මච්ඡරිසුත්තං
1. 4. 2.
1. 4. 2.
මච්ඡරිසුත්තං
මච්ඡරී සූත්‍රය
32. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
32. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි මනා ඡවිවර්ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ පෙරයම ඉක්ම ගිය කල මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
මච්ඡෙරා ච පමාදා ච එවං දානං න දීයති, පුඤ්ඤමාකඞ්ඛමානෙන දෙය්යං හොති විජානතාති.
මසුරුකමින් ද ප්‍රමාදයෙන් ද මෙසේ දන් නො දෙනු ලැබේ. පින් කැමති (දානඵල) දන්නහු විසින් දිය යුතු වේ.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
යස්සෙව භීතො න දදාති මච්ඡරී තදෙවාදදතො භයං, ජිඝච්ඡා ච පිපාසා ච යස්ස භායති මච්ඡරී, තමෙව බාලං ඵුසති අස්මිං ලොකෙ පරම්හි ච.
මසුරු පුද්ගල තෙමේ යමකට ම බිය වූයේ දන් නො දේ ද, නො දෙන ඔහුට එය ම බිය වේ. මසුරු පුද්ගල තෙමේ යමකට බිය වේ ද, ඒ බඩසය ද පවස ද ඒ බාලයා ම මෙලෙව්හිත් පරලෙව්හිත් පහස්නේ ය.
තස්මා විනෙය්ය මච්ඡෙරං දජ්ජා දානං මලාභිභූ, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.
එහෙයින් මසුරුමල මැඩ ලන පුද්ගල තෙමේ මසුරුකම දුරු කොට දන් දෙන්නේ ය. පින් පරලෙව්හි දී සතුන්ට පිහිට වේ.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:
තෙ මතෙසු න මීයන්ති අද්ධානං ව සහබ්බජං, අප්පස්මිං යෙ පවෙච්ඡන්ති එස ධම්මො සනන්තනො.
යම් කෙනෙක් මඟ කැටු වැ යනුවනට (ලදදෙය බෙදා දෙන්නාක්) සෙයින් ස්වල්පයක් ඇති කල්හිත් දෙත් ද, ඔහු (අදාන මරණයෙන්) මළවුන් අතර නො මියෙත්. මේ පැරණි දහමෙකි.
අප්පස්මෙකෙ පවෙච්ඡන්ති බහුනෙකෙ නදිච්ඡරෙ, අප්පස්මා දක්ඛිණා දින්නා සහස්සෙන සමං මිතා.
ඇතැම්හු ස්වල්පයක් ඇති කල්හිත් දෙත්. ඇතැම්හු බොහෝ භෝගයෙන් සමන්වාගත වූවාහු ද නො දෙත් මඳ දෙයින් දෙන ලද දක්ෂිණාව දහසක් (=දහසෙකින් දෙන ලද දන) හා සම ය යි ප්‍රමාණ කරණ ලදී.
අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථා කී ය:
දුද්දදං දදමානානං දුක්කරං කම්ම කුබ්බතං, අසන්තො නානුකුබ්බන්ති සතං ධම්මො දුරන්නයො.
අසත්පුරුෂයෝ (ස්වල්පයක් ඇති කල්හි දීම වූ) දුෂ්කර දානය දෙන දුෂ්කර (සුචරිත) ක්‍රියා කරණ (සත්පුරුෂයන්ට) අනුක්‍රියා නො කෙරෙත්. සත්පුරුෂයන්ගේ ධර්මය දුෂ්පූර ය. (එහෙයිනි.)
තස්මා සතඤ්ච අසතඤ්ච නානා හොති ඉතො ගති, අසන්තො නිරයං යන්ති සන්තො සග්ගපරායණාති.
එහෙයින් සත්පුරුෂ්‍යන්ගේත් අසත්පුරුෂයන්ගේත් මෙලොවින් පරලොව යෑම එකිනෙක වෙනස් වේ. අසත්පුරුෂයෝ නිරයට යෙත්. සත්පුරුෂයෝ ස්වර්ගපරායණ වෙත්.
අථ ඛො අපරා දෙවතා භගවන්තං එතදවොච: කස්ස නු ඛො භගවා සුභාසිතන්ති?
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: භාග්‍යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද ද?
[භගවා:]
[භගවත්හු:]
සබ්බාසං වො සුභාසිතං පරියායෙන. අපි ච මමාපි සුණාථ:
තොප සියල්ලන් විසින් කරුණු විසින් මැනවින් කියන ලදී. යලි දු මගේ (වචනය) ද අසවු:
ධම්මං චරෙ යොපි සමුඤ්ඡකං චරං දාරඤ්ච පොසං දදමප්පකස්මිං, සතං සහස්සානං සහස්සයාගිනං කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙති
යමෙක් උඤ්ඡාවරියාවෙහි හැසිරෙන්නේ (කලවිටි ශුද්ධ කිරීම් පිදුරු පෙළීම් ආදී වශයෙන් දුක සේ ජීවිකාව පවත්වන්නේ) අඹුදරුවනුත් පෝෂණය කරමින් ස්වල්පයක් ඇති කල්හිත් දෙමින් දහම්හි හැසිරෙන්නේ ද, සහස්‍රයාග කළ ලක්ෂයක් දෙනකුන්ගේ ඒ යාගක්‍රියාවෝ එබඳු දිළින්දාගේ (දානක්‍රියාවන් පිළිබඳ) ශතභාගයකුත් නො අගිත්.
අථ ඛො අපරා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
කෙනෙස යඤ්ඤො විපුලො මහග්ගතො සමෙන දින්නස්ස න අග්ඝමෙති, කථං සතං සහස්සානං සහස්සයාගිනං, කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙති.
මහත් වූ උදාරබවට පැමිණි මේ දානය දැහැමින් සෙමෙන් දෙන ලද දානයේ වටනාකමට කුමක් හෙයින් නො පැමිණේ ද? සහස්‍රයාග කළ ලක්ෂයක් දෙනකුන්ගේ ඒ දානක්‍රියාවෝ එබඳු (දිළින්දාගේ) දානක්‍රියා පිළිබඳ ශතභාගයකුත් කෙසේ නම් නො අගිත් ද?
අථ ඛො භගවා තං දෙවතං ගාථාය අජ්ඣභාසි:
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ දේවතාවාට ගාථායෙන් වදාළ සේක.
දදන්ති හෙකෙ විසමෙ නිවිට්ඨා ඡෙත්වා වධිත්වා අථ සොචයිත්වා, සා දක්ඛිණා අස්සුමුඛා සදණ්ඩා සමෙන දින්නස්ස න අග්ඝමෙති. එවං සතං සහස්සානං සහස්සයාගිනං කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස තෙති.
කෙනෙක් විෂම වූ (කායවාඞ්මනඃ) කර්මයෙහි පිහිටියාහු (මෙරමා) තළා මරා යලි ශෝක කරවා දෙත් ම ය. (කඳුළු වැකුනු මුහුණ ඇති කොට මෙරමාහට දඬුවම් කොට දුන් හෙයින්) අස්සුමුඛ නම් වූ සදණ්ඩ නම් වූ ඒ දක්ෂිණාව දැහැමින් සෙමෙන් දෙන ලද දානයේ වටනාකමට නො පැමිණේ. සහස්‍රයාග කළ ලක්ෂයක් දෙනකුගෙන් ඒ දානක්‍රියාවෝ එබඳු (දිළින්දාගේ) දානක්‍රියා පිළිබඳ ශතභාගයකුත් මෙසේ නො අගිත්.