යෙදුමෙන් කියවන්න

සබ‍්හිසුත‍්තං

1. 4. 1.

1. 4. 1.

සබ‍්හිසුත‍්තං

සබ්භි සූත්‍රය

31. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ.

31. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.

අථ ඛො සම‍්බහුලා සතුල‍්ලපකායිකා දෙවතායො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු.

එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ.

එකමන‍්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:

සබ‍්භිරෙව සමාසෙථ සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං, සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය සෙය්‍යො හොති න පාපියොති.

සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටියහුට) අභිවෘද්ධිය වෙයි. පිරිහීමෙක් නො වෙයි.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

සබ‍්භිරෙව සමාසෙථ සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං, සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය පඤ‍්ඤා ලබ‍්භති නාඤ‍්ඤතොති.

සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් ප්‍රඥාව ලැබේ. අනෙකකින් නො ලැබේ.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

සබ‍්භිරෙව සමාසෙථ සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං, සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය සොකමජ‍්ඣෙ න සොචතීති.

සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් ශෝකකාරණයන් මැද ශෝක නො කෙරේ.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

සබ‍්භිරෙව සමාසෙථ සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං, සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය ඤාතිමජ‍්ඣෙ විරොචතීති.

සත්පුරුෂයන් සමග ම එක්වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් නෑයන් මැද වෙසෙසින් බබලයි.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

සබ‍්භිරෙව සමාසෙථ සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං, සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය සත‍්තා ගච‍්ඡන‍්ති සුග‍්ගතින‍්ති.

සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් සත්ත්‍වයෝ සුගතියට යෙත්.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං ගාථං අභාසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

සබ‍්භිරෙව සමාසෙථ සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං, සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය සත‍්තා තිට‍්ඨන‍්ති සාතතන‍්ති.

සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් සත්ත්‍වයෝ බොහෝකල් සුව සේ සිටිත්.

අථ ඛො අපරා දෙවතා භගවන‍්තං එතදවොච: කස‍්ස නු ඛො භගවා සුභාසිතන‍්ති.

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: භාග්‍යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද්දේ ද?

[භගවා:]

[භගවත්හු:]

සබ‍්බාසං වො සුභාසිතං පරියායෙන. අපි ච මමාපි සුණාථ:

තොප සියල්ලන් විසින් කරුණු වශයෙන් මැනවින් කියන ලදී. වැලි දු මගේ (වචනය) ද අසවු:

සබ‍්භිරෙව සමාසෙථ සබ‍්භි කුබ‍්බෙථ සන්‍ථවං, සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය සබ‍්බදුක‍්ඛා පමුච‍්චතීති.

සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් සියලු දුකින් මිදෙයි.

ඉදමවොච භගවා. අත‍්තමනා තා දෙවතායො භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා තත්‍ථෙවන‍්තරධායිංසූති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වූහ යි.