යෙදුමෙන් කියවන්න

මහාසළායතනික සුත‍්තං

3. 5. 7.

3. 5. 7.

මහාසළායතනික සුත‍්තං

මහාසළායතනික සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවො’ති. ‘භදන‍්තෙ’ති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරණ සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

මහාසළායතනිකං වො භික‍්ඛවෙ, දෙසිස‍්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ භාසිස‍්සාමීති.

මහණෙනි, තොපට මහාෂඩායතන පර්‍ය්‍යාය දෙසමි. එය අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’යි.

එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

‘වහන්ස, එසේ යැ’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වූහු, භාග්‍යවතුන් වහන්සේ තෙල මහාෂඩායතනපර්‍ය්‍යාය වදාළෝ.

චක‍්ඛුං භික‍්ඛවෙ, අජානං අපස‍්සං යථාභූතං, රූපෙ අජානං අපස‍්සං යථාභූතං, චක‍්ඛුවිඤ‍්ඤාණං අජානං අපස‍්සං යථාභූතං, චක‍්ඛුසම‍්ඵස‍්සං අජානං අපස‍්සං යථාභූතං, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි අජානං අපස‍්සං යථාභූතං, චක‍්ඛුස‍්මිං සාරජ‍්ජති, රූපෙසු සාරජ‍්ජති, චක‍්ඛුවිඤ‍්ඤාණෙ සාරජ‍්ජති, චක‍්ඛුසම‍්ඵස‍්සෙ සාරජ‍්ජති, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තස‍්මිම‍්පි සාරජ‍්ජති.

මහණෙනි, චක්‍ෂුස ඇති සැටි මාර්‍ගඥානයෙන් නො දන්මින් නො දක්මින් රූපයන් ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුර්විඥානය ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුස්සංස්පර්‍ශය ඇති සැටි නො දන්මින් නො දක්මින් සුඛ වේවයි දුඃඛ වේවයි උපේක්‍ෂාසහගත වේවයි චක්‍ෂුස්සංස්පර්‍ශය හේතුයෙන් යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද ඇති සැටි නො දන්මින් නො දක්මින් චක්‍ෂුසෙහි සංරාග කෙරෙයි, රූපයෙහි සංරාග කෙරෙයි, චක්‍ෂුර්විඥානයෙහි සංරාග කෙරෙයි, චක්‍ෂුස්සංස්පර්‍ශය සංරාග කෙරෙයි, සුඛ වේවයි දුඃඛ වේවයි උපේක්‍ෂාසහගත වේවයි චක්‍ෂුඃසංස්පර්‍ශය හේතුයෙන් යම් වේදයිතයෙක් උපදනේ නම් එහිදු ඇලේ.

තස‍්ස සාරත‍්තස‍්ස සංයුත‍්තස‍්ස සම‍්මූළ‍්හස‍්ස අස‍්සාදානුපස‍්සිනො විහරතො ආයතිං පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා උපචයං ගච‍්ඡන‍්ති. තණ‍්හා චස‍්ස පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සා චස‍්ස පවඩ‍්ඪති. තස‍්ස කායිකාපි දරථා පවඩ‍්ඪන‍්ති, චෙතසිකාපි දරථා පවඩ‍්ඪන‍්ති, කායිකාපි සන‍්තාපා පවඩ‍්ඪන‍්ති, චෙතසිකාපි සන‍්තාපා පවඩ‍්ඪන‍්ති, කායිකාපි පරිළාහා පවඩ‍්ඪන‍්ති, චෙතසිකාපි පරිළාහා පවඩ‍්ඪන‍්ති. සො කායදුක‍්ඛම‍්පි චෙතොදුක‍්ඛම‍්පි පටිසංවෙදෙති.

සංරක්ත වැ සංයුක්ත වැ සම්මූඪ වැ ආස්වාද දක්මින් විහරණ කරණ ඔහුගේ මතු පඤ්චඋපාදානස්කන්‍ධයෝ උපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ තන්හි අභිනන්‍දන කරන තෘෂ්ණායෙක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණා ද වෙසෙසින් වැඩෙයි. ඔහුගේ කායදරථයෝ ද වැඩෙති, චෛතසිකරථයෝ ද වැඩෙති. කායික සන්තාපයෝ ද වැඩෙති, චෛතසිකසන්තාපයෝ ද වැඩෙති. කායිකපරිදාහයෝ ද වැඩෙති. චෛතසිකයෝ ද වැඩෙත්. හෙ කායදුඃඛය විඳුනේ යැ.

සොතං භික‍්ඛවෙ, අජානං අපස‍්සං යථාභූතං -පෙ- ඝානං භික‍්ඛවෙ, අජානං අපස‍්සං යථාභූතං -පෙ- ජිව‍්හං භික‍්ඛවෙ, අජානං අපස‍්සං යථාභූතං -පෙ- කායං භික‍්ඛවෙ, අජානං අපස‍්සං යථාභූතං -පෙ- මනං භික‍්ඛවෙ, අජානං අපස‍්සං යථාභූතං, ධම‍්මෙ අජානං අපස‍්සං යථාභූතං, මනොවිඤ‍්ඤාණං අජානං අපස‍්සං යථාභූතං, මනොසම‍්ඵස‍්සං අජානං අපස‍්සං යථාභූතං, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි අජානං අපස‍්සං යථාභූතං, මනස‍්මිං සාරජ‍්ජති, ධම‍්මෙසු සාරජ‍්ජති, මනොවිඤ‍්ඤාණෙ සාරජ‍්ජති, මනොසම‍්ඵස‍්සෙ සාරජ‍්ජති, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තස‍්මිම‍්පි සාරජ‍්ජති.

මහණෙනි, ශ්‍රෝත්‍රය මාර්‍ගඥානයෙන් ඇති සැටි නො දන්මින් නො දක්මින් …. මහණෙනි, ඝ්‍රාණය ඇති සැටි නො දන්මින් නො දක්මින් …. මහණෙනි, ජිහ්වාව ඇති සැටි නො දන්මින් නො දක්මින් … මහණෙනි, කය ඇති සැටි නො දන්මින් නො දක්මින් … මහණෙනි, මනස ඇති සැටි නො දන්මින් නො දක්මින් ධර්‍මයන් යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝවිඥානය යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝසම්ඵස්සය යථාභූත වැ නො දන්මින් නො දක්මින් මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එ ද යථාභූත ව නො දන්මින් නො දක්මින් මනසෙහි රාග විසින් ඇලෙයි, ධර්‍මයන්හි ඇලෙයි, මනෝ විඥානයෙහි ඇලෙයි, මනෝසම්ඵස්සයෙහි ඇලෙයි, මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එහිදු රාග විසින් ඇලේ.

තස‍්ස සාරත‍්තස‍්ස සංයුත‍්තස‍්ස සම‍්මූළ‍්හස‍්ස අස‍්සාදානුපස‍්සිනො විහරතො ආයතිං පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා උපචයං ගච‍්ඡන‍්ති. තණ‍්හා චස‍්ස පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී, සා චස‍්ස පවඩ‍්ඪති. තස‍්ස කායිකාපි දරථා පවඩ‍්ඪන‍්ති, චෙතසිකාපි දරථා පවඩ‍්ඪන‍්ති, කායිකාපි සන‍්තාපා පවඩ‍්ඪන‍්ති, චෙතසිකාපි සන‍්තාපා පවඩ‍්ඪන‍්ති, කායිකාපි පරිළාහා පවඩ‍්ඪන‍්ති, චෙතසිකාපි පරිළාහා පවඩ‍්ඪන‍්ති. සො කායදුක‍්ඛම‍්පි චෙතොදුක‍්ඛම‍්පි පටිසංවෙදෙති.

සංරක්ත වැ සංයුක්ත වැ සම්මූඪ වැ ආස්වාද වශයෙන් දක්මින් වෙසෙන ඔහුට මතු පඤ්චෝපාදානස්කන්‍ධයෝ උපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ තන්හි අභිනන්‍දනා කරණ තෘෂ්ණායෙක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණා ද වෙසෙසින් වැඩෙයි. ඔහුට පඤ්චද්වාරික දරථයෝ ද වෙසෙසින් වැඩෙති, මනෝද්වාරික දරථයෝ ද වෙසෙසින් වැඩෙති, පඤ්චද්වාරික සන්තාපයෝ ද වැඩෙති, මනෝද්වාරික සන්තාපයෝ ද වැඩෙති, පඤ්චද්වාරික පරිදාහයෝ ද වැඩෙති, මනෝද්වාරික පරිදාහයෝ ද වැඩෙත්. හෙ පඤ්චද්වාරික දුඃඛය ද මනෝද්වාරික දුඃඛය ද විඳී.

චක‍්ඛුඤ‍්ච ඛො භික‍්ඛවෙ, ජානං පස‍්සං යථාභූතං, රූපෙ ජානං පස‍්සං යථාභූතං, චක‍්ඛුවිඤ‍්ඤාණං ජානං පස‍්සං යථාභූතං, චක‍්ඛුසම‍්ඵස‍්සං ජානං පස‍්සං යථාභූතං, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තම‍්පි ජානං පස‍්සං යථාභූතං, චක‍්ඛුස‍්මිං න සාරජ‍්ජති, රූපෙසු න සාරජ‍්ජති, චක‍්ඛුවිඤ‍්ඤාණෙ න සාරජ‍්ජති, චක‍්ඛුසම‍්ඵස‍්සෙ න සාරජ‍්ජති, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තස‍්මිම‍්පි න සාරජ‍්ජති.

මහණෙනි, චක්‍ෂුස යථාභූත වැ දන්මින් දක්මින් රූපයන් යථාභූත වැ දන්මින් දක්මින් චක්‍ෂුර් විඥානය යථාභූත වැ දන්මින් දක්මින් චක්ඛුසම්ඵස්සය යථාභූත වැ දන්මින් දක්මින් චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එ ද යථාභූත වැ දන්මින් දක්මින් චක්‍ෂුසෙහි නො ඇලෙයි. රූපයන්හි නො ඇලෙයි. චක්‍ෂුර්විඥානයෙහි නො ඇලෙයි. චක්ඛුසම්ඵස්සයෙහි නො ඇලෙයි. චක්ඛුසම්ඵස්ස හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදනාවක් උපදී ද, එහිදු නො ඇලේ.

තස‍්ස අසාරත‍්තස‍්ස අසංයුත‍්තස‍්ස අසම‍්මූළ‍්හස‍්ස ආදීනවානුපස‍්සිනො විහරතො ආයතිං පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා අපචයං ගච‍්ඡන‍්ති. තණ‍්හා චස‍්ස පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සා චස‍්ස පහීයති. තස‍්ස කායිකාපි දරථා පහීයන‍්ති, චෙතසිකාපි දරථා පහීයන‍්ති. කායිකාපි සන‍්තාපා පහීයන‍්ති. චෙතසිකාපි සන‍්තාපා පහීයන‍්ති. කායිකාපි පරිළාහා පහීයන‍්ති, චෙතසිකාපි පරිළාහා පහීයන‍්ති. සො කායසුඛම‍්පි චෙතොසුඛම‍්පි පටිසංවෙදෙති.

අසංරක්ත වැ අසංයුක්ත වැ අසම්මුඪ වැ ආදීනව දක්මින් වාස කරණ ඔහුට මතු පඤ්චෝපාදානස්කන්‍ධයෝ අපචයට යෙති. ඔහුගේ පුනර්‍භවය ඇති කරන නන්‍දිරාග සහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්‍දනා කරන යම් තෘෂ්ණාවක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණාව ද ප්‍රහීණ වෙයි. ඔහුට පඤ්චද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති, පඤ්චද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති, පඤ්චද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙති, මනෝද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙත්. හේ පඤ්චද්වාරික සුඛය ද මනෝද්වාරික සුඛය ද විඳී.

යා තථාභූතස‍්ස දිට‍්ඨි, සාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි. යො තථාභූතස‍්ස සඞ‍්කප‍්පො, ස‍්වාස‍්ස හොති සම‍්මාසඞ‍්කප‍්පො. යො තථාභූතස‍්ස වායාමො, ස‍්වාස‍්ස හොති සම‍්මාවායාමො. යා තථාභූතස‍්ස සති, සාස‍්ස හොති සම‍්මාසති. යො තථාභූතස‍්ස සමාධි, ස‍්වාස‍්ස හොති සම‍්මාසමාධි. පුබ‍්බෙව ඛො පනස‍්ස කායකම‍්මං වචීකම‍්මං ආජීවො සුපරිසුද‍්ධො හොති. එවමස‍්සායං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡති.

එබඳු වූවහුගේ යම් දෘෂ්ටියක් ඇද්ද, ඒ දෘෂ්ටිය ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. එබඳු වූවහුගේ යම් සංකල්පයෙක් ඇද්ද, ඒ සංකල්පය ඔහුට සම්‍යක්සංකල්ප වෙයි. එබඳු වූවහුගේ යම් ව්‍යායාමයෙක් ඇද්ද, ඒ ව්‍යායාමය ඔහුට සම්‍යග්ව්‍යායාම වෙයි. එබඳු වූවහුගේ යම් ස්මෘතියක් ඇද්ද, ඒ ස්මෘතිය ඔහුට සම්‍යක්ස්මෘති වෙයි. එබඳු වූවහුගේ යම් සමාධියෙක් ඇද්ද, ඒ සමාධිය ඔහුට සම්‍යක් සමාධි වෙයි. ඒ මහණහුගේ කායකර්‍මය ද වාක්කර්‍මය ද ආජීවය ද කැල මැ සුපරිශුද්ධ වේ. මෙසේ ඒ මහණහට මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය භාවනායෙන් වැඩීමට යේ.

තස‍්ස එවං ඉමං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවයතො චත‍්තාරොපි සතිපට‍්ඨානා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. චත‍්තාරොපි සම‍්මප‍්පධානා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. චත‍්තාරොපි ඉද‍්ධිපාදා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති. පඤ‍්චපි ඉන්‍ද්‍රියානි භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. පඤ‍්චපි බලානි භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. සත‍්තපි බොජ‍්ඣඞ‍්ගා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති.

මෙසේ මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය වඩන ඒ මහණහට සතර සතිපට්ඨානයෝ ද භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක් ප්‍රධානයෝ ද භාවනායෙන් පිරීමට යෙති, සතර ඍද්ධිපාදයෝ ද භාවනායෙන් පිරීමට යෙති. පඤ්චේන්‍ද්‍රියෝ ද භාවනායෙන් පිරීමට යෙති. පඤ්ච බලයෝ භාවනායෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයෝ ද භාවනායෙන් පිරීමට යෙත්.

තස‍්සිමෙ ද‍්වෙ ධම‍්මා යුගනද‍්ධා වත‍්තන‍්ති සමථො ච විපස‍්සනා ච. සො යෙ ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා, ධම‍්මෙ අභිඤ‍්ඤා පරිජානාති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා,තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා පජහති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා භාවෙති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා සච‍්ඡිකරොති.

ඔහුට ශමථය ද විදර්‍ශනා ද යන මේ ධර්‍මයෝ දෙදෙන යුගනද්ධ වැ පවත්නාහ. හෙතෙම යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් පිරිසිඳ දතයුත්තාහු ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් පිරිසිඳ දැනගනී. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් දුරු කෙරෙයි. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් වඩයි, යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරේ.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා: පඤ‍්චුපාදානක‍්ඛන්‍ධාතිස‍්ස වචනීයං. සෙය්‍යථීදං: රූපූපාදානක‍්ඛන්‍ධො, වෙදනූපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤූපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා.

මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් පරිඥේය වෙත් ද යත්: ‘පඤ්චෝපාදානස්කන්‍ධයෝ’ යයි ඊට පිළිතුරු කියයුතු වෙයි. ඒ මෙසේ යැ. රූපෝපාදානස්කන්‍ධ යැ වේදනෝපාදානස්කන්‍ධ යැ සංඥෝපාදානස්කන්‍ධ යැ සංස්කාරෝපාදානස්කන්‍ධ යැ විඥානෝපාදානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ අභිඥායෙන් පරිඥේය වෙත්.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා: අවිජ‍්ජා ච භවතණ‍්හා ච. ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා.

මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙත් ද යත්: අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙති.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා: සමථො ච විපස‍්සනා ච. ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා.

මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙත් ද යත්: ශමථය ද විදර්‍ශනාව ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් භාවිතව්‍ය වෙති.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා: විජ‍්ජා ච විමුත‍්ති ච. ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා.

මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු ද යත්: විද්‍යාව ද විමුක්තිය ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුත්තාහු වෙත්.

සොතං භික‍්ඛවෙ, ජානං පස‍්සං යථාභූතං -පෙ- ඝානං භික‍්ඛවෙ, ජානං පස‍්සං යථාභූතං -පෙ- ජිව‍්හං භික‍්ඛවෙ, ජානං පස‍්සං යථාභූතං -පෙ- කායං භික‍්ඛවෙ, ජානං පස‍්සං යථාභූතං -පෙ- මනං භික‍්ඛවෙ, ජානං පස‍්සං යථාභූතං, ධම‍්මෙ ජානං පස‍්සං යථාභූතං, මනොවිඤ‍්ඤාණං ජානං පස‍්සං යථාභූතං, මනොසම‍්ඵස‍්සං ජානං පස‍්සං යථාභූතං, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා තම‍්පි ජානං පස‍්සං යථාභූතං, මනස‍්මිං න සාරජ‍්ජති, ධම‍්මෙසු න සාරජ‍්ජති, මනොවිඤ‍්ඤාණෙ න සාරජ‍්ජති, මනොසම‍්ඵස‍්සෙ න සාරජ‍්ජති. යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදයිතං සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා. තස‍්මිම‍්පි න සාරජ‍්ජති.

මහණෙනි, ශ්‍රෝත්‍රය යථාභූත කොට දන්මින් දක්මින් ... මහණෙනි, ඝ්‍රාණය යථාභූත වැ දන්මින් දක්මින් … මහණෙනි, ජිහ්වාව යථාභූත වැ දන්මින් දක්මින් …මහණෙනි, කය යථාභූත වැ දන්මින් දක්මින් … මහණෙනි, මනස යථාභූත වැ දන්මින් දක්මින් ධර්‍මයන් යථාභූත වැ දන්මින් දක්මින් මනෝවිඥානය යථාභූත වැ දන්මින් දක්මින් මනෝසම්ඵස්සය යථාභූත වැ දන්මින් දක්මින් මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී ද, එ ද යථාභූත වැ දන්මින් දක්මින් මනසෙහි නො ඇලෙයි. ධර්‍මයන්හි නො ඇලෙයි, මනෝවිඥානයෙහි නො ඇලෙයි, මනෝසම්ඵස්සයෙහි නො ඇලෙයි. මනෝසම්ඵස්ස හේතුයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදනාවක් උපදී ද, එහිදු නො ඇලේ.

තස‍්ස අසාරත‍්තස‍්ස අසංයුත‍්තස‍්ස අසම‍්මූළ‍්හස‍්ස ආදීනවානුපස‍්සිනො විහරතො ආයතිං පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා අපචයං ගච‍්ඡන‍්ති. තණ‍්හා චස‍්ස පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සා චස‍්ස පහීයති. තස‍්ස කායිකාපි දරථා පහීයන‍්ති. චෙතසිකාපි දරථා පහීයන‍්ති. කායිකාපි සන‍්තාපා පහීයන‍්ති. චෙතසිකාපි සන‍්තාපා පහීයන‍්ති. කායිකාපි පරිළාහා පහීයන‍්ති. චෙතසිකාපි පරිළාහා පහීයන‍්ති. සො කායසුඛම‍්පි චෙතොසුඛම‍්පි පටිසංවෙදෙති.

අසංරක්ත වැ අසංයුක්ත වැ අසම්මුඪ වැ ආදීනවානුදර්ශී වැ වෙසෙන ඔහුට මතුයෙහි පඤ්චෝපාදානස්කන්‍ධයෝ අපචයට යෙති. ඔහුගේ පුනර්‍භවික වූ නන්‍දිරාග සහගත වූ ඒ ඒ භවයෙහි අභිනන්‍දනා කරණ තෘෂ්ණාවක් ඇද්ද, ඔහුට ඒ තෘෂ්ණාව ද ප්‍රහීණ වෙයි. ඔහුට පඤ්චද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති. මනෝද්වාරික දරථයෝ ද ප්‍රහීණ වෙති. පඤ්චද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති. මනෝද්වාරික සන්තාපයෝ ද ප්‍රහීණ වෙති. පඤ්චද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙති. මනෝද්වාරික පරිදාහයෝ ද ප්‍රහීණ වෙත්, හේ පඤ්චද්වාරික සුඛය ද මනෝද්වාරික සුඛය ද විඳී.

යා තථාභූතස‍්ස දිට‍්ඨි, සාස‍්ස හොති සම‍්මාදිට‍්ඨි. යො තථාභූතස‍්ස සඞ‍්කප‍්පො, ස‍්වාස‍්ස හොති සම‍්මාසඞ‍්කප‍්පො. යො තථාභූතස‍්ස වායාමො, ස‍්වාස‍්ස හොති සම‍්මාවායාමො. යා තථාභූතස‍්ස සති, සාස‍්ස හොති සම‍්මාසති. යො තථාභූතස‍්ස සමාධි, ස‍්වාස‍්ස හොති සම‍්මාසමාධි. පුබ‍්බෙව ඛො පනස‍්ස කායකම‍්මං වචීකම‍්මං ආජීවො සුපරිසුද‍්ධො හොති. එවමස‍්සායං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡති.

එබඳු මහණහු ගේ යම් දෘෂ්ටියක් ඇද්ද, එය ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. එබඳු වූවහුගේ යම් සංකල්පයෙක් ඇද්ද, ඒ සංකල්පය ඔහුට සම්‍යක්සංකල්ප වෙයි. එබඳු වූවහු ගේ යම් ව්‍යායාමයෙක් ඇද්ද, එය ඔහුට සම්‍යග්ව්‍යායාම වෙයි. එබඳු වූවහුගේ යම් ස්මෘතියක් ඇද්ද, ඒ ඔහුට සම්‍යක්ස්මෘති වෙයි. එබඳු වූවහුගේ යම් සමාධියෙක් ඇද්ද, එය ඔහුට සම්‍යක් සමාධි වෙයි. ඔහුට කායකර්‍මය ද වාක්කර්‍මය ද ආජීවය ද කැල මැ සුපරිශුද්ධ වෙයි. මෙසේ ඔහුට මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය භාවනායෙන් වැඩීමට යේ.

තස‍්ස එවං ඉමං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවයතො චත‍්තාරොපි සතිපට‍්ඨානා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. චත‍්තාරොපි සම‍්මප‍්පධානා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. චත‍්තාරොපි ඉද‍්ධිපාදා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. පඤ‍්චපි ඉන්‍ද්‍රියානි භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. පඤ‍්චපි බලානි භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති. සත‍්තපි බොජ‍්ඣඞ‍්ගා භාවනාපාරිපූරිං ගච‍්ඡන‍්ති.

මෙසේ මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩන ඔහුට සතර සතිපට්ඨානයෝ ද භාවනායෙන් පිරීමට යෙති. සතර සම්‍යක් ප්‍රධානයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. සතර ඍද්ධිපාදයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. පඤ්ච ඉන්‍ද්‍රියයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. පඤ්ච බලයෝ ද වැඩීමෙන් පිරීමට යෙති. සප්ත බෝධ්‍යඞ්ගයෝ ද වැඩීමෙන් පිරීමට යෙත්.

තස‍්සිමෙ ද‍්වෙ ධම‍්මා යුගනද‍්ධා වත‍්තන‍්ති සමථො ච විපස‍්සනා ච. සො යෙ ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා පරිජානාති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා පජහති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා භාවෙති. යෙ ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා, තෙ ධම‍්මෙ අභිඤ‍්ඤා සච‍්ඡිකරොති.

ඔහුට ශමථ ද විදර්‍ශනා ද යන මේ ධර්‍මයෝ දෙදෙන යුගනද්ධ වැ වැඩෙති. හේ යම් ධර්‍ම කෙනෙක් ප්‍රඥායෙන් පිරිසිඳ දතයුත්තාහු ද, ඒ ධර්‍මයන් ප්‍රඥායෙන් පිරිසිඳ දැනගනී. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් ප්‍රහීණ කෙරෙයි. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් භාවනා කෙරෙයි. යම් ධර්‍ම කෙනෙක් අභිඥායෙන් සාක්‍ෂාත් කර්‍තව්‍ය වෙත් ද, ඒ ධර්‍මයන් අභිඥායෙන් සාක්‍ෂාත් කෙරේ.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා: පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා’ තිස‍්ස වචනීයං සෙය්‍යථිදං: රූපුපාදානක‍්ඛන්‍ධො, වෙදනුපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරුපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා.

මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් පරිඥේය වෙති යත්: ‘පඤ්චෝපාදානස්කන්‍ධයෝ’ යයි ඊට කියැයුතු යැ. ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධ යැ. වේදනෝපාදානස්කන්‍ධ යැ. සංඥෝපාදානස්කන්‍ධ යැ. සංස්කාරෝපාදානස්කන්‍ධ යැ. විඥානෝපාදානස්කන්‍ධයි. මේ ධර්‍මයෝ අභිඥායෙන් පරිඥේය වෙති.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා: අවිජ‍්ජා ච භවතණ‍්හා ච. ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා.

මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙති යත්: අවිද්‍යාව ද භවතෘෂ්ණාව ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් ප්‍රහාතව්‍ය වෙති.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා: සමථො ච විපස‍්සනා ච. ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා.

මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් භාවිතව්‍ය වෙති යත්: ශමථ ද විදර්‍ශනා ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් භාවිතව්‍ය වෙති.

කතමෙ ච භික‍්ඛවෙ, ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා: විජ‍්ජා ච විමුත‍්ති ච. ඉමෙ ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බාති.

මහණෙනි, කවර ධර්‍ම කෙනෙක් අභිඥායෙන් සාක්‍ෂාත් කර්‍තව්‍ය වෙති යත්: විද්‍යා ද විමුක්ති ද යන මේ ධර්‍මයෝ අභිඥායෙන් සාක්‍ෂාත් කර්‍තව්‍ය වෙත්.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මේ මහාෂඩායතනික සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළෝ.

මහාසළායතනික සුත‍්තං සත‍්තමං.

සත් වැනි මහාසළායතනික සූත්‍ර යි.