චූළරාහුලොවාද සුත‍්තං
3. 5. 5.
3. 5. 5.
චූළරාහුලොවාද සුත‍්තං
චූළරාහුලෝවාද සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො භගවතො රහොගතස‍්ස පතිසල‍්ලීනස‍්ස එවං චෙතසො පරිවිතක‍්කො උදපාදි. පරිපක‍්කා ඛො රාහුලස‍්ස විමුත‍්තිපරිපාචනීයා ධම‍්මා. යන‍්නූනාහං රාහුලං උත‍්තරිං ආසවානං ඛයෙ විනෙය්‍යන‍්ති.
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එකල රහෝගත වූ ඒකාකී වූ භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන. රාහුලයන්ගේ විමුක්තිය මිහිකිරීමට හිත වූ ධර්‍මයෝ පැසී සිටියහ. මම රාහුලයන් මතු ආස්‍රවක්‍ෂයයෙහි ලා විනයන කෙරෙම් නම් මැනැවැයි.
අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො ආයස‍්මන‍්තං රාහුලං ආමන‍්තෙසි: ‘ගණ‍්හාහි රාහුල නිසීදනං, යෙන අන්‍ධවනං තෙනුපසඞ‍්කමිස‍්සාම දිවාවිහාරායා’ති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳපෙරෙවැ පාසිවුරු ගෙන් සැවතට පිඬු පිණිස වැඩියෝ, සැවැත පිඬු පිණිස හැසිර පසුබතැ පිඬුවායෙන් වැළැක්කාහු ආයුෂ්මත් රාහුල තෙරුන් ඇමතූසේක. රාහුලය, හිඳිනාකඩ ගනුව, දිවාවිහරණ සඳහා අන්‍ධවනය කරා යම්හ’ යි.
එවං භන‍්තෙති ඛො ආයස‍්මා රාහුලො භගවතො පටිස‍්සුත්‍වා නිසීදනං ආදාය භගවන‍්තං පිට‍්ඨිතො පිට‍්ඨිතො අනුබන්‍ධි.
‘වහන්ස, එසේ ය’යි ආයුෂ්මත් රාහුල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හිඳිනාකඩ ගෙන භාග්‍යවතුන් වහන්සේ පසු පස් ලුහුබැඳ ගියහ.
තෙන ඛො පන සමයෙන අනෙකානි දෙවතාසහස‍්සානි භගවන‍්තං අනුබන්‍ධානි හොන‍්ති. ‘අජ‍්ජ භගවා ආයස‍්මන‍්තං රාහුලං උත‍්තරිං ආසවානං ඛයෙ විනෙස‍්සතී’ති.
එසමයෙහි අනේක දේවතාසහස්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ ලුහුබැන්දාහු වෙති. ‘අද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් රාහුල තෙරණුවන් මතු ආස්‍රවක්‍ෂය ඥානයෙහි ලා විනයන කෙරෙති’ යි.
අථ ඛො භගවා අන්‍ධවනං අජ‍්ඣොගහෙත්‍වා අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. ආයස‍්මාපි ඛො රාහුලො භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො ආයස‍්මන‍්තං රාහුලං භගවා එතදවොච:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අන්‍ධවනයට බැසගෙන එක්තරා රුක්මුලෙක පැන්වූ අස්නෙහි හුන්සේක. ආයුෂ්මත් රාහුල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාහුල භද්‍රයන් බණවා තෙල වදාළසේක:
‘තං කිං මඤ‍්ඤසි රාහුල, චක‍්ඛු නිච‍්චං වා අනිච‍්චං වාති.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චං භන‍්තෙ.
වහන්ස, අනිත්‍ය යැ.
යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වාති.
යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුඃඛ යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි එය සමනුපස්සනා වශයෙන් ගන්නට නිසි වේ ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
තං කිං මඤ‍්ඤසි රාහුල, රූපා නිච‍්චා වා අනිච‍්චා වාති.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?
අනිච‍්චා භන‍්තෙ.
වහන්ස, අනිත්‍යයහ.
යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වාති.
යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුඃඛ යැ.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.
යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මයැ’ යි තෘෂ්ණාදි විසින් ගන්නට නිසි වේ ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො නිසි වේ මැ යි.
තං කිං මඤ‍්ඤසි රාහුල, චක‍්ඛුවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි, චක්‍ෂුර්විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චං භන‍්තෙ.
වහන්ස, අනිත්‍ය වෙයි.
යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වාති.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුක් වෙයි.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසො හමස‍්මි, එසො මෙ අත‍්තා’ති.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යැ.
තං කිං මඤ‍්ඤසි රාහුල, චක‍්ඛුසම‍්ඵස‍්සො නිච‍්චො වා අනිච‍්චො වාති.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුස්සංස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චො භන‍්තෙ.
වහන්ස, අනිත්‍ය වෙයි.
‘යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වා’ති.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුක් වෙයි.
යං පනානිච‍්චං දුක‍්ඛං, විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසො හමස‍්මි, එසො මෙ අත‍්තා’ති.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යැ.
තං කිං මඤ‍්ඤසි රාහුල, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වා’ති.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? චක්‍ෂුඃසංස්පර්‍ශය හේතුයෙන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී නම් එ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චං භන‍්තෙ.
වහන්ස, අනිත්‍ය වෙයි.
යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වාති.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුක් වෙයි.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසො හමස‍්මි, එසො මෙ අත‍්තා’ති.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යැ.
තං කිං මඤ‍්ඤසි රාහුල, සොතං නිච‍්චං වා අනිච‍්චං වාති.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? ශ්‍රෝත්‍රය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චං භන‍්තෙ -පෙ-
වහන්ස, අනිත්‍ය වෙයි. ...
ඝානං නිච‍්චං වා අනිච‍්චං වාති.
ඝ්‍රාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චං භන‍්තෙ -පෙ-
වහන්ස, අනිත්‍ය වෙයි. ...
ජිව‍්හා නිච‍්චා වා අනිච‍්චා වාති.
ජිහ්වා නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චා භන‍්තෙ -පෙ-
වහන්ස, අනිත්‍ය වෙයි. ...
කායො නිච‍්චො වා අනිච‍්චො වාති.
කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චො භන‍්තෙ -පෙ-
වහන්ස, අනිත්‍ය වෙයි. ...
මනො නිච‍්චො වා අනිච‍්චො වාති.
මනස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චො භන‍්තෙ.
වහන්ස, අනිත්‍ය වෙයි. ...
යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වාති.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුක් වෙයි.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං:‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යැ.
තං කිං මඤ‍්ඤසි රාහුල, ධම‍්මා නිච‍්චා වා අනිච‍්චා වාති.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?
අනිච‍්චා භන‍්තෙ.
වහන්ස, අනිත්‍ය වෙති.
යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුක් වෙයි.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.
තං කිං මඤ‍්ඤසි රාහුල, මනොවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? මනෝවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චං භන‍්තෙ.
වහන්ස, අනිත්‍ය වෙයි.
යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වාති.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුක් වෙයි.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසො හමස‍්මි, එසො මෙ අත‍්තා’ති.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යැ.
තං කිං මඤ‍්ඤසි රාහුල, මනොසම‍්ඵස‍්සො නිච‍්චො වා අනිච‍්චො වාති.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි? මනස්සංස්පර්‍ශය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චො භන‍්තෙ.
වහන්ස, අනිත්‍ය වෙයි.
යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වාති.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුක් වෙයි.
යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යැ.
තං කිං මඤ‍්ඤසි රාහුල, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං, තම‍්පි නිච‍්චං වා අනිච‍්චං වාති.
රාහුලය, ඒ කෙසේ හඟනෙහි, මනඃසංස්පර්‍ශය හේතුයෙන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී ද, එ ද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?
අනිච‍්චං භන‍්තෙ.
වහන්ස, අනිත්‍ය වෙයි.
යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වාති.
වැළි යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුව හෝ වේ ද?
දුක‍්ඛං භන‍්තෙ.
වහන්ස, දුක් වෙයි.
යම‍්පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.
වැළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’ යි තෘෂ්ණාදි විසින් දක්නට නිසි වේ ද?
නො හෙතං භන‍්තෙ.
වහන්ස, තෙල නො වේ මැ යැ.
එවං පස‍්සං රාහුල, සුතවා අරියසාවකො චක‍්ඛුස‍්මිං නිබ‍්බින්‍දති, රූපෙසු නිබ‍්බින්‍දති, චක‍්ඛුවිඤ‍්ඤාණෙ නිබ‍්බින්‍දති, චක‍්ඛුසම‍්ඵස‍්සෙ නිබ‍්බින්‍දති, යම‍්පිදං චක‍්ඛුසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. සොතස‍්මිං නිබ‍්බින්‍දති, සද‍්දෙසු නිබ‍්බින්‍දති -පෙ- ඝානස‍්මිං නිබ‍්බින්‍දති, ගන්‍ධෙසු නිබ‍්බින්‍දති -පෙ- ජිව‍්හාය නිබ‍්බින්‍දති, රසෙසු නිබ‍්බින්‍දති -පෙ- කායස‍්මිං නිබ‍්බින්‍දති, ඵොට‍්ඨබ‍්බෙසු නිබ‍්බින්‍දති -පෙ- මනස‍්මිං නිබ‍්බින්‍දති, ධම‍්මෙසු නිබ‍්බින්‍දති, මනොවිඤ‍්ඤාණෙ නිබ‍්බින්‍දති, මනොසම‍්ඵස‍්සෙ නිබ‍්බින්‍දති, යම‍්පිදං මනොසම‍්ඵස‍්සපච‍්චයා උප‍්පජ‍්ජති වෙදනාගතං සඤ‍්ඤාගතං සඞ‍්ඛාරගතං විඤ‍්ඤාණගතං තස‍්මිම‍්පි නිබ‍්බින්‍දති. නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති. විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති: ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
රාහුලය, මෙසේ නුවණින් දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි කලකිරෙයි. රූපයෙහි කලකිරෙයි, චක්‍ෂුර්විඥානයෙහි කලකිරෙයි, චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි කලකිරෙයි, චක්‍ෂුස්සංස්පර්‍ශ හේතුයෙන් උපන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී නම් එහිදු කලකිරෙයි. ශ්‍රෝතයෙහි කලකිරෙයි. ... ශබ්දයෙහි කලකිරෙයි. ... ඝ්‍රාණයෙහි කලකිරෙයි. ... ගන්‍ධයෙහි කලකිරෙයි. ... ජිහ්වායෙහි කලකිරෙයි, රසයෙහි කලකිරෙයි. ... කායයෙහි කලකිරෙයි, ස්ප්‍රෂ්ටව්‍යයෙහි කලකිරෙයි. ... මනසෙහි කලකිරෙයි, ධර්‍මයන්හි කලකිරෙයි, මනොවිඥානයෙහි කලකිරෙයි, මනඃස්පර්‍ශයෙහි කලකිරෙයි. මනඃස්පර්‍ශ හේතුයෙන් යම් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් උපදී නම් එහිදු කලකිරෙයි. නිර්වේදයට පැමිණියේ නො ඇලෙයි. විරාගයෙන් විමුක්ත වෙයි. විමුක්ත කල්හි විමුක්ත යැ’ යි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය උපදී: ‘ජාති ක්‍ෂය වූ යැ. මඟ බඹසර වැසැ නිමවනලද. මඟකරණී කරනලද. මේ ආත්මභාවය පිණිස කළයුතු අන් කිසෙක් නැතැ’ යි දැනගනී.
ඉදමවොච භගවා. අත‍්තමනො ආයස‍්මා රාහුලො භගවතො භාසිතං අභිනන්‍දීති.
භාග්‍යවතුන් වහන්සේ මේ රාහුලෝවාදය වදාළසේක. සතුටුසිත් ඇති ආයුෂ්මත් රහල් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය පිළිගත්හ.
ඉමස‍්මිඤ‍්ච පන වෙය්‍යාකරණස‍්මිං භඤ‍්ඤමානෙ ආයස‍්මතො රාහුලස‍්ස අනුපාදාය ආසවෙහි චිත‍්තං විමුච‍්චි. තාසඤ‍්ච අනෙකානං දෙවතාසහස‍්සානං විරජං වීතමලං ධම‍්මචක‍්ඛුං උදපාදි: ‘යං කිඤ‍්චි සමුදයධම‍්මං සබ‍්බං තං නිරොධධම‍්ම’න‍්ති.
තවද මේ වෙය්‍යාකරණය වදාරන කල්හි ආයුෂ්මත් රහල් තෙරණුවන්ගේ සිත උපාදානය නො කොට ආස්‍රවයන් කෙරෙන් මිදිණ. ඒ නොයෙක් දේවතා දහසුන්ට ද කෙලෙස් රජස් රහිත වූ කෙලෙස් මල රහිත වූ දහම් ඇස පහළ වී: ‘යම්කිසි සමුදය ධර්‍මයෙක් ඇද්ද එ හැම නිරෝධස්වභාව ඇතැ’ යි කියා යි.
චූළරාහුලොවාද සුත‍්තං පඤ‍්චමං.
පස් වැනි චූළරාහුලෝවාද සූත්‍ර යි.