යෙදුමෙන් කියවන්න

2. නිමොක‍්ඛසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. නිමොක‍්ඛසුත‍්තවණ‍්ණනා

2. නිමොක්ඛ සූත්‍ර වර්ණනාව

ඉදානි දුතියසුත‍්තතො පට‍්ඨාය පඨමමාගතඤ‍්ච උත‍්තානත්‍ථඤ‍්ච පහාය යං යං අනුත‍්තානං, තං තදෙව වණ‍්ණයිස‍්සාම. ජානාසි නොති ජානාසි නු. නිමොක‍්ඛන‍්තිආදීනි මග‍්ගාදීනං නාමානි. මග‍්ගෙන හි සත‍්තා කිලෙසබන්‍ධනතො නිමුච‍්චන‍්ති, තස‍්මා මග‍්ගො සත‍්තානං නිමොක‍්ඛොති වුත‍්තො. ඵලක‍්ඛණෙ පන තෙ කිලෙසබන්‍ධනතො පමුත‍්තා, තස‍්මා ඵලං සත‍්තානං පමොක‍්ඛොති වුත‍්තං. නිබ‍්බානං පත්‍වා සත‍්තානං සබ‍්බදුක‍්ඛං විවිච‍්චති, තස‍්මා නිබ‍්බානං විවෙකොති වුත‍්තං. සබ‍්බානි වා එතානි නිබ‍්බානස‍්සෙව නාමානි. නිබ‍්බානඤ‍්හි පත්‍වා සත‍්තා සබ‍්බදුක‍්ඛතො නිමුච‍්චන‍්ති පමුච‍්චන‍්ති විවිච‍්චන‍්ති, තස‍්මා තදෙව “නිමොක‍්ඛො පමොක‍්ඛො විවෙකො”ති වුත‍්තං. ජානාමි ඛ‍්වාහන‍්ති ජානාමි ඛො අහං. අවධාරණත්‍ථො ඛොකාරො. අහං ජානාමියෙව. සත‍්තානං නිමොක‍්ඛාදිජානනත්‍ථමෙව හි මයා සමතිංස පාරමියො පූරෙත්‍වා සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං පටිවිද‍්ධන‍්ති සීහනාදං නදති. බුද‍්ධසීහනාදං නාම කිර එතං සුත‍්තං.

දැන් දෙවැනි සූත්‍රයේ පටන් මුලින් පැමිණි (සඳහන් කළ) දෑ ද, පවසන ලද අර්ථයන් ද අත්හැර නො කියන ලද යමක් වේ ද, ඒ ඒ දෙය ම විස්තර කරන්නෙමු. ‘ජානාසි නො’ දන්නෙහි නො වේ ද? ‘නිමොක්‍ඛං’ ආදිය මාර්ගාදියට නමි. (ආර්ය) මාර්ගයෙන් ම සත්ත්වයෝ කෙළෙස් බැමිවලින් මිදෙත්. එහෙයින් මාර්ගය සත්ත්වයන්ගේ ‘නිමොක්‍ඛො’ යි පවසන ලදී. (මාර්ග) ඵල ලබන ක්‍ෂණයෙහි ඔවුහු කෙළෙස් බැඳුම්වලින් මිදෙති. එහෙයින් ඵලය සත්ත්වයන්ගේ ‘පමොක්ඛො’ යි කියන ලදී. නිවනට පත් ව සත්ත්වයන්ගේ සියලු දුකෙන් මිදීම වෙයි. එහෙයින් නිර්වාණය ‘විවෙක’ (වෙන්වීම) යි කියන ලදී. මේ සියල්ල නිවනට ම නම් ය. නිර්වාණයට පැමිණ සත්ත්වයෝ සියලු දුක්වලින් ගැලවෙති; මිදෙති; වෙන් වෙති, එහෙයින් එය ම ‘නිමොක්‍ඛ’ ‘පමොක්‍ඛ’ ‘විවෙක’ යි කියන ලදී. ‘ජානාමි ඛ්වාහං’ ජානාමි ඛො අහං’ (මම දනිමි.) මෙහි, ‘ඛො’ අවධාරණාර්ථයෙහි වේ. මම සත්ත්වයන්ගේ නිමොක්‍ඛය දන්නෙම් වෙමි. අවබෝධ කර ගැනීම පිණිස ම මා විසින් සමතිස් පෙරුම් පුරා සර්වඥතා ඥානය ලබා ගන්නා ලදැයි මම දනිමි යි සිංහ නාද පවත්වයි. මේ සූත්‍රය බුද්ධ සීහනාද නමි.

නන්‍දීභවපරික‍්ඛයාති නන්‍දීමූලකස‍්ස කම‍්මභවස‍්ස පරික‍්ඛයෙන. නන්‍දියා ච භවස‍්ස චාතිපි වට‍්ටති. තත්‍ථ හි පුරිමනයෙ නන්‍දීභවෙන තිවිධකම‍්මාභිසඞ‍්ඛාරවසෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ගහිතො, සඤ‍්ඤාවිඤ‍්ඤාණෙහි තංසම‍්පයුත‍්තා ච ද‍්වෙ ඛන්‍ධා. තෙහි පන තීහි ඛන්‍ධෙහි සම‍්පයුත‍්තා වෙදනා තෙසං ගහණෙන ගහිතාවාති අනුපාදිණ‍්ණකානං චතුන‍්නං අරූපක‍්ඛන්‍ධානං අප‍්පවත‍්තිවසෙන සඋපාදිසෙසං නිබ‍්බානං කථිතං හොති. වෙදනානං නිරොධා උපසමාති උපාදිණ‍්ණකවෙදනානං නිරොධෙන ච උපසමෙන ච. තත්‍ථ වෙදනාගහණෙන තංසම‍්පයුත‍්තා තයො ඛන්‍ධා ගහිතාව හොන‍්ති, තෙසං වත්‍ථාරම‍්මණවසෙන රූපක‍්ඛන්‍ධොපි. එවං ඉමෙසං උපාදිණ‍්ණකානං පඤ‍්චන‍්නං ඛන්‍ධානං අප‍්පවත‍්තිවසෙන අනුපාදිසෙසං නිබ‍්බානං කථිතං හොති. දුතියනයෙ පන නන්‍දිග‍්ගහණෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො ගහිතො, භවග‍්ගහණෙන උපපත‍්තිභවසඞ‍්ඛාතො රූපක‍්ඛන්‍ධො, සඤ‍්ඤාදීහි සරූපෙනෙව තයො ඛන්‍ධා. එවං ඉමෙසං පඤ‍්චන‍්නං ඛන්‍ධානං අප‍්පවත‍්තිවසෙන නිබ‍්බානං කථිතං හොතීති වෙදිතබ‍්බං. ඉමමෙව ච නයං චතුනිකායිකභණ‍්ඩිකත්‍ථෙරො රොචෙති. ඉති නිබ‍්බානවසෙනෙව භගවා දෙසනං නිට‍්ඨාපෙසීති.

නන්‍දිභව පරික්‍ඛයා නන්‍දිමූලක (තණ්හාව මුල් කොට ඇති) කර්ම භවය අවසාන වීමෙන්, නන්දියේත් (තණ්හාවේත්) භවයේත් යනුවෙන් (ගනු) ද වටී. එහි මුලින් කී ආකාරයට නන්දි භවයෙන් ත්‍රිවිධ කර්ම අහිසංස්කාර වශයෙන් සංස්කාර ස්කන්‍ධය ගන්නා ලදී. සඤ්ඤාවිඤ්ඤාණයෙන් ඒ හා සම්ප්‍රයුක්ත ස්කන්ධ දෙක ගන්නා ලදී. ඒ ස්කන්ධ තුනෙන් යුක්ත වූ වේදනාව, ඒවා ගැනීමෙන් ගන්නා ලදැ යැ යි ද අනුපාදින්න අරූපස්කන්ධ සතරෙහි පැවැත්ම වශයෙන් සඋපාදිශේෂ නිර්වාණය කියන ලදී. ‘වෙදනානං නිරොධා උපසමාති’ උපාදින්නක වේදනාවන්ගේ නිරෝධයෙන් ද උපසමයෙන් ද; එහි ‘වේදනා’ ගැනීමෙන් ඒ හා බැඳුණු ස්කන්ධ තුන ද ගන්නා ලද්දේ ම ය. ඒවාහි වස්තු ආරම්මණ වශයෙන් රූප ස්කන්ධය යි මෙසේ මේ උපාදින්නක වූ ස්කන්ධ පහේ නො පැවැත්ම හේතුවෙන් අනුපාදිශේෂ නිර්වාණය යි පවසන ලදී. දෙවැනි ක්‍රමයට අනුව ‘නන්දී’ ගැනීමෙන් සංස්කාර ස්කන්ධය ගන්නා ලදී. ‘භව’ ගැනීමෙන් උත්පත්ති භව සංඛ්‍යාත වූ රූප ස්කන්ධය ද සඤ්ඤා ආදියෙන් සමාන රූපී වූ ස්කන්ධ තුන ද ගන්නා ලදී. මෙසේ පඤ්ච ස්කන්ධයන්ගේ නො පැවැත්ම වශයෙන් නිර්වාණය දක්වන ලද්දේ ය යි දත යුත්තේ ය. මේ ක්‍රමය ම චතු නිකායික භණ්ඩික තෙරුන් වහන්සේ රුචි කරති. මෙසේ නිර්වාණ වශයෙන් ම භාග්‍යවතුන් වහන්සේ දේශනය අවසන් කළ සේක යනු යි.

නිමොක‍්ඛසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ද්විතීය සූත්‍රය යි.

3. උපනීයතිසුත‍්තවණ‍්ණනා

3. උපනීයති සූත්‍ර වර්ණනාව

තතියෙ උපනීයතීති පරික‍්ඛීයති නිරුජ‍්ඣති, උපගච‍්ඡති වා, අනුපුබ‍්බෙන මරණං උපෙතීති අත්‍ථො. යථා වා ගොපාලෙන ගොගණො නීයති, එවං ජරාය මරණසන‍්තිකං උපනීයතීති අත්‍ථො. ජීවිතන‍්ති ජීවිතින්‍ද්‍රියං. අප‍්පන‍්ති පරිත‍්තං ථොකං. තස‍්ස ද‍්වීහාකාරෙහි පරිත‍්තතා වෙදිතබ‍්බා සරසපරිත‍්තතාය ච ඛණපරිත‍්තතාය ච. සරසපරිත‍්තතායපි හි “යො, භික‍්ඛවෙ, චිරං ජීවති, සො වස‍්සසතං අප‍්පං වා භිය්‍යො”ති (දී· නි· 2.7; සං· නි· 2.143) වචනතො පරිත‍්තං. ඛණපරිත‍්තතායපි. පරමත්‍ථතො හි අතිපරිත‍්තො සත‍්තානං ජීවිතක‍්ඛණො එකචිත‍්තප‍්පවත‍්තිමත‍්තොයෙව. යථා නාම රථචක‍්කං පවත‍්තමානම‍්පි එකෙනෙව නෙමිප‍්පදෙසෙන පවත‍්තති, තිට‍්ඨමානම‍්පි එකෙනෙව තිට‍්ඨති, එවමෙවං එකචිත‍්තක‍්ඛණිකං සත‍්තානං ජීවිතං, තස‍්මිං චිත‍්තෙ නිරුද‍්ධමත‍්තෙ සත‍්තො නිරුද‍්ධොති වුච‍්චති. යථාහ – අතීතෙ චිත‍්තක‍්ඛණෙ ජීවිත්‍ථ න ජීවති න ජීවිස‍්සති, අනාගතෙ චිත‍්තක‍්ඛණෙ ජීවිස‍්සති න ජීවති න ජීවිත්‍ථ, පච‍්චුප‍්පන‍්නෙ චිත‍්තක‍්ඛණෙ ජීවති න ජීවිත්‍ථ න ජීවිස‍්සති.

තුන් වැන්නෙහි ‘උපනීයති’ ක්‍ෂය කරයි, නිරුද්ධ වෙයි, ළං වෙයි හෝ; පිළිවෙළින් මරණයට ළං කරවයි යන අරුත යි. යම් සේ ගොපල්ලා විසින් ගව රැළ දක්කාගෙන යනු ලැබේ ද, එසේ ම ජරාව විසින් මරණය අසළට ගෙන යනු ලැබේ යන අරුත යි. ‘ජීවිතං’ ජීවිතේන්‍ද්‍රිය යි. ‘අප්පං’ සීමිත වූ, ටික වූ; එහි දෙයාකාරයකින් සීමාවීම දත යුත්තේ ය. සරසපරිත්තතා හා ඛණපරිත්තතා යනුවෙනි. සරසපරිත්තතාව අනුව ‘යො භික්‍ඛවෙ චිරං ජීවති සො වස්සසතං අප්පං වා භිය්‍යො’ (මහණෙනි, යම් කිසිවෙක් බොහෝ කලක් ජීවත් වෙයි ද වර්ෂ සියයක් (ජිවත් වෙයි.) බොහෝ වේ නම්, අල්පයකි) යි වචනයෙන් සීමා දැක්වීම ය. ඛණපරිත්තතාව අනුව පරමාර්ථ වශයෙන් සත්ත්වයන්ගේ ජීවිත ක්‍ෂණය අති සීමිත ය. එක් චිත්ත ප්‍රවෘත්ති මාත්‍රයක් පමණක් වන්නේ ය. යම් සේ රථ චක්‍රය කැරකෙනුයේ නමුදු නිම් වළල්ලක එක තැනකින් ම කැරකේ ද, (නැවතී) සිටින විටත් එක ම තැනකින් සිටියි ද, එලෙස ම, සත්ත්වයන්ගේ ජීවිතය ද ඒකචිත්තක්‍ෂණික වේ. ඒ සිත නිරුද්ධ වූ විට ම සත්ත්වයා මළේ ය, නිරුද්ධ වූයේ ය යි කියනු ලැබේ. එහෙයින් කීහ. “අතීත චිත්තක්‍ෂණයෙහි ජීවත් විය. ජීවත් නො වේ. ජීවත් නො වන්නේ ය. අනාගත චිත්තක්‍ෂණයෙහි ජීවත් නො වූයේ ය. ජීවත් නො වේ. ජීවත් වන්නේ ය. වර්තමාන චිත්තක්‍ෂණයෙහි ජීවත් නො වී ය. ජීවත් වෙයි. ජීවත් නො වන්නේ ය.”

“ජීවිතං අත‍්තභාවො ච, සුඛදුක‍්ඛා ච කෙවලා; එකචිත‍්තසමායුත‍්තා, ලහුසො වත‍්තතෙ ඛණො.

“ජීවිතං අත්තභාවො ච සුඛදුක්‍ඛා ච කෙවලා, එකචිත්තසමායුත්තා ලහුසො වත්තතෙ ඛණො”

“යෙ නිරුද‍්ධා මරන‍්තස‍්ස, තිට‍්ඨමානස‍්ස වා ඉධ; සබ‍්බෙපි සදිසා ඛන්‍ධා, ගතා අප‍්පටිසන්‍ධිකා.

“යෙ නිරුද්ධා මරන්තස්ස තිට්ඨමානස්ස වා ඉධ, සබ්බෙපි සදිසා ඛන්‍ධා ගතා අප්පටිසන්‍ධියා”

“අනිබ‍්බත‍්තෙන න ජාතො, පච‍්චුප‍්පන‍්නෙන ජීවති; චිත‍්තභඞ‍්ගා මතො ලොකො, පඤ‍්ඤත‍්ති පරමත්‍ථියා”ති. (මහානි· 10);

“අනිබ්බත්තෙන න ජාතො පච්චුප්පන්නෙන ජීවති, චිත්තභඞ්ගා මතො ලොකො පඤ්ඤත්ති පරමත්‍ථියා”

(ජීවිතයත් ආත්ම භාවයත් සුඛ දුක්‍ඛයත් හුදෙක් එක් චිත්තයකින් සමන්විත ය. ක්‍ෂණය ශීඝ්‍රයෙන් කැරකේ.)

ජරූපනීතස‍්සාති ජරං උපගතස‍්ස, ජරාය වා මරණසන‍්තිකං උපනීතස‍්ස. න සන‍්ති තාණාති තාණං ලෙණං සරණං භවිතුං සමත්‍ථා නාම කෙචි නත්‍ථි. එතං භයන‍්ති එතං ජීවිතින්‍ද්‍රියස‍්ස මරණූපගමනං, ආයුපරිත‍්තතා, ජරූපනීතස‍්ස තාණාභාවොති තිවිධං භයං භයවත්‍ථු භයකාරණන‍්ති අත්‍ථො. පුඤ‍්ඤානි කයිරාථ සුඛාවහානීති විඤ‍්ඤූ පුරිසො සුඛාවහානි සුඛදායකානි පුඤ‍්ඤානි කරෙය්‍ය. ඉති දෙවතා රූපාවචරජ‍්ඣානං සන්‍ධාය පුබ‍්බචෙතනං අපරචෙතනං මුඤ‍්චචෙතනඤ‍්ච ගහෙත්‍වා බහුවචනවසෙන “පුඤ‍්ඤානී”ති ආහ. ඣානස‍්සාදං ඣානනිකන‍්තිං ඣානසුඛඤ‍්ච ගහෙත්‍වා “සුඛාවහානී”ති ආහ. තස‍්සා කිර දෙවතාය සයං දීඝායුකට‍්ඨානෙ බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තත‍්තා හෙට‍්ඨා කාමාවචරදෙවෙසු පරිත‍්තායුකට‍්ඨානෙ චවමානෙ උපපජ‍්ජමානෙ ච ථුල‍්ලඵුසිතකෙ වුට‍්ඨිපාතසදිසෙ සත‍්තෙ දිස‍්වා එතදහොසි “අහොවතිමෙ සත‍්තා ඣානං භාවෙත්‍වා අපරිහීනජ‍්ඣානා කාලං කත්‍වා බ්‍රහ‍්මලොකෙ එකකප‍්ප-ද‍්වෙකප‍්ප-චතුකප‍්ප-අට‍්ඨකප‍්ප-සොළසකප‍්ප-ද‍්වත‍්තිංසකප‍්ප-චතුසට‍්ඨිකප‍්පප‍්පමාණං අද‍්ධානං තිට‍්ඨෙය්‍යු”න‍්ති. තස‍්මා එවමාහ.

‘ජරූපනීතස්ස’ ජරාවට පැමිණියහුගේ, ජරාවෙන් මරණය ළගට ගෙන එන ලද්දහුගේ හෝ; ‘න සන්ති තාණා’ ත්‍රාණ (ආරක්ෂාව), ලෙණ (රැකවරණ), සරණ වීමට සමත් කිසිවකු නම් නැත. ‘එතං භයං’ මේ ජිවිතින්‍ද්‍රියට මරණය පැමිණීම, ආයු සීමා වීම, ජරාවට පමුණුවන ලද්දහුගේ ත්‍රාණය නොමැති වීම, යනුවෙන් ත්‍රිවිධ භයකි. භය වස්තු, භයකාරණය යනු අර්ථ යි. ‘පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි’ නැණවත් පුරුෂයා සුඛාවහ වූ - සුවය ගෙන එන - පින් කරන්නේ ය. මෙසේ දේවතාවා රූපාවචර ධ්‍යානය අරභයා පූර්ව චේතනාව, අපර චේතනාව හා මුඤ්චන චේතනාව ගෙන බහුවචන වශයෙන් ‘පුඤ්ඤානි’ යි කී ය. ධ්‍යාන ආස්වාදය, ධ්‍යාන තෘෂ්ණාව, ධ්‍යාන සුඛය ද ගෙන ‘සුඛාවහානි’ (සුවය ගෙන දෙන) යි කී ය. තමා දිර්ඝායුෂ ස්ථානයක් වූ බ්‍රහ්ම ලෝකයෙහි උපන් හෙයින්, පහතින් ඇති සීමිත ආයුෂ සහිත ස්ථානයෙහි සිටින කාමාවචර දෙවියන් අතර චුත වන හා උපදින - විශාල දිය බිඳු සහිත වර්ෂාපතනයක් හා සමාන - සත්ත්වයන් දැක ඒ දේවතාවාට මෙබඳු සිතක් ඇති විය. ‘අහෝ! මේ සත්ත්වයෝ දැහැන් වඩා නො පිරිහුණු දැහැනින් කළුරිය කොට බ්‍රහ්ම ලෝකයක එක් කපක්, දෙකෙක්, සිවු කපක්, අට කපක්, සොළොස් කපක්, දෙතිස් කපක්, සූසැට කපක් පමණ දිගු කාලයක් රැදී සිටිත් නම් යෙහෙකි.’ එහෙයින් මෙසේ කී ය.

අථ භගවා – “අයං දෙවතා අනිය්‍යානිකං වට‍්ටකථං කථෙතී”ති විවට‍්ටමස‍්සා දස‍්සෙන‍්තො දුතියං ගාථමාහ. තත්‍ථ ලොකාමිසන‍්ති ද‍්වෙ ලොකාමිසා පරියායෙන ච නිප‍්පරියායෙන ච. පරියායෙන තෙභූමකවට‍්ටං ලොකාමිසං, නිප‍්පරියායෙන චත‍්තාරො පච‍්චයා. ඉධ පරියායලොකාමිසං අධිප‍්පෙතං. නිප‍්පරියායලොකාමිසම‍්පි වට‍්ටතියෙව. සන‍්තිපෙක‍්ඛොති නිබ‍්බානසඞ‍්ඛාතං අච‍්චන‍්තසන‍්තිං පෙක‍්ඛන‍්තො ඉච‍්ඡන‍්තො පත්‍ථයන‍්තොති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, මේ දේවතාවා නෛර්යාණික නො වූ සංසාර කථාවක් පවසතැයි ඔහුට නිවන පෙන්වා දෙමින් දෙවැනි ගාථාව වදාළ සේක. එහි ‘ලොකාමිසං’ ලෝකාමිසය - ‘පරියාය’, ‘නිප්පරියාය’ වශයෙන් දෙකකි. ‘පරියාය’ වශයෙන්: ‘තෙභූමකවට්ට’ (කම්මවට්ට, කිලෙසවට්ට, විපාකවට්ට) ලෝකාමිෂ වේ. නිප්පරියාය වශයෙන් ප්‍රත්‍ය සතර ය. මෙහි පරියාය ලෝකාමිෂය අදහස් කෙරේ. නිප්පරියාය ලෝකාමිෂය ද ගැලපෙන්නේ ය. ‘සන්තිපෙක්‍ඛා’ නිර්වාණ සංඛ්‍යාත වූ අත්‍යන්ත ශාන්තිය ‘පෙක්‍ඛන්තො’ කැමති වන්නේ, ප්‍රාර්ථනය කරන්නේ යනු යි.

උපනීයසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

තෙවැනි සුත්‍රය යි.

4. අච‍්චෙන‍්තිසුත‍්තවණ‍්ණනා

4. අච්චෙන්ති සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ අච‍්චෙන‍්තීති අතික‍්කමන‍්ති. කාලාති පුරෙභත‍්තාදයො කාලා. තරයන‍්ති රත‍්තියොති රත‍්තියො අතික‍්කමමානා පුග‍්ගලං මරණූපගමනාය තරයන‍්ති සීඝං සීඝං ගමයන‍්ති. වයොගුණාති පඨමමජ‍්ඣිමපච‍්ඡිමවයානං ගුණා, රාසයොති අත්‍ථො. “අනුජානාමි, භික‍්ඛවෙ, අහතානං වත්‍ථානං දිගුණං සඞ‍්ඝාටි”න‍්ති (මහාව· 348) එත්‍ථ හි පටලට‍්ඨො ගුණට‍්ඨො. “සතගුණා දක‍්ඛිණා පාටිකඞ‍්ඛිතබ‍්බා”ති (ම· නි· 3.379) එත්‍ථ ආනිසංසට‍්ඨො. “අන‍්තං අන‍්තගුණ”න‍්ති එත්‍ථ කොට‍්ඨාසට‍්ඨො. “කයිරා මාලාගුණෙ බහූ”ති (ධ· ප· 53) එත්‍ථ රාසට‍්ඨො. “පඤ‍්ච කාමගුණා”ති එත්‍ථ බන්‍ධනට‍්ඨො. ඉධ පන රාසට‍්ඨො ගුණට‍්ඨො. තස‍්මා වයොගුණාති වයොරාසයො වෙදිතබ‍්බා.

සිවු වැන්නෙහි ‘අච්චන්ති’ ඉක්ම යත්, ‘කාලා’ පෙරබත් (පෙරවරු ආදී කාල ය. ‘තරයන්ති රත්තියො’ රාත්‍රීහු ඉක්ම යමින් පුද්ගලයා මරණයට ළං වීම පිණිස ගෙන යති. වහ වහා ගමන් කරවති. ‘වයොගුණා’ ප්‍රථම, මධ්‍යම, පශ්චිම වයස්වල ගුණයෝ ‘රාශීහු’ යන අර්ථ යි. ‘අනුජානාමි භික්‍ඛවෙ අහතානං වත්‍ථානං ද්විගුණං සංඝාටිං’ (මහණෙනි, අලුත් වස්ත්‍රවලින් දෙපට සිවුර අනු දනිමි) යන මෙහි ‘පටල’ අර්ථය යි. ගුණ අර්ථය යි. ‘සතගුණා දක්‍ඛිණා පාටිකඞ්ඛිතබ්බා’ (දක්‍ෂිණාව සිය ගුණයකින් අපේක්ෂා කළ යුතු ය) යන මෙහි ආනිශංසාර්ථ වේ. ‘අන්තං අන්තගුණං’ යන මෙහි කොටස් යන අරුත යි. ‘කයිරා මාලාගුණෙ බහූ’ (බොහෝ මල් දම් කරයි ද) යන මෙහි රාශි (රැස) අර්ථ යි. ‘පඤ්චකාමගුණා’ යන මෙහි බන්ධන අර්ථය යි. මෙහි වනාහි රාශි (රැස) අර්ථ ය; ගුණ අරුත ය. එහෙයින් ‘වයොගුණා’ වයස් රාශි යි දත යුත්තේ ය.

අනුපුබ‍්බං ජහන‍්තීති අනුපටිපාටියා පුග‍්ගලං ජහන‍්ති. මජ‍්ඣිමවයෙ ඨිතං හි පඨමවයො ජහති, පච‍්ඡිමවයෙ ඨිතං ද‍්වෙ පඨමමජ‍්ඣිමා ජහන‍්ති, මරණක‍්ඛණෙ පන තයොපි වයා ජහන‍්තෙව. එතං භයන‍්ති එතං කාලානං අතික‍්කමනං, රත‍්තිදිවානං තරිතභාවො, වයොගුණානං ජහනභාවොති තිවිධං භයං. සෙසං පුරිමසදිසමෙවාති.

‘අනුපුබ්බං ජහන්ති’ අනුපිළිවෙළින් පුද්ගලයා හැර දමත්. මැදි වයස ප්‍රථම වයසේ සිටින්නා හැර දමයි. ප්‍රථම, මධ්‍යම දෙක පශ්චිම වයසේ සිටින්නා හැර දමයි. වයස් තුන ම මරණ ක්‍ෂණයෙහි (සිටින්නා) හැර දමයි. ‘එතං භයං’ ඒ කාලයන්ගේ අතික්‍රමණය, රෑ දවල්හි ඉක්ම යන බව, වයස් රාශිවල හැර දමන බව යන ත්‍රිවිධ භය වෙයි. සෙස්ස පෙර පරිදි ම ය.

අච‍්චෙන‍්තිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සිවු වැනි සූත්‍රය යි.

5. කතිඡින්‍දසුත‍්තවණ‍්ණනා

5. කතිජින්ද සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ කති ඡින්‍දෙති ඡින්‍දන‍්තො කති ඡින්‍දෙය්‍ය. සෙසපදෙසුපි එසෙව නයො. එත්‍ථ ච “ඡින්‍දෙ ජහෙ”ති අත්‍ථතො එකං. ගාථාබන්‍ධස‍්ස පන මට‍්ඨභාවත්‍ථං අයං දෙවතා සද‍්දපුනරුත‍්තිං වජ‍්ජයන‍්තී එවමාහ. කති සඞ‍්ගාතිගොති කති සඞ‍්ගෙ අතිගතො, අතික‍්කන‍්තොති අත්‍ථො. සඞ‍්ගාතිකොතිපි පාඨො, අයමෙව අත්‍ථො. පඤ‍්ච ඡින්‍දෙති ඡින්‍දන‍්තො පඤ‍්ච ඔරම‍්භාගියසංයොජනානි ඡින්‍දෙය්‍ය. පඤ‍්ච ජහෙති ජහන‍්තො පඤ‍්චුද‍්ධම‍්භාගියසංයොජනානි ජහෙය්‍ය. ඉධාපි ඡින්‍දනඤ‍්ච ජහනඤ‍්ච අත්‍ථතො එකමෙව, භගවා පන දෙවතාය ආරොපිතවචනානුරූපෙනෙව එවමාහ.

පස්වැන්නෙහි ‘කති ඡින්‍දෙ’ සිඳින්නේ, කොපමණ සිඳින්නේ ද? ඉතිරි පදවලත් මේ ක්‍රමය ම ය. මෙහිත් ‘ඡින්‍දෙ ජහෙ’ (සිඳියි, හැර දමයි) යන්නෙහිත් අර්ථ වශයෙන් එක ම ය. ගාථාවෙහි මටසිලුටු බව (රකිනු) පිණිස මේ දේවතාවා ශබ්ද පුනරුක්තිය මඟ හරිමින් මෙසේ කීවා ය. ‘කති සඞ්ගාතිගො’ කෙතෙක් සංග (ඇලීම්) ඉක්මවා ගියේ ද, අතික්‍රමණය කළේ ද යන අර්ථය යි. ‘සඞ්කාතිගො’ යනු ද පාඨයකි. අර්ථය මෙය ම ය. ‘පඤ්ච ඡින්‍දෙ’ යනු සිඳලන්නේ, ඕරම්භාගිය සංයෝජන පහ සිඳලන්නේ ය. ‘පඤ්ච ජහෙ’ හැර දමන්නේ, උද්ධම්භාගිය සංයෝජන පහ දුරු කරන්නේ ය. මෙහි ද ‘ජින්‍දන’, ‘ජහන’ අර්ථ වශයෙන් එක ම ය. භාග්‍යවතුන් වහන්සේ දේවතාවාගේ ආරෝපිත වූ වචන අනුරූපයෙන් ම මෙසේ වදාළ සේක.

අථ වා පාදෙසු බද‍්ධපාසසකුණො විය පඤ‍්චොරම‍්භාගියසංයොජනානි හෙට‍්ඨා ආකඩ‍්ඪමානාකාරානි හොන‍්ති, තානි අනාගාමිමග‍්ගෙන ඡින්‍දෙය්‍යාති වදති. හත්‍ථෙහි ගහිතරුක‍්ඛසාඛා විය පඤ‍්චුද‍්ධම‍්භාගියසංයොජනානි උපරි ආකඩ‍්ඪමානාකාරානි හොන‍්ති, තානි අරහත‍්තමග‍්ගෙන ජහෙය්‍යාති වදති. පඤ‍්ච චුත‍්තරි භාවයෙති එතෙසං සංයොජනානං ඡින්‍දනත්‍ථාය චෙව පහානත්‍ථාය ච උත‍්තරි අතිරෙකං විසෙසං භාවෙන‍්තො සද‍්ධාපඤ‍්චමානි ඉන්‍ද්‍රියානි භාවෙය්‍යාති අත්‍ථො. පඤ‍්ච සඞ‍්ගාතිගොති රාගසඞ‍්ගො දොසසඞ‍්ගො මොහසඞ‍්ගො මානසඞ‍්ගො දිට‍්ඨිසඞ‍්ගොති ඉමෙ පඤ‍්ච සඞ‍්ගෙ අතික‍්කන‍්තො. ඔඝතිණ‍්ණොති වුච‍්චතීති චතුරොඝතිණ‍්ණොති කථීයති. ඉමාය පන ගාථාය පඤ‍්චින්‍ද්‍රියානි ලොකියලොකුත‍්තරානි කථිතානීති.

එසේ නැතහොත් - පාදවල බැඳි මළ පුඩු සහිත පක්‍ෂියකු මෙන් ඕරම්භාගිය සංයෝජන පහ යටින් අදින්නාක් මෙන් පවතී. ඒවා අනාගාමි මාර්ගයෙන් සිඳ ලන්නේ ය යි පවසයි. දෑතින් අල්ලා ගනු ලැබූ වෘක්‍ෂ ශාඛාවක් (අත්තක්) මෙන් උද්ධම්භාගිය සංයෝජන පහ උඩු අතට අදින අයුරින් පවතී. ඒවා අර්හත් මාර්ගයෙන් දුරු කරන්නේ ය යි කියයි. ‘පඤ්ච චුත්තරි භාවයෙ’ මේ සංයෝජනයන් සිඳලීම් වස් හා ප්‍රහාණය කිරීම් වස් වැඩි, අතිරේක, විශේෂ වූවක් වඩන්නේ, ශ්‍රද්ධාව පඤ්චම කොට ඇති ඉන්‍ද්‍රිය වඩන්නේ ය යන අරුත යි. ‘පඤ්ච සඞ්ගාතිගො’ යනු රාග සංග, ද්වේශ සංග, මෝහ සංග, මාන සංග, දිට්ඨි සංග යන මේ ඇලීම් පහ ඉක්ම වූයේ ‘ඔඝතිණ්ණොති වුච්චති’ ඕඝ සතර තරණය කළේ ය යි කියයි. මේ ගාථාවෙන් ලෞකික, ලෝකෝත්තර පඤ්ච ඉන්‍ද්‍රිය සඳහන් කරන ලදී.

කතිඡින්‍දසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

පස් වැනි සුත්‍රය යි.

6. ජාගරසුත‍්තවණ‍්ණනා

6. ජාගර සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ ජාගරතන‍්ති ජාගරන‍්තානං. පඤ‍්ච ජාගරතන‍්ති විස‍්සජ‍්ජනගාථායං පන සද‍්ධාදීසු පඤ‍්චසු ඉන්‍ද්‍රියෙසු ජාගරන‍්තෙසු පඤ‍්ච නීවරණා සුත‍්තා නාම. කස‍්මා? යස‍්මා තංසමඞ‍්ගීපුග‍්ගලො යත්‍ථ කත්‍ථචි නිසින‍්නො වා ඨිතො වා අරුණං උට‍්ඨපෙන‍්තොපි පමාදතාය අකුසලසමඞ‍්ගිතාය සුත‍්තො නාම හොති. එවං සුත‍්තෙසු පඤ‍්චසු නීවරණෙසු පඤ‍්චින්‍ද්‍රියානි ජාගරානි නාම. කස‍්මා ? යස‍්මා තංසමඞ‍්ගීපුග‍්ගලො යත්‍ථ කත්‍ථචි නිපජ‍්ජිත්‍වා නිද‍්දායන‍්තොපි අප‍්පමාදතාය කුසලසමඞ‍්ගිතාය ජාගරො නාම හොති. පඤ‍්චහි පන නීවරණෙහෙව කිලෙසරජං ආදියති ගණ‍්හාති පරාමසති. පුරිමා හි කාමච‍්ඡන්‍දාදයො පච‍්ඡිමානං පච‍්චයා හොන‍්තීති පඤ‍්චහි ඉන්‍ද්‍රියෙහි පරිසුජ‍්ඣතීති අයමත්‍ථො වෙදිතබ‍්බො. ඉධාපි පඤ‍්චින්‍ද්‍රියානි ලොකියලොකුත‍්තරානෙව කථිතානීති.

සය වැන්නේ ‘ජාගරතං’ යනු නිදි වරන්නන්ගේ, ‘පඤ්ච ජාගරතං’ මේ ප්‍රශ්න ගාථාවෙහි ශ්‍රද්ධා ආදී පඤ්ච ඉන්‍ද්‍රියන් නිදිවරන කල්හි පඤ්ච නීවරණයෝ නිදිගත්තාහු නම් වෙති. මක් නිසා ද යත්, යම් සේ ඒ හා බැඳි පුද්ගලයා කොතැනක හෝ හිඳගත්තේ හෝ සිටියේ හෝ අරුණ නැඟී ආයේ වුව ද අකුශල සහිත ප්‍රමාදය හේතුවෙන් ‘නිදිගත්තේ’ නම් වන්නේ ය. එසේ ම පඤ්ච නීවරණ නිදිගත් විට ඉන්‍ද්‍රිය පස නිදිවරා සිටින්නේ නමි. මක් නිසා ද යත්, (ඉන්‍ද්‍රිය පස) එය සහිත පුද්ගලයා කොතැනක හෝ වැද නිදන්නේ වුව ද කුශලය හා එක් වුණු අප්‍රමාදී බව හේතුවෙන් නිදිවරා සිටින්නේ නමි. නීවරණ පසෙන් ම කෙළෙස් රජස් ඇදගනියි, ගනියි, ස්පර්ශ කරයි; කාමච්ඡන්ද ආදී පළමු ඒවා පශ්චිමයට (පසුව එන දේට) ප්‍රත්‍යය වන්නේ ය, ඉන්‍ද්‍රිය පසින් පිරිසිදු බවට පත්වෙයි යන අර්ථය යි දත යුතු ය. මෙහි ද ලෞකික, ලෝකෝත්තර ඉන්‍ද්‍රිය පහ සඳහන් කරන ලදී.

ජාගරසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සය වැනි සූත්‍රය යි.

7. අප‍්පටිවිදිතසුත‍්තවණ‍්ණනා

7. අප්පටිවිදිත සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ ධම‍්මාති චතුසච‍්චධම‍්මා. අප‍්පටිවිදිතාති ඤාණෙන අප‍්පටිවිද‍්ධා. පරවාදෙසූති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතවාදෙසු. තෙ හි ඉතො පරෙසං තිත්‍ථියානං වාදත‍්තා පරවාදා නාම. නීයරෙති අත‍්තනො ධම‍්මතායපි ගච‍්ඡන‍්ති, පරෙනපි නීයන‍්ති. තත්‍ථ සයමෙව සස‍්සතාදීනි ගණ‍්හන‍්තා ගච‍්ඡන‍්ති නාම, පරස‍්ස වචනෙන තානි ගණ‍්හන‍්තා නීයන‍්ති නාම. කාලො තෙසං පබුජ‍්ඣිතුන‍්ති තෙසං පුග‍්ගලානං පබුජ‍්ඣිතුං අයං කාලො. ලොකස‍්මිඤ‍්හි බුද‍්ධො උප‍්පන‍්නො, ධම‍්මො දෙසියති, සඞ‍්ඝො සුප‍්පටිපන‍්නො, පටිපදා භද‍්දිකා, ඉමෙ ච පන මහාජනා වට‍්ටෙ සුත‍්තා නප‍්පබුජ‍්ඣන‍්තීති දෙවතා ආහ. සම‍්බුද‍්ධාති සම‍්මා හෙතුනා කාරණෙන බුද‍්ධා. චත‍්තාරො හි බුද‍්ධා – සබ‍්බඤ‍්ඤුබුද‍්ධො, පච‍්චෙකබුද‍්ධො, චතුසච‍්චබුද‍්ධො, සුතබුද‍්ධොති. තත්‍ථ සමතිංසපාරමියො පූරෙත්‍වා සම‍්මාසම‍්බොධිං පත‍්තො සබ‍්බඤ‍්ඤුබුද‍්ධො නාම. කප‍්පසතසහස‍්සාධිකානි ද‍්වෙ අසඞ‍්ඛ්‍යෙය්‍යානි පාරමියො පූරෙත්‍වා සයම‍්භුතං පත‍්තො පච‍්චෙකබුද‍්ධො නාම. අවසෙසා ඛීණාසවා චතුසච‍්චබුද‍්ධා නාම. බහුස‍්සුතො සුතබුද‍්ධො නාම. ඉමස‍්මිං අත්‍ථෙ තයොපි පුරිමා වට‍්ටන‍්ති. සම‍්මදඤ‍්ඤාති සම‍්මා හෙතුනා කාරණෙන ජානිත්‍වා. චරන‍්ති විසමෙ සමන‍්ති විසමෙ වා ලොකසන‍්නිවාසෙ විසමෙ වා සත‍්තනිකායෙ විසමෙ වා කිලෙසජාතෙ සමං චරන‍්තීති.

සත් වැන්නේ: ‘ධම්මා’ සතර සත්‍ය ධර්ම ‘අප්පටිවිදිතා’ ඤාණයෙන් අවබෝධ නො කරන ලද්දේ, ‘පරවාදෙසු’ දෙසැටක් වූ දෘෂ්ටිගත වාදවල; ඒවා මෙයින් බැහැර ‘පර’ (අන්‍ය) තීර්ථකයන්ගේ ‘වාද’ බැවින් ‘පරවාද” නමි. ‘නීයරෙ’ තමන්ගේ ධර්මතා නිසා ‘ගච්ඡන්ති’ යති, අන්‍යයන්ගේ ධර්මතා නිසා ‘නීයන්ති’ ගෙන යනු ලබති. මෙහි තමන් ම ශාස්වත ආදී (දෘෂ්ටි) ගන්නාහු ‘ගච්ඡන්ති’ (යති) නමි; අනුන්ගේ වචන හේතුවෙන් ඒවා ගන්නාහු ‘නීයන්ති’ (ගෙන යනු ලබති) නමි. ‘කාලො තෙසං පබුජ්ඣිතුං’ ඒ ඒ පුද්ගලයන්ගේ පිබිදීමට මේ කාලය යි. ලෝකයෙහි බුදුන් වහන්සේ උපන් සේක, ධර්මය දේශනා කරනු ලැබේ. සංඝයා වහන්සේගේ සුපටිපන්න ප්‍රතිපදාව සොඳුරු ය. මේ මහජනයා සංසාර වට්ටයෙහි නිදි ගත්තාහු නො පුබුදිත් යි දේවතාවා පැවසී ය. ‘සම්බුද්ධා’, සම්‍යක් හේතුවෙන් කාරණයෙන් බුද්ධ වූ; බුදුවරු සිවු දෙනෙකි. සර්වඥ බුද්ධ, ප්‍රත්‍යෙක බුද්ධ, චතුසත්‍ය බුද්ධ ශ්‍රැත බුද්ධ යනුවෙනි. එහි සමතිස් පෙරුම් පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ සර්වඥ බුද්ධ නමි. කල්ප ශත සහස්‍රාධික අසංඛ්‍ය දෙකක් පාරමී පුරා ස්වයංභූ තත්ත්වයට පත්වූයේ ප්‍රත්‍යෙක බුද්ධ නමි. ක්‍ෂීණාශ්‍රව වූ අවශේෂ අය චතුසත්‍ය බුද්ධ නමි. බහුශ්‍රැත වූවෝ ශ්‍රැත බුද්ධ නමි. මෙහි එන අර්ථයෙහි මුල් තිදෙන ම ඇතුළත් වෙත්. ‘සම්මදඤ්ඤාය’ සම්‍යක් හේතුවෙන් කාරණයෙන් දැන, ‘චරන්ති විසමෙ සමං’ විෂම මිනිස් සමාජයෙහි හෝ විෂම සත්ත්ව ලෝකයෙහි හෝ විෂම කෙලෙස් හටගත් කල්හි සම ව හැසිරෙත් යනු යි.

අප‍්පටිවිදිතසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

සත් වැනි සූත්‍රය යි.

8. සුසම‍්මුට‍්ඨසුත‍්තවණ‍්ණනා

8. සුසම්මුට්ඨ සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ සුසම‍්මුට‍්ඨාති පඤ‍්ඤාය අප‍්පටිවිද‍්ධභාවෙනෙව සුනට‍්ඨා. යථා හි ද‍්වෙ ඛෙත‍්තානි කසිත්‍වා, එකං වපිත්‍වා, බහුධඤ‍්ඤං අධිගතස‍්ස අවාපිතඛෙත‍්තතො අලද‍්ධං සන්‍ධාය “බහුං මෙ ධඤ‍්ඤං නට‍්ඨ”න‍්ති වදන‍්තො අලද‍්ධමෙව “නට‍්ඨ”න‍්ති වදති, එවමිධාපි අප‍්පටිවිදිතාව සුසම‍්මුට‍්ඨා නාම. අසම‍්මුට‍්ඨාති පඤ‍්ඤාය පටිවිද‍්ධභාවෙනෙව අනට‍්ඨා. සෙසං පුරිමසදිසමෙවාති.

අට වැන්නෙහි ‘සුසම්මුට්ඨා’ ප්‍රඥාවෙන් අවබෝධ කොට නො ගත් බැවින් ම බෙහෙවින් නැසුනාහු වෙත්. යම් සේ නෙත් දෙකක් සී සා එකක් වපුරා බොහෝ ධාන්‍ය ලැබූවහුට නො වැපිරූ කෙත හේතුවෙන් නො ලත් දේ අරභයා ‘මගේ බොහෝ ධාන්‍ය නැසිනැ යි පවසත් ද, නො ලත් දේ ම නැසිනැයි කියත් ද එසේ ම මෙහි ද අවබෝධ නො කොට ගත් දේ ම බෙහෙවින් නැසුනා නමි. ‘අසම්මුට්ඨා’ යනු ප්‍රඥාවෙන් අවබෝධ කොට ගත් හෙයින් ම නො නැසුනේ වෙයි. සෙස්ස මුලින් කී පරිදි ම ය.

සුසම‍්මුට‍්ඨසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

අට වැනි සූත්‍රය යි.

9. නමානකාමසුත‍්තවණ‍්ණනා

9. නමානකාම සූත්‍ර වර්ණනාව

නවමෙ මානකාමස‍්සාති මානං කාමෙන‍්තස‍්ස ඉච‍්ඡන‍්තස‍්ස. දමොති එවරූපස‍්ස පුග‍්ගලස‍්ස සමාධිපක‍්ඛිකො දමො නත්‍ථීති වදති. “සච‍්චෙන දන‍්තො දමසා උපෙතො, වෙදන‍්තගූ වුසිතබ්‍රහ‍්මචරියො”ති (සං· නි· 1.195) එත්‍ථ හි ඉන්‍ද්‍රියසංවරො දමොති වුත‍්තො. “යදි සච‍්චා දමා චාගා, ඛන‍්ත්‍යා භිය්‍යොධ විජ‍්ජතී”ති (සං· නි· 1.246; සු· නි· 191) එත්‍ථ පඤ‍්ඤා. “දානෙන දමෙන සංයමෙන සච‍්චවජ‍්ජෙන අත්‍ථි පුඤ‍්ඤං, අත්‍ථි පුඤ‍්ඤස‍්ස ආගමො”ති (සං· නි· 4.365) එත්‍ථ උපොසථකම‍්මං. “සක‍්ඛිස‍්සසි ඛො ත්‍වං, පුණ‍්ණ, ඉමිනා දමූපසමෙන සමන‍්නාගතො සුනාපරන‍්තස‍්මිං ජනපදෙ විහරිතු”න‍්ති (සං· නි· 4.88; ම· නි· 3.396) එත්‍ථ අධිවාසනඛන‍්ති. ඉමස‍්මිං පන සුත‍්තෙ දමොති සමාධිපක‍්ඛිකධම‍්මානං එතං නාමං. තෙනෙවාහ – “න මොනමත්‍ථි අසමාහිතස‍්සා”ති. තත්‍ථ මොනන‍්ති චතුමග‍්ගඤාණං, තඤ‍්හි මුනාතීති මොනං, චතුසච‍්චධම‍්මෙ ජානාතීති අත්‍ථො. මච‍්චුධෙය්‍යස‍්සාති තෙභූමකවට‍්ටස‍්ස. තඤ‍්හි මච‍්චුනො පතිට‍්ඨානට‍්ඨෙන මච‍්චුධෙය්‍යන‍්ති වුච‍්චති. පාරන‍්ති තස‍්සෙව පාරං නිබ‍්බානං. තරෙය්‍යාති පටිවිජ‍්ඣෙය්‍ය පාපුණෙය්‍ය වා. ඉදං වුත‍්තං හොති – එකො අරඤ‍්ඤෙ විහරන‍්තො පමත‍්තො පුග‍්ගලො මච‍්චුධෙය්‍යස‍්ස පාරං න තරෙය්‍ය න පටිවිජ‍්ඣෙය්‍ය න පාපුණෙය්‍යාති.

නව වැන්නෙහි ‘මානකාමස්ස’ මානය කැමති වන්නහුට, අපේක්ෂා කරන්නහුට, ‘දමො’ ඒ ආකාරයේ පුද්ගලයකුට සමාධි පාක්ෂික වූ දමයක් (සිතේ සන්සුන් පැවැත්මක්) නැතැයි කියයි. ‘සච්චෙන දන්තො දමසා උපෙතො වෙදන්තගූ වුසිතබ්‍රහ්මචරියො’ (යමෙක් (පරමාර්ථ) සත්‍යයෙන් දැමුනේ ද, ඉන්‍ද්‍රිය දමනයෙන් යුක්ත ද, සතර මඟ (නම් වූ) වේදයෙහි පරතෙරට ගියේ ද, වැස නිම වූ බඹසර ඇත්තේ ද) යන මෙහි ඉන්‍ද්‍රිය සංවරය ‘දම’ යි කියන ලදී. ‘යදි සච්චා දමා චාගා ඛන්ත්‍යා භිය්‍යො න විජ්ජති’ (සත්‍යයටත් ඉන්‍ද්‍රිය දමනයටත් ත්‍යාගයටත් ක්ෂාන්තියටත් අධික වූ (උසස්) යමක් නොමැත්තේ නම්) යන මෙහි ප්‍රඥාව යි. ‘දානෙන දමෙන සංයමෙන සච්චවජ්ජෙන අත්‍ථි පුඤ්ඤං අත්‍ථි පුඤ්ඤස්ස ආගමො’ (දානයෙන්, ඉන්‍ද්‍රිය දමනයෙන්, සංයමයෙන්, සත්‍ය වචනයෙන්, පිනක් ඇත; පිනේ පැමිණීමක් ඇත) යන මෙහි උපෝසථ කර්මය යි. ‘සක්‍ඛිස්සසි ඛො ත්‍වං පුණ්ණ ඉමිනා දමුපසමෙන සමන්නාගතො සුනාපරන්තස්මිං ජනපදෙ විහරිතුං’ (පුණ්ණයෙනි, මේ දමනයෙන්, උපසමයෙන් යුක්ත වූ ඔබ සුනාපරන්තයෙහි විසීමට සමත් වන්නෙහි ය) යන මෙහි අධිවාසන ක්‍ෂාන්තිය යි. මේ සූත්‍රයෙහි ‘දමො’ යනු සමාධි පාක්‍ෂික ධර්මයන්ට නමකි. එහෙයින් ම කීය: ‘න මොනමත්‍ථි අසමාහිතස්ස’ එහි ‘මොනං’ සිවු මඟ නුවණ ය. එය ‘මුනාති’ (දැනගනී) යි ‘මොන’ (ප්‍රඥාව) වේ. චතුස්සත්‍ය ධර්මය දනී යන අර්ථ යි. ‘මච්චුධෙය්‍යස්ස’ තෙභූමක වට්ටයෙහි (සසර පැවැත්ම) එහි මාරයාගේ ප්‍රතිෂ්ඨාව වන හෙයින් ‘මච්චුධෙය්‍ය’ යි කියනු ලැබේ. ‘පාරං’ එහි පරතෙරට නිවනට, ‘තරෙය්‍ය’ ප්‍රතිවේධ කරන්නේ; පැමිණෙන්නේ හෝ වේ. මේ කියන ලද්දේ: අරණ්‍යයෙහි වාසය කරන එක් ප්‍රමාදී පුද්ගලයෙක් වූයේ සසරෙහි පරතෙර තරණය නො කරන්නේ ය, ප්‍රතිවේධ නො කරන්නේ ය, නො පැමිණෙන්නේ ය යනු යි.

මානං පහායාති අරහත‍්තමග‍්ගෙන නවවිධමානං පජහිත්‍වා. සුසමාහිතත‍්තොති උපචාරප‍්පනාසමාධීහි සුට‍්ඨු සමාහිතත‍්තො. සුචෙතසොති ඤාණසම‍්පයුත‍්තතාය සුන්‍දරචිත‍්තො. ඤාණවිප‍්පයුත‍්තචිත‍්තෙන හි සුචෙතසොති න වුච‍්චති, තස‍්මා ඤාණසම‍්පයුත‍්තෙන සුචෙතසො හුත්‍වාති අත්‍ථො. සබ‍්බධි විප‍්පමුත‍්තොති සබ‍්බෙසු ඛන්‍ධායතනාදීසු විප‍්පමුත‍්තො හුත්‍වා. තරෙය්‍යාති එත්‍ථ තෙභූමකවට‍්ටං සමතික‍්කමන‍්තො නිබ‍්බානං පටිවිජ‍්ඣන‍්තො තරතීති පටිවෙධතරණං නාම වුත‍්තං. ඉති ඉමාය ගාථාය තිස‍්සො සික‍්ඛා කථිතා හොන‍්ති. කථං – මානො නාමායං සීලභෙදනො, තස‍්මා “මානං පහායා”ති ඉමිනා අධිසීලසික‍්ඛා කථිතා හොති. “සුසමාහිතත‍්තො”ති ඉමිනා අධිචිත‍්තසික‍්ඛා. “සුචෙතසො”ති එත්‍ථ චිත‍්තෙන පඤ‍්ඤා දස‍්සිතා, තස‍්මා ඉමිනා අධිපඤ‍්ඤාසික‍්ඛා කථිතා. අධිසීලඤ‍්ච නාම සීලෙ සති හොති, අධිචිත‍්තං චිත‍්තෙ සති, අධිපඤ‍්ඤා පඤ‍්ඤාය සති. තස‍්මා සීලං නාම පඤ‍්චපි දසපි සීලානි, පාතිමොක‍්ඛසංවරො අධිසීලං නාමාති වෙදිතබ‍්බං. අට‍්ඨ සමාපත‍්තියො චිත‍්තං, විපස‍්සනාපාදකජ‍්ඣානං අධිචිත‍්තං. කම‍්මස‍්සකතඤාණං පඤ‍්ඤා, විපස‍්සනා අධිපඤ‍්ඤා. අනුප‍්පන‍්නෙපි හි බුද‍්ධුප‍්පාදෙ පවත‍්තතීති පඤ‍්චසීලං දසසීලං සීලමෙව, පාතිමොක‍්ඛසංවරසීලං බුද‍්ධුප‍්පාදෙයෙව පවත‍්තතීති අධිසීලං. චිත‍්තපඤ‍්ඤාසුපි එසෙව නයො. අපිච නිබ‍්බානං පත්‍ථයන‍්තෙන සමාදින‍්නං පඤ‍්චසීලම‍්පි දසසීලම‍්පි අධිසීලමෙව. සමාපන‍්නා අට‍්ඨ සමාපත‍්තියොපි අධිචිත‍්තමෙව. සබ‍්බම‍්පි වා ලොකියසීලං සීලමෙව, ලොකුත‍්තරං අධිසීලං. චිත‍්තපඤ‍්ඤාසුපි එසෙව නයොති. ඉති ඉමාය ගාථාය සමොධානෙත්‍වා තිස‍්සො සික‍්ඛා සකලසාසනං කථිතං හොතීති.

‘මානං පහාය’ අර්හත් මාර්ගයෙන් නව විධ වූ මාන අත්හැර. ‘සුසමාහිතත්තො’ උපචාර, අර්පණා සමාධිවලින් මැනවින් සමාධිගත සිත් ඇත්තේ, ‘සුචෙතසො’ ඥාන සම්ප්‍රයුක්ත බැවින් සුන්දර සිත් ඇත්තේ, ඥාන විප්‍රයුක්ත චිත්තයෙන් ‘සුචෙතසො’ යි නො කියනු ලැබේ. එහෙයින් ඥාන සම්ප්‍රයුක්ත බැවින් මනා සිත් ඇත්තේ වී යනු අර්ථ යි. ‘සබ්බධි විප්පමුත්තො’ සියලු ස්කන්ධ, ආයතන ආදියෙන් මිදී; තරණය කරන්නේ ය යන මෙහි තෙභූමක වට්ටය සමතික්‍රමණය කරමින් නිර්වාණය ප්‍රතිවේධ කරමින් තරණය කරති යි ‘ප්‍රතිවේධ තරණය’ නමැයි කියන ලදී. මෙසේ මේ ගාථාවෙන් ශික්ෂා තුනක් පවසන ලද්දේ වෙයි. කෙසේ ද? මාන නම් වූ මෙය ශීල භේදන (සිල් බිදීම) වේ. එහෙයින්, ‘මානං පහාය’ යන මෙයින් අධිශීල ශික්ෂාව කියන ලදී. ‘සුසමාහිතත්තො’ යන මෙයින් අධිචිත ශික්ෂාව ය. ‘සුචෙතසො’ යන මෙයින් සිතෙන් ප්‍රඥාව දක්වන ලදී. එහෙයින් මෙයින් අධිප්‍රඥා ශික්ෂාව කියන ලදී. අධිශීලය, ශීලය ඇති කල්හි වේ. අධිචිත්තය සිත ඇති කල්හි ය. අධිප්‍රඥාව ප්‍රඥාව ඇති කල්හි ය. එහෙයින් මෙහි ශීල නම් පන්සිල් ද දශ සිල් ද වේ. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය අධිශීලය නමැයි දත යුතු ය. අෂ්ටසමාපත්තිය චිත්තය වේ. විදර්ශනා පාදක ධ්‍යානය අධිචිත්ත වේ. කර්මයාගේ කෘත ඥානය ප්‍රඥාව ය. විපස්සනාව අධි ප්‍රඥාව වේ. බුද්ධෝත්පාදයක් නො වූ කල්හි ද පවතීනුයි පංච ශීලය, දශ ශීලය ශීල ම වේ. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය බුද්ධෝත්පාද කාලයෙහි ම පවතීනුයි අධි ශීල වෙයි. චිත්ත (හා) ප්‍රඥාවෙහි ද මේ න්‍යය ම ය. තව ද නිවන පතන්නකු විසින් සමාදන් වූ පංච ශීලයත් දශ ශීලයත් අධි ශීලය ම ය. සපැමිණි අෂ්ට සමාපත්තිය ද අධි චිත්තය ම වේ. සියලු ම ලෞකික ශීල ශීල ම ය. ලෝක්කෝත්තර (ශීලය) අධි ශීලය යි. චිත්ත - ප්‍රඥා දෙක්හි ද මේ න්‍යාය ම ය. මෙසේ මේ ගාථාවෙහි සමෝධානයෙන් (එකට සම්බන්ධ කිරීමෙන්) ගෙන ත්‍රිශික්ෂාවත් සකල ශාසනයත් ප්‍රකාශිත වෙයි යනු යි.

මානකාමසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

නව වැනි සූත්‍රය යි.

10. අරඤ‍්ඤසුත‍්තවණ‍්ණනා

10. අරඤ්ඤ සූත්‍ර වර්ණනාව

දසමෙ සන‍්තානන‍්ති සන‍්තකිලෙසානං, පණ‍්ඩිතානං වා. “සන‍්තො හවෙ සබ‍්භි පවෙදයන‍්ති (ජා· 2.21.413), දූරෙ සන‍්තො පකාසන‍්තී”තිආදීසු (ධ· ප· 304) හි පණ‍්ඩිතාපි සන‍්තොති වුත‍්තා. බ්‍රහ‍්මචාරිනන‍්ති සෙට‍්ඨචාරීනං මග‍්ගබ්‍රහ‍්මචරියවාසං වසන‍්තානං. කෙන වණ‍්ණො පසීදතීති කෙන කාරණෙන ඡවිවණ‍්ණො පසීදතීති පුච‍්ඡති. කස‍්මා පනෙසා එවං පුච‍්ඡති? එසා කිර වනසණ‍්ඩවාසිකා භුම‍්මදෙවතා ආරඤ‍්ඤකෙ භික‍්ඛූ පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තෙ අරඤ‍්ඤං පවිසිත්‍වා රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානෙසු මූලකම‍්මට‍්ඨානං ගහෙත්‍වා නිසින‍්නෙ පස‍්සති. තෙසඤ‍්ච එවං නිසින‍්නානං බලවචිත‍්තෙකග‍්ගතා උප‍්පජ‍්ජති. තතො විසභාගසන‍්තති වූපසම‍්මති, සභාගසන‍්තති ඔක‍්කමති, චිත‍්තං පසීදති. චිත‍්තෙ පසන‍්නෙ ලොහිතං පසීදති, චිත‍්තසමුට‍්ඨානානි උපාදාරූපානි පරිසුද‍්ධානි හොන‍්ති, වණ‍්ටා පමුත‍්තතාලඵලස‍්ස විය මුඛස‍්ස වණ‍්ණො හොති. තං දිස‍්වා දෙවතා චින‍්තෙසි – “සරීරවණ‍්ණො නාමායං පණීතානි රසසම‍්පන‍්නානි භොජනානි සුඛසම‍්ඵස‍්සානි නිවාසනපාපුරණසයනානි උතුසුඛෙ තෙභූමිකාදිභෙදෙ ච පාසාදෙ මාලාගන්‍ධවිලෙපනාදීනි ච ලභන‍්තානං පසීදති, ඉමෙ පන භික‍්ඛූ පිණ‍්ඩාය චරිත්‍වා මිස‍්සකභත‍්තං භුඤ‍්ජන‍්ති, විරළමඤ‍්චකෙ වා ඵලකෙ වා සිලාය වා සයනානි කප‍්පෙන‍්ති, රුක‍්ඛමූලාදීසු වා අබ‍්භොකාසෙ වා වසන‍්ති, කෙන නු ඛො කාරණෙන එතෙසං වණ‍්ණො පසීදතී”ති. තස‍්මා පුච‍්ඡි.

දස වැන්නෙහි ‘සන්තානං’ ශාන්ත වූ ක්ලේශයන්ගේ පණ්ඩිතයන්ගේ හෝ ‘සන්තො හවෙ සබ්භි පවෙදයන්ති, දූරෙ සන්තො පකාසෙති’ (ශාන්ත වූවෝ සත්පුරුෂයන් සමග කථා කරත් (ඔවුහු) දුර (සිටියත්) බබළත්) ආදියෙහි පණ්ඩිතයෝ ද ‘සන්තො’ යි දක්වන ලදහ. ‘බ්‍රහ්මචාරිනං’ ශ්‍රේෂ්ඨාචාරීන්ගේ; මාර්ගය වූ බ්‍රහ්මචර්ය වාසය කරන්නවුන්ගේ ‘කෙන වණ්ණො පසීදති’ කුමන කරුණකින් ඡවි වර්ණය (සමෙහි පාට) පැහැදේදැයි විමසයි. දේවතාවා කුමක් නිසා මෙසේ ප්‍රශ්න කරයි ද? මේ වනයෙහි වාසය කරන බූමාටු දේවතාවා, ආරණ්‍යවාසී භික්‍ෂූන් ආහාර අනුභවයෙන් පසු, පිණ්ඩපාතයෙන් අනතුරු ව, ආපසු පැමිණෙමින් ආරණ්‍යයට පිවිස රාත්‍රි ස්ථානවල, දිවා ස්ථානවල, මූල කර්මස්ථාන ගෙන සිටිනු දකියි. මෙසේ සිටින ඔවුන්ගේ බලවත් චිත්ත ඒකාග්‍රතාවක් හට ගනී. එයින් විසභාගසන්තති (අසමාන පැවතුම්) උපසමනය වෙයි; සභාගසන්තතිවලට (සමාන පැවැත්වීම්වලට) වැටේ. සිත පැහැදෙයි. සිත පැහැදුණු විට රුධිරය පැහැදෙයි. චිත්ත සමුට්ඨාන වූ (සිතෙන් හටගත්) උපාදා රූප පිරිසුදු වෙයි. නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියෙහි මෙන් මුහුණෙහි වර්ණය වෙයි. ඒ දැක දේවතාවා මෙසේ සිතී ය. ශරීර වර්ණය නම් වූ මෙය පැහැදෙන්නේ ප්‍රණීත වූ රසයෙන් යුක්ත වූ භෝජන ද සුඛ ස්පර්ශයෙන් යුතු අඳන හා පෙරවිලි සහිත මනා යහන් ද හොඳ ඍතුවල සැප ඇති තෙමහල් ආදී ප්‍රභේදවලින් යුතු ප්‍රාසාද ද මාලාගන්ධ විලේපන ද ලබන්නන්ගේ ය. මේ භික්‍ෂූහු වනාහි පිණ්ඩපාතයේ යෙදී මිශ්‍ර වූ බත් බුදිති. වේවැල් ඇඳේ හෝ ලෑල්ලේ හෝ ගල්තලාවල හෝ යහන් සකසා ගනිති. රුක්මුල් ආදියෙහි හෝ එළිමහනේ හෝ ජීවත් වෙති. කවර කරුණකින් මොවුන්ගේ වර්ණ පහදී ද? එහෙයින් විමසී ය.

අථස‍්සා භගවා කාරණං කථෙන‍්තො දුතියං ගාථං ආහ. තත්‍ථ අතීතන‍්ති අතීතෙ අසුකො නාම රාජා ධම‍්මිකො අහොසි, සො අම‍්හාකං පණීතෙ පච‍්චයෙ අදාසි. ආචරියුපජ‍්ඣායා ලාභිනො අහෙසුං. අථ මයං එවරූපානි භොජනානි භුඤ‍්ජිම‍්හා, චීවරානි පාරුපිම‍්හාති එවං එකච‍්චෙ පච‍්චයබාහුල‍්ලිකා විය ඉමෙ භික‍්ඛූ අතීතං නානුසොචන‍්ති. නප‍්පජප‍්පන‍්ති නාගතන‍්ති අනාගතෙ ධම‍්මිකො රාජා භවිස‍්සති, ඵීතා ජනපදා භවිස‍්සන‍්ති, බහූනි සප‍්පිනවනීතාදීනි උප‍්පජ‍්ජිස‍්සන‍්ති, “ඛාදථ භුඤ‍්ජථා”ති තත්‍ථ තත්‍ථ වත‍්තාරො භවිස‍්සන‍්ති, තදා මයං එවරූපානි භොජනානි භුඤ‍්ජිස‍්සාම, චීවරානි පාරුපිස‍්සාමාති එවං අනාගතං න පත්‍ථෙන‍්ති. පච‍්චුප‍්පන‍්නෙනාති යෙන කෙනචි තඞ‍්ඛණෙ ලද‍්ධෙන යාපෙන‍්ති. තෙනාති තෙන තිවිධෙනාපි කාරණෙන.

ඉක්බිති, ඔහුට භාග්‍යවතුන් වහන්සේ කරුණු පවසන්නාහු, දෙවැනි ගාථාව වදාළහ. එහි ‘අතීතං’ අතීතයෙහි අසවල් නම් ඇති ධාර්මික රජෙක් වූයේ ය, හේ අපට ප්‍රණීත ප්‍රත්‍ය දුන්නේ ය, ආචාර්ය උපාධ්‍යායයන් ලැබුවෝ වූහ. ඉක්බිති අපි මේ ආකාරයේ භෝජන අනුභව කළෙමු, සිවුරු පෙරවූයෙමු, මෙසේ ප්‍රත්‍ය බහුල වශයෙන් ලැබූ සමහරුන් මෙන් මේ භික්‍ෂූහු අතීතය ගැන ශෝක නො කරති. ‘නප්පජප්පන්ති නාගතං’ අනාගතයෙහි ධාර්මික රජෙක් වන්නේ ය, ජනපද සම්පතින් පිරුණා වන්නේ ය, බොහෝ ගිතෙල්, වෙඬරු ආදිය උපදින්නේ ය, කව! බොව! යි ඒ ඒ තැන කියන්නෝ වෙත්, එවිට අපි මේ ආකාරයේ බොජුන් වළඳන්නෙමු, සිවුරු පෙරවන්නෙමු යි මෙසේ අනාගතය ප්‍රාර්ථනා නො කරති. ‘පච්චුප්පන්නෙන’ ඒ මොහොතේ ලැබෙන කුමන හෝ දෙයකින් ජීවත් වෙති. ‘තෙන’ ඒ ත්‍රිවිධ කරුණින්

එවං වණ‍්ණසම‍්පත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි තස‍්සෙව වණ‍්ණස‍්ස විනාසං දස‍්සෙන‍්තො අනන‍්තරං ගාථමාහ. තත්‍ථ අනාගතප‍්පජප‍්පායාති අනාගතස‍්ස පත්‍ථනාය. එතෙනාති එතෙන කාරණද‍්වයෙන. නළොව හරිතො ලුතොති යථා හරිතො නළො ලායිත්‍වා උණ‍්හපාසාණෙ පක‍්ඛිත‍්තො සුස‍්සති, එවං සුස‍්සන‍්තීති.

මෙසේ වර්ණ සම්පත්තිය දක්වා දැන් ඒ වර්ණයෙහි ම විනාශය දක්වමින් ඊ ළඟ ගාථාව කීහ. එහි ‘අනාගතප්පජප්පාය’ අනාගත පැවතුම් සඳහා, ‘එතෙන’ මේ දෙකරුණ හේතුවෙන්, ‘නළොව හරිතො ලුතො’ යම්සේ කොළ පැහැති බට දණ්ඩක් කපා උණුසුම් ගල් තලාවක් මත දමා වියළවයි ද, එසේ වියළවන්නේ ය යනු යි.

අරඤ‍්ඤසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දස වැනි සූත්‍රය යි.

නළවග‍්ගො පඨමො.

ප්‍රථම නළ වර්ගය යි.