යෙදුමෙන් කියවන්න

1. සබ‍්හිසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සබ‍්හිසුත‍්තවණ‍්ණනා

1. සබ්භි සූත්‍ර වර්ණනාව

සතුල‍්ලපකායිකවග‍්ගස‍්ස පඨමෙ සතුල‍්ලපකායිකාති සතං ධම‍්මං සමාදානවසෙන උල‍්ලපෙත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තාති සතුල‍්ලපකායිකා. තත්‍රිදං වත්‍ථු – සම‍්බහුලා කිර සමුද‍්දවාණිජා නාවාය සමුද‍්දං පක‍්ඛන්‍දිංසු. තෙසං ඛිත‍්තසරවෙගෙන ගච‍්ඡන‍්තියා නාවාය සත‍්තමෙ දිවසෙ සමුද‍්දමජ‍්ඣෙ මහන‍්තං උප‍්පාතිකං පාතුභූතං, මහාඌමියො උට‍්ඨහිත්‍වා නාවං උදකස‍්ස පූරෙන‍්ති. නාවාය නිමුජ‍්ජමානාය මහාජනො අත‍්තනො අත‍්තනො දෙවතානං නාමානි ගහෙත්‍වා ආයාචනාදීනි කරොන‍්තො පරිදෙවි. තෙසං මජ‍්ඣෙ එකො පුරිසො – “අත්‍ථි නු ඛො මෙ එවරූපෙ භයෙ පතිට‍්ඨා”ති ආවජ‍්ජෙන‍්තො අත‍්තනො පරිසුද‍්ධානි සරණානි චෙව සීලානි ච දිස‍්වා යොගී විය පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදි. තමෙනං ඉතරෙ සභයකාරණං පුච‍්ඡිංසු. සො තෙසං කථෙසි – “අම‍්භො අහං නාවං අභිරූහනදිවසෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං දත්‍වා සරණානි චෙව සීලානි ච අග‍්ගහෙසිං, තෙන මෙ භයං නත්‍ථී”ති. කිං පන සාමි එතානි අඤ‍්ඤෙසම‍්පි වත‍්තන‍්තීති? ආම වත‍්තන‍්තීති තෙන හි අම‍්හාකම‍්පි දෙථාති. සො තෙ මනුස‍්සෙ සතං සතං කත්‍වා සත‍්ත කොට‍්ඨාසෙ අකාසි, තතො පඤ‍්චසීලානි අදාසි. තෙසු පඨමං ජඞ‍්ඝසතං ගොප‍්ඵකමත‍්තෙ උදකෙ ඨිතං අග‍්ගහෙසි, දුතියං ජාණුමත‍්තෙ, තතියං කටිමත‍්තෙ, චතුත්‍ථං නාභිමත‍්තෙ, පඤ‍්චමං ථනමත‍්තෙ, ඡට‍්ඨං ගලප‍්පමාණෙ, සත‍්තමං මුඛෙන ලොණොදකෙ පවිසන‍්තෙ අග‍්ගහෙසි. සො තෙසං සීලානි දත්‍වා – “අඤ‍්ඤං තුම‍්හාකං පටිසරණං නත්‍ථි, සීලමෙව ආවජ‍්ජෙථා”ති උග‍්ඝොසෙසි. තානි සත‍්තපි ජඞ‍්ඝසතානි තත්‍ථ කාලං කත්‍වා ආසන‍්නකාලෙ ගහිතසීලං නිස‍්සාය තාවතිංසභවනෙ නිබ‍්බත‍්තිංසු, තෙසං ඝටාවසෙනෙව විමානානි නිබ‍්බත‍්තිංසු. සබ‍්බෙසං මජ‍්ඣෙ ආචරියස‍්ස යොජනසතිකං සුවණ‍්ණවිමානං නිබ‍්බත‍්ති, අවසෙනානි තස‍්ස පරිවාරානි හුත්‍වා සබ‍්බහෙට‍්ඨිමං ද‍්වාදසයොජනිකං අහොසි. තෙ නිබ‍්බත‍්තක‍්ඛණෙයෙව කම‍්මං ආවජ‍්ජෙන‍්තා ආචරියං නිස‍්සාය සම‍්පත‍්තිලාභං ඤත්‍වා, “ගච‍්ඡාම තාව, දසබලස‍්ස සන‍්තිකෙ අම‍්හාකං ආචරියස‍්ස වණ‍්ණං කථෙය්‍යාමා”ති මජ‍්ඣිමයාමසමනන‍්තරෙ භගවන‍්තං උපසඞ‍්කමිංසු, තා දෙවතා ආචරියස‍්ස වණ‍්ණභණනත්‍ථං එකෙකං ගාථං අභාසිංසු.

සතුල්ලපකායික වර්ගයේ පළමු වැන්නෙහි සතුල්ලපකායිකා සියයක් (සතං) ධර්මය සමාදන් වීම් වශයෙන් උසස් ලෙසින් කථා කොට (උල්ලපෙත්‍වා) ස්වර්ගයෙහි ඉපදිණැයි ‘සතුල්ලපකායික’ නම් වේ. එහි කථා වස්තුව මෙසේ ය: බොහෝ මුහුදු වෙළෙන්දෝ නැවෙන් මුහුදට බටහ. මුදා හළ ඊයක වේගයෙන් යන ඔවුන්ගේ නැවෙහි මහත් විවරයක් සත් වැනි දවස මහ සමුදුර මැද දී හට ගැනිණි. මහ දිය රැලි නැඟී නැව ජලයෙන් පිරෙයි. ගිලෙන නැවෙහි මහජනයා තම තමන්ගේ දෙවිවරුන්ගේ නම් ගෙන යාඥා කරමින් වැළපුනහ. ඔවුන් අතර එක් පුරුෂයෙක් මේ ආකාරයේ බියක දී ප්‍රතිෂ්ඨාවක් ඇත්තේ නො වේ දැයි ආවර්ජනය කරන්නේ තමාගේ පිරිසිදු සරණයත් ශීලයත් දැක යෝගියෙකු මෙන් පලක් බැඳ හිඳ ගත්තේ ය. අන් අය අභයට (බිය නො වීමට) කාරණය කුමක් දැයි ඔහුගෙන් විමසූහ. හේ ඔවුනට (මෙසේ) පැවසී ය. “පින්වත්නි, මම නැවට නඟින දවසේ භික්ෂුසංඝයාට දනක් දී සරණයත් ශීලයත් ගතිමි. එහෙයින් මට භයක් නැත.” “උතුමනි, ඒවා අන්‍යයන්ටත් සුදුසු වේද?” “එසේ ය සුදුසු වේ.” “එසේ නම් අපටත් දෙනු මැනවි.” හේ ඔවුන් සියය සියය ලෙස කණ්ඩායම් හතකට වෙන් කළේ ය. ඉන් පසු ව පඤ්චශීලය දුන්නේ ය. ඔවුන් අතට පළමු කෙණ්ඩා සියය ගොප් ඇටය දක්වා වූ ජලයෙහි සිට (පන්සිල්) ගත්හ. දෙවැන්න (දෙවැනි සියය) දණ හිස තෙක්, තෙවැන්න ඉඟටිය තෙක්, සිවු වැන්න නාභිය තෙක්, පස් වැන්න පපු පෙදෙස තෙක්, සය වැන්න ගෙළ තෙක්, සත් වැන්න මුවෙන් ලුණු දිය පෙවෙන තෙක් වූ ජලයෙහි සිට සමාදන් වූහ. ඔහු ඔවුන් හට සිල් සමාදන් කරවා ඔබලාට අන් සරණක් නැත. ශීලය ම ආවර්ජනා කරවු යි හඬ ගෑවේ ය. ඒ සත් සියය ම එහි කාලක්‍රියා කොට, (මරණ) ආසන්න කාලයෙහි ගන්නා ලද ශීලය හේතුකොට ගෙන තව්තිසා දෙව්ලොවෙහි උපන්නාහු ය. ඔවුනට සමූහ වශයෙන් ම විමාන පහළ විය. සියල්ල මැද ආචාර්යවරයාට යොදුන් සියයක් වූ ස්වර්ණ විමානය පහළ විය. අවශේෂ ඒවා ඊට පරිවාර වී සියල්ලට පහතින් දොළොස් යොදුනක් වී ය. ඔවුහු (එහි) පහළ වූ මොහොතේ ම කර්මය ආවර්ජනය කරන්නාහු ආචාර්යවරයා නිසා සම්පත් ලැබීම දැක ‘යමු, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අපගේ ආචාර්යවරයාගේ ගුණ පවසන්නෙමු” යි මැදියම් රැය පසුවත් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ඔවුනතුරින් දේවතාවන් හය දෙනෙක් ආචාර්යවරයාගේ ගුණ කියනු පිණිස එක් එක් ගාථාවක් බැගින් පැවසූහ.

තත්‍ථ සබ‍්භිරෙවාති පණ‍්ඩිතෙහි, සප‍්පුරිසෙහි එව. ර-කාරො පදසන්‍ධිකරො. සමාසෙථාති සහ නිසීදෙය්‍ය. දෙසනාසීසමෙව චෙතං, සබ‍්බඉරියාපථෙ සබ‍්භිරෙව සහ කුබ‍්බෙය්‍යාති අත්‍ථො. කුබ‍්බෙථාති කරෙය්‍ය. සන්‍ථවන‍්ති මිත‍්තසන්‍ථවං. තණ‍්හාසන්‍ථවො පන න කෙනචි සද‍්ධිං කාතබ‍්බො, මිත‍්තසන්‍ථවො බුද‍්ධ-පච‍්චෙකබුද‍්ධ-බුද‍්ධසාවකෙහි සහ කාතබ‍්බො. ඉදං සන්‍ධායෙතං වුත‍්තං. සතන‍්ති බුද‍්ධාදීනං සප‍්පුරිසානං. සද‍්ධම‍්මන‍්ති පඤ‍්චසීලදසසීලචතුසතිපට‍්ඨානාදිභෙදං සද‍්ධම‍්මං, ඉධ පන පඤ‍්චසීලං අධිප‍්පෙතං. සෙය්‍යො හොතීති වඩ‍්ඪි හොති. න පාපියොති ලාමකං කිඤ‍්චි න හොති.

එහි සබ්හිරෙව පණ්ඩිතයන් සත්පුරුෂයන් සමග ම, “ර” කාරය පද සන්ධිය පිණිස ය. සමාසෙථ එක් ව සිටින්නේ ය. මෙය දේශනා ශීර්ෂ ම ය. සියලු ඉරියව් සත්පුරුෂයන් සමග ම පවත්වන්නේ ය. කුබ්බෙථ කරන්නේ ය. සන්‍ථවං මිත්‍රසන්ථවය යි. තෘෂ්ණාසන්ථවය කිසිවකු සමග වත් නො කළ යුත්තේ ය. මිත්‍රසන්ථවය බුදු පසේ බුදු හා බුදු සව්වන් සමග කළ යුත්තේ ය. මේ පිළිබඳ ව මෙය කියන ලදි. සතං බුද්ධාදී සත්පුරුෂයන්ගේ, සද්ධම්මං පඤ්ච ශීල, දස ශීල, සතර සතිපට්ඨාන ආදී කොට ඇති සද්ධර්මය, මෙහි වූ කලී පඤ්ච ශීලය අදහස් කරන ලදි. සෙය්‍යො හොති අභිවෘද්ධිය වේ, න පාපියො කිසිදු ලාමක (පහත්) දෙයක් නො වේ.

නාඤ‍්ඤතොති වාලිකාදීහි තෙලාදීනි විය අඤ‍්ඤතො අන්‍ධබාලතො පඤ‍්ඤා නාම න ලබ‍්භති, තිලාදීහි පන තෙලාදීනි විය සතං ධම‍්මං ඤත්‍වා පණ‍්ඩිතමෙව සෙවන‍්තො භජන‍්තො ලභතීති.

නාඤ්ඤතො වැලිවලින් තෙල් ආදිය මෙන් අන්‍යාකාරයකින්; අන්ධබාල බවින් ප්‍රඥාවක් නම් නො ලබයි. තල ආදියෙන් තෙල් ආදිය (ලැබෙන්නාක්) මෙන් සත් පුරුෂයන්ගේ ධර්මය දැන පණ්ඩිතයා ම සේවනය කරන්නේ - භාජනය කරන්නේ - ලබයි.

සොකමජ‍්ඣෙති සොකවත්‍ථූනං සොකානුගතානං වා සත‍්තානං මජ‍්ඣගතො න සොචති බන්‍ධුලමල‍්ලසෙනාපතිස‍්ස උපාසිකා විය, පඤ‍්චන‍්නං චොරසතානං මජ‍්ඣෙ ධම‍්මසෙනාපතිස‍්ස සද‍්ධිවිහාරිකො සංකිච‍්චසාමණෙරො විය ච.

සොකමජ්ඣෙ ශෝකයට හේතු වන වස්තූන්ගේ හෝ ශෝකයට පත් වූ සත්ත්වයන්ගේ හෝ අතරට පැමිණියේ ශෝක නො කරයි. බන්ධුල මල්ලසේනාපතිගේ මල්ලිකා උපාසිකාව මෙන් ද, පන්සියයක් සොරුන් මැදට පත් සැරියුත් හිමියන්ගේ සද්ධිවිහාරික (එක් ව වාසය කරන) සංකිච්ච සාමණේරයන් මෙන් ද,

ඤාතිමජ‍්ඣෙ විරොචතීති ඤාතිගණමජ‍්ඣෙ සංකිච‍්චථෙරස‍්ස සද‍්ධිවිහාරිකො අධිමුත‍්තකසාමණෙරො විය සොභති. සො කිර ථෙරස‍්ස භාගිනෙය්‍යො හොති, අථ නං ථෙරො ආහ – “සාමණෙර, මහල‍්ලකොසි ජාතො, ගච‍්ඡ, වස‍්සානි පුච‍්ඡිත්‍වා එහි, උපසම‍්පාදෙස‍්සාමි ත”න‍්ති. සො “සාධූ”ති ථෙරං වන්‍දිත්‍වා පත‍්තචීවරමාදාය චොරඅටවියා ඔරභාගෙ භගිනිගාමං ගන‍්ත්‍වා පිණ‍්ඩාය චරි, තං භගිනී දිස‍්වා වන්‍දිත්‍වා ගෙහෙ නිසීදාපෙත්‍වා භොජෙසි. සො කතභත‍්තකිච‍්චො වස‍්සානි පුච‍්ඡි. සා “අහං න ජානාමි, මාතා මෙ ජානාතී”ති ආහ. අථ සො “තිට‍්ඨථ තුම‍්හෙ, අහං මාතුසන‍්තිකං ගමිස‍්සාමී”ති අටවිං ඔතිණ‍්ණො. තමෙනං දූරතොව චොරපුරිසො දිස‍්වා චොරානං ආරොචෙසි. චොරා “සාමණෙරො කිරෙකො අටවිං ඔතිණ‍්ණො, ගච‍්ඡථ නං ආනෙථා”ති ආණාපෙත්‍වා එකච‍්චෙ “මාරෙම න”න‍්ති ආහංසු, එකච‍්චෙ විස‍්සජ‍්ජෙමාති. සාමණෙරො චින‍්තෙසි – “අහං සෙඛො සකරණීයො, ඉමෙහි සද‍්ධිං මන‍්තෙත්‍වා සොත්‍ථිමත‍්තානං කරිස‍්සාමී”ති චොරජෙට‍්ඨකං ආමන‍්තෙත්‍වා, “උපමං තෙ, ආවුසො, කරිස‍්සාමී”ති ඉමා ගාථා අභාසි –

ඤාති මජ්ඣෙ විරොචති ඥාති සමූහයා මැද සංකිච්ච තෙරුන්ගේ සද්ධිවිහාරික අධිමුත්තක සාමණේරයන් වහන්සේ මෙන් බබළයි. උන්වහන්සේ වනාහි තෙරුන් වහන්සේගේ නැගණියගේ පුත්‍රයා ය. ඉක්බිති තෙරුන් වහන්සේ හෙරණුවන්ට පැවසූහ: “සාමණේරයිනි (නිසි) වයසට පැමිණියේ වෙහි. යන්න, වස් ගණන විමසා එනු මැනවි, ඔබ උපසම්පදා කරන්නෙමු.” හෙරණු ද යහපතැයි තෙරුන් වැඳ පා සිවුරු ගෙන සොරුන්ගේ අඩවියේ පහත කෙළවර නැගණියන්ගේ ගමට ගොස් පිඬු පිණිස ගිය සේක. නැගණිය හෙරණුවන් දැක වැඳ ගෙයි වඩා හිඳුවා දන් වැළඳෙව්වා ය. දන් වැළඳීමෙන් අනතුරු ව වර්ෂ ගණන විමසී ය. ඇය “මම නො දනිමි මගේ මව දනිති යි කීවා ය. හෙරණුවෝ, ඔබ සිටින්න. මම මව ළඟට යන්නෙමි යි අඩවියට ඇතුළු විය. සොරෙක් ඈත සිට ම හෙරණුවන් එනු දැක සොර පුරුෂයාට දැන්වීය. සොරු “එක් හෙරණෙක් අඩවියට ඇතුළු වී ඇත. යනු, ඔහු ගෙන එනු” යි අණ කොට, සමහරු, ‘මොහු මරමු’ යි කීහ. සමහරු ‘අත හරිමු’ යි (කීහ). සාමණේරයෝ මෙසේ සිතූහ. “මම සේඛ වෙමි, ක්‍රියා සහිත වූයේ වෙමි. මේ අය සමග සාකච්ඡා කොට මගේ අර්ථ සිද්ධිය කර ගන්නෙමි” යි සොර දෙටුවා අමතා ඇවත ඔබට උපමාවක් දක්වන්නෙමි යි මේ ගාථා පැවසූහ.

“අහු අතීතමද‍්ධානං, අරඤ‍්ඤස‍්මිං බ්‍රහාවනෙ; චෙතො කූටානි ඔඩ‍්ඩෙත්‍වා, සසකං අවධී තදා.

අහූ අතීතමද්ධානං අරඤ්ඤස්මිං බ්‍රහා වනෙ චෙතො කූටානි ඔඩ්ඩෙත්‍වා සසකං අවධී තදා

“සසකඤ‍්ච මතං දිස‍්වා, උබ‍්බිග‍්ගා මිගපක‍්ඛිනො; එකරත‍්තිං අපක‍්කාමුං, ‘අකිච‍්චං වත‍්තතෙ ඉධ’.

සසකඤ්ච මතං දිස්වා උබ්බිග්ගා මිගපක්‍ඛිනො එකරත්තිං අපක්කාමුං අකිච්චං වත්තතෙ ඉධ

“තථෙව සමණං හන‍්ත්‍වා, අධිමුත‍්තං අකිඤ‍්චනං; අද‍්ධිකා නාගමිස‍්සන‍්ති, ධනජානි භවිස‍්සතී”ති.

තථෙව සමණං හන්ත්‍වා අධිමුත්තං අකිඤ්චනං අද්ධිකා නාගමිස්සන්ති ධනජානි භවිස්සතීති

“සච‍්චං ඛො සමණො ආහ, අධිමුත‍්තො අකිඤ‍්චනො; අද‍්ධිකා නාගමිස‍්සන‍්ති, ධනජානි භවිස‍්සති.

සච්චං ඛො සමණො ආහ අධිමුත්තො අකිඤ්චනො අද්ධිකා නාගමිස්සන්ති ධනජානි භවිස්සතීති

“සචෙ පටිපථෙ දිස‍්වා, නාරොචෙස‍්සසි කස‍්සචි; තව සච‍්චමනුරක‍්ඛන‍්තො, ගච‍්ඡ භන‍්තෙ යථාසුඛ”න‍්ති.

සචෙ පටිපථෙ දිස්වා නාරොචෙස්සසි කස්සචි තව සච්චමනුරක්‍ඛන්තො ගච්ඡ භන්තෙ යථා සුඛන්ති.

“පෙර ආරණ්‍යයෙහි - මහ වනයෙහි - සේවකයෙක් මළ පුඩු එළා හාවෙකු ඝාතනය කළේ ය. මළ හාවා දැක උද්වේගයට පත් මෘග - පක්ෂීහු අවැඩක් (ම) පවතී යි එක රැයකින් ම පිටව ගියහ. එසේ ම කිසිවක් නැති ශ්‍රමණයෙකු වූ අධිමුක්ත ඝාතනය කොට (ඝාතනය කළ කල්හි) මගීහු නො එන්නාහ, ධන හානි වන්නේ ය” යි. කිසිවක් නැති අධිමුක්ත ශ්‍රමණයන් වහන්සේ සත්‍යයක් කීහ. මගීහු නො එන්නාහු ධන හානි වන්නේ ය” ඉදින් මග දී දැක කිසිවකුට හෝ නො පවසන්නෙහි නම්, ඔබතුමන්ගේ සත්‍යය මැනවින් රකිමින්, ස්වාමීනි කැමති සේ යනු මැනවි” යි.

සො තෙහි චොරෙහි විස‍්සජ‍්ජිතො ගච‍්ඡන‍්තො ඤාතයොපි දිස‍්වා තෙසම‍්පි න ආරොචෙසි. අථ තෙ අනුප‍්පත‍්තෙ චොරා ගහෙත්‍වා විහෙඨයිංසු, උරං පහරිත්‍වා පරිදෙවමානඤ‍්චස‍්ස මාතරං චොරා එතදවොචුං –

හෙරණුවෝ ඒ සොරුන් විසින් මුදා හරිනු ලැබුවෝ යන්නාහු නෑයින් ද දැක ඔවුනට පවා නො කීවේ ය. ඉක්බිති සොරු ඔවුන් ආ විට අල්ලා ගෙන වධ හිංසා පැමිණවූහ. පපුවට ගසමින් වැළපෙන ඔහුගේ මවට සොරු මෙසේ පැවසූහ.

“කිං තෙ හොති අධිමුත‍්තො, උදරෙ වසිකො අසි; පුට‍්ඨා මෙ අම‍්ම අක‍්ඛාහි, කථං ජානෙමු තං මය”න‍්ති.

කිං තෙ භොති අධිමුත්තො උදරෙ වසිතොති ච පුට්ඨා මෙ අම්ම අක්‍ඛාහි කථං ජානෙමු තං මයන්ති

“අධිමුත‍්තස‍්ස අහං මාතා, අයඤ‍්ච ජනකො පිතා; භගිනී භාතරො චාපි, සබ‍්බෙව ඉධ ඤාතයො.

අධිමුත්තස්ස අහං මාතා අයඤ්ච ජනකො පිතා භගිනී භාතරො චෙතෙ සබ්බෙව ඉධ ඤාතයො

“අකිච‍්චකාරී අධිමුත‍්තො, යං දිස‍්වා න නිවාරයෙ; එතං ඛො වත‍්තං සමණානං, අරියානං ධම‍්මජීවිනං.

අකිච්චකාරි අධිමුත්තො යං දිස්වා න නිවාරයෙ එතං ඛො වත්තං සමණානං අරියානං ධම්ම ජීවිනං

“සච‍්චවාදී අධිමුත‍්තො, යං දිස‍්වා න නිවාරයෙ; අධිමුත‍්තස‍්ස සුචිණ‍්ණෙන, සච‍්චවාදිස‍්ස භික‍්ඛුනො; සබ‍්බෙව අභයං පත‍්තා, සොත්‍ථිං ගච‍්ඡන‍්තු ඤාතයො”ති.

සච්චවාදි අධිමුත්තො යං දිස්වා න නිවාරයෙ අධිමුත්තස්ස සුචිණ්ණෙන සච්චවාදිස්ස භික්‍ඛුනො සබ්බෙව අභයං පත්තා සොත්‍ථිං ගච්ඡන්තු ඤාතයො

(“කිම අධිමුත්ත කුසෙහි විසුයේ ද? මෑණියනි, මට කියනු මැනවි, එය අපි කෙසේ දැන ගනිමු ද?” යි විමසන ලදි. “මම අධිමුත්තගේ මව (වෙමි), මේ පියා ය. මේ අය නැගනී ය, සොහොයුරෝ ය. මේ සියලුම දෙනා නෑයෝ ය. යමක් දැක අකිච්චකාරි අධිමුත්ත (අපගේ ගමන) නො වැළැක්වූයේ ද, එය ධර්මජීවී වූ ආර්යශ්‍රමණයන්ගේ ව්‍රතය යි. යමක් දැක (අප) නො වළක්වත් ද අධිමුත්ත සත්‍යවාදී ය. සත්‍යවාදී භික්ෂුවක් වූ අධිමුත්තගේ පිරිසිදු බව හේතුවෙන් සියලු ම දෙනා අභයට පත්වූහ. නෑයිනි, සුවසේ යනු මැනවි” යි

එවං තෙ චොරෙහි විස‍්සජ‍්ජිතා ගන‍්ත්‍වා අධිමුත‍්තං ආහංසු –

ඒ පන්සියයක් සොරුන් විසින් නිදහස් කරනු ලැබ ගොස් අධිමුත්ත හෙරණුනට කීහ.

“තව තාත සුචිණ‍්ණෙන, සච‍්චවාදිස‍්ස භික‍්ඛුනො; සබ‍්බෙව අභයං පත‍්තා, සොත්‍ථිං පච‍්චාගමම‍්හසෙ”ති.

“තව තාත සුචිණ්ණෙන සච්චවාදිස්ස භික්‍ඛුනො සබ්බෙ ව අභයං පත්තා සොත්‍ථි පච්චාගමහම්සෙ”

(පුතණුවනි, සත්‍යවාදී භික්ෂුවක් වූ ඔබගේ පවිත්‍රත්වය හේතුකොට ගෙන සියලු ම දෙනා අභයට පත් වූවෝ සුවසේ ආපසු පැමිණියෙමු”)

තෙපි පඤ‍්චසතා චොරා පසාදං ආපජ‍්ජිත්‍වා අධිමුත‍්තස‍්ස සාමණෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිංසු. සො තෙ ආදාය උපජ‍්ඣායස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා පඨමං අත‍්තනා උපසම‍්පන‍්නො පච‍්ඡා තෙ පඤ‍්චසතෙ අත‍්තනො අන‍්තෙවාසිකෙ කත්‍වා උපසම‍්පාදෙසි. තෙ අධිමුත‍්තථෙරස‍්ස ඔවාදෙ ඨිතා සබ‍්බෙ අග‍්ගඵලං අරහත‍්තං පාපුණිංසු. ඉමමත්‍ථං ගහෙත්‍වා දෙවතා “සතං සද‍්ධම‍්මමඤ‍්ඤාය ඤාතිමජ‍්ඣෙ විරොචතී”ති ආහ.

ඒ පන්සියයක් සොරු ද ප්‍රසාදයට පත් ව අධිමුත්ත සාමණේරයන් වෙත පැවිදි වූහ. හෙරණුවෝ ඔවුන් රැගෙන උපාධ්‍යායයන් සමීපයට ගොස් පළමු ව තමා උපසපන් ව පසුව ඒ පන්සියක් දෙනා තමාගේ අන්තේවාසිකයන් (සමීපයෙහි වසන්නන්) කර උපසපන් කරවූහ. ඔවුහු අධිමුත්ත තෙරුන්ගේ අවවාදයෙහි පිහිටියාහු සියලු ම දෙනා අග්‍ර ඵලය වූ අර්හත්වයට පැමිණියහ. මේ අර්ථය ගෙන දේවතාවා “සතං සද්ධම්මමඤ්ඤාය ඤාතිමජ්ඣෙ විරොචති” යි කී ය.

සාතතන‍්ති සතතං සුඛං වා චිරං තිට‍්ඨන‍්තීති වදති. සබ‍්බාසං වොති සබ‍්බාසං තුම‍්හාකං. පරියායෙනාති කාරණෙන. සබ‍්බදුක‍්ඛා පමුච‍්චතීති, න කෙවලං සෙය්‍යොව හොති, න ච කෙවලං පඤ‍්ඤං ලභති, සොකමජ‍්ඣෙ න සොචති, ඤාතිමජ‍්ඣෙ විරොචති, සුගතියං නිබ‍්බත‍්තති, චිරං සුඛං තිට‍්ඨති, සකලස‍්මා පන වට‍්ටදුක‍්ඛාපි මුච‍්චතීති.

සාතතං සැම දා සැපසේ බොහෝ කලක් සිටිති යි කියයි. සබ්බාසං වො ඔබ සියලු ම දෙනාගේ පරියායෙන කරුණින්, සබ්බදුක්‍ඛා පමුච්චති හුදෙක් ප්‍රශස්ත ම වනු පමණක් නො වේ. හුදෙක් ප්‍රඥාව ලබනු පමණක් නො වේ, ශෝක මධ්‍යයේ ශෝක නො කරයි. ඥාතීන් අතර බබළයි. සුගතියෙහි පහළ වේ. බොහෝ කලක් සුවසේ සිටියි, සියලු ම සසර දුකින් ද මිදෙයි.

පඨමං.

ප්‍රථම සූත්‍රය යි.

2. මච‍්ඡරිසුත‍්තවණ‍්ණනා

2. මච්ඡරී සූත්‍ර වර්ණනාව

දුතියෙ මච‍්ඡෙරා ච පමාදා චාති අත‍්තසම‍්පත‍්තිනිගූහනලක‍්ඛණෙන මච‍්ඡෙරෙන චෙව සතිවිප‍්පවාසලක‍්ඛණෙන පමාදෙන ච. එකච‍්චො හි ‘ඉදං මෙ දෙන‍්තස‍්ස පරික‍්ඛයං ගමිස‍්සති, මය‍්හං වා ඝරමානුසකානං වා න භවිස‍්සතී”ති මච‍්ඡරියෙන දානං න දෙති. එකච‍්චො ඛිඩ‍්ඩාදිපසුතත‍්තා ‘දානං දාතබ‍්බ”න‍්ති චිත‍්තම‍්පි න උප‍්පාදෙති. එවං දානං න දීයතීති එවමෙතං යසදායකං සිරීදායකං සම‍්පත‍්තිදායකං සුඛදායකං දානං නාම න දීයතීතිආදිනා කාරණං කථෙසි. පුඤ‍්ඤං ආකඞ‍්ඛමානෙනාති පුබ‍්බචෙතනාදිභෙදං පුඤ‍්ඤං ඉච‍්ඡමානෙන. දෙය්‍යං හොති විජානතාති අත්‍ථි දානස‍්ස ඵලන‍්ති ජානන‍්තෙන දාතබ‍්බමෙවාති වදති.

දෙවැන්නෙහි : මච්ඡෙරා ච පමාදා ච - තම සම්පත් සැඟවීම් ලක්ෂණ සහිත මසුරු බවින් ද සිහිය නොමැති බව ලක්ෂණ කොට ගත් ප්‍රමාදයෙන් ද, සමහරෙක්, දෙන්නාවූ මගේ මේ (ධනය) පිරිහීමට පත් වන්නේ ය, මට හෝ ගෙදර මිනිසුන්ට හෝ සංග්‍රහයක් නො වන්නේ යයි මසුරු බවින් දන් නො දෙති. කෙනෙක්, ක්‍රීඩා ආදියෙහි යෙදීම නිසා දානයක් දිය යුතු ය යන සිතුවිල්ල පවා උපදවා නො ගනිති. එවං දානං න දීයති මෙසේ කීර්තිය දෙන, සම්පත් දෙන, සැප දෙන දානය නො දෙන්නේ යි නො දෙන කරුණ පවසයි. පුඤ්ඤං ආකඞ්ඛමානෙන පූර්ව චේතනා ආදී ප්‍රභේද සහිත පින් කැමැත්තන් විසින්, දෙය්‍යං හොති විජානතා දානයේ ඵලයක් ඇත යනුවෙන් දන්නා තැනැත්තා විසින් දෙනු ලැබිය යුත්තේ යැයි පවසයි.

තමෙව බාලං ඵුසතීති තංයෙව බාලං ඉධලොකපරලොකෙසු ජිඝච‍්ඡා ච පිපාසා ච ඵුසති අනුබන්‍ධති න විජහති. තස‍්මාති යස‍්මා තමෙව ඵුසති, තස‍්මා. විනෙය්‍ය මච‍්ඡෙරන‍්ති මච‍්ඡෙරමලං විනෙත්‍වා. දජ‍්ජා දානං මලාභිභූති මලාභිභූ හුත්‍වා තං මච‍්ඡෙරමලං අභිභවිත්‍වා දානං දදෙය්‍ය.

තමෙව බාලං ඵුසති ඒ බාලයා ම මෙහිත් පරලොවෙහිත් කුසගින්න හා පිපාසාව ස්පර්ශ කෙරේ. ලුහු බඳියි, හැර නො යයි. තස්මා යම් හෙයකින් ඔහු ම ස්පර්ශ කෙරේ ද එහෙයින් විනෙය්‍ය මච්ඡෙරං මසුරු මළ නසා, දජ්ජා දානං මලාභිභු (මසුරු) මළ මැඩ ලන පුද්ගලයකු වී, ඒ මසුරු මළ මැඩ පවත්වා දන් දෙන්නේ ය.

තෙ මතෙසු න මීයන‍්තීති අදානසීලතාය මරණෙන මතෙසු න මීයන‍්ති. යථා හි මතො සම‍්පරිවාරෙත්‍වා ඨපිතෙ බහුම‍්හිපි අන‍්නපානාදිම‍්හි “ඉදං ඉමස‍්ස හොතු, ඉදං ඉමස‍්සා”ති උට‍්ඨහිත්‍වා සංවිභාගං න කරොති, එවං අදානසීලොපීති මතකස‍්ස ච අදානසීලස‍්ස ච භොගා සමසමා නාම හොන‍්ති. තෙන දානසීලා එවරූපෙසු මතෙසු න මීයන‍්තීති අත්‍ථො. පන්‍ථානංව සහ වජං, අප‍්පස‍්මිං යෙ පවෙච‍්ඡන‍්තීති යථා අද‍්ධානං කන‍්තාරමග‍්ගං සහ වජන‍්තා පථිකා සහ වජන‍්තානං පථිකානං අප‍්පස‍්මිං පාථෙය්‍යෙ සංවිභාගං කත්‍වා පවෙච‍්ඡන‍්ති දදන‍්තියෙව, එවමෙවං යෙ පන අනමතග‍්ගං සංසාරකන‍්තාරං සහ වජන‍්තා සහ වජන‍්තානං අප‍්පස‍්මිම‍්පි දෙය්‍යධම‍්මෙ සංවිභාගං කත්‍වා දදන‍්තියෙව, තෙ මතෙසු න මීයන‍්ති.

තෙ මතෙසු න මීයන්ති නො දෙන සුලු බව නිසා මරණයෙන් මියගියවුන් අතර නො මැරෙත්, යම් සේ මළ පුද්ගලයෙක් පිරිවරා ගෙන, බොහෝ ආහාර පාන ආදිය තැබූ කල්හි මෙය මොහුට වේවා මෙය මොහුට (වේවා) යනුවෙන් නැඟිට බෙදීමක් නො කරයි ද, අදානසීල (නො දෙන සුලු) තැනැත්තා ද එසේ යයි මිය ගිය තැනැත්තාගේත් නො දෙන්නාගේත් භෝගයෝ එක සමාන වෙත්. එහෙයින් දෙන අය සුලු අය ඒ ආකාරයේ මළවුන් අතර නො මියෙත් යනු අර්ථ යි. පන්‍ථානංච සහබ්බජං අප්පස්මිං යෙ පවච්ඡෙන්ති යම් සේ මහ මග කාන්තාර මාර්ගයේ එකට ගමන් කරන මගීහු තමන් හා එකට ගමන් කරන මගීන් හට සුළු හෝ මඟට අවශ්‍ය දෑ බෙදා දෙත් ද, එසේ අනමතග්ග වූ සංසාර කාන්තාරයෙහි එකට ගමන් කරන්නාහු එක් ව යන්නන් හට සුළු හෝ දෙය්‍ය ධර්ම බෙදා දෙන්නෝ ම ය. ඔවුහු මළවුන් අතර නො මියෙත්.

එස ධම‍්මො සනන‍්තනොති එස පොරාණකො ධම‍්මො, සනන‍්තනානං වා පණ‍්ඩිතානං එස ධම‍්මොති. අප‍්පස‍්මෙකෙති අප‍්පස‍්මිං දෙය්‍යධම‍්මෙ එකෙ. පවෙච‍්ඡන‍්තීති දදන‍්ති. බහුනෙකෙ න දිච‍්ඡරෙති බහුනාපි භොගෙන සමන‍්නාගතා එකච‍්චෙ න දදන‍්ති. සහස‍්සෙන සමං මිතාති සහස‍්සෙන සද‍්ධිං මිතා, සහස‍්ස දානසදිසා හොති.

එස ධම්මො සනන්තනො මේ පෞරාණික ධර්මය යි. ‘සනන්තනානං’ පණ්ඩිතයන්ගේ හෝ ධර්මය මෙය වේ. අප්පස්මෙකෙ - අල්ප වූ දෙය්‍ය ධර්මයෙහි කෙනෙක්, පවෙච්ඡන්ති - දෙත්. බහුනෙකෙ න දිච්ඡරෙ බොහෝ භෝගවලින් යුක්ත වූ සමහරෙක් නො දෙත්. සහස්සෙන සමං මිතා දහසක් සමගින් ප්‍රමාණ කරන ලද, දහසකින් දෙන ලද දානය හා සමාන වේ.

දුරන්‍වයොති දුරනුගමනො, දුප‍්පූරොති අත්‍ථො. ධම‍්මං චරෙති දසකුසලකම‍්මපථධම‍්මං චරති. යොපි සමුඤ‍්ජකඤ‍්චරෙති යො අපි ඛලමණ‍්ඩලාදිසොධනපලාලපොඨනාදිවසෙන සමුඤ‍්ජකඤ‍්චරති. දාරඤ‍්ච පොසන‍්ති දාරඤ‍්ච පොසන‍්තො. දදං අප‍්පකස‍්මින‍්ති අප‍්පකස‍්මිං පණ‍්ණසාකමත‍්තස‍්මිම‍්පි සංවිභාගං කත්‍වා දදන‍්තොව සො ධම‍්මං චරති. සතං සහස‍්සානන‍්ති සහස‍්සං සහස‍්සං කත්‍වා ගණිතානං පුරිසානං සතං, සතසහස‍්සන‍්ති අත්‍ථො. සහස‍්සයාගිනන‍්ති භික‍්ඛුසහස‍්සස‍්ස වා යාගො කහාපණසහස‍්සෙන වා නිබ‍්බත‍්තිතො යාගොපි සහස‍්සයාගො. සො එතෙසං අත්‍ථීති සහස‍්සයාගිනො, තෙසං සහස‍්සයාගිනං. එතෙන දසන‍්නං වා භික‍්ඛුකොටීනං දසන‍්නං වා කහාපණකොටීනං පිණ‍්ඩපාතො දස‍්සිතො හොති. යෙ එත‍්තකං දදන‍්ති, තෙ කලම‍්පි නග‍්ඝන‍්ති තථාවිධස‍්සාති ආහ. ය‍්වායං සමුඤ‍්ජකං චරන‍්තොපි ධම‍්මං චරති, දාරං පොසෙන‍්තොපි, අප‍්පකස‍්මිං දදන‍්තොපි, තථාවිධස‍්ස එතෙ සහස‍්සයාගිනො කලම‍්පි නග‍්ඝන‍්ති. යං තෙන දලිද‍්දෙන එකපටිවීසකමත‍්තම‍්පි සලාකභත‍්තමත‍්තම‍්පි වා දින‍්නං, තස‍්ස දානස‍්ස සබ‍්බෙසම‍්පි තෙසං දානං කලං නග‍්ඝතීති. කලං නාම සොළසභාගොපි සතභාගොපි සහස‍්සභාගොපි. ඉධ සතභාගො ගහිතො. යං තෙන දානං දින‍්නං, තස‍්මිං සතධා විභත‍්තෙ ඉතරෙසං දසකොටිසහස‍්සදානං තතො එකකොට‍්ඨාසම‍්පි නග‍්ඝතීති ආහ.

දුරන්නයො - අනුගමනය නො කරන; පිරීම දුෂ්කර වේ යන අරුත යි. ධම්මං චරෙ - කුසල කර්ම පථ ධර්මයෙහි හැසිරෙන්නේ ද, යොපි සමුඤ්ඡකං චරෙ (යො අපි) යමෙක් (ඛල මණ්ඩල) කලවිටි හෙවත් කමත ශුද්ධ කිරීම, (පලාල පොඨන) පිදුරු තැලීම ආදී වශයෙන් (සමුඤ්ජක) වැටුණු ගොයම් කරල් ඇහිඳීමේ කටයුතුවල යෙදෙන්නේ ය. දාරඤ්ච පොසං දරුවන් ද පෝෂණය කරමින්, දදමප්පකස්මිං කොළ ඉත්තක් පමණ වූ ස්වල්පයක් ඇති කල්හි පවා බෙදමින් දෙන්නේ ම ධර්මයෙහි හැසිරෙයි. සතං සහස්සානං දහස දහස කොට ගණන් කරන ලද පුරුෂයන්ගේ සියයක්, ශත සහස්‍ර (ලක්ෂය) යන අර්ථය යි. සහස්සයාගිනං භික්ෂූන් සහස්‍රයකගේ යාගය හෝ කහවනු සහස්‍රයකින් පවත්වනු ලැබූ යාගය හෝ සහස්‍රයාගය වේ. එය ඔවුනට ඇත්තේ නුයි සහස්‍රයාගීහු වෙත්. ඒ සහස්‍රයාගීන්ගේ; එයින් කහවණු කෝටි දහයක පිණ්ඩපාතය හෝ දක්වන ලදි. යම් කෙනෙක් එපමණ දෙත් ද තෙ කලම්පි නාග්ඝන්ති තථාවිධස්ස යි කී ය. යම් ඒ පුද්ගලයෙක් වැටුණු ගොයම් කරල් එකතු කිරීමෙහි හැසිරෙන්නේ ම ධර්මයෙහි නියුතු වේ ද අඹුදරුවන් පෝෂණය කරමින් ස්වල්පයක් ඇති කල්හිත් දන් දෙන්නේ ද, සහස්‍රයාගීහු ඒ ආකාර වූ තැනැත්තාගේ කලාවක් වත් නො වටිත්. ඒ දිළින්දා විසින් එක් කොටසක් පමණ වූ හෝ සලාක බතක් පමණ වූ හෝ දෙන ලද යම් දානයක් වේ ද ඔහුගේ දානයේ කලාවක් වත් ඒ සියලු ම දෙනාගේ දානය නො වටී. ‘කලං’ (කලාව) යනු දහසයෙන් පංගුව හෝ සියයෙන් පංගුව හෝ දහසෙන් පංගුව හෝ වේ. මෙහි සියයෙන් පංගුව ගන්නා ලදි. ඔහු විසින් දෙන ලද යම් දානයක් වේ ද එය සියයෙන් බෙදූ කල්හි, අන් අයගේ දශකෝටි සහස්‍ර දානය එයින් එක් කොටසක් වත් නො වටී යි කී ය.

එවං තථාගතෙ දානස‍්ස අග‍්ඝං කරොන‍්තෙ සමීපෙ ඨිතා දෙවතා චින‍්තෙසි – “එවං භගවා මහන‍්තං දානං පාදෙන පවට‍්ටෙත්‍වා රතනසතිකෙ විය නරකෙ පක‍්ඛිපන‍්තො ඉදං එවං පරිත‍්තකං දානං චන්‍දමණ‍්ඩලෙ පහරන‍්තො විය උක‍්ඛිපති, කථං නු ඛො එතං මහප‍්ඵලතර”න‍්ති ජානනත්‍ථං ගාථාය අජ‍්ඣභාසි. තත්‍ථ කෙනාති කෙන කාරණෙන. මහග‍්ගතොති මහත‍්තං ගතො, විපුලස‍්සෙතං වෙවචනං. සමෙන දින‍්නස‍්සාති සමෙන දින‍්නස‍්ස දානස‍්ස. අථස‍්සා භගවා දානං විභජිත්‍වා දස‍්සෙන‍්තො දදන‍්ති හෙකෙතිආදිමාහ. තත්‍ථ විසමෙ නිවිට‍්ඨාති විසමෙ කායවචීමනොකම‍්මෙ පතිට‍්ඨිතා හුත්‍වා. ඡෙත්‍වාති පොථෙත්‍වා. වධිත්‍වාති මාරෙත්‍වා. සොචයිත්‍වාති පරං සොකසමප‍්පිතං කත්‍වා. අස‍්සුමුඛාති අස‍්සුමුඛසම‍්මිස‍්සා. පරං රොදාපෙත්‍වා දින‍්නදානඤ‍්හි අස‍්සුමුඛදානන‍්ති වුච‍්චති. සදණ‍්ඩාති දණ‍්ඩෙන තජ‍්ජෙත්‍වා පහරිත්‍වා දින‍්නදක‍්ඛිණා සදණ‍්ඩාති වුච‍්චති. එවන‍්ති නාහං සම‍්මාසම‍්බුද‍්ධතාය මහාදානං ගහෙත්‍වා අප‍්පඵලං නාම කාතුං සක‍්කොමි පරිත‍්තකදානං වා මහප‍්ඵලං නාම. ඉදං පන මහාදානං අත‍්තනො උප‍්පත‍්තියා අපරිසුද‍්ධතාය එවං අප‍්පඵලං නාම හොති, ඉතරං පරිත‍්තදානං අත‍්තනො උප‍්පත‍්තියා පරිසුද‍්ධතාය එවං මහප‍්ඵලං නාමාති ඉමමත්‍ථං දස‍්සෙන‍්තො එවන‍්තිආදිමාහාති.

මෙලෙස තථාගතයන් වහන්සේ දානයෙහි අගය දක්වන කල්හි සමීපයෙහි සිටි දේවතාවා මෙසේ සිතී ය. මෙසේ මහත් වූ යාගය පාදයෙන් ගෙන කරකවා රතනසතික නරකයට විසි කරන්නාක් මෙන් ද මේ සීමිත වූ (අල්ප වූ) දානය සඳ මඩලේ තබන්නාක් මෙන් ද ඔසවා තබයි. කෙසේ නම් මෙය මහාර්ඝ වේ දැයි දැනගනු කැමැත්තෙන් ගාථාවෙන් පැවසී ය. එහි කෙන කුමන කරුණකින්, මහග්ඝතො මහත් බවට පැමිණියේ, ‘විපුල’ යන්නට සමාන වචනයකි. සමෙන දින්නස්ස දැහැමෙන් සෙමෙන් දෙන ලද දානයේ, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ දානය විග්‍රහ කොට දක්වන සේක් දදන්ති හෙකෙ ආදිය වදාළ සේක. එහි විසමෙ නිවිට්ඨා විශම වූ කාය, වාක්, මනෝ කර්මයෙහි පිහිටා, ජෙත්‍වා තළා පෙළා වධිත්‍වා මරවා, සොචයිත්‍වා අනුන් ශෝක භරිත කරවා, අස්සුමුඛා කඳුළු වැකුණු මුහුණින් යුතු ව අනුන් හඬවා දෙන දානය ‘අස්සුමුඛ දාන’ යි කියනු ලැබේ. සදණ්ඩා දඬුවමින් තර්ජනය කොට පහර දී දෙන ලද දක්ෂිණාව ‘සදණ්ඩා’ යි කියනු ලැබේ. එවං මම සම්මාසම්බුද්ධ වීමේ හේතුවෙන් මහාදානය ගෙන අල්ප ඵලයක් කිරීමට නම් නො හැක්කේ වෙමි. ස්වල්ප වූ දානය හෝ මහත් ඵල වේ. මේ මහා දානය එහි උපතේ ම වූ අපරිශුද්ධතාව නිසා ම අල්පඵල නම් වේ. අනික් ස්වල්ප වූ දානය එහි උපතේ ම වූ පරිශුද්ධතාව නිසා ම මහත්ඵල නම් වේ. මේ අර්ථ දක්වන සේක් ‘එවං’ යනාදිය පැවසූ සේක.

දුතියං.

දෙවන සූත්‍රය යි.

3. සාධුසුත‍්තවණ‍්ණනා

3. සාධු සූත්‍ර වර්ණනාව

තතියෙ උදානං උදානෙසීති උදාහාරං උදාහරි. යථා හි යං තෙලං මානං ගහෙතුං න සක‍්කොති විස‍්සන්‍දිත්‍වා ගච‍්ඡති, තං අවසෙසකොති වුච‍්චති. යඤ‍්ච ජලං තළාකං ගහෙතුං න සක‍්කොති, අජ‍්ඣොත්‍ථරිත්‍වා ගච‍්ඡති, තං ඔඝොති වුච‍්චති, එවමෙවං යං පීතිවචනං හදයං ගහෙතුං න සක‍්කොති, අධිකං හුත්‍වා අන‍්තො අසණ‍්ඨහිත්‍වා බහි නික‍්ඛමති, තං උදානන‍්ති වුච‍්චති. එවරූපං පීතිමයං වචනං නිච‍්ඡාරෙසීති අත්‍ථො.

තුන් වැන්නෙහි : උදානං උදානෙසි උදානයක් ප්‍රීතිවාක්‍යයක් (ප්‍රකාශයක්) කළේ ය. යම් සේ තෙල් නියමිත ප්‍රමාණය (දරා) ගැනීමට නො හැකි ව බඳුනෙහි උතුරා යයි ද, ඊට “අවසේක” (උතුරා යාම) යි කියනු ලැබේ. යම් ජලයක් තඩාගයකට (විලකට) දරා ගත නොහැකි ව, පිටාර ගලයි ද, ඊට ‘ඕඝ’ (සැඩ පහර) ය කියනු ලැබේ. එසේ ම යම් ප්‍රීති වචනයක් හදවතට දරා ගත නො හැකිවේ ද අධික වී ඇතුළත තිබීමට නො හැකි ව පිටතට එයි ද එය ‘උදාන’ යි කියනු ලැබේ. මේ ආකාරයේ ප්‍රීතිමය වචන උච්චාරණය කරයි යන අර්ථ යි.

සද‍්ධායපි සාහු දානන‍්ති කම‍්මඤ‍්ච කම‍්මඵලඤ‍්ච සද‍්දහිත්‍වාපි දින‍්නදානං සාහු ලද‍්ධකං භද‍්දකමෙව. ආහූති කථෙන‍්ති. කථං පනෙතං උභයං සමං නාම හොතීති? ජීවිතභීරුකො හි යුජ‍්ඣිතුං න සක‍්කොති, ඛයභීරුකො දාතුං න සක‍්කොති. “ජීවිතඤ‍්ච රක‍්ඛිස‍්සාමි යුජ‍්ඣිස‍්සාමි චා”ති හි වදන‍්තො න යුජ‍්ඣති. ජීවිතෙ පන ආලයං විස‍්සජ‍්ජෙත්‍වා, “ඡෙජ‍්ජං වා හොතු මරණං වා, ගණ‍්හිස‍්සාමෙතං ඉස‍්සරිය”න‍්ති උස‍්සහන‍්තොව යුජ‍්ඣති. “භොගෙ ච රක‍්ඛිස‍්සාමි, දානඤ‍්ච දස‍්සාමී”ති වදන‍්තො න දදාති. භොගෙසු පන ආලයං විස‍්සජ‍්ජෙත්‍වා මහාදානං දස‍්සාමීති උස‍්සහන‍්තොව දෙති. එවං දානඤ‍්ච යුද‍්ධඤ‍්ච සමං හොති. කිඤ‍්ච භිය්‍යො? අප‍්පාපි සන‍්තා බහුකෙ ජිනන‍්තීති යථා ච යුද‍්ධෙ අප‍්පකාපි වීරපුරිසා බහුකෙ භීරුපුරිසෙ ජිනන‍්ති, එවං සද‍්ධාදිසම‍්පන‍්නො අප‍්පකම‍්පි දානං දදන‍්තො බහුමච‍්ඡෙරං මද‍්දති, බහුඤ‍්ච දානවිපාකං අධිගච‍්ඡති. එවම‍්පි දානඤ‍්ච යුද‍්ධඤ‍්ච සමානං. තෙනෙවාහ –

සද්ධායපි සාහු දානං කර්මයත් ඵලයත් අදහා දෙන ලද්දා වූ දානය යහපත් ලෙස (ධාර්මික ලෙස) ලැබුයේ හොඳ වූවක් ම ය. ‘මැනවි’ යි කියත්, කෙසේ නම් මේ දෙක ම සම වේ ද? ජීවිතයට බිය ඇත්තේ යුධ කිරීමට අසමත් වේ. වස්තුක්‍ෂය වීමට (අඩුවීමට) බියවූයේ දීමට අසමත් වේ. ජීවිතයත් රැක ගනිමි. යුද්ධය ද කරන්නෙමි යි කියන්නා යුද නො කරයි. ජීවිතය කෙරෙහි ආශාව හැරදමා දෙකඩ වීම හෝ වේවා, මරණය හෝ ලබන්නෙමි. “මෙය ම ඓශ්චර්යයකි” යි උත්සාහ කරන්නා ම යුද්ධ කරයි. ධනය ද රකින්නෙමි, දන් ද දෙන්නෙමි යි කියන්නා නො දෙයි. ධනය කෙරෙහි ආශාව හැරදමා මහා දානයක් දෙන්නෙමැයි උත්සාහ කරන්නේ ම දෙයි. මෙසේ දානයත් යුද්ධයත් සමාන ය. ඊට වැඩි කුමක් ද? අප්පාපි සන්තා බහුකෙ පීනන්ති. යම් සේ යුද්ධයෙහි දී වීරපුරුෂයන් ටික දෙනෙකු වුව ද බොහෝ බිය ගුළු පුරුෂයන් (මර්දනය කරයි ද) එසේ ම ශ්‍රද්ධාදී සම්පන්න පුද්ගලයා සුළු හෝ දානයක් දෙන්නේ බොහෝ මසුරු බව මර්දනය කරයි. බොහෝ වූ දාන විපාක ද ලබයි. මෙසේ දානයත් යුද්ධයත් සමාන ය. එහෙයින් කී සේක.

“අප‍්පම‍්පි චෙ සද‍්දහානො දදාති, තෙනෙව සො හොති සුඛී පරත්‍ථා”ති.

අප්පම්පි චෙ සද්දහානො දදාති තෙනෙව සො හොති සුඛී පරත්‍ථ

ඉමස‍්ස ච පනත්‍ථස‍්ස පකාසනත්‍ථං එකසාටකබ්‍රාහ‍්මණවත්‍ථු ච අඞ‍්කුරවත්‍ථු ච විත්‍ථාරෙතබ‍්බං.

මෙහි ද අර්ථය ප්‍රකාශ කරනු පිණිස ඒකසාටක බ්‍රාහ්මණ වස්තුවත් අංකුර වස්තුවත් විස්තර කළ යුතු ය.

ධම‍්මලද‍්ධස‍්සාති ධම‍්මෙන සමෙන ලද‍්ධස‍්ස භොගස‍්ස ධම‍්මලද‍්ධස‍්ස ච පුග‍්ගලස‍්ස. එත්‍ථ පුග‍්ගලො ලද‍්ධධම‍්මො නාම අධිගතධම‍්මො අරියපුග‍්ගලො. ඉති යං ධම‍්මලද‍්ධස‍්ස භොගස‍්ස දානං ධම‍්මලද‍්ධස‍්ස අරියපුග‍්ගලස‍්ස දීයති, තම‍්පි සාධූති අත්‍ථො. යො ධම‍්මලද‍්ධස‍්සාති ඉමස‍්මිම‍්පි ගාථාපදෙ අයමෙව අත්‍ථො. උට‍්ඨානවීරියාධිගතස‍්සාති උට‍්ඨානෙන ච වීරියෙන ච අධිගතස‍්ස භොගස‍්ස. වෙතරණින‍්ති දෙසනාසීසමත‍්තමෙතං. යමස‍්ස පන වෙතරණිම‍්පි සඤ‍්ජීවකාළසුත‍්තාදයොපි එකතිංසමහානිරයෙපි සබ‍්බසොව අතික‍්කමිත්‍වාති අත්‍ථො.

ධම්මලද්ධස්ස දැහැමින් සෙමෙන් ලද භෝගයේත් (ධම්මලද්ධ) දැහැමින් ලත් පුද්ගලයාගේත්; මෙහි “ධම්මලද්ධ” පුද්ගලයා නම් ප්‍රතිවේධ කළ ධර්මය ඇති - ආර්ය ධර්මය ඇති - පුද්ගලයා ය. මෙසේ ධර්මයෙන් ලද භෝගවලින් යම් දානයක් ධර්මය අවබෝධ කළ පුද්ගලයාට දෙන්නේ ද එය ද මැනවි යන අරුත යි. යො ධම්මලද්ධස්ස මේ ගාථා පදයෙහි ද මේ අර්ථය ම ය. උට්ඨානවිරියාධිගතස්ස උට්ඨානයෙනුත් වීර්යයෙනුත් ලත් භෝගවල, චෙතරණිං මෙය දේශනා ශීර්ෂය පමණි. යමයාගේ චේතරණිය ද, සංජීවකාලසුත්ත ආදියත්, එක් තිසක් වූ මහා නිරයත් සම්පූර්ණයෙන් ම ඉක්මවා යන අරුත යි.

විචෙය්‍ය දානන‍්ති විචිනිත්‍වා දින‍්නදානං. තත්‍ථ ද‍්වෙ විචිනනා දක‍්ඛිණාවිචිනනං දක‍්ඛිණෙය්‍යවිචිනනඤ‍්ච. තෙසු ලාමකලාමකෙ පච‍්චයෙ අපනෙත්‍වා පණීතපණීතෙ විචිනිත්‍වා තෙසං දානං දක‍්ඛිණාවිචිනනං නාම. විපන‍්නසීලෙ ඉතො බහිද‍්ධා පඤ‍්චනවුතිපාසණ‍්ඩභෙදෙ වා දක‍්ඛිණෙය්‍යෙ පහාය සීලාදිගුණසම‍්පන‍්නානං සාසනෙ පබ‍්බජිතානං දානං දක‍්ඛිණෙය්‍යවිචිනනං නාම. එවං ද‍්වීහාකාරෙහි විචෙය්‍ය දානං. සුගතප‍්පසත්‍ථන‍්ති සුගතෙන වණ‍්ණිතං. තත්‍ථ දක‍්ඛිණෙය්‍යවිචිනනං දස‍්සෙන‍්තො යෙ දක‍්ඛිණෙය්‍යාතිආදිමාහ. බීජානි වුත‍්තානි යථාති ඉමිනා පන දක‍්ඛිණාවිචිනනං ආහ. අවිපන‍්නබීජසදිසා හි විචිනිත්‍වා ගහිතා පණීතපණීතා දෙය්‍යධම‍්මාති.

විචෙය්‍ය දානං තෝරා ගෙන දෙන ලද දානය, එහි තෝරා ගැනීම් දෙකකි. දක්‍ෂිණා තෝරා ගැනීම හා දක්‍ෂිණෙය්‍ය තෝරා ගැනීම ය. ඒවායින් ලාමක වූ ලාමක වූ (පහත් පහත්) ප්‍රත්‍යය බැහැර කොට ප්‍රණීත වූ ම දේ තෝරා ගෙන දෙන ඔවුන්ගේ දානය දක්‍ෂිණා තෝරා ගැනීම යි. සාවද්‍ය සිල් ඇති මෙයින් (මෙම සසුනින්) බැහැර- අනූපහක් වූ මිථ්‍යාදෘෂ්ටික පාසණ්ඩ ප්‍රභේද වූ දක්ඛිණෙය්‍යයන් (දිය යුත්තන්) හැර, ශීලාදී ගුණ සම්පන්න වූ බුදු සසුනේ පැවිදි වූවනට දෙන දානය දක්ඛිණෙය්‍ය තෝරා ගැනීම වේ. මෙසේ දෙයාකාරයකින් තෝරා ගෙන දීම, සුගතප්පසත්‍ථං බුදුන් වහන්සේ විසින් වර්ණනා කරන ලද, එහි දක්ඛිණෙය්‍යන් තෝරා ගැනීම දක්වන සේක්, යෙ දක්‍ඛිණෙය්‍යා ආදිය වදාළ සේක. බීජානි වුත්තානි යථා මෙයින් දක්ෂිණාව තෝරා ගැනීම වදාළ සේක. විෂම නො වූ බීජ හා සමාන ව තෝරා ගන්නා ලද ප්‍රණීත වූ දෙය්‍ය ධර්මය ය (දිය යුතු දෑ ය.)

පාණෙසුපි සාධු සංයමොති පාණෙසු සංයතභාවොපි භද‍්දකො. අයං දෙවතා ඉතරාහි කථිතං දානානිසංසං අතික‍්කමිත්‍වා සීලානිසංසං කථෙතුමාරද‍්ධා. අහෙඨයං චරන‍්ති අවිහිංසන‍්තො චරමානො. පරූපවාදාති පරස‍්ස උපවාදභයෙන. භයාති උපවාදභයා.

පාණෙසුපි සාධු සංයමො ප්‍රාණීන් කෙරෙහි සංයතභාවය ද (සංයමය හෙවත් ප්‍රාණඝාතයෙන් වැළකීම ද) මැනවි. මේ දේවතාවා අන්‍යයන් විසින් පවසන ලද දානානිශංසය ඉක්මවා ශීලානිශංසය පැවසීම ආරම්භ කළේ ය. අහෙඨයං චරං හිංසා නො කරමින් හැසිරෙන්නේ පරූපවාදා අන්‍යයන්ගේ දෝෂාරෝපණවලට බියෙන් භයා දෝෂාරෝපණවලට බියෙනි.

දානා ච ඛො ධම‍්මපදංව සෙය්‍යොති දානතො නිබ‍්බානසඞ‍්ඛාතං ධම‍්මපදමෙව සෙය්‍යො. පුබ‍්බෙ ච හි පුබ‍්බතරෙ ච සන‍්තොති පුබ‍්බෙ ච කස‍්සපබුද‍්ධාදිකාලෙ පුබ‍්බතරෙ ච කොණාගමනබුද‍්ධාදිකාලෙ, සබ‍්බෙපි වා එතෙ පුබ‍්බෙ ච පුබ‍්බතරෙ ච සන‍්තො නාමාති.

දානා ච ඛො ධම්මපදං ව සෙය්‍යො දානවලින් නිර්වාණ සංඛ්‍යාත වූ ධර්ම පදය ම උසස් ය. පුබ්බෙ ච හි පුබ්බතරෙ ච සන්තො පූර්වයෙහි ද - කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයෙහි, පූර්වතර කාලයෙහි - කෝණාගමන බුදුන් සමයෙහි, ඒ සියලු දෙනා පූර්ව හා පූර්වතර ව සිටියාහු නම් වෙත්.

තතියං.

තුන්වැනි සූත්‍රය යි.

4. නසන‍්තිසුත‍්තවණ‍්ණනා

4. නසාන්ති සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ කමනීයානීති රූපාදීනි ඉට‍්ඨාරම‍්මණානි. අපුනාගමනං අනාගන‍්තා පුරිසො මච‍්චුධෙය්‍යාති තෙභූමකවට‍්ටසඞ‍්ඛාතා මච‍්චුධෙය්‍යා අපුනාගමනසඞ‍්ඛාතං නිබ‍්බානං අනාගන‍්තා. නිබ‍්බානඤ‍්හි සත‍්තා න පුනාගච‍්ඡන‍්ති, තස‍්මා තං අපුනාගමනන‍්ති වුච‍්චති. තං කාමෙසු බද‍්ධො ච පමත‍්තො ච අනාගන‍්තා නාම හොති, සො තං පාපුණිතුං න සක‍්කොති, තස‍්මා එවමාහ. ඡන්‍දජන‍්ති තණ‍්හාඡන්‍දතො ජාතං. අඝන‍්ති පඤ‍්චක‍්ඛන්‍ධදුක‍්ඛං. දුතියපදං තස‍්සෙව වෙවචනං. ඡන්‍දවිනයා අඝවිනයොති තණ‍්හාවිනයෙන පඤ‍්චක‍්ඛන්‍ධවිනයො. අඝවිනයා දුක‍්ඛවිනයොති පඤ‍්චක‍්ඛන්‍ධවිනයෙන වට‍්ටදුක‍්ඛං විනීතමෙව හොති. චිත්‍රානීති ආරම‍්මණචිත‍්තානි. සඞ‍්කප‍්පරාගොති සඞ‍්කප‍්පිතරාගො. එවමෙත්‍ථ වත්‍ථුකාමං පටික‍්ඛිපිත්‍වා කිලෙසකාමො කාමොති වුත‍්තො. අයං පනත්‍ථො පසූරසුත‍්තෙන (සු· නි· 830 ආදයො) විභාවෙතබ‍්බො. පසූරපරිබ‍්බාජකො හි ථෙරෙන “සඞ‍්කප‍්පරාගො පුරිසස‍්ස කාමො”ති වුත‍්තෙ –

සිවු වැන්නෙහි - කමනීයාති රූපාදි ඉෂ්ටාරම්මණ, අපුනාගමනං අනාගන්තා පුරිසො මච්චුධෙය්‍යා ත්‍රෛභූමික වෘත්ත සංඛ්‍යාත වූ මෘත්‍යුධෙයයෙන් (මාර රාජ්‍යයෙන්) අපුනාගමන (යළි නො පැමිණීම්) සංඛ්‍යාත නිර්වාණයට නො පැමිණෙන්නාහු, සත්ත්වයෝ නිර්වාණයෙන් යළි නො එත් ම ය. එහෙයින් එය ‘අපුනාගමන’ (යළි නො පැමිණීම) යි කියනු ලැබේ. කාමයෙහි බැඳුණා වූ ද, ප්‍රමාද වූවෝ ද ‘අනාගන්තා’ (නො පැමිණෙන්නාහු) නම් වෙත්, පැමිණීමට නො හැකි වේ. එහෙයින් මෙසේ කී ය. ඡන්‍දජං තෘෂ්ණා ඡන්‍දයෙන් හටගත් අඝං පඤ්චස්කන්ධ දුක; දෙවන වචනය ඊට සමාන වචනයකි. ඡන්‍ද විනයා අඝවිනයො තෘෂ්ණාව දුරු කිරීමෙන් පඤ්චස්කන්ධ දුරු කිරීම (වේ). අඝවිනයා දුක්‍ඛවිනයො පඤ්චස්කන්ධය දුරු කිරීමෙන් සසර දුක දුරු කරන ලද්දේ ම වේ. චිත්‍රානි අරමුණු වශයෙන් විචිත්‍ර වූ, සංකප්පරාගො සංකල්පිත රාගය යි. මෙසේ මෙහි වස්තුකාමය හා ක්ලේශකාමය ‘කාමය’ යි පවසන ලදි. මේ අර්ථය පසූරසූත්‍රයෙන් පැහැදිලි කරගත යුත්තේ ය. තෙරුන් වහන්සේ විසින් සංකල්පරාගය කාමයයි කියන ලද්දේ පසූර පරිව්‍රාජකයා මෙසේ පැවසී ය:

“න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ, සඞ‍්කප‍්පරාගඤ‍්ච වදෙසි කාමං; සඞ‍්කප‍්පයං අකුසලෙ විතක‍්කෙ, භික‍්ඛූපි තෙ හෙහින‍්ති කාමභොගී”ති. –

“න චෙ තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ සංකප්පරාගඤ්ච වදෙසි කාමං සංකප්පයං අකුසලෙ විතක්කෙ භික්‍ඛුපි තෙ හෙස්සති කාමභොගී”

(ලෝකයෙහි යම් විචිත්‍ර වූ (රූපාදී අරමුණු) ඇත්තේ ද, ඒවා කාමයෝ නො වෙත් (යයි ද) සංකල්පිත රාගය (ම) කාමය යි (ද) කියන්නෙහි ය. අකුසල විතර්කයෙහි සංකල්පනය කරමින් භික්ෂුව ද, කාමභෝගී වන්නේ ය.)

ආහ. අථ නං ථෙරො අවොච –

ඉක්බිති තෙරුන් වහන්සේ ඔහුට (මෙසේ) පැවසූහ :

“තෙ චෙ කාමා යානි චිත්‍රානි ලොකෙ, සඞ‍්කප‍්පරාගං න වදෙසි කාමං; පස‍්සන‍්තො රූපානි මනොරමානි, සත්‍ථාපි තෙ හෙහිති කාමභොගී.

“තෙ චෙ කාමා යානි චිත්‍රානි ලොකෙ සංකප්පරාගං න වදෙසි කාමං පස්සන්තො රූපානි මනොරමානි සත්‍ථාපි තෙ හෙස්සති කාමභොගී

සුණන‍්තො සද‍්දානි, ඝායන‍්තො ගන්‍ධානි; සායන‍්තො රසානි, ඵුසන‍්තො ඵස‍්සානි මනොරමානි; සත්‍ථාපි තෙ හෙහිති කාමභොගී”ති.

සුණන්තො සද්දානි ඝායන්තො ගන්‍ධානි සායන්තො රසානි ඵුසන්තො ඵස්සානි මනොරමානි සත්‍ථාපි තෙ හෙස්සති කාමභොගී”

(ලෝකයේ යම් විචිත්‍ර වූ (රූපාදි දේ) ඇත්ද ඒවා කාමයෝ ය; සංකල්පිත රාගය කාමය යි නො කියන්නෙහි ය. මනොරමණීය වූ රූප දක්නා ඔබගේ ශාස්තෘවරයා ද කාම භෝගියෙක් වන්නේ ය.

ශබ්දයන් අසමින් සුගන්ධයන් ආඝ්‍රාණය කරමින්, (විවිධ) රස විඳිමින්, මනරම් වූ ස්පර්ශයන් විඳිමින් ඔබගේ ශාස්තෘවරයා ද කාමභෝගී වන්නේ ය.)

අථෙත්‍ථ ධීරාති අථ එතෙසු ආරම‍්මණෙසු පණ‍්ඩිතා ඡන්‍දරාගං විනයන‍්ති. සංයොජනං සබ‍්බන‍්ති දසවිධම‍්පි සංයොජනං. අකිඤ‍්චනන‍්ති රාගකිඤ‍්චනාදිවිරහිතං. නානුපතන‍්ති දුක‍්ඛාති වට‍්ටදුක‍්ඛා පන තස‍්ස උපරි න පතන‍්ති.

අථෙත්‍ථ ධීරා ඉක්බිති පණ්ඩිතයෝ ඒ අරමුණුවල ඡන්‍දරාගය දුරු කරති. සංයොජනං සබ්බං දශවිධ වූ සංයෝජන, අකිඤ්චනං - රාග කිළුට ආදියෙන් තොර, නානුපතන්ති දුක්‍ඛා සංසාර දුක් ඔහු මත පතිත නොවේ.

ඉච‍්චායස‍්මා මොඝරාජාති, “පහාසි සඞ‍්ඛ”න‍්ති ගාථං සුත්‍වා තස‍්සං පරිසති අනුසන්‍ධිකුසලො මොඝරාජා නාම ථෙරො “ඉමිස‍්සා ගාථාය අත්‍ථො න යථානුසන්‍ධිං ගතො”ති චින‍්තෙත්‍වා යථානුසන්‍ධිං ඝටෙන‍්තො එවමාහ. තත්‍ථ ඉධ වා හුරං වාති ඉධලොකෙ වා පරලොකෙ වා. නරුත‍්තමං අත්‍ථචරං නරානන‍්ති කිඤ‍්චාපි සබ‍්බෙ ඛීණාසවා නරුත‍්තමා චෙව අත්‍ථචරා ච නරානං, ථෙරො පන දසබලං සන්‍ධායෙවමාහ. යෙ තං නමස‍්සන‍්ති පසංසියා තෙති යදි තථාවිමුත‍්තං දෙවමනුස‍්සා නමස‍්සන‍්ති, අථ යෙ තං භගවන‍්තං කායෙන වා වාචාය වා අනුපටිපත‍්තියා වා නමස‍්සන‍්ති, තෙ කිං පසංසියා, උදාහු අපසංසියාති. භික‍්ඛූති මොඝරාජත්‍ථෙරං ආලපති. අඤ‍්ඤාය ධම‍්මන‍්ති චතුසච‍්චධම‍්මං ජානිත්‍වා. සඞ‍්ගාතිගා තෙපි භවන‍්තීති යෙ තං කායෙන වා වාචාය වා අනුපටිපත‍්තියා වා නමස‍්සන‍්ති. තෙ චතුසච‍්චධම‍්මං අඤ‍්ඤාය විචිකිච‍්ඡං පහාය සඞ‍්ගාතිගාපි හොන‍්ති, පසංසියාපි හොන‍්තීති.

ඉච්චායස්මා මොඝරාජා “පහාසි සංඛං” යන ගාථාව අසා ඒ පිරිසෙහි ගැලපීම්හි දක්ෂ වූ මෝඝරාජ නම් තෙරණුවෝ මේ ගාථාවේ අර්ථය යථා පරිදි ගලපා නො ගන්නා ලද්දේ යයි සිතා අනුසන්ධි පරිදි ගටන්නාහු මෙසේ කී සේක. එහි ඉධ වා හුරං වා මෙලොව හෝ පරලොව නරුත්තමං අත්‍ථචරං නරානං සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කළා වූ නරෝත්තමයන් මෙන් ම මිනිසුන්ට හිත වැඩ සලසන්නාහූ ද, තෙරුන් වහන්සේ බුදුන් වහන්සේ අරභයා මෙසේ පැවසූ සේක. යෙ තං නමස්සන්ති පසංසියො තෙ ඉදින් එසේ මිදුණු උන්වහන්සේට දෙව් මිනිස්සු ප්‍රතිපත්තියෙන් නමස්කාර කරත් ද එවිට යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට කයින් හෝ වචනයෙන් හෝ අනුප්‍රතිපත්තියෙන් හෝ නමස්කාර කරත් ද ඒ භික්‍ෂූහු පැසසිය යුත්තෝ ද? නැතහොත් නො පැසසිය යුත්තෝ ද? මෝඝරාජ යි තෙරුන් ආමන්ත්‍රණය කරයි. අඤ්ඤාය ධම්මං චතුස්සත්‍යය දැන සඞ්ගාතිකා තෙපි භවන්ති යම් කෙනෙක් කයින් හෝ වචනයෙන් හෝ අනුප්‍රතිපත්තියෙන් හෝ උන්වහන්සේට නමස්කාර කරත් ද ඔවුහු චතුස්සත්‍යය දැන විචිකිච්ඡාව හැර දමා ‘සංගාතිග’ (ඇලීම් ඉක්ම ගිය) වෙත්. පැසසිය යුත්තෝ ද වෙත්.

චතුත්‍ථං.

සිවු වැනි සූත්‍රය යි.

5. උජ‍්ඣානසඤ‍්ඤිසුත‍්තවණ‍්ණනා

5. උජ්ඣානසඤඤී සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ උජ‍්ඣානසඤ‍්ඤිකාති උජ‍්ඣානසඤ‍්ඤී දෙවලොකො නාම පාටියෙක‍්කො නත්‍ථි, ඉමා පන දෙවතා තථාගතස‍්ස චතුපච‍්චයපරිභොගං නිස‍්සාය උජ‍්ඣායමානා ආගතා. තාසං කිර එවං අහොසි – “සමණො ගොතමො භික‍්ඛූනං පංසුකූලචීවර-පිණ‍්ඩියාලොප-රුක‍්ඛමූලසෙනාසනපූතිමුත‍්තභෙසජ‍්ජෙහි සන‍්තොසස‍්සෙව පරියන‍්තකාරිතං වණ‍්ණෙති, සයං පන පත‍්තුණ‍්ණදුකූල ඛොමාදීනි පණීතචීවරානි ධාරෙති, රාජාරහං උත‍්තමං භොජනං භුඤ‍්ජති, දෙවවිමානකප‍්පාය ගන්‍ධකුටියා වරසයනෙ සයති, සප‍්පිනවනීතාදීනි භෙසජ‍්ජානි පටිසෙවති, දිවසං මහාජනස‍්ස ධම‍්මං දෙසෙති, වචනමස‍්ස අඤ‍්ඤතො ගච‍්ඡති, කිරියා අඤ‍්ඤතො”ති උජ‍්ඣායමානා ආගමිංසු. තෙන තාසං ධම‍්මසඞ‍්ගාහකත්‍ථෙරෙහි “උජ‍්ඣානසඤ‍්ඤිකා”ති නාමං ගහිතං.

පස් වැන්නෙහි - උජ්ඣානසඤ්ඤිකා “උජ්ඣානසඤ්ඤී” දේව ලෝකය යි විශේෂ වූවක් නම් නැත. මේ දේවතාවෝ තථාගතයන් වහන්සේගේ ප්‍රත්‍ය සතර පරිභෝගය අළලා නින්දා කරමින් පැමිණියහ. ඔවුනට මෙසේ සිතුවිල්ලක් ඇතිවිය: ශ්‍රමණ ගෞතමයෝ භික්‍ෂූන්ගේ පංශූකූල සිවුර පිඬු සිඟා ලත් බත, රුක් මුල්හි ශයනාසන ගවමුත්‍රාදී බෙහෙත යන මෙයින් (වන) සන්තෝෂය ම අවසානය කරන ලද්ද වර්ණනා කරති. තමා පත්තුණ්ණ රටෙහි දුහුල් කොම බවට පත්පිළියෙන් යුත් උසස් චීවර දරයි. රජවරුනට සුදුසු උතුම් බොජුන් වළඳයි. දෙව්විමන් බඳු ගඳකිළියෙහි උසස් යහනෙහි සයනය කරයි. ගිතෙල් වෙඬරු ආදි ඖෂධ පාවිච්චි කරයි. දහවල් කාලයේ මහජනයාට ධර්මය දේශනා කරයි. මොහුගේ වචන එක පැත්තක ය ක්‍රියා තව පැත්තක යි අවඥා කරමින් පැමිණියහ. එහෙයින් ඔවුනට ධර්ම සංග්‍රාහක තෙරුන් වහන්සේලා විසින් “උජ්ඣාන සඤ්ඤිකා” යන නම තබන ලදි.

අඤ‍්ඤථා සන‍්තන‍්ති අඤ‍්ඤෙනාකාරෙන භූතං. නිකච‍්චාති නිකතියා වඤ‍්චනාය, වඤ‍්චෙත්‍වාති අත්‍ථො. කිතවස‍්සෙවාති කිතවො වුච‍්චති සාකුණිකො. සො හි අගුම‍්බොව සමානො සාඛපණ‍්ණාදිපටිච‍්ඡාදනෙන ගුම‍්බවණ‍්ණං දස‍්සෙත්‍වා උපගතෙ මොරතිත‍්තිරාදයො සකුණෙ මාරෙත්‍වා දාරභරණං කරොති. ඉති තස‍්ස කිතවස‍්ස ඉමාය වඤ‍්චනාය එවං වඤ‍්චෙත්‍වා සකුණමංසභොජනං විය කුහකස‍්සාපි පංසුකූලෙන අත‍්තානං පටිච‍්ඡාදෙත්‍වා කථාඡෙකතාය මහාජනං වඤ‍්චෙත්‍වා ඛාදමානස‍්ස විචරතො. භුත‍්තං ථෙය්‍යෙන තස‍්ස තන‍්ති සබ‍්බොපි තස‍්ස චතුපච‍්චයපරිභොගො ථෙය්‍යෙන පරිභුත‍්තො නාම හොතීති දෙවතා භගවන‍්තං සන්‍ධාය වදති. පරිජානන‍්ති පණ‍්ඩිතාති අයං කාරකො වා අකාරකො වාති පණ‍්ඩිතා ජානන‍්ති. ඉති තා දෙවතා “තථාගතාපි මයමෙව පණ‍්ඩිතා”ති මඤ‍්ඤමානා එවමාහංසු.

අඤ්ඤථා සන්තං අනික් ආකාරයකට වූ, නිකච්චා - ‘නිකතියා’ වංචාවෙන් රැවටීමෙන්; වංචා කොට (රවටා) යන අර්ථ යි. කිතවස්සෙව ‘කිතව’ යනු ලිහිණි වැද්දා ය. ඔහු ලිය ගොමුවක් නො වී අතු කොළ ආදියෙන් වසා ගනිමින් ගොමුවක් ලෙස දක්වා ළඟට පැමිණි මොනර වටු ආදී පක්‍ෂීන් මරා දරුවන් පෝෂණය කරයි. මෙසේ ඒ ලිහිණි වැද්දාගේ මේ රැවටීම් ක්‍රමයෙන් මෙසේ රවටා පක්‍ෂි මාංශ භෝජනයට ගැනීම මෙන් කුහක තැනැත්තා ද පංශු කුලයෙන් තමන් වසා ගෙන බිණීමෙහි ඇති සමත් බවින් (මුඛරි කමෙන්) මහ ජනයා රවටා, අනුභව කරමින් හැසිරෙන, භුත්තං තස්ස ථෙය්‍යෙන තං ඔහුගේ ප්‍රත්‍ය සතර පරිභෝග කිරීම සියල්ල සොර ලෙසින් පරිභෝජනය කරන ලද්දේ නම් වේ යැයි දේවතාවා භාග්‍යවතුන් වහන්සේ අළලා පවසති. පරිජානන්ති පණ්ඩිතා මොහු කාරක (කරන්නා) හෝ අකාරක (නො කරන්නා) යයි පණ්ඩිතයෝ දනිති. මෙසේ ඒ දේවතාවෝ තථාගතයන් වහන්සේටත් වැඩියෙන් අපි පණ්ඩිත වෙමු සිතමින් මෙසේ ප්‍රකාශ කළහ.

අථ භගවා නයිදන‍්තිආදිමාහ. තත්‍ථ යායං පටිපදා දළ‍්හාති අයං ධම‍්මානුධම‍්මපටිපදා දළ‍්හා ථිරා. යාය පටිපදාය ධීරා පණ‍්ඩිතා ආරම‍්මණූපනිජ‍්ඣානෙන ලක‍්ඛණූපනිජ‍්ඣානෙන චාති ද‍්වීහි ඣානෙහි ඣායිනො මාරබන්‍ධනා පමුච‍්චන‍්ති, තං පටිපදං භාසිතමත‍්තෙන වා සවනමත‍්තෙන වා ඔක‍්කමිතුං පටිපජ‍්ජිතුං න සක‍්කාති අත්‍ථො. න වෙ ධීරා පකුබ‍්බන‍්තීති ධීරා පණ‍්ඩිතා විදිත්‍වා ලොකපරියායං සඞ‍්ඛාරලොකස‍්ස උදයබ‍්බයං ඤත්‍වා චතුසච‍්චධම‍්මඤ‍්ච අඤ‍්ඤාය කිලෙසනිබ‍්බානෙන නිබ‍්බුතා ලොකෙ විසත‍්තිකං තිණ‍්ණා එවං න කුබ‍්බන‍්ති, මයං එවරූපානි න කථෙමාති අත්‍ථො.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නයිදං ආදිය පැවසූ සේක, එහි යායං පටිපදා දළ්හා මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව දෘඪ ය, ස්ථිර ය. ඒ ප්‍රතිපදාවෙන් ධීර වූ පණ්ඩිතයෝ ආරම්මණ භාවනාව ලක්‍ෂණ භාවනාව යන දැහැන් දෙකෙන් දැහැන් වඩන්නාහු මාර බන්ධනයෙන් මිදෙත්. ඒ ප්‍රතිපදාව කී පමණින් හෝ ඇසූ පමණින් ඊට පිවිසීමට හෝ පිළිපැදීමට නො හැකි වේ යනු අර්ථ යි. න වෙ ධීරා පකුබ්බන්ති ධීරයෝ පණ්ඩිතයෝ විදිත්‍වා ලොක පරියායං සංස්කාර ලෝකයේ උදයව්‍යය (හට ගැන්ම හා විනාශය) චතුසත්‍ය ධර්මය ද දැක අඤ්ඤාය කෙළෙස් පිරිනිවුමෙන් නිබ්බුතා (නිවුනාහු) ලෝකයෙහි විසත්තිකං (තෘෂ්ණාව) තරණය කළාහු මෙසේ නො කරති. අපි එසේ නො කියමු යන අර්ථයි.

පථවියං පතිට‍්ඨහිත්‍වාති “අයුත‍්තං අම‍්හෙහි කතං, අකාරකමෙව මයං කාරකවාදෙන සමුදාචරිම‍්හා”ති ලජ‍්ජමානා මහාබ්‍රහ‍්මනි විය භගවති ගාරවං පච‍්චුපට‍්ඨපෙත්‍වා අග‍්ගික‍්ඛන්‍ධං විය භගවන‍්තං දුරාසදං කත්‍වා පස‍්සමානා ආකාසතො ඔතරිත්‍වා භූමියං ඨත්‍වාති අත්‍ථො. අච‍්චයොති අපරාධො. නො, භන‍්තෙ, අච‍්චාගමාති අම‍්හෙ අතික‍්කම‍්ම අභිභවිත්‍වා පවත‍්තො. ආසාදෙතබ‍්බන‍්ති ඝට‍්ටයිතබ‍්බං. තා කිර දෙවතා භගවන‍්තං කායෙන වාචායාති ද‍්වීහිපි ඝට‍්ටයිංසු. තථාගතං අවන්‍දිත්‍වා ආකාසෙ පතිට‍්ඨමානා කායෙන ඝට‍්ටයිංසු, කිතවොපමං ආහරිත්‍වා නානප‍්පකාරකං අසබ‍්භිවාදං වදමානා වාචාය ඝට‍්ටයිංසු. තස‍්මා ආසාදෙතබ‍්බං අමඤ‍්ඤිම‍්හාති ආහංසු. පටිග‍්ගණ‍්හාතූති ඛමතු. ආයතිං සංවරායාති අනාගතෙ සංවරණත්‍ථාය, පුන එවරූපස‍්ස අපරාධස‍්ස දොසස‍්ස අකරණත්‍ථාය.

පඨවියං පතිට්ඨහිත්‍වා අප විසින් අයුතු දෙයක් කරන ලදි. අකාරක වූ ම දෙයක් අපි කාරක වාදයෙන් යුතු ව හැසුරුනෙමු යි ලැජ්ජා වන්නාහු මහා බ්‍රහ්මන් කෙරෙහි මෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරව උපදවා ළංවීමට නො හැකි ගිනි කඳක් කොට බලන්නාහු, අහසින් බැස - බිම හිඳ යන අර්ථ යි. අච්චයො අපරාධය, නො අච්චගමා අප ඉක්මවා අභිභවනය කොට පැවැත්තේ, ආසාදෙතබ්බං ගැටිය යුත්තෙකු, ඒ දේවතාවෝ කයින් හා වචනයෙන් යන දෙකින් ම භාග්‍යවතුන් වහන්සේ හා ගැටුනහ. තථාගතයන් වහන්සේ නො වැඳ අහසේ සිටිමින් සිරුරින් ගැටුනහ. කිතව (ළිහිණි වැදි) උපමාව ගෙන හැර පාමින් නානා ප්‍රකාර අසභ්‍ය වචන පවසමින් වචනයෙන් ගැටුනාහ. එහෙයින් “ආසාදෙතබ්බං අමඤ්ඤිම්හ” යි කීහ. පතිගණ්හාතු ඉවසන සේක්වා ආයතිං සංවරාය අනාගතයෙහි සංවර වීම පිණිස, යළිත් මේ ආකාරයේ අපරාධයක් දෝෂයක් පැකිලීමක් නො කරනු පිණිස

සිතං පාත්‍වාකාසීති අග‍්ගදන‍්තෙ දස‍්සෙන‍්තො පහට‍්ඨාකාරං දස‍්සෙසි. කස‍්මා? තා කිර දෙවතා න සභාවෙන ඛමාපෙන‍්ති, ලොකියමහාජනඤ‍්ච සදෙවකෙ ලොකෙ අග‍්ගපුග‍්ගලං තථාගතඤ‍්ච එකසදිසං කරොන‍්ති. අථ භගවා “පරතො කථාය උප‍්පන‍්නාය බුද‍්ධබලං දීපෙත්‍වා පච‍්ඡා ඛමිස‍්සාමී”ති සිතං පාත්‍වාකාසි. භිය්‍යොසො මත‍්තායාති අතිරෙකප‍්පමාණෙන. ඉමං ගාථං අභාසීති කුපිතො එස අම‍්හාකන‍්ති මඤ‍්ඤමානා අභාසි.

සිතං පාත්‍වාකාසි දත් කෙළවර දක්වමින් අතිශයින් සතුටු වූ ආකාරයක් දැක් වූ සේක. කුමක් නිසා ද? ඒ දේවතාවෝ ස්වභාවයෙන්ම සමා නො දක්වති, ලෞකික මහජනයාත් සදේවක ලෝකයේ අග්‍ර පුද්ගලයා වූ තථාගතයන් වහන්සේත් එක සමාන කරත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ කථාවෙන් උපන් බුද්ධ බලය දල්වා පසුව සමා කරන්නෙමැයි සිනා පහළ කළ සේක. භිය්‍යො සොමත්තාය අතිරේක ප්‍රමාණයෙන් (බොහෝ සෙයින්) ඉමං ගාථං අභාසි ඔහු අප කෙරෙහි කුපිත වී යයි සිතමින් පැවසී ය.

න පටිගණ‍්හතීති න ඛමති නාධිවාසෙති. කොපන‍්තරොති අබ‍්භන‍්තරෙ උප‍්පන‍්නකොපො. දොසගරූති දොසං ගරුං කත්‍වා ආදාය විහරන‍්තො. ස වෙරං පටිමුඤ‍්චතීති සො එවරූපො ගණ‍්ඨිකං පටිමුඤ‍්චන‍්තො විය තං වෙරං අත‍්තනි පටිමුඤ‍්චති ඨපෙති, න පටිනිස‍්සජ‍්ජතීති අත්‍ථො.

න පතිගණ්හාති සමා නො කරයි, නො ඉවසයි, කොපන්තරො අභ්‍යන්තරයෙහි උපන් කෝපය, දොසගරු ද්වේෂය බර පතළ ලෙස ගෙන වාසය කරමින්, ස වෙරං පටිමුඤ්චති ඒ ආකාර වූ තැනැත්තා ගැටයක් ගසන්නාක් මෙන් ඒ වෛරය තමා කෙරෙහි බැඳ තබයි, බැහැර නො කරයි කියන අර්ථ යි.

අච‍්චයො චෙ න විජ‍්ජෙථාති සචෙ අච‍්චායිකකම‍්මං න භවෙය්‍ය. නො චිධාපගතං සියාති යදි අපරාධො නාම න භාවෙය්‍ය. කෙනීධ කුසලො සියාති යදි වෙරානි න සම‍්මෙය්‍යුං, කෙන කාරණෙන කුසලො භවෙය්‍ය.

අච්චයො චෙ න විජ්ජෙථ ඉදින් සාවද්‍ය ක්‍රියාවක් නො වන්නේ ද, නො චිධාපගතං සියා ඉදින් අපරාධයක් නම් නො වන්නේ ද? තෙනිධ කුසලො සියා ඉදින් වෛර සංසිඳේ නම් ඒ කාරණයෙන් දක්ෂයෙක් වන්නේ ය.

කස‍්සච‍්චයාති ගාථාය කස‍්ස අතික‍්කමො නත්‍ථි? කස‍්ස අපරාධො නත්‍ථි? කො සම‍්මොහං නාපජ‍්ජති? කො නිච‍්චමෙව පණ‍්ඩිතො නාමාති අත්‍ථො? ඉමං කිර ගාථං භණාපනත්‍ථං භගවතො සිතපාතුකම‍්මං. තස‍්මා ඉදානි දෙවතානං බුද‍්ධබලං දීපෙත්‍වා ඛමිස‍්සාමීති තථාගතස‍්ස බුද‍්ධස‍්සාතිආදිමාහ.

කස්සච්චයා යන ගාථාවෙහි කවරෙකුගේ වරදක් නැද්ද? කවරෙකුගේ අපරාධයක් නැද්ද? කවරෙක් සම්මෝහයට පත් නො වේ ද? කවරෙක් නිත්‍යයෙන් ම පණ්ඩිතයෙක් නම් වේද යන අර්ථය යි. මේ ගාථාව කියවනු පිණිස භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කිරීම (විය). එහෙයින් දැන් දේවතාවනට බුද්ධ බලය දක්වා පසු ව ක්ෂමා කරන්නෙමි යි “තථාගතස්ස බුද්ධස්ස” ආදිය වදාළ සේක.

තත්‍ථ තථාගතස‍්සාති තථා ආගතොති එවමාදීහි කාරණෙහි තථාගතස‍්ස. බුද‍්ධස‍්සාති චතුන‍්නං සච‍්චානං බුද‍්ධත‍්තාදීහි කාරණෙහි විමොක‍්ඛන‍්තිකපණ‍්ණත‍්තිවසෙන එවං ලද‍්ධනාමස‍්ස.

එහි තථාගතස්ස “තථා ගතො” (එසේ ගිය සේක) යනාදි කාරණයෙන් තථාගත වූ, බුද්ධස්ස චතුස්සත්‍යය අවබෝධ කොට ගත් බව ආදී විමොක්ඛන්තික පඤ්ඤත්ති වශයෙන් මෙසේ ලත් නම් ඇති.

අච‍්චයං දෙසයන‍්තීනන‍්ති යං වුත‍්තං තුම‍්හෙහි “අච‍්චයං දෙසයන‍්තීනං…පෙ… ස වෙරං පටිමුඤ‍්චතී”ති, තං සාධු වුත‍්තං, අහං පන තං වෙරං නාභිනන්‍දාමි න පත්‍ථයාමීති අත්‍ථො. පටිග‍්ගණ‍්හාමි වොච‍්චයන‍්ති තුම‍්හාකං අපරාධං ඛමාමීති.

අච්චයං දෙසයන්තීනං ඔබලා විසින් ‘අච්චයං දෙසයන්තීනං ස වෙරං පටිමුඤ්චති’ (යමෙක් දෙසන්නවුන්ගේ වරද..... හෙතෙමේ වෛරය බැඳ තබයි) යි යමක් කියන ලද ද, එය මැනවින් ප්‍රකාශ කරන ලද්දේ ය. මම වනාහි තං වෙරං නාභිනන්‍දාමි නො පතන්නෙම් ම ය යන අර්ථ යි. පතිගණ්හාමි වොච්චයං තොපගේ අපරාධයට සමාව දෙමි යනු යි.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. සද‍්ධාසුත‍්තවණ‍්ණනා

6. සද්ධා සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ සද‍්ධා දුතියා පුරිසස‍්ස හොතීති පුරිසස‍්ස දෙවලොකෙ මනුස‍්සලොකෙ චෙව නිබ‍්බානඤ‍්ච ගච‍්ඡන‍්තස‍්ස සද‍්ධා දුතියා හොති, සහායකිච‍්චං සාධෙති. නො චෙ අස‍්සද‍්ධියං අවතිට‍්ඨතීති යදි අස‍්සද‍්ධියං න තිට‍්ඨති. යසොති පරිවාරො. කිත‍්තීති වණ‍්ණභණනං. තත්‍වස‍්ස හොතීති තතො අස‍්ස හොති.

සය වැන්නෙහි - සද්ධා දුතියා පුරිසස්ස හොති දෙව් ලොවෙහි මෙන් ම මිනිස් ලොවෙහිත් නිවනට යන පුරුෂයාට ‘සද්ධා’ ශ්‍රද්ධාව; දුතියො හොති (දෙවැන්නකු සේ) සහාය කාර්යය සලසයි, නො චෙ අස්සද්ධියං අවතිට්ඨති ඉදින් අශ්‍රද්ධාවෙහි නො පිහිටයි ද, යසො පිරිවර, කිත්ති වර්ණනා කිරීම, තත්‍වස්ස හොති (තතො අස්ස) එයින් ඔහුට වෙයි.

නානුපතන‍්ති සඞ‍්ගාති රාගසඞ‍්ගාදයො පඤ‍්ච සඞ‍්ගා න අනුපතන‍්ති. පමාදමනුයුඤ‍්ජන‍්තීති යෙ පමාදං කරොන‍්ති නිබ‍්බත‍්තෙන‍්ති, තෙ තං අනුයුඤ‍්ජන‍්ති නාම. ධනං සෙට‍්ඨංව රක‍්ඛතීති මුත‍්තාමණිසාරාදිඋත‍්තමධනං විය රක‍්ඛති.

නානුපතන්ති සංගා රාග සංගා ආදි ඇලීම් පහ නො වැටෙත්. පමාදමනුයුඤ්ජන්ති යම් කෙනෙක් ප්‍රමාද කරත් ද (ප්‍රමාදයෙහි) පවතිත් ද, ඔවුහු එය යොදවත් නම් වේ. ධනං සෙට්ඨංව රක්‍ඛති. මුතු මැණික් මසාරගල්ල මෙන් එය (ප්‍රමාදය) ආරක්ෂා කරයි.

ඣායන‍්තොති ලක‍්ඛණූපනිජ‍්ඣානෙන ච ආරම‍්මණූපනිජ‍්ඣානෙන ච ඣායන‍්තො. තත්‍ථ ලක‍්ඛණූපනිජ‍්ඣානං නාම විපස‍්සනාමග‍්ගඵලානි. විපස‍්සනා හි තීණි ලක‍්ඛණානි උපනිජ‍්ඣායතීති ලක‍්ඛණූපනිජ‍්ඣානං. මග‍්ගො විපස‍්සනාය ආගතකිච‍්චං සාධෙතීති ලක‍්ඛණූපනිජ‍්ඣානං. ඵලං තථලක‍්ඛණං නිරොධසච‍්චං උපනිජ‍්ඣායතීති ලක‍්ඛණූපනිජ‍්ඣානං. අට‍්ඨ සමාපත‍්තියො පන කසිණාරම‍්මණස‍්ස උපනිජ‍්ඣායනතො ආරම‍්මණූපනිජ‍්ඣානන‍්ති වෙදිතබ‍්බා. පරමං නාම අරහත‍්තසුඛං අධිප‍්පෙතන‍්ති.

ඣායන්තො ලක්ෂණ උපනිජ්ඣානයෙන් හා ආරම්මණ උපනිජ්ඣාජනයෙන් දැහැන් වඩන්නේ, එහි ලක්ෂණ උපනිජ්ඣානය, නම් විදර්ශනා මාර්ග ඵල යි. විදර්ශනාවෙන් ත්‍රිලක්ෂණ භාවනා කරතියි ලක්ෂණ උපනිජ්ඣානය වේ. මාර්ගය විපස්සනාවෙන් පැමිණි කාර්යය සිද්ධ කරතියි ලක්ෂණ උපනිජ්ඣානය යි. ඵලය යථා ලක්ෂණය වූ නිරෝධ සත්‍යය භාවනා කරති යි ලක්ෂණ “උපනිජ්ඣාන” යි. අෂ්ට සමාපත්තිය කසිණාරම්මණය භාවනා කිරීමේ හේතුවෙන් ආරම්මණ උපනිජ්ඣාන යි දත යුතු ය. පරමං සුඛං අරහත් සුවය අදහස් කරන ලදි.

ඡට‍්ඨං.

සයවැනි සූත්‍රය යි.