නගරවින්දෙය්ය සුත්තං
3. 5. 8.
3. 5. 8.
නගරවින්දෙය්ය සුත්තං
නගරවින්දෙය්ය සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන නගරවින්දං නාම කොසලානං බ්රාහ්මණගාමො, තදවසරි. අස්සොසුං ඛො නගරවින්දෙය්යකා බ්රාහ්මණගහපතිකා: ‘සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං නගරවින්දං අනුප්පත්තො. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති.
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහාභික්ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරන සේක් කොසොල්රට නගරවින්ද නම් බමුණුගමට වැඩිසේක. නගරවින්දයෙහි වැසි බමුණු ගැහැවියෝ මේ ඇසූහ: ‘ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මැ පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහාභික්ෂු සංඝයා සමග කොසොල් ජනපදයෙහි චාරිකා කරන සේක් නගරවින්දයට පැමිණි සේක. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කල්‍යාණ කීර්තිශබ්දය උස් වැ නැඟිණ: ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අර්හත් වූහ. සම්‍යක්සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යා පසළොස්චරණයෙන් සමන්විතයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථිහ. දෙවි මිනිස්නට ශාස්තෘ වූහ. බුද්ධයහ. භාග්‍යවත්හ’ යි. ඒ භාග්‍යවත්හු සදේවක සමාරක සබ්‍රහ්මක වූ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව ඇති දෙවිමිනිසුන් සහිත මේ ලෝකය තමන් වහන්සේ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කරන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ ආදී කල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ සාර්ත්ථ වූ සව්‍යඤ්ජන වූ කේවලපරිපූර්‍ණ වූ ධර්මය දෙසන සේක. පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය ප්‍රකාශ කරන සේක. එබඳු වූ රහතුන්ගේ දැකීම මනා මැ නු’ යි.
අථ ඛො නගරවින්දෙය්යකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා, තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො නගරවින්දෙය්යකෙ බ්රාහ්මණගහපතිකෙ භගවා එතදවොච:
ඉක්බිති නගරවින්දයෙහි වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ කිසි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට අභිවාදනා කොට එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට පිණිපා කොට එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම්ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් නගරවින්දයෙහි වැසි බමුණුගැහැවියනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
සචෙ වො ගහපතයො, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: කථංරූපා ගහපතයො, සමණබ්රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානෙතබ්බා න පූජෙතබ්බාති. එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: යෙ තෙ සමණබ්රාහ්මණා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරන්ති කායෙන වාචාය මනසා, එවරූපා සමණබ්රාහ්මණා න සක්කාතබ්බා, න ගරුකාතබ්බා, න මානෙතබ්බා, න පූජෙතබ්බා. තං කිස්ස හෙතු: මයම්පිහි චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරාම කායෙන වාචාය මනසා. තෙසං නො සමචරියම්පි හෙතං උත්තරිං අපස්සතං. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානෙතබ්බා න පූජෙතබ්බා.
ඉදින් ගැහැවියෙනි, අන්තොටු පිරිවැජියෝ තොප මෙසේ පුළුවුස්නාහු නම්: “ගැහැවියෙනි, කෙබඳු පියවි ඇති මහණ බමුණෝ සත්කාර නො කටයුත්තාහු ද ගරුකාර නො කට යුත්තාහු ද බුහුමන් නො කටයුත්තාහු ද නො පිදියයුත්තාහු දැ? යි”, ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරන්නහු යැ: ‘යම් මහණබමුණු කෙනෙක් චක්‍ෂුර්විඥේය රූපයෙහි නො පැහූ රාග ඇති වැ නො පැහූ ද්වේෂ ඇති වැ නො පැහූ මෝහ ඇති වැ තමා තුළ නො සන්හුන් සිත් ඇති වැ කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙත් ද, මෙවන් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදිය යුතු වෙත්. ඒ කවර හෙයින යත්: අපිදු චක්‍ෂුර්විඥේය රූපයෙහි අවීතරාගයම්හ, අවීතද්වේෂයම්හ, අවීතමෝහයම්හ, තමා තුළ නො සන්හුන් සිතැතියම්හ. කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙම්හ. මතුයෙහි අන්යචර්ය්යාවක් නො දක්නා අපට තෙල සමචර්‍ය්‍යා මැ වෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදියයුතු වෙත්.
යෙ තෙ සමණබ්රාහ්මණා සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු, -පෙ- ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු, -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු, -පෙ- කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු, -පෙ- මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරන්ති කායෙන වාචාය මනසා. එවරූපා සමණබ්රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානෙතබ්බා න පූජෙතබ්බා. තං කිස්ස හෙතු: මයම්පි හි මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරාම කායෙන වාචාය මනසා. තෙසං නො සමචරියම්පි හෙතං උත්තරිං අපස්සතං. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා න සක්කාතබ්බා න ගරුකාතබ්බා න මානෙතබ්බා න පූජෙතබ්බාති. එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ.
යම් ඒ මහණ බමුණු කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දයෙහි … ඝ්‍රාණවිඥේය වූ ගන්ධයෙහි ... ජිහ්වාවිඥේය වූ රසයෙහි ... කායවිඥේය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි ... මනෝවිඥේය වූ ධර්මයෙහි නො පැහූ රාග ඇති වැ නො පැහූ ද්වේෂ ඇති වැ නො පැහූ මෝහ ඇති වැ තමා තුළ නො සන්හුන් සිතැති වැ කයින් වචසින් මනසින් සමවිසම කොට හැසිරෙත් ද, මෙවන් මහණ බමුණෝ සත්කාර නො කළයුතු වෙති. ගරුකාර නො කළයුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදිය යුතු වෙත්. ඒ කවර හෙයින යත්: අපිදු මනෝවිඥේය වූ ධර්මයෙහි නො පැහූ රාග ඇතියම්හ. නො පැහූ ද්වේෂ ඇතියම්හ. නො පැහූ මෝහ ඇතියම්හ. තමා තුලා නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්‍ය්‍යා කරම්හ. මතුයෙහි අන්‍යචර්‍ය්‍යා නො දක්නා අපට තෙල සමචර්‍ය්‍යා ද වියහෙයි. එයින් ඒ භවත් මහණබමුණෝ සත්කාර නො කළයුතු වෙති, ගරුකාර නො කළ යුතු වෙති. බුහුමන් නො කළයුතු වෙති. නො පිදියයුතු වෙති’ යි. මෙසේ පුළුවුස්නාලද ගැහැවි වූ තෙපි ඒ අන් තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියවු.
සචෙ පන වො ගහපතයො අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: කථංරූපා ගහපතයො සමණබ්රාහ්මණා සක්කාතබ්බා, ගරුකාතබ්බා, මානෙතබ්බා, පූජෙතබ්බා’ති: එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: යෙ තෙ සමණබ්රාහ්මණා චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු වීතරාගා වීතදොසා වීතමොහා අජ්ඣත්තං වූපසන්තචිත්තා සමචරියං චරන්ති කායෙන වාචාය මනසා. එවරූපා සමණබ්රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා. තං කිස්ස හෙතු: මයම්පි හි චක්ඛුවිඤ්ඤෙය්යෙසු රූපෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරාම කායෙන වාචාය මනසා. තෙසං නො සමචරියම්පි හෙතං උත්තරිං පස්සතං. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා. යෙ තෙ සමණබ්රාහ්මණා සොතවිඤ්ඤෙය්යෙසු සද්දෙසු -පෙ- ඝානවිඤ්ඤෙය්යෙසු ගන්ධෙසු -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යෙසු රසෙසු -පෙ- කායවිඤ්ඤෙය්යෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු වීතරාගා වීතදොසා වීතමොහා, අජ්ඣත්තං වූපසන්තචිත්තා සමචරියං චරන්ති කායෙන වාචාය මනසා. එවරූපා සමණබ්රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා. තං කිස්ස හෙතු: මයම්පි හි මනොවිඤ්ඤෙය්යෙසු ධම්මෙසු අවීතරාගා අවීතදොසා අවීතමොහා අජ්ඣත්තං අවූපසන්තචිත්තා සමවිසමං චරාම කායෙන වාචාය මනසා. තෙසං නො සමචරියම්පි හෙතං උත්තරි පස්සතං. තස්මා තෙ භොන්තො සමණබ්රාහ්මණා සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා’ති. එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ.
ඉදින් ගැහැවියෙනි, අන් තොටු පිරිවැජියෝ ‘ගැහැවියෙනි, කෙබඳු මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙත් ද ගරුකාර්‍හ වෙත් ද මානනාර්‍හ වෙත් ද පූජනාර්‍හ වෙත් දැ?’ යි. තොප මෙසේ පුළුවුස්නාහු නම් ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන් තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියව. යම් මහණ බමුණු කෙනෙක් චක්‍ෂුර්විඥේය රූපාලම්බනයෙහි පැහූ රාග ඇති වෙත් ද පැහූ ද්වේෂ ඇති වෙත් ද පැහූ මෝහ ඇති වෙත් ද තමා තුළ සන්හුන් සිත් ඇති වෙත් ද කයින් වචසින් මනසින් සමචර්‍ය්‍යා කෙරෙත් ද මෙබඳු මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙති. ඒ කවර හෙයින යත්: අපි වනාහි චක්ෂුර් විඥේය රූපාලම්බනයෙහි නො පැහූ රාග ඇතියම්හ, නො පැහූ ද්වේෂ ඇතියම්හ, නො පැහූ මෝහ ඇතියම්හ, තමා තුළ නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්‍ය්‍යා කරම්හ. මතුයෙහි අන්‍යචර්‍ය්‍යා දක්නා අපට තෙල සමචර්‍ය්‍යා ද විය හෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙති. යම් මහණ බමුණු කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය ශබ්දාලම්බනයෙහි ... ඝ්‍රාණවිඥේය ගන්‍ධාලම්බනයෙහි ... ජිහ්වාවිඥේය රසාලම්බනයෙහි ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ... මනෝවිඥේය ධර්මයෙහි වීතරාග වෙත් ද වීතද්වේෂ වෙත් ද වීතමෝහ වෙත් ද, තමා තුළ සන්හුන් සිත් ඇති වෙත් ද, කයින් වචසින් මනසින් සමචර්‍ය්‍යා කෙරෙත් ද, මෙබඳු මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙත්, ඒ කවර හෙයින යත්: අපි වනාහි මනෝවිඥේය ධර්මයෙහි අවීතරාගයම්හ, අවීතද්වේෂයම්හ, අවීතමෝහයම්හ. තමා තුලා නො සන්හුන් සිත් ඇතියම්හ. කයින් වචසින් මනසින් සමවිසමචර්‍ය්‍යා කරම්හ. මතුයෙහි අන්‍යචර්‍ය්‍යා දක්නා අපට තෙල සමචර්‍ය්‍යා ද වෙයි. එයින් ඒ භවත් මහණ බමුණෝ සත්කාරාර්‍හ වෙති, ගරුකාර්‍හ වෙති, මානනාර්‍හ වෙති, පූජනාර්‍හ වෙත්’ යි. ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියව.
සචෙ පන වො ගහපතයො, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: කෙ පනායස්මන්තානං ආකාරා කෙ අන්වයා, යෙන තුම්හෙ ආයස්මන්තො එවං වදෙථ: අද්ධා තෙ ආයස්මන්තො වීතරාගා වා රාගවිනයාය වා පටිපන්නා, වීතදොසා වා දොසවිනයාය වා පටිපන්නා, වීතමොහා වා මොහවිනයාය වා පටිපන්නා’ති: එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථ: තථා හි තෙ ආයස්මන්තො අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති. නත්ථි ඛො පන තත්ථ තථාරූපා චක්ඛුවිඤ්ඤෙය්යා රූපා, යෙ දිස්වා දිස්වා අභිරමෙය්යුං. නත්ථි ඛො පන තත්ථ තථාරූපා සොතවිඤ්ඤෙය්යා සද්දා, යෙ සුත්වා සුත්වා අභිරමෙය්යුං. නත්ථි ඛො පන තත්ථ තථාරූපා ඝානවිඤ්ඤෙය්යා ගන්ධා, යෙ ඝායිත්වා ඝායිත්වා අභිරමෙය්යුං. නත්ථි ඛො පන තත්ථ තථාරූපා ජිව්හාවිඤ්ඤෙය්යා රසා, යෙ සායිත්වා සායිත්වා අභිරමෙය්යුං. නත්ථි ඛො පන තත්ථ තථාරූපා කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා, යෙ ඵුසිත්වා ඵුසිත්වා අභිරමෙය්යුං. ඉමෙ ඛො නො ආවුසො, ආකාරා ඉමෙ අන්වයා, යෙන මයං යෙන මයං ආයස්මන්තො එවං වදෙම. අද්ධා තෙ ආයස්මන්තො වීතරාගා වා රාගවිනයාය වා පටිපන්නා, වීතදොසා වා දොසවිනයාය වා පටිපන්නා, වීතමොහා වා මොහවිනයාය වා පටිපන්නා’ති. එවං පුට්ඨා තුම්හෙ ගහපතයො, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං ව්යාකරෙය්යාථා’ති.
ගැහැවියෙනි, ඉදින් තොප අතින් අන්තොටු පිරිවැජියෝ මෙසේ විචාරත් ද, (කෙසේද යත්: ) ‘යම් හෙයෙකින් ඇවැත්නි, තෙපි ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු වීතරාග හෝ වෙති, රාගවිනය පිණිස හෝ පිළිපන්නාහු වෙති, වීතද්වේෂ හෝ වෙති, ද්වේෂවිනය පිණිස හෝ පිළිපන්නාහු වෙති, වීතමෝහ හෝ වෙති, මෝහවිනය පිණිස හෝ පිළිපන්නාහු වෙති’ යි මෙසේ කියවු ද, ඒ ආයුෂ්මතුන්ගේ තාදෘශාකාරයෝ කවරහ, අන්වයයෝ කවරහ’ කියා යි. ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ කියව: ‘එසේ මැ යැ. ඒ ආයුෂ්මත්හු අරණ්‍ය වානප්‍රස්ථ ප්‍රාන්ත ශයනාසනයන් සෙවිති. එහි යම් බඳු රූපයන් දැක දැක සිත් අලවත් ද, එවන් චක්‍ෂුර්විඥේය වූ රූපායතනයෝ නැත. එහි යම් බඳු ශබ්දයන් අස අසා සිත් අලවත් ද, එබඳු ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ නැත. එහි යම්බඳු ගන්ධයන් අඝ්‍රාණ කොට කොට සිත් අලවත් ද, එබඳු ඝ්‍රාණවිඥේය ගන්ධයෝ නැත. එහි යම්බඳු රසයන් ආස්වාද කොට කොට සිත් අලවත් ද, එබඳු ජිහ්වාවිඥේය රසයෝ නැත. එහි යම්බඳු ස්ප්‍රෂ්ටව්‍යයන් ස්පර්ශ කොට කොට සිත් අලවත් ද, එබඳු වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ නැත. ආයුෂ්මත්නි, අපි යම් හෙයෙකින් මෙසේ කියමෝද (කෙසේද යැ යත්: ) ‘ඒකාන්තයෙන් ඒ ආයුෂ්මත්හු වීතරාග හෝ වෙති. රාගවිනය පිණිස පිළිපන්නාහු හෝ වෙති. වීතද්වේෂ හෝ වෙති, ද්වේෂවිනය පිණිස පිළිපන්නාහු හෝ වෙති. වීතමෝහ හෝ වෙති, මෝහ විනය පිණිස පිළිපන්නාහු හෝ වෙති’ යි. ඇවැත්නි, මොහු අප ගත් ආකාරයෝ වෙති. මොහු අන්වයෝ වෙත්. ගැහැවියෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ විභාග කොට කියව යි.
එවං වුත්තෙ නගරවින්දෙය්යකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං: ‘අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙ’ති.
මෙසේ වදාළ කල්හි නගරවින්ද වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, භවත් ගෝතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කළ දෙයක් හෝ උඩුහුරු කරන්නේ වේ ද, පිළිසන් දෙයක් හෝ විවර කරන්නේ වේ ද, මං මුළා වූවක්හට හෝ මග කියන්නේ වේ ද, ‘ඇස් ඇතියෝ රූපයන් දක්නාහ’ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දල්වන්නේ වේ ද, එපරිදි භවත් ගෞතමයන් වහන්සේ විසින් දහම් පැවැසිණ. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද භික්ෂු සංඝයා ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවිහිමියෙන් සරණගිය උපාසකයන් කොට ධරත්ව යි.
නගර වින්දෙය්ය සුත්තං අට්ඨමං.
අටවැනි නගරවින්දෙය්ය සූත්‍ර යි.