ඔඝතරණසුත්තං
1. 1. 1.
1. 1. 1.
ඔඝතරණසුත්තං
ඕඝතරණ සූත්‍රය
1. එවම්මෙසුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච:
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
කථන්නු ත්වං මාරිස, ඔඝමතරීති?
නිදුකානන් වහන්ස, නුඹවහන්සේ කෙසේ ඕඝය තරණය කළ සේක් ද?
[භගවා:]
[භගවත්හු:]
අප්පතිට්ඨං ඛ්වාහං ආවුසො අනායූහං ඔඝමතරින්ති.
ඇවැත්නි, මම නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කෙළෙමි.
යථා කථං පන ත්වං මාරිස අප්පතිට්ඨං අනායූහං ඔඝමතරීති?
නිදුකානන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කළ සේක් ද?
[භගවා:]
[භගවත්හු:]
යදා ස්වාහං ආවුසො සන්තිට්ඨාමි. තදාස්සු සංසීදාමි. යදා ස්වාහං ආවුසො ආයූහාමි තදාස්සු නිබ්බුය්හාමි. එවං ඛ්වාහං ආවුසො අප්පතිට්ඨං අනායූහං ඔඝමතරින්ති.
ඇවැත්නි, මම යම් විටෙක පිහිටා සිටිම් ද එකල්හි ගිලෙමි. ඇවැත්නි, මම යම් විටෙක වෑයම් කෙරෙම් ද එකල්හි ඉල්ප යෙමි. ඇවැත්නි, මෙසේ මම නො පිහිටමින් වෑයම් ද නො කරමින් ඕඝය තරණය කෙළෙමි.
[දෙවතා:]
[දෙවි:]
චිරස්සං වත පස්සාමි බ්රාහ්මණං පරිනිබ්බුතං, අප්පතිට්ඨං අනායූහං තිණ්ණං ලොකෙ විසත්තිකං.
නො පිහිටමින් වෑයම් ද නො කරමින් ලෝකයෙහි තෘෂ්ණාව තරණය කළ කෙලෙස් නැසූ ක්ෂීණාස්රවබ්රාහ්මණයකු කලෙකින් දකිමි.
ඉදමවොච සා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි.
ඒ දෙවි තෙමේ මෙය කී ය. ශාස්තෲන් වහන්සේ මැනවින් අනුදත් සේක.
අථ ඛො සා දෙවතා ‘සමනුඤ්ඤො මෙ සත්ථා’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
ඉක්බිති ඒ දෙව් තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මාගේ වචනය අනුදත් සේකැ” යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.