යෙදුමෙන් කියවන්න

නන්‍දකොවාද සුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

නන්‍දකොවාද සුත‍්තවණ‍්ණනා

නන්දකොවාද සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති නන්‍දකොවාදසුත‍්තං. තත්‍ථ තෙන ඛො පන සමයෙනාති භගවා මහාපජාපතියා යාචිතො භික‍්ඛුනිසඞ‍්ඝං උය්‍යොජෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා – “ථෙරා භික‍්ඛූ වාරෙන භික‍්ඛුනියො ඔවදන‍්තූ”ති සඞ‍්ඝස‍්ස භාරං අකාසි. තං සන්‍ධායෙතං වුත‍්තං. තත්‍ථ පරියායෙනාති වාරෙන. න ඉච‍්ඡතීති අත‍්තනො වාරෙ සම‍්පත‍්තෙ දූරං ගාමං වා ගන‍්ත්‍වා සූචිකම‍්මාදීනි වා ආරභිත්‍වා “අයං නාමස‍්ස පපඤ‍්චො”ති වදාපෙසි. ඉමං පන පරියායෙන ඔවාදං භගවා නන්‍දකත්‍ථෙරස‍්සෙව කාරණා අකාසි. කස‍්මා? ඉමාසඤ‍්හි භික‍්ඛුනීනං ථෙරං දිස‍්වා චිත‍්තං එකග‍්ගං හොති පසීදති. තෙන තා තස‍්ස ඔවාදං සම‍්පටිච‍්ඡිතුකාමා, ධම‍්මකථං සොතුකාමා. තස‍්මා භගවා – “නන්‍දකො අත‍්තනො වාරෙ සම‍්පත‍්තෙ ඔවාදං දස‍්සති, ධම‍්මකථං කථෙස‍්සතී”ති වාරෙන ඔවාදං අකාසි. ථෙරො පන අත‍්තනො වාරං න කරොති, කස‍්මාති චෙ? තා කිර භික‍්ඛුනියො පුබ‍්බෙ ථෙරස‍්ස ජම‍්බුදීපෙ රජ‍්ජං කාරෙන‍්තස‍්ස ඔරොධා අහෙසුං. ථෙරො පුබ‍්බෙනිවාසඤාණෙන තං කාරණං ඤත්‍වා චින‍්තෙසි – “මං ඉමස‍්ස භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස මජ‍්ඣෙ නිසින‍්නං උපමායො ච කාරණානි ච ආහරිත්‍වා ධම‍්මං කථයමානං දිස‍්වා අඤ‍්ඤො පුබ‍්බෙනිවාසඤාණලාභී භික‍්ඛු ඉමං කාරණං ඔලොකෙත්‍වා ‘ආයස‍්මා නන්‍දකො යාවජ‍්ජදිවසා ඔරොධෙ න විස‍්සජ‍්ජෙති, සොභතායමායස‍්මා ඔරොධපරිවුතො’ති වත‍්තබ‍්බං මඤ‍්ඤෙය්‍යා”ති. එතමත්‍ථං සම‍්පස‍්සමානො ථෙරො අත‍්තනො වාරං න කරොති. ඉමාසඤ‍්ච කිර භික‍්ඛුනීනං ථෙරස‍්සෙව දෙසනා සප‍්පායා භවිස‍්සතීති ඤත්‍වා අථ ඛො භගවා ආයස‍්මන‍්තං නන්‍දකං ආමන‍්තෙසි.

එවම්මෙසුතන්ති මා විසින් නන්දකොවාද සූත්‍රය මෙසේ අසන ලදි. එහි තෙන ඛො පන සමයෙනාති බුදුරදුන් මහාප්‍රජාපතිය විසින් ඉල්ලන ලද්දේ භික්‍ෂුසංඝයා යවා භික්‍ෂුසංඝයා රැස් කරවා ස්ථවිර භික්‍ෂූන් වාරයෙන් වාරයට භික්‍ෂුණින්ට අවවාද කරත්වා යි සංඝයාට භාර කළහ. ඒ සඳහා මෙය කියන ලදි. එහි පරිසායෙනාති වාරයෙන් න ඉච්ඡතීති තමාගේ වාරය පැමිණි කල්හි දුර ගමකට හෝ ගොස් ඉඳිකටු කර්මාදිය හෝ අරඹා මේ නම් ඇත්තාහට ප්‍රමාදය යැයි කියවයි. මේ අවවාද කාර්යය බුදුරදුන් නන්දක තෙරුන්ට ම භාර කළේය. කුමක් හෙයින් ද? මේ භික්‍ෂුණීන්ට තෙරුන් දැක සිත එකඟ වෙයි. පැහැදෙයි. එහෙයින් මේ භික්‍ෂුණීහු උන්වහන්සේගේ අවවාද පිළිගැනීමට කැමැත්තාහ. (ධර්ම කථා අසන්නට කැමැත්තාහ) එහෙයින් බුදුරදුන් නන්දක තෙමේ තමන්ගේ වාරය පැමිණි කල්හි අවවාද දෙන්නේය. ධර්ම කථා කියන්නේය. වාරයෙන් අවවාද කළේය. තෙරුන් තමන්ගේ වාරය නොකරයි. ඒ කුමක් නිසාද? ඒ භික්‍ෂුණීන් පෙර දඹදිව තමන් රාජ්‍ය කරවන කල්හි තෙරුන්ගේ අන්තඃපුර ස්ත්‍රීහු වූහ. තෙරුන් වහන්සේ පූර්වේනිවාසානුස්සතියෙන් ඒ කාරණය දැන සිතීය. මේ භික්‍ෂුණීසංඝයා මැද සිටින්නා වූ මා උපමා ද කරුණු ද ගෙනහැර දක්වා බණ කියන්නාහු දැක වෙනත් පූර්වේනිවාසානුස්සති ඥානය ඇති භික්‍ෂුවක් මේ කාරණය බලා ආයුෂ්මත් නන්දක තෙමේ අද දක්වාත් අන්තඃපුර ස්ත්‍රීන් අත් නොහරියි. ආයුෂ්මත් තෙමේ අන්තඃපුර ස්ත්‍රීන් විසින් පිරිවරණ ලද්දේ හෙබීයයි කිවයුතු යැයි සිතන්නේය. මේ කාරණය බලන්නේ තෙරුන් වහන්සේ තමන්ගේ වාරය නොකරයි. මේ භික්‍ෂුණීන්ට තෙරුන්ගේ ම දේශනාව සප්පාය වන්නේ යැයි දැන ඉක්බිතිව බුදුරදුන් නන්දක ඇමතීය.

තාසං භික‍්ඛුනීනං පුබ‍්බෙ තස‍්ස ඔරොධභාවජානනත්‍ථං ඉදං වත්‍ථුං – පුබ‍්බෙ කිර බාරාණසියං පඤ‍්ච දාසසතානි පඤ‍්ච දාසිසතානි චාති ජඞ‍්ඝසහස‍්සං එකතොව කම‍්මං කත්‍වා එකස‍්මිං ඨානෙ වසි. අයං නන්‍දකත්‍ථෙරො තස‍්මිං කාලෙ ජෙට‍්ඨකදාසො හොති, ගොතමී ජෙට‍්ඨකදාසී. සා ජෙට‍්ඨකදාසස‍්ස පාදපරිචාරිකා අහොසි පණ‍්ඩිතා බ්‍යත‍්තා. ජඞ‍්ඝසහස‍්සම‍්පි පුඤ‍්ඤකම‍්මං කරොන‍්තං එකතො කරොති. අථ වස‍්සූපනායිකසමයෙ පඤ‍්ච පච‍්චෙකබුද‍්ධා නන්‍දමූලකපබ‍්භාරතො ඉසිපතනෙ ඔතරිත්‍වා නගරෙ පිණ‍්ඩාය චරිත්‍වා ඉසිපතනමෙව ගන‍්ත්‍වා – “වස‍්සූපනායිකකුටියා අත්‍ථාය හත්‍ථකම‍්මං යාචිස‍්සාමා”ති චීවරං පාරුපිත්‍වා සායන‍්හසමයෙ නගරං පවිසිත්‍වා සෙට‍්ඨිස‍්ස ඝරද‍්වාරෙ අට‍්ඨංසු. ජෙට‍්ඨකදාසී කුටං ගහෙත්‍වා උදකතිත්‍ථං ගච‍්ඡන‍්තී පච‍්චෙකබුද‍්ධෙ නගරං පවිසන‍්තෙ අද‍්දස. සෙට‍්ඨි තෙසං ආගතකාරණං සුත්‍වා “අම‍්හාකං ඔකාසො නත්‍ථි, ගච‍්ඡන‍්තූ”ති ආහ.

පෙර ඒ භික්‍ෂුණීන් ඔහුගේ අන්තඃපුර ස්ත්‍රීන් බව දැනගැනීමට මේ කථා වස්තුවයි. පෙර බරණැස් නුවර පන්සීයක් දාසයෝ ද පන්සීයක් දාසියෝ ද දහසක් එකට වැඩ කරමින් එකම තැන විසීය. මේ නන්දක තෙරුන් එකල වැඩිමහල් දාසයාය. ගෞතමිය වැඩිමහල් දාසියයි. පණ්ඩිත ව්‍යක්ත ඇය වැඩිමහල් දාසයාට භාර්යාව විය. ඒ දහසක් දෙනා ම පින්කම් කරන්නේ එකට ම කරයි. එකල වස්වසන කාලයෙහි පසේබුදුවරුන් පස්නමක් නන්දමුලක පබ්භාරයෙන් ඉසිපතනයට බැස නගරයෙහි පිඩු පිණිස හැසිර ඉසිපතනයට ම ගොස් වස්විසීමට කුටියක් පිණිස හස්ත කර්මය ඉල්ලමුයි සිවුරු පොරවා සවස් කාලයෙහි නගරයට පිවිස සිටුතුමාගේ ගේදොර සිටියාහ. වැඩිමහල් දාසිය කලය ගෙන පැන් තොටට යන්නී නගරයට වඩින පසේබුදුවරයන් දැක්කාය. සිටුතෙමේ උන්වහන්සේලා පැමිණි කාලයෙහි කාරණය අසා අපට ඉඩ නැත යෙත්වායි කීය.

අථ තෙ නගරා නික‍්ඛමන‍්තෙ ජෙට‍්ඨකදාසී කුටං ගහෙත්‍වා පවිසන‍්තී දිස‍්වා කුටං ඔතාරෙත්‍වා වන්‍දිත්‍වා ඔනමිත්‍වා මුඛං පිධාය – “අය්‍යා නගරං පවිට‍්ඨමත‍්තාව නික‍්ඛන‍්තා, කිං නු ඛො”ති පුච‍්ඡි. වස‍්සූපනායිකකුටියා හත්‍ථකම‍්මං යාචිතුං ආගමිම‍්හාති. ලද‍්ධං, භන‍්තෙති. න ලද‍්ධං උපාසිකෙති? කිං පනෙසා කුටි ඉස‍්සරෙහෙව කාතබ‍්බා, දුග‍්ගතෙහිපි සක‍්කා කාතුන‍්ති. යෙන කෙනචි සක‍්කාති? සාධු, භන‍්තෙ, මයං කරිස‍්සාම. ස‍්වෙ මය‍්හං භික‍්ඛං ගණ‍්හථාති නිමන‍්තෙත්‍වා උදකං නෙත්‍වා පුන කුටං ගහෙත්‍වා ආගම‍්ම තිත්‍ථමග‍්ගෙ ඨත්‍වා ආගතා අවසෙසදාසියො “එත්‍ථෙව හොථා”ති වත්‍වා සබ‍්බාසං ආගතකාලෙ ආහ – “අම‍්ම කිං නිච‍්චමෙව පරස‍්ස දාසකම‍්මං කරිස‍්සථ, උදාහු දාසභාවතො මුච‍්චිතුං ඉච‍්ඡථා”ති? අජ‍්ජෙව මුච‍්චිතුමිච‍්ඡාම අය්‍යෙති. යදි එවං මයා පඤ‍්ච පච‍්චෙකබුද‍්ධා හත්‍ථකම‍්මං අලභන‍්තා ස‍්වාතනාය නිමන‍්තිතා, තුම‍්හාකං සාමිකෙහි එකදිවසං හත්‍ථකම‍්මං දාපෙථාති. තා සාධූති සම‍්පටිච‍්ඡිත්‍වා සායං අටවිතො ආගතකාලෙ සාමිකානං ආරොචෙසුං. තෙ සාධූති ජෙට‍්ඨකදාසස‍්ස ගෙහද‍්වාරෙ සන‍්නිපතිංසු.

එකල්හි නගරයෙන් නික්මෙන උන්වහන්සේලා කළය අරගෙන පිවිසෙන වැඩිමහල් දාසිය දැක කළය තබා නැමී වැඳ මුව වසාගෙන ආර්යයන් වහන්සේලා නගරයට පිවිසි මොහොතෙහි ම නික්මෙන්නාහුය. හේතු කවරේදැයි ඇසීය. වස්විසීමට හස්ත කර්මයක් ඉල්ලීමට පැමිණියෙමු. ස්වාමීනි. ලැබුනෙහි ද? උපාසිකාවෙනි නැත. කිමෙක් ද? ඒ කුටි අධිපතියන් විසින් ම කළ යුතු ද? දිළින්දන්ටත් කළ හැකි ද? යම්කිසිවෙකුට කළ හැකිය. යහපති ස්වාමීනි අපි කරන්නෙමු යි හෙට මාගේ භික්‍ෂාව පිළිගනුවයි ආරාධනා කොට වතුර ගෙන ගොස් නැවත කළය ගෙන ඇවිත් පැන්තොට මාර්ගයෙහි සිට පැමිණි අනෙත් දාසීහු මෙහි ම වෙව් යැයි කියා සියලු දෙනාම පැමිණි වේලාවෙහි කීවාය. දරුවෙනි, නිතර ම අනුන්ට දාසකම් කරහු ද නොහොත් දාස බවින් මිදීමට කැමැත්හු ද? ආර්යාවෙනි අද ම මිදෙන්ට කැමැත්තෙමු. ඉදින් එසේ නම් හස්තකර්ම නොලැබුණු පසේබුදුවරුන් පස්නමකට මා විසින් හෙට දින දනට ආරාධනා කරන ලදි. නුඹලාගේ ස්වාමියන් විසින් එක් දවසක් හස්තකර්මය දෙව. ඔවුහු යහපති යැයි පිළිගෙන සවස කැලයෙන් ආ කල්හි ස්වාමිවරුන්ට කීවාහ. ඔවුහු ද යහපති යැයි වැඩිමහල් දාසයාගේ ගෙදරට රැස් වූහ.

අථ නෙ ජෙට‍්ඨකදාසී ස‍්වෙ තාතා පච‍්චෙකබුද‍්ධානං හත්‍ථකම‍්මං දෙථාති ආනිසංසං ආචික‍්ඛිත්‍වා යෙපි න කාතුකාමා, තෙ ගාළ‍්හෙන ඔවාදෙන තජ‍්ජෙත්‍වා පටිච‍්ඡාපෙසි. සා පුනදිවසෙ පච‍්චෙකබුද‍්ධානං භත‍්තං දත්‍වා සබ‍්බෙසං දාසපුත‍්තානං සඤ‍්ඤං අදාසි. තෙ තාවදෙව අරඤ‍්ඤං පවිසිත්‍වා දබ‍්බසම‍්භාරෙ සමොධානෙත්‍වා සතං සතං හුත්‍වා එකෙකකුටිං එකෙකචඞ‍්කමනාදිපරිවාරං කත්‍වා මඤ‍්චපීඨපානීයපරිභොජනීයභාජනාදීනි ඨපෙත්‍වා පච‍්චෙකබුද‍්ධෙ තෙමාසං තත්‍ථ වසනත්‍ථාය පටිඤ‍්ඤං කාරෙත්‍වා වාරභික‍්ඛං පට‍්ඨපෙසුං. යො අත‍්තනො වාරදිවසෙ න සක‍්කොති. තස‍්ස ජෙට‍්ඨකදාසී සකගෙහතො ආහරිත්‍වා දෙති. එවං තෙමාසං ජග‍්ගිත්‍වා ජෙට‍්ඨකදාසී එකෙකං දාසං එකෙකං සාටකං විස‍්සජ‍්ජාපෙසි. පඤ‍්ච ථූලසාටකසතානි අහෙසුං. තානි පරිවත‍්තාපෙත්‍වා පඤ‍්චන‍්නං පච‍්චෙකබුද‍්ධානං තිචීවරානි කත්‍වා අදාසි. පච‍්චෙකබුද‍්ධා යථාඵාසුකං අගමංසු. තම‍්පි ජඞ‍්ඝසහස‍්සං එකතො කුසලං කත්‍වා කායස‍්ස භෙදා දෙවලොකෙ නිබ‍්බත‍්ති. තානි පඤ‍්ච මාතුගාමසතානි කාලෙන කාලං තෙසං පඤ‍්චන‍්නං පුරිසසතානං ගෙහෙ හොන‍්ති, කාලෙන කාලං සබ‍්බාපි ජෙට‍්ඨකදාසපුත‍්තස‍්සෙව ගෙහෙ හොන‍්ති. අථ එකස‍්මිං කාලෙ ජෙට‍්ඨකදාසපුත‍්තො දෙවලොකතො චවිත්‍වා රාජකුලෙ නිබ‍්බත‍්තො. තාපි පඤ‍්චසතා දෙවකඤ‍්ඤා මහාභොගකුලෙසු නිබ‍්බත‍්තිත්‍වා තස‍්ස රජ‍්ජෙ ඨිතස‍්ස ගෙහං අගමංසු. එතෙන නියාමෙන සංසරන‍්තියො අම‍්හාකං භගවතො කාලෙ කොලියනගරෙ දෙවදහනගරෙ ච ඛත‍්තියකුලෙසු නිබ‍්බත‍්තා.

එකල වැඩිමහල් දාසිය ඔවුන්ට දරුවෙනි හෙට පසේබුදුවරුන්ට හස්තකර්මය දෙවයි අනුසස් කියා යමෙක් අකැමති ද ඔවුන්ට දැඩි ව අවවාද කළාය. ඇය දෙවන දවසෙහි පසේබුදුවරුන්ට දන් දී සියලු දාස පුත්‍රයන්ට සංඥා දුන්නීය. ඔවුන් ඒ මොහොතේම කැලයට ගොස් ද්‍රව්‍ය සම්භාරයන් එකතු කොට සියය සියය වී එක එක කුටිය සක්මන් මළු ආදිය පරිවාර කොට ඇඳ පුටු ද පැන් බොන පරිහරණය කරන භාජන ආදිය ද තබා පසේබුදුවරයන්ට තුන්මාසයක් එහි වාසය කිරීමට ආරාධනා කොට වාර දානය ද පිහිටවූහ. යමෙකුට තමාගේ වාරයේ දී නොහැකි වෙයි ද එම වාරය වැඩිමහල් දාසිය සිය ගෙයින් ගෙනවිත් දෙයි. මෙසේ තුන්මාසයක් උපස්ථාන කොට වැඩිමහල් දාසිය එක එක දාසයාට එක එක සළුව දුන්නේය. මහත් සළු පන්සීයක් විය. ඒවා සකස් කර පසේබුදුවරයන්ට තුන්සිවුරු කොට දුන්නේය. පසේබුදුවරු පහසු තැනකට වැඩියාහ. එම දහසක් දෙනා ද එකට කුසල් කොට මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපන්හ. ඒ පන්සීයක් ස්ත්‍රීහු කලින් කල ඒ පන්සීයක් පුරුෂයන්ගේ ගෙවල්වල උපන්නාහ. සමහර කාලවල සියලු දෙනාම වැඩිමහල් දාසයාගේ ගෙයි වෙත්. නැවත එක් කාලයක වැඩිමහල් දාසයා දෙව්ලොවින් චුතව රජ කුලයෙහි උපන්නේය. ඒ පන්සීයක් දිව්‍ය ස්ත්‍රීහු ද මහත් සම්පත් ඇති කුලවල ඉපදී රාජ්‍යයෙහි සිටි ඔහුගේ ගෙට ගියාහ. මේ ක්‍රමයෙන් සැරිසරන්නෝ අපේ බුදුරදුන්ගේ කාලයෙහි කෝලිය නුවර ද දෙව්දහ නුවර ද ක්‍ෂත්‍රීය කුලවල උපන්නාහ.

නන්‍දකත්‍ථෙරොපි පබ‍්බජිත්‍වා අරහත‍්තං පත‍්තො, ජෙට‍්ඨකදාසිධීතා වයං ආගම‍්ම සුද‍්ධොදනමහාරාජස‍්ස අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨිතා, ඉතරාපි තෙසං තෙසං රාජපුත‍්තානංයෙව ඝරං ගතා. තාසං සාමිකා පඤ‍්චසතා රාජකුමාරා උදකචුම‍්බටකලහෙ සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පබ‍්බජිතා, රාජධීතරො තෙසං උක‍්කණ‍්ඨනත්‍ථං සාසනං පෙසෙසුං. තෙ උක‍්කණ‍්ඨිතෙ භගවා කුණාලදහං නෙත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨපෙත්‍වා මහාසමයදිවසෙ අරහත‍්තෙ පතිට‍්ඨාපෙසි. තාපි පඤ‍්චසතා රාජධීතරො නික‍්ඛමිත්‍වා මහාපජාපතියා සන‍්තිකෙ පබ‍්බජිංසු. අයමායස‍්මා නන්‍දකො එත‍්තාව තා භික‍්ඛුනියොති එවමෙතං වත්‍ථු දීපෙතබ‍්බං.

නන්ද තෙරුන් පැවිදිව රහත් විය. වැඩිමහල්දාසි දියණිය වයසට පැමිණ සුද්ධෝදන මහරජුගේ අගමෙහෙසි තනතුරෙහි සිටියාය. අනෙත් අය ද ඒ ඒ රාජපුත්‍රයන්ගේ ගෙවල්වලට ම ගියාහ. ඔවුන්ගේ ස්වාමි වූ රාජ කුමාරවරු පන්සිය දෙනා ජලය බෙදාගැනීම් කෝළාහලයෙහි දී බුදුරදුන්ගේ බණ අසා පැවිදි වූහ. රාජ දියණියෝ ද ඔවුන්ගේ කළකිරුණු බවට හසුනක් යැවීය. කළකිරුණු ඔවුන් බුදුරදුන් විසින් කුණාලවලට පමුණුවා සෝවාන් ඵලයෙහි පිහිටුවා මහාසමය සූත්‍රය දේශනා කරන දවසෙහි රහත්බවෙහි පිහිටවීය. ඒ පන්සීයක් රාජ දියණියෝ ද නික්මී මහාප්‍රජාපතිය සමීපයෙහි පැවිදි වූහ. ආයුෂ්මත් නන්දක තෙමේ ඒ භික්‍ෂුණීහු ඒ අයමයි මෙසේ මේ කථාව දත යුතුයි.

රාජකාරාමොති පසෙනදිනා කාරිතො නගරස‍්ස දක‍්ඛිණදිසාභාගෙ ථූපාරාමසදිසෙ ඨානෙ විහාරො.

රාජකාරාමොති පශ්නදි රජු විසින් කරවන ලද නුවරට දකුණින් ථූපාරාමය හා සමාන තැන්හි විහාරයයි.

සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨන‍්ති හෙතුනා කාරණෙන විපස‍්සනාපඤ‍්ඤාය යාථාවසරසතො දිට‍්ඨං.

සම්මප්පඤ්ඤාය සුදිට්ඨන්ති හේතු කාරණයෙන් විදර්ශනා ප්‍රඥාවෙන් අවකාශ වූ පරිදි දකින ලද.

තජ‍්ජං තජ‍්ජන‍්ති තංසභාවං තංසභාවං, අත්‍ථතො පන තං තං පච‍්චයං පටිච‍්ච තා තා වෙදනා උප‍්පජ‍්ජන‍්තීති වුත‍්තං හොති.

තජ්ජං තජ්ජන්ති ඒ ඒ ස්වභාවය. අර්ථ වශයෙන් ඒ ඒ ප්‍රත්‍ය නිසා ඒ ඒ වේදනාවෝ උපදිත් යැයි කියන ලද්දේ වෙයි.

පගෙවස‍්ස ඡායාති මූලාදීනි නිස‍්සාය නිබ‍්බත‍්තා ඡායා පඨමතරංයෙව අනිච‍්චා.

පගෙවස්ස ඡායාති මුල් ආදිය නිසා උපන් සෙවන පළමුකොට ම අනිත්‍යයයි.

අනුපහච‍්චාති අනුපහනිත්‍වා. තත්‍ථ මංසං පිණ‍්ඩං පිණ‍්ඩං කත්‍වා චම‍්මං අල‍්ලියාපෙන‍්තො මංසකායං උපහනති නාම. චම‍්මං බද‍්ධං බද‍්ධං කත්‍වා මංසෙ අල‍්ලියාපෙන‍්තො මංසකායං උපහනති නාම. එවං අකත්‍වා. විලිමංසං න‍්හාරුබන්‍ධනන‍්ති සබ‍්බචම‍්මෙ ලග‍්ගවිලීපනමංසමෙව. අන‍්තරාකිලෙසසංයොජනබන්‍ධනන‍්ති සබ‍්බං අන‍්තරකිලෙසමෙව සන්‍ධාය වුත‍්තං.

අනුපහච්චාති අනුව ගසා එහි මස් පිඬු පිඬු කොට හම අලලමින් මාංශ ශරීරය නසත්. හම වටකොට මස් අල්ලන්නේ නම් ශරීරය නසත්. මෙය නොකොට. විලිමං නහාරු බන්‍ධනන්ති හමෙහි ඇළුණු සියල්ල විලිමංස නමි. අන්තර කිලෙස සංයොජනං බන්‍ධනන්ති සියල්ල අන්තර ක්ලේශයන් සඳහා කියන ලදි.

සත‍්ත ඛො පනිමෙති කස‍්මා ආහාති? යා හි එසා පඤ‍්ඤා කිලෙසෙ ඡින්‍දතීති වුත‍්තා, සා න එකිකාව අත‍්තනො ධම‍්මතාය ඡින්‍දිතුං සක‍්කොති. යථා පන කුඨාරී න අත‍්තනො ධම‍්මතාය ඡෙජ‍්ජං ඡින්‍දති, පුරිසස‍්ස තජ‍්ජං වායාමං පටිච‍්චෙව ඡින්‍දති, එවං න විනා ඡහි බොජ‍්ඣඞ‍්ගෙහි පඤ‍්ඤා කිලෙසෙ ඡින්‍දිතුං සක‍්කොති. තස‍්මා එවමාහ. තෙන හීති යෙන කාරණෙන තයා ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි, ඡ බාහිරානි, ඡ විඤ‍්ඤාණකායෙ, දීපොපමං, රුක‍්ඛොපමං, ගාවූපමඤ‍්ච දස‍්සෙත්‍වා සත‍්තහි බොජ‍්ඣඞ‍්ගෙහි ආසවක‍්ඛයෙන දෙසනා නිට‍්ඨපිතා, තෙන කාරණෙන ත්‍වං ස‍්වෙපි තා භික‍්ඛුනියො තෙනෙව ඔවාදෙන ඔවදෙය්‍යාසීති.

සත්ත ඛො පනිමෙති කුමක් හෙයින් කීවේ ද? යම් ප්‍රඥාවක් මේ කෙලෙස් සිඳී යයි කියන ලද්දේ ද ඕතොමෝ තනිවම සිය ස්වභාවයෙන් සිඳින්නට නොහැකිය. යම්සේ කෙටේරියට හැක්කේද එසේමය. කෙටේරිය යම්සේ තමාගේ ස්වභාවයෙන් සිඳිය යුත්ත නොසිඳයි. පුරුෂයාගේ උත්සාහය නිසා සිඳියි. එසේම බොජ්ඣංග හය හැර ප්‍රඥාවෙන් කෙලෙස් සිඳින්නට නොහැකිය. එහෙයින් මෙසේ කීය. තෙනහීති යම්කාරණයකින් නුඹ විසින් අධ්‍යාත්මික හය ආයතන හය බාහිර හය විඥානකයෙහි පහන් උපමාව ද වෘක්‍ෂ උපමාව ද ගව උපමාව ද පෙන්වා බොජ්ඣංග හතෙන් ආශ්‍රව ක්‍ෂයකිරීමෙන් දේශනාව නිමවන ලදි. ඒ කාරණයෙන් නුඹ හෙට ද ඒ භික්‍ෂුණීන්ට ඒ අවවාදයෙන් ම අවවාද කරවයි යනුයි.

සා සොතාපන‍්නාති යා සා ගුණෙහි සබ‍්බපච‍්ඡිමිකා, සා සොතාපන‍්නා. සෙසා පන සකදාගාමිඅනාගාමිනියො ච ඛීණාසවා ච. යදි එවං කථං පරිපුණ‍්ණසඞ‍්කප‍්පාති. අජ‍්ඣාසයපාරිපූරියා. යස‍්සා හි භික‍්ඛුනියා එවමහොසි – “කදා නු ඛො අහං අය්‍යස‍්ස නන්‍දකස‍්ස ධම‍්මදෙසනං සුණන‍්තී තස‍්මිංයෙව ආසනෙ සොතාපත‍්තිඵලං සච‍්ඡිකරෙය්‍ය”න‍්ති, සා සොතාපත‍්තිඵලං සච‍්ඡාකාසි. යස‍්සා අහොසි “සකදාගාමිඵලං අනාගාමිඵලං අරහත‍්ත”න‍්ති, සා අරහත‍්තං සච‍්ඡාකාසි. තෙනාහ භගවා “අත‍්තමනා චෙව පරිපුණ‍්ණසඞ‍්කප‍්පා චා”ති.

සා සොතාපන්නාති යම් ඒ තැනැත්තියක් ගුණවලින් සියල්ලට පසුවූවා ද ඇය සෝවාන් විය. සෙසු අය සකෘදාගාමි ද අනාගාමි ද රහත් ද වූහ. ඉදින් මෙසේ නම් මෙසේ අදහස සම්පූර්ණ වූවා ද? යම් භික්‍ෂුණියකට මෙබඳු සිතක් විය. කවරකලෙක මම නන්දක ආර්යන් වහන්සේගේ බණක් අසන්නේ ද? ඒ ආසනයෙහි ම සෝවාන්ඵලය පසක් කරන්නේය. ඇය සෝවාන් ඵලය පසක් කළාය. යම් තැනැත්තියකට සකෘදාගාමි ඵලය රහත් ඵලය වීය. ඇය රහත්බව පසක් කළාය. එහෙයින් බුදුරදුන් අත්තමනාචෙව පරිපුණ්ණසංකප්පා චාති යන්න කීය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය නන්‍දකොවාදසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නන්දකෝවාද සූත්‍රය නිමි.

චූළරාහුලොවාද සුත‍්තවණ‍්ණනා

චූළරාහුලොවාද සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති රාහුලොවාදසුත‍්තං. තත්‍ථ විමුත‍්තිපරිපාචනීයාති විමුත‍්තිං පරිපාචෙන‍්තීති විමුත‍්තිපරිපාචනීයා. ධම‍්මාති පන‍්නරස ධම‍්මා. තෙ සද‍්ධින්‍ද්‍රියාදීනං විසුද‍්ධිකාරණවසෙන වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං –

එවම්මෙසුතන්ති මා විසින් රාහුලෝවාද සූත්‍රය මෙසේ අසන ලදි. එහි විමුත්තිපරිපාචනීයාති විමුත්තිය මේරීම විමුත්ති පරිපාචනීය නමි. ධම්මාති පසොළොස් ධර්මයයි. ඒවා සද්ධා ඉන්ද්‍රිය ආදීන්ගේ පිරිසිදුවීමට කාරණා වශයෙන් දත යුතුයි. එහෙයින් කියන ලදි -

“අස‍්සද‍්ධෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො, සද‍්ධෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො පසාදනීයෙ සුත‍්තන‍්තෙ පච‍්චවෙක‍්ඛතො ඉමෙහි තීහාකාරෙහි සද‍්ධින්‍ද්‍රියං විසුජ‍්ඣති.

සද්ධාව නැති පුද්ගලයා අත්හැරීමය. සද්ධාව ඇති පුද්ගලයා සේවනය කිරීම ප්‍රසාදය ඇති විය යුතු සූත්‍රය සිහිකිරීම මේ ආකාර තුනෙන් සද්ධා ඉන්ද්‍රිය පිරිසිදු වෙයි.

කුසීතෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො ආරද‍්ධවීරියෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො සම‍්මප‍්පධානෙ පච‍්චවෙක‍්ඛතො ඉමෙහි තීහාකාරෙහි වීරියින්‍ද්‍රියං විසුජ‍්ඣති.

කුසීත පුද්ගලයා අත්හරින්නාහටය. අරඹන ලද වීර්ය ඇති පුද්ගලයා සේවනය කරන්නාහටය. සම්‍යක්ප්‍රධානය සිහිකරන්නාහටය. මේ ආකාර තුනෙන් වීර්ය ඉන්ද්‍රිය පිරිසිදු වෙයි.

මුට‍්ඨස‍්සතී පුග‍්ගලෙ පරිවජ‍්ජයතො උපට‍්ඨිතස‍්සතී පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො සතිපට‍්ඨානෙ පච‍්චවෙක‍්ඛතො ඉමෙහි තීහාකාරෙහි සතින්‍ද්‍රියං විසුජ‍්ඣති.

සිහිමුළා වූ පුද්ගලයා අත්හරින්නාහටය. එළඹ සිටි සිහිය ඇති පුද්ගලයා ඇසුරු කරන්නාහටය. සතිපට්ඨානය සිහිකරන්නාහටය. මේ ආකාර තුනෙන් සති ඉන්ද්‍රිය පිරිසිදු වෙයි.

අසමාහිතෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො සමාහිතෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො ඣානවිමොක‍්ඛෙ පච‍්චවෙක‍්ඛතො ඉමෙහි තීහාකාරෙහි සමාධින්‍ද්‍රියං විසුජ‍්ඣති.

නොසංසිඳුණු පුද්ගලයා අත්හරින්නාහටය. සංසිඳුණු පුද්ගලයා ඇසුරු කරන්නාහටය. ධ්‍යාන විමෝක්‍ෂයන් සිහිකරන්නාහටය. මේ ආකාර තුනෙන් සමාධි ඉන්ද්‍රිය පිරිසිදු වෙයි.

දුප‍්පඤ‍්ඤෙ පුග‍්ගලෙ පරිවජ‍්ජයතො පඤ‍්ඤවන‍්තෙ පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො ගම‍්භීරඤාණචරියං පච‍්චවෙක‍්ඛතො ඉමෙහි තීහාකාරෙහි පඤ‍්ඤින්‍ද්‍රියං විසුජ‍්ඣති.

නුවණ නැති පුද්ගලයා අත්හරින්නාහටය. නුවණ ඇති පුද්ගලයා ඇසුරු කරන්නාහටය. ගැඹුරු ප්‍රඥාව ඇති ආචාර්යයන් සිහිකරන්නාහටය. මේ ආකාර තුනෙන් පඤ්ඤා ඉන්ද්‍රිය පිරිසිදු වෙයි.

ඉති ඉමෙ පඤ‍්ච පුග‍්ගලෙ පරිවජ‍්ජයතො පඤ‍්ච පුග‍්ගලෙ සෙවතො භජතො පයිරුපාසතො පඤ‍්ච සුත‍්තන‍්තක‍්ඛන්‍ධෙ පච‍්චවෙක‍්ඛතො ඉමෙහි පන‍්නරසහි ආකාරෙහි ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි විසුජ‍්ඣන‍්තී”ති (පටි· ම· 1.185).

මෙසේ පංච පුද්ගලයින් අත්හරිමෙන් පංච පුද්ගලයන් ඇසුරු කිරීමෙන් පංච සූත්‍රස්ඛන්ධයන් සිහිකිරීමෙන් යන මේ පසළොස් ආකාරයෙන් මේ පංච ඉන්ද්‍රියෝ පිරිසිදු වෙත්.

අපරෙපි පන‍්නරස ධම‍්මා විමුත‍්තිපරිපාචනීයා – සද‍්ධාදීනි පඤ‍්චිමානි ඉන්‍ද්‍රියානි, අනිච‍්චසඤ‍්ඤා, අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤා, දුක‍්ඛෙ අනත‍්තසඤ‍්ඤා, පහානසඤ‍්ඤා, විරාගසඤ‍්ඤාති, ඉමා පඤ‍්ච නිබ‍්බෙධභාගියා සඤ‍්ඤා, මෙඝියත්‍ථෙරස‍්ස කථිතා කල්‍යාණමිත‍්තතාදයො පඤ‍්චධම‍්මාති. කාය පන වෙලාය භගවතො එතදහොසීති. පච‍්චූසසමයෙ ලොකං වොලොකෙන‍්තස‍්ස.

විමුත්තිය මුහුකුරා යන තවත් පසළොස් ධර්මයක් වෙත් - සද්ධාව පස්වෙනි මේ ඉන්ද්‍රියෝය. අනිත්‍ය සංඥාව. අනිත්‍යයෙහි දුක් සංඥාව. දුකෙහි අනන්ත සංඥාව. ප්‍රහාණ සංඥාව. විරාග සංඥාව යන මේ පහ නිබ්බේධියභාග සංඥාවන්ය. මේඝිය තෙරුන්ට කියන ලද කල්‍යාණ මිත්‍රතාව ආදී පංච ධර්මයෝය. කුමන වේලාවක බුදුරදුන්ට මේ අදහස වීද? උදෑසන ලෝකය බලන කාලයේය.

අනෙකානං දෙවතාසහස‍්සානන‍්ති ආයස‍්මතා රාහුලෙන පදුමුත‍්තරස‍්ස භගවතො පාදමූලෙ පාලිතනාගරාජකාලෙ පත්‍ථනං පට‍්ඨපෙන‍්තෙන සද‍්ධිං පත්‍ථනං පට‍්ඨපිතදෙවතායෙව. තාසු පන කාචි භූමට‍්ඨකා දෙවතා, කාචි අන‍්තලික‍්ඛකා, කාචි චාතුමහාරාජිකා, කාචි දෙවලොකෙ, කාචි බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තා. ඉමස‍්මිං පන දිවසෙ සබ‍්බා එකට‍්ඨානෙ අන්‍ධවනස‍්මිංයෙව සන‍්නිපතිතා. ධම‍්මචක‍්ඛුන‍්ති උපාලිඔවාද- (ම· නි· 2.69) දීඝනඛසුත‍්තෙසු (ම· නි· 2.206) පඨමමග‍්ගො ධම‍්මචක‍්ඛුන‍්ති වුත‍්තො, බ්‍රහ‍්මායුසුත‍්තෙ (ම· නි· 2.395) තීණි ඵලානි, ඉමස‍්මිං සුත‍්තෙ චත‍්තාරො මග‍්ගා, චත‍්තාරි ච ඵලානි ධම‍්මචක‍්ඛුන‍්ති වෙදිතබ‍්බානි. තත්‍ථ හි කාචි දෙවතා සොතාපන‍්නා අහෙසුං, කාචි සකදාගාමී, අනාගාමී, ඛීණාසවා. තාසඤ‍්ච පන දෙවතානං එත‍්තකාති ගණනවසෙන පරිච‍්ඡෙදො නත්‍ථි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

අනෙකානි දෙවතාසහස්සානීති ආයුෂ්මත් රාහුලයන් විසින් පදුමුත්තර බුදුරදුන්ගේ පාමුල පාලිත නාගරාජ කාලයෙහි ප්‍රාර්ථනාවක් තබන්නවුන් සමඟ ප්‍රාර්ථනාව තබන ලද දෙවියෝය. ඔවුන් අතරෙන් සමහරෙක් භූමාටු දෙවියන්ය. සමහරෙක් ආකාශස්ථ දෙවියන්ය. සමහරෙක් චාතුම්මහාරාජිකයෝය. සමහරෙක් දිව්‍ය ලෝකයෙහි සමහරෙක් බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහ. මේ දවසෙහි සියල්ලෝ ම එකතැන අන්ධවනයෙහි ම රැස්වූහ. ධම්මචක්ඛුන්ති උපාලිඕවාද දීඝනඛ සුත්‍රයන්හි පළමු මාර්ගය ධර්ම චක්‍ෂුෂ යැයි කියන ලදි. බ්‍රහ්මායු සූත්‍රයෙහි තුන් ඵලයෝය. මේ සූත්‍රයෙහි මාර්ග හතර ද ඵල හතර ද ධර්ම චක්‍ෂුෂ යැයි දත යුතුයි. එහි සමහර දෙවියෙක් සෝවාන් විය. සමහරෙක් සකෘදාගාමී විය. අනාගාමී අර්හත් වූහ. ඒ දෙවියන් මෙපමණකැයි කියා ගණන් වශයෙන් පිරිසිඳීමක් නැත. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය රාහුලොවාදසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

රාහුලොවාද සූත්‍ර වර්ණනාව නිමි.

ඡ ඡක‍්ක සුත‍්තවණ‍්ණනා

ඡ ඡක්ක සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ඡඡක‍්කසුත‍්තං. තත්‍ථ ආදිකල්‍යාණන‍්තිආදිම‍්හි කල්‍යාණං භද‍්දකං නිද‍්දොසං කත්‍වා දෙසෙස‍්සාමි. මජ‍්ඣපරියොසානෙසුපි එසෙව නයො. ඉති භගවා අරියවංසං නවහි, මහාසතිපට‍්ඨානං සත‍්තහි, මහාඅස‍්සපුරං සත‍්තහියෙව පදෙහි ථොමෙසි. ඉදං පන සුත‍්තං නවහි පදෙහි ථොමෙසි.

එවම්මෙසුතන්ති මා විසින් ඡ ඡක්ක සූත්‍රය මෙසේ අසන ලදි. එහි ආදිකල්‍යාණන්ති මුල යහපත්ය. හොඳය. දෝෂ නැති කොට දේශනා කරන්නෙමි. මැද ද කෙළවර ද මේ ක්‍රමයමයි. මෙසේ බුදුරදුන් අරියවංස පද නවයකින් ද මහාසතිපට්ඨානය හතකින් ද මහා අස්සපුරය පද හතකින් ද ස්තූති කළේය. මේ සූත්‍රය පද නවයකින් ස්තූති කළේය.

වෙදිතබ‍්බානීති සහවිපස‍්සනෙන මග‍්ගෙන ජානිතබ‍්බානි. මනායතනෙන තෙභූමකචිත‍්තමෙව කථිතං, ධම‍්මායතනෙන බහිද‍්ධා තෙභූමකධම‍්මා ච, මනොවිඤ‍්ඤාණෙන ඨපෙත්‍වා ද‍්වෙ පඤ‍්චවිඤ‍්ඤාණානි සෙසං බාවීසතිවිධං ලොකියවිපාකචිත‍්තං. ඵස‍්සවෙදනා යථාවුත‍්තවිපාකවිඤ‍්ඤාණසම‍්පයුත‍්තාව. තණ‍්හාති විපාකවෙදනාපච‍්චයා ජවනක‍්ඛණෙ උප‍්පන‍්නතණ‍්හා.

වෙදිතබ්බානීති විදර්ශනා සහිත මාර්ගයෙන් දතයුතුයි. මනායතනයෙන් ත්‍රෛභූමික සිත ම කියන ලදි. ධර්මායතනයෙන් බාහිර ත්‍රෛභූමික ධර්මයෝ ද මනෝ විඥානයෙන් දෙකක් හැර පංච විඥානයෙන් ද සෙසු විසිදෙවැදෑරුම් ලෞකික විපාක සිත ද ස්පර්ශ වේදනාව යථොක්ත විපාක විඥානය හා යුක්ත වන්නේය. තණ්හාති විපාක වේදනා ප්‍රත්‍යයෝ ජවන ක්‍ෂණයෙහි උපන් තෘෂ්ණාවයි.

චක‍්ඛු අත‍්තාති පාටියෙක‍්කො අනුසන්‍ධි. හෙට‍්ඨා කථිතානඤ‍්හි ද‍්වින‍්නං සච‍්චානං අනත‍්තභාවදස‍්සනත්‍ථං අයං දෙසනා ආරද‍්ධා. තත්‍ථ න උපපජ‍්ජතීති න යුජ‍්ජති. වෙතීති විගච‍්ඡති නිරුජ‍්ඣති.

චක්ඛුං අත්තාති වෙන්වූ අනුසන්ධියයි. යට කියන ලද සත්‍ය දෙකෙහි අනාත්මබව දැක්වීම පිණිස මේ දේශනාව පටන් ගන්නා ලදි. එහි න උප්පජ්ජතීති නොයෙදෙයි. වෙතීති පහවෙයි. නිරුද්ධ වෙයි.

අයං ඛො පන, භික‍්ඛවෙති අයම‍්පි පාටියෙක‍්කො අනුසන්‍ධි. අයඤ‍්හි දෙසනා තිණ‍්ණං ගාහානං වසෙන වට‍්ටං දස‍්සෙතුං ආරද‍්ධා. දුක‍්ඛං සමුදයොති ද‍්වින‍්නං සච‍්චානං වසෙන වට‍්ටං දස‍්සෙතුන‍්තිපි වදන‍්තියෙව. එතං මමාතිආදීසු තණ‍්හාමානදිට‍්ඨිගාහාව වෙදිතබ‍්බා. සමනුපස‍්සතීති ගාහත‍්තයවසෙන පස‍්සති.

අයං ඛො පන භික්ඛවෙති මෙය ද එක් වූ අනුසන්ධියයි. මේ දේශනාව තුන් ආකාර ග්‍රහණයන්ගේ වශයෙන් ව්‍රතය යැයි කියන්නේමය. එතං මමාති යනාදියෙහි තෘෂ්ණා මාන දෘෂ්ටීන්ගේ ගැනීම දත යුතුයි. සමනුපස්සතීති ගැනීම් වශයෙන් දකියි.

එවං වට‍්ටං දස‍්සෙත්‍වා ඉදානි තිණ‍්ණං ගාහානං පටිපක‍්ඛවසෙන, නිරොධො මග‍්ගොති ඉමෙසං වා ද‍්වින‍්නං සච‍්චානං වසෙන විවට‍්ටං දස‍්සෙතුං අයං ඛො පනාතිආදිමාහ.

මෙසේ ව්‍රතය දක්වා දැන් ගැනීම් තුනෙහි ප්‍රතික්‍ෂේපකිරීම් වශයෙන් නිරෝධය මාර්ගය යැයි මේ සත්‍ය දෙකෙහි විවර්තය දක්වන්නට අයං ඛො පනාති යනාදිය කීය.

නෙතං මමාතිආදීනි තණ‍්හාදීනං පටිසෙධවචනානි. සමනුපස‍්සතීති අනිච‍්චං දුක‍්ඛමනත‍්තාති පස‍්සති.

නෙතං මමාති යනාදිය තෘෂ්ණාදීන්ගේ ප්‍රතිෂ්ඨ වචනයෝය. සමනුපස්සතීති අනිත්‍ය දුක්ඛ අනාත්මය යැයි දකියි.

එවං විවට‍්ටං දස‍්සෙත්‍වා ඉදානි තිණ‍්ණං අනුසයානං වසෙන පුන වට‍්ටං දස‍්සෙතුං චක‍්ඛුඤ‍්ච, භික‍්ඛවෙතිආදිමාහ. තත්‍ථ අභිනන්‍දතීතිආදීනි තණ‍්හාදිට‍්ඨිවසෙනෙව වුත‍්තානි. අනුසෙතීති අප‍්පහීනො හොති. දුක‍්ඛස‍්සාති වට‍්ටදුක‍්ඛකිලෙසදුක‍්ඛස‍්ස.

මෙසේ විවර්තය දක්වා දැන් තුන් අනුසයන්ගේ වශයෙන් නැවත විවර්තය දක්වන්නට චක්ඛුඤ්ච භික්ඛවෙති යනාදිය කීය. එහි අභිනන්‍දතීති යනාදිය තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ම කියන ලදි. අනුසෙතීති ප්‍රහීන නොවූයේ වෙයි. දුක්ඛස්සාති සංසාර දුක හා කෙලෙස් දුක්ඛයාගේ.

එවං තිණ‍්ණං අනුසයානං වසෙන වට‍්ටං කථෙත්‍වා ඉදානි තෙසං පටික‍්ඛෙපවසෙන විවට‍්ටං දස‍්සෙන‍්තො පුන චක‍්ඛුඤ‍්චාතිආදිමාහ. අවිජ‍්ජං පහායාති වට‍්ටමූලිකං අවිජ‍්ජං පජහිත්‍වා. විජ‍්ජන‍්ති අරහත‍්තමග‍්ගවිජ‍්ජං උප‍්පාදෙත්‍වා.

මෙසේ තුන් අනුසයන්ගේ වශයෙන් ව්‍රතය කියා දැන් ඔවුන්ට විරුද්ධ වශයෙන් විවතය දක්වන්නේ නැවත චක්ඛුඤ්චාති යනාදිය කීය. අවිජ්ජං පහායාති සසර මූලික අවිද්‍යාව හැර. විජ්ජන්ති අර්හත් මාර්ග විද්‍යාව උපදවා.

ඨානමෙතං විජ‍්ජතීති එත‍්තකෙනෙව කථාමග‍්ගෙන වට‍්ටවිවට‍්ටවසෙන දෙසනං මත්‍ථකං පාපෙත්‍වා පුන තදෙව සම‍්පිණ‍්ඩෙත්‍වා දස‍්සෙන‍්තො එවං පස‍්සං, භික‍්ඛවෙතිආදිමාහ. සට‍්ඨිමත‍්තානං භික‍්ඛූනන‍්ති එත්‍ථ අනච‍්ඡරියමෙතං, යං සයමෙව තථාගතෙ දෙසෙන‍්තෙ සට‍්ඨි භික‍්ඛූ අරහත‍්තං පත‍්තා. ඉමඤ‍්හි සුත‍්තං ධම‍්මසෙනාපතිම‍්හි කථෙන‍්තෙපි සට‍්ඨි භික‍්ඛූ අරහත‍්තං පත‍්තා, මහාමොග‍්ගල‍්ලානෙ කථෙන‍්තෙපි, අසීතිමහාථෙරෙසු කථෙන‍්තෙසුපි පත‍්තා එව. එතම‍්පි අනච‍්ඡරියං. මහාභිඤ‍්ඤප‍්පත‍්තා හි තෙ සාවකා.

ඨානමෙතං විජ්ජතීති මෙතෙක් කථා මාර්ගයෙන් වට්ටවිවට්ට වශයෙන් දේශනාව මස්තකයට පමුණුවා නැවත එයම පිඬුකොට දක්වන්නේ එවං පස්සං භික්ඛවෙති යනාදිය කීය. සට්ඨිමත්තානං භික්ඛුනන්ති මෙහි මෙය පුදුමයක් නොවෙයි. යම්කාලයක බුදුරදුන් දේශනා කළ කල්හි භික්‍ෂූන් හැටක් රහත් වූහ. මේ සූත්‍රය ධර්මසේනාපති තෙරුන් දේශනා කළ කල්හි භික්‍ෂූන් හැටක් රහත් වූහ. මහ මුගලන් තෙරුන් දේශනා කළ කල්හි ද අසු මහතෙරවරුන් දේශනා කළ කල්හි ද රහත් වූහ. මෙය පුදුමයක් නොවේ. ඒ ශ්‍රාවකයෝ මහා අභිඥා ලාභීහුය.

අපරභාගෙ පන තම‍්බපණ‍්ණිදීපෙ මාලෙය්‍යදෙවත්‍ථෙරො නාම හෙට‍්ඨා ලොහපාසාදෙ ඉදං සුත‍්තං කථෙසි. තදාපි සට‍්ඨි භික‍්ඛූ අරහත‍්තං පත‍්තා. යථා ච ලොහපාසාදෙ, එවං ථෙරො මහාමණ‍්ඩපෙපි ඉදං සුත‍්තං කථෙසි. මහාවිහාරා නික‍්ඛමිත්‍වා චෙතියපබ‍්බතං ගතො, තත්‍ථාපි කථෙසි. තතො සාකියවංසවිහාරෙ, කූටාලිවිහාරෙ, අන‍්තරසොබ‍්භෙ, මුත‍්තඞ‍්ගණෙ, වාතකපබ‍්බතෙ, පාචිනඝරකෙ, දීඝවාපියං, ලොකන්‍දරෙ, නොමණ‍්ඩලතලෙ කථෙසි. තෙසුපි ඨානෙසු සට‍්ඨි සට‍්ඨි භික‍්ඛූ අරහත‍්තං පත‍්තා. තතො නික‍්ඛමිත්‍වා පන ථෙරො චිත‍්තලපබ‍්බතං ගතො. තදා ච චිත‍්තලපබ‍්බතවිහාරෙ අතිරෙකසට‍්ඨිවස‍්සො මහාථෙරො, පොක‍්ඛරණියං කුරුවකතිත්‍ථං නාම පටිච‍්ඡන‍්නට‍්ඨානං අත්‍ථි, තත්‍ථ ථෙරො න‍්හායිස‍්සාමීති ඔතිණ‍්ණො. දෙවත්‍ථෙරො තස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා න‍්හාපෙමි, භන‍්තෙති ආහ. ථෙරො පටිසන්‍ථාරෙනෙව – “මාලෙය්‍යදෙවො නාම අත්‍ථීති වදන‍්ති, සො අයං භවිස‍්සතී”ති ඤත්‍වා ත්‍වං දෙවොති ආහ. ආම, භන‍්තෙති. සට‍්ඨිවස‍්සද‍්ධානං මෙ, ආවුසො, කොචි සරීරං හත්‍ථෙන ඵුසිතුං නාම න ලභි, ත්‍වං පන න‍්හාපෙහීති උත‍්තරිත්‍වා තීරෙ නිසීදි.

මෑත කාලයෙහි ලංකාදීපයෙහි මලියදේව තෙරුන් වහන්සේ ලෝවාමහාප්‍රාසාදයෙහි මේ සුත්‍රය වදාළහ. එකල්හි ද භික්‍ෂූන් හැටක් රහත් වූහ. ලෝවාමහාප්‍රාසාදයේ යම්සේ ද තෙරුන් වහන්සේ එසේම මහා මණ්ඩපයෙහි ද මේ සුත්‍රය වදාළහ. මහා විහාරයෙන් නික්මී සෑගිරියට වැඩියාහ. එහි ද වදාළහ. එයින් ශාක්‍යවංශ විහාරයෙහි ද කුටාලි විහාරයේ ඇතුල් ගෙහි ද මුතියංගණයෙහි ද වාතක පර්වතයෙහි නැගෙනහිර ගෙහි ද දීඝවාපියෙහි ද ලෝකන්දරයේ ග්‍රාමමණ්ඩපයෙහි ද වදාළහ. ඒ ඒ ස්ථානයන්හි භික්‍ෂූන් හැට හැටනමක් බැගින් රහත් වූහ. එයින් නික්මී තෙරුන් වහන්සේ සිතුල්පව්වට වැඩියහ. එකල්හි සිතුල්පව්ව විහාරයෙහි හැට වයස් වැඩි මහා තෙරුන් වහන්සේ මහා පොකුණෙහි කුරුවක තීර්ථ නම් වැසුණු ස්ථානයක් ඇත. එහි තෙරුන් ස්නානය කරන්නෙමියි බැස්සේ මලියදේව තෙරුන් ද උන්වහන්සේ ළඟට ගොස් ස්වාමීනි, ස්නානය කරවන්නෙහිද ඇසීහ. තෙරුන් වහන්සේ කථාවෙන් ම මලියදේව නම් රහත් කෙනෙක් ඇතැයි කියත්. මේ ඔහු වන්නේ යැයි දැන නුඹ දේව දැයි ඇසීහ. එසේය ස්වාමීනි. ඇවත මට හැට වයස්ය. කිසිවෙකුට ශරීරය අතින් ස්පර්ශ කරන්නට නොලැබුණේය. නුඹ නාවවයි ගොඩ වී ඉවුරෙහි සිටියේය.

ථෙරො සබ‍්බම‍්පි හත්‍ථපාදාදිපරිකම‍්මං කත්‍වා මහාථෙරං න‍්හාපෙසි. තං දිවසඤ‍්ච ධම‍්මස‍්සවනදිවසො හොති. අථ මහාථෙරො – “දෙව අම‍්හාකං ධම‍්මදානං දාතුං වට‍්ටතී”ති ආහ. ථෙරො සාධු, භන‍්තෙති සම‍්පටිච‍්ඡි. අත්‍ථඞ‍්ගතෙ සූරියෙ ධම‍්මස‍්සවනං ඝොසෙසුං. අතික‍්කන‍්තසට‍්ඨිවස‍්සාව සට‍්ඨි මහාථෙරා ධම‍්මස‍්සවනත්‍ථං අගමංසු. දෙවත්‍ථෙරො සරභාණාවසානෙ ඉමං සුත‍්තං ආරභි, සුත‍්තන‍්තපරියොසානෙ ච සට‍්ඨි මහාථෙරා අරහත‍්තං පාපුණිංසු. තතො තිස‍්සමහාවිහාරං ගන‍්ත්‍වා කථෙසි, තස‍්මිම‍්පි සට‍්ඨි ථෙරා. තතො නාගමහාවිහාරෙ කාළකච‍්ඡගාමෙ කථෙසි, තස‍්මිම‍්පි සට‍්ඨි ථෙරා. තතො කල්‍යාණිං ගන‍්ත්‍වා තත්‍ථ චාතුද‍්දසෙ හෙට‍්ඨාපාසාදෙ කථෙසි, තස‍්මිම‍්පි සට‍්ඨි ථෙරා. උපොසථදිවසෙ උපරිපාසාදෙ කථෙසි, තස‍්මිම‍්පි සට‍්ඨි ථෙරාති එවං දෙවත්‍ථෙරෙයෙව ඉදං සුත‍්තං කථෙන‍්තෙ සට‍්ඨිට‍්ඨානෙසු සට‍්ඨි සට‍්ඨි ජනා අරහත‍්තං පත‍්තා.

තෙරුන් සියලු අත් පා ආදී පරිකර්ම කොට මහතෙරුන් නැහැවීය. එදවස බණ අසන දිනයක් වෙයි. ඉක්බිතිව මහතෙරුන් දේවය. අපට ධර්ම දානය දීමට වටියි යැයි කීහ. තෙරුන් ස්වාමීනි යහපතියි පිළිගත්තේය. ඉර බැසගත් කල්හි ධර්ම ශ්‍රවණය සඳහා ඝෝෂා කළහ. ඉක්මණා වූ හැට වයස් ඇති මහතෙරවරුන් හැට නමක් ධර්ම ශ්‍රවණය පිණිස ගියාහ. දේව තෙරුන් පද කීමේ අවසානයේ දී මේ සූත්‍රය පටන් ගත්තේය. සූත්‍රය අවසානයේ මහතෙරවරුන් හැටනම රහත් වූහ. එයින් තිස්ස මහාවිහාරයට ගොස් වදාළහ. එහිදී ද තෙරවරුන් හැටනමක් රහත් වූහ. එයින් කැළණියට ගොස් නාගමහා විහාරයෙහි කාලකච්ඡ ගමෙහි වදාළහ. එහිදී ද තෙරවරුන් හැටනමක් රහත් වූහ. එයින් දහහතර වන දිනයෙහි යට ප්‍රාසාදයෙහි වදාළහ. එහිදී ද තෙරවරුන් හැටනමක් රහත් වූහ. පොහොය දවසෙහි මතු ප්‍රාසාදයෙහි වදාළහ. එහිදී ද තෙරවරුන් හැටනමක් රහත් වූහ. මෙසේ දේවතෙරුන් විසින් මේ සූත්‍රය දෙසන කල්හි හැට තැනක හැට හැටදෙනා බැගින් රහත් වූහ.

අම‍්බිලකාළකවිහාරෙ පන තිපිටකචූළනාගත්‍ථෙරෙ ඉමං සුත‍්තං කථෙන‍්තෙ මනුස‍්සපරිසා ගාවුතං අහොසි, දෙවපරිසා යොජනිකා. සුත‍්තපරියොසානෙ සහස‍්සභික‍්ඛූ අරහත‍්තං පත‍්තා, දෙවෙසු පන තතො තතො එකෙකොව පුථුජ‍්ජනො අහොසීති.

අම්බිල විහාරයෙහි ත්‍රිපිටක චූළනාග තෙරුන් විසින් මේ සූත්‍රය කියන කල්හි මිනිස් පිරිස ගව්වක් විය. දෙවි පිරිස යොදුනක් විය. සූත්‍රය අවසානයේ දහසක් භික්‍ෂූහු රහත් වූහ. දෙවියන් අතරෙන් එක් අයෙක් පමණක් පෘථග්ජන විය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය ඡඡක‍්කසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ඡ ඡක්ක සූත්‍ර වර්ණනාව නිමි.

මහාසළායතනික සුත‍්තවණ‍්ණනා

මහාසළායතනික සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති මහාසළායතනිකසුත‍්තං. තත්‍ථ මහාසළායතනිකන‍්ති මහන‍්තානං ඡන‍්නං ආයතනානං ජොතකං ධම‍්මපරියායං.

එවම්මෙසුතන්ති මා විසින් මහාසළායතනික සූත්‍රය මෙසේ අසන ලදි. එහි මහාසළායතනිකන්ති මහත් ආයතන හයේ ප්‍රකාශ කරන ධර්ම පර්යායයි.

අජානන‍්ති සහවිපස‍්සනෙන මග‍්ගෙන අජානන‍්තො. උපචයං ගච‍්ඡන‍්තීති වුඩ‍්ඪිං ගච‍්ඡන‍්ති, වසිභාවං ගච‍්ඡන‍්තීති අත්‍ථො. කායිකාති පඤ‍්චද‍්වාරිකදරථා. චෙතසිකාති මනොද‍්වාරිකදරථා. සන‍්තාපාදීසුපි එසෙව නයො.

අජානන්ති විදර්ශනාව සමග මාර්ගය නොදන්නේ. උපචයං ගච්ඡන්තිති වැඩීමට යත්. වසඟයට යත් යන තේරුමයි. කායිකාති පංච ද්වාරයෙහි දැවෙන බවයි. චෙතසිකාති මනෝ ද්වාරයෙහි දැවෙන බවයි. සන්තාපාදිසුපි මේ ක්‍රමයමයි.

කායසුඛන‍්ති පඤ‍්චද‍්වාරිකසුඛං. චෙතොසුඛන‍්ති මනොද‍්වාරිකසුඛං. එත්‍ථ ච පඤ‍්චද‍්වාරිකජවනෙන සමාපජ‍්ජනං වා වුට‍්ඨානං වා නත්‍ථි, උප‍්පන‍්නමත‍්තකමෙව හොති. මනොද‍්වාරිකෙන සබ‍්බං හොති. අයඤ‍්ච මග‍්ගවුට‍්ඨානස‍්ස පච‍්චයභූතා බලවවිපස‍්සනා, සාපි මනොද‍්වාරිකෙනෙව හොති.

කායසුඛන්ති පංච ද්වාරයන්හි සැපය. චෙතොසුඛන්ති මනෝ ද්වාරයන්හි සැපය. මෙහි ද පංච ද්වාරික ජවන සිතින් පැමිණීම හෝ නැගිටීම හෝ නැත. ඉපදීම් මාත්‍රයක් ම වෙයි. මනෝ ද්වාරයෙන් සියල්ල ම වෙයි. මේ මාර්ගයෙන් නැගිටින ලද්දහුට ප්‍රත්‍ය වූ බලවත් විදර්ශනාවයි. එය මනෝ ද්වාරයෙන් ම වෙයි.

තථාභූතස‍්සාති කුසලචිත‍්තසම‍්පයුත‍්තචෙතොසුඛසමඞ‍්ගීභූතස‍්ස. පුබ‍්බෙව ඛො පනස‍්සාති අස‍්ස භික‍්ඛුනො වාචාකම‍්මන‍්තාජීවා පුබ‍්බසුද‍්ධිකා නාම ආදිතො පට‍්ඨාය පරිසුද‍්ධාව හොන‍්ති. දිට‍්ඨිසඞ‍්කප‍්පවායාමසතිසමාධිසඞ‍්ඛාතානි පන පඤ‍්චඞ‍්ගානි සබ‍්බත්‍ථකකාරාපකඞ‍්ගානි නාම. එවං ලොකුත‍්තරමග‍්ගො අට‍්ඨඞ‍්ගිකො වා සත‍්තඞ‍්ගිකො වා හොති.

යථාභූතස්සාති කුසල සිත හා සම්ප්‍රයුක්ත චිත්ත සැපයෙන් යුතු. පුබ්බෙව ඛො පනස්සාති මේ භික්‍ෂුවගේ වාග් කර්මාන්ත ආජීවයන්ට පූර්වයෙහි සුද්ධිකා නම් මුලපටන් පිරිසිදු ම වෙත්. දෘෂ්ටි සංකල්ප වායාම සති සමාධි කියන ලද පංචාංග සියලු තැන්හි කරවන අංග නම් වෙති. මෙසේ ලෝකෝත්තර මාර්ගය අංග අටකින් හෝ හතකින් හෝ වෙයි.

විතණ‍්ඩවාදී පන “යා යථාභූතස‍්ස දිට‍්ඨී”ති ඉමමෙව සුත‍්තපදෙසං ගහෙත්‍වා “ලොකුත‍්තරමග‍්ගො පඤ‍්චඞ‍්ගිකො”ති වදති. සො – “එවමස‍්සායං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡතී”ති ඉමිනා අනන‍්තරවචනෙනෙව පටිසෙධිතබ‍්බො. උත‍්තරි ච එවං සඤ‍්ඤාපෙතබ‍්බො – ලොකුත‍්තරමග‍්ගො පඤ‍්චඞ‍්ගිකො නාම නත්‍ථි, ඉමානි පන පඤ‍්ච සබ‍්බත්‍ථකකාරාපකඞ‍්ගානි මග‍්ගක‍්ඛණෙ විරතිවසෙන පූරෙන‍්ති. “යා චතූහි වචීදුච‍්චරිතෙහි ආරති විරතී”ති එවං වුත‍්තවිරතීසු හි මිච‍්ඡාවාචං පජහති, සම‍්මාවාචං භාවෙති, එවං සම‍්මාවාචං භාවෙන‍්තස‍්ස ඉමානි පඤ‍්චඞ‍්ගිකානි න විනා, සහෙව විරතියා පූරෙන‍්ති. සම‍්මාකම‍්මන‍්තාජීවෙසුපි එසෙව නයො. ඉති වචීකම‍්මාදීනි ආදිතො පට‍්ඨාය පරිසුද‍්ධානෙව වට‍්ටන‍්ති. ඉමානි පන පඤ‍්ච සබ‍්බත්‍ථකකාරාපකඞ‍්ගානි විරතිවසෙන පරිපූරෙන‍්තීති පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො නාම නත්‍ථි. සුභද‍්දසුත‍්තෙපි (දී· නි· 2.214) චෙතං වුත‍්තං – “යස‍්මිං ඛො, සුභද‍්ද, ධම‍්මවිනයෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො”ති. අඤ‍්ඤෙසු ච අනෙකෙසු සුත‍්තසතෙසු අට‍්ඨඞ‍්ගිකොව මග‍්ගො ආගතොති.

විතණ්ඩවාදීහු වනාහි යථාභූතස්ස දිට්ඨීති මෙම සූත්‍ර ප්‍රදේශය ගෙන ලෝකෝත්තර මාර්ගය අංග පහකින් යුක්ත යැයි කියයි. එය එවමස්සායං අරියො අට්ඨංගිකො මග්ගො භාවනා පාරිපුරිං ගච්ඡතීති මේ අනතුරු වචනයෙන් ම වැළකිය යුතුය. මත්තෙහි මෙසේ හැඟවිය යුතුයි. ලෝකෝත්තර මාර්ගය පංචාංගික නම් නැත. මේ පහ සියලු තැන කාරාපකාංගයෝය. මාර්ග ක්‍ෂණයෙහි විරති වශයෙන් පුරත්. යමෙක් වාග් දුශ්චරිත හතරෙන් වැළකෙයි. මෙසේ කියන ලද විරති අතුරෙන් මිථ්‍යා වචනය දුරු කරයි. සම්‍යක් වචනය වඩයි. මෙසේ සම්‍යක් වචනය වඩන පුද්ගලයාට මේ පංචාංගයෝ තොර නොවී විරතිය සමඟ ම සම්පූර්ණ වෙත්. සම්‍යක් කර්මාන්ත ආජීවයෙහි ද මේ ක්‍රමයයි. මෙසේ වාග් කර්මාදිය මුලපටන් පිරිසිදු වූයේ ම වටිත්. මෙසේ මේ කාරාපංගයෝ පහ විරති වශයෙන් සම්පූර්ණ වෙත්. පංචාංගික මාර්ගය නම් නැත. සුභද්ද සූත්‍රයෙහි මෙය කියන ලදි. සුභද්‍රයෙනි. යම් ධර්ම විනයෙක්හි ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. වෙනත් නොයෙක් සියගණන් සූත්‍රවල අෂ්ඨාංගික මාර්ගය ආවේය.

චත‍්තාරොපි සතිපට‍්ඨානාති මග‍්ගසම‍්පයුත‍්තාව චත‍්තාරො සතිපට‍්ඨානා. සම‍්මප‍්පධානාදීසුපි එසෙව නයො. යුගනන්‍ධාති එකක‍්ඛණිකයුගනන්‍ධා. එතෙහි අඤ‍්ඤස‍්මිං ඛණෙ සමාපත‍්ති, අඤ‍්ඤස‍්මිං විපස‍්සනාති. එවං නානාඛණිකාපි හොන‍්ති, අරියමග‍්ගෙ පන එකක‍්ඛණිකා.

චත්තාරොපි සතිපට්ඨානාති මාර්ගයෙන් සම්ප්‍රයුක්ත සතිපට්ඨාන හතරයි. සම්‍යක් ප්‍රධානාදියෙහි ද මේ ක්‍රමයයි. යුගනන්‍ධාති ඒ මොහොතෙහි යුගනන්ධයෝය. මොවුන්ගෙන් වෙනත් මොහොතෙහි සමාපත්තිය අනිකක් කෙරෙහි විදර්ශනාවය. මෙසේ නොයෙක් නොයෙක් ක්‍ෂණික වෙත්. ආර්ය මාර්ගයෙහි එක් ක්‍ෂණිකයයි.

විජ‍්ජා ච විමුත‍්ති චාති අරහත‍්තමග‍්ගවිජ‍්ජා ච ඵලවිමුත‍්ති ච. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

විජ්ජා ච විමුත්ති චාති අර්හත් මාර්ග විද්‍යාව ද ඵල විමුක්තිය ද වෙයි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය මහාසළායතනිකසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

මහාසළායතනික සූත්‍ර වර්ණනාව නිමි.

නගරවින්‍දෙය්‍ය සුත‍්තවණ‍්ණනා

නගරවින්දෙය්‍ය සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති නගරවින්‍දෙය්‍යසුත‍්තං. තත්‍ථ සමවිසමං චරන‍්තීති කාලෙන සමං චරන‍්ති, කාලෙන විසමං. සමචරියම‍්පි හෙතන‍්ති සමචරියම‍්පි හි එතං.

එවම්මෙසුතන්ති මා විසින් මෙසේ නගරවින්‍දෙය්‍ය සූත්‍රය අසන ලදි. එහි සමවිසමං චරන්තීති කලකින් සමව ද කලකින් විසමව ද හැසිරෙත්. සමචරියම්පි හෙතන්ති මෙය සමාන චරියාව ද වෙයි.

කෙ ආකාරාති කානි කාරණානි? කෙ අන්‍වයාති කා අනුබුද‍්ධියො? නත්‍ථි ඛො පන තත්‍ථාති කස‍්මා ආහ, නනු අරඤ‍්ඤෙ හරිතතිණචම‍්පකවනාදිවසෙන අතිමනුඤ‍්ඤා රූපාදයො පඤ‍්ච කාමගුණා අත්‍ථීති? නො නත්‍ථි. න පනෙතං වනසණ‍්ඩෙන කථිතං, ඉත්‍ථිරූපාදීනි පන සන්‍ධායෙතං කථිතං. තානි හි පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨන‍්ති. යථාහ – “නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකරූපම‍්පි සමනුපස‍්සාමි, යං එවං පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨති, යථයිදං, භික‍්ඛවෙ, ඉත්‍ථිරූපං. ඉත්‍ථිරූපං, භික‍්ඛවෙ, පුරිසස‍්ස චිත‍්තං පරියාදාය තිට‍්ඨතී”ති (අ· නි· 1.1) විත්‍ථාරෙතබ‍්බං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

කෙ ආකාරාති කුමන කාරණා ද? කෙ අන්‍වයාති කුමන බුද්ධීහු ද? නත්‍ථි ඛො පන තත්‍ථාති කුමක්හෙයින් කීයේ ද? කැළයෙහි නිල්තණ සපු වනාදීන්ගේ වශයෙන් ඉතා මනෝඥ රූපාදී පංච කාමගුණයන් ඇත්තේ නොවේ ද? නැත්තේ නොවෙයි. මෙය වනාහි වන ලැහැබක් සඳහා නොකියන ලදි. ස්ත්‍රී රූපාදිය සඳහා මෙය කියන ලදි. එය පුරුෂයාගේ සිත හාත්පසින් වැළඳගෙන ගෙන සිටිත්. යම්හෙයකින් කීය. මහණෙනි, මම මෙසේ පුරුෂයාගේ සිත හාත්පසින් ගෙන සිටින යම් ස්ත්‍රී රූපයක් වේ ද එබඳු වෙනත් එකම රූපයක්වත් නොදකිමි. මහණෙනි, මෙසේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත හාත්පසින් ගෙන සිටියි. යනුවෙන් විස්තර කළ යුතුයි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය නගරවින්‍දෙය්‍යසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නගරවින්‍දෙය්‍ය සූත්‍ර වර්ණනාව නිමි.

පිණ‍්ඩපාතපාරිසුද‍්ධි සුත‍්තවණ‍්ණනා

පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති පිණ‍්ඩපාතපාරිසුද‍්ධිසුත‍්තං. තත්‍ථ පටිසල‍්ලානාති ඵලසමාපත‍්තිතො.

එවම්මෙසුතන්ති මා විසින් පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍රය මෙසේ අසන ලදි. එහි පටිසල්ලාණාති ඵල සමවතින්

විප‍්පසන‍්නානීති ඔකාසවසෙනෙතං වුත‍්තං. ඵලසමාපත‍්තිතො හි වුට‍්ඨිතස‍්ස පඤ‍්චහි පසාදෙහි පතිට‍්ඨිතොකාසො විප‍්පසන‍්නො හොති, ඡවිවණ‍්ණො පරිසුද‍්ධො. තස‍්මා එවමාහ. සුඤ‍්ඤතවිහාරෙනාති සුඤ‍්ඤතඵලසමාපත‍්තිවිහාරෙන. මහාපුරිසවිහාරොති බුද‍්ධපච‍්චෙකබුද‍්ධතථාගතමහාසාවකානං මහාපුරිසානං විහාරො. යෙන චාහං මග‍්ගෙනාතිආදීසු විහාරතො පට‍්ඨාය යාව ගාමස‍්ස ඉන්‍දඛීලා එස පවිට‍්ඨමග‍්ගො නාම, අන‍්තොගාමං පවිසිත්‍වා ගෙහපටිපාටියා චරිත්‍වා යාව නගරද‍්වාරෙන නික‍්ඛමනා එස චරිතබ‍්බපදෙසො නාම, බහි ඉන්‍දඛීලතො පට‍්ඨාය යාව විහාරා එස පටික‍්කන‍්තමග‍්ගො නාම. පටිඝං වාපි චෙතසොති චිත‍්තෙ පටිහඤ‍්ඤනකිලෙසජාතං කිඤ‍්චි අත්‍ථි නත්‍ථීති. අහොරත‍්තානුසික‍්ඛිනාති දිවසඤ‍්ච රත‍්තිඤ‍්ච අනුසික‍්ඛන‍්තෙන.

විප්පසන්නානීති අවකාශ වශයෙන් මෙය කියන ලදි. ඵල සමවතින් නැගිටින ලද්දහුගේ පංච ප්‍රාසාදයන්ගෙන් පිහිටන අවකාශය ප්‍රසන්න වෙයි. ඡවි වර්ණය පිරිසිදුය. එහෙයින් මෙසේ කීය. සුඤ්ඤත විහාරෙනාති ශුන්‍යතා ඵල සමාපත්ති විහරණයෙන්. මහාපුරිස විහාරොති බුදු පසේ බුදු මහා ශ්‍රාවක මහා පුරුෂයන්ගේ විහරණයයි. යෙනචාහං මග්ගෙනාති යනාදියෙහි විහාරයේ පටන් ගමේ ඉන්ද්‍රඛීලයට යම්තාක් ද මේ පිවිසෙන මාර්ගය නමි. ඇතුළු ගමට පිවිස පිළිවෙළින් හැසිර නුවර දොරින් නික්මීම යම්තාක් ද මේ චරිත ප්‍රදේශය නමි. පිටත ඉන්ද්‍රඛීලයේ පටන් විහාරය යම්තාක් ද මේ පටික්කන්ත මාර්ගය නමි. පටිඝං වාපි චෙතසොති සිතෙහි ඇනෙන කෙලෙස් ඉපදීමයි. කිසිවක් ඇත්තේ ද නැත්තේ ද? අහොරත්තානුසික්ඛිනාති දහවල් ද රාත්‍රියෙහි ද හික්මෙන්නා විසින්.

පහීනා නු ඛො මෙ පඤ‍්ච කාමගුණාතිආදීසු එකභික‍්ඛුස‍්ස පච‍්චවෙක‍්ඛණා නානා, නානාභික‍්ඛූනං පච‍්චවෙක‍්ඛණා නානාති. කථං? එකො හි භික‍්ඛු පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො පත‍්තචීවරං පටිසාමෙත්‍වා විවිත‍්තොකාසෙ නිසින‍්නො පච‍්චවෙක‍්ඛති “පහීනා නු ඛො මෙ පඤ‍්චකාමගුණා”ති. සො “අප‍්පහීනා”ති ඤත්‍වා වීරියං පග‍්ගය‍්හ අනාගාමිමග‍්ගෙන පඤ‍්චකාමගුණිකරාගං සමුග‍්ඝාටෙත්‍වා මග‍්ගානන‍්තරං ඵලං ඵලානන‍්තරං මග‍්ගං තතො වුට‍්ඨාය පච‍්චවෙක‍්ඛන‍්තො “පහීනා”ති පජානාති.

පහීනා නුඛො මෙ පඤ්චකාමගුණාති යනාදියෙහි එක භික්‍ෂුවකගේ ප්‍රත්‍යවේක්‍ෂාව නොයෙක් ආකාරයයි. නොයෙක් භික්‍ෂූන්ගේ ප්‍රත්‍යවේක්‍ෂාව නොයෙක් ආකාරයි. කෙසේ ද? එක භික්‍ෂුවක් බතින් පසුකාලයේ පිණ්ඩපාතයෙන් වැළකුණේ පාසිවුරු තැන්පත් කොට විවේකී අවකාශයක සිටියේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි. මාගේ පංච කාමගුණයෝ ප්‍රහීන වීද? ඔහු ප්‍රහීන නොවී යැයි දැන වීර්ය ගෙන අනාගාමී මාර්ගයෙන් පංච කාමගුණයන්ගේ රාගය විනාශ කොට මාර්ගයට අනතුරුව ඵලය ද ඵලයට අනතුරුව මාර්ගය ද එයින් නැගිට සිහිකරන්නේ ප්‍රහීන යැයි දැනගනියි.

නීවරණාදීසුපි එසෙව නයො. එතෙසං පන අරහත‍්තමග‍්ගෙන පහානාදීනි හොන‍්ති, එවං එකභික‍්ඛුස‍්ස නානාපච‍්චවෙක‍්ඛණා හොති. එතාසු පන පච‍්චවෙක‍්ඛණාසු අඤ‍්ඤො භික‍්ඛු එකං පච‍්චවෙක‍්ඛණං පච‍්චවෙක‍්ඛති, අඤ‍්ඤො එකන‍්ති එවං නානාභික‍්ඛූනං නානාපච‍්චවෙක‍්ඛණා හොති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

නීවරණාදියෙහි ද මේ ක්‍රමයයි. මොවුන්ගේ රහත් මාර්ගයෙන් ප්‍රහීනාදිය වෙති. මෙසේ එක් භික්‍ෂුවකගේ නොයෙක් ප්‍රත්‍යවේක්‍ෂණා වෙයි. මේ ප්‍රත්‍යවේක්‍ෂාවන්හි වෙනත් භික්‍ෂුවක් එකක් ප්‍රත්‍යවේක්‍ෂා කරයි. තවෙකෙක් වෙනත් එකක් ප්‍රත්‍යවේක්‍ෂා කරයි. මෙසේ නොයෙක් භික්‍ෂූන්ගේ නොයෙක් ප්‍රත්‍යවේක්‍ෂණා වෙයි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය පිණ‍්ඩපාතපාරිසුද‍්ධිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පිණ්ඩපාතපාරිසුද්ධි සූත්‍ර වර්ණනාව නිමි.

ඉන්‍ද්‍රියභාවනා සුත‍්තවණ‍්ණනා

ඉන්ද්‍රියභාවනා සූත්‍ර වර්ණනාව

එවං මෙ සුතන‍්ති ඉන්‍ද්‍රියභාවනාසුත‍්තං. තත්‍ථ ගජඞ‍්ගලායන‍්ති එවංනාමකෙ නිගමෙ. සුවෙළුවනෙති සුවෙළු නාම එකා රුක‍්ඛජාති, තෙහි සඤ‍්ඡන‍්නො මහාවනසණ‍්ඩො, තත්‍ථ විහරති. චක‍්ඛුනා රූපං න පස‍්සති, සොතෙන සද‍්දං න සුණාතීති චක‍්ඛුනා රූපං න පස‍්සිතබ‍්බං, සොතෙන සද‍්දො න සොතබ‍්බොති එවං දෙසෙතීති අධිප‍්පායෙන වදති.

එවම්මෙසුතන්ති මා විසින් ඉන්‍ද්‍රියභාවනා සූත්‍රය මෙසේ අසන ලදි. එහි කජංගලායන්ති මේ නම ඇති නියම් ගමෙහි. මුඛෙලුවනෙති මුඛේළු නම් ගස් වර්ගයකි. එයින් සැදුම් ලත් මහා වන ලැහැබකි. එහි වාසය කරති. චක්ඛුනා රූපං න පස්සති සොතෙන සද්දං න සුණාතීති ඇසින් රූප නොදැකිය යුතුය. කනින් ශබ්ද නොඇසිය යුතුය. මෙසේ දේශනා කළේය යන අදහසින් කියයි.

අඤ‍්ඤථා අරියස‍්ස විනයෙති ඉමිනා භගවා අත‍්තනො සාසනෙ අසදිසාය ඉන්‍ද්‍රියභාවනාය කථනත්‍ථං ආලයං අකාසි. අථායස‍්මා ආනන්‍දො – “සත්‍ථා ආලයං දස‍්සෙති, හන්‍දාහං ඉමිස‍්සං පරිසති භික‍්ඛුසඞ‍්ඝස‍්ස ඉන්‍ද්‍රියභාවනාකථං කාරෙමී”ති සත්‍ථාරං යාචන‍්තො එතස‍්ස භගවාතිආදිමාහ. අථස‍්ස භගවා ඉන්‍ද්‍රියභාවනං කථෙන‍්තො තෙන හානන්‍දාතිආදිමාහ.

අඤ්ඤථා අරියස්ස විනයෙති මෙයින් බුදුරදුන් තමාගේ ශාසනයෙහි අසමාන වූ ඉන්ද්‍රිය භාවනාවක් කීම පිණිස කැමැති වූහ. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙමේ බුදුරදුන්ගේ කැමැත්ත දක්වයි. එහෙයින් මම මේ පිරිසෙහි භික්‍ෂුසංඝයාට ඉන්ද්‍රිය භාවනා කථාව කරවමියි බුදුරදුන්ගෙන් ඉල්ලන්නේ එතස්ස භගවාති යනාදිය කීය. එකල බුදුරදුන් ඉන්ද්‍රිය භාවනාව දෙසන්නාහු තෙනහානන්‍දාති යනාදිය වදාළහ.

තථ යදිදං උපෙක‍්ඛාති යා එසා විපස‍්සනුපෙක‍්ඛා නාම, එසා සන‍්තා එසා පණීතා, අතප‍්පිකාති අත්‍ථො. ඉති අයං භික‍්ඛු චක‍්ඛුද‍්වාරෙ රූපාරම‍්මණම‍්පි ඉට‍්ඨෙ ආරම‍්මණෙ මනාපං, අනිට‍්ඨෙ අමනාපං, මජ‍්ඣත‍්තෙ මනාපාමනාපඤ‍්ච චිත‍්තං, තස‍්ස රජ‍්ජිතුං වා දුස‍්සිතුං වා මුය‍්හිතුං වා අදත්‍වාව පරිග‍්ගහෙත්‍වා විපස‍්සනං මජ‍්ඣත‍්තෙ ඨපෙති. චක‍්ඛුමාති සම‍්පන‍්නචක‍්ඛුවිසුද‍්ධනෙත‍්තො. චක‍්ඛාබාධිකස‍්ස හි උද‍්ධං උම‍්මීලනනිම‍්මීලනං න හොති, තස‍්මා සො න ගහිතො.

එහි යදිදං උපෙඛාති යම් මේ විදර්ශනා උපේක්‍ෂාවක් නම් වේද? එය ශාන්තය. එය ප්‍රණීතය. තෘප්තිය නැත යන තේරුමයි. මෙසේ මේ භික්‍ෂුව චක්‍ෂුර් ද්වාරයෙහි රූපාරම්මණය ද ඉෂ්ට අරමුණෙහි මනාපය ද අනිෂ්ටයෙහි අමනාපය ද මධ්‍යස්ථයෙහි මනාප අමනාප දෙක ද ඔහුගේ සිත රැඳෙන්නට හෝ දූෂ්‍ය වෙන්නට හෝ මුළා වෙන්නට හෝ නොදී විශේෂයෙන් ගෙන විදර්ශනාව මධ්‍යස්ථ බවෙහි තබයි. චක්ඛුමාති පිරිසිදු ඇස් ඇති, ආබාධ ඇස් ඇත්තහුගේ ඉක්මන් නැති පියවීම් ඇරීම් වෙයි. එහෙයින් එය නොගන්නා ලදි.

ඊසකංපොණෙති රථීසා විය උට‍්ඨහිත්‍වා ඨිතෙ.

ඊසක පණෙති රියෙහි දණ්ඩ මෙන් නැගී සිටි කල්හි.

පටිකූලෙ අප‍්පටිකූලසඤ‍්ඤීතිආදීසු පටිකූලෙ මෙත‍්තාඵරණෙන වා ධාතුසො උපසංහාරෙන වා අප‍්පටිකූලසඤ‍්ඤී විහරති. අප‍්පටිකූලෙ අසුභඵරණෙන වා අනිච‍්චතො උපසංහාරෙන වා පටිකූලසඤ‍්ඤී විහරති. සෙසපදෙසුපි එසෙව නයො.

පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤීති යනාදියෙහි පිළිකුලෙහි මෛත්‍රිය පැතිරවීමෙන් හෝ ධාතු වශයෙන් උපසංහාරයෙන් හෝ අප්පටිකූල සංඥාවෙන් වාසය කරයි. අප්පටිකූලයෙහි අශුභය පැතිරවීමෙන් හෝ අනිත්‍යයෙන් හෝ උපසංහාරයෙන් හෝ පටික්කූල සංඥාවෙන් වාසය කරයි. සෙසු පදයන්හි ද මෙම ක්‍රමයයි.

තදුභයං අභිනිවජ‍්ජෙත්‍වාති මජ‍්ඣත‍්තො හුත්‍වා විහරිතුකාමො කිං කරොතීති? ඉට‍්ඨානිට‍්ඨෙසු ආපාථගතෙසු නෙව සොමනස‍්සිකො න දොමනස‍්සිකො හොති. වුත‍්තඤ‍්හෙතං –

තදුභයං අභිනිවජ්ජෙත්‍වාති මධ්‍යස්ථව වාසය කරනු කැමැත්තේ කුමක් කරන්නේ දැයි ඉෂ්ට අනිෂ්ටයන් හමු වූ කළ සතුටු ද නොවෙයි. දොම්නස් ද නොවෙයි. මෙය කියන ලදි -

“කථං පටිකූලෙ අප‍්පටිකූලසඤ‍්ඤී විහරති? අනිට‍්ඨස‍්මිං වත්‍ථුස‍්මිං මෙත‍්තාය වා ඵරති, ධාතුතො වා උපසංහරති, එවං පටිකූලෙ අප‍්පටිකූලසඤ‍්ඤී විහරති. කථං අප‍්පටිකූලෙ පටිකූලසඤ‍්ඤී විහරති? ඉට‍්ඨස‍්මිං වත්‍ථුස‍්මිං අසුභාය වා ඵරති, අනිච‍්චතො වා උපසංහරති, එවං අප‍්පටිකූලෙ පටිකූලසඤ‍්ඤී විහරති. කථං පටිකූලෙ ච අප‍්පටිකූලෙ ච අප‍්පටිකූලසඤ‍්ඤී විහරති? අනිට‍්ඨස‍්මිඤ‍්ච ඉට‍්ඨස‍්මිඤ‍්ච වත්‍ථුස‍්මිං මෙත‍්තාය වා ඵරති, ධාතුතො වා උපසංහරති. එවං පටිකූලෙ ච අප‍්පටිකූලෙ ච අප‍්පටිකූලසඤ‍්ඤී විහරති. කථං අප‍්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ‍්ඤී විහරති? ඉට‍්ඨස‍්මිඤ‍්ච අනිට‍්ඨස‍්මිඤ‍්ච වත්‍ථුස‍්මිං අසුභාය වා ඵරති, අනිච‍්චතො වා උපසංහරති, එවං අප‍්පටිකූලෙ ච පටිකූලෙ ච පටිකූලසඤ‍්ඤී විහරති. කථං පටිකූලෙ ච අප‍්පටිකූලෙ ච තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො? ඉධ භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති න දුම‍්මනො, උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො…පෙ… මනසා ධම‍්මං විඤ‍්ඤාය නෙව සුමනො හොති න දුම‍්මනො, උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො. එවං පටිකූලෙ ච අප‍්පටිකූලෙ ච තදුභයං අභිනිවජ‍්ජෙත්‍වා උපෙක‍්ඛකො විහරති සතො සම‍්පජානො”ති.

කෙසේ ද? පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤා විහරතී අනිෂ්ට වස්තුවෙක්හි මෛත්‍රීයෙන් හෝ පතුරවයි. අනිත්‍ය වශයෙන් හෝ සංසිඳුවයි. මෙසේ අප්පටිකූලයෙහි පටික්කූල සංඥාවෙන් වාසය කරයි. පටික්කුලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරති අනිෂ්ට වස්තුවෙක්හි මෛත්‍රීයෙන් හෝ පතුරවයි. ධාතු වශයෙන් හෝ සංසිඳුවයි. මෙසේ පටික්කූලයෙහි අප්පටිකූල සංඥාවෙන් වාසය කරයි. අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරති ඉෂ්ට වස්තුවෙක්හි අශුභයෙන් හෝ පතුරවයි. අනිත්‍ය වශයෙන් හෝ සංසිඳුවයි. මෙසේ අප්පටිකූලයෙහි ද පටික්කූලයෙහි ද පටික්කූල සංඥාවෙන් වාසය කරයි. කෙසේ ද? පටික්කූලඤ්ච අප්පටික්කූලඤ්ච තදුභයං නො ඇලී උපේක්‍ෂාවෙන් සිහි ඇතිව වාසය කරයි. මේ සසුනෙහි භික්‍ෂුව ඇසින් රූප දැක සතුටු නොවෙයි. අසතුටු ද නොවෙයි. උපේක්‍ෂාවෙන් සිහි ඇතිව වාසය කරයි. -පෙ- මනසින් ධර්මය දැන සතුටු නොවෙයි. අසතුටු ද නොවෙයි. උපේක්‍ෂාවෙන් සිහි ඇතිව වාසය කරයි. මෙසේ පටික්කූලයෙහි ද අප්පටිකූලයෙහි ද මධ්‍යස්ථව වාසය කිරීමට කැමැතිව නො ඇලී සිහි ඇතිව උපේක්‍ෂාවෙන් වාසය කරයි.

ඉමෙසු ච තීසු නයෙසු පඨමනයෙ මනාපං අමනාපං මනාපාමනාපන‍්ති සංකිලෙසං වට‍්ටති, නික‍්කිලෙසං වට‍්ටති. දුතියනයෙ සංකිලෙසං, තතියනයෙ සංකිලෙසනික‍්කිලෙසං වට‍්ටති. පුන වුත‍්තං – “පඨමං සංකිලෙසං වට‍්ටති, දුතියං සංකිලෙසම‍්පි නික‍්කිලෙසම‍්පි, තතියං නික‍්කිලෙසමෙව වට‍්ටතී”ති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

මේ තුන් ක්‍රමයන්හි පළමු ක්‍රමයෙහි මනාපය අමනාපය මනාපාමනාපය යි කෙලෙස් වටියි. කෙලෙස් නැති බව ද වටියි. දෙවන ක්‍රමයෙහි කෙලෙස් ද තුන්වන ක්‍රමයෙහි කෙලෙස් ද නිකෙලෙස් ද වටියි. නැවත කියන ලදි. පළමු කෙලෙස් වටියි. දෙවැනි කෙලෙස් ද නිකෙලෙස් ද තුන්වැනි නිකෙලෙස් ම වටියි. ඉතිරිය සියලු තැන්හි ම ප්‍රකටය.

පපඤ‍්චසූදනියා මජ‍්ඣිමනිකායට‍්ඨකථාය ඉන්‍ද්‍රියභාවනාසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ඉන්‍ද්‍රියභාවනා සූත්‍ර වර්ණනාව නිමි.

පඤ‍්චමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වන සළායතන වර්ගය සමාප්තයි.

උපරිපණ‍්ණාසට‍්ඨකථා නිට‍්ඨිතා.

උපරිපණ්ණාසකය නිමියේය.

යො චායං “සබ‍්බධම‍්මමූලපරියායං වො, භික‍්ඛවෙ, දෙසිස‍්සාමී”ති ආරද‍්ධත‍්තා ආදිකල්‍යාණො, මජ‍්ඣෙ “සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත‍්තකං ජාතකං අබ‍්භුතධම‍්මං වෙදල‍්ල”න‍්ති වචනතො මජ‍්ඣෙකල්‍යාණො, සන‍්නිට‍්ඨානෙ “අරියො භාවිතින්‍ද්‍රියො”ති වචනතො පරියොසානකල්‍යාණොති තිවිධකල්‍යාණො මජ‍්ඣිමනිකායො “මහාවිපස‍්සනා නාමාය”න‍්ති වුත‍්තො, සො වණ‍්ණනාවසෙන සමත‍්තො හොති.

මේ යම් මහණෙනි, සබ්බධම්මමූලපරියායං වො භික්ඛවෙ දෙසිස්සාමීති යි ඇරඹුණේ මුල යහපත් ය. මැද සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භූතධම්මං වෙදල්ලන්ති යි වචනයෙන් මැද යහපත් ය. සන්නිට්ඨානෙ අරියො භාවිතින්‍ද්‍රියොති යි වචනයෙන් අවසානය යහපත් ය. මජ්ඣිම නිකාය තුන් ආකාරයෙන් ම යහපත් ය. මෙය මහාවිදර්ශනාව යැයි කියන ලදි. එය වර්ණනා වශයෙන් සමත් වෙයි.

නිගමනකථා

නිගමන කථා

එත‍්තාවතා ච –

එපමණක් ද?

ආයාචිතො සුමතිනා ථෙරෙන භදන‍්තබුද‍්ධමිත‍්තෙන, පුබ‍්බෙ මයූරදූතපට‍්ටනම‍්හි සද‍්ධිං නිවසන‍්තෙන.

භදන්ත බුද්ධමිත්ත තෙරුන් සමඟ පෙර මයුරපට්ටන නම් ගමෙහි වාසය කරන කාලයේ සුමති තෙරුන් විසින් ආරාධිතව

පරවාදවිධංසනස‍්ස මජ‍්ඣිමනිකායසෙට‍්ඨස‍්ස, යමහං පපඤ‍්චසූදනිමට‍්ඨකථං කාතුමාරභිං.

මම යමක් පරවාද නැසීමෙහි ශ්‍රේෂ්ඨ වේද ඒ පපංචසූදනී නම් මජ්ඣිම නිකායට්ඨ කථාව කිරීමට පටන් ගතිමි.

සා හි මහාඅට‍්ඨකථාය සාරමාදාය නිට‍්ඨිතා එසා, සත‍්තුත‍්තරසතමත‍්තාය පාළියා භාණවාරෙහි.

ඒ මහා අට්ඨකථාවන්ගෙන් සාරය ගෙන පෙළේ බණ වාරයන් හත්සීය සතකටත් වැඩි ප්‍රමාණයකින් මෙය නිමවන ලදි.

එකූනසට‍්ඨිමත‍්තො විසුද‍්ධිමග‍්ගොපි භාණවාරෙහි, අත්‍ථප‍්පකාසනත්‍ථාය ආගමානං කතො යස‍්මා.

පණස් නවයක් පමණ විසුද්ධිමාර්ගයේ බණ වාරයන්ගෙන් ද අර්ථ ප්‍රකාශකිරීම පිණිස යමකින් කරන ලද්දේ ද?

තස‍්මා තෙන සහා’යං ගාථාගණනානයෙන අට‍්ඨකථා, සමධිකඡසට‍්ඨිසතමිති විඤ‍්ඤෙය්‍යා භාණවාරානං.

එහෙයින් එහි සහායයෙන් ගාථා ගණන් ක්‍රමයෙන් අටුවාව හයසිය හැටකට අඩු වැඩි බණවර ඇති බව දත යුතුය.

සමධිකඡසට‍්ඨිසතපමාණමිති භාණවාරතො එසා, සමයං පකාසයන‍්තී මහාවිහාරාධිවාසීනං.

මෙය හයසිය හැටකට අඩු වැඩි බණවරයන්ගෙන් මහාවිහාරවාසීන්ගේ ඉගැන්වීම් ප්‍රකාශ කරත්.

මූලට‍්ඨකථාසාරං ආදාය මයා ඉමං කරොන‍්තෙන, යං පඤ‍්ඤමුපචිතං තෙන හොතු ලොකො සදා සුඛිතොති.

මූල අටුවාවෙහි සාරය ගෙන මා විසින් මෙය කරන්නේ රැස් කරන ලද යම් පිනක් වේද එයින් සියලු ලෝකය සුවපත් වේවා.

පරමවිසුද‍්ධසද‍්ධාබුද‍්ධිවීරියප‍්පටිමණ‍්ඩිතෙන සීලාචාරජ‍්ජවමද‍්දවාදිගුණසමුදයසමුදිතෙන සකසමයසමයන‍්තරගහනජ‍්ඣොගාහනසමත්‍ථෙන පඤ‍්ඤාවෙය්‍යත‍්තියසමන‍්නාගතෙන තිපිටකපරියත‍්තිප‍්පභෙදෙ සාට‍්ඨකථෙ සත්‍ථු සාසනෙ අප‍්පටිහතඤාණප‍්පභාවෙන මහාවෙය්‍යාකරණෙන කරණසම‍්පත‍්තිජනිතසුඛවිනිග‍්ගතමධුරොදාරවචනලාවණ‍්ණයුත‍්තෙන යුත‍්තමුත‍්තවාදිනා වාදීවරෙන මහාකවිනා පභින‍්නපටිසම‍්භිදාපරිවාරෙ ඡළභිඤ‍්ඤාදිප‍්පභෙදගුණප‍්පටිමණ‍්ඩිතෙ උත‍්තරිමනුස‍්සධම‍්මෙ සුප‍්පතිට‍්ඨිතබුද‍්ධීනං ථෙරවංසප‍්පදීපානං ථෙරානං මහාවිහාරවාසීනං වංසාලඞ‍්කාරභූතෙන විපුලවිසුද‍්ධබුද‍්ධිනා බුද‍්ධඝොසොති ගරූහි ගහිතනාමධෙය්‍යෙන ථෙරෙන කතා අයං පපඤ‍්චසූදනී නාම මජ‍්ඣිමනිකායට‍්ඨකථා –

උතුම් පිරිසිදු ශ්‍රද්ධා බුද්ධි වීර්යයන්ගෙන් යුක්ත වූ සීලාචාර නිවැරදි ගුණසමුදායන්ගෙන් යුත් සිය සමය හා සමයාන්තර ඉගෙනීම්වල සමර්ථ වූ ප්‍රඥාවෙන් යුත් අට්ඨකථා සහිත ත්‍රිපිටක පර්යාප්ති ප්‍රභේදයන්හි හා ශාස්තෘ ශාසනයෙහි අප්‍රතිහත ඥාන ප්‍රභාවයෙන් මහා ව්‍යාකරණ සම්පත්තීන්ගෙන් උපන් සුව මිහිරි වචන වර්ණනාවන්ගෙන් යුත් මහා ප්‍රඥාවන්ත ප්‍රතිසම්භිදා මාර්ගයෙහි හා ඡ අභිඥාප්‍රභේදයන්හි ප්‍රතිමණ්ඩිත උතුම් මිනිස්දම් ඇති මනාකොට පිහිටි බුද්ධි ඇති ස්ථවිර වංශයට ප්‍රදීපයක් බඳු මහාවිහාරවාසී තෙරවරුන්ට අලංකාරයක් වූ මහත් පිරිසිදු බුද්ධියෙන් යුත් බුද්ධඝෝෂ යැයි ගුරුන්ගෙන් ගන්නා ලද නම් ඇති තෙරුන් විසින් මේ පපඤ්චසූදනී නම් මජ්ඣිම නිකාය අටුවාව කරන ලදි.

තාව තිට‍්ඨතු ලොකස‍්මිං, ලොකනිත්‍ථරණෙසිනං; දස‍්සෙන‍්තී කුලපුත‍්තානං, නයං දිට‍්ඨිවිසුද‍්ධියා.

තාදීගුණ ඇති පිරිසිදු සිත් ඇති ලෝකයට උතුම් වූ මහර්ෂීන් වහන්සේගේ බුද්ධ යන නාමය ලෝකයෙහි යම්තාක් පවතී ද ඒ තාක් කුලපුත්‍රයන්ට න්‍යාය හා දෘෂ්ටිය දක්වන මෙය ලෝකය එතර කිරීම සඳහා ලෝකයෙහි පවතීවා !

බුද‍්ධොති නාමම‍්පි, සුද‍්ධචිත‍්තස‍්ස තාදිනො; ලොකම‍්හි ලොකජෙට‍්ඨස‍්ස, පවත‍්තති මහෙසිනොති.

පපඤ‍්චසූදනී නාම මජ‍්ඣිමනිකායට‍්ඨකථා සබ‍්බාකාරෙන නිට‍්ඨිතා.

මජ්ඣිම නිකාය අටුවාව නිමි.