ඉන්ද්රියභාවනා සුත්තං
3. 5. 10.
3. 5. 10.
ඉන්ද්රියභාවනා සුත්තං
ඉන්ද්රියභාවනා සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා කජඞ්ගලායං විහරති මුඛෙලුවනෙ. අථ ඛො උත්තරො මාණවො පාරාසරියන්තෙවාසී යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො උත්තරං මාණවං පාරාසරියන්තෙවාසිං භගවා එතදවොච:
මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජඞ්ගලා නම් නිගමයෙහි මුඛෙලු වනයෙහි වාසය කරනසේක. එසමයෙහි පාරාශරිය ඇතැවැසි උත්තර මාණවක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කළයුතු කථාව නිමාව එකත්පස් වැ හිණ. එකත්පස් වැ හුන් පාරාශරිය ඇතැවැසි උත්තරමාණවකහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
දෙසෙති උත්තර, පාරාසරියො බ්රාහ්මණො සාවකානං ඉන්ද්රියභාවනන්ති.
‘උත්තරය, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්ද්රියභාවනාව දෙසා දැ’ යි.
දෙසෙති භො ගොතම, පාරාසරියො බ්රාහ්මණො සාවකානං ඉන්ද්රියභාවනන්ති.
‘භවත් ගෞතමයන් වහන්ස, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්ද්රියභාවනාව දෙසා’ යයි.
යථා කථං පන උත්තර, දෙසෙති පාරාසරියො බ්රාහ්මණො සාවකානං ඉන්ද්රියභාවනන්ති.
උත්තරය, පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට කිසෙයින් ඉන්ද්රියභාවනාව දෙසා දැ’ යි.
ඉධ භො ගොතම, චක්ඛුනා රූපං න පස්සති, සොතෙන සද්දං න සුණාති. එවං ඛො භො ගොතම, දෙසෙති පාරාසරියො බ්රාහ්මණො සාවකානං ඉන්ද්රියභාවනන්ති.
භවත් ගෞතමයන් වහන්ස, මෙහිලා ඇසින් රූ නො දකී ද, කනින් ශබ්ද නො අසා ද, භවත් ගෞතමයන් වහන්ස, මෙපරිද්දෙන් පාරාශරිය බ්‍රාහ්මණ සව්වනට ඉන්ද්රියභාවනා දෙසා’ යයි.
එවං සන්තෙ ඛො උත්තර, අන්ධො භාවිතින්ද්රියො භවිස්සති, බධිරො භාවිතින්ද්රියො භවිස්සති. යථා පාරාසරියස්ස බ්රාහ්මණස්ස වචනං. අන්ධො හි උත්තර, චක්ඛුනා රූපං න පස්සති. බධිරො සොතෙන සද්දං න සුණාතීති.
උත්තරය, මෙසේ කල්හි පාරාශරිය බමුණුහුගේ බස් පරිදි අන්ධ තෙම වැඩූ ඉඳුරන් ඇති වන්නේ යැ. බධිර තෙම වැඩූ ඉඳුරන් ඇති වන්නේ යැ. උත්තරය, යම් හෙයෙකින් අන්ධ තෙම ඇසින් රූ නො දකී ද බධිර තෙම කනින් ශබ්ද නො අසා ද එහෙයිනි.
එවං වුත්තෙ උත්තරො මාණවො පාරාසරියන්තෙවාසී තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි.
මෙසේ වදාළ කල්හි පාරාශරිය අතැවැසි උත්තර මාණවක තුෂ්ණීම්භූත වූයේ මකු වූයේ බැහූ කඳට ඇතියේ අධෝමුඛ වූයේ සිතිවිලි සිතමින් වැටහීම් රහිත වැ හින.
අථ ඛො භගවා උත්තරං මාණවං පාරාසරියන්තෙවාසිං තුණ්හීභූතං මඞ්කුභූතං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘අඤ්ඤථා ඛො ආනන්ද, දෙසෙති පාරාසරියො බ්රාහ්මණො සාවකානං ඉන්ද්රියභාවනං, අඤ්ඤථා ච පනානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා හොතී’ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරාශරිය අතැවැසි උත්තරමාණවක තුෂ්ණීම්භූත වූවහු තෙද නැතියහු හෙළු කඳට ඇතියහු අධෝමුඛ වූවහු සිතිවිලි සිතනුවහු වැටහීම් රහිත වූවහු දැන ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක: ‘ආනන්දය, පාරාශරිය බ්‍රාහ්මණ අන් පරිදි සව්වනට ඉන්ද්රියභාවනාව දෙසයි. ආනන්දය, අන් පරිද්දෙකින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර වූ ඉන්ද්රියභාවනා වේ’ යයි.
එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො යං භගවා අරියස්ස විනයෙ අනුත්තරං ඉන්ද්රියභාවනං දෙසෙය්ය, භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති.
භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍යවිනයෙහි යම් අනුත්තර ඉන්ද්රිය භාවනාවක් දෙසනසේක් ද, මේ ඊට කලැ. සුගතයන් වහන්ස, මේ ඊට කලැ. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වදන් අසා ධරන්නාහ’ යි.
තෙන’හානන්ද, සුණාහි සාධුකං මනසිකරොහි භාසිස්සාමීති.
එසේ වී නම් ආනන්දය, මනා කොට අසව. මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’ යි.
එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
කථඤ්චානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා හොති: ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං, එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, චක්ඛුමා පුරිසො උම්මීලෙත්වා වා නිමීලෙය්ය, නිමීලෙත්වා වා උම්මීලෙය්ය. එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු.
ආනන්දය, කිසෙයින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර ඉන්ද්රියභාවනා වෙයි යත්: ආනන්දය, මෙසස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපේක්ෂාවක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්ෂාව පිහිටා සිටී. ආනන්දය, යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස ඇර පියාලන්නේ හෝ වේ ද ඇස පියා ඇරලන්නේ හෝ වේ ද, එසෙයින් මැ ආනන්දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්ශනෝපේක්ෂාව පිහිටා සිටී ද, ආනන්දය, මේ ආර්‍ය්‍යවිනයෙහි චක්‍ෂුර්විඥේය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්ද්රියභාවනා යයි කියනු ලැබේ.
පුන චපරං ආනන්ද, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, බලවා පුරිසො අප්පකසිරෙනෙව අච්ඡරං පහරෙය්ය. එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු.
තවද ආනන්දය, මහණහට කනින් ශබ්ද අසා මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙද සඞ්ඛත ය, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් උපේක්ෂාවක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්ෂාව පිහිටා සිටී. ආනන්දය යම්සේ බලවත් පුරුෂයෙක් නිදුකින් මැ අසුර ගසන්නේ ද, එසෙයින් මැ ආනන්දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද , විදර්ශනෝපේක්ෂාව පිහිටා සිටී ද, ආනන්දය, මේ ආර්‍ය්‍යවිනයෙහි ශ්‍රෝත්‍රවිඥේය ශබ්ද විෂයෙහි අනුත්තර වූ ඉන්ද්රියභාවනා යයි කියනු ලැබේ.
පුන චපරං ආනන්ද, භික්ඛුනො ඝානෙන ගන්ධං ඝායිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, ඊසකපොණෙ, පදුමිනීපත්තෙ උදකඵුසිතානි පවත්තන්ති, න සණ්ඨහන්ති. එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු.
තවද ආනන්දය, මහණහට ඝ්‍රාණයෙන් ගන්ධාඝ්රාණය කොට මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි, විදර්ශනෝපේක්ෂාව පිහිටා සිටියි. යම්සේ ආනන්දය, මඳක් නැඹුරු කල පියුම්පතෙහි දියබිඳුහු පෙරළෙත් ද, පිහිටා නො සිටිත් ද, එසෙයින් මැ ආනන්දය, යම්කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වේ ද, විදර්ශනෝපේක්ෂාව පිහිටා සිටී ද, ආනන්දය, මේ ආර්‍ය්‍ය විනයෙහි ඝ්‍රාණවිඥේය ගන්ධ විෂයෙහි අනුත්තර වූ ඉන්ද්රියභාවනා’ යයි කියනු ලැබේ.
පුන චපරං ආනන්ද, භික්ඛුනො ජිව්හාය රසං සායිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, බලවා පුරිසො ජිව්හග්ගෙ ඛෙළපිණ්ඩං සංයූහිත්වා අප්පකසිරෙන වමෙය්ය. එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු.
තවද ආනන්දය, මහණහට දිවින් රස විඳ මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන, හෙද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය, උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි, උපේක්ෂා පිහිටා සිටී. යම්සේ ආනන්දය බලවත් පුරුෂයෙක් දිවග කෙලපිඬක් රැස් කොට නිදුකින් නඟන්නේ ද, එසෙයින් මැ ආනන්දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්ෂාව පිහිටා සිටියි. ආනන්දය, මේ ආර්‍ය්‍යවිනයෙහි ජිහ්වාවිඥේය රූප විෂයෙහි අනුත්තර වූ ඉන්ද්රියභාවනා’ යි කියනු ලැබේ.
පුන චපරං ආනන්ද, භික්ඛුනො කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය එවමෙව ඛො ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු.
තවද ආනන්දය, මහණහට කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී. මට මේ මනාපය උපන, අමනාපය උපන, මනාපාමනාපය උපන. හෙ ද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්‍ශනෝපේක්‍ෂාවක් ඇද්ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට උපන් ඒ මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්ශනෝපේක්ෂාව පිහිටා සිටී. යම්සේ ආනන්දය බලවත් පුරුෂයෙක් හැකුළූ බාහුව දිගු කරන්නේ හෝ වේද දිගු කළ බාහුව හකුළන්නේ හෝ වේද, එසෙයින් මැ ආනන්දය, යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්ශනෝපේක්ෂාව පිහිටා සිටී. ආනන්දය, මේ ආර්‍ය්‍යවිනයෙහි කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍ය විෂයෙහි අනුත්තර වූ ඉන්ද්රියභාවනා’ යි කියනුලැබේ.
පුන චපරං ආනන්ද, භික්ඛුනො මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො එවං පජානාති: ‘උප්පන්නං ඛො මෙ ඉදං මනාපං, උප්පන්නං අමනාපං, උප්පන්නං මනාපාමනාපං. තඤ්ච ඛො සඞ්ඛතං ඔළාරිකං පටිච්චසමුප්පන්නං. එතං සන්තං එතං පණීතං යදිදං උපෙක්ඛා’ති. තස්ස තං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. සෙය්යථාපි ආනන්ද, බලවා පුරිසො දිවසසන්තත්තෙ අයොකටාහෙ ද්වෙ වා තීණි වා උදකඵුසිතානි නිපාතෙය්ය. දන්ධො ආනන්ද, උදකඵුසිතානං නිපාතො, අථ ඛො නං ඛිප්පමෙව පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය. එවමෙව ඛො, ආනන්ද, යස්ස කස්සචි එවං සීඝං එවං තුවටං එවං අප්පකසිරෙන උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං නිරුජ්ඣති, උපෙක්ඛා සණ්ඨාති. අයං වුච්චතානන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු. එවං ඛො ආනන්ද, අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා හොති.
තවද ආනන්දය, මහණහට මනසින් දහම් දැන මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ මෙසේ දැනගනී: ‘මට මේ මනාපය උපන. අමනාපය උපන. මනාපාමනාපය උපන. හෙ ද සඞ්ඛත යැ, ඖදාරික යැ, ප්‍රතීත්‍යසමුත්පන්න යි. යම් විදර්ශනෝපේක්ෂායෙක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුට ඒ උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. උපේක්ෂාව පිහිටා සිටී. යම්සේ ආනන්දය, බලවත් පුරුෂයෙක් දවසක් මොනොවට තැවුණු යකබලෙක්හි දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හෙළන්නේ ද ආනන්දය, ජලබින්දුන්ගේ වැටීම ලැසිවේ ද, වැළි එය වහා මැ ක්ෂය වීමට ගෙවීමට යන්නේ ද, එසෙයින් මැ ආනන්දය යම් කිසිවක්හට මෙසේ ශීඝ්‍ර වැ මෙසේ වෙලෙවි වැ මෙසේ නිදුකින් උපන් මනාපය උපන් අමනාපය උපන් මනාපාමනාපය නිරුද්ධ වෙයි. විදර්ශනෝපේක්ෂාව පිහිටා සිටී. ආනන්දය, මේ ආර්‍ය්‍යවිනයෙහි මනෝවිඥේය ධර්ම විෂයෙහි අනුත්තර වූ ඉන්ද්රිය භාවනා’ යි කියනු ලැබේ. ආනන්දය, මෙසේ ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර වූ ඉන්ද්රියභාවනා වේ.
කථඤ්චානන්ද, සෙඛො හොති පාටිපදො. ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ-, ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො තෙන උප්පන්නෙන මනාපෙන උප්පන්නෙන අමනාපෙන උප්පන්නෙන මනාපාමනාපෙන අට්ටීයති හරායති ජිගුච්ඡති. එවං ඛො ආනන්ද, සෙඛො හොති පාටිපදො.
ආනන්දය, කිසෙයින් ශෛක්ෂප්රතිපත් ඇත්තේ වෙයි යත්: ආනන්දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මානාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුකට පැමිණෙයි. ලජ්ජාවට පැමිණෙයි. ජුගුප්සාවට පැමිණෙයි. කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී. අමනාප උපදී. මනාපාමනාප උපදී. හේ ඒ උපන් මනාපයෙන් උපන් අමනාපයෙන් උපන් මනාපාමනාපයෙන් දුක් වෙයි. ලජ්ජාවෙයි. ජුගුප්සා කෙරෙයි. ආනන්දය, මෙසේ ශෛක්ෂප්රතිපත් ඇත්තේ වේ.
කථඤ්චානන්ද, අරියො හොති භාවිතින්ද්රියො. ඉධානන්ද, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති: ‘පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: ‘පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: ‘පටික්කූලං ච අප්පටික්කූලං ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්යං සතො සම්පජානො’ති. උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො.
ආනන්දය, කිසෙයින් ආර්‍ය්‍ය වැඩූ ඉඳුරන් ඇත්තේ වෙයි යත්: ආනන්දය, මේ සස්නෙහි මහණහට ඇසින් රූ දැක මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. ඉදින් හේ ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වසන්නෙමි’ යි කැමති වේ නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි ප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලයෙහි ද අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි අප්‍රතිකූල සංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි රිසි වේ නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්‍රතිකූලයත් අප්‍රතිකූලයත් යන දෙක දුරු කොට පියා උපේක්ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි උපේක්ෂා ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි.
පුන චපරං ආනන්ද, භික්ඛුනො සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උප්පජ්ජති මනාපං, උප්පජ්ජති අමනාපං, උප්පජ්ජති මනාපාමනාපං. සො සචෙ ආකඞ්ඛති පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: ‘අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: ‘පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති: ‘අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්ය’න්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති ; පටික්කූලඤ්ච අප්පටික්කූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්යං සතො සම්පජානො’ති. උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො. එවං ඛො ආනන්ද, අරියො හොති භාවිතින්ද්රියො.
තවද ආනන්දය, මහණහට කනින් ශබ්ද අසා ... නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස විඳ ... කයින් පහස් පැහැස ... මනසින් දහම් දැන මනාප උපදී, අමනාප උපදී, මනාපාමනාප උපදී. ඉදින් හෙතෙම ප්‍රතිකූලයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්‍රති කූලයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්රතිකූලයෙහිත් අප්රතිකූලයෙහිත් අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි අප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් අප්රතිකූලයෙහිත් ප්‍රතිකූලයෙහි ද ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි ප්‍රතිකූලසංඥා ඇති වැ වෙසෙයි. ඉදින් ප්රතිකූලය ද අප්රතිකූලය ද යන දෙක දුරු කොට පියා උපේක්ෂක වූයෙම් ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙන්නෙමි’ යි කැමැති වේ නම් එහි උපේක්ෂක වූයේ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ වෙසෙයි. මෙසෙයින් ආනන්දය, ආර්‍ය්‍ය වැඩූ ඉඳුරන් ඇත්තේ වේ.
ඉති ඛො ආනන්ද, දෙසිතා මයා අරියස්ස විනයෙ අනුත්තරා ඉන්ද්රියභාවනා. දෙසිතො සෙඛො පාටිපදො. දෙසිතො අරියො භාවිතින්ද්රියො. යං ඛො ආනන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි ආනන්ද, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි, ඣායථානන්ද, මා පමාදත්ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
ආනන්දය, මෙසේ මා විසින් ආර්‍ය්‍යවිනයෙහි අනුත්තර වූ ඉන්ද්රියභාවනා දෙසන ලදු. ශෛක්ෂප්රතිපදා ඇතියේ දෙසනලද, භාවිතෙන්‍ද්‍රිය වූ ආර්‍ය්‍ය තෙම දෙසන ලද. ආනන්දය, ශ්‍රාවකයනට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘහු අනුකම්පා පිණිස යමක් කටයුතු ද, මා විසින් තොපට එය කරන ලද. ආනන්දය, තෙල වෘක්ෂමූල සෙනසුන් වෙයි. තෙල ශුන්‍යාගාරයෝ වෙති. ආනන්දය, ධ්‍යාන කරව. නහමක් ප්‍රමාද වව. පසු වැ නහමක් විපිළිසර ඇති වව’ යි. මේ තොපට අපගේ අනුසසුන් වේ යයි.
ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා ආනන්දො භගවතො භාසිතං අභිනන්දීති.
භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්ද්රියභාවනා සුත වදාළ සේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සතුටු වූවාහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදනා කොළෝ.
ඉන්ද්රියභාවනා සුත්තං දසමං.
දස වැනි ඉන්ද්රියභාවනාසූත්ර යි.
සළායතනවග්ගො පඤ්චමො
පස් වැනි සළායතන වර්ග යි.
උපරිපණ්ණාසකං සමත්තං.
උපරිපණ්ණාසකය සමාප්ත යි.
තස්ස වග්ගස්ස උද්දානං:
ඒ වර්ගයාගේ උද්දානය:
අනාථපිණ්ඩිකො ඡන්නො පුණ්ණො නන්දක රාහුලා, ඡ ඡක්කං සළායතනිකං නගරවින්දෙය්ය සුද්ධිකා, ඉන්ද්රියභාවනා චාපි වග්ගො ඔවාද පඤ්චමොති.
අනාථපිණ්ඩිකොවාද යැ, ඡන්නෝවාද යැ පුණ්ණෝවාදය හා නන්දකරාහුලෝවාදයෝ යැ ඡඡක්කසූත්ර යැ මහාසළායතනසූත්ර යැ නගරවින්දෙය්යසූත්රය හා පිණ්ඩපාතසුද්ධිකසූත්ර යැ ඉන්ද්රිය භාවනාසුත්ර යැ යි පස්වැනි අවවාද වර්ගය වේ.
ඉදං වග්ගානමුද්දානං:
මේ වර්ගයන්ගේ උද්දානය:
දෙවදහො’නුපදො ච සුඤ්ඤතො ච විභඞ්ගකො, සළායතනොති වග්ගා උපරිපණ්ණාසකෙ ඨිතාති.
දේවදහවර්ගය ද අනුපදවර්ගය ද සුඤ්ඤතවර්ගය ද විභඞ්ගවර්ගය ද සළායතන වර්ගය දැ’ යි උපරිපණ්ණාසකයෙහි සිටි වර්ගයෝ යි.
තීහි පණ්ණාසකෙහි පතිමණ්ඩිතො සකලො මජ්ඣිමනිකායො සමත්තො.
තුන් පනසෙකින් ප්‍රතිමණ්ඩිත වූ සියලු මධ්යමනිකාය සමාප්ත යි.