පිණ්ඩපාතපාරිසුද්ධි සුත‍්තං
3. 5. 9.
3. 5. 9.
පිණ‍්ඩපාතපාරිසුද‍්ධි සුත‍්තං
පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. අථ ඛො ආයස‍්මා සාරිපුත‍්තො සායන‍්හසමයං පතිසල‍්ලානා වුට‍්ඨිතො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං භගවා එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැඟීසිටියාහු භාග්‍යවතුන්වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට තෙල වදාළසේක:
විප‍්පසන‍්නානි ඛො තෙ සාරිපුත‍්ත, ඉන්‍ද්‍රියානි පරිසුද‍්ධො ඡවිවණ‍්ණො පරියොදාතො. කතමෙන ඛො ත්‍වං සාරිපුත‍්ත, විහාරෙන එතරහි බහුලං විහරසීති:
ශාරිපුත්‍රය, තොපගේ ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්හ, සිවිපැහැ පරිශුද්ධ යැ, පර්‍ය්‍යවදාත යි. ශාරිපුත්‍රය, තෙපි මෙකල්හි කවර විහරණයෙකින් යුක්ත වැ බහුල කොට වාස කරවු දැ? යි.
සුඤ‍්ඤතාවිහාරෙන ඛො අහං භන‍්තෙ, එතරහි බහුලං විහරාමීති.
‘වහන්ස, මෙකල්හි මම් ශුන්‍යතාවිහරණයෙන් යුක්ත වැ බහුල කොට වෙසෙමි’ යි.
සාධු සාධු සාරිපුත‍්ත, මහාපුරිසවිහාරෙන කිර ත්‍වං සාරිපුත‍්ත, එතරහි බහුලං විහරසි. ‘මහාපුරිසවිහාරො හෙස සාරිපුත‍්ත, යදිදං සුඤ‍්ඤතා. තස‍්මාතිහ සාරිපුත‍්ත, භික‍්ඛු සචෙ ආකඞ‍්ඛෙය්‍ය, සුඤ‍්ඤතා විහාරෙන එතරහි බහුලං විහරෙය්‍ය’න‍්ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: ‘යෙන චාහං මග‍්ගෙන ගාමං පිණ‍්ඩාය පාවිසිං, යස‍්මිඤ‍්ච පදෙසෙ පිණ‍්ඩාය අචරිං, යෙන ච මග‍්ගෙන ගාමතො පිණ‍්ඩාය පටික‍්කමිං. අත්‍ථි නු ඛො මෙ තත්‍ථ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු ඡන්‍දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති.
සාධු සාධු ශාරිපුත්‍රය. ශාරිපුත්‍රය, තෙපි මෙකල්හි මහාපුරුෂවිහරණයෙන් බහුල කොට වාස කරවු. ශාරිපුත්‍රය, යම් ශුන්‍යතායෙක් ඇද්ද, තෙල මහාපුරුෂවිහරණයෙක. ශාරිපුත්‍රය, එහෙයින් මෙහිලා ඉදින් මහණ මෙකල්හි ශුන්‍යතාවිහරණයෙන් බහුල කොට වසන්නෙමි’ යි කැමැති වේ නම් ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: ‘මම් යම් මගෙකින් ගමින් පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬුවායෙන් පෙරළා ආයෙම් ද, එහි මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි චිත්තයාගේ ගැටෙන ක්ලේශයෙක් වේවයි ඇත්තේ දෝ හො’යි.
සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘යෙන චාහං මග‍්ගෙන ගාමං පිණ‍්ඩාය පාවිසිං. යස‍්මිඤ‍්ච පදෙසෙ පිණ‍්ඩාය අචරිං, යෙන ච මග‍්ගෙන ගාමතො පිණ‍්ඩාය පටික‍්කමිං. අත්‍ථි මෙ තත්‍ථ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු ඡන්‍දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය වායමිතබ‍්බං.
ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දනී ද ‘මම් යම් මඟෙකින් ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬු සිඟා පෙරළා ආයෙම් ද, එහි දී මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි චිත්තයාගේ ගැටෙන ක්ලේශ ජාතයෙක් වේවයි ඇතැ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ මැ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි.
සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘යෙන චාහං මග‍්ගෙන ගාමං පිණ‍්ඩාය පාවිසිං, යස‍්මිං ච පදෙසෙ පිණ‍්ඩාය අචරිං, යෙන ච මග‍්ගෙන ගාමතො පිණ‍්ඩාය පටික‍්කමිං. නත්‍ථි මෙ තත්‍ථ චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යෙසු රූපෙසු ඡන්‍දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද ශාරිපුත්‍රය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මම් යම් මඟෙකින් ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් ගමින් පිඬු සිඟා පෙරළා ආයෙම් ද, එහි දී මාගේ චක්‍ෂුර්විඥේය රූපයෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ මෝහයෙක් හෝ සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් හෝ නැතැ’ යි මෙසේ දනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශලධර්‍මයෙහි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: ‘යෙන චාහං මග‍්ගෙන ගාමං පිණ‍්ඩාය පාවිසිං, යස‍්මිඤ‍්ච පදෙසෙ පිණ‍්ඩාය අචරිං, යෙන ච මග‍්ගෙන ගාමතො පිණ‍්ඩාය පටික‍්කමිං. අත්‍ථි නු ඛො මෙ තත්‍ථ සොතවිඤ‍්ඤෙය්‍යෙසු සද‍්දෙසු -පෙ- ඝානවිඤ‍්ඤෙය්‍යෙසු ගන්‍ධෙසු -පෙ- ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යෙසු රසෙසු -පෙ- කායවිඤ‍්ඤෙය්‍යෙසු ඵොට‍්ඨබ‍්බෙසු -පෙ- මනොවිඤ‍්ඤෙය්‍යෙසු ධම‍්මෙසු ඡන්‍දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති. සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘යෙන චාහං මග‍්ගෙන ගාමං පිණ‍්ඩාය පාවිසිං, යස‍්මිඤ‍්ච පදෙසෙ පිණ‍්ඩාය අචරිං, යෙන ච මග‍්ගෙන ගාමතො පිණ‍්ඩාය පටික‍්කමිං. අත්‍ථි මෙ තත්‍ථ මනොවිඤ‍්ඤෙය්‍යෙසු ධම‍්මෙසු ඡන්‍දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය වායමිතබ‍්බං.
තවද ශාරිපුත්‍රය, අනෙකෙකි: මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: යම් මඟෙකින් මම ගමට පිඬු සිඟා පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු සිඟා ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෙහි ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෙහි ... ජිහ්වාවිඥේය රසයෙහි ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෙහි ... මනෝවිඥේය ධර්‍මයෙහි ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ මෝහයෙක් හෝ සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් හෝ ඇද්ද? යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ: ‘යම් මඟෙකින් මම ගමට පිඬු සිඟා පිවිසියෙම් ද, යම් පෙදෙසෙක පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු පිණිස හැසිර ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ මනෝවිඥෙය ධර්‍මයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි සිතෙහි ගැටෙන ක්ලේශජාතයෙක් වේවයි ඇතැ’ යි මෙසේ දනී ද ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශලධර්‍මයන්ගේ මැ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි.
සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: යෙන චාහං මග‍්ගෙන ගාමං පිණ‍්ඩාය පාවිසිං, යස‍්මිඤ‍්ච පදෙසෙ පිණ‍්ඩාය අචරිං, යෙන ච මග‍්ගෙන ගාමතො පිණ‍්ඩාය පටික‍්කමිං. නත්‍ථි මෙ තත්‍ථ මනොවිඤ‍්ඤෙය්‍යෙසු ධම‍්මෙසු ඡන්‍දො වා රාගො වා දොසො වා මොහො වා පටිඝං වාපි චෙතසො’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘යම් මඟෙකින් මම ගමට පිඬු පිණිස පිවිසියෙම් ද, යම් පෙදෙසෙක්හි පිඬු සිඟා ගියෙම් ද, යම් මඟෙකින් පිඬු පිණිස හැසිර ගමින් පෙරළා ආයෙම් ද, එහි දී මාගේ මනෝවිඥේය ධර්‍මයෙහි ඡන්‍දයෙක් වේවයි රාගයෙක් වේවයි ද්වේෂයෙක් වේවයි මෝහයෙක් වේවයි සිත පිළිබඳ ගැටෙන ක්ලේශ ජාතයෙක් වේවයි නැතැ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශල ධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු යි.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: පහීනා නු ඛො මෙ පඤ‍්ච කාමගුණාති, සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අප‍්පහීනා ඛො මෙ පඤ‍්ච කාමගුණාති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා පඤ‍්චන‍්නං කාමගුණානං පහානාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: පහීනා ඛො මෙ පඤ‍්ච කාමගුණාති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද ශාරිපුත්‍රය, අනෙකක් කියමි. මහණහු විසින් ‘මාගේ පඤ්චකාමගුණයෝ ප්‍රහීණ වූවාහු දැ’ යි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මාගේ පඤ්චකාමගුණයෝ අප්‍රහීණයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චකාමගුණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මාගේ පඤ්චකාමගුණයෝ ප්‍රහීණ වූහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශල ධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: ‘පහීනා නු ඛො මෙ පඤ‍්ච නීවරණා’ති. සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අප‍්පහීනා ඛො මෙ පඤ‍්ච නීවරණා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා පඤ‍්චන‍්නං නීවරණානං පහානාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘පහීනා ඛො මෙ පඤ‍්ච නීවරණා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: මාගේ පඤ්චනීවරණයෝ ප්‍රහීණ වූවාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මාගේ පඤ්චනීවරණයෝ අප්‍රහීණයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චනීවරණයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කටයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ (මාගේ සන්තානයෙහි) පඤ්චනීවරණයෝ ප්‍රහීණ වූහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ඒ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් මැ කුශලධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: පරිඤ‍්ඤාතා නු ඛො මෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා’ති. සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අපරිඤ‍්ඤාතා ඛො මෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං පරිඤ‍්ඤාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: පරිඤ‍්ඤාතා ඛො මෙ පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලද්දාහු දැ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ අපරිඥාතයහ’ යි මෙසේ දැනගනීද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ පරිඥානය පිණිස වෑයම් කටයුතුයැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මා විසින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලදහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි රෑදෙවෙහි හික්මෙන්නහු වාස කටයුතු.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: භාවිතා නු ඛො මෙ චත‍්තාරො සතිපට‍්ඨානා’ති: සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ චත‍්තාරො සතිපට‍්ඨානා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා චතුන‍්නං සතිපට‍්ඨානානං භාවනාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛුනා පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘භාවිතා ඛො මෙ චත‍්තාරො සතිපට‍්ඨානා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
ඉදින් ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: මා විසින් සතර සතිපට්ඨානයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සතර සතිපට්ඨානයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සතර සතිපට්ඨානයන් වැඩීම පිණිස වෑයම් කටයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සතර සතිපට්ඨානයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් වාස කටයුතු.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: භාවිතා නු ඛො මෙ චත‍්තාරො සම‍්මප‍්පධානා’ති. සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ චත‍්තාරො සම‍්මප‍්පධානා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා චතුන‍්නං සම‍්මප‍්පධානානං භාවනාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: භාවිතා ඛො මෙ චත‍්තාරො සම‍්මප‍්පධානා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද අනෙකෙකි: ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධානයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘සතර සම්‍යක් ප්‍රධානයෝ මා විසින් අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සතර සම්‍යක් ප්‍රධානයන් වැඩීම පිණිස වෑයම් කළ යුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සතර සම්‍යක් ප්‍රධානයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසියයුතු.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: භාවිතා නු ඛො මෙ චත‍්තාරො ඉද‍්ධිපාදා’ති. සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ චත‍්තාරො ඉද‍්ධිපාදාති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා චතුන‍්නං ඉද‍්ධිපාදානං භාවනාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: භාවිතා ඛො මෙ චත‍්තාරො ඉද‍්ධිපාදාති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ, මා විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත වූවාහු දෝහෝ’ යි ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ මා විසින් සතර ඍද්ධිපාදයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සතර ඍද්ධිපාදයන්ගේ වැඩීම පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ මා විසින් සතර ඍද්ධිපාදයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් විසියයුතු.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: ‘භාවිතා නු ඛො මෙ පඤ‍්චින්‍ද්‍රියානීති. සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ පඤ‍්චින්‍ද්‍රියානී’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං භාවනාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: භාවිතා ඛො මෙ පඤ‍්චින්‍ද්‍රියානී’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: ‘මා විසින් පඤ්චේන්‍ද්‍රියෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චේන්‍ද්‍රියෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චේන්‍ද්‍රියෝ වැඩීම පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චේන්‍ද්‍රියෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් විසියයුතු.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: භාවිතා නු ඛො මෙ පඤ‍්චබලානීති. සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ පඤ‍්චබලානී’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා පඤ‍්චන‍්නං බලානං භාවනාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: භාවිතා ඛො මෙ පඤ‍්චබලානීති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් පඤ්චබලයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චබලයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් පඤ්චබලයෝ භාවනාව පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් පඤ්චබලයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙන්නහු විසින් විසියයුතු.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: භාවිතා නු ඛො මෙ සත‍්තබොජ‍්ඣඞ‍්ගාති: සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: අභාවිතා ඛො මෙ සත‍්තබොජ‍්ඣඞ‍්ගා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා සත‍්තන‍්නං බොජ‍්ඣඞ‍්ගානං භාවනාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: භාවිතා ඛො මෙ සත‍්තබොජ‍්ඣඞ‍්ගා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං, අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ අභාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් සප්තබෝධ්‍යඞ්ගයන් වැඩීම පිණිස වෑයම් කටයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ භාවිතයහ’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුතු වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙනුවහු විසින් වාස කටයුතු.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: ‘භාවිතො නු ඛො මෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො’ති. සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘අභාවිතො ඛො මෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා අරියස‍්ස අට‍්ඨඞ‍්ගිකස‍්ස මග‍්ගස‍්ස භාවනාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘භාවිතො ඛො මෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනාලද දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අභාවිතයයි’ මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය වැඩීම පිණිස වෑයම් කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, ප්‍රත්‍යවේක්‍ෂා කරන මහණ ‘මා විසින් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය වඩනාලද’ යි මෙසේ දැනගනී ද, ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රාමෝද්‍යයෙන් යුක්ත වැ කුශලධර්‍මයන්හි දවරෑ හික්මෙනුවහු විසින් වාස කටයුතු.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: ‘භාවිතා නු ඛො මෙ සමථො ච විපස‍්සනා චා’ති. සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘අභාවිතා ඛො මෙ සමථො ච විපස‍්සනා චා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා සමථවිපස‍්සනානං භාවනාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘භාවිතා ඛො මෙ සමථො ච විපස‍්සනා චා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු යැ: ‘මා විසින් ශමථය ද විදර්‍ශනාව ද වඩනලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් ශමථය ද විදර්‍ශනා ද නො ව වඩනලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් ශමථවිදර්‍ශනා දෙක වඩනු පිණිස ව්‍යායාම කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් ශමථය ද විදර්‍ශනා ද වඩනාලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රමෝදයෙන් කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙනුවහු විසින් විහරණ කළයුතු යැ.
පුන චපරං සාරිපුත‍්ත, භික‍්ඛුනා ඉති පටිසඤ‍්චික‍්ඛිතබ‍්බං: ‘සච‍්ඡිකතා නු ඛො මෙ විජ‍්ජා ච විමුත‍්ති චා’ති. සචෙ සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘අසච‍්ඡිකතා ඛො මෙ විජ‍්ජා ච විමුත‍්ති චා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා විජ‍්ජාය ච විමුත‍්තියා ච සච‍්ඡිකිරියාය වායමිතබ‍්බං. සචෙ පන සාරිපුත‍්ත, භික‍්ඛු පච‍්චවෙක‍්ඛමානො එවං ජානාති: ‘සච‍්ඡිකතා ඛො මෙ විජ‍්ජා ච විමුත‍්ති චා’ති. තෙන සාරිපුත‍්ත, භික‍්ඛුනා තෙනෙව පීතිපාමොජ‍්ජෙන විහාතබ‍්බං අහොරත‍්තානුසික‍්ඛිනා කුසලෙසු ධම‍්මෙසු.
තවද ශාරිපුත්‍රය, මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළයුතු යැ: ‘මා විසින් විද්‍යා ද විමුක්ති ද ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු දෝහෝ’ යි. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් විද්‍යා ද විමුක්ති ද ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු විසින් විද්‍යාව හා විමුක්තියගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ව්‍යායාම කළයුතු යැ. ඉදින් ශාරිපුත්‍රය, මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ මෙසේ දන්නේ වේ ද: ‘මා විසින් විද්‍යා ද විමුක්ති ද ප්‍රත්‍යක්‍ෂ කරන ලදහ’ යි. ශාරිපුත්‍රය, ඒ මහණහු එ මැ ප්‍රීතිප්‍රමෝදයෙන් කුශලධර්‍මයෙහි දවරෑ හික්මෙනුවහු විසින් විහාර කළයුතු යැ.
යෙ හි කෙචි සාරිපුත‍්ත, අතීතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා පිණ‍්ඩපාතං පරිසොධෙසුං, සබ‍්බෙ තෙ එවමෙව පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා පිණ‍්ඩපාතං පරිසොධෙසුං. යෙපි හි කෙචි සාරිපුත‍්ත, අනාගතමද‍්ධානං සමණා වා බ්‍රාහ‍්මණා වා පිණ‍්ඩපාතං පරිසොධෙස‍්සන‍්ති, සබ‍්බෙ තෙ එවමෙව පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා පිණ‍්ඩපාතං පරිසොධෙස‍්සන‍්ති. යෙපි හි කෙචි සාරිපුත‍්ත, එතරහි සමණා වා බ්‍රාහ‍්මණා වා පිණ‍්ඩපාතං පරිසොධෙන‍්ති, සබ‍්බෙ තෙ එවමෙව පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා පිණ‍්ඩපාතං පරිසොධෙන‍්ති. තෙන හි වො සාරිපුත‍්ත එවං සික‍්ඛිතබ‍්බං: ‘පච‍්චවෙක‍්ඛිත්‍වා පච‍්චවෙක‍්ඛිත්‍වා පිණ‍්ඩපාතං පරිසොධෙස‍්සාමා’ති. එවං හි වො සාරිපුත‍්ත, සික‍්ඛිතබ‍්බන‍්ති.
ශාරිපුත්‍රය, අතීතකාලයෙහි යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ පිණ්ඩපාතශුද්ධි කළාහු ද , එ හැම මෙසෙයින් ම පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාත පරිශෝධනා කළාහු යැ. ශාරිපුත්‍රය, අනාගතකාලයෙහි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පිණ්ඩපාතපරිශෝධනා කෙරෙත් ද, ඒ හැම මෙසෙයින් මැ පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාතපරිශෝධනා කෙරෙති. ශාරිපුත්‍රය, මෙ වත්මනුයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පිණ්ඩපාතපරිශෝධනා කෙරෙත් ද, එ හැම මෙපෙරිදි මැ පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාතපරිශෝධනා කෙරෙති. එකරුණින් ශාරිපුත්‍රය, තොප මෙසේ හික්මෙන්නේ යැ: ‘පුනපුනා ප්‍රත්‍යවේක්‍ෂා කොට පිණ්ඩපාතපරිශෝධනා කරම්හ’ යි. ශාරිපුත්‍රය, මෙසේ තොප හික්මෙන්නේ මැනැව.
ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා සාරිපුත‍්තො භගවතො භාසිතං අභිනන්‍දීති.
භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටුසිත් ඇති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දන කළෝ.
පිණ‍්ඩපාතපාරිසුද‍්ධි සුත‍්තං නවමං.
නව වැනි පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍ර යි.