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ද, ‘ආයස්මා ආනන්‍දො අත්‍ථකුසලො, ධම්මකුසලො, ව්‍යඤ්ජනකුසලො, නිරුත්තිකුසලො, පුබ්බාපරකුසලො’ (ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ අර්ථයෙහි දක්ෂ වූ, ධර්මයෙහි දක්ෂ වූ, ව්‍යඤ්ජන (අක්ෂර) පිළිබඳ දක්ෂ වූ, පද සිද්ධියෙහි දක්‍ෂ වූ, පූර්වාපරයෙහි දක්‍ෂ වූ කෙනෙක් (වෙත්)) යනුවෙන් මෙසේ ධර්ම සේනාධිපතීන් වහන්සේ (සැරියුත් මා හිමියන්) විසින් ද ප්‍රශංසා ලැබ ඊට අනුරූප ව තමන්ගේ ධාරණ ශක්තිය විදහා දක්වන්නේ, “මෙසේ මා විසින් අසන ලදී; එය ද අර්ථ වශයෙන් හෝ ව්‍යඤ්ජන වශයෙන් හෝ නො අඩු ය, නො වැඩි ය. මෙසේ ම මිස අන් අයුරකින් නො දැකිය යුතු” යි සත්ත්වයන්ගේ අසනු කැමැත්ත උපදවයි.

මෙසද‍්දො තීසු අත්‍ථෙසු දිස‍්සති. තථා හිස‍්ස – “ගාථාභිගීතං මෙ අභොජනෙය්‍ය”න‍්තිආදීසු (සු· නි· 81) මයාති අත්‍ථො. “සාධු මෙ, භන‍්තෙ, භගවා සංඛිත‍්තෙන ධම‍්මං දෙසෙතූ ” තිආදීසු (සං· නි· 4.88) මය‍්හන‍්ති අත්‍ථො. “ධම‍්මදායාදා මෙ, භික‍්ඛවෙ, භවථා”තිආදීසු (ම· නි· 1.29) මමාති අත්‍ථො. ඉධ පන “මයා සුත”න‍්ති ච “මම සුත”න‍්ති ච අත්‍ථද‍්වයෙ යුජ‍්ජති.

‘මෙ’ ශබ්දය අර්ථ තුනක දක්නා ලැබේ. ඒ මෙසේ ය. ‘ගාථාභිගීතං මෙ අභොජනීයං’ (ගාථාවලින් (වේද මන්ත්‍රවලින්) ගයන ලද (ආහාරය) මවිසින් නො වැළඳිය යුතු ය යනාදී තැන්වල ‘මා විසින්’ යන අර්ථ යි. ‘සාධු මෙ භන්තෙ භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු’ (මැනවි, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට ලුහුඬින් දහම් දෙසන සේක්වා) ආදී තැන්වල ‘මට’ යන අර්ථය වේ. ‘ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ’ (මාගේ භික්‍ෂූහු ධර්මය දායාද කොට සිටිහු) යනාදියෙහි ‘මගේ’ යන අර්ථයෙහි ය. මෙහි ‘මා විසින් අසන ලදී’ යි ද, ‘මාගේ ඇසීම’ යි ද යන අර්ථ දෙකේ ම යෙදේ.

සුතන‍්ති අයං සුතසද‍්දො සඋපසග‍්ගො අනුපසග‍්ගො ච ගමන-විස‍්සුත-කිලින‍්නඋපචිතානුයොග-සොතවිඤ‍්ඤෙය්‍ය-සොතද‍්වාරානුසාරවිඤ‍්ඤාතාදිඅනෙකත්‍ථප‍්පභෙදො.

‘සුතං’ යන මේ ‘සුත’ ශබ්දය උපසර්ග සහිත ද උපසර්ග රහිත ද (වේ.) ගමන - ප්‍රසිද්ධ - තෙත් - රැස් කළ - ධ්‍යානයෙහි යෙදීම - කණින් දත යුතු - ශ්‍රෝතද්වාර (කණ) අනුසාරයෙන් දැන ගන්නා ලද - ආදී නොයෙක් අර්ථ ප්‍රභේද ඇත්තේ වේ.

තථා හිස‍්ස – “සෙනාය පසුතො”තිආදීසු ගච‍්ඡන‍්තොති අත්‍ථො. “සුතධම‍්මස‍්ස පස‍්සතො”තිආදීසු (උදා· 11) විස‍්සුතධම‍්මස‍්සාති අත්‍ථො. “අවස‍්සුතා අවස‍්සුතස‍්සා”තිආදීසු (පාචි· 657) කිලින‍්නාකිලින‍්නස‍්සාති අත්‍ථො. “තුම‍්හෙහි පුඤ‍්ඤං පසුතං අනප‍්පක”න‍්තිආදීසු (ඛු· පා· 7.12) උපචිතන‍්ති අත්‍ථො. “යෙ ඣානපසුතා ධීරා”තිආදීසු (ධ· ප· 181) ඣානානුයුත‍්තාති අත්‍ථො. “දිට‍්ඨං සුතං මුත”න‍්තිආදීසු (ම· නි· 1.241) සොතවිඤ‍්ඤෙය්‍යන‍්ති අත්‍ථො. “සුතධරො සුතසන‍්නිචයො”තිආදීසු (ම· නි· 1.339) සොතද‍්වාරානුසාරවිඤ‍්ඤාතධරොති අත්‍ථො. ඉධ පනස‍්ස සොතද‍්වාරානුසාරෙන උපධාරිතන‍්ති වා උපධාරණන‍්ති වා අත්‍ථො. මෙ-සද‍්දස‍්ස හි මයාති අත්‍ථෙ සති – “එවං මයා සුතං, සොතද‍්වාරානුසාරෙන උපධාරිත”න‍්ති යුජ‍්ජති. මමාති අත්‍ථෙ සති – “එවං මම සුතං, සොතද‍්වාරානුසාරෙන උපධාරණ”න‍්ති යුජ‍්ජති.

එසේ ම ය. එහි, ‘සෙනාය පසුතො’ (සේනාව සමග යන්නේ) ආදියෙහි “ගමන් කරන්නේ’’ යන අර්ථ යි. ‘සුතධම්මස්ස පස්සතො’ (ඇසූ ධර්මය දක්නහුගේ) යනාදී තන්හි ‘ප්‍රසිද්ධ ධර්මයේ’ යන අරුත යි. ‘අවස්සුතානවස්සුතස්ස’ (තෙත් වූ නො තෙත් වූ) යනාදී තැන්වල ‘තෙත් වූ’ යන අර්ථ යි. ‘තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං’ (ඔබලා විසින් අනල්ප වූ පිනක් රැස් කරන ලදී) ආදි තැන්වල ‘රැස් කරන ලද’ යන අර්ථ යි. ‘යෙ ඣානපසුතා ධීරා’ (නුවණ ඇති යම් කෙනෙක් ධ්‍යානයෙහි යෙදුනාහු) යනාදියෙහි ‘ධ්‍යානයෙහි යෙදුණේ’ යන අර්ථ යි. ‘දිට්ඨං සුතං මුතං’ (දක්නා ලද, අසන ලද, විඳින ලද) ආදියෙහි ශ්‍රෝත විඤ්ඤාණයෙන් ‘දත යුතු’ යන අර්ථ යි. ‘සුතධරො සුතසන්නිචයො’ (ඇසූ දේ දරන, ඇසූ දේ එක් රැස් කළ) ආදියෙහි ‘ශ්‍රෝතද්වාර අනුසාරයෙන් දත් දේ දරන’ යන අර්ථ යි. මෙහි වූ කලී ශ්‍රෝතද්වාර අනුසාරයෙන් මෙනෙහි කරන ලද (සලකා බලන ලද) හෝ මෙනෙහි කිරීම හෝ යන අර්ථ යි. ‘මෙ’ ශබ්දයට ‘මා විසින්’ යන අර්ථය ඇති කල, මා විසින් මෙසේ අසන ලදී - ශ්‍රෝතද්වාර අනුසාරයෙන් සලකා බලන ලදී යන්නෙහි යෙදේ. ‘මගේ’ යන අර්ථයෙහි වූ කල ‘මගේ ඇසීම’ මෙසේ ය - ශ්‍රෝතද්වාර අනුසාරයෙන් සලකා බැලීම යි යනුවෙන් යෙදේ.

එවමෙතෙසු තීසු පදෙසු එවන‍්ති සොතවිඤ‍්ඤාණාදිවිඤ‍්ඤාණකිච‍්චනිදස‍්සනං. මෙති වුත‍්තවිඤ‍්ඤාණසමඞ‍්ගිපුග‍්ගලනිදස‍්සනං. සුතන‍්ති අස‍්සවනභාවපටික‍්ඛෙපතො අනූනානධිකාවිපරීතග‍්ගහණනිදස‍්සනං. තථා එවන‍්ති තස‍්ස සොතද‍්වාරානුසාරෙන පවත‍්තාය විඤ‍්ඤාණවීථියා නානප‍්පකාරෙන ආරම‍්මණෙ පවත‍්තිභාවප‍්පකාසනං. මෙති අත‍්තප‍්පකාසනං. සුතන‍්ති ධම‍්මප‍්පකාසනං. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපො – “නානප‍්පකාරෙන ආරම‍්මණෙ පවත‍්තාය විඤ‍්ඤාණවීථියා මයා න අඤ‍්ඤං කතං, ඉදං පන කතං, අයං ධම‍්මො සුතො”ති.

මෙසේ මේ පද තුන අතුරින් ‘එවං’ යනු ශ්‍රෝත විඥානාදී විඥාන කාර්යය දැක්වීම යි. ‘මෙ’ යනු කියන ලද විඥානයෙන් යුත් පුද්ගලයා දැක්වීම වේ. ‘සුතං’ යනු නො අසන බව ප්‍රතික්‍ෂේප කිරීමෙන් නො අඩු ව, නො වැඩි ව, නො වෙනස් ව ග්‍රහණය කිරීම දැක්වීම යි. එසේ ම ‘එවං’ යනු ඒ ශ්‍රෝතද්වාර අනුසාරයෙන් පැවති විඥාන වීථියේ නොයෙක් ආකාරයට අරමුණෙහි පැවති බව ප්‍රකාශ කිරීම යි. ‘මෙ’ යනු ආත්ම (තමා) ප්‍රකාශනය යි. ‘සුතං’ යනු ධර්ම ප්‍රකාශනය යි. මේ එහි සංක්ෂේපය යි. නොයෙක් අයුරින් අරමුණෙහි පැවති චිත්ත වීථියෙන් මවිසින් අනිකක් නො කරන ලදී. මෙය ම කරන ලදී. (එනම්) මේ ධර්මය අසන ලදී යනු යි.

තථා එවන‍්ති නිද‍්දිසිතබ‍්බප‍්පකාසනං. මෙති පුග‍්ගලප‍්පකාසනං. සුතන‍්ති පුග‍්ගලකිච‍්චප‍්පකාසනං. ඉදං වුත‍්තං හොති – “යං සුත‍්තං නිද‍්දිසිස‍්සාමි, තං මයා එවං සුත”න‍්ති.

එසේ ම ‘එවං’ යනු නිර්දේශ කළ යුතු දේ පැවසීම යි. ‘මෙ’ යනු පුද්ගලයා පැවසීම යි. ‘සුතං’ යනු පුද්ගල කාර්යය ප්‍රකාශ කිරීම යි. කියන ලද්දේ මෙය යි. යම් සූත්‍රයක් දක්වන්නේ ද එය ‘මා විසින් මෙසේ අසන ලදී’ යනු යි.

තථා එවන‍්ති යස‍්ස චිත‍්තසන‍්තානස‍්ස නානාකාරප‍්පවත‍්තියා නානත්‍ථබ්‍යඤ‍්ජනගහණං හොති, තස‍්ස නානාකාරනිද‍්දෙසො. එවන‍්ති හි අයං ආකාරපඤ‍්ඤත‍්ති. මෙති කත‍්තුනිද‍්දෙසො. සුතන‍්ති විසයනිද‍්දෙසො. එත‍්තාවතා නානාකාරප‍්පවත‍්තෙන චිත‍්තසන‍්තානෙන තංසමඞ‍්ගිනො කත‍්තුවිසයෙ ගහණසන‍්නිට‍්ඨානං කතං හොති.

එසේ ම ‘එවං’ යනු යම් චිත්ත සන්තානයක නා නා ප්‍රකාර ලෙස පැවතීමේ හේතුවෙන් නා නා අර්ථ ව්‍යංජන ගැනීමක් වේ ද, එහි නොයෙක් ආකාර දැක්වීම යි. ‘එවං’ යන මෙය ආකාර පැනවීම යි (දැක්වීම යි.) ‘මෙ’ යනු කරන්නා දැක්වීම යි. ‘සුතං’ යනු විෂය නිර්දේශය යි. මෙපමණකින් නොයෙක් ආකාරයෙන් පැවති චිත්ත සන්තානයෙන්, එයින් යුක්ත වූ කර්තෘ විෂයෙහි ගැනීම සනිටුහන් කරන ලද්දේ වෙයි.

අථ වා එවන‍්ති පුග‍්ගලකිච‍්චනිද‍්දෙසො. සුතන‍්ති විඤ‍්ඤාණකිච‍්චනිද‍්දෙසො. මෙති උභයකිච‍්චයුත‍්තපුග‍්ගලනිද‍්දෙසො. අයං පනෙත්‍ථ සඞ‍්ඛෙපො – “මයා සවනකිච‍්චවිඤ‍්ඤාණසමඞ‍්ගිනා පුග‍්ගලෙන විඤ‍්ඤාණවසෙන ලද‍්ධසවනකිච‍්චවොහාරෙන සුත”න‍්ති.

එසේ නැතහොත් ‘එවං’ යනු පුද්ගල කාර්ය නිර්දේශය යි. ‘සුතං’ යනු විඥාන කාර්යය නිර්දේශ කිරීම යි. ‘මෙ’ යනු මේ කාර්ය දෙකෙහි ම නියුතු පුද්ගල නිර්දේශය යි. මෙහි සංක්‍ෂේපය මෙය යි: ‘ශ්‍රවණ කාර්ය විඥානයෙන් සමන්විත පුද්ගලයා වූ මා විසින් විඥාන වශයෙන් ලත් ශ්‍රවණ කාර්යය, ව්‍යවහාරයෙන් අසන ලදී’ යනු යි.

තත්‍ථ එවන‍්ති ච මෙති ච සච‍්චිකට‍්ඨපරමත්‍ථවසෙන අවිජ‍්ජමානපඤ‍්ඤත‍්ති. කිඤ‍්හෙත්‍ථ තං පරමත්‍ථතො අත්‍ථි, යං එවන‍්ති වා මෙති වා නිද‍්දෙසං ලභෙථ. සුතන‍්ති විජ‍්ජමානපඤ‍්ඤත‍්ති. යඤ‍්හි තං එත්‍ථ සොතෙන උපලද‍්ධං, තං පරමත්‍ථතො විජ‍්ජමානන‍්ති. තථා එවන‍්ති ච මෙති ච තං තං උපාදාය වත‍්තබ‍්බතො උපාදාපඤ‍්ඤත‍්ති. සුතන‍්ති දිට‍්ඨාදීනි උපනිධාය වත‍්තබ‍්බතො උපනිධාපඤ‍්ඤත‍්ති.

එහි, ‘එවං’ යනු ද ‘මෙ’ යනු ද ප්‍රත්‍යක්ෂ කළ පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වන ප්‍රඥප්තිය යි. මෙහි යමක් ‘මෙසේ’ හෝ ‘මා විසින්’ හෝ යනුවෙන් නිර්දේශ ලබයි ද, කිම එය පරමාර්ථ වශයෙන් ලැබේ ද ? ‘සුතං’ යනු විද්‍යාමාන ප්‍රඥප්තිය යි. මෙහි යමක් ‘අසන ලදැ’ යි කණෙන් ලබන ලද ද, එය පරමාර්ථ වශයෙන් විද්‍යමාන යි. එසේ ම, ‘එවං’ යනු ද ‘මෙ’ යනු ද ඒ ඒ දෙය (පාදක කොට) ගෙන කිව යුතු වන හෙයින් ‘උපාදාය පඤ්ඤත්තිය’ යි. ‘සුතං’ යනු දෘෂ්ටි ආදිය සසඳා කිව යුතු හෙයින් ‘උපනිධාය පඤ්ඤත්ති’ වේ.

එත්‍ථ ච එවන‍්ති වචනෙන අසම‍්මොහං දීපෙති. න හි සම‍්මූළ‍්හො නානප‍්පකාරපටිවෙධසමත්‍ථො හොති. සුතන‍්ති වචනෙන සුතස‍්ස අසම‍්මොසං දීපෙති. යස‍්ස හි සුතං සම‍්මුට‍්ඨං හොති, න සො කාලන‍්තරෙන මයා සුතන‍්ති පටිජානාති. ඉච‍්චස‍්ස අසම‍්මොහෙන පඤ‍්ඤාසිද‍්ධි, අසම‍්මොසෙන පන සතිසිද‍්ධි. තත්‍ථ පඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමාය සතියා බ්‍යඤ‍්ජනාවධාරණසමත්‍ථතා, සතිපුබ‍්බඞ‍්ගමාය පඤ‍්ඤාය අත්‍ථපටිවෙධසමත්‍ථතා. තදුභයසමත්‍ථතායොගෙන අත්‍ථබ්‍යඤ‍්ජනසම‍්පන‍්නස‍්ස ධම‍්මකොසස‍්ස අනුපාලනසමත්‍ථතො ධම‍්මභණ‍්ඩාගාරිකත‍්තසිද‍්ධි.

එහි ද ‘එවං’ යන වචනයෙන් නො මුළා බව දක්වයි. මුළාවට පත් වූ තැනැත්තේ නා නා ප්‍රකාර ලෙස වටහා ගැනීමේ සමර්ථයෙක් නො වේ. ‘සුතං’ යන වචනයෙන් අසන ලද දෙයෙහි නො පැටලීම (සිහි ඇති බව) දක්වයි. යමකුට අසන ලද දෙයක් පැටලුණේ ද, ඔහු කල් ගත වීමෙන් මා විසින් අසන ලදැ යි නො දනී. මෙසේ ඔහුට නො මුළා වීමෙන්, ප්‍රඥාසිද්ධිය (ප්‍රඥාව ඇති වීම) වේ. නො මුළා වීමෙන් සති සිද්ධිය (සිහිය ඇති වීම) වේ. එහි ප්‍රඥාව පූර්වංගම වූ සිහියෙන් ව්‍යඤ්ජනාවධාරණය කිරීමේ සමත් බව වේ. සතිය පූර්වංගම වූ ප්‍රඥාවෙන් අර්ථාවබෝධ සමත් බව වේ. ඒ දෙවැදෑරුම් සමර්ථතා එකතුවෙන් අර්ථ ව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත වූ ධර්ම කෝෂය රැකීමේ සමත් බව හේතුවෙන් ධර්ම භාණ්ඩාගාරික භාවය සම්පූර්ණ වේ.

අපරො නයො – එවන‍්ති වචනෙන යොනිසො මනසිකාරං දීපෙති, අයොනිසො මනසිකරොතො හි නානප‍්පකාරපටිවෙධාභාවතො. සුතන‍්ති වචනෙන අවික‍්ඛෙපං දීපෙති වික‍්ඛිත‍්තචිත‍්තස‍්ස සවනාභාවතො. තථා හි වික‍්ඛිත‍්තචිත‍්තො පුග‍්ගලො සබ‍්බසම‍්පත‍්තියා වුච‍්චමානොපි “න මයා සුතං, පුන භණථා”ති භණති. යොනිසො මනසිකාරෙන චෙත්‍ථ අත‍්තසම‍්මාපණිධිං පුබ‍්බෙ ච කතපුඤ‍්ඤතං සාධෙති, සම‍්මා අප‍්පණිහිතත‍්තස‍්ස පුබ‍්බෙ අකතපුඤ‍්ඤස‍්ස වා තදභාවතො. අවික‍්ඛෙපෙන සද‍්ධම‍්මස‍්සවනං සප‍්පුරිසූපනිස‍්සයඤ‍්ච සාධෙති. න හි වික‍්ඛිත‍්තචිත‍්තො සොතුං සක‍්කොති, න ච සප‍්පුරිසෙ අනුපනිස‍්සයමානස‍්ස සවනං අත්‍ථීති.

වෙනත් ක්‍රමයක් ද (වේ). ‘එවං’ යන වචනයෙන් යෝනිසෝ මනසිකාරය දක්වයි. අයෝනිසෝ මනසිකාර (නුනුවණින් සිහි) කරන්නහුට නානා ආකාරයෙන් වැටහීම නො සිදු වන හෙයිනි. ‘සුතං’ යන වචනයෙන් අවික්ෂේපය (නො විසුරුණු බව) දක්වයි. වික්‍ෂිප්ත සිත් ඇත්තාට ඇසීමක් නො සිදුවන බැවිනි. එසේ ම ය: විසිරී ගිය මනස ඇති පුද්ගලයා සියලු සැපතින් පවසනු ලබන කල්හි (සියලු සැපත් දෙමි යි කියන විට) පවා ‘මා විසින් නො අසන ලදී, යළි කියන්නැයි පවසයි. මෙහි යෝනිසෝ මනසිකාරයෙන් සිත මනා කොට පිහිටුවා ගැනීම හා පෙර කළ පින් ඇති බව ද සාධනය කරයි. මැනවින් සිත පිහිටුවා නො ගත්තහුට හෝ පෙර පින් නො කළ තැනැත්තහුට ද එය නොමැති බැවිනි. එසේ ම නො විසුරුණු සිතින් ධර්ම ශ්‍රවණය කිරීම, සත්පුරුෂ ආශ්‍රය ද සාදයි. විසුරුණු සිත් ඇත්තේ ඇසීමට අසමත් වෙයි. සත්පුරුෂයන් ඇසුරු නො කරන්නහුට (ධර්ම) ශ්‍රවණයක් නොමැත යනු යි.

අපරො නයො – යස‍්මා “එවන‍්ති යස‍්ස චිත‍්තසන‍්තානස‍්ස නානාකාරප‍්පවත‍්තියා නානත්‍ථබ්‍යඤ‍්ජනග‍්ගහණං හොති, තස‍්ස නානාකාරනිද‍්දෙසො”ති වුත‍්තං, සො ච එවං භද‍්දකො ආකාරො න සම‍්මා අප‍්පණිහිතත‍්තනො පුබ‍්බෙ අකතපුඤ‍්ඤස‍්ස වා හොති, තස‍්මා එවන‍්ති ඉමිනා භද‍්දකෙන ආකාරෙන පච‍්ඡිමචක‍්කද‍්වයසම‍්පත‍්තිමත‍්තනො දීපෙති. සුතන‍්ති සවනයොගෙන පුරිමචක‍්කද‍්වයසම‍්පත‍්තිං. න හි අප‍්පතිරූපදෙසෙ වසතො සප‍්පුරිසූපනිස‍්සයවිරහිතස‍්ස වා සවනං අත්‍ථි. ඉච‍්චස‍්ස පච‍්ඡිමචක‍්කද‍්වයසිද‍්ධියා ආසයසුද‍්ධි සිද‍්ධා හොති, පුරිමචක‍්කද‍්වයසිද‍්ධියා පයොගසුද‍්ධි, තාය ච ආසයසුද‍්ධියා අධිගමබ්‍යත‍්තිසිද‍්ධි, පයොගසුද‍්ධියා ආගමබ්‍යත‍්තිසිද‍්ධි. ඉති පයොගාසයසුද‍්ධස‍්ස ආගමාධිගමසම‍්පන‍්නස‍්ස වචනං අරුණුග‍්ගං විය සූරියස‍්ස උදයතො, යොනිසො මනසිකාරො විය ච කුසලකම‍්මස‍්ස, අරහති භගවතො වචනස‍්ස පුබ‍්බඞ‍්ගමං භවිතුන‍්ති ඨානෙ නිදානං ඨපෙන‍්තො එවං මෙ සුතන‍්තිආදිමාහ.

තවත් ක්‍රමයකි : යම් හෙයකින් ‘එවං’ යනු යම් චිත්ත සන්තානයක නොයෙක් ආකාර පැවතීම් හේතුවෙන් නානා අර්ථව්‍යංජන ගැනීමක් වේ ද, ඊට නානා ප්‍රකාර දැක්වීම යයි කියන ලදී. මෙබඳු යහපත් ආකාරයක් මනා ලෙස සිත නො පිහිටුවූවකුට හෝ පෙර කළ පින් නොමැත්තහුට හෝ නො වේ. එබැවින් ‘එවං’ (මෙසේ) යන යහපත් ආකාරයෙන් තමාගේ පශ්චාත් චක්‍රය සම්පත්තිය දක්වයි. ‘සුතං’ යනු සවන් යොමු කිරීමෙන් පළමු චක්‍රද්වය සම්පත්තිය යි. නුසුදුසු පෙදෙසක වසන්නා හට හෝ පෙර සත්පුරුෂ ආශ්‍රය රහිත වූවහුට හෝ (ධර්ම) ශ්‍රවණයක් නොමැත. මෙසේ ඔහුගේ පශ්චාත් චක්‍රද්වය සිදුවීමෙන් ආසය සුද්ධිය සිද්ධ වූයේ වෙයි. පළමු චක්‍රද්වය සිද්ධියෙන් පයෝග සුද්ධිය වූයේ වේ. ඒ ආසය සුද්ධියෙන් ද අධිගම ව්‍යත්ති සිද්ධිය වේ. පයෝග සුද්ධියෙන් ආගම ව්‍යත්ති සිද්ධිය වේ. මෙසේ පයෝග ආසය සුද්ධි ඇති, ආගම අධිගමයෙන් යුක්ත තැනැත්තාගේ වචනය නැඟී එන සූර්යයාට අරුණ අග මෙන් ද කුශල කර්මයට යෝනිසෝ මනසිකාරය මෙන් ද භාග්‍යවතුන් වහන්සේගේ වචනයට (පෙරටු කොට සිටීම) සුදුසු වේයැ යි තෙරුන් වහන්සේ නිදානය තබා ‘එවං මෙ සුතං’ යනාදිය පැවසූ සේක.

අපරො නයො – එවන‍්ති ඉමිනා නානප‍්පකාරපටිවෙධදීපකෙන වචනෙන අත‍්තනො අත්‍ථපටිභානපටිසම‍්භිදාසම‍්පත‍්තිසබ‍්භාවං දීපෙති. සුතන‍්ති ඉමිනා සොතබ‍්බභෙදපටිවෙධදීපකෙන ධම‍්මනිරුත‍්තිපටිසම‍්භිදාසම‍්පත‍්තිසබ‍්භාවං. එවන‍්ති ච ඉදං යොනිසො මනසිකාරදීපකවචනං භාසමානො – “එතෙ මයා ධම‍්මා මනසානුපෙක‍්ඛිතා දිට‍්ඨියා සුප‍්පටිවිද‍්ධා”ති දීපෙති. සුතන‍්ති ඉදං සවනයොගදීපකවචනං භාසමානො – “බහූ මයා ධම‍්මා සුතා ධාතා වචසා පරිචිතා”ති දීපෙති. තදුභයෙනපි අත්‍ථබ්‍යඤ‍්ජනපාරිපූරිං දීපෙන‍්තො සවනෙ ආදරං ජනෙති. අත්‍ථබ්‍යඤ‍්ජනපරිපුණ‍්ණඤ‍්හි ධම‍්මං ආදරෙන අස‍්සුණන‍්තො මහතා හිතා පරිබාහිරො හොතීති ආදරං ජනෙත්‍වා සක‍්කච‍්චං ධම‍්මො සොතබ‍්බොති.

අනික් ක්‍රමයකි. ‘එවං’ යන නානාවිධ ප්‍රතිවේධයන් (අවබෝධ කර ගැනීම්) ප්‍රකට කෙරෙන මේ වචනයෙන් තමාගේ අර්ථ ප්‍රතිභාන පටිසම්භිදා සම්පත්ති (අර්ථය අවබෝධ කර ගැනීමේ චතුර්විධ විශ්ලේෂක ඥාන සම්පත්තිය) ඇති බව දක්වයි. ‘සුතං’ යන මෙයින් ශ්‍රෝතප්‍රභේද ප්‍රතිවේධ (ඇසිය යුතු ධර්ම කොටස් අවබෝධය) දක්වන (වචනයෙන් ධර්ම නිරුක්ති පටිසම්භිදා සම්පත්තිය ඇති බව (පෙන්වයි.) ‘එවං’ යන්න ද මේ යෝනිසෝ මනසිකාරය හඟවන්නා වූ වචනය පවසමින් ‘මේ ධර්මයෝ මවිසින් මනසින් විමසා බලන ලදහ; දෘෂ්ටියෙන් මනාව වටහා ගන්නා ලදහ යි හඟවයි. ඒ දෙකින් ම අර්ථ ව්‍යඤ්ජන පරිපූර්ණත්වය හඟවමින් ඇසීමෙහි ගෞරවය ජනිත කරයි. අර්ථ ව්‍යඤ්ජනයන්ගෙන් පරිපූර්ණ වූ ධර්මය ගෞරවයෙන් නො අසන්නේ මහත් වූ අභිවෘද්ධියෙන් පරිබාහිර වූයේ යි ගෞරවය ඇති කොට ගෙන සකසා ධර්මය ඇසිය යුතු ය.

එවං මෙ සුතන‍්ති ඉමිනා පන සකලෙන වචනෙන ආයස‍්මා ආනන්‍දො තථාගතප‍්පවෙදිතං ධම‍්මං අත‍්තනො අදහන‍්තො අසප‍්පුරිසභූමිං අතික‍්කමති, සාවකත‍්තං පටිජානන‍්තො සප‍්පුරිසභූමිං ඔක‍්කමති. තථා අසද‍්ධම‍්මා චිත‍්තං වුට‍්ඨාපෙති, සද‍්ධම‍්මෙ චිත‍්තං පතිට‍්ඨාපෙති. “කෙවලං සුතමෙවෙතං මයා, තස‍්සෙව පන භගවතො වචන”න‍්ති දීපෙන‍්තො අත‍්තානං පරිමොචෙති, සත්‍ථාරං අපදිසති, ජිනවචනං අප‍්පෙති, ධම‍්මනෙත‍්තිං පතිට‍්ඨාපෙති.

‘එවං මෙ සුතං’ යන මේ සියලු වචනයෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මය තමන්ගේ (දහමක්) බවට පවරා නො ගනිමින් අසත්පුරුෂ තත්ත්වය ඉක්මවති. ශ්‍රාවක භාවය පිළිගනිමින් සත්පුරුෂ තත්ත්වයට එළැඹෙති. එසේ ම අසත් ධර්මයෙන් සිත ඔසවා ලති. සදහම්හි පිහිටුවා ලති. හුදෙක් මා විසින් මෙසේ අසන ලද්දේ ම ය. ඒවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචන ම යයි දක්වා ලමින් තමා (හිමිකමින්) මුදවා ලන සේක. ශාස්තෘන් වහන්සේ සාක්ෂ්‍ය කොට දක්වති. ජින වචනය නංවා ලති. ධර්මයේ මාර්ග දේශකත්වය පිහිටුවා ලති.

අපිච “එවං මෙ සුත”න‍්ති අත‍්තනා උප‍්පාදිතභාවං අප‍්පටිජානන‍්තො පුරිමවචනං විවරන‍්තො – “සම‍්මුඛා පටිග‍්ගහිතමිදං මයා තස‍්ස භගවතො චතුවෙසාරජ‍්ජවිසාරදස‍්ස දසබලධරස‍්ස ආසභට‍්ඨානට‍්ඨායිනො සීහනාදනාදිනො සබ‍්බසත‍්තුත‍්තමස‍්ස ධම‍්මිස‍්සරස‍්ස ධම‍්මරාජස‍්ස ධම‍්මාධිපතිනො ධම‍්මදීපස‍්ස ධම‍්මසරණස‍්ස සද‍්ධම‍්මවරචක‍්කවත‍්තිනො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස වචනං, න එත්‍ථ අත්‍ථෙ වා ධම‍්මෙ වා පදෙ වා බ්‍යඤ‍්ජනෙ වා කඞ‍්ඛා වා විමති වා කත‍්තබ‍්බා”ති සබ‍්බදෙවමනුස‍්සානං ඉමස‍්මිං ධම‍්මෙ අස‍්සද‍්ධියං විනාසෙති, සද‍්ධාසම‍්පදං උප‍්පාදෙතීති. තෙනෙතං වුච‍්චති –

තව ද ‘එවං මෙ සුතං’ යනුවෙන් තමා විසින් උපදවන ලද බව නො පිළිගනිමින් මුලින් ඇසීම එළිදක්වන සේක්, මා විසින් මෙය චතුර් වෛශාරද්‍යයෙන් (විශාරද සතරකින්) විශාරද වූ, දශ බලධාරී වූ, ශ්‍රේෂ්ඨ ස්ථානයේ සිටියා වූ, සිංහ නාද පවත්වන්නා වූ, සියලු සත්ත්වයන්ට උත්තම වූ, ධර්මේශ්වර වූ, ධර්මරාජ වූ, ධර්මාධිපති වූ, ධර්මදීප වූ, ධර්මප්‍රතිෂ්ඨා වූ, සද්ධර්මවර චක්‍රවර්ති වූ භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සම්මුඛයෙන් පිළිගන්නා ලදී. මෙහි අර්ථයෙහි හෝ ධර්මයෙහි හෝ පදයෙහි හෝ ව්‍යඤ්ජනයෙහි හෝ සැකයක් හෝ විමතියක් හෝ නො කළ යුතු ය යි සියලු දෙව් මිනිසුන්ගේ ධර්මය පිළිබඳ අශ්‍රද්ධාව විනාශ කරයි. ශ්‍රද්ධා සම්පත්තිය උපදවා ලයි. එහෙයින් කියන ලදී.

“විනාසයති අස‍්සද‍්ධං, සද‍්ධං වඩ‍්ඪෙති සාසනෙ; එවං මෙ සුතමිච‍්චෙවං, වදං ගොතමසාවකො”ති.

“විනාසයති අස්සද්ධං සද්ධං වඩ්ඪෙති සාසනෙ, එවං මෙ සුතමිච්චෙවං වදං ගොතමසාවකො”

(ගෞතම බුද්ධ ශ්‍රාවක තෙමේ ‘එවං මෙ සුතං’ යනුවෙන් මෙසේ පවසමින් සසුනෙහි අශ්‍රද්ධාව විනාශ කරයි. ශ්‍රද්ධාව වඩවයි.)

එකන‍්ති ගණනපරිච‍්ඡෙදනිද‍්දෙසො. සමයන‍්ති පරිච‍්ඡින‍්නනිද‍්දෙසො. එකං සමයන‍්ති අනියමිතපරිදීපනං. තත්‍ථ සමයසද‍්දො –

‘එකං’ යනු සංඛ්‍යා සීමාව නිර්දේශ කිරීම යි. ‘සමයං’ යනු (කාලය) වෙන් කිරීමේ (සීමා කිරීමේ) නිර්දේශය යි. ‘එකං සමයං’ යනු අවිනිශ්චිතාර්ථය දැක්වීම යි. එහි ‘සමය’ ශබ්දය:

“සමවායෙ ඛණෙ කාලෙ, සමූහෙ හෙතුදිට‍්ඨිසු; පටිලාභෙ පහානෙ ච, පටිවෙධෙ ච දිස‍්සති”.

“සමවායෙ ඛණෙ කාලෙ සමූහෙ හෙතුදිට්ඨිසු පටිලාභෙ පහාණෙ ච පටිවෙධෙ ච දිස්සති”

(සමවායෙහි (එක්වීමෙහි), ක්ෂණයෙහි, කාලයෙහි, සමූහයෙහි, හේතුවෙහි, දෘෂ්ටියෙහි, ප්‍රතිලාභයෙහි, ප්‍රහාණය කිරීමෙහි, ප්‍රතිවේධයෙහි (අවබෝධ කොට ගැන්මෙහි) ද දක්නා ලැබේ.)

තථා හිස‍්ස “අප‍්පෙව නාම ස‍්වෙපි උපසඞ‍්කමෙය්‍යාම කාලඤ‍්ච සමයඤ‍්ච උපාදායා”ති එවමාදීසු (දී· නි· 1.447) සමවායො අත්‍ථො. “එකොව ඛො, භික‍්ඛවෙ, ඛණො ච සමයො ච බ්‍රහ‍්මචරියවාසායා”තිආදීසු (අ· නි· 8.29) ඛණො. “උණ‍්හසමයො පරිළාහසමයො”තිආදීසු (පාචි· 358) කාලො. “මහාසමයො පවනස‍්මි”න‍්තිආදීසු (දී· නි· 2.332) සමූහො. “සමයොපි ඛො තෙ, භද‍්දාලි, අප‍්පටිවිද‍්ධො අහොසි, භගවා ඛො සාවත්‍ථියං විහරති, භගවාපි මං ජානිස‍්සති – ‘භද‍්දාලි, නාම භික‍්ඛු සත්‍ථුසාසනෙ සික‍්ඛාය අපරිපූරකාරී’ති. අයම‍්පි ඛො තෙ, භද‍්දාලි, සමයො අප‍්පටිවිද‍්ධො අහොසී”තිආදීසු (ම· නි· 2.135) හෙතු. “තෙන ඛො පන සමයෙන උග‍්ගාහමානො පරිබ‍්බාජකො සමණමුණ‍්ඩිකාපුත‍්තො සමයප‍්පවාදකෙ තින්‍දුකාචීරෙ එකසාලකෙ මල‍්ලිකාය ආරාමෙ පටිවසතී”තිආදීසු (ම· නි· 2.260) දිට‍්ඨි.

එසේ ය. මෙහි: ‘අප්පෙවනාම ස්වෙපි උපසඞ්කමෙය්‍යාම කාලඤ්ච සමයඤ්ච උපාදාය’ (හෙට ද වේලාවත් පහසුවත් සළකා ළං වන්නමෝ නම් යෙහෙකි) යනාදියෙහි සමවාය යන අර්ථය වේ. ‘එකොව ඛො භික්‍ඛවෙ ඛණො ච සමයො ච බ්‍රහ්මචරියවාසාය’ (මහණෙනි, බඹසර විසීමට ක්‍ෂණයත් කාලයත් එය ම වේ) යනාදියෙහි ක්‍ෂණය (මොහොත) යන අර්ථ යි. ‘උණ්හසමයො පරිළාහසමයො’ (උෂ්ණ කාලය වේදනාකාරී කාලය) ආදියෙහි කාලය වේ. ‘මහාසමයො පවනස්මිං’ (පවනෙහි - වනාන්තරයෙහි - මහා සමාගම) යන තැන්වල සමූහය යි. ‘සමයොපි ඛො තෙ භද්දාලි අප්පටිවිද්ධො අහොසි: භගවා ඛො සාවත්‍ථියං විහරති භගවාපි මං ජානිස්සති භද්දාලි නාම භික්‍ඛු සත්‍ථුසාසනෙ සික්‍ඛාය න පරිපූරකාරීති අයම්පි ඛො තෙ භද්දාලි සමයො අප්පටිවිද්ධො අහොසි’ (භද්දාලිය, ඔබ විසින් සමය (සැලකිල්ලට ගත යුතු කරුණ) ද නො සලකන ලද්දේ ය. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වාසය කරති. භද්දාලි නම් භික්‍ෂුව ඒ භික්‍ෂු ශාසනයෙහි ශික්ෂා පද සපුරා නො රකින්නෙකියි භාග්‍යවතුන් වහන්සේත් මා දන්නාහ යි භද්දාලිය, ඔබ විසින් මෙකරුණ ද නො සලකන ලද්දේ ය) ආදියෙහි හේතු වේ. ‘තෙන ඛො පන සමයෙන උග්ගාහමානො පරිබ්බාජකො සමණමණ්ඩිකාපුත්තො සමයප්පවාදකෙ තින්‍දුකාචීරෙ එකසාලකෙ මල්ලිකාය ආරාමෙ පටිවසති’ (එසමයෙහි සමණමණ්ඩික පුත්‍ර උග්ගාහමාන නම් පරිබ්‍රාජක තෙමේ (විවිධ දෘෂ්ටි වාද එක් කොට සමය පවසන හෙයින්) සමයප්පවාදක නම් වූ තින්දුකාචීර ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි වසයි) ආදියෙහි දෘෂ්ටිය යි.

“දිට‍්ඨෙ ධම‍්මෙ ච යො අත්‍ථො, යො චත්‍ථො සම‍්පරායිකො; අත්‍ථාභිසමයා ධීරො, පණ‍්ඩිතොති පවුච‍්චතී”ති. –

“දිට්ඨෙව ධම්මෙ යො අත්‍ථො යො චත්‍ථො සම්පරායිකො, අත්‍ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චති.”

ආදීසු (සං· නි· 1.129) පටිලාභො. “සම‍්මා මානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සා”තිආදීසු (ම· නි· 1.28) පහානං. “දුක‍්ඛස‍්ස පීළනට‍්ඨො සඞ‍්ඛතට‍්ඨො සන‍්තාපට‍්ඨො විපරිණාමට‍්ඨො අභිසමයට‍්ඨො”තිආදීසු (පටි· ම· 2.8) පටිවෙධො. ඉධ පනස‍්ස කාලො අත්‍ථො. තෙන සංවච‍්ඡර-උතු-මාසඩ‍්ඪමාස-රත‍්ති-දිව-පුබ‍්බණ‍්හ-මජ‍්ඣන‍්හික-සායන‍්හ-පඨමමජ‍්ඣිමපච‍්ඡිමයාම-මුහුත‍්තාදීසු කාලප‍්පභෙදභූතෙසු සමයෙසු එකං සමයන‍්ති දීපෙති.

(මෙලොව දී යම් අර්ථයක් වේ ද, පරලොව දී ද යම් අර්ථයක් වේ ද (යන මේ දෙක්හි ම) අර්ථ ලාභය හේතුවෙන් නුවණැත්තා ‘පණ්ඩිත’ යි කියනු ලැබේ.) ආදියෙහි ප්‍රතිලාභය යි. ‘සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්‍ඛසස’ (මැනවින් මානය ප්‍රහාණය කිරීමෙන් දුක් කෙළවර කළේ ය) ආදියෙහි ප්‍රහාණය යි. ‘දුක්‍ඛස්ස පීළනට්ඨො සංඛතට්ඨො සන්තාපට්ඨො විපරිණාමට්ඨො අභිසමයට්ඨො’ (දුකෙහි පෙළන අර්ථය, සකස් කරන ලද අර්ථය, තවන අර්ථය, විපරිණාම අර්ථය, අවබෝධ කර ගැනීම් අර්ථය) වැනි තැන්වල ප්‍රතිවේධය වේ. මෙහි කාලය යන අර්ථ යි. එයින් වසර, ඍතුව, මාස, අර්ධ මාස, රෑ දාවල්, පූර්වාහ්න, මධ්‍යාහ්න, සායාහ්න, ප්‍රථම යාම, මධ්‍යම යාම, පශ්චිම යාම, මුහුර්ත ආදී කාල ප්‍රභේද වූ සමයන් අතුරින් එක් කාලයක ය යි දක්වයි.

තත්‍ථ කිඤ‍්චාපි එතෙසු සංවච‍්ඡරාදීසු සමයෙසු යං යං සුත‍්තං යස‍්මිං යස‍්මිං සංවච‍්ඡරෙ උතුම‍්හි මාසෙ පක‍්ඛෙ රත‍්තිභාගෙ දිවසභාගෙ වා වුත‍්තං, සබ‍්බං තං ථෙරස‍්ස සුවිදිතං සුවවත්‍ථාපිතං පඤ‍්ඤාය. යස‍්මා පන “එවං මෙ සුතං අසුකසංවච‍්ඡරෙ අසුකඋතුම‍්හි අසුකමාසෙ අසුකපක‍්ඛෙ අසුකරත‍්තිභාගෙ අසුකදිවසභාගෙ වා”ති එවං වුත‍්තෙ න සක‍්කා සුඛෙන ධාරෙතුං වා උද‍්දිසිතුං වා උද‍්දිසාපෙතුං වා, බහු ච වත‍්තබ‍්බං හොති, තස‍්මා එකෙනෙව පදෙන තමත්‍ථං සමොධානෙත්‍වා “එකං සමය”න‍්ති ආහ.

එහි දී වුව ද මේ සංවත්සර ආදී කාලවල යම් යම් වසරක, ඍතුවක, මාසයක, පක්‍ෂයක, රාත්‍රි භාගයක, දිවා භාගයක හෝ යම් සූත්‍රයක් දේශනා කරන ලද ද, ඒ සියල්ල උන් වහන්සේගේ ප්‍රඥාවෙන් මනා කොට දක්නා ලද්දේ ය. මනා ව නිශ්චය කරන ලද්දේ ය. යම් හෙයකින් අසවල් අවුරුද්දෙහි, අසවල් ඍතුවෙහි, අසවල් මාසයෙහි, අසවල් පක්‍ෂයෙහි, අසවල් රාත්‍රි භාගයෙහි හෝ දිවා භාගයෙහි හෝ මවිසින් මෙසේ අසන ලදී යයි කී කල්හි (එය) පහසුවෙන් (සිත් හි) තබා ගැනීමට හෝ උදෙසන්නට හෝ උදෙසවන්නට හෝ නො හැකි ය. බොහෝවක් කිව යුතු ද වේ. එහෙයින් එක ම පදයකින් ඒ අර්ථය එකට ගළපා ‘එක් සමයෙක’ යි කීහ.

යෙ වා ඉමෙ ගබ‍්භොක‍්කන‍්තිසමයො ජාතිසමයො සංවෙගසමයො අභිනික‍්ඛමනසමයො දුක‍්කරකාරිකසමයො මාරවිජයසමයො අභිසම‍්බොධිසමයො දිට‍්ඨධම‍්මසුඛවිහාරසමයො දෙසනාසමයො පරිනිබ‍්බානසමයොති එවමාදයො භගවතො දෙවමනුස‍්සෙසු අතිවිය සුප‍්පකාසා අනෙකකාලප‍්පභෙදා එව සමයා. තෙසු සමයෙසු දෙසනාසමයසඞ‍්ඛාතං එකං සමයන‍්ති දීපෙති. යො චායං ඤාණකරුණාකිච‍්චසමයෙසු කරුණාකිච‍්චසමයො, අත‍්තහිතපරහිතපටිපත‍්තිසමයෙසු පරහිතපටිපත‍්තිසමයො, සන‍්නිපතිතානං කරණීයද‍්වයසමයෙසු ධම‍්මිකථාසමයො, දෙසනාපටිපත‍්තිසමයෙසු දෙසනාසමයො, තෙසුපි සමයෙසු අඤ‍්ඤතරං සන්‍ධාය “එකං සමය”න‍්ති ආහ.

යම් ඒ ගර්භාවක්‍රාන්ති සමය, උත්පත්ති සමය, සංවේග සමය, අභිනිෂ්ක්‍රමණ සමය, දුෂ්කර ක්‍රියා සමය, මාර විජය සමය, අභිසම්බෝධි සමය, දිට්ඨධම්මසුඛවිහරණ සමය, දේශනා සමය, පරිනිර්වාණ සමය ආදිය දෙව් මිනිසුන් අතර බෙහෙවින් ප්‍රකට, භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අනේකවිධ කාල ප්‍රභේදයෝ ය. ඒ සමයන් (කාල) අතර දේශනා සමය වශයෙන් ගැනෙන ‘එකං සමයං’ (එක් සමයෙක්හි) යයි දක්වයි. ඥානකරුණාකෘත්‍ය සමයන් අතුරෙහි යම් මේ කරුණාකෘත්‍ය සමයක් වේ ද, අත්තහිත පරහිත පටිපත්ති සමයන් අතුරෙහි පරහිත පටිපත්ති සමයක් වේ ද, රැස්වූවනට කරණීයද්වය සමයන් අතුරෙහි ධාර්මික කථා සමයක් වේ ද, දේශනා පටිපත්ති සමයෙහි දේශනා සමයක් වේ ද, ඒ සමයන් අතරෙහි එක්තරා සමයක් අරභයා ‘එකං සමයං’ (එක් සමයෙක්හි) යැයි කීහ.

කස‍්මා පනෙත්‍ථ යථා අභිධම‍්මෙ “යස‍්මිං සමයෙ කාමාවචර”න‍්ති ච ඉතො අඤ‍්ඤෙසු සුත‍්තපදෙසු “යස‍්මිං සමයෙ, භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහී”ති ච භුම‍්මවචනෙන නිද‍්දෙසො කතො, විනයෙ ච “තෙන සමයෙන බුද‍්ධො භගවා”ති කරණවචනෙන, තථා අකත්‍වා “එකං සමය”න‍්ති උපයොගවචනෙන නිද‍්දෙසො කතොති. තත්‍ථ තථා, ඉධ ච අඤ‍්ඤථා අත්‍ථසම‍්භවතො. තත්‍ථ හි අභිධම‍්මෙ ඉතො අඤ‍්ඤෙසු සුත‍්තපදෙසු ච අධිකරණත්‍ථො භාවෙනභාවලක‍්ඛණත්‍ථො ච සම‍්භවති. අධිකරණඤ‍්හි කාලත්‍ථො සමූහත්‍ථො ච සමයො, තත්‍ථ වුත‍්තානං ඵස‍්සාදිධම‍්මානං ඛණසමවායහෙතුසඞ‍්ඛාතස‍්ස ච සමයස‍්ස භාවෙන තෙසං භාවො ලක‍්ඛීයති. තස‍්මා තදත්‍ථජොතනත්‍ථං තත්‍ථ භුම‍්මවචනනිද‍්දෙසො කතො.

අභිධර්මයෙහි මෙන් ‘යස්මිං සමයෙ කාමාවචරං’ (යම් කලෙක කාමාවචර) යනුවෙන් ද මෙයින් අන්‍යය වූ සූත්‍ර පදවල ‘යස්මිං සමයෙ භික්‍ඛවෙ භික්‍ඛු විවිච්චෙව කාමෙහි’ (මහණෙනි, භික්‍ෂුව යම් කලක කාමයෙන් වෙන් ව) යනුවෙන් ආධාර විභක්ති වචනයෙන් නිර්දේශ කරන ලද්දේ වෙයි. විනයෙහි ‘තෙන සමයෙන බුද්ධො භගවා’ (එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ) කරණ විභක්තියෙන් (නිර්දේශ කරන ලද්දේ) වෙයි. කුමක් හෙයින් එසේ නො කොට ‘එකං සමයං’ යි කර්ම විභක්තියෙන් නිර්දේශ කරන ලද්දේ ද ? එහි දී එලෙසත් මෙහි දී අන්‍යකාරයකටත් අර්ථය ඇති වන හෙයිනි. එහි අභිධර්මයෙහිත් ඉන් අන්‍ය වූ සූත්‍ර පදවලත් ‘අධිකරණ’ අර්ථය ද භාවයෙන් භාවලක්‍ෂණ අර්ථය ද හට ගනී. ‘අධිකරණය’ වූ කලී කාලාර්ථය හා සමූහාර්ථය ඇති සමය යි. එහි කියන ලද ස්පර්ශ ආදී ධර්මයන්ගේ ක්‍ෂණ සමවාය සංඛ්‍යාත වූ සමයාගේ ස්වභාවයෙන් ඔවුන්ගේ ස්වභාවය සළකුණු වනු ලැබේ. එහෙයින් ඒ අර්ථය උද්දීපනය වනු පිණිස එහි ආධාර විභක්ති වචනයෙන් නිර්දේශ කරනු ලැබේ.

විනයෙ ච හෙතුඅත්‍ථො කරණත්‍ථො ච සම‍්භවති. යො හි සො සික‍්ඛාපදපඤ‍්ඤත‍්තිසමයො සාරිපුත‍්තාදීහිපි දුබ‍්බිඤ‍්ඤෙය්‍යො, තෙන සමයෙන හෙතුභූතෙන කරණභූතෙන ච සික‍්ඛාපදානි පඤ‍්ඤාපයන‍්තො සික‍්ඛාපදපඤ‍්ඤත‍්තිහෙතුඤ‍්ච අපෙක‍්ඛමානො භගවා තත්‍ථ තත්‍ථ විහාසි. තස‍්මා තදත්‍ථජොතනත්‍ථං තත්‍ථ කරණවචනෙන නිද‍්දෙසො කතො.

විනයෙහි ද හේතු අර්ථයත් කරණ අර්ථයත් හට ගනී. යම් ඒ ශික්‍ෂා පද ප්‍රඥප්ති පනවන සමයක් සැරියුත් ආදී මහරහතන් වහන්සේලා විසින් පවා වටහා ගැනීම දුෂ්කර වන්නේ ද, ඒ හේතුභූත වූ ද කරණ වූ ද සමයෙන් ශික්ෂා පද පනවමින් ශික්‍ෂා පද ප්‍රඥප්ති හේතුව ද විමසා බලමින් භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ තන්හි වාසය කළ සේක. එහෙයින් ඒ අදහස උද්දීපනය කරනු සඳහා එහි කරණ විභක්ති වචනයෙන් නිර්දේශ කරන ලදී.

ඉධ පන අඤ‍්ඤස‍්මිං ච එවංජාතිකෙ අච‍්චන‍්තසංයොගත්‍ථො සම‍්භවති. යඤ‍්හි සමයං භගවා ඉමං අඤ‍්ඤං වා සුත‍්තන‍්තං දෙසෙසි, අච‍්චන‍්තමෙව තං සමයං කරුණාවිහාරෙන විහාසි. තස‍්මා තදත්‍ථජොතනත්‍ථං ඉධ උපයොගවචනනිද‍්දෙසො කතොති.

මෙහිත් මේ ස්වරූපය ඇති අනෙක් තන්හිත් අත්‍යන්ත සංයෝග අර්ථය සම්භව වෙයි. යම් සමයක භාග්‍යවතුන් වහන්සේ මේ (සූත්‍රය) හෝ අනෙක් සූත්‍රාන්තයක් හෝ දේශනා කළ සේක් ද, එම කාලය අත්‍යන්තයෙන් ම කරුණා සහගත වූ වාසයෙන් වාසය කළ සේක. එහෙයින් එම අර්ථය උද්දීපනය කරනු පිණිස මෙහි කර්ම විභක්ති වචනය නිර්දේශ කරන ලදී.

තෙනෙතං වුච‍්චති –

එහෙයින් මෙය කියනු ලැබේ.

“තං තං අත්‍ථමපෙක‍්ඛිත්‍වා, භුම‍්මෙන කරණෙන ච; අඤ‍්ඤත්‍ර සමයො වුත‍්තො, උපයොගෙන සො ඉධා”ති.

“තං තං අත්‍ථමවෙක්‍ඛිත්‍වා භුම්මෙන කරණෙන ච, අඤ්ඤත්‍ර සමයො වුත්තො උපයොගෙන සො ඉධ”

(ඒ ඒ අර්ථය සලකා අන් තන්හි ආධාර (විභක්ති) යෙන් හා කරණ (විභක්ති) යෙන් ද මෙහි කර්ම (විභක්ති) යෙන් ද ඒ සමය ශබ්දය කියන ලදී.)

පොරාණා පන වණ‍්ණයන‍්ති – “තස‍්මිං සමයෙ”ති වා “තෙන සමයෙනා”ති වා “එකං සමය”න‍්ති වා අභිලාපමත‍්තභෙදො එස, සබ‍්බත්‍ථ භුම‍්මමෙව අත්‍ථොති. තස‍්මා “එකං සමය”න‍්ති වුත‍්තෙපි “එකස‍්මිං සමයෙ”ති අත්‍ථො වෙදිතබ‍්බො.

පෝරාණයෝ මෙසේ දක්වති. ‘තස්මිං සමයෙ’ (එසමයෙහි) හෝ ‘තෙන සමයෙන’ (ඒ සමයෙන්) හෝ ‘තං සමයං’ (එසමය) යන්න ප්‍රකාශන කිරීම් මාත්‍ර වූ භේදයකි. ඒ සෑම තන්හි ම ආධාර විභක්තිය ම අර්ථ වේ. එහෙයින් ‘එකං සමයං’ කී කල්හි ද ‘එකස්මිං සමයෙ’ යි අර්ථය දත යුත්තේ ය.

භගවාති ගරු. ගරුං හි ලොකෙ “භගවා”ති වදන‍්ති. අයඤ‍්ච සබ‍්බගුණවිසිට‍්ඨතාය සබ‍්බසත‍්තානං ගරු, තස‍්මා “භගවා”ති වෙදිතබ‍්බො.

‘භගවා’ යනු ගරු ය. භාග්‍යවතුන් වහන්සේ ගරු යයි පවසති. මෙතෙමේ සියලු ගුණයන්ගේ විශිෂ්ටතා හේතුවෙන් සියලු සත්ත්වයන්ට ගරු ය. එහෙයින් ‘භගවා’ (භාග්‍යවතුන් වහන්සේ) යි දත යුතු ය.

පොරාණෙහිපි වුත‍්තං –

පෝරාණයන් විසින් ද (ඒ බැව්) කියන ලදී.

“භගවාති වචනං සෙට‍්ඨං, භගවාති වචනමුත‍්තමං; ගරු ගාරවයුත‍්තො සො, භගවා තෙන වුච‍්චතී”ති. (විසුද‍්ධි· 1.142);

“භගවාති වචනං සෙට්ඨං භගවාති වචනමුත්තමං, ගරුගාරවයුත්තො සො භගවා තෙන වුචචති”

(භගවා යන වචනය ශ්‍රේෂ්ඨ ය. භගවා යන වචනය උතුම් ය. එහෙයින් ගරු ගෞරවයෙන් යුක්ත වූ උන් වහන්සේ ‘භගවා’ යි කියනු ලැබේ.)

අපිච –

තව ද,

“භග්‍යවා භග‍්ගවා යුත‍්තො, භගෙහි ච විභත‍්තවා; භත‍්තවා වන‍්තගමනො, භවෙසු භගවා තතො”ති. –

“භාග්‍යවා භග්ගවා යුත්තො භගෙහි ච විභත්තවා, භත්තවා වන්තගමනො භවෙසු භගවා තතො”

(භාග්‍යය ඇත්තේ ද, කෙළෙස් භග්න කළේ ද, ඉසුරුමත් බව ආදී පුණ්‍යවන්ත (භග) ධර්මයන්ගෙන් යුක්ත වූයේ ද, ධර්මය විභජනය (විභාග) කොට ප්‍රකාශ කළේ ද, උත්තම මනුෂ්‍ය ධර්ම භජනය කළේ ද, භවයන්හි වමනය කළ ගමන් ඇත්තේ ද, එහෙයින් භගවත් නම් වේ.)

ඉමිස‍්සා ගාථාය වසෙනස‍්ස පදස‍්ස විත්‍ථාරතො අත්‍ථො වෙදිතබ‍්බො. සො ච විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.144) බුද‍්ධානුස‍්සතිනිද‍්දෙසෙ වුත‍්තොයෙව.

මේ ගාථාවේ ද මේ පදයේ ද අර්ථය විස්තර වශයෙන් දත යුතු ය. එය විශුද්ධි මාර්ගයේ බුද්ධානුස්සති නිර්දේශයෙහි කියන ලද්දේ ම ය.

එත‍්තාවතා චෙත්‍ථ එවං මෙ සුතන‍්ති වචනෙන යථාසුතං ධම‍්මං දස‍්සෙන‍්තො භගවතො ධම‍්මසරීරං පච‍්චක‍්ඛං කරොති. තෙන “නයිදං අතික‍්කන‍්තසත්‍ථුකං පාවචනං, අයං වො සත්‍ථා”ති සත්‍ථු අදස‍්සනෙන උක‍්කණ‍්ඨිතං ජනං සමස‍්සාසෙති. එකං සමයං භගවාති වචනෙන තස‍්මිං සමයෙ භගවතො අවිජ‍්ජමානභාවං දස‍්සෙන‍්තො රූපකායපරිනිබ‍්බානං සාධෙති. තෙන “එවංවිධස‍්ස නාම අරියධම‍්මස‍්ස දෙසකො දසබලධරො වජිරසඞ‍්ඝාතසමානකායො සොපි භගවා පරිනිබ‍්බුතො, කෙන අඤ‍්ඤෙන ජීවිතෙ ආසා ජනෙතබ‍්බා”ති ජීවිතමදමත‍්තං ජනං සංවෙජෙති, සද‍්ධම‍්මෙ චස‍්ස උස‍්සාහං ජනෙති. එවන‍්ති ච භණන‍්තො දෙසනාසම‍්පත‍්තිං නිද‍්දිසති. මෙ සුතන‍්ති සාවකසම‍්පත‍්තිං. එකං සමයන‍්ති කාලසම‍්පත‍්තිං. භගවාති දෙසකසම‍්පත‍්තිං.

මෙහි මෙපමණකි. ‘එවම්මෙ සුතං’ යන වචනයෙන් ඇසු පරිද්දෙන් ධර්මය දේශනා කරන සේක්, භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කාය ප්‍රත්‍යක්‍ෂ කරති. එයින් මේ බුද්ධ වචනය ‘අතික්කන්තසත්‍ථුක’ (ශාස්තෘෘන් වහන්සේගෙන් බැහැර වූවක්) නො වේ. ශාස්තෲන් වහන්සේ නො දැක්මෙන් උකටලී වූ ජනයා ‘මේ ඔබගේ ශාස්තෘෘන් වහන්සේ” යි අස්වසා ලති. ‘එකං සමයං භගවා’ යන වචනයෙන් ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේගේ අවිද්‍යමානත්වය දක්වනුයේ, රූප කායේ පරිනිර්වාණය ශ්‍රවණය කරවයි. එයින් මේ ආකාරයේ ධර්මයක් දේශනා කරන දශ බලධාරී වූ, වජ්‍රය හා සම ශරීරයක් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ පවා පිරිනිවුණු සේක. අන් කවරකු විසින් ජීවිතාශාව ඉපිද විය යුත්තේ දැ යි ජිවිත මදයෙන් මත් වූ ජනයා සංවේගයට පත් කරවයි. සද්ධර්මය කෙරෙහි ජනයාගේ උනන්දුව උපදවා ලයි. ‘එවං’ යි ද කියමින් දේශනා සම්පත්තිය නිර්දේශ කරයි. ‘මෙ සුතං’ යනුවෙන් ශ්‍රාවක සම්පත්තිය (නිර්දේශ කරයි.) ‘එකං සමයං’ කාල සම්පත්තිය (නිර්දේශ කරයි.) ‘භගවා’ යනු දේශක සම්පත්තිය යි.

සාවත්‍ථියන‍්ති එවංනාමකෙ නගරෙ. සමීපත්‍ථෙ චෙතං භුම‍්මවචනං. විහරතීති අවිසෙසෙන ඉරියාපථදිබ‍්බබ්‍රහ‍්මඅරියවිහාරෙසු අඤ‍්ඤතරවිහාරසමඞ‍්ගීපරිදීපනමෙතං. ඉධ පන ඨානගමනනිසජ‍්ජාසයනප‍්පභෙදෙසු ඉරියාපථෙසු අඤ‍්ඤතරඉරියාපථසමායොගපරිදීපනං, තෙන ඨිතොපි ගච‍්ඡන‍්තොපි නිසින‍්නොපි සයානොපි භගවා විහරතිච‍්චෙව වෙදිතබ‍්බො. සො හි එකං ඉරියාපථබාධනං අඤ‍්ඤෙන ඉරියාපථෙන විච‍්ඡින්‍දිත්‍වා අපරිපතන‍්තං අත‍්තභාවං හරති පවත‍්තෙති, තස‍්මා “විහරතී”ති වුච‍්චති.

‘සාවත්‍ථියං’ යනු එම නම ඇති නගරය යි. එය සමීපාර්ථයෙහි ආධාර විභක්ති වචනය යි. ‘විහරති’ යන මෙය අවිශේෂයෙන් ඉරියාපථ (එනම්) දිබ්බ - බ්‍රහ්ම - අරිය විහාර අතුරින් එක්තරා විහරණයකින් යුතු බව දැක්වීම යි. මෙහි සිටීම, යාම, හිඳීම, නිඳීම යන ප්‍රභේද ඇති ඉරියව්වලින් එක් ඉරියව්වක යෙදී සිටීම දැක්වීම යි. එයින් සිටිමින් ද, යමින් ද, හිඳිමින් ද, ශයනය කරමින් ද භාග්‍යවතුන් වහන්සේ වාසය කරන සේක යි දත යුතු ය. ඒ භාග්‍යවතුන් වහන්සේ එක් ඉරියව්වක් වෙනත් ඉරියව්වකින් වෙන් කොට බිඳ නො වැටෙන (අඛණ්ඩ) ලෙස ආත්ම භාවය පවත්වාගෙන යති, පවත්වති, එහෙයින් ‘විහරති’ (වාසය කරයි) යි කියනු ලැබේ.

ජෙතවනෙති ජෙතස‍්ස රාජකුමාරස‍්ස වනෙ. තඤ‍්හි තෙන රොපිතං සංවඩ‍්ඪිතං පරිපාලිතං අහොසි, තස‍්මා “ජෙතවන”න‍්ති සඞ‍්ඛං ගතං. තස‍්මිං ජෙතවනෙ. අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙති අනාථපිණ‍්ඩිකෙන ගහපතිනා චතුපඤ‍්ඤාසහිරඤ‍්ඤකොටිපරිච‍්චාගෙන බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස නිය්‍යාතිතත‍්තා “අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමො”ති සඞ‍්ඛං ගතෙ ආරාමෙ. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන පපඤ‍්චසූදනියා මජ‍්ඣිමට‍්ඨකථාය සබ‍්බාසවසුත‍්තවණ‍්ණනායං (ම· නි· අට‍්ඨ· 1.14) වුත‍්තො.

‘ජෙතවනෙ’ යනු ජේත නම් රාජ කුමාරයාගේ උයන ය. එය ඔහු විසින් වවන ලද්දේ ය, සංවර්ධනය කරන ලද්දේ ය, පාලනය කරන ලද්දේ ය. එහෙයින් ජේතවනය යි ප්‍රසිද්ධ විය. ඒ ජේතවනයෙහි ‘අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ’ යනු අනාථ පිණ්ඩික ගෘහපතියා විසින් සිවු පනස් කෙළක් රන් කහවණු පරිත්‍යාගයෙන් බුදු පාමොක් මහ සඟනට පවරා දෙන ලද බැවින් අනාථ පිණ්ඩිකගේ යයි ප්‍රකට වූ ආරාමය යි. මේ මෙහි සාරාංශය යි. විස්තරය වනාහි පපංචසූදනී නම් වූ මජ්ඣිම නිකායට්ඨ කථාවෙහි සබ්බාසව සූත්‍ර වර්ණනාවෙහි කියන ලදී.

තත්‍ථ සියා – යදි තාව භගවා සාවත්‍ථියං විහරති, “ජෙතවනෙ”ති න වත‍්තබ‍්බං. අථ තත්‍ථ විහරති, “සාවත්‍ථිය”න‍්ති න වත‍්තබ‍්බං. න හි සක‍්කා උභයත්‍ථ එකං සමයං විහරිතුන‍්ති. න ඛො පනෙතං එවං දට‍්ඨබ‍්බං.

ඉදින් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර වාසය කරත් නම් වනයෙහි යයි නො කිව යුතු ය. ඉදින් එහි (ජේතවනයෙහි) වාසය කරත් නම් සැවැත් නුවර යයි නො කිව යුතු ය. එක විට දෙතැනක විසීම නො කළ හැක්කේ ම ය. එය එසේ නො දැක්ක යුතු ය.

නනු අවොචුම‍්හ “සමීපත්‍ථෙ භුම‍්මවචන”න‍්ති. තස‍්මා යථා ගඞ‍්ගායමුනාදීනං සමීපෙ ගොයූථානි චරන‍්තානි “ගඞ‍්ගායං චරන‍්ති, යමුනායං චරන‍්තී”ති වුච‍්චති, එවමිධාපි යදිදං සාවත්‍ථියා සමීපෙ ජෙතවනං, තත්‍ථ විහරන‍්තො වුච‍්චති “සාවත්‍ථියං විහරති ජෙතවනෙ”ති. ගොචරගාමනිදස‍්සනත්‍ථං හිස‍්ස සාවත්‍ථිවචනං, පබ‍්බජිතානුරූපනිවාසට‍්ඨානනිදස‍්සනත්‍ථං සෙසවචනං.

සමීපාර්ථයෙහි ආධාර විභක්ති යයි නො කීවෙමු ද? එබැවින්, යම් සේ ගංගා, යමුනා ආදින් අසළ හැසිරෙන ගව රංචු ‘ගංගාවෙහි සැරිසරති’, ‘යමුනාවෙහි සැරිසරති’ යි කියනු ලැබේ ද, එසේ ම මෙහි ද, සැවැත් නුවර සමීපයෙහි ජේතවනය වේ ද, එහි විහරණය කරන්නේ ‘සාවත්‍ථියං විහරති ජෙතවනෙ’ (සැවැත් නුවර ජේතවනාරාමයෙහි වාසය කරයි) යි කියනු ලැබේ. මේ සාවත්‍ථි වචනය ගොදුරු ගම දැක්වීම පිණිස ය. සෙසු වචන පැවිද්දනට සුදුසු නිවාස ස්ථාන දැක්වීම පිණිස ය.

අඤ‍්ඤතරා දෙවතාති නාමගොත‍්තවසෙන අපාකටා එකා දෙවතාති අත්‍ථො. “අභිජානාති නො, භන‍්තෙ, භගවා අහු ඤාතඤ‍්ඤතරස‍්ස මහෙසක‍්ඛස‍්ස යක‍්ඛස‍්ස සංඛිත‍්තෙන තණ‍්හාසඞ‍්ඛයවිමුත‍්තිං භාසිතා”ති එත්‍ථ පන අභිඤ‍්ඤාතො සක‍්කොපි දෙවරාජා “අඤ‍්ඤතරො”ති වුත‍්තො. “දෙවතා”ති ච ඉදං දෙවානම‍්පි දෙවධීතානම‍්පි සාධාරණවචනං. ඉමස‍්මිං පනත්‍ථෙ දෙවො අධිප‍්පෙතො, සො ච ඛො රූපාවචරානං දෙවානං අඤ‍්ඤතරො.

‘අඤ්ඤතරා දෙවතා’ යනු නාම ගෝත්‍ර වශයෙන් අප්‍රකට එක් දේවතාවකු යන අරුත යි. ‘අභිජානාති නො භන්තෙ භගවා ආහුතං යෙව අඤ්ඤතරස මහෙසක්‍ඛස්ස යක්‍ඛස්ස සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තිං අභාසිත්‍ථ’ (ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ප්‍රසිද්ධ එක්තරා මහේශාඛ්‍ය දෙවියකුට තෘෂ්ණා ක්‍ෂය විමුක්තිය සැකෙවින් වදාළහ යි දන්නා සේක් ද?) යන මෙහි ප්‍රසිද්ධ ශක්‍ර දේවේන්ද්‍රයා පවා, ‘අඤ්ඤතරො’ යි දක්වන ලදී. ‘දෙවතා’ යන මෙය දෙවියන්ටත් දෙව් දූවරුන්ටත් පොදු වචනයකි. මෙහි වනාහි දේව පුත්‍රයා අදහස් කරන ලදී. ඔහු ද රූපාවචර දෙවියන් අතර එක්තරා කෙනෙකි.

අභික‍්කන‍්තාය රත‍්තියාති එත්‍ථ අභික‍්කන‍්ත-සද‍්දො ඛයසුන්‍දරාභිරූපඅබ‍්භානුමොදනාදීසු දිස‍්සති. තත්‍ථ “අභික‍්කන‍්තා, භන‍්තෙ, රත‍්ති, නික‍්ඛන‍්තො පඨමො යාමො, චිරනිසින‍්නො භික‍්ඛුසඞ‍්ඝො, උද‍්දිසතු, භන‍්තෙ, භගවා භික‍්ඛූනං පාතිමොක‍්ඛ”න‍්ති එවමාදීසු (අ· නි· 8.20; චූළව· 383) ඛයෙ දිස‍්සති. “අයං ඉමෙසං චතුන‍්නං පුග‍්ගලානං අභික‍්කන‍්තතරො ච පණීතතරො චා”ති එවමාදීසු (අ· නි· 4.100) සුන්‍දරෙ.

‘අභික්කන්තාය රත්තියා’ මෙහි ‘අභික්කන්ත’ ශබ්දය, ක්‍ෂය, සුන්දර, අභිරූප (මනා රූ ඇති); අබ්භනුමෝදන (සතුටුවීම / අනුමෝදන් වීම) ආදියෙහි දිස් වේ. එහි “අභික්කන්තා භන්තෙ රත්තිං නික්ඛන්තො පඨමො යාමො චිරිනිසින්නො භික්‍ඛු සංඝො උද්දිසතු භන්තෙ භගවා භික්‍ඛූනං පාතිමොක්‍ඛං’ (ස්වාමීනි, රාත්‍රිය ඉක්ම ගොසිනි. ප්‍රථම යාමය ක්‍ෂය වී ගොසිනි. භික්‍ෂු සංඝයා බොහෝ වේලාවක් රැඳී සිටිති. භාග්‍යවත් ස්වාමීනි, භික්‍ෂූන්ට ප්‍රාතිමෝක්‍ෂය දේශනා කරන සේක්වා) යනාදියෙහි ක්‍ෂය වීමෙහි දිස්වේ. ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච’ (මේ පුද්ගලයන් සතර දෙනා අතර මොහු වඩාත් සුන්දර වඩාත් ප්‍රණීත ය) යනාදියෙහි ‘සුන්දර’ (අරුතෙහි) ය.

“කො මෙ වන්‍දති පාදානි, ඉද‍්ධියා යසසා ජලං; අභික‍්කන‍්තෙන වණ‍්ණෙන, සබ‍්බා ඔභාසයං දිසා”ති. –

“කො මෙ වන්‍දති පාදානි ඉද්ධියා යසසා ජලං, අභික්කන්තෙන වණ්‍ණෙන සබ්බා ඔභාසයං දිසා”

(සෘද්ධියෙන් යසසින් දීප්තිමත් වෙමින් මනා රූ සපුවෙන් යුත් වර්ණයෙන් සියලු දිශාවන් බබුළුවමින් කවරෙක් මාගේ පා වඳියි ද?)

එවමාදීසු (වි· ව· 857) අභිරූපෙ. “අභික‍්කන‍්තං භො ගොතම, අභික‍්කන‍්තං භො ගොතමා”ති එවමාදීසු (පාරා· 15) අබ‍්භානුමොදනෙ. ඉධ පන ඛයෙ. තෙන අභික‍්කන‍්තාය රත‍්තියා, පරික‍්ඛීණාය රත‍්තියාති වුත‍්තං හොති. තත්‍ථායං දෙවපුත‍්තො මජ‍්ඣිමයාමසමනන‍්තරෙ ආගතොති වෙදිතබ‍්බො. නියාමො හි කිරෙස දෙවතානං යදිදං බුද‍්ධානං වා බුද‍්ධසාවකානං වා උපට‍්ඨානං ආගච‍්ඡන‍්තා මජ‍්ඣිමයාමසමනන‍්තරෙයෙව ආගච‍්ඡන‍්ති.

ආදියෙහි අභිරූපයෙහි (මනා රූ සපුවෙහි) ය. ‘අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම’ (මැනවි, භවත් ගෞතමයිනි. මැනවි, භවත් ගෞතමයනි) යනාදියෙහි අබ්භනුමෝදනාවෙහි (මැනවි යි පිළිගෙන ප්‍රශංසා කිරීමෙහි) ය. මෙහි වූ කලී ක්‍ෂය වීමෙහි (ගෙවී යාමෙහි) ය. එහෙයින් ‘අභික්කන්තාය රත්තියා පරික්‍ඛීණාය රත්තියා’ (ඉක්ම ගිය රාත්‍රියෙහි, ගෙවී ගිය රාත්‍රියෙහි) යි කියන ලදී. එහි දී මේ දේව පුත්‍රයා මධ්‍යම යාමය ඉකුත් වීමත් සමග ආයේ ය යි දත යුතු ය. බුදුන් වහන්සේලාට හෝ බුද්ධ ශ්‍රාවකයන් හට උවටැන් කිරීමට පැමිණෙන්නාහු මධ්‍යම යාමය ඉකුත් වීමත් සමග ම පැමිණෙති යි යන මෙය දෙවියන් අතර වූ නියමයකි.

අභික‍්කන‍්තවණ‍්ණාති ඉධ අභික‍්කන‍්ත-සද‍්දො අභිරූපෙ, වණ‍්ණ-සද‍්දො පන ඡවිථුති-කුලවග‍්ග-කාරණ-සණ‍්ඨානප‍්පමාණ-රූපායතනාදීසු දිස‍්සති. තත්‍ථ “සුවණ‍්ණවණ‍්ණොසි භගවා”ති එවමාදීසු (සු· නි· 553) ඡවියා. “කදා සඤ‍්ඤූළ‍්හා පන තෙ, ගහපති, ඉමෙ සමණස‍්ස වණ‍්ණා”ති එවමාදීසු (ම· නි· 2.77) ථුතියං. “චත‍්තාරොමෙ, භො ගොතම, වණ‍්ණා”ති එවමාදීසු (දී· නි· 3.115) කුලවග‍්ගෙ. “අථ කෙන නු වණ‍්ණෙන, ගන්‍ධථෙනොති වුච‍්චතී”ති එවමාදීසු (සං· නි· 1.234) කාරණෙ. “මහන‍්තං හත්‍ථිරාජවණ‍්ණං අභිනිම‍්මිනිත්‍වා”ති එවමාදීසු (සං· නි· 1.138) සණ‍්ඨානෙ. “තයො පත‍්තස‍්ස වණ‍්ණා”ති එවමාදීසු (පාරා· 602) පමාණෙ. “වණ‍්ණො ගන්‍ධො රසො ඔජා”ති එවමාදීසු රූපායතනෙ. සො ඉධ ඡවියා දට‍්ඨබ‍්බො. තෙන අභික‍්කන‍්තවණ‍්ණා අභිරූපච‍්ඡවි, ඉට‍්ඨවණ‍්ණා මනාපවණ‍්ණාති වුත‍්තං හොති. දෙවතා හි මනුස‍්සලොකං ආගච‍්ඡමානා පකතිවණ‍්ණං පකතිඉද‍්ධිං ජහිත්‍වා ඔළාරිකං අත‍්තභාවං කත්‍වා අතිරෙකවණ‍්ණං අතිරෙකඉද‍්ධිං මාපෙත්‍වා නටසමජ‍්ජාදීනි ගච‍්ඡන‍්තා මනුස‍්සා විය අභිසඞ‍්ඛතෙන කායෙන ආගච‍්ඡන‍්ති. තත්‍ථ කාමාවචරා අනභිසඞ‍්ඛතෙනපි ආගන‍්තුං සක‍්කොන‍්ති, රූපාවචරා පන න සක‍්කොන‍්ති. තෙසඤ‍්හි අතිසුඛුමො අත‍්තභාවො, න තෙන ඉරියාපථකප‍්පනං හොති. තස‍්මා අයං දෙවපුත‍්තො අභිසඞ‍්ඛතෙනෙව ආගතො. තෙන වුත‍්තං “අභික‍්කන‍්තවණ‍්ණා”ති.

‘අභික්කන්තවණ්ණා’ යන මෙහි ‘වණ්ණ’ (වර්ණ) ශබ්දය වූ කලී ඡවි, (සම), ස්තුති, කුල, කාරණ, සණ්ඨාන (සළකුණ = වේශය), ප්‍රමාණ, රූපායතන ආදියෙහි දිස්වේ. එහි ‘සුවණ්ණවණ්ණො භගවා’ භාග්‍යවතුන් වහන්සේ රන්වන් (වන සේක) යනාදී තැන්වල සමේ පාටෙහි ය. ‘කදා සංව්‍යූළ්හා පන තෙ ගහපති සමණස්ස ගොතමස්ස වණ්ණා’ (ගෘහපතියනි, ශ්‍රමණ ගෞතමයන්ගේ මේ ගුණ කවර කලෙක එක්රැස් කරන ලද ද?) යනාදියෙහි ස්තුති කිරීමෙහි ය. ‘චත්තාරො මෙ භො ගොතම වණ්ණා’ (භවත් ගෞතමයනි, වර්ණ - කුල - සතරකි) යනාදී තැන්වල කුල වර්ගයෙහි ය. ‘අථ කෙන නු වණ්ණෙන ගන්‍ධත්‍ථෙනොති වුච්චති’ (ඉතින් කුමන කරුණකින් ‘සුවඳ සොරා’ යි කියනු ලැබේ ද?) යනාදී තැන්වල හේතුවෙහි ය. ‘මහන්තං හත්‍ථිරාජවණ්ණං අභිනිම්මිණිත්‍වා’ (මහත් වූ ඇත් රජ වෙසක් මවා) යන තැන්වල සණ්ඨානයෙහි (සළකුණෙහි, වේශයෙහි) ය. ‘තයො පත්තස්ස වණ්ණා’ (පාත්‍රයෙහි ප්‍රමාණ තුනකි) යනාදී තැන්වල ප්‍රමාණයෙහි ය. ‘වණ්ණො ගන්‍ධො රසො ඔජා’ (වර්ණ, ගන්ධ, රස, ඕජා) යනාදී තැන්වල රූපායතනයෙහි ය. එය මෙහි සමෙහි (පාට) යි දත යුතු ය. එහෙයින් මනස්කාන්ත වර්ණයෙන් යුත්, අභිරූපී සම ඇති, ප්‍රිය වූ වර්ණ ඇති මනාප වූ වර්ණ ඇති යයි කියන ලද්දේ ය. දේවතාවෝ වනාහි මනුෂ්‍ය ලෝකයට එන්නාහු, ප්‍රකෘති වර්ණය ද ප්‍රකෘති ඍද්ධිය ද හැර දමා ඕළාරික වූ ආත්ම භාවයක් තනා අතිරේක (වෙනස්) වර්ණයක් අතිරේක සෘද්ධියක් මවා ගෙන නැටුම් ගැයුම් සහිත ව යන මනුෂ්‍යයන් මෙන් තනා ගන්නා ලද සිරුරකින් පැමිණෙති. එහි දී කාමාවචර දේවතාවෝ තනා නො ගත් (සිරුරකින්) වුව ද එන්නට සමත් වෙති. රූපාවචර දේවතාවෝ වනාහි (එසේ කිරීමට අසමත් වෙති. ඔවුන්ට අතිසූක්‍ෂ්ම ආත්ම භාවයක් (සිරුරක්) වේ. එයින් ඉරියව් සැකසීමක් නො වේ. එහෙයින් මේ දේව පුත්‍රයා අභිසංස්කෘත වූ ම (තනා ගන්නා ලද්දා වූ ම) (ශරීරයකින්) පැමිණියේ ය. එහෙයින් ‘අභික්කන්තවණ්ණා’ යි කියන ලදී.

කෙවලකප‍්පන‍්ති එත්‍ථ කෙවල-සද‍්දො අනවසෙස-යෙභුය්‍යාබ්‍යාමිස‍්සානතිරෙකදළ‍්හත්‍ථවිසංයොගාදිඅනෙකත්‍ථො. තථා හිස‍්ස “කෙවලපරිපුණ‍්ණං පරිසුද‍්ධං බ්‍රහ‍්මචරිය”න‍්ති එවමාදීසු (පාරා· 1) අනවසෙසත්‍ථමත්‍ථො. “කෙවලකප‍්පා ච අඞ‍්ගමගධා පහූතං ඛාදනීයභොජනීයං ආදාය උපසඞ‍්කමිස‍්සන‍්තී”ති එවමාදීසු (මහාව· 43) යෙභුය්‍යතා. “කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී”ති එවමාදීසු (විභ· 225) අබ්‍යාමිස‍්සතා. “කෙවලං සද‍්ධාමත‍්තකං නූන අයමායස‍්මා”ති එවමාදීසු (මහාව· 244) අනතිරෙකතා. “ආයස‍්මතො, භන‍්තෙ, අනුරුද‍්ධස‍්ස බාහියො නාම සද‍්ධිවිහාරිකො කෙවලකප‍්පං සඞ‍්ඝභෙදාය ඨිතො”ති එවමාදීසු (අ· නි· 4.243) දළ‍්හත්‍ථතා. “කෙවලී වුසිතවා උත‍්තමපුරිසොති වුච‍්චතී”ති එවමාදීසු (සං· නි· 3.57) විසංයොගො අත්‍ථො. ඉධ පනස‍්ස අනවසෙසත්‍ථො අධිප‍්පෙතො.

‘කෙවලකප්පං’ යන මෙහි ‘කෙවල’ ශබ්දය අනවශේෂ (ඉතිරි නො කොට), යේභුය්‍ය (බොහෝ, බහුල), අබ්‍යාමිස්ස (මිශ්‍ර නො වූ) අනතිරේක (අතිරේක නො වූ), දළ්හත්‍ථ (දැඩි අර්ථ - හුදෙක් ම යන අර්ථ ඇති), විසංයෝග (වෙන් ව හිඳීම) ආදි විවිධ අර්ථ වූයේ වේ. එසේ ය. මෙහි: ‘කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරිය’ (සම්පූර්ණයෙන් පිරිසුදු වූ බ්‍රහ්මචර්යය) යනාදියෙහි අනවශේෂ (ඉතිරි කිරීමක් නො කොට) යන අර්ථය ය. ‘කෙවලකප්පා ච අඞ්ගමගධා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය උපසඞ්කමිස්සන්ති’ (බොහෝ අංග මගධ (රටවල මිනිස්සු) අධික වූ කෑම් බීම් රැගෙන පැමිණෙන්නෝ ය) යනාදී තැන්වල බහුල බව ය. ‘කෙවලස්ස දුක්‍ඛක්‍ඛන්ධස්ස සමුදයො හොති’ (සමස්ත දුක්‍ඛ ස්කන්ධයේ හටගැන්ම වේ) වැනි තැන්වල අබ්‍යාමිස්සක (මිශ්‍ර නො වූ) වේ. ‘කෙවලං සද්ධාමත්තකං නූන අයමායස්මා’ (ප්‍රතිවේදයෙන් තොර) හුදෙක් ශ්‍රද්ධා මාත්‍රය ම නිසා මේ ආයුෂ්මත්හු) ආදියෙහි අතිරේක නො වූ බව යි. ‘ආයස්මතො අනුරුද්ධස්ස බාහියො නාම සද්ධිවිහාරිකො කෙවලං සංඝභෙදාය ඨිතො’ (ආයුෂ්මත් අනුරුද්ධ හිමියන්ගේ සද්ධි විහාරික වූ බාහිය (නම් භික්‍ෂුව) හුදෙක් සංඝ භේදය පිණිස ම සිටී) ආදියෙහි ‘දැඩි’ (හුදෙක් ම) යන අර්ථයෙහි ය. ‘කෙවලී වුසිතවා උත්තමපුරිසොති වුච්චති’ (හුදෙකලා ව (බ්‍රහ්ම විහරණයෙහි) විසුයේ, ‘උත්තම පුරුෂයා’ යි කියනු ලැබේ) යනාදියෙහි විසංයෝගයෙහි (වෙන් වීමෙහි) ය. මෙහි වූ කලී අනවශේෂ (ඉතිරි නො කොට) යන අර්ථය අදහස් කරන ලදී.

කප‍්ප-සද‍්දො පනායං අභිසද‍්දහන-වොහාර-කාල-පඤ‍්ඤත‍්ති-ඡෙදන-විකප‍්ප-ලෙසසමන‍්තභාවාදිඅනෙකත්‍ථො. තථා හිස‍්ස “ඔකප‍්පනියමෙතං භොතො ගොතමස‍්ස, යථා තං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සා”ති එවමාදීසු (ම· නි· 1.387) අභිසද‍්දහනමත්‍ථො. “අනුජානාමි, භික‍්ඛවෙ, පඤ‍්චහි සමණකප‍්පෙහි ඵලං පරිභුඤ‍්ජිතු”න‍්ති එවමාදීසු (චූළව· 250) වොහාරො. “යෙන සුදං නිච‍්චකප‍්පං විහරාමී”ති එවමාදීසු (ම· නි· 1.387) කාලො. “ඉච‍්චායස‍්මා කප‍්පො”ති එවමාදීසු පඤ‍්ඤත‍්ති. “අලඞ‍්කතො කප‍්පිතකෙසමස‍්සූ”ති එවමාදීසු (වි· ව· 1094, 1101) ඡෙදනං. “කප‍්පති ද‍්වඞ‍්ගුලකප‍්පො”ති එවමාදීසු (චූළව· 446) විකප‍්පො. “ආත්‍ථි කප‍්පො නිපජ‍්ජිතු”න‍්ති එවමාදීසු (අ· නි· 8.80) ලෙසො. “කෙවලකප‍්පං වෙළුවනං ඔභාසෙත්‍වා”ති එවමාදීසු (සං· නි· 1.94) සමන‍්තභාවො. ඉධ පනස‍්ස සමන‍්තභාවත්‍ථො අධිප‍්පෙතො. තස‍්මා කෙවලකප‍්පං ජෙතවනන‍්ති එත්‍ථ “අනවසෙසං සමන‍්තතො ජෙතවන”න‍්ති එවමත්‍ථො දට‍්ඨබ‍්බො.

මේ ‘කප්ප’ ශබ්දය, අභිසද්දහන (විශ්වාස කිරීම), වොහාර (ව්‍යවහාර), කාල, පඤ්ඤත්ති (ප්‍රඥප්ති), ඡෙදන (කැපීම), විකප්ප (විකල්ප), ලේස (ස්වල්ප), සමන්තභාව (හාත්පස) ආදී අනේකාර්ථ වේ. එසේ ය. ‘ඔකප්පනීයමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මාසම්බුද්ධස්ස’ (අර්හත් සම්මා සම්බුද්ධ හෙයින් භවත් ගෞතමයන්ගේ ඒ (චිත්ත ඒකාග්‍රතාව) ඇදහිය යුතු ය) යනාදියෙහි අභිසද්දහන (විශ්වාස කිරීම) අර්ථ යි. ‘අනුජානාමි භික්‍ඛවෙ පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං’ (මහණෙනි, ශ්‍රමණ ව්‍යවහාර පහකින් ඵලය පරිභෝජනය කිරීම අනුදනිමි) යනාදියෙහි වෝහාර (ව්‍යවහාර, පොදු යෙදීම) අර්ථ ය. ‘යෙන සුදං නිච්චකප්පං විහරති’ (යම් ක්‍රමයකින් සෑම කල්හි වාසය කරයි ද?) යනාදියෙහි කාලය වේ. ‘ඉච්චායස්මා කප්පො’ (මෙසේ ආයුෂ්මත් කප්ප හිමියෝ) යනාදියෙහි ප්‍රඥප්තිය (නාම ය) යි. ‘අලංකතො කප්පිතකෙසමස්සු’ (කෙහෙ රවුල් කපා සැරසුනේ) ආදියෙහි කැපීම ය. ‘කප්පති ද්වඞ්ගුල කප්පො’ (දෑඟුල් තාක් කැප ය) ආදියෙහි විකල්ප (විකල්ප) ය. ‘අත්‍ථි කප්පො නිපජ්ජිතුං’ (වැතිර ගැනීමට සුළු (ඉඩක්) ඇත) යනාදියෙහි ලේශ, සුළු යන්න යි. ‘කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්‍වා’ (සමස්ත වේළුවනය ම බබුළුවා) ආදියෙහි සමස්ත භාවය වේ. මෙහි වනාහි හාත්පස අර්ථය අදහස් කෙරේ. එහෙයින් ‘කෙවලකප්පං ජෙතවනං’ යන මෙහි ශේෂ නො කොට, ජේතවනය හාත්පස යන අර්ථය දත යුතු වේ.

ඔභාසෙත්‍වාති වත්‍ථාලඞ‍්කාරසරීරසමුට‍්ඨිතාය ආභාය ඵරිත්‍වා, චන්‍දිමා විය සූරියො විය ච එකොභාසං එකපජ‍්ජොතං කරිත්‍වාති අත්‍ථො.

‘ඔභාසෙත්‍වා’ වස්ත්‍රාලංකාරශරීරයෙන් නැඟි දීප්තිය පතුරුවා; සඳ මෙන් සූර්යයා මෙන් ඒකාලෝක - ඒකපජ්ජොත - කොට යන අර්ථ යි.

යෙනාති භුම‍්මත්‍ථෙ කරණවචනං. යෙන භගවා තෙනුපසඞ‍්කමීති තස‍්මා “යත්‍ථ භගවා, තත්‍ථ උපසඞ‍්කමී”ති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. යෙන වා කාරණෙන භගවා දෙවමනුස‍්සෙහි උපසඞ‍්කමිතබ‍්බො, තෙන කාරණෙන උපසඞ‍්කමීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. කෙන ච කාරණෙන භගවා උපසඞ‍්කමිතබ‍්බො? නානප‍්පකාරගුණවිසෙසාධිගමාධිප‍්පායෙන, සාදුඵලූපභොගාධිප‍්පායෙන දිජගණෙහි නිච‍්චඵලිතමහාරුක‍්ඛො විය. උපසඞ‍්කමීති ච ගතාති වුත‍්තං හොති.

‘යෙන භගවා තෙනුපසඞ්කමි’ මෙහි ‘යෙන’ ආධාර විභක්ති අර්ථයෙහි තෘතීය විභක්ති ය. එහෙයින්, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එහි පැමිණියේ යි අර්ථය දත යුතු ය. යම් කරුණක් හේතු කොට දෙව් මිනිසුන් විසින් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකිය යුතු වන සේක් ද, ඒ කාරණයෙන් ද එළඹියේ ය යනුවෙනුත් මෙහි අර්ථය දත යුතු ය. කුමන කරුණකින් දෙව් මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ එළැඹිය යුතු වන සේක් ද ? මිහිරි ඵල රස විඳින අදහසින් පක්‍ෂි සමූහයා විසින් නිසි ඵල පිරුණු මහා රුකක් මෙන් නානා ප්‍රකාර ගුණ විශේෂ අධිගම අභිප්‍රායෙන් එළඹියේ ය - ගියේ ය - යි කියන ලදී.

උපසඞ‍්කමිත්‍වාති උපසඞ‍්කමනපරියොසානදීපනං. අථ වා එවං ගතා තතො ආසන‍්නතරං ඨානං භගවතො සමීපසඞ‍්ඛාතං ගන‍්ත්‍වාතිපි වුත‍්තං හොති.

‘උපසඞ්කමිත්‍වා’ ළගට පැමිණීමේ අවසානය හැඟවීම යි. නැතහොත් මෙසේ ගොස් ඉන් පසු භාග්‍යවතුන් වහන්සේට සමීප යයි සැළකෙන ආසන්නතර ස්ථානයකට පැමිණියේ යි ද කියන ලද්දේ වේ.

ඉදානි යෙනත්‍ථෙන ලොකෙ අග‍්ගපුග‍්ගලස‍්ස උපට‍්ඨානං ආගතා, තං පුච‍්ඡිතුකාමා දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජුලිං සිරසි පතිට‍්ඨපෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තන‍්ති භාවනපුංසකනිද‍්දෙසො – “විසමං චන්‍දිමසූරියා පරිවත‍්තන‍්තී”තිආදීසු (අ· නි· 4.70) විය. තස‍්මා යථා ඨිතා එකමන‍්තං ඨිතා හොති, තථා අට‍්ඨාසීති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. භුම‍්මත්‍ථෙ වා එතං උපයොගවචනං. අට‍්ඨාසීති ඨානං කප‍්පෙසි. පණ‍්ඩිතා හි දෙවමනුස‍්සා ගරුට‍්ඨානියං උපසඞ‍්කමිත්‍වා ආසනකුසලතාය එකමන‍්තං තිට‍්ඨන‍්ති, අයඤ‍්ච දෙවො තෙසං අඤ‍්ඤතරො, තස‍්මා එකමන‍්තං අට‍්ඨාසි.

දැන් යම් අර්ථයකින් ලෝකයෙහි අග්‍ර වූ පුරුෂයාගේ (බුදුන් වහන්සේගේ) උපස්ථානය පිණිස පැමිණියේ ද, එය විමසනු කැමැත්තේ, දසැඟිලි එක් කොට සිරසෙහි ඇඳිලි බැඳ එකත්පස් ව සිටියේ ය. ‘එකමන්තං’ යනු භාවනපුංසක නිර්දේශ වේ. ‘විසමං චන්‍දිමසුරියා පරිවත්තන්ති’ (සඳ හිරු විෂම ව කැරකෙයි) යනාදියෙහි මෙනි. එහෙයින් යම් සේ සිටියේ ද, එසේ එකත්පස් ව සිටියේ ය. ‘අට්ඨාසි’ මෙහි අර්ථය මෙසේ දත යුතු වේ. මෙය ආධාර විභක්ති අර්ථයෙහි කර්ම විභක්ති වචන හෝ වේ. ‘අට්ඨාසි’ ස්ථානය සලසා ගත්තේ ය. ඥානවන්ත වූ දෙව් මිනිස්සු ගරු කටයුතු තැනකට පැමිණ අසුන් ගැනීම පිළිබඳ නිපුණතාවෙන් යුතු ව එකත්පස් ව සිටිති. මේ දේවතාවා ද ඔවුනතුරෙන් කෙනෙකි. එහෙයින් එකත්පස් ව සිටියේ ය.

කථං ඨිතො පන එකමන‍්තං ඨිතො හොතීති? ඡ ඨානදොසෙ වජ‍්ජෙත්‍වා. සෙය්‍යථිදං – අතිදූරං, අච‍්චාසන‍්නං, උපරිවාතං, උන‍්නතප‍්පදෙසං, අතිසම‍්මුඛං, අතිපච‍්ඡාති. අතිදූරෙ ඨිතො හි සචෙ කථෙතුකාමො හොති, උච‍්චාසද‍්දෙන කථෙතබ‍්බං හොති. අච‍්චාසන‍්නෙ ඨිතො සඞ‍්ඝට‍්ටනං කරොති. උපරිවාතෙ ඨිතො සරීරගන්‍ධෙන බාධති. උන‍්නතප‍්පදෙසෙ ඨිතො අගාරවං පකාසෙති. අතිසම‍්මුඛා ඨිතො සචෙ දට‍්ඨුකාමො හොති, චක‍්ඛුනා චක‍්ඛුං ආහච‍්ච දට‍්ඨබ‍්බං හොති. අතිපච‍්ඡා ඨිතො සචෙ දට‍්ඨුකාමො හොති, ගීවං පසාරෙත්‍වා දට‍්ඨබ‍්බං හොති. තස‍්මා අයම‍්පි එතෙ ඡ ඨානදොසෙ වජ‍්ජෙත්‍වා අට‍්ඨාසි. තෙන වුත‍්තං “එකමන‍්තං අට‍්ඨාසී”ති.

කෙසේ සිටි විට එකත්පස් ව සිටියේ නම් වේ ද? ස්ථාන දෝෂ හය මඟ හැර, එනම් - අතිදූර, අතිආසන්න, උපරිවාත, උන්නත ප්‍රදේශ, අතිසම්මුඛ, අතිපශ්චාත් යනුවෙනි. අතිදූරේ (බොහෝ ඈතින්) සිටියේ: ඉදින් කථා කරනු කැමැත්තේ නම් උස් හඬින් කථා කළ යුතු වේ. අත්‍යාසන්න (ඉතා ළං වූ) තැනක සිටියේ ගැටීම් (හැප්පීම්) ඇති කරයි. උපරිවාත (උඩු සුළඟට) සිටියේ ශරීර ගන්ධයෙන් බාධා පැමිණේ. උන්නත ප්‍රදේශයෙහි (ඉහළ තැනක) සිටියේ අගෞරවය ප්‍රකාශ කරයි. අතිසම්මුඛ (බෙහෙවින් ම ඉදිරිපිට) ස්ථානයක සිටි විට, ඉදින් දැකීමට කැමැත්තේ නම් ඇසින් ඇස ගටා දැකිය යුතු වේ. අතිපශ්චාත් (බෙහෙවින් පිටුපස වූ) ස්ථානයක සිටි විට, ඉදින් දැකීමට කැමැත්තේ නම් බෙල්ල දික් කර දැකිය යුතු වේ. එහෙයින් ඔහු ද මේ ස්ථාන දෝෂ හය මඟ හැර සිටියේ ය. එහෙයින් ‘එකමන්තං අට්ඨාසි’ (එකත්පස් ව සිටියේ ය) යි කියන ලදී.

එතදවොචාති එතං අවොච. කථං නූති කාරණපුච‍්ඡා. භගවතො හි තිණ‍්ණොඝභාවො දසසහස‍්සිලොකධාතුයා පාකටො, තෙනිමිස‍්සා දෙවතාය තත්‍ථ කඞ‍්ඛා නත්‍ථි, ඉමිනා පන කාරණෙන “තිණ‍්ණො”ති න ජානාති, තෙන සා තං කාරණං පුච‍්ඡමානා එවමාහ.

‘එතදවොච’ මෙය කීවේ ය. ‘කථන්නු’ යනු හේතුව විමසීම ය. භාග්‍යවතුන් වහන්සේ ඕඝ (කෙළෙස් දිය දහර) තරණය කළ බව දශ සහස්‍රී ලෝක ධාතුව තුළ ප්‍රසිද්ධ ය. එහෙයින් මේ දේවතාවාට එහි සැකයක් නැත. මේ කාරණයෙන් තරණය කරන ලදැ යි නො දනියි. එහෙයින් දේවතාවා එම කරුණු විමසමින් මෙසේ කී ය.

මාරිසාති දෙවතානං පියසමුදාචාරවචනමෙතං. නිද‍්දුක‍්ඛාති වුත‍්තං හොති. යදි එවං “යදා ඛො තෙ, මාරිස, සඞ‍්කුනා සඞ‍්කු හදයෙ සමාගච‍්ඡෙය්‍ය, අථ නං ත්‍වං ජානෙය්‍යාසි ‘වස‍්සසහස‍්සං මෙ නිරයෙ පච‍්චමානස‍්සා’”ති (ම· නි· 1.512) ඉදං විරුජ‍්ඣති. න හි නෙරයිකසත‍්තො නිද‍්දුක‍්ඛො නාම හොති. කිඤ‍්චාපි න නිද‍්දුක‍්ඛො, රුළ‍්හීසද‍්දෙන පන එවං වුච‍්චති. පුබ‍්බෙ කිර පඨමකප‍්පිකානං නිද‍්දුක‍්ඛානං සුඛසමප‍්පිතානං එස වොහාරො, අපරභාගෙ දුක‍්ඛං හොතු වා මා වා, රුළ‍්හීසද‍්දෙන අයං වොහාරො වුච‍්චතෙව නිප‍්පදුමාපි නිරුදකාපි වා පොක‍්ඛරණී පොක‍්ඛරණී විය.

‘මාරිස’ යනු දේවතාවන්ගේ ප්‍රිය සමුදාචාර වචනයකි. දුක් නැත්තේ (නිදුකාණනි) යි කියන ලද්දේ වේ. ඉදින්, මෙසේ ‘යදා තෙ මාරිස සඞ්කුනා සඞ්කු හදයෙ සමාගච්ඡෙය්‍ය අථ නං ජානෙය්‍යාසි වස්සසහස්සං මෙ නිරයෙ පච්චමානස්ස’ (“නිදුකාණනි, යම් දිනක තොපගේ ළමැදෙහි උලින් උල එකට හැපී යයි ද, එකල්හි “නිරයෙහි පැහෙන මට වර්ෂ දහසක් ඉක්මිණි’ යි දැන ගනුව.”) යන්න මීට විරුද්ධ වේ. නිරයේ වසන සත්ත්වයා නිද්දුක්‍ඛ වන්නේ නම් නැත. එහෙත් රූඪි ශබ්දයෙන් මෙසේ කියනු ලැබේ. පූර්වයෙහි ප්‍රථම කල්ප වාසී සැප ලැබූවනට මෙය ව්‍යවහාර වී ය. පසු ව දුක තිබුණා හෝ නො තිබුණා හෝ රූඪී ශබ්දයෙන් මේ ව්‍යවහාරය පැවතේ. නෙළුම් මල් නො තිබුණේ හෝ ජලය නො තිබුණේ හෝ පොකුණ පොකුණ ම වන්නා සේ ය.

ඔඝමතරීති එත්‍ථ චත‍්තාරො ඔඝා, කාමොඝො භවොඝො දිට‍්ඨොඝො අවිජ‍්ජොඝොති. තත්‍ථ පඤ‍්චසු කාමගුණෙසු ඡන්‍දරාගො කාමොඝො නාම. රූපාරූපභවෙසු ඡන්‍දරාගො ඣානනිකන‍්ති ච භවොඝො නාම. ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො දිට‍්ඨොඝො නාම. චතූසු සච‍්චෙසු අඤ‍්ඤාණං අවිජ‍්ජොඝො නාම. තත්‍ථ කාමොඝො අට‍්ඨසු ලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, භවොඝො චතූසු දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, දිට‍්ඨොඝො චතූසු දිට‍්ඨිගතසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, අවිජ‍්ජොඝො සබ‍්බාකුසලෙසු උප‍්පජ‍්ජති.

‘ඔඝමතරි’ මෙහි ‘ඔඝ’ (සැඩ පහර) සතරකි. කාමෝඝ, භවෝඝ, දිට්ඨොඝ, අවිජ්ජොඝ යනුවෙනි. එහි පංච කාම ඵලයෙහි පවත්නා ඡන්‍ද රාගය ‘කාමෝඝ’ නමි. රූප භව, අරූප භව පිළිබඳ ඡන්‍ද රාගයත් ධ්‍යන තෘෂ්ණාවත් ‘භවෝඝ’ නමි. සැට දෙකක් වූ දෘෂ්ටි ‘දිට්ඨොඝ’ නමි. චතුස්සත්‍යය පිළිබඳ නොදැනුවත් බව ‘අවිජ්ජොඝ’ නමි. එහි කාමෝඝය, ලෝභ සහගත චිත්තුප්පාද අටෙහි උපදී. භවෝඝය දිට්ඨිගත විප්පයුත්ත ලෝභ සහගත චිත්තුප්පාද සතරෙහි උපදී. දිට්ඨොඝ දිට්ඨිගත සම්ප්‍රයුත්ත චිත්තුප්පාද සතරෙහි හටගනී. අවිජ්ජොඝය සියලු අකුශලයෙහි උපදී.

සබ‍්බොපි චෙස අවහනනට‍්ඨෙන රාසට‍්ඨෙන ච ඔඝොති වෙදිතබ‍්බො. අවහනනට‍්ඨෙනාති අධොගමනට‍්ඨෙන. අයඤ‍්හි අත‍්තනො වසං ගතෙ සත‍්තෙ අධො ගමෙති, නිරයාදිභෙදාය දුග‍්ගතියංයෙව නිබ‍්බත‍්තෙති, උපරිභාවං වා නිබ‍්බානං ගන‍්තුං අදෙන‍්තො අධො තීසු භවෙසු චතූසු යොනීසු පඤ‍්චසු ගතීසු සත‍්තසු විඤ‍්ඤාණට‍්ඨිතීසු නවසු සත‍්තාවාසෙසු ච ගමෙතීතිපි අත්‍ථො. රාසට‍්ඨෙනාති මහන‍්තට‍්ඨෙන. මහා හෙසො කිලෙසරාසි අවීචිතො පට‍්ඨාය යාව භවග‍්ගා පත්‍ථටො, යදිදං පඤ‍්චසු කාමගුණෙසු ඡන්‍දරාගො නාම. සෙසෙසුපි එසෙව නයො. එවමයං රාසට‍්ඨෙනාපි ඔඝොති වෙදිතබ‍්බො. අතරීති ඉමං චතුබ‍්බිධම‍්පි ඔඝං කෙන නු ත්‍වං, මාරිස, කාරණෙන තිණ‍්ණොති පුච‍්ඡති.

මේ සියල්ල ‘අවහනන’ (පහතට ගෙන යන) අර්ථයෙනුත් ‘රාසි’ (මහත්) අර්ථයෙනුත් ‘ඕඝ’ වේ. අවහනන අර්ථයෙන් යනු “පහතට යන” අර්ථය යි. මෙය සත්ත්වයන් තම වසඟයට පත් වූ විට (ඔවුන්) පහළට ගෙන යයි. නිරය ආදි භේද වශයෙන් දුගතියෙහි ම පහළ කරවයි. ඉහළ උපතකට හා නිවනට යාමට ඉඩ නො දෙමින් යට භව තුනෙහි, යෝනි සතරෙහි, පඤ්ච ගතියෙහි, විඥානස්ථිති සතෙහි හා සත්තාවාස නවයෙහි පමුණුවයි යනු ද අර්ථ යි. ‘රාසට්ඨෙන’ යනු මහත් අර්ථයෙනි. ඒ ක්ලේශ රාශි (කෙළෙස් ගොඩ) විශාල ය. පඤ්ච කාම ගුණ පිළිබඳ ඡන්‍ද රාග යන මෙය අවීචියෙන් පටන් ගෙන භවාග්‍රය දක්වා පැතිරුනේ වේ. අන් ඒවා සම්බන්ධයෙන් ද මේ න්‍යය ම වේ. මෙසේ එය රාසි අර්ථයෙන් ම ‘ඕඝ’ යි දත යුත්තේ ය. ‘අතරී’ නිදුකාණනි, ඔබ වහන්සේ මේ චතුර්විධ වූ ඕඝය කුමන කරුණකින් තරණය කළ සේක් දැයි විමසයි.

අථස‍්සා භගවා පඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්තො අප‍්පතිට‍්ඨං ඛ‍්වාහන‍්තිආදිමාහ. තත්‍ථ අප‍්පතිට‍්ඨන‍්ති අප‍්පතිට‍්ඨහන‍්තො. අනායූහන‍්ති අනායූහන‍්තො, අවායමන‍්තොති අත්‍ථො. ඉති භගවා ගූළ‍්හං පටිච‍්ඡන‍්නං කත්‍වා පඤ‍්හං කථෙසි. දෙවතාපි නං සුත්‍වා “බාහිරකං තාව ඔඝං තරන‍්තා නාම ඨාතබ‍්බට‍්ඨානෙ තිට‍්ඨන‍්තා තරිතබ‍්බට‍්ඨානෙ ආයූහන‍්තා තරන‍්ති, අයං පන අවීචිතො යාව භවග‍්ගා පත්‍ථටං කිලෙසොඝං කිලෙසරාසිං අප‍්පතිට‍්ඨහන‍්තො අනායූහන‍්තො අතරින‍්ති ආහ. කිං නු ඛො එතං? කථං නු ඛො එත”න‍්ති? විමතිං පක‍්ඛන‍්තා පඤ‍්හස‍්ස අත්‍ථං න අඤ‍්ඤාසි.

ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නය විසඳන්නාහු ‘අප්පතිට්ඨං ඛ්වාහං’ ආදිය වදාළ සේක. එහි ‘අප්පතිට්ඨං’ නො පිහිටමින් ‘අනායූහං අනායූහන්තො’ වෑයම් නො කරයි යන අර්ථ යි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගූඪ කොට, අරුත වසන් කොට ප්‍රශ්නය විසඳූ සේක. දෙවියා ද එය අසා, ‘බාහිර වූ සැඩ පහර තරණය කරන්නාහු (රැඳී) සිටිය යුතු තැන (රැඳී) සිටිමින් - ‘තරණය කළ යුතු ස්ථානයෙහි වීර්යය කරමින් - තරණය කරති. මේ තෙමේ අවීචියෙහි සිට භවාග්‍රය දක්වා පැතිරී ඇති ක්ලේශ ඕඝය - ක්ලේශ රාශිය - නො පිහිටමින් වෑයම් නො කරමින් තරණය කළෙමි යි කී ය. මේ කිමෙක් ද? මෙය කෙසේ වේ ද?’ යි විමතියට පත් වූයේ, ප්‍රශ්නයේ අර්ථය නො දත්තේ ය.

කිං පන භගවතා යථා සත‍්තා න ජානන‍්ති, එවං කථනත්‍ථාය පාරමියො පූරෙත්‍වා සබ‍්බඤ‍්ඤුතා පටිවිද‍්ධාති? න එතදත්‍ථාය පටිවිද‍්ධා. ද‍්වෙ පන භගවතො දෙසනා නිග‍්ගහමුඛෙන ච අනුග‍්ගහමුඛෙන ච. තත්‍ථ යෙ පණ‍්ඩිතමානිනො හොන‍්ති අඤ‍්ඤාතෙපි ඤාතසඤ‍්ඤිනො පඤ‍්චසතා බ්‍රාහ‍්මණපබ‍්බජිතා විය, තෙසං මානනිග‍්ගහත්‍ථං යථා න ජානන‍්ති, එවං මූලපරියායාදිසදිසං ධම‍්මං දෙසෙති. අයං නිග‍්ගහමුඛෙන දෙසනා. වුත‍්තම‍්පි චෙතං “නිග‍්ගය‍්හ නිග‍්ගය‍්හාහං, ආනන්‍ද, වක‍්ඛාමි, පවය‍්හ පවය‍්හ, ආනන්‍ද, වක‍්ඛාමි, යො සාරො, සො ඨස‍්සතී”ති (ම· නි· 3.196). යෙ පන උජුකා සික‍්ඛාකාමා, තෙසං සුවිඤ‍්ඤෙය්‍යං කත්‍වා ආකඞ‍්ඛෙය්‍යසුත‍්තාදිසදිසං ධම‍්මං දෙසෙති, “අභිරම, තිස‍්ස, අභිරම, තිස‍්ස, අහමොවාදෙන අහමනුග‍්ගහෙන අහමනුසාසනියා”ති (සං· නි· 3.84) ච නෙ සමස‍්සාසෙති. අයං අනුග‍්ගහමුඛෙන දෙසනා.

කිම, භාග්‍යවතුන් වහන්සේ විසින්. යම් සේ සත්ත්වයෝ (තේරුම) නො දනිත් ද, එසේ (නො තේරෙන සේ) ප්‍රකාශ කිරීම් වස් පාරමී පුරා සර්වඥතාව ලබන ලද්දේ ද? එසේ ලබන ලද්දේ ඒ පිණිස නො වේ. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා නිග්‍රහ ස්වරූපයෙනුත් අනුග්‍රහ ස්වරූපයෙනුත් (වශයෙන්) දෙයාකාර වේ. එහි දී නො දත් දේ දත් හැටියට සිතූ පණ්ඩිතමානි පන් සියයක් බමුණු පැවිද්දන් මෙන් වූ යම් කෙනෙක් වෙත් ද, ඔවුන්ගේ මානයට නිග්‍රහ කරනු වස් මූල පරියාය (සූත්‍රයේ දී) මෙන් වූ ධර්මයක් නො වැටහෙන සේ දේශනා කරන සේක. මෙය නිග්‍රහ මුඛයෙන් වූ දේශනාව ය. එය කියන ලද්දේ ම ය: ‘නිග්ගය්හ නිග්ගය්හාහං ආනන්‍ද වක්‍ඛාමි පග්ගය්හ පග්ගය්හ යො සාරො සො ඨස්සති’ (ආනන්දය, යම් සේ සාරය පවතී ද එලෙස මම නිග්‍රහ කොට නිග්‍රහ කොට කියමි. ග්‍රහණය කොට ග්‍රහණය කොට කියමි) යම් අයෙක් ඍජු වූවෝ ද, ශික්ෂාවෙහි යෙදෙනු කැමැත්තෝ ද, ඔවුන්ට මැනවින් දත යුතු දේ ලෙස (ඇතුළත්) කොට ආකංඛෙය්‍ය සුත ආදියට සමාන වූ ධර්මයක් දේශනා කරන සේක. ‘අභිරම තිස්ස අභිරම තිස්ස අහමොවාදෙන අහමනුග්ගහෙන අහමනුසාසනියා’ (තිස්සය. (බඹසරෙහි) සතුටු වෙව, තිස්සය. සතුටු වෙව. මම අනුග්‍රහ කිරීමෙන් (පිහිට වෙමි.) මම අනුශාසනා කිරීමෙන් (පිහිට වෙමි.) මම ඔවදන් දෙමින් (පිහිට වෙමි) යි ජනයා අස්වසා ලන සේක. මෙය අනුග්‍රහ මුඛයෙන් කරන දේශනාවකි.

අයං පන දෙවපුත‍්තො මානත්‍ථද‍්ධො පණ‍්ඩිතමානී, එවං කිරස‍්ස අහොසි – අහං ඔඝං ජානාමි, තථාගතස‍්ස ඔඝතිණ‍්ණභාවං ජානාමි, “ඉමිනා පන කාරණෙන තිණ‍්ණො”ති එත‍්තකමත‍්තං න ජානාමි. ඉති මය‍්හං ඤාතමෙව බහු, අප‍්පං අඤ‍්ඤාතං, තමහං කථිතමත‍්තමෙව ජානිස‍්සාමි. කිඤ‍්හි නාම තං භගවා වදෙය්‍ය, යස‍්සාහං අත්‍ථං න ජානෙය්‍යන‍්ති. අථ සත්‍ථා “අයං කිලිට‍්ඨවත්‍ථං විය රඞ‍්ගජාතං අභබ‍්බො ඉමං මානං අප‍්පහාය දෙසනං සම‍්පටිච‍්ඡිතුං, මානනිග‍්ගහං තාවස‍්ස කත්‍වා පුන නීචචිත‍්තෙන පුච‍්ඡන‍්තස‍්ස පකාසෙස‍්සාමී”ති පටිච‍්ඡන‍්නං කත්‍වා පඤ‍්හං කථෙසි. සොපි නිහතමානො අහොසි, සා චස‍්ස නිහතමානතා උත‍්තරිපඤ‍්හපුච‍්ඡනෙනෙව වෙදිතබ‍්බා. තස‍්ස පන පඤ‍්හපුච‍්ඡනස‍්ස අයමත්‍ථො – කථං පන ත්‍වං, මාරිස, අප‍්පතිට‍්ඨං අනායූහං ඔඝමතරි, යථාහං ජානාමි, එවං මෙ කථෙහීති.

මේ දේවතා පුත්‍රයා වනාහි මානයෙන් පිම්බුණු, තමා පණ්ඩිතයෙකැයි සිතන අයෙකි. ඔහුට මෙවැනි සිතක් තිබිණි: මම ඕඝය දනිමි, තථාගතයන් වහන්සේ ඕඝයෙන් ගොඩ වූ බැව් (ද) දනිමි. මේ කාරණයෙන් (ඕඝයෙන්) ගොඩවිණි යන මෙපමණක් නො දනිමි යන්න මට ම දැනේ (දන්නේ මා පමණි). බොහෝ සුළු වූවක් නො දන්නා ලදි. එය මම කථා කළ පමණින් දැන ගන්නෙමි. යමක අර්ථය මම නො දන්නෙමි ද භාග්‍යවතුන් පවසන එය කුමක් ද? ඉක්බිති බුදුන් වහන්සේ. පැල්ලම් වැටුණු කිළිටි වස්ත්‍රයක් මෙන් වූ මේ මානය පහ නො කොට දේශනාව පිළිගැනීම අභව්‍ය ම ය. ඔහුගේ මානයට නිග්‍රහ කොට යළි යටහත් සිතින් ප්‍රශ්න විමසන්නහුට (ඔහුට) ප්‍රකාශ කරන්නෙමි යි වසන් කිරීමක් කොට (සැඟවුණු අර්ථ ඇති ව) ප්‍රශ්න විසඳා ලූහ. ඔහු ද නිහතමානී (මානය බිඳුණු තැනැත්තෙක්) විය. ඔහුගේ නිහතමානතාව ද ඊළඟ ප්‍රශ්න ඇසීමෙන් ම දත යුත්තේ ය. එම ප්‍රශ්න විමසීමේ අර්ථය මෙය ය: ‘කථං පන ත්‍වං මාරිස අප්පතිට්ඨං අනායූහං ඔඝමතරි’ (නිදුකාණනි, කෙසේ නම් ඔබ වහන්සේ නො පිහිටමින් (නොරඳමින්) වෑයම් නො කරමින් ඕඝය තරණය කළ සේක් ද?) මම යම් සේ දැන ගනිම් ද, එලෙස මට වදාරනු මැනවි.

අථස‍්ස භගවා කථෙන‍්තො යදාස‍්වාහන‍්තිආදිමාහ. තත්‍ථ යදා ස‍්වාහන‍්ති යස‍්මිං කාලෙ අහං. සුකාරො නිපාතමත‍්තං. යථා ච එත්‍ථ, එවං සබ‍්බපදෙසු. සංසීදාමීති පටිච‍්ඡන‍්නං කත්‍වා අතරන‍්තො තත්‍ථෙව ඔසීදාමි. නිබ‍්බුය‍්හාමීති ඨාතුං අසක‍්කොන‍්තො අතිවත‍්තාමි. ඉති ඨානෙ ච වායාමෙ ච දොසං දිස‍්වා අතිට‍්ඨන‍්තො අවායමන‍්තො ඔඝමතරින‍්ති එවං භගවතා පඤ‍්හො කථිතො. දෙවතායපි පටිවිද‍්ධො, න පන පාකටො, තස‍්ස පාකටීකරණත්‍ථං සත‍්ත දුකා දස‍්සිතා. කිලෙසවසෙන හි සන‍්තිට‍්ඨන‍්තො සංසීදති නාම, අභිසඞ‍්ඛාරවසෙන ආයූහන‍්තො නිබ‍්බුය‍්හති නාම. තණ‍්හාදිට‍්ඨීහි වා සන‍්තිට‍්ඨන‍්තො සංසීදති නාම, අවසෙසකිලෙසානඤ‍්චෙව අභිසඞ‍්ඛාරානඤ‍්ච වසෙන ආයූහන‍්තො නිබ‍්බුය‍්හති නාම. තණ‍්හාවසෙන වා සන‍්තිට‍්ඨන‍්තො සංසීදති නාම, දිට‍්ඨිවසෙන ආයූහන‍්තො නිබ‍්බුය‍්හති නාම. සස‍්සතදිට‍්ඨියා වා සන‍්තිට‍්ඨන‍්තො සංසීදති නාම, උච‍්ඡෙදදිට‍්ඨියා ආයූහන‍්තො නිබ‍්බුය‍්හති නාම. ඔලීයනාභිනිවෙසා හි භවදිට‍්ඨි, අතිධාවනාභිනිවෙසා විභවදිට‍්ඨි. ලීනවසෙන වා සන‍්තිට‍්ඨන‍්තො සංසීදති නාම, උද‍්ධච‍්චවසෙන ආයූහන‍්තො නිබ‍්බුය‍්හති නාම. තථා කාමසුඛල‍්ලිකානුයොගවසෙන සන‍්තිට‍්ඨන‍්තො සංසීදති නාම, අත‍්තකිලමථානුයොගවසෙන ආයූහන‍්තො නිබ‍්බුය‍්හති නාම. සබ‍්බාකුසලාභිසඞ‍්ඛාරවසෙන සන‍්තිට‍්ඨන‍්තො සංසීදති නාම, සබ‍්බලොකියකුසලාභිසඞ‍්ඛාරවසෙන ආයූහන‍්තො නිබ‍්බුය‍්හති නාම. වුත‍්තම‍්පි චෙතං – “සෙය්‍යථාපි, චුන්‍ද, යෙ කෙචි අකුසලා ධම‍්මා, සබ‍්බෙ තෙ අධොභාගඞ‍්ගමනීයා, යෙ කෙචි කුසලා ධම‍්මා, සබ‍්බෙ තෙ උපරිභාගඞ‍්ගමනීයා”ති (ම· නි· 1.86).

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට පවසා සිටින සේක්, ‘යදා ස්වාහං’ ආදිය පැවසූ සේක. එහි ‘යදා ස්වාහං’ යනු (යස්මිං කාලෙ අහං) යම් කලෙක මම ‘සු’ කාරය නිපාතයක් පමණකි. මෙහි යම් සේ ද, (අන්) සියලු පදවල ද එසේ ය. ‘සංසීදාමි’ සැඟ වී තරණය නො කරමින් එහි ම ගිලෙමි. ‘නිබ්බුය්හාමි’ (රැඳී) සිටීමට නො හැක්කේ. ඉක්මවා සිටිමි (ඉල්පෙමි) මෙසේ සිටීමෙහි ද වෑයමෙහි ද දොස් දැක නො සිටිමින් ද වෑයම් නො කරමින් ද ඕඝය තරණය කළෙමි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රශ්නය විසඳන ලදී. දේවතාවා විසින් ද (එය) තේරුම් ගන්නා ලදී. (එහෙත් එය) පැහැදිලි නො වී ය. එය ප්‍රකට කිරීම් වස් සප්ත යුගය දක්වන ලදී. ක්ලේශ වශයෙන් සිටින්නේ ‘සංසීදති’ (ගිලෙයි) නමි. අභිසංඛාර වශයෙන් වෑයම් කරන්නේ ‘නිබ්බුය්හති’ (ඉල්පෙයි) නමි. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් හෝ සිටියේ ගිලෙයි නමි. අවශේෂ ක්ලේශයන් හා අභිසංඛාර වශයෙන් වෑයම් කරන්නේ ඉල්පෙයි නමි. තෘෂ්ණා වශයෙන් හෝ සිටියේ ගිලෙයි නමි. දිට්ඨි (දෘෂ්ටි) වශයෙන් උත්සාහ ගන්නේ ඉල්පෙයි නමි. ශාස්වත දෘෂ්ටියෙන් හෝ සිටියේ ගිලෙයි නමි. උච්ඡේද දෘෂ්ටියෙන් වෑයම් කරන්නේ ඉල්පෙයි නමි. භව දෘෂ්ටිය ඕලීයන (ඇළෙන) අභිනිවේශ වේ. විභව දෘෂ්ටිය අතිධාවන (සීමාව ඉක්මවා දුවන) අභිනිවේශය වේ. ලීන (සැඟවීම) වශයෙන් හෝ සිටින්නේ ගිලෙයි නමි. උද්ධච්ච වශයෙන් හෝ වෑයම් කරන්නේ ඉල්පෙයි නමි. එසේ ම කාමසුඛල්ලිකානුයෝග වශයෙන් සිටියේ ‘ගිලෙයි’ නමි. අත්තකිලමථානුයෝග වශයෙන් වෑයම් කරන්නේ ඉල්පෙයි නමි. සියලු අකුශල අභිසංඛාර වශයෙන් සිටියේ ගිලෙයි නමි. සියලු ලෞකික කුශල අභිසංඛාර වශයෙන් වෑයම් කරන්නේ ඉල්පෙයි නමි. එය (මෙසේ) පවසනු ලැබ ඇත. ‘සෙය්‍යථාපි චුන්‍ද යෙ කෙචි අකුසලා ධමමා සබ්බෙ තෙ අධොභාවං ගමනීයා යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ උපරිභාවං ගමනීයා’ (චුන්දය, කිසියම් අකුශල කර්මයක් වේ නම්, ඒ සියල්ල පහත් බවට පමුණුවන කරුණු වේ. යම් කිසි කුශල කර්මයක් වේ නම්, ඒ සියල්ල උසස් බවට පමුණුවන කරුණු වේ.)

ඉමං පඤ‍්හවිස‍්සජ‍්ජනං සුත්‍වාව දෙවතා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය තුට‍්ඨා පසන‍්නා අත‍්තනො තුට‍්ඨිඤ‍්ච පසාදඤ‍්ච පකාසයන‍්තී චිරස‍්සං වතාති ගාථමාහ.

ප්‍රශ්න විසර්ජනය අසා ම දේවතාවා සෝවාන් ඵලයෙහි පිහිටා සතුටු වූයේ, පහන් වූයේ. තමන්ගේ සතුටත් ප්‍රසාදයත් ප්‍රකාශ කරන්නේ ‘චිරස්සං වත’ යන ගාථාව පැවසී ය.

තත්‍ථ චිරස‍්සන‍්ති චිරස‍්ස කාලස‍්ස අච‍්චයෙනාති අත්‍ථො. අයං කිර දෙවතා කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධං දිස‍්වා තස‍්ස පරිනිබ‍්බානතො පට‍්ඨාය අන‍්තරා අඤ‍්ඤං බුද‍්ධං න දිට‍්ඨපුබ‍්බා, තස‍්මා අජ‍්ජ භගවන‍්තං දිස‍්වා එවමාහ. කිං පනිමාය දෙවතාය ඉතො පුබ‍්බෙ සත්‍ථා න දිට‍්ඨපුබ‍්බොති. දිට‍්ඨපුබ‍්බො වා හොතු අදිට‍්ඨපුබ‍්බො වා, දස‍්සනං උපාදාය එවං වත‍්තුං වට‍්ටති. බ්‍රාහ‍්මණන‍්ති බාහිතපාපං ඛීණාසවබ්‍රාහ‍්මණං. පරිනිබ‍්බුතන‍්ති කිලෙසනිබ‍්බානෙන නිබ‍්බුතං. ලොකෙති සත‍්තලොකෙ. විසත‍්තිකන‍්ති රූපාදීසු ආරම‍්මණෙසු ආසත‍්තවිසත‍්තතාදීහි කාරණෙහි විසත‍්තිකා වුච‍්චති තණ‍්හා, තං විසත‍්තිකං අප‍්පතිට‍්ඨමානං අනායූහමානං තිණ‍්ණං නිත‍්තිණ‍්ණං උත‍්තිණ‍්ණං චිරස‍්සං වත ඛීණාසවබ්‍රාහ‍්මණං පස‍්සාමීති අත්‍ථො.

එහි ‘චිරස්සං’ ‘බොහෝ කාලයක් ඉක්ම යාමෙන් පසු යන අරුත යි. මේ දේවතාවා කාශ්‍යප සම්මා සම්බුදුන් වහන්සේ දැක උන් වහන්සේගේ පිරිනිවන් පෑමේ සිට (මේ දක්වා) අතරතුර වෙනත් බුදුවරයකු නො දුටුවේ ය. එහෙයින් අද බුදුන් වහන්සේ දැක මෙසේ පැවසී ය. කිම මේ දේවතාවා විසින් මීට පෙර බුදුන් වහන්සේ නො දුටු විරූ සේක් ද? පෙර දුටුවා හෝ නො දුටුවා හෝ වේවා දැකීම අරභයා මෙසේ කීම වටී. ‘බ්‍රාහ්මණං’ පාපයන් බැහැර කළ ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණයා, ‘පරිනිබ්බුතං’ ක්ලේශ පරිනිර්වාණයෙන් නිවුණේ ය. ‘ලොකෙ’ සත්ත්ව ලෝකයෙහි, ‘විසත්තිකං’ රූපාදී ආරම්මණවල ඇලීම්, පැටලීම් ආදී හේතු නිසා තෘෂ්ණාවට ‘විසත්තිකා’ යි කියනු ලැබේ. ඒ පැටලීමෙහි නො පිහිටා වෑයම් නො කරමින්, ‘තිණ්ණං’ එගොඩ වුණු, එතෙර වුණු බොහෝ කලකට පසු ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණයකු දුටිමි යන අරුත යි.

සමනුඤ‍්ඤො සත්‍ථා අහොසීති තස‍්සා දෙවතාය වචනං චිත‍්තෙනෙව සමනුමොදි, එකජ‍්ඣාසයො අහොසි. අන‍්තරධායීති අභිසඞ‍්ඛතකායං ජහිත්‍වා අත‍්තනො පකතිඋපාදිණ‍්ණකකායස‍්මිංයෙව ඨත්‍වා ලද‍්ධාසා ලද‍්ධපතිට‍්ඨා හුත්‍වා දසබලං ගන්‍ධෙහි ච මාලෙහි ච පූජෙත්‍වා අත‍්තනො භවනංයෙව අගමාසීති.

‘සමනුඤ්ඤො සත්‍ථා අහොසි’ ඒ දේවතාවාගේ වචන සිතෙන් ම අනුමෝදන් කළ සේක, එක ම අදහසට පත් වූ සේක. ‘අන්තරධායී’ මවා ගත් කය හැර දමා තමාගේ ප්‍රකෘති උපාදින්න කයෙහි ම පිහිටා ආස්වාදය ලද්දේ, ප්‍රතිෂ්ඨාව ලද්දේ, සුවඳින් හා මාලාවලින් ද බුදුන් වහන්සේ පුදා තමාගේ භවනට ම ගියේ ය.

ඔඝතරණසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සාරත්‍ථප්පකාසිනී නම් වූ සංයුත්ත නිකාය අට්ඨ කථාවෙහි ඔඝතරණ සූත්‍ර වර්ණනාව නිමියේ ය.