1. නන්දනසුත්තවණ්ණනා අට්ඨකථා
1. නන්දනසුත්තවණ්ණනා
1. නන්දන සූත්‍ර වර්ණනාව
නන්දනවග්ගස්ස පඨමෙ තත්රාති තස්මිං ආරාමෙ. ඛොති බ්යඤ්ජනසිලිට්ඨතාවසෙන නිපාතමත්තං. භික්ඛූ ආමන්තෙසීති පරිසජෙට්ඨකෙ භික්ඛූ ජානාපෙසි. භික්ඛවොති තෙසං ආමන්තනාකාරදීපනං. භදන්තෙති පතිවචනදානං. තෙ භික්ඛූති යෙ තත්ථ සම්මුඛීභූතා ධම්මපටිග්ගාහකා භික්ඛූ. භගවතො පච්චස්සොසුන්ති භගවතො වචනං පතිඅස්සොසුං, අභිමුඛා හුත්වා සුණිංසු සම්පටිච්ඡිංසූති අත්ථො. එතදවොචාති එතං ඉදානි වත්තබ්බං “භූතපුබ්බ”න්තිආදිවචනං අවොච. තත්ථ තාවතිංසකායිකාති තාවතිංසකායෙ නිබ්බත්තා. තාවතිංසකායො නාම දුතියදෙවලොකො වුච්චති. මඝෙන මාණවෙන සද්ධිං මචලගාමෙ කාලං කත්වා තත්ථ උප්පන්නෙ තෙත්තිංස දෙවපුත්තෙ උපාදාය කිර තස්ස දෙවලොකස්ස අයං පණ්ණත්ති ජාතාති වදන්ති. යස්මා පන සෙසචක්කවාළෙසුපි ඡ කාමාවචරදෙවලොකා අත්ථි. වුත්තම්පි චෙතං “සහස්සං චාතුමහාරාජිකානං සහස්සං තාවතිංසාන”න්ති (අ· නි· 10.29), තස්මා නාමපණ්ණත්තියෙවෙසා තස්ස දෙවලොකස්සාති වෙදිතබ්බා. එවඤ්හි නිද්දොසං පදං හොති.
නන්දන වර්ගයේ පළමු වැන්නෙහි ‘තත්ර’ ඒ ආරාමයෙහි ‘ඛො’ ව්‍යංජන සිලිටි බව උදෙසා වූ නිපාත මාත්‍රයකි. ‘හික්ඛූ ආමන්තෙසි’ පිරිස අතර ජ්‍යෙෂ්ඨයන් වූ භික්ෂූන්ට දැන්වූ සේක. ‘භික්ඛවො’ ඔවුන් ආමන්ත්‍රණය කරන ආකාරය දැක්වීම යි. ‘හදන්තෙ’ පිළිවදන් දීම යි. ‘තෙ භික්ඛු’ එහි සම්මුඛ ව සිටි ධර්මය පිළිගන්නා භික්ෂූහු ‘භගවතො පච්චස්සොසුං’ භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනයට (‘පති අස්සොසුං’) පිළිවදන් දුන්හ, අභිමුඛයෙහි සිට ඇසූහ, පිළිගත්හ යන අරුත යි. ‘එතදවොච’ මෙය දැන් කිව යුතු, පෙර සිදු වූවකි ආදි වචන කී ය. එහි ‘තාවතිංසකායිකා’ තාවතිංස (තව්තිසා) කායෙහි උපන්; ‘තාවතිංසකාය’ නම් දෙවන දෙව් ලොව යි කියනු ලැබේ. මඝ මාණවකයා සමග මචල ග්‍රාමයෙහි කාල ක්‍රියා කොට එහි උපන් තෙතිස් දේව පුත්‍රයන් හේතු කොට ගෙන මේ දෙව් ලොවට මේ නම උපනැයි කියත්. යම් හෙයකින් සෙසු සක්වළෙහි ද කාමාවචර දේව ලෝක හයක් වේ ද, එය (මෙසේ) පවසන ලදී: ‘චාතුර්මහා රාජික දහසක්, තාවතිංස දහසක්’ යි. එහෙයින් ඒ දෙව් ලොවට මේ නම් පටබැඳීම වී යයි දත යුතු ය. මෙසේ නිර්දේශ පදයක් වේ.
නන්දනෙ වනෙති එත්ථ තං වනං පවිට්ඨෙ පවිට්ඨෙ නන්දයති තොසෙතීති නන්දනං. පඤ්චසු හි මරණනිමිත්තෙසු උප්පන්නෙසු “සම්පත්තිං පහාය චවිස්සාමා”ති පරිදෙවමානා දෙවතා සක්කො දෙවානමින්දො “මා පරිදෙවිත්ථ, අභිජ්ජනධම්මා නාම සඞ්ඛාරා නත්ථී”ති ඔවදිත්වා තත්ථ පවෙසාපෙති. තාසං අඤ්ඤාහි දෙවතාහි බාහාසු ගහෙත්වා පවෙසිතානම්පි තස්ස සම්පත්තිං දිස්වාව මරණසොකො වූපසම්මති, පීතිපාමොජ්ජමෙව උප්පජ්ජති. අථ තස්මිං කීළමානා එව උණ්හසන්තත්තො හිමපිණ්ඩො විය විලීයන්ති, වාතාපහතදීපසිඛා විය විජ්ඣායන්තීති එවං යංකිඤ්චි අන්තො පවිට්ඨං නන්දයති තොසෙතියෙවාති නන්දනං, තස්මිං නන්දනෙ. අච්ඡරාසඞ්ඝපරිවුතාති අච්ඡරාති දෙවධීතානං නාමං, තාසං සමූහෙන පරිවුතා.
‘නන්දනෙ වනෙ’ මෙහි ඒ වනයට පිවිසි පිවිසි අය ආනන්දයට පත් කරති යි, සන්තෝෂයට පත් කරති යි නන්දන වේ. මරණ නිමිති පහ හටගත් කල්හි සම්පත් හැර දමා චුත වන්නෙමු, චුත වන්නෙමු යි වැළපෙන දෙවියන්ට ශක්‍ර දේවේන්ද්‍රයා, “නො වැළපෙනු, නො බිඳෙන ස්වභාව ඇති සංස්කාරයක් නම් නැත” යි අවවාද දී එහි ඇතුළු කරවා ලයි. ඔවුන්ගෙන් සමහර දේවතාවන් විසින් අතින් අල්ලා ගෙන ඇතුළු කරවනු ලැබුව ද එහි සම්පත් දැක ම මරණ ශෝකය සමනය වෙයි. ප්‍රීති ප්‍රමුදිත භාවය ම උපදියි. ඉක්බිති එහි කෙළි සෙල්ලමෙහි යෙදෙන්නාහු ම, උෂ්ණයෙන් උණු වුණු හිම පිඬක් මෙන් දිය වී යත්. වාතයෙන් නිවී ගිය පහන් දැල්ලක් මෙන් නිවී යත්. මෙසේ ඇතුළට පිවිසි කෙනෙකු ආනන්දයට පත් කරවති යි සන්තෝෂයට පත් කරවති යි නන්දන නමි. ඒ නන්දන වනයෙහි; ‘අච්ඡරාසංඝපරිවුතො’ ‘අච්ඡරා’ (අප්සරා) යනු දෙව් දියණියන්ට නමකි. ඔවුන් සමූහයක් විසින් පිරිවරන ලද,
දිබ්බෙහීති දෙවලොකෙ නිබ්බත්තෙහි. පඤ්චහි කාමගුණෙහීති මනාපියරූපසද්දගන්ධරසඵොට්ඨබ්බසඞ්ඛාතෙහි පඤ්චහි කාමබන්ධනෙහි කාමකොට්ඨාසෙහි වා. සමප්පිතාති උපෙතා. ඉතරං තස්සෙව වෙවචනං. පරිචාරයමානාති රමමානා, තෙසු තෙසු වා රූපාදීසු ඉන්ද්රියානි සඤ්චාරයමානා. තායං වෙලායන්ති තස්මිං පරිචාරණකාලෙ. සො පනස්ස දෙවපුත්තස්ස අධුනා අභිනිබ්බත්තකාලො වෙදිතබ්බො. තස්ස හි පටිසන්ධික්ඛණෙයෙව රත්තසුවණ්ණක්ඛන්ධො විය විරොචයමානො තිගාවුතප්පමාණො අත්තභාවො නිබ්බත්ති. සො දිබ්බවත්ථනිවත්ථො දිබ්බාලඞ්කාරපටිමණ්ඩිතො දිබ්බමාලාවිලෙපනධරො දිබ්බෙහි චන්දනචුණ්ණෙහි සමං විකිරියමානො දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි ඔවුතො නිවුතො පරියොනද්ධො ලොභාභිභූතො හුත්වා ලොභනිස්සරණං නිබ්බානං අපස්සන්තො ආසභිං වාචං භාසන්තො විය මහාසද්දෙන “න තෙ සුඛං පජානන්තී”ති ඉමං ගාථං ගායමානො නන්දනවනෙ විචරි. තෙන වුත්තං – “තායං වෙලායං ඉමං ගාථං අභාසී”ති.
‘දිබ්බෙහි’ දෙව් ලොව උපන්; ‘පඤ්චහි කාමගුණෙහි’ මන පිනවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සංඛ්‍යාත පඤ්ච කාම බන්ධනයෙන්; කාම කොට්ඨාසවලින් හෝ ‘සමප්පිතා’ යුත්, අනික (අනෙක් වචනය) ද ඊට ම සමානාර්ථවාවී ය. ‘පරිචාරයමානා’ පිනවමින්, ඒ ඒ රූපාදියෙහි ඉන්ද්රියයන් යොදවමින් හෝ, ‘තායං වෙලායං’ එසේ ඉන්ද්රියයන් පිනවන කාලයෙහි; ඒ වූ කලී මේ දේව පුත්‍රයාගේ වත්මන් - යළි උපන් - කාලය බව දත යුතු ය. ඔහුගේ ප්රතිසන්ධි ක්ෂණයෙහි ම රන් රුවන් කඳක් මෙන් බබළමින් ගවු තුනක් පමණ වූ ශරීරය පහළ විය. හේ දිව්‍ය වස්ත්‍ර හඳින්නේ, දිව්‍යාලංකාරයෙන් සැරසුණේ, දිව්‍ය මාලා ගන්ධ විලේපන දරන්නේ, දිව්‍ය සඳුන් සුණෙන් මැනවින් විසුරුවනු ලබන්නේ, දිව්‍ය පංචකාම බන්ධනයෙන් වැසුනේ, පිරිවරන ලද්දේ, වට කරන ලද්දේ, ලොබින් මැඩපවත්වනු ලැබූයේ, ලෝභය දුර ලූ නිර්වාණය නො දක්නේ, නිර්භීත වචන පවසන්නකු මෙන් මහා ශබ්දයකින් ‘න තෙ සුඛං පජානන්ති’ යන මේ ගාථාව ගයමින් නන්දන වනයෙහි සැරි සැරී ය. එහෙයින් ‘තායං වෙලායං ඉමං ගාථං අභාසි’ (මේ අවස්ථාවේ මේ ගාථාව පැවසී ය) යි කියන ලදී.
යෙ න පස්සන්ති නන්දනන්ති යෙ තත්ර පඤ්චකාමගුණානුභවනවසෙන නන්දනවනං න පස්සන්ති. නරදෙවානන්ති දෙවනරානං, දෙවපුරිසානන්ති අත්ථො. තිදසානන්ති තික්ඛත්තුං දසන්නං. යසස්සිනන්ති පරිවාරසඞ්ඛාතෙන යසෙන සම්පන්නානං.
‘යෙ න පස්සන්ති නන්දනං’ එහි සිටින්නාහු, පංචකාම ගුණ භුක්ති විඳීම් හේතුවෙන් නන්දන වනය නො දකිති. ‘නරදෙවානං’ යනු දේව නරයන්ගේ, දේව පුරුෂයන්ගේ යන අර්ථ යි. ‘තිදසානං’ දහයේ ඒවා තෙවරක් (තිහක්), ‘යසස්සිනං’ පරිවාර සංඛ්‍යාත යශසින් සමන්විත වූ,
අඤ්ඤතරා දෙවතාති එකා අරියසාවිකා දෙවතා. පච්චභාසීති “අයං බාලදෙවතා ඉමං සම්පත්තිං නිච්චං අචලං මඤ්ඤති, නාස්සා ඡෙදනභෙදනවිද්ධංසනධම්මතං ජානාතී”ති අධිප්පායං විවට්ටෙත්වා දස්සෙන්තී “න ත්වං බාලෙ”ති ඉමාය ගාථාය පතිඅභාසි. යථා අරහතං වචොති යථා අරහන්තානං වචනං, තථා ත්වං න ජානාසීති. එවං තස්සා අධිප්පායං පටික්ඛිපිත්වා ඉදානි අරහන්තානං වචනං දස්සෙන්තී අනිච්චාතිආදිමාහ. තත්ථ අනිච්චා වත සඞ්ඛාරාති සබ්බෙ තෙභූමකසඞ්ඛාරා හුත්වා අභාවත්ථෙන අනිච්චා. උප්පාදවයධම්මිනොති උප්පාදවයසභාවා. උප්පජ්ජිත්වා නිරුජ්ඣන්තීති ඉදං පුරිමස්සෙව වෙවචනං. යස්මා වා උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති, තස්මා උප්පාදවයධම්මිනොති. උප්පාදවයග්ගහණෙන චෙත්ථ තදනන්තරා වෙමජ්ඣට්ඨානං ගහිතමෙව හොති. තෙසං වූපසමො සුඛොති තෙසං සඞ්ඛාරානං වූපසමසඞ්ඛාතං නිබ්බානමෙව සුඛං. ඉදං අරහතං වචොති.
‘අඤ්ඤතරා දෙවතා’ එක් ආර්ය ශ්‍රාවක වූ දේවතාවෙක් ‘පච්චහාසී’ මේ මෝඩ දේවතාවා මේ සම්පත්තිය නිත්‍ය, නො සෙල්වෙන (දෙයක් කොට) සිතයි. ඡේදන (කැපෙන), භේදන (බෙදෙන), විද්ධංසන (විනාශ වන) ධර්මතාව නො දන්නේ ය යනු අදහස යි. විවෘත කර පෙන්වමින්, ‘න ත්වං බාලෙ’ යන මේ ගාථාවෙන් පිළිවදන් දුන්නේ ය. ‘යථා අරහතං වචො’ රහතුන් වහන්සේලාගේ වචන යම් සේ ද, ඒ ආකාරයට ඔබ නො දන්නෙහි ය යි මෙසේ ඔහුගේ අදහස ප්‍රතික්ෂේප කොට දැන් රහතුන් වහන්සේලාගේ වචන පෙන්වන්නේ ‘අනිච්චා’ ආදී වචන පැවසී ය. එහි ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ සියලු ත්‍රෛභූමක සංඛාර බවට පත් ව අභාවයට යන අර්ථයෙන් අනිත්‍ය ය. ‘උප්පාදවයධම්මිනො’ උත්පාද (ඉපදීම- හටගැනීම) ව්‍යය (නැසී යාම) ස්වභාව කොට ඇති; ‘උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති’ යන මෙය මුල් වචනවලට සමානාර්ථවාචී වේ. යම් හේතුවකින් ඉපිද නිරුද්ධ වෙත් ද, එහෙයින් උත්පාද - ව්‍යය ස්වභාව කොට ඇත්තේ වෙයි. උත්පාද - ව්‍යය ගැනීමෙන් මෙහි ඊට අනතුරු ව වූ අවස්ථාව ද ගන්නා ලද්දේ ම ය. ‘තෙසං වුපසමො සුඛො’ ඒ සංස්කාරයන්ගේ සංසිඳීම් සංඛ්‍යාත වූ නිර්වාණය ම සැප වේ. මෙය රහතුන් වහන්සේලාගේ වචන වේ යනු යි.
නන්දනසුත්තවණ්ණනා නිට්ඨිතා.
ප්‍රථම සූත්‍රය යි.
2. නන්දතිසුත්තවණ්ණනා
2. නන්දති සූත්‍ර වර්ණනාව
දුතියෙ නන්දතීති තුස්සති අත්තමනො හොති. පුත්තිමාති බහුපුත්තො. තස්ස හි එකච්චෙ පුත්තා කසිකම්මං කත්වා ධඤ්ඤස්ස කොට්ඨෙ පූරෙන්ති, එකච්චෙ වණිජ්ජං කත්වා හිරඤ්ඤසුවණ්ණං ආහරන්ති, එකච්චෙ රාජානං උපට්ඨහිත්වා යානවාහනගාමනිගමාදීනි ලභන්ති. අථ තෙසං ආනුභාවසඞ්ඛාතං සිරිං අනුභවමානා මාතා වා පිතා වා නන්දති. ඡණදිවසාදීසු වා මණ්ඩිතපසාධිතෙ පුත්තෙ සම්පත්තිං අනුභවමානෙ දිස්වා නන්දතීති, “නන්දති පුත්තෙහි පුත්තිමා”ති ආහ. ගොහි තථෙවාති යථා පුත්තිමා පුත්තෙහි, තථා ගොසාමිකොපි සම්පන්නං ගොමණ්ඩලං දිස්වා ගාවො නිස්සාය ගොරසසම්පත්තිං අනුභවමානො ගොහි නන්දති. උපධී හි නරස්ස නන්දනාති, එත්ථ උපධීති චත්තාරො උපධී – කාමූපධි, ඛන්ධූපධි, කිලෙසූපධි, අභිසඞ්ඛාරූපධීති. කාමාපි හි “යං පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං කාමානං අස්සාදො”ති (ම· නි· 1.166) එවං වුත්තස්ස සුඛස්ස අධිට්ඨානභාවතො “උපධියති එත්ථ සුඛ”න්ති ඉමිනා වචනත්ථෙන උපධීති වුච්චති. ඛන්ධාපි ඛන්ධමූලකස්ස දුක්ඛස්ස අධිට්ඨානභාවතො, කිලෙසාපි අපායදුක්ඛස්ස අධිට්ඨානභාවතො, අභිසඞ්ඛාරාපි භවදුක්ඛස්ස අධිට්ඨානභාවතොති. ඉධ පන කාමූපධි අධිප්පෙතො. පඤ්ච හි කාමගුණා තෙභූමිකාදිපාසාද-උළාරසයන-වත්ථාලඞ්කාර-නාටකපරිවාරාදිවසෙන පච්චුපට්ඨිතා පීතිසොමනස්සං උපසංහරමානා නරං නන්දයන්ති. තස්මා යථා පුත්තා ච ගාවො ච, එවං ඉමෙපි උපධී හි නරස්ස නන්දනාති වෙදිතබ්බා. න හි සො නන්දති යො නිරූපධීති යො කාමගුණසම්පත්තිරහිතො දලිද්දො දුල්ලභඝාසච්ඡාදනො, න හි සො නන්දති. එවරූපො මනුස්සපෙතො ච මනුස්සනෙරයිකො ච කිං නන්දිස්සති භගවාති ආහ.
දෙවැන්නෙහි’ ‘නන්දති’ සතුටට පත් වෙයි. ප්‍රීතිමත් සිත් ඇත්තෙක් වෙයි. ‘පුත්තිමා’ බොහෝ පුතුන් ඇත්තේ, ඔහුගේ සමහර පුත්තු ගොවිතැන් කොට ධාන්‍යයෙන් අටු පුරවති. සමහරු වෙළඳාම් කොට රන්රුවන් ගෙන එති. සමහරු රජුට හේවාකම් කොට යාන වාහන, ගම් නියම්ගම් ආදිය ලබත්. ඉක්බිති, ඔවුන්ගේ දක්ෂතාව අනුව ලත් සිරි සැප භුක්ති විඳින්නා වූ මව හෝ පියා සතුටු වෙයි. ඒ අනුව ‘නන්දති පුත්තෙහි පුත්තිමා’ (පුතුන් ඇත්තේ පුතුන්ගෙන් සතුටු වෙයි) යි කී ය. ‘ගොහි තථෙව’ පුතුන් ඇත්තේ පුතුන්ගෙන් මෙන් ගව හිමියා ද එසේ පරිපූර්ණ වූ ගව රැළ දැක ගවයින් නිසා ලත් පස් ගෝ රස සැපත භුක්ති විඳිමින් සතුටු වෙයි. ‘උපධීහි නරස්ස නන්දනා’ යන මෙහි ‘උපධි’ උපධි සතරකි. කාමූපධි, ඛන්ධූපධි, කිලෙසූපධි, අභිසංඛාරූපධි යනුවෙනි. කාමයෝ ද ‘යං පඤ්චකාම ගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං අයං කාමානං අස්සාදො’ (පඤ්ච කාම ගුණය හේතුකොට ගෙන කිසියම් සැපයක්, සොම්නසක් ඇති වේ ද, එය කාමයන්ගේ ආස්වාදය වේ) යනුවෙන් කියන ලද සැපයෙහි පිහිටා සිටීම (පදනම වීම) හේතු කොට ගෙන, ‘උපධීයති එත්ථ සුඛං’ (මෙහි සැපය පිහිටයි) යන මේ වචනාර්ථයෙන් ‘උපධි’ යි කියත්. ස්කන්ධ ද ස්කන්ධමූලක දුක්ඛයාගේ පදනම වීමේ හේතුවෙන්, ක්ලේශ ද අපා දුක්හි පදනම වීමේ හේතුවෙන් (හා) අභිසංස්කාර ද භව දුක්ඛයේ පදනම වීමේ හේතුවෙන් යනු යි. මෙහි වනාහි කාමූපධි (කාම උපධි) අදහස් කරන ලදී. පඤ්ච කාම ගුණයෝ ත්‍රෛභූමක (තෙමහල්) ආදී ප්‍රාසාද, උදාර වූ ශයනයන්හි නිඳීම, වස්ත්‍ර අලංකාර නාටක පිරිවර ආදී වශයෙන් සපයනු ලැබුවාහු ප්‍රීති සෝමනස්සය ඇදගන්නාහු සතුටට පත් කරවත්. එහෙයින් පුත්‍රයෝත් ගවයෝත් යන මේ උපධීහු මිනිසාගේ සන්තුෂ්ටිය යි දත යුත්තේ ය. ‘න හි සො නන්දති සො නිරූපධී’ කාම ගුණ සම්පත්ති රහිත, ආහාර පාන, වස්තු දුර්ලභ දිළිඳු තැනැත්තා සතුටට පත් නො වන්නේ ම ය. මේ ආකාරයේ මනුෂ්‍ය ප්‍රේතයාත්, මනුෂ්‍ය නිරි සත්ත්වයාත් කුමක් (මඟින්) සතුටු වෙයි ද ස්වාමීනී? යි විමසී ය.
ඉදං සුත්වා සත්ථා චින්තෙසි – “අයං දෙවතා සොකවත්ථුමෙව නන්දවත්ථුං කරොති, සොකවත්ථුභාවමස්සා දීපෙස්සාමී”ති ඵලෙන ඵලං පාතෙන්තො විය තායෙව උපමාය තස්සා වාදං භින්දන්තො තමෙව ගාථං පරිවත්තෙත්වා සොචතීති ආහ.
මේ අසා ශාස්තෘන් වහන්සේ මෙසේ සිතූහ: මේ දේවතාවා ශෝකය උපදවන වස්තුව ම සන්තෝෂය දෙන වස්තුව ලෙස සලකයි. ඔහුට (මේවා) ශෝක වස්තු බව දක්වන්නෙමැයි ගෙඩියෙන් ගෙඩිය කඩන්නා සේ ඒ උපමාවෙන් ම ඔහුගේ වාදය බිඳින සේක්, ඒ ගාථාව ම පරිවර්තනය කොට (සකස් කොට) ‘සොචති’ යි වදාළ සේක.
තත්ථ සොචති පුත්තෙහීති විදෙසගමනාදිවසෙන පුත්තෙසු නට්ඨෙසුපි නස්සන්තෙසුපි ඉදානි නස්සිස්සන්තීති නාසසඞ්කීපි සොචති, තථා මතෙසුපි මරන්තෙසුපි චොරෙහි රාජපුරිසෙහි ගහිතෙසු වා පච්චත්ථිකානං හත්ථං උපගතෙසු වා මරණසඞ්කීපි හුත්වා සොචති. රුක්ඛපබ්බතාදීහි පතිත්වා හත්ථපාදාදීනං භෙදවසෙන භින්නෙසුපි භිජ්ජන්තෙසුපි භෙදසඞ්කීපි හුත්වා සොචති. යථා ච පුත්තෙහි පුත්තිමා, ගොසාමිකොපි තථෙව නවහාකාරෙහි ගොහි සොචති. උපධී හි නරස්ස සොචනාති යථා ච පුත්තගාවො, එවං පඤ්ච කාමගුණොපධීපි –
එහි ‘සොචති පුත්තෙහි’ විදේශ ගමන ආදී හේතුවෙන් පුතුන් (දක්නට) නොමැති වූ විට හෝ (පුතුන්) නො පෙනෙන විට හෝ දැන් නො පෙනෙන්නේ ය යි විනාශය ගැන සැක සිතන්නේ, ශෝක කරයි. එසේ ම මළ විට ද මැරෙන විට හෝ සොරුන් ආදීන් හා රාජපුරුෂයන් විසින් අල්ලා ගත් විට හෝ සතුරන් අතට පත් වූ විට හෝ මරණ බිය ඇත්තේ ශෝක කරයි. ගස්වලින් ඇද වැටීම ආදිය සිදු වී අත් පා ආදිය කැඩීම වශයෙන් බිඳුණු විට හෝ බිඳෙන විට බිඳීම් පිළිබඳ සාංකාවෙන් ශෝක කරයි. පුතුන් ඇත්තා පුත්‍රයන්ගෙන් යම් සේ ද, ගව හිමියා ද එසේ නව ආකාරයකින් ගවයින් නිසා ශෝක කරයි. ‘උපධීහි නරස්ස සොචනා’ පුත්‍රයෝත් ගවයෝත් යම් සේ වෙත් ද, එසේ ම පඤ්චකාම ගුණ උපධීහු ද,
“තස්ස චෙ කාමයානස්ස, ඡන්දජාතස්ස ජන්තුනො; තෙ කාමා පරිහායන්ති, සල්ලවිද්ධොව රුප්පතී”ති. (සු· නි· 773) –
‘තස්ස චෙ කාමයානස්ස ඡන්දජාතස්ස ජන්තුනො, තෙ කාමා පරිහායන්ති සල්ලවිද්ධොව රුප්පති”
(කාම වස්තු කැමති වන උපන් තෘෂ්ණා ඇති ඒ පුද්ගලයාගේ ඒ කාමයෝ ඉදින් පිරිහෙත් නම් එකල්හි හෙතෙම විෂ සහිත උලකින් විදුනා ලද්දකු මෙන් පෙළෙයි)
වුත්තනයෙන නරං සොචන්ති. තස්මා නරස්ස සොචනා සොකවත්ථුකමෙවාති වෙදිතබ්බා. න හි සො සොචති, යො නිරූපධීති යස්ස පන චතුබ්බිධාපෙතෙ උපධියො නත්ථි, සො නිරුපධි මහාඛීණාසවො කිං සොචිස්සති, න සොචති දෙවතෙති.
යි කී ආකාරයට ශෝක කරත්. එහෙයින් මිනිසා, ‘සොචනා’ (ශෝකය) ශෝක වස්තු ම වේ ය යි දත යුතු ය. ‘න හි සො සොචති යො නිරූපධී’ (යමෙක් උපධි නැත්තේ ද හෙතෙමේ ශෝක නො කරන්නේ ම ය). යමකුට වනාහි චතුර්විධ වූ මේ උපධි නැද්ද නිරූපධි වූ මහා ක්ෂීණාශ්රව තැනැත්තේ කුමකට ශෝක කරන්නේ ද? දේවතාවනි, ශෝක නො කරයි යනු යි.
නන්දතිසුත්තවණ්ණනා නිට්ඨිතා.
දෙවැනි සූත්‍රය යි.
3. නත්ථිපුත්තසුත්තවණ්ණනා
3. නත්ථිපුත්තසම සූත්‍ර වර්ණනාව
තතියෙ නත්ථි පුත්තසමං පෙමන්ති විරූපෙපි හි අත්තනො පුත්තකෙ සුවණ්ණබිම්බකං විය මඤ්ඤන්ති, මාලාගුළෙ විය සීසාදීසු කත්වා පරිහරමානා තෙහි ඔහදිතාපි ඔමුත්තිකාපි ගන්ධවිලෙපනපතිතා විය සොමනස්සං ආපජ්ජන්ති. තෙනාහ – “නත්ථි පුත්තසමං පෙම”න්ති. පුත්තපෙමසමං පෙමං නාම නත්ථීති වුත්තං හොති. ගොසමිතං ධනන්ති ගොහි සමං ගොධනසමං ගොධනසදිසං අඤ්ඤං ධනං නාම නත්ථි භගවාති ආහ. සූරියසමා ආභාති සූරියාභාය සමා අඤ්ඤා ආභා නාම නත්ථීති දස්සෙති. සමුද්දපරමාති යෙ කෙචි අඤ්ඤෙ සරා නාම, සබ්බෙ තෙ සමුද්දපරමා, සමුද්දො තෙසං උත්තමො, සමුද්දසදිසං අඤ්ඤං උදකනිධානං නාම නත්ථි, භගවාති.
තුන් වැන්නෙහි ‘නත්ථි පුත්තසමං පෙමං’ (පුත්‍ර ස්ථාන සම වූ ප්‍රේමයක් නැත.) විරූප වුව ද තම පුතුන් ස්වර්ණ බිම්බකයක් (රන් රුවක් මෙන් සිතයි. මල් මාලාවක් මෙන් හිස මත තබා හැසිරෙන්නාහු, ඔවුන් විසින් පහරනු ලැබුවාහු වුව ද, මුත්‍ර කරනු ලැබුවාහු වුව ද, මළ පහ කරන ලද්දාහු වුව ද, සුවඳ විලවුන් වැටුනාක් මෙන් වසා ගනිමින් සොම්නසට පත් වෙති. එහෙයින් කී ය ‘නත්ථි පුත්තසමං පෙමං’ ‘පුත්‍ර ප්‍රේමයට සමාන ප්‍රේමයක් නම් නැත’ යි කියන ලද්දේ වේ. ‘ගොසමිතං’ ගවයින් හා සමාන, ගව සම්පත හා සමාන අන් ධනයක් නම් නැත. ස්වාමීනි, ‘සුරියස්මා ආභා’ සූර්යාලෝකය සමාන වූ වෙනත් එළියක් නම් නැතැයි දක්වයි. ‘සමුද්දපරමා’ යම් කිසි වෙනත් විල් නම් වූවක් වේ ද, ඒ සියල්ල ‘සමුද්දපරමා’ (සමුද්‍රය උත්තම කොට ඇත්තේ) වෙයි. සමුද්‍රය ඒවාහි උත්තම ය යි කී ය. සමුද්‍රය සමාන අන් ජල නිධානයක් නම් නැත.
යස්මා පන අත්තපෙමෙන සමං පෙමං නාම නත්ථි. මාතාපිතාදයො හි ඡඩ්ඩෙත්වාපි පුත්තධීතාදයො ච අපොසෙත්වාපි සත්තා අත්තානමෙව පොසෙන්ති. ධඤ්ඤෙන ච සමං ධනං නාම නත්ථි. (යදා හි සත්තා දුබ්භික්ඛා හොන්ති), තථාරූපෙ හි කාලෙ හිරඤ්ඤසුවණ්ණාදීනි ගොමහිංසාදීනිපි ධඤ්ඤග්ගහණත්ථං ධඤ්ඤසාමිකානමෙව සන්තිකං ගහෙත්වා ගච්ඡන්ති. පඤ්ඤාය ච සමා ආභා නාම නත්ථි. සූරියාදයො හි එකදෙසංයෙව ඔභාසන්ති, පච්චුප්පන්නමෙව ච තමං විනොදෙන්ති. පඤ්ඤා පන දසසහස්සිම්පි ලොකධාතුං එකප්පජ්ජොතං කාතුං සක්කොති, අතීතංසාදිපටිච්ඡාදකඤ්ච තමං විධමති. මෙඝවුට්ඨියා ච සමො සරො නාම නත්ථි. නදීවාපි හොතු තලාකාදීනි වා, වුට්ඨිසමො සරො නාම නත්ථි. මෙඝවුට්ඨියා හි පච්ඡින්නාය මහාසමුද්දො අඞ්ගුලිපබ්බතෙමනමත්තම්පි උදකං න හොති, වුට්ඨියා පන පවත්තමානාය යාව ආභස්සරභවනාපි එකොදකං හොති. තස්මා භගවා දෙවතාය පටිගාථං වදන්තො නත්ථි අත්තසමං පෙමන්තිආදිමාහාති.
තමා කෙරෙහි වූ ප්‍රේමයට සම ප්‍රේමයක් නම් නැති හෙයින්, මව් පියාදීන් හැර දමා වුව ද දූ පුතුන් ආදීන් පෝෂණය නො කොට සත්ත්වයෝ තමන් ම පෝෂණය කරත්. ධාන්‍යයට සමාන ධනයක් නම් නොමැත. එවන් කලක රන්රුවන් ආදිය ද ගව මහේෂාදීන් ද ගෙන ධාන්‍ය ගැනීම පිණිස ධාන්‍ය හිමියන් වෙත ම යත්. ප්‍රඥාවට සමාන ආලෝකයක් නම් නැත. සූර්යයා ආදීහු එක් දෙසක් (පැත්තක්) පමණක් එළිය කරත්. දැන් පවත්නා වූ ම අඳුර නසා ලයි. ප්‍රඥාව වූ කලී දස සහස්‍රී ලෝක ධාතුව ඒකාලෝක කිරීමට සමත් වෙයි. අතීතංස (ඉකුත් ආත්ම භාව (ආදී)) වැසී තිබෙන අඳුර ද නසා ලයි. වර්ෂාවට සමාන විලක් නො වේ. ගංගා වැව් වේවා තටාක ආදිය වේවා වර්ෂාව සමාන විලක් නො වේ. වැහි වළාවෙන් තොර වූ කල්හි මහා සමුද්‍රයෙහි ඇඟිලි පුරුකක් තෙමන මාත්‍රයක වත් ජලය නො පවතී. වර්ෂාව පැවතීමෙන් ආභස්සර ලෝකය දක්වා එක ම ජල කඳක් වෙයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේවතාවාට ප්‍රති ගාථාවක් (පිළිතුරු ගාථාවක්) දෙසන්නාහු, ‘නත්ථි අත්තසමං පෙමං’ ආදිය වදාළ සේක.
නත්ථිපුත්තසමසුත්තවණ්ණනා නිට්ඨිතා.
තෙවැනි සූත්‍රය යි.
4. ඛත්තියසුත්තවණ්ණනා
4. ඛත්තිය සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ ඛත්තියො ද්විපදන්ති ද්විපදානං රාජා සෙට්ඨො. කොමාරීති කුමාරිකාලෙ ගහිතා. අයං සෙසභරියානං සෙට්ඨාති වදති. පුබ්බජොති පඨමං ජාතො කාණො වාපි හොතු කුණිආදීනං වා අඤ්ඤතරො, යො පඨමං ජාතො, අයමෙව පුත්තො ඉමිස්සා දෙවතාය වාදෙ සෙට්ඨො නාම හොති. යස්මා පන ද්විපදාදීනං බුද්ධාදයො සෙට්ඨා, තස්මා භගවා පටිගාථං ආහ. තත්ථ කිඤ්චාපි භගවා සබ්බෙසංයෙව අපදාදිභෙදානං සත්තානං සෙට්ඨො, උප්පජ්ජමානො පනෙස සබ්බසත්තසෙට්ඨො ද්විපදෙසුයෙව උප්පජ්ජති, තස්මා සම්බුද්ධො ද්විපදං සෙට්ඨොති ආහ. ද්විපදෙසු උප්පන්නස්ස චස්ස සබ්බසත්තසෙට්ඨභාවො අප්පටිහතොව හොති. ආජානීයොති හත්ථී වා හොතු අස්සාදීසු අඤ්ඤතරො වා, යො කාරණං ජානාති, අයං ආජානීයොව චතුප්පදානං සෙට්ඨොති අත්ථො. කූටකණ්ණරඤ්ඤො ගුළවණ්ණඅස්සො විය. රාජා කිර පාචීනද්වාරෙන නික්ඛමිත්වා චෙතියපබ්බතං ගමිස්සාමීති කලම්බනදීතීරං සම්පත්තො, අස්සො තීරෙ ඨත්වා උදකං ඔතරිතුං න ඉච්ඡති, රාජා අස්සාචරියං ආමන්තෙත්වා, “අහො වත තයා අස්සො සික්ඛාපිතො උදකං ඔතරිතුං න ඉච්ඡතී”ති ආහ. ආචරියො “සුසික්ඛාපිතො දෙව අස්සො, එතස්ස හි චිත්තං – ‘සචාහං උදකං ඔතරිස්සාමි, වාලං තෙමිස්සති, වාලෙ තින්තෙ රඤ්ඤො අඞ්ගෙ උදකං පාතෙය්යා’ති, එවං තුම්හාකං සරීරෙ උදකපාතනභයෙන න ඔතරති, වාලං ගණ්හාපෙථා”ති ආහ. රාජා තථා කාරෙසි. අස්සො වෙගෙන ඔතරිත්වා පාරං ගතො. සුස්සූසාති සුස්සූසමානා. කුමාරිකාලෙ වා ගහිතා හොතු පච්ඡා වා, සුරූපා වා විරූපා වා, යා සාමිකං සුස්සූසති පරිචරති තොසෙති, සා භරියානං සෙට්ඨා. අස්සවොති ආසුණමානො. ජෙට්ඨො වා හි හොතු කනිට්ඨො වා, යො මාතාපිතූනං වචනං සුණාති, සම්පටිච්ඡති, ඔවාදපටිකරො හොති, අයං පුත්තානං සෙට්ඨො, අඤ්ඤෙහි සන්ධිච්ඡෙදකාදිචොරෙහි පුත්තෙහි කො අත්ථො දෙවතෙති.
සිවු වැන්නෙහි ‘ඛත්තියො ද්විපදං’ දෙපා ඇත්තවුන්ගේ රජතුමා ‘සෙට්ඨො’ (ශ්‍රේෂ්ඨ වෙයි) ‘කොමාරි’ කුමරි කාලයෙහි පාවා ගන්නා ලද්දී; මැය අනික් භාර්යාවන් අතර ‘සෙට්ඨා’ (ශ්‍රේෂ්ඨ ය) යි කියයි. ‘පුබ්බජො’ පළමු ව උපන් තැනැත්තා - කණෙකු හෝ වේවා, කොර ආදීන් අතර වෙනත් කෙනෙකු හෝ වේවා, යමෙක් පළමු ව ඉපදුනේ ද, මේ දේවතාවාගේ වාදය (මතය) අනුව ‘සෙට්ඨො’ (ශ්‍රේෂ්ඨ) නම් වේ. යම් හෙයකින් දෙපා ඇතියවුන් අතර බුද්ධාදීහු ශ්‍රේෂ්ඨ වෙත් ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ගාථාව වදාළ සේක. එහි භාග්‍යවතුන් වහන්සේ අපා, ද්විපා ආදි සියලු ම සත්ත්වයන් අතර ශ්‍රේෂ්ඨ වුව ද ඒ සියලු සත්ත්වයන්ට ශ්‍රේෂ්ඨ ව ඉපිදෙමින් දෙපා ඇත්තවුන් අතර ම උපදිති. එහෙයින් ‘සම්බුද්ධො ද්විපදං සෙට්ඨො’ යි කී සේක. දෙපා ඇත්තවුන් අතර උපන්නා වූ එතුමන්ගේ සෑම තන්හි ම වූ ශ්‍රේෂ්ඨභාවය නැසිය හැකි නො වේ. ‘ආජානීයො’ ඇතකු හෝ වේවා, අශ්ව ආදීන් අතර වෙනත් එකකු හෝ වේවා සිවුපා සතුන් අතර ආජානීය (අශ්වයා) ම ශ්‍රේෂ්ඨ වෙති යි යන කරුණ යමෙක් දකී ද යන අර්ථය යි. කූටකර්ණ රජතුමාගේ ගුළවර්ණ (කීකරු) අශ්වයා මෙනි. රජතුමා නැගෙනහිර දොරටුවෙන් පිට ව ගොස් චේතිය පබ්බතයට යන්නෙමැයි කදම්බ නදී තීරයට සම්ප්‍රාප්ත වූයේ, අශ්වයා ඉවුරේ සිට වතුරට බැසීමට නො කැමති වෙයි. රජතුමා අශ්වාචාර්යයා අමතා ‘අහෝ! ඔබ විසින් අශ්වයා මැනවින් පුහුණු කරන ලදී. වතුරට බැසීමට නො කැමැත්තේ ය’ යි කී ය. ආචාර්යවරයා, ‘දේවයිනි, අශ්වයා මැනවින් පුහුණු කරන ලද්දේ වේ. ඔහුගේ සිතෙහි ‘ඉදින් මම වතුරට බසින්නෙම් නම් වලිගය තෙමෙන්නේ ය. වල්ගය තෙමුණු කල රජුගේ ඇඟෙහි ජලය වැටෙන්නේ ය’ යි (සිතුවිල්ලක්) වේ. එසේ ඔබ වහන්සේගේ ශරීරයෙහි ජලය වැටීමේ භයින් නො බසින්නේ ය. වල්ගය ගනු මැනවි’ යි කීය. රජතුමා එසේ කරවී ය. අශ්වයා වේගයෙන් බැස එතෙරට ගියේ ය. ‘සුස්සූසා’ (ඇහුම්කන් දෙන්නී) කුමරි වියෙහි පාවා ගන්නා ලද්දී හෝ වේවා පසු ව ගෙනෙන ලද්දී හෝ වේවා සුරූපි හෝ විරූපි හෝ වේවා යම් තැනැත්තියක් ස්වාමියාට ඇහුම්කන් දී සතුටු කරවයි ද, ඇය භාර්යාවන් අතර ශ්‍රේෂ්ඨ ය. ‘අස්සවො’ ඇහුම්කන් දෙන්නේ (කීකරු වූයේ) - වැඩිමහල් හෝ වේවා බාල හෝ වේවා යමෙකු මව්පියන්ගේ වචනය අසයි ද, පිළිගනියි ද, අවවාද පිළිගන්නෙක් වෙයි ද, ඔහු පුත්‍රයන් අතර ශ්‍රේෂ්ඨ වෙයි. දේවතාවනි, සන්ධිච්ජේදන (ගෙවල් බිඳින්නන්) ආදී අනික් සොර පුත්‍රයන්ගෙන් කවර ප්‍රයෝජනයක් ද?
ඛත්තියසුත්තවණ්ණනා නිට්ඨිතා.
සිව් වැනි සුත්‍රය යි.
5. සනමානසුත්තවණ්ණනා
5. සනමාන සූත්‍ර වර්ණනාව
පඤ්චමෙ ඨිතෙ මජ්ඣන්හිකෙති ඨිතමජ්ඣන්හිකෙ. සන්නිසීවෙසූති යථා ඵාසුකට්ඨානං උපගන්ත්වා සන්නිසින්නෙසු විස්සමමානෙසු. ඨිතමජ්ඣන්හිකකාලො නාමෙස සබ්බසත්තානං ඉරියාපථදුබ්බල්යකාලො. ඉධ පන පක්ඛීනංයෙව වසෙන දස්සිතො. සණතෙවාති සණති විය මහාවිරවං විය මුච්චති. සණමානමෙව චෙත්ථ “සණතෙවා”ති වුත්තං. තප්පටිභාගං නාමෙතං. නිදාඝසමයස්මිඤ්හි ඨිතමජ්ඣන්හිකකාලෙ චතුප්පදගණෙසු චෙව පක්ඛීගණෙසු ච සන්නිසින්නෙසු වාතපූරිතානං සුසිරරුක්ඛානඤ්චෙව ඡිද්දවෙණුපබ්බානඤ්ච ඛන්ධෙන ඛන්ධං සාඛාය සාඛං සඞ්ඝට්ටයන්තානං පාදපානඤ්ච අරඤ්ඤමජ්ඣෙ මහාසද්දො උප්පජ්ජති. තං සන්ධායෙතං වුත්තං. තං භයං පටිභාති මන්ති තං එවරූපෙ කාලෙ මහාඅරඤ්ඤස්ස සණමානං මය්හං භයං හුත්වා උපට්ඨාති. දන්ධපඤ්ඤා කිරෙසා දෙවතා තස්මිං ඛණෙ අත්තනො නිසජ්ජඵාසුකං කථාඵාසුකං දුතියකං අලභන්තී එවමාහ. යස්මා පන තාදිසෙ කාලෙ පිණ්ඩපාතපටික්කන්තස්ස විවිත්තෙ අරඤ්ඤායතනෙ කම්මට්ඨානං ගහෙත්වා නිසින්නස්ස භික්ඛුනො අනප්පකං සුඛං උප්පජ්ජති, යං සන්ධාය වුත්තං –
පස් වැන්නෙහි ‘ඨිතෙ මජ්ඣන්තිකෙ’ ‘සිරි මද්දහනේ, ‘සන්නිසීවෙසු’ සුව පහසු ස්ථානයකට පැමිණ ඉසුඹු ලමින් (විවේක සුවයෙන් ගත කරමින්) සිටින; ‘ඨිතමජ්ඣන්තිකකාලො’ (සිරි මද්දහන කාලය) යන මෙය සියලු සත්ත්වයන්ගේ ඉරියව් දුබල කාලය වේ. මෙහි වනාහි පක්ෂීන් කෙරෙහි ම (විශේෂයෙන්) දක්නා ලැබේ. ‘සන්තෙව’ හඬ නගනු මෙන්, මහා ඝෝෂාවක් මෙන් ය යි කියනු ලැබේ. ‘සනමානං’ හඬ නගමින්) යන්න මෙහි ‘සන්තෙව’ (හඬ නගයි) කියන ලදී. මෙය ‘තප්පටිභාග’ (ඊට සමාන) නමි. ග්‍රීෂ්ම සමයෙහි ඨිතමජ්ඣන්තික කාලයෙහි සිවු පා ගණයා ද පක්ෂි ගණයා ද වැතිර සිටි කල්හි, වාතයෙන් පිරුණු සිදුරු සහිත ගස්වලත් සිදුරු වූ උණ පුරුක්වලත්, කඳින් කඳ අත්තෙන් අත ගැටෙන ගස්වලත්, මහා ශබ්දයක් හට ගනී. ඒ අරභයා මෙය කියන ලදී. ‘තං භයං පටිභාති මං’ ඒ ආකාර අවස්ථාවෙහි මහා වනයෙහි ශබ්ද නගන එය මා හට භයක් ව පවතී. (එය මට බියක් ඇති කරයි.) නුවණ නැති ඒ දේවතාවිය ඒ මොහොතේ තමාගේ නිසජ්ජා (හිඳ ගැනීමේ) පහසුවත් දෙවනු කථා පහසුවත් නො ලබන්නී මෙසේ කීවා ය. මක් නිසා ද යත්, එබඳු අවස්ථාවක පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණ විවේකී අරණ්යායතනයෙහි කමටහන් ගෙන සිටින භික්ෂුවට අනල්ප වූ සුවයක් හට ගනී. ඒ අරභයා කියන ලදී.
“සුඤ්ඤාගාරං පවිට්ඨස්ස, සන්තචිත්තස්ස භික්ඛුනො; අමානුසී රතී හොති, සම්මා ධම්මං විපස්සතො”ති. (ධ· ප· 373) ච,
“සුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්තචිත්තස්ස භික්ඛුනො, අමානුසී රතී හොති සම්මා ධම්මං විපස්සතො”
“පුරතො පච්ඡතො වාපි, අපරො චෙ න විජ්ජති; අතීව ඵාසු භවති, එකස්ස වසතො වනෙ”ති. (ථෙරගා· 537) ච;
“පුරතො පච්ඡතො වා’පි අපරො වෙ න විජ්ජති, අතීව ඵාසු භවති එකස්ස වසතො වනෙ”
(හිස් ගෙයකට (පාලු නිවසකට) ගියා වූ ද, ශාන්ත සිත් ඇත්තා වූ ද, මැනවින් ධර්මය විමසා බලන්නා වූ ද භික්ෂුවට මානුෂීය නො වූ රතියක් ඇති වේ. ඉදිරියෙන් හෝ පිටු පසින් හෝ වෙනත් කිසිවෙකු නො දක්නා ලැබේ. එකලා ව වනයෙහි වසන්නහුට බොහෝ පහසුවක් වේ.)
තස්මා භගවා දුතියං ගාථමාහ. තත්ථ සා රති පටිභාති මන්ති යා එවරූපෙ කාලෙ එකකස්ස නිසජ්ජා නාම, සා රති මය්හං උපට්ඨාතීති අත්ථො. සෙසං තාදිසමෙවාති.
එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දෙවැනි ගාථාව වදාළ සේක. එහි ‘සා රති පටිහාති මං’ මෙබඳු අවස්ථාවක දී හුදෙකලා වූවහුගේ ‘නිසජ්ජා’ නම් වූ ඒ රතිය මා වෙත එළැඹි සිටී යනු අර්ථය යි. සෙස්ස ද එපරිද්දෙනි.
සණමානසුත්තවණ්ණනා නිට්ඨිතා.
පස් වැනි සූත්‍රය යි.
6. නිද්දාතන්දීසුත්තවණ්ණනා
6. නිද්දාතන්දී සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ නිද්දාති, “අභිජානාමහං, අග්ගිවෙස්සන, ගිම්හානං පච්ඡිමෙ මාසෙ නිද්දං ඔක්කමිතා”ති (ම· නි· 1.387) එවරූපාය අබ්යාකතනිද්දාය පුබ්බභාගාපරභාගෙසු සෙඛපුථුජ්ජනානං සසඞ්ඛාරිකඅකුසලෙ චිත්තෙ උප්පන්නං ථිනමිද්ධං. තන්දීති අතිච්ඡාතාතිසීතාදිකාලෙසු උප්පන්නං ආගන්තුකං ආලසියං. වුත්තම්පි චෙතං – “තත්ථ කතමා තන්දී? යා තන්දී තන්දියනා තන්දිමනතා ආලස්යං ආලස්යායනා ආලස්යායිතත්තං, අයං වුච්චති තන්දී”ති (විභ· 857).
හය වැන්නෙහි ‘නිද්දා’ ‘අභිජානාමහං අග්ගිවෙස්සන ගිම්හානං පච්ඡිමෙ මාසෙ -පෙ- නිද්දං ඔක්කමිතා’ (අග්ගිවෙස්සන, ගිම්හානයෙහි අවසන් මාසයෙහි ... නිදා ගැනීම අනුදනිමි.) මෙබඳු වූ අව්‍යාකෘත නිද්‍රාවෙහි පූර්ව භාග අපර භාගයන්හි ශෛක්ෂ හා පෘථග්ජනයන්ගේ සසංඛාරික අකුශල චිත්තයෙහි උපන් ථීන මිද්ධය වේ. ‘තන්දි’ අතිශය කුසගින්න, අතිශය ශීතල වාතය ඇති කාලවල හටගත් ආගන්තුක වූ අලස බව යි. එය මෙසේ කියන ලදී. ‘තත්ථ කතමා තන්දි? යා තන්දි තන්දියනා තන්දියනතා ආලස්සං ආලස්සායනා ආලස්සායිතත්තං, අයං වුච්චති තන්දී’ (එහි ‘තන්දි’ යනු කවරේ ද? මැළි බව, මැළි බවට පත්වීම, මැළි බවෙන් යුතු වීම, අලස බව, අලස බවට පත්වීම, අලස බවෙන් යුතු වීම ය. මෙය ‘තන්දි’ යි කියනු ලැබේ.)
විජම්භිතාති කායවිජම්භනා. අරතීති අකුසලපක්ඛා උක්කණ්ඨිතතා. භත්තසම්මදොති භත්තමුච්ඡා භත්තකිලමථො. විත්ථාරො පන තෙසං – “තත්ථ කතමා විජම්භිතා? යා කායස්ස ජම්භනා විජම්භනා”තිආදිනා නයෙන අභිධම්මෙ ආගතොව. එතෙනාති එතෙන නිද්දාදිනා උපක්කිලෙසෙන උපක්කිලිට්ඨො නිවාරිතපාතුභාවො. නප්පකාසතීති න ජොතති, න පාතුභවතීති අත්ථො. අරියමග්ගොති ලොකුත්තරමග්ගො. ඉධාති ඉමස්මිං ලොකෙ. පාණිනන්ති සත්තානං. වීරියෙනාති මග්ගසහජාතවීරියෙන. නං පණාමෙත්වාති එතං කිලෙසජාතං නීහරිත්වා. අරියමග්ගොති ලොකියලොකුත්තරමග්ගො. ඉති මග්ගෙනෙව උපක්කිලෙසෙ නීහරිත්වා මග්ගස්ස විසුද්ධි වුත්තාති.
‘විජම්භිකා’ ශරීරයේ ඇඟමැලි කැඩීම (හිරි ඇරීම) ය. ‘අරති’ කුශල පක්ෂයෙහි උකටලී බව (නො ඇල්ම) ය. ‘භත්තසම්මදො’ බත් මතය, ආත්ම ක්ලමථය, චිත්තදරථ (සිතේ කාංසාව), ආතතිය ආදී අවස්ථාවෙහි ඇති වන ඒවා, ‘තත්ථ කතමා විජම්භිකා? යා කායස්ස ජම්භනා’ (එහි ‘විජම්භිකා’ (ඇඟමැළි කඩා ඈනුම් ඇරීම යනු කවරේ ද? ශරීරයේ යම් හිරි ඇරීමක් වේ ද) ආදී ක්‍රමයට අභිධර්මයේ දැක්වේ ම ය. ‘එතෙන’ මේ නිද්‍රා ආදී උපක්ලේශවලින් කිළිටි වූ, වැළකුණු ස්වභාවය පහළ වීම ය. ‘නප්පකාසති’ නො බබළයි, පහළ නො වේ යන අර්ථය යි. ‘අරියමග්ගො’ ලෝකෝත්තර මාර්ගය; ‘ඉධ’ මේ ලෝකයෙහි; ‘පාණිනං’ සත්ත්වයන්ගේ ‘විරියෙන’ මාර්ග සමග උපන් වීර්යයෙන්; ‘නං පනාමෙත්වා’ ඒ හටගත් ක්ලේශය බැහැර කොට ‘අරියමග්ගො’ ලෝකෝත්තර මාර්ගය යි. මෙසේ මාර්ගයෙන් ම උපක්ලේශයන් බැහැර කොට මාර්ගයෙහි විශුද්ධිය කියන ලදී.
නිද්දාතන්දීසුත්තවණ්ණනා නිට්ඨිතා.
හය වැනි සූත්‍රය යි.
7. දුක්කරසුත්තවණ්ණනා
7. දුක්කර සූත්‍ර වර්ණනාව
සත්තමෙ දුත්තිතික්ඛන්ති දුක්ඛමං දුඅධිවාසියං. අබ්යත්තෙනාති බාලෙන. සාමඤ්ඤන්ති සමණධම්මො. ඉමිනා දෙවතා ඉදං දස්සෙති – යං පණ්ඩිතා කුලපුත්තා දසපි වස්සානි වීසතිපි සට්ඨිපි වස්සානි දන්තෙ අභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්චපි චෙතසා චිත්තං අභිනිග්ගණ්හිත්වාපි එකාසනං එකභත්තං පටිසෙවමානා ආපාණකොටිකං බ්රහ්මචරියං චරන්තා සාමඤ්ඤං කරොන්ති. තං භගවා බාලො අබ්යත්තො කාතුං න සක්කොතීති. බහූ හි තත්ථ සම්බාධාති තස්මිං සාමඤ්ඤසඞ්ඛාතෙ අරියමග්ගෙ බහූ සම්බාධා මග්ගාධිගමාය පටිපන්නස්ස පුබ්බභාගෙ බහූ පරිස්සයාති දස්සෙති.
සත් වැන්නෙහි: ‘දුත්තිතික්ඛං’ ක්ෂමා කළ නො හැකි, ඉවසිය නො හැකි ‘අබ්බ්යත්තෙන’ බාලයා විසින් ‘සාමඤ්ඤං’ ශ්‍රමණ ධර්මය, මෙයින් දේවතාවා: ‘පණ්ඩිත වූ කුල පුත්‍රයෝ වර්ෂ දහයක්, විස්සක්, හැටක් පවා දතින් දත තබා දිවෙන් තල්ල ගටා, සිතෙන් සිතට නිගරු කොට ඒකාසන ව එක් වේලක් පමණක් වැළඳීමෙහි යෙදෙමින් දිවි හිමියෙන් යම් බ්‍රහ්මචර්යයක් පුරමින් ශ්‍රමණ භාවය පුරත් ද, අව්‍යක්ත වූ බාලයා එය කිරීමට අසමත් වෙයි’ යන මෙය පෙන්නුම් කරයි. ‘බහූ හි තත්ථ සම්බාධා’ ඒ ශ්‍රමණභාව සංඛ්‍යාත ආර්ය මාර්ගයෙහි බොහෝ බාධක වේ. මාර්ගාධිගමනයට පිළිපන්නහුට පූර්ව භාගයෙහි බොහෝ අවහිරතා ඇතැයි දක්වයි.
චිත්තඤ්චෙ න නිවාරයෙති යදි අයොනිසො උප්පන්නං චිත්තං න නිවාරෙය්ය, කති අහානි සාමඤ්ඤං චරෙය්ය? එකදිවසම්පි න චරෙය්ය. චිත්තවසිකො හි සමණධම්මං කාතුං න සක්කොති. පදෙ පදෙති ආරම්මණෙ ආරම්මණෙ. ආරම්මණඤ්හි ඉධ පදන්ති අධිප්පෙතං. යස්මිං යස්මිං හි ආරම්මණෙ කිලෙසො උප්පජ්ජති, තත්ථ තත්ථ බාලො විසීදති නාම. ඉරියාපථපදම්පි වට්ටති. ගමනාදීසු හි යත්ථ යත්ථ කිලෙසො උප්පජ්ජති, තත්ථ තත්ථෙව විසීදති නාම. සඞ්කප්පානන්ති කාමසඞ්කප්පාදීනං.
‘චිත්තං චෙ න නිවාරයෙ’ ඉදින් අයෝනිසෝව හේතුවෙන් උපන් සිත නො වළකයි ද, කී දිනක් ශ්‍රමණ භාවයෙහි හැසිරෙයි ද? එක් දිනක් හෝ නො හැසිරෙයි. සිතේ වසඟයට පත් වූ තැනැත්තා ශ්‍රමණ ධර්මය පැවැත්වීමට නො සමත් වේ. ‘පදෙ පදෙ’ ආරම්මණයක් ආරම්මණයක් පාසා ය. මෙහි ‘පදං’ යනුවෙන් ආරම්මණය අදහස් කරන ලදී. යම් යම් ආරම්මණයක ක්ලේශ හට ගනී ද ඒ ඒ තන්හි බාලයා පසු බසී නමි. ඉරියව් (ලෙස ගැනීම) ද සුදුසු වේ. ගමන් ආදියෙහි යම් යම් තැන කෙලෙස් උපදී ද, ඒ ඒ තැන්වල පසු බසී’ නමි. ‘සඞ්කප්පානං’ කාම සංකල්ප ආදීන්ගේ;
කුම්මො වාති කච්ඡපො විය. අඞ්ගානීති ගීවපඤ්චමානි අඞ්ගානි. සමොදහන්ති සමොදහන්තො, සමොදහිත්වා වා. මනොවිතක්කෙති මනම්හි උප්පන්නවිතක්කෙ. එත්තාවතා ඉදං දස්සෙති – යථා කුම්මො සොණ්ඩිපඤ්චමානි අඞ්ගානි සකෙ කපාලෙ සමොදහන්තො සිඞ්ගාලස්ස ඔතාරං න දෙති, සමොදහිත්වා චස්ස අප්පසය්හතං ආපජ්ජති, එවමෙවං භික්ඛු මනම්හි උප්පන්නවිතක්කෙ සකෙ ආරම්මණකපාලෙ සමොදහං මාරස්ස ඔතාරං න දෙති, සමොදහිත්වා චස්ස අප්පසය්හතං ආපජ්ජතීති. අනිස්සිතොති තණ්හාදිට්ඨිනිස්සයෙහි අනිස්සිතො හුත්වා. අහෙඨයානොති අවිහිංසමානො. පරිනිබ්බුතොති කිලෙසනිබ්බානෙන පරිනිබ්බුතො. නූපවදෙය්ය කඤ්චීති යංකිඤ්චි පුග්ගලං ආචාරවිපත්තිආදීසු යාය කායචි මඞ්කුං කාතුකාමො හුත්වා න වදෙය්ය, “කාලෙන වක්ඛාමි නො අකාලෙනා”තිආදයො පන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා උල්ලුම්පනසභාවසණ්ඨිතෙන චිත්තෙන කාරුඤ්ඤතං පටිච්ච වදෙය්යාති.
‘කුම්මොව’ ඉදිබුවකු මෙන් ‘අඞ්ගානි’ ග්රීවය පස් වැන්න කොට ඇති අවයව ‘සමොදහං’ එකතු කරන්නේ (අකුලා ගන්නේ), එකතු කර හෝ; ‘මනොවිතක්කෙ’ සිතෙහි උපන් විතර්ක මෙයින් මෙපමණක් දක්වයි: ඉදිබුවකු යම් සේ ග්රීවය පස් වැන්න කොට ඇති අවයව තම ඉබි කටුව ඇතුළට ඇද ගනිමින් (රුවා ගනිමින්) සිවලාට පිවිසීමක් නො දෙයි ද, රුවා ගෙන ඔහුගේ මැඩ පැවැත්වීමකට නො පැමිණේ ද, එසේ ම භික්ෂුව ද මනා සේ උපන් විතර්ක, සිය ආරම්මණ නමැති කබලෙහි එකතු කරගනිමින් මාරයාට පිවිසීමක් නො දෙයි, ඔහුගේ මැඩපැවැත්වීමකට ද නො පැමිණෙයි යනු යි. ‘අනිස්සිතො’ තණ්හා දිට්ඨි නිඃශ්‍රයෙන් නො පිහිටා ‘අහෙඨයානො’ හිංසා නො කරමින් ‘පරිනිබ්බුතො’ කෙළෙස් පිරිනිවීමෙන් පිරිනිවුණේ වෙයි. ‘න උපවදෙය්ය කඤ්චි’ අන් කිසි පුද්ගලයෙකු ආචාර, විපත්ති ආදියෙහි දී යම් ලෙසකින් අසතුට පළ කිරීමට කැමති වී නො කියයි ද ‘කාලෙන වක්ඛාමි නො අකාලෙන’ (සුදුසු වේලාවට පවසමි. නො සුදුසු වේලාවේ නො වේ) ආදී කරුණු පහ සිත තුළට ගෙන උදව් කිරීම් ස්වභාවය සළකුණු වූ සිතින් කාරුණිකභාවය හේතුකොට ගෙන පවසයි ද යනු යි.
දුක්කරසුත්තවණ්ණනා නිට්ඨිතා.
සත් වැනි සූත්‍රය යි.
8. හිරිසුත්තවණ්ණනා
8. හිරි සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ හිරීනිසෙධොති හිරියා අකුසලෙ ධම්මෙ නිසෙධෙතීති හිරීනිසෙධො. කොචි ලොකස්මිං විජ්ජතීති කොචි එවරූපො විජ්ජතීති පුච්ඡති. යො නින්දං අපබොධතීති යො ගරහං අපහරන්තො බුජ්ඣති. අස්සො භද්රො කසාමිවාති යථා භද්රො අස්සාජානීයො කසං අපහරන්තො බුජ්ඣති, පතොදච්ඡායං දිස්වා සංවිජ්ඣන්තො විය කසාය අත්තනි නිපාතං න දෙති, එවමෙව යො භික්ඛු භූතස්ස දසඅක්කොසවත්ථුනො අත්තනි නිපාතං අදදන්තො නින්දං අපබොධති අපහරන්තො බුජ්ඣති, එවරූපො කොචි ඛීණාසවො විජ්ජතීති පුච්ඡති. අභූතක්කොසෙන පන පරිමුත්තො නාම නත්ථි. තනුයාති තනුකා, හිරියා අකුසලෙ ධම්මෙ නිසෙධෙත්‍වා චරන්තා ඛීණාසවා නාම අප්පකාති අත්ථො. සදා සතාති නිච්චකාලං සතිවෙපුල්ලෙන සමන්නාගතා. අන්තං දුක්ඛස්ස පප්පුය්යාති වට්ටදුක්ඛස්ස කොටිං අන්තභූතං නිබ්බානං පාපුණිත්වා. සෙසං වුත්තනයමෙවාති.
අට වැන්නෙහි ‘හිරි නිසෙධො’ ලජ්ජාව හේතුකොට ගෙන අකුශල ධර්ම නිශේධනය කරති යි (වළක්වා ලති යි) ‘හිරි නිසෙධො, ‘කොචි ලොකස්මිං විජ්ජති’ එබඳු වූ කිසිවෙකු ලෝකයෙහි විද්‍යමාන වේ දැයි විමසයි. ‘යො නින්දං අපබොධති’ යමෙකු ගර්හාව බැහැර ලමින් වටහා ගනී ද? ‘අස්සො භද්රො කසාමිව’ යහපත් වූ ආජානීය අශ්වයා කසය බැහැර ලමින් වටහා ගනී; කෙවිටේ සෙවනැල්ල දැක සංවේග වෙමින් මෙන් කසයෙන් තමාට තැලීමට ඉඩ නො දෙයි ද, එලෙස ඒ භික්ෂුව සිදුවූ දේ පිළිබඳ ව දශ ආක්‍රෝශ වස්තුවලට තමා වෙත වැටෙන්නට ඉඩ නො දෙන්නේ, නින්දාව ‘අපබොධති’ බැහැර ලමින් වටහා ගනී. එබඳු කිසියම් ක්ෂීණාශ්රව තැනැත්තෙක් වේ දැයි විමසයි. අභූත ලෙස ආක්‍රෝශ කිරීමෙන් සහමුලින් මිදුණු තැනැත්තෙකු නම් නැත. ‘තනුයා’ තනුක ය (ස්වල්ප ය). ලජ්ජාවෙන් අකුශල ධර්ම වළක්වා හැසිරෙන්නා වූ ක්ෂීණාශ්රව වූවෝ නම් අල්ප වෙත් යනු අර්ථය යි. ‘සදා සතා’ සැම කල්හි සිහිය විපුල බවට පත්වීමෙන් යුක්ත වූ; ‘අන්තං දුක්ඛස්ස පප්පුය්ය’ සසර දුකෙහි කෙළවර වූ - අන්තය වූ - නිර්වාණයට පැමිණ. ඉතිරි කොටස පෙර කියන ලද පරිදි ම ය.
හිරීසුත්තවණ්ණනා නිට්ඨිතා.
අට වැනි සූත්‍රය යි.
9. කුටිකාසුත්තවණ්ණනා
9. කුටිකා සූත්‍ර වර්ණනාව
නවමෙ කච්චි තෙ කුටිකාති අයං දෙවතා දස මාසෙ අන්තොවසනට්ඨානට්ඨෙන මාතරං කුටිකං කත්වා, යථා සකුණා දිවසං ගොචරපසුතා රත්තිං කුලාවකං අල්ලීයන්ති, එවමෙවං සත්තා තත්ථ තත්ථ ගන්ත්වාපි මාතුගාමස්ස සන්තිකං ආගච්ඡන්ති, ආලයවසෙන භරියං කුලාවකං කත්වා. කුලපවෙණිං සන්තානකට්ඨෙන පුත්තෙ සන්තානකෙ කත්වා, තණ්හං බන්ධනං කත්වා, ගාථාබන්ධනෙන ඉමෙ පඤ්හෙ සමොධානෙත්වා භගවන්තං පුච්ඡි, භගවාපිස්සා විස්සජ්ජෙන්තො තග්ඝාතිආදිමාහ. තත්ථ තග්ඝාති එකංසවචනෙ නිපාතො. නත්ථීති පහාය පබ්බජිතත්තා වට්ටස්මිං වා පුන මාතුකුච්ඡිවාසස්ස දාරභරණස්ස පුත්තනිබ්බත්තියා වා අභාවතො නත්ථි.
නව වැන්නෙහි ‘කච්චි තෙ කුටිකා’ මේ දේවතාවා, දස මසක් අභ්‍යන්තරයෙහි වසන ස්ථානයක අර්ථයෙන් මව කුටියක් කොට - යම් සේ පක්ෂීහු දවල් කාලයෙහි ගොදුරු සෙවීමෙහි යෙදී රාත්‍රියෙහි කූඩුවක ලගින්නෝ ද, එසේ ම සත්ත්වයෝ ද ඒ ඒ තැන්වල ගියෝ වුව ද, ගැහැනිය කරා එති, නිවස වශයෙන් බිරිඳ කුටිය කොට - කුල ප්‍රවේණිය පෙළපත් පැවතීම් අර්ථයෙන් පුතුන් පෙළපත ගෙන යන්නන් කොට, තව බන්ධනයක් කොට, ගාථා බන්ධනයෙන් මේ ප්‍රශ්න එක්තැන් කොට, භාග්‍යවතුන් වහන්සේගෙන් විචාළේ ය. භාග්‍යවතුන් වහන්සේ ද එය විසඳන්නාහු ‘තග්ඝ’ ආදිය වදාළ සේක. එහි ‘තග්ඝ’ යනු ඒකංස වචනයෙහි නිපාතයකි (ඒකාන්ත වශයෙන්), ‘නත්ථි’ හැර දමා, පැවිදි බව හේතුවෙන් සසරෙහි හෝ යළි මව් කුසෙහි වාසය කිරීමත් දරුවන් රැකබලා ගැනීම පුතුන් සෑදීම හෝ නොමැති බැවින් ‘නැත’.
දෙවතා “මයා සන්නාහං බන්ධිත්වා ගුළ්හා පඤ්හා පුච්ඡිතා, අයඤ්ච සමණො පුච්ඡිතමත්තෙයෙව විස්සජ්ජෙසි, ජානං නු ඛො මෙ අජ්ඣාසයං කථෙසි, උදාහු අජානං යං වා තං වා මුඛාරුළ්හං කථෙසී”ති චින්තෙත්වා පුන කින්තාහන්තිආදිමාහ. තත්ථ කින්තාහන්ති කිං තෙ අහං. අථස්සා භගවා ආචික්ඛන්තො මාතරන්තිආදිමාහ. සාහු තෙති ගාථාය අනුමොදිත්වා සම්පහංසිත්වා භගවන්තං වන්දිත්වා ගන්ධමාලාදීහි පූජෙත්වා අත්තනො දෙවට්ඨානමෙව ගතාති.
දේවතාවා, මා විසින් සන්නාහයක් බැඳ (ගැට ගසා) ගූඪ ප්‍රශ්න අසන ලදී. මේ ශ්‍රමණ තෙමේ ප්‍රශ්න ඇසූ පමණින් ම විසඳී ය. මගේ අදහස දැන ගෙන ම පැවසී ද, නැතහොත් නො දැන කථා කළේ ද, කටට ආ කුමක් හෝ කීවේ දැයි සිතා යළිත් ‘කින්තාහං’ ආදිය පැවසී ය. එහි ‘කින්තාහං’ ‘කිං තෙ අහං’ (මම කුමක් ඔබ වහන්සේට) ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එම දේවතාවාට කරුණු පැහැදිලි කරමින් ‘මාතරං’ ආදිය කී සේක. ‘සාහු තෙ’ ගාථාවෙන් අනුමෝදන් කොට පැහැදීමට පත් ව භාග්‍යවතුන් වහන්සේට වැඳ ගන්ධමාලා ආදියෙන් පූජා කොට සිය දේවස්ථානය වෙත ම ගියේ වෙයි.
කුටිකාසුත්තවණ්ණනා නිට්ඨිතා.
නව වැනි සූත්‍රය යි.