යෙදුමෙන් කියවන්න

නන්‍දනසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 2. 1.

1. 2. 1.

නන්‍දනසුත‍්තං

නන්‍දන සූත්‍රය

11. එවම‍්මෙ සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි භික‍්ඛවොති. භදන‍්තෙති තෙ භික‍්ඛූ භගවතො පච‍්චස‍්සොසුං. භගවා එතදවොච:

11. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂුහු ‘පින්වතුන් වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

භූතපුබ‍්බං භික‍්ඛවෙ අඤ‍්ඤතරා තාවතිංසකායිකා දෙවතා නන්‍දනවනෙ අච‍්ඡරාසඞ‍්ඝපරිවුතා දිබ‍්බෙහි පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතා සමඞ‍්ගීභූතා පරිචාරයමානා තායං වෙලායං ඉමං ගාථං අභාසි:

මහණෙනි, පෙර වූවක් කියමි. තව්තිසා වැසි එක්තරා දෙවියෙක් දිවසරන් විසින් පිරිවරණ ලදුයේ දිව්‍යපඤ්චකාම සම්පත්තියෙන් සමන්‍විත වූයේ ඉඳුරන් පිණවන්නේ ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:

න තෙ සුඛං පජානන‍්ති යෙ න පස‍්සන‍්ති නන්‍දනං, ආවාසං නරදෙවානං තිදසානං යසස‍්සිනන‍්ති.

යම් කෙනෙක් පිරිවර ඇති තව්තිසා වැසි දෙවියන්ගේ වාසස්ථාන වූ නදුනුයන නො දකිද්ද? ඔහු සැපය නො දනිත්.

එවං වුත‍්තෙ භික‍්ඛවෙ අඤ‍්ඤතරා දෙවතා තං දෙවතං ගාථාය පච‍්චභාසි:

මහණෙනි, මෙසේ කී කල්හි එක්තරා දෙවියෙක් ඒ දෙවියාට ගාථාවකින් පිළිතුරු දුන්නේ ය:

න ත්‍වං බාලෙ විජානාසි යථා අරහතං වචො, අනිච‍්චා සබ‍්බෙ සඞ‍්ඛාරා උප‍්පාදවයධම‍්මිනො, උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති තෙසං වූපසමො සුඛොති.

බාලය, තෝ “සියලු සංස්කාරය අනිත්‍යයහ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සන්හිඳීම සැප ය” යන රහතුන් වදන ලෙස නො දන්හියි.

1. 2. 2.

1. 2. 2.

නන්‍දතිසුත‍්තං

නන්‍දති සූත්‍රය

12. සාවත්‍ථියං–

12. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:

නන්‍දති පුත‍්තෙහි පුත‍්තිමා ගොමිකො ගොහි තථෙව නන්‍දති, උපධී හි නරස‍්ස නන්‍දනා න හි සො නන්‍දති යො නිරූපධීති

පුතුන් ඇත්තේ පුතුන්ගෙන් සතුටු වෙයි. එසේ ම ගවහිමියා ගවයන්ගෙන් සතුටු වෙයි. මේ කාමෝපධීහු ම මිනිසාගේ නන්‍දනයෝ යි. යමෙක් උපධි නැත්තේ ද හෙතෙමේ නො ම සතුටු වෙයි.

[භගවා:]

[භගවත්හු:]

සොචති පුත‍්තෙහි පුත‍්තිමා ගොමිකො ගොහි තථෙව සොචති, උපධී හි නරස‍්ස සොචනා න හි සො සොචති යො නිරූපධීති.

පුතුන් ඇත්තේ පුතුන්ගෙන් ශෝක කෙරෙයි. එසේ ම ගවහිමියා ගවයන්ගෙන් ශෝක කෙරෙයි. මේ කාමෝපධීහු ම මිනිසාගේ ශෝචනයෝයි. යමෙක් උපධි නැත්තේ ද හෙතෙමේ නො ම ශෝක කෙරේ යි.

1. 2. 3.

1. 2. 3.

නත්‍ථිපුත‍්තසුත‍්තං

නත්‍ථිපුත්තසම සූත්‍රය

13. සාවත්‍ථියං–

13. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:

නත්‍ථි පුත‍්තසමං පෙමං නත්‍ථි ගොසමිතං ධනං, නත්‍ථි සුරියසමා ආභා සමුද‍්දපරමා සරාති.

පුත්‍රප්‍රේමය හා සම ප්‍රේමයෙක් නැත. ගෝධනය හා සම ධනයෙක් නැත. හිරු හා සම එළියෙක් නැත. විල්හු මුහුද පරම කොට ඇත්තාහ. (මුහුද හා සම විලෙක් නැතැයි යූ සේ යි.)

[භගවා:]

[භගවත්හු:]

නත්‍ථි අත‍්තසමං පෙමං නත්‍ථි ධඤ‍්ඤසමං ධනං, නත්‍ථි පඤ‍්ඤාසමා ආභා වුට‍්ඨි වෙ පරමා සරාති.

ආත්මප්‍රේමය හා සම ප්‍රේමයක් නැත. ධාන්‍ය හා සම ධනයෙක් නැත. ප්‍රඥාව හා සම ආලෝකයෙක් නැත. ඒකාන්තයෙන් වැස්ස පරම විලයි.

1. 2. 4.

1. 2. 4.

ඛත‍්තියසුත‍්තං

ඛත්තිය සූත්‍රය

14. සාවත්‍ථියං–

14. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:

ඛත‍්තියො දිපදං සෙට‍්ඨො බලිවද‍්දො චතුප‍්පදං, කොමාරී සෙට‍්ඨා භරියානං යො ච පුත‍්තාන පුබ‍්බජොති.

දෙපා ඇත්තවුන් අතුරෙන් ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය. සිවුපාවුන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨ ය. භාර්‍ය්‍යාවන් අතුරෙන් බාලකාලයෙහි පාවා ගන්නා ලද්දී ශ්‍රේෂ්ඨ ය. පුතුන් අතුරින් වැඩිමහල්ලා ශ්‍රේෂ්ඨ ය.

[භගවා:]

[භගවත්හු:]

සම‍්බුද‍්ධො ද‍්විපදං සෙට‍්ඨො ආජානීයො චතුප‍්පදං, සුස‍්සූසා සෙට‍්ඨා භරියානං යො ච පුත‍්තානමස‍්සවොති.

දෙපා ඇත්තවුන් අතුරෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයහ. සිවුපාවුන් අතුරෙන් ආජානීය අශ්වයා ශ්‍රේෂ්ඨ ය. භාර්‍ය්‍යාවන් අතුරෙන් හිමියා පිණවන්නී ශ්‍රේෂ්ඨ ය. පුතුන් අතුරින් කීකරු වූයේ ශ්‍රේෂ්ඨ ය.

1. 2. 5.

1. 2. 5.

සනමානසුත‍්තං

සනමාන සූත්‍රය

15. සාවත්‍ථියං–

15. සැවැත්නුවර–

[දෙවතා:]

[දෙවි:]

ඨිතෙ මජ‍්ඣන‍්තිකෙ කාලෙ සන‍්නිසීවෙසු පක‍්ඛිසු, සනතෙව බ්‍රහාරඤ‍්ඤං තං භයං පටිභාති මන‍්ති.

සිටි මද්දහනෙහි පක්‍ෂීන් ඉසුඹු ලන කල්හි වනය (මහත් සේ) හඬ නගන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.

[භගවා:]

[භගවත්හු:]

ඨිතෙ මජ‍්ඣන‍්තිකෙ කාලෙ සන‍්නිසීවෙසු පක‍්ඛිසු, සනතෙව බ්‍රහාරඤ‍්ඤං සා රතී පටිභාති මන‍්ති.

සිටි මද්දහනෙහි පක්‍ෂීන් ඉසුඹු ලන කල්හි මහවනය (මහත් සේ) හඬ නගන්නාක් මෙනි. එය මට සිත් පිණවන්නක් ව වැටහේ යි.

1. 2. 6.

1. 2. 6.

නිද‍්දාතන්‍දීසුත‍්තං

නිද්දාතන්‍දී සූත්‍රය

16. සාවත්‍ථියං–

16. සැවැත්නුවර–

[දෙවතා:]

[දෙවි:]

නිද‍්දා තන්‍දි විජම‍්භිකා අරතී භත‍්තසම‍්මදො, එතෙන නප‍්පකාසති අරියමග‍්ගො ඉධ පාණිනන‍්ති.

නින්ද, තෙමරිය, ඇඟ මැලි කැඩීම, කුසල් දහම්හි නොඇල්ම, බත්මතය යන මෙයින් මෙලොව සත්ත්‍වයන්ට ආර්‍ය්‍යමාර්‍ගය ප්‍රකට නො වේ.

[භගවා:]

[භගවත්හු:]

නිද‍්දං තන්‍දිං විජම‍්භිකං අරතිං භත‍්තසම‍්මදං විරියෙන නං පණාමෙත්‍වා අරියමග‍්ගො විසුජ‍්ඣතීති.

නින්ද, තෙමරිය, ඇඟ මැලි කැඩීම, කුසල් දහම්හි නො ඇල්ම, බත්මතය යන මොවුන් වීර්‍ය්‍යයෙන් දුරුකොට (සිටියහුට) ආර්‍ය්‍යමාර්‍ගය පිරිසිදු වේ.

1. 2. 7.

1. 2. 7.

දුක‍්කරසුත‍්තං

දුක්කර සූත්‍රය

17. සාවත්‍ථියං–

17. සැවැත්නුවර–

[දෙවතා:]

[දෙවි:]

දුක‍්කරං දුත‍්තිතික‍්ඛඤ‍්ච අබ්‍යත‍්තෙන හි සාමඤ‍්ඤං, බහූ හි තත්‍ථ සම‍්බාධා යත්‍ථ බාලො විසීදතීති.

බාලයා විසින් මහණදම නොකට හැක්කේ ද, නොඉවසිය හැක්කේ ද වේ. යම් මහණදමෙක්හි බාලයා පසුබසී ද, එහි ඔහුට සම්බාධයෝ බොහෝ වෙති.

[භගවා:]

[භගවත්හු:]

කතිහං චරෙය්‍ය සාමඤ‍්ඤං චිත‍්තං චෙ න නිවාරයෙ, පදෙ පදෙ විසීදෙය්‍ය සඞ‍්කප‍්පානං වසානුගො.

ඉදින් සිත (වරදින්) නොවළකන්නේ නම් කී දවසක් මහණකම කරන්නේ ද? පාපවිතර්‍කයන්ට වසඟ වූයේ පියවරක් නොහොත් අරමුණක් පාසා පසු බසින්නේ ය.

කුම‍්මොව අඞ‍්ගානි සකෙ කපාලෙ සමොදහං භික‍්ඛු මනොවිතක‍්කෙ, අනිස‍්සිතො අඤ‍්ඤමහෙඨයානො පරිනිබ‍්බුතො න උපවදෙය්‍ය කඤ‍්චීති.

ඉදිබුවා අවයව සිය කබලෙහි බහන්නාක් මෙන් මහණ තෙමේ මනෝවිතර්‍කයන් (භාවනාලම්බන නමැති කපල්ලෙහි) බහන්නේ නිඃශ්‍රය රහිත වූයේ අනුන් නොවෙහෙසන්නේ (කෙලෙස් පිරිනිවුමෙන්) පිරිනිවියේ කිසිවකුට උපවාද නො කරන්නේයි.

1. 2. 8.

1. 2. 8.

හිරිසුත‍්තං

හිරි සූත්‍රය

18. සාවත්‍ථියං–

18. සැවැත්නුවර–

[දෙවතා:]

[දෙවි:]

හිරීනිසෙධො පුරිසො කො චි ලොකස‍්මිං විජ‍්ජති, යො නින්‍දං අප‍්පබොධති අස‍්සො භද්‍රො කසාමිවාති.

ආජානීය අශ්වයා කසය වළකන්නාක් මෙන් යෙමෙක් නින්‍දා වළකා ද, ලජ්ජාවෙන් පව් වළකන (එබඳු) කිසියම් පුරුෂයෙක් ලොව ඇත් ද?

[භගවා:]

[භගවත්හු:]

හිරීනිසෙධා තනුයා යෙ චරන‍්ති සදා සතා, අන‍්තං දුක‍්ඛස‍්ස පප‍්පුය්‍ය චරන‍්ති විසමෙ සමන‍්ති.

ලජ්ජාවෙන් පව් වැළැක්වූ යම් කෙනෙක් හැමකල්හි සිහි ඇති ව හැසිරෙද්ද, දුකෙහි කෙළවරට පැමිණ විෂමලෝකයෙහි සම ව හැසිරෙද්ද, ඔහු ස්වල්ප දෙනෙකි.

1. 2. 9.

1. 2. 9.

කුටිකාසුත‍්තං

කුටිකා සූත්‍රය

19. සාවත්‍ථියං–

19. සැවැත්නුවර–

[දෙවතා:]

[දෙවි:]

කච‍්චි තෙ කුටිකා නත්‍ථි කච‍්චි නත්‍ථි කුලාවකා, කච‍්චි සන‍්තානකා නත්‍ථි කච‍්චි මුත‍්තොසි බන්‍ධනාති.

කිම මුඹ වහන්සේට කුටියෙක් නැද්ද? කිම (මුඹ වහන්සේට) කැදලි නැද්ද? (කිම මුඹ වහන්සේට) කුලප්‍රවේණීහු නැද්ද? කිම බන්‍ධනයෙන් මිදුනෙහි ද?

[භගවා:]

[භගවත්හු:]

තග‍්ඝ මෙ කුටිකා නත්‍ථි තග‍්ඝ නත්‍ථි කුලාවකා, තග‍්ඝ සන‍්තානකා නත්‍ථි තග‍්ඝ මුත‍්තො’ස‍්මි බන්‍ධනාති.

එකත්නෙන් මට කුටියෙක් නැත. එකත්නෙන් මට කැදලි නැත. එකත්නෙන් මට කුලප්‍රවේණීහු නැත. එකත්නෙන් මම බන්‍ධනයෙන් මිදුනෙමි.

[දෙවතා:]

[දෙවි:]

කින‍්තාහං කුටිකං බ්‍රූමි කින‍්තෙ බ්‍රූමි කුලාවකං, කින‍්තෙ සන‍්තානකං බ්‍රූමි කින‍්තාහං බ්‍රූමි බන්‍ධනන‍්ති.

මම කුමක් මුඹ වහන්සේට කුටිය කොට කියම් ද? කුමක් මුඹ වහන්සේට කැදැල්ල කොට කියම් ද? කුමක් මුඹ වහන්සේට කුලප්‍රවේණිය කොට කියම් ද? මම කුමක් මුඹ වහන්සේට බන්‍ධනය කොට කියම් ද?

[භගවා:]

[භගවත්හු:]

මාතරං කුටිකං බ්‍රූසි භරියං බ්‍රූසි කුලාවකං, පුත‍්තෙ සන‍්තානකෙ බ්‍රූසි තණ‍්හං මෙ බ්‍රූසි බන්‍ධනන‍්ති.

මව මට කුටිය කොට කියහි. බිරිඳ කැදැල්ල කොට කියහි. පුත්‍රයන් කුලප්‍රවෙණි කොට කියහි. තෘෂ්ණාව බන්‍ධනය කොට කියහි.

[දෙවතා:]

[දෙවි:]

සාහු තෙ කුටිකා නත්‍ථි සාහු නත්‍ථි කුලාවකා, සාහු සන‍්තානකා නත්‍ථි සාහු මුත‍්තොසි බන්‍ධනාති.

මැනවි, මුඹ වහන්සේට කුටියෙක් නැත. මැනවි, කැදලි නැත. මැනවි, කුලප්‍රවේණීහු නැත. මැනවි, බන්‍ධනයෙන් මිදුනෙහි යි.