යෙදුමෙන් කියවන්න

අරහන‍්තසුත‍්තං

1. 3. 5.

1. 3. 5.

අරහන‍්තසුත‍්තං

අරහන්ත සූත්‍රය

25. සාවත්‍ථියං–

25. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

යො හොති භික‍්ඛු අරහං කතාවී ඛීණාසවො අන‍්තිමදෙහධාරී, අහං වදාමීතිපි සො වදෙය්‍ය මමං වදන‍්තීතිපි සො වදෙය්‍යාති

සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ද?

[භගවා:]

[භගවත්හු:]

යො හොති භික‍්ඛු අරහං කතාවී ඛීණාසවො අන‍්තිමදෙහධාරී, අහං වදාමීතිපි සො වදෙය්‍ය මමං වදන‍්තීතිපි සො වදෙය්‍ය ලොකෙ සමඤ‍්ඤං කුසලො විදිත්‍වා, වොහාරමත‍්තෙන සො වොහරෙය්‍යාති.

සිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ය. හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ය. දක්‍ෂ වූ හෙතෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.

[දෙවතා:]

[දෙවි:]

යො හොති භික‍්ඛු අරහං කතාවී ඛීණාසවො අන‍්තිමදෙහධාරී, මානං නු ඛො සො උපගම‍්ම භික‍්ඛු, අහං වදාමීතිපි සො වදෙය්‍ය මමං වදන‍්තීතිපි සො වදෙය්‍යාති.

සිවු මගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? ඒ මහණ තෙමේ මානයට පැමිණ හෝ “මම කියමි” යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ද?

[භගවා:]

[භගවත්හු:]

පහීණමානස‍්ස න සන‍්ති ගන්‍ථා, විධූපිතා මානගන්‍ථස‍්ස සබ‍්බෙ, සො වීතිවත‍්තො මඤ‍්ඤනං සුමෙධො අහං වදාමීතිපි සො වදෙය්‍ය. මමං වදන‍්තීතිපි සො වදෙය්‍ය, ලොකෙ සමඤ‍්ඤං කුසලො විදිත්‍වා වොහාරමත‍්තෙන සො වොහරෙය්‍යා’ති.

ප්‍රහීණ වූ මාන ඇති ඔහුට මානග්‍රන්‍ථිහු නැත. ඔහු විසින් සියලු මානග්‍රන්‍ථිහු වෙසෙසින් නසන ලද්දාහ. මනා නුවණ ඇති හෙතෙමේ මඤ්ඤන ඉක්ම වූයේ ය. හෙතෙමේ ‘මම කියමි’යි කියාත් කියන්නේ ය. හෙතෙමේ ‘මට කියති’යි කියාත් කියන්නේ ය. දක්‍ෂ වූ ඒ රහත් තෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාරමාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.