යෙදුමෙන් කියවන්න

නිමොක‍්ඛසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 1. 2.

1. 1. 2.

නිමොක‍්ඛසුත‍්තං

නිමොක්ඛ සූත්‍රය

2. එවම‍්මෙ සුතං. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

2. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක.

අථ ඛො අඤ‍්ඤතරා දෙවතා අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨාසි. එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවන‍්තං එතදවොච:

එකල්හි මනා වර්‍ණ ඇති එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:

ජානාසි නො ත්‍වං මාරිස, සත‍්තානං නිමොක‍්ඛං පමොක‍්ඛං විවෙකන‍්ති?

නිදුකානන් වහන්ස, නුඹ වහන්සේ සත්ත්‍වයන්ගේ නිමොක්ඛය ද, පමොක්ඛය ද, විවේකය ද දන්නා සේක් ද?

[භගවා:]

[භගවත්හු:]

ජානාමි ඛ‍්වාහං ආවුසො සත‍්තානං නිමොක‍්ඛං පමොක‍්ඛං විවෙකන‍්ති.

ඇවැත්නි, මම සත්ත්‍වයන්ගේ නිමොක්ඛය (=මාර්‍ගය) ද පමොක්ඛය (=ඵලය) ද විවේකය (=නිවණ) ද දනිමි.

[දෙවතා:]

[දෙවි:]

යථා කථම‍්පන ත්‍වං මාරිස ජානාසි සත‍්තානං නිමොක‍්ඛං පමොක‍්ඛං විවෙකන‍්ති?

නිදුකානන් වහන්ස, නුඹ වහන්සේ කෙසේ නම් සත්ත්‍වයන්ගේ නිමොක්ඛය ද, පමොක්ඛය ද, විවේකය ද දන්නා සේක් ද?

[භගවා:]

[භගවත්හු:]

නන්‍දීභවපරික‍්ඛයා සඤ‍්ඤාවිඤ‍්ඤාණසඞ‍්ඛයා, වෙදනානං නිරොධා උපසමා එවං ඛ‍්වාහං ආවුසො ජානාමි, සත‍්තානං නිමොක‍්ඛං පමොක‍්ඛං විවෙකන‍්ති.

ඇවැත්නි, තෘෂ්ණාව මුල් කොට ඇති කර්‍මභවය ක්‍ෂය කිරීමෙන් ද, සංඥා විඥානයන් ගෙවාලිමෙන් ද, වේදනාවන්ගේ නිරෝධයෙන් හා සන් හිඳීමෙන් ද මම මෙසේ සත්ත්‍වයන්ගේ නිමොක්ඛය ද, පමොක්ඛය ද, විවේකය ද දනිමි යි.

1. 1. 3.

1. 1. 3.

උපනීයතිසුත‍්තං.

උපනීයති සූත්‍රය

3. සාවත්‍ථියං–

3. සැවැත්නුවර–

අථ ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

ඉක්බිති ඒ දෙව් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

උපනීයති ජීවිතමප‍්පමායු ජරූපනීතස‍්ස න සන‍්ති තාණා එතං භයං මරණෙ පෙක‍්ඛමානො පුඤ‍්ඤානි කයිරාථ සුඛාවහානීති.

ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට පිහිට වීමට රක්‍ෂාස්ථාන නැත. මේ (ත්‍රිවිධ) භය මරණයෙහි ලා දක්නේ සුව එළවන්නා වූ පින් කරන්නේ ය.

[භගවා:]

[භගවත්හු:]

උපනීයති ජීවිතමප‍්පමායු ජරූපනීතස‍්ස න සන‍්ති තාණා එතං භයං මරණෙ පෙක‍්ඛමානො ලොකාමිසං පජහෙ සන‍්තිපෙක‍්ඛොති.

ජීවිතය මරණය කරා පමුණුවනු ලැබේ. ආයුෂ ස්වල්ප ය. ජරාව විසින් මරණය කරා පමුණුවන ලද්දහුට (පිහිට වීමට) රක්‍ෂාස්ථාන නැත. මේ (ත්‍රිවිධ) භය මරණයෙහි ලා දක්නා නිවණ පතන පුඟුල්තෙමේ ලෝකාමිෂය දුරු කරන්නේයි.

1. 1. 4.

1. 1. 4.

අච‍්චෙන‍්තිසුත‍්තං

අච්චෙන්ති සූත්‍රය

4. සාවත්‍ථියං–

4. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

අච‍්චෙන‍්ති කාලා තරයන‍්ති රත‍්තියො වයොගුණා අනුපුබ‍්බං ජහන‍්ති. එතං භයං මරණෙ පෙක‍්ඛමානො පුඤ‍්ඤානි කයිරාථ සුඛාවහානීති.

(පෙරවරු ආදි) කාලයෝ ඉක්ම යෙති. රාත්‍රීහු පුද්ගලයා මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යත්. මේ (ත්‍රිවිධ) භය මරණයෙහි ලා දක්නේ සැප එළවන පින් කරන්නේ ය.

[භගවා:]

[භගවත්හු:]

අච‍්චෙන‍්ති කාලා තරයන‍්ති රත‍්තියො වයොගුණා අනුපුබ‍්බං ජහන‍්ති, එතං භයං මරණෙ පෙක‍්ඛමානො ලොකාමිසං පජහෙ සන‍්තිපෙක‍්ඛොති.

කාලයෝ ඉක්ම යති. රාත්‍රීහු (පුරුෂයා) මරණය කරා පමුණුවති. වයෝරාශීහු අනුක්‍රමයෙන් පුරුෂයා හැර යත්. මේ බිය මරණයෙහි ලා දක්නේ, නිවන් පතනුයේ (භවත්‍රය සඞ්ඛ්‍යාත) ලෝකාමිෂය දුරු කරන්නේයි.

1. 1. 5.

1. 1. 5.

කතිඡින්‍දසුත‍්තං

කතිජින්‍ද සූත්‍රය

5. සාවත්‍ථියං–

5. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙකින් සැළකළේ ය:

කති ඡින්‍දෙ කති ජහෙ කති චුත‍්තරි භාවයෙ, කති සඞ‍්ගාතිගො ‘භික‍්ඛු ඔඝතිණ‍්ණො’ති වුච‍්චතීති.

කෙතෙක් සිඳින්නේ ද? කෙතෙක් දුරු කරන්නේ ද? මත්තෙහි කෙතෙක් වඩන්නේ ද? කෙතෙක් සඞ්ග (ඇලීම්) ඉක්මවූ මහණ තෙමේ ‘ඕඝතිණ්ණ’ය යි කියනු ලැබේ ද?

[භගවා:]

[භගවත්හු:]

පඤ‍්ච ඡින්‍දෙ පඤ‍්ච ජහෙ පඤ‍්ච චුත‍්තරි භාවයෙ, පඤ‍්ච සඞ‍්ගාතිගො ‘භික‍්ඛු ඔඝතිණ‍්ණො’ති වුච‍්චතීති.

පසක් සිඳින්නේ ය. පසක් දුරු කරන්නේ ය, ඉන් මතුයෙහි පසක් වඩන්නේ ය. සඞ්ග පසක් ඉක්මවූ මහණ තෙමේ ‘ඕඝතිණ්ණ’ය යි කියනු ලැබේ.

1. 1. 6.

1. 1. 6.

ජාගරසුත‍්තං

ජාගර සූත්‍රය

6. සාවත්‍ථියං–

6. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

කති ජාගරතං සුත‍්තා කති සුත‍්තෙසු ජාගරා, කතීහි රජමාදෙති කතීහි පරිසුජ‍්ඣතීති.

(කීදෙනකුන්) නිදි වරද්දී කීදෙනෙකු නිදි ගත්තාහු වෙත් ද? (කීදෙනකුන්) නිදද්දී කීදෙනෙක් නිදිවරන්නෝ වෙත් ද? කෙතෙකින් (කෙලෙස්) රජස් ගණි ද? කෙතෙකින් පිරිසිදු වේ ද?

[භගවා:]

[භගවත්හු:]

පඤ‍්ච ජාගරතං සුත‍්තා පඤ‍්ච සුත‍්තෙසු ජාගරා, පඤ‍්චහි රජමාදෙති පඤ‍්චහි පරිසුජ‍්ඣතීති.

පස් දෙනෙකුන් නිදි වරද්දී පස්දෙනෙකුන් නිදිගත්තාහු වෙත්. පස්දෙනකුන් නිදද්දී පස්දෙනෙක් නිදි වරන්නෝ වෙත්. පසෙකින් කෙලෙස් රජස් ගණී. පසෙකින් පිරිසිදු වේ යි.

1. 1. 7.

1. 1. 7.

අප‍්පටිවිදිතසුත‍්තං

අප්පටිවිදිත සූත්‍රය

7. සාවත්‍ථියං–

7. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

යෙසං ධම‍්මා අප‍්පටිවිදිතා පරවාදෙසු නීයරෙ, සුත‍්තා තෙ නප‍්පබුජ‍්ඣන‍්ති කාලො තෙසං පබුජ‍්ඣිතුන‍්ති.

යම් කෙනෙකුන් විසින් (චතුස්සත්‍ය) ධර්‍මයෝ අවබෝධ නොකරණ ලද්දාහු ද? (ඔහු) පරවාදයන්හි පමුණුවනු ලබත් ද? නිදිගත්තා වූ ඔහු නුපුබුදිත්. ඔවුන්ට පිබිදීමට මේ කාලය යි.

[භගවා:]

[භගවත්හු:]

යෙසං ධම‍්මා සුප‍්පටිවිදිතා පරවාදෙසු න නීයරෙ, සම‍්බුද‍්ධා සම‍්මදඤ‍්ඤාය චරන‍්ති විසමෙ සමන‍්ති.

යම් කෙනෙකුන් විසින් (චතුස්සත්‍ය) ධර්‍මයෝ අවබෝධ කරණ ලද්දාහු ද? (ඔහු) පරවාදයන්හි නො පමුණුවනු ලබත්. (සර්‍වඥාබුද්ධාදි) බුදුවරයෝ මනා කොට දැන විෂම ලෝකයෙහි සම ව හැසිරෙත්.

1. 1. 8.

1. 1. 8.

සුසම‍්මුට‍්ඨසුත‍්තං

සුසම්මුට්ඨ සූත්‍රය

8. සාවත්‍ථියං–

8. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

යෙසං ධම‍්මා සුසම‍්මුට‍්ඨා පරවාදෙසු නීයරෙ, සුත‍්තා තෙ නප‍්පබුජ‍්ඣන‍්ති කාලො තෙසං පබුජ‍්ඣිතුන‍්ති.

යම් කෙනෙකුන්ගේ (චතුස්සත්‍ය) ධර්‍මයෝ වෙසෙසින් නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි පමුණුවනු ලැබෙත්. ඔහු නිදි ගත්තාහු නො පුබුදිත්. ඔවුන්ට පිබිදීමට මේ කාලය යි.

[භගවා:]

[භගවත්හු:]

යෙසං ධම‍්මා අසම‍්මුට‍්ඨා පරවාදෙසු න නීයරෙ, සම‍්බුද‍්ධා සම‍්මදඤ‍්ඤාය චරන‍්ති විසමෙ සමං.

යම් කෙනෙකුන්ගේ (චතුස්සත්‍ය) ධර්‍මයෝ නො නැසුනාහු ද, (ඔහු) පරවාදයන්හි නොපමුණුවනු ලැබෙත්. (සර්‍වඥබුද්ධාදි) බුදුවරු මැනවින් දැන විෂම ලෝකයෙහි සම ව හැසිරෙත් යී.

1. 1. 9.

1. 1. 9.

නමානකාමසුත‍්තං.

නමානකාම සූත්‍රය

9. සාවත්‍ථියං–

9. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

න මානකාමස‍්ස දමො ඉධත්‍ථි න මොනමත්‍ථි අසමාහිතස‍්ස, එකො අරඤ‍්ඤෙ විහරං පමත‍්තො න මච‍්චුධෙය්‍යස‍්ස තරෙය්‍ය පාරන‍්ති.

මෙහි මානය කැමැත්තහුට දමයෙක් (=හිතෙහි සන්හුන් පැවැත්මෙක්) නැත. සමාධියක් නැත්තහුට මෞනයෙක් (සිවුමග නුවණෙක්) නැත. වනයෙහි හුදකලා ව ප්‍රමත්ත ව වෙසෙන්නේ සසර පරතෙරට හෙවත් නිවණට නො පැමිණෙන්නේ ය.

[භගවා:]

[භගවත්හු:]

මානං පහාය සුසමාහිතත‍්තො සුචෙතසො සබ‍්බධි විප‍්පමුත‍්තො, එකො අරඤ‍්ඤෙ විහරං අප‍්පමත‍්තො ස මච‍්චුධෙය්‍යස‍්ස තරෙය්‍ය පාරන‍්ති.

මානය දුර ලා මැනවින් එකඟ වූ සිත් ඇති සියලු උපධීන්ගෙන් මිදුනු අප්‍රමත්ත ව හුදකලා ව වෙනෙහි වෙසෙන හෙතෙමේ සසර පරතෙරට පැමිණෙන්නේ යී.

1. 1. 10.

1. 1. 10.

අරඤ‍්ඤසුත‍්තං

අරඤ්ඤ සූත්‍රය

10. සාවත්‍ථියං–

10. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙකින් සැළ කෙළේය:

අරඤ‍්ඤෙ විහරන‍්තානං සන‍්තානං බ්‍රහ‍්මචාරිනං, එකභත‍්තං භුඤ‍්ජමානානං කෙන වණ‍්ණො පසීදතීති.

වෙනෙහි වසන එක්වේලේ අහර වළඳන ශාන්තබ්‍රහ්මචාරීන්ගේ වර්‍ණය කවරහෙයෙකින් පහදී ද?

[භගවා:]

[භගවත්හු:]

අතීතං නානුසොචන‍්ති නප‍්පජප‍්පන‍්ති’නාගතං පච‍්චුප‍්පන‍්නෙන යාපෙන‍්ති තෙන වණ‍්ණො පසීදති,

ඉකුත් දෑ ගැණ ශෝක නො කෙරෙති. නො ලත් දෙය නො පතති. පවත්නා දෙයින් යැපෙත්. එයින් ශරීරවර්‍ණය පහදී.

අනාගතප‍්පජප‍්පාය අතීතස‍්සානුසොචනා, එතෙන බාලා සුස‍්සන‍්ති නළොව හරිතො ලුතොති,

නො ලත් දෙය පැතීමෙන් හා ඉකුත් දෑ ගැණ ශෝක කිරීමෙන් දැයි යන මෙයින් බාලයෝ සිඳින ලද නිලිගත් බටදඬක් සෙයින් වියලෙත්යි.

නළවග‍්ගො පඨමො.

නළ වර්‍ගය පළමු වැනියි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

ඔඝං නිමොක‍්ඛං උපනීයති අච‍්චෙන‍්ති කතිඡින්‍දි ච, ජාගරං අප‍්පටිවිදිතා සුසම‍්මුට‍්ඨාමානකාමො අරඤ‍්ඤෙ දසමො වුත‍්තො වග‍්ගො තෙන පවුච‍්චති.

ඕඝතරණ, නිමොක්ඛ, උපනීයති, අච්චෙන්ති, කතිජින්‍ද, ජාගර, අප්පටිවිදිත, සුසම්මුට්ඨ, නමානකාම, දස වැනි වූ අරඤ්ඤ සූත්‍රය යි එයින් පළමු වන වර්‍ගය කියනු ලැබේ.