යෙදුමෙන් කියවන්න

පජ‍්ජොතසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 3. 6.

1. 3. 6.

පජ‍්ජොතසුත‍්තං

පජ්ජෝත සූත්‍රය

26. සාවත්‍ථියං–

26. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

කති ලොකස‍්මිං පජ‍්ජොතා යෙහි ලොකො පකාසති, භගවන‍්තං පුට‍්ඨුමාගම‍්ම කථං ජානෙමු තං මයං.

යමෙකින් ලොව බබළා නම් (එබඳු) එළි ලොව කෙතෙක් ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?

[භගවා:]

[භගවත්හු:]

චත‍්තාරො ලොකෙ පජ‍්ජොතා පඤ‍්චමෙත්‍ථ න විජ‍්ජති, දිවා තපති ආදිච‍්චො රත‍්තිං ආභාති චන්‍දිමා, අථ අග‍්ගි දිවාරත‍්තිං තත්‍ථ තත්‍ථ පකාසති, සම‍්බුද‍්ධො තපතං සෙට‍්ඨො එසා ආභා අනුත‍්තරා’ති.

ලොව එළි සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. හිරු දවල් බබලයි. සඳු රෑ බබලයි. තව ද, ගින්න දිවා රෑ දෙකෙහි ඒ ඒ තැන බබලයි. සර්‍වඥයන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයහ. මේ ආලෝකය නිරුත්තර යි.

1. 3. 7.

1. 3. 7.

සරසුත‍්තං

සර සූත්‍රය

27. සාවත්‍ථියං–

27. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථා යෙන් කී ය:

කුතො සරා නිවත‍්තන‍්ති. කත්‍ථ වට‍්ටං න වත‍්තති, කත්‍ථ නාමඤ‍්ච රූපඤ‍්ච අසෙසං උපරුජ‍්ඣතීති.

සංසාර ප්‍රවාහයෝ කොහි නවතිද්ද? සසරවැසි කොහි නො වසී ද? නාමයත් රූපයත් කොතැන්හි නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද?

[භගවා:]

[භගවත්හු:]

යත්‍ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති, අතො සරා නිවත‍්තන‍්ති එත්‍ථ වට‍්ටං න වත‍්තති, එත්‍ථ නාමඤ‍්ච රූපඤ‍්ච අසෙසං උපරුජ‍්ඣතී’ති.

යම් තැනක අපෝ ධාතුවත් පඨවි ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් නො පිහිටා ද මෙහි සංසාරප්‍රවාහයෝ නවතිත්. මෙහි සසරවැසි නො වසී. මෙහි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ යි.

1. 3. 8.

1. 3. 8.

මහද‍්ධනසුත‍්තං

මහද්ධන සූත්‍රය

28. සාවත්‍ථියං–

28. සැවැත්නුවර–

එකමන‍්තං ඨිතා ඛො සා දෙවතා භගවන‍්තං ගාථාය අජ‍්ඣභාසි:

එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:

මහද‍්ධනා මහාභොගා රට‍්ඨවන‍්තො’පි ඛත‍්තියා, අඤ‍්ඤමඤ‍්ඤාභිගිජ‍්ඣන‍්ති කාමෙසු අනලඞ‍්කතා තෙසු උස‍්සුක‍්කජාතෙසු භවසොතානුසාරිසු, කෙධ තණ‍්හං පජහිංසු කෙ ලොකස‍්මිං අනුස‍්සුකාති.

මහත්ධන ඇති මහත්භෝග ඇති රටවල් ඇති ක්‍ෂත්‍රියයෝ ද කාමයන්හි සෑහීමකට නො පැමිණියාහු ඔවුනොවුන් සැපත පතත්. ඔවුන් (කාමයන්හි) උත්සාහවත් වූ කල්හි භවස්‍රෝතස අනු ව යන කල්හි මේ ලෝකයේ කවුරු තෘෂ්ණාව දුරු කළාහු ද? ලෝකයෙහි කවුරු (කාමයන්හි) උත්සාහ රහිත වූවාහු ද?

[භගවා:]

[භගවත්හු:]

හිත්‍වා අගාරං පබ‍්බජිතා හිත්‍වා පුත‍්තං පසුං පියං, හිත්‍වා රාගඤ‍්ච දොසඤ‍්ච අවිජ‍්ජඤ‍්ච විරාජිය ඛීණාසවා අරහන‍්තො තෙ ලොකස‍්මිං අනුස‍්සුකා’ති.

ගිහිගෙය හැර ප්‍රිය වූ දරුවන් ද සිවුපාවුන් ද හැර පැවිදි වූ රාගයත් ද්වේෂයත් දුරු කොට අවිද්‍යාවත් නසා (සිටි) ක්‍ෂීණාස්‍රව වූ ඒ රහත්හු ලෝකයෙහි (කාමයන් සෙවීමෙහි) උත්සාහ රහිතයෝ ය.

1. 3. 9.

1. 3. 9.

චතුචක‍්කසුත‍්තං

චතුචක්ක සූත්‍රය

29. සාවත්‍ථියං–

29. සැවැත්නුවර–

[දෙවතා:]

[දෙවි:]

චතුචක‍්කං නවද‍්වාරං පුණ‍්ණං ලොභෙන සංයුතං, පඞ‍්කජාතං මහාවීර කථං යාත්‍රා භවිස‍්සති.

මහාවීරයන් වහන්ස, (මේ ශරීරයානය) සක් සතරක් ඇත්තේ ය. නව දොරක් ඇත්තේ ය. (අශුචියෙන්) පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපන. එහි නික්ම යෑම මෙසේ වන්නේ ද?

[භගවා:]

[භගවත්හු:]

ඡෙත්‍වා නද‍්ධිං වරත‍්තඤ‍්ච ඉච‍්ඡාලොභඤ‍්ච පාපකං, සමූලං තණ‍්හං අබ‍්බුය‍්හ එවං යාත්‍රා භවිස‍්සතී’ති.

රැහැන ද වරපට ද ලාමක ඉච්ඡාව ද ලෝභය ද සිඳ තෘෂ්ණාව සහමුලින් උදුරා (ලීමෙන්) මෙසේ නික්ම යෑම වන්නේ යි.

1. 3. 10.

1. 3. 10.

එණිජඞ‍්ගසුත‍්තං.

එණිජඞ්ඝ සූත්‍රය

30. සාවත්‍ථියං–

30. සැවැත්නුවර–

[දෙවතා:]

[දෙවි:]

එණිජඞ‍්ඝං කිසං වීරං අප‍්පාහාරං අලොලුපං, සීහං වෙකචරං නාගං කාමෙසු අනපෙක‍්ඛිනං, උපසඞ‍්කම‍්ම පුච‍්ඡාම කථං දුක‍්ඛා පමුච‍්චතීති.

එණිමුවකුගේ මෙන් කෙණ්ඩා ඇති කෘෂ වූ ස්වල්පාහාර ඇති ලොල් බැව් නැති, සිංහයකු මෙන් ඇතකු මෙන් එකලාව හැසිරෙන, කාමයන්හි නිරපේක්‍ෂ වූ වීරයන් වහන්සේ වෙත එළඹ කෙසේ දුකින් මිදේ දැ?යි විචාරමි.

[භගවා:]

[භගවත්හු:]

පඤ‍්ච කාම ගුණාලොකෙ මනොඡට‍්ඨා පවෙදිතා, එත්‍ථ ඡන්‍දං විරාජෙත්‍වා එවං දුක‍්ඛා පමුච‍්චතීති.

ලොව මනස සවැනි කොට ඇති පඤ්චකාමගුණයෝ ප්‍රකාශ කරණ ලදහ. මෙහි ඇල්ම දුරු කොට ලීමෙන් මෙසේ දුකින් මිදෙයි.

සත‍්තිවග‍්ගො තතියො.

සත්තිවර්‍ගය තෙවෙනි යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

සත‍්තියා ඵුසති චෙව ජටා මනො නිවාරණා, අරහන‍්තෙන පජ‍්ජොතො සරා මහද‍්ධනෙන ච, චතුචක‍්කෙන නවමං එණිජඞ‍්ඝෙන තෙ දසාති.

සත්ති, ඵුසති, ජටා, මනෝනිවාරණ, අරහන්ත, පජේජාත, සර, මහද්ධන සූත්‍ර ද, නවවැනි චතුවක්ක සූත්‍රය ද, එණිජඞ්ඝ සූත්‍රය දැයි දශසූත්‍ර කෙනෙක් වෙත්.