යෙදුමෙන් කියවන්න

නන්‍දකොවාද සුත‍්තං

3. 5. 4.

3. 5. 4.

නන්‍දකොවාද සුත‍්තං

නන්‍දකොවාද සූත්‍රය

එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො මහාපජාපතී ගොතමී පඤ‍්චමත‍්තෙහි භික‍්ඛුනීසතෙහි සද‍්ධිං යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො මහාපජාපතී ගොතමී භගවන‍්තං එතදවොච: ‘ඔවදතු භන‍්තෙ, භගවා භික‍්ඛුනියො, අනුසාසතු භන‍්තෙ, භගවා භික‍්ඛුනියො, කරොතු භන‍්තෙ, භගවා භික‍්ඛුනීනං ධම‍්මිං කථ’න‍්ති.

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩවාස කෙරෙති. එකල ගොයුම්ගොත් මහාප්‍රජාපතී මෙහෙණ පන්සියක් පමණ මෙහෙණන් හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටගතු. එකත්පස් වැ සිටි ගොයුම්ගොත් මහාප්‍රජාපතී මෙහෙණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළා: ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහෙණනට ඕවා දෙනසේක්වා, වහන්ස භාග්‍යවතුන් වහන්සේ මෙහෙණනට අනුශාසනා කරනසේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහෙණනට ධර්‍ම කථා කරන සේක්වා’ යි.

තෙන ඛො පන සමයෙන ථෙරා භික‍්ඛූ භික‍්ඛුනියො ඔවදන‍්ති පරියායෙන. ආයස‍්මා පන නන්‍දකො න ඉච‍්ඡති භික‍්ඛුනියො ඔවදිතුං පරියායෙන. අථ ඛො භගවා ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි: ‘කස‍්ස නු ඛො ආනන්‍ද, අජ‍්ජ පරියායො භික‍්ඛුනියො ඔවදිතුං පරියායෙනා’ති.

එසමයෙහි ස්ථවිර භික්‍ෂූහු මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙති. ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ මෙහෙණනට, වාර වශයෙන් ඔවා දෙන්නට නො කැමැති වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇමැතූසේක: ‘ආනන්‍දය, මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට අද කවරහුගේ වාරය වේ දැ?’ යි.

නන්‍දකස‍්ස භන‍්තෙ, පරියායො භික‍්ඛුනියො ඔවදිතුං පරියායෙන, අයං භන‍්තෙ, ආයස‍්මා නන්‍දකො න ඉච‍්ඡති භික‍්ඛුනියො ඔවදිතුං පරියායෙනා’ති.

වහන්ස, මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට නන්‍දක තෙරණුවනට වාරය වෙයි. වහන්ස, මේ ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ මෙහෙණනට වාර වශයෙන් ඔවා දෙන්නට නො කැමැතියහ.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං නන්‍දකං ආමන‍්තෙසි: ‘ඔවද නන්‍දක, භික‍්ඛුනියො. අනුසාස නන්‍දක, භික‍්ඛුනියො, කරොහි ත්‍වං බ්‍රාහ‍්මණ. භික‍්ඛුනීනං ධම‍්මිං කථ’න‍්ති.

එසඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් ඇමතූසේක: ‘නන්‍දකය, මෙහෙණනට ඔවා දෙව. නන්‍දකය, මෙහෙණනට අනුශාසනා කරව. බ්‍රාහ්මණය, තෝ මෙහෙණනට ධර්‍මකථා කරව’ යි.

එවං භන‍්තෙති ඛො ආයස‍්මා නන්‍දකො භගවතො පටිස‍්සුත්‍වා පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො අත‍්තදුතියො යෙන රාජකාරාමො තෙනුපසඞ‍්කමි. අද‍්දසංසු ඛො තා භික‍්ඛුනියො ආයස‍්මන‍්තං නන්‍දකං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වාන ආසනං පඤ‍්ඤාපෙසුං, උදකඤ‍්ච පාදානං උපට‍්ඨපෙසුං. නිසීදි ඛො ආයස‍්මා නන්‍දකො පඤ‍්ඤත‍්තෙ ආසනෙ, නිසජ‍්ජ පාදෙ පක‍්ඛාලෙසි. තාපි ඛො භික‍්ඛුනියො ආයස‍්මන‍්තං නන්‍දකං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තා භික‍්ඛුනියො ආයස‍්මා නන්‍දකො එතදවොච: පටිපුච‍්ඡකථා ඛො භගිනියො, භවිස‍්සති. තත්‍ථ ආජානන‍්තීහි ආජානාමාතිස‍්ස වචනීයං, න ආජානන‍්තීහි න ආජානාමාතිස‍්ස වචනීයං. යස‍්සා වා පනස‍්ස කඞ‍්ඛා වා විමති වා, අහමෙව තත්‍ථ පටිපුච‍්ඡිතබ‍්බො: ‘ඉදං භන‍්තෙ, කථං ඉමස‍්ස ක්‍වත්‍ථො’ති.

‘වහන්ස, එසේ යැ’ යි ඒ ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවැත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැක්කාහු තමහට දෙවැන්නකු ඇති වැ රාජකාරාමය කරා එළඹියහ. ඒ මෙහෙණහු දුර දී මැ ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් එනුවන් දුටහ. දැක අසුන් පැන්වූහු. පා දෝනා දිය එළවූහු. ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ පැන්වූ අස්නෙහි හුන්හ. හිඳ පාද ප්‍රක්‍ෂාලනා කොළෝ. ඒ මෙහෙණහු ද ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් මෙහෙණනට ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ තෙල කීහ: බුහුනැණියෙනි, පිළිවිස කරන කථායෙක් ඇත. එහි දී වටහා දන්නවුන් විසින් ‘දනුම්හ’ යි කියයුතු වෙයි. වටහා නො දන්නවුන් විසින් ‘නො දනුම්හ’ යි කියයුතු වෙයි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද එහි දී මම් මැ පිළිවිස්ස යුතුයෙම් වෙමි. (කෙසේ යැ?) ‘වහන්ස, මේ කෙසේ යැ? මේ වචනයාගේ අර්‍ත්‍ථ කවරේ යැ?’ යි.

එත‍්තකෙනපි මයං භන‍්තෙ, අය්‍යස‍්ස නන්‍දකස‍්ස අත‍්තමනා අභිරද‍්ධා. යං නො අය්‍යො නන්‍දකො පවාරෙතී’ති.

වහන්ස, ඇපි මෙතෙකිනුදු ආර්‍ය්‍ය වූ නන්‍දක තෙරණුවනට සතුටු සිතැත්තමෝ වම්හ. අභිරද්ධයම්හ. යම් හෙයෙකින් ආර්‍ය්‍ය වූ නන්‍දක තෙරණුවෝ අප පවරත් ද, එහෙයිනි.

තං කිං මඤ‍්ඤථ භගිනියො, චක‍්ඛුං නිච‍්චං වා අනිච‍්චං වාති?

බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. චක්‍ෂුස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ.

වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති.

යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුඃඛ යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිනාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං. එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ ද, ඒ ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.

තං කිං මඤ‍්ඤථ භගිනියො, සොතං නිච‍්චං වා අනිච‍්චං වාති.

බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. ශ්‍රෝතය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ...

ඝානං නිච‍්චං වා අනිච‍්චං වා’ති.

ඝ්‍රාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ. -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ...

ජිව‍්හා නිච‍්චා වා අනිච‍්චා වා’ති.

ජිහ්වා නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චා, භන‍්තෙ. -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ...

කායො නිච‍්චො වා අනිච‍්චො වා’ති.

කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චො භන‍්තෙ. -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ...

මනො නිච‍්චො වා අනිච‍්චො වා’ති.

මනස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චො භන‍්තෙ.

වහන්ස, අනිත්‍ය යැ ...

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා’ති.

යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුඃඛ යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ ද, ඒ ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: පුබ‍්බෙව නො හෙතං භන‍්තෙ, යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං: ‘ඉතිපිමෙ ඡ අජ‍්ඣත‍්තිකා ආයතනා අනිච‍්චා’ති.

වහන්ස, තෙල නො නිසි වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල කරුණ පළමු මැ අප විසින් ඇති තතු සම්‍යක් ප්‍රඥායෙන්, මොනොවට දක්නා ලදි: ‘මෙ කරුණිනුදු මේ අධ්‍යාත්මික ෂඩායතනයෝ අනිත්‍යයහ’ කියා ය.

සාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස‍්ස යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො. තං කිං මඤ‍්ඤථ භගිනියො, රූපා නිච‍්චා වා අනිච‍්චා වා’ති.

මැනව මැනව බුහුනැණියෙනි. බුහුනැණියෙනි, තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් මෙසේ වේ මැ යි. බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව රූපායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?

අනිච‍්චා භන‍්තෙ.

වහන්ස, අනිත්‍යයහ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා’ති.

යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුඃඛ යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං. එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි දක්නට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.

තං කිං මඤ‍්ඤථ භගිනියො, සද‍්දා නිච‍්චා වා අනිච‍්චා වාති.

බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. ශබ්දායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චා භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍යයහ ...

ගන්‍ධා නිච‍්චා වා අනිච‍්චා වා’ති.

ගන්‍ධායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චා භන‍්තෙ. -පෙ-

වහන්ස, අනිත්‍යයහ ...

රසා නිච‍්චා වා අනිච‍්චා වා’ති.

රසායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චා භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍යයහ ...

ඵොට‍්ඨබ‍්බා නිච‍්චා වා අනිච‍්චා වා’ති.

ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චා භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍යයහ ...

ධම‍්මා නිච‍්චා වා අනිච‍්චා වා’ති.

ධර්‍මායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චා භන‍්තෙ.

වහන්ස, අනිත්‍යයහ ...

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වා’ති.

යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුඃඛ යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් එය ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි නුවණින් දක්නට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: පුබ‍්බෙව නො හෙතං භන‍්තෙ, යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං: ඉතිපි මෙ ඡ බාහිරා ආයතනා අනිච‍්චා’ති.

වහන්ස, තෙල නො නිසි වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, අප විසින් තෙල යථාභූතය පළමු වැ සම්‍යක් ප්‍රඥායෙන්, මොනවට දක්නා ලදි: ‘මෙ හේතුයෙනුදු මේ බාහිර ෂඩායතනයෝ අනිත්‍යයහ’යි කියා යි.

සාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස‍්ස යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො. තං කිං මඤ‍්ඤථ භගිනියො, චක‍්ඛුවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

මැනව මැනව බුහුනැණියෙනි. මෙසේ බුහුනැණියෙනි, යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් වෙයි. ඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, චක්‍ෂුර්විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ.

වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති.

යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුඃඛ යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං. එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් ‘තෙල මා ගැත්තේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම ය’යි නුවණින් දක්නට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො නිසි වේ මැ යැ.

තං කිං මඤ‍්ඤථ භගිනියො, සොතවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

ඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, ශ්‍රෝතවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය යැ.

ඝානවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

ඝ්‍රාණවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ...

ජිව‍්හාවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

ජිහ්වාවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ...

කායවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

කායවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ...

මනොවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

මනෝවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ.

වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වාති.

යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුඃඛ යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං එතං මම එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමධර්‍ම වේ නම් ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’ යි එය නුවණින් දක්නට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: පුබ‍්බෙව නො හෙතං භන‍්තෙ, යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං: ඉතිපි මෙ ඡ විඤ‍්ඤාණකායා අනිච‍්චා’ති.

වහන්ස, තෙල නො නිසි වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, අප විසින් පළමු ව තෙල යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදි: ‘මේ හේතුයෙනුදු මේ සවැදෑරුම් විඥානකායයෝ අනිත්‍යයහ’ කියා යි.

සාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස‍්ස යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො.

මැනව මැනව බුහුනැණියෙනි. මෙසේ බුහුනැණියෙනි, තෙල යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් වේ මැ යි.

සෙය්‍යථාපි භගිනියො, තෙලප‍්පදීපස‍්ස ඣායතො තෙලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, වට‍්ටිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, අච‍්චිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, ආභාපි අනිච‍්චා විපරිණාමධම‍්මා. යො නු ඛො භගිනියො එවං වදෙය්‍ය, ‘අමුස‍්ස තෙලප‍්පදීපස‍්ස ඣායතො තෙලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, වට‍්ටිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, අච‍්චිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, යා ඛ‍්වාස‍්ස ආභා, සා නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිණාමධම‍්මා’ති. සම‍්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්‍යාති.

බුහුනැණියෙනි, යම් පරිදි දැල්වෙන තෙල් පහනක්හුගේ තෙල ද අනිත්‍ය වේ ද පෙරැළෙන සැහැවි ඇති වේ ද, වැටි ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, සිළු ද අනිත්‍ය විපරිණාම ධර්‍ම වේ ද, එලි ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, බුහුනැණියෙනි, යමෙක් ‘මේ දැල්වෙන තෙල් පහනෙහි තෙල ද අනිත්‍ය යැ විපරිණාම ධර්‍ම යැ, වැටි ද අනිත්‍ය යැ විපරිණාම ධර්‍ම යැ, සිළු ද අනිත්‍ය යැ විපරිණාම ධර්‍ම යැ, මේ ප්‍රදීපයාගේ යම් එළියෙක් ඇද්ද ඒ නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ කියා නම් බුහුනැණියෙනි, ඒ බණන්නා මැනැවක් බෙණේ දැ? යි.

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: අමුස‍්ස හි භන‍්තෙ, තෙලප‍්පදීපස‍්ස ඣායතො තෙලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, වට‍්ටිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, අච‍්චිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, පගෙවස‍්ස ආභා අනිච‍්චා විපරිණාමධම‍්මා’ති.

වහන්ස, තෙල මැනැවෙක් නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: මේ දැල්වෙන තෛල ප්‍රදීපයාගේ තෙල ද අනිත්‍ය යැ විපරිණාමධර්‍ම යැ, වැටි ද අනිත්‍ය යැ විපරිණාමධර්‍ම යැ, සිළු ද අනිත්‍ය විපරිණාම ධර්‍ම යැ, කැල මැ තෙල ප්‍රදීපයාගේ එළිය අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.

එවමෙව ඛො භගිනියො, යො නු ඛො එවං වදෙය්‍ය, ඡ හි ඛො ඉමා අජ‍්ඣත‍්තිකා ආයතනා අනිච‍්චා, යඤ‍්ච ඛො ඡ අජ‍්ඣත‍්තිකෙ ආයතනෙ පටිච‍්ච පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තං නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මන‍්ති. සම‍්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්‍යා’ති.

එපරිදි මැ බුහුනැණියෙනි, යමෙක් ‘මේ අධ්‍යාත්මික ෂඩායතනයෝ අනිත්‍යයහ. අධ්‍යාත්මික ෂඩායතනයන් නිසා යම් සුඛයක් හෝ දුඃඛයක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳුනේ නම් ඒ නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ කියා නම් බුහුනැණියෙනි, බණන හේ මොනොවට බණන්නේ වේ ද?

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු, ‘තජ‍්ජං තජ‍්ජං භන‍්තෙ. පච‍්චයං පටිච‍්ච තජ‍්ජා තජ‍්ජා වෙදනා උප‍්පජ‍්ජන‍්ති. තජ‍්ජස‍්ස තජ‍්ජස‍්ස පච‍්චයස‍්ස නිරොධා තජ‍්ජා තජ‍්ජා වෙදනා නිරුජ‍්ඣන‍්තී’ති.

වහන්ස, තෙල බිණීම මනා නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: නන් නන් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව වූ වේදනාවෝ උපදිති. තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යයාගේ නිරෝධයාගේ තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙති, එහෙයිනි.

සාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස‍්ස යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො.

මැනැව මැනැව බුහුනැණියෙනි, යථාභූතය සම්‍යක්ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයක් හට තෙල සිත් වේ මැ යැ.

සෙය්‍යථාපි භගිනියො, මහතො රුක‍්ඛස‍්ස තිට‍්ඨතො සාරවතො මූලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, ඛන්‍ධොපි අනිච‍්චො විපරිණාමධම‍්මො, සාඛාපලාසම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, ඡායාපි අනිච‍්චා විපරිණාමධම‍්මා. යො නු ඛො භගිනියො, එවං වදෙය්‍ය: ‘අමුස‍්ස මහතො රුක‍්ඛස‍්ස තිට‍්ඨතො සාරවතො මූලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, ඛන්‍ධොපි අනිච‍්චො විපරිණාමධම‍්මො, සාඛාපලාසම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, යා ච ඛ‍්වාස‍්ස ඡායා සා නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිණාමධම‍්මා’ති. සම‍්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්‍යා’ති.

බුහුනැණියෙනි, යම්සේ මුල් බැස සිටි සාරවත් මහාවෘක්‍ෂයක්හුගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, ශාඛාපලාස ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, සෙවණ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, බුහුනැණියෙනි, යමෙක් මුල් බැසසිටි සාරවත් මේ මහාවෘක්‍ෂයාගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම යැ යි කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම යැ යි අතුකොළ ද අනිත්‍ය විපරිණාමධර්‍ම යැ යි ද මේ වෘක්‍ෂයාගේ යම් සෙවණෙක් ඇද්ද ඒ නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ කියා ද, බුහුනැණියෙනි, බණන හේ මොනොවට බෙණේ දැ යි.

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: ‘අමුස‍්ස හි භන‍්තෙ, මහතො රුක‍්ඛස‍්ස තිට‍්ඨතො සාරවතො මූලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, ඛන්‍ධොපි අනිච‍්චො විපරිණාමධම‍්මො, සාඛාපලාසම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, පගෙවස‍්ස ඡායා අනිච‍්චා විපරිණාමධම‍්මා’ති.

වහන්ස, තෙල මනා බිණීමෙක් නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, මුල් බැස සිටුනා සාරවත් වූ මහාවෘක්‍ෂයාගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, අතු කොළ දෑ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කැල මැ මේ වෘක්‍ෂයාගේ සෙවණ අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.

එවමෙව ඛො භගිනියො, යො නු ඛො එවං වදෙය්‍ය: ඡ ඛො මෙ බාහිරා ආයතනා අනිච‍්චා විපරිණාමධම‍්මා. යඤ‍්ච ඛො ඡ බාහිරෙ ආයතනෙ පටිච‍්ච පටිසංවෙදෙමි සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තං නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්මන‍්ති, සම‍්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්‍යා’ති.

එපරිදි මැ බුහුනැණි යෙනි, යමෙක් ‘මේ බාහිර ෂඩායතනයෝ අනිත්‍ය විපරිණාම ධර්‍මයහ. බාහිර ෂඩායතනයන් නිසා යම් සුඛයක් හෝ දුඃඛයක් හෝ උපේක්‍ෂා වේදනාවක් හෝ විඳුනේ නම් එය නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම යැ’ යි මෙසේ බණන්නේ නම්, බුහුනැණියෙනි, මෙසේ බණන හේ මනා කොට බෙණේ’ දැ? යි.

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: තජ‍්ජං තජ‍්ජං භන‍්තෙ, පච‍්චයං පටිච‍්ච තජ‍්ජා තජ‍්ජා වෙදනා උප‍්පජ‍්ජන‍්ති. තජ‍්ජස‍්ස තජ‍්ජස‍්ස පච‍්චයස‍්ස නිරොධා තජ‍්ජා තජ‍්ජා වෙදනා නිරුජ‍්ඣන‍්තී’ති.

වහන්ස, තෙල නො වේ මැ යැ, ඒ කවර හෙයින යත්: තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව වූ වේදනාවෝ උපදිති. තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙත්, එහෙයිනි.

සාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස‍්ස යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො.

මැනැව මැනැව බුහුනැණියෙනි, යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයා හට තෙල සිත් වේ මැ යි.

සෙය්‍යථාපි භගිනියො, දක‍්ඛො ගොඝාතකො වා ගොඝාතකන‍්තෙවාසී වා ගාවිං වධිත්‍වා තිණ‍්හෙන. ගොවිකන‍්තනෙන ගාවිං විකන‍්තෙය්‍ය, අනුපහච‍්ච අන‍්තරං මංසකායං, අනුපහච‍්ච බාහිරං චම‍්මකායං, යං යදෙව තත්‍ථ අන‍්තරා විලීමංසං, අන‍්තරා නහාරූ, අන‍්තරා බන්‍ධනං, තං තදෙව තිණ‍්හෙන ගොවිකන‍්තනෙන සඤ‍්ඡින්‍දෙය්‍ය සඞ‍්කන‍්තෙය්‍ය සම‍්පකන‍්තෙය්‍ය සම‍්පරිකන‍්තෙය්‍ය. සඤ‍්ඡින්‍දිත්‍වා සඞ‍්කන‍්තිත්‍වා සම‍්පරිකන‍්තිත්‍වා විධුනිත්‍වා බාහිරං චම‍්මකායං තෙනෙව චම‍්මෙන තං ගාවිං පටිච‍්ඡාදෙත්‍වා එවං වදෙය්‍ය: ‘තථෙවායං ගාවී සංයුත‍්තා ඉමිනාව චම‍්මෙනා’ති. සම‍්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්‍යා’ති.

යම්සේ බුහුනැණියෙනි, දක්‍ෂ වූ ගවඝාතකයෙක් හෝ ගවඝාතක අතැවැසියෙක් හෝ ගවදෙනක නසා තියුණු ගෙරි කපන කැත්තෙන් ගවදෙන වෙන් කොට කපන්නේ වේ ද, අතර මාංශකාය නො පෙළා බාහිර චර්‍මකාය නො පෙළා යම් යම් එහි අතුරු විලිමස් අතුරු නහර අතුරු බන්‍ධන ඇද්ද, ඒ ඒ දැය මැ තියුණු ගෙරි කපන කැත්තෙන් සිඳුනේ වේ ද බිඳ කපන්නේ වේ ද වෙසෙසින් බිඳ කපන්නේ වේ ද හාත්පසින් බිඳ කපන්නේ වේ ද හාත්පසින් සිඳ හාත්පසින් කපා හාත්පසින් මොනොවට කපා මෙසේ බාහිර සම්කය ගලවාගෙන ඒ සමින් මැ ඒ දෙන වසා මෙසේ කියන්නේ වේ ද මේ සමින් මැ තුබූ සැටි මැ ගෙන ‘සංයුක්ත’ යයි. බුහුනැණියෙනි, බණන හේ මොනොවට බණන්නේ වේ ද?

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: අමු හි භන‍්තෙ, දක‍්ඛො ගොඝාතකො වා ගොඝාතකන‍්තෙවාසී වා ගාවිං වධිත්‍වා තිණ‍්හෙන ගොවිකන‍්තනෙන ගාවිං සඞ‍්කන‍්තෙය්‍ය අනුපහච‍්ච අන‍්තරං මංසකායං. අනුපහච‍්ච බාහිරං චම‍්මකායං. යං යදෙව තත්‍ථ අන‍්තරා විලීමංසං, අන‍්තරා නහාරූ, අන‍්තරා බන්‍ධනං, තං තදෙව තිණ‍්හෙන ගොවිකන‍්තනෙන සඤ‍්ඡින්‍දෙය්‍ය, සඞ‍්කන‍්තෙය්‍ය, සම‍්පකන‍්තෙය්‍ය, සම‍්පරිකන‍්තෙය්‍ය. සඤ‍්ඡින්‍දිත්‍වා සඞ‍්කන‍්තිත්‍වා සම‍්පරිකන‍්තිත්‍වා විධුනිත්‍වා බාහිරං චම‍්මකායං තෙනෙව චම‍්මෙන තං ගාවිං පටිච‍්ඡාදෙත්‍වා කිඤ‍්චාපි සො එවං වදෙය්‍ය: ‘තථෙවායං ගාවී සංයුත‍්තා ඉමිනාව චම‍්මෙනා’ති. අථ ඛො සා ගාවී විසංයුත‍්තා තෙනෙව චම‍්මෙනා’ති.

වහන්ස, තෙල නො වන්නේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, දක්‍ෂ වූ මේ ගෝඝාතක වේවයි ගවඝාතක අතැවැසි වේවයි දෙනක මරා තියුණු ගෙරි කපන කැත්තෙන් අතර මස්කය නො පෙළා බැහැර සම්කය නො පෙළා එහි යම් යම් අතුරු විලිමස් අතුරු නහර අතුරු බැඳුම් ඇද්ද, ඒ ඒ දැය මැ තියුණු ගෙරි කපන කැත්තෙන් මොනොවට වෙන් කරනුයේ මොනොවට කපනුයේ මොනොවට හාත්පස කපනුයේ මොනොවට වෙන් කොට කපනුයේ වේ ද, මොනොවට වෙන් කොට, මොනොවට කපා, මොනොවට වෙන් කොට කපා, බැහැර සම්කය උපුටා ගෙන ඒ සමින් මැ ඒ දෙන වසා ‘මේ සමින් මැ මේ දෙන තුබූ සැටි මැ සංයුක්ත වැ ඇතැ’ යි හෝ මෙසේ කියන්නේ නමුදු වැලි ඒ දෙන ඒ සමින් විසංයුක්ත මැ වේද, එහෙයිනි.

උපමා ඛො මෙ අයං භගිනියො, කතා අත්‍ථස‍්ස විඤ‍්ඤාපනාය. අයමෙවෙත්‍ථ අත්‍ථො: ‘අන‍්තරා මංසකායොති ඛො භගිනියො ඡන‍්නෙතං අජ‍්ඣත‍්තිකානං ආයතනානං අධිවචනං. බාහිරො චම‍්මකායොති ඛො භගිනියො, ඡන‍්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං. අන‍්තරා විලීමංසං අන‍්තරා නහාරූ අන‍්තරා බන්‍ධනන‍්ති ඛො භගිනියො, නන්‍දීරාගස‍්සෙතං අධිවචනං. තිණ‍්හං ගොවිකන‍්තනන‍්ති ඛො භගිනියො, අරියායෙතං පඤ‍්ඤාය අධිවචනං. යා’යං අරියා පඤ‍්ඤා අන‍්තරා කිලෙසං අන‍්තරා සඤ‍්ඤොජනං අන‍්තරා බන්‍ධනං සඤ‍්ඡින්‍දති සඞ‍්කන‍්තති සම‍්පකන‍්තති සම‍්පරිකන‍්තති.

බුහුනැණියෙනි, මා විසින් අර්‍ත්‍ථය හඟවනු සඳහා මේ උපමා කරනලදු. මේ මේ මැ අර්‍ත්‍ථ යැ: බුහුනැණියෙනි, ‘අතුරු මස්කය යැ’ යන තෙල සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයට නමි. බුහුනැණියෙනි, ‘බාහිර චර්‍මකාය යැ’ යන තෙල සවැදෑරුම් වාහ්‍යායතනයනට නමි. බුහුනැණියෙනි, ‘අතුරු විලිමස් යැ අතුරු නහර යැ අතුරු බන්‍ධන යැ’ යන තෙල නන්‍දිරාගයට නමෙකි. බුහුනැණියෙනි, ‘තියුණු ගෙරි කපන සැත යැ’ යන තෙල ආර්‍ය්‍යප්‍රඥාවට නමෙකි. යම් ආර්‍ය්‍යමාර්‍ගඥානයක් අතුරු කෙලෙස් අතුරු සංයෝජන අතුරු බන්‍ධන මොනොවට සිඳී ද මොනොවට කපා ද මොනවට ප්‍රකාරයෙන් කපා ද මොනවට හාත්පසින් කපා ද එය යි.

සත‍්ත ඛො ඉමෙ භගිනියො, බොජ‍්ඣඞ‍්ගා යෙසං භාවිතත‍්තා බහුලීකතත‍්තා භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. කතමෙ සත‍්ත: ඉධ භගිනියො, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං, ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- භාවෙති -පෙ- පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙ ඛො භගිනියො, සත‍්ත බොජ‍්ඣඞ‍්ගා: යෙසං භාවිතත‍්තා බහුලීකතත‍්තා භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතී’ති.

බුහුනැණියෙනි, මේ බෝධ්‍යඞ්ගයෝ සත්දෙනෙක් වෙති. යම් බෝධ්‍යඞ්ග කෙනකුන් වැඩු හෙයින් බහුල කළ හෙයින් මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තෙමේ මැ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසේ ද, කවර සත්දෙනෙක යත්: බුහුනැණියෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ වොස්සග්ගයට පිරිනැමුණු ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි. ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි. ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි. විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ වොස්සග්ගයට පිරිනැමුණු උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩයි. බුහුනැණියෙනි, යම් බෝධ්‍යඞ්ග කෙනකුන් භාවිත බහුලීකෘත හෙයින් මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද ඉහාත්මයෙහි තෙමේ මැ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා වෙසේ ද එබඳුවූ මේ සප්තබෝධ්‍යඞ්ගයෝ යි.

අථ ඛො ආයස‍්මා නන්‍දකො තා භික‍්ඛුනියො ඉමිනා ඔවාදෙන ඔවදිත්‍වා උය්‍යොජෙසි: ‘ගච‍්ඡථ භගිනියො, කාලො’ති.

ඉක්බිති ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ ඒ මෙහෙණනට මේ අවවාදයෙන් ඔවා දී ‘යව බුහුනැණියෙනි, කලැ’ යි යවාලූහ.

අථ ඛො තා භික‍්ඛුනියො ආයස‍්මතො නන්‍දකස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා ආයස‍්මන‍්තං නන්‍දකං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙන භගවා, තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො තා භික‍්ඛුනියො භගවා එතදවොච: ‘ගච‍්ඡථ, භික‍්ඛුනියො කාලො’ති.

එසඳ ඒ මෙහෙණහු ආයුෂ්මත් නන්‍දක තෙරණුවන්ගේ භාෂිතය අභිනන්‍දනා කොට අනුමෝදන් වැ හුනස්නෙන් නැගී ආයුෂ්මත් නන්‍දක තෙරුන් වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ සිටියහ. එකත්පස් වැ සිටි ඒ භික්‍ෂුණීන්ට බුදුහු තෙල කරුණ වදාළහ: ‘යව මෙහෙණෙනි, කලැ’ යි.

අථ ඛො තා භික‍්ඛුනියො භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කමිංසු.

එසඳ ඒ භික්‍ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියාහ.

අථ ඛො භගවා අචිරපක‍්කන‍්තීසු තාසු භික‍්ඛුනීසු භික‍්ඛූ ආමන‍්තෙසි: ‘සෙය්‍යථාපි භික‍්ඛවෙ, තදහුපොසථෙ චාතුද‍්දසෙ න හොති බහුනොජනස‍්ස කඞ‍්ඛා වා විමති වා: ‘ඌනො නු ඛො චන්‍දො, පුණ‍්ණො නු ඛො චන්‍දො’ති. අථ ඛො ඌනො චන්‍දො ත්‍වෙව හොති. එවමෙව ඛො භික‍්ඛවෙ, තා භික‍්ඛුනියො නන්‍දකස‍්ස ධම‍්මදෙසනාය අත‍්තමනා චෙව හොන‍්ති, නො ච ඛො පරිපුණ‍්ණ සඞ‍්කප‍්පා’ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන් නික්මගිය නොබෝ කාලයෙහි භික්‍ෂූන් ඇමැතූසේක: ‘මහණෙනි, යම් පිරිදි එදවස් තුදුස්වක් පොහොයෙහි බොහෝ ජනයාට සඳ ඌන වූයේ දෝහෝ සඳ පිරුණේ දෝහෝ’ යි සැකයෙන් හෝ විමතියෙක් හෝ නො වෙයි. වැළි චන්‍ද්‍ර ඌන වූයේ මැ යයි සිත් වෙයි. එසෙයින් මැ මහණෙනි, ඒ මෙහෙණහු නන්‍දකයන්ගේ ධර්‍මදේශනායෙන් සතුටුසිත් ඇත්තාහු ද වෙති. පරිපූර්‍ණ සංකල්ප ඇත්තාහු නොද වෙති’ යි.

අථ ඛො භගවා ආයස‍්මන‍්තං නන්‍දකං ආමන‍්තෙසි: ‘තෙන හි ත්‍වං නන්‍දක, ස‍්වෙපි තා භික‍්ඛුනියො තෙනෙවොවාදෙන ඔවදෙය්‍යාසීති. එවං භන‍්තෙති ඛො ආයස‍්මා නන්‍දකො භගවතො පච‍්චස‍්සොසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දක තෙරුන් ඇමතූ සේක: එහෙයින් නන්‍දකය තෙපි සෙට ද ඒ මෙහෙණන් ඒ අවවාදයෙන් මැ අවවාද කරව’ යි. ‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

අථ ඛො ආයස‍්මා නන්‍දකො තස‍්සා රත‍්තියා අච‍්චයෙන පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය සාවත්‍ථිං පිණ‍්ඩාය පාවිසි. සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තො අත‍්තදුතියො යෙන රාජකාරාමො තෙනුපසඞ‍්කමි. අද‍්දසංසු ඛො තා භික‍්ඛුනියො ආයස‍්මන‍්තං නන්‍දකං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වාන ආසනං පඤ‍්ඤාපෙසුං. උදකඤ‍්ච පාදානං උපට‍්ඨපෙසුං. නිසීදි ඛො ආයස‍්මා නන්‍දකො පඤ‍්ඤත‍්තෙ ආසනෙ. නිසජ‍්ජ පාදෙ පක‍්ඛාලෙසි. තාපි ඛො භික‍්ඛුනියො ආයස‍්මන‍්තං නන්‍දකං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තා භික‍්ඛුනියො ආයස‍්මා නන්‍දකො එතදවොච: ‘පටිපුච‍්ඡකථා ඛො, භගිනියො, භවිස‍්සති. තත්‍ථ ආජානන‍්තීහි ආජානාමාතිස‍්ස වචනීයං. න ආජානන‍්තීහි න ආජානාමාතිස‍්ස වචනීයං. යස‍්සා වා පනස‍්ස කඞ‍්ඛා වා විමති වා, අහමෙව තත්‍ථ පටිපුච‍්ඡිතබ‍්බො: ‘ඉදං භන‍්තෙ කථං ඉමස‍්ස ක්‍වත්‍ථො’ති.

ඉක්බිති ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ ඒ රාත්‍රිය ඇවෑමෙන් පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතියෝ එකලා වැ රාජකාරාමය කරා එළඹියහ. ඒ භික්‍ෂුණීහු ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් දුරින් මැ එනුවන් දුටහ. දැක අස්නක් පැනවූහ. පාදෝනා පිණිස දිය ද එළවා තැබූහ. ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ පැනවූ අස්නෙහි වැඩහුන්හ. හිඳ පා දෙවූහ. ඒ මෙහෙණහු ද ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ මෙහෙණනට ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ තෙල වදාළහ: බුහුනැණියෙනි, ‘ප්‍රතිපෘච්ඡාකථායෙක් වෙයි. එහිලා අවබෝධ කොට දන්නවුන් විසින් ‘දනුම්හ’ යි කියැයුතු වෙයි. අවබෝධ නො කරන්නවුන් විසින් ‘නො වටහම්හ’ යි කියැයුතු වෙයි. යමක්හට සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද එහිලා මා මැ පිළිවිසියයුතු වෙයි. ‘වහන්ස, මේ කෙසේ යැ? මේ වචනයාගේ අර්‍ත්‍ථ කවරේ යැ?’ කියා යි.

එත‍්තකෙනපි මයං භන‍්තෙ, අය්‍යස‍්ස නන්‍දකස‍්ස අත‍්තමනා අභිරද‍්ධා, යං නො අය්‍යො නන්‍දකො පවාරෙතී’ති.

වහන්ස, අපි මෙතෙකිනිදු ආර්‍ය්‍ය වූ නන්‍දක තෙරණුවනට සතුටු සිතැත්තමෝ වම්හ. ඇලුණමෝ වම්හ. යම් හෙයෙකින් නන්‍දක තෙරණුවෝ අප පවරත් ද එහෙයිනි.

තං කිං මඤ‍්ඤථ භගිනියො, චක‍්ඛුං නිච‍්චං වා අනිච‍්චං වාති.

බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. චක්‍ෂුස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ.

වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං, දුක‍්ඛං වා තං සුඛං වාති.

යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුඃඛ යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව ඇති වේ ද, ඒ ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යයි සමනුපස්සනාවට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො නිසි මැ යැ.

තං කිං මඤ‍්ඤථ භගිනියො, සොතං නිච‍්චං වා අනිච‍්චං වාති.

බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව. ශ්‍රෝතය නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ...

ඝානං නිච‍්චං වා අනිච‍්චං වාති.

ඝ්‍රාණය නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ...

ජිව‍්හා නිච‍්චා වා අනිච‍්චා වාති.

ජිහ්වා නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?

අනිච‍්චා භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ...

කායො නිච‍්චොවා අනිච‍්චො වාති.

කය නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?

අනිච‍්චො භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍ය යැ ...

මනො නිච‍්චො වා අනිච‍්චො වාති.

මනස නිත්‍ය හෝ අනිත්‍ය වේ ද?

අනිච‍්චො භන‍්තෙ.

වහන්ස, අනිත්‍ය යැ ...

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති.

යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුඃඛ යැ ...

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් ‘තෙල මම වෙමි, තෙල මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’ යි ගෙන එය සමනුපස්සනාව කරන්නට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: පුබ‍්බෙව නො හෙතං භන‍්තෙ, යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං: ‘ඉතිපි මෙ ඡ අජ‍්ඣත‍්තිකා ආයතනා අනිච‍්චා’ති.

වහන්ස, තෙල නො වේ මැ ය. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල අප විසින් පළමු වැ යථා භූත වැ සම්‍යක් ප්‍රඥායෙන් මොනොවට දක්නා ලදී. මෙකරුණෙනුදු ආධ්‍යාත්මික ෂඩායතන අනිත්‍ය ය හ’ යි කියා යි.

සාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස‍්ස යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො. තං කිං මඤ‍්ඤථ භගිනියො, රූපා නිච‍්චා වා අනිච‍්චා වාති:

මැනවැ මැනැවැ බුහුනැණියෙනි, තෙල යථා භූතය සම්‍යක් ඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයාහට තෙල සිත් මෙසේ වේ මැයි. බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව රූපායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත් ද?

අනිච‍්චා භන‍්තෙ.

වහන්ස, අනිත්‍යය හ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති.

යමෙක් අනිත්‍ය නම් ඒ දුක් හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තාති.

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, එය ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය’ යි නුවණින් දක්නට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නොනිසි වේ මැ යැ,

තං කිං මඤ‍්ඤථ, භගිනියො, සද‍්දා නිච‍්චා වා අනිච‍්චා වාති.

බුහුනැණියෙනි, ඒ කෙසේ හඟනාව, ශබ්දායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චා භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍යයහ ...

ගන්‍ධා නිච‍්චා වා අනිච‍්චා වාති.

ගන්‍ධායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චා භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍යයහ ...

රසා නිච‍්චා වා අනිච‍්චා වාති.

රසායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චා භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍යයහ ...

ඵොට‍්ඨබ‍්බා නිච‍්චා වා අනිච‍්චා වාති.

ස්ප්‍රෂ්ටව්‍යායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චා භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍යයහ ...

ධම‍්මා නිච‍්චා වා අනිච‍්චා වාති.

ධර්‍මායතනයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චා භන‍්තෙ.

වහන්ස, අනිත්‍යයහ ...

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති.

යමෙක් අනිත්‍ය වේ නම්, එය දුක් හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, එය ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය’ යි නුවණින් දක්නට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: පුබ‍්බෙව නො හෙතං භන‍්තෙ, යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං: ‘ඉතිපි මෙ ඡ බාහිරා ආයතනා අනිච‍්චා’ති.

වහන්ස, තෙල නොනිසි වේ යැ, ඒ කවර හෙයිනයත්: වහන්ස, තෙල අප විසින් යථාභූතව පළමු වැ සම්‍යග් ඥානයෙන්, මොනොවට දක්නා ලදී. මේ හේතුයෙනුදු බාහිර ෂඩායතනයෙන් අනිත්‍යය හ’යි කියා යි.

සාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස‍්ස යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො. තං කිං මඤ‍්ඤථ භගිනියො, චක‍්ඛුවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

මැනැවැ මැනැවැ බුහුනැණියෙනි, මෙසේ බුහුනැණියෙනි, යථාභූතය සම්‍යග් ඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයා හට තෙල සිත් වෙයි. ඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, චක්‍ෂුර් විඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ.

වහන්ස, අනිත්‍ය යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති.

යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං, කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තාති?

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය යැ’ යි එය නුවණින් දක්නට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො නිසි වේ මැයැ.

තං කිං මඤ‍්ඤථ භගිනියො, සොතවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

ඒ කෙසේ හඟනාව බුහුනැණියෙනි, ශ්‍රෝතවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ. -පෙ-

වහන්ස, අනිත්‍යය ...

ඝානවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

ඝ්‍රාණවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍යය ...

ජිව‍්හාවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

ජිහ්වාවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍යය ...

කායවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

කායවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ -පෙ-

වහන්ස, අනිත්‍යය ...

මනොවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති.

මනෝවිඥානය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද?

අනිච‍්චං භන‍්තෙ.

වහන්ස, අනිත්‍යය.

යං පනානිච‍්චං දුක‍්ඛං වා තං සුඛං වාති.

යමෙක් අනිත්‍ය වේ නම්, ඒ දුක් හෝ සුඛ හෝ වේ ද?

දුක‍්ඛං භන‍්තෙ.

වහන්ස, දුක් යැ.

යං පනානිච‍්චං දුක‍්ඛං විපරිණාමධම‍්මං කල‍්ලං නු තං සමනුපස‍්සිතුං: ‘එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා’ති.

යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම්, ‘තෙල මා ගැත්තේ යැ, තෙල මම වෙමි, තෙල මාගේ ආත්මය’ යි එය නුවණින් දක්නට නිසි වේ ද?

නො හෙතං භන‍්තෙ.

වහන්ස, තෙල නො නිසි වේ මැ යි.

තං කිස‍්ස හෙතු: පුබ‍්බෙව නො හෙතං භන‍්තෙ, යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය සුදිට‍්ඨං: ‘ඉතිපි මෙ ඡ විඤ‍්ඤාණකායා අනිච‍්චා’ති.

ඒ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයෙකින් අප විසින් ‘මෙසේත් මේ ෂඩ්විඥානකායෝ අනිත්‍යයහ’ යි තෙල තත්වූ පරිදි සම්‍යක්ප්‍රඥායෙන් මොනොවට දක්නාලද ද එහෙයිනි.

සාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො හොති අරියසාවකස‍්ස යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො.

මැනවැ මැනැවැ බුහුනැණියෙනි, යථාභූතය විදර්‍ශනාඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවක හට තෙල මෙසේ මැ වෙයි බුහුනැණියෙනි’ යි.

සෙය්‍යථාපි භගිනියො, තෙලප‍්පදීපස‍්ස ඣායතො තෙලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, වට‍්ටිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, අච‍්චිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, ආභාපි අනිච‍්චා විපරිණාමධම‍්මා. යො නු ඛො, භගිනියො, එවං වදෙය්‍ය: ‘අමුස‍්ස තෙලප‍්පදීපස‍්ස ඣායතො තෙලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, වට‍්ටිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, අච‍්චිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, යා ච ඛ‍්වාස‍්ස ආභා සා නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිණාමධම‍්මා’ති. සම‍්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්‍යාති.

යම් පරිදි බුහුනැණියෙනි, දැල්වෙන තෙල්පහනෙහි තෙලුදු අනිත්‍ය යැ, විපරිණාම ධර්‍ම යැ. වැටි දු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. පහන්සිළුදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. එලිදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යි. බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියා නම් මේ දැල්වෙන තෛලප්‍රදීපයාගේ තෙලුදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. වැටිදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. පහන්සිළුදු අනිත්‍ය යැ, විපරිණාමධර්‍ම යැ. එහි යම් ආභායෙක් ඇද්ද, එය නිත්‍ය යැ, ධ්‍රැව යැ, ශාශ්වත යැ, අවිපරිණාමධර්‍ම යැ යි. බුහුනැණියෙනි, (මෙසේ) කියන හේ මනා කොට කියන්නේ දැ? යි.

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: ‘අමුස‍්ස හි භන‍්තෙ, තෙලප‍්පදීපස‍්ස ඣායතො තෙලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, වට‍්ටිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, අච‍්චිපි අනිච‍්චා විපරිණාමධම‍්මා, පගෙවස‍්ස ආභා අනිච‍්චා විපරිණාමධම‍්මා’ති.

වහන්ස, තෙල නො වේ මැ යි. ඊට හේතු කවරෙ යත්: වහන්ස, යම් හෙයෙකින් දැල්වෙන මේ තෛලප්‍රදීපයාගේ තෙලුදු අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, වැටිදු අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, පහන්සිළුදු අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කැල මැ එහි එළිය අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.

එවමෙව ඛො භගිනියො, යො නු ඛො එවං වදෙය්‍ය: ‘ඡ ඛොමෙ අජ‍්ඣත‍්තිකා ආයතනා අනිච‍්චා. යඤ‍්ච ඛො ඡ අජ‍්ඣත‍්තිකෙ ආයතනෙ පටිච‍්ච පටිසංවෙදෙමි සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා. තං නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්ම’න‍්ති. සම‍්මා නු ඛො සො, භගිනියො, වදමානො වදෙය්‍යා’ති.

එපරිදි මැ බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියා නම් ‘මේ සවැදෑරුම් ආධ්‍යාත්මික ආයතනයෝ අනිත්‍යයහ. ෂට් ආධ්‍යාත්මික ආයතනයන් නිසා යම් සුවයක් වේව යි දුකක් වේවයි උපේක්‍ෂාවක් වේවයි විඳීම් ද එය නිත්‍ය යැ, ධ්‍රැව යැ, ශාශ්වත යැ, අවිපරිණාමධර්‍ම’ ය. බුහුනැණියෙනි, එසේ කියන හෙතෙම මනා කොට කියන්නේ දැ? යි.

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: ‘තජ‍්ජං තජ‍්ජං භන‍්තෙ, පච‍්චයං පටිච‍්ච තජ‍්ජා තජ‍්ජා වෙදනා උප‍්පජ‍්ජන‍්ති. තජ‍්ජස‍්ස තජ‍්ජස‍්ස පච‍්චයස‍්ස නිරොධා තජ‍්ජා තජ‍්ජා වෙදනා නිරුජ‍්ඣන‍්තී’ති.

වහන්ස, තෙල නො වේ මැ යැ. එ කවර හෙයින? වහන්ස, තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව වූ වේදනාවෝ උපදිත් ද, තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙත් ද එහෙයිනි.

සාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස‍්ස යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො.

මැනැව මැනැව බුහුනැණියෙනි, මෙසේ මැ බුහුනැණියෙනි, යථාභූතය විදර්‍ශනා ඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකයාහට තෙල වෙයි.

සෙය්‍යථාපි භගිනියො, මහතො රුක‍්ඛස‍්ස තිට‍්ඨතො සාරවතො මූලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, ඛන්‍ධොපි අනිච‍්චො විපරිණාමධම‍්මො, සාඛාපලාසම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, ඡායාපි අනිච‍්චා විපරිණාමධම‍්මා. යො නු ඛො භගිනියො, එවං වදෙය්‍ය: ‘අමුස‍්ස මහතො රුක‍්ඛස‍්ස තිට‍්ඨතො සාරවතො මූලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, ඛන්‍ධොපි අනිච‍්චො විපරිණාමධම‍්මො, සාඛාපලාසම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, යා ච ඛ‍්වාස‍්ස ඡායා සා නිච‍්චා ධුවා සස‍්සතා අවිපරිණාමධම‍්මො’ති. ‘සම‍්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්‍යා’ති.

යම්සේ බුහුනැණියෙනි, සාරවත් වූ මුල් බැස සිටුනා මහාවෘක්‍ෂයක්හුගේ මුල ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කොළ අතු ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, සෙවණ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියා නම් හර ඇති මුල් බැස සිටුනා මේ මහාවෘක්‍ෂයාගේ මුලත් අනිත්‍ය විපරිණාමධර්‍ම වෙයි. කඳ ද අනිත්‍ය විපරිණාමධර්‍ම වෙයි. කොළඅතු ද අනිත්‍ය විපරිණාමධර්‍ම වෙයි. එහි යම් ඡායාවක් ඇද්ද එය නිත්‍ය ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමධර්‍ම වේ යයි. බුහුනැණියෙනි, එසේ කියන හේ මනා කොට කියන්නේ දැ? යි.

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: ‘අමුස‍්ස හි භන‍්තෙ මහතො රුක‍්ඛස‍්ස තිට‍්ඨතො සාරවතො මූලම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, ඛන්‍ධොපි අනිච‍්චො විපරිණාමධම‍්මො, සාඛාපලාසම‍්පි අනිච‍්චං විපරිණාමධම‍්මං, පගෙවස‍්ස ඡායා අනිච‍්චා විපරිණාමධම‍්මාති.

වහන්ස, තෙල නො වේ මැ යැ, ඊට හේතු කවරෙ යැ? වහන්ස, යම් හෙයෙකින් හර ඇති මුල් බැස සිටුනා මේ මහාවෘක්‍ෂයාගේ මුලත් අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, කඳත් අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, ශාඛාපලාසත් අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද, එහි ඡායාව කැලමැ අනිත්‍ය විපරිණාමධර්‍ම වේ ද එහෙයිනි.

එවමෙව ඛො භගිනියො, යො නු ඛො එවං වදෙය්‍ය: ‘ඡ ඛො මෙ බාහිරා ආයතනා අනිච‍්චා විපරිණාමධම‍්මා. යඤ‍්ච ඛො ඡ බාහිරෙ ආයතනෙ පටිච‍්ච පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා, තං නිච‍්චං ධුවං සස‍්සතං අවිපරිණාමධම‍්ම’න‍්ති. සම‍්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්‍යා’ති.

එසෙයින් මැ බුහුනැණියෙනි, යමෙක් මෙසේ කියන්නේ ද: මේ සවැදෑරුම් බාහ්‍යායතන යෝ අනිත්‍ය විපරිණාමධර්‍මයෝ යැ, ෂඩ් බාහිරායතනයන් නිසා යම් සුවයක් වේවයි, දුකක් වේවයි, උපේක්‍ෂාවක් වේවයි විඳුනේ ද, එය නිත්‍ය යැ, ධ්‍රැව යැ, ශාශ්වත යැ, අවිපරිණාමධර්‍ම වේ යයි. බුහුනැණියෙනි, එසේ කියන හෙතෙම මනාකොට කියන්නේ දැ? යි.

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: ‘තජ‍්ජං තජ‍්ජං භන‍්තෙ, පච‍්චයං පටිච‍්ච තජ‍්ජා තජ‍්ජා වෙදනා උප‍්පජ‍්ජන‍්ති. තජ‍්ජස‍්ස තජ‍්ජස‍්ස පච‍්චයස‍්ස නිරොධා තජ‍්ජා තජ‍්ජා වෙදනා නිරුජ‍්ඣන‍්තී’ති.

වහන්ස, තෙල නො වේ මැ යි. ඒ කවර හෙයින යත්: වහන්ස, තත් තත් ස්වභාව වූ ප්‍රත්‍යය නිසා තත් තත් ස්වභාව ඇති වේදනාවෝ උපදිත් ද, තත් තත් ස්වභාව ඇති ප්‍රත්‍යයාගේ නිරෝධයෙන් තත් තත් ස්වභාව වූ වේදනාවෝ නිරුද්ධ වෙත් ද, එහෙයිනි.

සාධු සාධු භගිනියො, එවං හෙතං භගිනියො, හොති අරියසාවකස‍්ස යථාභූතං සම‍්මප‍්පඤ‍්ඤාය පස‍්සතො.

මැනැව මැනැව බුහුනැණියෙනි, තෙල බුහුනැණියෙනි, යථාභූතය විදර්‍ශනාඥානයෙන් දක්නා ආර්‍ය්‍යශ්‍රාවකහට එසේ මැ වෙයි.

සෙය්‍යථාපි භගිනියො, දක‍්ඛො ගොඝාතකො වා ගොඝාතකන‍්තෙවාසී වා ගාවිං වධිත්‍වා තිණ‍්හෙන ගොවිකන‍්තනෙන ගාවිං විකන‍්තෙය්‍ය, අනුපහච‍්ච අන‍්තරං මංසකායං, අනුපහච‍්ච බාහිරං චම‍්මකායං. යං යදෙව තත්‍ථ අන‍්තරා විලීමංසං අන‍්තරා නහාරූ, අන‍්තරා බන්‍ධනං, තං තදෙව තිණ‍්හෙන ගොවිකන‍්තනෙන සඤ‍්ඡින්‍දෙය්‍ය සඞ‍්කන‍්තෙය්‍ය සම‍්පකන‍්තෙය්‍ය සම‍්පරිකන‍්තෙය්‍ය. සඤ‍්ඡින්‍දිත්‍වා සඞ‍්කන‍්තිත්‍වා සම‍්පකන‍්තිත්‍වා සම‍්පරිකන‍්තිත්‍වා විධුනිත්‍වා බාහිරං චම‍්මකායං, තෙනෙව චම‍්මෙන තං ගාවිං පටිච‍්ඡාදෙත්‍වා එවං වදෙය්‍ය: ‘තථෙවායං ගාවී සංයුත‍්තා ඉමිනා චම‍්මෙනා’ති. ‘සම‍්මා නු ඛො සො භගිනියො, වදමානො වදෙය්‍යා’ති.

යම්සේ බුහුනැණියෙනි, දක්‍ෂ වූ ගෝඝාතකයෙක් වේවයි, ගෝඝාතක අතැවැසියෙක් වේවයි, ගවදෙනක නසා තියුණු වූ ගෙරිකපන සැතින් ඇතුළු මස්කය නො නසා බැහැරි සම්කය නො නසා එහි යම් යම් අතුරු විලිමසක් ඇද්ද අතුරු නහර ඇද්ද අතුරු බන්‍ධන ඇද්ද ඒ ඒ දැය මැ තියුණු ගෙරිකපනසැතින් මොනොවට සිඳුනේ ද මොනොවට කපන්නේ ද මොනොවට අවට කපන්නේ ද මොනොවට හාත්පස කපන්නේ ද, මොනොවට සිඳ මොනොවට කපා අවට කපා මොනොවට හාත්පසින් කපා බැහැරි සම්කය සලා එ සමින් මැ ඒ ගවදෙන වසා මෙසේ කියා නම් ‘මේ ගවදෙන මේ සමින් එසේ මැ සංයුක්ත කරනලදැ’ යි. බුහුනැණියෙනි, එසේ කියන හෙතෙම මනා කොට කියන්නේ දැ? යි.

නො හෙතං භන‍්තෙ. තං කිස‍්ස හෙතු: ‘අසු හි භන‍්තෙ, දක‍්ඛො ගොඝාතකො වා ගොඝාතකන‍්තෙවාසී වා ගාවිං වධිත්‍වා තිණ‍්හෙන ගොවිකන‍්තනෙන ගාවිං විකන‍්තෙය්‍ය, අනුපහච‍්ච අන‍්තරං මංසකායං, අනුපහච‍්ච බාහිරං චම‍්මකායං, යං යදෙව තත්‍ථ අන‍්තරා විලීමංසං, අන‍්තරා නහාරූ, අන‍්තරා බන්‍ධනං, තං තදෙව තිණ‍්හෙන ගොවිකන‍්තනෙන සඤ‍්ඡින්‍දෙය්‍ය සඞ‍්කන‍්තෙය්‍ය සම‍්පකන‍්තෙය්‍ය සම‍්පරිකන‍්තෙය්‍ය. සඤ‍්ඡින්‍දිත්‍වා සඞ‍්කන‍්තිත්‍වා සම‍්පකන‍්තිත්‍වා සම‍්පරිකන‍්තිත්‍වා විධුනිත්‍වා බාහිරං චම‍්මකායං තෙනෙව චම‍්මෙන තං ගාවිං පටිච‍්ඡාදෙත්‍වා කිඤ‍්චාපි සො එවං වදෙය්‍ය: ‘තථෙවායං ගාවී සංයුත‍්තා ඉමිනා චම‍්මෙනා’ති. අථ ඛො සා ගාවී විසංයුත‍්තා තෙනෙව චම‍්මෙනා’ති.

වහන්ස, තෙල නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයෙකින් අසෝ ගවඝාතකයා හෝ ගවඝාතකයාගේ අතැවැසියා හෝ ගවදෙනක නසා තියුණු ගෙරිකපනසැතින් අතර මස්කය නො නසා බැහැරි සම්කය නො නසා ගවදෙන කපන්නේ ද එහි යම් යම් අතුරු විලිමසෙක් ඇද්ද අතුරු නහර ඇද්ද අතුරු බැඳුම් ඇද්ද, ඒ ඒ දැය මැ තියුණු ගෙරිකපනසැතින් මොනොවට සිඳුනේ ද මොනොවට කපන්නේ ද මොනොවට අවට කපන්නේ ද මොනොවට හාත්පස කපන්නේ ද, මොනොවට සිඳ මොනොවට හාත්පස කපා, බැහැරි සම්කය සලා ඒ සමින් මැ ඒ ගවදෙන වසා හේ මෙසේ කියන්නේ නම් ‘මේ සමින් මේ ගවදෙන එසේ මැ සංයුක්ත කරන ලදැ’ යි. එතෙකුදු වත් ඒ ගවදෙන ඒ සමින් මැ විසංයුක්ත වී යයි.

උපමා ඛො මෙ අයං භගිනියො, කතා අත්‍ථස‍්ස විඤ‍්ඤාපනාය. අයමෙවෙත්‍ථ අත්‍ථො: ‘අන‍්තරා මංසකායොති ඛො භගිනියො, ඡන‍්නෙතං අජ‍්ඣත‍්තිකානං ආයතනානං අධිවචනං. බාහිරො චම‍්මකායොති ඛො භගිනියො, ඡන‍්නෙතං බාහිරානං ආයතනානං අධිවචනං. අන‍්තරා විලීමංසං අන‍්තරා නහාරූ අන‍්තරා බන්‍ධනන‍්ති ඛො භගිනියො, නන්‍දීරාගස‍්සෙතං අධිවචනං. තිණ‍්හං ගොවිකන‍්තනන‍්ති ඛො භගිනියො, අරියායෙතං පඤ‍්ඤාය අධිවචනං, යායං අරියා පඤ‍්ඤා අන‍්තරා කිලෙසං අන‍්තරා සඤ‍්ඤොජනං අන‍්තරා බන්‍ධනං සඤ‍්ඡින්‍දති සඞ‍්කන‍්තති සම‍්පකන‍්තති සම‍්පරිකන‍්තති.

බුහුනැණියෙනි, අර්‍ත්‍ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමා එළවන ලදු. මෙහි මේ මැ අර්‍ත්‍ථ යැ: බුහුනැණියෙනි, අතුරු මස්කය යැ යන තෙල ආධ්‍යාත්මික ආයතනයනට නමෙකි. බුහුනැණියෙනි, බැහැරි සම්කය යැ යන තෙල සවැදෑරුම් බාහ්‍යායතනයනට නමෙකි. බුහුනැණියෙනි, අතුරු විලිමසැ අතුරු නහර යැ, අතුරු බැඳුම යැ යන තෙල නන්‍දිරාගයට නමෙකි. බුහුනැණියෙනි, තියුණු, ගෙරිකපනසැත යැ යන තෙල ආර්‍ය්‍යඥානයට නමෙකි. යම් ආර්‍ය්‍යඥානයෙක් අතුරු කෙලෙස් අතුරු සංයෝජන අතුරු බන්‍ධන සිඳී ද කපා ද මොනවට කපා ද හාත්පසින් කපා ද මොනවට හාත්පස කපා ද එය යි.

සත‍්ත ඛො පනිමෙ භගිනියො, බොජ‍්ඣඞ‍්ගා යෙසං භාවිතත‍්තා බහුලීකතත‍්තා භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරති. කතමෙ සත‍්ත: ඉධ භගිනියො, භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති. -පෙ- පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති -පෙ- උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. ඉමෙ ඛො භගිනියො සත‍්ත බොජ‍්ඣඞ‍්ගා යෙසං භාවිතත‍්තා බහුලීකතත‍්තා භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙවධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතී’ති.

බුහුනැණියෙනි, යම් බෝධ්‍යඞ්ග කෙනකුන් භාවිත බැවින් බිහිලි කළ බැවින් මහණ ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයාගෙන වාස කෙරේ ද, මේ බෝධ්‍යඞ්ග ධර්‍මයෝ සත් දෙනෙකි. කවර සත්දෙනෙක යත්: බුහුනැණියෙනි, මෙසස්නෙහි මහණ විවෙක නිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ ව්‍යවසර්‍ගය පිණිස පිරිනැමුම් ඇති ස්මෘති සම්බෝධ්‍යඞ්ගය භවයි. ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය භවයි. ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය භවයි. ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය භවයි. ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය භවයි. ... සමාධිසම්බෝධ්‍යඞ්ගය භවයි. ... විවෙක නිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ ව්‍යවසර්‍ගය පිණිස පිරිනැමුම් ඇති උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය භවයි. බුහුනැණියෙනි, යම් බෝධ්‍යඞ්ගධර්‍ම කෙනකුන් භැවූ බැවින් බිහිලි කළ බැවින් මහණ ආස්‍රවක්‍ෂය හේතුයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති ප්‍රඥාවිමුක්ති මේ භවයෙහි මැ තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට එළඹ වාස කෙරේ ද, මේ බෝධ්‍යඞ්ගධර්‍මයෝ සත්දෙනා වෙති.

අථ ඛො ආයස‍්මා නන්‍දකො තා භික‍්ඛුනියො ඉමිනා ඔවාදෙන ඔවදිත්‍වා උය්‍යොජෙසි: ‘ගච‍්ඡථ භගිනියො, කාලො’ති.

ඉක්බිති ආයුෂ්මත් නන්‍දක තෙරණුවෝ ඒ මෙහෙණන් මේ අවවාදයෙන් ඔවා දී ‘බුහුනැණියෙනි, යන්නේ මැනැව යන්නට කලැ’ යි යැවී.

අථ ඛො තා භික‍්ඛුනියො ආයස‍්මතො නන්‍දකස‍්ස භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා ආයස‍්මන‍්තං නන්‍දකං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙන භගවා, තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො තා භික‍්ඛුනියො භගවා එතදවොච: ‘ගච‍්ඡථ භික‍්ඛුනියො, කාලො’ති.

ඉක්බිති ඒ මෙහෙණහු ආයුෂ්මත් නන්‍දක තෙරණුවන්ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී ආයුෂ්මත් නන්‍දක තෙරණුවන් සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියහ. භාග්‍යවතුන් වහන්සේ එකත්පස් වැ සිටි ඒ මෙහෙණනට තෙල වදාළහ. මෙහෙණනි, ‘යව යන්නට කලැ’ යි.

අථ ඛො තා භික‍්ඛුනියො භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කමිංසු. අථ ඛො භගවා අචිරපක‍්කන‍්තීසු තාසු භික‍්ඛුනීසු භික‍්ඛූ ආමන‍්තෙසි: ‘සෙය්‍යථාපි භික‍්ඛවෙ, තදහුපොසථෙ පණ‍්ණරසෙ න හොති බහුනො ජනස‍්ස කඞ‍්ඛා වා විමති වා: ‘ඌනො නු ඛො චන්‍දො පුණ‍්ණො නු ඛො චන්‍දො’ති, අථ ඛො පුණ‍්ණො චන්‍දොත්‍වෙව හොති. එවමෙව ඛො භික‍්ඛවෙ, තා භික‍්ඛුනියො නන්‍දකස‍්ස ධම‍්මදෙසනාය අත‍්තමනා චෙව පරිපුණ‍්ණසඞ‍්කප‍්පා ච. තාසං භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං භික‍්ඛුනීසතානං යා පච‍්ඡිමා භික‍්ඛුනී, සා සොතාපන‍්නා අවිනිපාතධම‍්මා නියතා සම‍්බොධිපරායණාති.

එසඳ ඒ මෙහෙණහු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට බැස ගියෝ. එසඳ භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන් බැස යන්නා හා මැ භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, යම් පරිදි එදවස් පොහොය පුණුරැසියෙහි ‘චන්‍ද්‍රයා ඌන වේ ද හෝ චන්‍ද්‍රයා පූර්‍ණ වේ ද හෝ’ යි බොහෝ දෙනාට සැකයෙන් හෝ විමතියෙක් හෝ නො වේ ද වැළිත් චන්‍ද්‍රයා පූර්‍ණ මැ වේ යයි සිත් වේ ද, මහණෙනි, එපරිදි මැ ඒ මෙහෙණහු නන්‍දකයන්ගේ දහම් දෙස්නෙන් ගත් සිතැතියාහු ද පරිපූර්‍ණ සංකල්ප ඇත්තාහු ද වෙති. මහණෙනි, ඒ පන්සියක් මෙහෙණන් ඇසුරින් හැමට සග මෙහෙණක් ඇද්ද හෝ අවිනිපාතධර්‍ම ඇති නියත වූ සම්බෝධිපරායණ වූ සෝවාන් මෙහෙණකැ’ යි වදාළහ.

ඉදමවොච භගවා. අත‍්තමනා තෙ භික‍්ඛූ භගවතො භාසිතං අභිනන්‍දුන‍්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හු.

නන්‍දකොවාද සුත‍්තං චතුත්‍ථං.

සතර වැනි නන්‍දකොවාද සූත්‍ර යි.