පුණ්ණොවාද සුත්තං
3. 5. 3.
3. 5. 3.
පුණ්ණොවාද සුත්තං
පුණ්ණෝවාද සූත්‍රය
එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා පුණ්ණො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා පුණ්ණො භගවන්තං එතදවොච:
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේවඩු මහසිටුහුගේ අරම්හි වැඩවාස කෙරෙති. එසඳ ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ සවස් වේලෙහි පිළිසලනින් නැංගාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හු. එකත්පස් වැ හුන් ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකොළෝ:
සාධු මං භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදතු, ‘යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්ය’න්ති.
වහන්ස, ‘මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවනට මෙහෙයූ සිත් ඇතියෙම් වාස කෙරෙම් ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු සංක්ෂිප්ත අවවාදයෙකින් අවවාද කරනසේක්වා’ යි අයැදසිටුම්හ’යි.
තෙන හි පුණ්ණ, සුණොහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති.
‘එසේ වී නම් පුණ්ණය, අසව, මනා කොට මෙනෙහි කරව, කියම්හ’ යි වදාළහ.
එවං භන්තෙති ඛො ආයස්මා පුණ්ණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
‘වහන්ස, එසේ යැ’ යි ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
සන්ති ඛො පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දි, නන්දි සමුදයා දුක්ඛසමුදයො පුණ්ණාති වදාමි.
පුණ්ණය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමෝපසංහිත වූ සිත් ඇලවීමට නිසි චක්‍ෂුර්විඥේය රූපායතන කෙනෙක් ඇත. ඉදින් මහණ ඒ රූපායතන අභිනන්දන කෙරේ ද, සිතින් ගෙන තෘෂ්ණා වශයෙන් බෙණේ ද, ගැලගෙන සිටී ද, ඒ රූපායතන අභිනන්දන කරන තෘෂ්ණා වශයෙන් බණන ගැලගෙන සිටුනා ඒ මහණහට තෘෂ්ණාව උපදී. තෘෂ්ණා සමුදය හේතුයෙන් පුණ්ණය, දුඃඛසමුදය වේ යයි කියම්හ.
සන්ති ඛො පුණ්ණ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තං චෙ භික්ඛු අභිනන්දති අභිවදති අජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති නන්දි. නන්දිසමුදයා දුක්ඛසමුදයො පුණ්ණාති වදාමි.
පුණ්ණය, ශ්‍රෝතවිඥේය ශබ්දායතන කෙනෙක් ... ඝ්‍රාණවිඥේය ගන්ධායතන කෙනෙක් ... ජිහ්වාවිඥේය රසායතන කෙනෙක් ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතන කෙනෙක් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනයට නිසි වූ මනෝවිඥේය ධර්මායතන කෙනෙක් ඇත. ඉදින්, මහණ ඒ ධර්මායතන අභිනන්දන කෙරේ ද, තෘෂ්ණා වශයෙන් බෙණේ ද, ගැලගෙන සිටුනේ වේ ද, එය අභිනන්දන කරන තෘෂ්ණා වශයෙන් බණන ගැලගෙන සිටුනා ඔහුට තෘෂ්ණා උපදී. තෘෂ්ණාසමුදය හේතුයෙන් දුඃඛසමුදය වේ යයි කියම්හ.
සන්ති ඛො පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, තඤ්චෙ භික්ඛු නාභිනන්දති. නාභිවදති. නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දි නිරුජ්ඣති. ‘නන්දි නිරොධා දුක්ඛනිරොධො පුණ්ණාති වදාමි.
පුණ්ණය, ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනාර්‍හ වූ චක්‍ෂුර්විඥේය රූපායතන කෙනෙක් ඇත. ඉදින් මහණෙ රූපායතන අභිනන්දන නො කෙරේ ද, තෘෂ්ණා විසින් නො බෙණේ ද, ගැලගෙන නො සිටුනේ වේ ද, ඒ රූපායතන අභිනන්දන නො කරන තෘෂ්ණා හෙයින් නො බණන ගැලගෙන නො සිටුනා ඒ මහණහට තෘෂ්ණා නිරුද්ධ වෙයි. තෘෂ්ණානිරෝධ හේතුයෙන් පුණ්ණය, දුඃඛනිරෝධ වේ යයි කියම්හ.
සන්ති ඛො පුණ්ණ, සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. තඤ්චෙ භික්ඛු නාභිනන්දති, නාභිවදති, නාජ්ඣොසාය තිට්ඨති. තස්ස තං අනභිනන්දතො අනභිවදතො අනජ්ඣොසාය තිට්ඨතො නන්දී නිරුජ්ඣති. නන්දීනිරොධා දුක්ඛනිරොධො පුණ්ණාති වදාමි.
පුණ්ණය, ශ්‍රෝතවිඥේය ශබ්දායතන කෙනෙක් ... ඝ්‍රාණවිඥේය ගන්ධායතන කෙනෙක් ... ජිහ්වාවිඥේය රසායතන කෙනෙක් ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යායතන කෙනෙක් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රඤ්ජනයට නිසි වූ මනෝවිඥේය ධර්මායතන කෙනෙක් ඇත. ඉදින් මහණ ඒ ධර්මායතන අභිනන්දන නො කෙරේ ද, තෘෂ්ණා හෙයින් නො බෙණේ ද, ගැලගෙන නො සිටුනේ වේ ද, ඒ ධර්මායතන අභිනන්දන නො කරන තෘෂ්ණා හෙයින් නො බණන ගැලගෙන නො සිටුනා ඔහුගේ තෘෂ්ණා නිරුද්ධ වෙයි, තෘෂ්ණා නිරෝධ හේතුයෙන් පුණ්ණය, දුඃඛනිරෝධ වේ යයි කියම්හ.
ඉමිනා ච ත්වං පුණ්ණ, මයා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිතො කතරස්මිං ජනපදෙ විහරිස්සසීති. ඉමිනාහං භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිතො අත්ථි සුණාපරන්තො නාම ජනපදො තත්ථාහං විහරිස්සාමි.
පුණ්ණය, මා විසින් මේ සංක්ෂිප්ත වූ අවවාදයෙන් අවවාද කරන ලද තෝ කිනම් දනවියෙක වාස කෙරෙහි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ සංක්ෂිප්ත අවවාදයෙන් මම ඔවා දෙනලදිමි. සුනාපරන්ත නම් දනවියෙක් ඇත, එහි මම වාස කෙරෙමි.
චණ්ඩා ඛො පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා, ඵරුසා ඛො පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා. සචෙ තං පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා අක්කොසිස්සන්ති පරිභාසිස්සන්ති, තත්ථ තෙ පුණ්ණ කින්ති භවිස්සතී’ති.
පුණ්ණය, සුනාපරන්ත දනවුවැසි මිනිස්හු චණ්ඩයහ. පුණ්ණය, සුනාපරන්ත දනවුවැසි මිනිස්හු පරුෂයහ. පුණ්ණය, ඉදින් සුනාපරන්ත දනවුවැසි මිනිස්හු තට ආක්‍රෝශ කෙරෙත් නම්, නින්දා බස් බෙණෙ නම් පුණ්ණය, එහිලා තට කෙබඳු සිතෙක් වේ යැ?
සචෙ මං භන්තෙ, සුණාපරන්තකා මනුස්සා අක්කොසිස්සන්ති. පරිභාසිස්සන්ති, තත්ථ මෙ එවං භවිස්සති: ‘භද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා. යං මෙ නයිමෙ පාණිනා පහාරං දෙන්තී’ති. එවමෙත්ථ භගවා, භවිස්සති. එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
වහන්ස, ඉදින් සුනාපරන්ත දනව්වැසි මිනිස්හු මට ආක්‍රෝශ කෙරෙත් නම් නින්දා බෙණෙත් නම් එහිලා මට මෙබඳු සිත් වෙයි: සුනාපරන්ත වැසි මේ මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, සුනාපරන්ත වැසි මේ මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් මොහු මට අතින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි, සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙතියි සැල කොළෝ.
සචෙ පන තෙ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා පාණිනා පහාරං දස්සන්ති, තත්ථ පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතී’ති.
ඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු අතින් පහර දෙත් නම් එහිලා පුණ්ණය තට කෙසේ සිත් වේ යැ? යි.
සචෙ මෙ භන්තෙ, සුණාපරන්තකා මනුස්සා පාණිනා පහාරං දස්සන්ති. තත්ථ මෙ එවං භවිස්සති: ‘භද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ ලෙඩ්ඩුනා පහාරං දෙන්තී’ති. එවමෙත්ථ භගවා, භවිස්සති. එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
වහන්ස, ඉදින් සුනාපරන්ත දනව්වැසි මිනිස්හු මට අතින් පහර දෙත් නම් එහිලා මට මෙබඳු සිත් වෙයි: මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් ඔහු මට කැටින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
සචෙ පන තෙ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා ලෙඩ්ඩුනා පහාරං දස්සන්ති. තත්ථ පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතී’ති. සචෙ මෙ භන්තෙ, සුණාපරන්තකා මනුස්සා ලෙඩ්ඩුනා පහාරං දස්සන්ති, තත්ථ මෙ එවං භවිස්සති: ‘භද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ දණ්ඩෙන පහාරං දෙන්තී’ති. එවමෙත්ථ භගවා, භවිස්සති. එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
ඉදින් පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්හු තට කැටින් පහර දෙත් නම් පුණ්ණය එහිලා තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් සුනාපරන්ත වැසි මිනිස්හු මට කැටින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි: මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් මොහු මට දඬින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
සචෙ පන තෙ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා දණ්ඩෙන පහාරං දස්සන්ති. තත්ථ පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතී’ති. ‘සචෙ පන මෙ භන්තෙ, සුණාපරන්තකා මනුස්සා දණ්ඩෙන පහාරං දස්සන්ති. තත්ථ මෙ එවං භවිස්සති: භද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, යං මෙ නයිමෙ සත්ථෙන පහාරං දෙන්තී’ති. එවමෙත්ථ භගවා, භවිස්සති එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
ඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු දඬින් පහර දෙත් නම් පුණ්ණය එහිලා තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්හු දඬින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් ඔහු මට සැතින් පහර නො දෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
සචෙ පන තෙ පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා සත්ථෙන පහාරං දස්සන්ති. තත්ථ පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතී’ති. ‘සචෙ මෙ භන්තෙ සුණාපරන්තකා මනුස්සා සත්ථෙන පහාරං දස්සන්ති. තත්ථ මෙ එවං භවිස්සති: ‘භද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, සුභද්දකා වතිමෙ සුණාපරන්තකා මනුස්සා, යං මං නයිමෙ තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙන්ති. එවමෙත්ථ භගවා, භවිස්සති. එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
ඉදින් පුණ්ණය, තට සුනාපරන්ත වැසි මිනිස්හු සැතින් පහර දෙත් නම් එහිලා පුණ්ණය, තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් මට සුනාපරන්ත වැසි මිනිස්හු සැතින් පහර දෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි. මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ, මේ සුනාපරන්ත වැසි මිනිස්හු ඒකාන්තයෙන් භද්‍රයහ. යම් හෙයෙකින් තියුණු සැතින් මා දිවියෙන් තොර නො කෙරෙත් ද, එහෙයිනි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
සචෙ පන තං පුණ්ණ, සුණාපරන්තකා මනුස්සා තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙස්සන්ති. තත්ථ පන තෙ පුණ්ණ, කින්ති භවිස්සතී’ති. සචෙ මං භන්තෙ, සුණාපරන්තකා මනුස්සා තිණ්හෙන සත්ථෙන ජීවිතා වොරොපෙන්ති. තත්ථ පන මෙ එවං භවිස්සති: සන්ති ඛො භගවතො සාවකා කායෙන ච ජීවිතෙන ච අට්ටියමානා හරායමානා ජිගුච්ඡමානා සත්ථහාරකං පරියෙසන්ති. තං මෙ ඉදං අපරියිට්ඨංයෙව සත්ථහාරකං ලද්ධන්ති. එවමෙත්ථ භගවා, භවිස්සති. එවමෙත්ථ සුගත, භවිස්සතී’ති.
ඉදින් පුණ්ණය, සුනාපරන්ත වැසි මිනිස්හු තියුණු සැතින් තා දිවියෙන් තොර කෙරෙත් නම් පුණ්ණය, එහිලා තට කෙසේ සිත් වේ යැ? යි. වහන්ස, ඉදින් සුනාපරන්ත වැසි මිනිස්හු තියුණු සැතින් දිවියෙන් තොර කෙරෙත් නම් එහිලා මට මෙසේ සිත් වෙයි: ‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක කෙනෙක් කයිනුදු දිවියෙනුදු පෙළෙන්නාහු ලජ්ජා කරන්නාහු පිළිකුල් කරන්නාහු ශස්ත්රහාරකයකු සොයන්නාහු ඇත. මා විසින් නො සොයනලද මැ ඒ ශස්ත්රහාරකයා ලැබිණැ’ යි. භාග්‍යවතුන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙයි. සුගතයන් වහන්ස, මෙහිලා මෙසේ සිත් වෙති’ යි කී.
සාධු සාධු පුණ්ණ, සක්ඛිස්සසි ඛො ත්වං පුණ්ණ, ඉමිනා දමූපසමෙන සමන්නාගතො සුණාපරන්තස්මිං ජනපදෙ විහරිතුං. යස්සදානි ත්වං පුණ්ණ, කාලං මඤ්ඤසීති.
මැනැව මැනැව පුණ්ණය, මේ දම උපසම දෙකින් සමන්වාගත වැ සුනාපරන්ත දනවියෙහි වාස කරන්නට තෝ හැක්කෙහි පුණ්ණය, යි. දැන් එයට කල් දන පුණ්ණය, යි වදාළෝ.
අථ ඛො ආයස්මා පුණ්ණො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරං ආදාය යෙන සුණාපරන්තො ජනපදො, තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සුණාපරන්තො ජනපදො, තදවසරි. තත්ර සුදං ආයස්මා පුණ්ණො සුණාපරන්තස්මිං ජනපදෙ විහරති.
එසඳ ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන් සුනාපරන්ත දනවු කරා සැරිසරා ගියහ. පිළිවෙළින් සැරිසරන්නාහු සුනාපරන්ත ජනපදය කරා ගියෝ. එසඳ ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ සුනාපරන්ත දනවියෙහි වාස කෙරෙති.
අථ ඛො ආයස්මා පුණ්ණො තෙනෙවන්තරවස්සෙන පඤ්චමත්තානි උපාසකසතානි පටිපාදෙසි. තෙනෙවන්තර වස්සෙන පඤ්චමත්තානි උපාසිකාසතානි පටිපාදෙසි. තෙනෙවන්තරවස්සෙන තිස්සො විජ්ජා සච්ඡාකාසි. අථ ඛො ආයස්මා පුණ්ණො අපරෙන සමයෙන පරිනිබ්බායි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: යො සො භන්තෙ, පුණ්ණො නාම කුලපුත්තො භගවතා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිතො, සො කාලඞ්කතො. තස්ස කා ගති, කො අභිසම්පරායො’ති.
එකල ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ ඒ අතුරුවසෙහි පන්සියක් පමණ උපාසකයන් ඇති කොළෝ. ඒ අතුරුවසෙහි මැ පන්සියක් පමණ උපාසිකාවන් ඇති කොළෝ. ඒ අතුරුවසෙහි මැ ත්‍රිවිද්‍යා පසක් කොළෝ. ඉක්බිති ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ පසු කලෙක පිරිනිවියහ. ඉක්බිති බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කොළෝ: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂිප්ත අවවාදයෙන් ඔවා දෙනලද යම් පුණ්ණ නම් කුලපුත්‍රයෙක් වී ද, හේ කලුරිය කෙළේ. ඔහුගේ ගති කවර? පරලෝ කවරෙ? යි.
පණ්ඩිතො භික්ඛවෙ, පුණ්ණො කුලපුත්තො, පච්චපාදී ධම්මස්සානුධම්මං, න ච මං ධම්මාධිකරණං විහෙඨෙසි. පරිනිබ්බුතො භික්ඛවෙ, පුණ්ණො කුලපුත්තොති.
මහණෙනි, පුණු කුලපුත් පණ්ඩිත වෙයි. ධර්මානුධර්මයෙහි පිළිපන්නේ ය. ධර්ම හේතුයෙන් මා නොවෙහෙසී. මහණෙනි, පුණ්ණ කුලපුත් පිනිවියේ යැ.
ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හු.
පුණ්ණොවාද සුත්තං තතියං.
තුන් වැනි පුණ්ණෝවාද සූත්‍ර යි.