සත්තිසුත්තං
1. 3. 1.
1. 3. 1.
සත්තිසුත්තං.
සත්තී සූත්‍රය
21. සාවත්ථියං --
21. සැවැත්නුවර -
එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
සත්තියා විය ඔමට්ඨො ඩය්හමානොව මත්ථකෙ, කාමරාගප්පහාණාය සතො භික්ඛු පරිබ්බජෙ’ති.
සැතෙකින් පහර ලද්දෙකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ කාමරාග ප්රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
[භගවා:]
[භගවත්හු:]
සත්තියා විය ඔමට්ඨො ඩය්හමානොව මත්ථකෙ, සක්කායදිට්ඨිප්පහානාය සතො භික්ඛු පරිබ්බජෙ’ති.
සැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද මහණ තෙමේ සත්කායදෘෂ්ටි ප්රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
1. 3. 2.
1. 3. 2.
ඵුසතිසුත්තං
ඵුසති සූත්‍රය
22. සාවත්ථියං–
22. සැවැත්නුවර–
එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
නාඵුසන්තං ඵුසති ච ඵුසන්තං ච තතො ඵුසෙ, තස්මා ඵුසන්තං ඵුසති අප්පදුට්ඨප්පදොසිනන්ති.
කර්මය නො පහස්නහු විපාකය තෙමේ ස්පර්ශ නො කෙරෙයි. එහෙයින් කර්මය පහස්නහු විපාකය තෙමේ ස්පර්ශ කරන්නේ ය. එහෙයින් නිදොස් පුඟුලන්ට ද්වේෂ කරණ කර්මය පහස්නහු විපාකය තෙමේ ස්පර්ශ කෙරෙයි.
[භගවා:]
[භගවත්හු:]
යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති, සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස, තමෙව බාලං පච්චෙති පාපං, සුඛුමො රජො පටිවාතංව ඛිත්තො’ති.
යමෙක් නිදොස් වූ පිරිසිදු වූ කෙලෙස් නැති පුද්ගලයකුට ද්වේෂ කෙරේ ද, ඒ පාපය තෙමේ උඩුසුලඟට දැමූ සියුම් රජසක් මෙන් ඒ බාලයා කරා ම පෙරළා එයි.
1. 3. 3.
1. 3. 3.
ජටාසුත්තං
ජටා සූත්‍රය
23. සාවත්ථියං–
23. සැවැත්නුවර–
එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
අන්තො ජටා බහි ජටා ජටාය ජටිතා පජා, තං තං ගොතම පුච්ඡාමි කො ඉමං විජටයෙ ජටන්ති.
ඇතුළත අවුල් ය. පිටත අවුල් ය. සත්ත්ව ප්‍රජාව අවුලෙන් වේළුනී ය. එහෙයින් ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැ යි? එකරුණ පුළුවුස්මි.
[භගවා:]
[භගවත්හු:]
සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං, ආතාපි නිපකො භික්ඛු සො ඉමං විජටයෙ ජටන්ති.
පිළිසඳනුවණ ඇති කෙලෙස් තවන වෙර ඇති තීරණප්‍රඥායෙන් යුත් සසර බිය දක්නාසුලු ඒ සත්ත්ව තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව වඩමින් මේ අවුල නිරවුල් කරන්නේ යි.
යෙසං රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා, ඛීණාසවා අරහන්තො තෙසං විජටිතා ජටා.
යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, (ඔහු) ක්ෂීණාස්රව රහත්හු ය. ඔවුන් විසින් තෘෂ්ණා නමැති අවුල නිරවුල් කරණ ලදී.
යත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති, පටිඝං රූපසඤ්ඤා ච එත්ථෙසා ඡිජ්ජතෙ ජටාති.
යම් තැනෙක නාමයත් රූපයත් ප්‍රතිඝයත් රූපසංඥාවත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙද්ද. මෙහි මේ තෘෂ්ණා නමැති අවුල සිඳේ යි.
1. 3. 4.
1. 3. 4.
මනොනිවාරණසුත්තං
මනෝනිවාරණ සූත්‍රය
24. සාවත්ථියං–
24. සැවැත්නුවර–
එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
යතො යතො මනො නිවාරයෙ න දුක්ඛමෙති නං තතො තතො, ස සබ්බතො මනො නිවාරයෙ ස සබ්බතො දුක්ඛා පමුච්චතීති.
යමෙකින් යමෙකින් සිත වළකන්නේ ද? එයින් එයින් ඔහුට දුක් නො පැමිණෙයි. හෙතෙමේ සියල්ලෙන් සිත වළකන්නේ නම් හෙතෙමේ සියලු දුකෙන් මිදෙයි.
[භගවා:]
[භගවත්හු:]
න සබ්බතො මනො නිවාරයෙ මනො යතත්තමාගතං, යතො යතො ච පාපකං තතො තතො මනො නිවාරයෙ’ති.
සියල්ලෙන් සිත නො වළකන්නේය. සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය. යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි.