යෙදුමෙන් කියවන්න

3. සත‍්තිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. සත්ති වර්ගය

1. සත‍්තිසුත‍්තවණ‍්ණනා

1. සත්තී සූත්‍ර වර්ණනාව

සත‍්තිවග‍්ගස‍්ස පඨමෙ සත‍්තියාති දෙසනාසීසමෙතං. එකතොඛාරාදිනා සත්‍ථෙනාති අත්‍ථො. ඔමට‍්ඨොති පහතො. චත‍්තාරො හි පහාරා ඔමට‍්ඨො උම‍්මට‍්ඨො මට‍්ඨො විමට‍්ඨොති. තත්‍ථ උපරි ඨත්‍වා අධොමුඛං දින‍්නපහාරො ඔමට‍්ඨො නාම; හෙට‍්ඨා ඨත්‍වා උද‍්ධංමුඛං දින‍්නො උම‍්මට‍්ඨො නාම; අග‍්ගළසූචි විය විනිවිජ‍්ඣිත්‍වා ගතො මට‍්ඨො නාම; සෙසො සබ‍්බොපි විමට‍්ඨො නාම. ඉමස‍්මිං පන ඨානෙ ඔමට‍්ඨො ගහිතො. සො හි සබ‍්බදාරුණො දුරුද‍්ධරසල‍්ලො දුත‍්තිකිච‍්ඡො අන‍්තොදොසො අන‍්තොපුබ‍්බලොහිතොව හොති, පුබ‍්බලොහිතං අනික‍්ඛමිත්‍වා වණමුඛං පරියොනන්‍ධිත්‍වා තිට‍්ඨති. පුබ‍්බලොහිතං නිහරිතුකාමෙහි මඤ‍්චෙන සද‍්ධිං බන්‍ධිත්‍වා අධොසිරො කාතබ‍්බො හොති, මරණං වා මරණමත‍්තං වා දුක‍්ඛං පාපුණාති. පරිබ‍්බජෙති විහරෙය්‍ය.

සත්ති වර්ගයේ පළමු වැන්නේ : ‘සත්‍තියා’ මෙය දේශනා ශීර්ෂය යි. තනි පැත්ත මුවහත ඇති සැතකින් (ආයුධයකින්) යන අර්ථ යි. ‘ඔමට්ඨො’ පහර දෙන ලද්දේ; ප්‍රහාර හතරකි: ‘ඔමට්ඨො’ උම්මට්ඨො ‘මට්ඨො’ ‘විමට්ඨො’ යනුවෙනි. එහි ඉහළ සිට පහළට දෙන ලද ප්‍රහාරය ‘ඕමට්ඨ’ නමි. පහත සිට උඩු අතට දෙන ලද ප්‍රහාරය ‘උම්මට්ඨ’ නමි. යතුරු සිදුර මෙන් පසාරු කරගෙන ගිය (ප්‍රහාරය) ‘මට්ඨ’ නමි. සෙසු සියල්ල ම ‘විමට්ඨ’ නමි. මෙතැන්හි ‘ඕමට්ඨ’ (ප්‍රහාරය) ගන්නා ලදි. එය සැමතින් ම දරුණු ය. උගුලා දැමීමට අපහසු උල ඇත්තේ ය. පිළියම් කිරීම අපහසු ය. ඇතුළතින් දෝෂ ඇත්තේ ය. ඇතුළත සැරව හා ලේ ය. සැරව හා ලේ පිට නො වී වණ මුඛය (තුවාලය) වසාගෙන සිටියි. සැරව හා ලේ ඉවත් කිරීමට කැමති අය විසින් ඇඳෙහි බැඳ හිස පහතට සිටින සේ තැබිය යුත්තේ ය. මරණය හෝ මරණ මාත්‍ර වූ හෝ දුකක් පැමිණෙයි. ‘පරිබ්බජෙ’ හැසිරෙන්නේ ය.

ඉමාය ගාථාය කිං කථෙති? යථා සත‍්තියා ඔමට‍්ඨො පුරිසො සල‍්ලුබ‍්බහන-වණතිකිච‍්ඡනානං අත්‍ථාය වීරියං ආරභති, පයොගං කරොති පරක‍්කමති. යථා ච ඩය‍්හමානො මත්‍ථකෙ ආදිත‍්තසීසො තස‍්ස නිබ‍්බාපනත්‍ථාය වීරියං ආරභති, පයොගං කරොති පරක‍්කමති, එවමෙව භික‍්ඛු කාමරාගං පහානාය සතො අප‍්පමත‍්තො හුත්‍වා විහරෙය්‍ය භගවාති කථෙසි.

මේ ගාථාවෙන් කුමක් කියයිද? යම් සේ ආයුධයකින් උඩු අතට පහර දෙන ලද පුරුෂයකු උල් ගොඩ නිසා වූ තුවාලයට පිළියම් කරනු පිණිස වීර්යය අරඹයි. උත්සාහ දරයි. දැඩි ප්‍රයත්නයක් දරයි. යම් සේ හිස ගිනි ගන්නා කල්හි හිස ගිනිගත් තැනැත්තේ එය නිවීම පිණිස වීර්යය අරඹයි ද උත්සාහ දරයි ද දැඩි ප්‍රයත්නයක් දරයි ද භාග්‍යවතුන් වහන්ස, එසේ ම භික්‍ෂුව ද කාමරාගය දුරු කොට සිහියෙන් යුක්ත වී අප්‍රමාදී වී දිවි ගෙවතැයි කියයි.

අථ භගවා චින‍්තෙසි – ඉමාය දෙවතාය උපමා තාව දළ‍්හං කත්‍වා ආනීතා, අත්‍ථං පන පරිත‍්තකං ගහෙත්‍වා ඨිතා, පුනප‍්පුනං කථෙන‍්තීපි හෙසා කාමරාගස‍්ස වික‍්ඛම‍්භනපහානමෙව කථෙය්‍ය. යාව ච කාමරාගො මග‍්ගෙන න සමුග‍්ඝාටියති, තාව අනුබද‍්ධොව හොති. ඉති තමෙව ඔපම‍්මං ගහෙත්‍වා පඨමමග‍්ගවසෙන දෙසනං විනිවට‍්ටෙත්‍වා දෙසෙන‍්තො දුතියං ගාථමාහ. තස‍්සත්‍ථො පුරිමානුසාරෙනෙව වෙදිතබ‍්බොති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (මෙසේ) සිතූ සේක: මේ දේවතාවිය විසින් උපමාව මෙතෙක් දැඩි කොට ගෙනෙන ලදි. අර්ථය සීමා කොට ගෙන සිටී. යළි යළිත් කථා කරන්නී වුව ද ඇය කාමරාගයේ විෂ්කම්භන ප්‍රහාණය ම පවසන්නී ය. යම් තාක් කාමරාගය (අර්හත්) මාර්ගයෙන් වැසුම් නො හරී ද ඒ තාක් ලුහුබඳින ලද්දේ වේ. මෙසේ ඒ උපමාව ම ගෙන ප්‍රථම මාර්ගය වශයෙන් දේශනාව හරවා දක්වන සේක් දෙවැනි ගාථාව වදාළ සේක. එහි අර්ථය මුලින් දැක්වූ ආකාරයෙන් ම දත යුතු ය.

පඨමං.

ප්‍රථම සූත්‍රය යි.

2. ඵුසතිසුත‍්තවණ‍්ණනා

2. ඵුසති සූත්‍ර වර්ණනාව

දුතියෙ නාඵුසන‍්තං ඵුසතීති කම‍්මං අඵුසන‍්තං විපාකො න ඵුසති, කම‍්මමෙව වා අඵුසන‍්තං කම‍්මං න ඵුසති. කම‍්මඤ‍්හි නාකරොතො කරියති. ඵුසන‍්තඤ‍්ච තතො ඵුසෙති කම‍්මං ඵුසන‍්තං විපාකො ඵුසති, කම‍්මමෙව වා ඵුසති. කම‍්මඤ‍්හි කරොතො කරියති. තස‍්මා ඵුසන‍්තං ඵුසති, අප‍්පදුට‍්ඨපදොසිනන‍්ති යස‍්මා න අඵුසන‍්තං ඵුසති, ඵුසන‍්තඤ‍්ච ඵුසති, අයං කම‍්මවිපාකානං ධම‍්මතා, තස‍්මා යො “අප‍්පදුට‍්ඨස‍්ස නරස‍්ස දුස‍්සති, සුද‍්ධස‍්ස පොසස‍්ස අනඞ‍්ගණස‍්සා”ති එවං වුත‍්තො අප‍්පදුට‍්ඨපදොසී පුග‍්ගලො, තං පුග‍්ගලං කම‍්මං ඵුසන‍්තමෙව කම‍්මං ඵුසති, විපාකො වා ඵුසති. සො හි පරස‍්ස උපඝාතං කාතුං සක‍්කොති වා මා වා, අත‍්තා පනානෙන චතූසු අපායෙසු ඨපිතො නාම හොති. තෙනාහ භගවා – “තමෙව බාලං පච‍්චෙති පාපං, සුඛුමො රජො පටිවාතංව ඛිත‍්තො”ති.

දෙවැන්නෙහි : ‘නාඵුසන්තං ඵුසති’ විපාකය, කර්මය ස්පර්ශ නො කරන්නහු ස්පර්ශ නො කරයි. කර්මය ම හෝ ස්පර්ශ නො කරන්නාහු කර්මය ස්පර්ශ නො කරයි. නො කරන්නෙක් කර්ම නො කරයි. ‘ඵුසන්තඤ්ච තතො ඵුසෙ’ විපාකය කර්මය ස්පර්ශ කරන්නහු ස්පර්ශ කරන්නේ ය. කර්මය ම හෝ ස්පර්ශ කරයි. කරන්නා කර්මය කරයි. එහෙයින් ස්පර්ශ කරන්නහු ස්පර්ශ කරයි. ‘අප්පදුට්ඨප්පදොසිනං’ යම් සේ ස්පර්ශ නො කරන්නහු විපාකය ස්පර්ශ නො කරයි ද ස්පර්ශ කරන්නහු විපාකය ස්පර්ශ කරයි ද, මෙය කර්ම විපාකවල ධර්මතාවකි. එහෙයින් ‘යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස’ (යමෙක් නිදොස් වූ නිකෙළෙස් වූ පුද්ගලයකුට ද්වේෂ කරයි ද) යි (කියන ලදි). එසේ පවසන ලද නිදොස් පුද්ගලයනට ද්වේෂ කරන පුද්ගලයා කර්මය ස්පර්ශ කරන ඒ පුද්ගලයා ම කර්මය ස්පර්ශ කරයි; විපාකය හෝ ස්පර්ශ කරයි. හේ අනෙක් තැනැත්තාට හිංසා කිරීමට හැකි වූයේ හෝ නො වූයේ වුව ද, මෙයින් තමා සතර අපායේ තබන්නේ වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘තමෙව බාලං පච්චෙති පාපං සුඛුමො රජො පටිවාතංව ඛිත්තො’ (ඒ පාපය උඩු සුළඟට දැමූ සියුම් දූවිල්ලක් මෙන් ඒ බාලයා ම පැසවයි) යනුවෙන් වදාළ සේක.

දුතියං.

දෙවැනි සූත්‍රය යි.

3. ජටාසුත‍්තවණ‍්ණනා

3. ජටා සූත්‍ර වර්ණනාව

තතියෙ අන‍්තොජටාති ගාථායං ජටාති තණ‍්හාය ජාලිනියා අධිවචනං. සා හි රූපාදීසු ආරම‍්මණෙසු හෙට‍්ඨුපරියවසෙන පුනප‍්පුනං උප‍්පජ‍්ජනතො සංසිබ‍්බනට‍්ඨෙන වෙළුගුම‍්බාදීනං සාඛාජාලසඞ‍්ඛාතා ජටා වියාති ජටා. සා පනෙසා සකපරික‍්ඛාරපරපරික‍්ඛාරෙසු සකඅත‍්තභාව-පරඅත‍්තභාවෙසු අජ‍්ඣත‍්තිකායතන-බාහිරායතනෙසු ච උප‍්පජ‍්ජනතො අන‍්තොජටා බහිජටාති වුච‍්චති. තාය එවං උප‍්පජ‍්ජමානාය ජටාය ජටිතා පජා. යථා නාම වෙළුජටාදීහි වෙළුආදයො, එවං තාය තණ‍්හාජටාය සබ‍්බාපි අයං සත‍්තනිකායසඞ‍්ඛාතා පජා ජටිතා විනද‍්ධා, සංසිබ‍්බිතාති අත්‍ථො. යස‍්මා ච එවං ජටිතා, තං තං ගොතම පුච‍්ඡාමීති තස‍්මා තං පුච‍්ඡාමි. ගොතමාති භගවන‍්තං ගොත‍්තෙන ආලපති. කො ඉමං විජටයෙ ජටන‍්ති ඉමං එවං තෙධාතුකං ජටෙත්‍වා ඨිතං ජටං කො විජටෙය්‍ය, විජටෙතුං කො සමත්‍ථොති පුච‍්ඡති.

තෙවැන්නෙහි : ‘අන්තො ජටා’ යන ගාථාවෙහි අර්ථය මෙසේ ය: ‘ජටා’ යනු තෘෂ්ණාවට (ජාලිනී = තෘෂ්ණාව) සමාන වචනයකි. එය රූපාදී ආරම්මණවල ඉහළ පහළ වශයෙන් යළි යළිත් උපදවන බැවින් එකට කර මසන (ගොතන) ලද අර්ථයෙන් - උණ පඳුරු ආදියෙහි අතුවලින් ගෙතුණු දැලක් මෙන් යි = ජටා. ඒ (තෘෂ්ණා) තොමෝ ස්වකීය පරිෂ්කාරවල, අන්‍ය පරිෂ්කාරවල, ස්වකීය ආත්මභාවවල, අන්‍ය ආත්ම භාවවල, අධ්‍යාත්මික ආයතනවල, බාහිර ආයතනවල උපදවන බැවින් ‘අන්තො ජටා බහි ජටා’ යි කියනු ලැබේ. ඇය (තණ්හාව) විසින් උපදවනු ලබන දැලෙන් ප්‍රජාව වෙළී-පැටලී සිටියි. යම් සේ උණ ගස්වල අතු ඉති දැලෙන් උණ ගස් ආදිය (පැටලී ඇත්තා සේ) ඒ තෘෂ්ණා දැලෙන් මේ සියලු ම සත්ත්ව නිකාය සංඛ්‍යාත ප්‍රජාව ද පැටලී ඇත්තේ ය, වෙළන ලද්දේ ය, ගොතන ලද්දේ ය යන අර්ථ යි. යම් හෙයකින් මෙසේ වෙළී ඇත්තේ ද, ‘තං තං ගොතම පුච්ඡාමි’ එහෙයින් එය විමසමි. ‘ගොතම’ භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍ර නාමයෙන් ආමන්ත්‍රණය කරයි. ‘කො ඉමං විජටයෙ ජටං’ මෙසේ වෙළාගෙන සිටින තෙධාතුක වෙළුම - අවුල - කවරෙක් ලිහයි ද? නිරවුල් කිරීමට කවරෙක් සමත් වේ දැ යි විමසයි.

අථස‍්ස භගවා තමත්‍ථං විස‍්සජ‍්ජෙන‍්තො සීලෙ පතිට‍්ඨායාතිආදිමාහ. තත්‍ථ සීලෙ පතිට‍්ඨායාති චතුපාරිසුද‍්ධිසීලෙ ඨත්‍වා. එත්‍ථ ච භගවා ජටාවිජටනං පුච‍්ඡිතො සීලං ආරභන‍්තො න “අඤ‍්ඤං පුට‍්ඨො අඤ‍්ඤං කථෙතී”ති වෙදිතබ‍්බො. ජටාවිජටකස‍්ස හි පතිට‍්ඨාදස‍්සනත්‍ථමෙත්‍ථ සීලං කථිතං.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එහි අර්ථය පහදා දෙන සේක් ‘සීලෙ පතිට්ඨාය’ ආදිය වදාළ සේක. එහි ‘සීලෙ පතිට්ඨාය’ යනු චතුපාරිශුද්ධ ශීලයෙහි පිහිටා; මෙහි ද භාග්‍යවතුන් වහන්සේ දැල (අවුල) ලිහීම ගැන ප්‍රශ්න කරනු ලැබූ සේක් ශීලය ආරම්භ කරමින් එකක් අසන ලදුව වෙනෙකක් පවසතැයි නො දත යුතු ය. අවුල ලිහීමෙහි පදනම් අර්ථයෙන් ම ‘ශීලය’ වදාරන ලදි.

නරොති සත‍්තො. සපඤ‍්ඤොති කම‍්මජතිහෙතුකපටිසන්‍ධිපඤ‍්ඤාය පඤ‍්ඤවා. චිත‍්තං පඤ‍්ඤඤ‍්ච භාවයන‍්ති සමාධිඤ‍්චෙව විපස‍්සනඤ‍්ච භාවයමානො. චිත‍්තසීසෙන හෙත්‍ථ අට‍්ඨ සමාපත‍්තියො කථිතා, පඤ‍්ඤානාමෙන විපස‍්සනා. ආතාපීති වීරියවා. වීරියඤ‍්හි කිලෙසානං ආතාපනපරිතාපනට‍්ඨෙන “ආතාපො”ති වුච‍්චති, තදස‍්ස අත්‍ථීති ආතාපී. නිපකොති නෙපක‍්කං වුච‍්චති පඤ‍්ඤා, තාය සමන‍්නාගතොති අත්‍ථො. ඉමිනා පදෙන පාරිහාරියපඤ‍්ඤං දස‍්සෙති. පාරිහාරියපඤ‍්ඤා නාම “අයං කාලො උද‍්දෙසස‍්ස, අයං කාලො පරිපුච‍්ඡායා”තිආදිනා නයෙන සබ‍්බත්‍ථ කාරාපිතා පරිහරිතබ‍්බපඤ‍්ඤා. ඉමස‍්මිඤ‍්හි පඤ‍්හාබ්‍යාකරණෙ තික‍්ඛත‍්තුං පඤ‍්ඤා ආගතා. තත්‍ථ පඨමා ජාතිපඤ‍්ඤා, දුතියා විපස‍්සනාපඤ‍්ඤා, තතියා සබ‍්බකිච‍්චපරිණායිකා පාරිහාරියපඤ‍්ඤා.

‘නරො’ සත්ත්වයා, ‘සපඤ්ඤො’ කර්මජ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි ප්‍රඥාවෙන් ප්‍රඥාවන්ත වූ ‘චිත්තං පඤ්ඤඤ්ච භාවයං’ සමාධියත් විපස්සනාවත් වඩන්නේ; චිත්ත මාතෘකාවෙන් මෙහි අෂ්ට සමාපත්තිය දක්වන ලදි. ‘පඤ්ඤා’ නාමයෙන් ‘විදර්ශනාව’ (දක්වන ලදි). ‘ආතාපි’ වීර්යවන්ත වූ, වීර්යය වූ කලී කෙලෙස් තවන - දවන අර්ථයෙන් ‘ආතාපි’ යි කියනු ලැබේ. එය ඔහුට ඇතැයි ‘ආතාපි’ වේ. ‘නිපකො’ නෙපක්ක යනු ප්‍රඥාව ය; එයින් යුක්ත වූයේ ය යන අරුත යි. මේ පදයෙන් පාරිහාරිය ප්‍රඥාව පෙන්වා ලයි. ‘පාරිහාරිය ප්‍රඥාව’ නම්; මේ උද්දේසයට (බණ ඉගෙනීමට) සුදුසු කාලය යි. මේ ප්‍රශ්න විචාරීමට සුදුසු කාලය යි ආදී ක්‍රමයට සැම තන්හි කටයුතු කිරීමට සැකසුණු ආරක්ෂා කළ යුතු ප්‍රඥාව යි. මේ ප්‍රශ්න විසඳුමෙහි තෙවරක් ‘ප්‍රඥාව’ සඳහන් වූයේ වෙයි. එහි ප්‍රථමය ජාති පඤ්ඤා ය; දෙවැන්න විපස්සනා පඤ්ඤා ය; තෙවැන්න සබ්බකිච්ච පරිනායිකා පාරිහාරිය පඤ්ඤා ය.

සො ඉමං විජටයෙ ජටන‍්ති සො ඉමෙහි සීලාදීහි සමන‍්නාගතො භික‍්ඛු. යථා නාම පුරිසො පථවියං පතිට‍්ඨාය සුනිසිතං සත්‍ථං උක‍්ඛිපිත්‍වා මහන‍්තං වෙළුගුම‍්බං විජටෙය්‍ය, එවමෙවං සීලෙ පතිට‍්ඨාය සමාධිසිලායං සුනිසිතං විපස‍්සනාපඤ‍්ඤාසත්‍ථං වීරියබලපග‍්ගහිතෙන පාරිහාරියපඤ‍්ඤාහත්‍ථෙන උක‍්ඛිපිත්‍වා සබ‍්බම‍්පි තං අත‍්තනො සන‍්තානෙ පතිතං තණ‍්හාජටං විජටෙය්‍ය සඤ‍්ඡින්‍දෙය්‍ය සම‍්පදාලෙය්‍යාති.

‘සො ඉමං විජටයෙ ජටං’ මේ ශීලාදියෙන් සමන්විත වූ භික්‍ෂුව, යම් සේ පුරුෂයෙක් පොළවෙහි සිට ගෙන මනා කොට මුවහත් කළ ආයුධයක් ඔසවා මහත් උණ පඳුරක වෙළු හරින්නේ ද එලෙස ශීලයෙහි පිහිටා සමාධි තලයෙහි නියුතු මුවහත ඇති විදර්ශනා ප්‍රඥා නමැති ආයුධය වීර්යය බලයෙන් දැඩි ලෙස අල්ලා ගත් පාරිහාරිය ප්‍රඥා හස්තයෙන් ඔසවා තම සන්තානයෙහි ඇති සියලු තණ්හා වෙළු හරී, මැනවින් කපා හරී, දෙපළු කරයි.

එත‍්තාවතා සෙඛභූමිං කථෙත්‍වා ඉදානි ජටං විජටෙත්‍වා ඨිතං මහාඛීණාසවං දස‍්සෙන‍්තො යෙසන‍්තිආදිමාහ. එවං ජටං විජටෙත්‍වා ඨිතං ඛීණාසවං දස‍්සෙත්‍වා පුන ජටාය විජටනොකාසං දස‍්සෙන‍්තො යත්‍ථ නාමඤ‍්චාතිආදිමාහ. තත්‍ථ නාමන‍්ති චත‍්තාරො අරූපිනො ඛන්‍ධා. පටිඝං රූපසඤ‍්ඤා චාති එත්‍ථ පටිඝසඤ‍්ඤාවසෙන කාමභවො ගහිතො, රූපසඤ‍්ඤාවසෙන රූපභවො. තෙසු ද‍්වීසු ගහිතෙසු අරූපභවො ගහිතොව හොති භවසඞ‍්ඛෙපෙනාති. එත්‍ථෙසා ඡිජ‍්ජතෙ ජටාති එත්‍ථ තෙභූමකවට‍්ටස‍්ස පරියාදියනට‍්ඨානෙ එසා ජටා ඡිජ‍්ජති, නිබ‍්බානං ආගම‍්ම ඡිජ‍්ජති නිරුජ‍්ඣතීති අයං අත්‍ථො දස‍්සිතො හොති.

මෙපමණකින් සේඛ භූමිය (රහත් ඵලය හැර ඉතිරි මග පල) විස්තර කොට, දැන් වෙළු (අවුල්) නිරවුල් කර සිටින මහා ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ දක්වන සේක්, ‘යෙසං’ ආදිය වදාළසේක. මෙසේ අවුල් නිරවුල් කොට සිටි ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ දක්වා යළි අවුලෙහි නිරවුල් වන අවස්ථාව දක්වන්නෝ ‘යත්‍ථ නාමඤ්ච’ ආදිය වදාළ සේක. එහි ‘නාමං’ අරූපි ස්කන්ධ සතර ය. ‘පටිඝං රූපසඤ්ඤා’ මෙහි ප්‍රතිඝ සංඥා වශයෙන් කාම භවය ගන්නා ලදි. රූප සංඥා වශයෙන් රූප භවය යි. ඒ දෙක ගත් කල්හි භව සංක්‍ෂේපයෙන් අරූප භවය ගන්නා ලද්දේ ම ය. ‘එත්‍ථෙසා ඡිජ්ජතෙ ජටා’ මෙහි තෙභූමක සංසාරය අවසන් කරන තන්හි ජටා (දැල) සිඳියි. නිවනට පැමිණ සිඳ ලයි නිරුද්ධ වෙයි යන මේ අර්ථය දක්වන ලද්දේ වෙයි.

තතියං.

තුන් වැනි සූත්‍රය යි.

4. මනොනිවාරණසුත‍්තවණ‍්ණනා

4. මනෝනිවාරණ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ යතො යතොති පාපතො වා කල්‍යාණතො වා. අයං කිර දෙවතා “යංකිඤ‍්චි කුසලාදිභෙදං ලොකියං වා ලොකුත‍්තරං වා මනො, තං නිවාරෙතබ‍්බමෙව, න උප‍්පාදෙතබ‍්බ”න‍්ති එවංලද‍්ධිකා. ස සබ‍්බතොති සො සබ‍්බතො. අථ භගවා – “අයං දෙවතා අනිය්‍යානිකකථං කථෙති, මනො නාම නිවාරෙතබ‍්බම‍්පි අත්‍ථි භාවෙතබ‍්බම‍්පි, විභජිත්‍වා නමස‍්සා දස‍්සෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා දුතියගාථං ආහ. තත්‍ථ න මනො සංයතත‍්තමාගතන‍්ති, යං වුත‍්තං “න සබ‍්බතො මනො නිවාරයෙ”ති, කතරං තං මනො, යං තං සබ‍්බතො න නිවාරෙතබ‍්බන‍්ති චෙ. මනො සංයතත‍්තං ආගතං, යං මනො යත්‍ථ සංයතභාවං ආගතං, “දානං දස‍්සාමි, සීලං රක‍්ඛිස‍්සාමී”තිආදිනා නයෙන උප‍්පන‍්නං, එතං මනො න නිවාරෙතබ‍්බං, අඤ‍්ඤදත්‍ථු බ්‍රූහෙතබ‍්බං වඩ‍්ඪෙතබ‍්බං. යතො යතො ච පාපකන‍්ති යතො යතො අකුසලං උප‍්පජ‍්ජති, තතො තතො ච තං නිවාරෙතබ‍්බන‍්ති.

සිවු වැන්නෙහි : ‘යතො යතො’ පාපයෙන් හෝ යහපත් බවින් හෝ; මේ දේවතාවා වනාහි කුශලාකුශල ආදී ප්‍රභේද සහිත ලෞකික වූ හෝ ලෝකෝත්තර වූ යම් කිසි මනසක් වේ ද එය වැළැක්විය යුත්තේම ය, ඉපදවිය යුතු නො වන්නේ ය යන ලබ්ධිය ඇත්තෙකි. ‘ස සබ්බතො’ = සො සබ්බතො (ඔහු සියල්ලෙන්); ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ දේවතාවා අනීය්‍යානික (අනෛර්යානික) කථාවක් කරයි, සිත වැළැක්විය යුතු වූවක් ද වේ, වැඩිය යුත්තක් ද වේ, විභජනය කොට මැයට දක්වන්නෙමි යි සිතා දෙවැනි ගාථාව වදාළ සේක. එහි ‘මනො යතත්තමාගතං’ ‘න සබ්බතො මනො නිවාරයෙ’ (සියල්ලෙන් සිත නො වළකන්නේ ය) යි යමක් පවසන ලද ද සියල්ලෙන් නො වැළැක්විය යුත්තේ යම් සිතක් ද ඒ කවරක් ද? ‘මනො යතත්තමාගතං’ සංයත භාවයට පැමිණි යම් සිතක් - ‘දන් දෙන්නෙමි, සිල් රකින්නෙමි’ ආදී ක්‍රමයෙන් - උපන්නේ ද ඒ සිත නො වැළැක්විය යුත්තේ ය. ඒකාන්තයෙන් ම යළි යළිත් වැඩිය යුතු ය, ප්‍රවර්ධනය කළ යුතු ය. ‘යතො යතොව පාපකං’ යම් මේ ලෙසකින් අකුශලය උපදී ද ඒ ඒ දෙයින් එය (සිත) වැළැක්විය යුත්තේ ය.

චතුත්‍ථං.

සතර වැනි සූත්‍රය යි.

5. අරහන‍්තසුත‍්තවණ‍්ණනා

5. අරහන්ත සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ කතාවීති චතූහි මග‍්ගෙහි කතකිච‍්චො. අහං වදාමීති අයං දෙවතා වනසණ‍්ඩවාසිනී, සා ආරඤ‍්ඤකානං භික‍්ඛූනං “අහං භුඤ‍්ජාමි, අහං නිසීදාමි, මම පත‍්තො, මම චීවර”න‍්තිආදිකථාවොහාරං සුත්‍වා චින‍්තෙසි – “අහං ඉමෙ භික‍්ඛූ ‘ඛීණාසවා’ති මඤ‍්ඤාමි, ඛීණාසවානඤ‍්ච නාම එවරූපා අත‍්තුපලද‍්ධිනිස‍්සිතකථා හොති, න හොති නු ඛො”ති ජානනත්‍ථං එවං පුච‍්ඡති.

පස් වැන්නෙහි : ‘කතාවී’ මාර්ග සතරින් කරන ලද කෘත්‍යය ඇත්තේ ‘අහං වදාමි’ මේ දේවතාවිය වන ලැහැබ්හි වසන්නී ආරණ්‍යවාසී භික්‍ෂූන්ගේ ‘මම අනුභව කරමි, මම හිඳ ගනිමි, මගේ පාත්‍රය මගේ සිවුර’ ආදී කථා ව්‍යවහාරය අසා (මෙසේ) සිතුවා ය. ‘මම මේ භික්‍ෂූන් ක්‍ෂීණාශ්‍රවයන් හැටියට සළකමි. ක්‍ෂීණාශ්‍රවයන් හට මේ ආකාරයේ සත්ත්ව උපලබ්ධි නිඃශ්‍රිත කථාවක් වේ ද? නො වේ ද?’ එය දැන ගන්නා අටියෙන් ප්‍රශ්න කරයි.

සාමඤ‍්ඤන‍්ති ලොකනිරුත‍්තිං ලොකවොහාරං. කුසලොති ඛන්‍ධාදීසු කුසලො. වොහාරමත‍්තෙනාති උපලද‍්ධිනිස‍්සිතකථං හිත්‍වා වොහාරභෙදං අකරොන‍්තො “අහං, මමා”ති වදෙය්‍ය. “ඛන්‍ධා භුඤ‍්ජන‍්ති, ඛන්‍ධා නිසීදන‍්ති, ඛන්‍ධානං පත‍්තො, ඛන්‍ධානං චීවර”න‍්ති හි වුත‍්තෙ වොහාරභෙදො හොති, න කොචි ජානාති. තස‍්මා එවං අවත්‍වා ලොකවොහාරෙන වොහරතීති.

‘සමඤ්ඤං’ ලෝක නිරුක්ති; ලෝක ව්‍යවහාරය; ‘කුසලො’ ස්කන්‍ධ ආදියෙහි දක්ෂ වූ; ‘වොහාරමත්තෙන’ උපලබ්ධි නිඃශ්‍රිත කථාව හැර දමා ව්‍යවහාරයේ වෙනසක් නො කරමින් ‘මම, මගේ’ යි කියයි ද, “ස්කන්ධයෝ අනුභව කරති, ස්කන්ධයෝ හිඳ ගනිති, ස්කන්ධයන්ගේ පාත්‍රය, ස්කන්ධයන්ගේ චීවරය” යි කී කල්හි ව්‍යවහාර වෙනසක් වෙයි. කිසිවෙක් තේරුම් ගන්නේ ද නැත. එහෙයින් එසේ නො කියා ලෝක ව්‍යවහාරයෙන් ව්‍යවහාර කරති.

අථ දෙවතා – “යදි දිට‍්ඨියා වසෙන න වදති, මානවසෙන නු ඛො වදතී”ති චින‍්තෙත්‍වා පුන යො හොතීති පුච‍්ඡි. තත්‍ථ මානං නු ඛොති සො භික‍්ඛු මානං උපගන‍්ත්‍වා මානවසෙන වදෙය්‍ය නු ඛොති. අථ භගවා – “අයං දෙවතා ඛීණාසවං සමානං විය කරොතී”ති චින‍්තෙත්‍වා, “ඛීණාසවස‍්ස නවවිධොපි මානො පහීනො”ති දස‍්සෙන‍්තො පටිගාථං ආහ. තත්‍ථ විධූපිතාති විධමිතා. මානගන්‍ථස‍්සාති මානා ච ගන්‍ථා ච අස‍්ස. මඤ‍්ඤතන‍්ති මඤ‍්ඤනං. තිවිධම‍්පි තණ‍්හා-දිට‍්ඨි-මාන-මඤ‍්ඤනං සො වීතිවත‍්තො, අතික‍්කන‍්තොති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

ඉක්බිති දේවතාවිය ස්වකීය දෘෂ්ටිය වශයෙන් කියයි ද මාන වශයෙන් පවසයි ද යි සිතා යළිත් ‘යො හොති’ යි විචාළා ය. එහි ‘මානං නු ඛො’ ඒ භික්‍ෂුව මානයට පැමිණ මාන වශයෙන් පවසන්නේ නො වේද? ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ මේ දේවතාවිය ක්‍ෂීණාශ්‍රවයන් හා සමාන බවක් කරති යි සිතා ක්‍ෂීණාශ්‍රවයන්ගේ නව විධ වූ මානය ද ප්‍රහීණ වී ඇතැයි දක්වන්නාහු යළි ගාථාවක් වදාළ සේක. එහි ‘විධූපිතා’ නසන ලද්දේ ය. ‘මානගන්‍ථස්ස’ ‘මානා ච ගන්‍ථා ච අස්ස’ (මානයත් ගැටත් වේ.) මාන - මඤ්ඤනා; ත්‍රිවිධ වූ තෘෂ්ණා දෘෂ්ටි මාන යනාදිය මඤ්ඤනා ය. හේ ඒවා ඉක්ම වූයේ ය, අතික්‍රාන්ත වූයේ ය යන අරුත යි. සෙස්ස පෙර කියන ලද පරිදි ම ය.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. පජ‍්ජොතසුත‍්තවණ‍්ණනා

6. පජ්ජොත සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ පුට‍්ඨුන‍්ති පුච‍්ඡිතුං. කථං ජානෙමූති කථං ජානෙය්‍යාම. දිවාරත‍්තින‍්ති දිවා ච රත‍්තිඤ‍්ච. තත්‍ථ තත්‍ථාති යත්‍ථ යත්‍ථෙව පජ‍්ජලිතො හොති, තත්‍ථ තත්‍ථ. එසා ආභාති එසා බුද‍්ධාභා. කතමා පන සාති? ඤාණාලොකො වා හොතු පීතිආලොකො වා පසාදාලොකො වා ධම‍්මකථාආලොකො වා, සබ‍්බොපි බුද‍්ධානං පාතුභාවා උප‍්පන‍්නො ආලොකො බුද‍්ධාභා නාම. අයං අනුත‍්තරා සබ‍්බසෙට‍්ඨා අසදිසාති.

සය වැන්නෙහි : ‘පුට්ඨුං’ ප්‍රශ්න කිරීමට; ‘කථං ජානෙමු’ කෙසේ දැන ගනිමු ද? ‘දිවාරත්තිං’ දවල් ද රෑ ද ‘තත්‍ථ තත්‍ථ’ යම් යම් තැනක බබළන ලද ද ඒ ඒ තැන්වල ‘එසා ආභා’ ඒ බුද්ධාලෝකය; එය කුමක් ද? ඤාණාලෝකය හෝ වෙයි; ප්‍රීති ආලෝකය හෝ (වෙයි); ප්‍රසාද ආලෝකය හෝ (වෙයි); ධර්ම කථා ආලෝකය හෝ (වෙයි); මේ සියල්ල බුදුන් වහන්සේලාගේ පහළ වීමත් සමග උපන් ආලෝකය ‘බුද්ධාභා’ නමි. මෙය ‘අනුත්තරා’ සර්ව ශ්‍රේෂ්ඨ වූ අසදෘශ වූ යනු යි.

ඡට‍්ඨං.

සය වැනි සූත්‍රය යි.

7. සරසුත‍්තවණ‍්ණනා

7. සර සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ කුතො සරා නිවත‍්තන‍්තීති ඉමෙ සංසාරසරා කුතො නිවත‍්තන‍්ති, කිං ආගම‍්ම නප‍්පවත‍්තන‍්තීති අත්‍ථො. න ගාධතීති න පතිට‍්ඨාති. අතොති අතො නිබ‍්බානතො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

සත්වැන්නෙහි : ‘කුතො සරා නිවත්තන්ති’ මේ සංසාර විල් (ප්‍රවාහයෝ) කොහි නවතිත් ද? කුමකට පැමිණ (ඉන් ඔබ්බට) නො පවතිත් ද? යනු අර්ථය යි. ‘න ගාධති’ නො පිහිටයි. ‘අතො’ නිර්වාණයෙන් අනතුරුව සෙස්ස කියන ලද අර්ථ පරිදි ය.

සත‍්තමං.

සත් වැනි සූත්‍රය යි.

8. මහද‍්ධනසුත‍්තවණ‍්ණනා

8. මහද්ධන සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ නිධානගතං මුත‍්තසාරාදි මහන‍්තං ධනමෙතෙසන‍්ති මහද‍්ධනා. සුවණ‍්ණරජතභාජනාදි මහාභොගො එතෙසන‍්ති මහාභොගා. අඤ‍්ඤමඤ‍්ඤාභිගිජ‍්ඣන‍්තීති අඤ‍්ඤමඤ‍්ඤං අභිගිජ‍්ඣන‍්ති පත්‍ථෙන‍්ති පිහෙන‍්ති. අනලඞ‍්කතාති අතිත‍්තා අපරියත‍්තජාතා. උස‍්සුක‍්කජාතෙසූති නානාකිච‍්චජාතෙසු අනුප‍්පන‍්නානං රූපාදීනං උප‍්පාදනත්‍ථාය උප‍්පන‍්නානං අනුභවනත්‍ථාය උස‍්සුක‍්කෙසු. භවසොතානුසාරීසූති වට‍්ටසොතං අනුසරන‍්තෙසු. අනුස‍්සුකාති අවාවටා. අගාරන‍්ති මාතුගාමෙන සද‍්ධිං ගෙහං. විරාජියාති විරාජෙත්‍වා. සෙසං උත‍්තානමෙවාති.

අටවැන්නෙහි: නිධන්ගත වූ මුතුහර ආදි මහත් ධනය මොවුනට ඇතැයි මහද්ධනා. රන් රිදී බඳුන් ආදී මහාභෝග මොවුනට ඇතැයි මහාභෝගා ‘අඤ්ඤමඤ්ඤාභිගිජ්ඣන්ති’ ‘අඤ්ඤමඤ්ඤං’ ඔවුනොවුන් ‘අභිගිජ්ඣන්ති’ පතති, කැමති වෙති. ‘අනලඞ්කතා’ තෘප්තියට පත් නො වූවාහු, සෑහීමට පත් නො වූවාහු ‘උස්සුක්කජාතෙසු’ නානා විධ ක්‍රියා හටගත් කල්හි; නූපන් රූප ආදිය ඉපදවීම පිණිස, උපන් ඒවා පරිභෝග කිරීම පිණිස උත්සාහවන්ත වූ කල්හි; ‘භවසොතානුසාරිසු’ සසර නමැති සැඩ පහර අනුව ගමන් කරන කල්හි ‘අනුස්සුකා’ උත්සාහ රහිත වූ ‘අගාරං’ ගැහැණිය සමග ගෘහය ‘විරාජිය’ හැර දමා (නසා) සෙස්ස කියන ලද පරිදි ම ය.

අට‍්ඨමං.

අට වැනි සූත්‍රය යි.

9. චතුචක‍්කසුත‍්තවණ‍්ණනා

9. චතුචක්ක සූත්‍ර වර්ණනාව

නවමෙ චතුචක‍්කන‍්ති චතුඉරියාපථං. ඉරියාපථො හි ඉධ චක‍්කන‍්ති අධිප‍්පෙතො. නවද‍්වාරන‍්ති නවහි වණමුඛෙහි නවද‍්වාරං. පුණ‍්ණන‍්ති අසුචිපූරං. ලොභෙන සංයුතන‍්ති තණ‍්හාය සංයුත‍්තං. කථං යාත්‍රා භවිස‍්සතීති එතස‍්ස එවරූපස‍්ස සරීරස‍්ස කථං නිග‍්ගමනං භවිස‍්සති, කථං මුත‍්ති පරිමුත‍්ති සමතික‍්කමො භවිස‍්සතීති පුච‍්ඡති. නද‍්ධින‍්ති උපනාහං, පුබ‍්බකාලෙ කොධො, අපරකාලෙ උපනාහොති එවං පවත‍්තං බලවකොධන‍්ති අත්‍ථො. වරත‍්තන‍්ති “ඡෙත්‍වා නද‍්ධි වරත‍්තඤ‍්ච, සන්‍දානං සහනුක‍්කම”න‍්ති ගාථාය (ධ· ප· 398; සු· නි· 627) තණ‍්හා වරත‍්තා, දිට‍්ඨි සන්‍දානං නාම ජාතං. ඉධ පන පාළිනිද‍්දිට‍්ඨෙ කිලෙසෙ ඨපෙත්‍වා අවසෙසා “වරත‍්තා”ති වෙදිතබ‍්බා, ඉති කිලෙසවරත‍්තඤ‍්ච ඡෙත්‍වාති අත්‍ථො. ඉච‍්ඡා ලොභන‍්ති එකොයෙව ධම‍්මො ඉච‍්ඡනට‍්ඨෙන ඉච‍්ඡා, ලුබ‍්භනට‍්ඨෙන ලොභොති වුත‍්තො. පඨමුප‍්පත‍්තිකා වා දුබ‍්බලා ඉච‍්ඡා, අපරාපරුප‍්පත‍්තිකො බලවා ලොභො. අලද‍්ධපත්‍ථනා වා ඉච‍්ඡා, පටිලද‍්ධවත්‍ථුම‍්හි ලොභො. සමූලං තණ‍්හන‍්ති අවිජ‍්ජාමූලෙන සමූලකං තණ‍්හං. අබ‍්බුය‍්හාති අග‍්ගමග‍්ගෙන උප‍්පාටෙත්‍වා. සෙසං උත‍්තානමෙවාති.

නව වැන්නෙහි : ‘චතුචක්කං’ ඉරියව් සතර, ඉරියව් මෙහි ‘චක්‍ර’ යි අදහස් කරන ලදි. ‘නවද්වාරං’ තුවාල නවයෙන් යුත් ද්වාර නවය; ‘පුණ්ණං’ අශුචියෙන් පිරුණු; ‘ලොභෙන සංයුතං’ තණ්හාවෙන් සංයුක්ත වූ; ‘කථං යාත්‍රා භවිස්සති’ ඒ ආකාරයෙන් ශරීරයට කෙසේ නම් බැහැර වීමක් වන්නේ ද? කෙසේ නම් මුක්තියක් - නිදහස් වීමක් - සමතික්‍රමණයක් සිදු වන්නේ දැයි විමසයි. ‘නද්ධි’ බද්ධ වෛරය, මුල් අවස්ථාවේ ක්‍රෝධය පසු කාලයෙහි බද්ධ වෛරය යි. මෙසේ පවත්නා බලවත් ක්‍රෝධය යන අර්ථය යි. ‘වරත්තං’ “ඡෙත්‍වා නද්ධිං වරත්තඤ්ච සන්‍දාමං සහනුක්කමං” (තෝන් ලනුව සහිත බැම්ම - රැහැනත් - වරපටත් බිඳ දමා) යන ගාථාවෙහි තෘෂ්ණා වරපටට ‘දිට්ඨිසන්‍දාම’ යන නම ඇතිවිණි. මෙහි වනාහි පාළියෙහි නිර්දේශිත කෙළෙස් හැර අවශේෂ වරපට යයි දත යුතු. මෙලෙස ‘කෙළෙස් වරපට ද කපා’ යන අරුත යි. ‘ඉච්ඡා ලොභං’ එක ම ධර්මය (දේ) කැමති අර්ථයෙන් ‘ඉච්ඡා’ ලෙස ද ලෝභ වීම් අරුතින් ‘ලෝභ’ යි ද කියන ලදි. පළමුවෙන් දුර්වල ලෙස උපන්නේ හෝ ‘ඉච්ඡා’ වේ. පසුව බලවත් ලෙස උපන්නේ ‘ලෝභ’ වේ. නො ලද දේ පැතීම හෝ ‘ඉච්ඡා’ ය. ලැබුණු වස්තු කෙරෙහි (ඇත්තේ) ‘ලෝභ’ ය. ‘සමූලං තණ්හං’ අවිද්‍යාව මුල් කොට ගත් සමූලක (මුල් සහිත) තෘෂ්ණාව ‘අබ්බුය්හ’ අග්‍රමාර්ගයෙන් උපුටා දමා (ගලවා දමා) සෙස්ස පෙර කී පරිදි ම ය.

නවමං.

නව වැනි සූත්‍රය යි.

10. එණිජඞ‍්ගසුත‍්තවණ‍්ණනා

10. එණිජඞ්ඝ සූත්‍ර වර්ණනාව

දසමෙ එණිජඞ‍්ඝන‍්ති එණිමිගස‍්ස විය සුවට‍්ටිතජඞ‍්ඝං. කිසන‍්ති අථූලං සමසරීරං. අථ වා ආතපෙන මිලාතං මාලාගන්‍ධවිලෙපනෙහි අනුපබ්‍රූහිතසරීරන‍්තිපි අත්‍ථො. වීරන‍්ති වීරියවන‍්තං. අප‍්පාහාරන‍්ති භොජනෙ මත‍්තඤ‍්ඤුතාය මිතාහාරං, විකාලභොජනපටික‍්ඛෙපවසෙන වා පරිත‍්තාහාරං. අලොලුපන‍්ති චතූසු පච‍්චයෙසු ලොලුප‍්පවිරහිතං. රසතණ‍්හාපටික‍්ඛෙපො වා එස. සීහංවෙකචරං නාගන‍්ති එකචරං සීහං විය, එකචරං නාගං විය. ගණවාසිනො හි පමත‍්තා හොන‍්ති, එකචරා අප‍්පමත‍්තා, තස‍්මා එකචරාව ගහිතාති. පවෙදිතාති පකාසිතා කථිතා. එත්‍ථාති එතස‍්මිං නාමරූපෙ. පඤ‍්චකාමගුණවසෙන හි රූපං ගහිතං, මනෙන නාමං, උභයෙහි පන අවිනිභුත‍්තධම‍්මෙ ගහෙත්‍වා පඤ‍්චක‍්ඛන්‍ධාදිවසෙනපෙත්‍ථ භුම‍්මං යොජෙතබ‍්බන‍්ති.

දස වැන්නෙහි : එණිජඞ්ඝං ඒණි මුවාගේ මෙන් මනා ලෙස වට වූ ජඞ්ඝා (කෙණ්ඩ) ඇති; කිසං (කෘශ) මහත් නො වූ; සම ශරීර ඇති; නැතහොත් අව්වේ මැළවුණු මල් ගඳ විලවුන්වලින් මැනවින් වඩන ලද සිරුර යනු ද අරුත් වේ. වීරං වීර්යවන්ත වූ; අප්පාහාරං - භෝජනයෙහි පමණ දැන වළඳන හෙයින් ස්වල්ප ආහාර ඇති; විකාල භෝජන ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් සීමිත ආහාර ඇති හෝ; අලොලුපං ප්‍රත්‍ය සතරෙහි (සිවු පසෙහි) ලොල් බව රහිත වූ; මෙය රස තෘෂ්ණාව ප්‍රතික්ෂේප කිරීම හෝ වේ; සීහං වෙකචරං නාගං තනි ව හැසිරෙන සිංහයෙකු මෙන්; තනි ව හැසිරෙන ඇතෙකු මෙන්; කණ්ඩායම් සමග වසන්නෝ ප්‍රමාදී වූවෝ ය. තනි ව හැසිරෙන්නෝ අප්‍රමාදී වූවෝ ය. එහෙයින් තනි ව හැසිරෙන්නෝ ම ගන්නා ලදහ. පවෙදිතා ප්‍රකාශ කරන ලදි; කියන ලදි; එත්‍ථ මේ නාම රූපයෙහි; පඤ්චකාම ගුණ වශයෙන් රූපය ගන්නා ලදි. මනසින් නාමය (ගන්නා ලදි). දෙකින් ම විනිර්මුක්ත නො වූ ධර්ම ගෙන පඤ්චස්කන්ධ ආදී වශයෙන් ද මෙහි ආධාර විභක්තිය යෙදිය යුතු ය.

දසමං.

දස වැනි සූත්‍රය යි.

සත‍්තිවග‍්ගො තතියො.

තෙවැනි සත්ති වර්ගය යි.