7. සමයසුත්තවණ්ණනා අට්ඨකථා
7. සමයසුත්තවණ්ණනා
7. සමය සූත්‍ර වර්ණනාව
සත්තමෙ සක්කෙසූති “සක්යා වත, භො කුමාරා”ති (දී· නි· 1.267) උදානං පටිච්ච සක්කාති ලද්ධනාමානං රාජකුමාරානං නිවාසො එකොපි ජනපදො රූළ්හීසද්දෙන සක්කාති වුච්චති. තස්මිං සක්කෙසු ජනපදෙ. මහාවනෙති සයංජාතෙ අරොපිමෙ හිමවන්තෙන සද්ධිං එකාබද්ධෙ මහති වනෙ. සබ්බෙහෙව අරහන්තෙහීති ඉමං සුත්තං කථිතදිවසෙයෙව පත්තඅරහන්තෙහි.
සත් වැන්නෙහි සක්කෙසු “සක්යා වත භො රාජකුමාර (පින්වත් රාජකුමාරය, ශාක්‍යයෝ) යන උදානය හේතුකොට ගෙන ‘සක්කා’ (හැකි, ශාක්‍ය) යි නම් ලද රජකුමාරවරුන්ගේ නිවෙස්න වූ එක් ජනපදයකි. රූඪී ශබ්දයෙන් ‘සක්කා’ ය කියනු ලැබේ. එහි, ශාක්‍ය ජනපදයෙහි; මහාවනෙ ඉබේ හටගත්, රෝපණය නො කළ, හිමවතත් සමග ඒකාබද්ධ වූ මහවනයෙහි; සබ්බෙහෙව අරහන්තෙහි මේ සූත්‍රය දේශනා කළ දිනයේ ම පැමිණි අරහත් භාවය ඇතියවුන් සමග,
තත්රායං අනුපුබ්බිකථා – සාකියකොලියා හි කිර කපිලවත්ථුනගරස්ස ච කොලියනගරස්ස ච අන්තරෙ රොහිණිං නාම නදිං එකෙනෙව ආවරණෙන බන්ධාපෙත්වා සස්සානි කාරෙන්ති. අථ ජෙට්ඨමූලමාසෙ සස්සෙසු මිලායන්තෙසු උභයනගරවාසීනම්පි කම්මකාරා සන්නිපතිංසු. තත්ථ කොලියනගරවාසිනො ආහංසු – “ඉදං උදකං උභයතො ආහරියමානං න තුම්හාකං, න අම්හාකං පහොස්සති, අම්හාකං පන සස්සං එකෙන උදකෙනෙව නිප්ඵජ්ජිස්සති, ඉදං උදකං අම්හාකං දෙථා”ති. කපිලවත්ථුවාසිනො ආහංසු – “තුම්හෙසු කොට්ඨෙ පූරෙත්වා ඨිතෙසු මයං රත්තසුවණ්ණනීලමණිකාළකහාපණෙ ච ගහෙත්වා පච්ඡිපසිබ්බකාදිහත්ථා න සක්ඛිස්සාම තුම්හාකං ඝරද්වාරෙ විචරිතුං, අම්හාකම්පි සස්සං එකෙනෙව උදකෙන නිප්ඵජ්ජිස්සති, ඉදං උදකං අම්හාකං දෙථා”ති. “න මයං දස්සාමා”ති. “මයම්පි න දස්සාමා”ති. එවං කථං වඩ්ඪෙත්වා එකො උට්ඨාය එකස්ස පහාරං අදාසි, සොපි අඤ්ඤස්සාති එවං අඤ්ඤමඤ්ඤං පහරිත්වා රාජකුලානං ජාතිං ඝට්ටෙත්වා කලහං වඩ්ඪයිංසු.
එහි අනුපූර්ව කථා මෙසේ ය - ශාක්‍ය කෝලිය වැස්සෝ කපිලවස්තු නගරයටත් කෝලිය නගරයටත් අතර රෝහිණී නම් නදිය එක ම බැම්මකින් බැඳ ගොවිකම් කටයුතු කරවත්. ඉක්බිති පොසොන් මස ගොයම් මැළවී යන විට නගර දෙකේ ම වැසියන්ගේ කම්කරුවෝ එක්රැස් වූහ. එහි දී කෝලිය නගරවාසීහු මෙසේ පැවසූහ. “මේ ජලය දෙපැත්තෙන් ම ගෙන යනවිට ඔබලාට වත් අපට වත් ප්‍රමාණවත් නො වේ. අපේ ගොයම් එක් ජල මුරයකින් ම පැහෙන්නේ ය. මේ ජලය අපට දෙනු මැනවි.” කපිල වස්තු පුර වැසියෝ මෙසේ කීහ. “ඔබලා අටු කොටු පුරවා ගෙන සිටින විට රන්රුවන් නිල් මැණික් කහවනු රැගෙන පෙට්ටි පසුම්බි ආදිය ගත් අතින් යුතුව ඔබලාගේ ගෙවල ගැවසෙන්නට අපට නුපුළුවන් වන්නේ ය. අපේ ගොයම් ද එක් ජල මුරයකින් පැසෙන්නේ ය. මේ ජලය අපට දෙනු මැනවි” “අපි නො දෙන්නෙමු” මෙසේ කථාව දිග් ගැසී එකෙක් නැඟිට එකෙකුට පහරක් ගැසී ය. ඔහු ද තවෙකකුට (ගැසීය.) මෙසේ උනුනුත් පහර දී රාජකුලයන්ගේ ජාතිය (කුල මළ) ගටමින් කලහ වැඩි කළහ.
කොලියකම්මකාරා වදන්ති – “තුම්හෙ කපිලවත්ථුවාසිකෙ ගහෙත්වා ගජ්ජථ, යෙ සොණසිඞ්ගාලාදයො විය අත්තනො භගිනීහි සද්ධිං සංවසිංසු, එතෙසං හත්ථිනො ච අස්සා ච ඵලකාවුධානි ච අම්හාකං කිං කරිස්සන්තී”ති? සාකියකම්මකාරා වදන්ති – “තුම්හෙ දානි කුට්ඨිනො දාරකෙ ගහෙත්වා ගජ්ජථ, යෙ අනාථා නිග්ගතිකා තිරච්ඡානා විය කොලරුක්ඛෙ වසිංසු, එතෙසං හත්ථිනො ච අස්සා ච ඵලකාවුධානි ච අම්හාකං කිං කරිස්සන්තී”ති? තෙ ගන්ත්වා තස්මිං කම්මෙ නියුත්තඅමච්චානං කථෙසුං, අමච්චා රාජකුලානං කථෙසුං. තතො සාකියා – “භගිනීහි සද්ධිං සංවසිතකානං ථාමඤ්ච බලඤ්ච දස්සෙස්සාමා”ති යුද්ධසජ්ජා නික්ඛමිංසු. කොලියාපි – “කොලරුක්ඛවාසීනං ථාමඤ්ච බලඤ්ච දස්සෙස්සාමා”ති යුද්ධසජ්ජා නික්ඛමිංසු.
කෝලිය වැසි කම්කරුවෝ කියති: තොපගේ කපිලවස්තු වැසියන් ගෙන ගර්ජනා කරන්නහු ය. යමෙක් බලු කැනහිල් ආදීන් මෙන් තම තම නැගණියන් සමග සංවාසයේ යෙදුනෝ ද, ඔවුන්ගේ ඇත්තුත්, අශ්වයෝත් හෙල්ල ආයුධ ආදියත් අපට කුමක් කරත් ද? ශාක්‍ය කම්කරුවෝ කියති. තොපි දැන් කුෂ්ටයාගේ දරුවන් රැගෙන ගොරවන්නහුය! යමෙක් අනාථව දුක්ඛිතව තිරිසනුන් මෙන් ඩෙබර (-මසන්) ගසක විසුවෝ ද, ඔවුන්ගේ ඇත්තුත් අශ්වයෝත් හෙල්ල ආදී ආයුධත් අපට කුමක් කරත් ද? ඔව්හු ගොස් තමන් වැඩවල යෙදූ අමාත්‍යවරුනට කීහ. ශාක්ය්යන් සොයුරියන් සමග සංවාසය කළවුන්ගේ තරමත් හයියත් පෙන්වන්නෙමු යි යුදට සැරසී පිට ව ගියහ. කෝලියයෝත් ඩෙබර ගසේ සිටි වැසියන්ගේ තරමත් හයියත් පෙන්වන්නෙමු යි යුදට සැරසී නික්ම ගියහ.
භගවාපි රත්තියා පච්චූසසමයෙව මහාකරුණාසමාපත්තිතො උට්ඨාය ලොකං වොලොකෙන්තො ඉමෙ එවං යුද්ධසජ්ජෙ නික්ඛමන්තෙ අද්දස. දිස්වා – “මයි ගතෙ අයං කලහො වූපසම්මිස්සති නු ඛො උදාහු නො”ති උපධාරෙන්තො – “අහමෙත්ථ ගන්ත්වා කලහවූපසමනත්ථං තීණි ජාතකානි කථෙස්සාමි, තතො කලහො වූපසම්මිස්සති. අථ සාමග්ගිදීපනත්ථාය ද්වෙ ජාතකානි කථෙත්වා අත්තදණ්ඩසුත්තං දෙසෙස්සාමි. දෙසනං සුත්වා උභයනගරවාසිනොපි අඩ්ඪතියානි අඩ්ඪතියානි කුමාරසතානි දස්සන්ති, අහං තෙ පබ්බාජෙස්සාමි, තදා මහාසමාගමො භවිස්සතී”ති සන්නිට්ඨානං අකාසි. තස්මා ඉමෙසු යුද්ධසජ්ජෙසු නික්ඛමන්තෙසු කස්සචි අනාරොචෙත්වා සයමෙව පත්තචීවරමාදාය ගන්ත්වා ද්වින්නං සෙනානං අන්තරෙ ආකාසෙ පල්ලඞ්කං ආභුජිත්වා ඡබ්බණ්ණරස්මියො විස්සජ්ජෙත්වා නිසීදි.
භාග්‍යවතුන් වහන්සේ ද රාත්‍රියෙහි අළුයම් සමයෙහි ම මහා කරුණා සමාපත්තියෙන් නැඟී ලෝකය දෙස විමසිල්ලෙන් බලන සේක්, මොවුන් මෙසේ යුදට සැදී නික්මෙනු දුටු සේක. දැක මා ගිය කල මේ කලහය සමනය නො වන්නේ දැයි බලන සේක් මම මෙහි ගොස් කලහ සමනය කරනු වස් ජාතක කථා තුනක් පවසන්නෙමි. එයින් කලහය සමනය වන්නේ ය. ඉක්බිති සමගිය උද්දීපනය කරනු වස් ජාතක දෙකක් දෙසා අත්තදණ්ඩ සූත්‍රය දේශනා කරන්නෙමි. දේශනාව අසා නගර දෙක්හි ම වැසියෝ කුමාරවරුන් දෙසිය පනහක් දෙසිය පනහක් දෙන්නෝ ය. මම ඔවුන් මහණ කරන්නෙමි, මහා සභා රැස්වීමක් වන්නේ යයි සනිටුහන් කළ සේක. එහෙයින් යුදට පෙළගැසී මොවුන් පිටත් වූ පසු කිසිවකුටත් නො දක්වා හුදෙකලා ව පාසිවුරු රැගෙන වැඩ සේනා දෙක මැද අහසෙහි පළක් බැඳ ෂඩ් වර්ණ රශ්මිය විහිදුවා සිටි සේක.
කපිලවත්ථුවාසිනො භගවන්තං දිස්වාව, “අම්හාකං ඤාතිසෙට්ඨො සත්ථා ආගතො. දිට්ඨො නු ඛො තෙන අම්හාකං කලහකරණභාවො”ති චින්තෙත්වා, “න ඛො පන සක්කා භගවති ආගතෙ අම්හෙහි පරස්ස සරීරෙ සත්ථං පාතෙතුං. කොලියනගරවාසිනො අම්හෙ හනන්තු වා බජ්ඣන්තු වා”ති. ආවුධානි ඡඩ්ඩෙත්වා, භගවන්තං වන්දිත්වා, නිසීදිංසු. කොලියනගරවාසිනොපි තථෙව චින්තෙත්වා ආවුධානි ඡඩ්ඩෙත්වා, භගවන්තං වන්දිත්වා, නිසීදිංසු.
කපිල වස්තු වාසීහු භාග්‍යවතුන් වහන්සේ දුටුවෝ ම අපගේ ඥාති ශ්‍රේෂ්ඨ වූ ශාස්තෘෘන් වහන්සේ පැමිණි සේක. උන්වහන්සේ විසින් අප කලහ කරන බැව් දුටු සේක් වනැයි සිතා භාග්‍යවතුන් වහන්සේ පැමිණි කල්හි අප විසින් අනුන්ගේ සිරුරෙහි ආයුධ හෙළනු ලැබීමට හෝ කෝලිය නගරවාසීනට අප විනාශ කරන්නට හෝ හිරිහැර කරන්නට හෝ නො හැක්කේ යයි ආයුධ හැර දමා භාග්‍යවතුන් වහන්සේට වැඳ හිඳ ගත්හ.
භගවා ජානන්තොව, “කස්මා ආගතත්ථ, මහාරාජා”ති පුච්ඡි? “න, භගවා, තිත්ථකීළාය න පබ්බතකීළාය, න නදීකීළාය, න ගිරිදස්සනත්ථං, ඉමස්මිං පන ඨානෙ සඞ්ගාමං පච්චුපට්ඨපෙත්වා ආගතම්හා”ති.
භාග්‍යවතුන් වහන්සේ (කාරණය) දක්නා සේක් ම, “මහරජතුමනි, කුමන කරුණක් නිසා පැමිණියෙහි දැයි විමසූ සේක. “භාග්‍යවතුන් වහන්ස, තීර්ථ ක්‍රීඩාව පිණිස හෝ පර්වත ක්‍රීඩාව පිණිස හෝ නදී ක්‍රීඩාව පිණිස හෝ පර්වත දකිනු රිසියෙන් හෝ නො වේ. මේ ස්ථානයේ සංග්‍රාමයක් හට ගැනී පැමිණියෙම් වෙමි යි කී ය.
“කිං නිස්සාය වො කලහො, මහාරාජාති?
“මහරජ, කලහය කුමක් හේතුකොට ගෙන හට ගැනිණි ද?”
උදකං, භන්තෙති.
“ජලය (හේතු කොට ගෙන ය) ස්වාමීනි”
උදකං කිං අග්ඝති, මහාරාජාති?
“මහරජ, ජලය කොපමණ අගී ද?”
අප්පං, භන්තෙති.
“ස්වල්පයකි, ස්වාමීනි”
පථවී නාම කිං අග්ඝති, මහාරාජාති?
“මහරජ, පෘථිවිය නම් කොපමණ අගීද?”
අනග්ඝා, භන්තෙති.
“ස්වාමීනි, අනර්ඝයය”
ඛත්තියා කිං අග්ඝන්තීති?
“ක්ෂත්රියෝ කොපමණ අගිත් ද?”
ඛත්තියා නාම අනග්ඝා, භන්තෙති.
“ක්ෂත්රියයෝ නම් අනර්ඝ වෙත්, ස්වාමීනි”
අප්පමූලං උදකං නිස්සාය කිමත්ථං අනග්ඝෙ ඛත්තියෙ නාසෙථ, මහාරාජ, කලහෙ අස්සාදො නාම නත්ථි, කලහවසෙන, මහාරාජ, අට්ඨානෙ වෙරං කත්වා එකාය රුක්ඛදෙවතාය කාළසීහෙන සද්ධිං බද්ධාඝාතො සකලම්පි ඉමං කප්පං අනුප්පත්තොයෙවාති වත්වා ඵන්දනජාතකං (ජා· 1.13.14 ආදයො) කථෙසි”. තතො “පරපත්තියෙන නාම, මහාරාජ, න භවිතබ්බං. පරපත්තියා හුත්වා හි එකස්ස සසකස්ස කථාය තියොජනසහස්සවිත්ථතෙ හිමවන්තෙ චතුප්පදගණා මහාසමුද්දං පක්ඛන්දිනො අහෙසුං. තස්මා පරපත්තියෙන න භවිතබ්බ”න්ති වත්වා, පථවීඋන්ද්රියජාතකං කථෙසි. තතො “කදාචි, මහාරාජ, දුබ්බලොපි මහාබලස්ස රන්ධං විවරං පස්සති, කදාචි මහාබලො දුබ්බලස්ස. ලටුකිකාපි හි සකුණිකා හත්ථිනාගං ඝාතෙසී”ති ලටුකිකජාතකං (ජා· 1.5.39 ආදයො) කථෙසි. එවං කලහවූපසමනත්ථාය තීණි ජාතකානි කථෙත්වා සාමග්ගිපරිදීපනත්ථාය ද්වෙ ජාතකානි කථෙසි. කථං? “සමග්ගානඤ්හි, මහාරාජ, කොචි ඔතාරං නාම පස්සිතුං න සක්කොතීති වත්වා, රුක්ඛධම්මජාතකං (ජා· 1.1.74) කථෙසි. තතො “සමග්ගානං, මහාරාජ, කොචි විවරං දස්සිතුං න සක්ඛි. යදා පන අඤ්ඤමඤ්ඤං විවාදමකංසු, අථ තෙ නෙසාදපුත්තො ජීවිතා වොරොපෙත්වා ආදාය ගතොති විවාදෙ අස්සාදො නාම නත්ථී”ති වත්වා, වට්ටකජාතකං (ජා· 1.1.118) කථෙසි. එවං ඉමානි පඤ්ච ජාතකානි කථෙත්වා අවසානෙ අත්තදණ්ඩසුත්තං (සු· නි· 941 ආදයො) කථෙසි.
“මහරජ, නො වටිනා ජලය හේතු කොට කුමන ලාභයකට අනර්ඝ වූ ක්ෂත්රියයන් මරහු ද? කලහයේ ආස්වාදයක් නම් නැත. කලහ වශයෙන් මහරජතුමනි, අස්ථානයෙහි වෛර කොට එක් වෘක්ෂ දේවතාවකු විසින් කළු සිංහයකු හා ඇති කරගත් බද්ධ වෛරය මේ මුළු කල්පය පුරා පැවතුනේ ම යයි දක්වා ඵන්දන ජාතකය වදාළ සේක. එහෙයින් මහරජවරුනි, වෙනෙකෙකු විසින් මෙහෙයවනු නො ලැබිය යුතු ය. වෙනෙකෙකු විසින් මෙහෙයවීම නිසා එක් හාවකුගේ කථාවකින් යොදුන් තුන් දහසක් පුළුල් වූ හිමවතේ සිවු පා සමූහයා මහා සමුද්‍රයට පැන්නෝ ය. එහෙයින් අනුන්ගේ මෙහෙයවීමට යටත් නො විය යුතු යයි දක්වා පඨවි උද්‍රියන ජාතකය වදාළ සේක. එසේ ම මහරජවරුනි, කිසියම් දිනෙක දුර්වලයා වුව ද මහ බලවතකුගේ හිඩැසක් විවරයක් (ප්‍රමාද තැනක්) දකියි. කිසි යම් දිනෙක මහ බලවතා ද දුබලයකුගේ (හිඩැසක් විවරයක් දකියි) කැට කිරිල්ලියක් වුව ද විශාල ඇතෙකු ඝාතනය කළා යයි ලටුකික ජාතකය වදාළ සේක. මෙසේ කලහය සංසිඳවීම පිණිස ජාතක කථා තුනක් දේශනා කොට සමගිය උද්දීපනය කරනු පිණිස ජාතක දෙකක් වදාළ සේක. කෙසේ ද? මහරජවරුනි, සමගි වූවන්ගේ කිසියම් ප්‍රමාද තැනක් නම් දැකීමට නො හැක්කේ යැයි පවසා රුක්ඛධම්ම ජාතකය වදාළ සේක. එහෙයින් මහරජවරුනි, සමගි වූවන්ගේ කිසියම් විවරයක් දකිනු නො හැක. යම් කිසි දිනෙක අන්‍යෝන්‍යයන් හා විවාදයක් කළාහු ද එකල වැදිපුත්‍රයා ඔවුන් මරණයට පත්කොට ගෙන ගියේ ය. විවාදයෙහි ආස්වාදයක් නම් නැත්තේ යයි පවසා වට්ටක ජාතකය වදාළ සේක. මෙසේ මේ ජාතක පහ දේශනා කොට අවසානයෙහි දී අත්තදණ්ඩ සූත්‍රය දේශනා කළ සේක.
රාජානො පසන්නා – “සචෙ සත්ථා නාගමිස්ස, මයං සහත්ථා අඤ්ඤමඤ්ඤං වධිත්වා ලොහිතනදිං පවත්තයිස්සාම. අම්හාකං පුත්තභාතරො ච ගෙහද්වාරෙ න පස්සෙය්යාම, සාසනපටිසාසනම්පි නො ආහරණකො නාභවිස්ස. සත්ථාරං නිස්සාය නො ජීවිතං ලද්ධං. සචෙ පන සත්ථා ආගාරං අජ්ඣාවසිස්ස දීපසහස්සද්වයපරිවාරං චතුමහාදීපරජ්ජමස්ස හත්ථගතං අභවිස්ස, අතිරෙකසහස්සං ඛො පනස්ස පුත්තා අභවිස්සංසු, තතො ඛත්තියපරිවාරො අවිචරිස්ස. තං ඛො පනෙස සම්පත්තිං පහාය නික්ඛමිත්වා සම්බොධිං පත්තො. ඉදානිපි ඛත්තියපරිවාරොයෙව විචරතූ”ති උභයනගරවාසිනො අඩ්ඪතියානි අඩ්ඪතියානි කුමාරසතානි අදංසු.
රජවරු පැහැදුනාහු ඉදින් ශාස්තෲන් වහන්සේ නො වැඩියෝ නම්, අපි සියතින් ම උනුනුන් ඝාතනය කොට ලේ ගංගා පැවැත්වීමට (ඇති කිරීමට) ඉඩ තිබිණි. අපේ දූ පුතුන් ද ගෙවල් දොරවල් ද නො දක්නට ඉඩ තිබිණ. අපට ලියුම් හා පිළිතුරු ලිපි ගෙන යන්නෙක් ද නො වන්නේ ය. ශාස්තෲන් වහන්සේ නිසා අපගේ ජීවිත ලද්දේ ය. ඉදින් ශාස්තෲන් වහන්සේ ගිහිගෙයි විසූ සේක් නම් දිවයින් දෙදහසකින් පිරිවරන ලද මහාද්වීප සතරෙහි රාජ්‍යය එතුමන්ගේ අත පත්වීමට තිබිණි. තවත් දහසක් පුතුන් බිහි වන්නට ඉඩ තිබිණි. ඒ ක්ෂත්රිය පිරිවර ම ගෙන සැරිසරන්නට ඉඩ තිබිණි. ඒ සැපත් හැර දමා (ගිහිගෙයින්) නික්මී සම්බෝධියට පැමිණියෝ, දැන් ද ක්ෂත්රිය පිරිවර සහිත ව ම සංචාරය කරත්වා යි උභය නගර වාසීහු දෙසිය පනහක් දෙසිය පනහක් කුමාරවරුන් දුන්හ.
භගවාපි තෙ පබ්බාජෙත්වා මහාවනං අගමාසි. තෙසං ගරුගාරවෙන න අත්තනො රුචියා පබ්බජිතානං අනභිරති උප්පජ්ජි. පුරාණදුතියිකායොපි තෙසං – “අය්යපුත්තා උක්කණ්ඨන්තු, ඝරාවාසො න සණ්ඨාතී”තිආදීනි වත්වා සාසනං පෙසෙන්ති. තෙ ච අතිරෙකතරං උක්කණ්ඨිංසු.
භාග්‍යවතුන් වහන්සේ ද ඔවුන් පැවිදි කරවා මහා වනයට වැඩම කළ සේක. තම කැමැත්තෙන් නොව ගෞරව කිරීමේ හේතුවෙන් පැවිදි වූ ඔවුනට නො ඇල්මක් (උකටලී බවක්) ඇති විය. ඔවුන්ගේ පෙර බිරින්දෑවරුන් ‘ආර්ය පුත්‍රයෝ උකටලී වෙත්වා, ගෙහි විසීම නො පිහිටයි නිවසේ සිටීම අමාරු ය)’ ආදිය කියා පණිවුඩ යවත්, ඔවුහු වැඩි වැඩියෙන් උකටලී වූහ.
භගවා ආවජ්ජෙන්තො තෙසං අනභිරතිභාවං ඤත්වා – “ඉමෙ භික්ඛූ මාදිසෙන බුද්ධෙන සද්ධිං එකතො වසන්තා උක්කණ්ඨන්ති, හන්ද නෙසං කුණාලදහස්ස වණ්ණං කථෙත්වා තත්ථ නෙත්වා අනභිරතිං විනොදෙමී”ති කුණාලදහස්ස වණ්ණං කථෙසි. තෙ තං දට්ඨුකාමා අහෙසුං.
භාග්‍යවතුන් වහන්සේ ආවර්ජනය කරන සේක්, ඔවුන්ගේ උකටලී බව දැන මේ භික්ෂූහු මා වැනි බුදුන් වහ්නසේ කෙනෙකු සමග එක් ව වසන්නාහු උකටලී වෙත්. ඉතින් ඔවුනටන කොවුල් විලේ ශෝභාව පවසා එහි ගෙන ගොස් අනභිරතිය නැති කරමියි කොවුල් විලේ වර්ණනාව කළ සේක. ඔවුහු එය දක්නා කැමැත්තෝ වූහ.
දට්ඨුකාමත්ථ, භික්ඛවෙ, කුණාලදහන්ති? ආම භගවාති. යදි එවං එථ ගච්ඡාමාති. ඉද්ධිමන්තානං භගවා ගමනට්ඨානං මයං කථං ගමිස්සාමාති. තුම්හෙ ගන්තුකාමා හොථ, අහං මමානුභාවෙන ගහෙත්වා ගමිස්සාමීති. සාධු, භන්තෙති. භගවා පඤ්ච භික්ඛුසතානි ගහෙත්වා ආකාසෙ උප්පතිත්වා කුණාලදහෙ පතිට්ඨාය තෙ භික්ඛූ ආහ – “භික්ඛවෙ, ඉමස්මිං කුණාලදහෙ යෙසං මච්ඡානං නාමං න ජානාථ මමං පුච්ඡථා”ති.
“මහණෙනි, කොවුල් විල දක්නා කැමැත්තහු ද?” “එසේ ය, ස්වාමීනි,” “එසේ නම් එන්න එහි යමු” “භාග්‍යවතුන් වහන්ස, සෘද්ධිමතුන් යා යුතු ස්ථානයකි. අපි කෙසේ යන්නෙමු ද?” “ඔබලා යනු කැමැත්තෝ වන්නහු, මම මාගේ ආනුභාවයෙන් ඔබලාත් රැගෙන යන්නෙමි” “ස්වාමීනි, මැනවි.” භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් පන්සියයක් රැගෙන අහසෙහි පැන නැගී කොවුල් විලට බැස ඒ භික්ෂූන් හට මෙසේ කීහ. “මහණෙනි, මේ කොවුල් විලේ යම් මත්ස්‍යයකුගේ නම නො දන්නහු නම් මගෙන් විමසනු මැනවි.”
තෙ පුච්ඡිංසු. භගවා පුච්ඡිතං පුච්ඡිතං කථෙසි. න කෙවලඤ්ච, මච්ඡානංයෙව, තස්මිං වනසණ්ඩෙ රුක්ඛානම්පි පබ්බතපාදෙ ද්විපදචතුප්පදසකුණානම්පි නාමානි පුච්ඡාපෙත්වා කථෙසි. අථ ද්වීහි සකුණෙහි මුඛතුණ්ඩකෙන ඩංසිත්වා ගහිතදණ්ඩකෙ නිසින්නො කුණාලසකුණරාජා පුරතො පච්ඡතො උභොසු ච පස්සෙසු සකුණසඞ්ඝපරිවුතො ආගච්ඡති. භික්ඛූ තං දිස්වා – “එස, භන්තෙ, ඉමෙසං සකුණානං රාජා භවිස්සති, පරිවාරා එතෙ එතස්සා”ති මඤ්ඤාමාති. එවමෙතං, භික්ඛවෙ, අයම්පි මමෙව වංසො මම පවෙණීති.
ඔවුහු විමසූහ. භාග්‍යවතුන් වහන්සේ විමසූ විමසූ කරුණු පහදා දුන්හ. හුදෙක් මත්ස්‍යයන්ගේ පමණක් නොව එහි වන ලැහැබෙහි වෘක්ෂයන්ගේ ද කඳු පාමුල වූ දෙපා සිවුපා ආදීන්ගේ නම් ද අස්වා ම පිළිතුරු දුන් සේක. ඉක්බිති ළිහිණියන් දෙදෙනෙකු විසින් මුව තුඩින් ඩැහැ ගත් කෝටුවක හිඳගත් කොවුල් කුරුලු රජ ඉදිරි පස හා පසුපස යන දෙපසින් ම පක්ෂි ගණයා විසින් පිරිවරනු ලැබ පැමිණෙයි. භික්ෂූහු ඔහු දැක “ස්වාමීනි, මේ නම් කුරුල්ලන්ගේ රජු විය යුතු ය. මේ ඔහුගේ පිරිවර යයි සිතමු.” “එසේ ය, මහණෙනි, මේ ද මගේ ම වංශය යි, මගේ ප්‍රවේණිය යි.”
ඉදානි තාව මයං, භන්තෙ, එතෙ සකුණෙ පස්සාම. යං පන භගවා “අයම්පි මමෙව වංසො මම පවෙණී”ති ආහ, තං සොතුකාමම්හාති. සොතුකාමත්ථ, භික්ඛවෙති? ආම භගවාති. තෙන හි සුණාථාති තීහි ගාථාසතෙහි මණ්ඩෙත්වා කුණාලජාතකං (ජා· 2.21.කුණාලජාතක) කථෙන්තො අනභිරතිං විනොදෙසි. දෙසනාපරියොසානෙ සබ්බෙපි සොතාපත්තිඵලෙ පතිට්ඨහිංසු, මග්ගෙනෙව ච නෙසං ඉද්ධිපි ආගතා.
“ස්වාමීනි, අපි දැන් මේ පක්ෂි ගණයා දකිමු. භාග්‍යවතුන් වහන්සේ මෙය ද මගේ ම වංශය යි, මගේ ම ප්‍රවේණිය යි යමක් පැවසූහු ද එය අසනු කැමැත්තෝ වෙමු.” “මහණෙනි, අසනු කැමති වනු මැනවි.” ගාථා තුන් සියයකින් ප්‍රතිමණ්ඩිත කොට කුණාල ජාතකය වදාරමින් අනභිරතිය ඉවත් කළ සේක. දේශනාව අවසානයේ සියලු ම දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. (රහත්) මාර්ගයෙන් ම ඔවුන්ගේ සෘද්ධිය ද ආයේ ය.
භගවා “හොතු තාව එත්තකං තෙසං භික්ඛූන”න්ති ආකාසෙ උප්පතිත්වා මහාවනමෙව අගමාසි. තෙපි භික්ඛූ ගමනකාලෙ දසබලස්ස ආනුභාවෙන ගන්ත්වා ආගමනකාලෙ අත්තනො ආනුභාවෙන භගවන්තං පරිවාරෙත්වා මහාවනෙ ඔතරිංසු.
භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට මෙපමණක් ම වේවා යි අහසට නැගී මහා වනයට වැඩි සේක. ඒ භික්ෂූහු ද ගමන යන අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් ගොස් (ආපසු) එන අවස්ථාවෙහි තමන්ගේ ආනුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේ පිරිවරා මහා වනයෙහි බැස්සාහ.
භගවා පඤ්ඤත්තාසනෙ නිසීදිත්වා තෙ භික්ඛූ ආමන්තෙත්වා – “එථ, භික්ඛවෙ, නිසීදථ. උපරිමග්ගත්තයවජ්ඣානං වො කිලෙසානං කම්මට්ඨානං කථෙස්සාමී”ති කම්මට්ඨානං කථෙසි.
භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි හිඳ ඒ භික්ෂූන් අමතා මහණෙනි, එනු මැනවි, හිඳ ගනු මැනවි, ඉහළ මාර්ගත්රය සඳහා කෙළෙස් නසන කර්මස්ථානය කියා දෙන්නෙමියි කර්මස්ථානය දෙසා වදාළහ.
භික්ඛූ චින්තයිංසු – “භගවා අම්හාකං අනභිරතභාවං ඤත්වා කුණාලදහං නෙත්වා අනභිරතිං විනොදෙසි, තත්ථ සොතාපත්තිඵලං පත්තානං නො ඉදානි ඉධ තිණ්ණං මග්ගානං කම්මට්ඨානං අදාසි, න ඛො පන අම්හෙහි ‘සොතාපන්නා මය’න්ති වීතිනාමෙතුං වට්ටති, පුරිසපුරිසෙහි නො භවිතුං වට්ටතී”ති තෙ දසබලස්ස පාදෙ වන්දිත්වා උට්ඨාය නිසීදනං පප්ඵොටෙත්වා විසුං විසුං පබ්භාරරුක්ඛමූලෙසු නිසීදිංසු.
භික්ෂූන් වහන්සේලා (මෙසේ) සිතූහ. භාග්‍යවතුන් වහන්සේ අපගේ අනභිරතභාවය දැන කොවුල් විලට ගෙනැවිත් අනභිරතිය ඉවත් කළ සේක. ශාස්තෲන් වහන්සේ සෝවාන් ඵලයට පැමිණි අපට දැන් (ඉතිරි) මාර්ග තුනට කර්මස්ථාන දුන් සේක. අපි සෝවාන් වී ඇත්තෙමු යි අප විසින් කල් යැවීම නො වටී. උත්තම පුරුෂයන් ලෙස සිටීම අපට වටී, බුදුන් වහන්සේගේ දෙපා වැඳ නැගිට පත්කඩය ගසා දමා වෙන් වෙන් ලෙස පර්වත ප්‍රාන්තයේ (පල්ලමේ) රුක් මුල්හි හිඳ ගත්හ.
භගවා චින්තෙසි – “ඉමෙ භික්ඛූ පකතියාපි අවිස්සට්ඨකම්මට්ඨානා, ලද්ධුපායස්ස පන භික්ඛුනො කිලමනකාරණං නාම නත්ථි. ගච්ඡන්තා ගච්ඡන්තා ච විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්වා ‘අත්තනා පටිවිද්ධගුණං ආරොචෙස්සාමා’ති මම සන්තිකං ආගමිස්සන්ති. එතෙසු ආගතෙසු දසසහස්සචක්කවාළදෙවතා එකචක්කවාළෙ සන්නිපතිස්සන්ති, මහාසමයො භවිස්සති, විවිත්තෙ ඔකාසෙ මයා නිසීදිතුං වට්ටතී”ති තතො විවිත්තෙ ඔකාසෙ බුද්ධාසනං පඤ්ඤාපෙත්වා නිසීදි.
භාග්‍යවතුන් වහන්සේ, මෙසේ මේ භික්ෂූහු ස්වභාවයෙන් ම නො මුදා හළ කටයුතු ඇත්තාහු ය. ලැබූ උපාය (ක්‍රම) ඇති භික්ෂුවට වෙහෙසීමට කාරණයක් නම් නැත. (කල්) යත් යත් ම විදර්ශනාවේ පිහිටා අර්හත් බවට පත් ව තම තමන් අවබෝධ කරගත් තත්ත්වය දන්වන්නෙමු යි මා වෙතට එන්නෝ ය. ඔවුන් ආ කල දසදහසක් සක්වල දේවතාවෝ එක් සක්වලක රැස් වන්නේ ය. මහා රැස්වීමක් වන්නේ ය. මා විසින් විවේකී එළිමහනේ සිටීම වටනේ ය. ඉක්බිති හුදෙකලා ඉඩක බුද්ධාසනයක් පනවා ගෙන වැඩ සිටි සේක.
සබ්බපඨමං කම්මට්ඨානං ගහෙත්වා ගතත්ථෙරො සහ පටිසම්භිදාහි අරහත්තං පාපුණි. තතො අපරො තතො අපරොති පඤ්චසතාපි පදුමිනියං පදුමානි විය විකසිංසු.
සැමට පළමු කමටහන් ගෙන ගිය තෙරුන් වහන්සේ පටිසම්භිදාවන් ද සහිත අර්හත් බවට පත්වූයේ ය. ඉන් පසු අන් අය යයි පන්සියය ම නෙළුම් විාලෙහි නෙළුම් මෙන් විකසිත වූහ.
සබ්බපඨමං අරහත්තං පත්තභික්ඛු “භගවතො ආරොචෙස්සාමී”ති පල්ලඞ්කං විනිබ්භුජිත්වා නිසීදනං පප්ඵොටෙත්වා උට්ඨාය දසබලාභිමුඛො අහොසි. එවං අපරොපි අපරොපීති පඤ්චසතා භත්තසාලං පවිසන්තා විය පටිපාටියාව ආගමිංසු.
සියල්ලන්ට ම පළමු අර්හත් භාවයට පත් වූ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට දන්වන්නෙමැයි පර්යංකය ගලවා පත්කඩ ගසා දමා නැගිට බුදුන් වහන්සේ අභිමුඛ ව සිටියේ ය. එසේ අන් අයය ය. අන් අයගේ පන්සියයක් දෙනා වහන්සේ දාන ශාලාවට පිවිසෙන්නාක් මෙන් පිළිවෙලින් වැඩියහ.
පඨමං ආගතො වන්දිත්වා නිසීදනං පඤ්ඤාපෙත්වා, එකමන්තං නිසීදිත්වා, පටිවිද්ධගුණං ආරොචෙතුකාමො “අත්ථි නු ඛො අඤ්ඤො කොචි? නත්ථී”ති නිවත්තිත්වා ආගතමග්ගං ඔලොකෙන්තො අපරම්පි අද්දස අපරම්පි අද්දසයෙවාති සබ්බෙපි තෙ ආගන්ත්වා එකමන්තං නිසීදිත්වා, අයං ඉමස්ස හරායමානො න කථෙසි, අයං ඉමස්ස හරායමානො න කථෙසි.
පළමු ව පැමිණි භික්ෂුව වැඳ පත්කඩය එළා එකත්පස් ව හිඳ අවබෝධ කොට ගත් තත්ත්වය දක්වනු කැමැත්තේ, තවත් කිසිවෙක් සිටී ද නැද්ද යි නැවතී පැමිණි මග බලන්නේ තවත් කෙනෙකු දුටුවේ ය. තවත් කෙනෙකු දුටුවේ ය. සියලු දෙනා වහන්සේ ම එකත් පස්ව සිට, මොහු ඔහුට ලජ්ජාසහගත වූයේ කථා නො කළේ ය. මෙතෙම ඔහුට ලජ්ජා සහගත වූයේ කථා නො කළේ ය.
ඛීණාසවානං කිර ද්වෙ ආකාරා හොන්ති – “අහො වත මයා පටිවිද්ධගුණං සදෙවකො ලොකො ඛිප්පමෙව පටිවිජ්ඣෙය්‍යා”ති චිත්තං උප්පජ්ජති. පටිවිද්ධභාවං පන නිධිලද්ධපුරිසො විය න අඤ්ඤස්ස ආරොචෙතුකාමා හොන්ති.
ක්ෂීණාශ්රවයන් වහන්සේලාට ආකාර දෙකක් ඇත. මා විසින් අවබෝධ කොට ගත් තත්ත්වය දෙවියන් සහිත ලෝකයා වහා ම අවබෝධ කරත් නම් මැනවි යන සිත පහළ වේ. (තමා) අවබෝධ කොට ගත් බව නිධානයක් ලත් පුරුෂයෙකු මෙන් අන් පුද්ගලයෙකුට දැක්වීමට නො කැමැත්තාහු වෙත්.
එවං ඔසටමත්තෙ පන තස්මිං අරියමණ්ඩලෙ පාචීනයුගන්ධරපරික්ඛෙපතො අබ්භා මහිකා ධූමො රජො රාහූති, ඉමෙහි උපක්කිලෙසෙහි විප්පමුත්තං බුද්ධුප්පාදපටිමණ්ඩිතස්ස ලොකස්ස රාමණෙය්යකදස්සනත්ථං පාචීනදිසාය උක්ඛිත්තරජතමයමහාආදාසමණ්ඩලං විය, නෙමිවට්ටියං ගහෙත්වා, පරිවත්තියමානරජතචක්කසස්සිරිකං පුණ්ණචන්දමණ්ඩලං උල්ලඞ්ඝිත්වා, අනිලපථං පටිපජ්ජිත්ථ.
මෙසේ ඒ ආර්ය මණ්ඩලය පිවිසි කෙණෙහි ම ප්‍රාචීන යුගන්ධර (පර්වත) වළල්ලෙන් වළා - මිහිදුම් - දුම් - දූවිලි - රාහු යන මේ කිළිටිවලින් මිදුණු, බුද්ධෝත්පාදයෙන් ප්‍රතිමණ්ඩිත ලෝකයට රමණීය දර්ශන පෙන්වනු වස් පෙරදිග දෙසින් ඔසවන ලද රිදී මුවා මහ කැඩපතක් මෙන් නිම් වළල්ලක් ගෙන වටා කැරකෙන රිදී සකක සිරි රැගත් පුන් සඳ මඬල නුබගැබට පැන නැංගේ ය.
ඉති එවරූපෙ ඛණෙ ලයෙ මුහුත්තෙ භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි.
මෙසේ එබඳු වූ ආකාර ක්ෂණයෙහි-දස අසුරු සන්හි-මොහොතෙහි - භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං මහාවනෙ මහතා භික්ඛුසංඝෙන සද්ධිං පඤ්ච මත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි (භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුර සමීපයෙහි වූ මහා වනයෙහි සැම ම රහත් වූ භික්ෂූන් පන්සියයක් පමණ වූ භික්ෂූන් වහන්සේ සමග වැඩ වසන සේක.)
තත්ථ භගවාපි මහාසම්මතස්ස වංසෙ උප්පන්නො, තෙපි පඤ්චසතා භික්ඛූ මහාසම්මතස්ස කුලෙ උප්පන්නා. භගවාපි ඛත්තියගබ්භෙ ජාතො, තෙපි ඛත්තියගබ්භෙ ජාතා. භගවාපි රාජපබ්බජිතො, තෙපි රාජපබ්බජිතා. භගවාපි සෙතච්ඡත්තං පහාය හත්ථගතං චක්කවත්තිරජ්ජං නිස්සජ්ජිත්වා පබ්බජිතො, තෙපි සෙතච්ඡත්තං පහාය හත්ථගතානි රජ්ජානි විස්සජ්ජිත්වා පබ්බජිතා. ඉති භගවා පරිසුද්ධෙ ඔකාසෙ, පරිසුද්ධෙ රත්තිභාගෙ, සයං පරිසුද්ධො පරිසුද්ධපරිවාරො, වීතරාගො වීතරාගපරිවාරො, වීතදොසො වීතදොසපරිවාරො, වීතමොහො වීතමොහපරිවාරො, නිත්තණ්හො නිත්තණ්හපරිවාරො, නික්කිලෙසො නික්කිලෙසපරිවාරො, සන්තො සන්තපරිවාරො, දන්තො දන්තපරිවාරො, මුත්තො මුත්තපරිවාරො, අතිවිය විරොචතීති. වණ්ණභූමි නාමෙසා, යත්තකං සක්කොති, තත්තකං වත්තබ්බං. ඉති ඉමෙ භික්ඛූ සන්ධාය වුත්තං, “පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහී”ති.
එහි භාග්‍යවතුන් වහන්සේ ද මහා සම්මත වංශයෙහි උපන් සේක. ඒ පන්සියයක් භික්ෂූහු ද මහා සම්මත කුලයෙහි උපන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ ද ක්ෂත්රිය ගැබක උපන් සේක. ඔවුහු ද ක්ෂත්රිය ගැබ්වල උපන්නාහු ය. භාග්‍යවතුන් වහන්සේ ද රජ පවුලකින් පැවිදි වූ සේක. ඔවුහු ද රජ පවුල්වලින් පැවිදි වූහ. භාග්‍යවතුන් වහන්සේ ද සේසත් හැර දමා අතට පත් සක්විති රජකම හැර දමා පැවිදි වූ සේක. ඔවුහු ද සේසත් හැර දමා අතට පත් රාජ්‍යයන් හැර දමා පැවිදි වූවාහු ය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු අවකාශයෙහි පිරිසිදු රාත්‍රි කාලයෙහි පරිශුද්ධ වූ සේක්, පිරිසිදු පිරිවර ඇති සේක්, වීතරාග වූයේ, වීතරාගී පිරිවර ඇත්තේ, ද්වේෂ පහවූයේ, ද්වේෂය පහවූ පිරිස විසින් පිරිවරන ලද සේක්, මෝහය පහ වූයේ, පහ වූ මෝහය ඇති පිරිවරින් පිරිවරන ලද සේක්, තෘෂ්ණා නැති සේක්, නික්ලේශී වූවන් විසින් පිරිවරන ලද සේක්, ශාන්ත වූ සේක්, ශාන්ත වූ අය විසින් පිරිවරන ලද සේක්, දමනය කරන ලද්දේ, දමනය වූවන් විසින් පිරිවරන ලද සේක්, මිදුනේ, මිදුනු අය විසින් පිරිවරන ලද සේක්, අතිශයින් බබළති යනු යි. වර්ණනා භූමි නම් වූ මෙය යම් ප්‍රමාණයකට හැකි ද එපමණට කිව යුතු ය. මෙසේ මේ භික්ෂූන් අරභයා “පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි” යි කියන ලදි.
යෙභුය්යෙනාති බහුතරා සන්නිපතිතා, මන්දා න සන්නිපතිතා අසඤ්ඤී අරූපාවචරදෙවතා සමාපන්නදෙවතායො ච. තත්රායං සන්නිපාතක්කමො – මහාවනස්ස කිර සාමන්තා දෙවතා චලිංසු, “ආයාම භො! බුද්ධදස්සනං නාම බහූපකාරං, ධම්මස්සවනං බහූපකාරං, භික්ඛුසඞ්ඝදස්සනං බහූපකාරං. ආයාම ආයාමා”ති! මහාසද්දං කුරුමානා ආගන්ත්වා භගවන්තඤ්ච තංමුහුත්තං අරහත්තප්පත්තඛීණාසවෙ ච වන්දිත්වා එකමන්තං අට්ඨංසු. එතෙනෙව උපායෙන තාසං තාසං සද්දං සුත්වා සද්දන්තරඅඩ්ඪගාවුතගාවුතඅඩ්ඪයොජනයොජනාදිවසෙන තියොජනසහස්සවිත්ථතෙ හිමවන්තෙ, තික්ඛත්තුං තෙසට්ඨියා නගරසහස්සෙසු, නවනවුතියා දොණමුඛසතසහස්සෙසු, ඡනවුතියා පට්ටනකොටිසතසහස්සෙසු, ඡපණ්ණාසාය රතනාකරෙසූති සකලජම්බුදීපෙ, පුබ්බවිදෙහෙ, අපරගොයානෙ, උත්තරකුරුම්හි, ද්වීසු පරිත්තදීපසහස්සෙසූති සකලචක්කවාළෙ, තතො දුතියතතියචක්කවාළෙති එවං දසසහස්සචක්කවාළෙසු දෙවතා සන්නිපතිතාති වෙදිතබ්බා. දසසහස්සචක්කවාළඤ්හි ඉධ දසලොකධාතුයොති අධිප්පෙතං. තෙන වුත්තං – “දසහි ච ලොකධාතූහි දෙවතා යෙභුය්යෙන සන්නිපතිතා හොන්තී”ති.
යෙභූය්යෙන රැස් වූ බහුතරය, මඳ නො වේ. රැස් නො වූ අසඤ්ඤී අරූපාවචර දේවතාවෝ ද, සමාපත්තියට පත් දේවතාවෝ ද; එහි රැස්වන ක්‍රමය මෙසේ ය. මහා වනයේ හාත්පස වූ දේවතාවෝ ඔබ මොබ ගියහ. “භවත්නි, යමු, බුදුන් දැකීම නම් බොහෝ උපකාර සහිත ය. ධර්ම ශ්‍රවණය බොහෝ උපකාර සහිත ය. භික්ෂු සංඝයා බොහෝ උපකාර සහිතය, යමු යමු’ යි මහා ශබ්දයක් කරමින් පැමිණ භාග්‍යවතුන් වහන්සේත්, ඒ මොහොතේ අර්හත් භාවයට පත් ක්ෂීණාශ්රවයන් වහන්සේලාත් වැඳ එකත්පස්ව සිටියහ. ඒ ක්‍රමයෙන් ම ඒ ඒ අයගේ ශබ්ද අසා ශබ්දාන්තර - අඩ ගව් - ගව් - අඩ යොදුන් ආදී වශයෙන් යොදුන් තුන් දහසක් පළල හිමවතෙහි තෙවරක්, නගර හැටතුන් දහසක, මිලියන නවයක, පටුනු ගම් අනූහය කෝටි ලක්ෂයක, රුවන් ආකර පනස්හයෙහි, සකල ජම්බුද්වීපයෙහි, පූර්ව විදේහයෙහි, අපර ගෝයාණයෙහි, උතුරුකුරු දිවයිනෙහි, දෙදහසක් ආරක්ෂක දිවයින්වල ය යන මුළු සක්වළෙහි ද ඉන් පසු දෙවන තෙවන සක්වළැයි මෙසේ දහදහසක් සක්වළ දේවතාවෝ රැස්වූහ යි දත යුතු ය. දසදහසක් සක්වළ වනාහි මෙහි “දශ ලෝක ධාතු” යන්නෙන් අදහස් කරන ලදි. එහෙයින් කියන ලදි. දසහි ච ලොකධාතුහි දෙවතා යෙභූය්යෙන සන්නිපතිතා හොන්ති” (දස දහසක් සක්වළින් දේවතාවෝ බෙහෙවින් රැස්වූවාහු වෙති) යි.
එවං සන්නිපතිතාහි දෙවතාහි සකලචක්කවාළගබ්භං යාව බ්රහ්මලොකා සූචිඝරෙ නිරන්තරං පක්ඛිත්තසූචීහි විය පරිපුණ්ණං හොති. තත්ථ බ්රහ්මලොකස්ස එවං උච්චත්තනං වෙදිතබ්බං – ලොහපාසාදෙ කිර සත්තකූටාගාරසමො පාසාණො බ්රහ්මලොකෙ ඨත්වා අධො ඛිත්තො චතූහි මාසෙහි පථවිං පාපුණාති. එවං මහන්තෙ ඔකාසෙ යථා හෙට්ඨා ඨත්වා ඛිත්තානි පුප්ඵානි වා ධූමො වා උපරි ගන්තුං, උපරි වා ඨත්වා ඛිත්තසාසපා හෙට්ඨා ඔතරිතුං අන්තරං න ලභන්ති, එවං නිරන්තරා දෙවතා අහෙසුං. යථා ඛො පන චක්කවත්තිරඤ්ඤො නිසින්නට්ඨානං අසම්බාධං හොති, ආගතාගතා මහෙසක්ඛා ඛත්තියා ඔකාසං ලභන්තියෙව, පරතො පරතො පන අතිසම්බාධං හොති. එවමෙව භගවතො නිසින්නට්ඨානං අසම්බාධං, ආගතාගතා මහෙසක්ඛා දෙවා ච බ්රහ්මානො ච ඔකාසං ලභන්තියෙව. අපි සුදං භගවතො ආසන්නාසන්නට්ඨානෙ වාලග්ගනිත්තුදනමත්තෙ පදෙසෙ දසපි වීසතිපි දෙවා සුඛුමෙ අත්තභාවෙ මාපෙත්වා අට්ඨංසු. සබ්බපරතො සට්ඨි සට්ඨි දෙවතා අට්ඨංසු.
මෙසේ රැස් වූ දේවතාවුන් විසින් සක්වළ ගැබ බ්‍රහ්ම ලෝක දක්වා නිතර බහා ලන ලද ඉදිකටුවලින් (පිරුණු) ඉදිකටු ගුලාවක් මෙන් පිරුණේ වෙයි. එහි බ්‍රහ්ම ලෝකයේ උස් බව මෙසේ දත යුතු ය. ලෝහ ප්‍රාසාදයෙහි සත් වැනි කූටාගාරයට සමාන පාෂාණයක් බ්‍රහ්ම ලෝකයෙහි සිට පහළට හෙළන ලද්දේ මාස හතරකින් පෘථිවියට පැමිණේ. එසේ ම මහත් වූ අවකාශයෙහි පහළ සිට විසි කරන ලද මල් හෝ දුම හෝ ඉහළට යන්නට හෝ ඉහළ සිට හෙළන ලද අබ පහළට වැටෙන්නට හෝ අතරක් නො ලබයි. එලෙස අතරක් නොමැති ව දේවතාවෝ සිටියහ. යම් සේ චක්‍රවර්ති රජු සිටින තැන බාධා රහිත වේ ද, පැමිණි පැමිණි මහේශාක්‍ය ක්ෂත්‍රියවරු ඉඩ ලබන්නෝ ම ය. ඉන් එහා බොහෝ අවහිර ය. එසේ ම භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ස්ථානය අවහිර රහිත විය. පැමිණි පැමිණි මහේශාක්‍ය දෙවියෝ ද බ්‍රහ්මයෝ ද, ඉඩ ලබන්නෝ ම ය. තව ද භාග්‍යවතුන් වහන්සේට ආසන්න ආසන්න ස්ථානයෙහි කෙසගකින්” සිදුරු කිරීමක පමණ වූ ප්‍රදේශයෙහි දස හෝ විසි දෙවිකෙනෙක් සියුම් ආත්මභාව (ශරීර) මවා සිටියහ. සැමට කෙළවර දේවතාවෝ සැම දෙන සැට දෙන බැගින් සිටියහ.
සුද්ධාවාසකායිකානන්ති සුද්ධාවාසවාසීනං. සුද්ධාවාසා නාම සුද්ධානං අනාගාමිඛීණාසවානං ආවාසා පඤ්ච බ්රහ්මලොකා. එතදහොසීති කස්මා අහොසි? තෙ කිර බ්රහ්මානො සමාපත්තිං සමාපජ්ජිත්වා යථා පරිච්ඡෙදෙන වුට්ඨිතා බ්රහ්මභවනං ඔලොකෙන්තා පච්ඡාභත්තෙ භත්තගෙහං විය සුඤ්ඤතං අද්දසංසු. තතො “කුහිං බ්රහ්මානො ගතා”ති ආවජ්ජන්තා මහාසමාගමං ඤත්වා – “අයං සමාගමො මහා, මයං ඔහීනා, ඔහීනකානං පන ඔකාසො දුල්ලභො හොති, තස්මා ගච්ඡන්තා අතුච්ඡහත්ථා හුත්වා එකෙකං ගාථං අභිසඞ්ඛරිත්වා ගච්ඡාම. තාය මහාසමාගමෙ ච අත්තනො ආගතභාවං ජානාපෙස්සාම, දසබලස්ස ච වණ්ණං භාසිස්සාමා”ති. ඉති තෙසං සමාපත්තිතො උට්ඨාය ආවජ්ජිතත්තා එතදහොසි.
සුද්ධාවාසකායිකානං ශුද්ධාවාසයන්හි වසන්නන්ගේ, ශුද්ධාවාස යනු ශුද්ධ වූ අනාගාමි ක්ෂීණාශ්රවයන්ගේ ආවාස - බ්‍රහ්ම ලෝක පහ, එතදහොසි කුමක් නිසා එබඳු සිතක් පහළ වී ද? ඒ බ්‍රහ්මයෝ සමාපත්තියට සම වැද නියමිත කාලයෙන් නැගිට බ්‍රහ්ම විමාන බලන්නෝ භෝජනයෙන් (දානයෙන්) පසු දන් ගේ මෙන් හිස් බැව් දුටහ. බ්‍රහ්මයෝ කොහි ගියාහු ද? ආවර්ජනය කරන්නාහු මහා රැස්වීමකැයි දැන, මෙය මහා රැස්වීමකි. අපි අත් හරිනු ලැබුවෝ වෙමු. අත් හරිනු ලැබූවනට අවකාශ දුර්ලභ වෙයි. එහෙයින් යන්නමෝ හිස් අතින් නොව එක් එක් ගාථාවක් සකසා යමු. ඒ මහා රැස්වීමේ ම තමන් පැමිණි බව දන්වා සිටින්නෙමු. බුදුන් වහන්සේගේ වර්ණනාව පවසන්නෙමු යි මෙසේ ඔවුන්ගේ සමාපත්තියෙන් නැගිට ආවර්ජනය කිරීමෙන් මෙසේ සිතක් පහළ විය.
භගවතො පුරතො පාතුරහෙසුන්ති පාළියං භගවතො සන්තිකෙ අභිමුඛට්ඨානෙයෙව ඔතිණ්ණා විය කත්වා වුත්තා, න ඛො පනෙත්ථ එවං අත්ථො වෙදිතබ්බො. තෙ පන බ්රහ්මලොකෙ ඨිතායෙව ගාථා අභිසඞ්ඛරිත්වා එකො පුරත්ථිමචක්කවාළමුඛවට්ටියං ඔතරි, එකො දක්ඛිණචක්කවාළමුඛවට්ටියං, එකො පච්ඡිමචක්කවාළමුඛවට්ටියං, එකො උත්තරචක්කවාළමුඛවට්ටියං ඔතරි. තතො පුරත්ථිමචක්කවාළමුඛවට්ටියං ඔතිණ්ණබ්රහ්මා නීලකසිණං සමාපජ්ජිත්වා නීලරස්මියො විස්සජ්ජෙත්වා දසසහස්සචක්කවාළදෙවතානං මණිවම්මං පටිමුඤ්චන්තො විය අත්තනො ආගතභාවං ජානාපෙත්වා බුද්ධවීථි නාම කෙනචි උත්තරිතුං න සක්කා, තස්මා මහතියා බුද්ධවීථියාව ආගන්ත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො අත්තනා අභිසඞ්ඛතං ගාථං අභාසි.
භගවතො පුරතො පාතුරහංසු පාළියෙහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි-අබිමුවෙහි වූ තැන්හි ම-බැස්සාහ යි කියන ලදි. (එහෙත්) මෙහි ඒ ආකාරයට අර්ථය නො දත යුතු ය. ඔවුහු බ්‍රහ්ම ලෝකයෙහි සිට ම ගාථා සකස් කොට එක් (බ්‍රහ්මයෙක්) පෙර දිග සක් වළ මුව විටියෙහි බැස්සේ ය. එක් බ්‍රහ්මයෙක් දකුණු දිග සක්වළ මුවවිටියෙන්, එක් බ්‍රහ්මයෙක් බටහිර සක්වළ මුවවිටියෙන් එක් බ්‍රහ්මයෙක් උතුරු සක්වළ මුවවිටියෙන් බැස්සේ ය. එයින් නැගෙනහිර සක්වළ මුවවිටියෙන් බැසගත් බ්‍රහ්මයා නීල කසිණයට සම වැද නීල රශ්මි විහිදුවා දස දහසක් සක්වල දේවතාවන්ගේ මැණික් සැට්ට මුදවන්නාක් (ගලවන්නාක්) මෙන් තමාගේ පැමිණීම හඟවා, බුද්ධ මාර්ගයට කෙනෙකු විසින් බැසීමට නො හැක්කේ ය. එහෙයින් ඒ මහා බුද්ධ මාර්ගයෙන් ම පැමිණ බුදුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිට තමන් සැකසූ ගාථාව කී ය.
දක්ඛිණචක්කවාළමුඛවට්ටියං ඔතිණ්ණබ්රහ්මා පීතකසිණං සමාපජ්ජිත්වා සුවණ්ණපභං මුඤ්චිත්වා දසසහස්සචක්කවාළදෙවතානං සුවණ්ණපටං පාරුපන්තො විය අත්තනො ආගතභාවං ජානාපෙත්වා තථෙව අකාසි. පච්ඡිමචක්කවාළමුඛවට්ටියං ඔතිණ්ණබ්රහ්මා ලොහිතකසිණං සමාපජ්ජිත්වා ලොහිතකරස්මියො මුඤ්චිත්වා දසසහස්සචක්කවාළදෙවතානං රත්තවරකම්බලෙන පරික්ඛිපන්තො විය අත්තනො ආගතභාවං ජානාපෙත්වා තථෙව අකාසි. උත්තරචක්කවාළමුඛවට්ටියං ඔතිණ්ණබ්රහ්මා ඔදාතකසිණං සමාපජ්ජිත්වා ඔදාතරස්මියො විස්සජ්ජෙත්වා දසසහස්සචක්කවාළදෙවතානං සුමනකුසුමපටං පාරුපන්තො විය අත්තනො ආගතභාවං ජානාපෙත්වා තථෙව අකාසි.
දකුණු සක්වළ මුවවිටියෙන් බට බ්‍රහ්මයා පීත කසිණයට සමවැද රන් පැහැය මුදා දසදහසක් සක්වළ දේවතාවන් හට රන්පට පෙරවන්නාක් මෙන් තමා පැමිණි බව හඟවා එසේ ම කළේ ය. බටහිර සක්වල මුවවිටියට බට බ්‍රහ්මයා ලෝහිත කසිණයට සම වැද රතුවන් රැස් මුදා හැර දස දහසක් සක්වළ දෙවියන් රක්ත වර්ණ පලසින් වට කරන්නාක් මෙන් තමා පැමිණි බව හඟවා එසේ ම කළේ ය. උතුරු සක්වළ මුවවිටියට බට බ්‍රහ්මයා ඕදාත කසිණයට සමවැද ධවල රශ්මි විහිදුවා දසදහසක් සක්වළ දේවතාවනට දෑසමන් මල් පටයක් පෙරවන්නාක් මෙන් තමන්ගේ පැමිණීම හඟවා එසේ ම කළේ ය.
පාළියං පන භගවතො පුරතො පාතුරහෙසුං. අථ ඛො තා දෙවතා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසූති එවං එකක්ඛණෙ විය පුරතො පාතුභාවො ච අභිවාදෙත්වා එකමන්තං ඨිතභාවො ච වුත්තො, සො ඉමිනා අනුක්කමෙන අහොසි, එකතො කත්වා පන දස්සිතො. ගාථාභාසනං පන පාළියම්පි විසුං විසුංයෙව වුත්තං.
පාළියෙහි “භගවතො පුරතො පාතුරහංසු අථ ඛො තා දේවතා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසු” (භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ වූහ. ඉක්බිති ඒ දේවතාවෝ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස සිටියහ) යි මෙසේ එක ම ක්ෂණයෙක මෙන් ඉදිරියෙහි පෙනී සිටි බවත් වැඳ එකත්පස් ව සිටි බවත් කියන ලදි. එය මේ අනුපිළිවෙලට විය. එකට කර දක්වන ලද්දේ ගාථා පැවසීම් පාළියෙහිත් වෙන් වෙන් ව ම කියන ලදි.
තත්ථ මහාසමයොති මහාසමූහො. පවනං වුච්චති වනසණ්ඩො. උභයෙනපි භගවා “ඉමස්මිං පන වනසණ්ඩෙ අජ්ජ මහාසමූහො සන්නිපාතො”ති ආහ. තතො යෙසං සො සන්නිපාතො, තෙ දස්සෙතුං දෙවකායා සමාගතාති ආහ. තත්ථ දෙවකායාති දෙවඝටා. ආගතම්හ ඉමං ධම්මසමයන්ති එවං සමාගතෙ දෙවකායෙ දිස්වා මයම්පි ඉමං ධම්මසමූහං ආගතා. කිං කාරණා? දක්ඛිතායෙ අපරාජිතසඞ්ඝන්ති කෙනචි අපරාජිතං අජ්ජෙව තයො මාරෙ මද්දිත්වා විජිතසඞ්ගාමං ඉමං අපරාජිතසඞ්ඝං දස්සනත්ථාය ආගතම්හාති අත්ථො. සො පන, බ්රහ්මා, ඉමං ගාථං භාසිත්වා, භගවන්තං අභිවාදෙත්වා, පුරත්ථිමචක්කවාළමුඛවට්ටියංයෙව අට්ඨාසි.
එහි මහාසමයො යනු මහා සමූහයා ය. “පවන” යනු වන ලැහැබ යයි කියනු ලැබේ. දෙකින් ම, භාග්‍යවතුන් වහන්ස, මේ වන ලැහැබෙහි අද මහා සමූහයක් එක් රැස් ව සිටින්නාහු ය යි කීහ. එයින් ඒ රැස්වීම කවරෙකුගේ ද එය දැක්වීම පිණිස දෙවකායා සමාගතා යි කී ය. එහි දෙවකායා යනු දේව සමූහය (රාශිය) යි. ආගතමහ ඉමං ධම්මසමයං මෙසේ පැමිණි දේවසමූහයා දැක අපිදු මේ ධර්ම සභාවට පැමිණියෝ (වෙමු), කුමන කරුණක් නිසා ද? “දක්ඛිතායෙ අපාරජිතසංඝං” කිසිවෙකු විසින් පරාජය කරනු නො ලැබූ, අද ම මාරයින් තිදෙන මර්දනය කොට සංග්‍රාමය දිනූ, මේ අපරාජිත සංඝයා වහන්සේ දැකීම පිණිස පැමිණියම්හ යන අර්ථය යි. ඒ බ්‍රහ්මයා මේ ගාථාව කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පෙරදිග සක්වල මුවවිටියෙහි ම සිටියේ ය.
අථ දුතියො වුත්තනයෙනෙව ආගන්ත්වා අභාසි. තත්ථ තත්ර භික්ඛවොති තස්මිං සන්නිපාතට්ඨානෙ භික්ඛූ. සමාදහංසූති සමාධිනා යොජෙසුං. චිත්තමත්තනො උජුකං අකංසූති අත්තනො චිත්තෙ සබ්බෙ වඞ්කකුටිලජිම්හභාවෙ හරිත්වා උජුකං අකරිංසු. සාරථීව නෙත්තානි ගහෙත්වාති යථා සමප්පවත්තෙසු සින්ධවෙසු ඔධස්තපතොදො සාරථී සබ්බයොත්තානි ගහෙත්වා අචොදෙන්තො අවාරෙන්තො තිට්ඨති, එවං ඡළඞ්ගුපෙක්ඛාය සමන්නාගතා ගුත්තද්වාරා සබ්බෙපෙතෙ පඤ්චසතා භික්ඛූ ඉන්ද්රියානි රක්ඛන්ති පණ්ඩිතා, එතෙ දට්ඨුං ඉධාගතම්හා භගවාති, සොපි ගන්ත්වා යථාඨානෙයෙව අට්ඨාසි.
ඊ ළඟ දෙවැනි බ්‍රහ්මයා ඒ කී පරිදි ම පැමිණ පැවසී ය. එහි තත්ර භික්ඛවො ඒ රැස්වීම් ස්ථානයෙහි භික්ෂූන් වහන්සේලා, සමාදහංසු සමාධියෙහි යෙදවූහ. අත්තනො උජුකමකංසු තම සිතෙහි සියලු වංක-කුටිල-ජිහ්ම භාවය හැර දමා සෘජු බව ඇති කළෝය. සාරථීව නෙත්තානි ගහෙත්වා යම් සේ (දැඟලීමක් නොමැති ව) සම ව සිටින සෛන්ධව අසුන් සම්බන්ධයෙන් කෙවිට අත්හළ රියැදුරා සියලු රැහැන් අතට ගෙන ඇණවීමක් නො කොට වැළැක්වීමක් ද නො කොට සිටී ද, එසේ ම ෂඩංග උපෙක්ෂාවෙන් යුත් වැසූ දොරටු ඇති ඒ සියලු පන්සියයක් භික්ෂූන් වහන්සේලා ම ඉන්ද්රියානි රක්ඛන්ති පණ්ඩිතා භාග්‍යවතුන් වහන්ස, උන්වහන්සේලා දැක්මට මෙහි පැමිණියම්හ.’ ඔහු ද ගොස් සුදුසු ස්ථානයෙහි ම සිටියේ ය.
අථ තතියො වුත්තනයෙනෙව ආගන්ත්වා අභාසි. තත්ථ ඡෙත්වා ඛීලන්ති රාගදොසමොහඛීලං ඡින්දිත්වා. පලිඝන්ති රාගදොසමොහපලිඝමෙව. ඉන්දඛීලන්ති රාගදොසමොහඉන්දඛීලමෙව. ඌහච්ච මනෙජාති එතෙ තණ්හාඑජාය අනෙජා භික්ඛූ ඉන්දඛීලං ඌහච්ච සමූහනිත්වා චතූසු දිසාසු අප්පටිහතචාරිකං චරන්ති. සුද්ධාති නිරුපක්කිලෙසා. විමලාති නිම්මලා. ඉදං තස්සෙව වෙවචනං. චක්ඛුමතාති පඤ්චහි චක්ඛූහි චක්ඛුමන්තෙන. සුදන්තාති චක්ඛුතොපි දන්තා සොතතොපි ඝානතොපි ජිව්හාතොපි කායතොපි මනතොපි දන්තා. සුසුනාගාති තරුණනාගා. තත්රායං වචනත්ථො – ඡන්දාදීහි න ගච්ඡන්තීති නාගා, තෙන තෙන මග්ගෙන පහීනෙ කිලෙසෙ න ආගච්ඡන්තීති නාගා, නානප්පකාරං ආගුං න කරොන්තීති නාගා. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන මහානිද්දෙසෙ (මහානි· 80) වුත්තනයෙනෙව වෙදිතබ්බො.
ඉක්බිති තෙවැනි බ්‍රහ්මයා ද, පෙර කී පරිදි ම පැමිණ කී ය. එහි ජෙත්වා ඛීලං රාග, ද්වේෂ, මෝහ යන උල් සිඳ, පලිඝං රාග, ද්වේෂ, මෝහ යන කනයම (බාධකය) ඉන්දඛීලං රාග, ද්වේෂ මෝහ යන ඉන්ද්‍රඛීලය ම, ඌහච්ච මනෙජා ඒ තෘෂ්ණා රහිත වීම නිසා ‘අනේජ’ වූ භික්ෂූහු ඉන්දඛිලං ඌහච්ච සහමුලින් උදුරා; තෙ චරන්ති සිවු දිසාවල අප්‍රතිහත ව සැරිසරති. සුද්ධා උපක්ලේශ රහිත විමලා නිර්මල, මෙය ඊට ම සමානාර්ථ වචනයකි. චක්ඛුමතා ඇස් පහෙන් සමන්විත වූ-ඇස් ඇති සුදන්තා ඇසින් දමනය වූ, කනින් ද, නාසයෙන් ද, දිවෙන් ද, සිරුරෙන් ද, මනසින් ද දමනය වූ සුසුනාගා තරුණ ඇත්තු; එහි වචනාර්ථය නම්, ඡන්දාදියෙන් නො යති යි ‘නාගා ඒ ඒ මගින් ප්‍රහීණ කළ කෙලෙස්වලට නො එතියි ‘නාග;’ නානාප්‍රකාර අපරාධ නො කරති යි ‘නාගා.’ මේ මෙහි සාරාංශය යි. විස්තර මහානිද්දෙසයෙහි කී පරිදි දත යුත්තේ ය.
අපිච –
තව ද,
“ආගුං න කරොති කිඤ්චි ලොකෙ, සබ්බසංයොග විසජ්ජ බන්ධනානි; සබ්බත්ථ න සජ්ජතී විමුත්තො, නාගො තාදි පවුච්චතෙ තථත්තා”ති. –
“ආගුං න කරොති කිඤ්චි ලොකෙ සබ්බසංයොගෙ විසජ්ජ බන්ධනානි සබ්බත්ථ න සජ්ජති විමුත්තො නාගො තාදී පවුච්චතෙ තථත්තා”
(ලොවෙහි කිසිදු අපරාධයක් (වරදක්) නො කරයි, සියලු බැඳීම්හි බැඳීම් බිඳ හැර, මිදුනේ, සැම තන්හි නො ඇළෙයි. එවන් තත්ත්වයක් නිසා තාදීතෙමේ (රහතුන් වහන්සේ) නාග’යි කියනු ලැබේ.)
එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. සුසුනාගාති සුසූ නාගා, සුසුනාගභාවසම්පත්තිං පත්තාති අත්ථො. තෙ එවරූපෙ අනුත්තරෙන යොග්ගාචරියෙන දමිතෙ තරුණනාගෙ දස්සනාය ආගතම්හ භගවාති. සොපි ගන්ත්වා යථාඨානෙයෙව අට්ඨාසි.
මෙසේ මෙහි අර්ථය දත යුත්තේ ය. සුසුනාගා තරුණ ‘නාගයන්’ සතු සම්පත්තියට පැමිණි යන අර්ථය යි. භාග්‍යවතුන් වහන්ස, මේ ආකාරයේ සුදුසු ආචාර්යවරයකු විසින් සමනය කරන ලද තරුණ ‘නාගයන්’ දැකීම පිණිස පැමිණියෙමි යි ඔහු ද ගොස් උචිත ස්ථානයෙහි ම සිටියේ ය.
අථ චතුත්ථො වුත්තනයෙනෙව ආගන්ත්වා අභාසි. තත්ථ ගතාසෙති නිබ්බෙමතිකසරණගමනෙන ගතා. සොපි ගන්ත්වා යථාඨානෙයෙව අට්ඨාසීති.
ඉක්බිති සිවුවැන්නා ද (කලින්) පැවසූ පරිදි ම පැමිණ පැවසී ය. එහි ගතාසෙ (නිබ්බෙමතික නි+වෙමතික) සැක නැති සරණ යාමෙන් ගිය, ඔහු ද ගොස් සුදුසු ස්ථානයෙහි ම සිටියේ ය.
සත්තමං.
සත්වැනි සූත්‍රය යි.