යෙදුමෙන් කියවන්න

10. සමිද‍්ධිසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

10. සමිද‍්ධිසුත‍්තවණ‍්ණනා

10. සමිද්ධි සූත්‍ර වර්ණනාව

දසමෙ තපොදාරාමෙති තපොදස‍්ස තත‍්තොදකස‍්ස රහදස‍්ස වසෙන එවං ලද‍්ධනාමෙ ආරාමෙ. වෙභාරපබ‍්බතස‍්ස කිර හෙට‍්ඨා භුම‍්මට‍්ඨකනාගානං පඤ‍්චයොජනසතිකං නාගභවනං දෙවලොකසදිසං මණිමයෙන තලෙන ආරාමුය්‍යානෙහි ච සමන‍්නාගතං. තත්‍ථ නාගානං කීළනට‍්ඨානෙ මහාඋදකරහදො, තතො තපොදා නාම නදී සන්‍දති කුථිතා උණ‍්හොදකා. කස‍්මා පනෙසා එදිසා? රාජගහං කිර පරිවාරෙත්‍වා මහාපෙතලොකො තිට‍්ඨති, තත්‍ථ ද‍්වින‍්නං මහාලොහකුම‍්භිනිරයානං අන‍්තරෙන අයං තපොදා ආගච‍්ඡති, තස‍්මා කුථිතා සන්‍දති. වුත‍්තම‍්පි චෙතං –

දස වැන්නෙහි ‘තපොදාරාමෙ’ ‘තපොද’ රත් වූ ජලය ඇති පොකුණ වශයෙන් මෙසේ නම් ලද ආරාමයෙහි, වේභාර පර්වතයෙන් පහත බූමාටු නාගයන්ගේ පන් සියයක් යොදුන් වූ දෙව් ලොවට සමාන මිණිමුවා තලයකින් ද ආරාම උද්‍යානවලින් ද සමන්විත වූ නාග භවනකි. එහි නාගයන්ගේ කෙළි බිමෙහි මහා විලකි. එහි තපෝදා නම් ගඟ රත් වූයේ උණු දිය ඇති ව ගලයි. එය එලෙස වූයේ කිම? රජගහ නුවර වට කොට මහා ප්‍රේත ලෝකය තිබේ. එහි මහ ලොහොකුඹු නිර දෙක අතරින් මේ තපෝදා (නදිය) පැමිණෙයි. එහෙයින් උණු වී ගලයි. එය ද කියන ලද්දේ වේ:

“යතායං, භික‍්ඛවෙ, තපොදා සන්‍දති, සො දහො අච‍්ඡොදකො සීතොදකො සාතොදකො සෙතොදකො සුප‍්පතිත්‍ථො රමණීයො පහූතමච‍්ඡකච‍්ඡපො, චක‍්කමත‍්තානි ච පදුමානි පුප‍්ඵන‍්ති. අපිචායං, භික‍්ඛවෙ, තපොදා ද‍්වින‍්නං මහානිරයානං අන‍්තරිකාය ආගච‍්ඡති, තෙනායං තපොදා කුථිතා සන්‍දතී”ති (පාරා· 231).

‘යතොයං භික්‍ඛවෙ තයොදා සන්‍දති සො රහදො අච්ඡොදකො සාතොදකො සීතදකො සුපතිත්‍ථො රමණීයො පහූතමච්ඡකච්ඡපො චක්කමත්තානි පදුමානි පුප්ඵන්ති, අපි චායං තපොදා ද්වින්නං මහානිරයානං අන්තරිකාය ආගච්ඡති, තෙනායං තපොදා කුථීතා සන්‍දති’ (මහණෙනි, මේ තපෝදා නදිය යම් තැනක සිට ගලයි ද, ඒ විල පිරිසිදු ජලය ඇත්තේ, ප්‍රසන්න දිය ඇත්තේ, සීත දිය ඇත්තේ, මනහර ඉවුරු ඇත්තේ රමණීය ය; බොහෝ මත්ස්‍යයන් ඉදිබුවන් සහිත ය. රිය සක තරම් මහත් වූ පියුම් පිපේ. එසේ වුව ද මේ තපෝදා නදිය මහා නිරය දෙකක් මැදින් එයි. එහෙයින් මේ තපෝදා නදිය උණු වී (රත් වී) ගලයි.)

ඉමස‍්ස පන ආරාමස‍්ස අභිමුඛට‍්ඨානෙ තතො මහාඋදකරහදො ජාතො, තස‍්ස වසෙනායං විහාරො “තපොදාරාමො”ති වුච‍්චති.

මේ ආරාමයට අභිමුඛ ස්ථානයෙහි එයින් ම විලක් හට ගත්තේ ය. ඒ හේතුවෙන් මේ විහාරය තපෝදාරාමය යි කියනු ලැබේ

සමිද‍්ධීති තස‍්ස කිර ථෙරස‍්ස අත‍්තභාවො සමිද‍්ධො අභිරූපො පාසාදිකො, තස‍්මා “සමිද‍්ධී”ත්‍වෙව සඞ‍්ඛං ගතො. ගත‍්තානි පරිසිඤ‍්චිතුන‍්ති පධානිකත්‍ථෙරො එස, බලවපච‍්චූසෙ උට‍්ඨායාසනා සරීරං උතුං ගාහාපෙත්‍වා බහි සට‍්ඨිහත්‍ථමත‍්තෙ මහාචඞ‍්කමෙ අපරාපරං චඞ‍්කමිත්‍වා “සෙදගහිතෙහි ගත‍්තෙහි පරිභුඤ‍්ජමානං සෙනාසනං කිලිස‍්සතී”ති මඤ‍්ඤමානො ගත‍්තානි පරිසිඤ‍්චනත්‍ථං සරීරධොවනත්‍ථං උපසඞ‍්කමි. එකචීවරො අට‍්ඨාසීති නිවාසනං නිවාසෙත්‍වා කායබන්‍ධනං බන්‍ධිත්‍වා චීවරං හත්‍ථෙන ගහෙත්‍වා අට‍්ඨාසි.

‘සමිද්ධි’ ඒ තෙරුන්ගේ ආත්ම භාවය සමෘද්ධි විය. මනරම් ය; ප්‍රසාද ජනක ය. එහෙයින් ‘සමිද්ධි’ යනුවෙන් ප්‍රසිද්ධියට පත් විය. ‘ගත්තානි පරිසඤ්චිතුං’ දැහැන් වඩන තෙරුන් වහන්සේ ඉතා උදයෙන් ම ආසනයෙන් නැගිට ශරීරය ඍතුවට ගන්වා (සිරුර දියෙන් පිවිතුරු කොට) බැහැර රියන් හැටක් පමණ වූ මහා සක්මනෙහි ඉහළ පහළ සක්මන් කොට ඩහදිය වැකුණු ගාත්‍රවලින් යුතු ව පරිහරණය කළොත් සේනාසනය කිළිටි වෙතැයි සිතන්නේ ගාත්‍රයන් පිරිසුදු කරනු පිණිස - ශරීර ධෝවනය කරනු පිණිස - පැමිණියේ ය. ‘එකචීවරො අට්ඨාසි’ හඳන සිවුර හැඳ බඳ පටියෙන් බැඳ සිවුර අතින් ගෙන සිටියේ ය.

ගත‍්තානි පුබ‍්බාපයමානොති ගත‍්තානි පුබ‍්බසදිසානි වොදකානි කුරුමානො. අල‍්ලසරීරෙ පාරුතං හි චීවරං කිලිස‍්සති දුග‍්ගන්‍ධං හොති, න චෙතං වත‍්තං. ථෙරො පන වත‍්තසම‍්පන‍්නො, තස‍්මා වත‍්තෙ ඨිතොව න‍්හායිත්‍වා පච‍්චුත‍්තරිත්‍වා අට‍්ඨාසි. තත්‍ථ ඉදං න‍්හානවත‍්තං – උදකතිත්‍ථං ගන‍්ත්‍වා යත්‍ථ කත්‍ථචි චීවරානි නික‍්ඛිපිත්‍වා වෙගෙන ඨිතකෙනෙව න ඔතරිතබ‍්බං, සබ‍්බදිසා පන ඔලොකෙත්‍වා විවිත‍්තභාවං ඤත්‍වා ඛාණුගුම‍්බලතාදීනි වවත්‍ථපෙත්‍වා තික‍්ඛත‍්තුං උක‍්කාසිත්‍වා අවකුජ‍්ජ ඨිතෙන උත‍්තරාසඞ‍්ගචීවරං අපනෙත්‍වා පසාරෙතබ‍්බං, කායබන්‍ධනං මොචෙත්‍වා චීවරපිට‍්ඨෙයෙව ඨපෙතබ‍්බං. සචෙ උදකසාටිකා නත්‍ථි, උදකන‍්තෙ උක‍්කුටිකං නිසීදිත්‍වා නිවාසනං මොචෙත්‍වා සචෙ සින‍්නට‍්ඨානං අත්‍ථි, පසාරෙතබ‍්බං. නො චෙ අත්‍ථි, සංහරිත්‍වා ඨපෙතබ‍්බං. උදකං ඔතරන‍්තෙන සණිකං නාභිප‍්පමාණමත‍්තං ඔතරිත්‍වා වීචිං අනුට‍්ඨාපෙන‍්තෙන සද‍්දං අකරොන‍්තෙන නිවත‍්තිත්‍වා ආගතදිසාභිමුඛෙන නිමුජ‍්ජිතබ‍්බං, එවං චීවරං රක‍්ඛිතං හොති. උම‍්මුජ‍්ජන‍්තෙනපි සද‍්දං අකරොන‍්තෙන සණිකං උම‍්මුජ‍්ජිත්‍වා න‍්හානපරියොසානෙ උදකන‍්තෙ උක‍්කුටිකෙන නිසීදිත්‍වා නිවාසනං පරික‍්ඛිපිත්‍වා උට‍්ඨාය සුපරිමණ‍්ඩලං නිවාසෙත්‍වා කායබන්‍ධනං බන්‍ධිත්‍වා චීවරං අපාරුපිත්‍වාව ඨාතබ‍්බන‍්ති.

‘ගත්තානි පුබ්බාපයමානො’ ගාත්‍ර මුලින් තිබුණු ආකාරයට තෙත සිඳුවමින් සිටින්නේ; තෙත වූ ශරීරයෙහි පොරවන ලද සිවුර කිලිටි වෙයි, දුර්ගන්ධ වෙයි. එය ව්‍රතය ද නො වේ. තෙරුන් වහන්සේ ව්‍රත සමාදන් වූයේ එහෙයින් ව්‍රතයෙහි සිටිමින් ම ස්නානය කොට ඉන් ගොඩට පැමිණ සිටියේ ය. එහි ස්නානය කිරීමේ චාරිත්‍රය මෙය යි: නාන තොටුපොළට ගොස් ඒ ඒ තැන සිවුරු දමා, වේගයෙන් සිට ගෙන ම නො බැසිය යුතු ය. සැම පැත්ත ම බලා වෙන්වුණු (හුදෙකලා) බව දැන කණු ලැහැබ් වැල් ආදිය තීරණය කොට තෙවරක් කාරා මුණින් අතට සිට උතුරු සළු සිවුර ඉවත් කොට දිගහැරිය යුතු ය. බඳ පටිය ගලවා සිවුර මත ම තැබිය යුතු ය. ඉදින් නානකඩක් නොමැත්තේ නම් දිය කෙළවර උක්කුටික ව හිඳ අඳනය ගලවා නිම්න ස්ථානයක් (පහත් තැනක්) ඇත්නම් එහි දිග හැරිය යුතු ය. (එවැන්නක්) නොමැත්තේ නම් අකුළා තැබිය යුතු ය. දියට බසින්නහු විසින් නො පමා ව නාභි ප්‍රමාණයට පමණක් බැස රැලි නො නංවමින් හඬ නො නඟමින් ආපසු හැරී පැමිණි දෙසට මුහුණ ලා ගිලිය යුතු ය. මෙසේ (කළ විට) සිවුර ආරක්ෂා වන්නේ වේ. උඩට ඉල්පෙන්නේ වුව ද ශබ්ද නො කරමින් වහා ඉල්පී ස්නානය අවසානයේ දිය කෙළවර උක්කුටිකයෙන් හිඳ හඳනය ඇඳ නැගිට මනා සේ වට කොට හැඳ බඳ පටිය බැඳ සිවුර නො පොරවා ම සිටිය යුතු වේ.

ථෙරොපි තථා න‍්හායිත්‍වා පච‍්චුත‍්තරිත්‍වා විගච‍්ඡමානඋදකං කායං ඔලොකයමානො අට‍්ඨාසි. තස‍්ස පකතියාපි පාසාදිකස‍්ස පච‍්චූසසමයෙ සම‍්මා පරිණතාහාරස‍්ස උණ‍්හොදකෙන න‍්හාතස‍්ස අතිවිය මුඛවණ‍්ණො විරොචි, බන්‍ධනා පවුත‍්තතාලඵලං විය පභාසම‍්පන‍්නො පුණ‍්ණචන්‍දො විය තඞ‍්ඛණවිකසිතපදුමං විය මුඛං සස‍්සිරිකං අහොසි, සරීරවණ‍්ණොපි විප‍්පසීදි. තස‍්මිං සමයෙ වනසණ‍්ඩෙ අධිවත්‍ථා භුම‍්මදෙවතා පාසාදිකං භික‍්ඛුං ඔලොකයමානා සමනං නිග‍්ගහෙතුං අසක‍්කොන‍්තී කාමපරිළාහාභිභූතා හුත්‍වා, “ථෙරං පලොභෙස‍්සාමී”ති අත‍්තභාවං උළාරෙන අලඞ‍්කාරෙන අලඞ‍්කරිත්‍වා සහස‍්සවට‍්ටිපදීපං පජ‍්ජලමානා විය චන්‍දං උට‍්ඨාපයමානා විය සකලාරාමං එකොභාසං කත්‍වා ථෙරං උපසඞ‍්කමිත්‍වා අවන්‍දිත්‍වාව වෙහාසෙ ඨිතා ගාථං අභාසි. තෙන වුත‍්තං – “අථ ඛො අඤ‍්ඤතරා දෙවතා…පෙ… අජ‍්ඣභාසී”ති.

තෙරුන් වහන්සේ ද එසේ ස්නානය කොට ගොඩට විත් වේලෙන දිය සහිත කය දෙස බලමින් සිටි සේක. ප්‍රකෘතියෙන් ම පැහැපත්, හිමිදිරි කාලයෙහි මනා සේ දිරවූ ආහාර ඇති, උණු දියෙන් ස්නානය කළ උන් වහන්සේගේ මුවෙහි පැහැය අතිශයින් බැබළිණි. නටුවෙන් ගිලිහුණු තල් ගෙඩියක් මෙන් ද ප්‍රභා සම්පන්න පූර්ණ චන්ද්‍රයා මෙන් ද විය. ඒ මොහොතේ පිබිදුණු පියුමක් මෙන් මුඛය සසිරිමත් විය. ශරීර වර්ණය ද පැහැපත් විය. ඒ අවස්ථාවේ වන ලැහැබේ අරක් ගත් බූමාටු දේවතාවිය පැහැ බරින් යුත් භික්‍ෂූන් වහන්සේ දෙස බලන්නී ශ්‍රමණයන් හට නිග්‍රහ කිරීමට අපොහොසත් වූවා, කාම පරිළාහයෙන් මැඬ පැවැත්වූවා. තෙරුන් පොළඹවා ගන්නෙමි යි තමාගේ ආත්ම භාවය (කය) ඉමහත් අලංකාරයෙන් අලංකාර කොට, සහස් වැටි පහනක් දල්වන්නාක් මෙන් ද චන්ද්‍රයා උදා කරවා ගෙන එන්නාක් මෙන් ද මුළු ආරාමය ම ඒකාලෝක කොට තෙරුන් වෙත පැමිණ නො වැඳ ම අහසේ සිටිමින් ගාථාවක් කීවා ය. එහෙයින් කියන ලදී. ‘අථඛො අඤ්ඤතරා දෙවතා -පෙ- අජ්ඣභාසි’ (ඉක්බිති එක්තරා දේවතාවියක් ..... පැවසුවා ය.)

අභුත්‍වාති පඤ‍්ච කාමගුණෙ අපරිභුඤ‍්ජිත්‍වා. භික‍්ඛසීති පිණ‍්ඩාය චරසි. මා තං කාලො උපච‍්චගාති එත්‍ථ කාලො නාම පඤ‍්චකාමගුණපටිසෙවනක‍්ඛමො දහරයොබ‍්බනකාලො. ජරාජිණ‍්ණෙන හි ඔභග‍්ගෙන දණ‍්ඩපරායණෙන පවෙධමානෙන කාසසාසාභිභූතෙන න සක‍්කා කාමෙ පරිභුඤ‍්ජිතුං. ඉති ඉමං කාලං සන්‍ධාය දෙවතා “මා තං කාලො උපච‍්චගා”ති ආහ. තත්‍ථ මා උපච‍්චගාති මා අතික‍්කමි.

‘අභූත්‍වා’ පඤ්ච කාම ගුණය පරිභෝජනය නො කොට; ‘භික්‍ඛසි’ පිඬු පිණිස හැසිරෙන්නෙහි. ‘මා තං කාලො උපච්චගා’ මෙහි ‘කාලො’ නම් පඤ්ච කාම ගුණය සේවනය කිරීමට සමත් යොවුන් විය ය. ජරා ජීර්ණ වූ, කුදු ගැසුණු, සැරමිටි වාරුව ඇති, වෙවුළන, කාසයෙන් මැඩ පැවැත්වුණු තැනැත්තකු විසින් කාමයන්හි රස විඳීමට නො හැක්කේ ය. මෙසේ මේ කාලය අරභයා දේවතාවිය ‘මා තං කාලො උපච්චගා’ යි කීවා ය. එහි ‘මා උපච්චගා’ ඉක්ම නො යාවා

කාලං වොහං න ජානාමීති එත්‍ථ වොති නිපාතමත‍්තං. කාලං න ජානාමීති මරණකාලං සන්‍ධාය වදති. සත‍්තානඤ‍්හි –

‘කාලං වොහං න ජානාමි’ එහි ‘වො’ යනු නිපාත මාත්‍රයකි. ‘කාලය නො දනිමි’ යි මරණ කාලය දක්වනු පිණිස කියයි. සත්ත්වයන්ගේ වනාහි:

“ජීවිතං බ්‍යාධි කාලො ච, දෙහනික‍්ඛෙපනං ගති; පඤ‍්චෙතෙ ජීවලොකස‍්මිං, අනිමිත‍්තා න නායරෙ”.

“ජීවිතං ව්‍යාධි කාලො ච දෙහනික්‍ඛෙපනං ගති පඤ්චෙතෙ ජීවලොකස්මිං අනිමිත්තා න ඤායරෙ”

(ජීවිතය, ව්‍යාධිය, (මැරෙන) කාලය, මරණය, (මරණින්) මතු යන තැන යන මේ පහ ජීව ලෝකයෙහි නිමිති නොමැති ඒවා ය. නො දත හැක්කේ ය.)

තත්‍ථ ජීවිතං තාව “එත‍්තකමෙව, න ඉතො පර”න‍්ති වවත්‍ථානාභාවතො අනිමිත‍්තං. කලලකාලෙපි හි සත‍්තා මරන‍්ති, අබ‍්බුද-පෙසි-ඝන-අඩ‍්ඪමාස-එකමාස-ද‍්වෙමාස-තෙමාස-චතුමාසපඤ‍්චමාස…පෙ… දසමාසකාලෙපි, කුච‍්ඡිතො නික‍්ඛන‍්තසමයෙපි, තතො පරං වස‍්සසතස‍්ස අන‍්තොපි බහිපි මරන‍්තියෙව. බ්‍යාධිපි “ඉමිනාව බ්‍යාධිනා සත‍්තා මරන‍්ති, න අඤ‍්ඤෙනා”ති වවත්‍ථානාභාවතො අනිමිත‍්තො. චක‍්ඛුරොගෙනපි හි සත‍්තා මරන‍්ති සොතරොගාදීනං අඤ‍්ඤතරෙනපි. කාලොපි, “ඉමස‍්මිං යෙව කාලෙ මරිතබ‍්බං, න අඤ‍්ඤස‍්මි”න‍්ති එවං වවත්‍ථානාභාවතො අනිමිත‍්තො. පුබ‍්බණ‍්හෙපි හි සත‍්තා මරන‍්ති මජ‍්ඣන‍්හිකාදීනං අඤ‍්ඤතරස‍්මිම‍්පි. දෙහනික‍්ඛෙපනම‍්පි, “ඉධෙව මීයමානානං දෙහෙන පතිතබ‍්බං, න අඤ‍්ඤත්‍ථා”ති එවං වවත්‍ථානාභාවතො අනිමිත‍්තං. අන‍්තොගාමෙ ජාතානඤ‍්හි බහිගාමෙපි අත‍්තභාවො පතති, බහිගාමෙපි ජාතානං අන‍්තොගාමෙපි. තථා ථලජානං ජලෙ, ජලජානං ථලෙති අනෙකප‍්පකාරතො විත්‍ථාරෙතබ‍්බං. ගතිපි, “ඉතො චුතෙන ඉධ නිබ‍්බත‍්තිතබ‍්බ”න‍්ති එවං වවත්‍ථානාභාවතො අනිමිත‍්තා. දෙවලොකතො හි චුතා මනුස‍්සෙසුපි නිබ‍්බත‍්තන‍්ති, මනුස‍්සලොකතො චුතා දෙවලොකාදීනං යත්‍ථ කත්‍ථචි නිබ‍්බත‍්තන‍්තීති එවං යන‍්තෙ යුත‍්තගොණො විය ගතිපඤ‍්චකෙ ලොකො සම‍්පරිවත‍්තති. තස‍්සෙවං සම‍්පරිවත‍්තතො “ඉමස‍්මිං නාම කාලෙ මරණං භවිස‍්සතී”ති ඉමං මරණස‍්ස කාලං වොහං න ජානාමි.

එහි ජිවිතය “මෙතෙක් පමණි. මින් ඉදිරියට නැතැයි නියම කළ නො හැකි බැවින් අනිමිත්ත’ ය. කලල කාලයෙහි ද සත්ත්වයෝ මැරෙති, අර්බුද, පෙශි, ඝන, මාසය, දෙමස, තුන් මස, සිව් මස, පස් මස, දස මස කාලයෙහි ද, කුසෙන් බිහිවන කාලයෙහි ද ඉන් පසු වසර සියයක් ඇතුළත හෝ ඉන් අනතුරු ව ද මැරෙත් ම ය. ව්‍යාධිය ද “මේ ව්‍යාධියෙන් (පමණක්) ම සත්ත්වයෝ මැරෙති, වෙනෙකකින් නො වේ” යි නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. ඇස් රෝගවලින් ද සත්ත්වයෝ මැරෙති, කන් රෝග ආදියෙන් හෝ මැරෙති; කාලය ද “මේ කාලයෙහි ම මළ යුතු ය, වෙනත් කාලයක නො වේ” යි මෙසේ නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. පෙරවරුයෙහි දී ද සත්ත්වයෝ මැරෙති, මද්දහන, සවස් ආදී වෙනත් අවස්ථාවක දී ද මැරෙති. මිය යාම ද “මෙහි ම මිය යන්නවුන්ගේ දේහය බහා ලිය යුතු ය, වෙනත් හැටියකට නො වේ” යි මෙසේ නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. ගම ඇතුළත උපන්නවුන්ගේ ආත්ම භාවය (සිරුර) ගමෙන් බැහැර ව ඇද වැටෙයි, ගමෙන් පිට උපන්නවුන්ගේ (ආත්ම භාවය) ගම තුළ වැටේ. එසේ ම ගොඩ බිමේ උපන්නවුන් ජලයෙහි ද, ජලයෙහි උපන්නවුන් ගොඩ බිමෙහි ද යනුවෙන් අනේක ප්‍රකාර ලෙස විස්තර කළ යුතු ය. “ගති’ (යන තැන) ද මෙයින් චුත ව මෙහි ඉපදිය යුතු ය යනුවෙන් මෙසේ නියම කළ නො හැකි බැවින් ‘අනිමිත්ත’ වේ. දෙව් ලොවින් චුත වූවෝ මිනිසුන් අතර ද පහළ වෙති, මිනිස් ලොවින් චුත වූවෝ දෙව් ලොව ආදී කොතැනක හෝ පහළ වෙති. මෙසේ යන්ත්‍රයෙහි යෙදූ ගොනා මෙන් ගති පංචක ලෝකය පරිවර්තනය වෙයි. එසේ පරිවර්තනය වන බැවින් “මෙනම් කාලයෙහි මරණය වන්නේ ය” යි මැරෙන කාලය මම නො දනිමි.

ඡන‍්නො කාලො න දිස‍්සතීති අයං කාලො මය‍්හං පටිච‍්ඡන‍්නො අවිභූතො න පඤ‍්ඤායති. තස‍්මාති යස‍්මා අයං කාලො පටිච‍්ඡන‍්නො න පඤ‍්ඤායති, තස‍්මා පඤ‍්ච කාමගුණෙ අභුත්‍වාව භික‍්ඛාමි. මා මං කාලො උපච‍්චගාති එත්‍ථ සමණධම‍්මකරණකාලං සන්‍ධාය “කාලො”ති ආහ. අයඤ‍්හි සමණධම‍්මො නාම පච‍්ඡිමෙ කාලෙ තිස‍්සො වයොසීමා අතික‍්කන‍්තෙන ඔභග‍්ගෙන දණ‍්ඩපරායණෙන පවෙධමානෙන කාසසාසාභිභූතෙන න සක‍්කා කාතුං. තදා හි න සක‍්කා හොති ඉච‍්ඡිතිච‍්ඡිතං බුද‍්ධවචනං වා ගණ‍්හිතුං, ධුතඞ‍්ගං වා පරිභුඤ‍්ජිතුං, අරඤ‍්ඤවාසං වා වසිතුං, ඉච‍්ඡිතිච‍්ඡිතක‍්ඛණෙ සමාපත‍්තිං වා සමාපජ‍්ජිතුං, පදභාණ-සරභඤ‍්ඤධම‍්මකථා-අනුමොදනාදීනි වා කාතුං, තරුණයොබ‍්බනකාලෙ පනෙතං සබ‍්බං සක‍්කා කාතුන‍්ති අයං සමණධම‍්මකරණස‍්ස කාලො මා මං උපච‍්චගා, යාව මං නාතික‍්කමති, තාව කාමෙ අභුත්‍වාව සමණධම‍්මං කරොමීති ආහ.

‘ඡන්නො කාලො ත දිස්සති’ මේ කාලය මට වැසී ඇත්තේ, අප්‍රකට වූයේ, නො පෙනේ. ‘තස්මා’ යම් සේ මේ කාලය වැසී තිබේ ද, නො පෙනේ ද, එලෙස පඤ්ච කාම ගුණය නො වළඳාම සිඟමි. ‘මා මං කාලො උපච්චගා’ මෙහි ශ්‍රමණ ධර්ම පුරන කාලය දක්වමින් ‘කාලය’ යි පැවසී ය. මේ ශ්‍රමණ ධර්මය නම් පශ්චිම කාලයෙහි, වයස් සීමා තුන ඉක්ම වූ, වකුටු වුණු, සැරයටියට බර වුණු, වෙව්ලන, කාස ආශ්වාසයෙන් මැඩ පැවැත්වුණු අයකු විසින් කළ නො හැක්කේ ය. එකල්හි කැමති කැමති බුද්ධ වචනය ඉගෙන ගන්නට හෝ ධුතංග වාසයෙහි යෙදීමට හෝ අරණ්‍යවාසී ව විසීමට හෝ කැමති කැමති මොහොතක සමාපත්තිවලට සමවැදීමට හෝ සරභාණ (ගාථා මිහිරි ලෙස කීමට) - සරභඤ්ඤ (ගාථා මිහිරි ලෙස වැයීමට), ධර්ම කථා අනුමෝදනා ආදිය කිරීමට හෝ නො හැකි වේ. තරුණ - යොවුන් - කාලයෙහි ම ඒ සියල්ල කිරීමට හැකි වේ ය යි මේ ශ්‍රමණ ධර්ම කිරීමෙහි කාලය මා ඉක්ම නො යාවා - මා ඉක්මවා නො යන තාක් කල් කාමය නො වළඳා ම ශ්‍රමණ ධර්මය කරමි යි කී ය.

පථවියං පතිට‍්ඨහිත්‍වාති සා කිර දෙවතා – “අයං භික‍්ඛු සමණධම‍්මකරණස‍්ස කාලං නාම කථෙති, අකාලං නාම කථෙති, සහෙතුකං කථෙති සානිසංස”න‍්ති එත‍්තාවතාව ථෙරෙ ලජ‍්ජං පච‍්චුපට‍්ඨාපෙත්‍වා මහාබ්‍රහ‍්මං විය අග‍්ගික‍්ඛන්‍ධං විය ච නං මඤ‍්ඤමානා ගාරවජාතා ආකාසා ඔරුය‍්හ පථවියං අට‍්ඨාසි, තං සන්‍ධායෙතං වුත‍්තං. කිඤ‍්චාපි පථවියං ඨිතා, යෙන පනත්‍ථෙන ආගතා, පුනපි තමෙව ගහෙත්‍වා දහරො ත්‍වන‍්තිආදිමාහ. තත්‍ථ සුසූති තරුණො. කාළකෙසොති සුට‍්ඨු කාළකෙසො. භද්‍රෙනාති භද‍්දකෙන. එකච‍්චො හි දහරොපි සමානො කාණො වා හොති කුණිආදීනං වා අඤ‍්ඤතරො, සො භද්‍රෙන යොබ‍්බනෙන සමන‍්නාගතො නාම න හොති. යො පන අභිරූපො හොති දස‍්සනීයො පාසාදිකො සබ‍්බසම‍්පත‍්තිසම‍්පන‍්නො, යං යදෙව අලඞ‍්කාරපරිහාරං ඉච‍්ඡති, තෙන තෙන අලඞ‍්කතො දෙවපුත‍්තො විය චරති, අයං භද්‍රෙන යොබ‍්බනෙන සමන‍්නාගතො නාම හොති. ථෙරො ච උත‍්තමරූපසම‍්පන‍්නො, තෙන නං එවමාහ.

‘පඨවියං පතිට්ඨහිත්‍වා’ ඒ දේවතාවිය ‘මේ භික්‍ෂු තෙම ශ්‍රමණ ධර්ම කිරීමෙහි කාලයක් ගැන කථා කරයි; අකාලයක් ගැන ද කථා කරයි; සහේතුක ව ය; ආනිශංස සහිත ව ය.’ මෙපමණකින් තෙරුන් කෙරෙහි ලජ්ජාව උපදවා, උන් වහන්සේ මහා බ්‍රහ්මයා මෙන් ද, ගිනි කඳක් මෙත් ද සලකමින් ගෞරව හට ගත්තී, ආකාශයෙන් බැස පොළොවෙහි සිට ගත්තා ය. ඒ සම්බන්ධයෙන් මෙය කියන ලදී. කෙසේ වුව ද පොළවෙහි සිට ගත් තැනැත්තී, යම් කරුණක් හේතු කොට පැමිණියා ද යළිත් එය ම ගෙන, ‘දහරො ත්‍වං’ යනාදිය කීවා ය. එහි ‘සුසු’ යනු තරුණ ය; ‘කාලකෙසො’ මනා ලෙස කලුවන් වූ කෙස් ඇති. ‘භද්‍රෙන’ සොඳුරු වූ; එක් තැනැත්තෙක් තරුණ වූයේ වුව ද කණෙක් හෝ වෙයි; කොර ආදීන් අතර එකෙක් හෝ වෙයි. හේ භද්‍ර යෞවනයෙන් යුක්ත වූවෙක් නම් නො වේ. යමෙකු වනාහි අභිරූප වූයේ ද, දැකුම්කළු වූයේ ද, ප්‍රසාදය උපදවන්නේ ද, සියලු සම්පතින් යුක්ත වූයේ ද, කුමන හෝ අලංකාර වටපිටාවක් කැමැති වේ ද, ඒ ඒ දෙයින් අලංකෘත ව දේව පුත්‍රයකු මෙන් සැරිසරයි; ඔහු භද්‍ර යෞවනයෙන් යුක්ත වූයේ නම් වේ. තෙරුන් වහන්සේ ද උසස් රූපයෙන් යුක්ත වූ සේක. එහෙයින් උන් වහන්සේට මෙසේ කීවා ය.

අනික‍්කීළිතාවී කාමෙසූති කාමෙසු අකීළිතකීළො අභුත‍්තාවී, අකතකාමකීළොති අත්‍ථො. මා සන්‍දිට‍්ඨිකං හිත්‍වාති යෙභුය්‍යෙන හි තා අදිට‍්ඨසච‍්චා අවීතරාගා අපරචිත‍්තවිදූනියො දෙවතා භික‍්ඛූ දසපි වස‍්සානි වීසතිම‍්පි…පෙ… සට‍්ඨිම‍්පි වස‍්සානි පරිසුද‍්ධං අඛණ‍්ඩං බ්‍රහ‍්මචරියං චරමානෙ දිස‍්වා – “ඉමෙ භික‍්ඛූ මානුසකෙ පඤ‍්ච කාමගුණෙ පහාය දිබ‍්බෙ කාමෙ පත්‍ථයන‍්තා සමණධම‍්මං කරොන‍්තී”ති සඤ‍්ඤං උප‍්පාදෙන‍්ති, අයම‍්පි තත්‍ථෙව උප‍්පාදෙසි. තස‍්මා මානුසකෙ කාමෙ සන්‍දිට‍්ඨිකෙ, දිබ‍්බෙ ච කාලිකෙ කත්‍වා එවමාහ.

‘අනිකීළිතාවී කාමෙසු’ කාමයන්හි ක්‍රීඩා නො කළ, භුක්ති නො විඳි; කාම ක්‍රීඩා නො කළේ යන අර්ථ යි. ‘මා සන්‍දිට්ඨිකං හිත්‍වා’ දේවතාවියෝ බොහෝ ලෙස ම සත්‍යය නො දුටුවාහු, අවීතරාගී වුවෝ, පරචිත්තවිජානනය නො ලැබුවෝ, භික්‍ෂූන් වහන්සේලා වසර දහයක්, විස්සක්, සැටක් පරිශුද්ධ වූත් අඛණ්ඩ වූත් බ්‍රහ්ම චර්යයෙහි හැසිරෙනු දැක වුව ද මේ භික්‍ෂූහු මිනිස් පස් කම් සැප හැර දමා දිව්‍ය කාමයන් පතමින් ශ්‍රමණ දහම් පවත්වති යන සංඥාව උපදවා ගනිති. මැය ද එසේ උපදවා ගත්තා ය. එහෙයින් මිනිස් කම්සැප ‘සංදිට්ඨික’ (තමාට ම පෙනෙන = මෙලොව ම ඇති) ය යි ද දිව්‍ය කාම සම්පත්තිය කාලික (කලකින් ලැබෙන) යි ද සලකා මෙසේ කීවා ය.

න ඛො අහං, ආවුසොති, ආවුසො, අහං සන්‍දිට‍්ඨිකෙ කාමෙ හිත්‍වා කාලිකෙ කාමෙ න අනුධාවාමි න පත්‍ථෙමි න පිහෙමි. කලිකඤ‍්ච ඛො අහං, ආවුසොති අහං ඛො, ආවුසො, කාලිකං කාමං හිත්‍වා සන්‍දිට‍්ඨිකං ලොකුත‍්තරධම‍්මං අනුධාවාමි. ඉති ථෙරො චිත‍්තානන‍්තරං අලද‍්ධබ‍්බතාය දිබ‍්බෙපි මානුසකෙපි පඤ‍්ච කාමගුණෙ කාලිකාති අකාසි, චිත‍්තානන‍්තරං ලද‍්ධබ‍්බතාය ලොකුත‍්තරධම‍්මං සන්‍දිට‍්ඨිකන‍්ති. පඤ‍්චකාමගුණෙසු සමොහිතෙසුපි සම‍්පන‍්නකාමස‍්සාපි කාමිනො චිත‍්තානන‍්තරං ඉච‍්ඡිතිච‍්ඡිතාරම‍්මණානුභවනං න සම‍්පජ‍්ජති. චක‍්ඛුද‍්වාරෙ ඉට‍්ඨාරම‍්මණං අනුභවිතුකාමෙන හි චිත‍්තකාරපොත්‍ථකාරරූපකාරාදයො පක‍්කොසාපෙත්‍වා, “ඉදං නාම සජ‍්ජෙථා”ති වත‍්තබ‍්බං හොති. එත්‍ථන‍්තරෙ අනෙකකොටිසතසහස‍්සානි චිත‍්තානි උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්ති. අථ පච‍්ඡා තං ආරම‍්මණං සම‍්පාපුණාති. සෙසද‍්වාරෙසුපි එසෙව නයො. සොතාපත‍්තිමග‍්ගානන‍්තරං පන සොතාපත‍්තිඵලමෙව උප‍්පජ‍්ජති, අන‍්තරා අඤ‍්ඤස‍්ස චිත‍්තස‍්ස වාරො නත්‍ථි. සෙසඵලෙසුපි එසෙව නයොති.

‘න ඛො අහං ආවුසො’ ඇවැත්නි, මම සංදෘෂ්ටික කාමයන් හැර දමා කලකින් ලැබෙන කාමයන් ලුහු නො බඳිමි; නො පතමි; නො කැමැත්තෙමි. ‘කාලිකං ච ඛො අහං ආවුසො’ ඇවැත්නි, මම කලෙකින් ලැබෙන කම් සැප හැර දමා සංදෘෂ්ටික වූ (මෙලොව දී ම අත් විඳින) ලෝකෝත්තර ධර්මය ලුහු බැඳ යමි. මෙසේ තෙරුන් වහන්සේ අනතුරු ව ම එන සිතින් නො ලැබිය හැකි බැවින් දිව්‍ය මනුෂ්‍ය කාම ගුණ කලෙකින් ලැබෙන දේ හැටියට පත් කළහ. අනතුරු ව ම එන සිතින් ලැබීමේ හේතුවෙන් ලෝකෝත්තර ධර්ම සංදිට්ඨික (ධර්ම) කළහ. පඤ්ච කාම ගුණවලින් යුක්ත වූ විට ද කාමයෙන් යුක්ත වූ කාමියාට ද අනතුරු ව ම එන සිතින් කැමති කැමති අරමුණු භුක්ති විඳීමක් සම්පාදනය නො වේ. චක්‍ෂුද්වාරයෙහි ඉෂ්ටාරම්මණයක් භුක්ති විඳිනු කැමති තැනැත්තා විසින් විසිතුරු දේ කරන පොත් කරන රූපාදිය සකසන අය කැඳවා මෙය සකසනු යයි කිව යුතු වේ. මේ අතරතුර නොයෙක් කෝටි ශත සහස්‍රයක් චිත්තයෝ ඉපදී නිරුද්ධ වෙති. ඉක්බිති එම අරමුණට පැමිණේ. සෙසු (ඉන්‍ද්‍රිය) ද්වාර පිළිබඳ ව ද මේ න්‍යය ම ය. සෝවාන් මාර්ගයට අනතුරු ව ම සෝවාන් ඵලය උපදී. මාර්ගයට අනන්තර ව අන් සිතකට වාරයක් නොමැත. අන් ඵල සම්බන්ධයෙන් ද මේ න්‍යාය ම ය.

සො තමෙවත්‍ථං ගහෙත්‍වා කාලිකා හි, ආවුසොතිආදිමාහ. තත්‍ථ කාලිකාති වුත‍්තනයෙන සමොහිතසම‍්පත‍්තිනාපි කාලන‍්තරෙ පත‍්තබ‍්බා. බහුදුක‍්ඛාති පඤ‍්ච කාමගුණෙ නිස‍්සාය පත‍්තබ‍්බදුක‍්ඛස‍්ස බහුතාය බහුදුක‍්ඛා. තංවත්‍ථුකස‍්සෙව උපායාසස‍්ස බහුතාය බහුපායාසා. ආදීනවො එත්‍ථ භිය්‍යොති පඤ‍්ච කාමගුණෙ නිස‍්සාය ලද‍්ධබ‍්බසුඛතො ආදීනවො භිය්‍යො, දුක‍්ඛමෙව බහුතරන‍්ති අත්‍ථො. සන්‍දිට‍්ඨිකො අයං ධම‍්මොති අයං ලොකුත‍්තරධම‍්මො යෙන යෙන අධිගතො හොති, තෙන තෙන පරසද‍්ධාය ගන‍්තබ‍්බතං හිත්‍වා පච‍්චවෙක‍්ඛණඤාණෙන සයං දට‍්ඨබ‍්බොති සන්‍දිට‍්ඨිකො. අත‍්තනො ඵලදානං සන්‍ධාය නාස‍්ස කාලොති අකාලො, අකාලොයෙව අකාලිකො. යො එත්‍ථ අරියමග‍්ගධම‍්මො, සො අත‍්තනො පවත‍්තිසමනන‍්තරමෙව ඵලං දෙතීති අත්‍ථො. “එහි පස‍්ස ඉමං ධම‍්ම”න‍්ති එවං පවත‍්තං එහිපස‍්සවිධිං අරහතීති එහිපස‍්සිකො. ආදිත‍්තං චෙලං වා සීසං වා අජ‍්ඣුපෙක‍්ඛිත්‍වාපි භාවනාවසෙන අත‍්තනො චිත‍්තෙ උපනයං අරහතීති ඔපනෙය්‍යිකො. සබ‍්බෙහි උග‍්ඝටිතඤ‍්ඤූආදීහි විඤ‍්ඤූහි “භාවිතො මෙ මග‍්ගො, අධිගතං ඵලං, සච‍්ඡිකතො නිරොධො”ති අත‍්තනි අත‍්තනි වෙදිතබ‍්බොති පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහීති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.146 ආදයො) ධම‍්මානුස‍්සතිවණ‍්ණනායං වුත‍්තො.

උන් වහන්සේ මේ අර්ථය ම ගෙන ‘කාලිකා හි ආවුසො’ ආදිය පැවසු සේක. එහි ‘කාලිකා’ කී පරිදි සමෝහිත සමාපත්තියෙන් වුව ද කාලාන්තරයෙන් පැමිණිය යුත්තේ වෙයි. ‘බහුදුක්‍ඛා’ පඤ්ච කාමය හේතු කොට ගෙන පැමිණිය යුතු දුක්වල බහුල බව හේතුවෙන් ‘බහුදුක්‍ඛා’ වේ. ඒ වස්තු පාදක කොට ගෙන වෙහෙසෙහි බොහෝ බව හේතුවෙන් ‘බහූපායාස’ වේ. ‘ආදීනවො එත්‍ථ භිය්‍යො’ පඤ්ච කාම ගුණය ඇසුරු කර ගෙන ලත් සැපයේ ආදීනව ද බොහෝ ය. දුක ම වැඩි ය යනු අර්ථ යි. ‘සන්‍දිට්ඨිකො අයං ධම්මො’ මේ ලෝකෝත්තර ධර්මය යම් යම් අය තමන් විසින් ම අවබෝධ කරන ලද්දේ වේ ද ඒ ඒ අය විසින්, අනුන් කෙරෙහි ශ්‍රද්ධාවට යා යුතු බව හැර දමා ප්‍රත්‍යවේක්‍ෂණ ඥානයෙන් තමා ම දැකිය යුත්තේ යි ‘සන්‍දිට්ඨික’ වේ. තමාට ඵලය ලබා දීම උදෙසා ඊට කාලය නො වෙති යි ‘අකාල’ වේ. ‘අකාල’ ම ‘අකාලිකො’ වේ. මෙහි යම් ආර්ය මාර්ග ධර්මයක් වේ ද එය පවතින ගමන් ම තමාට ඵලය දෙයි යනු අර්ථ ය. එව, මේ ධර්මය බලව යි මෙසේ පවත්නා ‘එහිපස්ස’ විධියට සුදුසු වෙති යි ‘එහිපස්සිකො.’ ඇවිලුණු වස්ත්‍රය හෝ හිස හෝ වුව ද නිරීක්‍ෂණය කරමින් භාවනා වශයෙන් තමන්ගේ සිතෙහි උපනයනයට සුදුසු වෙති යි ‘ඕපනයිකො’ ‘උද්ඝටිතඤ්ඤ’ (වහා අවබෝධ කර ගන්නවුන්) ආදී වූ සියල්ලන් විසින් මේ මාර්ගය භාවිත කරන ලදී; මා විසින් ඵලය අත් කර ගන්නා ලදී; නිරෝධය සාක්ෂාත් කරන ලදී යි තම තමා දත යුත්තේ යි ‘පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහි’ මේ එහි සංක්ෂේපය යි. විස්තර විශුද්ධි මාර්ගයෙහි ධම්මානුස්සති වර්ණනාවෙහි දක්වන ලදී.

ඉදානි සා දෙවතා අන්‍ධො විය රූපවිසෙසං ථෙරෙන කථිතස‍්ස අත්‍ථෙ අජානන‍්තී කථඤ‍්ච භික‍්ඛූතිආදිමාහ. තත්‍ථ කථඤ‍්චාතිපදස‍්ස “කථඤ‍්ච භික‍්ඛු කාලිකා කාමා වුත‍්තා භගවතා, කථං බහුදුක‍්ඛා, කථං බහුපායාසා”ති? එවං සබ‍්බපදෙහි සම‍්බන්‍ධො වෙදිතබ‍්බො.

දැන් ඒ දේවතාවිය රූප විශේෂ ගැන අන්ධයකු මෙන් තෙරුන් විසින් කියන ලද්දෙහි අර්ථය නො දන්නී ‘කථඤ්ච භික්‍ඛු’ ආදිය පැවසුවා ය. එහි ‘කථඤ්ච’ යන පදයෙන් ‘කථඤ්ච භික්‍ඛු කාලිකා කාමා වුත්තා භගවතා කථං බහුදුක්‍ඛා කථං බහූපායාසා’ යන හැම පදයක ම සම්බන්ධය දත යුත්තේ ය.

නවොති අපරිපුණ‍්ණපඤ‍්චවස‍්සො හි භික‍්ඛු නවො නාම හොති, පඤ‍්චවස‍්සතො පට‍්ඨාය මජ‍්ඣිමො, දසවස‍්සතො පට‍්ඨාය ථෙරො. අපරො නයො – අපරිපුණ‍්ණදසවස‍්සො නවො, දසවස‍්සතො පට‍්ඨාය මජ‍්ඣිමො, වීසතිවස‍්සතො පට‍්ඨාය ථෙරො. තෙසං අහං නවොති වදති.

‘නවො’ පස් වසර සම්පූර්ණ නො වූ භික්‍ෂුව ‘නව’ නම් වේ. පස් වසර පටන් ‘මධ්‍යම’ ය. දස වසර පටන් ‘ස්ථවිර’ ය. තවත් ක්‍රමයකි: දස වස් නො පිරුණේ ‘නවො’ ය. දස වස් පටන් ‘මධ්‍යම’ ය. විසි වස් පටන් ‘ස්ථවිර’ ය. ඔවුන් අතර මම ‘නවක’ යි කියයි.

නවොපි එකච‍්චො සත‍්තට‍්ඨවස‍්සකාලෙ පබ‍්බජිත්‍වා ද‍්වාදසතෙරසවස‍්සානි සාමණෙරභාවෙනෙව අතික‍්කන‍්තො චිරපබ‍්බජිතො හොති, අහං පන අචිරපබ‍්බජිතොති වදති. ඉමං ධම‍්මවිනයන‍්ති ඉමං ධම‍්මඤ‍්ච විනයඤ‍්ච. උභයම‍්පෙතං සාසනස‍්සෙව නාමං. ධම‍්මෙන හෙත්‍ථ ද‍්වෙ පිටකානි වුත‍්තානි, විනයෙන විනයපිටකං, ඉති තීහි පිටකෙහි පකාසිතං පටිපත‍්තිං අධුනා ආගතොම‍්හීති වදති.

නවක වූ සමහර කෙනෙකු වර්ෂ හත අට කාලයෙහි පැවිදි ව දොළොස් තෙළෙස් වසක් සාමණේර භාවය ඉක්මවන්නාහු, ‘චිරපබ්බජිත’ (පැවිදි ව බොහෝ කලක් ගත වූ) වෙත්. මම වූ කලී ‘අචිරපබ්බජිතො’ (අලුත පැවිදි වූයේ වෙමි) යි පවසයි. ‘ඉමං ධම්මවිනයං’ මේ ධර්මයත් විනයත්, දෙක ම ශාසනයට නමි. මෙහි ධර්මයෙන් පිටත ද්වය පවසන ලදී. ‘චිනයෙන් විනය පිටකය පවසන ලදී. මෙසේ තුන් පිටකයෙන් ප්‍රකාශිත ප්‍රතිපත්තියට දැන් (අලුත) පැමිණියෙම් වෙමි යි කියයි.

මහෙසක‍්ඛාහීති මහාපරිවාරාහි. එකෙකස‍්ස හි දෙවරඤ‍්ඤො කොටිසතම‍්පි කොටිසහස‍්සම‍්පි පරිවාරො හොති, තෙ අත‍්තානං මහන‍්තෙ ඨානෙ ඨපෙත්‍වා තථාගතං පස‍්සන‍්ති. තත්‍ථ අම‍්හාදිසානං අප‍්පෙසක‍්ඛානං මාතුගාමජාතිකානං කුතො ඔකාසොති දස‍්සෙති.

‘මහෙසක්‍ඛාහි’ මහ පිරිවර සමග. එක් එක් දෙව් රජකුට කෝටි සියයක්, කෝටි දහසක් පවා පිරිවර සිටී. ඔවුන් තමන් අතර මහත් වූ (උසස්) ස්ථානයක තබා තථාගතයන් වහන්සේ දකිති. එහි ස්ත්‍රී ජාතියෙහි සිටින අල්පේශාඛ්‍ය වූ අප වැන්නන් හට ඉඩක් කොහි දැයි දක්වයි.

මයම‍්පි ආගච‍්ඡෙය්‍යාමාති ඉදං සා දෙවතා “සචෙපි චක‍්කවාළං පූරෙත්‍වා පරිසා නිසින‍්නා හොති, මහතියා බුද‍්ධවීථියා සත්‍ථු සන‍්තිකං ගන‍්තුං ලභතී”ති ඤත්‍වා ආහ. පුච‍්ඡ භික‍්ඛු, පුච‍්ඡ භික‍්ඛූති ථිරකරණවසෙන ආමෙඩිතං කතං.

‘මයම්පි ආගච්ඡෙය්‍යාම’ ඒ දේවතාවිය, ඉදින් සක්වල පුරවා පිරිස සිටියේ වුව ද මහත් වූ බුදු මාවතෙන් ශාස්තෘන් වහන්සේ සමීපයට යන්නට ලැබෙතැ යි දැන මෙය කීවා ය. ‘පුච්ඡ භික්‍ඛු පුච්ඡ භික්‍ඛු’ ස්ථිර කිරීම් වශයෙන් ආමන්ත්‍රිත ය.

අක‍්ඛෙය්‍යසඤ‍්ඤිනොති එත්‍ථ “දෙවො, මනුස‍්සො, ගහට‍්ඨො, පබ‍්බජිතො, සත‍්තො, පුග‍්ගලො, තිස‍්සො, ඵුස‍්සො”තිආදිනා නයෙන අක‍්ඛෙය්‍යතො සබ‍්බෙසං අක‍්ඛානානං සබ‍්බාසං කථානං වත්‍ථුභූතතො පඤ‍්චක‍්ඛන්‍ධා “අක‍්ඛෙය්‍යා”ති වුච‍්චන‍්ති. “සත‍්තො නරො පොසො පුග‍්ගලො ඉත්‍ථී පුරිසො”ති එවං සඤ‍්ඤා එතෙසං අත්‍ථීති සඤ‍්ඤිනො, අක‍්ඛෙය්‍යෙස‍්වෙව සඤ‍්ඤිනොති අක‍්ඛෙය්‍යසඤ‍්ඤිනො, පඤ‍්චසු ඛන්‍ධෙසු සත‍්තපුග‍්ගලාදිසඤ‍්ඤිනොති අත්‍ථො. අක‍්ඛෙය්‍යස‍්මිං පතිට‍්ඨිතාති පඤ‍්චසු ඛන්‍ධෙසු අට‍්ඨහාකාරෙහි පතිට‍්ඨිතා. රත‍්තො හි රාගවසෙන පතිට‍්ඨිතො හොති, දුට‍්ඨො දොසවසෙන, මූළ‍්හො මොහවසෙන, පරාමට‍්ඨො දිට‍්ඨිවසෙන, ථාමගතො අනුසයවසෙන, විනිබද‍්ධො මානවසෙන, අනිට‍්ඨඞ‍්ගතො විචිකිච‍්ඡාවසෙන, වික‍්ඛෙපගතො උද‍්ධච‍්චවසෙන පතිට‍්ඨිතො හොති. අක‍්ඛෙය්‍යං අපරිඤ‍්ඤායාති පඤ‍්චක‍්ඛන්‍ධෙ තීහි පරිඤ‍්ඤාහි අපරිජානිත්‍වා. යොගමායන‍්ති මච‍්චුනොති මච‍්චුනො යොගං පයොගං පක‍්ඛෙපං උපක‍්ඛෙපං උපක‍්කමං අබ‍්භන‍්තරං ආගච‍්ඡන‍්ති, මරණවසං ගච‍්ඡන‍්තීති අත්‍ථො. එවමිමාය ගාථාය කාලිකා කාමා කථිතා.

‘අක්‍ඛෙය්‍ය සඤ්ඤිනො’ මෙහි දෙවියා, මනුෂ්‍යයා, ගෘහස්ථයා, පැවිද්දා, සත්ත්වයා, පුද්ගලයා, තිස්ස, ඵුස්ස ආදී ක්‍රමයෙන් කිව යුතු බැවින් සියලු ආඛ්‍යානවල - සියලු කථාවල - වස්තු භූත වීමේ හේතුවෙන් පඤ්ච ස්කන්ධ ‘අක්‍ඛෙය්‍යා’ යි කියති. සත්ත්වයා, මිනිසා, පුරුෂයා, පුද්ගලයා, ස්ත්‍රී, පුරුෂයා යි මෙසේ සංඥා ඔවුනට ඇත්තේ යි = ‘සඤ්ඤිනො. අක්‍ඛෙය්‍යෙසු’ (පඤ්චස්කන්ධ කෙරෙහි) සංඥා ඇත්තේ ‘අක්‍ඛෙය්‍ය සඤ්ඤී’ වේ. ස්කන්ධ පසෙහි සත්ත්ව පුද්ගල ආදී සංඥා ඇත්තාහු යන අරුත යි. ‘අක්‍ඛෙය්‍යස්මිං පතිට්ඨිතා’ පඤ්ච ස්කන්ධයෙහි අට ආකාරයකට පිහිටියාහු; රාග වශයෙන් ඇලුනේ පිහිටියේ වෙයි; ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ, මෝහ වශයෙන් මුළා වූයේ; දෘෂ්ටි වශයෙන් ස්පර්ශ කළේ, අනුශය වශයෙන් ශක්තිමත් වූයේ, මාන වශයෙන් බඳනා ලද්දේ, විචිකිච්ඡා වශයෙන් නිෂ්ටාවට නො පැමිණියේ, උද්ධච්ච වශයෙන් වික්ෂේප ව පිහිටියේ වෙයි. ‘අක්‍ඛෙය්‍යෙ අපරිඤ්ඤය’ පඤ්ච ස්කන්ධය ‘පරිඤ්ඤ’ (පිරිසිඳ දැනීම්) තුනෙන් පිරිසිඳ නො දැන, ‘යොගමායන්ති මච්චුනො’ මාරයාගේ සංයෝගයට ප්‍රයෝගයට දමා ගැසීමට, උපක්‍රමයට අභ්‍යන්තරයට පැමිණෙති. මාරයාගේ වසඟයට පැමිණෙත් යනු අර්ථය යි. මෙසේ මේ ගාථාවෙන් කාලික කාමයෝ පවසන ලද්දෝ ය.

පරිඤ‍්ඤායාති ඤාතපරිඤ‍්ඤා, තීරණපරිඤ‍්ඤා, පහානපරිඤ‍්ඤාති ඉමාහි තීහි පරිඤ‍්ඤාහි පරිජානිත්‍වා. තත්‍ථ කතමා ඤාතපරිඤ‍්ඤා? පඤ‍්චක‍්ඛන්‍ධෙ පරිජානාති – “අයං රූපක‍්ඛන්‍ධො, අයං වෙදනාක‍්ඛන්‍ධො, අයං සඤ‍්ඤාක‍්ඛන්‍ධො, අයං සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, අයං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමානි තෙසං ලක‍්ඛණරසපච‍්චුපට‍්ඨානපදට‍්ඨානානී”ති, අයං ඤාතපරිඤ‍්ඤා. කතමා තීරණපරිඤ‍්ඤා? එවං ඤාතං කත්‍වා පඤ‍්චක‍්ඛන්‍ධෙ තීරෙති අනිච‍්චතො දුක‍්ඛතො රොගතොති ද‍්වාචත‍්තාලීසාය ආකාරෙහි. අයං තීරණපරිඤ‍්ඤා. කතමා පහානපරිඤ‍්ඤා? එවං තීරයිත්‍වා අග‍්ගමග‍්ගෙන පඤ‍්චසු ඛන්‍ධෙසු ඡන්‍දරාගං පජහති. අයං පහානපරිඤ‍්ඤා.

‘පරිඤ්ඤාය’ ‘ඤාත පරිඤ්ඤා’, ‘තීරණ පරිඤ්ඤා, ‘ප්‍රහාණ පරිඤ්ඤා’ යන මේ පරිඤ්ඤා තුනෙන් දැන. ‘තත්‍ථ කතමා ඤාතපරිඤ්ඤා? පඤ්චක්‍ඛන්‍ධෙ පරිජානාති අයං රූපක්‍ඛන්‍ධා -පෙ- අයං විඤ්ඤාණක්‍ඛන්‍ධො ඉමානි තෙසං ලක්‍ඛණරසපච්චුපට්ඨානපදට්ඨානානීති අයං ඤාතපරිඤ්ඤා, කතමා තීරණ පරිඤ්ඤා? එවං ඤාතං කත්‍වා පඤ්චක්‍ඛන්‍ධෙ තීරෙති අනිච්චතො දුක්‍ඛතා රොගතොති ද්වාචත්තාළීසාය ආකාරෙහි අයං තීරණ පරිඤ්ඤා, කතමා පහාණ පරිඤ්ඤා? එවං තීරයිත්‍වා අග්ගමග්ගෙන පඤ්චසු ඛන්‍ධෙසු ඡන්‍දරාගං පජහති, අයං පහාණපරිඤ්ඤා’ (එහි ‘ඤාත පරිඤ්ඤා කුමක් ද? මෙය රූපස්කන්ධය යි; .... මේ විඤ්ඤාණ ස්කන්ධය ය. මේ ඒවාහි ලක්‍ෂණ රස පච්චුප්පට්ඨාන පදට්ඨාන යි, ආදි වශයෙන් පඤ්ච ස්කන්ධය පිරිසිඳ දනී. මෙය ‘ඤාත පරිඤ්ඤා’ වේ. ‘තීරණ පරිඤ්ඤා’ කවරේ ද? මෙසේ (පඤ්ච ස්කන්‍ධය) දැන අනාත්ම වශයෙන්, දුඃඛ වශයෙන්, රෝග වශයෙන් යැයි දෙසාළිස් අයුරකින් තීරණය කරයි. එය ‘තීරණ පරිඤ්ඤා’ වේ. ‘ප්‍රහාණ පරිඤ්ඤා’ කුමක් ද? මෙසේ තීරණය කොට අග්‍ර වූ මාර්ගයෙන් පඤ්ච ස්කන්‍ධය කෙරෙහි ඡන්‍දරාගය පහ කරයි. මෙය ‘ප්‍රහාණ පරිඤ්ඤා’ වේ).

අක‍්ඛාතාරං න මඤ‍්ඤතීති එවං තීහි පරිඤ‍්ඤාහි පඤ‍්චක‍්ඛන්‍ධෙ පරිජානිත්‍වා ඛීණාසවො භික‍්ඛු අක‍්ඛාතාරං පුග‍්ගලං න මඤ‍්ඤති. අක‍්ඛාතාරන‍්ති කම‍්මවසෙන කාරණං වෙදිතබ‍්බං, අක‍්ඛාතබ‍්බං කථෙතබ‍්බං පුග‍්ගලං න මඤ‍්ඤති, න පස‍්සතීති අත්‍ථො. කින‍්ති අක‍්ඛාතබ‍්බන‍්ති? “තිස‍්සො”ති වා “ඵුස‍්සො”ති වා එවං යෙන කෙනචි නාමෙන වා ගොත‍්තෙන වා පකාසෙතබ‍්බං. තඤ‍්හි තස‍්ස න හොතීති තං තස‍්ස ඛීණාසවස‍්ස න හොති. යෙන නං වජ‍්ජාති යෙන නං “රාගෙන රත‍්තො”ති වා “දොසෙන දුට‍්ඨො”ති වා “මොහෙන මූළ‍්හො”ති වාති කොචි වදෙය්‍ය, තං කාරණං තස‍්ස ඛීණාසවස‍්ස නත්‍ථි.

‘අක්‍ඛාතාරං න මඤ්ඤති’ මෙසේ පරිඤ්ඤා තුනකින් පඤ්ච ස්කන්‍ධය පිරිසිඳ දැන ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව ‘අක්‍ඛාතාරං’ (සත්ත්ව පුද්ගලාදී ලෙස) පුද්ගලයකු නො හඟී (නො සළකයි). ‘අක්‍ඛාතාරං’ කර්ම වශයෙන් කාරණය (හේතුව) දත යුතු ය. ‘අක්‍ඛාතබ්බං’ (ආඛ්‍යාන කළ යුතු) කිව යුතු පුද්ගලයකු ලෙස නො සළකයි, නො දකියි යනු අර්ථ යි. ආඛ්‍යාන කළ යුතු වන්නේ කුමක් ද? තිස්ස හෝ ඵුස්ස හෝ ලෙස ය. මෙසේ කිසියම් නමකින් හෝ ගෝත්‍රයකින් ප්‍රකාශ කළ යුත්තේ ය. ‘තඤ්හි තස්ස න හොති’ එය ඒ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේට නැත. ‘යෙන නං වජ්ජා’ යම් කරුණකින් ඔහු රාගයෙන් රත් වූයේ යැයි ද ද්වේෂයෙන් දුෂ්ට වූයේ යයි ද, මෝහයෙන් මුළා වූයේ යයි ද කිසිවෙක් කියයි ද එබඳු කාරණයක් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේට නැත.

සචෙ විජානාසි වදෙහීති සචෙ එවරූපං ඛීණාසවං ජානාසි, “ජානාමී”ති වදෙහි. නො චෙ ජානාසි, අථ “න ජානාමී”ති වදෙහි. යක‍්ඛාති දෙවතං ආලපන‍්තො ආහ. ඉති ඉමාය ගාථාය සන්‍දිට‍්ඨිකො නවවිධො ලොකුත‍්තරධම‍්මො කථිතො. සාධූති ආයාචනත්‍ථෙ නිපාතො.

‘සචෙ විජානාසි වදෙහි යක්‍ඛ’ ඉදින් එබඳු ආකාරයේ ක්‍ෂීණාශ්‍රව කෙනෙකු දනිහි නම් ‘දනිමි’ යි කියනු; නො දන්නෙහි නම් එවිට ‘නො දනිමි’ යි කියනු. ‘යක්‍ඛ’ යනු දේවතාවිය ආමන්ත්‍රණය කරමින් කී සේක. මෙසේ මේ ගාථාවෙන් සන්‍දිට්ඨික වූ ලෝකෝත්තර ධර්මය පවසන ලදි. ‘සාධු’ ආයාචනය කිරීම් අර්ථයෙහි නිපාතයකි.

යො මඤ‍්ඤතීති යො අත‍්තානං “අහං සමො”ති වා “විසෙසී”ති වා “නිහීනො”ති වා මඤ‍්ඤති. එතෙන “සෙය්‍යොහමස‍්මී”තිආදයො තයො මානා ගහිතාව. තෙසු ගහිතෙසු නව මානා ගහිතාව හොන‍්ති. සො විවදෙථ තෙනාති සො පුග‍්ගලො තෙනෙව මානෙන යෙන කෙනචි පුග‍්ගලෙන සද‍්ධිං – “කෙන මං ත්‍වං පාපුණාසි, කිං ජාතියා පාපුණාසි, උදාහු ගොත‍්තෙන, කුලපදෙසෙන, වණ‍්ණපොක‍්ඛරතාය, බාහුසච‍්චෙන, ධුතගුණෙනා”ති එවං විවදෙය්‍ය. ඉති ඉමායපි උපඩ‍්ඪගාථාය කාලිකා කාමා කථිතා.

‘යො මඤ්ඤති’ යමෙක් තමා මම ‘සමො’ යයි ‘විසේසි’ යයි ‘නිහීනො’ යයි හෝ සළකයි ද එයින් ‘මම උසස් අයෙක්මි’ ආදී මාන (මිනුම්) ගන්නා ලදි. ඒ (මානය) ගත් කල මාන නවයක් ගත්තා නම් වන්නේ ය. ‘සො විවදෙථ තෙන’ ඒ පුද්ගලයා ඒ මානයෙන් ම කිසියම් පුද්ගලයකු සමග ‘ඔබ කුමක් නිසා මා වෙත ආයෙහි ද? කිම උත්පත්තියෙන් පැමිණියෙහි ද? නැතහොත් ගෝත්‍රයෙන් ද? කුල ප්‍රදේශයෙන් ද? උසස් කුලයෙන් ද? බහුශ්‍රැත භාවයෙන් හෝ ධුතංග බලයෙන් ද? මෙසේ විවාද කරහි ද? මෙසේ මේ ගාථා අර්ධයෙන් ද කාලික වූ කාමය ගැන පවසන ලදි.

තීසු විධාසූති තීසු මානෙසු. “එකවිධෙන රූපසඞ‍්ගහො”තිආදීසු (ධ· ස· 584) හි කොට‍්ඨාසො “විධො”ති වුත‍්තො. “කථංවිධං සීලවන‍්තං වදන‍්ති, කථංවිධං පඤ‍්ඤවන‍්තං වදන‍්තී”තිආදීසු (සං· නි· 1.95) ආකාරො. “තිස‍්සො ඉමා, භික‍්ඛවෙ, විධා. කතමා තිස‍්සො ? සෙය්‍යොහමස‍්මීති විධා, සදිසොහමස‍්මීති විධා, හීනොහමස‍්මීති විධා”තිආදීසු (සං· නි· 5.162) මානො “විධා”ති වුත‍්තො. ඉධාපි මානොව. තෙන වුත‍්තං “තීසු විධාසූති තීසු මානෙසූ”ති. අවිකම‍්පමානොති සො පුග‍්ගලො එතෙසු සඞ‍්ඛෙපතො තීසු, විත්‍ථාරතො නවසු මානෙසු න කම‍්පති, න චලති. සමො විසෙසීති න තස‍්ස හොතීති තස‍්ස පහීනමානස‍්ස ඛීණාසවස‍්ස “අහං සදිසො”ති වා “සෙය්‍යො”ති වා “හීනො”ති වා න හොතීති දස‍්සෙති. පච‍්ඡිමපදං වුත‍්තනයමෙව. ඉති ඉමායපි උපඩ‍්ඪගාථාය නවවිධො සන්‍දිට‍්ඨිකො ලොකුත‍්තරධම‍්මො කථිතො.

‘තීසු විධාසු’ මාන තුනෙහි ‘එකවිධෙන රූපසංගහො’ (රූප සංග්‍රහය එක් කොටසකින්) ආදියෙහි ‘කොට්ඨාස’ (කොටස) ‘විධා’ යි කියන ලදි. ‘කථං විධං සීලවන්තං වදන්ති කථං විධං පඤ්ඤවන්තං වදන්ති’ (කවර ආකාරයේ (කෙනෙකු) සිල්වත් ය යි කියත් ද, කවර ආකාරයේ කෙනෙකු ප්‍රඥාවන්ත යයි කියත් ද) යනාදී තැන්වල ‘විධා’ ‘ආකාර’ වේ. ‘තිස්සො ඉමා භික්‍ඛවෙ විධා කතමා තිස්සො? සෙය්‍යොහමස්මීති විධා සදිසොහමස්මීති විධා හීනොහමස්මීති විධා’ (මහණෙනි, මේ මානය ත්‍රිවිධ ය. ඒ තුන කවරේද? මම උසස් මි යි මානයකි. මම සමාන මි යි මානයකි. මම මහත් මි යි මානයකි) ආදී තැන්වල මානය ‘විධා’ යි දක්වන ලදි. මෙහි ද මානය ම වේ. එහෙයින් කියන ලදි. ‘තීසු විධාසු’ මාන තුනෙහි ය. ‘අවිකම්පමානො’ පුද්ගලයා සංක්‍ෂේපයෙන් මේ (මාන) තුනෙහි - විස්තර වශයෙන් මාන නවයෙහි - කම්පා නොවෙයි. නො සැලෙයි. ‘සමො විසෙසීති න තස්ස හොතී’ මානය ප්‍රහීණ කළ ක්‍ෂීණාශ්‍රව තැනැත්තාට මම සමාන වෙමි යි හෝ උසස් වෙමි යි හෝ පහත් වෙමි යි හෝ (මානයක්) නො තිබේ යි දක්වයි. අවසන් පාදය ද කියන ලද පරිදි ම ය. මේ ගාථා අර්ධයෙන් ද නව විධ වූ සන්දිට්ඨික ලෝකෝත්තර ධර්මය පවසන ලදි.

පහාසි සඞ‍්ඛන‍්ති, “පටිසඞ‍්ඛා යොනිසො ආහාරං ආහාරෙතී”තිආදීසු (සං· නි· 4.120, 239) පඤ‍්ඤා “සඞ‍්ඛා”ති ආගතා. “අත්‍ථි තෙ කොචි ගණකො වා මුද‍්දිකො වා සඞ‍්ඛායකො වා, යො පහොති ගඞ‍්ගාය වාලුකං ගණෙතු”න‍්ති (සං· නි· 4.410) එත්‍ථ ගණනා. “සඤ‍්ඤානිදානා හි පපඤ‍්චසඞ‍්ඛා”තිආදීසු (සු· නි· 880) කොට‍්ඨාසො. “යා තෙසං තෙසං ධම‍්මානං සඞ‍්ඛා සමඤ‍්ඤා”ති (ධ· ස· 1313-1315) එත්‍ථ පණ‍්ණත‍්ති “සඞ‍්ඛා”ති ආගතා. ඉධාපි අයමෙව අධිප‍්පෙතා. පහාසි සඞ‍්ඛන‍්ති පදස‍්ස හි අයමෙවත්‍ථො – රත‍්තො දුට‍්ඨො මූළ‍්හො ඉති ඉමං පණ‍්ණත‍්තිං ඛීණාසවො පහාසි ජහි පජහීති.

‘පහාසි සංඛං’ ‘පටිසංඛායොනිසො ආහාරං ආහාරන්ති’ (ප්‍රඥාවන්ත මනසිකාරයෙන් ආහාරය ආහාරය යි) ආදී තැන්වල ප්‍රඥාව ‘සංඛා’ යි යෙදුනේ වෙයි. ‘අත්‍ථි පන කොචි ගණකො වා මුද්දිකො වා සංඛායිකො වා යො පහොති ගංගාය වාලිකං ගණෙතුං’ (ගංගා නදියෙහි වැලි ගණනය කිරීමට කිසියම් ගණකාධිකාරීවරයෙක් ගණන් තබන්නෙක් සංඛ්‍යාලේඛනඥයෙක් හෝ සමත් වේද ?) යන මෙහි ගණනය කිරීමෙහි ය. ‘සඤ්ඤා නිදානා හි පපඤ්චසංඛා’ (ප්‍රපඤ්ච කොට්ඨාශයෙහි සංඥාව නිදානය කොට ඇත්තේ වේ) යන ආදියෙහි ‘කොටස’ වේ. ‘යා තෙසං තෙසං ධම්මානං සඞ්ඛා සමඤ්ඤා’ (ඒ ඒ ධර්මයන්ගේ යම් ප්‍රඥප්තියක් - පිළිගැනීමක්) යන මෙහි ප්‍රඥප්තිය ‘සංඛා’ වශයෙන් පැමිණියේ වේ. මෙහි ද එය ම (ප්‍රඥප්තිය ම) අදහස් කෙරේ. ‘පහාසි සංඛං’ යන පදයේ අර්ථය මෙය ම ය. ඇළුණේ, දුෂ්ට වූයේ (ද්වේෂ සහගත බවට පත් වූයේ), මුළා වූයේ යන මේ ප්‍රඥප්තිය ක්‍ෂීණාශ්‍රව පුද්ගලයා ‘පහාසි’ බැහැර කළේ ය. දුරු කළේ ය.

න විමානමජ‍්ඣගාති නවභෙදං තිවිධමානං න උපගතො. නිවාසට‍්ඨෙන වා මාතුකුච‍්ඡි “විමාන”න‍්ති වුච‍්චති, තං ආයතිං පටිසන්‍ධිවසෙන න උපගච‍්ඡීතිපි අත්‍ථො. අනාගතත්‍ථෙ අතීතවචනං. අච‍්ඡෙච‍්ඡීති ඡින්‍දි. ඡින‍්නගන්‍ථන‍්ති චත‍්තාරො ගන්‍ථෙ ඡින්‍දිත්‍වා ඨිතං. අනීඝන‍්ති නිද‍්දුක‍්ඛං. නිරාසන‍්ති නිත‍්තණ‍්හං. පරියෙසමානාති ඔලොකයමානා. නාජ‍්ඣගමුන‍්ති න අධිගච‍්ඡන‍්ති න වින්‍දන‍්ති න පස‍්සන‍්ති. වත‍්තමානත්‍ථෙ අතීතවචනං. ඉධ වා හුරං වාති ඉධලොකෙ වා පරලොකෙ වා. සබ‍්බනිවෙසනෙසූති තයො භවා, චතස‍්සො යොනියො, පඤ‍්ච ගතියො, සත‍්ත විඤ‍්ඤාණට‍්ඨිතියො, නව සත‍්තාවාසා, ඉති ඉමෙසුපි සබ‍්බෙසු සත‍්තනිවෙසනෙසු එවරූපං ඛීණාසවං කායස‍්ස භෙදා උප‍්පජ‍්ජමානං වා උප‍්පන‍්නං වා න පස‍්සන‍්තීති අත්‍ථො. ඉමාය ගාථාය සන්‍දිට‍්ඨිකං ලොකුත‍්තරධම‍්මමෙව කථෙසි.

‘න විමානමජ්ඣගා’ නව ආකාර (නැතහොත්) ත්‍රිවිධ මානයට නො පැමිණියේ වෙයි. ‘නිවාස’ අර්ථයෙන් හෝ මව් කුස ‘විමානය’ යි කියනු ලැබේ. එය මතු ප්‍රතිසන්ධි වශයෙන් නො පැමිණෙන්නේ ය යනු අර්ථ වේ. අනාගතාර්ථයෙහි අතීත වචනය යි. ‘අච්ඡෙච්ඡි’ සිඳ ලී ය. ‘ඡින්නගන්‍ථං’ ග්‍රන්‍ථ (ගැට) සතර සිඳලා සිටි; ‘අනීඝං’ නිදුක්; ‘නිරාසං’ තෘෂ්ණා රහිත, ‘පරියෙසමානා’ සොයමින් ‘නාජ්ඣගමුං’ නො ලබත්. නො විඳිත් නො දකිත්. වර්තමානාර්ථයෙහි අතීත වචන යි. ‘ඉධ වා හුරං වා’ මෙලොවෙහි හෝ පරලොවෙහි හෝ ‘සබ්බනිවෙසනෙසු’ භව තුන, යෝනි සතර, ගති පහ, විඤ්ඤාණ ස්ථිති සත, සත්තාවාස නවය යන මේ සියලු සත්ත්ව නිවේසනවල මරණින් මතු මේ ආකාරයේ ක්‍ෂීණාශ්‍රව වූ පුද්ගලයකු උපදින හෝ ඉපදුණු බවක් නො දක්නේ ය යනු අර්ථ යි. මේ ගාථාවෙන් සංදිට්ඨික ලෝකෝත්තර ධර්මය ම පැවසීය.

ඉමඤ‍්ච ගාථං සුත්‍වා සාපි දෙවතා අත්‍ථං සල‍්ලක‍්ඛෙසි, තෙනෙව කාරණෙන ඉමස‍්ස ඛ‍්වාහං, භන‍්තෙතිආදිමාහ. තත්‍ථ පාපං න කයිරාති ගාථාය දසකුසලකම‍්මපථවසෙනපි කථෙතුං වට‍්ටති අට‍්ඨඞ‍්ගිකමග‍්ගවසෙනපි. දසකුසලකම‍්මපථවසෙන තාව වචසාති චතුබ‍්බිධං වචීසුචරිතං ගහිතං. මනසාති තිවිධං මනොසුචරිතං ගහිතං. කායෙන වා කිඤ‍්චන සබ‍්බලොකෙති තිවිධං කායසුචරිතං ගහිතං. ඉමෙ තාව දසකුසලකම‍්මපථධම‍්මා හොන‍්ති. කාමෙ පහායාති ඉමිනා පන කාමසුඛල‍්ලිකානුයොගො පටික‍්ඛිත‍්තො. සතිමා සම‍්පජානොති ඉමිනා දසකුසලකම‍්මපථකාරණං සතිසම‍්පජඤ‍්ඤං ගහිතං. දුක‍්ඛං න සෙවෙථ අනත්‍ථසංහිතන‍්ති ඉමිනා අත‍්තකිලමථානුයොගො පටිසිද‍්ධො. ඉති දෙවතා “උභො අන‍්තෙ විවජ‍්ජෙත්‍වා කාරණෙහි සතිසම‍්පජඤ‍්ඤෙහි සද‍්ධිං දසකුසලකම‍්මපථධම‍්මෙ තුම‍්හෙහි කථිතෙ ආජානාමි භගවා”ති වදති.

මේ ගාථාවත් අසා ඒ දේවතාවිය ද අර්ථය අවබෝධ කොට ගත්තා ය. ඒ කරුණින් ම ‘ඉමස්ස ඛො අහං භන්තෙ’ යනාදිය කීවා ය. එහි ‘පාපං න කයිරා’ යන ගාථාවෙන් දශ කුශල කර්ම පථ වශයෙනුත් අෂ්ටාංගික මාර්ග වශයෙනුත් පැවසීමට වටනේ ය. දශ කුශල කර්ම පථ වශයෙන්, ‘වචසා’ චතුර්විධ වචී සුචරිතය ගන්නා ලදි. ‘මනසා’ ත්‍රිවිධ මනෝ සුචරිතය ගන්නා ලදි. ‘කායෙන වා කිඤ්චනං සබ්බලොකෙ’ ත්‍රිවිධ කාය සුචරිතය ගන්නා ලදි. මේවා දශ කුශල කර්ම පථ ධර්මයෝ වෙත්. ‘කාමෙ පහාය’ මෙයින් කාමසුඛල්ලිකානුයෝගය ප්‍රතික්ෂේප කරන ලදි. ‘සතිමා සම්පජානො’ මෙයින් දශ කුශල කර්ම පථ කාරණ වූ සති සම්පජඤ්ඤය ගන්නා ලදි. ‘දුක්ඛං න සෙවෙථ අනත්‍ථසංහිතං’ මෙයින් අත්තකිලමථානුයෝගය වළක්වන ලදි. මෙසේ දේවතාවිය ‘භාග්‍යවතුන් වහන්ස, අන්ත දෙක හැර සති සම්පජඤ්ඤය සමග ඔබ වහන්සේ දේශනා කළ දශ කුශල කර්ම පථ ධර්ම දනිමි’ යි පවසයි.

අට‍්ඨඞ‍්ගිකමග‍්ගවසෙන පන අයං නයො – තස‍්මිං කිර ඨානෙ මහතී ධම‍්මදෙසනා අහොසි. දෙසනාපරියොසානෙ දෙවතා යථාඨානෙ ඨිතාව දෙසනානුසාරෙන ඤාණං පෙසෙත්‍වා සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාය අත‍්තනා අධිගතං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං දස‍්සෙන‍්තී එවමාහ. තත්‍ථ වචසාති සම‍්මාවාචා ගහිතා, මනො පන අඞ‍්ගං න හොතීති මනසාති මග‍්ගසම‍්පයුත‍්තකං චිත‍්තං ගහිතං. කායෙන වා කිඤ‍්චන සබ‍්බලොකෙති සම‍්මාකම‍්මන‍්තො ගහිතො, ආජීවො පන වාචාකම‍්මන‍්තපක‍්ඛිකත‍්තා ගහිතොව හොති. සතිමාති ඉමිනා වායාමසතිසමාධයො ගහිතා. සම‍්පජානොතිපදෙන සම‍්මාදිට‍්ඨිසම‍්මාසඞ‍්කප‍්පා. කාමෙ පහාය, දුක‍්ඛං න සෙවෙථාතිපදද‍්වයෙන අන‍්තද‍්වයවජ‍්ජනං. ඉති ඉමෙ ද‍්වෙ අන‍්තෙ අනුපගම‍්ම මජ‍්ඣිමං පටිපදං තුම‍්හෙහි කථිතං, ආජානාමි භගවාති වත්‍වා තථාගතං ගන්‍ධමාලාදීහි පූජෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමීති.

අෂ්ටාංගික වශයෙන් මේ ක්‍රමය වේ. ඒ ස්ථානයෙහි මහත් ධර්ම දේශනාවක් විය. දේශනාවසානයෙහි දේවතාවිය සිටි ආකාරයෙන් ම සිටියා දේශනානුසාරයෙන් ඥානය මෙහෙයවා සෝවාන් ඵලයෙහි සිට තමා විසින් අවබෝධ කොට ගත් අෂ්ටාංගික මාර්ගය දක්වන්නී මෙසේ කීවාය. එහි ‘වචසා’ සම්මා වාචා ගන්නා ලදි. සිත අංගයක් නො වන්නේ ය. ‘මනසා’ මාර්ග සම්ප්‍රයුක්ත චිත්තය ගන්නා ලදි. ‘කායෙන වා කිඤ්චනං සබ්බලොකෙ’ සම්මා කම්මන්ත ගන්නා ලදි. ආජීවය වාචා කම්මන්ත පාර්ශ්වික වූ බැවින් ගන්නා ලද්දේ ම ය. ‘සතිමා’ මෙයින් වායාම සති සමාධි ගන්නා ලදි. ‘සම්පජානො’ යන පදයෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප ගන්නා ලදි. ‘කාමෙ පහාය දුක්‍ඛං න සෙවෙථ’ පද දෙකින් අන්ත දෙක ඉවත ලීම යි. ‘භාග්‍යවතුන් වහන්ස, මේ අන්ත දෙකට නො පැමිණ ඔබ වහන්සේ විසින් දේශිත මධ්‍යම ප්‍රතිපදාව දනිමි’ යි කියා භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් ආදියෙන් පුදා ප්‍රදක්ෂිණා කොට ගියා ය.

සමිද‍්ධිසුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

දස වැනි සූත්‍රය යි.

නන්‍දනවග‍්ගො දුතියො.

දෙවැනි නන්දන වර්ගය යි.